Pali BJTඅත්තනා ච පාණාතිපාතී හොති, පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති, පාණාතිපාතෙ ච සමනුඤ්ඤො හොති, පාණාතිපාතස්ස ච වණ්ණං භාසති.
Sinhala BJTතෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවායෙහි සමාදන් කරවයි. පණිවායෙහි ද අනුදන්නේත් වෙයි. පණිවා පිළිබඳ ගුණ කියන්නේත් වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණ වුත් බහා තැබූයේ යම්සේ වේ ද, එ පරිදි නිරයෙහි වේ.
Pali BJTචතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතුහි?
Sinhala BJTමහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණ වුත් බහා තැබූයේ යම්සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ. කවර සතර කරුණින් යත්:
Pali BJTඅත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති. පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති, පාණාතිපාතා වෙරමණියා ච සමනුඤ්ඤො හොති, පාණාතිපාතා වෙරමණියා ච වණ්ණං භාසති.
Sinhala BJTතෙමේත් පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි. පණිවායෙන් දුරු වීමෙහි අනුදන්නේත් වෙයි. පණිවායෙන් දුරු වීම පිළිබඳ ගුණ කියන්නේත් වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි වේ.
Pali BJT4. 7. 2.
Sinhala BJT4. 7. 2.
Pali BJT[අදින්නාදානසුත්තං]
Sinhala BJT[අදින්නාදාන සූත්‍රය]
Pali BJT2. චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතුහි?
Sinhala BJT2. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එ පරිදි නිරයෙහි වේ. කවර සතර කරුණෙන යත්:
Pali BJTඅත්තනා ච අදින්නාදායී හොති, පරඤ්ච අදින්නාදානෙ සමාදපෙති, අදින්නාදානෙ ච සමනුඤ්ඤො හොති, අදින්නාදානස්ස ච වණ්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.]
Sinhala BJTතෙමේත් අයිනාදන් ගන්නේ වෙයි, මෙරමාත් අයිනාදනෙහි සමාදන් කරවයි. අයිනාදනෙහි ද අනුදන්නේ වෙයි. අයිනාදන පිළිබඳ ගුණ කියන්නේ වෙයි. මහණෙනි, මේ සතර කරුණින් … [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එ පරිදි නිරයෙහි වේ.]
Pali BJT[චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTඅත්තනා ච අදින්නාදානා පටිවිරතො හොති, පරඤ්ච අදින්නාදානා වෙරමණියා සමාදපෙති, අදින්නාදානා වෙරමණියා ච සමනුඤ්ඤො හොති, අදින්නාදානා වෙරමණියා ච වණ්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.]
Sinhala BJTතෙමේත් අයිනාදනින් දුරුවූයේ වෙයි, මෙරමාත් අයිනාදනින් දුරුවීමෙහි සමාදන් කරවයි. අයිනාදනින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. අයිනාදනින් දුරුවීම පිළිබඳ ගුණ කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එ පරිදි ස්‍වර්‍ගයෙහි වේ.]
Pali BJT4. 7. 3.
Sinhala BJT4. 7. 3.
Pali BJT[කාමමිච්ඡාචාරසුත්තං]
Sinhala BJT[කාමමිච්ඡාචාර සූත්‍රය]
Pali BJT3. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT3. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTඅත්තනා ච කාමෙසු මිච්ඡාචාරී හොති, පරඤ්ච කාමෙසු මිච්ඡාචාරෙ සමාදපෙති, කාමෙසු මිච්ඡාචාරෙ ච සමනුඤ්ඤො හොති, කාමෙසු මිච්ඡාචාරස්ස ච වණ්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.]
Sinhala BJTතෙමේත් කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරෙහි අනුදන්නේත් වෙයි. කාමයෙහි මිසහසර පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
Pali BJT[චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTඅත්තනා ච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා සමාදපෙති, කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා ච සමනුඤ්ඤො හොති, කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා ච වණ්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.]
Sinhala BJTතෙමේත් කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරින් දුරුවීමෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවීම පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
Pali BJT4. 7. 4.
Sinhala BJT4. 7. 4.
Pali BJT[මුසාවාදසුත්තං]
Sinhala BJT[මුසාවාද සූත්‍රය]
Pali BJT4. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT4. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTඅත්තනා ච මුසාවාදී හොති, පරඤ්ච මුසාවාදෙ සමාදපෙති, මුසාවාදෙ ච සමනුඤ්ඤො හොති, මුසාවාදස්ස ච වණ්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.]
Sinhala BJTතෙමේත් මුසවා බණන්නේ වෙයි. මෙරමාත් මුසවායෙහි සමාදන් කරවයි. මුසවායෙහි අනුදන්නේත් වෙයි. මුසවා පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මෙ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
Pali BJT[චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTඅත්තනා ච මුසාවාදා පටිවිරතො හොති, පරඤ්ච මුසාවාදා වෙරමණියා සමාදපෙති, මුසාවාදා වෙරමණියා ච සමනුඤ්ඤො හොති, මුසාවාදා වෙරමණියා ච වණ්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.]
Sinhala BJTතෙමේත් මුසවායෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් මුසවායෙන් දුරුවීමෙහි සමාදන් කරවයි. මුසවායෙන් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. මුසවායෙන් දුරුවීම පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
Pali BJT4. 7. 5.
Sinhala BJT4. 7. 5.
Pali BJT[පිසුණාවාචාසුත්තං]
Sinhala BJT[පිසුණවාචා සූත්‍රය]
Pali BJT5. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT5. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTඅත්තනා ච පිසුණාවාචො හොති, පරඤ්ච පිසුණාවාචාය සමාදපෙති, පිසුණාවාචාය ච සමනුඤ්ඤො හොති, පිසුණාවාචාය ච වණ්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.]
Sinhala BJTතෙමේත් පිසුනුබස් ඇතියේ වෙයි. මෙරමාත් පිසුනුබස්හි සමාදන් කරවයි. පිසුනුබස්හි අනුදන්නේත් වෙයි. පිසුනුබස් පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
Pali BJT[චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTඅත්තනා ච පිසුණාවාචා පටිවිරතො හොති, පරඤ්ච පිසුණාවාචාය වෙරමණියා සමාදපෙති, පිසුණාවාචා වෙරමණියා ච සමනුඤ්ඤො හොති, පිසුණාවාචා වෙරමණියා ච වණ්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.]
Sinhala BJTතෙමේත් පිසුනුබසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පිසුනුබසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පිසුනුබසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. පිසුනුබසින් දුරුවීම පිළිබඳ ගුණ ද කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම්සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
Pali BJT4. 7. 6.
Sinhala BJT4. 7. 6.
Pali BJT[ඵරුසාවාචාසුත්තං]
Sinhala BJT[ඵරුසාවාචා සූත්‍රය]
Pali BJT6. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT6. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTඅත්තනා ච ඵරුසාවාචො හොති, පරඤ්ච ඵරුසාවාචාය සමාදපෙති, ඵරුසාවාචාය ච සමනුඤ්ඤො හොති, ඵරුසාවාචාය ච වණ්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.]
Sinhala BJTතෙමේත් පරොස්බස් ඇතියේ වෙයි. මෙරමාත් පරොස්බස්හි සමාදන් කරවයි. පරොස්බස්හි අනුදන්නේත් වෙයි. පරොස්බස් පිළිබඳ ගුණ ද කියයි.. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
Pali BJT[චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTඅත්තනා ච ඵරුසාවාචාය පටිවිරතො හොති, පරඤ්ච ඵරුසාවාචාය වෙරමණියා සමාදපෙති, ඵරුසාවාචාය වෙරමණියා ච සමනුඤ්ඤො හොති, ඵරුසාවාචාය වෙරමණියා ච වණ්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.]
Sinhala BJTතෙමේත් පරොස්බසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පරොස්බසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පරොස්බසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. පරොස්බසින් දුරුවීම පිළිබඳ ගුණ ද කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
Pali BJT4. 7. 7.
Sinhala BJT4. 7. 7.
Pali BJT[සම්ඵප්පලාපසුත්තං]
Sinhala BJT[සම්ඵප්පලාප සූත්‍රය]
Pali BJT7. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT7. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTඅත්තනා ච සම්ඵප්පලාපී හොති, පරඤ්ච සම්ඵප්පලාපෙ සමාදපෙති, සම්ඵප්පලාපෙ ච සමනුඤ්ඤො හොති, සම්ඵප්පලාපස්ස ච වණ්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.]
Sinhala BJTතෙමේත් සම්ඵප්‍රලාප ඇතියේ වෙයි. මෙරමාත් සම්ඵප්‍රලාපයෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපයෙහි අනුදන්නේත් වෙයි. සම්ඵප්‍රලාපය පිළිබඳ ගුණ ද කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
Pali BJT[චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTඅත්තනා ච සම්ඵප්පලාපා පටිවිරතො හොති, පරඤ්ච සම්ඵප්පලාපා වෙරමණියා සමාදපෙති, සම්ඵප්පලාපා වෙරමණියා ච සමනුඤ්ඤො හොති, සම්ඵප්පලාපා වෙරමණියා ච වණ්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.]
Sinhala BJTතෙමේත් සම්ඵප්‍රලාපයෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් සම්ඵප්‍රලාපයෙන් දුරුවීමෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපයෙන් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. සම්ඵප්‍රලාපයෙන් දුරුවීම පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
Pali BJT4. 7. 8.
Sinhala BJT4. 7. 8.
Pali BJT[අභිජ්ඣාලුසුත්තං]
Sinhala BJT[අභිජ්ඣාලු සූත්‍රය]
Pali BJT8. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT8. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTඅත්තනා ච අභිජ්ඣාලු හොති, පරඤ්ච අභිජ්ඣාය සමාදපෙති, අභිජ්ඣාය ච සමනුඤ්ඤො හොති. අභිජ්ඣාය ච වණ්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.]
Sinhala BJTතෙමේත් අභිධ්‍යා බහුල වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අභිධ්‍යායෙහි අනුදන්නේත් වෙයි. අභිධ්‍යාව පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
Pali BJT[චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTඅත්තනා ච අනභිජ්ඣාලු හොති, පරඤ්ච අනභිජ්ඣාය සමාදපෙති, අනභිජ්ඣාය ච සමනුඤ්ඤො හොති, අනභිජ්ඣාය ච වණ්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.]
Sinhala BJTතෙමේත් අභිධ්‍යා බහුල නොවූයේ වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අනභිධ්‍යායෙහි අනුදන්නේත් වෙයි. අනභිධ්‍යාව පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
Pali BJT4. 7. 9.
Sinhala BJT4. 7. 9.
Pali BJT[බ්යාපන්නචිත්තසුත්තං]
Sinhala BJT[බ්‍යාපන්නචිත්ත සූත්‍රය]
Pali BJT9. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT9. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTඅත්තනා ච බ්යාපන්නචිත්තො හොති, පරඤ්ච ව්යාපාදෙ සමාදපෙති, ව්යාපාදෙ ච සමනුඤ්ඤො හොති, ව්යාපාදස්ස ච වණ්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.]
Sinhala BJTතෙමේත් ව්‍යාපන්න සිත් ඇත්තේ වෙයි. මෙරමාත් ව්‍යාපාදයෙහි සමාදන් කරවයි. ව්‍යාපාදයෙහි අනුදන්නේත් වෙයි. ව්‍යාපාදය පිළිබඳ ගුණ කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදිම නිරයෙහි වේ.]
Pali BJT[චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTඅත්තනා ච අබ්යාපන්නචිත්තො හොති, පරඤ්ච අව්යාපාදෙ සමාදපෙති, අව්යාපාදෙ ච සමනුඤ්ඤො හොති, අව්යාපාදස්ස ච වණ්ණං භාසති. ඉමෙහි ඛො -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.]
Sinhala BJTතෙමේත් ව්‍යාපාද රහිත සිතැත්තේ වෙයි. මෙරමාත් අව්‍යාපාදයෙහි සමාදන් කරවයි. අව්‍යාපාදයෙහි අනුදන්නේත් වෙයි. අව්‍යාපාදය පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
Pali BJT4. 7. 10.
Sinhala BJT4. 7. 10.
Pali BJT[මිච්ඡාදිට්ඨිසුත්තං]
Sinhala BJT[මිච්ඡාදිට්ඨි සූත්‍රය]
Pali BJT10. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT10. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTඅත්තනා ච මිච්ඡාදිට්ඨි හොති, පරඤ්ච මිච්ඡාදිට්ඨියා සමාදපෙති, මිච්ඡාදිට්ඨියා ච සමනුඤ්ඤො හොති, මිච්ඡාදිට්ඨියා ච වණ්ණං භාසති. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.]
Sinhala BJTතෙමේත් මිථ්‍යාදෘෂ්ටි ඇතියේ වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මිථ්‍යාදෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි. මිථ්‍යාදෘෂ්ටිය පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
Pali BJT[චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTඅත්තනා ච සම්මාදිට්ඨි හොති, පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති, සම්මාදිට්ඨියා ච සමනුඤ්ඤො හොති, සම්මාදිට්ඨියා ච වණ්ණං භාසති. ඉමෙ හි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො [යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.]
Sinhala BJTතෙමේත් සම්‍යග්දෘෂ්ටි ඇතියේ වෙයි. මෙරමාත් සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. සම්‍යග්දෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි. සම්‍යග්දෘෂ්ටිය පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
Pali BJTකම්මපථවග්ගො සත්තමො.
Sinhala BJTකර්‍මපථවර්‍ගය සත්වැනි යි.
Pali BJT8. රාගාදිපෙය්යාලං
Sinhala BJT8. රාගපෙය්‍යාලය
Pali BJT4. 8. 1.
Sinhala BJT4. 8. 1.
Pali BJT[චතුසතිපට්ඨානසුත්තං]
Sinhala BJT[චතුසතිපට්ඨාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය චත්තාරො ධම්මා භාවෙතබ්බා. කතමෙ චත්තාරො?
Sinhala BJT1. මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුතුයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතියේ නුවණින් දන්නේ ස්මෘතිමත් වූයේ පඤ්චස්‍කන්‍ධලෝකයෙහි අභිධ්‍යාදොම්නස්‍ය දුරු කොට කයෙහි කය නුවණින් දක්නේ වෙසෙයි. වේදනායෙහි ... චිත්තයෙහි ... කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතියේ නුවණින් දන්නේ ස්මෘතිමත් වූයේ පඤ්චස්‍කන්‍ධලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය දුරු කොට ධර්‍මයෙහි ධර්‍මය නුවණින් දක්නේ වෙසෙයි.
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ චත්තාරො ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිඥා පිණිස මේ සතර ධර්‍මයෝ වැඩිය යුත්තාහ.
Pali BJT4. 8. 2.
Sinhala BJT4. 8. 2.
Pali BJT[චතුසම්මප්පධානසුත්තං]
Sinhala BJT[චතුසම්මප්පධාන සූත්‍රය]
Pali BJT2. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය චත්තාරො ධම්මා භාවෙතබ්බා. කතමෙ චත්තාරො?
Sinhala BJT2. මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහාණාය -පෙ- අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භීයොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ අනුත්පාදය පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ... නූපන් කුශලධර්‍මයන්ගේ උත්පාදය පිණිස ... උපන් කුශලධර්‍මයන්ගේ ස්‍ථීතිය පිණිස සම්මොෂය නොවනු පිණිස භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස භාවනායෙන් පරිපූර්‍ණත්‍වය පිණිස ඡන්‍දය දනවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි.
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ චත්තාරො ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිඥා පිණිස මේ සතර ධර්‍මයෝ භාවිතව්‍යයෝ යි.
Pali BJT4. 8. 3.
Sinhala BJT4. 8. 3.
Pali BJT[චතුරිද්ධිපාදසුත්තං]
Sinhala BJT[චතුරිද්ධිපාද සූත්‍රය]
Pali BJT3. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය චත්තාරො ධම්මා භාවෙතබ්බා කතමෙ චත්තාරො?
Sinhala BJT3. මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ඡන්‍දසමාධි පූර්‍වක ප්‍රධන්වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සංස්කාරයෙන් සමන්‍වාගත ඍද්ධිපාදය භවයි. වීර්‍ය්‍යසමාධිපූර්‍වක ... චිත්තසමාධිපූර්‍වක ... විමංසාසමාධිපූර්‍වක ප්‍රධන්වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සංස්කාරයෙන් සමන්‍වාගත ඍද්ධිපාදය භවයි:
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ චත්තාරො ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිඥා පිණිස මේ සතර ධර්‍මයෝ භාවිතව්‍යයෝ යි.
Pali BJT[4. 8. 4. - 30]
Sinhala BJT[4.8.4-30]
Pali BJTරාගස්ස භික්ඛවෙ පරිඤ්ඤාය [චත්තාරො ධම්මා භාවෙතබ්බා -පෙ- රාගස්ස භික්ඛවෙ] පරික්ඛයාය -පෙ- පහාණාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය -පෙ- ඉමෙ චත්තාරො ධම්මා භාවෙතබ්බා ති.
Sinhala BJTමහණෙනි, රාගයාගේ පරිඥා පිණිස ... ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. මහණෙනි, රාගයාගේ පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්රතිනිස්සර්ගය පිණිස මේ සතර ධර්‍මයෝ භාවිතව්‍යයෝ යි.
Pali BJT[4. 8. 31-60]
Sinhala BJT[4.8.31-60]
Pali BJTදොසස්ස [භික්ඛවෙ අභිඤ්ඤාය චත්තාරො ධම්මා භාවෙතබ්බා -පෙ-] දොසස්ස භික්ඛවෙ පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහාණාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය -පෙ- ඉමෙ චත්තාරො ධම්මා භාවෙතබ්බා ති.
Sinhala BJTමහණෙනි, ද්වේෂයාගේ අභිඥා පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. මහණෙනි, ද්වේෂයාගේ පරිඥා පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්රතිනිස්සර්ගය පිණිස ... මේ සතර ධර්‍මයෝ වැඩිය යුත්තාහ.
Pali BJT[4. 8. 61-480]
Sinhala BJT[4.8.61-480]
Pali BJTමොහස්ස භික්ඛවෙ -පෙ- කොධස්ස -පෙ- උපනාහස්ස -පෙ- මක්ඛස්ස -පෙ- පලාසස්ස -පෙ- ඉස්සාය -පෙ- මච්ඡරියස්ස -පෙ- මායාය -පෙ- සාඨෙය්යස්ස -පෙ- ථම්භස්ස -පෙ- සාරම්භස්ස -පෙ- මානස්ස -පෙ- මදස්ස -පෙ- පමාදස්ස -පෙ- අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහාණාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය පෙ -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය [චත්තාරො ධම්මා භාවෙතබ්බාති. කතමෙ චත්තාරො? ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී -පෙ- වෙදනාසු වෙදනානුපස්සී -පෙ- චිත්තෙ චිත්තානුපස්සී -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති -පෙ- අකුසලානං ධම්මානං අනුප්පාදාය -පෙ- පහාණාය -පෙ- කුසලානං ධම්මානං උප්පාදාය -පෙ- පාරිපූරියා ඡන්දං ජනෙති -පෙ- ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං -පෙ- විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. පමාදස්ස භික්ඛවෙ අභිඤ්ඤාය -පෙ- පටිනිස්සග්ගාය ඉමෙ චත්තාරො ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්‍ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යාවගේ ... මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ සඨභාවයාගේ ස්තම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... මදයාගේ ... ප්‍රමාදයාගේ ... අභිඥා පිණිස ... පරිඥා පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්රතිනිස්සර්ගය පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කයෙහි කය නුවණින් දක්නේ ... වේදනාවන්හි වේදනා නුවණින් දක්නේ ... ධර්‍මයන්හි ධර්‍ම නුවණින් දක්නේ වෙසෙයි ... අකුශල ධර්‍මයන්ගේ අනුත්පාදය පිණිස ... ප්‍රහාණය පිණිස ... කුශලධර්‍මයන්ගේ උත්පාදය පිණිස ... භාවනායෙන් පරිපූර්‍ණත්‍වය පිණිස ඡන්‍දය දනවයි ... ඡන්‍ද සමාධි ප්‍රධන්වීර්‍ය්‍ය සමන්‍වාගත ඍද්ධිපාදය ... වීර්‍ය්‍ය සමාධි ... චිත්ත සමාධි ... විමංසාසමාධි ප්‍රධන්වීර්‍ය්‍ය සමන්‍වාගත ඍද්ධිපාදය වඩයි. මහණෙනි, ප්‍රමාදයාගේ අභිඥා පිණිස ... ප්රතිනිස්සර්ගය පිණිස මේ සතර ධර්‍මයෝ වැඩිය යුත්තාහ.
Pali BJT{*}රාගාදිපෙය්යාලං නිට්ඨිතං
Sinhala BJT{*}රාගාදි පෙය්‍යාලය නිමි.
Pali BJTචතුක්කං සමත්තං
Sinhala BJTචතුක්ක නිපාතය සමාප්ත යි.
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසුත්‍රාන්තපිටකයෙහි
Pali BJTඅඞ්ගුත්තරනිකායො
Sinhala BJTඅඞ්ගුත්තරනිකාය
Pali BJTතතියො භාගො
Sinhala BJTතෘතීයභාගය
Pali BJT5. පඤ්චකනිපාතො
Sinhala BJT5. පඤ්චකනිපාතය
Pali BJT1. පඨමො පණ්ණාසකො
Sinhala BJT1. ප්‍රථම පණ්ණාසකය
Pali BJT1. සෙඛබලවග්ගො
Sinhala BJT1. සේඛබල වර්‍ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා
Pali BJT5. 1. 1. 1.
Sinhala BJT5. 1. 1. 1.
Pali BJT[සෙඛබලසඞ්ඛිත්තසුත්තං]
Sinhala BJT[සේඛබලසඞ්ඛිත්ත සූත්‍රය]
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි: භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් බැණවූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ සෙඛබලානි. කතමානි පඤ්ච: සද්ධාබලං හිරිබලං{1} ඔත්තප්පබලං විරියබලං{2} පඤ්ඤාබලං. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච සෙඛබලානි.
Sinhala BJTමහණෙනි, මේ ශෛක්‍ෂ (සෝවාන් ආදි හික්මෙන සත්දෙනගේ) බලයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: සද්ධාබලය, හිරිබලය, ඔත්තප්පබලය, විරියබලය, පඤ්ඤාබල යි. මහණෙනි, මොහු පඤ්චශෛක්‍ෂබලයෝ යි.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං: “සද්ධාබලෙන සමන්නාගතා භවිස්සාම සෙඛබලෙන, හිරිබලෙන සමන්නාගතා භවිස්සාම සෙඛබලෙන, ඔත්තප්පබලෙන සමන්නාගතා භවිස්සාම සෙඛබලෙන, විරියබලෙන සමන්නාගතා භවිස්සාම සෙඛබලෙන, පඤ්ඤාබලෙන සමන්නාගතා භවිස්සාම සෙඛබලෙනා”ති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.{*}
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය. ශෛක්‍ෂබලය වූ සද්ධා බලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ හිරිබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ ඔත්තප්පබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ විරියබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ පඤ්ඤාබලයෙන් සමන්‍වාගත වම්හ”යි. මහණෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
Pali BJT5. 1. 1. 2.
Sinhala BJT5. 1. 1. 2.
Pali BJT[සෙඛබලවිත්ථතසුත්තං]
Sinhala BJT[සේඛබලවිත්‍ථත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]