Pali BJT49. තණ්හං වො භික්ඛවෙ දෙසිස්සාමි ජාලිනිං සරිතං විසටං විසත්තිකං, යාය අයං ලොකො උද්ධස්තො පරියොනද්ධො තන්තාකුලකජාතො ගුලාගුණ්ඨිකජාතො මුඤ්ජබබ්බජභූතො අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තති. තං සුණාථ, සාධුකං මනසි කරොථ. භාසිස්සාමී’ති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච :
Sinhala BJT49. මහණෙනි, යම් තෘෂ්ණායෙකින් මෙ ලෝවැසි, මතුයෙහි වළඳනා ලදුයේ, වටා වෙළුනේ, හූ කැටියක් සෙයින් අවුල් වූයේ, පෙහෙරහූගෙඩි වැනි වූයේ, මුදුතණ බබුස්තණ වැනි වූයේ, සැපයෙන් පහව සිටි නපුරු ගති ඇති විවිසව පතිත වන සංසාරය ඉක්ම නො සිටුනේ වේ ද, දැල් බඳු, විහිද සිටුනා, වික්‍ෂිප්ත, ඒ ඒ අරමුණෙහි ලගනා, තෘෂ්ණාව තොපට දෙසමි. එ අසව මොනවට මෙනෙහි කරව, කියන්නෙමි යි. වහන්ස, එසේ යැ යි ඒ මහණහු භගවත්හට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTකතමා ච සා භික්ඛවෙ තණ්හා ජාලිනී සරිතා විසටා විසත්තිකා, යාය අයං ලොකො උද්ධස්තො පරියොනද්ධො තන්තාකුලකජාතො ගුලාගුණ්ඨිකජාතො මුඤ්ජබබ්බජභූතො අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තති ?
Sinhala BJTමහණෙනි, යම් තෘෂ්ණායෙකින් මෙ ලෝවැසි, මතුයෙහි වළඳනා ලදුයේ වටා වෙළුනේ, හූ කැටියක් සෙයින් අවුල් වූයේ, පෙහෙරහූගෙඩි වැනි වූයේ, මුදුතණ බබුස්තණ වැනි වූයේ, සැපයෙන් පහව සිටි නපුරු ගති ඇති විවිසව පතිත වන සංසාරය ඉක්ම නො සිටුනේ වේ ද, දැල් බඳු, විහිද සිටුනා, වික්‍ෂිප්ත, ඒ ඒ අරමුණෙහි ලගනා, එ තෘෂ්ණා නම් කවර?
Pali BJTඅට්ඨාරස ඛො පනිමානි භික්ඛවෙ තණ්හාවිචරිතානි අජ්ඣත්තිකස්ස උපාදාය, අට්ඨාරසතණ්හාවිචරිතානි බාහිරස්ස උපාදාය.
Sinhala BJTමහණෙනි, ආධ්‍යාත්මික පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිතයෝ මෙ අටළොස් දෙනෙකි. බාහිර පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිතයෝ මෙ අටළොස් දෙනෙකි.
Pali BJTකතමානි අට්ඨාරස තණ්හාවිචරිතානි අජ්ඣත්තිකස්ස උපාදාය? අස්මීති භික්ඛවෙසති ඉත්ථස්මීති හොති, එවමස්මිති හොති, අඤ්ඤථස්මීති හොති, අසස්මීති හොති, සතස්මීති හොති, සන්ති හොති, ඉත්ථං සන්ති හොති, එවං සන්ති හොති, අඤ්ඤථා සන්ති හොති, අපිහ සන්ති හොති, අපි ඉත්ථං සන්ති හොති, අපි එවං සන්ති හොති, අපි අඤ්ඤථා සන්ති හොති, භවිස්සන්ති හොති, ඉත්ථං භවිස්සන්ති හොති, එවං භවිස්සන්ති හොති, අඤ්ඤථා භවිස්සන්ති හොති. ඉමානි අට්ඨාරස තණ්හාවිචරිතානි අජ්ඣත්තිකස්ස උපාදාය.
Sinhala BJTආධ්‍යාත්මික පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිතයෝ මෙ අටළොස් දෙනා කවරහ යත්: මහණෙනි, (ආධ්‍යාත්මික පස්කඳ ගෙණ තෘෂ්ණාමාන දෘෂ්ටිවශයෙන් සමූහග්‍රාහය වේ නුයි) ‘මම’ යැ යි (වෙන් කොට) ගැණුම ඇති කල්හි (ක්‍ෂත්‍රියාදීන් කෙරෙහි) “මෙබඳු ප්‍රකාර ඇත්තෙමි”යි වෙයි. (ක්‍ෂත්‍රියාදීන් කෙරෙහි සම විසින් ගෙණ) ‘මෙසේ වෙමි’යි වෙයි. (ක්‍ෂත්‍රියාදීන් කෙරෙහි අසම විසින් ගෙණ) ‘අන් ප්‍රකාර ඇතියෙමි’යි වෙයි. ‘නිත්‍යයෙමි’යි වෙයි. ‘අනිත්‍යයෙමි’යි වෙයි. (සංශයපරිවිර්‍කවශයෙන්) ‘වෙම් දෝ හෝ’ වෙයි. ‘මෙබඳු ප්‍රකාරයෙන් වෙම් දෝ හෝ’යි ‘මෙසේ වෙම් දෝ හෝ’යි වෙයි. ‘අන් සැටියෙකින් වෙම් දෝ හෝ’යි වෙයි. ‘මම වියහෙම් දෝ හෝ’යි ‘මම මෙබඳු ප්‍රකාර ඇති විය හෙම් දෝ හෝ’යි වෙයි. ‘මම මෙසේ වියහෙම් දෝ හෝ’යි වෙයි. ‘මම අන් සැටියකින් වියහෙම් දෝ හෝ’යි වෙයි. (අනාගත වශයෙන්) වෙමි’යි වෙයි. ‘මෙබඳු ප්‍රකාර ඇතියෙම් වෙමි’යි වෙයි. ‘මෙසේ වෙමි’යි වෙයි. ‘අන් සැටියකින් වෙමි’යි වෙයි. ආධ්‍යාත්මික පස්කඳ ගෙණ මේ තෘෂ්ණා විචරිතයෝ අටළොස් දෙනහ.
Pali BJTකතමානි අට්ඨාරස තණ්හාවිචරිතානි බාහිරස්ස උපාදාය? ඉමිනා අස්මීති භික්ඛවෙ සති ඉමිනා ඉත්ථස්මීති හොති, ඉමිනා එවස්මීති හොති, ඉමිනා අඤ්ඤථස්මීති හොති, ඉමිනා අසස්මීති හොති, ඉමිනා සතස්මීති හොති, ඉමිනා සන්ති හොති, ඉමිනා ඉත්ථං සන්ති හොති, ඉමිනා එවං සන්ති හොති, ඉමිනා අඤ්ඤථා සන්ති හොති, ඉමිනා අපිහං සන්ති හොති, ඉමිනා අපි ඉත්ථං සන්ති හොති, ඉමිනා අපි එවං සන්ති හොති, ඉමිනා අපි අඤ්ඤථා සන්ති හොති, ඉමිනා භවිස්සන්ති හොති, ඉමිනා ඉත්ථං භවිස්සන්ති හොති, ඉමිනා එවං භවිස්සන්ති හොති, ඉමිනා අඤ්ඤථා භවිස්සන්ති හොති. ඉමානි අට්ඨාරස තණ්හාවිචරිතානි බාහිරස්ස උපාදාය.
Sinhala BJTබාහිර පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිතයෝ අටළොස් දෙන කවරහ යත්? මහණෙනි, මේ රූපාදීන් ‘මම’ යැ යි වෙන් කොට ගැණුම ඇති කල්හි මේ රූපාදීන් ‘මෙබඳු ප්‍රකාර ඇතියෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘මෙසේ වෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘අන් සැටියකින් වෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘නිත්‍යයෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘අනිත්‍යයෙමි’යි වෙයි. (සංශයවිතර්‍කවශයෙන්) මේ රූපාදීන් ‘වෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මෙබඳු ප්‍රකාරයෙන් වෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මෙසේ වෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘අන්සැටියෙකින් වෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මම වියහෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මම මෙබඳු ප්‍රකාර ඇතිවියහෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මම මෙසේ වියහෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මම අන් සැටියෙකින් වියහෙම් දෝ හෝ’යි වෙයි. (අනාගත වශයෙන්) මේ රූපාදීන් ‘වෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘මෙ බඳු ප්‍රකාර ඇතියෙම් වෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘මෙසේ වෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘අන් සැටියෙකින් වෙමි’යි වෙයි. බාහිර පස්කඳ ගෙණ මේ තෘෂ්ණා විචරිතයෝ අටළොස් දෙනහ.
Pali BJTඉති අට්ඨාරස තණ්හාවිචරිතානි අජ්ඣත්තිකස්ස උපාදාය, අට්ඨාරස තණ්හාවිචරිතානි බාහිරස්ස උපාදාය. ඉමානි වුච්චන්ති භික්ඛවෙ ඡත්තිංස තණ්හාවිචරිතානි. ඉති එවරූපානි අතීතානි ඡත්තිංස තණ්හාවිචරිතානි, අනාගතානි ඡත්තිංස තණ්හාවිචරිතානි, පච්චුප්පන්නානි ඡත්තිංස තණ්හාවිචරිතානි. අට්ඨ ච තණ්හාවිචරිතානි සතං හොති.
Sinhala BJTමෙසෙයින් ආධ්‍යාත්මික පස්කඳ ගෙණ මේ තෘෂ්ණාවිචරිතයෝ අටළොස් දෙනෙක. බාහිර පස්කඳ ගෙණ මේ තෘෂ්ණාවිචරිතයෝ අටළොස් දෙනෙකැයි, මහණෙනි, මොහු සතිස් තෘෂ්ණාවිචරිතයහ යි කියනු ලැබේ. මෙසේ මෙබඳු අතීත තෘෂ්ණාවිචරිතයෝ සතිසෙක. අනාගත තෘෂ්ණාවිචරිතයෝ සතිසෙක. ප්‍රත්‍යුත්පන්න තෘෂ්ණාවිචරිතයෝ සතිසෙකැයි (මෙ හැම ගොස්) තෘෂ්ණාවිචරිත අටතුරාසියෙක් වෙයි.
Pali BJTඅයං ඛො සා භික්ඛවෙ තණ්හාජාලිනී සරිතා විසටා විසත්තිකා, යාය අයං ලොකො උද්ධස්තො පරියොනද්ධො තන්තාකුලකජාතො ගුලාගුණ්ඨිකජාතො මුඤ්ජබබ්බජභූතො අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තතීති.
Sinhala BJTමහණෙනි, යම් තෘෂ්ණායෙකින් මෙ ලෝවැසි, මතුයෙහි වළදනාලදුයේ වටා වෙළුනේ හූ කැටියක් සෙයින් අවුල් වූයේ පෙහෙර හූ ගෙඩි වැනි වූයේ මුදුතණ බබුස්තණ වැනි වූයේ, සැපයෙන් පහව සිටි නපුරු ගති ඇති විවසව පතිත වන සංසාරය ඉක්ම නො සිටුනේ වේ ද, දැල් බඳු, විහිද සිටුනා, වික්‍ෂිප්ත, ඒ ඒ අරමුණෙහි ලගනා, මෝ ඒ තෘෂ්ණා ය.
Pali BJT4. 4. 5. 10.
Sinhala BJT4. 4. 5. 10.
Pali BJT[පෙම-දොසසුත්තං]
Sinhala BJT[පේම - දෝස සූත්‍රය]
Pali BJT50. චත්තාරිමානි භික්ඛවෙ ජායන්ති. කතමානි චත්තාරි? පෙමා පෙමං ජායති, පෙමා දොසො ජායති, දොසා පෙමං ජායති, දොසා දොසො ජායති.
Sinhala BJT50. මහණෙනි, මොහු සතර දෙනෙක් උපදනාහු ය. කවර සතර දෙනෙක යත්: ප්‍රේමහේතුයෙන් ප්‍රේමය උපදනේ ය. ප්‍රේමහේතුයෙන් ද්වේෂය උපදනේ ය. ද්වේෂහේතුයෙන් ප්‍රේමය උපදනේ ය. ද්වේෂහේතුයෙන් ද්වේෂය උපදනේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පෙමා පෙමං ජායති? ඉධ භික්ඛවෙ පුග්ගලො පුග්ගලස්ස ඉට්ඨො හොති කන්තො මනාපො. තං පරෙ ඉට්ඨෙන කන්තෙන මනාපෙන සමුදාචරන්ති. තස්ස එවං හොති : යො ඛො ම්යායං පුග්ගලො ඉට්ඨො කන්තො මනාපො, තං පරෙ ඉට්ඨෙන කන්තෙන මනාපෙන සමුදාචරන්තීති . සො තෙසු පෙමං ජනෙති. එවං ඛො භික්ඛවෙ පෙමා පෙමං ජායති.
Sinhala BJTමහණෙනි, කෙසේ ප්‍රේමහේතුයෙන් ප්‍රේමය උපදනේ ය යත්: මහණෙනි, මෙලොව පුද්ගලයෙක් පුද්ගලයක්හට ඉෂ්ට වූයේ කාන්ත වූයේ මනාප වූයේ වෙයි. පරහු උහු ඉෂ්ට කාන්ත මනාප වචනයෙන් බෙණෙත්. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: යම් මේ පුද්ගලයෙක් මට ඉෂ්ට කාන්ත මනාප වේ ද, පරහු ඔහු ඉෂ්ට කාන්ත මනාප බසින් බෙණෙත් ය යි හේ ඔවුන් කෙරෙහි පෙම් උපදවයි. මහණෙනි, මෙ සෙයින් ප්‍රේමහේතුයෙන් ප්‍රේමය උපදනේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පෙමා දොසො ජායති? ඉධ භික්ඛවෙ පුග්ගලො පුග්ගලස්ස ඉට්ඨො හොති කන්තො මනාපො. තං පරෙ අනිට්ඨෙන අකන්තෙන අමනාපෙන සමුදාචරන්ති. තස්ස එවං හොති : යො ඛො ම්යායං පුග්ගලො ඉට්ඨො කන්තො මනාපො, තං පරෙ අනිට්ඨෙන අකන්තෙන අමනාපෙන සමුදාචරන්තීති. සො තෙසු දොසං ජනෙති. එවං ඛො භික්ඛවෙ පෙමා දොසො ජායති.
Sinhala BJTමහණෙනි, කෙසේ ප්‍රේමහේතුයෙන් ද්වේෂය උපදනේ ය යත්: මහණෙනි, මෙලොව පුද්ගලයෙක් පුද්ගලයක්හට ඉෂ්ට ද කාන්ත ද මනාප ද වෙයි. පරහු උහු අනිෂ්ට අකාන්ත අමනාප වචනයෙන් බෙණෙත්. ඔහට මෙවන් සිතෙක් වෙයි: යම් මෙ පුද්ගලයෙක් මට ඉෂ්ට කාන්ත මනාප වේ ද, පරහු ඔහු අනිෂ්ට අකාන්ත අමනාප බසින් බෙණෙති යි හෙ ඔවුන් කෙරෙහි ද්වේෂය උපදවයි. මහණෙනි, මෙ සෙයින් ප්‍රේමහේතුයෙන් ද්වේෂය උපදනේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ දොසා පෙමං ජායති? ඉධ භික්ඛවෙ පුග්ගලො පුග්ගලස්ස අනිට්ඨො හොති අකන්තො අමනාපො. තං පරෙ අනිට්ඨෙන අකන්තෙන අමනාපෙන සමුදාචරන්ති. තස්ස එවං හොති : යො ඛො ම්යායං පුග්ගලො අනිට්ඨො අකන්තො අමනාපො, තං පරෙ අනිට්ඨෙන අකන්තෙන අමනාපෙන සමුදාචරන්තීති. සො තෙසු පෙමං ජනෙති. එවං ඛො භික්ඛවෙ දොසා පෙමං ජායති.
Sinhala BJTමහණෙනි, කෙසේ ද්වේෂහේතුයෙන් ප්‍රේමය උපදනේ ය යත්: මහණෙනි, මෙලොව පුද්ගලයෙක් පුද්ගලයක්හට අනිෂ්ට ද අකාන්ත ද අමනාප ද වෙයි. පරහු උහු අනිෂ්ට අකාන්ත අමනාප බසින් බෙණෙත්. ඔහට මෙවන් සිතෙක් වෙයි: යම් මෙ පුද්ගලයෙක් මට අනිෂ්ට අකාන්ත අමනාප වේ ද, පරහු උහු අනිෂ්ට අකාන්ත අමනාප බසින් බෙණෙති යි හෙ ඔවුන් කෙරෙහි පෙම් උපදවයි. මහණෙනි, මෙ සෙයින් ද්වේෂහේතුයෙන් ප්‍රේමය උපදනේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ දොසා දොසො ජායති? ඉධ භික්ඛවෙ පුග්ගලො පුග්ගලස්ස අනිට්ඨො හොති අකන්තො අමනාපො. තං පරෙ ඉට්ඨෙන කන්තෙන මනාපෙන සමුදාචරන්ති. තස්ස එවං හොති : යො ඛො ම්යායං පුග්ගලො අනිට්ඨො අකන්තො අමනාපො, තං පරෙ ඉට්ඨෙන කන්තෙන මනාපෙන සමුදාචරන්තීති. සො තෙසු දොසං ජනෙති. එවං ඛො භික්ඛවෙ දොසා දොසො ජායති. ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි පෙමානි ජායන්ති.
Sinhala BJTමහණෙනි, කෙසේ ද්වේෂහේතුයෙන් ද්වේෂය උපදනේ ය යත්: මහණෙනි, මේ ලොව පුද්ගලයෙක් පුද්ගලයක්හට අනිෂ්ට ද අකාන්ත ද අමනාප ද වෙයි. පරහු උහු ඉෂ්ට කාන්ත මනාප බසින් බෙණෙත්. ඔහට මෙවන් සිතෙක් වෙයි: යම් මෙ පුද්ගලයෙක් මට අනිෂ්ටත් අකාන්තත් අමනාපත් වේ ද, පරහු ඔහු ඉෂ්ට කාන්ත මනාප බසින් බෙණෙති යි හේ ඔවුන් කෙරෙහි ද්වේෂය උපදවයි. මහණෙනි, මෙ සෙයින් ද්වේෂහේතුයෙන් ද්වේෂය උපදනේ ය. මහණෙනි, මෙ සතර දෙනහු උපදිති.
Pali BJTයස්මිං භික්ඛවෙ සමයෙ භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, යං පිස්ස පෙමා පෙමං ජායති, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යොපිස්ස පෙමා දොසො ජායති, සොපිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස දොසා පෙමං ජායති, තම්පිස්ස තස්මිං සමයෙ න හොති, යොපිස්ස දොසා දොසො ජායති, සොපිස්ස තස්මිං සමයෙ න හොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණ කාමයෙන් වෙන්ව ම ... ප්‍රථමධ්‍යානය උපයා වෙසේ ද, ඔහට ප්‍රේමහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද, එකල ඔහට එ ද නො වේ. ඔහට ප්‍රේමහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද එකල ඔහට එ ද නො වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද එකල ඔහට එ ද නො වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද එකල ඔහට එ ද නො වේ.
Pali BJTයස්මිං භික්ඛවෙ සමයෙ භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, යම්පිස්ස පෙමා පෙමං ජායති. තම්පිස්ස තස්මිං සමයෙ න හොති, යොපිස්ස පෙමා දොසො ජායති, සොපිස්ස තස්මිං සමයෙ න හොති, යම්පිස්ස දොසා පෙමං ජායති, තම්පිස්ස තස්මිං සමයෙ න හොති, යොපිස්ස දොසා දොසො ජායති සොපිස්ස තස්මිං සමයෙ න හොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණ විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් ... ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වෙසේ ද, ඔහට ප්‍රේමහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද, එකල ඔහට එ ද නො වෙයි. ඔහට ප්‍රේමහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද, එකල ඔහට එ ද නො වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද, එකල ඔහට එ ද නො වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද එකල ඔහට එ ද නො වෙයි.
Pali BJTයස්මිං භික්ඛවෙ සමයෙ භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, යම්පිස්ස පෙමා පෙමං ජායති, තම්පිස්ස පහීනං හොති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං. යොපිස්ස පෙමා දොසො ජායති සොපිස්ස පහීණො හොති, උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො. යම්පිස්ස දොසා පෙමං ජායති, තම්පිස්ස පහීනං හොති, උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආය අනුප්පාදධම්මං, යොපිස්ස දොසා දොසො ජායති, සොපිස්ස පහීණො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති දිටුදැමියෙහි ම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වෙසේ ද, ඔහට ප්‍රේමහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද, ඔහට එ ද ප්‍රහීණ වෙයි. උසුන් මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වෙයි. කළ අනභාව ඇතියේ වෙයි. මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි. ඔහට ප්‍රේමහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද, ඔහට එ ද ප්‍රහීණ වෙයි. උසුන් මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වෙයි. කළ අනභාව ඇතියේ වෙයි. මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද ඔහට එ ද ප්‍රහීණ වෙයි. උසුන් මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වෙයි. කළ අනභාව ඇතියේ වෙයි. මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද ඔහට එ ද ප්‍රහීණ වෙයි. උසුන් මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වෙයි. කළ අනභාව ඇතියේ වෙයි. මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ භික්ඛු නෙවුස්සෙනෙති නප්පටිස්සෙනෙති න ධූපායති න පජ්ජලති න අපජ්ඣායති.
Sinhala BJTමහණෙනි, මෙ මහණ (දෘෂ්ටි විසින්) නොම හුවන්නේ යයි, (ප්‍රතිවිරුද්ධව කලහ විග්‍රහ විසින්) නො හුවන්නේ යයි, (තෘෂ්ණා විචරිත විසින්) නො දුවන්නේය යි, (බාහිර පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිත විසින්) නො දිලෙන්නේ ය යි, (අස්මීමාන විසින්) වෙන්කොට නො හඟනේ ය යි කියනු ලැබේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු උස්සෙනෙති? ඉධ භික්ඛවෙ භික්ඛු රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනං අත්තතො සමනුපස්සති, වෙදනාවන්තං වා අත්තානං , අත්තනි වා වෙදනං, වෙදනාය වා අත්තානං. සඤ්ඤං අත්තතො සමනුපස්සති, සඤ්ඤාවන්තං වා අත්තානං, අත්තනි වා සඤ්ඤං, සඤ්ඤාය වා අත්තානං. සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, සඞ්ඛාරවන්තං වා අත්තානං, අත්තනි වා සඞ්ඛාරෙ, සඞ්ඛාරෙසු වා අත්තානං. විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො භික්ඛවෙ භික්ඛු උස්සෙනෙති.
Sinhala BJTමහණෙනි, කෙසෙයින් (දෘෂ්ටි විසින්) හුවන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපය ආත්ම විසින් දක්නේ ය. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ දක්නේ ය. වේදනාව ආත්ම විසින් දක්නේ ය. ආත්මය වේදනාවත් කොට හෝ වේදනාව ආත්මයෙහි ලා හෝ ආත්මය වේදනායෙහි ලා හෝ දක්නේය. සංඥාව ආත්ම විසින් දක්නේ ය. ආත්මය සංඥාවත් කොට හෝ සංඥාව ආත්මයෙහි ලා හෝ ආත්මය සංඥායෙහි ලා හෝ දක්නේය. සංස්කාරයන් ආත්ම විසින් දක්නේ ය. ආත්මය සංස්කාරවත් කොට හෝ සංස්කාරයන් ආත්මයෙහි ලා හෝ ආත්මය සංස්කාරයෙහි ලා හෝ දක්නේය. විඥානය ආත්ම විසින් දක්නේ ය. ආත්මය විඥානවත් කොට හෝ විඥානය ආත්මයෙහි ලා හෝ ආත්මය විඥානයෙහි ලා හෝ දක්නේය. මහණෙනි, මෙ සෙයින් මහණ දෘෂ්ටි විසින් හුවන්නේය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු න උස්සෙනෙති? ඉධ භික්ඛවෙ භික්ඛු න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. න වෙදනං අත්තතො සමනුපස්සති, න වෙදනාවන්තං වා අත්තානං, න අත්තනි වා වෙදනං, න වෙදනාය වා අත්තානං. න සඤ්ඤං අත්තතො සමනුපස්සති, න සඤ්ඤාවන්තං වා අත්තානං, න අත්තනි වා සඤ්ඤං, න සඤ්ඤාය වා අත්තානං. න සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, න සඞ්ඛාරවන්තං වා අත්තානං, න අත්තනි වා සඞ්ඛාරෙ, න සඞ්ඛාරෙසු වා අත්තානං. න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො භික්ඛවෙ භික්ඛු න උස්සෙනෙති.
Sinhala BJTමහණෙනි, කෙසෙයින් මහණ නො හුවන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපය ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය රූපවත් කොට හෝ නො දක්නේ ය. රූපය ආත්මයෙහි ලා හෝ නො දක්නේය. ආත්මය රූපයෙහි ලා හෝ නො දක්නේ ය. වේදනා ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය වේදනාවත් කොට හෝ නො දක්නේ ය. වේදනාව ආත්මයෙහි ලා හෝ නො දක්නේය. ආත්මය වේදනායෙහි ලා හෝ නො දක්නේ ය. සංඥාව ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය සංඥාවත් කොට හෝ නො දක්නේ ය. සංඥාව ආත්මයෙහි ලා හෝ නො දක්නේය. ආත්මය සංඥායෙහි ලා හෝ නො දක්නේ ය. සංස්කාරයන් ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය සංස්කාරවත් කොට නො දක්නේ ය. සංස්කාරයන් ආත්මයෙහි ලා හෝ නො දක්නේය. ආත්මය සංස්කාරයෙහි ලා හෝ නො දක්නේ ය. විඥානය ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය විඥානවත් කොට හෝ නො දක්නේ ය. විඥානය ආත්මයෙහි ලා හෝ නො දක්නේය. ආත්මය විඥානයෙහි ලා හෝ නො දක්නේ ය. මහණෙනි, මෙ සෙයින් මහණ නො හුවන්නේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු පටිස්සෙනෙති? ඉධ භික්ඛවෙ භික්ඛු අක්කොසන්තං පච්චක්කොසති, රොසන්තං පටිරොසති, භණ්ඩන්තං පටිභණ්ඩති. එවං ඛො භික්ඛවෙ භික්ඛු පටිස්සෙනෙති.
Sinhala BJTමහණෙනි, කෙසෙයින් මහණ ප්‍රතිවිරුද්ධ විසින් හුවන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ අකෙස්ලි කරණහුට පෙරළා අකෙස්ලි කෙරෙයි. රොස්නහුට පෙරළා රොස්නේ වෙයි. ඩබර කරන්නහුට පෙරළා ඩබර කෙරෙයි. මහණෙනි, මෙ සෙයින් මහණ විරුද්ධ විසින් හුවන්නේය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු න පටිස්සෙනෙති? ඉධ භික්ඛවෙ භික්ඛු අක්කොසන්තං න පච්චක්කොසති, රොසන්තං න පටිරොසති, භණ්ඩන්තං න පටිභණ්ඩති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න පටිස්සෙනෙති.
Sinhala BJTමහණෙනි, කෙසෙයින් මහණ විරුද්ධ විසින් නො හුවන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ අකෙස්ලි කරණහුට පෙරළා අකෙස්ලි නො කරණේ වේද, රොස්නහුට පෙරළා නො රොස්නේ වේ ද, කලහ කරන්නහුට පෙරළා කලහ නො කරන්නේ වේ ද, මහණෙනි, මෙ සෙයින් මහණ විරුද්ධ විසින් නො හුවන්නේය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු ධූපායති? අස්මීති භික්ඛවෙ සති ඉත්ථස්මීති හොති, එවස්මීති හොති, අඤ්ඤථස්මීති හොති, අසස්මීති හොති, සතස්මීති හොති, සන්ති හොති, ඉත්ථං සන්ති හොති, එවං සන්ති හොති, අඤ්ඤථා සන්ති හොති, අපිහ සන්ති හොති, අපි ඉත්ථං සන්ති හොති, අපි එවං සන්ති හොති, අපි අඤ්ඤථා සන්ති හොති, භවිස්සන්ති හොති, ඉත්ථං භවිස්සන්ති හොති, එවං භවිස්සන්ති හොති, අඤ්ඤථා භවිස්සන්ති හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ධූපායති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් මහණ දුමන්නේ ය යත්: මහණෙනි, ‘මම’ය යන්න ඇති වත් ම ‘මෙ ප්‍රකාරයෙන් වෙමි’යි වෙයි. ‘මෙබඳු වෙමි’යි වෙයි. ‘අන් පරිදි වෙමි’යි වෙයි. ‘නිත්‍යයෙමි’යි වෙයි. ‘අනිත්‍යයෙමි’යි වෙයි. ‘වෙම් දෝ හෝ’යි වෙයි. ‘මේ ප්‍රකාරයෙන් වෙම් දෝ හෝ’යි වෙයි. ‘මෙබඳු වෙම් දෝ හෝ’යි වෙයි. ‘අන් පරිදි වෙම් දෝ හෝ’යි වෙයි. ‘මම වෙම්ව’යි වෙයි. ‘මම මෙ ප්‍රකාරයෙන් වෙම්ව’යි වෙයි. ‘මම මෙබඳු වෙම්ව’යි වෙයි. ‘අන් පරිදි වෙම්ව’යි වෙයි. ‘මතු වෙම්ව’යි වෙයි. ‘මේ ප්‍රකාරයෙන් වෙම්ව’යි වෙයි. ‘මෙබඳු වෙම්ව’යි වෙයි. ‘අන්පරිදි වෙම්ව’යි වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ දුමන්නේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු න ධූපායති? අස්මීති භික්ඛවෙ අසති ඉත්ථස්මීති න හොති, අඤ්ඤථස්මීති න හොති, අසස්මීති න හොති, සතස්මීති න හොති, සන්ති න හොති, ඉත්ථං සන්ති න හොති, එවං සන්ති න හොති, අඤ්ඤථා සන්ති න හොති, අපිහ සන්ති න හොති, අපි ඉත්ථං සන්ති න හොති, අපි එවං සන්ති න හොති, අපි අඤ්ඤථා සන්ති න හොති, භවිස්සන්ති න හොති, ඉත්ථං භවිස්සන්ති න හොති, එවං භවිස්සන්ති න හොති, අඤ්ඤථා භවිස්සන්ති න හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ධූපායති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් මහණ නො දුමන්නේ ය යත්: මහණෙනි, ‘මම’ය යන්න නැති වත් ම ‘මෙ ප්‍රකාරයෙන් වෙමි’යි නො වෙයි. ‘මෙබඳු වෙමි’යි නො වෙයි. ‘අන් පරිදි වෙමි’යි නො වෙයි. ‘නිත්‍යයෙමි’යි නො වෙයි. ‘අනිත්‍යයෙමි’යි නො වෙයි. ‘වෙම් දෝ හෝ’යි නො වෙයි. ‘මෙ ප්‍රකාරයෙන් වෙම් දෝ හෝ’යි නො වෙයි. ‘මෙබඳු වෙම් දෝ හෝ’යි නො වෙයි. ‘අන් පරිදි වෙම් දෝ හෝ’යි නො වෙයි. ‘මම වෙම්ව’යි නො වෙයි. ‘මම මෙ ප්‍රකාරයෙන් වෙම්ව’යි නො වෙයි. ‘මම මෙබඳු වෙම්ව’යි නො වෙයි. ‘අන් පරිදි වෙම්ව’යි නො වෙයි. ‘මතු වෙම්ව’යි නො වෙයි. ‘මේ ප්‍රකාරයෙන් වෙම්ව’යි නො වෙයි. ‘මෙබඳු වෙම්ව’යි නො වෙයි. ‘අන්පරිදි වෙම්ව’යි නො වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ නො දුමන්නේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු පජ්ජලති? ඉමිනා අස්මීති භික්ඛවෙ සති ඉමිනා ඉත්ථස්මීති හොති, ඉමිනා එවස්මීති හොති ඉමිනා අඤ්ඤථස්මීති හොති, ඉමිනා අසස්මීති හොති, ඉමිනා සතස්මීති හොති, ඉමිනා සන්ති හොති, ඉමිනා ඉත්ථං සන්ති හොති, ඉමිනා එවං සන්ති හොති, ඉමිනා අඤ්ඤථා සන්ති හොති, ඉමිනා අපිහ සන්ති හොති, ඉමිනා අපි ඉත්ථං සන්ති හොති, ඉමිනා අපි එවං සන්ති හොති, ඉමිනා අපි අඤ්ඤථා සන්ති හොති, ඉමිනා භවිස්සන්ති හොති, ඉමිනා ඉත්ථං භවිස්සන්ති හොති, ඉමිනා එවං භවිස්සන්ති හොති, ඉමිනා අඤ්ඤථා භවිස්සන්ති හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු පජ්ජලති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් මහණ (තෘෂ්ණාවිචරිත විසින්) දුල්නේ ය යත්: මෙබඳු රූපාදියෙන් ‘වෙමි’යි ඇති වත් ම, මෙ රූපාදියෙන් ‘මේ ප්‍රකාරයෙන් වෙමි’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙමි’යි වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙමි’යි වෙයි. මෙ රූපාදියෙන් ‘නිත්‍යයෙමි’යි වෙයි. මෙ රූපාදියෙන් ‘අනිත්‍යයෙමි’යි වෙයි. මෙ රූපාදියෙන් ‘වෙම් දෝ හෝ’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මෙ ප්‍රකාරයෙන් වෙම් දෝ හෝ’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙම් දෝ හෝ’යි වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙම් දෝ හෝ’යි වෙයි. මෙ රූපාදියෙන් ‘වෙම්ව’යි (ප්‍රාර්‍ත්‍ථනා විසින්) වෙයි. මෙ රූපාදියෙන් ‘මෙ ප්‍රකාරයෙන් වෙම්ව’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙම්ව’යි වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙම්ව’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මතු වෙම්ව’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මෙ ප්‍රකාරයෙන් වෙම්ව’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙම්ව’යි වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙම්ව’යි වෙයි. මහණෙනි, මෙ සෙයින් මහණ දුල්නේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු න පජ්ජලති? ඉමිනා අස්මීති භික්ඛවෙ අසති ඉමිනා ඉත්ථස්මීති න හොති, ඉමිනා එවස්මීති න හොති, ඉමිනා අඤ්ඤථස්මීති න හොති, ඉමිනා අසස්මීති න හොති, ඉමිනා සතස්මීති න හොති, ඉමිනා සන්ති න හොති, ඉමිනා ඉත්ථං සන්ති න හොති, ඉමිනා එවං සන්ති න හොති, ඉමිනා අඤ්ඤථා සන්ති න හොති, ඉමිනා අපිහ සන්ති න හොති, ඉමිනා අපි ඉත්ථං සන්ති න හොති, ඉමිනා අපි එවං සන්ති න හොති, ඉමිනා අපි අඤ්ඤථා සන්ති න හොති, ඉමිනා භවිස්සන්ති න හොති, ඉමිනා ඉත්ථං භවිස්සන්ති න හොති, ඉමිනා එවං භවිස්සන්ති න හොති, ඉමිනා අඤ්ඤථා භවිස්සන්ති න හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න පජ්ජලති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් මහණ නො දුල්නේ ය යත්: මෙ රූපාදියෙන් ‘මම’ය යන්න නැති වත් ම, මෙ රූපාදියෙන් ‘මේ ප්‍රකාරයෙන් වෙමි’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙමි’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙමි’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘නිත්‍යයෙමි’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘අනිත්‍යයෙමි’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘වෙම් දෝ හෝ’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘මෙ ප්‍රකාරයෙන් වෙම් දෝ හෝ’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙම් දෝ හෝ’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙම් දෝ හෝ’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘වෙම්ව’යි ප්‍රාර්‍ත්‍ථනා විසින් නො වෙයි. මෙ රූපාදියෙන් ‘මෙ ප්‍රකාරයෙන් වෙම්ව’යි නො වෙයි. ‘මෙබඳු වෙම්ව’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙම්ව’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘මතු වෙම්ව’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘මෙ ප්‍රකාරයෙන් වෙම්ව’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙම්ව’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙම්ව’යි නො වෙයි. මහණෙනි, මෙ සෙයින් මහණ නො දුල්නේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු අප්පජ්ඣායති? ඉධ භික්ඛවෙ භික්ඛුනො අස්මිමානො පහීණො න හොති -පෙ- (ආයතිං උප්පාදධම්මො.) එවං භික්ඛවෙ භික්ඛු අජ්ඣායති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් මහණ ලමු කොට සිතනේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ අස්මිමානය ප්‍රහීණ නො වෙයි ... මතු උපදනා සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ලමු කොට සිතනේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු න අපජ්ඣායති? ඉධ භික්ඛවෙ භික්ඛුනො අස්මිමානො පහීණො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො. එවං ඛො භික්ඛවෙ භික්ඛු න අපජ්ඣායතීති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් මහණ ලමු කොට නො සිතනේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ අස්මිමානය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇතියේ මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක කරණ ලදුයේ අනභාව්‍යකෘත වූයේ මතු නො උපදනා සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ලමු කොට නො සිතනේ ය.
Pali BJTමහාවග්ගො පඤ්චමො.{*}
Sinhala BJTමහාවර්‍ගය පස්වැනි යි.
Pali BJTමහාපණ්ණාසකො චතුත්ථො.
Sinhala BJTමහා පණ්ණාසකය සතරවැනි යි.
Pali BJT5. පඤ්චම මහාපණ්ණාසකො
Sinhala BJT5. පස්වන මහාපණ්ණාසකය
Pali BJT1. සප්පුරිසවග්ගො.
Sinhala BJT1. සප්පුරිස වර්‍ගය
Pali BJT4. 5. 1. 1.
Sinhala BJT4. 5. 1. 1.
Pali BJT[සප්පුරිසසුත්තං]
Sinhala BJT[සප්පුරිස සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. අසප්පුරිසඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අසප්පුරිසෙන අසප්පුරිසතරඤ්ච, සප්පුරිසඤ්ච සප්පුරිසෙන සප්පුරිසතරඤ්ච. තං සුණාථ සාධුකං මනසි කරොථ භාසිස්සාමීති. එවං භන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1.මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතරයා හා සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතරයා හා දෙසමි. ඒ අසව, මනා කොට මෙනෙහි කරව, කියමි යි වදාළහ. ‘එසේ ය වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළහ:
Pali BJTකතමො ච භික්ඛවෙ අසප්පුරිසො? ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසු මිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති. අයං වුච්චති භික්ඛවෙ අසප්පුරිසො.
Sinhala BJTමහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා කියන්නේ වෙයි. මද පමා දෙකට කරුණු වූ රහමෙර පීමෙහි සිටුනාසුලු වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ අසප්පුරිසෙන අසප්පුරිසතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච පාණාතිපාතී හොති, පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති. අත්තනා ච අදින්නාදායී හොති, පරඤ්ච අදින්නාදානෙ සමාදපෙති. අත්තනා ච කාමෙසු මිච්ඡාචාරී හොති, පරඤ්ච කාමෙසු මිච්ඡාචාරෙ සමාදපෙති. අත්තනා මුසාවාදී හොති, පරඤ්ච මුසාවාදෙ සමාදපෙති. අත්තනා ච සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති, පරඤ්ච සුරාමෙරයමජ්ජපමාදට්ඨානෙ සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ අසප්පුරිසෙන අසප්පුරිසතරො:
Sinhala BJTමහණෙනි, අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවායෙහි සමාදන් කරවයි. තෙමේත් අයිනාදන් ගන්නේ වෙයි. මෙරමාත් අයිනාදනෙහි සමාදන් කරවයි. තෙමේත් කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරෙහි සමාදන් කරවයි. තෙමේත් මුසවා කියන්නේ වෙයි. මෙරමාත් මුසවායෙහි සමාදන් කරවයි. තෙමේත් මද පමා දෙකට කරුණු වූ රහමෙර පීමෙහි සිටුනාසුලු වෙයි. මෙරමාත් මද පමා දෙකට කරුණු වූ රහමෙර පීමෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතරය යී කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ සප්පුරිසො? ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. අයං වුච්චති භික්ඛවෙ සප්පුරිසො.
Sinhala BJTමහණෙනි, සත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවායෙන් දුරු වූයේ වෙයි. අයිනාදනින් දුරු වූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. මුසවායෙන් දුරු වූයේ වෙයි. මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ සප්පුරිසෙන සප්පුරිසතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති. අත්තනා ච අදින්නාදානා පටිවිරතො හොති, පරඤ්ච අදින්නාදානා වෙරමණියා සමාදපෙති. අත්තනා ච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා සමාදපෙති. අත්තනා ච මුසාවාදා පටිවිරතො හොති, පරඤ්ච මුසාවාදා වෙරමණියා සමාදපෙති. අත්තනා ච සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති, පරඤ්ච සුරාමෙරයමජ්ජපමාදට්ඨානා සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ සප්පුරිසෙන සප්පුරිසතරොති.
Sinhala BJTමහණෙනි, සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි. තෙමේත් අයිනාදනින් දුරු වූයේ වෙයි. මෙරමාත් අයිනාදනින් දුරු වීමෙහි සමාදන් කරවයි. තෙමේත් කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරින් දුරු වීමෙහි සමාදන් කරවයි. තෙමේත් මුසවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් මුසාවයින් දුරු වීමෙහි සමාදන් කරවයි. තෙමේත් මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වෙයි. මෙරමාත් මද පමා දෙකට කරුණු වූ රහමෙර පීමෙන් දුරු වීමෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතරය යි කියනු ලැබේ.
Pali BJT4. 5. 1. 2.
Sinhala BJT4. 5. 1. 2.
Pali BJT[දුතිය සප්පුරිසසුත්තං]
Sinhala BJT[දෙවන සප්පුරිස සූත්‍රය]
Pali BJT2. අසප්පුරිසඤ්ච වො භික්ඛවො දෙසිස්සාමි අසප්පුරිසෙන අසප්පුරිසතරඤ්ච, සප්පුරිසඤ්ච සප්පුරිසෙන සප්පුරිසතරඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJT2. මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතරයා හා සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතරයා හා දෙසමි. එය අසව …
Pali BJTකතමො ච භික්ඛවෙ අසප්පුරිසො? ඉධ භික්ඛවෙ එකච්චො අස්සද්ධො හොති, අහිරිකො හොති, අනොත්තප්පී හොති, අප්පස්සුතො හොති, කුසීතො හොති, මුට්ඨස්සතී හොති, දුප්පඤ්ඤො හොති. අයං වුච්චති භික්ඛවෙ අසප්පුරිසො.
Sinhala BJTමහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සැදැහැ නැත්තේ ය. ලජ්ජා නැත්තේ ය. පවට බිය නැත්තේ ය. අල්පශ්‍රැත ය. කුසීත ය. මුළා වූ සිහි ඇතියේ ය. දුෂ්ප්‍රාඥ ය. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ අසප්පුරිසෙන අසප්පුරිසතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච අස්සද්ධො හොති, පරඤ්ච අස්සද්ධියෙ සමාදපෙති. අත්තනා ච අහිරිකො හොති, පරඤ්ච අහිරිකතාය සමාදපෙති. අත්තනා ච අනොත්තප්පී හොති, පරඤ්ච අනොත්තප්පෙ සමාදපෙති. අත්තනා ච අප්පස්සුතො හොති, පරඤ්ච අප්පස්සුතෙ සමාදපෙති. අත්තනා ච කුසීතො හොති, පරඤ්ච කොසජ්ජෙ සමාදපෙති. අත්තනා ච මුට්ඨස්සතී හොති, පරඤ්ච මුට්ඨසච්චෙ සමාදපෙති. අත්තනා ච දුප්පඤ්ඤො හොති, පරඤ්ච දුප්පඤ්ඤතාය සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ අසප්පුරිසෙන අසප්පුරිසතරො.
Sinhala BJTමහණෙනි, අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් සැදැහැ නැත්තේ ය. මෙරමා ද සැදැහැ නැතිසෙයෙහි සමාදන් කරවයි. තෙමේ ද පවට ලජ්ජා නැත්තේ ය. මෙරමා ද ලජ්ජානැතිසෙයෙහි සමාදන් කරවයි. තෙමේ ද පවට බිය නැත්තේ ය. මෙරමා ද පවට බියනැතිසෙයෙහි සමාදන් කරවයි. තෙමේ ද අල්පශ්‍රැත ය. මෙරමා ද අල්පශ්‍රැතබව්හි සමාදන් කරවයි. තෙමේ ද කුසීත ය. මෙරමා ද කුසීතබව්හි සමාදන් කරවයි. තෙමේ ද මුළාවූ සිහි ඇත්තේ ය. මෙරමා ද මුළාවූ සිහිඇතිසෙයෙහි සමාදන් කරවයි. තෙමේ ද දුෂ්ප්‍රාඥය. මෙරමා ද දුෂ්ප්‍රාඥබව්හි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතරය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ සප්පුරිසො? ඉධ භික්ඛවෙ එකච්චො සද්ධො හොති, හිරිමා හොති, ඔත්තප්පී හොති, බහුස්සුතො හොති, ආරද්ධවිරියො හොති, සතිමා හොති, පඤ්ඤවා හොති. අයං වුච්චති භික්ඛවෙ සප්පුරිසො.
Sinhala BJTමහණෙනි, සත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සැදැහැ ඇතියේ වෙයි. පවට ලජ්ජා ඇතියේ වෙයි. පවට බිය ඇතියේ වෙයි. බහුශ්‍රුත වෙයි. රුකුළවැර ඇතියේ වෙයි. සිහි ඇතියේ වෙයි. පැණවත් වෙයි. මහණෙනි, මේ සත්පුරුෂය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ සප්පුරිසෙන සප්පුරිසතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච සද්ධාසම්පන්නො හොති. පරඤ්ච සද්ධාසම්පදාය සමාදපෙති. අත්තනා ච හිරිමා හොති, පරඤ්ච හිරිමතාය සමාදපෙති අත්තනා ච ඔත්තප්පී හොති, පරඤ්ච ඔත්තප්පෙ සමාදපෙති. අත්තනා ච බහුස්සුතො හොති. පරඤ්ච බාහුසච්චෙ සමාදපෙති. අත්තනා ච ආරද්ධවිරියො හොති, පරඤ්ච විරියාරම්භෙ සමාදපෙති. අත්තනා ච උපට්ඨිතසතී හොති, පරඤ්ච සතිපට්ඨානෙ සමාදපෙති. අත්තනා ච පඤ්ඤාසම්පන්නො හොති, පරඤ්ච පඤ්ඤාසම්පදාය සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ සප්පුරිසෙන සප්පුරිසතරොති
Sinhala BJTමහණෙනි, සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් ශ්‍රද්ධාසම්පන්න වෙයි. මෙරමාත් ශ්‍රද්ධාසම්පත්තියෙහි සමාදන් කරවයි. තෙමේත් පවට ලජ්ජා ඇතියේ වෙයි. මෙරමා ද පවට ලජ්ජා ඇතිබව්හි සමාදන් කරවයි. තෙමේ ද පවට බිය ඇත්තේ වෙයි. මෙරමා ද පවට බියඇතිබව්හි සමාදන් කරවයි. තෙමේ ද බහුශ්‍රුත වෙයි. මෙරමා ද බහුශ්‍රුත බව්හි සමාදන් කරවයි. තෙමේ ද ඇරඹූ වැර ඇතියේ වෙයි. මෙරමා ද වැර ඇරඹුම්හි සමාදන් කරවයි. තෙමේ ද එළඹ සිටි සිහි ඇත්තේ වෙයි. මෙරමා ද සීවටන්හි සමාදන් කරවයි. තෙමේ ද ප්‍රඥාසම්පන්න වෙයි. මෙරමා ද ප්‍රඥාසම්පත්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතරය යි කියනු ලැබේ.
Pali BJT4. 5. 1. 3.
Sinhala BJT4. 5. 1. 3.
Pali BJT[තතිය සප්පුරිසසුත්තං]
Sinhala BJT[තෙවන සප්පුරිස සූත්‍රය]
Pali BJT3. අසප්පුරිසඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අසප්පුරිසෙන අසප්පුරිසතරඤ්ච, සප්පුරිසඤ්ච සප්පුරිසෙන සප්පුරිසතරඤ්ච? තං සුණාථ -පෙ-
Sinhala BJT3. මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරයා හා, සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරයා හා දෙසමි. එය අසව…
Pali BJTකතමො ච භික්ඛවෙ අසප්පුරිසො? ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතී හොති අදින්නාදායී හොති. කාමෙසු මිච්ඡාචාරී හොති මුසාවාදී හොති. පිසුණාවාචො හොති. ඵරුසාවාචො හොති සම්ඵප්පලාපී හොති. අයං වුච්චති භික්ඛවෙ අසප්පුරිසො.
Sinhala BJTමහණෙනි, අසත්පුරුෂ කවරේය? මහණෙනි, මෙලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි. පිසුනුබස් ඇතියේ වෙයි. පරොස්බස් ඇතියේ වෙයි. පලප් ඇතියේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂයයි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ අසප්පුරිසෙන අසප්පුරිසතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච පාණාතිපාතී හොති, පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති. අත්තනා ච අදින්නාදායී හොති, පරඤ්ච අදින්නාදානෙ සමාදපෙති, අත්තනා ච කාමෙසු මිච්ඡාචාරී හොති, පරඤ්ච කාමෙසු මිච්ඡාචාරෙ සමාදපෙති. අත්තනා ච මුසාවාදී හොති, පරඤ්ච මුසාවාදෙ සමාදපෙති. අත්තනා ච පිසුණාවාචො හොති, පරඤ්ච පිසුණාය වාචාය සමාදපෙති. අත්තනා ච ඵරුසාවාචො හොති, පරඤ්ච ඵරුසාය වාචාය සමාදපෙති. අත්තනා ච සම්ඵප්පලාපී හොති, පරඤ්ච සම්ඵප්පලාපෙ සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ අසප්පුරිසෙන අසප්පුරිසතරො.
Sinhala BJTමහණෙනි, අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් තෙමේ ද පණිවා කරන්නේ වෙයි. මෙරමා ද පණිවායෙහි සමාදන් කරවයි. තෙමේ ද අයිනාදන් ගන්නේ වෙයි. මෙරමා ද අයිනාදන්හි සමාදන් කරවයි. තෙමේ ද කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මෙරමා ද කාමයෙහි මිසහසරෙහි ලා සමාදන් කරවයි. තෙමේ ද මුසවා බණන්නේ වෙයි. මෙරමා ද මුසවායෙහි සමාදන් කරවයි. තෙමේ ද පිසුනුබස් ඇතියේ වෙයි. මෙරමා ද පිසුනුබස් හි සමාදන් කරවයි. තෙමේ ද පරොස් බස් ඇතියේ වෙයි. මෙරමා ද පරොස් බස්හි සමාදන් කරවයි. තෙමේ ද පලප් ඇතියේ වෙයි. මෙරමා ද පලප්හි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ සප්පුරිසො? ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති. අදින්නාදානා පටිවිරතො හොති. කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති. මුසාවාදා පටිවිරතො හොති. පිසුණාවාචා පටිවිරතො හොති. ඵරුසාවාචා පටිවිරතො හොති. සම්ඵප්පලාපා පටිවිරතො හොති. අයං වුච්චති භික්ඛවෙ සප්පුරිසො.
Sinhala BJTමහණෙනි, සත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් පණිවායෙන් දුරු වූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුනුබසින් දුරු වූයේ වෙයි. පරොස්බසින් දුරු වූයේ වෙයි. පලපින් දුරු වූයේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ සප්පුරිසෙන සප්පුරිසතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති. අත්තනා ච අදින්නාදානා පටිවිරතො හොති, පරඤ්ච අදින්නාදානා වෙරමණියා සමාදපෙති. -පෙ- අත්තනා ච පිසුණාවාචා පටිවිරතො හොති, පරඤ්ච පිසුණාවාචා වෙරමණියා සමාදපෙති. අත්තනා ච ඵරුසාවාචා පටිවිරතො හොති, පරඤ්ච ඵරුසාවාචා වෙරමණියා සමාදපෙති, අත්තනා ච සම්ඵප්පලාපා පටිවිරතො හොති, පරඤ්ච සම්ඵප්පලාපා වෙරමණියා සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ සප්පුරිසෙන සප්පුරිසතරොති.
Sinhala BJTමහණෙනි, සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේ පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමා ද පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි. තෙමේ ද අයිනාදනින් දුරු වූයේ වෙයි. මෙරමා ද අයිනාදනින් දුරු වීමෙහි සමාදන් කරවයි ... තෙමේ ද පිසුනු බසින් දුරු වූයේ වෙයි. මෙරමා ද පිසුනු බසින් දුරු වීමෙහි සමාදන් කරවයි. තෙමේ ද පරොස් බසින් දුරු වූයේ වෙයි. මෙරමා ද පරොස් බසින් දුරු වීමෙහි සමාදන් කරව යි. තෙමේ ද පලපින් දුරු වූයේ වෙයි. මෙරමා ද පලපින් දුරු වීමෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරය යි කියනු ලැබේ.
Pali BJT4. 5. 1. 4.
Sinhala BJT4. 5. 1. 4.
Pali BJT[චතුත්ථ සප්පුරිස සුත්තං]
Sinhala BJT[සිව්වන සප්පුරිස සූත්‍රය]
Pali BJT4. අසප්පුරිසඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අසප්පුරිසෙන අසප්පුරිසතරඤ්ච සප්පුරිසඤ්ච සප්පුරිසෙන සප්පුරිසතරඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJT4. මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරයා හා සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරයා හා දෙසමි. ඒ අසව…
Pali BJTකතමො ච භික්ඛවෙ අසප්පුරිසො? ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතී හොති. -පෙ- අභිජ්ඣාලු හොති, බ්යාපන්නචිත්තො හොති. මිච්ඡාදිට්ඨිකො හොති. අයං වුච්චති භික්ඛවෙ අසප්පුරිසො.
Sinhala BJTමහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවා කරන්නේ වෙයි ... අභිධ්‍යා බහුල වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැත්තේ වෙයි. මිසදිටු ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ අසප්පුරිසෙන අසප්පුරිසතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච පාණාතිපාතී හොති, පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති. -පෙ- අත්තනා ච අභිජ්ඣාලු හොති, පරඤ්ච අභිජ්ඣාය සමාදපෙති. අත්තනා ච බ්යාපන්නචිත්තො හොති, පරඤ්ච බ්යාපාදෙ සමාදපෙති. අත්තනා ච මිච්ඡාදිට්ඨිකො හොති, පරඤ්ච මිච්ඡාදිට්ඨියා සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ අසප්පුරිසෙන අසප්පුරිසතරො.
Sinhala BJTමහණෙනි, අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවා කිරීමෙහි සමාදන් කරවයි ... තෙමේත් අභිධ්‍යාබහුල වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් කරවයි. තෙමේත් ව්‍යාපාද ඇත්තේ වෙයි. මෙරමාත් ව්‍යාපාදයෙහි සමාදන් කරව යි. තෙමේත් මිසදිටු ඇත්තේ වෙයි. මෙරමාත් මිසදිටුයෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ සප්පුරිසො? ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති. -පෙ- අනභිජ්ඣාලු හොති, අබ්යාපන්නචිත්තො හොති. සම්මාදිට්ඨිකො හොති. අයං වුච්චති භික්ඛවෙ සප්පුරිසො.
Sinhala BJTමහණෙනි, සත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවායෙන් දුරු වූයේ වෙයි ... අභිධ්‍යාබහුල කොට නැත්තේ වෙයි. ව්‍යාපාද රහිත සිතැත්තේ වෙයි. සම්‍යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මේ සත්පුරුෂය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ සප්පුරිසෙන සප්පුරිසතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති. -පෙ- අත්තනා ච අනභිජ්ඣාලු හොති. පරඤ්ච අනභිජ්ඣාය සමාදපෙති. අත්තනා ච අබ්යාපන්නචිත්තො හොති. පරඤ්ච අබ්යාපාදෙ සමාදපෙති. අත්තනා ච සම්මාදිට්ඨිකො හොති. පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ සප්පුරිසෙන සප්පුරිසතරොති.
Sinhala BJTමහණෙනි, සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි ... තෙමේත් අභිධ්‍යාබහුල කොට නැත්තේ වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් නොකරවයි. තෙමේත් අව්‍යාපාද සිතැත්තේ වෙයි. මෙරමාත් අව්‍යාපාදයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග්දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරය යි කියනු ලැබේ.
Pali BJT4. 5. 1. 5.
Sinhala BJT4. 5. 1. 5.
Pali BJT[පඤ්චම සප්පුරිස සුත්තං]
Sinhala BJT[පස්වන සප්පුරිස සූත්‍රය]
Pali BJT5. අසප්පුරිසඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අසප්පුරිසෙන අසප්පුරිසතරඤ්ච සප්පුරිසඤ්ච සප්පුරිසෙන සප්පුරිසතරඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJT5. මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතරයා හා සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරයා හා දෙසමි. ඒ අසව …
Pali BJTකතමො ච භික්ඛවෙ අසප්පුරිසො? ඉධ භික්ඛවෙ එකච්චො මිච්ඡාදිට්ඨිකො හොති. මිච්ඡාසඞ්කප්පො හොති. මිච්ඡාවාචො හොති. මිච්ඡාකම්මන්තො හොති. මිච්ඡාආජීවො හොති. මිච්ඡාවායාමො හොති. මිච්ඡාසතී හොති. මිච්ඡාසමාධි හොති. අයං වුච්චති භික්ඛවෙ අසප්පුරිසො.
Sinhala BJTමහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිසදිටු ඇතියේ වෙයි. මිථ්‍යාසඞ්කල්ප ඇතියේ වෙයි. මිථ්‍යාවාක් ඇතියේ වෙයි. මිථ්‍යාකර්‍මාන්ත ඇතියේ වෙයි. මිථ්‍යා ආජීව ඇතියේ වෙයි. මිථ්‍යාව්‍යායාම ඇතියේ වෙයි. මිථ්‍යාස්මෘති ඇතියේ වෙයි. මිථ්‍යාසමාධි ඇතියේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ අසප්පුරිසෙන අසප්පුරිසතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච මිච්ඡාදිට්ඨිකො හොති. පරඤ්ච මිච්ඡාදිට්ඨියා සමාදපෙති. අත්තනා ච මිච්ඡාසඞ්කප්පො හොති. පරඤ්ච මිචඡාසඞ්කප්පෙ සමාදපෙති. අත්තනා ච මිච්ඡාවාචො හොති. පරඤ්ච මිච්ඡාවාචාය සමාදපෙති. අත්තනා ච මිච්ඡාකම්මන්තො හොති. පරඤ්ච මිච්ඡාකම්මන්තෙ සමාදපෙති. අත්තනා ච මිච්ඡාආජීවො හොති. පරඤ්ච මිච්ඡාආජීවෙ සමාදපෙති. අත්තනා ච මිච්ඡාවායාමො හොති. පරඤ්ච මිච්ඡාවායාමෙ සමාදපෙති. අත්තනා ච මිච්ඡාසති හොති. පරඤ්ච මිච්ඡාසතියා සමාදපෙති. අත්තනා ච මිච්ඡාසමාධි හොති. පරඤ්ච මිච්ඡාසමාධිම්හි සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ අසප්පුරිසෙන අසප්පුරිසතරො.
Sinhala BJTමහණෙනි, අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාසඞ්කල්ප ඇතියේ වෙයි. මෙරමාත් මිථ්‍යාසඞ්කල්පයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාවාක් ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාවචනයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාකර්‍මාන්ත ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාකර්‍මාන්තයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාආජීව ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යා ආජීවයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාව්‍යායාම ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාව්‍යායාමයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාස්මෘති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාස්මෘතියෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාසමාධි ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාසමාධියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ සප්පුරිසො? ඉධ භික්ඛවෙ එකච්චො සම්මාදිට්ඨිකො හොති. සම්මාසඞ්කප්පො හොති. සම්මාවාචො හොති. සම්මාකම්මන්තො හොති. සම්මාආජීවො හොති. සම්මා වායාමො හොති. සම්මාසතී හොති. සම්මාසමාධී හොති. අයං වුච්චති භික්ඛවෙ සප්පුරිසො.
Sinhala BJTමහණෙනි, සත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සම්‍යග්දෘෂ්ටික වෙයි. සම්‍යක්සඞ්කල්ප ඇතියේ වෙයි. සම්‍යග් වචන ඇතියේ වෙයි. සම්‍යක්කර්‍මාන්ත ඇතියේ වෙයි. සම්‍යග් ආජීව ඇතියේ වෙයි. සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි. සම්‍යක්ස්මෘති ඇතියේ වෙයි. සම්‍යක්සමාධි ඇතියේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂය යි කියනු ලැබේ.
Pali BJTකතමො භික්ඛවෙ සප්පුරිසෙන සප්පුරිසතරො? ඉධ භික්ඛවෙ එකච්චො සම්මාදිට්ඨිකො හොති, පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති. අත්තනා ච සම්මාසඞ්කප්පො හොති. පරඤ්ච සම්මා සඞ්කප්පෙ සමාදපෙති. අත්තනා ච සම්මාවාචො හොති, පරඤ්ච සම්මාවාචාය සමාදපෙති. අත්තනා ච සම්මාකම්මන්තො හොති, පරඤ්ච සම්මාකම්මන්තෙ සමාදපෙති. අත්තනා ච සම්මාආජීවො හොති, පරඤ්ච සම්මාආජීවෙ සමාදපෙති. අත්තනා ච සම්මාවායාමො හොති, පරඤ්ච සම්මාවායාමෙ සමාදපෙති. අත්තනා ච සම්මාසතී හොති, පරඤ්ච සම්මාසතියා සමාදපෙති. අත්තනා ච සම්මාසමාධී හොති, පරඤ්ච සම්මාසමාධිම්හි සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ සප්පුරිසෙන සප්පුරිසතරොති.
Sinhala BJTමහණෙනි, සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් සම්‍යග්දෘෂ්ටික වේ. මෙරමාත් සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යක්සඞ්කල්ප ඇතියේ වෙයි. මෙරමාත් සම්‍යක්සඞ්කල්පයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග් වචන ඇතියේ වෙයි. මෙරමාත් සම්‍යග් වචනයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යක් කර්‍මාන්ත ඇතියේ වෙයි. මෙරමාත් සම්‍යක්කර්‍මාන්තයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග් ආජීව ඇතියේ වෙයි. මෙරමාත් සම්‍යග් ආජීවයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි. මෙරමාත් සම්‍යග්ව්‍යායාමයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යක් ස්මෘති ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යක් ස්මෘතියෙහි සමාදන් කරවන්නේ වෙයි. තෙමේත් සම්‍යක් සමාධි ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යක් සමාධියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරය යි කියනු ලැබේ.
Pali BJT4. 5. 1. 6.
Sinhala BJT4. 5. 1. 6.
Pali BJT[ඡට්ඨ සප්පුරිස සුත්තං]
Sinhala BJT[සවන සප්පුරිස සූත්‍රය]
Pali BJT6. අසප්පුරිසඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අසප්පුරිසෙන අසප්පුරිසතරඤ්ච සප්පුරිසඤ්ච සප්පුරිසෙන සප්පුරිසතරඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJT6. මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරයා හා සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරයා හා දෙසමි. ඒ අසව…
Pali BJTකතමො ච භික්ඛවෙ අසප්පුරිසො? ඉධ භික්ඛවෙ එකච්චො මිච්ඡාදිට්ඨිකො හොති, -පෙ- මිච්ඡාඤාණී හොති, මිච්ඡාවිමුත්තී හොති, අයං වුච්චති භික්ඛවෙ අසප්පුරිසො.
Sinhala BJTමහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි … මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ අසප්පුරිසෙන අසප්පුරිසතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච මිච්ඡාදිට්ඨිකො හොති, පරඤ්ච මිච්ඡාදිට්ඨියා සමාදපෙති. -පෙ- අත්තනා ච මිච්ඡාඤාණී හොති, පරඤ්ච මිච්ඡාඤාණෙ සමාදපෙති. අත්තනා ච මිච්ඡාවිමුත්තී හොති, පරඤ්ච මිච්ඡාවිමුත්තියා සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ අසප්පුරිසෙන අසප්පුරිසතරො.
Sinhala BJTමහණෙනි, අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිසදිටු වෙයි. මෙරමාත් මිසදිටුයෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාවිමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතරය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ සප්පුරිසො? ඉධ භික්ඛවෙ එකච්චො සම්මාදිට්ඨිකො හොති -පෙ- සම්මාඤාණී හොති. සම්මාවිමුත්තී හොති. අයං වුච්චති භික්ඛවෙ සප්පුරිසො.
Sinhala BJTමහණෙනි, සත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සම්‍යග් දෘෂ්ටික වෙයි ... සම්‍යග්ඥාන ඇත්තේ වෙයි. සම්‍යග් විමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ සප්පුරිසෙන සප්පුරිසතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච සම්මාදිට්ඨිකො හොති, පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති -පෙ- අත්තනා ච සම්මාඤාණී හොති, පරඤ්ච සම්මාඤාණෙ සමාදපෙති. අත්තනා ච සම්මාවිමුත්තී හොති, පරඤ්ච සම්මාවිමුත්තියා සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ සප්පුරිසෙන සප්පුරිසතරොති.
Sinhala BJTමහණෙනි, සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් සම්‍යග් දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග් දෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්‍යග් ඥාන ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග්ඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග් විමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග් විමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතරය යි කියනු ලැබේ.
Pali BJT4. 5. 1. 7.
Sinhala BJT4. 5. 1. 7.
Pali BJT[පඨම පාප - කල්යාණසුත්තං]
Sinhala BJT[පළමුවන පාප - කල්‍යාණ සූත්‍රය]
Pali BJT7. පාපඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි පාපෙන පාපතරඤ්ච කල්යාණඤ්ච කල්යාණෙන කල්යාණතරඤ්ච. තං සුණාථ -පෙ- භගවා එතදවොච:
Sinhala BJT7. මහණෙනි, පාපයාත් පාපයාට වැඩිසිටි පාපතරයාත් කල්‍යාණයාත් කල්‍යාණයාට වැඩිසිටි කල්‍යාණතරයාත් දෙසමි. ඒ අසව ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTකතමො ච භික්ඛවෙ පාපො? ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතී හොති. -පෙ- මිච්ඡාදිට්ඨිකො හොති. අයං වුච්චති භික්ඛවෙ පාපො.
Sinhala BJTමහණෙනි, පාප නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවා ඇත්තේ වෙයි ... මිසදිටුහ ඇත්තේ වෙයි. මහණෙනි, මේ පාප යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ පාපෙන පාපතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච පාණාතිපාතී හොති. පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති -පෙ- අත්තනා ච මිච්ඡාදිට්ඨිකො හොති, පරඤ්ච මිච්ඡා දිට්ඨියා සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ පාපෙන පාපතරො.
Sinhala BJTමහණෙනි, පාපයා කෙරෙන් වැඩි සිටි පාපතර නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවායෙහි සමාදන් කරවයි ... තෙමේත් මිසදිටු ඇත්තේ වෙයි. මෙරමාත් මිසදිටුයෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ පාපයා කෙරෙන් වැඩිසිටි පාපතර යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ කල්යාණො? ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සම්මාදිට්ඨිකො හොති. අයං වුච්චති භික්ඛවෙ කල්යාණො.
Sinhala BJTමහණෙනි, කල්‍යාණ (භද්‍ර) කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි ... සම්‍යග් දෘෂ්ටික වෙයි. මහණෙනි, මේ කල්‍යාණය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ කල්යාණෙන කල්යාණතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති -පෙ- අත්තනා ච සම්මාදිට්ඨිකො හොති, පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ කල්යාණෙන කල්යාණතරොති.
Sinhala BJTමහණෙනි, කල්‍යාණයාට වැඩි සිටි කල්‍යාණතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවායෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්‍යග් දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග් දෘෂ්ටියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ කල්‍යාණයාට වැඩි සිටි කල්‍යාණතරය යි කියනු ලැබේ.
Pali BJT4. 5. 1. 8.
Sinhala BJT4. 5. 1. 8.
Pali BJT[දුතිය පාප - කල්යාණසුත්තං]
Sinhala BJT[දෙවන පාප - කල්‍යාණ සූත්‍රය]
Pali BJT8. පාපඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි පාපෙන පාපතරඤ්ච කල්යාණඤ්ච කල්යාණෙන කල්යාණතරඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJT8. මහණෙනි, පාපයා ද පාපයාට වැඩිසිටි පාපතරයා ද කල්‍යාණයා ද කල්‍යාණයාට වැඩි සිටි කල්‍යාණතරයා ද දෙසමි. ඒ අසව …
Pali BJTකතමො ච භික්ඛවෙ පාපො? ඉධ භික්ඛවෙ එකච්චො මිච්ඡාදිට්ඨිකො හොති. මිච්ඡාසඞ්කප්පො හොති -පෙ- මිච්ඡාඤාණී හොති. මිච්ඡාවිමුත්තී හොති. අයං වුච්චති භික්ඛවෙ පාපො.
Sinhala BJTමහණෙනි, පාප කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිසදිටු වේ ... මිථ්‍යාඥාන ඇතියේ වේ. මිථ්‍යාවිමුක්ති ඇතියේ වේ. මහණෙනි, මේ පාප යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ පාපෙන පාපතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච මිච්ඡාදිට්ඨිකො හොති, පරඤ්ච මිච්ඡාදිට්ඨියා සමාදපෙති -පෙ- අත්තනා ච මිච්ඡාඤාණී හොති, පරඤ්ච මිච්ඡාඤාණෙ සමාදපෙති. අත්තනා ච මිචඡාවිමුත්තී හොති, පරඤ්ච මිච්ඡාවිමුත්තියා සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ පාපෙන පාපතරො.
Sinhala BJTමහණෙනි, පාපයාට වැඩිසිටි පාපතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාවිමුක්තියෙහි සමාදන් කරවන්නේ වෙයි. මහණෙනි, මේ පාපයා කෙරෙන් වැඩිසිටි පාපතරය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ කල්යාණො? ඉධ භික්ඛවෙ එකච්චො සම්මාදිට්ඨිකො හොති -පෙ- සම්මාඤාණී හොති. සම්මාවිමුත්තී හොති. අයං වුච්චති භික්ඛවෙ කල්යාණො.
Sinhala BJTමහණෙනි, කල්‍යාණ නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සම්‍යග්දෘෂ්ටික වේ ... සම්‍යග් ඥාන ඇත්තේ වෙයි. සම්‍යග්විමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ කල්‍යාණය යි කියනු ලැබේ.
Pali BJTකතමො භික්ඛවෙ කල්යාණෙන කල්යාණතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච සම්මාදිට්ඨිකො හොති. පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති. -පෙ- අත්තනා ච සම්මාඤාණී හොති. පරඤ්ච සම්මාඤාණෙ සමාදපෙති. අත්තනා ච සම්මාවිමුත්තී හොති. පරඤ්ච සම්මාවිමුත්තියා සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ කල්යාණෙන කල්යාණතරොති.
Sinhala BJTමහණෙනි, කල්‍යාණයාට වඩා කල්‍යාණතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් සම්‍යග් දෘෂ්ටික වේ. මෙරමාත් සම්‍යග් දෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්‍යග් ඥාන ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග් ඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග් විමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග් විමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ කල්‍යාණයාට වඩා කල්‍යාණතරය යි කියනු ලැබේ.
Pali BJT4. 5. 1. 9.
Sinhala BJT4. 5. 1. 9.
Pali BJT[පඨම පාපධම්ම - කල්යාණධම්ම සුත්තං]
Sinhala BJT[පළමුවන පාපධම්ම - කල්‍යාණධම්ම සූත්‍රය]
Pali BJT9. පාපධම්මඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි පාපධම්මෙන පාපධම්මතරඤ්ච කල්යාණධම්මඤ්ච කල්යාණධම්මෙන කල්යාණධම්මතරඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJT9. මහණෙනි, පාපධර්‍මයා ද පාපධර්‍මයාට වැඩසිටි පාපධර්‍මතරයා ද කල්‍යාණධර්‍මයා ද කල්‍යාණධර්‍මයාට වැඩිසිටි කල්‍යාණධර්‍මතරයා ද දෙසමි. ඒ අසව …
Pali BJTකතමො ච භික්ඛවෙ පාපධම්මො? ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතී හොති -පෙ- මිච්ඡාදිට්ඨිකො හොති. අයං වුච්චති භික්ඛවෙ පාපධම්මො.
Sinhala BJTමහණෙනි, පාපධර්‍ම නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවා කරන්නේ වෙයි ... මිථ්‍යාදෘෂ්ටික වෙයි. මහණෙනි, මේ පාපධර්‍මය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ පාපධම්මතරො? ඉධ භික්ඛවෙ, එකච්චො අත්තනා ච පාණාතිපාතී හොති. පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති. -පෙ- අත්තනා ච මිච්ඡාදිට්ඨිකො හොති, පරඤ්ච මිච්ඡාදිට්ඨියා සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ පාපධම්මෙන පාපධම්මතරො.
Sinhala BJTමහණෙනි, පාපධර්‍මයා කෙරෙන් වැඩිසිටි පාපධර්‍මතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවා කිරීමෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ පාපධර්‍මයාට වඩා පාපධර්‍මතරය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ කල්යාණධම්මො? ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති. -පෙ- සම්මාදිට්ඨිකො හොති. අයං වුච්චති භික්ඛවෙ කල්යාණධම්මො.
Sinhala BJTමහණෙනි, කල්‍යාණධර්‍ම නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි ... සම්‍යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මේ කල්‍යාණධර්‍මය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ කල්යාණධම්මෙන කල්යාණධම්මතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති -පෙ- අත්තනා ච සම්මාදිට්ඨිකො හොති, පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ කල්යාණධම්මෙන කල්යාණධම්මතරොති.
Sinhala BJTමහණෙනි, කල්‍යාණධර්‍මයාට වැඩි සිටි කල්‍යාණධර්‍මතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගයෙක් තෙමේත් පණිවායෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්‍යග් දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග් දෘෂ්ටියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ කල්‍යාණධර්‍මයාට වඩා කල්‍යාණධර්‍මතරය යි කියනු ලැබේ.
Pali BJT4. 5. 1. 10.
Sinhala BJT4. 5. 1. 10.
Pali BJT[දුතිය පාපධම්ම - කල්යාණධම්ම සුත්තං]
Sinhala BJT[දෙවන පාපධම්ම - කල්‍යාණධම්ම සූත්‍රය]
Pali BJT10. පාපධම්මඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි පාපධම්මෙන පාපධම්මතරඤ්ච කල්යාණධම්මඤ්ච කල්යාණධම්මෙන කල්යාණධම්මතරඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJT10. මහණෙනි, පාපධර්‍මයා ද පාපධර්‍මයාට වැඩසිටි පාපධර්‍මතරයා ද කල්‍යාණධර්‍මයා ද කල්‍යාණධර්‍මයාට වැඩිසිටි කල්‍යාණධර්‍මතරයා ද දෙසමි. ඒ අසව …
Pali BJTකතමො ච භික්ඛවෙ පාපධම්මො? ඉධ භික්ඛවෙ එකච්චො මිච්ඡාදිට්ඨිකො හොති -පෙ- මිච්ඡාඤාණී හොති. මිච්ඡාවිමුත්තී හොති. අයං වුච්චති භික්ඛවෙ පාපධම්මො.
Sinhala BJTමහණෙනි, පාපධර්‍ම කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි ... මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ පාපධර්‍මය යි කියනු ලැබේ.