Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5101-5200 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකතමො ච භික්ඛවෙ පාපධම්මෙන පාපධම්මතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච මිච්ඡාදිට්ඨිකො හොති, පරඤ්ච මිච්ඡාදිට්ඨියා සමාදපෙති -පෙ- අත්තනා ච මිච්ඡාඤාණී හොති, පරඤ්ච මිච්ඡාඤාණෙ සමාදපෙති. අත්තනා ච මිචඡාවිමුත්තී හොති, පරඤ්ච මිච්ඡාවිමුත්තියා සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ පාපධම්මෙන පාපධම්මතරො.
Sinhala BJTමහණෙනි, පාපධර්‍මයාට වැඩි සිටි පාපධර්‍මතරයා කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාවිමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ පාපධර්‍මයාට වඩා පාපධර්‍මතරය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ කල්යාණධම්මො? ඉධ භික්ඛවෙ එකච්චො සම්මාදිට්ඨිකො හොති -පෙ- සම්මාඤාණී හොති. සම්මාවිමුත්තී හොති. අයං වුච්චති භික්ඛවෙ කල්යාණධම්මො.
Sinhala BJTමහණෙනි, කල්‍යාණධර්‍ම නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සම්‍යග්දෘෂ්ටික වෙයි ... සම්‍යග්ඥාන ඇත්තේ වෙයි. සම්‍යග් විමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ කල්‍යාණධර්‍මය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ කල්යාණධම්මෙන කල්යාණධම්මතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච සම්මාදිට්ඨිකො හොති. පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති. -පෙ- අත්තනා ච සම්මාඤාණී හොති, පරඤ්ච සම්මාඤාණෙ සමාදපෙති. අත්තනා ච සම්මාවිමුත්තී හොති, පරඤ්ච සම්මාවිමුත්තියා සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ කල්යාණධම්මෙන කල්යාණධම්මතරොති.
Sinhala BJTමහණෙනි, කල්‍යාණධර්‍මයාට වැඩි සිටි කල්‍යාණධර්‍මතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් සම්‍යග්දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්‍යග්ඥාන ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග්ඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග්විමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග්විමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ කල්‍යාණධර්‍මයාට වඩා කල්‍යාණධර්‍මතරය යි කියනු ලැබේ.
Pali BJTසප්පුරිසවග්ගො පඨමො.{*}
Sinhala BJTසත්පුරුෂ වර්‍ගය පළමුවැනි යි
Pali BJT2. පරිසසොභනවග්ගො
Sinhala BJT2. පරිසසෝභන වර්‍ගය
Pali BJT4. 5. 2. 1.
Sinhala BJT4. 5. 2. 1.
Pali BJT[පරිසසොභනසුත්තං]
Sinhala BJT[පරිසසෝභන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT11. චත්තාරො’මෙ භික්ඛවෙ පරිසදූසනා. කතමෙ චත්තාරො?
Sinhala BJT11. මහණෙනි, මේ පරිසදූසනයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTභික්ඛු භික්ඛවෙ දුස්සීලො පාපධම්මො පරිසදූසනො. භික්ඛුනී භික්ඛවෙ දුස්සීලා පාපධම්මා පරිසදූසනා. උපාසකො භික්ඛවෙ දුස්සීලො පාපධම්මො පරිසදූසනො. උපාසිකා භික්ඛවෙ දුස්සීලා පාපධම්මා පරිසදූසනා. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පරිසදුසනාති.
Sinhala BJTමහණෙනි, දුශ්ශීල වූ පාපධර්‍ම වූ මහණ පිරිස් කෙලෙසන්නේ වෙයි. මහණෙනි, දුශ්ශීල වූ පාපධර්‍ම වූ මෙහෙණ පිරිස් කෙලෙසන්නී වෙයි. මහණෙනි, දුශ්ශීල වූ පාපධර්‍ම වූ උවසු පිරිස් කෙලෙසන්නේ වෙයි. මහණෙනි, දුශ්ශීල වූ පාපධර්‍ම වූ උවැසි පිරිස් කෙලෙසන්නී වෙයි. මහණෙනි, මේ සතර පරිසදූසනයෝ යි.
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ පරිසසොභනා. කතමෙ චත්තාරො?
Sinhala BJTමහණෙනි, මේ පරිසසෝභනයෝ සතර දෙනෙකි. කවර සතර දෙනක යත්:
Pali BJTභික්ඛූ භික්ඛවෙ සීලවා කල්යාණධම්මො පරිසසොභනො. භික්ඛුනී භික්ඛවෙ සීලවතී කල්යාණධම්මා පරිසසොභනා. උපාසකො භික්ඛවෙ සීලවා කල්යාණධම්මො පරිසසොභනො උපාසිකා භික්ඛවෙ සීලවතී කල්යාණධම්මා පරිසසොභනා. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පරිසසොභනාති.
Sinhala BJTමහණෙනි, සිල්වත් කලණදහම් ඇති මහණ පිරිස් හොබවන්නේ වෙයි. මහණෙනි, සිල්වත් කලණදහම් ඇති මෙහෙණ පිරිස් හොබවන්නී වෙයි. මහණෙනි, සිල්වත් කලණදහම් ඇති උවසු පිරිස් හොබවන්නේ වෙයි. මහණෙනි, සිල්වත් කලණදහම් ඇති උවැසි පිරිස් හොබවන්නී වෙයි. මහණෙනි, මේ සතර පරිසසෝභනයෝ යි.
Pali BJT4. 5. 2. 2.
Sinhala BJT4. 5. 2. 2.
Pali BJT[පඨම නිරය සග්ගනික්ඛිත්තසුත්තං]
Sinhala BJT[පළමුවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය]
Pali BJT12. චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?
Sinhala BJT12. මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි නිඃක්‍ෂිප්ත වෙයි. කවර සතරෙකින යත්:
Pali BJTකායදුච්චරිතෙන, වචීදුච්චරිතෙන, මනොදුච්චරිතෙන, මිච්ඡාදිට්ඨියා. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.
Sinhala BJTකායදුශ්චරිතයෙන, වාග්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන, මිථ්‍යා දෘෂ්ටියෙන. මහණෙනි, මේ දහම් සතරින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.
Pali BJTචතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි?
Sinhala BJTමහණෙනි, කරුණු සතරෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ ය. කවර සතර කරුණෙකින යත්:
Pali BJTකායසුචරිතෙන, වචීසුචරිතෙන, මනොසුචරිතෙන, සම්මාදිට්ඨියා, ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTකායසුචරිතයෙන,වාක්සුචරිතයෙන,මනඃසුචරිතයෙන, සම්‍යග්දෘෂ්ටියෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ ය.
Pali BJT4. 5. 2. 3.
Sinhala BJT4. 5. 2. 3.
Pali BJT[දුතිය නිරය-සග්ග නික්ඛිත්තසුත්තං]
Sinhala BJT[දෙවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය]
Pali BJT13. චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?
Sinhala BJT13. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වේ. කවර සතර කරුණෙන යත්:
Pali BJTකායදුච්චරිතෙන, වචීදුච්චරිතෙන, මනොදුච්චරිතෙන, අකතඤ්ඤුතා අකතවෙදිතා. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.
Sinhala BJTකායදුශ්චරිතයෙන, වාග්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන, අකෘතඥතා - අකෘතවේදිතායෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බහා තැබුනේ ය.
Pali BJTචතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි?
Sinhala BJTමහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම් සේ ද එපරිදි ස්වර්‍ගයෙහි වේ. කවර සතර කරුණෙන යත්:
Pali BJTකායසුචරිතෙන, වචීසුචරිතෙන, මනොසුචරිතෙන, කතඤ්ඤුතා කතවෙදිතා. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTකායසුචරිතයෙන,වාක්සුචරිතයෙන,මනඃසුචරිතයෙන, කෘතඥතා-කෘතවෙදිතායෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද එපරිදි ස්වර්‍ගයෙහි වෙයි.
Pali BJT4. 5. 2. 4.
Sinhala BJT4. 5. 2. 4.
Pali BJT[තතිය නිරය-සග්ග නික්ඛිත්ත සුත්තං]
Sinhala BJT[තෙවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය]
Pali BJT14. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT14. [මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTපාණාතිපාතී හොති. අදින්නාදායී හොති. කාමෙසු මිච්ඡාචාරී හොති. මුසාවාදී හොති. -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.]
Sinhala BJTපණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
Pali BJT[චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT[මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTපාණාතිපාතා පටිවිරතො හොති. අදින්නාදානා පටිවිරතො හොති. කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති. මුසාවාදා පටිවිරතො හොති -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.]
Sinhala BJTපණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි. ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි වෙයි.]
Pali BJT4. 5. 2. 5.
Sinhala BJT4. 5. 2. 5.
Pali BJT[චතුත්ථ නිරය-සග්ග නික්ඛිත්ත සුත්තං]
Sinhala BJT[සිවුවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය]
Pali BJT15. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT15. [මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTමිච්ඡාදිට්ඨිකො හොති. මිච්ඡාසඞ්කප්පො හොති. මිච්ඡාවාචො හොති. මිච්ඡාකම්මන්තො හොති -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.]
Sinhala BJTමිසදිටු ඇතියේ වෙයි. මිථ්‍යාසඞ්කල්ප ඇතියේ වෙයි. මිථ්‍යාවචන ඇතියේ වෙයි. මිථ්‍යාකර්‍මාන්ත ඇතියේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
Pali BJT[චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT[මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTසම්මාදිට්ඨිකො හොති. සම්මාසඞ්කප්පො හොති. සම්මාවාචො හොති. සම්මාකම්මන්තො හොති. -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.]
Sinhala BJTසම්‍යග්දෘෂ්ටි ඇත්තේ වෙයි. සම්‍යක්සඞ්කල්ප ඇතියේ වෙයි. සම්‍යග්වචන ඇත්තේ වෙයි. සම්‍යක්කර්‍මාන්ත ඇත්තේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි වෙයි.]
Pali BJT4. 5. 2. 6.
Sinhala BJT4. 5. 2. 6.
Pali BJT[පඤ්චම නිරය - සග්ග නික්ඛිත්ත සුත්තං]
Sinhala BJT[පස්වන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය]
Pali BJT16. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT16. [මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTමිච්ඡාආජීවො හොති. මිච්ඡාවායාමො හොති. මිච්ඡාසති හොති. මිච්ඡාසමාධි හොති. -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.]
Sinhala BJTමිථ්‍යාජීව ඇතියේ වෙයි. මිථ්‍යා ව්‍යායාම ඇතියේ වෙයි. මිථ්‍යාස්මෘති ඇතියේ වෙයි. මිථ්‍යාසමාධි ඇතියේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
Pali BJT[චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT[මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTසම්මාආජීවො හොති. සම්මාවායාමො හොති. සම්මාසතී හොති. සම්මාසමාධී හොති -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.]
Sinhala BJTසම්‍යග් ආජීව ඇතියේ වෙයි. සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි. සම්‍යක්ස්මෘති ඇතියේ වෙයි. සම්‍යක්සමාධි ඇතියේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි වෙයි.]
Pali BJT4. 5. 2. 7.
Sinhala BJT4. 5. 2. 7.
Pali BJT[ඡට්ඨම නිරය - සග්ග නික්ඛිත්ත සුත්තං]
Sinhala BJTසවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය
Pali BJT17. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT17. [මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTඅදිට්ඨෙ දිට්ඨවාදී හොති. අසුතෙ සුතවාදී හොති. අමුතෙ මුතවාදී හොති. අවිඤ්ඤාතෙ විඤ්ඤාතවාදී හොති -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.]
Sinhala BJTනොදුටු රූපායතනයෙහි දෘෂ්ටවාද ඇත්තේ වෙයි. නොඇසූ ශබ්දායතනයෙහි ශ්‍රැතවාද ඇත්තේ වෙයි. එයින් සෙසු අමුත-ආයතනයෙහි මුතවාද ඇත්තේ වෙයි. අවිඥාතධර්‍මයෙහි විඥාතවාද ඇත්තේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
Pali BJT[චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT[මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTඅදිට්ඨෙ අදිට්ඨවාදී හොති. අසුතෙ අසුතවාදී හොති. අමුතෙ අමුතවාදී හොති. අවිඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදී හොති -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං සග්ගොති.]
Sinhala BJTනොදුටු රූපායතනයෙහි අදෘෂ්ටවාද ඇත්තේ වෙයි. නොඇසූ ශබ්දායතනයෙහි අශ්‍රැතවාද ඇතියේ වෙයි. එයින් සෙසු අමුත-ආයතනයෙහි අමුතවාද ඇතියේ වෙයි. අවිඥාතධර්‍මයෙහි අවිඥාතවාද ඇත්තේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි වෙයි.]
Pali BJT4. 5. 2. 8.
Sinhala BJT4. 5. 2. 8.
Pali BJT[සත්තම නිරය - සග්ග නික්ඛි ත්ත සුත්තං]
Sinhala BJTසත්වන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය
Pali BJT18. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT18. [මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTදිට්ඨෙ අදිට්ඨවාදී හොති. සුතෙ අසුතවාදී හොති. මුතෙ අමුතවාදී හොති. විඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදී හොති -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.]
Sinhala BJTදෘෂ්ටායතනයෙහි අදෘෂ්ටවාද ඇත්තේ වෙයි. ශ්‍රැතායතනයෙහි අශ්‍රැතවාද ඇත්තේ වෙයි. මුතායතනයෙහි අමුතවාද ඇත්තේ වෙයි. විඥාතආයතනයෙහි අවිඥාතවාද ඇත්තේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
Pali BJT[චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT[මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
Pali BJTදිට්ඨෙ දිට්ඨවාදී හොති. සුතෙ සුතවාදී හොති. මුතෙ මුතවාදී හොති. විඤ්ඤාතෙ විඤ්ඤාතවාදී හොති -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.]
Sinhala BJTදෘෂ්ටායතනයෙහි දෘෂ්ටවාද ඇත්තේ වෙයි. ශ්‍රැතායතනයෙහි ශ්‍රැතවාද ඇත්තේ වෙයි. මුතායතනයෙහි මුතවාද ඇත්තේ වෙයි. විඥාතධර්‍මයෙහි වඥාතවාද ඇත්තේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි වෙයි.]
Pali BJT4. 5. 2. 9.
Sinhala BJT4. 5. 2. 9.
Pali BJT[අට්ඨම නිරය-සග්ග නික්ඛිත්ත සුත්තං]
Sinhala BJTඅටවැනි නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය
Pali BJT19. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT19. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ …]
Pali BJTඅස්සද්ධො හොති. දුස්සීලො හොති. අහිරිකො හොති. අනොත්තප්පී හොති -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.]
Sinhala BJTසැදැහැ නැතියේ වෙයි. සිල් නැතියේ වෙයි. පවට ලජ්ජා නැතියේ වෙයි. පවට බිය නැතියේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වැටුනේ වෙයි.]
Pali BJT[චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
Sinhala BJT[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ …]
Pali BJTසද්ධො හොති. සීලවා හොති. හිරිමා හොති. ඔත්තප්පී හොති -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.]
Sinhala BJTසැදැහැ ඇතියේ වෙයි. සිල් ඇතියේ වෙයි. පවට ලජ්ජා ඇතියේ වෙයි. පවට බිය ඇතියේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්ලක් සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ.]
Pali BJT4. 5. 2. 10.
Sinhala BJT4. 5. 2. 10.
Pali BJT[නවම නිරය-සග්ග නික්ඛිත්ත සුත්තං]
Sinhala BJT[නවවැනි නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය]
Pali BJT20. චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?
Sinhala BJT20. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වැටුනේ වේ. කවර සතර කරුණින යත්:
Pali BJTඅස්සද්ධො හොති. දුස්සීලො හොති. කුසීතො හොති. දුප්පඤ්ඤො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.
Sinhala BJTසැදැහැ නැතියේ වෙයි. සිල් නැතියේ වෙයි. කුසීත වෙයි. අප්‍රාඥ වෙයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වැටුනේ වේ.
Pali BJTචතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි?
Sinhala BJTමහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ. කවර සතර කරුණකින යත්:
Pali BJTසද්ධො හොති. සීලවා හොති. ආරද්ධවිරියො හොති. පඤ්ඤවා හොති. ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTසැදැහැ ඇතියේ වෙයි. සිල් ඇතියේ වෙයි. ඇරඹූ වැර ඇතියේ වෙයි. පැණ ඇතියේ වෙයි. මහණෙනි, මේ සිවු කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ.
Pali BJTපරිසසොභනවග්ගො දුතියො.{*}
Sinhala BJTපරිසෝභන වර්‍ගය දෙවැනි යි.
Pali BJT3. සුචරිතවග්ගො
Sinhala BJT3. සුචරිත වර්‍ගය
Pali BJT4. 5. 3. 1.
Sinhala BJT4. 5. 3. 1.
Pali BJT[වචීසුචරිතසුත්තං]
Sinhala BJT[වචීසුචරිත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT21. චත්තාරිමානි භික්ඛවෙ වචීදුච්චරිතානි. කතමානි චත්තාරි?
Sinhala BJT21. මහණෙනි, මේ වාග්දුශ්චරිතයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTමුසාවාදො, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාපො. ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි වචීදුච්චරිතානි.
Sinhala BJTමුසවා ය, පිසුනුබස් ය, පරොස්බස් ය, පලප් යි. මහණෙනි, මේ සතර වාග්දුශ්චරිතයෝ යි.
Pali BJTචත්තාරිමානි භික්ඛවෙ වචීසුචරිතානි. කතමානි චත්තාරි?
Sinhala BJTමහණෙනි, මේ වාක්සුචරිතයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTසච්චවාචා, අපිසුණාවාචා, සණ්හවාචා, මත්තාභස්සං. ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි වචීසුචරිතානි.
Sinhala BJTසබවස ය, නො පිසුනුබස ය, මොළොක්බස ය, පමණ දැන බණන බස් යී. මහණෙනි, මේ සතර වාක්සුචරිතයෝ යි.
Pali BJT4. 5. 3. 2.
Sinhala BJT4. 5. 3. 2.
Pali BJT[පඨම බාල-පණ්ඩිතසුත්තං]
Sinhala BJT[ප්‍රථම බාල - පණ්ඩිත සූත්‍රය]
Pali BJT22. චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො බාලො අබ්යත්තො, අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති. සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච අපුඤ්ඤං පසවති. කතමෙහි චතූහි?
Sinhala BJT22. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ අඥ වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ තෙමේ ගුණ විසින් සාළ (සාරා ලූ) ගුණ විසින් නට, ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙයි. කවර සතර කරුණින යත්:
Pali BJTකායදුච්චරිතෙන, වචීදුච්චරිතෙන, මනොදුච්චරිතෙන, මිච්ඡාදිට්ඨියා. ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො බාලො අබ්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති. සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච අපුඤ්ඤං පසවති.
Sinhala BJTකායදුශ්චරිතයෙන, වාග්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන්, මිථ්‍යාදෘෂ්ටියෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ තෙමේ ගුණ විසින් සාළ, ගුණ විසින් නට ආත්මයක් පරිහරණය කෙරෙයි සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.
Pali BJTචතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො බ්යත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. අනවජ්ජො ච හොති. අනනුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච පුඤ්ඤං පසවති. කතමෙහි චතුහි?
Sinhala BJTමහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ තෙමේ ගුණ විසින් නො සාළ, එයින් නො නට ආත්මයක් පස්වැටුම් කෙරෙයි. අනවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද නො කටයුතු ද වෙයි. බොහෝ පින් ද රැස් කෙරෙයි. කවර සතර කරුණින යත්:
Pali BJTකායසුචරිතෙන, වචීසුචරිතෙන, මනොසුචරිතෙන, සම්මාදිට්ඨියා. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො බ්යත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. අනවජ්ජො ච හොති අනනුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච පුඤ්ඤං පසවතීති.
Sinhala BJTකායසුචරිතයෙන, වාක්සුචරිතයෙන, මනඃසුචරිතයෙන, සම්‍යග්දෘෂ්ටියෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ තෙමේ ගුණ විසින් නො සාළ, එයින් නො නට ආත්මයක් පස්වටයි. අනවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද නො කටයුතු ද වෙයි. බොහෝ පින් ද රැස් කෙරෙයි.
Pali BJT4. 5. 3. 3.
Sinhala BJT4. 5. 3. 3.
Pali BJT[දුතිය බාල - පණ්ඩිත සුත්තං]
Sinhala BJT[දෙවන බාල - පණ්ඩිත සූත්‍රය]
Pali BJT23. චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො බාලො අබ්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච අපුඤ්ඤං පසවති. කතමෙහි චතූහි?
Sinhala BJT23. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ තෙමේ ගුණ විසින් සාරා දමන ලද, ගුණ විසින් නට ආත්මයක් පරිහරකය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි. කවර සතරෙකින යත්:
Pali BJTකායදුච්චරිතෙන, වචීදුච්චරිතෙන, මනොදුච්චරිතෙන, අකතඤ්ඤුතා අකතවෙදිතාය. [ඉමෙහි -පෙ- අසප්පුරිසො -පෙ- බහුඤ්ච අපුඤ්ඤං පසවති.]
Sinhala BJTකායදුශ්චරිතයෙන, වාක්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන්, අකෘතඥතා-අකෘතවේදිතායෙන. [මේ සතර කරුණින් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
Pali BJT[චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ- සප්පුරිසො -පෙ-]
Sinhala BJT[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
Pali BJTකායසුචරිතෙන, වචීසුචරිතෙන, මනොසුචරිතෙන, කතඤ්ඤුතා කතවෙදිතාය. [ඉමෙහි -පෙ- බහුඤ්ච පුඤ්ඤං පසවතී ති.]
Sinhala BJTකායසුචරිතයෙන, වාක්සුචරිතයෙන, මනඃසුචරිතයෙන, කෘතඥතා-කෘතවෙදිතායෙන. [මේ සතර කරුණින් ... බොහෝ පින් ද රැස් කෙරෙයි.]
Pali BJT4. 5. 3. 4.
Sinhala BJT4. 5. 3. 4.
Pali BJT[තතිය බාල .. පණ්ඩිත සුත්තං]
Sinhala BJT[තෙවන බාල - පණ්ඩිත සූත්‍රය]
Pali BJT24. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ- අසප්පුරිසො -පෙ-]
Sinhala BJT24. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
Pali BJTපාණාතිපාතී හොති. අදින්නාදායී හොති. කාමෙසු මිච්ඡාචාරී හොති. මුසාවාදී හොති. [ඉමෙහි -පෙ- බහුඤ්ච අපුඤ්ඤං පසවති.]
Sinhala BJTපණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි. [මේ සතර කරුණින් බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
Pali BJT[චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ- සප්පුරිසො -පෙ-]
Sinhala BJT[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
Pali BJTපාණාතිපාතා පටිවිරතො හොති. අදින්නාදානා පටිවිරතො හොති. කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති. මුසාවාදා පටිවිරතො හොති. [ඉමෙහි -පෙ- බහුඤ්ච පුඤ්ඤං පසවතීති.]
Sinhala BJTපණිවායෙන් දුරු වූයේ වෙයි. අයිනාදනින් දුරු වූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. මුසවායෙන් දුරු වූයේ වෙයි. [මේ සතර කරුණින් බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]
Pali BJT4. 5. 3. 5.
Sinhala BJT4. 5. 3. 5.
Pali BJT[චතුත්ථ බාල - පණ්ඩිත සුත්තං]
Sinhala BJT[සිවුවන බාල - පණ්ඩිත සූත්‍රය]
Pali BJT25. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ- අසප්පුරිසො -පෙ-]
Sinhala BJT25. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
Pali BJTමිච්ඡාදිට්ඨිකො හොති. මිච්ඡාසඞ්කප්පො හොති. මිච්ඡාවාචො හොති. මිච්ඡාකම්මන්තො හොති. [ඉමෙහි -පෙ- බහුඤ්ච අපුඤ්ඤං පසවති.]
Sinhala BJTමිසදිටු ඇත්තේ වෙයි. මිථ්‍යාසඞ්කල්ප ඇත්තේ වෙයි. මිථ්‍යාවචන ඇත්තේ වෙයි. මිථ්‍යා කර්‍මාන්ත ඇත්තේ වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
Pali BJT[චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ- සප්පුරිසො -පෙ-]
Sinhala BJT[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
Pali BJTසම්මාදිට්ඨිකො හොති. සම්මාසඞ්කප්පො හොති. සම්මාවාචො හොති. සම්මාකම්මන්තො හොති. [ඉමෙහි -පෙ- බහුඤ්ච පුඤ්ඤං පසවතීති.]
Sinhala BJTසම්‍යග් දෘෂ්ටික වෙයි. සම්‍යක් සඞ්කල්ප ඇතියේ වෙයි. සම්‍යග් වචන ඇතියේ වෙයි. සම්‍යක් කර්‍මාන්ත ඇතියේ වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]
Pali BJT4. 5. 3. 6.
Sinhala BJT4. 5. 3. 6.