Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5601-5700 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2. පඤ්චිමානි භික්ඛවෙ සෙඛබලානි. කතමානි පඤ්ච: සද්ධාබලං හිරිබලං ඔත්තප්පබලං විරියබලං පඤ්ඤාබලං.
Sinhala BJT2. මහණෙනි, මෙ ශෛක්‍ෂබල පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: සද්ධාබලය හිරිබලය ඔත්තප්පබලය විරියබලය පඤ්ඤාබල යි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ සද්ධාබලං: ඉධ භික්ඛවෙ අරියසාවකො සද්ධො හොති. සද්දහති තථාගතස්ස බොධිං: “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ඉදං වුච්චති භික්ඛවෙ සද්ධාබලං.
Sinhala BJTමහණෙනි, සද්ධාබල කවරේ ය: මහණෙනි, මේ සස්නෙහි අරීසවු සැදැහැති වෙයි. “මෙකරුණෙනුදු ඒ භගවත්හු අර්‍හත්හ. සම්‍යක්සම්බුද්ධයහ. විජ්ජාචරණසම්පන්නයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තරපුරුෂදම්‍යසාරථියහ. දෙවිමිනිස්නට ශාස්තෘයහ. බුද්ධයහ. භගවත්හ”යි තථාගතයන්ගේ බෝධිය (බුද්ධගුණ) හදහන්නේ ය. මහණෙනි, මෙ ශ්‍රද්ධාබලය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ හිරිබලං: ඉධ භික්ඛවෙ අරියසාවකො හිරිමා{1} හොති. හිරීයති කායදුච්චරිතෙන, වචීදුච්චරිතෙන, මනොදුච්චරිතෙන හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා. ඉදං වුච්චති භික්ඛවෙ හිරිබලං.
Sinhala BJTමහණෙනි, හිරිබල කවරේ ය: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු හිරි ඇති වෙයි. කායදුශ්චරිතය, වාග්දුශ්චරිතය, මනෝදුශ්චරිතය ගරහයි. ලමු අකුසල්දහමුන්ගේ සමාපත්තිය (ආගමනය) ගරහයි. මහණෙනි, මේ හ්‍රී බලයැ” යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ ඔත්තප්පබලං: ඉධ භික්ඛවෙ අරියසාවකො ඔත්තප්පී හොති. ඔත්තප්පති කායදුච්චරිතෙන, වචීදුච්චරිතෙන, මනොදුච්චරිතෙන. ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා. ඉදං වුච්චති භික්ඛවෙ ඔත්තප්පබලං.
Sinhala BJTමහණෙනි, ඔත්තප්පබල කවරේ ය: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු අපත්‍රපා ඇති වෙයි. කායදුශ්චරිතහේතුයෙන් වාග්දුශ්චරිතහෙතුයෙන් මනෝදුශ්චරිතහේතුයෙන් බානේ ය. ලාමකඅකුශලධර්‍මයන්ගේ සමාපත්ති හේතුයෙන් බානේ ය. මහණෙනි, මේ අපත්‍රපාබල යැ යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ විරියබලං:{2} ඉධ භික්ඛවෙ අරියසාවකො ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. ඉදං වුච්චති භික්ඛවෙ විරියබලං.
Sinhala BJTමහණෙනි, විරියබල කවරේ ය: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත් (ප්‍රතිලාභ) පිණිස රුකුළුවැර ඇතියේ, ශක්ති ඇතියේ, දළපැරකුම් ඇතියේ, කුශලධර්‍මයෙහි නොබහාලු ප්‍රධන්කිස ඇතියේ වාස කරන්නේ ය. මහණෙනි, මේ විරියබල යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ පඤ්ඤාබලං: ඉධ භික්ඛවෙ අරියසාවකො පඤ්ඤවා හොති, උදයත්ථගාමිනියා{3} පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. ඉදං වුච්චති භික්ඛවෙ පඤ්ඤාබලං.
Sinhala BJTමහණෙනි, පඤ්ඤාබල කවරේ ය: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු (ස්කන්‍ධයන්ගේ) උදාවිය පිළිවිදුනට සමත් ආර්‍ය්‍ය (කෙලෙසුන් කෙරෙන් වෙන් ව සිටුනා හෙයින් පරිශුද්ධ) වූ නිර්වේධිකා වූ (කෙලෙස් බිඳුනට සමත්) සම්‍යග්හෙතුනය විසින් වටකෙලෙස්දුක් ගෙවමින් යන (විදර්‍ශනාමාර්‍ග) ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි. මහණෙනි, මේ ප්‍රඥාබල යි කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ පඤ්චසෙඛබලානි.
Sinhala BJTමහණෙනි, මොහු පඤ්ඤශෛක්‍ෂබලයෝ යි.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං: සද්ධාබලෙන සමන්නාගතා භවිස්සාම සෙඛබලෙන. හිරිබලෙන සමන්නාගතා භවිස්සාම සෙඛබලෙන. ඔත්තප්පබලෙන සමන්නාගතා භවිස්සාම සෙඛබලෙන. විරියබලෙන සමන්නාගතා භවිස්සාම සෙඛබලෙන. පඤ්ඤාබලෙන සමන්නාගතා භවිස්සාම සෙඛබලෙනාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය: “ශෛක්‍ෂබලය වූ ශ්‍රද්ධාබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ හ්‍රීබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ අපත්‍රපාබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ වීර්‍ය්‍යබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ ප්‍රඥාබලයෙන් සමන්‍වාගතවම්හ” යි. මහණෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
Pali BJT5. 1. 1. 3.
Sinhala BJT5. 1. 1. 3.
Pali BJT[දුක්ඛසුත්තං]
Sinhala BJT[දුක්ඛ සූත්‍රය]
Pali BJT3. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ දුක්ඛං විහරති සවිඝාතං සවුපායාසං{4} සපරිළාහං, කායස්ස ච භෙදා{5} පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා. කතමෙහි පඤ්චහි:
Sinhala BJT3. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත (දුක්) සහිත උපායාස (දැඩි දුකින් උපන් ප්‍රතිඝ) සහිත පරිඩාහ සහිත දුඃඛවිහරණ කෙරෙයි. කාබුන් මරණින් මතුදු දුර්‍ගති කැමැති විය යුතු. කවර පඤ්චධර්‍මයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අස්සද්ධො හොති, අහිරිකො හොති, අනොත්තප්පී{6} හොති, කුසීතො හොති, දුප්පඤ්ඤො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධා නැති වෙයි. හ්‍රී නැති වෙයි. අපත්‍රපා නැති වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ දුක්ඛං විහරති සවිඝාතං සවුපායාසං සපරිළාහං, කායස්ස ච භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත සහිත උපායාස සහිත පරිඩාහ සහිත දුඃඛවිහරණ කරයි. කාබුන් මරණින් මතුදු දුර්‍ගති කැමැති විය යුතු යි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. කායස්ස ච භෙදා පරම්මරණා සුගති පාටිකඞ්ඛා. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත නැති උපායාස රහිත පරිදාහ රහිත සුඛවිහරණ කෙරෙයි. කාබුන් මරණින් මතුදු සුගති කැමැති විය යුතු. කවර පඤ්චධර්‍මයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සද්ධො හොති, හිරිමා හොති, ඔත්තප්පී හොති, ආරද්ධවිරියො හොති, පඤ්ඤවා හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. ඇරඹූ වැර ඇති වෙයි. ප්‍රඥා ඇති වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං, කායස්ස ච භෙදා පරම්මරණා සුගති පාටිකඞ්ඛාති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ විඝාත රහිත උපායාස රහිත පරිදාහ රහිත පරිදාහ රහිත සුඛවිහරණ කෙරෙයි. කාබුන් මරණින් මතුදු සුගති කැමැති විය යුතු යි.
Pali BJT5. 1. 1. 4.
Sinhala BJT5. 1. 1. 4.
Pali BJT[යථාභතසුත්තං]
Sinhala BJT[යථාභත සූත්‍රය]
Pali BJT4 පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT4. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ගෙණවුත් බහාතබන ලදුයේ යම් සේ වේ නම් එසේ නිරයෙහි තැබුනේ වේ. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අස්සද්ධො හොති, අහිරිකො හොති, අනොත්තප්පී හොති, කුසීතො හොති, දුප්පඤ්ඤො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ අශ්‍රද්ධ වෙයි, හිරි නැති වෙයි. ඔතප් නැති වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ගෙණවුත් බහාතබන ලදුයේ යම් සේ වේ නම්, එසේ නිරයෙහි තැබුනේ වේ.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ගෙණවුත් බහාතබන ලදුයේ යම් සේ වේ නම් එසේ ස්වර්‍ගයෙහි තැබුනේ වේ. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සද්ධො හොති, හිරිමා හොති, ඔත්තප්පී හොති, ආරද්ධවිරියො හොති, පඤ්ඤවා හොති, ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. ඇරඹූ වැර ඇති වෙයි. පැණැති වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ගෙණවුත් බහාතබන ලද්දේ යම් සේ වේ නම් එසේ ස්වර්‍ගයෙහි තැබුනේ වේ ය යි.
Pali BJT5. 1. 1. 5.
Sinhala BJT5. 1. 1. 5.
Pali BJT[සික්ඛාපච්චක්ඛානසුත්තං]
Sinhala BJT[සික්ඛාපච්චක්ඛාන සූත්‍රය]
Pali BJT5. යො හි කොචි භික්ඛවෙ භික්ඛු වා භික්ඛුණී වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති, තස්ස දිට්ඨෙ චෙව ධම්මෙ{1} පඤ්ච සහධම්මිකා වාදානුපාතා ගාරය්හා ඨානා{2} ආගච්ඡන්ති. කතමෙ පඤ්ච:
Sinhala BJT5. මහණෙනි, යම් මහණෙක් වේ ව යි, මෙහෙණක් වේ ව යි, ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හුනු බවට (ගිහිබවට) වැටේ නම්, ඔහට දිටුදැහැමියෙහි ම ගැරහිය යුතු කරුණු වූ සහේතුක වාදප්‍රවෘත්ති (මෙරමා නගන කතා) පසෙක් එළඹේ. කවර පසෙක යත්:
Pali BJT“සද්ධාපි නාම තෙ නාහොසි කුසලෙසු ධම්මෙසු. හිරීපි නාම තෙ නාහොසි කුසලෙසු ධම්මෙසු. ඔත්තප්පම්පි නාම තෙ නාහොසි කුසලෙසු ධම්මෙසු. විරියම්පි නාම තෙ නාහොසි කුසලෙසු ධම්මෙසු. පඤ්ඤාපි නාම තෙ නාහොසි කුසලෙසු ධම්මෙසු.”
Sinhala BJT“තට කුසල්දහම්හි සැදැහැ ද නො වී. තට කුසල්දහම්හි හිරි ද නො වී. තට කුසල්දහම්හි ඔතප් ද නො වී. තට කුසල්දහම්හි වැර ද නො වී. තට කුසල්දහම්හි පැණ ද නො වී” ය යි.
Pali BJTයො හි කොචි භික්ඛවෙ භික්ඛු වා භික්ඛුණී වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති, තස්ස දිට්ඨෙ චෙව ධම්මෙ ඉමෙ පඤ්ච සහධම්මිකා වාදානුපාතා ගාරය්හා ඨානා{2} ආගච්ඡන්ති.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණෙක් වේ ව යි, මෙහෙණක් වේ ව යි, ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හුනු බවට වැටේ නම් ඔහුට දිටුදැමියෙහි ම ගැරහිය යුතු කරුණු වූ මේ පඤ්චසහධාර්මිකවාද ප්‍රවෘත්තිහු එළඹෙත්.
Pali BJTයො හි කොචි භික්ඛවෙ භික්ඛු වා භික්ඛුණී වා සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන අස්සුමුඛො රුදමානො පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති, තස්ස දිට්ඨෙ චෙව ධම්මෙ පඤ්ච සහධම්මිකා පාසංසා ඨානා{3} ආගච්ඡන්ති. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, කිසියම් මහණෙක් වේ ව යි, මෙහෙණක් වේ ව යි, දුක් සහිතව ද දොම්නස් සහිතව ද කඳුළුවැකි මුහුණු ඇතියේ ද වලප්නේ ද පිරිපුන් පිරිසිදු බඹසර සෙරේ නම්, ඔහට දිටුදැහැමියෙහි ම පඤ්චසහධාර්මික ප්‍රසංසාස්ථාන කෙනෙක් එත්. කවර පස්දෙනෙක යත්:
Pali BJTසද්ධාපි නාම තෙ අහොසි කුසලෙසු ධම්මෙසු. හිරීපි නාම තෙ අහොසි කුසලෙසු ධම්මෙසු. ඔත්තප්පම්පි නාම තෙ අහොසි කුසලෙසු ධම්මෙසු. විරියම්පි නාම තෙ අහොසි කුසලෙසු ධම්මෙසු. පඤ්ඤාපි නාම තෙ අහොසි කුසලෙසු ධම්මෙසු.”
Sinhala BJT“තට කුශලධර්‍මයෙහි ශ්‍රද්ධා නමුදු වී. තට කුශලධර්‍මයෙහි හිරි නමුදු වී. තට කුශලධර්‍මයෙහි ඔතප් නමුදු වී. තට කුශලධර්‍මයෙහි වීර්‍ය්‍ය නමුදු වී. තට කුශලධර්‍මයෙහි ප්‍රඥා නමුදු වී” ය යි.
Pali BJTයො හි කොචි භික්ඛවෙ භික්ඛු වා භික්ඛුණී වා සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන අස්සුමුඛො රුදමානො පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති තස්ස දිට්ඨෙ චෙව ධම්මෙ ඉමෙ පඤ්ච සහධම්මිකා. පාසංසා ඨානා ආගච්ඡන්තීති.
Sinhala BJTමහණෙනි, කිසියම් මහණෙක් වේ වයි, මෙහෙණක් වේ ව යි, දුක් සහිතව ද දොම්නස් සහිතව ද කඳුළුවැකි මුහුණු ඇතියේ ද වලප්නේ ද පිරිපුන් පිරිසිදු බඹසර සෙරේ නම් ඔහට වත්මනු බෙවෙහි ම පැසසිය යුතු කරුණු වූ මේ පඤ්චසහධාර්මිකයෝ පැමිණෙති.
Pali BJT5. 1. 1. 6.
Sinhala BJT5. 1. 1. 6.
Pali BJT[අකුසලසමාපත්තිසුත්තං]
Sinhala BJT[අකුසලසමාපත්ති සූත්‍රය]
Pali BJT6. න තාව භික්ඛවෙ අකුසලස්ස සමාපත්ති හොති. යාව සද්ධා පච්චුපට්ඨිතා හොති කුසලෙසු ධම්මෙසු. යතො ච ඛො භික්ඛවෙ සද්ධා අන්තරහිතා හොති, අස්සද්ධියං පරියුට්ඨාය තිට්ඨති, අථ අකුසලස්ස සමාපත්ති හොති.
Sinhala BJT6. මහණෙනි, කුශලධර්‍මයෙහි යම් තාක් ශ්‍රද්ධා එළඹ සිටියා වේ ද, ඒ තාක් අකුශලයාගේ සමාපත්තියෙක් (වැදගැන්මෙක්) නො වේ. මහණෙනි, යම් හෙයෙකින් ශ්‍රද්ධා අතුරුදන් වේ ද, අශ්‍රද්ධාභාවය මතුව නැඟගෙණ සිටුනේ වේ ද, එකල්හි අකුශලයාගේ සමාපත්තිය වෙයි.
Pali BJTන තාව භික්ඛවෙ අකුසලස්ස සමාපත්ති හොති, යාව හිරි පච්චුපට්ඨිතා හොති කුසලෙසු ධම්මෙසු. යතො ච ඛො භික්ඛවෙ හිරි අන්තරහිතා හොති, අහිරිකං පරියුට්ඨාය තිට්ඨති, අථ අකුසලස්ස සමාපත්ති හොති.
Sinhala BJTමහණෙනි, යම් තාක් කුශලධර්‍මයෙහි හිරි එළඹ සිටියා වේ ද, ඒ තාක් අකුශලසමාපත්තියෙක් නො වේ. මහණෙනි, යම් හෙයෙකින් හිරි අතුරුදන් වේ ද, අහිරික භාවය නැඟගෙණ සිටුනේ වේ ද, එකල්හි අකුශලසමාපත්තිය වෙයි.
Pali BJTන තාව භික්ඛවෙ අකුසලස්ස සමාපත්ති හොති යාව ඔත්තප්පං පච්චුපට්ඨිතං හොති කුසලෙසු ධම්මෙසු. යතො ච ඛො භික්ඛවෙ ඔත්තප්පං අන්තරහිතං හොති. අනොත්තප්පං පරියුට්ඨාය තිට්ඨති, අථ අකුසලස්ස සමාපත්ති හොති.
Sinhala BJTමහණෙනි, යම් තාක් කුශලධර්‍මයෙහි ඔතප් එළඹ සිටියේ වේ ද, ඒ තාක් අකුශලසමාපත්තිය නො වේ, මහණෙනි, යම් හෙයෙකින් ඔතප් අතුරුදන් වේ ද, අපත්‍රපා නැඟගෙණ සිටුනී වේ ද, එකල්හි අකුශලසමාපත්තිය වෙයි.
Pali BJTන තාව භික්ඛවෙ අකුසලස්ස සමාපත්ති හොති යාව විරියං පච්චුපට්ඨිතං හොති කුසලෙසු ධම්මෙසු. යතො ච ඛො භික්ඛවෙ විරියං අන්තරහිතං හොති, කොසජ්ජං පරියුට්ඨාය තිට්ඨති, අථ අකුසලස්ස සමාපත්ති හොති.
Sinhala BJTමහණෙනි, යම් තාක් කුශලධර්‍මයෙහි වීර්‍ය්‍ය එළඹ සිටියේ වේ ද, ඒ තාක් අකුශලසමාපත්තිය නො වේ. මහණෙනි, යම් හෙයෙකින් වීර්‍ය්‍ය අතුරුදන් වේ ද, කුසීතභාවය නැඟගෙණ සිටුනේ ද, එකල්හි අකුශල සමාපත්තිය වේ.
Pali BJTන තාව භික්ඛවෙ අකුසලස්ස සමාපත්ති හොති යාව පඤ්ඤා පච්චුපට්ඨිතා හොති කුසලෙසු ධම්මෙසු. යතො ච ඛො භික්ඛවෙ පඤ්ඤා අන්තරහිතා හොති, දුප්පඤ්ඤා පරියුට්ඨාය තිට්ඨති, අථ අකුසලස්ස සමාපත්ති හොතීති.
Sinhala BJTමහණෙනි, යම් තාක් කුශලධර්‍මයෙහි ප්‍රඥා එළඹ සිටියා වේ ද, ඒ තාක් අකුශලසමාපත්තිය නො වේ. මහණෙනි, යම් හෙයෙකින් ප්‍රඥා අතුරුදන් වේ ද, දුෂ්ප්‍රඥා නැඟගෙණ සිටුනී ද, එකල්හි අකුශල සමාපත්තිය වේ ය යි.
Pali BJT5. 1. 1. 7.
Sinhala BJT5. 1. 1. 7.
Pali BJT[කාමෙසුපලාළිතසුත්තං]
Sinhala BJT[කාමෙසුපලාළිත සූත්‍රය]
Pali BJT7. යෙභුය්යෙන භික්ඛවෙ සත්තා කාමෙසු පලාළිතා.{1} අසිතව්යාභඞ්ගිං{2} භික්ඛවෙ කුලපුත්තො ඔහාය අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, ‘සද්ධාපබ්බජිතො{3} කුලපුත්තො’ති අලං වචනාය. තං කිස්ස හෙතු:
Sinhala BJT7. මහණෙනි, බෙහෙවින් ම සත්ත්‍වයෝ වස්තුකාමක්ලේශකාමයෙහි ප්‍රකර්‍ෂයෙන් ඇලුනාහ. මහණෙනි, කුලපුත් (තණකපන) දෑකැත්ත හා තණ කද තබාපියා ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, ‘සැදැහැයෙන් සසුන් වන් කුලපුත්හ’යි කියන්නට නිසි වෙයි. එ කවර හෙයින යත්:
Pali BJTලබ්භා{4} භික්ඛවෙ යොබ්බනෙන කාමා. තෙ ච ඛො යාදිසා වා තාදිසා වා යෙ ච භික්ඛවෙ හීනා කාමා, යෙ ච මජ්ඣිමා කාමා, යෙ ච පණීතා කාමා සබ්බෙ කාමා ‘කාමා‘ත්වෙව සඞ්ඛං ගච්ඡන්ති.
Sinhala BJTමහණෙනි, යොවුනෙන් කාමයෝ ලැබිය හෙති. ඔහුදු යම් යම් බඳු වෙති. මහණෙනි, යම් බඳු (පඤ්චහීනකුලයන්ගේ) හීනකාමයෝ වෙත් ද, යම් බඳු (මධ්‍යමසත්ත්‍වයන්ගේ) මධ්‍යමකාමයෝ වෙත් ද, යම් බඳු (රාජාදීන්ගේ) ප්‍රණීත කාමයෝ වෙත් ද, එ හැම කාමයෝ (කාමන විසින්) ‘කාමය හ’ යි ම සඞ්ඛ්‍යාවට යෙත්.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ දහරො කුමාරො මන්දො උත්තානසෙය්යකො ධාතියා පමාදමන්වාය කට්ඨං වා කඨලං වා මුඛෙ ආහරෙය්ය, තමෙනං ධාති සීඝසීඝං{1} මනසි කරෙය්ය, සීඝසීඝං මනසි කරිත්වා සීඝසීඝං ආහරෙය්ය, නො චෙ සක්කුණෙය්ය සීඝසීඝං ආහරිතුං වාමෙන හත්ථෙන සීසං පරිග්ගහෙත්වා දක්ඛිණෙන හත්ථෙන වඞ්කඞ්ගුලිං{2} කරිත්වා සලොහිතම්පි ආහරෙය්ය. තං කිස්ස හෙතු: අත්ථෙසා භික්ඛවෙ කුමාරස්ස විහෙසා, නෙසා නත්ථීති වදාමි. කරණීයඤ්ච{3} ඛො එතං භික්ඛවෙ ධාතියා අත්ථකාමාය හිතෙසිනියා අනුකම්පිකාය අනුකම්පං උපාදාය.
Sinhala BJTමහණෙනි, යම් පරිද්දෙකින් බොළඳ වූ, උඩුකුරුව හෝනා ලදරු කුමරෙක් කිරිමවගේ පමාදොස නිසා ලීකඩක් හෝ කැබිලිත්තක් හෝ මුවෙහි බහාගන්නේ වේ නම් ධාතිතොමෝ වහවහා තෙල කරුණ මෙනෙහි කරයි. වහ වහා මෙනෙහි කොට වහ වහා එය බැහැර කරන්නී වෙයි. ඉදින් වහ වහා බැහැර කරන්නට නොහැකි වූ නම්, වමතින් හිස හම්නාගෙණ දකුණතින් වකැඟිලි කොට ලේ සහිත කොට ද බැහැර කරන්නී ය. එ කවර හෙයින යත්: මහණෙනි, කුමරහට තෙල වෙහෙස ඇත් මය, තෙල නැතැයි නො කියමි. මහණෙනි, (එහෙත්) අර්‍ත්‍ථ කැමැති හිතෛෂිණී අනුකම්පා ඇති ධාතිය විසින් අනුකම්පා පිණිස තෙල කටයුතු ම වෙයි.
Pali BJTයතො ච ඛො සො භික්ඛවෙ කුමාරො වුද්ධො හොති අලංපඤ්ඤො අනපෙක්ඛා පන{4} භික්ඛවෙ ධාති තස්මිං කුමාරෙ හොති ‘අත්තගුත්තොදානි කුමාරො නාලං පමාදායා’ති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක පටන් ගෙණ එ කුමර යුතු පමණ පැණැති වෘද්ධයෙක් වේ ද, මහණෙනි, එ සඳ ධාතිය ඒ කුමර කෙරෙහි “දැන් කුමරු ආත්මගුප්ත වෙයි, (තෙමේ ම රැකෙයි.) ප්‍රමාදයට නො නිසි වෙති”යි අපේක්‍ෂාරහිත වෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ යාවකීවඤ්ච භික්ඛුනො සද්ධාය අකතං හොති කුසලෙසු ධම්මෙසු, හිරියා අකතං හොති කුසලෙසු ධම්මෙසු, ඔත්තප්පෙන අකතං හොති කුසලෙසු ධම්මෙසු, විරියෙන අකතං හොති කුසලෙසු ධම්මෙසු, පඤ්ඤාය අකතං හොති කුසලෙසු ධම්මෙසු, අනුරක්ඛිතබ්බො තාව මෙ සො භික්ඛවෙ භික්ඛු හොති.
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් ම මහණහු විසින් යම් පමණ කල් කුශල ධර්‍මයෙහි ශ්‍රද්ධායෙන් කටයුතු දැය නො කරණ ලද්දේ වේ ද, කුශලධර්‍මයෙහි හිරියෙන් කටයුතු දැය නො කරණ ලද්දේ වේ ද, කුශලධර්‍මයෙහි අපත්‍රපායෙන් කටයුතු දැය නො කරණ ලද්දේ වේ ද, වීර්‍ය්‍යයෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැය නො කරණ ලද්දේ වේ ද, ප්‍රඥායෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැය නො කරණ ලද්දේ වේ ද, මහණෙනි, මා විසින් එ මහණ එතෙක් රැකිය යුතු වෙයි.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ භික්ඛුනො{5} සද්ධාය කතං හොති කුසලෙසු ධම්මෙසු, හිරියා කතං හොති කුසලෙසු ධම්මෙසු, ඔත්තප්පෙන කතං හොති කුසලෙසු ධම්මෙසු, විරියෙන කතං හොති කුසලෙසු ධම්මෙසු, පඤ්ඤාය කතං හොති කුසලෙසු ධම්මෙසු, අනපෙඛො දානාහං භික්ඛවෙ තස්මිං භික්ඛුස්මිං හොමි ‘අත්තගුත්තොදානි භික්ඛු{6} නාලං පමාදායා’ති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක පටන් ගෙණ මහණහු විසින් කුශලධර්‍මයෙහි ශ්‍රද්ධායෙන් කටයුතු දැ කරණ ලද්දේ වේ ද, හිරියෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැ කරණ ලද්දේ වේ ද, අපත්‍රපායෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැ කරණ ලද්දේ වේ ද, වීර්‍ය්‍යයෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැ කරණ ලද්දේ වේ ද, ප්‍රඥායෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැ කරණ ලද්දේ වේ ද, මහණෙනි, (සෝවන්පෙලෙහි සිටුනා) එ මහණහු කෙරෙහි “දැන් මහණ ආත්මගුප්ත වෙයි. පමාවට නො නිසි වෙති”යි. අපේක්‍ෂා නැතියෙම් වෙමි යි.
Pali BJT5. 1. 1. 8.
Sinhala BJT5. 1. 1. 8.
Pali BJT[චවනසුත්තං]
Sinhala BJT[චවන සූත්‍රය]
Pali BJT8. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු චවති, නප්පතිට්ඨාති සද්ධම්මෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT8. මහණෙනි, පඤ්ච ධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ච්‍යුත වෙයි. ශාසන සද්ධර්‍මයෙහි නොපිහිටුනේ වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඅස්සද්ධො භික්ඛවෙ භික්ඛු චවති, නප්පතිට්ඨාති සද්ධම්මෙ. අහිරිකො භික්ඛවෙ භික්ඛු චවති, නප්පතිට්ඨාති සද්ධම්මෙ. අනොත්තප්පී භික්ඛවෙ භික්ඛු චවති, නප්පතිට්ඨාති සද්ධම්මෙ. කුසීතො භික්ඛවෙ භික්ඛු චවති, නප්පතිට්ඨාති සද්ධම්මෙ. දුප්පඤ්ඤො භික්ඛවෙ භික්ඛු චවති, නප්පතිට්ඨාති සද්ධම්මෙ.
Sinhala BJTමහණෙනි, සැදැහැ නැති මහණ (ගුණදහමින්) ච්‍යුත වෙයි. ශාසන සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, විළිනැති මහණ ච්‍යුත වෙයි, සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, ඔතප් නැති මහණ ච්‍යුත වෙයි. සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, මැළි මහණ ච්‍යුත වෙයි. සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, දුෂ්ප්‍රාඥ මහණ ච්‍යුත වෙයි. සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු චවති, නප්පතිට්ඨාති සද්ධම්මෙ.
Sinhala BJTමහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ (ගුණෙන්) ච්‍යුත වෙයි: ශාසනසද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු න චවති, පතිට්ඨාති සද්ධම්මෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ච්‍යුත නො වෙයි. ශාසනසද්ධර්‍මයෙහි පිහිටුනේ වෙයි. කවර පසෙකින යත්:
Pali BJTසද්ධො භික්ඛවෙ භික්ඛු න චවති, පතිට්ඨාති සද්ධම්මෙ හිරිමා භික්ඛවෙ භික්ඛු න චවති, පතිට්ඨාති සද්ධම්මෙ. ඔත්තප්පී භික්ඛවෙ භික්ඛු න චවති පතිට්ඨාති සද්ධම්මෙ ආරද්ධවිරියො භික්ඛවෙ භික්ඛු න චවති, පතිට්ඨාති සද්ධම්මෙ. පඤ්ඤවා භික්ඛවෙ භික්ඛු න චවති, පතිට්ඨාති සද්ධම්මෙ.
Sinhala BJTමහණෙනි, සැදැහැති මහණ ච්‍යුත නො වෙයි. සද්ධර්‍මයෙහි පිහිටුනේ වෙයි. මහණෙනි, විළි ඇති මහණ ච්‍යුත නො වෙයි. සද්ධර්‍මයෙහි පිහිටුනේ වෙයි. මහණෙනි, ඔතප් ඇති මහණ ච්‍යුත නො වෙයි. සද්ධර්‍මයෙහි පිහිටුනේ වෙයි. මහණෙනි, රුකුළු වැර ඇති මහණ ච්‍යුත නො වෙයි. සද්ධර්‍මයෙහි පිහිටුනේ වෙයි. මහණෙනි, ප්‍රඥා ඇති මහණ ච්‍යුත නො වෙයි. සද්ධර්‍මයෙහි පිහිටුනේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛූ න චවති පතිට්ඨාති සද්ධම්මෙති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ (ගුණෙන්) ච්‍යුත නො වේ. සද්ධර්‍මයෙහි පිහිටුනේ වේ.
Pali BJT5. 1. 1. 9.
Sinhala BJT5. 1. 1. 9.
Pali BJT[පඨමඅගාරවසුත්තං]
Sinhala BJT[පඨමඅගාරව සූත්‍රය]
Pali BJT9. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අගාරවො අප්පතිස්සො චවති, නප්පතිට්ඨාති සද්ධම්මෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT9. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය (බුද්ධාදීන් කෙරෙහි යටත්වැටුම්) නැතියේ, ච්‍යුත වෙයි. සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඅස්සද්ධො භික්ඛවෙ භික්ඛු අගාරවො අප්පතිස්සො චවති, නප්පතිට්ඨාති සද්ධම්මෙ. අහිරිකො භික්ඛවෙ භික්ඛු -පෙ- අනොත්තප්පී භික්ඛවෙ භික්ඛු -පෙ- කුසීතො භික්ඛවෙ භික්ඛු -පෙ- දුප්පඤ්ඤො භික්ඛවෙ භික්ඛු අගාරවො අප්පතිස්සො චවති, නප්පතිට්ඨාති සද්ධම්මෙ.
Sinhala BJTමහණෙනි, ශ්‍රද්ධා නැති මහණ ගෞරව නැතියේ ප්‍රතිශ්‍රය (දෙටුවකු) නැතියේ, ච්‍යුත වෙයි. සද්ධර්‍මයෙහි නොපිහිටුනේ වෙයි. මහණෙනි, විළි නැති මහණ ... මහණෙනි, ඔතප් නැති මහණ ... මහණෙනි, කුසීත මහණ ... මහණෙනි, දුෂ්ප්‍රාඥ මහණ ගෞරව නැතියේ ප්‍රතිශ්‍රය නැතියේ ච්‍යුත වේ. සද්ධර්‍මයෙහි නොපිහිටුනේ වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අගාරවො අප්පතිස්සො චවති, නප්පතිට්ඨාති සද්ධම්මෙ.
Sinhala BJTමහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය නැතියේ, (ගුණෙන්) ච්‍යුත වෙයි. සද්ධර්‍මයෙහි නොපිහිටුනේ වෙ යි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු සගාරවො සප්පතිස්සො න චවති, පතිට්ඨාති සද්ධම්මෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, ච්‍යුත නො වේ, සද්ධර්‍මයෙහි පිහිටුනේ වේ. කවර පසෙකින යත්:
Pali BJTසද්ධො භික්ඛවෙ භික්ඛු සගාරවො සප්පතිස්සො න චවති පතිට්ඨාති සද්ධම්මෙ. හිරිමා භික්ඛවෙ භික්ඛු -පෙ- ඔත්තප්පී භික්ඛවෙ භික්ඛු -පෙ- ආරද්ධවිරියො භික්ඛවෙ භික්ඛු -පෙ- සප්පඤ්ඤො භික්ඛවෙ භික්ඛු සගාරවො සප්පතිස්සො න චවති, පතිට්ඨාති සද්ධම්මෙ.
Sinhala BJTමහණෙනි, සැදැහැති මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, ච්‍යුත නො වේ. සද්ධර්‍මයෙහි පිහිටුනේ වේ. මහණෙනි, හිරි ඇති මහණ ... මහණෙනි, ඔතප් ඇති මහණ ... මහණෙනි, ඇරැඹු වැර ඇති මහණ ... මහණෙනි, ප්‍රඥා ඇති මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, (ගුණෙන්) ච්‍යුත නො වෙයි. සද්ධර්‍මයෙහි පිහිටුනේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සගාරවො සප්පතිස්සො න චවති, පතිට්ඨාති සද්ධම්මෙති.
Sinhala BJT__missing trans__
Pali BJT5. 1. 1. 10.
Sinhala BJT5. 1. 1. 10.
Pali BJT[දුතියඅගාරවසුත්තං]
Sinhala BJT[දුතියඅගාරව සූත්‍රය]
Pali BJT10. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අගාරවො අප්පතිස්සො අභබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුං කතමෙහි පඤ්චෙහි:
Sinhala BJT10. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය නැතියේ, මෙ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට (නිශ්චල භාවයට) වෛපුල්‍යයට (මහත්බවට) පැමිණෙනුවට අභව්‍ය (අභාජන) වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඅස්සද්ධො භික්ඛවෙ භික්ඛු අගාරවො අප්පතිස්සො අභබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුං. අහිරිකො භික්ඛවෙ භික්ඛු -පෙ- අනොත්තප්පී භික්ඛවෙ භික්ඛු -පෙ- කුසීතො භික්ඛවෙ භික්ඛු -පෙ- දුප්පඤ්ඤො භික්ඛවෙ භික්ඛු අගාරවො අප්පතිස්සො අභබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුං.
Sinhala BJTමහණෙනි, ශ්‍රද්ධා නැති මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය නැතියේ මෙ දහම්විනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට අභව්‍ය වෙයි. මහණෙනි, හිරි නැති මහණ ... මහණෙනි, ඔතප් නැති මහණ ... මහණෙනි, කුසීත මහණ ... මහණෙනි, දුෂ්ප්‍රාඥ මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය නැතියේ, මේ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට අභව්‍ය වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අගාරවො අප්පතිස්සො අභබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුං.
Sinhala BJT__missing trans__
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු සගාරවො සප්පතිස්සො භබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුං කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ගෞරව ඇතියේ ප්‍රතිශ්‍රය ඇතියේ, මෙ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට භව්‍ය වෙයි. කවර පසෙකින යත්:
Pali BJTසද්ධො භික්ඛවෙ භික්ඛු සගාරවො සප්පතිස්සො භබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුං. හිරිමා භික්ඛවෙ භික්ඛු -පෙ- ඔත්තප්පී භික්ඛවෙ භික්ඛු -පෙ- ආරද්ධවිරියො භික්ඛවෙ භික්ඛු -පෙ- පඤ්ඤවා භික්ඛවෙ භික්ඛු සගාරවො සප්පතිස්සො භබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුං.
Sinhala BJTමහණෙනි, ශ්‍රද්ධා ඇති මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, මෙ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට භව්‍ය වෙයි. මහණෙනි, හිරි ඇති මහණ ... මහණෙනි, ඔතප් ඇති මහණ ... මහණෙනි, රුකුළු වැර ඇති මහණ ... මහණෙනි, ප්‍රඥා ඇති මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, මෙ ධර්‍ම විනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට භව්‍ය වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සගාරවො සප්පතිස්සො භබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, මේ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට භව්‍ය වේ.
Pali BJTසෙඛබලවග්ගො පඨමො
Sinhala BJTසේඛබලවර්‍ගය ප්‍රථම යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසඞ්ඛිත්තං විත්ථතං දුක්ඛං{1} භතං සික්ඛාය පඤ්චමං, සමාපත්ති ච කාමෙසු චවනා ද්වෙ අගාරවාති.
Sinhala BJTසඞ්ඛිත්තය, විත්‍ථතය, දුක්‍ඛය, ආභතය, සික්‍ඛාය, සමාපත්තිය, කාමය, චවනය, අගාරව සූත්‍ර දෙක දැයි දශයෙකි.
Pali BJT2. බලවග්ගො
Sinhala BJT2. බල වර්‍ගය
Pali BJT5. 1. 2. 1.
Sinhala BJT5. 1. 2. 1.
Pali BJT[තථාගතබලසුත්තං]{*}
Sinhala BJT[තථාගතබල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT11. පුබ්බාහං භික්ඛවෙ අනනුස්සුතෙසු ධම්මෙසු අභිඤ්ඤාවොසානපාරමිප්පත්තො පටිජානාමි.
Sinhala BJT11. මහණෙනි, මම පෙර නො ඇසූ සියුසස් දහම්හි (සොළොස් කරණී විසින්) වෙසෙසින් දැන (කෘතකෘත්‍ය වන බැවින්) පර්‍ය්‍යවසානභාවසඞ්ඛ්‍යාත පරතෙර පැමිණියෙමි යි පිළිණ කරමි.
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ තථාගතස්ස තථාගතබලානි යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJTමහණෙනි, යම් බලයකින් සමන්‍වාගත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළිණ කරණ සේක් ද, පිරිස්හි සිංහනාද කරණ සේක්ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වන සේක් ද, තථාගතයන් වහන්සේගේ මේ තථාගතබලයෝ (ඥානබලයෝ) පස්දෙනෙකි.
Pali BJTකතමානි පඤ්ච: සද්ධාබලං, හිරිබලං ඔත්තප්පබලං, විරියබලං, පඤ්ඤාබලං.
Sinhala BJTකවර පස්දෙනෙක යත්: ශ්‍රද්ධාබලය, හිරිබලය, අපත්‍රපාබලය, වීර්‍ය්‍යබලය, ප්‍රඥාබල යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ පඤ්ච තථාගතස්ස තථාගතබලානි යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙතීති.
Sinhala BJTමහණෙනි, යම් බලයෙකින් සමන්‍වාගත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨස්ථානය පිළිණ කරණ සේක් ද, පිරිස්හි අභීතනාද කරණ සේක් ද, බ්‍රහ්මචක්‍රය පවත්වන සේක් ද, තථාගතයන්වහන්සේගේ එ තථාගතබලයෝ මොහු පස්දෙන වෙති.
Pali BJT5. 1. 2. 2.
Sinhala BJT5. 1. 2. 2.
Pali BJT[සෙඛබලඅග්ගසුත්තං]{†}
Sinhala BJT[සේඛබලඅග්ග සූත්‍රය]
Pali BJT12. පඤ්චිමානි භික්ඛවෙ සෙඛබලානි. කතමානි පඤ්ච: සද්ධාබලං, හිරිබලං, ඔත්තප්පබලං, විරියබලං, පඤ්ඤාබලං. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච සෙඛබලානි.
Sinhala BJT12. මහණෙනි, තෙල සෙඛබලයෝ පස්දෙනෙක. කවර පස්දෙනෙක, යත්: ශ්‍රද්ධාබලය, හිරිබලය, අපත්‍රපාබලය, වීර්‍ය්‍යබලය, ප්‍රඥාබලයි. මහණෙනි තුලුහු පඤ්චශෛක්‍ෂබලයෝ යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං සෙඛබලානං එතං අග්ගං, එතං සඞ්ගාහිකං, එතං සඞ්ඝාතනියං යදිදං පඤ්ඤාබලං.
Sinhala BJTමහණෙනි, මේ පඤ්ච ශෛක්‍ෂබලයන් අතුරින් තෙල අග්‍රය තෙල (ගෝනැස් ගන්නා කූටය සෙයින්) සාඞ්ග්‍රාහිකය (සගන්) වේ. තෙල සන්‍ධි (මුළුලු) කරන්නේ වේ. හෙ කවරේ ය යත්: ප්‍රඥාබල යි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ කූටාගාරස්ස එතං අග්ගං, එතං සඞ්ගාහිකං, එතං සඞ්ඝාතනියං යදිදං කූටං, එවමෙව ඛො භික්ඛවෙ ඉමෙසං පඤ්චන්නං සෙඛබලානං එතං අග්ගං, එතං සඞ්ගාහිකං, එතං සඞ්ඝාතනියං යදිදං පඤ්ඤාබලං.
Sinhala BJTමහණෙනි, යම් සේ කුළුගෙයි තෙල අග්‍රය වේ ද, තෙල සාඞ්ග්‍රාහිකය වේ ද, තෙල සඞ්ඝාතනිය වේ ද, එ කිමෙක යත්: කූටය (මුදුන-කැණිමඬල) යි. මහණෙනි, එ පරිදි ම මෙ පස්වැදෑරුම් සේඛබලයන් අතුරින් තෙල අග්‍ර වෙයි, තෙල සාඞ්ග්‍රාහික වෙයි, තෙල මුළුලු කරන්නේ වෙයි. හෙ කවරේ ය යත්: ප්‍රඥාබල යි.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං: සද්ධාබලෙන සමන්නාගතා භවිස්සාම සෙඛබලෙන, හිරිබලෙන -පෙ- ඔත්තප්පබලෙන -පෙ- විරියබලෙන -පෙ- පඤ්ඤාබලෙන සමන්නාගතා භවිස්සාම සෙඛබලෙනාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය. ශෛක්‍ෂබල වූ ශ්‍රද්ධා බලයෙන් සමන්‍වාගත වම්හ ... හිරිබලයෙන් ... අපත්‍රපාබලයෙන් ... වීර්‍ය්‍යබලයෙන් ... ශෛක්‍ෂබල වූ ප්‍රඥාබලයෙන් සමන්‍වාගත වම්හ යි මහණෙනි, මෙසේම තොප හික්මෙන්නේ ය.
Pali BJT5. 1. 2. 3.
Sinhala BJT5. 1. 2. 3.
Pali BJT[බලසඞ්ඛිත්තසුත්තං]
Sinhala BJT[බලසඞ්ඛිත්ත සූත්‍රය]
Pali BJT13. පඤ්චිමානි භික්ඛවෙ බලානි. කතමානි පඤ්ච:
Sinhala BJT13. මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක. කවර පස්දෙනෙක යත්:
Pali BJTසද්ධාබලං, විරියබලං, සතිබලං, සමාධිබලං, පඤ්ඤාබලං. ඉමානි ඛො භික්ඛවෙ පඤ්චබලානීති.
Sinhala BJTශ්‍රද්ධාබලය, වීර්‍ය්‍යබලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්‍රඥාබල යි. මහණෙනි, මොහු පඤ්චබලයෝ යි.
Pali BJT5. 1. 2. 4.
Sinhala BJT5. 1. 2. 4.
Pali BJT[බලවිත්ථතසුත්තං]
Sinhala BJT[බලවිත්‍ථත සූත්‍රය]
Pali BJT14. පඤ්චිමානි භික්ඛවෙ බලානි. කතමානි පඤ්ච: සද්ධාබලං, විරියබලං, සතිබලං, සමාධිබලං, පඤ්ඤාබලං.
Sinhala BJT14. මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක. කවර පස්දෙනෙක යත්: ශ්‍රද්ධාබලය, වීර්‍ය්‍යබලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්‍රඥාබල යි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ සද්ධාබලං: ඉධ භික්ඛවෙ අරියසාවකො සද්ධො හොති. සද්දහති තථාගතස්ස බොධිං: ඉතිපි සො භගවා අරහං -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ඉදං වුච්චති භික්ඛවෙ සද්ධාබලං.
Sinhala BJTමහණෙනි, ශ්‍රද්ධාබල කවරේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු සැදැහැති වෙයි. තථාගතයන් වහන්සේගේ සම්‍යක්සම්බෝධිය හදහයි. “ඒ භාග්‍යවත්හු මෙ කරුණෙනුදු රහත්හ ... දෙව්මිනිස්නට ශාස්තෘයහ බුද්ධයහ. භගවත්හ”යි. මහණෙනි, මේ ශ්‍රද්ධාබල යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ විරියබලං: ඉධ භික්ඛවෙ අරියසාවකො ආරද්ධ විරියො විහරති අකුසලානං ධම්මානං පහාණාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. ඉදං වුච්චති භික්ඛවෙ විරියබලං.
Sinhala BJTමහණෙනි, වීර්‍ය්‍යබල කවරේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත් පිණිස රුකුළුවැර ඇතිව වෙසෙයි. ස්ථාමවත් වූයේ, දළපැරකුම් ඇතියේ, කුසල්දහම්හි නො හළ ධුර ඇතියේ වෙයි. මහණෙනි, මේ වීර්‍ය්‍යබල යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ සතිබලං: ඉධ භික්ඛවෙ අරියසාවතො සතිමා හොති: පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. ඉදං වුච්චති භික්ඛවෙ සතිබලං.
Sinhala BJTමහණෙනි, ස්මෘතිබල කවරේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු ස්මෘතිමත් වෙයි: පරම වූ ස්මෘතිසම්ප්‍රඥානයෙන් සමන්‍වාගත වූයේ, චිරකෘතය ද චිරභාෂිතය ද සිහි කරණුයේ වෙයි. මහණෙනි, මේ ස්මෘතිබල යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ සමාධිබලං: ඉධ භික්ඛවෙ අරියසාවකො විවිච්චෙව කාමෙහි -පෙ- [පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ-] චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති භික්ඛවෙ සමාධිබලං.
Sinhala BJTමහණෙනි, සමාධිබල කවරේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු කාමයෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. මහණෙනි, මේ සමාධිබල යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ පඤ්ඤාබලං: ඉධ භික්ඛවෙ අරියසාවකො පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. ඉදං වුච්චති භික්ඛවෙ පඤ්ඤාබලං. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච බලානීති.
Sinhala BJTමහණෙනි, ප්‍රඥාබල කවරේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු ප්‍රඥාවත් වෙයි. උදය - වය කරා යන ආර්‍ය්‍ය වූ නිබ්බේධික වූ මොනොවට දුඃඛක්‍ෂය කරමින් යන ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මේ ප්‍රඥාබලය යි කියනු ලැබේ.
Pali BJT5. 1. 2. 5.
Sinhala BJT5. 1. 2. 5.
Pali BJT[බලදට්ඨබ්බසුත්තං]
Sinhala BJT[බලදට්ඨබ්බ සූත්‍රය]