Pali BJT(4) පුන චපරං භික්ඛවෙ භික්ඛු සුඛස්ස ච පාහාණා -පෙ- (උපෙක්ඛාසතිපාරිසුද්ධිං) චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති. සෙය්යථාපි භික්ඛවෙ පුරිසො ඔදාතෙන වත්ථෙන සසීසං පාරුපිත්වා නිසින්නො අස්ස, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස ඔදාතෙන වත්ථෙන අප්ඵුටං අස්ස. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති. අරියස්ස භික්ඛවෙ පඤ්චඞ්ගිකස්ස සම්මාසමාධිස්ස අයං චතුත්ථා භාවනා.
Sinhala BJT(4) තවද මහණෙනි, මහණ සුඛයාගේද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාවෙන් උපන් ස්මෘතිපාරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද වෙසෙයි. හෙ මෙකය ම පරිශුද්ධ පර්‍ය්‍යවදාත චතුර්‍ත්‍ථධ්‍යාන සිතින් පතුරුවා ගෙණ හුන්නේ වෙයි. ඔහුගේ සියලු කායයාගේ කිසිදු දැයෙක් පරිශුද්ධ පර්‍ය්‍යවදාත චිත්තයෙන් නො පහළේ නො වෙයි. මහණෙනි, යම්පරිදි පුරුෂයෙක් සුදුවතින් හිසින් වටා පෙරව ගෙණ හුන්නේ වේද, ඔහුගේ සියලු ශරීරයාගේ කිසිදු දැයෙක් අවදාතවස්ත්‍රයෙන් නො පහළේ නො වන්නේ ය. මහණෙනි, එ පරිදි ම මහණ මෙ කය ම පරිශුද්ධ පර්‍ය්‍යවදාත චිත්තයෙන් පතුරුවා ගෙණ හුන්නේ වෙයි. ඔහුගේ සියලු ශරීරයාගේ කිසිදු දැයෙක් පරිශුද්ධ පර්‍ය්‍යවදාත චිත්තයෙන් නො පහළේ නො වෙයි. මහණෙනි, ආර්‍ය්‍ය වූ පඤ්චාඞ්ගික සම්‍යක් සමාධිහුගේ මේ චතුර්‍ත්‍ථභාවනා යි.
Pali BJT(5) පුන චපරං භික්ඛවෙ භික්ඛුනො පච්චවෙක්ඛණානිමිත්තං සුග්ගහීතං හොති සුමනසිකතං සූපධාරිතං, සුප්පටිවිද්ධං පඤ්ඤාය. සෙය්යථාපි භික්ඛවෙ අඤ්ඤො වා අඤ්ඤං{5} පච්චවෙක්ඛෙය්ය, ඨිතො වා නිසින්නං පච්චවෙක්ඛෙය්ය, නිසින්නො වා නිපන්නං පච්චවෙක්ඛෙය්ය, එවමෙව ඛො භික්ඛවෙ භික්ඛුනො පච්චවෙක්ඛණානිමිත්තං සුග්ගහීතං හොති සුමනසිකතං සූපධාරිතං, සුප්පටිවිද්ධං පඤ්ඤායා’ති. අරියස්ස භික්ඛවෙ පඤ්චඞ්ගිකස්ස සම්මාසමාධිස්ස අයං පඤ්චමී භාවනා
Sinhala BJT(5) තවද මහණෙනි, මහණහු විසින් ප්‍රත්‍යවේක්‍ෂා නිමිත්ත (ඥානය) මොනොවට ගන්නා ලද්දේ, මොනොවට මෙනෙහි කරණ ලද්දේ, මොනොවට බලන ලද්දේ, ප්‍රඥායෙන් මොනොවට පිළිවිදුනා ලද්දේ වෙයි. මහණෙනි, යම්සේ අනෙකෙක් හෝ අනෙකකු ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ද, සිටගත්තෙක් හෝ හුන්නක්හු ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ද, හුන්නෙක් හෝ හෝනක්හු ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ද, මහණෙනි, එ පරිදි ම මහණහු විසින් ප්‍රත්‍යවේක්‍ෂා නිමිත්ත මොනොවට උගන්නා ලදුයේ, මොනොවට මෙනෙහි කරණ ලදුයේ, මොනොවට බලන ලදුයේ, ප්‍රඥායෙන් මොනොවට පිළිවිදුනා ලදුයේ වෙයි. මහණෙනි, ආර්‍ය්‍ය පඤ්ඤාඞ්ගික සම්‍යක් සමාධිහුගේ මේ පඤ්චම භාවනා යි.
Pali BJTඑවං භාවිතෙ ඛො භික්ඛවෙ භික්ඛු අරියෙ පඤ්චඞ්ගිකෙ සම්මා සමාධිම්හි එවං බහුලීකතෙ යස්ස යස්ස අභිඤ්ඤා සච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමෙති අභිඤ්ඤා සච්ඡිකිරියාය, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTමහණෙනි, මහණ මෙසේ ආර්‍ය්‍ය පඤ්චාඞ්ගික සම්‍යක් සමාධිය භාවිත කල්හි මෙසේ බහුලීකෘත කල්හි අභිඥායෙන් පසක් කටයුතු යම් ම ධර්‍මයකට විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස චිත්තය නැඹුරු කරන්නේ ය. කාරණ (අභිඥා) ඇති වත් ම ඒ ඒ විෂයෙහි ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණෙන්නේ ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ උදකමණිකො ආධාරෙ ඨපිතො පූරො උදකස්ස සමතිත්තිකො කාකපෙය්යො, තමෙනං බලවා පුරිසො යතො යතො ආවජ්ජෙය්ය, ආගච්ඡෙය්ය උදකන්ති? ‘එවං භන්තෙ’.-
Sinhala BJTමහණෙනි, යම් සේ දියසැළෙක් ආධාරයෙහි තබන ලදුයේ දිය පිරුණේ, සම්භෘත වූයේ (මුව හා සමව පුරුවන ලදුයේ), කාකපෙය වූයේ (කවුඩන් විසින් ගෙල නොනමා පිය හැකි වූයේ) වේ ද, බලවත් පුරුෂයෙක් තෙල දියසැළ යම් යම් පසෙක සිසාරන්නේ වේ නම්, (ඒ ඒ පසෙහි ඒකාන්තයෙන්) දියනැගේ ද? ‘එසේ ය වහන්ස’.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ භික්ඛු එවං භාවිතෙ අරියෙ පඤ්චඞ්ගිකෙ සම්මා සමාධිම්හි එවං බහුලීකතෙ යස්ස යස්ස අභිඤ්ඤා සච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමෙති අභිඤ්ඤා සච්ඡිකිරියාය, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTමහණෙනි, එ පරිදි ම මහණ ආර්‍ය්‍යපඤ්චාඞ්ගික සම්‍යක්සමාධිය මෙ සේ භාවිතවත් ම මෙසේ බහුලිකෘතවත් ම අභිඥායෙන් සාක්‍ෂාත් කටයුතු වූ යම් ම ධර්‍මයකට විශිෂ්ටඥානයෙන් පසක් කිරීම පිණිස සිත නැඹුරු කෙරේ නම්, අභිඥා ප්‍රත්‍යය ඇතිවත් ම ඒ ඒ විෂයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ සමෙ භූමිභාගෙ පොක්ඛරණී චතුරස්සා{1} ආලිබද්ධා පූරා උදකස්ස සමතිත්තිකා කාකපෙය්යා, තමෙනං බලවා පුරිසො යතො යතො ආලිං මුඤ්චෙය්ය, ආගච්ඡෙය්ය උදකන්ති?. ‘එවං භන්තෙ’. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු එවං භාවිතෙ අරියෙ පඤ්චඞ්ගිකෙ සම්මාසමාධිම්හි එවං බහුලීකතෙ යස්ස යස්ස අභිඤ්ඤා සච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමෙති අභිඤ්ඤා සච්ඡිකිරියාය, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTමහණෙනි, යම්පරිදි සමභූමිභාගයෙක්හි සිවුරැස් වූ, මියර බැඳි, දිය පිරි, මුවතෙක් පිරි, කවුඩනට (ගෙල නොනමා) පිය හැකි පොකුණෙක් වේ ද, බලවත් පුරුෂයෙක් තෙල මියර බිඳුනේ නම් (එකැතින්) දිය නැගේ ද? ‘එසේය, වහන්ස.’ මහණෙනි, එ පරිදි ම මහණ ආර්‍ය්‍ය පඤ්චාඞ්ගික සම්‍යක් සමාධිය මෙසේ භාවිතවත් ම මෙසේ බහුලීකෘතවත් ම, අභිඥායෙන් සාක්‍ෂාත් කටයුතු වූ යම් ම ධර්‍මයකට විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස සිත නැඹුරු කෙරේ නම්, අභිඥා ප්‍රත්‍යය ඇතිවත් ම ඒ ඒ විෂයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ සුභූමියං චාතුම්මහාපථෙ{2} ආජඤ්ඤරථො යුත්තො අස්ස ඨිතො ඔධස්තපතොදො, තමෙනං දක්ඛො යොග්ගාචරියො අස්සදම්මසාරථි අභිරූහිත්වා වාමෙන හත්ථෙන රස්මියො ගහෙත්වා දක්ඛිණෙන හත්ථෙන පතොදං ගහෙත්වා යෙනිච්ඡකං යදිච්ඡකං සාරෙය්යපි පච්චාසාරෙය්යපි. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු එවං භාවිතෙ අරියෙ පඤ්චඞ්ගිකෙ සම්මා සමාධිම්හි එවං බහුලීකතෙ යස්ස යස්ස අභිඤ්ඤා සච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමෙති අභිඤ්ඤා සච්ඡිකිරියාය, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTමහණෙනි, යම් පරිදි සමබිමෙක්හි සිවුමංසන්‍ධියෙක විනීත අශ්වයන් යෙදූ රථයෙක් (ගමනට) යුතු කොට තැබූ (වහා ගන්නට නිසිසේ සරස්හි) බහාතැබූ කැහිටි ඇතියේ වේ නම්, තෙල රථය දක්‍ෂ වූ අස්දම් සැරි අසැදුරෙක් නැග වමතින් රැහැන් ගෙණ දකුණතින් කැහැටි ගෙණ කැමැති මඟකින් කැමැති වේගයකින් යවන්නේත් නවත්වන්නේත් වෙයි. මහණෙනි, එසේ ම මහණ ආර්‍ය්‍ය පඤ්චාඞ්ගික සම්‍යක් සමාධිය මෙසේ භාවිතවත් ම, මෙසේ බහුලීකෘතවත් ම, අභිඥායෙන් සාක්‍ෂාත් කටයුතු වූ යම් යම් ධර්‍මයකට විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීම සඳහා සිත නැඹුරු කෙරේ නම්, අභිඥා ප්‍රත්‍යය ඇතිවත් ම ඒ ඒ ධර්‍මයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
Pali BJTසො සචෙ ආකඞ්ඛති: “අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභවෙය්යං: එකොපි හුත්වා බහුධා අස්සං -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙය්ය”න්ති, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTඉදින් හෙ “අනේකවිධ ඍද්ධිවිධඥානය වළඳම් වයි - එකක්ව ම බහුප්‍රකාර වෙම් වයි ... බඹලොව දක්වා කයින් වසය වටම්ව”යි කැමැති වේ නම්, ඒ ඒ ඍද්ධිවිධයෙහි ම අභිඥායතන ඇතිවත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
Pali BJTසො සචෙ ආකඞ්ඛති: “දිබ්බාය සොතධාතුයා විසුද්ධාය -පෙ- අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණෙය්යං දිබ්බෙ ච මානුසකෙ ච යෙ දූරෙ සන්තිකෙ චා”ති, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTහෙ ඉදින් “විශිෂ්ට වූ ... දිවසෝධයින් දුර වූ ද ලඟ වූ ද, දිව්‍ය වූ ද මනුෂ්‍ය වූ ද, උභයශබ්දයන් අසම්ව”යි කැමැති වේ නම්, ඒ ඒ ශ්‍රවණයෙහි දිවසෝධා ඇතිවත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
Pali BJTසො සචෙ ආකඞ්ඛති: “පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානෙය්යං. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානෙය්යං -පෙ- අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානෙය්ය”න්ති තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTහෙ ඉදින් “පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දන්නෙම් වයි - සරාග වූ හෝ චිත්තය සරාග චිත්තය යි දන්නෙම් වයි ... අවිමුත්ත වූ හෝ චිත්තය අවිමුත්ත චිත්තය යි දන්නෙම්ව”යි ... කැමැති වේ නම්, පරචිත්තඥානය ඇතිවත් ම ඒ ඒ චිත්ත ඥානයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
Pali BJTසො සචෙ ආකඞ්ඛති: “අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්යං- සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්ය”න්ති තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTහෙ ඉදින් “අනේකවිධ පූර්වේනිවාසය සිහි කෙරෙම්ව යි - එනම්: එක් දැයකුදු දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිධ පූර්වේනිවාසය සිහි කෙරෙම්ව”යි කැමැති වේ නම්, පූර්වේනිවාසඥානය ඇතිවත් ම ඒ ඒ නිවාසයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
Pali BJTසො සචෙ ආකඞ්ඛති: “දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථා කම්මූපගෙ සත්තෙ පජානෙය්ය”න්ති තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTහෙ ඉදින් “මිනිසැස ඉක්ම සිටි පිරිසිදු දිවැසින් ... කම් වූ පරිදි මිය යන සත්ත්‍වයන් දනිම්ව”යි කැමැති වේ නම්, දිව්‍යචක්‍ෂුර්ඥානය ඇතිවත් ම ඒ ඒ ඥානාඞ්ගයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
Pali BJTසො සචෙ ආකඞ්ඛති: “ආසවානං ඛයා අනාසවං චෙතො විමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය{2}”න්ති තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙති.
Sinhala BJTහෙ ඉදින් “ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය (අර්‍හත්ඵල සම්ප්‍රයුක්තසමාධිය) ප්‍රඥාවිමුක්තිය (අර්‍හත්ඵල සම්ප්‍රයුක්තප්‍රඥාව) ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට සමවැදී වෙසෙම්ව”යි කැමැති වේ නම්, ප්‍රත්‍යය ඇතිවත් ම ඒ ඒ විමුක්තියෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
Pali BJT5. 1. 3. 9.
Sinhala BJT5. 1. 3. 9.
Pali BJT[චඞ්කමානිසංසසුත්තං]
Sinhala BJT[චඞ්කමානිසංස සූත්‍රය]
Pali BJT29. පඤ්චිමෙ භික්ඛවෙ චඞ්කමෙ ආනිසංසා. කතමෙ පඤ්ච?
Sinhala BJT29. මහණෙනි, චංක්‍රමයෙහි මේ අනුසස්හු පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
Pali BJTඅද්ධානක්ඛමො හොති. පධානක්ඛමො හොති. අප්පාබාධො හොති. අසිතපීතඛායිතසායිතං{1} සම්මා පරිණාමං ගච්ඡති. චඞ්කමාධිගතො සමාධි චිරට්ඨිතිකො හොති.
Sinhala BJTඅධන්ගමන් සැහිය හැකි වෙයි. ප්‍රධන්වීර්‍ය්‍යයට ක්‍ෂම වෙයි. අල්පාබාධ වෙයි. අසිතය, පීතය, ඛායිතය හා සායිතය සම්‍යක්පරිණාමයට යෙයි. චංක්‍රමාධිෂ්ඨානයෙන් අධිගත සමාධිය චිරස්ථිතික වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච චඞ්කමෙ ආනිසංසාති.
Sinhala BJTමහණෙනි, මොහු චංක්‍රමයෙහි පඤ්චානිසංස වෙතියි.
Pali BJT5. 1. 3. 10.
Sinhala BJT5. 1. 3. 10.
Pali BJT[නාගිතසුත්තං]
Sinhala BJT[නාගිත සූත්‍රය]
Pali BJT30. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන ඉච්ඡානඞ්ගලං නාම කොසලානං බ්රාහ්මණගාමො තදවසරි. තත්ර සුදං භගවා ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගල වනසණ්ඩෙ.
Sinhala BJT30. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝශල ජනපදයෙහි චාරිකා කරණ සේක් මහත් බික්සඟුන් හා ඉච්ඡානඞ්ගල නම් කෝශලයන්ගේ බ්‍රාහ්මණ ග්‍රාමයට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ එ ඉච්ඡානඞ්ගලයෙහි වූ ඉච්ඡානඞ්ගල වන ලැහැබ්හි වැඩ වසන සේක.
Pali BJTඅස්සොසුං ඛො ඉච්ඡානඞ්ගලකා{2} බ්රාහ්මණගහපතිකා “සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො ඉච්ඡානඞ්ගලං අනුප්පත්තො ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ.-
Sinhala BJTඉච්ඡානඞ්ගලයෙහි වාසය කරණ බ්‍රාහ්මණ ගෘහපතිහු “ශාක්‍යපුත්‍ර ශ්‍රමණ භවත් ගෞතමයෝ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූවාහු ඉච්ඡානඞ්ගලයට ක්‍රමයෙන් ප්‍රාප්තවූවාහු ඉච්ඡානඞ්ගලයෙහි ඉච්ඡානඞ්ගල වන ලැහැබ්හි විහරණ කෙරෙති”යි -
Pali BJT”තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති”.-
Sinhala BJT“ඒ භාග්‍යවත්හු මෙ කරුණෙනුදු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දේවමනුෂ්‍යයනට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ” යි ඒ භගවත් ගෞතමයන්ගේ මෙබඳු කල්‍යාණකීරිතිඝෝෂයෙක් උස්ව නැංගේය. ඔහු දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකය, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට දෙසන්නාහ.-
Pali BJT“සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං, බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී”ති.
Sinhala BJT“ඔහු ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට කේවල පරිපූර්‍ණ කොට පරිශුද්ධ කොට දහම් දෙසති. (එසේ දෙසමින් ශාසනමාර්‍ග) බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකට කෙරෙති. එබඳු අරහතුන්ගේ දර්‍ශනය මනා වේ යයි” ඇසූහ.
Pali BJTඅථ ඛො ඉච්ඡානඞ්ගලකා බ්රාහ්මණගහපතිකා තස්සා රත්තියා අච්චයෙන පහූතං ඛාදනීයං භොජනීයං ආදාය යෙන ඉච්ඡානඞ්ගලවනසණ්ඩො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා බහිද්වාරකොට්ඨකෙ අට්ඨංසු උච්චාසද්දා මහාසද්දා.
Sinhala BJTඉක්බිති ඉච්ඡානඞ්ගලවැසි බ්‍රාහ්මණගෘහපතිහු එ රැය ඇවෑමෙන් බොහෝ ඛාද්‍ය භෝජ්‍යයන් රැගෙණ ඉච්ඡානඞ්ගලවනෂණ්ඩයට එළඹියහ. එළඹ බිහිදොර කොටුයෙහි උස්හඬ මහහඬ ඇත්තාහු සිටගත්හ.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා නාගිතො භගවතො උපට්ඨාකො හොති. අථ ඛො භගවා ආයස්මන්තං නාගිතං ආමන්තෙසි: කෙ පනෙතෙ{1} නාගිත උච්චාසද්දා මහාසද්දා කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙති?{2} “එතෙ භන්තෙ ඉච්ඡානඞ්ගලිකා බ්රාහ්මණගහපතිකා පහුතං ඛාදනීයං භොජනීයං ආදාය බහිද්වාරකොට්ඨකෙ ඨිතා භගවන්තං යෙව උද්දිස්ස භික්ඛුසඞ්ඝඤ්චා”ති.
Sinhala BJTඑ සමයෙහි ආයුෂ්මත් නාගිත තෙරණුවෝ භාග්‍යවත්හුගේ උපස්ථායක වෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත තෙරුන් ඇමතූසේක: “නාගිතයෙනි, මත්ස්‍ය විලෝපයෙහි (විකුණන තැන) කෛවර්‍තයන් බඳු උස් හඬ ඇති මහ හඬ ඇති ඔහු කවරහ?”යි. “වහන්ස, තෙල ඉච්ඡානඞ්ගල වාසී බ්‍රාහ්මණ ගෘහපතිහු බොහෝ ඛාද්‍යභෝජ්‍ය රැගෙණවුත් භාග්‍යවතුන් වහන්සේ ද භික්‍ෂුසඞ්ඝයා ද උදෙසා බිහිදොර කොටුයෙහි සිටියාහු ය”යි.
Pali BJTමාහං නාගිත යසෙන සමාගමො,{3} මා ච මයා යසො. යො ඛො නාගිත නයිමස්ස නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්ස අකිච්ඡලාභී අකසිරලාභී, යස්සාහං නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී, සො තං මීළ්හසුඛං{4} මිද්ධසුඛං ලාභසක්කාරසිලොකසුඛං සාදියෙය්යාති.
Sinhala BJTනාගිතයෙනි, මම යශස් හා සමාගත නො වෙම්වා. යශස් ද මා හා සමාගත නොවේවා. නාගිතයෙනි, මම යම් නෙක්‍ඛම්මසුඛයක් පවිවේක සුඛයක් උපසමසුඛයක් සම්බෝධසුඛයක් කැමැති සේ ලබන සුලු වෙම් නම්, නිදුක් සේ ලබන සුලු වෙම් නම්, විපුල කොට ලබන සුලු වෙම් නම්, (එසේ මා ලබන) මේ නෙක්‍ඛම්මසුඛය පවිවේකසුඛය උපසමසුඛය සම්බෝධසුඛය යමෙක් කැමැති සේ ලබන සුලු නොවී නම්, නිදුක්සේ ලබන සුලු නොවී නම්, විපුල කොට ලබන සුලු නොවී නම්, හෙතෙම එ අශුචිසුඛය, නිද්‍රාසුඛය, ලාභසත්කාරයෙන් හා වර්‍ණභණනයෙන් උපන් සුඛය ඉවසන්නේය.
Pali BJT”අධිවාසෙතු’දානි භන්තෙ භගවා, අධිවාසෙතු සුගතො. අධිවාසන කාලො’දානි භන්තෙ භගවතො. යෙන යෙනෙව’දානි භන්තෙ භගවා ගමිස්සති, තන්නින්නාව භවිස්සන්ති බ්රාහ්මණ ගහපතිකා නෙගමා චෙව ජානපදා ච.
Sinhala BJT“වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා, සුගතයන් වහන්සේ ඉවසන සේක්වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට ඉවසන කාලයයි. වහන්ස, යම් ම දිගෙක භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක් නම්, බමුණන් හා ගැහැවිහුදු නියම්ගම් වැස්සන් හා දනවුවැසියෝ ද එදිගට නැඹුරු වූවාහු ම වෙති.
Pali BJTසෙය්යථාපි භන්තෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ යථානින්නං උදකානි පවත්තන්ති, එවමෙව ඛො භන්තෙ යෙන යෙනෙව’දානි භගවා ගමිස්සති, තන්නින්නාව භවිස්සන්ති බ්රාහ්මණගහපතිකා නෙගමා චෙව ජානපදා ච තං කිස්ස හෙතු? තථාහි භන්තෙ භගවතො සීලපඤ්ඤාණ”න්ති.
Sinhala BJTවහන්ස, යම් පරිදි මහ පොද ඇති වට වස්නා කල්හි නිම්නභූමිය අනුව ම උදකයෝ වටනාහු ද, වහන්ස, එපරිදි ම යම් ම දිගෙක්හි භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක් නම්, බමුණුගෙහෙවියෝ ද නියම්ගම්දනවුවැස්සෝ ද එදිගට නැඹුරුවන්නාහ. එ කවර හෙයින යත්: වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ශීලය හා ඥානය එබඳු ම (ජනප්‍රිය වනු ම) බැවිනි.
Pali BJTමාහං නාගිත යසෙන සමාගමො{3}, මා ච මයා යසො. යො ඛො නාගිත නයිමස්ස නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්ස අකිච්ඡලාභී අකසිරලාභී, යස්සාහං නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී, සො තං{4} මීළ්හසුඛං මිද්ධසුඛං ලාභසක්කාරසිලොකසුඛං සාදියෙය්ය. අසිතපීතඛායිතසායිතස්ස ඛො නාගිත උච්චාරපස්සාවො. එසො තස්ස නිස්සන්දො.
Sinhala BJTනාගිතයෙන්, මම් යශස හා නහමක් සමාගත යෙම්වා, යශස් ද මා හා නහමක් සමාගත වේවා. නාගිතයෙනි, මම් යම් ම නෛෂ්ක්‍රම්‍ය සුඛයක් ප්‍රවිවේක සුඛයක් ව්‍යපශම සුඛයක් සම්බෝධසුඛයක් කැමැති සේ ලබන සුල්ලෙම්, නිදුකින් ලබන සුල්ලෙම්, විපුලසේ ලබන සුල්ලෙම් වෙම් ද, යමෙක් මේ නෛෂ්ක්‍රම්‍ය සුඛය, ප්‍රවිවේක සුඛය, ව්‍යපශමසුඛය, සම්බෝධසුඛය කැමැතිසේ නොලබන සුලුයේ, නිදුකින් නොලබන සුලුයේ විපුලසේ නොලබන සුලුයේ වේ නම්, හෙ ඒ අපවිත්‍ර සුඛය, නිද්‍රාසුඛය, ලාභ සත්කාරයෙන් හා වර්‍ණභණනයෙන් උපදනා සුඛය ඉවසන්නේය. නාගිතයෙනි, අසිත, පීත, ඛායිත සායිතයාගේ වනාහි මහවටත් සුලුවටත් (මලමූ) ම වෙයි. තෙල උහුගේ නිෂ්‍යන්‍ද (ඵලය) යි.
Pali BJTපියානං ඛො නාගිත විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙව දුක්ඛදොමනස්සුපායාසා. එසො තස්ස නිස්සන්දො.
Sinhala BJTනාගිතයෙනි, ප්‍රියජනයන්ගේ විපරිණාම අන්‍යථාභාවයෙන් ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය, දෘඪආයාසයෝ උපදනාහ. තෙල ඒ ප්‍රියභාවයාගේ නිෂ්‍යන්‍දය වේ.
Pali BJTඅසුභනිමිත්තානුයොගං අනුයුත්තස්ස ඛො නාගිත සුභනිමිත්තෙ{1} පාටික්කූල්යතා{2} සණ්ඨාති. එසො තස්ස නිස්සන්දො.
Sinhala BJTනාගිතයෙනි, අශුභනිමිත්තානුයෝගයෙහි අනුයුක්තයාහට (ඉෂ්ටාලම්බන සඞ්ඛ්‍යාත) ශුභ නිමිත්තයෙහි පිළිකුල්බව පිහිටනේ ය. තෙල ඒ අශුභනිමිත්තානුයෝගයාගේ නිෂ්පත්තිය වෙයි.
Pali BJTඡස්සු{3} ඛො නාගිතළු ඵස්සායතනෙසු අනිච්චානුපස්සිනො විහරතො ඵස්සෙ පාටික්කූල්යතා සණ්ඨාති. එසො තස්ස නිස්සන්දො.
Sinhala BJTනාගිතයෙනි, සවැදෑරුම් සපර්‍ශායතනයෙහි අනිත්‍යානුදර්ශීව වසනුවහට ස්පර්‍ශයෙහි පිළිකුල්බව පිහිටනේය. තෙල ඒ අනිත්‍යදර්‍ශනයාගේ නිෂ්පත්තියි.
Pali BJTපඤ්චසු ඛො නාගිත උපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සිනො විහරතො උපාදානෙ පාටික්කූල්යතා සණ්ඨාති. එසො තස්ස නිස්සන්දොති.
Sinhala BJTනාගිතයෙනි, පඤ්චෝපාදානස්කන්‍ධයෙහි උදාවිය නුවණින් බලමින් වසනුවහට උපාදානයෙහි පිළිකුල්බව සිටුනේය. තෙල උදයව්‍යයානුදර්‍ශනයාගේ නිෂ්පත්ති යි.
Pali BJTපඤ්චඞ්ගිකවග්ගො තතියො.
Sinhala BJTපඤ්චාඞ්ගීක වර්‍ගය තුන්වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙගාරවුපක්කිලෙසො දුස්සීලානුග්ගහෙන ච විමුත්තිසමාධිපඤ්චඞ්ගිකා චඞ්කමො නාගිතෙන චාති
Sinhala BJTඅගාරව සූත දෙකෙක, උපක්කිලේස සූත්‍රය, දුස්සීල සූත්‍රය, අනුග්ගහ සූත්‍රය, විමුත්ති සූත්‍රය, සමාධි සූත්‍රය, පඤ්චඞ්ගික සූත්‍රය, චඞ්කම සූත්‍රය, නාගිත සූත්‍රය දැයි දශයෙක.
Pali BJT4. සුමනාවග්ගො
Sinhala BJT4. සුමනා වර්‍ගය
Pali BJT5. 1. 4. 1.
Sinhala BJT5. 1. 4. 1.
Pali BJT[සුමනාසුත්තං]
Sinhala BJT[සුමනා සූත්‍රය]
Pali BJT31. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.{*} අථ ඛො සුමනා රාජකුමාරී පඤ්චහි රථසතෙහි පඤ්චහි{1} රාජකුමාරිසතෙහි පරිවුතා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො සුමනා රාජකුමාරී භගවන්තං එතදවොච:
Sinhala BJT31. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි සුමනා රජ කුමරි පන්සියක් රියපිරිවරින් පන්සියක් රජකුමරි පිරිවරින් පරිවෘතව භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුනු. එකත් පසෙක හුන් සමන් කුමරි භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළා:
Pali BJTඉධස්සු භන්තෙ භගවතො ද්වෙ සාවකා සමසද්ධා සමසීලා සමපඤ්ඤා, එකො දායකො එකො අදායකො, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යුං, දෙවභූතානම්පන නෙසං භන්තෙ සියා විසෙසො සියා නානාකරණන්ති? සියා සුමනෙ’ති භගවා අවොච.
Sinhala BJTවහන්ස, මෙ සස්නෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ දෙදෙනෙක් ශ්‍රද්ධායෙන් සමයහ. ශීලයෙන් සමයහ. ප්‍රඥායෙන් සමයහ. එකෙක් දායකය. එකෙක් අදායකය. ඔහු කාබුන්මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණෙති. වහන්ස, දෙවි වූ (දායක අදායක වන) ඔවුන්ගේ විශේෂයෙක් වන්නේ ද වෙනස් කරුණෙක් ඇති ද හෝ?යි. “ඇත, සුමනාවෙනි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTයො සො සුමනෙ දායකො, සො අමුං අදායකං දෙවභූතො සමානො පඤ්චහි ඨානෙහි අධිගණ්හාති: දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්යෙන.{2} යො සො සුමනෙ දායකො, සො අමුං අදායකං දෙවභූතො සමානො ඉමෙහි පඤ්චහි ඨානෙහි අධිගණ්හාති.{3}
Sinhala BJTසුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ දෙවිවූයේම අසෝ අදායකයා (දන් නො දෙන්නා) දිව්‍ය ආයුෂයෙන, දිව්‍යවර්‍ණයෙන, දිව්‍යසුඛයෙන, දිව්‍යයශසින, දිව්‍ය ආධිපත්‍ය (අධිපතිභාව) යෙනැයි කරුණු පසෙකින් අභිභවන්නේ (යටපත් කරන්නේ) ය. සුමනාවෙනි, යම් දායකයෙක් (දන් දෙන්නෙක්) වේ නම්, හේ දෙවි වූයේ ම තෙල දන් නො දෙනහු මෙ කරුණු පසින් අභිභවන්නේය යි.
Pali BJTසචෙ පන තෙ භන්තෙ තතො චුතා ඉත්ථත්තං ආගච්ඡන්ති, මනුස්සභූතානං පන තෙසං භන්තෙ සියා විසෙසො, සියා නානාකරණන්ති? සියා සුමනෙති භගවා අවොච.
Sinhala BJTවහන්ස, ඉදින් ඔහු එයින් සැව මේ මනුෂ්‍යත්‍වයට එත් නම්, මනුෂ්‍යවූ උන්ගේ විශේෂයෙක් වන්නේ යැ හෝ වෙනස් කරුණෙක් වන්නේය හෝ?යි. “වන්නේය, සුමනාවෙනි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTයො සො සුමනෙ දායකො, සො අමුං අදායකං මනුස්සභූතො සමානො පඤ්චහි ඨානෙහි අධිගණ්හාති: මානුසකෙන{4} ආයුනා, මානුසකෙන වණ්ණෙන, මානුසකෙන සුඛෙන, මානුසකෙන යසෙන, මානුසකෙන ආධිපතෙය්යෙන. යො සො සුමනෙ දායකො, සො අමුං අදායකං මනුස්සභූතො සමානො ඉමෙහි පඤ්චහි ඨානෙහි අධිගණ්හාති.
Sinhala BJTසුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ මනුෂ්‍ය වූයේ ම මානුෂක ආයුෂයෙන, මානුෂකවූ වර්‍ණයෙන, මානුෂකවූ සුඛයෙන, මානුෂකවූ යශසින, මානුෂකවූ ආධීපත්‍යයෙනැයි කරුණු පසෙකින් තෙල අදායකයා මැඩගෙණ සිටුනේය. සුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ මනුෂ්‍ය වූයේ ම මේ කරුණු පසින් තෙල අදායකයා මැඩගෙණ සිටුනේය.
Pali BJTසචෙ පන තෙ භන්තෙ උභො අගාරස්මා අනගාරියං පබ්බජන්ති, පබ්බජිතානං පන නෙසං{5} භන්තෙ සියා විසෙසො සියා නානාකරණන්ති? සියා සුමනෙති භගවා අවොච.
Sinhala BJTවහන්ස, ඉදින් ඒ දෙදෙන ගිහිගෙන් නික්ම ශාසනයට වදිත් නම් වහන්ස, පැවිදි වූ ඔවුන්ගේ විශේෂයෙක වන්නේය, වෙනස් කරුණෙක් වන්නේය හෝ?යි. “වන්නේ ය, සුමනාවෙනි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTයො සො සුමනෙ දායකො, සො අමුං අදායකං පබ්බජිතො සමානො පඤ්චහි ඨානෙහි අධිගණ්හාති: යාචිතො’ව බහුලං චීවරං පරිභුඤ්ජති අප්පං අයාචිතො. යාචිතොව බහුලං පිණ්ඩපාතං පරිභුඤ්ජති, අප්පං අයාචිතො. යාචිතො’ව බහුලං සෙනාසනං පරිභුඤ්ජති, අප්පං අයාචිතො. යාචිතො’ව බහුලං ගිලාන පච්චය භෙසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජති, අප්පං අයාචිතො:
Sinhala BJTසුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ පැවිදි වූයේ ම තෙල අදායකයා කරුණු පසෙකින් මැඩගෙණ සිටුනේය: යදනා ලදුයේම (අනුන්ගේ පැවරීමෙන් ම) බහුල වශයෙන් චීවර පරිභෝග කරන්නේය, නොයදනා ලදුයේ අල්ප කොට පරිභෝග කරන්නේ ය. යදනා ලදුයේ ම බහුල වශයෙන් පිඬුවා වලඳන්නේය, නොයදනා ලදුයේ අල්පවශයෙනි. යදනා ලදුයේ ම බහුල විසින් ශයනාසන වළඳ කෙරෙයි, නො යදනා ලදුයේ අල්ප විසින් වළඳනේ ය. යදනා ලදුයේ ම බෙහෙවින් ගිලන්පස බෙහෙසත් පිරිකර වළඳන්නේය, නොයදනා ලදුයේ අල්ප විසිනි.
Pali BJTයෙහි ඛො පන සබ්රහ්මචාරීහි සද්ධිං විහරති, ත්යාස්ස{1} මනාපෙනෙව බහුලං කායකම්මෙන සමුදාචරන්ති, අප්පං අමනාපෙන, මනාපෙනෙව බහුලං වචීකම්මෙන සමුදාචරන්ති, අප්පං අමනාපෙන, මනාපෙනෙව{2} බහුලං මනොකම්මෙන සමුදාචරන්ති, අප්පං අමනාපෙන. මනාපං යෙව{3} උපහාරං උපහරන්ති, අප්පං අමනාපං. යො සො සුමනෙ දායකො, සො අමුං අදායකං පබ්බජිතො සමානො ඉමෙහි පඤ්චහි ඨානෙහි අධිගණ්හාති.{4}
Sinhala BJTයම් සබ්‍රම්සරුන් හා වෙසේ නම්, ඔහු (ඒ දායක පැවිදිනට) මනාප වූ ම කායකර්‍මයෙන් බෙහෙවින් හැසිරෙත්. අමනාප කායකර්‍මයෙන් අල්ප විසිනි. මනාප වූ ම වාක්කර්‍මයෙන් බහුල විසින් හැසිරෙත්. අමනාපයෙන් අල්ප විසිනි. මනාප වූ ම මනඃකර්‍මයෙන් බහුල කොට හැසිරෙත්. අමනාපයෙන් අල්ප විසිනි. මනාප වූ ම උපහාර එළවත්. අමනාප උපහාර අල්පවශයෙනි. සුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ පැවිදි වූයේ ම මේ පස්කරුණින් තෙල අදායක මහණ මැඩ සිටුනේ ය.
Pali BJTසචෙ පන තෙ භන්තෙ උභො අරහත්තං පාපුණන්ති, අරහත්තප්පත්තානං පන නෙසං භන්තෙ සියා විසෙසො සියා නානාකරණන්ති?
Sinhala BJTවහන්ස, ඉදින් ඔහු දෙදෙන අර්‍හත්‍වයට පැමිණෙත් නම්, අර්‍හත්‍වයට පත් ඔවුන්ගේ විශේෂයෙක් වන්නේය, නානාකරණයෙක් වන්නේය හෝ?යි.
Pali BJTඑත්ථ ඛො පනෙසාහං සුමනෙ න කිඤ්චි නානාකරණං වදාමි යදිදං විමුත්තියා විමුත්තින්ති.{5}
Sinhala BJTසුමනාවෙනි, මෙ විෂයෙහි මම උන්ගේ කිසිදු නානාකරුණක් නොවදාරමි. එනම්-(එකකුගේ) විමුක්තිය හා (අනෙකාගේ) විමුක්තිය යි. (අර්‍හත්ත්‍වයෙහි වෙනෙසෙක් නොවේ ම ය.)
Pali BJTඅච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ. යාවඤ්චිදං භන්තෙ අලමෙව දානානි දාතුං, අලං පුඤ්ඤානි කාතුං, යත්ර හි නාම දෙවභූතස්සපි උපකාරානි පුඤ්ඤානි, මනුස්සභූතස්සපි උපකාරානි පුඤ්ඤානි, පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානීති.
Sinhala BJTවහන්ස, අසිරිය, වහන්ස, අද්භූතයි. වහන්ස, දෙවිවුවහුට ද යම් ම පින් උපකාර වේ ද, මිනිස් වූවහුට ද යම් ම පින් උපකාර වේ ද, පැවිදි වූවහුට ද යම් ම පින් උපකාර වේද, එහෙයින් දන්දීම ඉතා නිසි ම ය. පින්කළ යුතු ම ය.
Pali BJTඑව මෙතං සුමනෙ, එවමෙතං සුමනෙ. අලං හි සුමනෙ දානානි දාතුං, අලං පුඤ්ඤානි කාතුං. දෙවභූතස්සපි උපකාරානි පුඤ්ඤානි. මනුස්සභූතස්සපි උපකාරානි පුඤ්ඤානි, පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානීති. ඉදමවොච භගවා ඉදං වත්වා{6} සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTසුමනාවෙනි, තෙල එසේ මැයි. සුමනාවෙනි, තෙල එසේ මැ යි. සුමනාවෙනි, දන්දිය යුතු ම ය. සුමනාවෙනි, පින් කළ යුතු ම ය. දෙවිවුවහුට ද පින් උපකාර වෙයි, මනුෂ්‍යවුවහුට ද පින් උපකාර වෙයි. පැවිදි වූවහුට ද පින් උපකාර වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා එක්බිති තදන්‍යය (තෙල ගා) වදාළ සේක:
Pali BJT1. යථාපි චන්දො විමලො ගච්ඡං ආකාසධාතුයා සබ්බෙ තාරා ගණෙ ලොකෙ ආභාය අතිරොචති,
Sinhala BJT1. යම් සෙයින් නිර්‍මල චන්‍ද්‍රයා අහසින් යනුයේ ලොව හැම තරු කැලන් සිය එළියෙන් අභිභවා වොරදනේ වේ ද,
Pali BJT2. තථෙව සීලසම්පන්නො සද්ධො පුරිසපුග්ගලො සබ්බෙ මච්ඡරිනො ලොකෙ චාගෙන අතිරොචති.
Sinhala BJT2. එසෙයින් සිල් සපන් සැදැහැති පුරුෂපුද්ගලයා ලොව හැම මසුරන් ත්‍යාගයෙන් අභිභවා වොරදනේ වේ.
Pali BJT3. යථාපි මෙඝො ථනයං විජ්ජුමාලී සතක්කකු ථලං නින්නං ච පූරෙති අභිවස්සං වසුන්ධරං,
Sinhala BJT3. යම් සෙයින් විදුලිමාලි ඇති, සියගණන් මේකුළු ඇති, ගිගිරිකරණ මේඝය පෘථිවිය තෙමමින් ගොඩවළ පුරවාද,
Pali BJT4. එවං දස්සන සම්පන්නො සම්මා සම්බුද්ධසාවකො මච්ඡරිං අධිගණ්හාති පඤ්චඨානෙහි පණ්ඩිතො:
Sinhala BJT4. එසෙයින් දර්‍ශන සම්පන්න (සෝවන්) පණ්ඩිත සම්‍යක් සම්බුද්ධශ්‍රාවක පස්කරුණෙකින් මසුරහු අභිභවන්නේ වෙයි.
Pali BJT5. ආයුනා යසසා වෙච වණ්ණෙන ච සුඛෙන ච සචෙ භොග පරිබ්බූළ්හො{7} පෙච්ච සග්ගෙ පමොදතීති.{8}
Sinhala BJT5. ආයුෂයෙන, යශසින, වර්‍ණයෙන, සුඛයෙනැයි (හේ මසුරා දනන්නේය). හෙ එකැතියෙන් දානාඛ්‍යභෝගෞඝයා විසින් (දාන නමැති ජලොඝය විසින් සුගතිය කරා) පමුණුවනු ලැබුයේ පරලොව ගොස් ස්වර්‍ගයෙහි ද සතුටු වෙයි.
Pali BJT5. 1. 4. 2.
Sinhala BJT5. 1. 4. 2.
Pali BJT[චුන්දීසුත්තං]
Sinhala BJT[චුන්‍දි සූත්‍රය]
Pali BJT32. එකං සමයං භගවා රාජගහෙ විහරති කලන්දකනිවාපෙ. අථ ඛො චුන්දී රාජකුමාරී පඤ්චහි රථසතෙහි පඤ්චහි ච කුමාරි සතෙහි පරිවුතා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො චුන්දී රාජකුමාරී භගවන්තං එතදවොච:
Sinhala BJT32. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසන සේක. එකල චුන්‍දි රජකුමරි පන්සියක්රිය පිරිවරිනුදු පන්සියක් කුමරි පිරිවරිනුදු පිරිවැරුණී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුනු. එකත්පසෙක හුන් චුන්‍දී රජකුමරි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළා:
Pali BJTඅම්හාකං භන්තෙ භාතා චුන්දො නාම රාජකුමාරො. සො එවමාහ: “යදෙව සො හොති ඉත්ථී වා පුරිසො වා බුද්ධං සරණං ගතො, ධම්මං සරණං ගතො, සඞ්ඝං සරණං ගතො, පාණාතිපාතා පටිවිරතො, අදින්නාදානා පටිවිරතො, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො, මුසාවාදා පටිවිරතො, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො, සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං යෙව{1} උපපජ්ජති, නො දුග්ගතින්ති.”
Sinhala BJTවහන්ස, අපගේ භ්‍රාතෘ වූ චුන්‍ද නම් රාජකුමාරයෙක් ඇත. හේ මෙසේ කියයි: “යම් ඒ ස්ත්‍රියක් වේ ව යි, පුරුෂයෙක් වේ ව යි, බුදුන් සරණ ගියේ, දහම් සරණ ගියේ, සඟුන් සරණ ගියේ, පණිවායෙන් දුරු වූයේ, අයිනාදනින් දුරු වූයේ, කාමයෙහි මිසහසරින් දුරු වූයේ, මුසවායෙන් දුරු වූයේ, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ ද, හෙ කාබුන් මරණින් මතු සුගතියට ම එළඹේ. දුගතියට නොයේ ය”යි.
Pali BJTසාහං භන්තෙ භගවන්තං පුච්ඡාමි: කථංරූපෙ නු ඛො{2} භන්තෙ සත්ථරි පසන්නො කායස්ස භෙදා පරම්මරණා සුගතිං යෙව උපපජ්ජති, නො දුග්ගතින්ති? සාහං භන්තෙ භගවන්තං පුච්ඡාමි: කථං රූපෙ නු ඛො{2} භන්තෙ ධම්මෙ පසන්නො -පෙ- කථංරූපෙ නු ඛො{2} භන්තෙ සඞ්ඝෙ පසන්නො -පෙ- කථංරූපෙසු සීලෙසු පරිපූරකාරී කායස්ස භෙදා පරම්මරණා සුගතිං යෙව{1} සග්ගං ලොකං උප්පජ්ජති, නො දුග්ගතින්ති?
Sinhala BJTවහන්ස, තෙල මම් භාග්‍යවතුන් පුළුවුස්නෙමි. වහන්ස, කෙබඳු ශාස්තෘකෙනකුන් කෙරෙහි පහන් වූයේ කාබුන් මරණින් මතු සුගතියට ම එළඹෙන්නේ වේ ද, දුගතියට නොයන්නේ වේ ද? වහන්ස, කෙබඳු වූ ධර්‍මයෙක්හි පහන් වූයේ ... වහන්ස, කෙබඳු සඟුන් කෙරෙහි පහන් වූයේ ... වහන්ස, කෙබඳු සීලයෙහි පරිපූරකාරී වූයේ කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට ම එළඹේ ද, දුගතියට නො යේ ද?
Pali BJTයාවතා චුන්දි සත්තා අපදා වා දිපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤිනාසඤ්ඤිනො වා තථාගතො තෙසං අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධො. යෙ ඛො චුන්දි බුද්ධෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
Sinhala BJTචුන්‍දියෙනි, අපදයෝ වෙත් ව යි, ද්විපදයෝ වෙත් ව යි, චතුෂ්පදයෝ වෙත් ව යි, බහුපදයෝ වෙත් ව යි, රූපීහු වෙත් ව යි, අරූපීහු වෙත් ව යි, සංඥිහු වෙත් ව යි, අසංඥීහු වෙත් ව යි, නෛවසංඥීනාසංඥීහු වෙත් ව යි, යම්තාක් සත්ත්‍වයෝ වෙත් නම්, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයෝ ඔවුනට අග්‍රයහ යි කියනු ලැබේ. චුන්‍දයෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි පහන් වූවාහු නම්, ඔහු අග්‍රයා කෙරෙහි පහන්හ. අග්‍රයා කෙරෙහි පහන් වූවනට අග්‍ර විපාක වෙයි.
Pali BJT‘‘යාවතා, චුන්දි, ධම්මා සඞ්ඛතා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො තෙසං අග්ගමක්ඛායති. යෙ, චුන්දි, අරියෙ අට්ඨඞ්ගිකෙ මග්ගෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා, අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.{3}
Sinhala BJTචුන්‍දියෙනි, යම් පමණ හේතුයෙන් නිපන් දහම්හු ඇත් ද, අරී අටඟිමග ඔවුනට අග්‍රය යි කියනු ලැබේ. චුන්‍දියෙනි, යම් කෙනෙක් අරී අටඟි මගෙහි ප්‍රසන්න වෙත් ද, ඔහු අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයහ. අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයනට අග්‍ර විපාක වෙයි.
Pali BJTයාවතා චුන්දි ධම්මා සංඛතා වා අසංඛතා වා විරාගො තෙසං අග්ගමක්ඛායති යදිදං මදනිම්මදනො පිපාසවිනයො{4} ආලයසමුග්ඝාතො වට්ටූපච්ඡෙදො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. යෙ ඛො චුන්දි විරාගෙ ධම්මෙ පසන්නා. අග්ගෙ තෙ පසන්නා අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
Sinhala BJTචුන්‍දියෙනි, සංස්කෘතයෝ වෙත් ව යි, අසංස්කෘතයෝ වෙත් ව යි, යම් තාක් ධර්‍මයෝ වෙත් නම්, විරාගය ඔවුනට අග්‍රය යි කියනු ලැබේ. එනම්: මදනිම්මදනය වූ පිපාසාවිනය වූ ආලයාගේ සමුග්ඝාතය වූ වර්තෝපච්ඡේදය වූ තෘෂ්ණාක්‍ෂය වූ විරාග වූ නිරෝධ වූ නිර්‍වාණය ය යි. චුන්‍දියෙනි, යම් කෙනෙක් විරාගධර්‍මයෙහි පහන්හු ද, ඔහු අග්‍රයෙහි පහන්හ. අග්‍රයෙහි පහන් වූවනට අග්‍රවිපාක වෙයි.
Pali BJTයාවතා චුන්දි සඞ්ඝා වා ගණා වා තථාගතසාවකසඞ්ඝො තෙසං අග්ගමක්ඛායති යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා. එස භගවතො සාවකසංඝො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. යෙ ඛො චුන්දි සංඝෙ පසන්නා, අග්ගෙ තෙ පස්සන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
Sinhala BJTචුන්‍දියෙනි, සඟහු වෙත් ව යි, ගණහු වෙත් ව යි, යම් තාක් සමූහ කෙනෙක් වෙත් නම්, තථාගතයන්ගේ ශ්‍රාවකසඞ්ඝයා ඔවුනට අග්‍රය යි කියනු ලැබේ. එනම්: චතුෂ්පුරුෂයුග්ම වූ අෂ්ටපුරුෂපුද්ගලයෝ යි. භගවත්හුගේ තෙල ශ්‍රාවකසඞ්ඝයා ගෙනවුත් දෙන දනට නිසි ය. ප්‍රාඝුණ සත්කාරයට නිසි ය. දක්‍ෂිණාවට නිසි ය. අඤ්ජලිකරණයට නිසි ය. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. චුන්‍දියෙනි, යම් කෙනෙක් සඞ්ඝයා කෙරෙහි පහන්හු ද, ඔහු අග්‍රයෙහි පහන්හ. අග්‍රයෙහි පහන් වූවනට අග්‍රවිපාක වෙයි.
Pali BJTයාවතා චුන්දි සීලානි, අරියකන්තානි{1} තෙසං අග්ගමක්ඛායති - යදිදං අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධි සංවත්තනිකානි. යෙ ඛො චුන්දි අරිය කන්තෙසු සීලෙසු පරිපූරකාරිනො, අග්ගෙ තෙ පරිපූරකාරිනො. අග්ගෙ ඛො පන පරිපූරකාරීනං අග්ගො විපාකො හොතීති.
Sinhala BJTචුන්‍දියෙනි, යම් තාක් සිල් ඇත් නම්, ආර්‍ය්‍යයනට කාන්ත වූ (මාර්‍ගඵලසම්ප්‍රයුක්ත වූ) සීලයෝ ඔවුනට අග්‍රහයි කියනු ලැබේ. එනම්: අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ භුජිස්‍ය වූ නුවණැතියන් විසින් පසස්නා ලද තෘෂ්ණා දෘෂ්ටීන් අපරාමෘෂ්ට වූ සමාධියට හිත පිණිස වූ සීලයෝ යි. චුන්‍දියෙනි, යම් කෙනෙක් ආර්‍ය්‍යකාන්තශීලයෙහි පරිපූරකාරී වෙත් නම්, ඔහු අග්‍රයෙහි පරිපූරකාරී වෙත්. අග්‍රයෙහි පරිපූරකාරීනට අග්‍රවිපාක වේ ය යි.
Pali BJT6. අග්ගතො වෙ පසන්නානං අග්ගං ධම්මං විජානතං අග්ගෙ බුද්ධෙ පසන්නානං දක්ඛිණෙය්යෙ අනුත්තරෙ,
Sinhala BJT6. ඒකාන්තයෙන් (රත්නත්‍රය විෂයෙහි) අග්‍රභාවයෙන් පහන් වූ අග්‍ර ධර්‍මය (රත්නත්‍රයෙහි උත්තමස්වභාවය) දක්නාවුන්ට ද, අනුත්තරදක්‍ෂිණාර්‍හ වූ අග්‍ර බුදුරජුන් කෙරෙහි පහන් වූවනට ද (අග්‍රවිපාක වේ.)
Pali BJT7. අග්ගෙ ධම්මෙ පසන්නානං විරාගූපසමෙ සුඛෙ අග්ගෙ සංඝෙ පසන්නානං පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ,
Sinhala BJT7. විරාගයට හා උපශමයට හේතු වූ, සංසාර දුඃඛක්‍ෂය භාවයෙන් සුඛ ඇති, අග්‍ර වූ ධර්‍මයෙහි පහන් වූවනට ද, අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ අග්‍රසඞ්ඝයා කෙරෙහි පහන් වූවනට ද (අග්‍රවිපාක වේ.)
Pali BJT8. අග්ගස්මිං දානං දදතං අග්ගං පුඤ්ඤං පවඩ්ඪති අග්ගං ආයූ ච{2} වණ්ණො ච යසො කිත්ති සුඛං බලං.
Sinhala BJT8. අග්‍ර වූ රත්නත්‍රය විෂයයෙහි දන් දෙනුවනට අග්‍ර පුණ්‍යය වැඩෙ යි. අග්‍ර ආයුෂ ද වර්‍ණය ද යශස් (පිරිවර) ද කීර්තිය ද සුඛය ද බලය ද වැඩේ.
Pali BJT9. අග්ගස්ස දාතා මෙධාවී අග්ගධම්මසමාහිතො දෙවභූතො මනුස්සො වා අග්ගප්පත්තො පමොදතීති.
Sinhala BJT9. අග්‍ර වූ රත්නත්‍රයට (අග්‍ර වූ දේයධර්‍මය) දෙන අග්‍රප්‍රසාදධර්‍මයෙහි මොනොවට පිහිටි නුවණැතියේ දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ අග්‍රභාවයට පැමිණියේ ප්‍රමුදිත වෙයි.
Pali BJT5. 1. 4. 3.
Sinhala BJT5. 1. 4. 3.
Pali BJT[උග්ගහසුත්තං]
Sinhala BJT[උග්ගහ සූත්‍රය]
Pali BJT33. එකං සමයං භගවා භද්දියෙ{3} විහරති ජාතියා වනෙ. අථ ඛො උග්ගහො මෙණ්ඩක නත්තා යෙන භගවා තෙනුපඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උග්ගහො මෙණ්ඩකනත්තා භගවන්තං එතදවොච:
Sinhala BJT33. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භද්දිය නගරයෙහි ජාතියාවන නම් ස්වයඤ්ජාත වෙනෙහි වැඩවසන සේක. එකල මෙණ්ඩක සිටුහුගේ මුනුබුරු උග්ගහ සිටු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් මෙණ්ඩක සිටුහු මුනුබුරු උග්ගහ සිටු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
Pali BJTඅධිවාසෙතු මෙ භන්තෙ භගවා ස්වාතනාය අත්තචතුත්ථො භත්තන්ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො උග්ගහො මෙණ්ඩකනත්තා භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට දවස් වියයුතු දන් පිණිස තමන් වහන්සේ සතර වන කොට ඇති සේක් මාගේ බත අධිවාසනා කරණ සේක්ව යි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක. එකල්හි මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටු භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නැඟී ගියේ ය.
Pali BJTඅථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන උග්ගහස්ස මෙණ්ඩකනත්තුනො නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො උග්ගහො මෙණ්ඩක නත්තා භගවන්තං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ එ රෑ ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පෙරව පා සිවුරු ගෙණ මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටුගේ නිවේසනයට වැඩිසේක. වැඩ පැන් වූ අස්නෙහි වැඩ හුන්සේක. ඉක්බිති මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටු භාග්‍යවතුන් වහන්සේ ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සැතැප්පී ය, පැවරීය.
Pali BJTඅථ ඛො උග්ගහො මෙණ්ඩකනත්තා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උග්ගහො මෙණ්ඩකනත්තා භගවන්තං එතදවොච:
Sinhala BJTඉන්පසු මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටු දන් වැළඳු, පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති, භාග්‍යවතුන් වහන්සේ දැන එකත් පසෙක හින. එකත් පසෙක හුන් මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටු භාග්‍යවත්හට තෙල සැළ කෙළේ ය:
Pali BJTඉමා මෙ භන්තෙ කුමාරියො පතිකුලානි ගමිස්සන්ති. ඔවදතු තාසං භන්තෙ භගවා, අනුසාසතු තාසං භන්තෙ භගවා, යං තාසං අස්ස දීඝරත්තං හිතාය සුඛායාති.
Sinhala BJTවහන්ස, මාගේ මේ දූකුමරියෝ පතිකුලයට යන්නාහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඔවුනට ඔවා දෙන සේක්වා. වහන්ස, යම් සේ ඔවුනට දීර්‍ඝරාත්‍රයක් හිත සුව පිණිස පවත්නේ වේ නම්, භාග්‍යවතුන් වහන්සේ ඔවුනට එසේ අනුශාසනා කරණ සේක්වා.
Pali BJTඅථ ඛො භගවා තා කුමාරියො එතදවොච: තස්මාතිහ කුමාරියො එවං සික්ඛිතබ්බං: යස්ස වො{1} මාතා පිතරො භත්තුනො දස්සන්ති අත්ථකාමා හිතෙසිනො අනුකම්පකා අනුකම්පං උපාදාය, තස්ස භවිස්සාම පුබ්බුට්ඨායිනියො පච්ඡානිපාතිනියො කිංකාරපටිස්සාවිනියො මනාපචාරිනියො පියවාදිනියොති. එවං හි වො කුමාරියො සික්ඛිතබ්බං.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ කුමරියනට තෙල වදාළ සේක: කුමරියෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මෙන්නේ ය: “වැඩ කැමැති හිත කැමැති අනුකම්පා ඇති මාපියෝ අනුකම්පා හේතුවෙන් යම් හිමියකුහට දක්වා දෙත් නම්, ඔහට පළමු නැඟී සිටුනා සුල්ලමෝ පස්ව නින්දට යන සුල්ලමෝ කුම් කෙරෙම් දැ යි විමසා කරණ සුල්ලමෝ මනවඩන පරිදි හැසිරෙන සුල්ලමෝ ප්‍රියතෙපුල් බණන සුල්ලමෝ වම්හ”යි. කුමරියෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
Pali BJTතස්මාතිහ කුමාරියො එවං සික්ඛිතබ්බං: යෙ තෙ භත්තු ගරුනො භවිස්සන්ති මාතාති වා පිතාති වා සමණබ්රාහ්මණාති වා, තෙ සක්කරිස්සාම ගරුකරිස්සාම,{2} මානිස්සාම, පූජෙස්සාම, අබ්භාගතෙව ආසනොදකෙන පතිපූජෙස්සාමාති{3} එවං හි වො කුමාරියො සික්ඛිතබ්බං.
Sinhala BJTකුමරියෙනි, මෙහි මෙසේ හික්මෙන්නේ ය. “මව වේව යි, පියා වේව යි, මහණබමුණෝ වෙත්ව යි භර්‍තෘහුගේ යම් ඒ ගුරුහු වෙත් නම්, ඔවුනට සත්කාර කරම්හ, ගුරුකාර කරම්හ, බුහුමන් කරම්හ, පුදම්හ, හමුවට පත් ඔවුන් අස්නෙනුදු පාදෝනා දියෙනුදු පුදම්හ”යි. කුමාරියෙනි, තොප මෙසේම හික්මෙන්නේ ය.
Pali BJTතස්මාතිහ කුමාරියො එවං සික්ඛිතබ්බං: යෙ තෙ භත්තු අබ්භන්තරා කම්මන්තා උණ්ණාති වා කප්පාසාති වා, තත්ථ දක්ඛා භවිස්සාම අනලසා තත්රූපායාය වීමංසාය සමන්නාගතා අලං කාතුං අලං සංවිධාතුන්ති එවං හි වො කුමාරියො සික්ඛිතබ්බං.
Sinhala BJTකුමරියෙනි, මෙ කරුණෙහි මෙසේ හික්මෙන්නේ ය: “භර්‍තෘහුගේ එළුලොම් (ගෙතීම්) වේව යි, කපු (කැටීම) වේව යි, යම් ඒ අභ්‍යන්තර (ගෘහ) කර්‍මාන්ත කෙනෙක් වෙත් නම්, එ එ විසාහි දක්‍ෂ වූවමෝ, අනලස් වූවමෝ එහි සංවිධානෝපාය වූ විමසීමෙන් යුක්ත වූවමෝ, කරන්නට නිසි වූවමෝ, කරවන්නට නිසි වූවමෝ වම්හ”යි. කුමාරියෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
Pali BJTතස්මාතිහ කුමාරියො එවං සික්ඛිතබ්බං: යො සො භත්තු අබ්භන්තරො අන්තොජනො, දාසාතිවා පෙස්සාති වා කම්මකරාති වා, තෙසං කතඤ්ච කතතො ජානිස්සාම, අකතඤ්ච අකතතො ජානිස්සාම, ගිලානකානඤ්ච බලාබලං ජානිස්සාම, ඛාදනීයං භොජනීයං චස්ස පච්චයෙන විභජිස්සාමාති.{4} එවං හි වො කුමාරියො සික්ඛිතබ්බං.
Sinhala BJTකුමාරියෙනි, මෙ කරුණෙහි මෙසේ ම හික්මෙන්නේ ය: භර්‍තෘහුගේ දස්හු වෙත්ව යි, ප්‍රෙෂ්‍යයෝ (දූතයෝ) වෙත්ව යි, කම්කරුවෝ වෙත්ව යි - යම් ඒ අභ්‍යන්තර වූ ඇතුළත ජනයෝ වෙත් නම්, ඔවුන්ගේ කළ දෑ කළ විසින් දනුම්හ, නො කළ දෑ නො කළවිසින් දනුම්හ, ගිලනුන්ගේ ද බල - අබල දැනුම්හ. (උවැටැන් කරම්හ). ඒ අන්තොජනයාට ඛාද්‍යභෝජ්‍යයනුදු උන් උන් ලදමනා කොටස් විසින් බෙදා දෙම්හ”යි. කුමරියෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
Pali BJTතස්මාතිහ කුමාරියො එවං සික්ඛිතබ්බං: යං භත්තා ආහරිස්සති ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාතරූපං වා, තං ආරක්ඛෙන{5} ගුත්තියා සම්පාදෙස්සාම. තස්ස භවිස්සාම අධුත්තී අථෙනී අසොණ්ඩී අවිනාසිකායොති. එවං හි වො කුමාරියො සික්ඛිතබ්බං.
Sinhala BJTකුමාරියෙනි, මෙහි මෙසේ හික්මෙන්නේ ය: “භර්‍තෘ තෙමේ ධන වේ වයි, ධාන්‍ය වේ ව යි, රිදී වේ ව යි, රන් වේ ව යි - එ යමක් ම ගෙණ එයි නම්, එය ආරක්‍ෂායෙන් ගෝපනයෙන් සම්පාදනය කරම්හ, ඔහට ධූර්ති (පුරුෂ ධූර්ති, සුරා ධූර්ති) නො වම්හ, නො සෙර වම්හ, (රහසොඬ ආදීන්) සොඬ නො වම්හ, විනාශිකා නො වම්හ”යි. කුමරියෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
Pali BJTඉමෙහි ඛො කුමාරියො පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා මනාපකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජතීති.
Sinhala BJTකුමරියෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
Pali BJT10. යො නං භරති සබ්බදා නිච්චං ආතාපි උස්සුකො සබ්බකාමහරං{6} පොසං භත්තාරං නාති මඤ්ඤෙති.
Sinhala BJT10. යම් හිමියෙක් හැම කල්හි වීර්‍ය්‍ය ඇතියේ උත්සාහවත් වූයේ නිතර ඇය පුස්නේ වේ ද, හැම කැමති දැය ම ගෙණදෙන පුස්නා භර්‍තෘ වූ එ පුඟුල් අතිමඤ්ඤනා විසින් (ඉක්ම) නො සිතන්නී ය.
Pali BJT11. න චාපි සොත්ථි භත්තාරං ඉච්ඡාචාරෙන රොසයෙ{7} භත්තු ච ගරුනො සබ්බෙ පටිපූජෙති පණ්ඩිතා.
Sinhala BJT11. කළණ එ ස්ත්‍රී ඊපසාචාරයෙන් (හිතුවා කිරීමෙන්) භර්‍තෘහු කුපිත නො කරන්නී ය. නුවණැති ඕ භර්‍තෘහුගේ වැඩිසිටි දනන් පුදන්නී ය.
Pali BJT12. උට්ඨාහිකා{8} අනලසා සංගහීතපරිජ්ජනා භත්තු මනාපා{9} චරති සම්භතං අනුරක්ඛති.
Sinhala BJT12. පළමු මැ නැගි සිටුනා සුලු වූවා, අනලස් වූවා, සගත් පිරිවර දනන් ඇත්තී, භර්‍තෘහට ම නවඩනුවට හැසිරෙයි. ඉපයූ දෑ රක්නි ය.
Pali BJT13. යා එවං වත්තතී නාරි භත්තුච්ඡන්දවසානුගා මනාපා නාම තෙ දෙවා යත්ථ සා උපපජ්ජතී ති.
Sinhala BJT13. යම් ස්ත්‍රියක් මෙසේ පවත්නී ස්වාමියාගේ සඳවිසිය අනුව ගියා යම් දේවනිකායෙක්හි ඕ උපදිනී වූ නම්, ඒ දෙවියෝ මනාපකායිකා නීම්මාණරතී නම්හ.
Pali BJT5. 1. 4. 4.
Sinhala BJT5. 1. 4. 4.
Pali BJT[සීහසෙනාපතිසුත්තං]
Sinhala BJT[සීහසේනාපති සූත්‍රය]
Pali BJT34. එකං සමයං භගවා වෙසාලිසං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො සීහො සෙනාපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සීහො සෙනාපති භගවන්තං එතදවොච:
Sinhala BJT34. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර අබියෙස්හි මහාවනයෙහි වූ කූටාගාරශාලායෙහි (කැණිමඩුලු යොදා කළ පහයෙහි) වසන සේක. එකල්හි සීහ සේනාපති භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් සීහ සේනාපති භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
Pali BJTසක්කා නු ඛො භන්තෙ සන්දිට්ඨිකං දානඵලං පඤ්ඤාපෙතුන්ති?
Sinhala BJT“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සාන්දෘෂ්ටික (තමන් විසින් ම දැක්ක යුතු) දානඵල පණවන්නට හැකිවන සේක් ද හෝ?”යි.
Pali BJTසක්කා සීහාති භගවා අවොච. දායකො සීහ දානපති බහුනො ජනස්ස පියො හොති මනාපො. යම්පි සීහ දායකො දානපති බහුනො ජනස්ස පියො හොති මනාපො, ඉදම්පි සන්දිට්ඨිකං දානඵලං.
Sinhala BJTසීහය, ‘හැක්කම්හ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සීහය, දානපති දායකයා බොහෝ දෙනාට ප්‍රිය-මනාප වෙයි. සීහය, යම් හෙයෙකින් දානපති දායකයා බොහෝ දෙනාට ප්‍රිය-මනාප වේ නම්, මෙ ද සාන්දෘෂ්ටික දානඵල යි.
Pali BJTපුන චපරං සීහ දායකං දානපතිං සන්තො සප්පුරිසා භජන්ති. යම්පි සීහ දායකං දානපතිං සන්තො සප්පුරිසා භජන්ති, ඉදම්පි සන්දිට්ඨිකං දානඵලං.
Sinhala BJTතවද සීහය, ශාන්ත සත්පුරුෂයෝ දානපති දායකයා ඇසුරු කෙරෙත්. සීහය, යම් හෙයෙකින් ශාන්ත සත්පුරුෂයෝ දානපති දායකයා ඇසුරු කෙරෙත් ද, මෙ ද සාන්දෘෂ්ටික දානඵලයි.
Pali BJTපුන චපරං සීහ දායකස්ස දානපතිනො කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. යම්පි සීහ දායකස්ස දානපතිනො කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, ඉදම්පි සන්දිට්ඨිකං දානඵලං.
Sinhala BJTතවද සීහය, දානපති දායකයාගේ කලණකිතුගොස උස්ව නැගේ. සීහය, යම් හෙයෙකින් දානපති දායකයාගේ කලණකිතුගොස උස්ව නැගේ ද, මෙ ද සාන්දෘෂ්ටික දානඵල යි.
Pali BJTපුන චපරං සීහ දායකො දානපති යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති: යදි ඛත්තියපරිසං, යදි බ්රාහ්මණපරිසං, යදි ගහපතිපරිසං, යදි සමණපරිසං, විසාරදොව{1} උපසඞ්කමති අමඞ්කුභූතො. යම්පි සීහ දායකො දානපති යඤ්ඤදෙවපරිසං උපසඞ්කමති: යදි ඛත්තියපරිසං, යදි බ්රාහ්මණපරිසං, යදි ගහපති පරිසං, යදි සමණපරිසං, විසාරදොව උපසඞ්කමති අමඞ්කුභූතො: ඉදම්පි සන්දිට්ඨිකං දානඵලං.
Sinhala BJTතවද සීහය, දානපති දායකයා ක්‍ෂත්‍රිය පර්‍ෂදකට වේව යි, බ්‍රාහ්මණ පර්‍ෂදකට වේ ව යි, ගෘහපති පර්‍ෂදකට වේ වයි, ශ්‍රමණපර්‍ෂදකට වේව යි, යම් ම පිරිසකට එළඹේ නම්, විශාරදව ම නො මකුව ම එළඹෙයි. සීහය, යම් හෙයෙකින් දානපති දායකයා ක්‍ෂත්‍රියපර්‍ෂදකට වේව යි, බ්‍රාහ්මණපර්‍ෂදකට වේ ව යි, ගෘහපති පර්‍ෂදකට වේ ව යි, ශ්‍රමණපර්‍ෂදකට වේ ව යි, යම් ම පිරිසකට එළඹේ නම්, විශාරදව ම තෙද සහිතව ම එළඹෙයි. මෙ ද සාන්දෘෂ්ටික දානඵල යි.
Pali BJTපුන චපරං සීහ දායකො දානපති කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. යම්පි සීහ දායකො දානපති කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. ඉදං{2} සම්පරායිකං දානඵලන්ති.
Sinhala BJTතවද සීහය, දානපති දායකයා කාබුන් මරණින් මතු සුගතිසඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙයි. සීහය, යම් හෙයෙකින් දානපති දායක කාබුන් මරණින් මතු සුගතිසඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙන්නේ වේද, මෙ සාම්පරායික (පරලොව) දානඵල යි.
Pali BJTඑවං වුත්තෙ සීහො සෙනාපති භගවන්තං එතදවොච “යානිමානි භන්තෙ භගවතා චත්තාරි සන්දිට්ඨිකානි දානඵලානි අක්ඛාතානි, නාහං එත්ථ භගවතො සද්ධාය ගච්ඡාමි. අහම්පෙතානි ජානාමි. අහං භන්තෙ දායකො දානපති බහුනො ජනස්ස පියො මනාපො. අහං භන්තෙ දායකො දානපති, මං සන්තො සප්පුරිසා භජන්ති. අහං භන්තෙ දායකො දානපති, මය්හං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: සීහො සෙනාපති දායකො කාරකො සඞ්ඝුපට්ඨාකොති. අහං භන්තෙ දායකො දානපති, යඤ්ඤදෙව පරිසං උපසඞ්කමාමි: යදි ඛත්තියපරිසං, යදි බ්රාහ්මණපරිසං, යදි ගහපති පරිසං, යදි සමණපරිසං, විසාරදොව උපසඞ්කමාමි අමඞ්කුභූතො. යානිමානි භන්තෙ භගවතා චත්තාරි සන්දිට්ඨිකානි දානඵලානි අක්ඛාතානි, නාහං එත්ථ භගවතො සද්ධාය ගච්ඡාමි. අහම්පෙතානි ජානාමි. යඤ්ච ඛො මං භන්තෙ භගවා එවමාහ: ‘දායකො සීහ දානපති කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතී’ති එතාහං න ජානාමි. එත්ථ ච පනාහං භගවතො සද්ධාය ගච්ඡාමී”ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි සීහ සේනාපති භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සතර සාන්දෘෂ්ටිකදානඵල කෙනෙක් වදාරණ ලදහු නම්, එහි මම භගවද්ගත ශ්‍රද්ධායෙන් නො එමි. (ශ්‍රද්ධායෙන් ම නො අදහමි.) මම ද තෙල (ප්‍රත්‍යක්‍ෂයෙන්) දනිමි. වහන්ස, මම දානපති දායකයෙමි. බොහෝ දෙනාහට ප්‍රියමනාපයෙමි. වහන්ස, මම් දානපති දායකයෙමි. සත්පුරුෂයෝ මා භජනය කෙරෙත්. වහන්ස, මම දානපති දායකයෙමි. මාගේ කල්‍යාණකීර්ත්ති ශබ්දය උස්ව නැඟින: ‘සිංහසේනාපති දායකය, කාරකය, සඞ්ඝෝපස්ථානකයැ’යී වහන්ස, මම දානපති දායකයෙම් ක්‍ෂත්‍රියපර්‍ෂදකට වේව යි, බ්‍රාහ්මණපර්‍ෂදකට වේ වයි, ගෘහපති පර්‍ෂදකට වේ ව යි, ශ්‍රමණ පර්‍ෂදකට වේ ව යි, යම් ම පිරිසකට එළඹෙන්නෙම් නම්, විසාරදයෙම් ම තෙදැතියෙම් ම එළඹෙමි. වහන්ස, භගවත්හු විසින් යම් බඳු මේ සතර සාන්දෘෂ්ටික දානඵල කෙනෙක් වදාරණ ලද්දාහු නම්, එහි මම භගවද්ගත සැදැහැයෙන් නො යෙමි. තෙල කරුණු මම ද දනිමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ‘සීහය, දානපති දායකයා කාබුන් මරණින් මතු සුගතිසඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණේ ය’යි මෙසේ යමක් වදාළ සේක් නම්, තෙල කරුණ මම නො දනිමි. මෙ කරුණෙහි මම් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධායෙන් යෙමි (අදහමි)”යී.
Pali BJTඑවමෙතං සීහ, එව මෙතං සීහ, දායකො{1} දානපති කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතීති.
Sinhala BJTසීහය, තෙල එසේ ම ය, සීහය, තෙල එසේ ම ය. දානපති දායක කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළඹෙන්නේ ය යි.
Pali BJT14. දදං පියො හොති භජන්ති නං බහූ කිත්තිඤ්ච පප්පොති යසොභිවඩ්ඩති,{2} අමඞ්කුභූතො පරිසං විගාහති විසාරදො හොති නරො අමච්ඡරී.
Sinhala BJT14. නො මසුරු මිනිස් තෙමේ දන් දෙනුයේ ප්‍රිය වෙයි. බොහෝ දෙන ඔහු ඇසුරු කෙරෙත්. කීර්තියට ද පැමිණේ. යශස් ද වැඩේ. සතේජසකව ම පිරිස් වැද ගණී. විශාරද (ඥානසෞමනස්‍යයට පැමිණියේ) වෙයි.