Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 401-500 of 16006

SegmentPali BJTSinhala BJT
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙනෙව{3} සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති, යථයිදං භික්ඛවෙ මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨියා භික්ඛවෙ සමන්නාගතා සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.{4}
Sinhala BJTමහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ මෙසේ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට (ප්‍රතිසන්‍ධි වශයෙන්) පැමිණෙත් නම්, මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම්බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙත්.
Pali BJT1. 16. 2. 8.
Sinhala BJT1. 16. 2. 8.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙනෙවං{3} සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති, යථයිදං භික්ඛවෙ සම්මාදිට්ඨි. සම්මාදිට්ඨියා භික්ඛවෙ සමන්නාගතා සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ මෙසේ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට (පිළිසඳ විසින්) පැමිණෙත් නම්, මහණෙනි, මේ සම්‍යග්දෘෂ්ටිය යම්බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යග්දෘෂ්ටියෙන් යුක්ත වූ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට පැමිණෙත්.
Pali BJT1. 16. 2. 9-15.
Sinhala BJT1. 16. 2. 9-15.
Pali BJTමිච්ඡාදිට්ඨිකස්ස භික්ඛවෙ පුරිසපුග්ගලස්ස යඤ්චෙව කායකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යඤ්ච වචීකම්මං -පෙ- යඤ්ච මනොකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යා ච චෙතනා-යා ච පත්ථනා-යො ච පණිධි-යෙ ච සඞ්ඛාරා-සබ්බෙ තෙ ධම්මා අනිට්ඨාය අකන්තාය අමනාපාය අහිතාය දුක්ඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු: දිට්ඨි හි{1} භික්ඛවෙ පාපිකා. සෙය්යථාපි භික්ඛවෙ නිම්බබීජං වා කොසාතකීබීජං වා තිත්තකලාබුබීජං වා අල්ලාය පඨවියා නික්ඛිත්තං යඤ්චෙව පඨවිරසං උපාදියති, යඤ්ච ආපොරසං උපාදියති, සබ්බං තං තිත්තකත්තාය කටුකත්තාය අසාතත්තාය සංවත්තති. තං කිස්ස හෙතු: බීජං{2} හි භික්ඛවෙ පාපකං. එවමෙවං ඛො භික්ඛවෙ මිච්ඡාදිට්ඨිකස්ස පුරිසපුග්ගලස්ස යඤ්චෙව කායකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යඤ්ච වචීකම්මං -පෙ- යඤ්ච මනොකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යා ච චෙතනා - යා ච පත්ථනා - යො ච පණිධි - යෙ ච සඞ්ඛාරා - සබ්බෙ තෙ ධම්මා අනිට්ඨාය අකන්තාය අමනාපාය අහිතාය දුක්ඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු: දිට්ඨි හි භික්ඛවෙ පාපිකාති.
Sinhala BJTමහණෙනි, මිසදිටුගත් පුරුෂපුද්ගලයාගේ දෘෂ්ටියට අනුරූප වූ සමාප්ත වූ (නිඃශේෂ වූ) සමාදින්න වූ (මුල මැද අග සමකොට ගත්) යම් කායකර්‍මයෙකුත් වේ ද, ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද, දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ මොනවට ගන්නා ලද යම් මනඃකර්‍මයෙකුත් වේ ද, ... (දෘෂ්ටිසහජාත වූ) යම් චේතනායෙකුත් වේ ද ... යම් ප්‍රාර්‍ත්‍ථනායෙකුත් වේ ද … යම් චිත්තප්‍රණිධියෙකුත් (චේතනා ප්‍රාර්‍ත්‍ථනාවන්ගේ වශයෙන් සිත පිහිටුවාලීමෙක්) වේ ද ... යම් සංස්කාර කෙනෙකුත් වෙද් ද, ඒ සියලු ධර්‍මයෝ අනිටු වූ අකාන්ත වූ මන නොවඩන්නා වූ අහිත වූ දුක් පිණිස පවත්නාහ. ඒ කවර හෙයින: මහණෙනි, දෘෂ්ටිය පවිටු ය, එහෙයිනි. මහණෙනි, යම්සේ කොසඹ බිජුවටෙක් වේවයි, වැටකොළු බිජුවටෙක් වේවයි, තිත්ත ලබු බිජුවටෙක් වේවයි, තෙත් බිම බහාලන ලද්දේ යම් ම පෘථිවිරසයකුත් ඇද ගණී ද, යම් ම ආපෝරසයකුත් ඇද ගණී ද, ඒ සියල්ල තිත්තරස බව පිණිස, කටුකරස බව පිණිස, නොමිහිරි රස බව පිණිස පවත්නේ ය. ඒ කවරහෙයින: මහණෙනි, බිජුවට ලාමක ය, එහෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම මිසදිටු ගත් පුරුෂ පුද්ගලයාගේ දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ සමාදන් වූ යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද ... යම් මනඃකර්‍මයෙකුත් වේ ද ... යම් චේතනායෙකුත් වේ ද ... යම් ප්‍රාර්‍ත්‍ථනායෙකුත් වේ ද ... යම් ප්‍රණිධියෙකුත් වේ ද ... යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද ... ඒ සියලු ධර්‍මයෝ අනිටු වූ නොකල් වූ අමනාප වූ අහිත වූ දුක් පිණිස පවත්නාහ. ඒ කවරහෙයින: මහණෙනි, දෘෂ්ටිය පවිටු ය, එහෙයිනි.
Pali BJT1. 16. 2. 16-22.
Sinhala BJT1. 16. 2. 16-22.
Pali BJTසම්මාදිට්ඨිකස්ස භික්ඛවෙ පුරිසපුග්ගලස්ස යඤ්චෙව කායකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යඤ්ච වචීකම්මං -පෙ- යඤ්ච මනොකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යා ච චෙතනා - යා ච පත්ථනා - යො ච පණිධි - යෙ ච සඞ්ඛාරා - සබ්බෙ තෙ ධම්මා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු: දිට්ඨි හි භික්ඛවෙ භද්දිකා. සෙය්යථාපි භික්ඛවෙ උච්ඡුබීජං වා සාලිබීජං වා මුද්දිකාබීජං වා අල්ලාය පඨවියා{3} නික්ඛිත්තං යඤ්චෙව පඨවිරසං උපාදියති, යඤ්ච ආපොරසං උපාදියති, සබ්බං තං මධුරත්තාය සාතත්තාය අසෙචකත්තාය{4} සංවත්තති. තං කිස්ස හෙතු: බීජං හි භික්ඛවෙ භද්දකං. එවමෙව ඛො භික්ඛවෙ සම්මාදිට්ඨිකස්ස පුරිසපුග්ගලස්ස යඤ්චෙව කායකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යඤ්ච වචීකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යඤ්ච මනොකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යා ච චෙතනා - යා ච පත්ථනා - යො ච පණිධි - යෙ ච සඞ්ඛාරා - සබ්බෙ තෙ ධම්මා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු: දිට්ඨි හි භික්ඛවෙ භද්දිකාති.
Sinhala BJTමහණෙනි, සම්‍යග්දෘෂ්ටික වූ පුරුෂපුද්ගලයාගේ දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ සමාදන් වූ යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද ... දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ, සමාදන් වූ යම් මනඃකර්‍මයෙකුත් වේ ද ... යම් චේතනායෙකුත් වේ ද ... යම් ප්‍රාර්‍ත්‍ථනායෙකුත් වේ ද ... යම් චිත්තප්‍රණිධියෙකුත් වේ ද .... යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද, ඒ සියලු ධර්‍මයෝ ඉටු වූ කල් වූ මනාප වූ හිත වූ සුව පිණිස පවත්නාහ. ඒ කවර හෙයින: මහණෙනි, දෘෂ්ටිය කල්‍යාණය, එහෙයිනි. මහණෙනි, යම් බඳු උක් බිජුවටෙක් වේවයි, හැල් බිජුවටෙක් වේවයි, මිදි බිජුවටෙක් වේවයි, තෙත් බිමෙහි ඇද බහාලන ලද්දේ යම් ම පෘථිවි රසයකුත් ඇද ගණී ද, යම් ම ආපෝරසයකුත් ඇද ගණී ද, ඒ සියල්ල මධුරභාවය පිණිස, ප්‍රියභාවය පිණිස අසේචනකභාවය (අමුතු රස නො ඉසිය යුතු බව = අත්‍යන්තප්‍රියභාවය) පිණිස පවත්නේය. ඒ කවර හෙයින: මහණෙනි, බිජුවට සොඳුරුය, එහෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම සම්‍යග්දෘෂ්ටික පුරුෂපුද්ගලයාගේ දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ සමාදන් ව ගත් යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද ... දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ සමාදන් ව ගත් යම් මනඃකර්‍මයෙකුත් වේ ද ... යම් චේතනායෙකුත් වේ ද ... යම් ප්‍රාර්‍ත්‍ථනායෙකුත් වේ ද ... යම් ප්‍රණිධියෙකුත් වේ ද .... යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද, ඒ සියලු ධර්‍මයෝ ඉටු වූ කල් වූ මනාප වූ හිත වූ සුව පිණිස පවත්නාහ. ඒ කවරහෙයින: මහණෙනි, දෘෂ්ටිය සොඳුරු ය, එහෙයිනි.
Pali BJTවග්ගො දුතියො.
Sinhala BJTදෙවන වග යි.
Pali BJT[3. තතියොවග්ගො]
Sinhala BJT[3. තෙවන වර්‍ගය]
Pali BJT1. 16. 3. 1.
Sinhala BJT1. 16. 3. 1.
Pali BJTඑකපුග්ගලො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. කතමො එකපුග්ගලො: මිච්ඡාදිට්ඨිකො හොති විපරීතදස්සනො. සො බහුජනං සද්ධම්මා වුට්ඨාපෙත්වා අසද්ධම්මෙ පතිට්ඨාපෙති. අයං ඛො භික්ඛවෙ එකපුග්ගලො ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං.
Sinhala BJTමහණෙනි, ලෙව්හි උපදනට සමත් එක් පුද්ගලයෙක් බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට නොවැඩ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්: විපරීතදර්‍ශන ඇති මිථ්‍යාදෘෂ්ටික වෙයි. හෙතෙම බොහෝ දෙනා (දශකුශලකර්‍මපථසඞ්ඛ්‍යාත) සද්ධර්‍මයෙන් නඟා (දශ අකුශල කර්‍මපථ සඞ්ඛ්‍යාත) අසද්ධර්‍මයෙහි පිහිටුවයි. මහණෙනි, ලෙව්හි උපදනට සමත් මේ එක් පුද්ගල තෙමේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට නොවැඩ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස උපන්නේ වෙයි.
Pali BJT1. 16. 3. 2.
Sinhala BJT1. 16. 3. 2.
Pali BJTඑකපුග්ගලො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමො එකපුග්ගලො: සම්මාදිට්ඨිකො හොති අවිපරීතදස්සනො. සො බහුජනං අසද්ධම්මා වුට්ඨාපෙත්වා සද්ධම්මෙ පතිට්ඨාපෙති. අයං ඛො භික්ඛවෙ එකපුග්ගලො ලොකෙ උපපජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති.
Sinhala BJTමහණෙනි, ලෙව්හි උපදනට සමත් එක් පුද්ගලයෙක් බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්: මහණෙනි, අවිපරීත දර්‍ශන ඇති සම්‍යග් දෘෂ්ටික වෙයි. හෙ තෙමෙ බොහෝ දෙනා අසද්ධර්‍මයෙන් නඟා සද්ධර්‍මයෙහි පිහිටුවයි. මහණෙනි, ලෙව්හි උපදනට සමත් මේ එක් පුද්ගලයා බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඬ පිණිස දෙව්මිනිස්නට හිත පිණිස සුව පිණිස උපන්නේ වෙයි.
Pali BJT1. 16. 3. 3.
Sinhala BJT1. 16. 3. 3.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං මහාසාවජ්ජං, යථයිදං භික්ඛවෙ මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිපරමානි භික්ඛවෙ වජ්ජානීති.{1}
Sinhala BJTමහණෙනි, යමෙක් මෙසේ මහාසාවද්‍ය වේ ද, මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම් බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, දෝෂයෝ මිථ්‍යාදෘෂ්ටිය පරම කොට ඇතියහ.
Pali BJT1. 16. 3. 4.
Sinhala BJT1. 16. 3. 4.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකපුග්ගලම්පි සමනුපස්සාමි, යො එවං බහුජනාහිතාය පටිපන්නො බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං, යථයිදං භික්ඛවෙ මක්ඛලී මොඝපුරිසො. සෙය්යථාපි භික්ඛවෙ නදීමුඛෙ ඛිපං{2} ඔඩ්ඩෙය්ය බහුන්නං මච්ඡානං අහිතාය දුක්ඛාය අනත්ථාය ව්යසනාය. එවමෙව ඛො භික්ඛවෙ මක්ඛලී මොඝපුරිසො මනුස්සඛිපං මඤ්ඤෙ ලොකෙ උප්පන්නො බහුන්නං සත්තානං අහිතාය දුක්ඛාය අනත්ථායාය ව්යසනායාති.
Sinhala BJTමහණෙනි, යමෙක් මෙසේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට නොවැඩ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ ද, මහණෙනි, මස්කරි මෝඝපුරුෂයා බඳු අන් එක පුඟුලකු මම නො දක්මි. මහණෙනි, යම්සේ හෝමුවදොර බොහෝ මස්නට අහිත පිණිස දුක් පිණිස නොවැඩ පිණිස වැසන පිණිස කෙමිනක් බහා ලන්නේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මස්කරි මෝඝපුරුෂයා බොහෝ සත්නට අහිත පිණිස දුක් පිණිස නොවැඩ පිණිස වැසන පිණිස ලෙව්හි උපන් මිනිස් කෙමිනක් බඳු වේ.
Pali BJT1. 16. 3. 5.
Sinhala BJT1. 16. 3. 5.
Pali BJTදුරක්ඛාතෙ භික්ඛවෙ ධම්මවිනයෙ යො ච සමාදපෙති, යඤ්ච සමාදපෙති, යො ච සමාදපිතො තථත්තාය පටිපජ්ජති, සබ්බෙ තෙ බහුං අපුඤ්ඤං පසවන්ති. තං කිස්ස හෙතු: දුරක්ඛාතත්තා භික්ඛවෙ ධම්මස්ස.
Sinhala BJTමහණෙනි, වරදවා දෙසන ලද බාහිරක ශාසනයෙහි යමෙකුත් සමාදන් කරවා නම්, යමකුදු ලවා සමාදන් කරවා නම්, සමාදන් කරවන ලද යම් අතැවැසියෙකුත් ඒ පිණිස පිළිපදනේ නම්, ඒ හැම දෙන බොහෝ පව් රැස් කෙරෙත්. ඒ කවරහෙයින: මහණෙනි, ඒ ශාසනය වරදවා දෙසන ලද බැවිනි.
Pali BJT1. 16. 3. 6.
Sinhala BJT1. 16. 3. 6.
Pali BJTස්වාක්ඛාතෙ භික්ඛවෙ ධම්මවිනයෙ යො ච සමාදපෙති, යඤ්ච සමාදපෙති, යො ච සමාදපිතො තථත්තාය පටිපජ්ජති, සබ්බෙ තෙ බහුං පුඤ්ඤං පසවන්ති. තං කිස්ස හෙතු: ස්වාක්ඛාතත්තා භික්ඛවෙ ධම්මස්සාති.
Sinhala BJTමහණෙනි, මොනොවට (ඒකාන්තනෛර්‍ය්‍යාණිකභාවයෙන්) දෙසන ලද ශාසනයෙහි යමෙකුත් සමාදන් කරවා නම්, යමකුදු ලවා සමාදන් කරවා නම්, සමාදන් කරවන ලද යම් අතැවැසියෙකුත් ඒ පිණිස පිළිපදනේ නම්, ඒ හැම දෙන බොහෝ පින් රැස් කෙරෙත්. ඒ කවරහෙයින: මහණෙනි, ශාසනය මොනොවට දෙසන ලද බැවිනි.
Pali BJT1. 16. 3. 7.
Sinhala BJT1. 16. 3. 7.
Pali BJTදුරක්ඛාතෙ භික්ඛවෙ ධම්මවිනයෙ දායකෙන මත්තා ජානිතබ්බා, නො පටිග්ගාහකෙන. තං කිස්ස හෙතු: දුරක්ඛාතත්තා භික්ඛවෙ ධම්මස්ස.
Sinhala BJTමහණෙනි, වරදවා දෙසන ලද බාහිරකශාසනයෙහි දායකයා විසින් පමණ දත යුතු වෙයි. ප්‍රතිග්‍රාහකයා විසින් නොදත යුතු වේ. ඒ කවරහෙයින: මහණෙනි, ශාසනය වරදවා දෙසන ලද බැවිනි.
Pali BJT1. 16. 3. 8.
Sinhala BJT1. 16. 3. 8.
Pali BJTස්වාක්ඛාතෙ භික්ඛවෙ ධම්මවිනයෙ පටිග්ගාහකෙන මත්තා ජානිතබ්බා, නො දායකෙන. තං කිස්ස හෙතු: ස්වාක්ඛාතත්තා භික්ඛවෙ ධම්මස්සාති.
Sinhala BJTමහණෙනි, මොනොවට දෙසන ලද ශාසනයෙහි ප්‍රතිග්‍රාහකයා විසින් පමණ දත යුතු වෙයි. දායකයා විසින් නොදත යුතු වේ. ඒ කවරහෙයින: මහණෙනි, ශාසනය මොනොවට දෙසන ලද බැවිනි.
Pali BJT1. 16. 3. 9.
Sinhala BJT1. 16. 3. 9.
Pali BJTදුරක්ඛාතෙ භික්ඛවෙ ධම්මවිනයෙ යො ආරද්ධවිරියො, සො දුක්ඛං විහරති. තං කිස්ස හෙතු: දුරක්ඛාතත්තා භික්ඛවෙ ධම්මස්ස.
Sinhala BJTමහණෙනි, වරදවා දෙසන ලද බාහිරකශාසනයෙහි යමෙක් පටන්ගත් වැර ඇතියේ ද, හේ දුකසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්‍මය වරදවා දෙසන ලද බැවිනි.
Pali BJT1. 16. 3. 10.
Sinhala BJT1. 16. 3. 10.
Pali BJTස්වාක්ඛාතෙ භික්ඛවෙ ධම්මවිනයෙ යො කුසීතො, සො දුක්ඛං විහරති. තං කිස්ස හෙතු: ස්වාක්ඛාතත්තා භික්ඛවෙ ධම්මස්සාති.
Sinhala BJTමහණෙනි, මොනොවට දෙසන ලද ශාසනයෙහි යමෙක් කුසීත (තුන් විතක් ඇති) වේ ද, හේ දුකසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්‍මය මනාකොට දෙසන ලද බැවිනි.
Pali BJT1. 16. 3. 11.
Sinhala BJT1. 16. 3. 11.
Pali BJTදුරක්ඛාතෙ භික්ඛවෙ ධම්මවිනයෙ යො කුසීතො, සො සුඛං විහරති. තං කිස්ස හෙතු: දුරක්ඛාතත්තා භික්ඛවෙ ධම්මස්ස.
Sinhala BJTමහණෙනි, වරදවා දෙසන ලද බාහිරක ශාසනයෙහි යමෙක් කුසීත වේ ද, හේ සුවසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්‍මය වරදවා දෙසන ලද බැවිනි.
Pali BJT1. 16. 3. 12.
Sinhala BJT1. 16. 3. 12.
Pali BJTස්වාක්ඛාතෙ භික්ඛවෙ ධම්මවිනයෙ යො ආරද්ධවිරියො, සො සුඛං විහරති. තං කිස්ස හෙතු: ස්වාක්ඛාතත්තා භික්ඛවෙ ධම්මස්සාති.
Sinhala BJTමහණෙනි, මොනොවට දෙසන ලද ශාසනයෙහි යමෙක් පටන්ගත් වැර ඇතියේ ද, හේ සුවසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්‍මය මොනොවට දෙසන ලද බැවිනි.
Pali BJT1. 16. 3. 13.
Sinhala BJT1. 16. 3. 13.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ අප්පමත්තකොපි ගූථො දුග්ගන්ධො හොති, එවමෙවං ඛො අහං භික්ඛවෙ අප්පමත්තකම්පි භවං න වණ්ණෙමි, අන්තමසො අච්ඡරාසඞ්ඝාතමත්තම්පීති.
Sinhala BJTමහණෙනි, යම්සේ අල්පමාත්‍ර වූත් ගූථය දුගඳ වේ ද, එසෙයින් ම මම අල්පමාත්‍ර කාලයකුදු යටතින් ඇඟිලිපොළනකල් පමණකුදු භවප්‍රතිසන්‍ධිය නො වණමි.
Pali BJT1. 16. 3. 14-17.
Sinhala BJT1. 16. 3. 14-17.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ අප්පමත්තකම්පි මුත්තං දුග්ගන්ධං හොති -පෙ- අප්පමත්තකොපි ඛෙළො දුග්ගන්ධො හොති -පෙ- අප්පමත්තකොපි පුබ්බො දුග්ගන්ධො හොති -පෙ- අප්පමත්තකම්පි ලොහිතං දුග්ගන්ධං හොති, එවමෙවං ඛො අහං භික්ඛවෙ අප්පමත්තකම්පි භවං න වණ්ණෙමි, අන්තමසො අච්ඡරාසඞ්ඝාතමත්තම්පීති.
Sinhala BJTමහණෙනි, යම්සේ අල්පමාත්‍ර වූ ද මුත්‍රය දුඟද වේ ද ... අල්පමාත්‍ර වූ ද කෙළ දුඟද වේ ද ... අල්පමාත්‍ර වූ ද පූයා දුඟද වේ ද ... අල්පමාත්‍ර වූ ද ලෙහෙ දුඟද වේ ද, මහණෙනි, එසෙයින් ම අල්පමාත්‍රකාලයකුදු යටත් පිරිසෙයින් ඇඟිලිවටන කලක් පමණකුදු භවය මම නො වණමි.
Pali BJTවග්ගො තතියො.
Sinhala BJTතෙවන වග යි.
Pali BJT[4. ජම්බුදීපපෙය්යාලො]
Sinhala BJT[4. ජම්බුදීපපෙය්‍යාලය]
Pali BJT1. 16. 4. 1.
Sinhala BJT1. 16. 4. 1.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ අප්පමත්තකං ඉමස්මිං ජම්බුදීපෙ ආරාමරාමණෙය්යකං වනරාමණෙය්යකං භූමිරාමණෙය්යකං පොක්ඛරණීරාමණෙය්යකං. අථ ඛො එතදෙව බහුතරං යදිදං උක්කූලවිකූලං නදීවිදුග්ගං ඛාණුකණ්ටකාධානං{1} පබ්බතවිසමං. එවමෙවං ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ ථලජා. අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ ඔදකා.
Sinhala BJTමහණෙනි, මේ දඹදිව අරම් රමණීය, වන රමණීය, බිම් රමණීය, පොකුණු රමණීය යම්සේ අල්පමාත්‍ර වේ ද, වැලිදු ගොඩ හා හෝකඩ බුනු තැන් ද, නදී දුර්‍ග ද, කණු කටු පිහිටි තැන් ද, ගිරි විෂමස්ථාන ද යන මෙය ම ඉබොහෝ වේ, මහණෙනි, එපරිද්දෙන් ම යම් සත්ත්‍ව කෙනෙක් ගොඩ උපදනාහු ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් දියෙහි උපදනාහු ද තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
Pali BJT1. 16. 4. 2.
Sinhala BJT1. 16. 4. 2.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ අඤ්ඤත්ර මනුස්සෙහි පච්චාජායන්ති.
Sinhala BJT... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් මිනිසුන් හැරපියා (නිරෑහි) උපදිත් ද, ඒ සත්ත්‍වයෝ ම බහුතර වෙති.
Pali BJT1. 16. 4. 3.
Sinhala BJT1. 16. 4. 3.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ පච්චන්තිමෙසු ජනපදෙසු පච්චාජායන්ති අවිඤ්ඤාතාරෙසු මිලක්ඛෙසු.
Sinhala BJT... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් මධ්‍යම ජනපදයෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අඥ වූ ම්ලෙච්ඡයන් ඇති පසල්දනවුහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ ම බහුතර වෙති.
Pali BJT1. 16. 4. 4.
Sinhala BJT1. 16. 4. 4.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ පඤ්ඤවන්තො අජළා අනෙළමූගා පටිබලා සුභාසිතදුබ්භාසිතස්ස අත්ථමඤ්ඤාතුං. අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ දුප්පඤ්ඤා ජළා එළමූගා න පටිබලා සුභාසිතදුබ්භාසිතස්ස අත්ථමඤ්ඤාතුං.
Sinhala BJT... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් පැණවත් වෙත් ද, මූඪ නො වෙත් ද, වහතොලු නො වෙත් ද, සුභාෂිත දුර්‍භාෂිතයන්ගේ අර්‍ත්‍ථ දන්නට සමත් වෙත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් දුෂ්ප්‍රාඥ ද, මූඪ ද, වහතොලු ද, සුභාෂිත දුර්‍භාෂිතයන් ගේ අර්‍ත්‍ථ දන්නට අසමත් ද ඒ සත්ත්‍වයෝ ම බහුතර වෙති.
Pali BJT1. 16. 4. 5.
Sinhala BJT1. 16. 4. 5.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ අරියෙන පඤ්ඤාචක්ඛුනා සමන්නාගතා. අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ අවිජ්ජාගතා සම්මූළ්හා.
Sinhala BJT... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් ආර්‍ය්‍ය වූ ප්‍රඥාචක්‍ෂුසින් සමන්‍විත වෙත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අවිදු අඳුරෙන් යුක්ත වූවාහු මුළා වූවාහු ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
Pali BJT1. 16. 4. 6.
Sinhala BJT1. 16. 4. 6.
Pali BJT-පෙ- එවමෙවං ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ ලභන්ති තථාගතං දස්සනාය. අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ න ලභන්ති තථාගතං දස්සනාය.
Sinhala BJT... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබත් ද, ඒ සත්ත්‍වයෝ ම අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට නො ලබත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
Pali BJT1. 16. 4. 7.
Sinhala BJT1. 16. 4. 7.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ ලභන්ති තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවණාය. අථ ඛො එතෙව සත්තා බහුතරා, යෙ න ලභන්ති තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවනාය.
Sinhala BJT... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ විසින් සිවුසස් පවසා වදහළ ධර්‍මවිනය අසන්නට ලබත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ විසින් (සිවුසස්) හෙළි කොට වදාළ ධර්‍මවිනය අසන්නට නො ලබත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
Pali BJT1. 16. 4. 8.
Sinhala BJT1. 16. 4. 8.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ සුත්වා ධම්මං ධාරෙන්ති. අථ ඛො එතෙව සත්තා බහුතරා, යෙ සුත්වා ධම්මං න ධාරෙන්ති.
Sinhala BJT... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් අසා පෙළ දරත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අසා පෙළ නො දරත් ද තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
Pali BJT1. 16. 4. 9.
Sinhala BJT1. 16. 4. 9.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ ධතානං{1} ධම්මානං අත්ථං උපපරික්ඛන්ති. අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ ධතානං ධම්මානං අත්ථං න උපපරික්ඛන්ති.
Sinhala BJT... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් පුහුණු පෙළ අරුත් පිරික්සත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් දැරු පෙළ අරුත් නො පිරික්සත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
Pali BJT1. 16. 4. 10.
Sinhala BJT1. 16. 4. 10.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජන්ති. අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ{2} අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං න පටිපජ්ජන්ති.
Sinhala BJT... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් අටුවා දැන පෙළ දැන ධර්‍මානුධර්‍මය (ලොව්තුරා දහමට අනුලොම් පිළිවෙත) පිළිපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අරුත් දැන පෙළ දැන ධර්‍මානුධර්‍මය නො පිළිපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
Pali BJT1. 16. 4. 11.
Sinhala BJT1. 16. 4. 11.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ සංවෙජනීයෙසු{3} ඨානෙසු සංවිජ්ජන්ති. අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ සංවෙජනීයෙසු ඨානෙසු න සංවිජ්ජන්ති.
Sinhala BJT... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් සංවේග ජනන කරුණෙහි (ජාත්‍යාදියෙහි ලා) සංවේග (සාපත්‍රපඥාන) කෙරෙත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් සංවේග ජනන කරුණෙහි සංවේග නො කෙරෙත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
Pali BJT1. 16. 4. 12.
Sinhala BJT1. 16. 4. 12.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ සංවිග්ගා යොනිසො පදහන්ති. අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ සංවිග්ගා යොනිසො න පදහන්ති.
Sinhala BJT... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් සංවිග්න වූවාහු උපා නුවණින් ප්‍රධන් වැර වඩත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් සංවිග්න වූවාහු නුවණින් වැර නො වඩත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
Pali BJT1. 16. 4. 13.
Sinhala BJT1. 16. 4. 13.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ වවස්සග්ගාරම්මණං කරිත්වා ලභන්ති සමාධිං{4}, ලභන්ති චිත්තස්ස{5} එකග්ගං. අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ වවස්සග්ගාරම්මණං කරිත්වා න ලභන්ති සමාධිං, න ලභන්ති චිත්තස්ස එකග්ගං.
Sinhala BJT... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් නිවන් අරමුණු කොට මාර්‍ගඵලසමාධිය ලබත් ද, චිතෛතකාග්‍රය ලබත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් නිවන් අරමුණු කොට සමාධිය නො ලබත් ද චිත්තෛකාග්‍රය නො ලබත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
Pali BJT1. 16. 4. 14.
Sinhala BJT1. 16. 4. 14.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ අන්නග්ගරසග්ගානං ලාභිනො. අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ අන්නග්ගරසග්ගානං න ලාභිනො උඤ්ඡෙන කපාලාභතෙන යාපෙන්ති.
Sinhala BJT... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් අග්‍ර වූ පඤ්චභෝජයන් හා අග්‍ර වූ රස ලබනසුලු වෙත් ද, තෙල සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අග්‍ර ආහාර හා අග්‍ර රස නො ලබන සුලු වෙත් ද අසුළා ගත් වනමූලඵලයෙන් හෝ කබලින් අළ අහරින් හෝ යපෙත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
Pali BJT1. 16. 4. 15.
Sinhala BJT1. 16. 4. 15.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස ලාභිනො. අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස න ලාභිනො. තස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස ලාභිනො භවිස්සාමාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJT... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් (චතුඃ ශ්‍රාමණ්‍යඵල සඞ්ඛ්‍යාත) අර්‍ත්‍ථරසයත් (චතුර් මාර්‍ග සඞ්ඛ්‍යාත) ධර්‍මරසයත් (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) විමුක්තිරසයත් ලබනසුලු වෙත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අර්‍ත්‍ථරස ධර්‍මරස විමුක්තිරස නොලබන සුලු වෙත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති. මහණෙනි, එහෙයින් ‘අර්‍ත්‍ථරසය - ධර්‍මරසය - විමුක්තිරසය ලබන සුලු වම්හ’යි මෙසෙයින් හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසෙයින් හික්මිය යුතුයි.
Pali BJT1. 16. 4. 16-18.
Sinhala BJT1. 16. 4. 16-18.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ අප්පමත්තකං ඉමස්මිං ජම්බුදීපෙ ආරාමරාමණෙය්යකං වනරාමණෙය්යකං භූමිරාමණෙය්යකං පොක්ඛරණීරාමණෙය්යකං, අථ ඛො එතදෙව බහුතරං යදිදං උක්කූලවිකූලං නදීවිදුග්ගං ඛාණුකණ්ටකාධානං{1} පබ්බතවිසමං. එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ මනුස්සා චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව සත්තා බහුතරා, යෙ මනුස්සා චුතා නිරයෙ පච්චාජායන්ති, -පෙ- තිරච්ඡානයොනියා පච්චාජායන්ති, -පෙ- පෙත්තිවිසයෙ පච්චාජායන්ති.
Sinhala BJTමහණෙනි, යම්සේ මෙ දඹදිව අරම් රමණීය, වන රමණීය, බිම් රමණීය, පොකුණු රමණීය අල්පමාත්‍ර වේ. වැලිදු යම් ගොඩවළ තැන්, නදීදුර්‍ග, කණු කටු ගැවසීගත් තැන් හා පර්‍වත විෂමස්ථාන ඇත් ද, මෙයම බහුතර වේ. මහණෙනි, එපරිද්දෙන් ම යම් සත්ත්‍ව කෙනෙක් මිනිසත් බැවින් ච්‍යුත වූවාහු මනුෂ්‍යයන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් මිනිසත් බැවින් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති. ... තිරිසන්යොන්හි උපදිත් ද, ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
Pali BJT1. 16. 4. 19-21.
Sinhala BJT1. 16. 4. 19-21.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ මනුස්සා චුතා දෙවෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව සත්තා බහුතරා, යෙ මනුස්සා චුතා නිරයෙ පච්චාජායන්ති. -පෙ- තිරච්ඡානයොනියා පච්චාජායන්ති. -පෙ- පෙත්තිවිසයෙ පච්චාජායන්ති.
Sinhala BJT... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් මිනිසත් බැවින් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් මිනිසත් බැවින් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
Pali BJT1. 16. 4. 22-24.
Sinhala BJT1. 16. 4. 22-24.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ දෙවා චුතා දෙවෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව සත්තා බහුතරා, යෙ දෙවා චුතා නිරයෙ පච්චාජායන්ති. -පෙ- අථ ඛො එතෙව සත්තා බහුතරා, යෙ තිරච්ඡානයොනියා පච්චාජායන්ති. -පෙ- පෙත්තිවිසයෙ පච්චාජායන්ති.
Sinhala BJT... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙත් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
Pali BJT1. 16. 4. 25-27.
Sinhala BJT1. 16. 4. 25-27.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ දෙවා චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ දෙවා චුතා නිරයෙ පච්චාජායන්ති. -පෙ- තිරච්ඡානයොනියා පච්චාජායන්ති. -පෙ- පෙත්තිවිසයෙ පච්චාජායන්ති.
Sinhala BJT... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත වූවාහු මනුෂ්‍යන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙත් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
Pali BJT1. 16. 4. 28-30.
Sinhala BJT1. 16. 4. 28-30.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ නිරයා චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ නිරයා චුතා නිරයෙ පච්චාජායන්ති. -පෙ- තිරච්ඡානයොනියා පච්චාජායන්ති. -පෙ- පෙත්තිවිසයෙ පච්චාජායන්ති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
Pali BJT1. 16. 4. 31-33.
Sinhala BJT1. 16. 4. 31-33.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා, යෙ නිරයා චුතා දෙවෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ නිරයා චුතා නිරයෙ පච්චාජායන්ති. -පෙ- තිරච්ඡානයොනියා පච්චාජායන්ති. -පෙ- පෙත්තිවිසයෙ පච්චාජායන්ති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
Pali BJT1. 16. 4. 34-36.
Sinhala BJT1. 16. 4. 34-36.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ තිරච්ඡානයොනියා චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ තිරච්ඡානයොනියා චුතා නිරයෙ පච්චාජායන්ති. -පෙ- තිරච්ඡානයොනියා පච්චාජායන්ති. -පෙ- පෙත්තිවිසයෙ පච්චාජායන්ති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් තිරිසන්යෝනියෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් තිරිසන්යෝනියෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
Pali BJT1. 16. 4. 37-39.
Sinhala BJT1. 16. 4. 37-39.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ තිරච්ඡානයොනියා චුතා දෙවෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ තිරච්ඡානයොනියා චුතා නිරයෙ පච්චාජායන්ති. -පෙ- තිරච්ඡානයොනියා පච්චාජායන්ති. -පෙ- පෙත්තිවිසයෙ පච්චාජායන්ති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් තිරිසන්යෝනියෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් තිරිසන්යෝනින් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන් යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
Pali BJT1. 16. 4. 40-42.
Sinhala BJT1. 16. 4. 40-42.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ පෙත්තිවිසයා චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ පෙත්තිවිසයා චුතා නිරයෙ පච්චාජායන්ති. -පෙ- තිරච්ඡානයොනියා පච්චාජායන්ති. -පෙ- පෙත්තිවිසයෙ පච්චාජායන්ති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
Pali BJT1. 16. 4. 43-45.
Sinhala BJT1. 16. 4. 43-45.
Pali BJT-පෙ- එවමෙව ඛො භික්ඛවෙ අප්පකා තෙ සත්තා යෙ පෙත්තිවිසයා චුතා දෙවෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ පෙත්තිවිසයා චුතා නිරයෙ පච්චාජායන්ති. -පෙ- තිරච්ඡානයොනියා පච්චාජායන්ති. -පෙ- පෙත්තිවිසයෙ පච්චාජායන්ති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
Pali BJT[ජම්බුදීප පෙය්යාලො නිට්ඨිතො]
Sinhala BJT[ජම්බූද්වීප පෙය්‍යාලය නිමි]
Pali BJTවග්ගො චතුත්ථො.
Sinhala BJTසතරවන වග යි.
Pali BJT[5. සොළසපසාදකරධම්මා]
Sinhala BJT[5. සොළොස්ප්‍රසාදකරධර්‍ම]
Pali BJT1. 16. 5. 1-16.
Sinhala BJT1. 16. 5. 1-16.
Pali BJTඅද්ධමිදං භික්ඛවෙ ලාභානං යදිදං ආරඤ්ඤකත්තං{1} - පිණ්ඩපාතිකත්තං - පංසුකූලිකත්තං - තෙචීවරිකත්තං - ධම්මකථිකත්තං - විනයධරත්තං{2} - බාහුසච්චං - ථාවරෙය්යං - ආකප්පසම්පදා -පරිවාරසම්පදා - මහාපරිවාරතා - කොලපුත්තී - වණ්ණපොක්ඛරතා - කල්යාණවාක්කරණතා - අප්පිච්ඡතා - අප්පාබාධතාති.
Sinhala BJTමහණෙනි, යම් ආරණ්‍යක බවෙක් වේ ද, ... පිණ්ඩපාතික බවෙක් වේ ද, ... පංසුකූලික බවෙක් වේ ද, ... තෙචීවරික බවෙක් වේ ද, ... ධර්‍මකථික බවෙක් වේ ද, ... විනයධර බවෙක් වේ ද, ... බහුශ්‍රුත බවෙක් වේ ද, ... ස්ථාවරප්‍රාප්ත බවෙක් වේ ද, ... ආකල්පසම්පත්තියෙක් වේ ද, ... පරිවාරසම්පත්තියෙක් වේ ද, ... මහපිරිවර ඇති බවෙක් වේ ද, ... කුලපුත් බවෙක් වේ ද, ... රූපසම්පන්න බවෙක් වේ ද, ... බස්කම්හි මියුරු හඬ ඇති බවෙක් වේ ද, ... අල්පෙච්ඡ බවෙක් වේ ද, ... ආරෝග්‍යසම්පත්තියෙක් වේ ද, මෙය ලාභයන් අතුරෙහි ඒකාන්ත ලාභය වේ.
Pali BJT[සොළස පසාදකරධම්මා නිට්ඨිතා.]
Sinhala BJT[සොළොස්ප්‍රසාදකරධර්‍ම නිමි]
Pali BJTවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වන වග යි.
Pali BJT[6. අච්ඡරාසඞ්ඝාතවග්ගො{*}]
Sinhala BJT[6. අච්ඡරාසඞ්ඝාත වර්‍ගය]
Pali BJT1. 16. 6. 1.
Sinhala BJT1. 16. 6. 1.
Pali BJTඅච්ඡරාසඞ්ඝාතමත්තම්පි චෙ භික්ඛවෙ භික්ඛු පඨමං ඣානං{3} භාවෙති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අරිත්තජ්ඣානො විහරති, සත්ථුසාසනකරො ඔවාදපතිකරො අමොඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති. කො පන වාදො යෙ නං බහුලීකරොන්ති
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ ඇගිලි පොළන පමණ කලෙකුදු ප්‍රථමධ්‍යානය භවා නම්, මහණෙනි, මේ මහණ නො හළ දැහැන් ඇතිව වසතියි කියනු ලැබේ. ශාස්තෘශාසනය කරන්නේ (ශාස්තෲන් වහන්සේගේ) අවවාදය පිළිපදනේ රට වැසියාගේ (සවිපාක හෙයින්) නො සිස් වූ පිණ්ඩපාතය වළඳතියි කියනු ලැබේ. යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම් කවර කථා ය.
Pali BJT1. 16. 6. 2-8.
Sinhala BJT1. 16. 6. 2-8.