Pali BJT[පඤ්චම බාල - පණ්ඩිත සුත්තං]
Sinhala BJT[පස්වන බාල - පණ්ඩිත සූත්‍රය]
Pali BJT26. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ- අසප්පුරිසො -පෙ-]
Sinhala BJT26. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
Pali BJTමිච්ඡාආජීවො හොති. මිච්ඡාවායාමො හොති. මිච්ඡාසතී හොති. මිච්ඡාසමාධි හොති. [ඉමෙහි -පෙ- බහුඤ්ච අපුඤ්ඤං පසවති.]
Sinhala BJTමිථ්‍යා ආජීව ඇතියේ වෙයි. මිථ්‍යා ව්‍යායාම ඇතියේ වෙයි. මිථ්‍යාස්මෘති ඇතියේ වෙයි. මිථ්‍යාසමාධි ඇතියේ වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
Pali BJT[චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ- සප්පුරිසො -පෙ-]
Sinhala BJT[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
Pali BJTසම්මාආජීවො හොති. සම්මාවායාමො හොති. සම්මාසතී හොති. සම්මාසමාධී හොති. [ඉමෙහි -පෙ- බහුඤ්ච පුඤ්ඤං පසවතීති.]
Sinhala BJTසම්‍යග් ආජීව ඇතියේ වෙයි. සම්‍යග් ව්‍යායාම ඇතියේ වෙයි. සම්‍යක් ස්මෘති ඇතියේ වෙයි. සම්‍යක් සමාධි ඇතියේ වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]
Pali BJT4. 5. 3. 7.
Sinhala BJT4. 5. 3. 7.
Pali BJT[ඡට්ඨ බාල - පණ්ඩිත සුත්තං]
Sinhala BJT[සවන බාල - පණ්ඩිත සූත්‍රය]
Pali BJT27. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ- අසප්පුරිසො -පෙ-]
Sinhala BJT27. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
Pali BJTඅදිට්ඨෙ දිට්ඨවාදී හොති. අසුතෙ සුතවාදී හොති. අමුතෙ මුතවාදී හොති. අවිඤ්ඤාතෙ විඤ්ඤාතවාදී හොති. [ඉමෙහි -පෙ- බහුඤ්ච අපුඤ්ඤං පසවති.]
Sinhala BJTඅදෘෂ්ට ආලම්බනයෙහි දෘෂ්ටවාදී වෙයි. අශ්‍රැත ආලම්බනයෙහි ශ්‍රැතවාදී වෙයි. අමුත ආලම්බනයෙහි මුතවාදී වෙයි. අවිඥාත ආලම්බනයෙහි විඥාතවාදී වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
Pali BJT[චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ- සප්පුරිසො -පෙ-]
Sinhala BJT[මහණෙනි, මේ සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
Pali BJTඅදිට්ඨෙ අදිට්ඨවාදී හොති. අසුතෙ අසුතවාදී හොති. අමුතෙ අමුතවාදී හොති. අවිඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදී හොති. [ඉමෙහි -පෙ- බහුඤ්ච පුඤ්ඤං පසවතීති.]
Sinhala BJTඅදෘෂ්ට ආලම්බනයෙහි අදෘෂ්ටවාදී වෙයි. අශ්‍රැත ආලම්බනයෙහි අශ්‍රැතවාදී වෙයි. අමුත ආලම්බනයෙහි අමුතවාදී වෙයි. අවිඥාත ආලම්බනයෙහි අවිඥතවාදී වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]
Pali BJT4. 5. 3. 8.
Sinhala BJT4. 5. 3. 8.
Pali BJT[සත්තම බාල - පණ්ඩිත සුත්තං]
Sinhala BJT[සත්වන බාල - පණ්ඩිත සූත්‍රය]
Pali BJT28. [චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ- අසප්පුරිසො -පෙ-]
Sinhala BJT28. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
Pali BJTදිට්ඨෙ අදිට්ඨවාදී හොති. සුතෙ අසුතවාදී හොති. මුතෙ අමුතවාදී හොති. විඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදී හොති. [ඉමෙහි -පෙ- බහුඤ්ච අපුඤ්ඤං පසවති.]
Sinhala BJTදෘෂ්ටාලම්බනයෙහි අදෘෂ්ටවාදී වෙයි. ශ්‍රැතාලම්බනයෙහි අශ්‍රැතවාදී වෙයි. මුතාලම්බනයෙහි අමුතවාදී වෙයි. විඥාතාලම්බනයෙහි අවිඥාතවාදී වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
Pali BJT[චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ- සප්පුරිසො -පෙ-]
Sinhala BJT[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
Pali BJTදිට්ඨෙ දිට්ඨවාදී හොති. සුතෙ සුතවාදී හොති. මුතෙ මුතවාදී හොති. විඤ්ඤාතෙ විඤ්ඤාතවාදී හොති. [ඉමෙහි -පෙ- බහුඤ්ච පුඤ්ඤං පසවතීති.]
Sinhala BJTදෘෂ්ටාලම්බනයෙහි දෘෂ්ටවාදී වෙයි. ශ්‍රැතාලම්බනයෙහි ශ්‍රැතවාදී වෙයි. මුතාලම්බනයෙහි මුතවාදී වෙයි. විඥාතාලම්බනයෙහි විඥාතවාදී වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]
Pali BJT4. 5. 3. 9.
Sinhala BJT4. 5. 3. 9.
Pali BJT[අට්ඨම බාල - පණ්ඩිත සුත්තං]
Sinhala BJT[අටවැනි බාල - පණ්ඩිත සූත්‍රය]
Pali BJT29. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ- අසප්පුරිසො -පෙ-]
Sinhala BJT29. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
Pali BJTඅස්සද්ධො හොති, දුස්සීලො හොති. අහිරිකො හොති. අනොත්තප්පී හොති. [ඉමෙහි -පෙ- බහුඤ්ච අපුඤ්ඤං පසවති.]
Sinhala BJTශ්‍රද්ධා නැත්තේ වෙයි. දුශ්ශීල වෙයි. පවට ලජ්ජා නැතියේ වෙයි. පවට බිය නැතියේ වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
Pali BJT[චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ- සප්පුරිසො -පෙ-]
Sinhala BJT[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
Pali BJTසද්ධො හොති. සීලවා හොති. හිරිමා හොති. ඔත්තප්පී හොති. [ඉමෙහි -පෙ- බහුඤ්ච පුඤ්ඤං පසවතීති.]
Sinhala BJTශ්‍රද්ධා ඇතියේ වෙයි. ශීල ඇතියේ වෙයි. පවට ලජ්ජා ඇතියේ වෙයි. පවට බිය ඇතියේ වෙයි … [මේ සතර කරුණෙන් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]
Pali BJT4. 5. 3. 10.
Sinhala BJT4. 5. 3. 10.
Pali BJT[නවම බාල - පණ්ඩිත සුත්තං]
Sinhala BJT[නවවැනි බාල - පණ්ඩිත සූත්‍රය]
Pali BJT30. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ- අසප්පුරිසො -පෙ-]
Sinhala BJT30. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
Pali BJTඅස්සද්ධො හොති. දුස්සීලො හොති. කුසීතො හොති. දුප්පඤ්ඤො හොති. [ඉමෙහි -පෙ- බහුඤ්ච අපුඤ්ඤං පසවති.]
Sinhala BJTශ්‍රද්ධා නැතියේ වෙයි. දුශ්ශීල වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
Pali BJT[චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ- සප්පුරිසො -පෙ-]
Sinhala BJT[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
Pali BJTසද්ධො හොති. සීලවා හොති. ආරද්ධවිරියො හොති. පඤ්ඤවා හොති. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො බ්යත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. අනවජ්ජො ච හොති. අනනුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච පුඤ්ඤං පසවතීති.
Sinhala BJTශ්‍රද්ධා ඇතියේ වෙයි. සිල්වත් වෙයි. රුකළ වැර ඇතියේ වෙයි. ප්‍රඥාවත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වු පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ තෙමේ ගුණ විසින් සාරා නො ලන ලද, ගුණ විසින් නො නට ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කටයුතුත් වෙයි. බොහෝ කුසල් ද රැස් කෙරෙයි.
Pali BJT4. 5. 3. 11.
Sinhala BJT4. 5. 3. 11.
Pali BJT[කවිසුත්තං]
Sinhala BJT[කවි සූත්‍රය]
Pali BJT31. චත්තාරොමෙ භික්ඛවෙ කවී. කතමෙ චත්තාරො?
Sinhala BJT31. මහණෙනි, මේ කවීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTචින්තාකවි, සුතකවි, අත්ථකවි, පටිභානකවි. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො කවීති.
Sinhala BJTචින්තාකවිය, ශ්‍රැතකවිය, අර්‍ත්‍ථකවිය, ප්‍රතිභානකවි යි. මහණෙනි, මේ සතර කවීහු වෙති.
Pali BJTසුචරිතවග්ගො තතියො.{*}
Sinhala BJTසුචරිතවර්‍ගය තෙවැනි යි.
Pali BJT4. කම්මවග්ගො
Sinhala BJT4. කර්‍ම වර්‍ගය
Pali BJT4. 5. 4. 1.
Sinhala BJT4. 5. 4. 1.
Pali BJT[පඨම කම්මසුත්තං]
Sinhala BJT[ප්‍රථම කර්‍ම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT32. චත්තාරිමානි භික්ඛවෙ කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කතමානි චත්තාරි?
Sinhala BJT32. මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලද්දාහු ය. කවර සතර කර්‍මයහ යත්:
Pali BJTඅත්ථි භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං සුක්කං සුක්කවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණ (අකුශල) කර්‍මයෙක් ඇත. මහණෙනි, ශුක්ල විපාක ඇති ශුක්ල (කුශල) කර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ වූ ද ශුක්ල වූ ද විපාක ඇති (මිශ්‍රක වන) කෘෂ්ණ-ශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ ද නො වූ ශුක්ල ද නො වූ විපාක ඇති කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ-අශුක්ල (චතුර්මාර්‍ගඥාන) කර්‍මයෙක් ඇත.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ.
Pali BJT4. 5. 4. 2.
Sinhala BJT4. 5. 4. 2.
Pali BJT[දුතියකම්මසුත්තං]
Sinhala BJT[දෙවන කර්‍ම සූත්‍රය]
Pali BJT33. චත්තාරිමානි භික්ඛවෙ කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කතමානි චත්තාරි?
Sinhala BJT33. මහණෙනි, මේ කර්‍මයෝ සතර කෙනෙක් මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පවසන ලද්දාහු ය. කවර සතර කර්‍මයහ යත්:
Pali BJTඅත්ථි භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං සුක්කං සුක්කවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, අනිෂ්ටවිපාක ඇති අකුශලකර්‍මයෙක් ඇත. මහණෙනි, ඉෂ්ටවිපාක ඇති කුශලකර්‍මයෙක් ඇත. මහණෙනි, අනිෂ්ට වූ ද ඉෂ්ට වූ ද විපාක ඇති කෘෂ්ණ-ශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, අකෘෂ්ණ-අශුක්ල විපාක ඇති කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ-අශුක්ලකර්‍මයෙක් ඇත.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චො සබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්යාපජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්යාපජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො සබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣං ලොකං උපපජ්ජති. තමෙනං සබ්යාපජ්ඣං ලොකං උපපන්නං සමානං සබ්යාපජ්ඣා ඵස්සා ඵුසන්ති. සො සබ්යාපජ්ඣෙහි ඵස්සෙහි ඵුට්ඨො සමානො සබ්යාපජ්ඣං වෙදනං වෙදියති එකන්තදුක්ඛං. සෙය්යථාපි සත්තා නෙරයිකා. ඉදං වුච්චති භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං.
Sinhala BJTමහණෙනි, අනිෂ්ට විපාක ඇති අකුශලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් සදොස් වූ (කායද්වාරිකචේතනා සඞ්ඛ්‍යාත) කායසංස්කාරය රැස් කෙරෙයි. සදොස් (වාග්ද්වාරිකචෙතනා සඞ්ඛ්‍යාත) වාක්සංස්කාරය රැස් කෙරෙයි. සදොස් වූ (මනෝද්වාරිකචේතනා සඞ්ඛ්‍යාත) මනඃසංස්කාරය රැස් කෙරෙයි. හේ දොස් සහිත කායසංස්කාරය රැස් කොට දොස් සහිත වාක්සංස්කාරය රැස් කොට දොස් සහිත මනඃසංස්කාරය රැස් කොට දුක් සහිත ලෝකයට උත්පත්ති වශයෙන් පැමිණෙයි. දුක් සහිත ලොව්හි උපන් ඔහු දුක් සහිත විපාකස්පර්‍ශයෝ පහස්නාහ. දුක් සහිත ස්පර්‍ශයන් විසින් පහස්නා ලද හේ ඒකාන්තයෙන් දුක් වූ ආබාධ සහිත විපාකවේදනාව විඳියි. නිරිසතුන් සෙයිනි. මහණෙනි, මේ අනිෂ්ටවිපාක ඇති අකුශලකර්‍මය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කම්මං සුක්කං සුක්කවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චො අබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, අබ්යාපජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, අබ්යාපජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො අබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා අබ්යාපජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා අබ්යාපජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා අබ්යාපජ්ඣං ලොකං උපපජ්ජති. තමෙනං අබ්යාපජ්ඣං ලොකං උපපන්නං සමානං අබ්යාපජ්ඣා ඵස්සා ඵුසන්ති. සො අබ්යාපජ්ඣෙහි ඵස්සෙහි ඵුට්ඨො සමානො අබ්යාපජ්ඣං වෙදනං වෙදියති එකන්තසුඛං. සෙය්යථාපි දෙවා සුභකිණ්හා. ඉදං වුච්චති භික්ඛවෙ කම්මං සුක්කං සුක්කවිපාකං.
Sinhala BJTමහණෙනි, ඉෂ්ටවිපාක ඇති කුශලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් නිදොස් වූ කායසංස්කාරය රැස් කෙරෙයි. නිදොස් වූ වාක්සංස්කාරය රැස් කෙරෙයි. නිදොස් වූ මනඃසංස්කාරය රැස් කෙරෙයි. හේ නිදොස් වූ කායසංස්කාරය රැස් කොට නිදොස් වූ වාක්සංස්කාරය රැස් කොට නිදොස් වූ මනඃසංස්කාරය රැස් කොට නිදුක් ලොවට එළඹෙයි. නිදුක් ලොවට එළඹි ඔහු දුක් රහිත විපාක ස්පර්‍ශයෝ පහස්නාහ. නිදුක් ස්පර්‍ශයන් විසින් පහස්නා ලද හේ ඒකාන්තසුඛ වූ නිරාබාධවේදනා විඳී. සුභකිණ්හ දෙවියන් සෙයිනි. මහණෙනි, මේ ඉෂ්ටවිපාක ඇති කුශලකර්‍මය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි වචීසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි ලොකං උපපජ්ජති. තමෙනං සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි ලොකං උපපන්නං සමානං සබ්යාපජ්ඣාපි අබ්යාපජ්ඣාපි ඵස්සා ඵුසන්ති. සො සබ්යාපජ්ඣෙහිපි අබ්යාපජ්ඣෙහිපි ඵස්සෙහි ඵුට්ඨො සමානො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි වෙදනං වෙදියති වොකිණ්ණසුඛදුක්ඛං. සෙය්යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා. ඉදං වුච්චති භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං.
Sinhala BJTමහණෙනි, ඉෂ්ටානිෂ්ට විපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍ම කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූත් නිදොස් වූත් කායසංස්කාර රැස් කෙරෙයි සදොස් වූත් නිදොස් වූත් වාක්සංස්කාර රැස් කෙරෙයි. සදොස් වූත් නිදොස් වූත් මනඃසංස්කාර රැස් කෙරෙයි. හේ සදොස් වූත් නිදොස් වූත් කායසංස්කාර රැස් කොට සදොස් වූත් නිදොස් වූත් වාක්සංස්කාර රැස් කොට සදොස් වූත් නිදොස් වූත් මනඃසංස්කාර රැස් කොට සදුක් වූ ද නිදුක් වූ ද ලෝකයට එළඹෙයි. සදුක් වූ ද නිදුක් වූ ද ලොවට එළඹි ඔහු දුක් සහිත වූ ද දුක් රහිත වූ ද විපාකස්පර්‍ශයෝ පහස්නාහ. සදුක් වූ ද නිදුක් වූ ද ස්පර්‍ශයන් විසින් පහස්නා ලද හේ ව්‍යතිමිශ්‍රසුඛදුඃඛ ඇති සදුක් වූත් නිදුක් වූත් විපාකවේදනා විඳියි. මිනිසුන් සෙයිනි. ඇතැම් දෙවියන් හා ඇතැම් විනිපාතිකයන් ද සෙයිනි. මහණෙනි, මේ ඉටු අනිටු විපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති? තත්ර භික්ඛවෙ යමිදං කම්මං කණ්හං කණ්හවිපාකං තස්ස පහාණාය යා චෙතනා, යම්පිදං කම්මං සුක්කං සුක්කවිපාකං තස්ස පහාණාය යා චෙතනා, යම්පිදං කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං තස්ස පහාණාය යා චෙතනා, ඉදං වුච්චති භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හ අසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා කෘෂ්ණවිපාකත් නො වූ ශුක්ලවිපාකත් නො වූ අකෘෂ්ණඅශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, එහි ලා යම් කර්‍මයෙක් කෘෂ්ණ වේ ද කෘෂ්ණවිපාක වේ ද, ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇද්ද, යම් කර්‍මයෙක් ශුක්ල වේ ද ශුක්ලවිපාක වේ ද, ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇද්ද, යම් කර්‍මයෙක් කෘෂ්ණශුක්ල වේ ද කෘෂ්ණශුක්ලවිපාකත් වේ ද, ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇද්ද, මහණෙනි, මේ කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණඅශුක්ල වූ අකෘෂ්ණඅශුක්ලවිපාකත් වූ කර්‍මය යි කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පවසන ලදහ.
Pali BJT4. 5. 4. 3.
Sinhala BJT4. 5. 4. 3.
Pali BJT[තතිය කම්ම සුත්තං]
Sinhala BJT[තෙවන කර්‍ම සූත්‍රය]
Pali BJT34. අථ ඛො සිඛාමොග්ගල්ලානො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සිඛාමොග්ගල්ලානො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJT34. එකල්හි සිඛාමොග්ගල්ලාන බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී. සතුටට කරුණු වූ සිහි කරණුවට නිසි කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පස් ව හුන් සිළුමුගලන් බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
Pali BJTපුරිමානි භො ගොතම දිවසානි පුරිමතරානි සොණකායනො මාණවො යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං එතදවොච:
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, පුරිම වූත් පුරිමතර වූත් දිනයෙහි සෝණකායන නම් මාණවක මා කරා එළඹියේ ය. එළඹ මට තෙල කී ය:
Pali BJTසමණො ගොතමො සබ්බකම්මානං අකිරියං පඤ්ඤාපෙති. සබ්බකම්මානං ඛො පන අකිරියං පඤ්ඤාපෙන්තො උච්ඡෙදං ආහ ලොකස්ස. කම්මසච්චායං භො ලොකො, කම්මසමාරම්භට්ඨායීති.
Sinhala BJTමහණ ගොයුම් සියලු කර්‍මයන්ගේ අක්‍රියාව පණවයි. සියලු කර්‍මයන්ගේ අක්‍රියාව පණවන්නේ ලොවට උච්ඡේදයක් කියයි. භවත්නි, මේ ලෝකය කර්‍මය සැහැවි කොට ඇත. කර්‍මසමාරම්භයෙන් (කර්‍ම රැස් කිරීමෙන්) සිටුනාසුලු ය. (කර්‍ම නොකරණුයේ උච්ඡේදයට යෙයි යූසේය.)
Pali BJT[භගවා:]
Sinhala BJT[භාග්‍යවත්හු:]
Pali BJTදස්සනම්පි ඛො අහං බ්රාහ්මණ සොණකායනස්ස මාණවස්ස නාභිජානාමි. කුතො පනෙවරූපො කථාසල්ලාපො?
Sinhala BJTබමුණ, මම සෝණකායන නම් මාණවකයාගේ දැක්මක් ද නො දන්මි. මෙබඳු කථා සල්ලාපයෙක් කොහි වී ද?
Pali BJTචත්තාරිමානි බ්රාහ්මණ කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කතමානි චත්තාරි?
Sinhala BJTබමුණ, මේ සතර කර්‍ම කෙනෙක් මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්:
Pali BJTඅත්ථි බ්රාහ්මණ කම්මං කණ්හං කණ්හවිපාකං. අත්ථි බ්රාහ්මණ කම්මං සුක්කං සුක්කවිපාකං. අත්ථි බ්රාහ්මණ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං. අත්ථි බ්රාහ්මණ කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති.
Sinhala BJTබමුණ, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මයෙක් ඇත. බමුණ, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මයෙක් ඇත. බමුණ, කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මයෙක් ඇත. කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්‍මයෙක් ඇති.
Pali BJTකතමඤ්ච බ්රාහ්මණ කම්මං කණ්හං කණ්හවිපාකං? ඉධ බ්රාහ්මණ එකච්චො සබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්යාපජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්යාපජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො සබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣං ලොකං උපපජ්ජති. තමෙනං සබ්යාපජ්ඣං ලොකං උපපන්නං සමානං සබ්යාපජ්ඣා ඵස්සා ඵුසන්ති. සො සබ්යාපජ්ඣෙහි ඵස්සෙහි ඵුට්ඨො සමානො සබ්යාපජ්ඣං වෙදනං වෙදියති එකන්තදුක්ඛං. සෙය්යථාපි සත්තා නෙරයිකා. ඉදං වුච්චති බ්රාහ්මණ කම්මං කණ්හං කණ්හවිපාකං.
Sinhala BJTබමුණ, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය කවරේ ය? බමුණ, මෙලොව ඇතැමෙක් සදොස් වූ කායසංස්කාර රැස් කෙරෙයි. සදොස් වූ වාක්සංස්කාර රැස් කෙරෙයි. සදොස් වූ මනස්සංස්කාර රැස් කෙරෙයි. හේ සදොස් කායසංස්කාර රැස් කොට සදොස් වාක්සංස්කාර රැස් කොට සදොස් මනස්සංස්කාර රැස් කොට සදුක් වූ ලොවට එළඹෙයි. සදුක් ලොවට එළඹියහු සදුක් විපාකස්පර්‍ශයෝ පහස්නාහ. හේ සදුක් ස්පර්‍ශයන් විසින් පහස්නා ලද්දේ ම ඒකාන්ත දුඃඛ වූ සදුක් වේදනා විඳී. නිරිසතුන් සෙයිනි. බමුණ, මේ කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍ම යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච බ්රාහ්මණ කම්මං සුක්කං සුක්කවිපාකං? ඉධ බ්රාහ්මණ එකච්චො අබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, අබ්යාපජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, අබ්යාපජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො අබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා අබ්යාපජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා අබ්යාපජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා අබ්යාපජ්ඣං ලොකං උපපජ්ජති. තමෙනං අබ්යාපජ්ඣං ලොකං උපපන්නං සමානං අබ්යාපජ්ඣා ඵස්සා ඵුසන්ති සො අබ්යාපජ්ඣෙහි ඵස්සෙහි ඵුට්ඨො සමානො අබ්යාපජ්ඣං වෙදනං වෙදියති එකන්තසුඛං. සෙය්යථාපි දෙවා සුභකිණ්හා. ඉදං වුච්චති බ්රාහ්මණ කම්මං සුක්කං සුක්කවිපාකං.
Sinhala BJTබමුණ, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය කවරේ ය? බමුණ, මෙලොව ඇතැමෙක් නිදොස් කායසංස්කාර රැස් කෙරෙයි. නිදොස් වාක්සංස්කාර රැස් කෙරෙයි. නිදොස් මනස්සංස්කාර රැස් කෙරෙයි. හේ නිදොස් කායසංස්කාර රැස් කොට නිදොස් වාක්සංස්කාර රැස් කොට නිදොස් මනස්සංස්කාර රැස් කොට නිදුක් ලෝකයට එළඹෙයි. නිදුක් ලෝකයට එළඹියහු නිදුක් ස්පර්‍ශයෝ පහස්නාහ. හේ නිදුක් ස්පර්‍ශයන් විසින් පහස්නා ලද්දේ ඒකාන්ත සුඛ වූ නිදුක් වේදනා විඳී. සුභකිණ්හ දෙවියන් සෙයිනි. බමුණ, මේ ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍ම යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච බ්රාහ්මණ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං? ඉධ බ්රාහ්මණ එකච්චො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි වචීසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි ලොකං උපපජ්ජති. තමෙනං සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි ලොකං උපපන්නං සමානං සබ්යාපජ්ඣාපි අබ්යාපජ්ඣාපි ඵස්සා ඵුසන්ති. සො සබ්යාපජ්ඣෙහිපි අබ්යාපජ්ඣෙහිපි ඵස්සෙහි ඵුට්ඨො සමානො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි වෙදනං වෙදියති වොකිණ්ණසුඛදුක්ඛං. සෙය්යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා. ඉදං වුච්චති බ්රාහ්මණ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං.
Sinhala BJTබමුණ, කෘෂ්ණ-ශුක්ලවිපාක ඇති කෘෂ්ණ-ශුක්ලකර්‍මය කවරේ ය? බමුණ, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාර රැස් කෙරෙයි. සදොස් වූ ද නිදොස් වූ ද වාක්සංස්කාර රැස් කෙරෙයි. සදොස් වූ ද නිදොස් වූ ද මනස්සංස්කාර රැස් කෙරෙයි. හේ සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාරය රැස් කොට සදොස් වූ ද නිදොස් වූ ද වාක්සංස්කාරය රැස් කොට සදොස් වූ ද නිදොස් වූ ද මනස්සංස්කාරය රැස් කොට සදුක් වූ ද නිදුක් වූ ද ලෝකයට එළඹෙයි. සදුක් වූ ද නිදුක් වූ ද ලොවට එළඹියහු සදුක් වූ ද නිදුක් වූ ද විපාකස්පර්‍ශයෝ පහස්නාහ. හේ සදුක් වූ ද නිදුක් වූ ද ස්පර්‍ශයන් විසින් පහස්නා ලද්දේ ව්‍යවකීර්‍ණ සුඛදුඃඛ ඇති සදුක් වූ ද නිදුක් වූ ද විපාකවේදනා විඳී. ඇතැම් මිනිසුන් සෙයිනි. ඇතැම් දෙවියන් හා විනිපාතිකයන් ද සෙයිනි. බමුණ, මේ කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ල කර්‍ම යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච බ්රාහ්මණ කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති? තත්ර බ්රාහ්මණ යමිදං කම්මං කණ්හං කණ්හවිපාකං තස්ස පහාණාය යා චෙතනා, යම්පිදං කම්මං සුක්කං සුක්කවිපාකං තස්ස පහාණාය යා චෙතනා, යම්පිදං කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං තස්ස පහාණාය යා චෙතනා, ඉදං වුච්චති බ්රාහ්මණ කම්මං අකණ්හං අසුක්කං අකණ්හාසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති.
Sinhala BJTබමුණ, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මය කවරේ ය? බමුණ, එහි ලා කෘෂ්ණවිපාක ඇති යම් කෘෂ්ණකර්‍මයෙක් ඇත් ද ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇත් ද, ශුක්ලවිපාක ඇති යම් ශුක්ලකර්‍මයෙක් ඇත් ද ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇත් ද, කෘෂ්ණශුක්ලවිපාක ඇති යම් කෘෂ්ණශුක්ලකර්‍මයෙක් ඇත් ද, ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇත් ද, බමුණ, මේ කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්‍ම යි කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො බ්රාහ්මණ චත්තාරි කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානීති.
Sinhala BJTබමුණ, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ.
Pali BJT4. 5. 4. 4.
Sinhala BJT4. 5. 4. 4.
Pali BJT[චතුත්ථ කම්මසුත්තං]
Sinhala BJT[සිවුවන කර්‍ම සූත්‍රය]
Pali BJT35. චත්තාරිමානි භික්ඛවෙ කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කතමානි චත්තාරි?
Sinhala BJT35. මහණෙනි, මේ කර්‍මයෝ සතර දෙනෙක් මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්:
Pali BJTඅත්ථි භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං සුක්කං සුක්කවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හාසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණ කර්‍මයෙක් ඇත. මහණෙනි, ශුක්ල විපාක ඇති ශුක්ල කර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ වූ ද ශුක්ල වූ ද විපාක ඇති කෘෂ්ණ ශුක්ල කර්‍මයෙක් ඇත. මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්‍මයෙක් ඇත.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසු මිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති. ඉදං වුච්චති භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං.
Sinhala BJTමහණෙනි, කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණ කර්‍මය කවරේය? මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි. මද පමා දෙකට කරුණු වන රහ මෙර පීමෙහි සිටුනේ වෙයි. මහණෙනි, මේ කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණ කර්‍මය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කම්මං සුක්කං සුක්කවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. ඉදං වුච්චති භික්ඛවෙ කම්මං සුක්කං සුක්කවිපාකං.
Sinhala BJTමහණෙනි, ශුක්ල විපාක ඇති ශුක්ල කර්‍මය කවරේ ය? මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවායෙන් දුරු වූයේ වෙයි. අයිනාදනින් දුරු වූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. මුසාවායෙන් දුරු වූයේ වෙයි. මද පමා දෙකට කරුණු වන රහමෙර පීමෙන් දුරු වූයේ වෙයි. මහණෙනි, මේ ශුක්ල විපාක ඇති ශුක්ල කර්‍මය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති -පෙ- [වචීසඞ්ඛාරං -පෙ- මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති.] ඉදං වුච්චති භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං.
Sinhala BJTමහණෙනි, කෘෂ්ණ වූ ද ශුක්ල වූ ද විපාක ඇති කෘෂ්ණ ශුක්ල කර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාර රැස් කෙරෙයි ... [වාක්සංස්කාර ... මනස්සංස්කාර රැස් කෙරෙයි.] මහණෙනි, මේ කෘෂ්ණ වූ ද ශුක්ල වූ ද විපාක ඇති කෘෂ්ණ ශුක්ල කර්‍මය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති? තත්ර භික්ඛවෙ යමිදං කම්මං කණ්හං කණ්හවිපාකං [තස්ස පහාණාය යා චෙතනා] -පෙ- ඉදං වුච්චති භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්‍මය කවරේ ය? මහණෙනි, එහි ලා කෘෂ්ණ විපාක ඇති යම් කෘෂ්ණ කර්‍මයෙක් වේ ද [ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇත් ද,] මහණෙනි, මේ කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ වූ ද අශුක්ල වූ ද විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්‍මය යි කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ.
Pali BJT4. 5. 4. 5.
Sinhala BJT4. 5. 4. 5.
Pali BJT[පඤ්චම කම්මසුත්තං]
Sinhala BJT[පස්වන කර්‍ම සූත්‍රය]
Pali BJT36. චත්තාරිමානි භික්ඛවෙ කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කතමානි චත්තාරි?
Sinhala BJT36. මහණෙනි, මේ කර්‍මයෝ සතර දෙනෙක් මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්:
Pali BJTඅත්ථි භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං සුක්කං සුක්කවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණකර්‍මයෙක් ඇත. මහණෙනි, ශුක්ල විපාක ඇති ශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ ශුක්ල විපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මයෙක් ඇත.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චෙන මාතා ජීවිතා වොරොපිතා හොති, පිතා ජීවිතා වොරොපිතො හොති, අරහං ජීවිතා වොරොපිතො හොති, තථාගතස්ස දුට්ඨෙන චිත්තෙන ලොහිතං උප්පාදිතා හොති. සඞ්ඝොපි භින්නො හොති. ඉදං වුච්චති භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං.
Sinhala BJTමහණෙනි, කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණකර්‍මය කවරේ ය? මහණෙනි, මෙ ලොව ඇතැමකු විසින් මව දිවියෙන් තොරකරණ ලදු වෙයි. පියා දිවියෙන් තොර කරණ ලද්දේ වෙයි. රහත් දිවියෙන් තොර කරණ ලද්දේ වෙයි. දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ කයෙහි ලේ සොල්වන ලද්දේ වෙයි. සඞ්ඝයා බිඳනා ලද්දේ වෙයි. මහණෙනි, මේ කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කම්මං සුක්කං සුක්කවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුණාවාචා පටිවිරතො හොති, ඵරුසාවාචා පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති, අනභිජ්ඣාලු හොති, අබ්යාපන්නචිත්තො හොති, සම්මාදිට්ඨිකො හොති. ඉදං වුච්චති භික්ඛවෙ කම්මං සුක්කං සුක්කවිපාකං.
Sinhala BJTමහණෙනි, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මුසාවායෙන් දුරුවූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරොස්බසින් දුරුවූයේ වෙයි. පලපින් දුරුවූයේ වෙයි. දළ ලෝභ නැතියේ වෙයි. ව්‍යාපාදයට නොපත් සිත් ඇතියේ වෙයි. සම්‍යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මේ ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, -පෙ- ඉදං වුච්චති භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං.
Sinhala BJTමහණෙනි, කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාර රැස් කෙරෙයි ... මහණෙනි, මේ කෘෂ්ණශුක්ල විපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති? තත්ර භික්ඛවෙ යමිදං කම්මං කණ්හං කණ්හවිපාකං [තස්ස පහාණාය යා චෙතනා] -පෙ- ඉදං වුච්චති භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හාසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, එහි ලා යම් කර්‍මයක් කෘෂ්ණ වේ ද කෘෂ්ණවිපාක ඇත්තේ වේ ද [ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇද් ද] ... මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා මෙය අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට වදාරණ ලදහ.
Pali BJT4. 5. 4. 6.
Sinhala BJT4. 5. 4. 6.
Pali BJT[ඡට්ඨකම්මසුත්තං]
Sinhala BJT[සවන කර්‍ම සූත්‍රය]
Pali BJT37. චත්තාරිමානි භික්ඛවෙ කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කතමානි චත්තාරි?
Sinhala BJT37. මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට වදාරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්:
Pali BJTඅත්ථි භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං සුක්කං සුක්කවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණ කර්‍මයෙක් ඇත. ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මයෙක් ඇත. කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මයෙක් ඇත. කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මයෙක් ඇත.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චො සබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති -පෙ- ඉදං වුච්චති භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං.
Sinhala BJTමහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ කායසංස්කාරය රැස් කෙරෙයි ... මහණෙනි, මේ කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කම්මං සුක්කං සුක්කවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චො අබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, -පෙ- ඉදං වුච්චති භික්ඛවෙ කම්මං සුක්කං සුක්කවිපාකං.
Sinhala BJTමහණෙනි, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් නිදොස් වූ කායසංස්කාරය රැස් කෙරෙයි ... මහණෙනි, මේ ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, -පෙ- ඉදං වුච්චති භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං.
Sinhala BJTමහණෙනි, කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාරය රැස් කෙරෙයි ... මහණෙනි, මේ කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති? සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉදං වුච්චති භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මය කවරේ ය? සම්‍යග් දෘෂ්ටිය .. සම්‍යක් සමාධි යි. මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා මේ අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශූකලකර්‍මය යි කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පවසන ලදහ.
Pali BJT4. 5. 4. 7.
Sinhala BJT4. 5. 4. 7.
Pali BJT[සත්තමකම්මසුත්තං]
Sinhala BJT[සත්වන කර්‍ම සූත්‍රය]
Pali BJT38. චත්තාරිමානි භික්ඛවෙ කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කතමානි චත්තාරි?
Sinhala BJT38. මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රකාශ කරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්:
Pali BJTඅත්ථි භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං සුක්කං සුක්කවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මයෙක් ඇත. මහණෙනි, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මයෙක් ඇත.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චො සබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති -පෙ- [වචීසඞ්ඛාරං -පෙ- මනොසඞ්ඛාරං -පෙ-] ඉදං වුච්චති භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං.
Sinhala BJTමහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ කායසංස්කාර රැස් කෙරෙයි [වාක්සංස්කාර ... මනඃසංස්කාර ... [මහණෙනි, මේ කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කම්මං සුක්කං සුක්කවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චො අබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති -පෙ- [වචීසඞ්ඛාරං -පෙ- මනොසඞ්ඛාරං -පෙ-] ඉදං වුච්චති භික්ඛවෙ කම්ම සුක්කං සුක්කවිපාකං.
Sinhala BJTමහණෙනි, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් නිදොස් වූ කායසංස්කාර රැස් කෙරෙයි ... [වාක්සංස්කාර ... මනඃසංස්කාර ...] මහණෙනි, මේ ශුක්ල විපාක ඇති ශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති -පෙ- [වචීසඞ්ඛාරං -පෙ- මනොසඞ්ඛාරං -පෙ-] ඉදං වුච්චති භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං.
Sinhala BJTමහණෙනි, කෘෂ්ණ ශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාර රැස් කෙරෙයි [වාක්සංස්කාර ... මනඃසංස්කාර] මහණෙනි, මේ කෘෂ්ණශුක්ල විපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති? සතිසම්බොජ්ඣඞ්ගො, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, විරියසම්බොජ්ඣඞ්ගො, පීතිසම්බොජ්ඣඞ්ගො, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, සමාධිසම්බොජ්ඣඞ්ගො, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො. ඉදං වුච්චති භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හ අසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මය කවරේ ය? ස්‍මෘතිසම්බොධ්‍යඞ්ගය, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය, වීර්‍ය්‍යයසම්බෝධ්‍යඞ්ගය, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය, සමාධිසම්බෝධ්‍යඞ්ගය, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි. මහණෙනි, මේ කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රකාශ කරණ ලදහ.