Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො අනරියවොහාරාති.
Sinhala BJTමහණෙනි, මේ සතර අනාර්‍ය්‍ය ව්‍යවහාරයෝ යි.
Pali BJT4. 5. 5. 12.
Sinhala BJT4. 5. 5. 11.
Pali BJT[අරියවොහාරසුත්තං]
Sinhala BJT[අරියවෝහාර සූත්‍රය]
Pali BJT53. චත්තාරොමෙ භික්ඛවෙ අරියවොහාරා. කතමෙ චත්තාරො?
Sinhala BJT53. මහණෙනි, මේ ආර්‍ය්‍යව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTදිට්ඨෙ දිට්ඨවාදිතා,{1} සුතෙ සුතවාදිතා, මුතෙ මුතවාදිතා, විඤ්ඤාතෙ විඤ්ඤාතවාදිතා.
Sinhala BJTදෘෂ්‍ටයෙහි දෘෂ්ටවාදිතා ය, ශ්‍රැතයෙහි ශ්‍රැතවාදිතා ය, මුතයෙහි මුතවාදිතා ය, විඥාතයෙහි විඥාතවාදිතා ය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො අරියවොහාරාති.
Sinhala BJTමහණෙනි, මේ සතර ආර්‍ය්‍යව්‍යවහාරයෝ ය.
Pali BJTආපත්තිභයවග්ගො පඤ්චමො{*}
Sinhala BJTආපත්ති වර්‍ගය පස්වැනි යි.
Pali BJTපණ්ණාසකං පඤ්චමං.
Sinhala BJTපස්වන පණ්‍ණාසක ය යි.
Pali BJT6. අභිඤ්ඤාවග්ගො
Sinhala BJT6. අභිඤ්ඤා වර්‍ගය
Pali BJT4. 6. 1.
Sinhala BJT4. 6. 1.
Pali BJT[අභිඤ්ඤා සුත්තං]
Sinhala BJT[අභිඤ්ඤා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. චත්තාරොමෙ භික්ඛවෙ ධම්මා, කතමෙ චත්තාරො?
Sinhala BJT1. මහණෙනි, මේ ධර්‍මයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅත්ථි භික්ඛවෙ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්යා. අත්ථි භික්ඛවෙ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා. අත්ථි භික්ඛවෙ ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා. අත්ථි භික්ඛවෙ ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා.
Sinhala BJTමහණෙනි, ප්‍රඥායෙන් දැන (පරිඥේය) අවබෝධ කටයුතු ධර්‍ම කෙනෙක් ඇත. මහණෙනි, ප්‍රඥායෙන් දැන ප්‍රහාතව්‍ය (ප්‍රහාණය කළයුතු) ධර්‍ම කෙනෙක් ඇත. මහණෙනි, ප්‍රඥායෙන් දැන භාවිතව්‍ය (=බැවිය යුතු) ධර්‍ම කෙනෙක් ඇත. මහණෙනි, ප්‍රඥායෙන් දැන සාක්‍ෂාත් කර්‍තව්‍ය (ප්‍රත්‍යක්‍ෂ කටයුතු) ධර්‍ම කෙනෙක් ඇත.
Pali BJTකතමෙ ච භික්ඛවෙ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්යා? පඤ්චුපාදානක්ඛන්ධා ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්යා.
Sinhala BJTමහණෙනි, ප්‍රඥායෙන් දැන පරිඥෙය්‍ය ධර්‍මයෝ කවරහ: පඤ්චඋපාදානස්‍කන්‍ධයෝ යි. මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥායෙන් දැන පරිඥේය (අවබෝධකටයුතු) හ යි කියනු ලැබෙත්.
Pali BJTකතමෙ ච භික්ඛවෙ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා? අවිජ්ජා ච භවතණ්හා ච ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා.
Sinhala BJTමහණෙනි, ප්‍රඥායෙන් දැන ප්‍රහාතව්‍ය ධර්‍මයෝ කවරහ: අවිද්‍යාව හා භවතෘෂ්ණා යි. මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥායෙන් දැන ප්‍රහාතව්‍යයහ යි කියනු ලැබෙත්.
Pali BJTකතමෙ ච භික්ඛවෙ ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා? සමථො ච විපස්සනා ච ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා.
Sinhala BJTමහණෙනි, ප්‍රඥායෙන් දැන භාවිතව්‍ය ධර්‍මයෝ කවරහ: සමථය හා විදර්‍ශනා යි. මහණෙනි, මෙ ධර්‍මයෝ ප්‍රඥායෙන් දැන භාවිතව්‍යයහ යි කියනු ලැබෙත්.
Pali BJTකතමෙ ච භික්ඛවෙ ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා? විජ්ජා ච විමුත්ති ච ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා.
Sinhala BJTමහණෙනි, ප්‍රඥායෙන් දැන සාක්‍ෂාත් කර්‍තව්‍ය ධර්‍මයෝ කවරහ: විද්‍යාව හා විමුක්ති යි. මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥායෙන් දැන සාක්‍ෂාත් කර්‍තව්‍යයහ යි කියනු ලැබෙත්.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ධම්මාති.
Sinhala BJTමහණෙනි, මේ සතර ධර්‍මයෝ යි.
Pali BJT4. 6. 2.
Sinhala BJT4. 6. 2.
Pali BJT[පරියෙසනා සුත්තං]
Sinhala BJT[පරියේසනා සූත්‍රය]
Pali BJT2. චතස්සො ඉමා භික්ඛවෙ අනරියපරියෙසනා කතමා චතස්සො?
Sinhala BJT2. මහණෙනි, මේ අනාර්‍ය්‍යයන්ගේ පර්‍ය්‍යෙෂණාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මං යෙව පරියෙසති. අත්තනා ව්යාධිධම්මො සමානො ව්යාධිධම්මං යෙව පරියෙසති. අත්තනා මරණධම්මො සමානො මරණධම්මං යෙව පරියෙසති. අත්තනා සංකිලෙසධම්මො සමානො සංකිලෙසධම්මං යෙව පරියෙසති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැමෙක් තෙමේ ජරාස්වභාව ඇතියේ ම ජරාස්වභාවය ම සොයයි. තෙමේ ව්‍යාධිස්වභාව ඇතියේ ම ව්‍යාධිස්වභාවය ම සොයයි. තෙමේ මරණස්වභාව ඇතියේ ම මරණස්වභාවය ම සොයයි. තෙමේ සඞ්ක්ලේශස්වභාවය ඇතියේ ම සඞ්ක්ලේශස්වභාවය ම සොයයි.
Pali BJTඉමා ඛො භික්ඛවෙ චතස්සො අනරියපරියෙසනාති.
Sinhala BJTමහණෙනි, මේ සතර අනාර්‍ය්‍ය පර්‍ය්‍යෙෂණාවෝ යි.
Pali BJTචතස්සො ඉමා භික්ඛවෙ අරියපරියෙසනා. කතමා චතස්සො?
Sinhala BJTමහණෙනි, මේ ආර්‍ය්‍යයන්ගේ පර්‍ය්‍යෙෂණාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මෙ ආදීනවං විදිත්වා අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති. අත්තනා ව්යාධිධම්මො සමානො ව්යාධිධම්මෙ ආදීනවං විදිත්වා අව්යාධිං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති. අත්තනා මරණධම්මො සමානො මරණධම්මෙ ආදීනවං විදිත්වා අමතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති. අත්තනා සංකිලෙසධම්මො සමානො සංකිලෙසධම්මෙ ආදීනවං විදිත්වා අසංකිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැමෙක් තෙමේ ජරාස්වභාව ඇතියේ ජරාස්වභාවයෙහි ආදීනව දැන ජරා රහිත අනුත්තර වූ යෝගක්‍ෂේම වූ නිර්‍වාණය සොයයි. තෙමේ ව්‍යාධිස්වභාව ඇතියේ ව්‍යාධිස්වභාවයෙහි ආදීනව දැන ව්‍යාධි රහිත අනුත්තර වූ යෝගක්‍ෂේම වූ නිර්‍වාණය සොයයි. තෙමේ මරණස්වභාව ඇතියේ ම මරණස්වභාවයෙහි ආදීනව දැන මරණ රහිත වූ අනුත්තර වූ යෝගක්‍ෂේම වූ නිර්‍වාණය සොයයි. තෙමේ සඞ්ක්ලේශස්වභාවය ඇතියේ සඞ්ක්ලේශස්වභාවයෙහි ආදීනව දැන සඞ්ක්ලේශ රහිත වූ අනුත්තර වූ යෝගක්‍ෂේම වූ නිර්‍වාණය සොයයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චතස්සො අරියපරියෙසනාති.
Sinhala BJTමහණෙනි, මේ සතර ආර්‍ය්‍යපර්‍ය්‍යෙෂණාවෝ යි.
Pali BJT4. 6. 3.
Sinhala BJT4. 6. 3.
Pali BJT[සඞ්ගහවත්ථුසුත්තං]
Sinhala BJT[සඞ්ගහවත්‍ථු සූත්‍රය]
Pali BJT3. චත්තාරිමානි භික්ඛවෙ සඞ්ගහවත්ථූනි. කතමානි චත්තාරි?
Sinhala BJT3. මහණෙනි, මේ සඞ්ග්‍රහවස්තූහ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTදානං, පෙය්යවජ්ජං, අත්ථචරියා, සමානත්තතා.
Sinhala BJTදාන ය, ප්‍රියවචන ය, අර්‍තචර්‍ය්‍යා ය, සමානාත්මතා යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි සඞ්ගහවත්ථූනීති.
Sinhala BJTමහණෙනි, මොහු සතර සඞ්ග්‍රහ වස්තූහු යි.
Pali BJT4. 6. 4.
Sinhala BJT4. 6. 4.
Pali BJT[මාලුඞ්ක්යපුත්තසුත්තං]
Sinhala BJT[මාලුඞ්ක්‍යපුත්ත සූත්‍රය]
Pali BJT4. අථ ඛො ආයස්මා මාලුඞ්ක්යපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මාලුඞ්ක්යපුත්තො භගවන්තං එතදවොච:
Sinhala BJT4. එකල්හි ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර මහතෙරහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර මහතෙරහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
Pali BJTසාධු ඛො මෙ භන්තෙ භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJTමම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා ඒකාකී වූයෙම් ගණසඞ්ගණිකායේන් වෙන් වූයෙම් අප්‍රමත්ත වූයෙම් කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තෙම් ජීවිතනිරපේක්‍ෂක වූයෙම් වෙසෙම් ද, වහන්ස, ආයාචනා කරමි. භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් එබඳු දහමක් දෙසන සේක්වා යනුයි.
Pali BJTඑත්ථදානි මාලුඞ්ක්යපුත්ත කිං දහරෙ වක්ඛාම, යත්ර හි නාම ත්වං ජිණ්ණො වුද්ධො මහල්ලකො තථාගතස්ස සඞ්ඛිත්තෙන ඔවාදං යාචසීති.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්‍රය, යම් හෙයෙකින් තෝ දිරූයෙහි වයෝවෘද්ධ වූයෙහි මහලු වූයෙහි සැකෙවින් තථාගතයන්ගේ අවවාදය යදනෙහි ද, තෙල අවවාද දානයෙහි ලා දැන් තරුණ යෝගාවචරයනට කුමක් කියමෝ ද,
Pali BJT”දෙසෙතු මෙ භන්තෙ භගවා සඞ්ඛිත්තෙන ධම්මං, දෙසෙතු සුගතො සඞ්ඛිත්තෙන ධම්මං, අප්පෙවනාමාහං භගවතො භාසිතස්ස අත්ථං ආජානෙය්යං අප්පෙවනාමාහං භගවතො භාසිතස්ස දායාදො අස්සන්ති.”
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්සේ සැකෙවින් දහම් දෙසන සේක්වා. මම භාග්‍යවතුන් වහන්සේගේ තෙපුලෙහි අරුත් දැනගණිම් නම් මැනව, මම භාග්‍යවතුන් වහන්සේගේ තෙපුලට දායාද වන්නෙම් නම් මැනව.
Pali BJTචත්තාරොමෙ මාලුඞ්ක්යපුත්ත තණ්හුප්පාදා යත්ථ භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති. කතමෙ චත්තාරො?
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට යම් අරමුණෙක උපදනා තෘෂ්ණාව උපදිනී වේ ද, මේ තෘෂ්ණෝත්‍පාදයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTචීවරහෙතු වා මාලුඞ්ක්යපුත්ත භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, පිණ්ඩපාතහෙතු වා මාලුඞ්ක්යපුත්ත භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, සෙනාසනහෙතු වා මාලුඞ්ක්යපුත්ත භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, ඉති භවාභවහෙතු වා මාලුඞ්ක්යපුත්ත භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට, චීවරහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී. මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට පිණ්ඩපාතහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී. මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට සයනාසනහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී. මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට ඉති භවාභවහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී.
Pali BJTඉමෙ ඛො මාලුඞ්ක්යපුත්ත චත්තාරො තණ්හුප්පාදා යත්ථ භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට යම් අරමුණෙක උපදනා තෘෂ්ණාව උපදිනී වේ ද, මේ සතර ඒ තෘෂ්ණෝත්පාදයෝ යි.
Pali BJTයතො ඛො මාලුඞ්ක්යපුත්ත භික්ඛුනො තණ්හා පහීණා හොති, උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. අයං වුච්චති මාලුඞ්ක්යපුත්ත භික්ඛු අච්ඡෙච්ඡි තණ්හං, වාවත්තයි සංයොජනං, සම්මාමානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සාති.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්‍රයා, යම් කලෙක මහණහට තෘෂ්ණාව ප්‍රහීණ වේ ද, මුලුසුන් වේ ද, මස්තකච්ඡින්න තාලයක් සෙයින් අවස්තුක බවට පමුණුවන ලද ද, පුන පුනා කළ අභාවය ඇද්ද, මතුයෙහි අනුත්පාද ස්වභාවය ඇද්ද, මාලුඞ්ක්‍යපුත්‍රය, මේ මහණ තෘෂ්ණා සිඳපී ය යි සංයෝජන පෙරළාලී ය යි මොනොවට මානයාගේ ප්‍රහාණාභිසමයයෙන් දුක් කෙළවර කෙළේ ය යි කියනු ලැබේ.
Pali BJTඅථ ඛො ආයස්මා මාලුඞ්ක්යපුත්තො භගවතා ඉමිනා ඔවාදෙන ඔවදිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො ආයස්මා මාලුඞ්ක්යපුත්තො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි.
Sinhala BJTඑක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර මහතෙරහු භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරණ ලද්දාහු හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියහ. එක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර මහතෙර ඒකාකී වූයේ ගණසඞ්ගණිකායේන් වෙන් වූයේ අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇත්තේ නිවනට ගිය සිත් ඇතියේ වෙසෙමින් මඳ කලෙකින් යම් අර්‍හත්ත්‍වයක් පිණිස කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද් ද, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය කෙළවර කොට ඇති ඒ අර්‍හත්ත්‍වය වර්‍තමාන භවයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ විසී. ජාතිය ක්‍ෂීණ විය. බඹසර වැස නිමවින. සතර මග කිස කරණ ලදි. මේ අර්‍හත්ත්‍වය පිණිස අන් දැයෙක් නැති යි දත්හ.
Pali BJTඅඤ්ඤතරො ච පනායස්මා මාලුඞ්ක්යපුත්තො අරහතං අහොසීති.
Sinhala BJTආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර මහතෙරහු රහතුන් කෙරෙහි එක්තරා කෙනෙක් ද වූහු.
Pali BJT4. 6. 5.
Sinhala BJT4. 6. 5.
Pali BJT[කුලසුත්තං]
Sinhala BJT[කුල සූත්‍රය]
Pali BJT5. යානි කානි චි භික්ඛවෙ කුලානි භොගෙසු මහන්තතං{1} පත්තානි න චිරට්ඨිතිකානි භවන්ති, සබ්බානි තානි චතුහි ඨානෙහි, එතෙසං වා අඤ්ඤතරෙන. කතමෙහි චතුහි?
Sinhala BJT5. මහණෙනි, භෝගයෙහි මහත්ත්‍වයට පැමිණ යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ සතර කරුණෙකින් හෝ සතර කරුණු අතුරෙන් අන්‍යතරයෙකින් හෝ චිරස්ථායී නො වෙත්. කවර සතර කරුණෙන යත්:
Pali BJTනට්ඨං න ගවෙසන්ති, ජිණ්ණං න පටිසඞ්ඛරොන්ති, අපරිමිතපානභොජනා හොන්ති, දුස්සීලං ඉත්ථිං වා පුරිසං වා ආධිපච්චෙ ඨපෙන්ති.
Sinhala BJTනට දැය නො සොයත්. දිරූ දැය පිළිසකර නො කෙරෙත්. පරිමාණ රහිත පානභෝජන වළඳනාහු වෙත්. සිල් නැති ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ භාණ්ඩාගාරික භාවයෙහි තබත්.
Pali BJTයානි කානි චි භික්ඛවෙ කුලානි භොගෙසු මහන්තතං පත්තානි. න චිරට්ඨිතිකානි භවන්ති, සබ්බානි තානි ඉමෙහි චතුහි ඨානෙහි, එතෙසං වා අඤ්ඤතරෙන.
Sinhala BJTමහණෙනි, භෝගයෙහි මහත්ත්‍වයට පැමිණි යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ මේ සතර කරුණින් හෝ මේ සතර කරුණු අතුරෙන් අන්‍යතරයෙකින් හෝ චිරස්ථායී නො වෙත්.
Pali BJTයානි කානි චි භික්ඛවෙ කුලානි භොගෙසු මහන්තතං පත්තානි චිරට්ඨිතිකානි භවන්ති, සබ්බානි තානි චතුහි ඨානෙහි, එතෙසං වා අඤ්ඤතරෙන. කතමෙහි චතුහි?
Sinhala BJTමහණෙනි, භෝගයෙහි මහත්ත්‍වයට පැමිණි යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ සතර කරුණින් හෝ සතර කරුණු අතුරින් අන්‍යතරයෙකින් හෝ චිරස්ථායී වෙත්. කවර සතර කරුණින් යත්:
Pali BJTනට්ඨං ගවෙසන්ති, ජිණ්ණං පටිසඞ්ඛරොන්ති, පරිමිතපානභොජනා හොන්ති, සීලවන්තං ඉත්ථිං වා පුරිසං වා ආධිපච්චෙ ඨපෙන්ති.
Sinhala BJTනට දෑ සොයත්. දිරූ දැය පිළිසකර කෙරෙත්. පරිමාණ සහිත පාන භෝජන වළඳනාහු වෙත්. සිල් ඇති ස්‍ත්‍රියක හෝ පුරුෂයකු හෝ අධිපතිභාවයෙහි තබත්.
Pali BJTයානි කානි චි භික්ඛවෙ කුලානි භොගෙසු මහන්තතං පත්තානි චිරට්ඨිතිකානි භවන්ති, සබ්බානි තානි ඉමෙහි චතුහි ඨානෙහි, එතෙසං වා අඤ්ඤතරෙනාති.
Sinhala BJTමහණෙනි, භෝගයෙහි මහත්ත්‍වයට පැමිණි යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ මේ සතර කරුණින් හෝ මේ සතර කරුණු අතුරින් අන්‍යතරයෙකින් හෝ චිරස්ථායී වෙත්.
Pali BJT4. 6. 6.
Sinhala BJT4. 6. 6.
Pali BJT[පඨම ආජානීයසුත්තං]
Sinhala BJT[ප්‍රථම ආජානීය සූත්‍රය]
Pali BJT6. චතුහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි චතුහි?
Sinhala BJT6. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ රජසතු භද්‍ර අශ්වාජානීය රාජාර්‍හ වෙයි. රජු විසින් වළඳ කළයුතු වෙයි. රජුගේ අවයවයෙකැයි ගණනට යෙයි. කවර සතර කරුණින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ රඤ්ඤො භද්රො අස්සාජානීයො වණ්ණසම්පන්නො ච හොති, බලසම්පන්නො ච, ජවසම්පන්නො ච, ආරොහපරිණාහසම්පන්නො ච. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව රජක්හුගේ භද්‍ර අශ්‍වාජානීයයෙක් වර්‍ණසම්පන්නත් වේ ද, බලසම්පන්නත් වේ ද, ජවසම්පන්නත් වේ ද, අරෝහපරිණාහ සම්පන්නත් වේ ද, මහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත වූ රජසතු භද්‍ර අශ්වාජානීය රාජාර්‍හ වෙයි. රජු විසින් වළඳ කළයුතු වෙයි. රජුගේ අවයවයෙකැයි ගණනට යෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- [පාහුණෙය්යො -පෙ- දක්ඛිණෙය්යො -පෙ- අඤ්ජලිකරණීයො -පෙ-] අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි චතුහි?
Sinhala BJTමහණෙනි, එ පරිදි ම සතර ධර්‍මයෙකින් සමන්‍වාගත වූ මහණ ආහුනාර්‍හ වෙයි. ප්‍රාඝුණාර්‍හ වෙයි. දක්‍ෂිණාර්‍හ වෙයි. අඤ්ජලිකරණාර්‍හ වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සතර ධර්‍මයෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු වණ්ණසම්පන්නො ච හොති, බලසම්පන්නො ච, ජවසම්පන්නො ච, ආරොහපරිණාහසම්පන්නො ච.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ වර්‍ණසම්පන්න ද වෙයි. බලසම්පන්නද වෙයි. ජවසම්පන්න ද වෙයි. අරෝහපරිණාහසම්පන්න ද වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු වණ්ණසම්පන්නො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. එවං ඛො භික්ඛවෙ භික්ඛු වණ්ණසම්පන්නො හොති.
Sinhala BJTමහණෙනි, මහණ කෙසේ වර්‍ණසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. … සිකපදයෙහි සමාදන් ව ගෙණ හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ වර්‍ණසම්පන්න වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු බලසම්පන්නො හොති? ඉධ භික්ඛවෙ භික්ඛූ ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහාණාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. එවං ඛො භික්ඛවෙ භික්ඛු බලසම්පන්නො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ බලසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ අකුසල් දහම් ප්‍රහාණය පිණිස කුසල් දහම් රැස් කිරීම පිණිස ඇරඹු වැර ඇත්තේ ථාමයෙන් යුක්ත වූයේ දැඩි පැරකුම් ඇතියේ කුසල්දහම්හි බහා නොතැබූ වීර්‍ය්‍යධූර ඇත්තේ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ බලසම්පන්න වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු ජවසම්පන්නො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛසමුදයොති -පෙ- අයං දුක්ඛනිරොධොති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ජවසම්පන්නො හොති.
Sinhala BJTමහණෙනි, මහණ කෙසේ නම් ජවසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ මේ දුඃඛය යි තත් වූ පරිදි දනී. මේ දුඃඛසමුදය යි ... මේ දුඃඛනිරෝධය යි ... මේ දුඃඛ නිරොධගාමිනී ප්‍රතිපදාය යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ ජවසම්පන්න වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු ආරොහපරිණාහසම්පන්නො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ලාභී හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරානං. එවං ඛො භික්ඛවෙ භික්ඛු ආරොහපරිණාහසම්පන්නො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- [පාහුණෙය්යො -පෙ- දක්ඛිණෙය්යො -පෙ- අඤ්ජලිකරණීයො] -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ ආරෝහපරිණාහයෙන් යුක්ත වූයේ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නෙක් වෙයි. මහණෙනි, මෙසේ මහණ ආරෝහ පරිණාහ සම්පන්න වූයේ වෙයි. මහණෙනි, මේ සතර ධර්‍මයෙන් සමන්‍වාගත වූ මහණ ආහුන්‍යෙය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
Pali BJT4. 6. 7.
Sinhala BJT4. 6. 7.
Pali BJT[දුතිය ආජානීය සුත්තං]
Sinhala BJT[දෙවැනි ආජානීය සූත්‍රය]
Pali BJT7. චතුහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි චතූහි?
Sinhala BJT7. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ රජසතු භද්‍ර අශ්වාජානීය රාජාර්‍හ වෙයි. රජු විසින් වළඳ කටයුතු වෙයි. රජුගේ අවයවයෙකැයි ගණනට යේ. කවර සතර කරුණින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ රඤ්ඤො භද්රො අස්සාජානීයො වණ්ණසම්පන්නො ච හොති, බලසම්පන්නො ච, ජවසම්පන්නො ච, ආරොහපරිණාහසම්පන්නො ච.
Sinhala BJTමහණෙනි, මෙ ලොව රජසතු භද්‍ර අශ්‍වාජානීය වර්‍ණසම්පන්න ද වෙයි. බලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතුහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් යුත් රාජකීය භද්‍ර අශ්වාජානීය තෙමේ රාජාර්‍හ ද වෙයි. රාජභෝග්‍ය ද වෙයි. රජුගේ අවයවයෙකැ යි ගණනට යෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොතී, [පාහුණෙය්යො - දක්ඛිණෙය්යො - අඤ්ජලිකරණීයො] -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි චතූහි?
Sinhala BJTමහණෙනි, එ පරිදි ම සතර කරුණෙකින් යුක්ත වූ මහණ ආහුන්‍යෙය වෙයි. පාහුණ්‍යෙය වෙයි. දක්‍ඛිණ්‍යෙය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සතර කරුණින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු වණ්ණසම්පන්නො ච හොති, බලසම්පන්නො ච ජවසම්පන්නො ච, ආරොහපරිණාහසම්පන්නො ච.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ වර්‍ණසම්පන්න ද වෙයි. බලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහසම්පන්න ද වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු වණ්ණසම්පන්නො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. එවං ඛො භික්ඛවෙ භික්ඛු වණ්ණසම්පන්නො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ වර්‍ණසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල් ඇත්තේ වේ ද ... සිකපදයන් සමාදන් ව ගෙණ හික්මේ ද, මහණෙනි, මෙසේ මහණ වර්‍ණසම්පන්න වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු බලසම්පන්නො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ආරද්ධවිරියො විහරති. ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. එවං ඛො භික්ඛවෙ භික්ඛු බලසම්පන්නො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ බලසම්පන්න වේ ද? මහණෙනි, මේ සස්නෙහි මහණ රුකළ වැර ඇත්තේ බලවත් වූයේ දෘඪපරාක්‍රම ඇත්තේ කුසල්දහම්හි බහා නොතැබූ ධුර ඇත්තේ වෙසෙයි. මහණෙනි, මහණ මෙසේ බලසම්පන්න වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු ජවසම්පන්නො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ජවසම්පන්නො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ ජවසම්පන්න වේ ද? මහණෙනි, මේ සස්නෙහි මහණ ආස්‍රවක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට එයට පැමිණ වෙසෙයි. මහණෙනි, මහණ මෙසේ ජවසම්පන්න වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු ආරොහපරිණාහසම්පන්නො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ලාභී හොති. චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. එවං ඛො භික්ඛවෙ භික්ඛු ආරොහපරිණාහසම්පන්නො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ ආරෝහපරිණාහසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ආරෝහපරිණාහසම්පන්න වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති, [පාහුණෙය්යො - දක්ඛිණෙය්යො - අඤ්ජලිකරණීයො] -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි. පාහුණෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
Pali BJT4. 6. 8.
Sinhala BJT4. 6. 8.
Pali BJT[බලසුත්තං]
Sinhala BJT[බල සූත්‍රය]
Pali BJT8. චත්තාරිමානි භික්ඛවෙ බලානි. කතමානි චත්තාරි?
Sinhala BJT8. මහණෙනි, මේ සතර බලකෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTවිරියබලං සතිබලං සමාධිබලං පඤ්ඤාබලං. ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි බලානීති.
Sinhala BJTවීර්‍ය්‍යබල ය, ස්‍මෘතිබල ය, සමාධිබල ය, ප්‍රඥාබල යි. මහණෙනි, මේ බල සතර යි.
Pali BJT4. 6. 9.
Sinhala BJT4. 6. 9.
Pali BJT[අරඤ්ඤසෙනාසන සුත්තං]
Sinhala BJT[අරඤ්ඤසේනාසන සූත්‍රය]
Pali BJT9. චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු නාලං අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිතුං. කතමෙහි චතූහි?
Sinhala BJT9. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත මහණ අරණ සෙනසුන ද, මිනිස්හසර ඉක්ම වූ වනසෙනසුන් ද, අරණෙහි ඉතා දුරසෙනසුන් ද, සෙවීමට නොනිසි වෙයි. කවර සතරෙකින් යත්:
Pali BJTකාමවිතක්කෙන, ව්යාපාදවිතක්කෙන, විහිංසාවිතක්කෙන, දුප්පඤ්ඤො හොති ජළො එලමූගො.
Sinhala BJTකාමවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. ව්‍යාපාදවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. විහිංසාවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. ජඩ වූයේ වහතොලු වූයේ දුෂ්ප්‍රාඥ ද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු නාලං අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිතුන්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූ මහණ අරණසෙනසුන ද මිනිස්හසර ඉක්ම වූ වනසෙනසුන් ද අරණෙහි ඉතා දුරසෙනසුන් ද සෙවීමට නො නිසි වෙයි.
Pali BJTචතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිතුං. කතමෙහි චතූහි?
Sinhala BJTමහණෙනි, කරුණු සතරෙකින් සමන්‍වාගත මහණ අරණසෙනසුන ද මිනිස්හසර ඉක්ම වූ වනසෙනසුන් ද අරණෙහි ඉතා දුර සෙනසුන් ද සෙවීමට නිසි වෙයි. කවර සතර කරුණෙන යත්:
Pali BJTනෙක්ඛම්මවිතක්කෙන, අව්යාපාදවිතක්කෙන, අවිහිංසාවිතක්කෙන, පඤ්ඤවා හොති අජළො අනෙළමූගො.
Sinhala BJTනෛෂ්ක්‍රම්‍යවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. අව්‍යාපාදවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. අවිහිංසාවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. ජඩ නොවූයේ වහතොලු නොවූයේ පැණැතියේ ද වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිතුන්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත මහණ අරණසෙනසුන් ද මිනිස්හසර ඉක්ම වූ වනසෙනසුන් ද අරණෙහි ඉතා දුරසෙනසුන් ද සෙවීමට නිසි වෙයි.
Pali BJT4. 6. 10.
Sinhala BJT4. 6. 10.
Pali BJT[සාවජ්ජ - අනවජ්ජ සුත්තං]
Sinhala BJT[සාවජ්ජ - අනවජ්ජ සූත්‍රය]
Pali BJT10. චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො බාලො අව්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති. සාවජ්ජො ච හොති. සානුවජ්ජො විඤ්ඤූනං. බහුං ච අපුඤ්ඤං පසවති. කතමෙහි චතුහි?
Sinhala BJT10. මහණෙනි, මේ සතර කරුණෙකින් සමන්‍වාගත වූ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ ගුණ විසින් සාළ ගුණ විසින් නට ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද කටයුතු වූයේ බොහෝ පව් ද රැස් කෙරෙයි. කවර සතරෙකින් යත්:
Pali BJTසාවජ්ජෙන කායකම්මෙන, සාවජ්ජෙන වචීකම්මෙන, සාවජ්ජෙන මනොකම්මෙන, සාවජ්ජාය දිට්ඨියා.
Sinhala BJTසාවද්‍ය වූ කායකර්‍මයෙන් යුක්ත වූයේ වෙයි. සාවද්‍ය වූ වාක්කර්‍මයෙන් යුක්ත වූයේ වෙයි. සාවද්‍ය වූ මනඃකර්‍මයෙන් යුක්ත වූයේ වෙයි. සාවද්‍ය වූ දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො බාලො අව්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති. සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං. බහුං ච අපුඤ්ඤං පසවතීති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූ බාල අව්‍යක්ත අසත්පුරුෂ ගුණ විසින් සාරා දැමූ ගුණ විසින් නට ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද කටයුතු වූයේ බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.
Pali BJTචතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො ව්යත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. අනවජ්ජො ච හොති අනනුවජ්ජො විඤ්ඤූනං. බහුං ච පුඤ්ඤං පසවති. කතමෙහි චතූහි?
Sinhala BJTමහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ පණ්ඩිත ව්‍යක්ත සත්පුරුෂ ගුණ විසින් සාරා නොදැමූ ගුණ විසින් නොනට ආත්මයක් පරිහරණය කෙරෙයි. නිරවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නොකටයුත්තේ බොහෝ පින් ද රැස් කෙරෙයි. කවර සතර කරුණෙකින් යත්:
Pali BJTඅනවජ්ජෙන කායකම්මෙන, අනවජ්ජෙන වචීකම්මෙන, අනවජ්ජෙන මනොකම්මෙන, අනවජ්ජාය දිට්ඨියා.
Sinhala BJTඅනවද්‍ය වූ කායකර්‍මයෙන් යුක්ත වූයේ වේ. අනවද්‍ය වූ වාක්කර්‍මයෙන් යුක්ත වූයේ වේ. අනවද්‍ය වූ මනඃකර්‍මයෙන් යුක්ත වූයේ වෙයි. අනවද්‍ය වූ දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො ව්යත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. අනවජ්ජො ච හොති අනනුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච පුඤ්ඤං පසවතීති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ ගුණ විසින් සාරා නො දැමූ ගුණ විසින් නොනටුවා වූ ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කටයුත්තේ බොහෝ කුසල් ද රැස් කෙරෙයි.
Pali BJTඅභිඤ්ඤාවග්ගො ඡට්ඨො{*}
Sinhala BJTඅභිඥාවර්‍ගය සවැනි යි.
Pali BJT7. කම්මපථවග්ගො
Sinhala BJT7. කම්මපථ වර්‍ගය
Pali BJT4. 7. 1.
Sinhala BJT4. 7. 1.
Pali BJT[පාණාතිපාතසුත්තං]
Sinhala BJT[පාණාතිපාත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතුහි?
Sinhala BJT1. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එ පරිදි නිරයෙහි වේ. කවර සතර කරුණින් යත්: