Pali BJT15. පඤ්චිමානි භික්ඛවෙ බලානි. කතමානි පඤ්ච: සද්ධාබලං, විරියබලං, සතිබලං, සමාධිබලං, පඤ්ඤාබලං.
Sinhala BJT15. මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක. කවර පස්දෙනෙක යත්: ශ්‍රද්ධාබලය, වීර්‍ය්‍යබලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්‍රඥාබල යි.
Pali BJTකත්ථ ච භික්ඛවෙ සද්ධාබලං දට්ඨබ්බං: චතුසු සොතාපත්තියඞ්ගෙසු එත්ථ සද්ධාබලං දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, ශ්‍රද්ධාබලය කොතන්හි දැක්ක යුතු ද? සතර සෝතාපත්‍යඞ්ගයෙහි ය. (අධිමෝක්‍ෂලක්‍ෂණ) ශ්‍රද්ධාබල එහි දැක්ක යුතු යි.
Pali BJTකත්ථ ච භික්ඛවෙ විරියබලං දට්ඨබ්බං: චතුසු සම්මප්පධානෙසු. එත්ථ විරියබලං දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, වීර්‍ය්‍යබල කොතන්හි දැක්ක යුතු ද? සතර සම්‍යක්ප්‍රධානයෙහි ය. (ප්‍රග්‍රහලක්‍ෂණ) වීර්‍ය්‍යබල එහි දැක්ක යුතු යි.
Pali BJTකත්ථ ච භික්ඛවෙ සතිබලං දට්ඨබ්බං: චතුසු සතිපට්ඨානෙසු. එත්ථ සතිබලං දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, ස්මෘතිබල කොතන්හි දැක්ක යුතු ද? සතර සීවටනෙහි ය. (උපස්ථාන ලක්‍ෂණ) ස්මෘතිබල එහි දැක්ක යුතුයි.
Pali BJTකත්ථ ච භික්ඛවෙ සමාධිබලං දට්ඨබ්බං: චතුසු ඣානෙසු. එත්ථ සමාධිබලං දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, සමාධිබල කොහි දැක්ක යුතු ද? සියුදැහැනෙහි ය. (අවික්‍ෂේප ලක්‍ෂණ) සමාධිබල එහි දැක්ක යුතු යි.
Pali BJTකත්ථ ච භික්ඛවෙ පඤ්ඤාබලං දට්ඨබ්බං: චතුසු අරියසච්චෙසු. එත්ථ පඤ්ඤාබලං දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, ප්‍රඥාබල කොහි දැක්ක යුතු ද? සතර ආර්‍ය්‍යසත්‍යයෙහි ය. (ප්‍රජානනලක්‍ෂණ) ප්‍රඥාබල එහි දැක්ක යුතු යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ පඤ්චබලානීති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චබලයෝ යි.
Pali BJT5. 1. 2. 6.
Sinhala BJT5. 1. 2. 6.
Pali BJT[බලඅග්ග සුත්තං]{*}
Sinhala BJT[බලඅග්ග සූත්‍රය]
Pali BJT16. පඤ්චිමානි භික්ඛවෙ බලානි. කතමානි පඤ්ච:
Sinhala BJT16. මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක.
Pali BJTසද්ධාබලං, විරියබලං, සතිබලං, සමාධිබලං. පඤ්ඤාබලං. ඉමානි ඛො භික්ඛවෙ පඤ්චබලානි.
Sinhala BJTකවර පස්දෙනෙක යත්: ශ්‍රද්ධාබලය, වීර්‍ය්‍යබලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්‍රඥාබල යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං බලානං එතං අග්ගං, එතං සඞ්ගාහිකං, එතං සඞ්ඝාතනියං යදිදං පඤ්ඤාබලං.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චබලයෝ වෙත්. මහණෙනි, මේ පස්බල අතුරින් තෙල අග්‍ර වෙයි, තෙල සාඞ්ග්‍රාහික වෙයි, තෙල මුළුලු කරන්නේ වෙයි. හෙ කිමෙක යත්: ප්‍රඥාබල යි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ කූටාගාරස්ස එතං අග්ගං, එතං සඞ්ගාහිකං, එතං සඞ්ඝාතනියං යදිදං කූටං.
Sinhala BJTමහණෙනි, යම්සේ කූටාගාරයාගේ තෙල අග්‍රය වේ ද, තෙල සාඞ්ග්‍රාහික වේ ද, තෙල සඞ්ඝාතනිය වේ ද, එනම් කූටය යි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ ඉමෙසං පඤ්චන්නං බලානං එතං අග්ගං, එතං සඞ්ගාහිකං, එතං සඞ්ඝාතනියං යදිදං පඤ්ඤාබලන්ති.
Sinhala BJTමහණෙනි, එපරිදි ම මේ පඤ්චබලයන් අතුරින් තෙල අග්‍රය වෙයි, තෙල සාඞ්ග්‍රාහිකය වෙයි, තෙල සඞ්ඝාතනිය වෙයි. එනම්, ප්‍රඥාබල යි.
Pali BJT5. 1. 2. 7.
Sinhala BJT5. 1. 2. 7.
Pali BJT[අත්තහිතසුත්තං]
Sinhala BJT[අත්තහිත සූත්‍රය]
Pali BJT17. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අත්තහිතාය පටිපන්නො හොති, නො පරහිතාය. කතමෙහි පඤ්චහි?
Sinhala BJT17. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ආත්මහිත පිණිස පිළිපන්නේ වෙයි, පරහිතපිණිස පිළිපන්නේ නො වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අත්තනා සීලසම්පන්නො හොති, නො පරං සීල සම්පදාය සමාදපෙති. අත්තනා සමාධිසම්පන්නො හොති, නො පරං සමාධිසම්පදාය සමාදපෙති. අත්තනා පඤ්ඤාසම්පන්නො හොති, නො පරං පඤ්ඤාසම්පදාය සමාදපෙති. අත්තනා විමුත්තිසම්පන්නො හොති, නො පරං විමුත්තිසම්පදාය සමාදපෙති. අත්තනා විමුත්තිඤාණදස්සනසම්පන්නො හොති, නො පරං විමුත්තිතිඤාණදස්සනසම්පදාය සමාදපෙති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ සිල්සපන් වෙයි, මෙරමා සීලසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ සමාධිසම්පන්න වෙයි. මෙරමා සමාධිසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ ප්‍රඥාසම්පන්න වෙයි, මෙරමා ප්‍රඥාසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්ති සම්පන්න වෙයි, මෙරමා විමුක්ති සම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්තිඥානදර්‍ශනසම්පන්න (ප්‍රත්‍යවේක්‍ෂණඥානසම්පන්න) වෙයි, මෙරමා විමුක්තිඥානදර්‍ශනසම්පදායෙහි සමාදන් නො කරවයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගකො භික්ඛු අත්ත හිතාය පටිපන්නො හොති, නො පරහිතායාති.
Sinhala BJTමහණෙනි, මෙ පස් දහමින් සමන්‍වාගත මහණ ආත්මහිත පිණිස පිළිපන්නේ වෙයි, මෙරමා හිත පිණිස පිළිපන්නේ නො වෙයි.
Pali BJT5. 1. 2. 8.
Sinhala BJT5. 1. 2. 8.
Pali BJT[පරහිතසුත්තං]
Sinhala BJT[පරහිත සූත්‍රය]
Pali BJT18. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු පරහිතාය පටිපන්නො හොති, නො අත්තහිතාය. කතමෙහි පඤ්චහි:
Sinhala BJT18. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ මෙරමා හිත පිණිස පිළිපන්නේ වෙයි, ආත්මහිත පිණිස පිළිපන්නේ නො වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අත්තනා න සීලසම්පන්නො හොති, පරං සීල සම්පදාය සමාදපෙති. අත්තනා න සමාධිසම්පන්නො හොති, පරං සමාධිසම්පදාය සමාදපෙති. අත්තනා න පඤ්ඤා සම්පන්නො හොති, පරං පඤ්ඤා සම්පදාය සමාදපෙති. අත්තනා න විමුත්තිසම්පන්නො හොති, පරං විමුත්තිසම්පදාය සමාදපෙති. අත්තනා න විමුත්තිඤාණදස්සනසම්පන්නනො හොති, පරං විමුත්තිඤාණ දස්සන සම්පදාය සමාදපෙති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ සීලසම්පන්න නො වෙයි. මෙරමා සීලසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේ සමාධිසම්පන්න නොවෙයි, මෙරමා සමාධිසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේ ප්‍රඥාසම්පන්න නො වෙයි, මෙරමා ප්‍රඥාසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේ විමුක්ති සම්පන්න නො වෙයි, මෙරමා විමුක්තිසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේ විමුක්තිඥානදර්‍ශනසම්පන්න නො වෙයි, මෙරමා විමුක්තිඥානදර්‍ශනසම්පදායෙහි සමාදන් කරවයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු පරහිතාය පටිපන්නො හොති, නො අත්තහිතායාති.
Sinhala BJTමහණෙනි, මෙ පස්දහමින් සමන්‍වාගත (දුශ්ශීල බහුශ්‍රුත) මහණ මෙරමා හිත පිණිස පිළිපන්නේ වෙයි. ආත්මහිත පිණිස පිළිපන්නේ නො වෙයි.
Pali BJT5. 1. 2. 9.
Sinhala BJT5. 1. 2. 9.
Pali BJT[නෙව අත්තහිත - නො පරහිතසුත්තං]
Sinhala BJT[නේව අත්තහිත - නො පරහිත සූත්‍රය]
Pali BJT19. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු නෙව අත්තහිතාය පටිපන්නො හොති, නො පරහිතාය. කතමෙහි පඤ්චහි:
Sinhala BJT19. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ආත්මහිත පිණිස පිළිපන්නේත් නො වෙයි, මෙරමා හිත පිණිස පිළිපන්නේත් නො වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අත්තනා න සීලසම්පන්නො හොති, නො පරං සීල සම්පදාය සමාදපෙති. අත්තනා න සමාධිසම්පන්නො හොති, නො පරං සමාධිසම්පදාය සමාදපෙති. අත්තනා න පඤ්ඤා සම්පන්නො හොති, නො පරං පඤ්ඤා සම්පදාය සමාදපෙති. අත්තනා න විමුත්තිසම්පන්නො හොති, නො පරං විමුත්තිසම්පදාය සමාදපෙති. අත්තනා න විමුත්තිඤාණදස්සනසම්පන්නො හොති, නො පරං විමුත්තිඤාණදස්සනසම්පදාය සමාදපෙති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ සීලසම්පන්න නො වෙයි, මෙරමා සීලසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ සමාධිසම්පන්න නො වෙයි. මෙරමා සමාධිසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ ප්‍රඥාසම්පන්න නො වෙයි, මෙරමා ප්‍රඥාසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්ති සම්පන්න නො වෙයි, මෙරමා විමුක්තිසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්තිඥානදර්‍ශනසම්පන්න නො වෙයි. මෙරමා විමුක්තිඥානදර්‍ශනසම්පදායෙහි සමාදන් නො කරවයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු නෙව අත්තහිතාය පටිපන්නො හොති, නො පරහිතායාති.
Sinhala BJTමහණෙනි, මෙ පස් දහමින් සමන්‍වාගත (අල්පශ්‍රැත දුශ්ශීල) මහණ ආත්මහිත පිණිස පිළිපන්නේත් නො වෙයි. පරහිත පිණිස පිළිපන්නේත් නො වෙයි.
Pali BJT5. 1. 2. 10.
Sinhala BJT5. 1. 2. 10.
Pali BJT[අත්තහිත-පරහිතසුත්තං]
Sinhala BJT[අත්තහිත - පරහිත සූත්‍රය]
Pali BJT20. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අත්තහිතාය ච පටිපන්නො හොති පරහිතාය ච. කතමෙහි පඤ්චහි:
Sinhala BJT20. මහණෙනි, පස් දහමෙකින් සමන්‍වාගත මහණ ආත්මහිත පිණිස පිළිපන්නේත් වෙයි. පරහිත පිණිස පිළිපන්නේත් වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අත්තනා ච සීලසම්පන්නො හොති, පරඤ්ච සීලසම්පදාය සමාදපෙති. අත්තනා ච සමාධිසම්පන්නො හොති, පරඤ්ච සමාධිසම්පදාය සමාදපෙති. අත්තනා ච පඤ්ඤාසම්පන්නො හොති, පරඤ්ච පඤ්ඤාසම්පදාය සමාදපෙති. අත්තනා ච විමුත්තිසම්පන්නො හොති, පරඤ්ච විමුත්තිසම්පදාය සමාදපෙති. අත්තනා ච විමුත්තිඤාණදස්සනසම්පන්නො හොති, පරඤ්ච විමුත්තිඤාණදස්සනසම්පදාය සමාදපෙති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේත් සීලසම්පන්න වෙයි. මෙරමාත් සීලසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි, මෙරමාත් සමාධිසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි, මෙරමාත් ප්‍රඥාසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේත් විමුක්ති සම්පන්න වෙයි, මෙරමාත් විමුක්තිසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි. මෙරමාත් විමුක්තිඥානදර්‍ශනසම්පදායෙහි සමාදන් කරවයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අත්තහිතාය ච පටිපන්නො හොති පරහිතාය චාති.
Sinhala BJTමහණෙනි, මෙ පස් දහමින් සමන්‍වාගත (බහුශ්‍රුත ක්‍ෂීණාස්‍රව) මහණ ආත්මහිත පිණිස පිළිපන්නේත් වෙයි, මෙරමා හිත පිණිස පිළිපන්නේත් වෙයි.
Pali BJTබලවග්ගො දුතියො.
Sinhala BJTබලවර්‍ගය දෙ වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅනනුස්සුතකූටඤ්ච සඞ්ඛිත්තං විත්ථතෙන ච, දට්ඨබ්බඤ්ච පුන කූටං චත්තාරොපි හිතෙන චාති.
Sinhala BJTඅනනුස්සුත සූත්‍රය, කූට සූත්‍රය, සඞ්ඛිත්ත සූත්‍රය, විත්‍ථත සූත්‍රය, දට්ඨබ්බ සූත්‍රය, පුනකූට සූත්‍රය, හිත සූත සතර දැ යි දසයෙක.
Pali BJT3. පඤ්චඞ්ගිකවග්ගො
Sinhala BJT3. පඤ්චඞ්ගික වර්‍ගය
Pali BJT5. 1. 3. 1.
Sinhala BJT5. 1. 3. 1.
Pali BJT[පඨම අගාරව සුත්තං]
Sinhala BJT[පඨමඅගාරව සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT21. සො වත භික්ඛවෙ භික්ඛු අගාරවො අප්පතිස්සො අසභාගවුත්තිකො සබ්රහ්මචාරීසු ආභිසමාචාරිකං ධම්මං පරිපූරෙස්සතී’ති නෙතං ඨානං විජ්ජති. ආභිසමාචාරිකං ධම්මං අපරිපූරෙත්වා සෙඛං{1} ධම්මං පරිපූරෙස්සතී’ති නෙතං ඨානං විජ්ජති. සෙඛං ධම්මං අපරිපූරෙත්වා සීලානි පරිපූරෙස්සතී’ති නෙතං ඨානං විජ්ජති. සීලානි අපරිපූරෙත්වා සම්මාදිට්ඨිං පරිපූරෙස්සතී’ති නෙතං ඨානං විජ්ජති. සම්මාදිට්ඨිං අපරිපූරෙත්වා සම්මාසමාධිං පරිපුරෙස්සතී’ ති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT21. මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව නැති යටත් පැවතුම් නැති විසදෘශජීවිතවෘත්ති ඇති, එ මහණ එකැතියෙන් (වත් විසින් ප්‍රඥප්තශීලය වූ) ආභිසමාචාරික (උත්තමාචාර) ධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. (උත්තමසමාචාර සඞ්ඛ්‍යාත) ආභිසමාචාරික ධර්‍මය නො පුරා (ශෛක්‍ෂප්‍රඥප්ති ශීලසඞ්ඛ්‍යාත) ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ශෛක්‍ෂධර්‍මය නො පුරා (සතරමහ) සිල් පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සිල් නො පුරා (විදර්‍ශනා) සම්‍යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සම්‍යග්දෘෂ්ටිය නො පුරා (මාර්‍ග-ඵල) සම්‍යක්සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
Pali BJTසො වත භික්ඛවෙ භික්ඛු සගාරවො සප්පතිස්සො සභාගවුත්තිකො සබ්රහ්මචාරීසු ආභිසමාචාරිකං ධම්මං පරිපූරෙස්සතී’ති ඨානමෙතං විජ්ජති, ආභිසමාචාරිකං ධම්මං පරිපූරෙත්වා සෙඛං ධම්මං පරිපූරෙස්සතී’ති ඨානමෙතං විජ්ජති. සෙඛං ධම්මං පරිපූරෙත්වා සීලානි පරිපූරෙස්සතී’ති ඨානමෙතං විජ්ජති. සීලානි පරිපූරෙත්වා සම්මාදිට්ඨිං පරිපූරෙස්සතී’ති ඨානමෙතං විජ්ජති. සම්මාදිට්ඨිං පරිපූරෙත්වා සම්මාසමාධිං පරිපූරෙස්සතී’ති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව ඇති, ප්‍රතිශ්‍රය (=යටත් පැවැතුම්) ඇති, සභාගවෘත්ති ඇති, එ මහණ එකැතින් ආභිසමාචාරිකධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ආභිසමාචාරික ධර්‍මය පුරා ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ශෛක්‍ෂධර්‍මය පුරා සතර මහසිල් පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සිල් පුරා සම්‍යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සම්‍යග්දෘෂ්ටිය පුරා සම්‍යක්සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ය යි.
Pali BJT5. 1. 3. 2.
Sinhala BJT5. 1. 3. 2.
Pali BJT[දුතියඅගාරවසුත්තං]
Sinhala BJT[දුතියඅගාරව සූත්‍රය]
Pali BJT22. සො වත භික්ඛවෙ භික්ඛු අගාරවො අප්පතිස්සො අසභාගවුත්තිකො සබ්රහ්මචාරීසු ආභිසමාචාරිකං ධම්මං පරිපූරෙස්සතී’ති නෙතං ඨානං විජ්ජති. ආභිසමාචාරිකං ධම්මං අපරිපූරෙත්වා සෙඛං ධම්මං පරිපූරෙස්සතී’ති නෙතං ඨානං විජ්ජති. සෙඛං ධම්මං අපරිපූරෙත්වා සීලක්ඛන්ධං පරිපූරෙස්සතී’ති නෙතං ඨානං විජ්ජති. සීලක්ඛන්ධං අපරිපූරෙත්වා සමාධික්ඛන්ධං පරිපූරෙස්සතී’ති නෙතං ඨානං විජ්ජති. සමාධික්ඛන්ධං අපරිපූරෙත්වා පඤ්ඤාක්ඛන්ධං පරිපූරෙස්සතී’ති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT22. මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව නැති, ප්‍රතිශ්‍රය නැති, විසභාග වෘත්ති ඇති, එ මහණ එකැතින් ආභිසමාචාරිකධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නොවේ. ආභිසමාචාරිකධර්‍මය නො පුරා ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ශෛක්‍ෂධර්‍මය නො පුරා ශීලස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ශීලස්කන්‍ධය නො පුරා සමාධිස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සමාධිස්කන්‍ධය නො පුරා ප්‍රඥාස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
Pali BJTසො වත භික්ඛවෙ භික්ඛු සගාරවො සප්පතිස්සො සභාගවුත්තිකො සබ්රහ්මචාරීසු ආභිසමාචාරිකං ධම්මං පරිපූරෙස්සතී’ති ඨානමෙතං විජ්ජති. ආභිසමාචාරිකං ධම්මං පරිපූරෙත්වා සෙඛං ධම්මං පරිපූරෙස්සතී’ති ඨානමෙතං විජ්ජති. සෙඛං ධම්මං පරිපූරෙත්වා සීලක්ඛන්ධං පරිපූරෙස්සතී’ති ඨානමෙතං විජ්ජති. සීලක්ඛන්ධං පරිපූරෙත්වා සමාධික්ඛන්ධං පරිපූරෙස්සතී’ති ඨානමෙතං විජ්ජති. සමාධික්ඛන්ධං පරිපූරෙත්වා පඤ්ඤාක්ඛන්ධං පරිපූරෙස්සතී’ති ඨානමෙතං විජ්ජතී’ති.
Sinhala BJTමහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව ඇති, ප්‍රතිශ්‍රය ඇති, සභාග වෘත්ති ඇති, එ මහණ එකැතින් ආභිසමාචාරිකධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ආභිසමාචාරිකධර්‍මය පුරා ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ශෛක්‍ෂධර්‍මය පුරා ශීලස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ශීලස්කන්‍ධය පුරා සමාධිස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සමාධිස්කන්‍ධය පුරා ප්‍රඥාස්කන්‍ධ්‍ය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ.
Pali BJT5. 1. 3. 3.
Sinhala BJT5. 1. 3. 3.
Pali BJT[උපක්කිලෙසසුත්තං]
Sinhala BJT[උපක්කිලේස සූත්‍රය]
Pali BJT23. පඤ්චිමෙ භික්ඛවෙ ජාතරූපස්ස උපක්කිලෙසා, යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං ජාතරූපං න චෙව මුදු හොති, න ච කම්මනියං, න ච පභස්සරං, පභඞ්ගු ච{1}, න ච සම්මා උපෙති කම්මාය.
Sinhala BJT23. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ ස්වර්‍ණය මෘදු නො වේ නම්, කර්‍මණ්‍ය ද නො වේ නම්, ප්‍රභාස්වර ද නො වේ නම්, බිඳෙනසුලු වේ නම්, මොනොවට කර්‍මයට නො පැමිණේ නම්, ස්වර්‍ණයාගේ මේ ඒ උපක්ලේශයෝ පස් දෙනෙකි.
Pali BJTකතමෙ පඤ්ච? අයො ලොහං තිපු සීසං සජ්ඣු.{2}
Sinhala BJTකවර පස් දෙනෙක යත්: අයස් (කළුලෝහො) ය, ලොහොය, තුබූ (ඊයම්) ය, සීස (සුදුඊයම්) ය, රජත යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ජාතරූපස්ස උපක්කිලෙසා, යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං ජාතරූපං න චෙව මුදු හොති, න ච කම්මනියං න ච පභස්සරං, පභඞ්ගු ච, න ච සම්මා උපෙති කම්මාය.
Sinhala BJTමහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ ස්වර්‍ණය මෘදුත් නො වේ නම්, කර්‍මණ්‍යත් නො වේ නම්, ප්‍රභාස්වරත් නො වේ නම්, බිඳෙනසුලුත් වේ නම්, මැනැවින් කර්‍මයට නො පැමිණේ නම්, මේ ස්වර්‍ණයාගේ ඒ පඤ්ච උපක්ලේශයෝ යි.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ ජාතරූපං ඉමෙහි පඤ්චහි උපක්කිලෙසෙහි විප්පමුත්තං{3} හොති, තං හොති ජාතරූපං මුදු ච කම්මනියඤ්ච පභස්සරං ච, න ච පභඞ්ගු, සම්මා උපෙති කම්මාය යස්සා යස්සා{4} ච පිලන්ධනවිකතියා ආකඞ්ඛති: යදි මුද්දිකාය යදි කුණ්ඩලාය යදි ගීවෙය්යකාය{5} යදි සුවණ්ණමාලකාය. තඤ්චස්ස අත්ථං අනුහොති. සුවණණමාලකය. තඤ්චස්ස අත්ථං අනුභොති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් ස්වර්‍ණය මේ පඤ්චඋපක්ලේශයෙන් මිදුනේ වේ නම්, ඒ ස්වර්‍ණය මෘදු ද කර්‍මණ්‍ය ද ප්‍රභාස්වර ද නො බිඳෙන සුලු ද වෙයි. (යමෙක්) මුඳුවකට වේ වයි, කොඬොලකට වේ වයි, ගෙලපළඳනකට වේ වයි, රන්මාලාවකට වේ වයි, යම් යම් පළඳනා වෙසෙසක් සඳහා කැමැති වේ නම්, ඒ කර්‍මයට මැනැවින් පැමිණෙයි. එ අර්‍ත්‍ථය ද (හෙ) වළඳනේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ පඤ්චිමෙ චිත්තස්ස උපක්කිලෙසා යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං චිත්තං නචෙව මුදු හොති, න ච කම්මනියං. න ච පභස්සරං, පභඞ්ගු ච, න ච සම්මාසමාධීයති ආසවානං ඛයාය.
Sinhala BJTමහණෙනි, එ පරිදි ම යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සිත මෘදුත් නො වේ නම්, කර්‍මණ්‍යත් නො වේ නම්, ප්‍රභාස්වරත් නො වේ නම්, බිඳෙනසුලුත් වේ නම්, මොනොවට ආස්‍රවක්‍ෂය පිණිස සමාහිතත් නො වේ නම්, මේ (චාතුර්භූමක) කුශලචිත්තය පිළිබඳ එබඳු උපක්ලේශයෝ පස්දෙනෙක.
Pali BJTකතමෙ පඤ්ච? කාමච්ඡන්දො ව්යාපාදො ථීනමිද්ධං{6} උද්ධච්චකුක්කුච්චං විචිකිච්ඡා.
Sinhala BJTකවර පස්දෙනෙක යත්: කාමච්ඡන්‍ද ය, ව්‍යාපාද ය, ථීනමිද්ධ ය, උද්ධච්චකුක්කුච්ච ය, විචිකිච්ඡා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච චිත්තස්ස උපක්කිලෙසා යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං චිත්තං න චෙව මුදු හොති, න ච කම්මනියං, න ච පභස්සරං. පභඞ්ගු ච, න ච සම්මාසමාධීයති ආසවානං ඛයාය.
Sinhala BJTමහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සිත මෘදුත් නො වේ නම් කර්‍මණ්‍යත් නො වේ නම්, ප්‍රභාස්වරත් නො වේ නම්, (අරමුණෙහි) බිඳෙන සැහැවිත් වේ නම්, මොනොවට ආස්‍රවක්‍ෂය පිණිස සමාහිතත් නො වේ නම් චිත්තය පිළිබඳ මේ එබඳු උපක්ලේශයෝ පස්දෙන යි.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ චිත්තං ඉමෙහි පඤ්චහි උපක්කිලෙසෙහි විප්පමුත්තං හොති, තං හොති චිත්තං මුදු ච කම්මනියඤ්ච පභස්සරඤ්ච, න ච පභඞ්ගු, සම්මාසමාධීයති ආසවානං ඛයාය. යස්ස යස්ස ච අභිඤ්ඤාසච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමෙති අභිඤ්ඤා සච්ඡිකිරියාය, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් සිත මේ පඤ්ච උපක්ලේශයෙන් විමුක්ත වේ නම්, එ සිත මෘදුත් වෙයි, කර්‍මණ්‍යත් වෙයි, නො බිඳෙන සැහැවිත් වෙයි. ආස්‍රවක්‍ෂය පිණිස මොනොවට සමාහිත ද වෙයි. අභිඥායෙන් සාක්‍ෂාත් කටයුතු වූ යම් ම දහම්වෙසෙසක් සඳහා විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත්කරණයට සිත නැඹුරු වේ නම්, ඒ විශෙෂයෙහි ම ප්‍රත්‍යය ඇති වත් ම ප්‍රත්‍යක්‍ෂ (කිරීමෙහි භව්‍ය) භාවයට පැමිණෙයි.
Pali BJTසො සචෙ ආකඞ්ඛති: “අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභවෙය්යං, එකොපි හුත්වා බහුධා අස්සං -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙය්යන්ති” තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTහේ ඉදින් ‘අනේකවිධ ඍද්ධිවිධඥානය අනුභව කරන්නෙමි’යි එකක්ව ම බහුප්‍රකාරයෙන් වන්නෙමි යි ... බඹලොව්දු තෙක් කයින් වසය පවත්වන්නෙමි”යි කැමැති වේ නම්, ඒ ඒ කරුණෙහි ම ප්‍රත්‍යය ඇතිවත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
Pali BJTසො සචෙ ආකඞ්ඛති: “දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණෙය්යං දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ යෙ සන්තිකෙ චා”ති. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTහේ ඉදින් මිනිස්කන ඉක්ම සිටි පිරිසිදු දිවසෝධයින් දිව්‍ය වූ ද මානුෂක වූ ද දුරුතන්හි වූ ද සමීපයෙහි වූ ද උභයශබ්දයන් අසන්නෙමි’යි කැමැති වේ නම්, ඒ ඒ කරුණෙහි ම ප්‍රත්‍යය ඇති වත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
Pali BJTසො සචෙ ආකඞ්ඛති “පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානෙය්යං සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති -පෙ- විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානෙය්යං, අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානෙය්ය”න්ති. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTහේ ඉදින් “පරසත්ත්‍ව පරපුද්ගලයන්ගේ සිත චේතෝපරියායඤාණයෙන් සරාගචිත්තය සරාගචිත්තය විසින් දන්නෙමි යි ... විමුත්ත වූ හෝ සිත විමුත්ත චිත්තය යි දන්නෙමැයි, අවිමුත්ත වූ හෝ සිත අවිමුත්ත සිත ය යි දන්නෙ මැ යි” කැමැති වේ නම්, ඒ ඒ කරුණෙහි ප්‍රත්‍යය ඇති වත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
Pali BJTසො සචෙ ආකඞ්ඛති “අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්යං - සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං ස උද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්ය”න්ති, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTහේ ඉදින් “අනේකවිධපූර්‍වේනිවාසය සිහි කෙරෙමැයි එනම්; එක් ජාතියක් ද ජාති දෙකක් ද ... (කියා) මෙසේ අනේකවිධපූර්‍වේනිවාසය සිහි කෙරෙමැ”යි කැමැති වේ නම්, ඒ ඒ කරුණෙහි හේතු ඇති වත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
Pali BJTසො සචෙ ආකඞ්ඛති “දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානෙය්ය”න්ති තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTහේ ඉදින් “මිනිසැස ඉක්ම පවත්නා විශුද්ධ දිවැසින් ... කම් වූ පරිද්දෙන් මිය යන සත්ත්‍වයන් දැනගන්නෙමි”යි කැමැති වේ නම් ඒ ඒ කරුණෙහි හේතු ඇති වත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
Pali BJTසො සචෙ ආකඞ්ඛති “ආසවානං ඛයා (අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං) -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය”න්ති, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙති.
Sinhala BJTහේ ඉදින් “ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ආස්‍රවරහිත චිත්තවිමුත්තිය, ප්‍රඥාවිමුක්තිය ... ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කරමි”යි කැමැති වේ නම් ඒ ඒ කරුණෙහි හේතු ඇති වත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ ය යි.
Pali BJT5. 1. 3. 4.
Sinhala BJT5. 1. 3. 4.
Pali BJT[දුස්සීලසුත්තං]
Sinhala BJT[දුස්සීල සූත්‍රය]
Pali BJT24. දුස්සීලස්ස භික්ඛවෙ සීලවිපන්නස්ස හතූපනිසො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි අසති සම්මාසමාධිවිපන්නස්ස හතූපනිසං හොති යථාභූත ඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ අසති යථාභූත ඤාණදස්සනවිපන්නස්ස හතූපනිසො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ අසති නිබ්බිදාවිරාග විපන්නස්ස හතූපනිසං හොති විමුත්තිඤාණදස්සනං.
Sinhala BJT24. මහණෙනි, නට සිල් ඇති දුසිල්හුගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. සම්‍යක්සමාධිය නැති වත් ම නට සම්‍යක්සමාධිය ඇතියහුගේ යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. යථාභූත ඥානදර්‍ශනය නැති වත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ නිබ්බිදාව හා විරාගය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. නිබ්බිදාවිරාගය නැති වත් ම නට නිබ්බිදාවිරාග ඇතියහුගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ රුක්ඛො සාඛාපලාසවිපන්නො, තස්ස පපටිකා’පි න පාරිපූරිං ගච්ඡති. තචො’පි -පෙ- ඵෙග්ගු’ පි -පෙ- සාරො’පි න පාරිපූරිං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, අතු හා කොළින් විපන්න වූ රුකෙක් යම් පරිදි වේ නම්, එහි පොතුදු පරිපූර්තියට (වැඩීමට) නො යෙයි. සිවිදු, බොරුදු (එළය ද) හරය ද පරිපූර්තියට නො යෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ දුස්සීලස්ස සීලවිපන්නස්ස හතූපනිසො හොති සම්මාසමාධි -පෙ- විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් ම නට සිල් ඇති දුසිල්හුගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි ... විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි.
Pali BJTසීලවතො භික්ඛවෙ සීලසම්පන්නස්ස උපනිස්සයසම්පන්නො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි සති සම්මාසමාධිසම්පන්නස්ස උපනිස්සය සම්පන්නං{1} හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සනසම්පන්නස්ස උපනිස්සයසම්පන්නො හොති නිබ්බිදා විරාගො. නිබ්බිදාවිරාගෙ සති නිබ්බිදාවිරාගසම්පන්නස්ස උපනිස්සයසම්පන්නං{2} හොති විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTමහණෙනි, සිල්සපන් සිල්වත්හුගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇති වත් ම සම්‍යක් සමාධිසම්පන්නයාගේ යථාභූත ඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇති වත් ම යථාභූතඥානදර්‍ශන සම්පන්නයාගේ නිබ්බිදා හා විරාගය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. නිබ්බිදා හා විරාගය ඇති වත් ම නිබ්බිදාවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
Pali BJTසෙය්යථා’පි භික්ඛවෙ රුක්ඛො සාඛාපලාසසම්පන්නො, තස්ස පපටිකා’පි{3} පාරිපූරිං ගච්ඡති. තචොපි පාරිපූරිං ගච්ඡති. ඵෙග්ගුපි පාරිපූරිං ගච්ඡති. සාරො’පි පාරිපූරිං ගච්ඡති.{4}
Sinhala BJTමහණෙනි, අතුකොළ සපන් රුකෙක් යම් බඳු වේ නම්, එහි පොතුදු පරිපූර්තියට යෙයි. සිවිදු පරිපූර්තියට යෙයි. බොරුදු පරිපූර්තියට යෙයි. හරය ද පරිපූර්තියට යෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ සීලවතො සීලසම්පන්නස්ස උපනිස්සයසම්පන්නො හොති සම්මාසමාධි -පෙ- විමුත්තිඤාණදස්සනන්ති.
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් සිල්සපන් සිල්වත්හුගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රය සම්පන්න වෙයි ... විමුක්තිඥානදර්‍ශනය (උපනිඃශ්‍රයසම්පන්න) වෙයි.
Pali BJT5. 1. 3. 5.
Sinhala BJT5. 1. 3. 5.
Pali BJT[අනුග්ගහීතසුත්තං]
Sinhala BJT[අනුග්ගහිත සූත්‍රය]
Pali BJT25. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි අනුග්ගහිතා සම්මාදිට්ඨි චෙතො විමුත්තිඵලා ච හොති, චෙතොවිමුත්තිඵලානිසංසා ච, පඤ්ඤාවිමුත්තිඵලා ච හොති පඤ්ඤාවිමුත්තිඵලානිසංසා ච. කතමෙහි පඤ්චහි:
Sinhala BJT25. මහණෙනි, කරුණු පසෙකින් අනුගෘහීත වූ (විදර්‍ශනා) සම්‍යග්දෘෂ්ටිය මාර්‍ගඵල සමාධිය ඵල කොට ඇත්තී ද මාර්‍ගඵලසමාධිය අනුසස් කොට ඇත්තී ද වෙයි. ප්‍රඥාවිමුක්තිසඞ්ඛ්‍යාත ඵලඥානය ඵල කොට ඇත්තී ද ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තී ද වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ සම්මාදිට්ඨි සීලානුග්ගහිතා ච හොති. සුතානුග්ගහිතා ච{1} හොති. සාකච්ඡානුග්ගහිතා ච හොති. සමථානුග්ගහිතා ච හොති. විපස්සනානුග්ගහිතා ච හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි සම්‍යග්දෘෂ්ටිය ශීලයෙන් අනුගෘහීත ද වෙයි. ශ්‍රැතයෙන් අනුගෘහීත ද වෙයි. ධර්‍මසාකච්ඡායෙන් අනුගෘහීත ද වෙයි. (චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත) ශමථයෙන් අනුගෘහීත ද වෙයි. විදර්‍ශනායෙන් අනුගෘහීත ද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි අනුග්ගහිතා සම්මාදිට්ඨි චෙතොවිමුත්තිඵලා ච හොති. චෙතොවිමුත්තිඵලානිසංසා ච, පඤ්ඤාවිමුත්තිඵලා ච හොති, පඤ්ඤාවිමුත්තිඵලානිසංසා චාති.
Sinhala BJTමහණෙනි, මේ පසඟින් අනුගෘහීත වූ සම්‍යග්දෘෂ්ටිය චිත්තවිමුක්තිය ඵලය කොට ඇත්තීත් චිත්තවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තීත් වෙයි. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇත්තීත් ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තීත් වේ ය යි.
Pali BJT5. 1. 3. 6.
Sinhala BJT5. 1. 3. 6.
Pali BJT[විමුත්තායතන සුත්තං]
Sinhala BJT[විමුත්තායතන සූත්‍රය]
Pali BJT26. පඤ්චිමානි භික්ඛවෙ විමුත්තායතනානි, යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති, අපරික්ඛීණා වා{2} ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා{3} අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති. කතමානි පඤ්ච?
Sinhala BJT26. මහණෙනි, යම් විමුත්තිකාරණයන්හි අප්‍රමත්තව, කෙලෙස් තවන වැර ඇතිව, නිවන් කරා ගිය සිත් ඇතිව වාස කරණ මහණහුගේ අවිමුක්ත හෝ සිත විමුක්ත වේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනුත්පන්න හෝ අනුත්තරයෝගක්‍ෂේමයට අනුප්‍රාප්ත වේ නම් (එබඳුවූ) විමුත්තායතනයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
Pali BJT(1) ඉධ භික්ඛවෙ භික්ඛුනො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානියො{4} සබ්රහ්මචාරී. යථා යථා භික්ඛවෙ තස්ස භික්ඛුනො සත්ථා ධම්මං දෙසෙති, අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්රහ්මචාරී තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති, ධමිමපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමොජ්ජං{5} ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති. ඉදං භික්ඛවෙ පඨමං විමුත්තායතනං, යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති, අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
Sinhala BJT(1) මහණෙනි, මෙ සස්නෙහි මහණක්හට ශාස්තෘ වේ ව යි අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් වේ ව යි චතුස්සත්‍යධර්‍මය දේශනා කෙරේ නම්, හේ ඒ ඒ පරිදි එ දහම්හි පෙළ අරුත් පිළිවිදුනේ ද වෙයි. පෙළදම් පිළිවිදුනේ ද වෙයි. අර්‍ත්‍ථය පිළිවිදුනා ධර්‍මය පිළිවිදුනා ඔහට ප්‍රමෝදය (තරුණප්‍රීතිය) උපදනේ ය. ප්‍රමුදිතයා හට බලවත් ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතියුත් සිත් ඇත්තහුගේ නාමකය සින්හිඳෙයි. සන්හුන් කය අතියේ සුව විඳිනේ ය. සුව ඇතියහුගේ සිත (අර්‍හත් ඵල සමාධියෙහි) සමාහිත වෙයි. මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්ත වූ, කෙලෙස් තවන වැර ඇතිව නිවන් කරා ගිය සිත් ඇතිව වාස කරණ මහණහුගේ අවිමුක්ත වූ චිත්තය හෝ විමුක්ත නම්, අපරික්‍ෂීණ වූ ආස්‍රවයෝ හෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට (අර්‍හත්ත්‍වයට) අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ ප්‍රථම විමුක්තායතන යි.
Pali BJT(2) පුන චපරං භික්ඛවෙ භික්ඛුනො න හෙව ඛො සත්ථා ධම්මං දෙසෙති, අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්රහ්මචාරී. අපි ච ඛො යථාසුතං යථා පරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති. යථා යථා භික්ඛවෙ භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති, තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති. ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමොජ්ජං ජායති පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති.
Sinhala BJT(2) තවද මහණෙනි, භික්‍ෂුහට ශාස්තෘ හෝ අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් හෝ ධර්‍මය නො ම දෙසන්නේය. එතෙකුදු වුව ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්‍මය විතර විසින් පරහට දෙසන්නේ ය. මහණෙනි, යම් යම් පරිද්දෙකින් ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්‍මය විතර විසින් පරහට දෙසා නම්, ඒ ඒ පරිදි හෙ ඒ ධර්‍මයෙහි අර්‍ත්‍ථය පිළිවිදුනේ ද, ධර්‍මය පිළිවිදුනේ ද වෙයි. අර්‍ත්‍ථය පිළිවිදුනා ධර්‍මය පිළිවිදුනා ඔහට ප්‍රමෝදය උපදනේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතියුත් සිතැතියාගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇතියේ සුව විඳිනේය. සුව ඇතියහුගේ සිත සමාහිත වෙයි.
Pali BJTඉදං භික්ඛවෙ දුතියං විමුත්තායතනං යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති, අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
Sinhala BJTමහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්තව වැර ඇතිව ප්‍රහිතාත්ම ව වාසය කරණ භික්‍ෂුහුගේ අවිමුක්ත හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තර යෝගක්‍ෂේමය අනුප්‍රාප්ත වේ නම්, මේ එ ද්විතීය විමුක්තායතන යි.
Pali BJT(3) පුන චපරං භික්ඛවෙ භික්ඛුනො න හෙව ඛො සත්ථා ධම්මං දෙසෙති, අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්රහ්මචාරී. නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති. අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති යථා යථා භික්ඛවෙ භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති. තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති, ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති.{1} සුඛිනො චිත්තං සමාධියති. ඉදං භික්ඛවෙ තතියං විමුත්තායතනං යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති, අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
Sinhala BJT(3) තවද මහණෙනි, මහණකුහට ශාස්තෘ හෝ අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් හෝ දහම් නො ම දෙසන්නේ ය. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය විතර විසින් පරහට නො ද දෙසන්නේ ය. වැලිදු ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය විතර විසින් සජ්ඣායනා කෙරෙයි. මහණෙනි, යම් යම් පරිදි මහණකු ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය විතර විසින් සජ්ඣායනා කෙරේ නම්, එ එ පරිදි හේ එ දහම්හි අරුත් පිළිවිදුනේත් දහම් පිළිවිදුනේත් වෙයි. අරුත් පිළිවිදුනා දහම් පිළිවිදුනා ඕහට ප්‍රමෝදය උපදනේ ය. ප්‍රමුදිතයා හට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇතියේ සුව ලබන්නේ ය. සුව ඇතියහුගේ සිත සමාහිත වෙයි. මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්තව අතාපී ව ප්‍රහිතාත්ම ව වෙසෙන භික්‍ෂුහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, අපරීක්‍ෂණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ තෘතීය විමුක්තායතනය යි.
Pali BJT(4) පුන චපරං භික්ඛවෙ භික්ඛුනො නහෙව ඛො සත්ථා ධම්මං දෙසෙති, අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්රහ්මචාරී. නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති, අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති. යථා යථා භික්ඛවෙ භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති, තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති. ඉදං භික්ඛවෙ චතුත්ථං විමුත්තායතනං යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති, අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
Sinhala BJT(4) තවද මහණෙනි, භික්‍ෂුහට ශාස්තෘ හෝ අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් හෝ නො ම දහම් දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විස්තරයෙන් පරහට නො ද දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විස්තරයෙන් නො ද සජ්ඣායනා කරන්නේ ය. වැලිත් යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍ක කෙරේ. අනුවිචාර කෙරේ. සිතින් අනුප්‍රේක්‍ෂා කෙරේ. මහණෙනි, මහණ යම් යම් පරිදි යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කන කෙරේ නම්, අනුවිචරණ කෙරේ නම්, සිතින් අනුප්‍රේක්‍ෂා කෙරේ නම්, ඒ ඒ පරිදි හෙ එ දහම්හි අරුත් පිළිවිදුනේත් පෙළදම් පිළිවිදුනේත් වෙයි. අරුත් පිළිවිදුනා පෙළදම් පිළිවිදුනා ඕහට ප්‍රමෝදය උපදනේය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳිනේය. සුව ඇතියහුගේ සිත සමාහිත වේ. මහණෙනි, යම් විමුත්තායතනයෙක්හි අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරණ මහණහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂමයට අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ සතරවන විමුක්තායතනයයි.
Pali BJT(5) පුන චපරං භික්ඛවෙ භික්ඛුනො නහෙව ඛො සත්ථා ධම්මං දෙසෙති, අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්රහ්මචාරී. නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති. අපි ච ඛ්වස්ස අඤ්ඤතරං සමාධිනිමිත්තං සුග්ගහීතං හොති, සුමනසිකතං සූපධාරිතං සුප්පටිවිද්ධං පඤ්ඤාය.
Sinhala BJT(5) තවද මහණෙනි, භික්‍ෂුහට ශාස්තෘ වේවයි; අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් වේවයි, ධර්‍මය නො ම දෙසන්නේය. යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතරවිසින් පරහට නො ද දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතරවිසින් සජ්ඣායනා නො ද කරන්නේය. යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්තව ධර්‍මය සිතින් නො ද අනුවිතර්‍කන කරන්නේය. අනුවිචරණය නො කරන්නේය. සිතින් අනුප්‍රේක්‍ෂා නො කරන්නේය. එතෙකුදු වුව, ඔහු විසින් අන්‍යතර සමාධි නිමිත්තක් (කමටහනක්) මොනොවට උගන්නා ලද්දේ වෙයි. මොනොවට මෙනෙහි කරණ ලද වෙයි. මොනොවට උපධාරිත වෙයි. ප්‍රඥායෙන් මොනොවට පිළිවිදුනා ලද වෙයි.
Pali BJTයථා යථා භික්ඛවෙ භික්ඛුනො අඤ්ඤතරං සමාධිනිමිත්තං සුග්ගහීතං හොති සුමනසිකතං සූපධාරිතං සුප්පටිවිද්ධං පඤ්ඤාය, තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති. ඉදං භික්ඛවෙ පඤ්චමං විමුත්තායතනං යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති, අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
Sinhala BJTමහණෙනි, යම් යම් පරිදි භික්‍ෂූහු විසින් අන්‍යතර සමාධිනිමිත්තක් සුගෘහීත ද, මැනැවින් මෙනෙහි කරණ ලද ද, මැනැවින් උපධාරිත ද ප්‍රඥායෙන් සුප්‍රතිවිද්ධ ද වේ නම්, හෙ ඒ ඒ පරිදි ඒ ධර්‍මයෙහි අර්‍ත්‍ථප්‍රතිසංවේදී හා ධර්‍මප්‍රතිසංවෙදී හා වෙයි. අර්‍ත්‍ථප්‍රතිසංවේදී වූ ධර්‍මප්‍රතිසංවෙදී වූ ඔහට ප්‍රමෝදය උපදනේය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්සුන් කය ඇතියේ සුව විඳිනේ ය. සුව ඇතියහුගේ සිත සමාහිත වෙයි. මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්තව ආතාපීව ප්‍රහිතාත්ම ව වසන භික්‍ෂුහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය විමුක්ත වේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ පස්වන විමුක්තායතනයි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ පඤ්ච විමුත්තායතනානි. යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති, අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාතී’ති.
Sinhala BJTමහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්තව ආතාපීව ප්‍රහිතාත්ම ව වසන භික්‍ෂුහුගේ අවිමුක්ත වූ හෝ සිත විමුක්ත වේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමය අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ පඤ්චවිමුක්තායතනයි.
Pali BJT5. 1. 3. 7.
Sinhala BJT5. 1. 3. 7.
Pali BJT[සමාධිසුත්තං]
Sinhala BJT[සමාධි සූත්‍රය]
Pali BJT27. සමාධිං භික්ඛවෙ භාවෙථ අප්පමාණං නිපකා පතිස්සතා. සමාධිං භික්ඛවෙ භාවයතං අප්පමාණං නිපකානං පතිස්සතානං පඤ්ච ඤාණානි පච්චත්තං යෙව උප්පජ්ජන්ති. කතමානි පඤ්ච:
Sinhala BJT27. මහණෙනි, අප්‍රමාණ (ලෝකුත්තර) වූ සමාධිය නුවණැති ව ස්මෘතිසමන්‍වාගතව වඩවු. මහණෙනි, සම්ප්‍රඥාන ඇති ව ස්මෘතියෙන් යුක්තව අප්‍රමාණ සමාධිය වඩනවුනට තමා කෙරෙහි ම ප්‍රත්‍යවේක්‍ෂාඥාන පස් දෙනෙක් උපදනාහ. කවර පස්දෙනෙක යත්:
Pali BJTඅයං සමාධි පච්චුප්පන්නසුඛො චෙව ආයතිං ච සුඛවිපාකොති පච්චත්තං යෙව ඤාණං උප්පජ්ජති. අයං සමාධි අරියො නිරාමිසොති පච්චත්තං යෙව ඤාණං උප්පජ්ජති. අයං සමාධි අකාපුරිසසෙවිතො’ති පච්චත්තං යෙව ඤාණං උප්පජ්ජති. අයං සමාධි සන්තො පණීතො පටිප්පස්සද්ධලද්ධො{1} එකොදිභාවාධිගතො න ච සසංඛාරනිග්ගය්හවාරිතවතො’ති{2} පච්චත්තං යෙව ඤාණං උප්පජ්ජති. සො ඛො පනාහං ඉමං සමාධිං සතො ව සමාපජ්ජාමි සතො ව උට්ඨහාමී’ති{3} පච්චත්තං යෙව ඤාණං උප්පජ්ජති.
Sinhala BJT“මේ (අර්‍හත්ඵල) සමාධිය ප්‍රත්‍යුත්පන්න (අධිගත ක්‍ෂණයෙහිත්) සුඛ ඇතියේ ය’යි ද මතුයෙහිත් සුඛවිපාක ඇතියේ ය”යි ද තමා කෙරෙහි ම ඤාණය උපදනේ ය. “මේ සමාධිය කෙලෙසුන්ගෙන් තොරය, ලෝකාමිසයෙන් තොරය” යි ද තමා තුළම ඤාණය උපදනේය. මේ සමාධිය මහා පුරුෂයන් විසින් සෙවුනා ලද ය”යී තමා තුළම ඤාණය උපදනේය. “මේ සමාධිය ශාන්තය, ප්‍රණීතය, කෙලෙස් සන්සිඳවූවහු විසින් ලබන ලදය, එකාග්‍රතායෙන් ලබන ලදය, සප්‍රයෝගචිත්තයෙන් ප්‍රත්‍යනීක ධර්‍මයන් නිගෙණ (සාසවසමාධි මෙන්) උත්සාහයෙන් කෙලෙස් වළහා ලද්දේ නො වේ ය”යි තමා තුළ ම ඤාණය උපදනේ ය. “එ මම සිහි ඇතියෙම් ම මෙ සමාධියට සමවදිමි. සිහි ඇතියෙම් ම ඉන් නැගෙමි”යි තමා තුළම ඤාණය උපදනේය.
Pali BJTසමාධිං භික්ඛවෙ භාවෙථ අප්පමාණං නිපකා පතිස්සතා. සමාධිං භික්ඛවෙ භාවයතං අප්පමාණං නිපකානං පතිස්සතානං ඉමානි පඤ්ච ඤාණානි පච්චත්තං යෙව උප්පජ්ජන්තී’ති,
Sinhala BJTමහණෙනි, නුවණැති ව එළඹ සිටි සිහි ඇති ව අප්‍රමාණසමාධිය වඩවු. මහණෙනි, සම්ප්‍රඥාන ඇති එළඹ සිටි සිහි ඇති අප්‍රමාණසමාධිය වඩනවුනට මේ පඤ්චඤාණයෝ තමා තුළ ම උපදනාහයි.
Pali BJT5. 1. 3. 8.
Sinhala BJT5. 1. 3. 8.
Pali BJT[පඤ්චඞ්ගිකසමාධිසුත්තං]
Sinhala BJTපඤ්චඞ්ගිකසමාධි සූත්‍රය
Pali BJT28. අරියස්ස භික්ඛවෙ පඤ්චඞ්ගිකස්ස සම්මා සමාධිස්ස භාවනං දෙසිස්සාමි.{4} තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී’ති. එවං භන්තෙති’ති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච.
Sinhala BJT28. මහණෙනි, පසඟින් යුත් ආර්‍ය්‍ය වූ සම්‍යක්සමාධිහුගේ භාවනාව දෙසන්නෙමි. එ අසව, මොනොවට මෙනෙහි කරව. කියන්නෙමි යි. ‘එසේය, වහන්සැ’යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTකතමා ච භික්ඛවෙ අරියස්ස පඤ්චඞ්ගිකස්ස සම්මාසමාධිස්ස භාවනා?
Sinhala BJTමහණෙනි, ආර්‍ය්‍ය වූ පඤ්චාඞ්ග සමන්‍වාගත සම්‍යක් සමාධිහුගේ භාවනා කවර යත්:
Pali BJT(1) ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි (සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං) පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. සෙය්යථාපි භික්ඛවෙ දක්ඛො නහාපකො{1} වා නහාපකන්තෙවාසී{2} වා කංසථාලෙ නහානියචුණ්ණානි{3} ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං සන්නෙය්ය, සායං{4} නහානියපිණ්ඩි ස්නෙහානුගතා{5} ස්නෙහපරෙතා{6} සන්තරබාහිරා ඵුටා ස්නෙහෙන න ච පග්ඝරති.{7} එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති අරියස්ස භික්ඛවෙ පඤ්චඞ්ගිකස්ස සම්මා සමාධිස්ස අයං පඨමා භාවනා.
Sinhala BJT(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම අකුශලධර්‍මයෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. හෙ මෙ කරජකය ම ප්‍රථමධ්‍යාන විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් තෙත් ගන්වයි. හාත්පස තෙමයි. හාත්පසින් පුරවයි. වටා පතුරුවයි. ඔහුගේ හැම ප්‍රත්‍යඞ්ගයෙන් යුත් කායයාගේ කිසිවක් විවේකජ ප්‍රීතිසුඛයෙන් නො පහස්නා ලද නො වෙයි. මහණෙනි, දක්‍ෂ වූ නැවෑමියෙක් වේවයි නැවෑමි අතවැස්සෙක් වේවයි කස්තලියෙහි නහනසුණු හෙළා දියෙන් ඉස ඉස යම් සේ හනා ද, ඔහුගේ ස්නානීයපිණ්ඩය උදකස්නේහය අනුව ගියේ ස්නෙහ පරිගත වූයේ ඇතුළත - පිටත දියෙන් පහස්නා ලද්දේ නො ද වැගිරෙයි. මහණෙනි, එ පරිදි ම මහණ මේ කරජකය විවේකජ ප්‍රීතිසුඛයෙන් තෙමා ලයි. වටා තෙමා ලයි. හාත්පසින් පුරවයි. වටා පහසයි. සර්‍වාඞ්ගයෙන් යුතු ඔහුගේ කායයාගේ කිසිත් විවෙකජප්‍රීතිසුඛයෙන් නො පහස්නා ලද නො වෙයි. මහණෙනි, පඤ්චාඞ්ග සමන්‍වාගත ආර්‍ය්‍ය සම්‍යක්සමාධිහුගේ මේ ප්‍රථම භාවනාවයි.
Pali BJT(2) පුන චපරං භික්ඛවෙ භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- (සමාධිජං පීතිසුඛං) දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. සෙය්යථාපි භික්ඛවෙ උදකරහදො උබ්භිදොදකො,{8} තස්ස නෙවස්ස පුරත්ථිමාය දිසාය උදකස්ස ආයමුඛං, න පච්ඡිමාය දිසාය උදකස්ස ආයමුඛං, න උත්තරාය දිසාය උදකස්ස ආයමුඛං, න දක්ඛිණාය දිසාය උදකස්ස ආයමුඛං, දෙවො ච කාලෙන කාලං සම්මා ධාරං නානුප්පවෙච්ඡෙය්ය, අථ ඛො තම්හා ච උදකරහදා සීතා වාරිධාරා උබ්භිජ්ජිත්වා තමෙව උදකරහදං සීතෙන වාරිනා අභිසන්දෙය්ය පරිසන්දෙය්ය පරිපූරෙය්ය පරිප්ඵරෙය්ය, නාස්ස කිඤ්චි සබ්බාවතො උදකරහදස්ස සීතෙන වාරිනා අප්ඵුටං අස්ස. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. අරියස්ස භික්ඛවෙ පඤ්චඞ්ගිකස්ස සම්මාසමාධිස්ස අයං දුතියා භාවනා.
Sinhala BJT(2) තවද මහණෙනි, මහණ විතර්‍ක - විචාරයන්ගේ ව්‍යුපශමයෙන් ... සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ මෙ කරජකය ම සමාධිජ ප්‍රීතිසුඛයෙන් මැනැවින් තෙමයි. හාත්පසින් තෙමයි. හාත්පසින් පුරවයි. වටා පහසයි. ඔහුගේ සියලු ප්‍රත්‍යඞ්ගයෙන් යුත් කිසිදු ශරීරාඞ්ගයෙක් සමාධිජ ප්‍රීතිසුඛයෙන් නො පහළේ නො වේ. මහණෙනි, ඇතුළත උනන දිය ඇති දිය විලෙක් යම් බඳු වේ නම්, එයට පැදුම් දිගින් උදකයාගේ ආගමනමුඛයෙක් නො වන්නේ ය. පැළදිගින් උදකයාගේ ආගමනමුඛයෙක් නො වන්නේය. උතුරුදිගින් උදකයාගේ ආගමනමුඛයෙක් නො වන්නේය. දකුණු දිගින් උදකයාගේ ආගමනමුඛයෙක් නො වන්නේ ය. මේඝය ද කලින් කල සම්‍යක් වර්‍ෂාධාරාව නො වස්වන්නේ ය. වැලිත්, එ දියවිලින් සීතවාරිධාරායෙක් බිඳ නැගී එ දියවිල ම සිහිල් දියෙන් තෙමන්නේය. හාත්පස තෙමන්නේ ය. පුරවන්නේ ය. වටා පතුරුවන්නේ ය. එ සියලු දියවිල්හි කිසිවක් සිහිල්දියෙන් නො පහළේ නො වේ. මහණෙනි, එ පරිදි ම මහණ මෙ කය ම සමාධිජප්‍රීතිසුඛයෙන් තෙමන්නේ ය. හාත්පස තෙමන්නේ ය. පුරවන්නේය. පතුරන්නේ ය. ඔහුගේ සියලු සිරිරි පිළිබඳ කිසිදු තැනක් සමාධිජප්‍රීතිසුඛයෙන් නො පහළේ නො වේ. මහණෙනි, ආර්‍ය්‍ය පඤ්චාඞ්ගික සම්‍යක්සමාධිහුගේ මේ ද්විතීය භාවනා යි.
Pali BJT(3) පුන චපරං භික්ඛවෙ භික්ඛු පීතියා ච විරාගා -පෙ- (සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති -පෙ-) තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන අප්ඵුටං හොති. -
Sinhala BJT(3) තවද මහණෙනි, මහණ ප්‍රීතිහුගේත් විරාගයෙන් ... සුඛයද කයින් විඳී ... ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. හෙ මෙ ම කය නිෂ්ප්‍රීතිකසුඛයෙන් තෙමයි. හාත්පස තෙමයි. පුරවයි. පතුරුවයි. ඔහුගේ සියලු ශරීරයාගේ කිසිවක් නිෂ්ප්‍රීතික සුඛයෙන් නො පහළේ නො වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකානුග්ගතානි අන්තො නිමුග්ගපොසීනි,{1} තානි යාවග්ගා{2} යාව මූලා{3} සීතෙන වාරිනා අභිසන්නානි පරිසන්නානි පරිපූරානි පරිප්ඵුටානි. නාස්ස කිඤ්චි සබ්බාවතං උප්පලානං වා පදුමානං වා පුණ්ඩරීකානං වා සීතෙන වාරිනා අප්ඵුටං අස්ස. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො{4} කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති. අරියස්ස භික්ඛවෙ පඤ්චඞ්ගිකස්ස සම්මාසමාධිස්ස අයං තතියා භාවනා.
Sinhala BJTමහණෙනි, නිලුපුල් විලෙක් වේවයි, පියුමාරෙක වේවයි, පඬෙරවිලෙක වේවයි, ඇතැම් උත්පලයෝ හෝ පද්මයෝ හෝ පුණ්ඩරීකයෝ හෝ දියෙහි උපන්නාහු දියෙහි වැඩුනාහු දියෙන් නො නැගුණාහු ජලතල ඇතුළත ම නිමග්නව වඩනා හ. ඔහු අග පටන් මුල දක්වා සිහිල් දියෙන් තෙමුනාහු හාත්පසින් තෙමුනාහු පිරිපුන් වූවාහු හාත්පසින් පහළාහු වෙත්. එ විල්හුගේ සියලු උපුලන්ගේ වේවයි පද්මයන්ගේ වේවයි පුණ්ඩරීකයන්ගේ වේවයි සිහිල් දියෙන් හාත්පස නො පහළ කිසිදු නො වේ. මහණෙනි, එ පරිදි ම මහණ මෙ ම කය නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමන්නේ ය. හාත්පස තෙමන්නේ ය. පුරවන්නේ ය. පතුරුවන්නේ ය. ඔහුගේ සියලු කායයාගේ කිසිවක් ම නිෂ්ප්‍රීතිකසුඛයෙන් නො පහළේ නො වේ. මහණෙනි, ආර්‍ය්‍ය වූ පඤ්චාඞ්ගික සම්‍යක්සමාධිහුගේ මෙ තෘතීයභාවනා යි.