Pali BJT4. 5. 4. 8.
Sinhala BJT4. 5. 4. 8.
Pali BJT[සාවජ්ජ - අනවජ්ජකම්මසුත්තං]
Sinhala BJT[සාවජ්ජ - අනවජ්ජ කර්‍ම සූත්‍රය]
Pali BJT39. චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?
Sinhala BJT39. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් නිරයෙහි වේ. කවර සතරෙකින යත්:
Pali BJTසාවජ්ජෙන කායකම්මෙන, සාවජ්ජෙන වචීකම්මෙන, සාවජ්ජෙන මනොකම්මෙන, සාවජ්ජාය දිට්ඨියා.
Sinhala BJTසාවද්‍යකායකර්‍මයෙන, සාවද්‍යවාක්කර්‍මයෙන, සාවද්‍යමඃකර්‍මයෙන, සාවද්‍ය දෘෂ්ටියෙනැ යි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එපරිදි නිරයෙහි වේ.
Pali BJTචතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි?
Sinhala BJTමහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි වේ. කවර සතරෙකින යත්:
Pali BJTඅනවජ්ජෙන කායකම්මෙන අනවජ්ජෙන වචීකම්මෙන, අනවජ්ජෙන මනොකම්මෙන, අනවජ්ජාය දිට්ඨියා.
Sinhala BJTඅනවද්‍ය කායකර්‍මයෙන, අනවද්‍ය වාක්කර්‍මයෙන, අනවද්‍ය මනඃකර්‍මයෙන, අනවද්‍ය දෘෂ්ටියෙනැ යි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසේ ස්වර්‍ගයෙහි වේ.
Pali BJT4. 5. 4. 9.
Sinhala BJT4. 5. 4. 9.
Pali BJT[සබ්යාපජ්ඣ - අබ්යාපජ්ඣකම්මසුත්තං]
Sinhala BJT[සඛ්‍යාපජ්ඣ - අබ්‍යාපජ්ඣ කර්‍ම සූත්‍රය]
Pali BJT40. චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?
Sinhala BJT40. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් නිරයෙහි වේ. කවර සතරෙකින යත්:
Pali BJTසබ්යාපජ්ඣෙන කායකම්මෙන, සබ්යාපජ්ඣෙනවචීකම්මෙන, සබ්යාපජ්ඣෙන මනොකම්මෙන, සබ්යාපජ්ඣාය දිට්ඨියා.
Sinhala BJTසදොස් වූ කායකර්‍මයෙන, සදොස් වූ වාක්කර්‍මයෙන, සදොස් වූ මනඃකර්‍මයෙන, සදොස් වූ දෘෂ්ටියෙනැ යි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම් සේ ද, එසෙයින් නිරයෙහි වේ.
Pali BJTචතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි?
Sinhala BJTමහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි වේ. කවර සතරෙකින යත්:
Pali BJTඅබ්යාපජ්ඣෙන කායකම්මෙන, අබ්යාපජ්ඣෙන වචීකම්මෙන, අබ්යාපජ්ඣෙන මනොකම්මෙන, අබ්යාපජ්ඣාය දිට්ඨියා.
Sinhala BJTනිදොස් වූ කායකර්‍මයෙන, නිදොස් වූ වාක්කර්‍මයෙන, නිදොස් වූ මනඃකර්‍මයෙන, නිදොස් වූ දෘෂ්ටියෙනැ යි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි වේ.
Pali BJT4. 5. 4. 10.
Sinhala BJT4. 5. 4. 10.
Pali BJT[සමණසුත්තං]
Sinhala BJT[සමණ සූත්‍රය]
Pali BJT41. ඉධෙව භික්ඛවෙ සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො, සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙති. එවමෙතං භික්ඛවෙ සම්මා සීහනාදං නදථ.
Sinhala BJT41. මහණෙනි, ප්‍රථම (ස්‍රෝතාපන්න) මහණ ද මෙසස්නෙහිම ය. දෙවන (සකෘදාගාමී) මහණ ද මෙසස්නෙහිම ය. තෙවන (අනාගාමී) මහණ ද මෙසස්නෙහි ම ය. සිවුවන (අර්‍හත්) මහණ ද මෙසස්නෙහි ම ය. අන්‍ය වූ පරප්‍රවාදයෝ ශ්‍රමණයන් කෙරෙන් තොරයහ යි. මහණෙනි, මෙසේ මොනොවට සිංහනාද කරව.
Pali BJTකතමො ච භික්ඛවෙ සමණො? ඉධ භික්ඛවෙ භික්ඛු තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො. අයං භික්ඛවෙ සමණො.
Sinhala BJTමහණෙනි, ප්‍රථම (ස්‍රෝතාපන්න) ශ්‍රමණ කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ ත්‍රිවිධසංයෝජනයන්ගේ ක්‍ෂය කිරීමෙන් අවිනිපාතස්වභාව ඇති නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රොතාපන්නයෙක් වේ. මහණෙනි, මේ (ප්‍රථම) ශ්‍රමණ යි.
Pali BJTකතමො ච භික්ඛවෙ දුතියො සමණො? ඉධ භික්ඛවෙ භික්ඛු තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති. අයං භික්ඛවෙ දුතියො සමණො.
Sinhala BJTමහණෙනි, දෙවන මහණ කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ ත්‍රිවිධසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගද්වේෂමෝහයන් තුනු බැවින් සකෘදාගාමී වෙයි. එක් වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. මහණෙනි, මේ දෙවන මහණ යි.
Pali BJTකතමො ච භික්ඛවෙ තතියො සමණො? ඉධ භික්ඛවෙ භික්ඛු පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා අයං භික්ඛවෙ තතියො සමණො.
Sinhala BJTමහණෙනි, තෙවන මහණ කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් එ බඹලොව පිරිනිවෙනසුලු එලොවින් වටාලා නොඑනසුලු ඕපපාතික වේ. මහණෙනි, මේ තෙවන මහණ යි.
Pali BJTකතමො ච භික්ඛවෙ චතුත්ථො සමණො? ඉධ භික්ඛවෙ භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං භික්ඛවෙ චතුත්ථො සමණො.
Sinhala BJTමහණෙනි, සිවුවන මහණ කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි තමන් විසින් ම විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එළඹ වෙසේ, මහණෙනි, මේ සිවුවන මහණ යි.
Pali BJTඉධෙව භික්ඛවෙ සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො. සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ’ති. එවමෙතං භික්ඛවෙ සම්මා සීහනාදං නදථාති.
Sinhala BJTමහණෙනි, පළමු මහණ මෙසස්නෙහි ය. දෙවන මහණ මෙසස්නෙහි ය. තෙවන මහණ මෙසස්නෙහි ය. සිවුවන මහණ මෙසස්නෙහි ය. අන්‍ය වූ පරප්‍රවාදයෝ මහණුන් කෙරෙන් තොරයහ. මහණෙනි, මෙසේ මොනොවට තෙල සිංහනාදය කරව.
Pali BJT4. 4. 5. 11.
Sinhala BJT4. 5. 4. 11.
Pali BJT[සප්පුරිසානිසංසසුත්තං]
Sinhala BJT[සප්පුරිසානිසංස සූත්‍රය]
Pali BJT42. සප්පුරිසං භික්ඛවෙ නිස්සාය චත්තාරො ආනිසංසා පාටිකඞ්ඛා. කතමෙ චත්තාරො?
Sinhala BJT42. මහණෙනි, සත්පුරුෂයා නිසා අනුසස් සතරෙක් කැමැතිවිය යුතුයි. කවර සතරෙක යත්:
Pali BJTඅරියෙන සීලෙන වඩ්ඪති, අරියෙන සමාධිනා වඩ්ඪති, අරියාය පඤ්ඤාය වඩ්ඪති, අරියාය විමුත්තියා වඩ්ඪති.
Sinhala BJTආර්‍ය්‍යශීලයෙන් වැඩෙයි. ආර්‍ය්‍යසමාධියෙන් වැඩෙයි. ආර්‍ය්‍යප්‍රඥායෙන් වැඩෙයි. ආර්‍ය්‍යවිමුක්තියෙන් වැඩෙයි.
Pali BJTසප්පුරිසං භික්ඛවෙ නිස්සාය ඉමෙ චත්තාරො ආනිසංසා පාටිකඞ්ඛාති.
Sinhala BJTමහණෙනි, සත්පුරුෂයා නිසා මේ සතර අනුසස් කැමැතිවිය යුතුයි.
Pali BJTකම්මවග්ගො චතුත්ථො. {*}
Sinhala BJTකර්‍මවර්‍ගය සිවුවැනි යි.
Pali BJT5. ආපත්තිභයවග්ගො
Sinhala BJT5. ආපත්තිභය වර්‍ගය
Pali BJT4. 5. 5. 1.
Sinhala BJT4. 5. 5. 1.
Pali BJT[පාපභික්ඛුසුත්තං]
Sinhala BJT[පාපභික්ඛු සූත්‍රය]
Pali BJT43. එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච:
Sinhala BJT43. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාම යෙහි වැඩ වසන සේක. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTඅපි නු තං ආනන්ද අධිකරණං වුපසන්තන්ති? “කුතො තං. භන්තෙ අධිකරණං වුපසමිස්සති, ආයස්මතො භන්තෙ අනුරුද්ධස්ස බාහියො නාම සද්ධිවිහාරිකො කෙවලකප්පං සඞ්ඝභෙදාය ඨිතො. තත්ථායස්මා අනුරුද්ධො න එකවාචිකම්පි භණිතබ්බං මඤ්ඤතී” ති.
Sinhala BJTකිම ආනන්‍දය, ඒ (උපන්) අධිකරණය සන්සිඳුනේ වේ ද? “වහන්ස, කෙසේ ඒ අධිකරණ සන්සිඳෙන්නේ වේ ද, වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ බාහිය නම් සද්ධිවිහාරිකයෙක් වටාගෙණ සඟුන් හි විරුද්ධවාදයට සිටියේ ය. එහි ලා ආයුෂ්මත් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ එක් බසකුත් බිණියයුතු සේ නහමක් සිතත්.”
Pali BJTකදා පනානන්ද අනුරුද්ධො සඞ්ඝමජ්ඣෙ අධිකරණෙසු වොයුඤ්ජති? නනු ආනන්ද යානි කානි චි අධිකරණානි උප්පජ්ජන්ති සබ්බානි තානි තුම්හෙ චෙව වූපසමෙථ සාරිපුත්තමොග්ගල්ලානා ච.
Sinhala BJTආනන්‍දය, කිනම් දිනෙක අනුරුද්ධ සඟුන් මැද අධිකරණයෙහි අනුයෝගවතට නැගේ ද, ආනන්‍දය, යම්කිසි අධිකරණ කෙනෙක් ඇද්ද, එ හැම තෙපි හෝ සන්සිඳුවන්නාහු නො වේ ද, සැරියුත් මුගලන් දෙනම හෝ සන්සිඳුවන්නාහු නො වේ ද,
Pali BJTචත්තාරොමෙ ආනන්ද අත්ථවසෙ සම්පස්සමානො පාපභික්ඛු සඞ්ඝභෙදෙන නන්දති. කතමෙ චත්තාරො?
Sinhala BJTආනන්‍දය, මේ සතර කරුණක් දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් සතුටු වෙයි. කවර සතර කරුණෙක යත්:
Pali BJTඉධානන්ද පාපභික්ඛු දුස්සීලො හොති පාපධම්මො අසුචි සඞ්කස්සරසමාචාරො පටිච්ඡන්නකම්මන්තො අස්සමණො සමණපටිඤ්ඤො අබ්රහ්මචාරී බ්රහ්මචාරීපටිඤ්ඤො අන්තොපූති අවස්සුතො කසම්බුජාතො. තස්ස එවං හොති: “සචෙ ඛො මං භික්ඛූ ජානිස්සන්ති: ‘දුස්සීලො පාපධම්මො අසුචි සංකස්සරසමාචාරො පටිච්ඡන්නකම්මන්තො අස්සමණො සමණපටිඤ්ඤො අබ්රහ්මචාරී බ්රහ්මචාරීපටිඤ්ඤො අන්තොපූති අවස්සුතො කසම්බුජාතො’ති. සමග්ගා මං සන්තා නාසිස්සන්ති. වග්ගා පන මං න නාසිස්සන්තී”ති{1}. ඉදං ආනන්ද පඨමං අත්ථවසං සම්පස්සමානො පාපභික්ඛු සඞ්ඝභෙදෙන නන්දති.
Sinhala BJTආනන්‍දය, මෙසස්නෙහි පවිටු මහණ දුසිල් වූයේ, ලමුදහම් ඇතියේ, කෙලෙසුන් විසින් අපවිත්‍ර වූයේ, සැකයෙන් සිහිකළ යුතු හැසිරීම් ඇතියේ, පිළිසන් කර්‍මාන්ත ඇතියේ, අශ්‍රමණ වූයේත්, ‘ශ්‍රමණයෙමි යි’ ප්‍රතිඥා කරණුයේ, අබ්‍රහ්මචාරී වූයේත්, ‘බ්‍රහ්මචාරීමි’ යි ප්‍රතිඥා කරණුයේ, කෙලෙසුන් විසින් ඇතුළත දුඟඳ වූයේ, කෙලෙසුන් විසින් තෙත් වූයේ, හටගත් කෙලෙස්කසළ ඇතියේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් මහණහු සිල් නැත්තෙක, පාපධර්‍ම ඇත්තෙක, කෙලෙසුන් විසින් අපවිත්‍රයෙක, සැකයෙන් සිහි කළයුතු හැසිරීම් ඇත්තෙක, පිළිසන් කර්‍මාන්ත ඇත්තෙක, අශ්‍රමණ වූයේත් ‘ශ්‍රමණයෙමි’ යි ප්‍රතිඥා කරන්නෙක, අබ්‍රහ්මචාරී වූයේත්, ‘බ්‍රහ්මචාරීමි’ යි ප්‍රතිඥා කරන්නෙක, කෙලෙසුන් විසින් ඇතුළත දුඟඳ වූයෙක, කෙලෙසුන් විසින් තෙත් වූයෙක, උපන් කෙලෙස් කසළ ඇතියෙකැ’ යි මා දනිත් නම් සමග වූ ඒ මහණහු මා නෙරත්. වැලිත් වර්‍ග වූවාහු මා නො නෙරත්” කියා යි ආනන්‍දය, මේ පළමුවන කරුණ දක්මින් පවිවු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි.
Pali BJTපුන චපරං ආනන්ද පාපභික්ඛු මිච්ඡාදිට්ඨිකො හොති අන්තග්ගාහිකාය දිට්ඨියා සමන්නාගතො. තස්ස එවං හොති: “සචෙ ඛො මං භික්ඛූ ජානිස්සන්ති ‘මිච්ඡාදිට්ඨිකො අන්තග්ගාහිකාය දිට්ඨියා සමන්නාගතො’ති. සමග්ගා මං සන්තා නාසිස්සන්ති. වග්ගා පන මං න නාසිස්සන්තී”ති. ඉදං ආනන්ද දුතියං අත්ථවසං සම්පස්සමානො පාපභික්ඛු සඞ්ඝභෙදෙන නන්දති.
Sinhala BJTතවද ආනන්‍දය, පවිටු මහණ මිසදුටු ඇතියේ අන්තග්‍රාහදෘෂ්ටියෙන් සමන්‍වාගත වූයේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් භික්‍ෂූහු මිථ්‍යාදෘෂ්ටිකයෙක, අන්තග්‍රාහදෘෂ්ටියෙන් සමන්‍වාගතයෙකැ’ යි මා දනිත් ද, සමඟ වූවාහු මා නෙරත්. වර්‍ග වූවාහු මා නො නෙරත් ය” කියා යි. ආනන්‍දය, මේ දෙවන කරුණ දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි:
Pali BJTපුන චපරං ආනන්ද පාපභික්ඛු මිච්ඡාආජීවො හොති. මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙති. තස්ස එවං හොති: “සචෙ ඛො මං භික්ඛූ ජානිස්සන්ති: ‘මිච්ඡාආජීවො මිච්ඡාආජීවෙන ජීවිකං කප්පෙතී’ති. සමග්ගා පන මං නාසිස්සන්ති. වග්ගා පන මං න නාසිස්සන්ති”ති. ඉදං ආනන්ද තතියං අත්ථවසං සම්පස්සමානො පාපභික්ඛු සඞ්ඝභෙදෙන නන්දති.
Sinhala BJTතවද ආනන්‍දය, පවිටු මහණ මිථ්‍යාආජීව ඇති වෙයි. මිථ්‍යාආජීවයෙන් ජීවිකාව කෙරෙහි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් මහණහු ‘මිථ්‍යා ආජීව ඇතියෙක. මිථ්‍යා ආජීවයෙන් ජීවිකා කෙරේ ය’යි මා දනිත් නම්, සමග්‍ර වූවාහු මා නෙරත්, ව්‍යග්‍ර වූවාහු මා නො නෙරත්ය” කියා යි. ආනන්‍දය, මේ තුන්වන කරුණ දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි.
Pali BJTපුන චපරං ආනන්ද පාපභික්ඛු ලාභකාමො හොති සක්කාරකාමො අනවඤ්ඤත්තිකාමො. තස්ස එවං හොති: “සචෙ ඛො මං භික්ඛු ජානිස්සන්ති: ‘ලාභකාමො සක්කාරකාමො අනවඤ්ඤත්තිකාමො’ති, සමග්ගා මං න සක්කරිස්සන්ති න ගරුකරිස්සන්ති න මානෙස්සන්ති න පූජෙස්සන්ති. වග්ගා පන මං සක්කරිස්සන්ති ගරුකරිස්සන්ති මානෙස්සන්ති පූජෙස්සන්තී”ති. ඉදං ආනන්ද චතුත්ථං අත්ථවසං සම්පස්සමානො පාපභික්ඛු සඞ්ඝභෙදෙන නන්දති.
Sinhala BJTතවද ආනන්‍දය, පවිටු මහණ ලාභ කැමැති වෙයි. සත්කාර කැමැති වෙයි. නොගරහනු කැමැති වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් මහණහු ‘ලාභ කැමතියෙක, සත්කාර කැමතියෙක, නොගරහනු කැමැතියෙකැ’ යි මා දනිත් නම්, සමග්‍ර වූවාහු මා නෙරත්, ගරු නො කෙරෙත්, බුහුමන් නො කෙරෙත්, නොපුදත්. ව්‍යග්‍ර වූවාහු මට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කෙරෙත්, පූජා කෙරෙති” යි කියා යි. ආනන්‍දය, මේ සතරවන කරුණ දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි.
Pali BJTඉමෙ ඛො ආනන්ද චත්තාරො අත්ථවසෙ සම්පස්සමානො පාපභික්ඛු සඞ්ඝභෙදෙන නන්දතීති.
Sinhala BJTආනන්‍දය, මේ සතර කරුණු දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි.
Pali BJT4. 5. 5. 2.
Sinhala BJT4. 5. 5. 2.
Pali BJT[ආපත්තිභය සුත්තං]
Sinhala BJT[ආපත්තිභය සූත්‍රය]
Pali BJT44. චත්තාරිමානි භික්ඛවෙ ආපත්තිභයානි. කතමානි චත්තාරි?
Sinhala BJT44. මහණෙනි, මේ ආපත්‍තිභය සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ චොරං ආගුචාරිං ගහෙත්වා රඤ්ඤො දස්සෙය්යුං “අයං තෙ දෙව චොරො ආගුචාරී, ඉමස්ස දෙවො දණ්ඩං පණෙතූ”ති. තමෙනං රාජා එවං වදෙය්ය: ගච්ඡථ භො ඉමං පුරිසං දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා ඛරස්සරෙන පණවෙන රථියාය රථියං{1} සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිනෙත්වා දක්ඛිණද්වාරෙන නික්ඛාමෙත්වා දක්ඛිණතො නගරස්ස සීසං ඡින්දථාති. තමෙනං රඤ්ඤො පුරිසා දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා ඛරස්සරෙන පණවෙන රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිනෙත්වා දක්ඛිණද්වාරෙන නික්ඛාමෙත්වා දක්ඛිණතො නගරස්ස සීසං ඡින්දෙය්යුං. තත්රඤ්ඤතරස්ස ථලට්ඨස්ස පුරිසස්ස එවමස්ස පාපකං වත භො අයං පුරිසො කම්මං අකාසි ගාරය්හං සීසච්ඡෙජ්ජං, යත්ර හි නාම රඤ්ඤො පුරිසා දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා ඛරස්සරෙන පණවෙන රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිනෙත්වා දක්ඛිණද්වාරෙන නික්ඛාමෙත්වා දක්ඛිණතො නගරස්ස සීසං ඡින්දිස්සන්ති. සො වතස්සාහං{2} එවරූපං පාපං කම්මං න කරෙය්යං{3} ගාරය්හං සීසච්ඡෙජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි අපරාධ කරණ සොරහු ගෙණ රජුට දක්වත් ද, “දේවයෙනි, තොපට මේ සොරා අපරාධකාරීය. මොහුට දේවයෝ දඬුවම් එළවත්වා” කියා යි. රජ තුලුන් ගෙණ මෙසේ කිය යි: ‘භවත්නි, යව මේ මිනිසා දළරැහැණින් දොහොත් පිටත් කොට දැඩිසේ බැඳ කර මුඩු කොට කැකුළු හඬ ඇති වදබෙරින් වීථියෙන් වීථියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට හැද ගෙණ ගොස් දකුණු දොරින් නෙරවා නුවරට දකුණු දික්හි හිස සිඳුව” කියා යි. රජුගේ පුරුෂයෝ ඒ සොරහු දළරැහැණින් දොහොත පිටත ලා හයා දැඩි කොට බැඳ කර මුඩු කොට කැකුළු හඬ ඇති වදබෙරින් වීථියෙන් වීථියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට ගෙණ ගොස් දකුණු දොරින් නෙරවා නුවරට දකුණෙහි හිස සිඳිත්. එහි එකත්පස්ව සිටුනා අන්‍යතර පුරුෂයකුට මෙබඳු සිතෙක් වෙයි: “භවත්නි, යම් කර්‍මයක් නිසා යම් පුරුෂයකු රජහුගේ පුරුෂයෝ දළරැහැණින් දෙ අත් පිටත ලා හයා දැඩි කොට බැඳ කර මුඬු කොට කැකුළු හඬ ඇති පණාබෙරින් වීථියෙන් වීථියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට ගෙණ ගොස් දකුණු දොරින් නෙරවා නුවරට දකුණෙහි හිස සිඳින්නාහු ද, “මේ මිනිස් තෙමේ ගැරහිය යුතු හිස සිඳලිය යුතු එබඳු ලාමක කර්‍මයක් කෙළේම ය. හෙ මම නම් මෙබඳු ගැරහියයුතු හිස් සිඳියයුතු පාපකර්‍මයක් නො කෙරෙමි” යි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ යස්ස කස්සචි භික්ඛුස්ස වා භික්ඛුනියා වා එවං තිබ්බා භයසඤ්ඤා පච්චුපට්ඨිතා හොති පාරාජිකෙසු ධම්මෙසු, තස්සෙතං පාටිකඞ්ඛං: අනාපන්නො වා පාරාජිකං ධම්මං න ආපජ්ජිස්සති. ආපන්නො වා පාරාජිකං ධම්මං යථාධම්මං පටිකරිස්සති.
Sinhala BJTමහණෙනි, එපරිදි ම යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ පරිජිදහම්හි මෙසේ තීව්‍රභය සංඥා එළඹ සිටී ද, ඔහුට තෙල කැමැති වියයුතුයි: පරිජිඅවැතට නො පැමිණියේ පරිජිඇවැතට නො පැමිණෙන්නේ ය. පරිජිඇවැතට අවන්නේ හෝ ධර්‍මානුරූප කොට ප්‍රතිකර්‍ම කරන්නේ ය (=හෙරණ බැව්හි සිටුනේ ය.)
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ පුරිසො කාළකං වත්ථං{1} පරිධාය කෙසෙ පකිරිත්වා මුසලං ඛන්ධෙ ආරොපෙත්වා මහාජනකායං උපසඞ්කමිත්වා එවං වදෙය්ය: “අහං භන්තෙ පාපං කම්මං අකාසිං ගාරය්හං මොසල්ලං. යෙන මෙ ආයස්මන්තො අත්තමනා හොන්ති තං කරොමී”ති. තත්රඤ්ඤතරස්ස ථලට්ඨස්ස පුරිසස්ස එවමස්ස: “පාපකං වත භො අයං පුරිසො කම්මං අකාසි ගාරය්හං මොසල්ලං, යත්ර හි නාම කාළකං වත්ථං පරිධාය කෙසෙ පකිරිත්වා මුසලං ඛන්ධෙ ආරොපෙත්වා මහාජනකායං උපසඞ්කමිත්වා එවං වක්ඛති: ‘අහං භන්තෙ පාපං කම්මං අකාසිං ගාරය්හං මොසල්ලං. යෙන මෙ ආයස්මන්තො අත්තමනා හොන්ති, තං කරොමී”ති. සො වතස්සාහං එවරූපං පාපං කම්මං න කරෙය්යං ගාරය්හං මොසල්ලන්ති”.
Sinhala BJTමහණෙනි, යම් පරිදි පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ මොහොලක් කර නගා ගෙණ මහජනකායට වැද මෙසේ කියන්නේ වේ ද: භවත්නි, මම ගැරහිය යුකු මොහොල් පහරට නිසි පාපකර්‍මයක් කෙළෙමි ආයුෂ්මත්හු මට දෙන යම් දඬුවමෙකින් සතුටු වවු නම්, එය කෙරෙමි කියා යි එහි දී එකත්පස් ව සිටුනා එක්තරා පුරුෂයකුට මෙබඳු සිතෙක් වෙයි: “භවත්නි, ‘මම ගැරහිය යුතු මොහොලින් පහර දිය යුතු පාපකර්‍මයක් කෙළෙමි. ආයුෂ්මත්හු මට කරණ යම් දඬුවමෙකින් සතුටු වවු ද ඒ කෙරෙමි” යි යම් පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ මොහොලක් කර නගා ගෙණ මහජනකායට එළඹ මෙසේ කී ද’, මේ පුරුෂ ගැරහිය යුතු, මොහොලින් පහර දියයුතු, එබඳු පව්කමක් කෙළේය. හේ මම නම් එබඳු ගැරහිය යුතු මොහොලින් පහර දියයුතු පාපකර්‍මයක් නො කෙරෙම් ම ය.”
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ යස්ස කස්ස චි භික්ඛුස්ස වා භික්ඛුනියා වා එවං තිබ්බා භයසඤ්ඤා පච්චුපට්ඨිතා හොති සඞ්ඝාදිසෙසෙසු ධම්මෙසු, තස්සෙතං පාටිකඞ්ඛං: අනාපන්නො වා සඞ්ඝාදිසෙසං ධම්මං න ආපජ්ජිස්සති. ආපන්නො වා සඞ්ඝාදිසෙසං ධම්මං න ආපජ්ජිස්සති. ආපන්නො වා සඞ්ඝාදිසෙසං ධම්මං යථාධම්මං පටිකරිස්සති.
Sinhala BJTමහණෙනි, එපරිදි ම යම් කිසි මහණෙකුට හෝ මෙහෙණකට හෝ සඟවෙසෙස් ඇවැත්හි මෙබඳු තීව්‍රභයසංඥා එළඹ සිටියා වේ ද, ඔහුට තෙල කැමැති වියයුතුයි: සඟවෙසෙස් ඇවතට නො පැමිණියේ හෝ නො අවදනේ ය. සඟවෙසෙස් ඇවතට අවන්නේ හෝ ධර්‍මානුකූල කොට ප්‍රතිකර්‍ම කරන්නේ ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ පුරිසො කාළකං වත්ථං පරිධාය කෙසෙ පකිරිත්වා අස්සපුටං{2} ඛන්ධෙ ආරොපෙත්වා මහාජනකායං උපසඞ්කමිත්වා එවං වදෙය්ය: “අහං භන්තෙ පාපං කම්මං අකාසිං ගාරය්හං අස්සපුටං යෙන මෙ ආයස්මන්තො අත්තමනා හොන්ති, තං කරොමී”ති. තත්රඤ්ඤතරස්ස ථලට්ඨස්ස පුරිසස්ස එවමස්ස: “පාපකං වත භො අයං පුරිසො කම්මං අකාසි ගාරය්හං අස්සපුටං. යත්ර හි නාම කාළකං වත්ථං පරිධාය කෙසෙ පකිරිත්වා අස්සපුටං ඛන්ධෙ ආරොපෙත්වා මහාජනකායං උපසඞ්කමිත්වා එවං වක්ඛති: ‘අහං භන්තෙ පාපං කම්මං අකාසිං ගාරය්හං අස්සපුටං. යෙන මෙ ආයස්මන්තො අත්තමනා හොන්ති, තං කරොමී’ති. සො වතස්සාහං එවරූපං පාපං කම්මං න කරෙය්යං ගාරය්හං අස්සපුටන්ති.”
Sinhala BJTමහණෙනි, යම් පරිදි පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ හළු පොදියක් කර නගා ගෙණ මහාජනකායට වැඳ මෙසේ කියන්නේ වේ ද: “භවත්නි, මම හළුපොදියෙන් හිසැ පැහැරිය යුතු පාපකර්‍මයක් කෙළෙමි. ආයුෂ්මත්හු මට කරණ යම් දඬුවමෙකින් සතුටු වවු ද, එය කෙරෙමි” යි. එහිදී එකත්පස්ව සිටුනා එක්තරා පුරුෂයකුට මෙබඳු සිතෙක් වෙයි: “භවත්නි, ‘මම ගැරහිය යුතු හළු පොදියෙන් හිස පහර දුනමනා පාපකර්‍මයක් කෙළෙමි. ආයුෂ්මත්හු මට කරණ යම් දඬුවමෙකින් සතුටු වවු ද, එය කෙරෙමි’ යි කියා යම් පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ හළුපොදියක් කර නගා ගෙණ මහජනකායට එළඹ මෙසේ කීයේ වේ ද, හේ මම නම් මෙබඳු ගැරහිය යුතු හළු පොදියක් නගා පහළ යුතු පාපකර්‍මයක් නො කෙරෙමි” යි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ යස්ස කස්ස චි භික්ඛුස්ස වා භික්ඛුනියා වා එවං තිබ්බා භයසඤ්ඤා පච්චුපට්ඨිතා හොති පාචිත්තියෙසු ධම්මෙසු, තස්සෙතං පාටිකඞ්ඛං: අනාපන්නො වා පාචිත්තියං ධම්මං න ආපජ්ජිස්සති. ආපන්නො වා පාචිත්තියං ධම්මං යථා ධම්මං පටිකරිස්සති.
Sinhala BJTමහණෙනි, එපරිදි ම යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ පචිති ඇවැත්හි මෙසේ තීව්‍ර වූ භය සංඥාව එළඹ සිටියා වේ ද, ඔහුට තෙල කැමැති විය යුතුය: පචිති ඇවැතට නො පැමිණියේ හෝ එයට නො අවදනේ යි. පචිති ඇවැතට අවන්නේ හෝ ධර්‍මානුකූල කොට ප්‍රතිකර්‍ම කරන්නේ ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ පුරිසො කාළකං වත්ථං පරිධාය කෙසෙ පකිරිත්වා මහාජනකායං උපසඞ්කමිත්වා එවං වදෙය්ය: “අහං භන්තෙ පාපං කම්මං අකාසිං ගාරය්හං උපවජ්ජං. යෙන මෙ ආයස්මන්තො අත්තමනා හොන්ති, තං කරොමී”ති. තත්රඤ්ඤතරස්ස ථලට්ඨස්ස පුරිසස්ස එවමස්ස. “පාපකං වත භො අයං පුරිසො කම්මං අකාසි ගාරය්හං උපවජ්ජං, යත්ර හි නාම කාළකං වත්ථං පරිධාය කෙසෙ පකිරිත්වා මහාජනකායං උපසඞ්කමිත්වා එවං වක්ඛති: ‘අහං භන්තෙ පාපං කම්මං අකාසිං ගාරය්හං උපවජ්ජං. යෙන මෙ ආයස්මන්තො අත්තමනා හොන්ති, තං කරොමී”ති. සො වතස්සාහං එවරූපං පාපං කම්මං න කරෙය්යං ගාරය්හං උපවජ්ජන්ති.”
Sinhala BJTමහණෙනි, යම් පරිදි පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ මහජනකායට වැද මෙසේ කියන්නේ වේ ද: “භවත්නි, මම ගැරහිය යුතු උපවාද කළ යුතු පාපකර්‍මයක් කෙළෙමි. ආයුෂ්මත්හු මට කරණ යම් දඬුවමකින් සතුටු වවු ද, එය කෙරෙමි කියා යි. එහි දී එකත්පස්ව සිටුනා එක්තරා පුරුෂයකුට මෙබඳු සිතෙක් වෙයි: “භවත්නි, ‘මම ගැරහිය යුතු උපවාද කළයුතු පාපකර්‍මයක් කෙළෙමි. ආයුෂ්මත්හු මට කරණ යම් දඬුවමකින් සතුටු වවු ද, එය කෙරෙමි’ යි කියා යම් පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ මහාජනකායට අවුත් මෙසේ කී ද, හේ මම නම් මෙබඳු ගැරහිය යුතු උපවාද කළයුතු පව්කමක් නො කරමි” කියා යි
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ යස්ස කස්සචි භික්ඛුස්ස වා භික්ඛුනියා වා එවං තිබ්බා භයසඤ්ඤා පච්චුපට්ඨිතා හොති පාටිදෙසනීයෙසු ධම්මෙසු, තස්සෙතං පාටිකඞ්ඛං: අනාපන්නො වා පාටිදෙසනීයං ධම්මං න ආපජ්ජිස්සති. ආපන්නො වා පාටිදෙසනීයං ධම්මං යථා ධම්මං පටිකරිස්සති.
Sinhala BJTමහණෙනි, එපරිදි ම යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ පාටිදේසනීය ඇවැත්නි මෙසේ තීව්‍ර වු භයසංඥාව එළඹ සිටී ද, ඔහුට මෙය කැමැති විය යුතුය: පාටිදේසනීය ඇවැතට නො පැමිණියේ හෝ නො අවදනේ ය. පාටිදේසනීය ඇවැතට අවන්නේ හෝ ධර්‍මානුකූල කොට ප්‍රතිකර්‍ම කරන්නේ ය කියා යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි ආපත්තිභයානීති.
Sinhala BJTමහණෙනි, මෙ සතර ආපත්තිභයහ.
Pali BJT4. 5. 5. 3.
Sinhala BJT4. 5. 5. 3.
Pali BJT[සික්ඛානිසංසසුත්තං]
Sinhala BJT[සික්ඛාපදානිසංස සූත්‍රය]
Pali BJT45. සික්ඛානිසංසමිදං භික්ඛවෙ බ්රහ්මචරියං වුස්සති පඤ්ඤුත්තරං විමුත්තිසාරං සතාධිපතෙය්යං.
Sinhala BJT45. මහණෙනි, ශික්‍ෂා අනුසස් කොට ඇති, ප්‍රඥා උතුම් කොට ඇති, විමුක්ති හර කොට ඇති, ස්‍මෘති ආධිපත්‍යය කොට ඇති, මෙ බඹසර වසනු ලැබේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ සික්ඛානිසංසං හොති? ඉධ භික්ඛවෙ මයා සාවකානං ආභිසමාචාරිකා සික්ඛා පඤ්ඤත්තා අප්පසන්නානං පසාදාය, පසන්නානං භිය්යොභාවාය. යථා යථා භික්ඛවෙ මයා සාවකානං ආභිසමාචාරිකා සික්ඛා පඤ්ඤත්තා අප්පසන්නානං පසාදාය, පසන්නානං භිය්යොභාවාය, තථා තථා සො තස්සා සික්ඛාය අඛණ්ඩකාරී හොති අච්ඡිද්දකාරී අසබලකාරී අකම්මාසකාරී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. පුන චපරං භික්ඛවෙ මයා සාවකානං ආදිබ්රහ්මචරියිකා සික්ඛා පඤ්ඤත්තා සබ්බසො සම්මා දුක්ඛක්ඛයාය. යථා යථා භික්ඛවෙ මයා සාවකානං ආදිබ්රහ්මචරියිකා සික්ඛා පඤ්ඤත්තා සබ්බසො සම්මා දුක්ඛක්ඛයාය. තථා තථා සො තස්සා සික්ඛාය අඛණ්ඩකාරී හොති. අච්ඡිද්දකාරී අසබලකාරී අකම්මාසකාරී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. එවං භික්ඛවෙ සික්ඛානිසංසං හොති.
Sinhala BJTමහණෙනි, මේ බඹසර කෙසේ ශික්‍ෂා අනුසස් කොට ඇත්තේය යත්: මහණෙනි, මෙසස්නෙහි සව්වනට මා විසින් අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස, ප්‍රසන්නයන්ගේ භූයෝභාවය පිණිස ආභිසමාචාරික (උතුම්වත් පිළිබඳ) ශික්‍ෂා පණවන ලදු. මහණෙනි, යම් යම් සැටියෙකින් මා විසින් අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස ප්‍රසන්නයන්ගේ භූයෝභාවය පිණිස සව්වනට ආභිසමාචාරික ශික්‍ෂා පණවන ලද ද, ඒ ඒ සැටියෙන් හේ (ශික්‍ෂාකාමී මහණ තෙම) ඒ ශික්‍ෂායෙහි අඛණ්‍ඩකාරී වේ. අච්‍ඡිද්‍රකාරී වේ. අශබලකාරී වේ. අකල්මාෂකාරී වේ. මොනොවට සමාදන්ව ශික්‍ෂාපදයෙහි හික්මේ. තව ද, මහණෙනි, මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නස්නා පිණිස ශ්‍රාවකයනට ආදිබ්‍රහ්මචර්‍ය්‍ය (මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට මුල් වූ සංවර) ශික්‍ෂා පණවන ලදු. මහණෙනි, යම් යම් සැටියෙකින් මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නස්නා පිණිස ශ්‍රාවකයනට ආදිබ්‍රහ්මචර්‍ය්‍යශික්‍ෂා පණවන ලදු. මහණෙනි, යම් යම් සැටියෙකින් මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නස්නා පිණිස ශ්‍රාවකයනට ආදිබ්‍රහ්මචර්‍ය්‍යශික්‍ෂා පණවන ලදු ද, ඒ ඒ සැටියෙන් හේ ඒ ශික්‍ෂායෙහි අඛණ්ඩකාරී වෙයි. අච්ඡිද්‍රකාරී වෙයි. අශබලකාරී වෙයි. අකල්මාෂකාරී වෙයි. මොනොවට සමාදන් ව ශික්‍ෂාපදයෙහි හික්මෙයි. මහණෙනි, මෙසේ මේ බඹසර ශික්‍ෂා අනුසස් කොට ඇති වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පඤ්ඤුත්තරං හොති? ඉධ භික්ඛවෙ මයා සාවකානං ධම්මා දෙසිතා සබ්බසො සම්මා දුක්ඛක්ඛයාය. යථා යථා භික්ඛවෙ මයා සාවකානං ධම්මා දෙසිතා සබ්බසො සම්මා දුක්ඛක්ඛයාය, තථා තථාස්ස තෙ ධම්මා පඤ්ඤාය සමවෙක්ඛිතා හොන්ති. එවං ඛො භික්ඛවෙ පඤ්ඤුත්තරං හොති.
Sinhala BJTමහණෙනි, බඹසර කෙසේ ප්‍රඥාව උත්තර කොට ඇත්තේ ය යත්: මහණෙනි, මෙසස්නෙහි සව්වනට මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නසනු පිණිස චතුඃසත්‍ය ධර්‍මයෝ දෙසන ලදහ. මහණෙනි, යම් යම් සැටියෙකින් මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නසනු පිණිස ශ්‍රාවකයනට දහම් දෙසන ලද ද, ඒ ඒ සැටියෙන් ඔහු විසින් ඒ ධර්‍මයෝ ප්‍රඥායෙන් මොනොවට අවබෝධ කරණ ලද්දාහු වෙත්. මහණෙනි, මෙසේ මේ බඹසර ප්‍රඥාව උත්තර කොට ඇති වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ විමුත්තිසාරං හොති? ඉධ භික්ඛවෙ මයා සාවකානං ධම්මා දෙසිතා සබ්බසො සම්මා දුක්ඛක්ඛයාය. යථා යථා භික්ඛවෙ මයා සාවකානං ධම්මා දෙසිතා සබ්බසො සම්මා දුක්ඛක්ඛයාය, තථා තථාස්ස තෙ ධම්මා විමුත්තියා ඵස්සිතා{1} හොන්ති. එවං ඛො භික්ඛවෙ විමුත්තිසාරං{2} හොති.
Sinhala BJTමහණෙනි, බඹසර කෙසේ විමුක්තිය සාර කොට ඇත්තේ ය යත්: මහණෙනි, මෙසස්නෙහි මා විසින් සර්‍වප්‍රකාරයෙන් දුක් නසනු පිණිස ශ්‍රාවකයනට දහම් දෙසන ලදී. මහණෙනි, යම් යම් සැටියකින් මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නසනු පිණිස ශ්‍රාවකයනට දහම් දෙසන ලද ද, ඒ ඒ සැටියෙන් ඔහු විසින් ඒ ධර්‍මයෝ විමුක්ති (ඥාන) යෙන් පහස්නා ලද්දාහු වෙති. මහණෙනි, මෙසේ බඹසර විමුක්තිය සාර කොට ඇත්තේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ සතාධිපතෙය්යං හොති? ඉති අපරිපූරං වා ආභිසමාචාරිකං සික්ඛං පරිපූරෙස්සාමි, පරිපූරං වා ආභිසමාචාරිකං සික්ඛං තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමීති. අජ්ඣත්තං යෙව සති සූපට්ඨිතා හොති. ඉති අපරිපූරං වා ආදිබ්රහ්මචරියිකං සික්ඛං පරිපූරෙස්සාමි, පරිපූරං වා ආදිබ්රහ්මචරියිකං සික්ඛං තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමීති අජ්ඣත්තං යෙව සති සූපට්ඨිතා හොති. ඉති අසමවෙක්ඛිතං වා ධම්මං පඤ්ඤාය සමවෙක්ඛිස්සාමි, සමවෙක්ඛිතං වා ධම්මං තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමීති. අජ්ඣත්තං යෙව සති සූපට්ඨිතා හොති. ඉති අඵස්සිතං වා ධම්මං විමුත්තියා ඵස්සිස්සාමි.{3} ඵස්සිතං{4} වා ධම්මං තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමීති. අජ්ඣත්තං යෙව සති සූපට්ඨිතා හොති. එවං ඛො භික්ඛවෙ සතාධිපතෙය්යං හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ බඹසර ස්‍මෘතිය ආධිපත්‍යය කොට ඇත්තේය යත්: මෙසේ අපරිපූර්‍ණ වූ හෝ ආභිසමාචාරිකශික්‍ෂා පුරමි යි, පරිපූර්‍ණ වූ හෝ ආභිසමාචාරිකශික්‍ෂා ඒ ඒ තැන විදර්‍ශනාප්‍රඥායෙන් ලුහුබැඳ ගන්මි යි තමා සතන්හි ස්මෘතිය මොනොවට එළඹ සිටුනී වෙයි. මෙසේ අපරිපූර්‍ණ වූ හෝ ආදිබ්‍රහ්මචර්‍ය්‍යකශික්‍ෂා පුරමි යි, පරිපූර්‍ණ වූ හෝ ආදිබ්‍රහ්මචර්‍ය්‍යකශික්‍ෂා ඒ ඒ තැන විදර්‍ශනා ප්‍රඥායෙන් ලුහුබැඳ ගන්මි යි අධ්‍යාත්මයෙහි ම ස්මෘතිය මොනොවට එළඹ සිටුනී වෙහි. මෙසේ මාර්‍ගප්‍රඥායෙන් නො දක්නා ලද හෝ චතුස්සත්‍යධර්‍මය මාර්‍ගප්‍රඥායෙන් දක්මි යි මාර්‍ගප්‍රඥායෙන් දක්නා ලද හෝ චතුස්සත්‍යධර්‍මය ඒ ඒ තැන මාර්‍ගප්‍රඥායෙන් ලුහුබැඳ ගන්මි යි අධ්‍යාත්මයෙහි ම ස්මෘතිය මොනොවට එළඹ සිටුනී වෙයි. මෙසේ ඥානස්පර්‍ශයෙන් නො පහස්නා ලද ධර්‍මය අර්‍හත්ඵලවිමුක්තියෙන් පහස්නෙමි යි පහස්නා ලද හෝ ධර්‍මය ඒ ඒ තැන ප්‍රඥායෙන් ලුහුබැඳ ගන්මි යි අධ්‍යාත්මයෙහි ම ස්මෘතිය මොනොවට එළඹ සිටුනී වෙයි. මහණෙනි, මෙසේ බඹසර ස්මෘතිය අධිපති කොට ඇති වෙයි.
Pali BJTසික්ඛානිසංසමිදං භික්ඛවෙ බ්රහ්මචරියං වුස්සති පඤ්ඤුත්තරං විමුත්තිසාරං සතාධිපතෙය්යන්ති ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තන්ති.
Sinhala BJTමහණෙනි, ශික්‍ෂා අනුසස් කොට ඇති, ප්‍රඥා උත්තර කොට ඇති, විමුක්තිය හර කොට ඇති, ස්මෘතිය ආධිපත්‍යය කොට ඇති, මේ බඹසර වැසේය යි මෙසේ යමක් වදාරණ ලද ද, මෙය තෙල කරුණ පිණිස වදාරණ ලදී.
Pali BJT4. 5. 5. 4.
Sinhala BJT4. 5. 5. 4.
Pali BJT[සෙය්යාසුත්තං]
Sinhala BJT[සෙය්‍යා සූත්‍රය]
Pali BJT46. චතස්සො ඉමා භික්ඛවෙ සෙය්යා. කතමා චතස්සො?
Sinhala BJT46. මහණෙනි, මේ ශය්‍යාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTපෙතසෙය්යා, කාමභොගීසෙය්යා, සීහසෙය්යා, තථාගතසෙය්යා.
Sinhala BJTප්‍රේතශය්‍යා ය, කාමභෝගීශය්‍යා, සිංහශය්‍යා ය, තථාගතශය්‍යා යි.
Pali BJTකතමා ච භික්ඛවෙ පෙතසෙය්යා? යෙභුය්යෙන භික්ඛවෙ පෙතා උත්තානා සෙන්ති. අයං වුච්චති භික්ඛවෙ පෙතසෙය්යා.
Sinhala BJTමහණෙනි, ප්‍රේතශය්‍යා කවර? මහණෙනි, මළාහු උඩුහුරුව හොවිත්. මහණෙනි, මේ ප්‍රේතශය්‍යා යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ කාමභොගීසෙය්යා? යෙභුය්යෙන භික්ඛවෙ කාමභොගී වාමෙන පස්සෙන සෙන්ති. අයං වුච්චති භික්ඛවෙ කාමභොගීසෙය්යා.
Sinhala BJTමහණෙනි, කාමභෝගීශය්‍යා නම් කවර? මහණෙනි, බෙහෙවින් කාමභොගීහු වම්පසින් හොවිත්. මහණෙනි, මේ කාමභෝගීශය්‍යා යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ සීහසෙය්යා? සීහො භික්ඛවෙ මිගරාජා දක්ඛිණෙන පස්සෙන සෙය්යං කප්පෙති පාදෙ පාදං අච්චාධාය, අන්තරා සත්ථීනං{1} නඞ්ගුට්ඨං අනුක්ඛිපිත්වා. සො පටිබුජ්ඣිත්වා පුරිමං කායං අබ්භුන්නාමෙත්වා පච්ඡිමං කායං අනුවිලොකෙති. සචෙ භික්ඛවෙ සීහො මිගරාජා කිඤ්චි පස්සති කායස්ස වික්ඛිත්තං වා විසටං වා, තෙන භික්ඛවෙ සීහො මිගරාජා අනත්තමනො හොති. සචෙ පන භික්ඛවෙ සීහො මිගරාජා න කිඤ්චි පස්සති කායාස්ස වික්ඛිත්තං වා විසටං වා, තෙන භික්ඛවෙ සීහො මිගරාජා අත්තමනො හොති. අයං වුච්චති භික්ඛවෙ සීහසෙය්යා.
Sinhala BJTමහණෙනි, සිංහශය්‍යා නම් කවර? මහණෙනි, මෘගරාජන් වූ සිංහ පාපිට පය මඳක් ඇද තබා දෙකළවේ අතර නගුට බහා තබා දකුණු ඇළයෙන් ශය්‍යා කෙරෙයි. හේ පිබිද උඩුකය නගාගෙණ යටකය විමසා බලයි. මහණෙනි, ඉදින් මෘගරාජන් වූ සිංහ ශරීරාවයව විසිරීමක් හෝ විහිටීමක් හෝ කිසිත් ඉදින් දක්නේ නම් මහණෙනි, එයින් මෘගරාජන් වූ සිංහ නො සතුටු වෙයි. මහණෙනි, මෘගරාජන් වූ සිංහ ශරීරාවයව විසිරීමක් හෝ විහිටීමක් හෝ කිසිත් නොදක්නේ නම්, මහණෙනි, එයින් මෘගරාජන් වූ සිංහ සතුටු වෙහි. මහණෙනි, මෙ සිංහශය්‍යා යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ තථාගතසෙය්යා? ඉධ භික්ඛවෙ තථාගතො විවිච්චෙව කාමෙහි [-පෙ- පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං] -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ තථාගතසෙය්යා.
Sinhala BJTමහණෙනි, තථාගතශය්‍යා නම් කවර? මහණෙනි, මෙලොව තථාගතයන් වහන්සේ කාමයෙන් වෙන්ව ම … ප්‍රථම ධ්‍යානයට ... ද්විතීය ධ්‍යානයට ... තෘතීය ධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙති. මහණෙනි, මේ තථාගතශය්‍යා යි කියනු ලැබේ.
Pali BJTඉමා ඛො භික්ඛවෙ චතස්සො සෙය්යාති.
Sinhala BJTමහණෙනි, මේ සතර ශය්‍යාවෝ යි.
Pali BJT4. 5. 5. 5.
Sinhala BJT4. 5. 5. 5.
Pali BJT[ථූපාරහසුත්තං]
Sinhala BJT[ථූපාරහ සූත්‍රය]
Pali BJT47. චත්තාරොමෙ භික්ඛවෙ ථූපාරහා. කතමෙ චත්තාරො?
Sinhala BJT47. මහණෙනි, මේ ථූපාරහ පුද්ගලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTතථාගතො අරහං සම්මාසම්බුද්ධො ථූපාරහො, පච්චෙකබුද්ධො ථූපාරහො, තථාගතසාවකො ථූපාරහො, රාජා චක්කවත්තී ථූපාරහො.
Sinhala BJTතථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ථුපාරහයහ. ප්‍රත්‍යෙක සම්බුද්ධයන් වහන්සේ ථූපාරහයහ. තථාගතශ්‍රාවකයන් වහන්සේ ථූපාරහයහ. සක්විති රජ ථුපාරහ යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ථූපාරහාති.
Sinhala BJTමහණෙනි, මේ සතර දෙනා ථුපාරහයයෝ (=සෑ බැඳ පුදන්නට නිස්සෝ) යි.
Pali BJT4. 5. 5. 6.
Sinhala BJT4. 5. 5. 6.
Pali BJT[පඤ්ඤාවුද්ධි සුත්තං]
Sinhala BJT[පඤ්ඤාවුද්ධි සූත්‍රය]
Pali BJT48. චත්තාරොමෙ භික්ඛවෙ ධම්මා පඤ්ඤාවුද්ධියා සංවත්තන්තී. කතමෙ චත්තාරො?
Sinhala BJT48. මහණෙනි, මේ සතර දහම් කෙනෙක් ප්‍රඥාවෘද්ධිය පිණිස පවතිත්. කවර සතර දහම් කෙනෙක යත්:
Pali BJTසප්පුරිසසංසෙවො, සද්ධම්මසවණං, යොනිසො මනසිකාරො, ධම්මානුධම්මපටිපත්ති.
Sinhala BJTසත්පුරුෂයන් සෙවුනාබව ය, සද්ධර්‍මශ්‍රවණ ය, නුවණින් මෙනෙහි කිරීම ය, ධර්‍මානුධර්‍මප්‍රතිපත් ය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ධම්මා පඤ්ඤාවුද්ධියා සංවත්තන්තීති.
Sinhala BJTමහණෙනි, මේ සතර දහම්හු ප්‍රඥාවෘද්ධිය පිණිස පවතිත්.
Pali BJT4. 5. 5. 7.
Sinhala BJT4. 5. 5. 7.
Pali BJT[බහුකාරසුත්තං]
Sinhala BJT[බහුකාර සූත්‍රය]
Pali BJT49. චත්තාරොමෙ භික්ඛවෙ ධම්මා මනුස්සභූතස්ස බහුකාරා හොන්ති. කතමෙ චත්තාරො?
Sinhala BJT49. මහණෙනි, සතර දහම් කෙනෙක් මනුෂ්‍යවූවක්හට බොහෝ උපකාර වෙති. කවර සතර දහම් කෙනෙක යත්:
Pali BJTසප්පුරිසසංසෙවො, සද්ධම්මසවණං, යොනිසො මනසිකාරො, ධම්මානුධම්මපටිපත්ති.
Sinhala BJTසත්පුරුෂයන් සෙවුනා බව ය. සද්ධර්‍මශ්‍රවණ ය, නුවණින් මෙනෙහි කිරීම ය, ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්ය යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ධම්මා මනුස්සභූතස්ස බහුකාරා හොන්තීති.
Sinhala BJTමහණෙනි, මේ සතර දහම්හු මනුෂ්‍ය වූවක්හට බොහෝ උපකාර වෙති.
Pali BJT4. 5. 5. 8.
Sinhala BJT4. 5. 5. 8.
Pali BJT[අනරිය වොහාරසුත්තං]
Sinhala BJT[අනරියවෝහාර සූත්‍රය]
Pali BJT50. චත්තාරොමෙ භික්ඛවෙ අනරියවොහාරා. කතමෙ චත්තාරො?
Sinhala BJT50. මහණෙනි, මේ අනාර්‍ය්‍ය ව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅදිට්ඨෙ දිට්ඨවාදිතා, අසුතෙ සුතවාදිතා, අමුතෙ මුතවාදිතා, අවිඤ්ඤාතෙ විඤ්ඤාතවාදිතා.
Sinhala BJTඅදෘෂ්‍ටයෙහි දෘෂ්ටවාදිතා ය, අශ්‍රැතයෙහි ශ්‍රැතවාදිතා ය, අමුතයෙහි මුතවාදිතා ය. අවිඥාතයෙහි විඥාතවාදිතා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො අනරියවොහාරාති.
Sinhala BJTමහණෙනි, මේ සතර අනාර්‍ය්‍ය ව්‍යවහාරයෝ යි.
Pali BJT4. 5. 5. 9.
Sinhala BJT4. 5. 5. 9.
Pali BJT[අරියවොහාරසුත්තං]
Sinhala BJT[අරියවෝහාර සූත්‍රය]
Pali BJT51. චත්තාරොමෙ භික්ඛවෙ අරියවොහාරා. කතමෙ චත්තාරො?
Sinhala BJT51. මහණෙනි, මේ ආර්‍ය්‍යව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅදිට්ඨෙ අදිට්ඨවාදිතා, අසුතෙ අසුතවාදිතා, අමුතෙ අමුතවාදිතා, අවිඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදිතා.
Sinhala BJTඅදෘෂ්‍ටයෙහි අදෘෂ්ටවාදිතා ය, අශ්‍රැතයෙහි අශ්‍රැතවාදිතා ය, අමුතයෙහි අමුතවාදිතා ය, අවිඥාතයෙහි අවිඥාතවාදිතා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො අරියවොහාරාති.
Sinhala BJTමහණෙනි, මේ සතර ආර්‍ය්‍යව්‍යවහාරයෝ යි.
Pali BJT4. 5. 5. 10.
Sinhala BJT4. 5. 5. 10.
Pali BJT[අනරිය වොහාරසුත්තං]
Sinhala BJT[අනරියවෝහාර සූත්‍රය]
Pali BJT52. චත්තාරොමෙ භික්ඛවෙ අනරියවොහාරා. කතමෙ චත්තාරො?
Sinhala BJT52. මහණෙනි, මේ අනාර්‍ය්‍යව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTදිට්ඨෙ අදිට්ඨවාදිතා, සුතෙ අසුතවාදිතා, මුතෙ අමුතවාදිතා, විඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදිතා.
Sinhala BJTදෘෂ්‍ටයෙහි අදෘෂ්ටවාදිතා ය. ශ්‍රැතයෙහි අශ්‍රැතවාදිතා ය, මුතයෙහි අමුතවාදිතා ය, විඥාතයෙහි අවිඥාතවාදිතා ය.