Pali BJTතං කිං මඤ්ඤථ භද්දිය, ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වාති? “කුසලා භන්තෙ” සාවජ්ජා වා අනවජ්ජා වාති? අනවජ්ජා භන්තෙ. විඤ්ඤූගරහිතා වා විඤ්ඤූප්පසත්ථා වාති? “විඤ්ඤූප්පසත්ථා භන්තෙ” සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්ති, නො වා කථං වා එත්ථ හොතීති? සමත්තා භන්තෙ සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්ති. එවං නො එත්ථ හොතීති.
Sinhala BJTභද්දිය ය, එ කුමැයි හඟිවු ද? මෙ දහම්හු කුසල හෝ අකුසල හෝ වෙද් ද? වහන්ස, කුසල්හ. සාවද්‍ය හෝ අනවද්‍ය හෝ වෙද් ද? වහන්ස, අනවද්‍යයහ. විඥයන් විසින් ගර්හිත හෝ ප්‍රශස්ත හෝ වෙද් ද? වහන්ස, විඥයන් විසින් ප්‍රශස්තයහ. මොනොවට ගන්නා ලද්දාහු මොනොවට සමාදාන කරණ ලද්දාහු හිතයට සුඛයට වැටෙද් ද? නො වැටහෙන්නාහු හෝ වෙද් ද? මෙහි ලා කෙබඳු අදහස් හෝ වේ ද? වහන්ස, මොනොවට ගත් මොනොවට සමාදාන කළ එ දහම්හු හිතයට සුඛයට වැටෙති. මෙහි ලා අපට මෙබඳු සිත් වෙයි.
Pali BJTඉති ඛො භද්දිය, යන්තං අවොචුම්හ “එථ තුම්හෙ භද්දිය, මා අනුස්සවෙන මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටකසම්පදානෙන මා තක්කහෙතු මා නයහෙතු මා ආකාරපරිවිතක්කෙන මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා මා භබ්බරූපතාය මා සමණො නො ගරූති.” යදා තුම්හෙ භද්දිය, “අත්තනාව ජානෙය්යාථ ඉමෙ ධම්මා අනවජ්ජා ඉමෙ ධම්මා විඤ්ඤුප්පසත්ථා ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්තීති”. අථ තුම්හෙ භද්දිය, උපසම්පජ්ජ විහරෙය්යාථා”ති ඉති යන්තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTභද්දියය, මෙසේ යම් එ බසක් කියුමෝ ද, “භද්දියෙනි, තෙපි එවු. අනුශ්‍රවකථායෙනුදු නහමක් ගණුව, පරම්පරාකථායෙනුදු නහමක් ගණුව, තෙල මෙසේ වීලැයි ද නො ගණුව, අපගේ පෙළ හා යෙදෙති යි ද නහමක් ගණුව, තර්‍කග්‍රාහයෙනුදු නහමක් ගණුව, නයග්‍රාහයෙනුදු නහමක් ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නහමක් ගණුව, අප සිතා ඉවසා ගත් දෘෂ්ටිය හා සැසැඳෙතැයි ද නහමක් ගණුව, භව්‍යරූපතායෙනුදු නහමක් ගණුව, මෙ මහණ අපට ගුරුහ යි ද නහමක් ගණුව. භද්දියෙනි, යම් කලෙක තෙපි “මෙ දහම්හු කුසල්හ, මෙ දහම්හු අනවද්‍යයහ, මෙ දහම්හු නුවණැතියන් විසින් පසස්නා ලදහ, මෙ දහම්හු මොනවට ගන්නා ලද්දාහු මොනොවට සමාදන් කොට ගන්නා ලද්දාහු හිතයට සුඛයට වැටෙති” යි තුමූ ම දන්නාහු ද, භද්දිය ය, එ සඳ තෙපි එ දහම් උපයා වසව යි. මෙසේ යම් බසෙක් කියන ලද ද, මෙ තෙල පිණිස කියන ලදී.
Pali BJTයෙ ඛො තෙ භද්දිය, ලොකෙ සන්තො සප්පුරිසා, තෙ සාවකං එවං සමාදපෙන්ති : එහි ත්වං අම්භො පුරිස, ලොභං විනෙය්ය විනෙය්ය විහරාහි. ලොභං විනෙය්ය විනෙය්ය විහරන්තො න ලොභජං කම්මං කරිස්සසි, කායෙන වාචා මනසා. දොසං විනෙය්ය විනෙය්ය විහරාහි. දොසං විනෙය්ය විනෙය්ය විහරන්තො න දොසජං කම්මං කරිස්සසි කායෙන වාචා මනසා. මොහං විනෙය්ය විනෙය්ය විහරාහි. මොහං විනෙය්ය විනෙය්ය විහරන්තො න මොහජං කම්මං කරිස්සසි කායෙන වාචා මනසා. සාරම්භං විනෙය්ය විනෙය්ය විහරාහි. සාරම්භං විනෙය්ය විනෙය්ය විහරන්තො න සාරම්භජං කම්මං කරිස්සසි කායෙන වාචා මනසාති.
Sinhala BJTභද්දිය ය, ලෝකයෙහි යම් සත්පුරුෂ කෙනෙක් ඇද්ද, ඔහු සව්වා මෙසේ සමාදන් කරවත්: “එම්බා පුරුෂය, තෝ එව, ලෝභය පුන පුනා දුරු කොට වසව, ලෝභය පුන පුනා දුරු කරණුයෙහි කයින් වචසින් මනසින් ලෝභජකර්‍ම නො කරන්නෙහි ය. ද්වේෂය පුන පුනා දුරු කොට වසව, ද්වේෂය පුන පුනා දුරු කොට වසනුයෙහි කයින් වචසින් මනසින් ද්වේෂජකර්‍ම නො කරන්නෙහි ය. මෝහය පුන පුනා දුරු කොට වසව, මෝහය පුන පුනා දුරු කොට වසනුයෙහි කයින් වචසින් මනසින් මෝහජකර්‍ම නො කරන්නෙහි ය. සාරම්භය පුන පුනා දුරු කොට වසව, සාරම්භය පුන පුනා දුරු කොට වසනුයෙහි කයින් වචසින් සාරම්භජකර්‍ම නො කරන්නෙහි ය.
Pali BJTඑවං වුත්තෙ භද්දියො ලිච්ඡවි භගවන්තං එතදවොච : අභික්කන්තං භන්තෙ -පෙ- උපාසකං මං භන්තෙ භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි භද්දිය ලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: “වහන්ස, ඉතා මැනව. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් ගෙණ දිවිහිම් කොට සරණ ගිය උවසුවකු කොට දරන්නේ මැනවැ”යි.
Pali BJTඅපි නු තාහං භද්දිය, එවං අවචං: “එහි මෙ ත්වං භද්දිය, සාවකො හොහි අහං සත්ථා භවිස්සාමී”ති. නො හෙතං භන්තෙ. එවං වාදිං ඛො මං භද්දිය එවමක්ඛායිං එකෙ සමණබ්රාහ්මණා අසතා තුච්ඡා මුසා අභූතෙන අබ්භාචික්ඛන්ති : මායාවී සමණො ගොතමො ආවත්තනීමායං ජානාති යාය අඤ්ඤතිත්ථියානං සාවකෙ ආවට්ටෙතීති.
Sinhala BJT“භද්දිය ය, එව තෝ මගේ සව්වා, මම ශාස්තෘ වෙමි”යි තට මම මෙසේ කීයෙම් වේ ද? වහන්ස, තෙල බස නො වී ම ය. භද්දිය ය, මෙබඳු වාද ඇති මෙසේ බණන මට, ඇතැම් මහණ බමුණෝ අසත් තුච්ඡ මෘෂාභූත අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කෙරෙත්: “ශ්‍රමණ ගෞතමයෝ මායාවීහ. යම් මායායෙකින් අන්තොටු සවුවන් ආවර්‍තනය කොට ගණිත් ද, එබඳු ආවර්‍තනීමායා දනිති” යි.
Pali BJTභද්දිකා භන්තෙ ආවට්ටනීමායා. කල්යාණී භන්තෙ ආවට්ටනීමායා. පියා මෙ භන්තෙ ඤාතිසාලොහිතා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්යුං. පියානම්පි මෙ අස්ස ඤාතිසාලොහිතානං දීඝරත්තං හිතාය සුඛාය. සබ්බෙ චෙපි භන්තෙ ඛත්තියා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්යුං, සබ්බෙසම්පස්ස ඛත්තියානං දීඝරත්තං හිතාය සුඛාය. සබ්බෙ චෙපි භන්තෙ බ්රාහ්මණා -පෙ- වෙස්සා -පෙ- සුද්දා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්යුං, සබ්බෙසම්පස්ස සුද්දානං දීඝරත්තං හිතාය සුඛායාති.
Sinhala BJTවහන්ස, ආවර්‍තනීමායා භද්‍රය, වහන්ස ආවර්‍තනීමායා කල්‍යාණය. වහන්ස, මාගේ ප්‍රිය වූ නෑසහලේනෑයෝ මේ ආවර්‍තනීමායායෙන් ආවර්‍තතිත වෙද්ද, මාගේ ප්‍රිය වූ නෑ - සහලේ නෑයනට දීර්‍ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වෙයි. වහන්ස, හැම කැත්හු මේ ආවර්‍තනීමායායෙන් ආවර්‍තතිත වෙද්ද එහැම කැත්නට දීර්‍ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වෙයි. වහන්ස, හැම බමුණෝ ද ... වෛශ්‍යයෝ ද ... ශුද්‍රයෝ ද මේ ආවර්‍තනීමායායෙන් ආවර්‍තතිත වෙද්ද එ හැම ශුද්‍රයනට දීර්‍ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වෙයි.
Pali BJTඑවමෙතං භද්දිය, එවමෙතං භද්දිය, සබ්බෙචෙපි භද්දිය, ඛත්තියා ආවට්ටෙය්යුං අකුසලධම්මප්පහානාය කුසලධම්මූපසම්පදාය, සබ්බෙසම්පස්ස ඛත්තියානං දීඝරත්තං හිතාය සුඛාය. සබ්බෙ චෙපි භද්දිය බ්රාහ්මණා -පෙ- වෙස්සා -පෙ- සුද්දා ආවට්ටෙය්යුං අකුසලධම්මප්පහානාය කුසලධම්මූපසම්පදාය, සබ්බෙසම්පස්ස සුද්දානං දීඝරත්තං හිතාය සුඛාය. සදෙවකො චෙපි භද්දිය ලොකො සමාරකො සබ්රහ්මකො, සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා ආවට්ටෙය්යුං අකුසලධම්මප්පහානාය කුසලධම්මූපසම්පදාය, සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දීඝරත්තං හිතාය සුඛාය. ඉමෙ චෙපි භද්දිය මහාසාලා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්යුං අකුසලධම්මප්පහානාය කුසලධම්මූපසම්පදාය. ඉමෙසම්පස්ස මහාසාලානං දීඝරත්තං හිතාය සුඛාය සචෙ චෙතෙය්යුං. කො පන වාදො මනුස්සභූතස්සාති.
Sinhala BJTභද්දිය ය, තෙල එසේ ම ය. භද්දිය ය, තෙල එසේ ම ය. භද්දිය ය, හැමකැත්හු අකුශලධර්‍මප්‍රහාණය පිණිස කුශලධර්‍මප්‍රතිලාභය පිණිස ආවර්‍තතිත වෙත් නම් හැම කැත්නට දීර්‍ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වෙයි. භද්දියය, හැම බමුණෝ ද ... වෛශ්‍යයෝ ද ... ශ්‍රද්‍රයෝ ද අකුශලධර්‍මප්‍රහාණය පිණිස කුශලධර්‍මප්‍රතිලාභය පිණිස මේ ආවර්‍තනීමායායෙන් ආවර්‍තතිත වෙද්ද, එ හැම ශුද්‍රයනට දීර්‍ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වෙයි. භද්දිය ය, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකය, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යාප්‍රජා තොමෝ අකුශලධර්‍මප්‍රහාණය පිණිස කුශලධර්‍මප්‍රතිලාභය පිණිස මේ ආවර්‍තතිත වෙත් නම්, මරුන් සහිත බඹුන් සහිත සදේවක ලෝකයාගේ, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජාවගේ දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුඛ පිණිස වන්නේ ය. භද්දියය, මේ මහාසාලවෘක්‍ෂයෝ ද අකුශලධර්‍මප්‍රහාණය පිණිස කුශලධර්‍මප්‍රතිලාභය පිණිස මේ ආවර්‍තනීමායායෙන් ආවර්‍තතිත වෙත් ද, ඉදින් සිතන්නාහු නම් මෙ මහාසාලවෘක්‍ෂයනට පවා දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුඛ පිණිස වන්නේ ය. මනුෂ්‍ය වූවක්හට කියනු ම කිම යි.
Pali BJT4. 4. 5. 4.
Sinhala BJT4. 4. 5. 4.
Pali BJT[සාපූගියසුත්තං]
Sinhala BJT[සාපූගිය සූත්‍රය]
Pali BJT44. එකං සමයං ආයස්මා ආනන්දො කොලියෙසු විහරති සාපූගන්නම{1} කොලියානං නිගමො. අථ ඛො සම්බහුලා සාමුගියා කොළියපුත්තා යෙන ආයස්මා ආනන්දො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො සාපුගියෙ කොළියපුත්තෙ ආයස්මා ආනන්දො එතදවොච :
Sinhala BJT44. එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කෝලිය දනව්හි සාපූග නම් කෝලිය නියම්ගම්හි වැඩ වසන්නාහ. එකල්හි බොහෝ සාපූගිය කෝලිය පුත්‍රයෝ ආයුෂ්මත් අනඳ තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වැඳ එකත්පස්ව හුන්හ. එකත්පසෙක හුන් සාපූගිය කෝලිය පුත්‍රයනට ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තෙල කීහ.
Pali BJTචත්තාරිමානි බ්යග්ඝපජ්ජා පාරිසුද්ධිපධානියඞ්ගානි තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්මදක්ඛාතානි සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය. කතමානි චත්තාරි?
Sinhala BJTව්‍යග්ඝපජ්ජයෙනි, යථාර්‍ත්‍ථ දන්නා වූ යථාර්‍ත්‍ථ දක්නාවූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට පවසන ලද සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස වූ ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමයට, දුක් දොම්නස් දුරලනුවට න්‍යායාධිගමයට නිර්‍වාණ සාක්‍ෂාත්කාරයට මෙ සතර පාරිසුද්ධි පධානියඞ්ග කෙනෙකි. කවර සතර කෙනෙක යත්:
Pali BJTසීලපාරිසුද්ධිපධානියඞ්ගං චිත්තපාරිසුද්ධිපධානියඞ්ගං දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගං විමුත්තිපාරිසුද්ධිපධානියඞ්ගං.
Sinhala BJTසීලපාරිසුද්ධිපධානියඞ්ගය, චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය, දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය, විමුත්තිපාරිසුද්ධිපධානියඞ්ග යි.
Pali BJTකතමඤ්ච බ්යග්ඝපජ්ජා සීලපාරිසුද්ධිපධානියඞ්ගං? ඉධ බ්යග්ඝපජ්ජා භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. අයං වුච්චති බ්යග්ඝපජ්ජා සීලපාරිසුද්ධි. ඉති එවරූපිං සීලපාරිසුද්ධිං අපරිපූරං වා පරිපූරෙස්සාමි, පරිපූරං වා තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමීති, යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හි ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච. ඉදං වුච්චති බ්යග්ඝපජ්ජා සීලපාරිසුද්ධිපධානියඞ්ගං.
Sinhala BJTව්‍යග්ඝපජ්ජයෙනි, සීලපාරිසුද්ධිපධානියඞ්ගය කවරෙ යත්: ව්‍යග්ඝපජ්ජයෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ... ශික්‍ෂා පදයන්හි සමාදන් කොට ගෙණ හික්මෙයි. ව්‍යග්ඝපජ්ජයෙනි, මේ ශීලපාරිශුද්ධියයි කියනු ලැබේ. මෙසේ අපරිපූර්‍ණ වූ හෝ මෙ බඳු ශීලපාරිසුද්ධිය පුරන්නෙමි. පරිපූර්‍ණ වූ හෝ ශීලපාරිශුද්ධිය එ එ කරුණෙහි විදර්‍ශනාප්‍රඥායෙන් අනුගන්නෙමි යි එහිලා යම් ඡන්‍දයෙක් හා යම් ව්‍යායාමයෙක් හා යම් උත්සාහයෙක් හා යම් උත්සොලභියෙක් හා අප්‍රතිවානියෙක් හා ස්මෘතියෙක් හා සම්‍යක් ප්‍රඥායෙක් හා වේ නම්, ව්‍යග්ඝපජ්ජයෙනි, මේ ශීලපාරිශුද්ධිපධානියඞ්ග යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච බ්යග්ඝපජ්ජා චිත්තපාරිසුද්ධිපධානියඞ්ගං? ඉධ බ්යග්ඝපජ්ජා භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ-(පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ-)චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති බ්යග්ඝපජ්ජා චිත්තපාරිසුද්ධි. ඉති එවරූපිං චිත්තපාරිසුද්ධිං අපරිපූරං වා පරිපූරෙස්සාමි, පරිපූරං වා තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමීති. යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤංච. ඉදං වුච්චති බ්යග්ඝපජ්ජා චිත්තපාරිසුද්ධිපධානියඞ්ගං.
Sinhala BJTව්‍යග්ඝපජ්ජයෙනි, චිත්තපාරිශුද්ධිපධානියඞ්ගය හා කවරෙ යත්: ව්‍යග්ඝපජ්ජයෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... (ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ...) චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. ව්‍යග්ඝපජ්ජයෙනි, මේ චිත්තපාරිශුද්ධි යි කියනු ලැබේ. මෙසේ අපරිපූර්‍ණ වූ හෝ මෙ බඳු චිත්තපාරිශුද්ධිය පුරන්නෙමි යි පරිපූර්‍ණ වූ හෝ චිත්තපාරිශුද්ධිය ඒ ඒ කරුණෙහි විවසුන් නැණින් අනුගන්නෙමි යි එහි යම් ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා උස්සෝළහියෙක් හා අප්‍රතිවානියෙක් හා ස්මෘතියෙක් හා සම්‍යක් ප්‍රඥායෙක් හා වේ නම් ව්‍යග්ඝපජ්ජයෙනි, මෙ චිත්තපාරිශුද්ධිපධානියඞ්ගයි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච බ්යග්ඝපජ්ජා දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගං? ඉධ බ්යග්ඝපජ්ජා භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛසමුදයොති -පෙ- අයං දුක්ඛනිරොධොති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. අයං වුච්චති බ්යග්ඝපජ්ජා දිට්ඨිපාරිසුද්ධි. ඉති එවරූපිං දිට්ඨිපාරිසුද්ධිං අපරිපූරං වා පරිපූරෙස්සාමි පරිපූරං වා තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමීති යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤං ච. ඉදං වුච්චති බ්යග්ඝපජ්ජා දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගං.
Sinhala BJTව්‍යග්ඝපජ්ජයෙනි, දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය කවරෙ යත්: ව්‍යග්ඝපජ්ජයෙනි, මෙ සස්නෙහි මහණ මෙ දුකැයි යථාභූතය දන්නේ ය ... මේ දුක්ඛසමුදය යි ... මේ දුක්ඛනිරෝධයයි ... මෙ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්ති ය යි යථාභූතය දන්නේ ය. ව්‍යග්ඝපජ්ජයෙනි, මෙ දිට්ඨිපාරිසුද්ධි යි කියනු ලැබේ. මෙසේ අපරිපූර්‍ණවූ හෝ මෙබඳු දිට්ඨිපාරිසුද්ධිය පුරන්නෙමි යි පරිපූර්‍ණ වූ හෝ දිට්ඨිපාරිසුද්ධිය එ එ කරුණෙහි විවසුන් නැණින් අනුගන්නෙමි යි එහි යම් ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් උත්සොල්හියෙක් හා අප්‍රතිවානියෙක් හා ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් හා වේ නම්, ව්‍යග්ඝපජ්ජයෙනි, මේ දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ග යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච බ්යග්ඝපජ්ජා විමුත්තිපාරිසුද්ධිපධානියඞ්ගං? ස ඛො සො බ්යග්ඝපජ්ජා අරියසාවකො ඉමිනා ච සීලපාරිසුද්ධිපධානියඞ්ගෙන සමන්නාගතො ඉමිනා ච චිත්තපාරිසුද්ධිපධානියඞ්ගෙන සමන්නාගතො ඉමිනා ච දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගෙන සමන්නාගතො රජනීයෙසු ධම්මෙසු චිත්තං විරාජෙති, විමොචනීයෙසු ධම්මෙසු චිත්තං විමොචයති, සො රජනීයෙසු ධම්මෙසු චිත්තං විරාජෙත්වා විමොචනීයෙසු ධම්මෙසු චිත්තං විමොචෙත්වා සම්මාවිමුත්තිං ඵුසති. අයං වුච්චති බ්යග්ඝපජ්ජා විමුත්තිපාරිසුද්ධි. ඉති එවරූපිං විමුත්තිපාරිසුද්ධිං අපරිපූරං වා පරිපූරෙස්සාමි පරිපූරං වා තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමීති. යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤංච. ඉදං වුච්චති බ්යග්ඝපජ්ජා විමුත්තිපාරිසුද්ධිපධානියඞ්ගං.
Sinhala BJTව්‍යග්ඝපජ්ජයෙනි, විමුත්තිපාරිසුද්ධිපධානියඞ්ගය හා කවරෙ යත්: ව්‍යග්ඝපජ්ජයෙනි, එම අරීසවු මෙ ශීලපාරිශුද්ධිපධානියඞ්ගයෙන් හා සමන්‍වාගත වූයේ මෙ චිත්තපාරිශුද්ධිපධානියඞ්ගයෙන් හා සමන්‍වාගත වූයේ මෙ දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගයෙන් හා සමන්‍වාගත වූයේ රාගයට කරුණු වූ ඉෂ්ටාලම්බනයන් නිමිති කොට සිත වෙන් කොට ලයි. විමොචනීය ආලම්බනයන් නිමිති කොට සිත මුදාලයි. හෙ රජනීය ධර්‍මයන්හි සිත වෙන් කොට ලා විමොචනීය ධර්‍මයන්හි සිත මුදවා සම්‍යක් හේතුයෙන් අර්‍හත්ඵල විමුක්තිය (නැණපහසින්) පහස්නේ ය. ව්‍යග්ඝපජ්ජයෙනි, මෙ විමුත්තිපාරිසුද්ධිය යි කියනු ලැබේ. මෙසේ අපරිපූර්‍ණ වූ හෝ මෙ බඳු විමුක්තිපාරිශුද්ධිය පුරන්නෙමි, පරිපූර්‍ණ වූ හෝ විමුක්තිපාරිශුද්ධිය එ එ තන්හි ප්‍රඥායෙන් අනුගන්නෙමි යි එහි යම් ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් උත්සොල්හියෙක් හා අප්‍රතිවානියෙක් හා ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් හා වේ නම්, ව්‍යග්ඝපජ්ජයෙනි, මේ විමුක්තිපාරිශුද්ධිපධානියඞ්ග යි කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො බ්යග්ඝපජ්ජා චත්තාරි පාරිසුද්ධිපධානියඞ්ගානි, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්මදක්ඛාතානි සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියායාති.
Sinhala BJTව්‍යග්ඝපජ්ජයෙනි, සියල්ල දන්නා, සියල්ල දක්නා අර්‍හත් සම්‍යක් සම්බුද්ධ එ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමය පිණිස දුක්දොම්නසුන්ගේ අත්‍ථගමය පිණිස න්‍යායයාගේ අධිගමය පිණිස නිර්‍වාණයාගේ සාක්‍ෂාත්කාරය පිණිස මොනොවට පවසන ලද මෙ සතර පාරිශුද්ධි පධානියඞ්ග යි.
Pali BJT4. 4. 5. 5.
Sinhala BJT4. 4. 5. 5.
Pali BJT[වප්පසුත්තං]
Sinhala BJT[වප්ප සූත්‍රය]
Pali BJT45. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො වප්පො සක්කො නිගණ්ඨසාවකො යෙන ආයස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො වප්පං සක්කං නිගණ්ඨසාවකං ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච :
Sinhala BJT45. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් පුර අසල න්‍යග්‍රෝධාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි නුවට සවු වප්ප ශාක්‍ය ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස්ව හින. එකත්පසෙක හුන් නුවටසවු වප්ප ශාක්‍යහට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තෙල කීහ.
Pali BJTඉධස්ස වප්ප කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො අවිජ්ජාවිරාගා විජ්ජුප්පාදා. පස්සසි නො ත්වං වප්ප තං ඨානං යතො නිදානං පුරිසං දුක්ඛවෙදනීයා ආසවා අස්සවෙය්යුං අභිසම්පරායන්ති? පස්සාමහං භන්තෙ තං ඨානං: ඉධස්ස භන්තෙ පුබ්බෙ පාපකම්මං කතං අවිපක්කවිපාකං. තතො නිදානං පුරිසං දුක්ඛවෙදනීයා ආසවා අස්සවෙය්යුං අභිසම්පරායන්ති.
Sinhala BJTවප්පයෙනි, අවිද්‍යා විරාගයෙන් මාර්‍ගවිද්‍යා උත්පාදයෙන් මෙ සස්නෙහි (මහණ) කයින් සංවෘත වූයේ වචනයෙන් සංවෘත වූයේ සිතින් සංවෘත වූයේ වෙයි. වප්පයෙනි, යමක් නිදාන කොට දුඃඛවේදනාවට ප්‍රත්‍යය වූ ආස්‍රවයෝ පුරුෂයා පරලොව්හි අනුබඳනාහු නම් එ කරුණ තො දක්නෙහිදැයි? වහන්ස, එ කරුණ මම් දක්නෙමි: වහන්ස, මෙ ලොව්හි නො පැසුනු විපාක ඇති පෙර කළ පාපකර්‍මයෙක් වන්නේ ය. එ හේතුයෙන් දුකට ප්‍රත්‍යය වූ ආස්‍රවයෝ පුරුෂයා පරලොව්හි ලුහුබඳනාහ යි.
Pali BJTඅයඤ්ච ඛො පනායස්මතො මහාමොග්ගල්ලානස්ස වප්පෙන සක්කෙන නිගණ්ඨසාවකෙන සද්ධිං කථා විප්පකතා හොති. අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙනුපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච : කාය නුත්ථ මොග්ගල්ලාන එතරහි කථාය සන්නිසින්නා කා ච පන වො අන්තරා කථා විප්පකතාති.
Sinhala BJTආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ නුවට සවු වප්ප ශාක්‍යයා සමග වූ මෙ කථාව ද අඩාළ කරණ ලද වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පිළිසලනින් නැගී සිටියාහු උපස්ථාන ශාලාව කරා එළඹි සේක. එළඹ පැනවූ ආසනයෙහි වැඩහුන් සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්හට තෙල වදාළ සේක: මොග්ගල්ලානයෙනි, දැන් තෙපි කවර කථායෙකින් හුන්නහු ද, තොප විසින් කවර අතුරු කථායෙකුත් අඩාළ කරණ ලද දැ යි.
Pali BJTඉදාහං භන්තෙ වප්පං සක්කං නිගණ්ඨසාවකං එතදවොචං : ඉධස්ස වප්ප කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො අවිජ්ජාවිරාගා විජ්ජුප්පාදා. පස්සසි නො ත්වං වප්ප තං ඨානං යතො නිදානං පුරිසං දුක්ඛවෙදනීයා ආසවා අස්සවෙය්යුං අභිසම්පරායන්ති? එවං වුත්තෙ භන්තෙ වප්පො සක්කො නිගණ්ඨසාවකො මං එතදවොච : පස්සාමහං භන්තෙ තං ඨානං: ඉධස්ස භන්තෙ පුබ්බෙ පාපකම්මං කතං අවිපක්කවිපාකං තතො නිදානං පුරිසං දුක්ඛවෙදනීයා ආසවා අස්සවෙය්යුං අභිසම්පරායන්ති. අයං ඛො භන්තෙ වප්පෙන සක්කෙන නිගණ්ඨසාවකෙන සද්ධිං කථා විප්පකතා, අථ භගවා අනුප්පත්තොති.
Sinhala BJTවහන්ස, මෙහි මම නුවට සවු වප්ප ශාක්‍යහට තෙල කීමි: වප්පයෙනි, මෙහි (මහණ) අවිද්‍යා විරාගයෙන් විද්‍යා - උත්පාදයෙන් කයින් සංවෘත වූයේ වචනයෙන් සංවෘත වූයේ මනසින් සංවෘත වූයේ වෙයි. වප්පයෙනි, යම් හේතුයෙකින් දුඃඛවේදනීය ආස්‍රවයෝ අභිසම්පරායෙහි පුරුෂයා ලුහුබඳනාහු නම් තෝ එකරුණ දන්හිදැ”යි. වහන්ස, මෙසේ කියූ කල්හි නුවටසවු වප්පශාක්‍ය මට තෙල කීයේ ය: “වහන්ස, තෙල කරුණ මම දන්මි. වහන්ස, නො පැසුනු විපාක ඇති පෙර කළ පාපකර්‍මයෙක් වන්නේ ය. එ හේතුයෙන් අභිසම්පරායෙහි දුඃඛවේදනීය ආස්‍රවයෝ පුරුෂයා ලුහුබඳනාහයි. වහන්ස, නුවටසවු වප්ප ශාක්‍ය සමග කළ කථාව මේ වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ අනුප්‍රාප්තයහ යි.
Pali BJTඅථ ඛො භගවා වප්පං සක්කං නිගණ්ඨසාවකං එතදවොච : සචෙ ඛො මෙ ත්වං වප්ප අනුඤ්ඤෙය්යඤ්චෙව අනුජානෙය්යාසි, පටික්කොසිතබ්බඤ්ච පටික්කොසෙය්යාසි, යස්ස ච මෙ භාසිතස්ස අත්ථං න ජානෙය්යාසි, මමෙවෙත්ථ උත්තරිං පටිපුච්ඡෙය්යාසි: ඉදං භන්තෙ කථං, ඉමස්ස කො අත්ථො?ති සියා නො එත්ථ කථාසල්ලාපොති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නුවටසවු වප්ප ශාක්‍යයාට තෙල වදාළහ: වප්පයෙනි, ඉදින් තෝ මට අනුඥා කටයුත්තක් ම අනුදන්නෙහි නම් ප්‍රතික්‍රෝශ කටයුත්තක් ප්‍රතික්‍රෝශ කරන්නෙහි නම් මාගේ යම් ම භාෂිතයෙක අරුත් නො දන්හි නම් තෙල කරුණෙහි මත්තෙහි මා ම පුළුවුස්නෙහි නම් “වහන්ස, මෙ කෙසේය, මෙහි අර්‍ත්‍ථ කවරැ?”යි. මෙහි ලා අපගේ කථා සල්ලාපයෙක් වන්නේ යයි.
Pali BJTඅනුඤ්ඤෙය්යං චෙවාහං භන්තෙ භගවතො අනුජානිස්සාමි. පටික්කොසිතබ්බඤ්ච පටික්කොසිස්සාමි. යස්ස චාහං භගවතො භාසිතස්ස අත්ථං න ජානිස්සාමි, භගවන්තං යෙවෙත්ථ උත්තරිං පටිපුච්ඡිස්සාමි : ඉදං භන්තෙ කථං ඉමස්ස ක්වත්ථොති? හොතු නො එත්ථ කථාසල්ලාපොති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ අනුඥා කටයුත්තක් ම මම් අනුදන්නෙමි. ප්‍රතික්‍රෝශ කටයුත්තක් ම ප්‍රතික්‍රෝශ කෙරෙමි. භාග්‍යවතුන් වහන්සේගේ යම් ම භාෂිතයකත් අර්‍ත්‍ථය නො දනිම් නම් එහි ලා මතුයෙහිදු භාග්‍යවතුන් වහන්සේ ම පුළුවුස්නෙමි. “වහන්ස, මෙ කෙසේ ය, මෙහි අරුත් කවරැ?” යි. මෙහි ලා අපගේ කථාසල්ලාපයෙක් වේව යි.
Pali BJTතං කිං මඤ්ඤසි වප්ප, යෙ කායසමාරම්භපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතපරිළාහා, කායසමාරම්භා පටිවිරතස්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. සො නවඤ්ච කම්මං න කරොති. පුරාණඤ්ච කම්මං ඵුස්ස ඵුස්ස බ්යන්තී කරොති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනයිකා පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහීති. පස්සසි නො ත්වං වප්ප තං ඨානං යතො නිදානං පුරිසං දුක්ඛවෙදනීයා ආසවා අස්සවෙය්යුං අභිසම්පරායන්ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTවප්පයෙනි, එ කිමැයි සිතව, කායකර්‍මප්‍රත්‍යය කොට ඇති විඝාතපරිදාහකර වූ යම් ආස්‍රව කෙනෙක් වෙත් නම් කායකර්‍මාන්තප්‍රත්‍යයෙන් විරත වූ ඔහට විඝාතපරිදාහකර වූ එ ආස්‍රවයෝ නොවෙත් නම් හේ අභිනව කර්‍ම ද නො කෙරේ නම් පුරාතන කර්‍මය ද පැහැසැ පැහැසැ විගතාන්ත කෙරේ නම් කෙලෙස් දිරවන ප්‍රතිපත් සාන්දෘෂ්ටික වූවා අකාලික වූවා ‘එව, බලව’ යනුවට නිසි වූවා උපනයනාර්‍හ වූවා විඥයන් විසින් ප්‍රත්‍යාත්මයෙහි ලා වේදිතව්‍ය වෙයි. වප්පය, තෝ යම් හෙයෙකින් දුඃඛවේදනීය වූ ආස්‍රවයෝ අභිසම්පරායෙහි පුරුෂයා ලුහුබඳනාහු නම් එබඳු කරුණක් දක්නෙහි දැ? යි. වහන්ස, තෙල නැත්මැ යි.
Pali BJTතං කිං මඤ්ඤසි වප්ප, යෙ වචීසමාරම්භපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතපරිළාහා. වචීසමාරම්භා පටිවිරතස්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. සො නවඤ්ච කම්මං න කරොති. පුරාණඤ්ච කම්මං ඵුස්ස ඵුස්ස බ්යන්තීකරොති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනයිකා පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහීති. පස්සසි නො ත්වං වප්ප තං ඨානං යතො නිදානං පුරිසං දුක්ඛවෙදනීයා ආසවා අස්සවෙය්යුං අභිසම්පරායන්ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTවප්පය, වාක්කර්‍මයෙන් දුක් හා කායික චෛතසිකපරිදාහය ඇතිකරණ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් වාක්කර්‍මයෙන් වැළකි ඔහට දුඃඛපරිදාහ ඇතිකරණ එම ආස්‍රවයෝ මෙ පරිද්දෙන් නොවන්නාහු නම් හෙ අභිනවකර්‍ම නො කෙරේ නම් පැරණි කර්‍ම ද පැහැසැ පැහැස විගතාන්ත කෙරේ නම් කෙලෙස් දිරවන ප්‍රතිපත් සාන්දෘෂ්ටික වූවා අකාලික වූවා එව බලව යන විධානයට නිසි වූවා උපනයනාර්‍හ වූවා විඥයන් විසින් ප්‍රත්‍යාත්මයෙහි ලා දතයුතු වෙයි. වප්ප, තෝ යම් කරුණෙකින් දුඃඛවේදනීය ආස්‍රවයෝ පරලොව්හි ලුහුබඳනාහු නම් එබඳු කරුණක් දක්හි දැ? යි. වහන්ස, තෙල නො වේ ම ය.
Pali BJTතං කිං මඤ්ඤසි වප්ප, යෙ මනොසමාරම්භපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතපරිළාහා මනොසමාරම්භා පටිවිරතස්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. සො නවඤ්ච කම්මං න කරොති. පුරාණඤ්ච කම්මං ඵුස්ස ඵුස්ස බ්යන්තීකරොති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනයිකා පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහීති. පස්සසි නො ත්වං වප්ප තං ඨානං යතො නිදානං පුරිසං දුක්ඛවෙදනීයා ආසවා අස්සවෙය්යුං අභිසම්පරායන්ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTවප්පය, මනඃකර්‍මප්‍රත්‍යයෙන් දුඃඛපරිදාහ ඇතිකරණ යම් ආස්‍රව කෙනෙක් උපදිත් නම් මනඃකර්‍මප්‍රත්‍යයෙන් වැළකියහුට විඝාතපරිදාහකර වූ මේ ආස්‍රවයෝ වෙසෙසින් නොවන්නාහු නම් එ අභිනව කර්‍මත් නො කෙරේ නම් පැරණි කර්‍මත් පැහැසැ පැහැසැ විගතාන්ත කෙරේ නම් නිර්ජරා ප්‍රතිපත් සාන්දෘෂ්ටික වූවා අකාලික වූවා එව බලව යන විධානයට නිසි වූවා උපනයනාර්‍හ වූවා විඥයන් විසින් ප්‍රත්‍යාත්මයෙහි ලා දතයුතු වෙයි. වප්පය, තෝ යම් කරුණෙකින් දුඃඛවේදනීය ආස්‍රවයෝ පරලොව්හිදී පුරුෂයා අනුබඳනාහු නම් එබඳු කරුණු දක්හි දැයි? වහන්ස, තෙල නො වේ මැයි.
Pali BJTතං කිං මඤ්ඤසි වප්ප, යෙ අවිජ්ජාපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතපරිළාහා. අවිජ්ජාවිරාගා විජ්ජුප්පාදා එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. සො නවඤ්ච කම්මං න කරොති. පුරාණඤ්ච කම්මං ඵුස්ස ඵුස්ස බ්යන්තීකරොති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනයිකා පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහීති. පස්සසි නො ත්වං වප්ප තං ඨානං යතො නිදානං පුරිසං දුක්ඛවෙදනීයා ආසවා අස්සවෙය්යුං අභිසම්පරායන්ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTවප්පය, එ කිමැයි සිතව, අවිද්‍යාප්‍රත්‍යයෙන් විඝාතපරිදාහකර යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් අවිද්‍යාවිරාගයෙන් විද්‍යා-උත්පාදනයෙන් විඝාතපරිදාහකර එ ආස්‍රවයෝ මෙසෙයින් ඔහට නො වෙත් නම් හෙ අභිනව කර්‍මත් නො කෙරේ නම් පුරාතන කර්‍මත් පැහැසැ පැහැසැ විගතාන්ත කෙරේ නම් නිර්ජරා ප්‍රතිපත් සාන්දෘෂ්ටික වූවා අකාලික වූවා එහි පස්ස, යන විධියට නිසි වූවා උපනයනාර්‍හ වූවා විඥයන් විසින් තමන් තුළ ලා දතයුතු වූවා වෙයි. වප්පය, යම් කරුණෙකින් දුඃඛවේදනීය ආස්‍රවයෝ පරලොව්හිදී පුරුෂයා අනුබඳනාහු නම් එබඳු කරුණක් දක්හි දැයි? වහන්ස, තෙල නැත් මැ යි.
Pali BJTඑවං සම්මා විමුත්තචිත්තස්ස ඛො වප්ප භික්ඛුනො ඡ සත්තතවිහාරා අධිගතා හොන්ති. සො චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති. න දුම්මනො උපෙක්ඛකො විහරති සතො සම්පජානො. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය නෙව සුමනො හොති න දුම්මනො උපෙක්ඛකො විහරති සතො සම්පජානො. සො කායපරියන්තිකං වෙදනං වෙදියමානො කායපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තීති පජානාති.
Sinhala BJTවප්පය, මෙසේ සම්‍යක් හේතුයෙන් විමුක්තචිත්ත ඇති මහණහු විසින් ෂට් සතතවිහාර කෙනෙක් අධිගත වෙත්. හෙ චක්‍ෂුර්විඥානයෙන් රූපායතනයක් දැක සතුටු සිත් ඇතියේ නො මැ වෙයි. නොසතුටු සිත් ඇතියේ නො මැ වෙයි. ස්මෘති ඇතියේ සම්‍යක් ප්‍රඥා ඇතියේ උපේක්‍ෂකව වෙසෙයි. ශ්‍රෝතවිඥානයෙන් ශබ්දායතනයක් අසා … ඝ්‍රාණවිඥානයෙන් ගන්‍ධායතනයක් ඉවසා ... ජිහ්වාවිඥානයෙන් රසායතනයක් විඳ ... කායවිඥානයෙන් ස්ප්‍රෂ්ටව්‍යායතනයක් පැහැසැ ... මනෝවිඥානයෙන් ධර්‍මයතනයක් දැනැ නො ම සතුටු වෙයි. නො ම අසතුටු වෙයි. සිහි ඇතියේ මනා නුවණ ඇතියේ උපේක්‍ෂකව වෙසෙයි. කායපරිච්ඡින්න වූ (පඤ්චද්වාරික) වේදනාව විඳිනුයේ කායපර්‍ය්‍යන්තික වේදනාව විඳිමි යි දන්නේ ය. ජීවිතපරියන්තික වූ වේදනාව විඳිනුයේ ජීවිතපරියන්තික වේදනාව විඳිමි යි දන්නේ ය. කරජකායයාගේ භේදයෙන් ජීවිතක්‍ෂයයාගේ මතුයෙහි ඉහතාත්මයෙහි ම හැම වේදයිතයන් අනභිනන්‍දිත වූවාහු සිහිල් වන්නාහ යි දනිත්.
Pali BJTසෙය්යථාපි වප්ප ථූණං පටිච්ච ඡායා පඤ්ඤායති. අථ පුරිසො ආගච්ඡෙය්ය කුද්දාලපිටකං{1} ආදාය. සො තං ථූණං මූලෙ ඡින්දෙය්ය. මූලෙ ඡෙත්වා{2} පළිඛණෙය්ය. පළිඛණිත්වා මූලානි උද්ධරෙය්ය, අන්තමසො උසීරනාළ{3} මත්තානිපි. සො තං ථූණං ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දෙය්ය. ඛණ්ඩාඛණ්ඩිකං ඡෙත්වා{2} ඵාලෙය්ය. ඵාලෙත්වා සකලිකං සකලිකං කරෙය්ය. සකලිකං සකලිකං කරිත්වා{4} වාතාතපෙ විසොසෙය්ය. වාතාතපෙ විසොසෙත්වා අග්ගිනා ඩහෙය්ය. අග්ගිනා ඩහිත්වා{5} මසිං කරෙය්ය. මසිං කරිත්වා මහාවාතෙ වා ඔපුනෙය්ය. නදියා වා සීඝසොතාය පවාහෙය්ය. එවං හිස්ස වප්ප යා ථූණං පටිච්ච ඡායා, සා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා.
Sinhala BJTවප්පය, රුක නිසා සෙය යම්සේ පැනේ නම් ඉක්බිති පුරුෂයෙක් හුදැලු හා පැසගෙණ එයි, හෙ එ රුක මුල්හි සිඳුනේ ය. මුල්හි සිඳ වටා කණනේ ය. වටා කැණ යටත් පිරිසෙයින් සුවඳහොට මුල් පමණ වූ ද මුල් උදුරනේ ය. හේ එ රුක කඩ - කඩ කොට සිඳුනේ ය. කඩ - කඩ කොට සිඳ පළනේ ය. පළා කැබැලි - කැබැලි කොට ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා හළු කරනේ ය. හළු කොට මහ සුළඟෙහි පොළා හරනේ ය. සැඩදිය පහර ඇති නදියෙක හෝ පා කොට හරනේ ය. වප්පය, මෙසේ රුක නිසා යම් සෙයක් උසුන් මුල් ඇතියා තාලාවස්තුකෘත වූවා අනභාවකෘත වූවා මතුයෙහි නො උපදනා සැහැවි ඇතිවූවා වේ ද,
Pali BJTඑවමෙව ඛො වප්ප එවං සම්මා විමුත්තචිත්තස්ස භික්ඛුනො ඡ සන්තතවිහාරා අධිගතා හොන්ති: සො චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති, න දුම්මනො. උපෙක්ඛකො විහරති සතො සම්පජානො. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය නෙව සුමනො හොති, න දුම්මනො. උපෙක්ඛකො විහරති සතො සම්පජානො. සො කායපරියන්තිකං වෙදනං වෙදියමානො කායපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තීති පජානාතීති.
Sinhala BJTවප්පය, එ සෙයින් ම මෙසේ සම්‍යක් විමුක්තචිත්ත ඇති භික්‍ෂූහු විසින් ෂට් සතතවිහාරයෝ අධිගත වෙත්. හෙ ඇසින් රුවක් දැක සොම්නස් ඇතියේ නොම වෙයි. දොම්නස් ඇතියේ නොම වෙයි. සිහි ඇතියේ මනා නුවණ ඇතියේ උපේක්‍ෂකව වෙසෙයි. කණින් ශබ්දයක් අසා ... නැහැයෙන් ගඳක් ඉවසා ... දිවෙන් රසයක් විඳ ... කයින් පැහැසිය යුත්තක් පැහැසැ ... මනසින් දහමක් දැන සොම්නස් ඇතියේ නොම වෙයි. දොම්නස් ඇතියේ නො ම වෙයි. සිහි ඇතියේ නුවණ ඇතියේ උපේක්‍ෂකව වෙසෙයි. හෙ කායපරියන්තික වේදනා විඳිමින් කායපරියන්තික වේදනා විඳිමි යි දන්නේය. ජීවිතපරියන්තික වේදනා විඳිමින් ජීවිතපරියන්තික වේදනා විඳිමි යි දන්නේය. කායභේදයෙන් ජීවිතක්‍ෂයයෙන් මතුයෙහි මෙ අත්බව්හි ම හැම වේදයිතයෝ අනභිනන්‍දිත වූවාහු සිහිල් වන්නාහ යි දන්නේ යි.
Pali BJTඑවං වුත්තෙ වප්පො සක්කො නිගණ්ඨසාවකො භගවන්තං එතදවොච : සෙය්යථාපි භන්තෙ පුරිසො උදයත්ථිකො අස්සපණියං පොසෙය්ය. සො උදයඤ්චෙව න ලභෙය්ය, උත්තරිං ච කිලමථස්ස විඝාතස්ස භාගී අස්ස. එවමෙව ඛො අහං භන්තෙ උදයත්ථිකො බාලෙ නිගණ්ඨෙ පයිරුපාසිං. සො හං{1} උදයඤ්චෙව නාධිගච්ඡිං{2} උත්තරිඤ්ච කිලමථස්ස විඝාතස්ස භාගී අහොසිං. එසාහං භන්තෙ අජ්ජතග්ගෙ යො මෙ බාලෙසු නිගණ්ඨෙසු සම්පසාදො, තං මහාවාතෙ වා ඔපුනාමි, නදියා වා සීඝසොතාය පවාහෙමි. අභික්කන්තං භන්තෙ -පෙ- උපාසකං මං භන්තෙ භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි නුවටසවු වප්ප ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: වහන්ස, යම් පරිදි උදයාර්ත්‍ථි වූ පුරුෂයෙක් අශ්වපණ්‍යයක් පුස්නේ නම් හේ ලාභ ද නො ලබන්නේ ය. මතුයෙහිත් ක්ලමථයට දුඃඛයට භාගී වන්නේ ය. වහන්ස, එ පරිදි ම මම් උදයාර්ත්‍ථියෙම් බාලනුවටුන් ඇසුරු කෙළෙමි. එ මම් උදයකුදු නො ලදිමි. මතුයෙහිත් ක්ලමථයට දුඃඛයට භාගී වීමි. වහන්ස, තෙල මම් අද පටන් කොට මාගේ බාලනුවටුන් කෙරෙහි යම් සම්ප්‍රසාදයෙක් වී නම් එය මහසුළඟෙහි හෝ පොළා හරනෙමි. සැඩ දියපහර ඇති නදියෙක හෝ පා කොට හරනෙමි. වහන්ස, ඉතා කාන්ත යි. වහන්ස, ... භාග්‍යවතුන් වහන්සේ මා අදින් මතුයෙහි දිවිහිමියෙන් සරණගිය උපාසක කොට ධරණ සේක්වා!
Pali BJT4. 4. 5. 6.
Sinhala BJT4. 4. 5. 6.
Pali BJT[සාළ්හසුත්තං]
Sinhala BJT[සාළ්හ සූත්‍රය]
Pali BJT46. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො සාළ්හො ච ලිච්ඡවි අභයො ච ලිච්ඡවි යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො සාළ්හො ලිච්ඡවි භගවන්තං එතදවොච : සන්ති භන්තෙ එකෙ සමණබ්රාහ්මණා ද්වයෙන ඔඝස්ස නිත්ථරණං පඤ්ඤාපෙන්ති සීලවිසුද්ධිහෙතු ච තපොජිගුච්ඡාහෙතු ච. ඉධ භන්තෙ භගවා කිමාහාති?
Sinhala BJT46. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහවෙනෙහි වූ කූටාගාරශාලායෙහි වසන සේක. එකල සාළ්හලිච්ඡවි ද අභයලිච්ඡවි ද භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් සාළ්හලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කෙළේය: වහන්ස, දෙ කොටසෙකින් චතුරෝඝනිස්තරණය පණවන ඇතැම් මහණබමුණෝ ඇත. සීලවිසුද්ධිහේතුයෙන, තපෝජිගුච්ඡාහේතුයෙන යි. වහන්ස, මෙ කරුණෙහි ලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරණ සේක් ද?
Pali BJTසීලවිසුද්ධිං ඛො අහං සාළ්හා අඤ්ඤතරං සාමඤ්ඤඞ්ගන්ති වදාමි. යෙ තෙ සාළ්හා සමණබ්රාහ්මණා තපොජිගුච්ඡාවාදා තපොජිගුච්ඡාසාරා තපොජිගුච්ඡං අල්ලීනා විහරන්ති, අභබ්බා තෙ ඔඝස්ස නිත්ථරණාය. යෙපි තෙ සාළ්හා සමණබ්රාහ්මණා අපරිසුද්ධකායසමාචාරා අපරිසුද්ධවචීසමාචාරා අපරිසුද්ධමනොසමාචාරා අපරිසුද්ධාජීවා, අභබ්බා තෙ ඤාණදස්සනාය අනුත්තරාය සම්බොධාය.
Sinhala BJTසාළ්හයෙනි, මම් ශීලවිශුද්ධිය අන්‍යතර ශ්‍රමණධර්‍ම කොට්ඨාසයෙකැ යි කියමි. සාළ්හයෙනි, තපෝජුගුප්සාවාද ඇති තපෝජුගුප්සාව සාරය කොට ඇති තපොජුගුප්සායෙහි ඇලුනු යම් ඒ මහණබමුණු කෙනෙක් වෙත් නම් ඔහු චතුරෝඝනිස්තරණයට අභව්‍ය වෙති. සාළ්හයෙනි, අපරිශුද්ධකායකර්‍මාන්ත ඇති අපරිශුද්ධවාක්කර්‍මාන්ත ඇති අපරිශුද්ධමනඃකර්‍මාන්ත ඇති අපරිශුද්ධආජීවය ඇති යම් ඒ මහණබමුණු කෙනෙක් වෙත් නම් මාර්‍ගඥානසඞ්ඛ්‍යාත දර්‍ශනයට අනුත්තරසම්බෝධිසඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයට ඔහු අභව්‍ය වෙති.
Pali BJTසෙය්යථාපි සාළ්හ පුරිසො නදිං තරිතුකාමො තිණ්හං කුඨාරිං ආදාය වනං පවිසෙය්ය. සො තත්ථ පස්සෙය්ය මහතිං සාලලට්ඨිං උජුං නවං අකුක්කුකජාතං,{3} තමෙනං මූලෙ ඡින්දෙය්ය, මූලෙ ඡෙත්වා අග්ගෙ ඡින්දෙය්ය, අග්ගෙ ඡෙත්වා සාඛාපලාසං සුවිසොධිතං විසොධෙය්ය, සාඛාපලාසං සුවිසොධිතං විසොධෙත්වා කුඨාරීහි තච්ඡෙය්ය, කුඨාරීහි තච්ඡෙත්වා වාසීහි තච්ඡෙය්ය, වාසීහි තච්ඡෙත්වා ලෙඛණියා ලිඛෙය්ය, ලෙඛණියා ලිඛිත්වා පාසාණගුළෙන ධොපෙය්ය{4} පාසාණගුළෙන ධොවෙත්වා නදිං පතාරෙය්ය. තං කිං මඤ්ඤසි සාළ්හා භබ්බො නු ඛො සො පුරිසො නදිං තරිතුන්ති? “නො හෙතං භන්තෙ”. තං කිස්ස හෙතු? අසු හි භන්තෙ සාලලට්ඨි බහිද්ධා සුපරිකම්මකතා අන්තො අවිසුද්ධා. තස්සෙතං පාටිකඞ්ඛං : සාලලට්ඨි සංසීදිස්සති, පුරිසො අනයබ්යසනං ආපජ්ජිස්සතීති.
Sinhala BJTසාළ්හයෙනි, යම් පරිදි නදියක් තරණය කරණු කැමැති පුරුෂයෙක් තියුණු පොරොවක් ගෙණ වලට වදනේ හෙ එහි මහත් වූ, ඍජු වූ තරුණ වූ (අකුක්කුච්චකජාතකං-) නොදැන වියයුතු කුකුස් ඇති{*} සල් රුකක් දක්නේ ය. තෙල රුක මුල්හි සුඳුනේ ය. මුල්හි සිඳ අග්හි සිඳුනේ ය. අග්හි සිඳ අතු පතර සුවිසෝධිත කොට පිරිසිදු කරණේ ය. අතුපතර සුවිසෝධිතසේ පිරිසිදු කොට පොරොවෙන් සස්නේ ය. පොරොවෙන් සැස වෑයෙන් සස්නේ ය. වෑයෙන් සැස ලියනසැතින් ලියනේ ය. ලියන සැතින් ලියා වහණගුළින් ගටනේ ය. වහණගුළින් ගටා නදී තරණයට වෑයම් කරන්නේ ය. සාළ්හයෙනි, ඒ කිමැ යි සිතවු ද? ඒ පුරිස් නදිය තරණට භව්‍ය වේ දැ යි? වහන්ස, තෙල නොවේ මැ යි. ඒ කවර හෙයින යත්: වහන්ස, අසෝ සල්යට පිටත මනා පිරියම් කරණ ලදුයේ ඇතුළට අවිශුද්ධ වෙයි. ඔහු විසින් තෙල කැමති විය යුතු. සල්යට ගිළෙන්නේ ය. පුරුෂයා අනයව්‍යවසනයට පැමිණේ ය යි.
Pali BJTඑවමෙව ඛො සාළ්හා යෙ තෙ සමණබ්රාහ්මණා තපොජිගුච්ඡාවාදා තපොජිගුච්ඡාසාරා තපොජිගුච්ඡං අල්ලීනා විහරන්ති, අභබ්බා තෙ ඔඝස්ස නිත්ථරණාය. යෙපි තෙ සාළ්හා සමණබ්රාහ්මණා අපරිසුද්ධකායසමාචාරා අපරිසුද්ධවචීසමාචාරා අපරිසුද්ධමනොසමාචාරා අපරිසුද්ධාජීවා, අභබ්බා තෙ ඤාණදස්සනාය අනුත්තරාය සම්බොධාය.
Sinhala BJTසාළ්හයෙනි, එපරිදි ම තපෝජුගුප්සාවාද කියන තපෝජුගුප්සාව හර කොට ගත් තපොජුගුප්සායෙහි ඇලුනු යම් ඒ මහණ බමුණු කෙනෙක් වෙසෙත් නම් ඔහු ඕඝනිස්තරණයට අභව්‍ය වෙති. සාළ්හයෙනි, අපරිශුද්ධ කායසමාචාර ඇති අපරිශුද්ධ වචීසමාචාර ඇති අපරිශුද්ධමනඃසමාචාර ඇති අපරිශුද්ධාජීව ඇති යම් ඒ මහණ බමුණු කෙනෙක් වෙත් නම් ඔහු ඥානදර්‍ශනයට අනුත්තර සම්බෝධියට අභව්‍ය වෙත්.
Pali BJTයෙ ච ඛො තෙ සාළ්හා සමණබ්රාහ්මණා න තපොජිගුච්ඡාවාදා න තපොජිගුච්ඡාසාරා න තපොජිගුච්ඡං අල්ලීනා විහරන්ති, භබ්බා තෙ ඔඝස්ස නිත්ථරණාය. යෙපි තෙ සාළ්හා සමණබ්රාහ්මණා පරිසුද්ධකායසමාචාරා පරිසුද්ධවචීසමාචාරා පරිසුද්ධමනොසමාචාරා පරිසුද්ධාජීවා, භබ්බා තෙ ඤාණදස්සනාය අනුත්තරාය සම්බොධාය.
Sinhala BJTසාළ්හයෙනි, තපෝජුගුප්සාවාද නො කියන තපෝජුගුප්සා හර කොට නො ගත් තපොජුගුප්සායෙහි නො ඇලි යම් ඒ මහණ බමුණු කෙනෙක් වෙසෙත් නම් ඔහු ඕඝනිස්තරණයට භව්‍ය වෙති. සාළ්හයෙනි, පරිශුද්ධ කායසමාචාර ඇති පරිශුද්ධ වචීසමාචාර ඇති පරිශුද්ධමනඃසමාචාර ඇති පරිශුද්ධාජීව ඇති යම් ඒ මහණ බමුණු කෙනෙක් වෙත් නම් ඔහු ඥානදර්‍ශනයට අනුත්තර සම්බෝධියට භව්‍ය වෙති.
Pali BJTසෙය්යථාපි සාළ්හා පුරිසො නදිං තරිතුකාමො තිණ්හං කුඨාරිං ආදාය වනං පවිසෙය්ය. සො තත්ථ පස්සෙය්ය මහතිං සාලලට්ඨිං උජුං නවං අකුක්කුච්චකජාතං{1} තමෙනං මූලෙ ඡින්දෙය්ය, මූලෙ ඡෙත්වා අග්ගෙ ඡින්දෙය්ය, අග්ගෙ ඡෙත්වා සාඛාපලාසං සුවිසොධිතං විසොධෙය්ය, සාඛාපලාසං සුවිසොධිතං විසොධෙත්වා කුඨාරීහි තච්ඡෙය්ය, කුඨාරීහි තච්ඡෙත්වා වාසීහි තච්ඡෙය්ය, වාසීහි තච්ඡෙත්වා නිඛාදනං ආදාය අන්තො සුවිසොධිතං විසොධෙය්ය, අන්තො සුවිසොධිතං විසොධෙත්වා ලෙඛණියා ලිඛෙය්ය, ලෙඛණියා ලිඛිත්වා පාසාණගුළෙන ධොපෙය්ය, පාසාණගුළෙන ධොපෙත්වා නාවං කරෙය්ය, නාවං කරිත්වා පියාරිත්තං බන්ධෙය්ය, පියාරිත්තං බන්ධිත්වා නදිං පතාරෙය්ය. තං කිං මඤ්ඤසි සාළ්හා භබ්බො නු ඛො සො පුරිසො නදිං තරිතුන්ති? එවං භන්තෙ. තං කිස්ස හෙතු? අසු හි භන්තෙ සාලලට්ඨි බහිද්ධා සුපරිකම්මකතා අන්තො සුසුද්ධා නාවා කතා, පියාරිත්තං බද්ධා. තස්සෙතං පාටිකඞ්ඛං : නාවා න සංසීදිස්සති. පුරිසො සොත්ථිනා පාරං ගමිස්සතීති.
Sinhala BJTසාළ්හයෙනි, යම් පරිදි නදී තරණට රිසි පුරිස් තිහිණි පොරෝ ගෙණ වනයට වදනේ වේ ද, හේ ඒ වෙනෙහි මහත් වූ ඍජු වූ තරුණ වූ නො දැනවිය යුතු කුකුස් ඇති (නිසැක) සල්රුකක් දක්නේ ය. තෙල රුක මුල්හි සිඳුනේ ය. මුල්හි සිඳ අග්හි සිඳුනේ ය. අග්හි සිඳ අතුපතර සුවිසෝධිතසේ පිරිසිදු කරණේ ය. අතුපතර සුවිසෝධිත සෙ පිරිසිදු කොට පොරොවෙන් සස්නේ ය. පොරොවෙන් සැස වැහැයෙන් සස්නේ ය. වෑයෙන් සැස නියනක් ගෙණ ඇතුළත සුවිසෝධිත කොට පිරිසිදු කරණේ ය. ඇතුළත සුවිසෝධිත සේ පිරිසිදු කොට නියනෙන් ලියනේ ය. නියනෙන් ලියා වහණගුළින් ගටනේ ය. වහණගුළින් ගටා හොරුවක් කරණේ ය. හොරුවක් කොට පලුපත් හා රිටි බඳනේ ය. පලුපත් හා රිටි බැඳ නදිය තරණේ ය. සාළ්හයෙනි, ඒ කිමැයි හඟිවු ද, එ පුරිස් නදීතරණයට භව්‍ය වේ දැ යි? වහන්ස, තෙල එසේ ය. එ කවර හෙයින යත්: වහන්ස, අසෝ සල්යට බැහැර සුපිරියම් කරණ ලදුයේ ඇතුළත මොනොවට ශුද්ධ වූයේ කළ හොරුවක් වූයේ පලුපත් හා රිටි බඳනා ලදුයේ වෙයි. ඔහු විසින් තෙල කැමැති විය යුතු: හොරුව නො ගිළෙන්නේ ය. පුරිස් නිරුපද්‍රවයෙන් එතෙර යන්නේ ය යි.
Pali BJTඑවමෙවං ඛො සාළ්හා යෙ තෙ සමණබ්රාහ්මණා න තපොජිගුච්ඡාවාදා න තපොජිගුච්ඡාසාරා න තපොජිගුච්ඡං අල්ලීනා විහරන්ති, භබ්බා තෙ ඔඝස්ස නිත්ථරණාය. යෙපි තෙ සාළ්හා සමණබ්රාහ්මණා පරිසුද්ධකායසමාචාරා පරිසුද්ධවචීසමාචාරා පරිසුද්ධමනොසමාචාරා පරිසුද්ධාජීවා, භබ්බා තෙ ඤාණදස්සනාය අනුත්තරාය සම්බොධාය.
Sinhala BJTසාළ්හයෙනි, එපරිද්දෙන් ම තපෝජුගුප්සාවාද නො කියන තපෝජුගුප්සා හර කොට ඇති තපෝජුගුප්සාවට නො ඇලුනු යම් ඒ මහණ බමුණු කෙනෙක් වෙසෙත් නම් ඔහු ඕඝනිස්තරණයට භව්‍යයහ. සාළ්හයෙනි, එ මහණ බමුණෝ පිරිසිදු කායසමාචාර ඇතියාහු පිරිසිදු වාක්සමාචාර ඇතියාහු පිරිසිදු මනඃසමාචාර ඇතියාහු පිරිසිදු ආජීව ඇතියාහු වෙති. ඔහු ඥානදර්‍ශනයට අනුත්තරසම්බෝධියට භව්‍යයහ.
Pali BJTසෙය්යථාපි සාළ්හා යොධාජීවො බහූනි චෙපි කණ්ඩචිත්තකානි ජානාති, අථ ඛො සො තීහි ඨානෙහි රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගෙනත්වව සඞ්ඛං ගච්ඡති. කතමෙහි තීහි? දූරෙ පාතී ච, අක්ඛණවෙධී ච, මහතො ච කායස්ස පදාලෙතා.
Sinhala BJTසාළ්හයෙනි, යම් පරිදි යෝධාජීවයෙක් නොයෙක් කණ්ඩ (සර) චිත්‍ර දන්නේ ය. වැලිදු හේ තුන් කරුණෙකින් ම රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අඞ්ගයෙකැයි යන සංඛ්‍යාවට ම යෙයි. කවර තුණෙකින යත්: දුර හී හෙළන සුලු ද වෙයි. විදුලි එළියෙන් විදුනේත් වෙයි. මහත් කය බිඳ හෙළනුයෙත් වෙයි.
Pali BJTසෙය්යථාපි සාළ්හා යොධාජීවො දූරෙ පාතී, එවමෙව ඛො සාළ්හා අරියසාවකො සම්මාසමාධි හොති. සම්මාසමාධි සාළ්හා අරියසාවකො යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා සබ්බං රූපං නෙතං මම නෙසොහමස්මි, න මෙසො අත්තාති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා සබ්බං විඤ්ඤාණං නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තාති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති.
Sinhala BJTසාළ්හයෙනි, යම් සෙයෙකින් යෝධාජීව දුර හී විදුනසුලු වේ ද, සාළ්හයෙනි, එ පරිදි ම අරීසවු සම්‍යක් සමාධි ඇතියේ වෙයි. සාළ්හයෙනි, සම්‍යක් සමාධි ඇති අරීසවු අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්‍ෂම වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, යම් රූපයෙක් දුරෙහි වේවයි, හමුයෙහි වේවයි, යම් කිසි රූපයෙක් වේ නම් එ හැම රූපය තෙල මා ගැත්තේ නො වෙයි, මම් තෙල රූපයෙම් නො වෙමි. තෙල මාගේ ආත්ම ද නො වෙයි. මෙසේ තෙල සම්‍යක් ප්‍රඥායෙන් තත්වූ පරිදි දක්නේ ය. යම් කිසි වේදනායෙක් යම් කිසි සංඥායෙක් ... යම් කිසි සංස්කාරයෝ ... යම් කිසි විඥානයෙක් අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්‍ෂම වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, යමක් දුරෙහි වේවයි, හමියෙහි වේවයි, එ හැම විඥාන තෙල මා ගැත්තේ නො වේ, මම් තෙල විඥානයෙම් නො වෙමි, තෙල මාගේ ආත්ම ද නො වේ යි. මෙසේ තෙල යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය.
Pali BJTසෙය්යථාපි සාළ්හා යොධාජීවො අක්ඛණවෙධී, එවමෙව ඛො සාළ්හා අරියසාවකො සම්මාදිට්ඨි හොති. සම්මාදිට්ඨි සාළ්හා අරියසාවකො ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති -පෙ- ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති.
Sinhala BJTසාළ්හයෙනි, යම් පරිදි යෝධාජීව විදුලි එළියෙන් විදින සුල්ලේ නම්, සාළ්හයෙනි, එ පරිදි ම අරීසවු සම්‍යක් දෘෂ්ටි ඇතියේ වෙයි. සාළ්හයෙනි, සම්‍යක් දෘෂ්ටි ඇති ආර්‍ය්‍යශ්‍රාවක ‘මෙ පස්කඳ දුකැ’යි ... ‘මේ තෘෂ්ණාව දුඃඛ සමුදය’යි ... ‘මෙ තෘෂ්ණා විරාගය දුඃඛ නිරෝධය’යි ... ‘මෙ අරීඅටඟිමග දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්’යි යථාභූතය දනී.
Pali BJTසෙය්යථාපි සාළ්හා යොධාජීවො මහතො කායස්ස පදාලෙතා, එවමෙව ඛො සාළ්හා අරියසාවකො සම්මාවිමුත්තී හොති. සම්මාවිමුත්තී සාළ්හා අරියසාවකො මහන්තං අවිජ්ජාක්ඛන්ධං පදාලෙතීති.
Sinhala BJTසාළ්හයෙනි, යම් පරිදි යෝධාජීව මහත්කය බිඳුනා සුලුයේ නම්, සාළ්හයෙනි, එපරිදි ම අරීසවු සම්‍යක් විමුක්ති ඇතියේ වෙයි. සාළ්හයෙනි, සම්‍යක් විමුක්ති ඇති අරීසවු මහත් වූ අවිද්‍යාස්කන්‍ධය බිඳුනේ යි.
Pali BJT4. 4. 5. 7.
Sinhala BJT4. 4. 5. 7.
Pali BJT[මල්ලිකාසුත්තං]
Sinhala BJT[මල්ලිකා සූත්‍රය]
Pali BJT47. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො මල්ලිකා දෙවී යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො මල්ලිකා දෙවී භගවන්තං එතදවොච :
Sinhala BJT47. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ අරම්හි වසන සේක. එකල්හි මල්ලිකා දේවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුනු. එකත්පස්ව හුන් මල්ලිකා දේවිය භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළා:
Pali BJTකො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො, යෙන මිධෙකච්චො මාතුගාමො දුබ්බණ්ණා ච හොති දුරූපා සුපාපිකා දස්සනාය, දළිද්දා ච හොති අප්පස්සකා අප්පභොගා අප්පෙසක්ඛා ච?
Sinhala BJT“වහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් යම් හෙයෙකින් දුර්වර්‍ණ හා විරූපිණි හා දක්නට අතිශය ලාමක හා වේ නම්, දිළිඳු වූවා තමා සතු අල්පධනධාන්‍ය ඇතියා අල්පභෝග ඇතියා අල්පේශාක්‍ය වූවා ද වේ නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?
Pali BJTකො පන භන්තෙ හෙතු කො පච්චයො, යෙන මිධෙකච්චො මාතුගාමො දුබ්බණ්ණා ච හොති දුරූපා සුපාපිකා දස්සනාය, අඩ්ඪා ච හොති මහද්ධනා මහාභොගා මහෙසක්ඛා ච?
Sinhala BJTවහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් දුර්වර්‍ණ හා දුරූපිණී හා දක්නට ඉතා ලමු වූවා, ආඪ්‍ය ද මහත් ධන ඇත්තී ද මහත් භෝග ඇත්තී ද මහේශාක්‍ය ද වේ නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?
Pali BJTකො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො, යෙන මිධෙකච්චො මාතුගාමො අභිරූපා ච හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා, දළිද්දා ච හොති අප්පස්සකා අප්පභොගා අප්පෙසක්ඛා ච?
Sinhala BJTවහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් විශිෂ්ට රූ ඇත්තී දර්‍ශනීය වූවා දුටුවන් පහදවන්නී උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූවා, දිළිඳු ද වූවා අල්පස්වක වූවා අල්පභෝග වූවා අල්පේශාක්‍ය ද වූවා නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?
Pali BJTකො පන භන්තෙ හෙතු කො පච්චයො, යෙන මිධෙකච්චො මාතුගාමො අභිරූපා ච හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා, අඩ්ඪා ච හොති මහද්ධනා මහාභොගා මහෙසක්ඛා චාති?
Sinhala BJTවහන්ස, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් අභිරූප ඇත්තී දර්‍ශනීය වූවා ප්‍රසාද එළවන්නී උත්තම වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූවා, ආඪ්‍ය වූවා මහත් ධන හා මහත් භෝග ද ඇත්තී මහේශාක්‍ය ද වේ නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?”
Pali BJTඉධ මල්ලිකෙ එකච්චො මාතුගාමො කොධනා හොති උපායාසබහුලා. අප්පම්පි වුත්තා සමානා අභිසජ්ජති කුප්පති බ්යාපජ්ජති පතිත්ථීයති. කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සා හොති න දාතා සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. ඉස්සාමනිකා ඛො පන හොති පරලාභසක්කාර ගරුකාරමානනවන්දනපූජනාසු. ඉස්සති උපදුස්සති ඉස්සං බන්ධති. සා චෙ තතො චුතා ඉත්ථත්තං ආගච්ඡති. සා යත්ථ යත්ථ පච්චාජායති, දුබ්බණ්ණා ච හොති දුරූපා ච සුපාපිකා දස්සනාය, දළිද්දා ච හොති අප්පස්සකා අප්පභොගා අප්පෙසක්ඛා ච.
Sinhala BJTමල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපායාස බහුල කොට ඇත්තී කිපෙනසුලු වෙයි මඳකුදු කියන ලද්දී ම ගැටෙයි කිපෙයි. ප්‍රකෘතිය හරණේ යි. තද වෙයි. කෝපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරෙයි. ඕ මහණකුට බමුණකුට වේවයි අහර පැන් වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශය්‍යා ආවාස ප්‍රදීපෝපකරණ නො දෙන්නී වෙයි. ඊර්‍ෂ්‍යායෙන් යුත් සිත් ඇත්තී වෙයි. මෙරමාගේ ලාභසත්කාර ගුරුකාර මානන වන්‍දන පූජායෙහි ඊර්‍ෂ්‍යා කෙරෙයි. ද්වේෂ කෙරෙයි. ඊර්‍ෂ්‍යා බඳියි. ඕ ඉදින් ඉන් ච්‍යුත වූවා ඉහාත්මභාවයට ඒ නම් ඕ යම් ම තැනෙක උපදී නම් දුර්වර්‍ණ ද වෙයි. දුරූපිණී ද වෙයි. දක්නට ඉතා ලමු ද වෙයි. අල්පස්වක වූවා අල්පභෝග වූවා අල්පේශාක්‍ය ද වූවා දිළිඳු ද වෙයි.
Pali BJTඉධ පන මල්ලිකෙ එකච්චො මාතුගාමො කොධනා හොති උපායාසබහුලා අප්පම්පි වුත්තා සමානා අභිසජ්ජති කුප්පති බ්යාපජ්ජති පතිත්ථීයති. කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සා දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. අනිස්සාමනිකා ඛො පන හොති පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු. න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති. සා චෙ තතො චුතා ඉත්ථත්තං ආගච්ඡති, සා යත්ථ යත්ථ පච්චාජායති, දුබ්බණ්ණා ච හොති දුරූපා සුපාපිකා දස්සනාය. අඩ්ඪා ච හොති මහද්ධනා මහාභොගා මහෙසක්ඛා ච.
Sinhala BJTමල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට ඇත්තී කිපෙනසුලු වෙයි. මඳකුදු කියන ලද්දී ම ලැගෙයි. කිපෙයි. සැහැවි හරියි. කොවින් තද වෙයි. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි ආහාර වපාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශය්‍යා ආවසථ හා ප්‍රදීපෝපකරණ දෙනු වෙයි. මෙරමාගේ ලාභ සත්කාර ගුරුකාර මානන වන්‍දන පූජනායෙහි ඊර්‍ෂ්‍යායෙන් තොර සිත් ඇත්තී ඊර්‍ෂ්‍යා නො කරයි. ද්වේෂ නො කරයි. ඊර්‍ෂ්‍යා නො බඳියි. ඉදින් ඕ ඉන් ච්‍යුත වූවා මෙ අත්බවට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදී නම්, දුර්වර්‍ණ ද වෙයි. දුරූපිණී ද වෙයි. දක්නට ඉතා ලමු ද වෙයි. මහත් ධන මහා භෝග ඇත්තී ආඪ්‍ය ද වෙයි. මහේශාක්‍ය ද වෙයි.
Pali BJTඉධ පන මල්ලිකෙ එකච්චො මාතුගාමො අක්කොධනා හොති අනුපායාසබහුලා. බහුම්පි වුත්තා සමානා නාභිසජ්ජති න කුප්පති න බ්යාපජ්ජති න පතිත්ථීයති. න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සා න දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. ඉස්සාමනිකා ඛො පන හොති. පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු ඉස්සති උපදුස්සති ඉස්සං බන්ධති. සා චෙ තතො චුතා ඉත්ථත්තං ආගච්ඡති, සා යත්ථ යත්ථ පච්චාජායති අභිරූපා ච හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා. දළිද්දා ච හොති අප්පස්සකා අප්පභොගා අප්පෙසක්ඛා ච.
Sinhala BJTමල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට නැත්තී නො කිපෙනසුලු වෙයි. බොහෝ කොට කියන ලද නමුදු නො ලැගෙයි. නො කිපෙයි. සැහැවි නො හරියි. කොවින් තද නො වෙයි. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ නො කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි අන්නපාන වස්ත්‍රයාන මාලාගන්‍ධ විලේපන ශය්‍යා ආවසථ හා ප්‍රදීපෝපකරණ නො දෙනු වෙයි. මෙරමාගේ ලාභ සත්කාර ගුරුකාර මානන වන්‍දන පූජනායෙහි ඉසිමන් ඇත්තී ඊර්‍ෂ්‍යා කෙරෙයි. ද්වේෂ කෙරෙයි. ඊර්‍ෂ්‍යා බඳියි. ඕ ඉදින් එයින් ච්‍යුත වූවා මෙ අත්බවට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදිනී නම්, අභිරූප ඇති වෙයි. දර්‍ශනීය වෙයි. පහදවන්නී වෙයි. උත්තම වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වෙයි. අල්පස්වක වූවා අල්පභෝග වූවා දිළිඳු ද වෙයි. අල්පේශාක්‍ය ද වෙයි.
Pali BJTඉධ පන මල්ලිකෙ එකච්චො මාතුගාමො අක්කොධනා හොති අනුපායාසබහුලා බහුම්පි වුත්තා සමානා නාභිසජ්ජති න කුප්පති න බ්යාපජ්ජති න පතිත්ථීයති. න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සා දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. අනිස්සාමනිකා ඛො පන හොති පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති. සා චෙ තතො චුතා ඉත්ථත්තං ආගච්ඡති, සා යත්ථ යත්ථ පච්චාජායති අභිරූපා ච හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා. අඩ්ඪා ච හොති මහද්ධනා මහාභොගා මහෙසක්ඛා ච.
Sinhala BJTමල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට නැත්තී නො කිපෙනසුලු වෙයි. බොහෝ කොට කියන ලද ද නො ලැගෙයි. නො කිපෙයි. සැහැවි නො හරියි. කොවින් නො තද වෙයි. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ නො කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි අන්නපාන වස්ත්‍ර යාන මාලාගන්‍ධ විලේපන ශය්‍යා ආවසථ හා ප්‍රදීපෙය දෙයි. පරලාභ සත්කාර ගුරුකාර මානන වන්‍දන පූජනායෙහි ඊර්‍ෂ්‍යායෙන් නො වැඩුනු සිත් ඇත්තී ඊර්‍ෂ්‍යා නො කරයි. ද්වේෂ නො කරයි. ඊර්‍ෂ්‍යා නො බඳියි. ඕ ඉදින් ඉන් ච්‍යුත වූවා ඉහාත්මභාවයට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදිනී නම්, අභිරූපිණී වෙයි. දර්‍ශනීය වෙයි. ප්‍රාසාදිකා වෙයි. උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වෙයි. මහත් ධන මහත් භෝග ඇත්තී ආඪ්‍ය වෙයි. මහේශාක්‍ය වෙයි.
Pali BJTඅයං ඛො මල්ලිකෙ හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චො මාතුගාමො දුබ්බණ්ණා ච හොති දුරූපා සුපාපිකා දස්සනාය, දළිද්දා ච හොති අප්පස්සකා අප්පභොගා අප්පෙසක්ඛා ච.
Sinhala BJTමල්ලිකාවෙනි, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් දුර්‍වණ ද දුරූපිණී ද දර්‍ශනයට ඉතා ලමු ද වේ නම්, අල්පස්වක අල්පභෝග වූවා දිළිඳු ද වේ නම්, අල්පේශාක්‍ය ද වේ නම්, මේ එයට හේතු යි, මේ එයට ප්‍රත්‍යයි.
Pali BJTඅයං පන මල්ලිකෙ හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චො මාතුගාමො දුබ්බණ්ණා ච හොති දුරූපා සුපාපිකා දස්සනාය, අඩ්ඪා ච හොති මහද්ධනා මහාභොගා මහෙසක්ඛා ච.
Sinhala BJTමල්ලිකාවෙනි, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් දුර්‍වණ ද දුරූපිණී ද දර්‍ශනයට ඉතා ලමු ද වේ නම්, මහත් ධන මහත් භෝග ඇත්තී ආඪ්‍ය ද වේ නම්, මහේසැකි ද වේ නම්, මේ එයට හේතු යි, මේ එයට ප්‍රත්‍යයි.
Pali BJTඅයං ඛො මල්ලිකෙ හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චො මාතුගාමො අභිරූපා ච හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා. දළිද්දා ච හොති අප්පස්සකා අප්පභොගා අප්පෙසක්ඛා ච.
Sinhala BJTමල්ලිකාවෙනි, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් අභිරූප දර්‍ශනීය ප්‍රාසාදිකා වූවා උත්තම වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වේ නම්, අල්පස්වක අල්පභෝග වූවා දිළිඳු ද අල්පේශාක්‍ය ද වේ නම්, මේ එයට හේතු යි, මේ එයට ප්‍රත්‍යයි.
Pali BJTඅයං පන මල්ලිකෙ හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චො මාතුගාමො අභිරූපා ච හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා, අඩ්ඪා ච හොති මහද්ධනා මහාභොගා මහෙසක්ඛා චාති.
Sinhala BJTමල්ලිකාවෙනි, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් අභිරූප දර්‍ශනීය ප්‍රාසාදික වූවා උත්තම වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වේ නම්, මහත් ධන මහාභෝග ඇත්තී ආඪ්‍ය ද වේ නම්, මහේසැකි ද වේ නම්, මේ එයට හේතු යි, මේ එයට ප්‍රත්‍ය වේ.
Pali BJTඑවං වුත්තෙ මල්ලිකා දෙවී භගවන්තං එතදවොච : යා නූනාහං භන්තෙ අඤ්ඤං ජාතිං කොධනා අහොසිං උපායාසබහුලා, අප්පම්පි වුත්තා සමානා අභිසජ්ජිං කුප්පිං බ්යාපජ්ජිං පතිත්ථීයිං, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසිං, සාහං භන්තෙ එතරහි දුබ්බණ්ණා දුරූපා සුපාපිකා දස්සනාය.
Sinhala BJTමෙසේ වදාළ කල්හි මල්ලිකාදේවී භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළා ය: වහන්ස, යම් බඳු මම් එකැතියෙන් අන් දැයෙක්හි උපායාස බහුල කොට ඇතියෙම් කිපෙනසුලු වූමු ද, මඳ කොට ද කියනලදුයෙම් ම ලැගියමු ද, කිපියමු ද, සැහැවි හළමු ද, තද වූ මුද, කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කළමු ද, වහන්ස, එ මම් මෙ කල දුර්වර්‍ණ වූයෙම් දුරූපිණී වූයෙම් දර්‍ශනයට ඉතා ලමු වෙමි.
Pali BJTයා නූනාහං භන්තෙ අඤ්ඤං ජාතිං අදාසිං සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං, සාහං භන්තෙ එතරහි අඩ්ඪා ච මහද්ධනා මහාභොගා.
Sinhala BJTවහන්ස, යම් බඳු මම් අන්‍යජාතියෙක්හි එකැතියෙන් මහණකුට වේවයි බමුණකුට වේවයි ආහාර පාන වස්ත්‍ර යාන මාලා ගන්‍ධ විලේපන ශය්‍යා ආවස්ථ ප්‍රදීප උපකරණ දිනිමු ද, වහන්ස, එ මම් මෙ කල ආඪ්‍ය වූයෙම් මහත් ධන මහත් භෝග ඇතියමු.
Pali BJTයා නූනාහං භන්තෙ අඤ්ඤං ජාතිං අනිස්සාමනිකා අහොසිං පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු, න ඉස්සිං න උපදුස්සිං න ඉස්සං බන්ධිං, සාහං භන්තෙ එතරහි මහෙසක්ඛා. සන්ති ඛො පන භන්තෙ, ඉමස්මිං රාජකුලෙ ඛත්තියකඤ්ඤාපි බ්රාහ්මණකඤ්ඤාපි ගහපතිකඤ්ඤාපි. තාසාහං ඉස්සරාධිපච්චං කාරෙමි.
Sinhala BJTවහන්ස, යම් බඳු මම ඒකාන්තයෙන් අන්‍යජාතියෙක පරලාභ සත්කාර ගුරුකාර මානන වන්‍දන පූජනායෙහි ඊර්‍ෂ්‍යා රහිත සිත් ඇතියෙම් ඊර්‍ෂ්‍යා නො කෙළෙම් උපද්වේෂ නො කෙළෙම් ඊර්‍ෂ්‍යා නො බැඳියෙම් ද, වහන්ස, එ මම් මෙ කල මහේශාක්‍යයමු. වහන්ස, මෙ රජකුලෙහි ක්‍ෂත්‍රිය කන්‍යාවෝ ද බ්‍රාහ්මණ කන්‍යාවෝ ද ගෘහපති කන්‍යාවෝ ද ඇත. වහන්ස, ඔවුනට මම ඓශ්චර්‍ය්‍ය හා ආධිපත්‍යය කරවමි.
Pali BJTඑසාහං භන්තෙ අජ්ජතග්ගෙ අක්කොධනා භවිස්සාමි අනුපායාසබහුලා. බහුම්පි වුත්තා සමානා නාභිසජ්ජිස්සාමි න කුප්පිස්සාමි න ව්යාපජ්ජිස්සාමි න පතිත්ථීයිස්සාමි. න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරිස්සාමි. දස්සාමි සමණස්ස බ්රාහ්මණස්ස අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං. සෙය්යාවසථපදීපෙය්යං. අනිස්සාමනිකා භවිස්සාමි පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු. න ඉස්සිස්සාමි න උපදුස්සිස්සාමි න ඉස්සං බන්ධිස්සාමි.
Sinhala BJTවහන්ස, තෙල මම් අද පටන් කොට උපායාස බහුල කොට නැතියෙම් නො කිපෙනසුලු වන්නෙමි. බොහෝ කොටත් කියන ලදුයෙම් ම නො ලැගෙන්නෙමි. නො කිපෙන්නෙමි. සැහැවි නො හරින්නෙමි. තද නො වන්නෙමි. කෝපය ද්වේෂය අප්‍රත්‍යය පහළ නො කරන්නෙමි. මහණකුට වේවයි බමුණකුට වේවයි ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශය්‍යා ආවස්ථ ප්‍රදීපෙය දෙන්නෙමි. පරලාභ සත්කාර ගුරුකාර වන්‍දන මානන පූජනායෙහි ඊර්‍ෂ්‍යා නැති සිතැතියෙම් වන්නෙමි. ඊර්‍ෂ්‍යා නො කරන්නෙමි. උපද්වේෂ නො කරන්නෙමි. ඉසි නො බඳනෙමි.
Pali BJTඅභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ -පෙ- උපාසිකං මං භන්තෙ භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTවහන්ස, ඉතා මැනැවැ, වහන්ස ඉතා මැනැව. ... වහන්ස, අද පටන් මා දිවිහිම් කොට සරණ ගිය උවැසියක කොට ධරණ සේක්වා යි.
Pali BJT4. 4. 5. 8.
Sinhala BJT4. 4. 5. 8.
Pali BJT[තපසුත්තං]
Sinhala BJT[තාප සූත්‍රය]
Pali BJT48. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT48. මහණෙනි, ලොව විද්‍යමාන මෙ පුඟුල්හි සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අත්තන්තපො හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො. ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො පරන්තපො හොති පරපරිතාපනානුයොගමනුයුත්තො. ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො අත්තන්තපො ච හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො, පරන්තපො ච හොති පරපරිතාපනානුයොගමනුයුත්තො. ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො නෙව අත්තන්තපො හොති න අත්තපරිතාපනානුයොගමනුයුත්තො, න පරන්තපො න පරපරිතාපනානුයොගමනුයුත්තො. සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් ආත්ම පරිතාපනානුයෝගයෙහි යෙදුනේ අත්තන්තප වෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ පරන්තප වෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුනේ අත්තන්තප ද වෙයි, පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ පරන්තප ද වෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො ම යෙදුනේ අත්තන්තප නො වෙයි, පරපරිතාපනානුයෝගයෙහි නො ම යෙදුනේ පරන්තප නො ම වෙයි. හේ අත්තන්තප නො වූයේ පරන්තප නො වූයේ ඉහාත්මයෙහි ම නිෂ්තෘෂ්ණ වූයේ කෙලෙස් නිවනින් පිරිනිවියේ සිහිල් වූයේ (ධ්‍යානමග්ගඵලනිබ්බාන සඞ්ඛ්‍යාත) සුව විඳිනාසුලුයේ ශ්‍රේෂ්ඨ සිතින් වෙසෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො අත්තන්තපො හොති, අත්තපරිතාපනානුයොගමනුයුත්තො?
Sinhala BJTමහණෙනි, පුද්ගල කෙසේ ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුනේ අත්තන්තප වේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අචෙලකො හොති මුත්තාචාරො හත්ථාපලෙඛනො න එහි භද්දන්තිකො න තිට්ඨභද්දන්තිකො නාභිහටං න උද්දිස්සකටං න නිමන්තනං සාදියති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් සෙලු වෙයි. හළ ආචාර ඇතියේ වෙයි. පිඬු නිමි කල අත ලෝනේ වෙයි. ‘එව, වහන්සැ’යි කී කල නො එනු සිල් කොට ඇතියේ වෙයි. ‘සිටුව, වහන්සැ’ යි කී කල නො සිටිනු සිල් කොට ඇතියේ වෙයි. පළමු එළ වූ අහර නො පිළිගන්නේ වෙයි. උදෙසා කළ අහර නො පිළිගන්නේ වෙයි. නිමන්ත්‍රණ නො පිළිගන්නේ වෙයි.
Pali BJTසො න කුම්භිමුඛා පතිගණ්හාති, න කළොපිමුඛා පතිගණ්හාති, න එළකමන්තරං න දණ්ඩමන්තරං න මුසලමන්තරං න ද්වින්නං භුඤ්ජමානානං න ගබ්භිනියා න පායමානාය න පුරිසන්තරගතාය න සඞ්කිත්තීසු න යත්ථ සා උපට්ඨිතො හොති, න යත්ථ මක්ඛිකා සණ්ඩසණ්ඩචාරිනී, න මච්ඡං න මංසං, න සුරං න මෙරයං න ථුසොදකං පිවති.
Sinhala BJTහේ කළමුවෙන් උදුරා දුන් අහර නො පිළිගන්නේ වෙයි. හේ සැළ මුවින් උදුරා දුන් අහර නො පිළිගන්නේ වෙයි. එළිපත අතර කොට දෙන අහර නො පිළිගන්නේ වෙයි. දඬු අතර කොට දෙන අහර නො පිළිගන්නේ වෙයි. මොහොල් අතර කොට දෙන අහර නො පිළිගන්නේ වෙයි. වළඳන දෙදෙනෙකුන් අතුරින් එකකු නැගී දෙන අහර නො පිළිගන්නේ වෙයි. ගැබිලිය දෙන අහර නො පිළිගන්නේ වෙයි. කිරිපොවන්නිය දෙන අහර නො පිළිගන්නේ වෙයි. පුරුෂාන්තරගත ස්ත්‍රිය දෙන අහර නො පිළිගන්නේ වෙයි. සමාදන් කොට පිසූකල දෙන අහර නො පිළිගන්නේ වෙයි. යම් තැනෙක බලු එළඹ සිටියේ නම් එහි දෙන අහර නො පිළිගන්නේ වෙයි. යම් තැනෙක මැසිමුළු ගළ ගළව හැසිරෙත් නම් එහි දෙන අහර නො පිළිගන්නේ වෙයි. මත්ස්‍ය නො පිළිගන්නේ වෙයි. මාංශ නො පිළිගන්නේ වෙයි. රහ නො බොන්නේය. මෙර නො බොන්නේය. සෞවීර නො බොන්නේය.
Pali BJTසො එකාගාරිකො වා හොති එකාලොපිකො ද්වාගාරිකො වා හොති ද්වාලොපිකො. සත්තාගාරිකො වා හොති සත්තාලොපිකො. එකිස්සා පි දත්තියා යාපෙති, ද්වීහිපි දත්තීහි යාපෙති, සත්තහිපි දත්තීහි යාපෙති. එකාහිකම්පි ආහාරං ආහාරෙති, ද්වාහිකම්පි ආහාරං ආහාරෙති, සත්තාහිකම්පි ආහාරං ආහාරෙති. ඉති එවරූපං අද්ධමාසිකම්පි පරියායභත්තභොජනානුයොගමනුයුත්තො විහරති.
Sinhala BJTහේ එක් ගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. එක් ආලෝපයෙකින් යැපෙන්නේ හෝ වෙයි. දෙගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. ආලෝප දෙකෙකින් යැපෙන්නේ හෝ වෙයි. සත් ගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. ආලෝප සතෙකින් යැපෙන්නේ හෝ වෙයි. එක් දැත්තෙකිනුදු යැපෙයි. දෙ දැත්තෙකිනුදු යැපෙයි. සත් දැත්තෙකිනුදු යැපෙයි. එක් දවසක් අතර කොට ගන්නා අහර ද වළඳයි. දෙදවසක් අතර කොට ගන්නා අහර ද වළඳයි. සත් දවසක් අතර කොට ගන්නා අහර ද වළඳයි. මෙසේ මෙබඳු අඩමසක් අතර කොට ගන්නා අහර දැ යි වාරභක්තභෝජනයෙහි යෙදුනේ වෙසෙයි.
Pali BJTසො සාකභක්ඛොපි හොති, සාමාකභක්ඛොපි හොති, නීවාරභක්ඛොපි හොති, දද්දුලභක්ඛොපි හොති, හටභක්ඛොපි හොති, කණභක්ඛොපි හොති, ආචාමභක්ඛොපි හොති, පිඤ්ඤාකභක්ඛොපි හොති, තිණභක්ඛොපි හොති, ගොමයභක්ඛොපි හොති. වනමූලඵලාහාරොපි යාපෙති පවත්තඵලභොජී.
Sinhala BJTහේ පලා වළඳන්නේ හෝ වෙයි. හේ බඩහමු වළඳන්නේ හෝ වෙයි. හුරුහැල් වළඳන්නේ හෝ වෙයි. සම්කඩ වළඳන්නේ හෝ වෙයි. ලහටු වළඳන්නේ හෝ වෙයි. කුඩු වළඳන්නේ හෝ වෙයි. දමුබත් වළඳන්නේ හෝ වෙයි. පුනකු වළඳන්නේ හෝ වෙයි. ගොම වළඳන්නේ හෝ වෙයි. වැටුනු ඵල වළඳනසුලු වූයේ වනමූලඵල ආහාර කොට ඇතියේ ද යැපෙයි.
Pali BJTසො සාණානිපි ධාරෙති, මසාණානිපි ධාරෙති, ඡවදුස්සානිපි ධාරෙති, පංසුකූලානිපි ධාරෙති, තිරීටානිපි ධාරෙති, අජිනම්පි ධාරෙති, අජිනක්ඛිපම්පි ධාරෙති, කුසචීරම්පි ධාරෙති, වාකචීරම්පි ධාරෙති, ඵලකචීරම්පි ධාරෙති, කෙසකම්බලම්පි ධාරෙති, වාළකම්බලම්පි ධාරෙති, උලූකපක්ඛම්පි ධාරෙති.
Sinhala BJTහේ හණ වැහැරි ද දරයි. මුසු හණ වැහැරි ද දරයි. මිනියෙන් හළ පිළි ද දරයි. පහුල් පිළි ද දරයි. රුක්සුඹුළු ද දරයි. අඳුන් මුවසම් ද දරයි. ක්‍ෂුර සහිත අඳුන් මුවසම් ද දරයි. කුසවැහැරි ද ද දරයි. වාකචීරය ද දරයි. ඵලකචීරය ද දරයි. කේසකම්බල ද දරයි. වාලකම්බල ද දරයි. මහමුහුනු පියාපතුදු දරයි.
Pali BJTකෙසමස්සුලොචකො හොති කෙසමස්සුලොචනානුයොගමනුයුත්තො. උබ්බට්ටකොපි හොති ආසනපටික්ඛිත්තො. උක්කුටිකොපි හොති උක්කුටිකප්පධානමනුයුත්තො. කණ්ටකාපස්සයිකොපි හොති, කණ්ටකාපස්සයෙ සෙය්යං කප්පෙති. සායතතියකම්පි උදකොරොහනානුයොගමනුයුත්තො විහරති. ඉති එවරූපං අනෙකවිහිතං කායස්ස ආතාපනපරිතාපනානුයොගමනුයුත්තො විහරති.
Sinhala BJTහිසකේ රවුළු උදුරා ලීමෙහි යෙදුනේ හිසකේ රවුළු උදුරනුයේ ද වෙයි. අසුන් පිළිකෙව් කෙළේ උඩුහුරුව සිටුනේ වෙයි. උලුළුයෙන් තවුස් වැර වැඩීමෙහි යෙදුනේ උලුළුයෙන් සිටුනේ ද වෙයි. කටු ඇතිරියෙහි හෝනේ ද වෙයි. කටුඇතිරියෙහි සයනය ද කෙරෙයි. සවස තුන්වනු කොට තෙවරක් උදකාවගාහයෙහි යෙදුනේ වෙසෙයි. මෙසේ මෙ බඳු අනේකප්‍රකාර වූ කය පිළිබඳ ආතාපන පරිතාපනානුයෝගයෙහි යෙදුනේ වෙසෙයි.
Pali BJTඑවං ඛො භික්ඛවෙ පුග්ගලො අත්තන්තපො හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො.
Sinhala BJTමහණෙනි, මෙසේ පුද්ගල ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුනේ අත්තන්තප වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො පරන්තපො හොති පරපරිතාපනානුයොගමනුයුත්තො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ඔරබ්භිකො හොති සූකරිකො සාකුන්තිකො මාගවිකො ලුද්දො මච්ඡඝාතකො චොරො චොරඝාතකො බන්ධනාගාරිකො, යෙ වා පනඤ්ඤෙපි කෙ චි කුරූරකම්මන්තා. එවං ඛො භික්ඛවෙ පුග්ගලො පරන්තපො හොති පරපරිතාපනානුයොගමනුයුත්තො.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පුද්ගල පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ පරන්තප වේය යත්: මහණෙනි, මෙ ලොව් හි ඇතැම් පුඟුලෙක් තිරෙළුවන් මරා දිවි වැටුම් ඇතියේ හෝ වෙයි. හුරන් මරා දිවි වැටුම් ඇතියේ හෝ වෙයි. ළිහිණින් මරා දිවි වැටුම් ඇතියේ හෝ වෙයි. රෞද්‍ර වූ මුව වැදි හෝ වෙයි. මත්ස්‍ය ඝාතක වෙයි. සොර වෙයි. සොරුන් මරණේ වෙයි. බන‍්ධනාගාර ඇතියේ හෝ වෙයි. යම් බඳු අන්‍ය වූ ද කිසියම් කුරිරු කර්‍මාන්ත කරණුයේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ පරන්තප වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො අත්තන්තපො ච හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො, පරන්තපො ච හොති පරපරිතාපනානුයොගමනුයුත්තො?
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පුද්ගල ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුනේ අත්තන්තප වේය යත්, පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ පරන්තප වේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො රාජා වා හොති ඛත්තියො මුද්ධාවසිත්තො බ්රාහ්මණො වා මහාසාලො, සො පුරත්ථිමෙන නගරස්ස නවං සන්ථාගාරං කාරාපෙත්වා කෙසමස්සුං ඔහාරෙත්වා ඛරාජිනං නිවාසෙත්වා සප්පිතෙලෙන කායං අබ්භඤ්ජිත්වා මිගවිසාණෙන පිට්ඨිං කණ්ඩූවමානො සන්ථාගාරං පවිසති සද්ධිං මහෙසියා බ්රාහ්මණෙන ච පුරොහිතෙන.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් මූදර්‍ධාවෂික්ත ක්‍ෂත්‍රිය රජෙක් හෝ මහාසාර බ්‍රාහ්මණයෙක් හෝ වෙයි. හේ නුවර පෙර දික්හි අභිනව සන්‍ථාගාරයක් කරවා කේරවුළු බහවා රළු අඳුන් දිවිසම් හැඳ ගිහි තෙලෙන් කය අභ්‍යඤ්ජන කොට මුවහඟින් පිට කසනුයේ මෙහෙසිය හා පුරෝහිත බමුණු හා සන්‍ථාගාරයට පිවිසෙයි.
Pali BJTසො තත්ථ{1} අනන්තරහිතාය භූමියා හරිතුපලිත්තාය සෙය්යං කප්පෙති. එකිස්සාය ගාවියා සරූපවච්ඡාය යං එකස්මිං ථනෙඛීරං හොති, තෙන රාජා යාපෙති. යං දුතියස්මිං ථනෙ ඛීරං හොති, තෙන මහෙසී යාපෙති. යං තතියස්මිං ථනෙ ඛීරං හොති, තෙන බ්රාහ්මණො පුරොහිතො යාපෙති, යං චතුත්ථස්මිං ථනෙ ඛීරං හොති, තෙන අග්ගිං ජුහන්ති. අවසෙසෙන වච්ඡකො යාපෙති. සො එවමාහ : එත්තකා උසභා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා වච්ඡතරා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය. එත්තකා වච්ඡතරියො හඤ්ඤන්තු යඤ්ඤත්ථාය. එත්තකා අජා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය එත්තකා උරබ්භා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා රුක්ඛා ඡිජ්ජන්තු යූපත්ථාය, එත්තකා දබ්භා{2} ලූයන්තු බරිහිසත්ථායාති යෙපිස්ස තෙ හොන්ති දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා, තෙපි දණ්ඩතජ්ජිතා භයතජ්ජිතා අස්සුමුඛා රුදමානා පරිකම්මානි කරොන්ති.
Sinhala BJTහේ එහි ගොම පිරිබඩ කළ නො අතුළ බිම්හි ශය්‍යා කෙරෙයි. ස්වරූප වසු ඇති එක් දෙනකගේ එක් තනෙක යම් කිරෙක් වේ නම් එයින් රජ යැපෙයි, දෙවන තනෙහි යම් කිරෙක් වේ නම් එයින් මෙහෙසිය යැපෙයි. තෙවන තනෙහි යම් කිරෙක් වේ නම් එයින් පුරෝහිත බ්‍රාහ්මණ යැපෙයි. සතරවන තනෙහි යම් කිරෙක් වේ නම් එයින් ගිනි පුදත්. අවශේෂයෙන් වස්සා යැපෙයි. හේ මෙසේ කියයි: යඥ පිණිස මෙතෙක් වෘෂභයෝ නසනු ලැබෙත්වා, මෙතෙක් තරුණ වස්සෝ යඥ පිණිස නසනු ලැබෙත්වා, මෙතෙක් තරුණ වැස්සියෝ යඥ පිණිස නසනු ලැබෙත්වා, යාගාවාටස්තම්භ සඳහා මෙතෙක් රුක්හු සිඳිනු ලැබෙත්වා, පිරිකෙව් කරණු හා යාග බිම අතුරණු හා පිණිස මෙතෙක් ඉලුප්තණ සිඳිනු ලැබේවා. දස්හ යි හෝ ප්‍රෙෂ්‍යහ යි හෝ කම්කරුහ යි හෝ ඔහුගේ යම් ම කෙනෙක් වෙත් නම් ඔහු ද දඬුවමින් තැතිගත්තාහු බියෙන් තැති ගත්තාහු කඳුලු වැකි මුව ඇත්තාහු හඬනාහු පිරියම් කරත්.
Pali BJTඑවං ඛො භික්ඛවෙ පුග්ගලො අත්තන්තපො ච හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො. පරන්තපො ච හොති පරපරිතාපනානුයොගමනුයුත්තො.
Sinhala BJTමහණෙනි, මෙසේ පුද්ගල ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුනේ අත්තන්තප ද වෙයි. පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ පරන්තප ද වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො නෙවත්තන්තපො හොති න අත්තපරිතාපනානුයොගමනුයුත්තො, න පරන්තපො හොති න පරපරිතාපනානුයොගමනුයුත්තො, සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති?
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පුඟුල් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුනේ අත්තන්තප නො වේය යත්: පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුනේ පරන්තප නො වේය යත්: හෙ ආත්මන්තප නො වූයේ පරන්තප නො වූයේ දිටුදැහැමියෙහි ම තෘෂ්ණා නැතියේ කෙලෙස් නිවණින් පිරිනිවියේ සිහිල් වූයේ සුව විඳුනා සුලුයේ ශ්‍රේෂ්ඨ සිතින් වාසය කෙරේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං, සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකවිදූ වූ පුරුෂදම්‍යසාරථි වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ලොව උපදනාහ. උන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙ ලොව, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තුමූ ම විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට දැනගන්නාහ. උන් වහන්සේ ආදි කල්‍යාණ කොට මධ්‍ය කල්‍යාණ කොට පර්‍ය්‍යවසාන කල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට කේවලපරිපූර්‍ණ කොට පරිශුද්ධ කොට ධර්‍මය දෙසන්නාහ. බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරන්නාහ.
Pali BJTතං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො. සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති. සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉති පටිසඤ්චික්ඛති : සම්බාධො ඝරාවාසො රජාපථො අබ්භොකාසො පබ්බජ්ජා, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්යන්ති.
Sinhala BJTගෙහෙවියෙක් වේවයි, ගෙහෙවි පුතෙක් වේවයි, අන්‍යතර කුලයෙක උපන්නෙක් වේවයි, එ ධර්‍මය අසන්නේය. හේ එ දහම් අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධා ප්‍රතිලාභ කෙරෙයි. හේ එ ශ්‍රද්ධාප්‍රතිලාභයෙන් සමන්‍වාගත වූයේ මෙසේ නුවණින් සිතයි: “ඝරාවාසය සම්බාධකයෙක. කෙලෙස් දුහුලියට මගෙක. පැවිද්ද අභ්‍යවකාශයෙක. ගිහිගෙහි වසන්නහු විසින් ඒකාන්තපරිපූර්‍ණ වූ එකාන්තපරිශුද්ධ වූ ලියු සකක් සේ පිරිසිදු මෙ බඹසර සරනට සුකර නො වෙයි. ඒකාන්තයෙන් මම් කෙහෙරවුළු බහා කහවත් හැඳ ගෙන් නික්ම පැවිද්දට වදිම් නම් මැනැවැ”යි.
Pali BJTසො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති.
Sinhala BJTහේ පසුකල්හි අල්ප වූ භෝගස්කන්‍ධය හැර මහත් වූ හෝ භෝගස්කන්‍ධය හැර අල්ප වූ හෝ ඥාතිපරිවර්‍තය හැර මහත් වූ හෝ ඥාතිපරිවර්‍තය හැර කෙස්මස් බහා කහවත් හැඳ ගෙන් නික්ම පැවිද්දට පැමිණෙයි.
Pali BJTසො එවං පබ්බජිතො සමානො භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති, දින්නාදායී දින්නපාටිකඞ්ඛී අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති. අබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරී හොති ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. පිසුණං වාචං පහාය පිසුණාවාචා පටිවිරතො හොති: ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, න අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය, ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසාවාචා පටිවිරතො හොති: යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී. බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති: කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා හොති කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං.
Sinhala BJTහේ මෙසේ පැවිදි වූයේ ම භික්‍ෂූන්ගේ ශික්‍ෂාසාජීවයට පැමිණියේ පණිවා හැර පණිවායෙන් වැළැකියේ වෙයි. බහා තැබූ දඬු ඇත්තේ බහා තැබූ අවි ඇත්තේ ලජ්ජා ඇතියේ දයාපත් වූයේ සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පී ව වෙසෙයි. අයිනාදන් හැර අයිනාදනින් වැළකියේ දුන් දෑ ගන්නා සුලුයේ දුන් දෑ කැමැති වනුයේ වෙයි. නො සොර වූ පිවිතුරු සිතින් වෙසෙයි. අබ්‍රම්සර හැරපියා බ්‍රහ්මචාරී වූයේ, දුරුව වෙසෙනුයේ ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළැක්කේ වෙයි. මුසාව හැර මුසවායෙන් වැළැකියේ සත්‍යවාදී වූයේ සත්‍යසන්‍ධාන ඇතියේ ස්ථිරකථා ඇතියේ හැදැහිය යුතු කථා ඇතියේ ලෝකයා නුළු නො කරණුයේ වෙයි. පිසුනු බස් හැර පිසුනු බසින් වැළැකියේ, මොවුන්ගේ භේදය පිණිස මෙ තන්හි අසා එතන්හි නො කියනුයේ, ඔවුන්ගේ භේදය පිණිස එතන්හි හෝ අසා මොවුනට නො කියනුයේ වෙයි. මෙසේ භින්න වූවන් සමග කරණුයේ සමග වූවනට අනුබල දෙනුයේ හෝ සමගියෙහි ඇලුම් ඇතියේ සමග්‍රරත වූයේ සමගියෙන් සතුටුවන සුල්ලේ සමග කරණ වදන් කියනුයේ ද වෙයි. පරොස්බස් හැර පියා පරොස් බසින් වැළැකියේ වෙයි. යම් එ බසෙක් නිදොස් වේ නම් කණට සුව එළවා නම් පෙම් දනවා නම් හෘදයග්‍රාහී වේ නම් පෞර වේ නම් බොහෝ දෙනාට කාන්ත වේ නම් බොහෝ දෙනාට මනාප වේ නම් එබඳු බස් කියනුයේ වෙයි. සම්ඵප්‍රලාප හැර සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ කල්හි බණනසුලුයේ සැබවක් ම බණන සුලුයේ අර්‍ත්‍ථය ම බණන සුලුයේ ධර්‍මය බණනසුලු වූයේ විනය බණන සුලුයේ සිත්හි නිදහනට නිසි, නිසි කල්හි කරුණු සහිත කොට පිරිසිඳුම් ඇති කොට අර්‍ත්‍ථසංහිත කොට බස් තෙපලනුයේ වෙයි.
Pali BJTසො බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති. එකභත්තිකො හොති රත්තූපරතො විරතො විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතො හොති. මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො හොති. උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතො හොති. ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතො හොති. ආමකමංසපටිග්ගහණා පටිවිරතො හොති. ඉත්ථිකුමාරිකාපටිග්ගහණා පටිවිරතො හොති. දාසිදාසපටිග්ගහණා පටිවිරතො හොති. අජෙළකපටිග්ගහණා පටිවිරතො හොති. කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතො හොති. හත්ථිගවාස්සවළවාපටිග්ගහණා පටිවිරතො හොති. ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති. දූතෙය්යපහිනගමනානුයොගා පටිවිරතො හොති. කයවික්කයා පටිවිරතො හොති. තුලාකූටකංසකූටමානකූටා පටිවිරතො හොති. උක්කොටනවඤ්චනනිකතිසාචියොගා පටිවිරතො හොති. ඡෙදනවධබන්ධනවිපරාමොසආලොපසහසාකාරා පටිවිරතො හොති.
Sinhala BJTහේ බීජගාම භූතගාම විකෝපනයෙන් වැළැකියේ වෙයි. (ප්‍රාතරාසභක්ත සංඛ්‍යාත) එක්බතක් ඇතියේ, රාත්‍රිභෝජනයෙන් වැළැකියේ විකාල භෝජනයෙන් අපගත වෙයි. නැටුම්, ගැයුම්, වැයුම් විසුළු දස්නෙන් වැළැකියේ වෙයි. මල්ගඳ විලෙවුන් දැරුම් සැදුම් සැරැහුම් යන කරුණෙන් වැළැකියේ වෙයි. උසසුන් මහස්නෙන් වැළැකියේ වෙයි. ජාතරූපරජතයන් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. අමුධාන්‍ය පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. ස්ත්‍රීන් හා කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. එළු තිරෙළුවන් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. කුකුළන් හා හූරන් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. ඇත්, ගව, අසුන් හා වෙළෙඹුන් පිළිගැණීමෙන් වැළැකියේ වෙයි. දූතකර්‍ම හා පණිවුඩ පණත් ගෙණ යාමෙහි යෙදුමෙන් වැළැකියේ වෙයි. ක්‍රය වික්‍රය දෙකින් වැළැකියේ වෙයි. තුලාකූට, කංසකූට මානකූටයෙන් වැළැකියේ වෙයි. උක්කෝටන, වඤ්චන, නිකතී යන කුටිලයෝගයෙන් වැළැකියේ වෙයි. ඡේදනය, වධය, බන්‍ධනය, මං පැහැරීම ය, වොලොගැන්ම ය, සැහැසිකම් ය යන මෙයින් වැළැකියේ වෙයි.
Pali BJTසො සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති. සමාදායෙව පක්කමති. සෙය්යථාපි නාම පක්ඛි සකුණො, යෙන යෙනෙව ඩෙති. සපත්තභාරොව ඩෙති. එවමෙව භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති.
Sinhala BJTහේ කායපාරිහාරිකචීවරයෙන් සතුටු වෙයි. කුක්‍ෂිපාරිහාරික පිණ්ඩපාතයෙන් සතුටු වෙයි. හෙ යම් මැ දිගෙක් හි යේ නම්, යම් සෙයෙකින් පක්‍ෂිශකුණි යම් මැ දිගෙක යේ නම්, පත්‍රභාර ඇතිව ම යේ ද, එසෙයින් රැගෙණ ම යෙයි. මෙපරිදි මහණ කායපාරිහාරික චීවරයෙන් කුක්‍ෂි පාරිහාරික පිණ්ඩපාතයෙන් සතුටු වෙයි. හේ යම් මැ දිගෙක යේ නම්, අටපිරිකර මතු රැගෙණ ම යෙයි. හෙ මෙ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වූයේ අධ්‍යාත්මයෙහි නිරවද්‍ය සුඛ විඳුනේ ය.
Pali BJTසො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති චක්ඛුන්ද්රියං චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති මනින්ද්රියං මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්යාසෙකසුඛං පටිසංවෙදෙති.
Sinhala BJTහෙ ඇසින් රූපයක් දැක නිමිති නො ගන්නාසුලුයේ අනුවියඳුන් නො ගන්නා සුලුයේ වෙයි. යම් හේතුයෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වසන තෙ පුඟුල්හි කරා ලාමක අකුශලධර්‍ම වන අභිධ්‍යා දෞර්‍මනස්‍යයෝ ලුහු බඳනාහු නම්, එ අවුරණුවට පිළිපදනේ ය. චක්‍ෂුරින්‍ද්‍රියය රක්නේ ය. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. ශ්‍රෝතයෙන් ශබ්දය අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධය අසා ... ජිහ්වායෙන් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යයක් පැහැස ... මනසින් ධර්‍මායතනයක් දැන නිමිති නොගන්නා සුලුයේ අනුවියඳුන් නො ගන්නා සුලුයේ වෙයි. යම් කරුණෙකින් මනින්‍ද්‍රිය අසංවෘත කොට වසන තෙල පුඟුල්හි කරා අභිධ්‍යා දෞර්‍මනස්‍ය සංඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු නම්, එ අවුරණුවට පිළිපදනේ ය. මනින්‍ද්‍රියය රක්නේ ය. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හෙ මෙ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රිය සංවරයෙන් සමන්‍වාගත වූයේ අධ්‍යාත්මයෙහි (කෙලෙසුන් විසින් අනාෂික්‍තවූ) අව්‍යාසේක සුඛය විඳුනේ ය.
Pali BJTසො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති.
Sinhala BJTහේ ඉදිරිගමනෙහි හා ප්‍රත්‍යාගමනෙහි සම්පජානකාරී වෙයි. ඉදිරි බැලුම් හා දිගනුදික් බැලුම්හි සම්පජානකාරී වෙයි. අත් පා හැකුළුම් හා දිගු කිරීමෙහි සම්පජානකාරී වෙයි. සඟළ පාසිවුරු දැරුම්හි සම්පජානකාරී වෙයි. අසිත, පීත, ඛායිත හා සායිතයෙහි සම්පජානකාරී වෙයි. සුලුවටන් මහවටන් කම්හි සම්පජානකාරී වෙයි. ගමනෙහි, සිටුමෙහි, හිඳුමෙහි, නිදියෙහි, නිදි වැරුම්හි, කථායෙහි, තුෂ්ණීම්භාවයෙහි සම්පජානකාරී වෙයි.
Pali BJTසො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං.
Sinhala BJTහෙ මෙ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වූයේ මෙ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍වාගත වූයේ මෙ ආර්‍ය්‍ය ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගත වූයේ අරණ්‍යය, රුක්මුල්ය, පර්‍වතය, කඳුරුය, ගිරිගුහාය, සොහොනය, වනපෙතය, අබවස්ය, පිදුරු කිළිය යන විවික්තශයනාසනයක් බෙජෙයි.
Pali BJTසො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති, අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති, සබ්බපාණභූතහිතානුකම්පී, බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථිනමිද්ධං පහාය විගතථිනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො, ථිනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං සුවුපසන්තචිත්තො, උද්ධච්චකුක්කුච්චං චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථංකථී කුසලෙසු ධම්මෙසු, විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති. සො ඉමෙ පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTහෙ පසුබත්හි පිඬුවායෙන් පෙරළා ආයේ පලක් බැඳ උඩුකය ඍජු කොට පිහිටුවා සිහි පරිමුඛ කොට එළවා හිඳුනේ ය. හෙ පඤ්චෝපාදානස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාව දුරු කොට පහ වූ අභිධ්‍යා ඇති සිතින් අභිධ්‍යායෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වේෂය දුරු කොට ව්‍යාපාදයෙන් තොර වූ සිතැත්තේ සර්‍වප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පා ඇතියේ ව්‍යාපාද ප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය දුරු කොට පහ වූ ස්ත්‍යාන මිද්ධ ඇතියේ (විගතනීවරණයෙන්) ආලෝකසංඥා ඇතියේ ස්මෘති ඇතියේ සම්‍යක් ප්‍රඥා ඇතියේ ස්ත්‍යානමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. ඖද්ධත්‍යය හා කෞකෘත්‍යය දුරු කොට උද්ධතභාවය නැතියේ අධ්‍යාත්මයෙහි මොනොවට සන්හුන් සිතැතියේ වාස කරයි. උද්ධච්ච කුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිත්සා දුරු කොට තරණය කළ විචිකිච්ඡා ඇතියේ කුශලධර්‍මයෙහි කථංකථීභාව නැතියේ වාස කරයි. විචිකිච්ඡායෙන් සිත පිරිසිදු කෙරෙයි. හේ චිත්තයාගේ උපක්ලේශවූ ප්‍රඥාව දුර්‍වල කරණ මෙ පඤ්ච නීවරණයන් දුරු කොට කාමයන්ගෙන් වෙන් ව ම ප්‍රථම ධ්‍යානයට ... ද්විතීය ධ්‍යානයට ... තෘතීය ධ්‍යානයට ... චතුර්‍ත්‍ථ ධ්‍යානයට එළඹ වාස කරයි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය -පෙ- සත්තානං චුතූපපාතඤාණාය -පෙ- ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුදයොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති.
Sinhala BJTහේ මෙ සෙයින් සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වත් ම අඞ්ගණ රහිත වත් ම උපක්ලේශයන් විගත වත් ම මෘදු වත් ම කර්‍මන්‍ය වත් ම ස්ථිත වත් ම නො සැලෙනබවට පත් වත් ම පූර්වේනිවාසානුස්මෘතිඥානය සඳහා ... සත්ත්‍වයන්ගේ ච්‍යුත්‍යුතපාත ඥානය සඳහා ... ආස්‍රවයන්ගේ ක්‍ෂයඥානය සඳහා සිත නතු කෙරෙයි. හේ මෙ දුකැ යි යථාභූතය දන්නේ ය. මෙ දුඃඛසමුදයය යි යථාභූතය දන්නේ ය. මෙ දුඃඛනිරෝධ ය යි යථා භූතය දන්නේ ය. මෙ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපද් ය යි යථාභූතය දන්නේ ය. මෙ ආස්‍රවයහ යි යථාභූතය දන්නේ ය. මෙ ආස්‍රවසමුදය යි යථාභූතය දන්නේ ය. මෙ ආස්‍රවනිරෝධ ය යි යථාභූතය දන්නේ ය. මෙ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපද් ය යි යථාභූතය දන්නේ ය.
Pali BJTතස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති.
Sinhala BJTමෙ සෙයින් දන්නා ඔහුගේ චිත්තය කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු චිත්තය මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු චිත්තය මිදෙයි. විමුක්ත වත් ම විමුක්තය යන ඥානය වෙයි: “ජාතිය ක්‍ෂීණ විය. බ්‍රහ්මචර්‍ය්‍යය වසන ලදී. සිවුමග කරණී කරණ ලදී. මෙබව සඳහා අන් කිසක් නැතැ” යි දන්නේ ය.
Pali BJTඑවං ඛො භික්ඛවෙ පුග්ගලො නෙව අත්තන්තපො හොති න අත්තපරිතාපනානුයොගමනුයුත්තො, න පරන්තපො හොති න පරපරිතාපනානුයොගමනුයුත්තො. සො අත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති.
Sinhala BJTමහණෙනි, මෙසෙයින් පුද්ගල නො ම ආත්මන්තප වෙයි. නො ම ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුනේ වෙයි. නො ම පරන්තප වෙයි. නො ම පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ වෙයි. හෙ අත්තන්තප නො වූයේ පරන්තප නො වූයේ ඉහාත්මයෙහි ම තෘෂ්ණා නැතියේ පිරිනිවියේ සිහිල් වූයේ ධ්‍යානමාර්‍ගඵල නිර්‍වාණසුඛ විඳිනුයේ ශ්‍රෙෂඨචිත්තයෙන් වාස කරයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, ලෝකයෙහි විද්‍යාමාන වන මෙ පුද්ගලයෝ සතර දෙනහ යි.
Pali BJT4. 4. 5. 9.
Sinhala BJT4. 4. 5. 9.
Pali BJT[තණ්හාජාලිනීසුත්තං]
Sinhala BJT[තණ්හාජාලිනී සූත්‍රය]