Pali BJTඅට්ඨානං ඛො එතං බ්රාහ්මණ අනවකාසො යං අසප්පුරිසො අසප්පුරිසං ජානෙය්ය ‘අසප්පුරිසො අයං භවන්ති’.
Sinhala BJTබමුණ, ‘මේ භවත් අසත්පුරුෂය’යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේ ය යන මෙය නොවනසුලු ය. වන්නට අවකාශ ද නැත.
Pali BJTජානෙය්ය පන භො ගොතම අසප්පුරිසො සප්පුරිසං ‘සප්පුරිසො අයං භවන්ති?
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ‘මේ භවත් සත්පුරුෂය’ යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේ වේ ද?
Pali BJTඑතම්පි ඛො බ්රාහ්මණ අට්ඨානං අනවකාසො යං අසප්පුරිසො සප්පුරිසං ජානෙය්ය ‘සප්පුරිසො අයං භවන්ති’
Sinhala BJTබමුණ, ‘මේ භවත් සත්පුරුෂය’යි අසත්පුරුෂයෙක් සත්පුරුෂයකු දන්නේ ය යන මෙ ද නොවනසුලු ය. වන්නට අවකාශ ද නැත.
Pali BJTජානෙය්ය, පන භො ගොතම සප්පුරිසො සප්පුරිසං ‘සප්පුරිසො අයං භවන්ති?
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ‘මේ භවත් සත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් සත්පුරුෂයකු දැනගන්නේ වේ ද?
Pali BJTඨානං ඛො එතං බ්රාහ්මණ විජ්ජති, යං සප්පුරිසො සප්පුරිසං ජානෙය්ය ‘සප්පුරිසො අයං භවන්ති’
Sinhala BJTබමුණ, ‘මේ භවත් සත්පුරුෂය’යි සත්පුරුෂයෙක් සත්පුරුෂයකු දැනගන්නේ ය යන මෙය වනසුලු ය.
Pali BJTජානෙය්ය පන භො ගොතම සප්පුරිසො අසප්පුරිසං ‘අසප්පුරිසො අයං භවන්ති’?
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ‘මේ භවත් අසත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දැනගන්නේ වේ ද?
Pali BJTඑතම්පි ඛො බ්රාහ්මණ ඨානං විජ්ජති, යං සප්පුරිසො අසප්පුරිසං ජානෙය්ය ‘අසප්පුරිසො අයං භවන්ති’.
Sinhala BJTබමුණ, ‘මේ භවත් අසත්පුරුෂය’යි සත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දැනගන්නේ ය යන මේද වනසුලු වෙයි.
Pali BJTඅච්ඡරියං භො ගොතම අබ්භුතං භො ගොතම, යාව සුභාසිතං චිදං භොතා ගොතමෙන : “අට්ඨානං ඛො එතං බ්රාහ්මණ අනවකාසො යං අසප්පුරිසො අසප්පුරිසං ජානෙය්ය ‘අසප්පුරිසො අයං භවන්ති.’ එතම්පි ඛො බ්රාහ්මණ අට්ඨානං අනවකාසො, යං අසප්පුරිසො සප්පුරිසං ජානෙය්ය ‘සප්පුරිසො අයං භවන්ති.’ ඨානං ඛො එතං බ්රාහ්මණ විජ්ජති යං සප්පුරිසො සප්පුරිසං ජානෙය්ය ‘සප්පුරිසො අයං භවන්ති.’ එතම්පි ඛො බ්රාහ්මණ ඨානං විජ්ජති, යං සප්පුරිසො අසප්පුරිසං ජානෙය්ය’ අසප්පුරිසො අයං භවන්ති.’
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යය, භවත් ගෞතමයන් වහන්ස අද්භූතය, භවත් ගෞතමයන් වහන්සේ විසින් මෙය යාවත් සුභාෂිතය (පරමසුභාෂිතයි). “බමුණා” ‘මේ භවත් අසත්පුරුෂය’ යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දැනගන්නේ ය යන මේ අකාරණය, වන්නට අවකාශ නැතැයි ද, ‘මේ භවත් සත්පුරුෂය’ යි අසත්පුරුෂයෙක් සත්පුරුෂයකු දැනගන්නේ ය යන මෙ ද අහේතුකය, අනවකාශය යි ද, බමුණ, ‘මේ භවත් සත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් සත්පුරුෂයකු දැනගන්නේ ය යන මෙය වනසුලු වෙයි ද, බමුණ, ‘මේ භවත් අසත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දැනගන්නේ ය යන මෙ ද වනසුලු වේ ය” යනුයි.
Pali BJTඑකමිදං භො ගොතම සමයං තොදෙය්යස්ස බ්රාහ්මණස්ස පරිසතිං පරූපාරම්භං වත්තෙන්ති : බාලො අයං රාජා එලෙය්යො යො සමණෙ රාමපුත්තෙ අභිප්පසන්නො, සමණෙ ච පන රාමපුත්තෙ එවරූපං පරමනිපච්චකාරං කරොති: යදිදං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මන්ති. ඉමෙපි රඤ්ඤො එලෙය්යස්ස පරිහාරකා බාලා, යමකො මොග්ගල්ලො උග්ගො නාවින්දකී ගන්ධබ්බො අග්ගිවෙස්සො, යෙ සමණෙ රාමපුත්තෙ අභිප්පසන්නා, සමණෙ ච පන රාමපුත්තෙ එවරූපං පරමනිපච්චකාරං කරොන්ති: යදිදං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, එක්සමයක තුදි ගම්වැසි තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ මුළුදුන් පිරිසෙහි මෙබඳු මෙරමා ගැරහීමක් බෙණෙත්: “රාමපුත්‍ර වූ (උද්‍රක) ශ්‍රමණයා කෙරෙහි පහන්, රාමපුත්‍රශ්‍රමණයා කෙරෙහි අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම යන මෙබඳු පරමනිපත්‍යකාරයෙක් (අත්‍යර්‍ත්‍ථයෙන් යටත් පැවතුම්) කරණ මේ එලෙය්‍ය රජ බාලයෙක. රාමපුත්‍රශ්‍රමණයා කෙරෙහි පහන්, රාපුත්‍රශ්‍රමණයා කෙරෙහි අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම යන මෙබඳු පරමනිපත්‍යකාරය කරණ යමකය, මොග්ගල්ලය, උග්ගය, නාවින්‍දකීය, ගන්‍ධබ්බය, අග්ගිවෙස්සය, යන මේ එලෙය්‍ය රජුගේ පරිවාරකයෝ ද බාලයෝ” ය කියා යි.
Pali BJTත්යාස්සුදං තොදෙය්යො බ්රාහ්මණො ඉමිනා නයෙන නෙති. තං කිං මඤ්ඤන්ති භොන්තො පණ්ඩිතො රාජා එලෙය්යො කරණීයාධිකරණීයෙසු වචනීයාධිවචනීයෙසු අලමත්ථදසතරෙහි අලමත්ථදසතරොති.
Sinhala BJTතෝදෙය්‍ය බමුණු (සියපිරිස හුන්) ඔවුන් මේ ක්‍රමයෙන් හඳුන්වයි: “භවත්නි, ඒ කිම හඟිත් ද, කළයුතු කිස හා අතිරේක කිසෙහි, කියයුත්ත හා අතිරේක ව කියයුත්තෙහි එලෙය්‍යරජ පණ්ඩිත වේ ද, ඡේකයන් අතුරෙන් ඡේක වේ ද?
Pali BJTඑවං භො, පණ්ඩිතො රාජා එලෙය්යො කරණීයාධිකරණීයෙසු වචනීයාධිවචනීයෙසු අලමත්ථදසතරෙහි අලමත්ථදසතරොති.
Sinhala BJTභවත්නි, එසේ ය. කළයුතු කිස හා අතිරේක කිසෙහි, කියයුත්ත හා අතිරේකව කියයුත්තෙහි එලෙය්‍යරජ පණ්ඩිත ය. ඡේකයන් අතුරෙනුත් ඡේකය.
Pali BJTයස්මා ච ඛො භො සමණො රාමපුත්තො රඤ්ඤා එලෙය්යෙන පණ්ඩිතෙන පණ්ඩිතතරො කරණීයාධිකරණීයෙසු වචනීයාධිවචනීයෙසු අලමත්ථදසතරෙන අලමත්ථදසතරො, තස්මා රාජා එලෙය්යො සමණෙ රාමපුත්තෙ අභිප්පසන්නො, සමණෙ ච පන රාමපුත්තෙ එවරූපං පරමනිපච්චකාරං කරොති: යදිදං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං.
Sinhala BJTභවත්නි, යම් හෙයෙකින් ශ්‍රමණරාමපුත්‍ර පණ්ඩිත එලෙය්‍ය රජුට වඩා කටයුතු කිස හා අතිරේක කිසෙහි, කියයුත්ත හා අතිරේක කියයුත්තෙහි පණ්ඩිතතර වේ ද, ඡේකරජුට වඩා ඡේක වේ ද, එහෙයින් එලෙය්‍ය රජ ශ්‍රමණ රාමපුත්‍රයා කෙරෙහි පැහැදුනේ ශ්‍රමණ රාමපුත්‍රයා කෙරෙහි අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම යන මෙබඳු පරමනිපච්චකාරය කෙරෙයි.
Pali BJTතං කිං මඤ්ඤන්ති භොන්තො, පණ්ඩිතා රඤ්ඤො එලෙය්යස්ස පරිහාරකා, යමකො මොග්ගල්ලො උග්ගො නාවින්දකී ගන්ධබ්බො අග්ගිවෙස්සො, කරණීයාධිකරණීයෙසු වචනීයාධිවචනීයෙසු අලමත්ථදසතරෙහි අලමත්ථදසතරාති.
Sinhala BJTභවත්නි, ඒ කිම හඟිද්ද, යමකය, මොග්ගල්ලය, උග්ගය, නාවින්‍දකීය, ගන්‍ධබ්බය, අග්ගිවෙස්සය යන එලෙය්‍ය රජුගේ පරිවාරකයෝ කළයුතු කිස හා ඉතිරි කිසෙහි, කියයුත්ත හා ඉතිරි ව කියයුත්තෙහි පණ්ඩිත වෙත් ද, ඡේකයනට වඩා ඡේක වෙත් ද?
Pali BJTඑවං භො. පණ්ඩිතා රඤ්ඤො එලෙය්යස්ස පරිහාරකා, යමකො මොග්ගල්ලො උග්ගො නාවින්දකී ගන්ධබ්බො අග්ගිවෙස්සො, කරණීයාධිකරණීයෙසු වචනීයාධිවචනීයෙසු අලමත්ථදසතරෙහි අලමත්ථදසතරාති.
Sinhala BJTභවත්නි, එසේය. යමකය, මොග්ගල්ලය, උග්ගය, නාවින්‍දකීය, ගන්‍ධබ්බය, අග්ගිවෙස්සය, යන එලෙය්‍ය රජුගේ පරිවාරකයෝ කළයුතු කිස හා ඉතිරි ව කළයුතු කිසෙහි, කියයුත්ත හා ඉතිරි ව කියයුත්තෙහි පණ්ඩිතයහ. ඡේකයනට වඩා ඡේකයහ.
Pali BJTයස්මා ඛො භො, සමණො රාමපුත්තො රඤ්ඤො එලෙය්යස්ස පරිහාරකෙහි පණ්ඩිතෙහි පණ්ඩිතතරො කරණීයාධිකරණීයෙසු වචනීයාධිවචනීයෙසු අලමත්ථදසතරෙහි අලමත්ථදසතරො. තස්මා රඤ්ඤො එලෙය්යස්ස පරිහාරකා සමණෙ රාමපුත්තෙ අභිප්පසන්නා සමණෙ ච පන රාමපුත්තෙ එවරූපං පරමනිපච්චකාරං කරොන්ති: යදිදං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මන්ති.
Sinhala BJTභවත්නි, යම් හෙයෙකින් ශ්‍රමණ රාමපුත්‍ර එලෙය්‍ය රජුගේ පණ්ඩිත පරිවාරකයනට වඩා කළයුතු කිස හා ඉතිරි ව කළයුතු කිසෙහි, කියයුත්ත හා ඉතිරි ව කියයුත්තෙහි පණ්ඩිතතර වේ ද, ඡේකපරිවාරකයනට වඩා ඡෙකතර වේ ද, එහෙයින් එලෙය්‍යරජුගේ පරිවාරකයෝ ශ්‍රමණ රාමපුත්‍රයා කෙරෙහි වෙසෙසින් පැහැදුනහ. ශ්‍රමණ රාමපුත්‍රයා කෙරෙහි අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම යන මෙබඳු පරම නිපත්‍යකාරය කෙරෙත්.
Pali BJTඅච්ඡරියං භො ගොතම අබ්භුතං භො ගොතම යාව සුභාසිතංමිදං භොතා ගොතමෙන : “අට්ඨානං ඛො එතං බ්රාහ්මණ අනවකාසො, යං අසප්පුරිසො අසප්පුරිසං ජානෙය්ය අසප්පුරිසො අයං භවන්ති. එතම්පි ඛො බ්රාහ්මණ අට්ඨානං අනවකාසො යං අසප්පුරිසො සප්පුරිසං ජානෙය්ය සප්පුරිසො අයං භවන්ති, ඨානං ඛො පනෙතං බ්රාහ්මණ විජ්ජති, යං සප්පුරිසො සප්පුරිසං ජානෙය්ය සප්පුරිසො අයං භවන්ති. එතම්පි ඛො බ්රාහ්මණ ඨානං විජ්ජති යං සප්පුරිසො අසප්පුරිසං ජානෙය්ය අසප්පුරිසො අයං භවන්ති.”
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි. භවත් ගෞතමයන් වහන්ස, අද්භූතයෙකි. භවත් ගෞතමයන් වහන්සේ විසින් තෙල පරමසුභාෂිත වෙයි: “බමුණ, මේ භවත් අසත්පුරුෂය’ යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේය යන මෙකරුණ නොවනසුලු ය, වන්නට අවකාශ නැත යනු ද, ‘මේ භවත් සත්පුරුෂය’ යි අසත්පුරුෂයෙක් සත්පුරුෂයකු දන්නේ ය යන මෙකරුණ ද අකාරණය වන්නට අනවකාශය’ යි ද, ‘මේ භවත් සත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් සත්පුරුෂයකු දන්නේ ය යන මෙකරුණ සහේතුක වේ ය යි ද, ‘මේ භවත් අසත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේ ය යන මෙකරුණ ද සහේතුකය” යි යන භාෂිත යි.
Pali BJTහන්ද චදානි මයං භො ගොතම ගච්ඡාම. බහුකිච්චා මයං බහුකරණීයාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, දැන් කලි අපි යම්හ. අපි බොහෝ කිස ඇත්තම්හ. බොහෝ කටයුතු ඇතියම්හ.
Pali BJTයස්සදානි ත්වං බ්රාහ්මණ කාලං මඤ්ඤසීති.
Sinhala BJTබමුණ, දැන් කලි තෝ යමකට කල් දනැ යි වදාළහ.
Pali BJTඅථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමීති.
Sinhala BJTඉක්බිති මගධ මහාමාත්‍ර වූ වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගී ගියේ ය.
Pali BJT4. 4. 4. 8.
Sinhala BJT4. 4. 4. 8.
Pali BJT[උපකසුත්තං]
Sinhala BJT[උපක සූත්‍රය]
Pali BJT38. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො උපකො මණ්ඩිකාපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උපකො මණ්ඩිකාපුත්තො භගවන්තං එතදවොච :
Sinhala BJT38. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එක්බිති මණ්ඩිකාපුත්‍ර උපක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් මණ්ඩිකාපුත්‍ර උපක භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:
Pali BJTඅහං හි භන්තෙ එවංවාදී එවංදිට්ඨි : යො කො චි පරූපාරම්භං වත්තෙති. පරූපාරම්භං වත්තෙන්තො සබ්බො සො{1} න උපපාදෙති{2}. අනුපපාදෙන්තො ගාරය්හො හොති උපවජ්ජොති.
Sinhala BJTවහන්ස, “මම යම් කිසිවෙක් පරගර්‍හා කියා ද, පරගර්‍හා කියන්නේ, එ හැම (කුසල්) සිදු නො කෙරේ, නොහොත් උපපාදනය (තම වචනය නිසි කිරීම) නො කෙරේ. උපපාදනය නො කරණුයේ, ගර්‍හණීය වේ. උපවාද කටයුතු ද වෙයි” යන මෙබඳු වාද ඇතියෙම්, මෙබඳු දෘෂ්ටි ඇතියෙම් වෙමි.
Pali BJTපරූපාරම්භං චෙ උපක වත්තෙති, පරූපාරම්භං වත්තෙන්තො න උපපාදෙති, අනුපපාදෙන්තො ගාරය්හො හොති උපවජ්ජො. ත්වං ඛො උපක පරූපාරම්භං වත්තෙසි. පරූපාරම්භං වත්තෙන්තො න උපපාදෙති. අනුපපාදෙන්තො ගාරය්හො හොසි උපවජ්ජොති.
Sinhala BJT“උපකය, ඉදින් පරගර්‍හා කෙරේ නම්, පරගර්‍හා කරණුයේ උපපාදනා නො කෙරේ නම්, උපපාදනා නො කරණුයේ ගර්‍හණීය වේ නම්, උපවාද කටයුතු වේ නම්, උපකය, තෝ පරගර්‍හා කෙරෙහි. පරගර්‍හා කරමින් උපපාදනා නො කෙරෙහි. උපපාදනා නො කරන්නෙහි ගර්‍හණීය වෙහි. උපවාද කටයුත්තෙහි ය” යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
Pali BJTසෙය්යථාපි භන්තෙ උම්මුජ්ජමානකං යෙව මහතා පාසෙන බන්ධෙය්ය. එවමෙව ඛො අහං භන්තෙ උම්මුජ්ජමානකො යෙව භගවතා මහතා වාදපාසෙන බද්ධො’ති.
Sinhala BJTවහන්ස, යම්සේ ඉල්පෙන්නා හා ම මහත් මළබැඳුමෙන් බඳනේ ද, වහන්ස, එපරිදි ම මම ඉල්පෙනුයෙම් ම භාග්‍යවතුන් වහන්සේ විසින් මහත් වාදපාසයෙන් බඳනා ලද්දෙමි.
Pali BJTඉදං අකුසලන්ති ඛො උපක මයා පඤ්ඤත්තං. තත්ථ අපරිමාණා පදා, අපරිමාණා බ්යඤ්ජනා, අපරිමාණා තථාගතස්ස ධම්මදෙසනා ඉතිපිදං අකුසලන්ති.
Sinhala BJTඋපකය, මා විසින් ‘මේ අකුසලැ’ යි පණවන ලදී. ඒ පැණවීමෙහි අපරිමාණ පදයෝ ය. අපරිමාණ ව්‍යඤ්ජනයෝ ය. ‘මෙසේත් මේ අකුශලය’ යන මෙහි තථාගතයන්ගේ අප්‍රමාණ ධර්‍මදේශනාවෝ ය.
Pali BJTතං ඛො පනිදං අකුසලං පහාතබ්බන්ති ඛො උපක මයා පඤ්ඤත්තං. තත්ථ අපරිමාණා පදා, අපරිමාණා බ්යඤ්ජනා, අපරිමාණා තථාගතස්ස ධම්මදෙසනා ඉතිපිදං අකුසලං පහාතබ්බන්ති.
Sinhala BJTඋපකය, ‘ඒ අකුශලය ප්‍රහාතව්‍යය’ යි මා විසින් පණවන ලදි. ඒ පැණවීමෙහි පදයෝ අපරිමාණයහ. ව්‍යඤ්ජනයෝ අපරිමාණයහ. ‘මෙසේත් මේ අකුශලය ප්‍රහාතව්‍යය’ යන මෙහි තථාගතයන්ගේ ධර්‍මදේශනා අප්‍රමාණය.
Pali BJTඉදං කුසලන්ති ඛො උපක මයා පඤ්ඤත්තං. තත්ථ අපරිමාණා පදා, අපරිමාණා බ්යඤ්ජනා, අපරිමාණා තථාගතස්ස ධම්මදෙසනා ඉතිපිදං කුසලන්ති.
Sinhala BJTඋපකය, ‘මේ කුසලැ’ යි මා විසින් පණවන ලදී. ඒ පැණවීමෙහි පදයෝ අපරිමාණයහ. ව්‍යඤ්ජනයෝ අපරිමාණයහ. ‘මෙසේත් මේ කුශලය’ යි යන මෙහි තථාගතයන්ගේ ධර්‍මදේශනා අප්‍රමාණය.
Pali BJTතං ඛො පනිදං කුසලං භාවෙතබ්බන්ති ඛො උපක මයා පඤ්ඤත්තං. තත්ථ අපරිමාණා පදා අපරිමාණා බ්යඤ්ජනා අපරිමාණා තථාගතස්ස ධම්මදෙසනා ඉතිපිදං කුසලං භාවෙතබ්බන්ති.
Sinhala BJTඋපකය, ‘ඒ කුශලය භාවිතව්‍යය’ යි මා විසින් පණවන ලදී. ඒ පැණවීමෙහි පදයෝ අපරිමාණයහ. ව්‍යඤ්ජනයෝ අපරිමාණයහ. ‘මෙසේත් මේ කුශලය භාවිතව්‍යය’ යන මෙහි තථාගතයන්ගේ ධර්‍මදේශනා අප්‍රමාණයි.
Pali BJTඅථ ඛො උපකො මණ්ඩිකාපුත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා යාවතකො අහොසි භගවතා සද්ධිං කථාසල්ලාපො. තං සබ්බං රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්ස ආරොචෙසි.
Sinhala BJTඉක්බිති මණ්ඩිකාපුත්‍ර උපක භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට වේදේහිපුත්‍ර වූ මගධාධිශ්වර අජාසත් රජු කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග යම් පමණ කථාසල්ලාප වී ද, එහැම වේදේහිපුත්‍ර මගධාධීශ්වර අජාසත් රජහට කීයේ ය.
Pali BJTඑවං වුත්තෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො කුපිතො අනත්තමනො උපකං මණ්ඩිකාපුත්තං එතදවොච : යාවධංසි චායං ලොණකාරදාරකො යාවමුඛරො යාවපගබ්භො, යත්ර හි නාම තං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ආසාදෙතබ්බං මඤ්ඤිස්සති අපෙහි ත්වං උපක, විනස්ස, මා ත්වං අද්දසන්ති.
Sinhala BJTමෙසේ කී කල්හි වේදේහිපුත්‍ර වූ මගධාධීශ්වර අජාසත් රජ කුපිත ව නොගත් සිත් ඇතිව මණ්ඩිකාපුත්‍ර උපකයාට මෙසේ කීය: “මේ ලෝණකාර ගම්දරුවා පරමධර්‍ම ඇත්තෙක (=අත්‍යර්‍ත්‍ථයෙන් ගැටෙන්නෙක). ඉතා දොඩමලුය. අතිශයින් ප්‍රගල්භය. භගවත් අර්‍හත් ඒ සම්මා සම්බුදුරජුන් ඝැටියයුත්තකු කොට සිතී ද එහෙයිනි. උපකය, තෝ පහව යා. නස තා නොදකිම්වා.”
Pali BJT4. 4. 4. 9.
Sinhala BJT4. 4. 4. 9.
Pali BJT[සච්ඡිකරණීය සුත්තං]
Sinhala BJT[සච්ඡිකරණීය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT39. චත්තාරොමෙ භික්ඛවෙ සච්ඡිකරණීයා ධම්මා. කතමෙ චත්තාරො?
Sinhala BJT39. මහණෙනි, මේ සාක්‍ෂාත් (ප්‍රත්‍යක්‍ෂ) කළයුතු දහම්හු සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅත්ථි භික්ඛවෙ ධම්මා කායෙන සච්ඡිකරණීයා. අත්ථි භික්ඛවෙ ධම්මා සතියා සච්ඡිකරණීයා. අත්ථි භික්ඛවෙ ධම්මා චක්ඛුනා සච්ඡිකරණීයා. අත්ථි භික්ඛවෙ ධම්මා පඤ්ඤාය සච්ඡිකරණීයා.
Sinhala BJTමහණෙනි, නාමකයින් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ ඇත. ස්මෘතියෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ ඇත. දිව්‍යචක්‍ෂුසින් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ ඇත. ධ්‍යානප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ ඇත.
Pali BJTකතමෙ ච භික්ඛවෙ ධම්මා කායෙන සච්ඡිකරණීයා. අට්ඨ විමොක්ඛා භික්ඛවෙ කායෙන සච්ඡිකරණීයා.
Sinhala BJTමහණෙනි, නාමකයින් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ කවරහ? මහණෙනි, අෂ්ටවිමෝක්‍ෂයෝ නාමකයින් ප්‍රත්‍යක්‍ෂ කළයුතු වෙති.
Pali BJTකතමෙ ච භික්ඛවෙ ධම්මා සතියා සච්ඡිකරණීයා? පුබ්බෙනිවාසො භික්ඛවෙ සතියා සච්ඡිකරණීයො.
Sinhala BJTමහණෙනි, ස්මෘතියෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ කවරහ? මහණෙනි, පූර්වේනිවාසය ස්මෘතියෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ය.
Pali BJTකතමෙ ච භික්ඛවෙ ධම්මා චක්ඛුනා සච්ඡිකරණීයා? සත්තානං චුතූපපාතො භික්ඛවෙ චක්ඛුනා සච්ඡිකරණීයො.
Sinhala BJTමහණෙනි, දිව්‍යචක්‍ෂුසින් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ කවරහු ද? මහණෙනි, සත්ත්‍වයන්ගේ චුතූපපාතය දිවැසින් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ය.
Pali BJTකතමෙ ච භික්ඛවෙ ධම්මා පඤ්ඤාය සච්ඡිකරණීයා? ආසවානං ඛයො භික්ඛවෙ පඤ්ඤාය සච්ඡිකරණීයො.
Sinhala BJTමහණෙනි, ප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ කවරහ? මහණෙනි, ආස්‍රවක්‍ෂය ප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො සච්ඡිකරණීයා ධම්මාති.
Sinhala BJTමහණෙනි, මේ සතර දහම්හු සාක්‍ෂාත් කළයුත්තෝ යි.
Pali BJT4. 4. 4. 10.
Sinhala BJT4. 4. 4. 10.
Pali BJT[භික්ඛුසඞ්ඝථොමන සුත්තං]
Sinhala BJT[භික්ඛුසඞ්ඝථොමන සූත්‍රය]
Pali BJT40. එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ භික්ඛුසඞ්ඝපරිවුතො නිසින්නො හොති. අථ ඛො භගවා තුණ්හීභූතං තුණ්හීභූතං භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා භික්ඛූ ආමන්තෙසි :
Sinhala BJT40. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර මුවරමාපාය නම් වූ පූර්‍වාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදවස් පොහොයෙහි බික්සඟන විසින් පිරිවරණ ලදුව හුන්සේක් වෙති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිහඬ නිහඬව හුන් බික්සඟුන් බලා භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJTඅපලාපායං භික්ඛවෙ පරිසා. නිප්පලාපායං භික්ඛවෙ පරිසා සුද්ධා සාරෙ පතිට්ඨිතා. තථාරූපො අයං භික්ඛවෙ භික්ඛුසඞ්ඝො. තථාරූපායං භික්ඛවෙ පරිසා යථාරූපා පරිසා දුල්ලභා දස්සනායපි ලොකස්මිං. තථාරූපො අයං භික්ඛවෙ භික්ඛුසඞ්ඝො. තථාරූපායං භික්ඛවෙ පරිසා ආහුනෙය්යා පාහුනෙය්යා දක්ඛිණෙය්යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. තථාරූපො අයං භික්ඛවෙ භික්ඛුසඞ්ඝො
Sinhala BJTමහණෙනි, මේ පර්‍ෂද් ප්‍රලාපරහිතය. මහණෙනි, මේ පර්‍ෂද් නිෂ්ප්‍රලාපය, නිර්‍මලය, ශීලාදී සාරයෙහි පිහිටිය. මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝ එබඳුය. මහණෙනි, යම්බඳු පිරිසෙක් ලෝකයෙහි දක්නට පවා දුර්‍ලභ වේ ද, මේ පිරිස එබඳුය: මහණෙනි, මේ පිරිස එබඳුය. ආහුනෙය්‍යය, පාහුණෙය්‍යය, දක්ඛිණෙය්‍යය, අඤ්ජලිකරණීයය, ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය. මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝ එබඳුය.
Pali BJTතථාරූපායං භික්ඛවෙ පරිසා යථාරූපාය පරිසා අප්පම්පි දින්නං බහුං හොති, බහුං දින්නං බහුතරං. තථාරූපො අයං භික්ඛවෙ භික්ඛුසඞ්ඝො. තථාරූපායං භික්ඛවෙ පරිසා යථාරූපං පරිසං අලං යොජනගණනානිපි දස්සනාය ගන්තුං අපිපුටංසෙනාපි. තථාරූපො අයං භික්ඛවෙ භික්ඛුසඞ්ඝො.
Sinhala BJTමහණෙනි, යම්බඳු පිරිසෙක් ඇද්ද, අල්ප කොට දෙන ලද්ද විපාක විසින් බොහෝ වේ ද, බොහෝ කොට දෙන ලද්ද විපාක විසින් බහුතර වේ ද, මේ පිරිස් එබඳුය. මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝ තෙමේ එබඳුය. මහණෙනි, යම් පිරිසක් අස්හි ලා මාර්ගෝපකරණපුට ගෙණදු යොදුන් ගණනුත් දක්නට යනු පිණිස නිසි වේ ද, මේ පිරිස එබඳුය. මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝ තෙමේ එබඳුය.
Pali BJTසන්ති භික්ඛවෙ භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ දෙවප්පත්තා විහරන්ති. සන්ති භික්ඛවෙ භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ බ්රහ්මප්පත්තා විහරන්ති. සන්ති භික්ඛවෙ භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ ආනෙඤ්ජප්පත්තා විහරන්ති. සන්ති භික්ඛවෙ භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ අරියප්පත්තා විහරන්ති.
Sinhala BJTමහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝයා කෙරෙහි දිව්‍යවිහාරප්‍රාප්තව වසන භික්‍ෂූහු ඇත. මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝයා කෙරෙහි බ්‍රහ්මවිහාරප්‍රාප්තව වසන භික්‍ෂූහු ඇත. මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝයා කෙරෙහි නිශ්චලප්‍රාප්තව වසන භික්‍ෂූහු ඇත. මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝයා කෙරෙහි ආර්‍ය්‍යභාවප්‍රාප්තව වසන භික්‍ෂූහු ඇත.
Pali BJTකථං ච භික්ඛවෙ භික්ඛු දෙවප්පත්තො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එවං ඛො භික්ඛවෙ භික්ඛු දෙවප්පත්තො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ දේවප්‍රාප්ත වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ... පළමුවන දැහැනට එළඹ වෙසෙයි ... දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සිවුවන දැහැනට එළඹ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ දේවප්‍රාප්ත වෙයි.
Pali BJTකථං ච භික්ඛවෙ භික්ඛු බ්රහ්මප්පත්තො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං -පෙ- තථා තතියං -පෙ- තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති. කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං -පෙ- තථා තතියං -පෙ- තථා චතුත්ථිං -පෙ- ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති. එවං ඛො භික්ඛවෙ භික්ඛු බ්රහ්මප්පත්තො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ බ්‍රහ්මප්‍රාප්ත වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ මෙත්සහගිය සිතින් එක් දිගක් පැහැසැ වෙසෙයි. එසේ දෙවන දිග ද ... එසේ තුන්වන දිග ද ... එසේ සතරවන දිග ද ... මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මභාවයෙන් මුළුලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෙත්සහගත සිතින් පැහැසැ වෙසෙයි. කරුණාසහගත සිතින් ... මුදිතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසේ දෙවන දිග ද ... එසේ තුන්වන දිග ද ... එසේ සතරවන දිග ද ... මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මසමතායෙන් මුළුලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත වූ උපේක්‍ෂාසහගත සිතින් පැහැසැ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ බ්‍රහ්මප්‍රාප්ත වෙයි.
Pali BJTකථං ච භික්ඛවෙ භික්ඛු ආනෙඤ්ජප්පත්තො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ආනෙඤ්ජප්පත්තො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ නිශ්චලප්‍රාප්ත වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ නොමෙනෙහි කිරීමෙන් “ආකාශය අනන්තය” යි ආකාශානන්ත්‍යායතනයට එළඹ වෙසෙයි. සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්‍රමණය කොට “විඥානය අනන්තය” යි විඥානානන්ත්‍යායතනයට එළඹ වෙසෙයි. සර්‍වප්‍රකාරයෙන් විඥානානන්ත්‍යායතනය සමතික්‍රමණය කොට “කිසිත් නැතැ” යි ආකිඤ්චන්‍යායතනයට එළඹ වෙසෙයි. ආකිඤ්චන්‍යායතනය සමතික්‍රමණය කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ නිශ්චලප්‍රාප්ත වෙයි.
Pali BJTකථං ච භික්ඛවෙ භික්ඛු අරියප්පත්තො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු අරියප්පත්තො හොතීති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ ආර්‍ය්‍යභාවප්‍රාප්ත වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ මේ දුකැයි තත් වූ පරිදි දනී. මේ දුක් උපදින හේතු යයි තත් වූ පරිදි දනී. මේ දුඃඛනිරෝධ යයි තත් වූ පරිදි දනී. මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාය යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ ආර්‍ය්‍යභාවප්‍රාප්ත වේ.
Pali BJTබ්රාහ්මණවග්ගො{1} චතුත්ථො.{*}
Sinhala BJTබ්‍රාහ්මණ වර්‍ගය සිවුවැනි යි.
Pali BJT5. මහාවග්ගො
Sinhala BJT5. මහා වර්‍ගය
Pali BJT4. 4. 5. 1.
Sinhala BJT4. 4. 5. 1.
Pali BJT[සොතානුධතසුත්තං]
Sinhala BJT[සොතානුධත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT41. සොතානුධතානං{1} භික්ඛවෙ ධම්මානං වචසා පරිචිතානං මනසානුපෙක්ඛිතානං දිට්ඨියා සුප්පටිවිද්ධානං චත්තාරො ආනිසංසා පාටිකඞ්ඛා. කතමෙ චත්තාරො?
Sinhala BJT41. මහණෙනි, වචනයෙන් පුරුදු කළ සිතින් පිරික්සා බැලූ නුවණින් මොනවට ප්‍රතිවේධ කළ පහන්කන් රුකොට නුවණ කණින් ව්‍යවස්ථා කළ ධර්‍මයන්ගේ අනුසස් සතර දෙනෙක් කැමැති විය යුත්තාහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු ධම්මං පරියාපුණාති : සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා{2} උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. තස්ස තෙ ධම්මා සොතානුධතා{1} හොන්ති වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා. දිට්ඨියා සුප්පටිවිද්ධා. සො මුට්ඨස්සති කාලං කුරුමානො අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. තස්ස තත්ථ සුඛිනො ධම්මපදාපිලපන්ති{3} දන්ධො භික්ඛවෙ සතුප්පාදො. අථ සො සත්තො ඛිප්පං යෙව විසෙසගාමී හොති. සොතානුගතානං භික්ඛවෙ ධම්මානං වචසා පරිචිතානං මනසානුපෙක්ඛිතානං දිට්ඨියා සුප්පටිවිද්ධානං අයං පඨමො ආනිසංසො පාටිකඞ්ඛො.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කරයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු නුවණින් අවබෝධ කරණ ලද්දාහු වෙත්. හේ මුෂිතස්මෘතිව කලුරිය කරන්නේ අන්‍යතර දේවනිකායකට එළඹෙයි. එහි සුඛිත වූ ඔහුට ධර්‍මපදයෝ වටහත්. මහණෙනි, බුද්ධවචනානුස්මෘති සිහිය ඉපැද්ම ගුරු වෙයි. වැලි ඒ සත්ත්‍වයා වහා ම විශේෂගාමී වෙයි. මහණෙනි, කණින් අසා දරණ ලද වචනයෙන් පුරුදු කරණ ලද සිතින් පරීක්‍ෂා කරණ ලද ප්‍රඥායෙන් අවබෝධ කරණලද ධර්‍මයන්ගේ මේ පළමුවන ආනිසංසය කැමැති විය යුතුය.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මං පරියාපුණාති : සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. තස්ස තෙ ධම්මා සොතානුධතා හොන්ති වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. සො මුට්ඨස්සති කාලං කුරුමානො අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. තස්ස තත්ථ න හෙව ඛො සුඛිනො ධම්මපදාපිලපන්ති. අපි ච ඛො භික්ඛු ඉද්ධිමා චෙතොවසිප්පත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති. තස්ස එවං හොති : අයං වා සො ධම්මවිනයො යත්ථාහං පුබ්බෙ බ්රහ්මචරියං අචරි’න්ති. දන්ධො භික්ඛවෙ සතුප්පාදො. අථ සො සත්තො ඛිප්පං යෙව විසෙසගාමී හොති.
Sinhala BJTතව ද මහණෙනි, මහණ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කරයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පරීක්‍ෂා කරණ ලද්දාහු ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්. හේ මුළා සිහි ඇතිව කලුරිය කරන්නේ අන්‍යතර දේවනිකායකට එළඹෙයි. එහි සුඛිත වූ ඔහුට ධර්‍මපදයෝ නො වටහත්. වැලිත් රහත් මහණෙක් ඍද්ධිමත් වූයේ චේතෝවශීප්‍රාප්ත වූයේ දෙව්පිරිස්හි දහම් දෙසයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම පෙර අත්බව යම් සස්නෙක බඹසරවස් පිරීම් ද, මේ ඒ ධර්‍මවිනය කියා ය. මහණෙනි, ස්මෘති උත්පත්තිය ලැසි ය. වැලි ඒ සත්ත්‍ව තෙමේ වහා විශේෂගාමී වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ පුරිසො කුසලො භෙරිසද්දස්ස. සො අද්ධානමග්ග පටිපන්නො භෙරිසද්දං සුණෙය්ය, තස්ස නහෙව ඛො අස්ස කඞ්ඛා වා විමති වා භෙරිසද්දො නු ඛො න නු ඛො භෙරිසද්දොති. අථ ඛො භෙරිසද්දොත්වෙව නිට්ඨං ගච්ඡෙය්ය. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ධම්මං පරියාපුණාති : සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. තස්ස තෙ ධම්මා සොතානුධතා හොන්ති. වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. සො මුට්ඨස්සති කාලං කුරුමානො අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. තස්ස තත්ථ නහෙව ඛො සුඛිනො ධම්මපදාපිලපන්ති. අපි ච ඛො භික්ඛු ඉද්ධිමා චෙතොවසිප්පත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති. තස්ස එවං හොති : අයං වා සො ධම්මවිනයො යත්ථාහං පුබ්බෙ බ්රහ්මචරියං අචරින්ති. දන්ධො භික්ඛවෙ සතුප්පාදො. අථ සො සත්තො ඛිප්පං යෙව විසෙසගාමී හොති. සොතානුධතානං භික්ඛවෙ ධම්මානං වචසා පරිචිතානං මනසානුපෙක්ඛිතානං දිට්ඨියා සුප්පටිවිද්ධානං අයං දුතියො ආනිසංසො පාටිකඞ්ඛො.
Sinhala BJTමහණෙනි, යම් පරිදි පුරුෂයෙක් බෙරහඬෙහි දක්‍ෂ වූයේ වේ ද, හේ අදන්මගට පිළිපන්නේ බෙරහඬ අසයි. බෙරහඬෙක් වේ දෝ හෝ බෙරහඬෙක් නො වේ දෝ හෝ යි සැකයෙක් විමතියෙක් හෝ නො වෙයි. වැලිත් බෙරහඬෙක් ම ය යි නිශ්චයට යෙයි. මහණෙනි, එපරිදි ම මහණ, සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කෙරෙයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පිරියෙස්නා ලද්දාහු නුවණින් අවබෝධ කරණ ලද්දාහු වෙත්. හේ සිහි මුළාව කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹේ. එහි සුඛිතව වසන ඔහුට ධර්‍මපදයෝ නො වටහත්. වැලිත් මහණෙක් ඍද්ධිමත් වූයේ චේතෝවශීප්‍රාප්ත වූයේ දෙව්පිරිස්හි දහම් දෙසයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: පෙර අත්බව මම යම් සස්නෙක බඹසර පිරීම් ද, මේ ඒ දහම් විනය කියා යි. මහණෙනි, ස්මෘති උත්පත්තිය දන්‍ධය. වැලි ඒ සත්ත්‍ව තෙමේ වහා ම විශේෂගාමී වෙයි. මහණෙනි, කණින් අසා ධරණ ලද වචනයෙන් පුරුදු කරණ ලද සිතින් පිරියෙස්ලි කරණ ලද ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද ධර්‍මයන්ගේ මේ දෙවන ආනිසංසය කැමැති විය යුතු ය.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මං පරියාපුණාති : සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. තස්ස තෙ ධම්මා සොතානුධතා හොන්ති වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. සො මුට්ඨස්සති කාලං කුරුමානො අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. තස්ස තත්ථ න හෙව ඛො සුඛිනො ධම්මපදාපිලපන්ති. නපි භික්ඛු ඉද්ධිමා චෙතොවසිප්පත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති. අපි ච ඛො දෙවපුත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති. තස්ස එවං හොති : අයං වා සො ධම්මවිනයො යත්ථාහං පුබ්බෙ බ්රහ්මචරියං අචරින්ති. දන්ධො භික්ඛවෙ සතුප්පාදො. අථ සො සත්තො ඛිප්පංයෙව විසෙසගාමී හොති.
Sinhala BJTතව ද මහණෙනි, මහණ, සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කෙරෙයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්‍රඥායෙන් පසක් කරණ ලද්දාහු වෙත්. හේ සිහි මුළා වූයේ කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹේ. එහි සුඛිතව වසන ඔහුට ධර්‍මපදයෝ නො ම වටහත්. මහණෙක් ඍද්ධිමත් වූයේ චේතෝවශීප්‍රාප්ත වූයේ දෙව්පිරිස්හි දහම් නො ම දෙසයි. වැලිත් (ධර්‍මකථික) දෙව්පුතෙක් දෙව්පිරිස්හි දහම් දෙසයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: පෙර අත්බව මම යම් සස්නෙක බඹසර පිරීම් ද, ඒ මේ ධර්‍මවිනය කියා යි. මහණෙනි, ස්මෘති උත්පත්තිය දන්‍ධය. වැලි ඒ සත්ත්‍ව තෙමේ වහා ම විශේෂගාමී වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ පුරිසො කුසලො සඞ්ඛසද්දස්ස. සො අද්ධානමග්ගපටිපන්නො සඞ්ඛසද්දං සුණෙය්ය. තස්ස න හෙව ඛො අස්ස කඞ්ඛා වා විමති වා සඞ්ඛසද්දො නු ඛො න නු ඛො සඞ්ඛසද්දොති. අථ ඛො සඞ්ඛසද්දොත්වෙව නිට්ඨං ගච්ඡෙය්ය. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ධම්මං පරියාපුණාති : සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. තස්ස තෙ ධම්මා සොතානුධතා හොන්ති වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. සො මුට්ඨස්සති කාලං කුරුමානො අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. තස්ස තත්ථ න හෙව ඛො සුඛිනො ධම්මපදාපිලපන්ති. න පි භික්ඛු ඉද්ධිමා චෙතොවසිප්පත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති, අපි ච ඛො දෙවපුත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති. තස්ස එවං හොති : අයං වා සො ධම්මවිනයො යත්ථාහං පුබ්බෙ බ්රහ්මචරියං අචරින්ති. දන්ධො භික්ඛවෙ සතුප්පාදො. අථ සො සත්තො ඛිප්පං යෙව විසෙසගාමී හොති. සොතානුධතානං භික්ඛවෙ ධම්මානං වචසා පරිචිතානං මනසානුපෙක්ඛිතානං දිට්ඨියා සුප්පටිවිද්ධානං අයං තතියො ආනිසංසො පාටිකඞ්ඛො.
Sinhala BJTමහණෙනි, යම් පරිදි පුරුෂයෙක් සක්හඬෙහි දක්‍ෂ වූයේ වේ ද, හේ අදන්මගට පිළිපන්නේ සක්හඬ අසයි. සක්හඬ දෝ හෝ සක්හඬ නො වේ දෝ හෝ යි සැකයෙක් විමතියෙක් හෝ ඔහුට නො වෙයි. වැලිත් සක්හඬෙක් ම ය යි නිශ්චයට යෙයි. මහණෙනි, එපරිදි ම මහණ තෙමේ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කෙරෙයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්‍රඥායෙන් පසක් කරණ ලද්දාහු වෙත්. හේ සිහි මුළා වූයේ කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹෙයි. එහි සුඛිතව වසන ඔහුට ධර්‍මපදයෝ නො වටහත්. මහණෙක් ඍද්ධිමත් වූයේ චේතෝවශීප්‍රාප්ත වූයේ දෙව්පිරිස්හි දහම් නො දෙසයි. වැලිත් දෙව්පිතෙක් දෙව්පිරිස්හි දහම් දෙසයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: පෙර අත්බව මම යම් සස්නෙක බඹසර පිරීම් ද, මේ ඒ ධර්‍මවිනය කියා යි. මහණෙනි, ස්මෘති උත්පත්තිය ගුරු ය. වැලිත් ඒ සත්ත්‍ව තෙමේ වහා ම විශේෂගාමී වෙයි. කණින් අසා ධරණ ලද වචනයෙන් පුරුදු කරණ ලද සිතින් විමසන ලද නුවණින් අවබෝධ කරණ ලද ධර්‍මයන්ගේ මේ තුන්වන ආනිසංසය කැමැති විය යුතු ය.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මං පරියාපුණාති : සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. තස්ස තෙ ධම්මා සොතානුධතා හොන්ති වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. සො මුට්ඨස්සති කාලං කුරුමානො අඤ්ඤතරං දෙව නිකායං උපපජ්ජති. තස්ස තත්ථ න හෙව ඛො සුඛිනො ධම්මපදාපිලපන්ති. න පි භික්ඛු ඉද්ධිමා චෙතොවසිප්පත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති, නපි දෙවපුත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති. අපි ච ඛො ඔපපාතිකො ඔපපාතිකං සාරෙති : සරසි ත්වං මාරිස යත්ථ මයං පුබ්බෙ බ්රහ්මචරියං අචරිම්හාති. සො එවමාහ : සරාමි මාරිස සරාමි මාරිසාති. දන්ධො භික්ඛවෙ සතුප්පාදො. අථ සො සත්තො ඛිප්පං යෙව විසෙසගාමී හොති.
Sinhala BJTතව ද මහණෙනි, මහණ, සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කෙරෙයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්. හේ සිහි මුළා වූයේ කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹෙයි. එහි සුඛිතව වසන ඔහුට ධර්‍මපදයෝ නො වටහත්. මහණෙක් ඍද්ධිමත් වූයේ චේතෝවශීප්‍රාප්ත වූයේ දෙව් පිරිස්හි දහම් නො දෙසයි. දේවපුත්‍රයෙක් ද දෙව්පිරිස්හි දහම් නො දෙසයි. වැලිත් (පළමු උපන්) ඕපපාතිකයෙක් ඒ (පසුව උපන්) ඕපපාතිකයා සිහිපත් කරවයි. “නිදුකානෙනි, යම් සස්නෙක පෙර අපි බඹසර වුසූම්හයි නො සිහි කෙරෙහි ද”? හේ මෙසේ කියයි: “නිදුකානෙනි සිහි කරමි. නිදුකානෙනි සිහිකරමි.” මහණෙනි, ස්මෘති උත්පත්තිය දන්‍ධය. වැලි ත් ඒ සත්ත්‍ව තෙමේ වහා ම විශේෂගාමී වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ ද්වෙ සහායකා සහපංසුකීළිකා, තෙ කදාචි කරහචි අඤ්ඤමඤ්ඤං සමාගච්ඡෙය්යුං. තමෙනං සහායකො සහායකං එවං වදෙය්ය : ඉතිපි සම්ම සරසීති. සො එවං වදෙය්ය : සරාමි සම්ම. ඉදම්පි සම්ම සරසීති. සො එවං වදෙය්ය: සරාමි සම්මාති. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ධම්මං පරියාපුණාති : සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. තස්ස තෙ ධම්මා සොතානුධතා හොන්ති වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. සො මුට්ඨස්සති කාලං කුරුමානො අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. තස්ස තත්ථ සුඛිනො ධම්මපදාපිලපන්ති. නපි භික්ඛු ඉද්ධිමා චෙතොවසිප්පත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති. නපි දෙවපුත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති. අපි ච ඛො ඔපපාතිකො ඔපපාතිකං සාරෙති : සරසි ත්වං මාරිස, යත්ථ මයං පුබ්බෙ බ්රහ්මචරියං අචරිම්හාති. සො එවමාහ : සරාමි මාරිසාති. දන්ධො භික්ඛවෙ සතුප්පාදො. අථ ඛො සො සත්තො ඛිප්පංයෙව විසෙසගාමී හොති. සොතානුධතානං භික්ඛවෙ ධම්මානං වචසා පරිචිතානං මනසානුපෙක්ඛිතානං දිට්ඨියා සුප්පටිවිද්ධානං අයං චතුත්ථො ආනිසංසො පාටිකඞ්ඛො.
Sinhala BJTමහණෙනි, යම් පරිදි එක්ව පස්කෙළි කෙළින යහළුවෝ වෙත් නම්, ඔහු යම් ම දිනෙක අනන්මන එකතු වෙත් නම්, යහළුවෙක් ඒ ඉතිරි යහළුවාට මෙසේ කියන්නේ ය: “යහළුව, මෙසේත් සිහි කෙරෙහි ද? යහළුව, මෙයත් සිහි කෙරෙහිදැ” යි. හේ මෙසේ කියයි: ‘යහළුව, සිහි කරමි. යහළුව සිහි කරමි” යි. මහණෙනි, එපරිදි ම මහණ තෙමේ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කෙරෙයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්. හේ සිහි මුළා වූයේ කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹෙයි. එහි සුඛිතව වසන ඕහට ධර්‍මපදයෝ නො වටහත්. ඍද්ධිමත් වූ චේතෝවශීප්‍රාප්ත වූ රහත් මහණෙක් දෙව් පිරිස්හි දහම් නො දෙසයි. දේවපුත්‍රයෙක් හෝ දෙව්පිරිස්හි දහම් නො දෙසයි. වැලිත් ඕපපාතිකයෙක් ඒ ඕපපාතිකයා සිහි කරවයි. “පෙර අත්බව අපි යම් සස්නෙක බඹසර වුසූම්හු ද, යහළුව, ඒ තෝ සිහි කෙරෙහි දැයි.” හේ මෙසේ කියයි: “නිදුකානෙනි සිහි කරමි” යි. මහණෙනි, ස්මෘති උත්පාදය දන්‍ධය. වැලිත් ඒ සත්ත්‍ව වහා විශේෂගාමී වෙයි. මහණෙනි, කණින් අසා දරණ ලද වචනයෙන් පුරුදු කරණ ලද සිතින් විමසන ලද ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද ධර්‍මයන්ගේ මේ සතරවන ආනිසංසය කැමැති විය යුතු ය.
Pali BJTසොතානුධතානං භික්ඛවෙ ධම්මානං වචසා පරිචිතානං මනසානුපෙක්ඛිතානං දිට්ඨියා සුප්පටිවිද්ධානං ඉමෙ චත්තාරො ආනිසංසා පාටිකඞ්ඛාති.
Sinhala BJTමහණෙනි, කණින් අසා දරණ ලද වචනයෙන් පුරුදු කරණ ලද සිතින් විමසන ලද ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද ධර්‍මයන්ගේ මේ සතර ආනිසංසයෝ කැමැති විය යුත්තාහ.
Pali BJT4. 4. 5. 2.
Sinhala BJT4. 4. 5. 2.
Pali BJT[ඨානසුත්තං]
Sinhala BJT[ඨාන සූත්‍රය]
Pali BJT42. චත්තාරිමානි භික්ඛවෙ ඨානානි චතූහි ඨානෙහි වෙදිතබ්බානි. කතමානි චත්තාරි?
Sinhala BJT42. මහණෙනි, මේ සතර කරුණු සතර කරුණෙකින් දත යුතුය. කවර සතර කරුණුය යත්:
Pali BJTසංවාසෙන භික්ඛවෙ සීලං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං. මනසිකරොතා නො අමනසිකාරා. පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙන.
Sinhala BJTමහණෙනි, එක්ව විසීමෙන් සීලය දතයුතුයි. හෙ ද දීර්‍ඝකාලයෙකිනි. මඳකලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නො මෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකිය.
Pali BJTසංවොහාරෙන භික්ඛවෙ සොචෙය්යං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං. මනසිකරොතා නො අමනසිකාරා. පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙන.
Sinhala BJTමහණෙනි, සංව්‍යයවහාරයෙන් (=සංලාපයෙන්) පිරිසිදු බව දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නො මෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකි ය.
Pali BJTආපදාසු භික්ඛවෙ ථාමො වෙදිතබ්බො. සො ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං. මනසිකරොතා නො අමනසිකාරා. පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙන.
Sinhala BJTමහණෙනි, විපත්හිදී ථාමය දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නො මෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකි ය.
Pali BJTසාකච්ඡාය භික්ඛවෙ පඤ්ඤා වෙදිතබ්බා. සා ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං. මනසිකරොතා නො අමනසිකාරා. පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙන.
Sinhala BJTමහණෙනි, සාකච්ඡාවෙන් ප්‍රඥාව දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නොමෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකි ය.
Pali BJTසංවාසෙන භික්ඛවෙ සීලං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං. මනසිකරොතා නො අමනසිකාරා. පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙනාති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං?
Sinhala BJTමහණෙනි, එක්ව විසීමෙන් ශීලය දතයුතුය. හෙ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නොමෙනෙහි කිරීමෙන් නොදත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකිය යි මෙසේ තෙල බසෙක් කියන ලද ද, තෙල කුමක් පිණිස කියන ලද ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ පුග්ගලො පුග්ගලෙන සද්ධිං වසමානො එවං ජානාති : දීඝරත්තං ඛො අයමායස්මා ඛණ්ඩකාරී ඡිද්දකාරී සබලකාරී කම්මාසකාරී න සන්තතකාරී න සන්තතවුත්ති සීලෙසු. දුස්සීලො අයමායස්මා. නායමායස්මා සීලවාති.
Sinhala BJTමහණෙනි, මෙලොව පුද්ගලයෙක් අන් පුද්ගලයකු හා එකතුව වසන්නේ මෙසේ දනී: මේ ආයුෂ්මත් දීර්‍ඝකාලයෙක සිට ශීලයෙහි ඛණ්ඩකාරී ය, ඡිද්‍රකාරී ය, ශබලකාරී ය, කල්මාෂකාරී ය, සන්තතකාරී නොවේ. සන්තතවෘත්ති නො වේ. මේ ආයුෂ්මත් දුශ්ශීල ය, මේ ආයුෂ්මත් සිල්වත් නො වේ ය යි කියා යි.
Pali BJTඉධ පන භික්ඛවෙ පුග්ගලො පුග්ගලෙන සද්ධිං වසමානො එවං ජානාති : දීඝරත්තං ඛො අයමායස්මා අඛණ්ඩකාරී අච්ඡිද්දකාරී අසබලකාරී අකම්මාසකාරී සන්තතකාරී සන්තතවුත්ති සීලෙසු. සීලවා චායමායස්මා. නායමායස්මා දුස්සීලොති.
Sinhala BJTමහණෙනි, මෙලොව පුද්ගලයෙක් අන් පුද්ගලයකු හා එකතුව වසන්නේ මෙසේ දනී: මේ ආයුෂ්මත් දීර්‍ඝකාලයෙක සිට ශීලයෙහි අඛණ්ඩකාරී ය, අඡිද්‍රකාරී ය, අශබලකාරී ය, අකල්මාෂකාරී ය, සන්තතකාරී ය, සන්තතවෘත්තිය, මේ ආයුෂ්මත් සිල්වත් ය, මේ ආයුෂ්මත් දුශ්ශීල නො වේ.
Pali BJTසංවාසෙන භික්ඛවෙ සීලං වෙදිතබ්බං, තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං, මනසිකරොතා නො අමනසිකාරා. පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙනාති ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, එක්ව විසීමෙන් ශීලය දතයුතුය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නොමෙනෙහි කිරීමෙන් නොදත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නොදත හැකිය යි මෙසේ යම් බසෙක් කියන ලද ද, මේ බස තෙල පිණිස කියන ලදී.
Pali BJTසංවොහාරෙන භික්ඛවෙ සොචෙය්යං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං. මනසිකරොතා නො අමනසිකාරා, පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙනාති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං?
Sinhala BJTමහණෙනි, සංව්‍යවහාරයෙන් පිරිසිදුබව දතයුතුය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නොමෙනෙහි කිරීමෙන් නොදත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නොදත හැකිය යි මෙසේ යම් බසෙක් කියන ලද ද, මේ බස කුමක් පිණිස කියන ලද ද?
Pali BJTඉධ භික්ඛවෙ පුග්ගලො පුග්ගලෙන සද්ධිං සංවොහාරමානො එවං ජානාති : අඤ්ඤථා ඛො අයමායස්මා එකෙන එකො වොහරති, අඤ්ඤථා ද්වීහි, අඤ්ඤථා තීහි, අඤ්ඤථා සම්බහුලෙහි. වොක්කමති අයමායස්මා පුරිමවොහාරා පච්ඡිමවොහාරං. අපරිසුද්ධවොහාරො අයමායස්මා, නායමායස්මා පරිසුද්ධවොහාරොති.
Sinhala BJTමහණෙනි, මෙලොව පුද්ගලයෙක් පුද්ගලයකු සමග සංව්‍යවහාර කරන්නේ මෙසේ දනී: මේ ආයුෂ්මත් එකලාව සිට අනෙකකු හා අන් සැටියකින් බෙණේ. දෙදෙනකු හා අන් සැටියකින් බෙණේ. තුන් දෙනකු හා අන් සැටියකින් බෙණේ. බොහෝ දෙනා හා අන් සැටියකින් බෙණේ. මේ ආයුෂ්මත් පුරිම ව්‍යවහාරයෙන් පශ්චිම ව්‍යවහාරය පැණ යේ. මේ ආයුෂ්මත් නොපිරිසිදු ව්‍යවහාර ඇත්තෙකි. මේ ආයුෂ්මත් පිරිසිදු ව්‍යවහාර නැත්තෙකැ යි.
Pali BJTඉධ පන භික්ඛවෙ පුග්ගලො පුග්ගලෙන සද්ධිං සංවොහාරමානො එවං ජානාති : යථෙව ඛො අයමායස්මා එකෙන එකො වොහරති, තථා ද්වීහි, තථා තීහි, තථා සම්බහුලෙහි. නායමායස්මා වොක්කමති පුරිමවොහාරා පච්ඡිමවොහාරං. පරිසුද්ධවොහාරො අයමායස්මා, න අපරිසුද්ධවොහාරොති .
Sinhala BJTමහණෙනි, මෙලොව පුද්ගලයෙක් අන් පුද්ගලයකු හා කථා කරන්නේ මෙසේ දනියි: යම් පරිදි මේ ආයුෂ්මත් එකලාව සිට අනෙකකු හා බෙණේ ද, දෙදෙනකු හාත් තුන් දෙනෙකු හාත් බොහෝ දෙනකු හාත් එසේ ම බෙණේ. මෙ ආයුෂ්මත් පුරිම ව්‍යවහාරයෙන් පශ්චිම ව්‍යවහාරය නො ද ලැගැ යෙයි. මෙ ආයුෂ්මත් පරිශුද්ධ ව්‍යවහාර ඇතියෙකි. මෙ ආයුෂ්මත් අපරිශුද්ධ ව්‍යවහාර ඇතියේ නො වේ ය යි.
Pali BJTසංවොහාරෙන භික්ඛවෙ සොචෙය්යං වෙදිතබ්බං, තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං, මනසිකරොතා නො අමනසිකාරා, පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙනාති ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, සංව්‍යවහාරයෙන් ශුචිභාවය දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නො මෙනෙහි කිරීමෙන් නොදත හැකි ය. පැණැතියහු මිස නුවණනැතියහු විසින් නොදත හැකිය යි මෙසෙයින් යම් මැ බසෙක් කියන ලද නම්, තෙල මෙ පිණිස කියන ලදී.
Pali BJTආපදාසු භික්ඛවෙ ථාමො වෙදිතබ්බො, සො ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං, මනසිකරොතා නො අමනසිකාරා. පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙනාති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං?
Sinhala BJTමහණෙනි, ආපත්හි දී ස්ථාමය දතයුතු ය. එ ද දීගුකලෙකින, මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. මෙනෙහි නො කිරීමෙන් නොදත හැකි ය. පැණැතියහු මිස වත්මුත් පැණ නැතියහු විසින් නො දත හැකි ය යි මෙසෙයින් තෙල යමක් කියන ලද නම්, තෙල කුමක් නිසා කියන ලදය යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො ඤාතිව්යසනෙන වා ඵුට්ඨො සමානො භොගව්යසනෙන වා ඵුට්ඨො සමානො රොගව්යසනෙන වා ඵුට්ඨො සමානො න ඉති පටිසඤ්චික්ඛති : තථාභූතො ඛො අයං ලොකසන්නිවාසො තථාභූතො අත්තභාවපටිලාභො, යථාභූතෙ ලොකසන්නිවාසෙ යථාභූතෙ අත්තභාවපටිලාභෙ අට්ඨ ලොකධම්මා ලොකං අනුපරිවත්තන්ති, ලොකො ච අට්ඨ ලොකධම්මෙ අනුපරිවත්තති : ලාභො ච අලාභො ච අයසො ච යසො ච නින්දා ච පසංසා ච සුඛඤ්ච දුක්ඛඤ්චාති. සො ඤාතිව්යසනෙන වා ඵුට්ඨො සමානො භොගබ්යසනෙන වා ඵුට්ඨො සමානො රොගව්යසනෙන වා ඵුට්ඨො සමානො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති. ඉධ පන භික්ඛවෙ එකච්චො ඤාතිව්යසනෙන වා ඵුට්ඨො සමානො භොගව්යසනෙන වා ඵුට්ඨො සමානො රොගව්යසනෙන වා ඵුට්ඨො සමානො ඉති පටිසඤ්චික්ඛති : තථාභූතො ඛො අයං ලොකසන්නිවාසො තථාභූතො අත්තභාවපටිලාභො, යථාභූතෙ ලොකසන්නිවාසෙ යථාභූතෙ අත්තභාවපටිලාභෙ අට්ඨ ලොකධම්මා ලොකං අනුපරිවත්තන්ති, ලොකො ච අට්ඨ ලොකධම්මෙ අනුපරිවත්තති : ලාභො ච අලාභො ච අයසො ච යසො ච නින්දා ච පසංසා ච සුඛඤ්ච දුක්ඛඤ්චාති. සො ඤාතිව්යසනෙන වා ඵුට්ඨො සමානො භොගව්යසනෙන වා ඵුට්ඨො සමානො රොගව්යසනෙන වා ඵුට්ඨො සමානො න සොචති න කිලමති න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජති. ආපදාසු භික්ඛවෙ ථාමො වෙදිතබ්බො, සො ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං. මනසිකරොතා නො අමනසිකාරා, පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙනාති ඉති යන්තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ඥාතිව්‍යසනයෙන් හෝ පහස්නාලදුයේ ම, භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ ම, රෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ මෙසේ නුවණින් කල්පනා නො කෙරෙයි: යම් බඳු වූ ම ලෝකසන්නිවාසයෙක්හි යම්බඳු වූ ම ආත්මභාවප්‍රතිලාභයෙක්හි අටලෝදහම්හු ලොව ලුහුබඳනාහු නම්, ලෝකයා ද ලාභය, අලාභය, අයසය, යසය, නින්‍දාය, පසංසාය, සුඛය, දුක්ඛයැ යි යන අටලෝදහම් අනුව වැටේ නම්, මේ ලෝකසන්නිවාසය එබඳු වෙයි. මෙ ආත්මභාවප්‍රතිලාභය එබඳු වේ ය යි. හෙ ඥාතිව්‍යසනයෙන් වේවයි පහස්නා ලදුයේ ද, භෝගව්‍යසනයෙන් වේවයි පහස්නා ලදුයේ ම, රෝගව්‍යසනයෙන් වේවයි පහස්නා ලදුයේ ම ශෝක කරයි. ක්ලාන්ත වෙයි. වලප්නේ ය. ලෙහි අත් පැහැර පැහැර හඬනේ ය. සිහි මුළාවට පැමිණෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ඥාතිව්‍යසනයෙන් හෝ පහස්නාලදුයේ ම, භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ ම, රෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ ම මෙසේ නුවණින් සලකයි: “යම්බඳු ලෝකසන්නිවාසයෙක්හි යම්බඳු ආත්මභාවප්‍රතිලාභයෙක්හි ලාභය, අලාභය, යසය, අයසය, නින්‍දාය, පසංසාය, සුඛය, දුක්ඛය යන අෂ්ටලෝක ධර්‍මයෝ ලොව ලුහුබඳනාහු නම්, ලෝකයාත් අටලෝදම් අනුව වැටේ නම්, ලෝකසන්නිවාසය එබඳු වූයෙක. මේ ආත්මභාවප්‍රතිලාභයත් එබඳු වූයෙකැ” යි. හේ ඥාතිව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ ම භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ ම රෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ ම ශෝක නො කරයි, ක්ලාන්ත නො වෙයි, නො වලප්නේ ය. ලෙහි අත් පැහැර නො හඬනේ ය. සිහි මුළාවට නො යෙයි. මහණෙනි, “ආපද්හි දී ස්ථාමය දතයුතු ය. එ ද වනාහි දීර්‍ඝකාලයෙකින. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නොමෙනෙහි කිරීමෙන් නො දත හැකිය. නුවණැතියහු විසින් වත්මුත් නුවණනැතියහු විසින් නො දත හැකියැ” යි මෙසෙයින් යමක් කියන ලද නම්, මෙය තෙල කරුණ සඳහා කියන ලදී.
Pali BJTසාකච්ඡාය භික්ඛවෙ පඤ්ඤා වෙදිතබ්බා සා ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං, මනසිකරොතා නො අමනසිකාරා, පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙනාති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං?
Sinhala BJTමහණෙනි, සාකච්ඡායෙන් ප්‍රඥාව දතයුතු. එ ද වනාහි දීගුකලෙකින. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැක. නොමෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. පැණවත්හු විසින් වත්මුත් නොපැණවත්හු විසින් නො දත හැකි ය යි මෙසෙයින් තෙල යමක් කියන ලද නම්, තෙල කුමක් නිසා කියන ලදය යත්:
Pali BJTඉධ භික්ඛවෙ පුග්ගලො පුග්ගලෙන සද්ධිං සාකච්ඡායමානො එවං ජානාති : යථා ඛො ඉමස්ස ආයස්මතො උම්මග්ගො, යථා ච අභිනීහාරො, යථා ච පඤ්හසමුදාචාරො, දුප්පඤ්ඤො අයමායස්මා නායමායස්මා පඤ්ඤවා. තං කිස්ස හෙතු: තථා හි අයමායස්මා න චෙව ගම්භීරං අත්ථපදං උදාහරති සන්තං පණීතං අතක්කාවචරං නිපුණං පණ්ඩිතවෙදනීයං. යඤ්ච අයමායස්මා ධම්මං භාසති, තස්ස ච න පටිබලො සඞ්ඛිත්තෙන වා විත්ථාරෙන වා අත්ථං ආචික්ඛිතුං දෙසෙතුං පඤ්ඤපෙතුං පට්ඨපෙතුං විවරිතුං විභජිතුං උත්තානීකාතුං. දුප්පඤ්ඤො අයමායස්මා නායමායස්මා පඤ්ඤවා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි පුද්ගලයෙක් පුද්ගලයකු හා සාකච්ඡා කරණුයේ මෙසේ දන්නේ ය: මෙ ආයුෂ්මත්හුගේ (පැන පිළිබඳ) උන්මාර්‍ගය යම්බඳු වේ නම් ප්‍රශ්නාභිනීහාරය යම්බඳු වේ නම් ප්‍රශ්නපෘච්ඡාව යම්බඳු වේ නම් (එනයින්) මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ වෙයි. මෙ ආයුෂ්මත් ප්‍රඥාවත් නො වෙයි. ඒ කවර හෙයින යත්: යම් පරිදි මේ ආයුෂ්මත් ශාන්ත වූ, ප්‍රණීත වූ, අතර්‍කාවචර වූ, නිපුණ වූ පණ්ඩිතයන් විසින් දතයුතු වූ ගම්භීර වූ අර්‍ත්‍ථපදයකුදු නො කියා නම්, මෙ ආයුෂ්මත් යම් දහමකුදු දෙසා නම් ඒ ධර්‍මයාගේ ද සංක්‍ෂිප්ත විසින් වේවයි විස්තර විසින් වේවයි අර්‍ත්‍ථය කියන්නට, දෙසන්නට පණවන්නට එළවන්නට විවෘත කරණුවට බෙදනුවට අරුත් පැහැදිලි කරණුවට නො ද පටි බලවේ නම්, එසෙයින් ම මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥය, මෙ ආයුෂ්මත් ප්‍රඥාවත් නො වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ චක්ඛුමා පුරිසො උදකරහදස්ස තීරෙ ඨිතො පස්සෙය්ය පරිත්තං මච්ඡං උම්මුජ්ජමානං. තස්ස එවමස්ස : යථා ඛො ඉමස්ස මච්ඡස්ස උම්මග්ගො යථා ච ඌමිඝාතො යථා ච වෙගායිතත්තං, පරිත්තො අයං මච්ඡො, නායං මච්ඡො මහන්තොති. එවමෙව ඛො භික්ඛවෙ පුග්ගලො පුග්ගලෙන සද්ධිං සාකච්ඡායමානො එවං ජානාති : යථා ඛො ඉමස්ස ආයස්මතො උම්මග්ගො යථා ච අභිනීහාරො යථා ච පඤ්හසමුදාචාරො, දුප්පඤ්ඤො අයමායස්මා, නායමායස්මා පඤ්ඤවා. තං කිස්ස හෙතු: තථා හි අයමායස්මා න චෙව ගම්භීරං අත්ථපදං උදාහරති සන්තං පණීතං අතක්කාවචරං නිපුණං පණ්ඩිතවෙදනීයං. යඤ්ච අයමායස්මා ධම්මං භාසති, තස්ස න පටිබලො සංඛිත්තෙන වා විත්ථාරෙන වා අත්ථං ආචික්ඛිතුං දෙසෙතුං පඤ්ඤපෙතුං පට්ඨපෙතුං විවරිතුං විභජිතුං උත්තානීකාතුං. දුප්පඤ්ඤො අයමායස්මා, නායමායස්මා පඤ්ඤවාති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි චක්‍ෂුර්මත් පුරුෂයෙක් දියවිල් තෙරක සිටියේ දිය බිඳ නගින කුඩමසකු දක්නේ නම්, ඔහට මෙබඳු සිතෙක් වෙයි: “මෙ මස්හුගේ උන්මාර්‍ගයත් යම් පරිදි වේ නම්, ඌර්මිඝාතයත් යම් පරිදි වේ නම්, යම් පරිදි වේගාසිතබවෙකුදු වේ නම්, එපරිද්දෙන් මෙ කුඩාමසෙක, මෙ මස් මහත් නොවේ ය” යි. මහණෙනි, එපරිද්දෙන් ම පුද්ගලයෙක් පුද්ගලයකු හා සාකච්ඡා කරණුයේ මෙසේ දැනගන්නේ ය: මෙ ආයුෂ්මත්හුගේ උන්මාර්‍ගය යම්බඳු වේ නම්, ප්‍රශ්නාභිනිහාරයත් යම්බඳු වේ නම්, ප්‍රශ්නසමුදාචාරයත් යම්බඳු වේ නම්, (එපරිද්දෙන්) මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥය, මෙ ආයුෂ්මත් ප්‍රඥාවත් නො වෙයි. ඒ කවර හෙයින යත්: මෙ ආයුෂ්මත් ශාන්ත, ප්‍රණීත, අතර්‍කාවචර, නිපුණ, පණ්ඩිතවේදනීය ගම්භිරාර්‍ත්‍ථපදත් නො කියන්නේ ය. මෙ ආයුෂ්මත් යම් ධර්‍මයක් කියා නම්, එ ධර්‍මයාගේ අර්‍ත්‍ථය සංක්‍ෂිප්ත විසින් හෝ විස්තර විසින් හෝ කියන්නට දෙසන්නට පණවන්නට එළවන්නට විවරණ කරන්නට බෙදන්නට උත්තානීකරන්නට ප්‍රතිබල නොවේ. එහෙයින් ම මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥය, මෙ ආයුෂ්මත් ප්‍රඥාවත් නොවේය” යි.
Pali BJTඉධ පන භික්ඛවෙ පුග්ගලො පුග්ගලෙන සද්ධිං සාකච්ඡායමානො එවං ජානාති : යථා ඛො ඉමස්ස ආයස්මතො උම්මග්ගො යථා ච අභිනීහාරො යථා ච පඤ්හසමුදාචාරො, පඤ්ඤවා අයමායස්මා, නායමායස්මා දුප්පඤ්ඤො. තං කිස්ස හෙතු: තථා හි අයමායස්මා ගම්භීරං චෙව අත්ථපදං උදාහරති සන්තං පණීතං අතක්කාවචරං නිපුණං පණ්ඩිතවෙදනීයං. යඤ්ච අයමායස්මා ධම්මං භාසති, තස්ස ච පටිබලො සඞ්ඛිත්තෙන වා විත්ථාරෙන වා අත්ථං ආචික්ඛිතුං දෙසෙතුං පඤ්ඤපෙතුං පට්ඨපෙතුං විවරිතුං විභජිතුං උත්තානීකාතුං. පඤ්ඤවා අයමායස්මා, නායමායස්මා දුප්පඤ්ඤො
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි පුද්ගලයෙක් පුද්ගලයකු හා සාකච්ඡා කරණුයේ මෙසේ දැනගන්නේ ය: “මෙ ආයුෂ්මත්හුගේ උන්මාර්‍ගය යම්බඳු වේ නම්, අභිනීහාරයත් යම්බඳු වේ නම්, ප්‍රශ්න ව්‍යවහාරයත් යම්බඳු වේ නම්, එපරිද්දෙන් මෙ ආයුෂ්මත් ප්‍රඥාවත්ය, මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ නො වේ. එ කවර හෙයින යත්: මේ ආයුෂ්මත් ශාන්ත වූ ප්‍රණීත වූ අතර්‍කාවචර වූ නිපුණ වූ පණ්ඩිත වේදනීය වූ ගම්භීරාර්‍ත්‍ථපද උදාහරණ කරණේ ය. මෙ ආයුෂ්මත් යම් ධර්‍මයක් දෙසා නම්, එ ධර්‍මයාගේ අර්‍ත්‍ථය ද සංක්‍ෂිප්ත වශයෙන් හෝ විස්තර වශයෙන් හෝ කියන්නට දෙසන්නට පණවන්නට එළවන්නට උත්තානී උත්තානීකරණට ප්‍රතිබල වෙයි. මෙ ආයුෂ්මත් ප්‍රඥාවත්ය, මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ නොවේ” යි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ චක්ඛුමා පුරිසො උදකරහදස්ස තීරෙ ඨිතො පස්සෙය්ය මහන්තං මච්ඡං උම්මුජ්ජමානං. තස්ස එවමස්ස : යථා ඛො ඉමස්ස මච්ඡස්ස උම්මග්ගො යථා ච ඌමිඝාතො යථා ච වෙගායිතත්තං, මහන්තො අයං මච්ඡො, නායං මච්ඡො පරිත්තොති. එවමෙව ඛො භික්ඛවෙ පුග්ගලො පුග්ගලෙන සද්ධිං සාකච්ඡායමානො එවං ජානාති : යථා ඛො ඉමස්ස ආයස්මතො උම්මග්ගො යථා ච අභිනීහාරො යථා ච පඤ්හසමුදාචාරො, පඤ්ඤවා අයමායස්මා, නායමායස්මා දුප්පඤ්ඤො. තං කිස්ස හෙතු: තථා හි අයමායස්මා ගම්භීරං චෙව අත්ථපදං උදාහරති සන්තං පණීතං අතක්කාවචරං නිපුණං පණ්ඩිතවෙදනීයං. යං ච අයමායස්මා ධම්මං භාසති, තස්ස ච පටිබලො සංඛිත්තෙන වා විත්ථාරෙන වා අත්ථං ආචික්ඛිතුං දෙසෙතුං පඤ්ඤපෙතුං පට්ඨපෙතුං විවරිතුං විභජිතුං උත්තානීකාතුං. පඤ්ඤවා අයමායස්මා, නායමායස්මා දුප්පඤ්ඤොති. සාකච්ඡාය භික්ඛවෙ පඤ්ඤා වෙදිතබ්බා, සා ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං, මනසිකරොතා නො අමනසිකාරා, පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙනාති ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, යම් පරිදි චක්‍ෂුර්මත් පුරුෂයෙක් දියවිල් හිවුරෙක්හි සිටියේ දිය බිඳ මතුවන මහමසකු දක්නේ වේද, ඔහට මෙබඳු සිතෙක් වෙයි: මෙමස්හුගේ උන්මාර්‍ගය යම් බඳු වේ නම්, ඌර්මිඝාතයත් යම් බඳු වේ නම්, වේගයිතත්‍වයත් යම්බඳු වේ නම්, එපරිදි මේ මස් මහත් වෙයි. මේ කුඩා මසෙක් නොවන්නේ යයි. මහණෙනි, එසෙයින් පුද්ගලයෙක් පුද්ගලයකු හා සාකච්ඡා කරණුයේ මෙසේ දැනගන්නේ ය: “මෙ ආයුෂ්මත්හුගේ උන්මාර්‍ගය යම්බඳු වේ ද, අභිනීහාරයත් යම්බඳු වේ ද, ප්‍රශ්න සමුදාචාරයත් යම්බඳු වේ ද, (එලෙසින්) මෙ ආයුෂ්මත් ප්‍රඥාවත්ය, මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ නො වේ. ඒ කවර හෙයින යත්: යම් පරිද්දෙකින් මෙ ආයුෂ්මත් ශාන්ත වූ ප්‍රණීත වූ අතර්‍කාවචර වූ නිපුණ වූ පණ්ඩිත වේදනීය වූ ගම්භීර වූ අර්‍ත්‍ථපදත් උදාහරණ කරයි. මෙ ආයුෂ්මත් යම් ධර්‍මයක් දෙසා නම්, එ ධර්‍මයාගේ අර්‍ත්‍ථය සංක්‍ෂේපයෙන් හෝ විස්තර විසින් හෝ කියනුවට දෙසනුවට පණවනුවට එළවනුවට විවෘත කරනුවට බෙදනුවට උත්තානී කරණයට ප්‍රතිබල වෙයි. එහෙයින් ම මේ ආයුෂ්මත් ප්‍රඥාවත්ය, මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ නොවේ” යි. මහණෙනි, සාකච්ඡායෙන් ප්‍රඥාව දතයුතුය. එ ද වනාහි දිගුකලෙකින. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. මෙනෙහි කරන්නහු විසින් වත් මුත් නොමෙනෙහි කිරීමෙන් නො දත හැකිය. ප්‍රඥාවත්හු විසින් වත්මුත් ප්‍රඥානැත්තහු විසින් නො දත හැකිය. මෙසෙයින් යමක් කියන ලද නම්, තෙල මෙ පිණිස කියන ලදී.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි ඨානානි, ඉමෙහි චතූහි ඨානෙහි වෙදිතබ්බානීති.
Sinhala BJTමහණෙනි, මෙ සතර කරුණු මෙකරුණු සතරින් දතයුතු යි.
Pali BJT4. 4. 5. 3.
Sinhala BJT4. 4. 5. 3.
Pali BJT[භද්දියසුත්තං]
Sinhala BJT[භද්දිය සූත්‍රය]
Pali BJT43. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භද්දියො ලිච්ඡවි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො භද්දියො ලිච්ඡවි භගවන්තං එතදවොච :
Sinhala BJT43. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වේසාලියෙහි මහාවනයෙහි වූ කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එකල්හි භද්දිය ලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් භද්දිය ලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
Pali BJTසුතං මෙතං භන්තෙ : මායාවී සමණො ගොතමො ආවට්ටනීමායං ජානාති, යාය අඤ්ඤතිත්ථියානං සාවකෙ ආවට්ටෙතීති. යෙ තෙ භන්තෙ එවමාහංසු : “මායාවී සමණො ගොතමො ආවට්ටනීමායං ජානාති, යාය අඤ්ඤතිත්ථියානං සාවකෙ ආවට්ටෙතී”ති. කච්චි තෙ භන්තෙ භගවතො වුත්තවාදිනො, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛන්ති, ධම්මස්ස චානුධම්මං බ්යාකරොන්ති, න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡති? අනබ්භක්ඛාතුකාමා හි මයං භන්තෙ භගවන්තන්ති.
Sinhala BJTවහන්ස, මායාවී ශ්‍රමණභවත් ගෞතමයෝ යම් මායායෙකින් අන්‍යතීර්‍ත්‍ථකයන්ගේ ශ්‍රාවකයන් ආවර්‍තනය කරත් නම්, එබඳු ආවර්‍තනීමායාවක් දන්නාහ” යි යන තෙල කරුණ මා විසින් අසන ලද. වහන්ස, යම් ම කෙනෙක් “මායාවී ශ්‍රමණ භවත් ගෞතමයෝ යම් මායායෙකින් අන්‍යතීර්‍ත්‍ථකයන්ගේ ශ්‍රාවකයන් ආවර්‍තනය කරත් නම්, එබඳු ආවර්‍තනීමායාවක් දන්නාහයි” මෙසේ කීහු නම්, වහන්ස, කිම, ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද දෑ කියන්නාහු ද, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කරන්නාහු ද, ධර්‍මයට අනුකාරණයක් පවසන්නාහු ද, කිසි වාදානුවාදයෙක් කරුණු සහිත වූයේ විඥයන් විසින් ගැරැහිය යුතු කරුණකට නො ද ඒ ද? වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නොකරණු කැමැතියම්හ” යි.
Pali BJTඑථ තුම්හෙ භද්දිය, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ භද්දිය අත්තනාව ජානෙය්යාථ, ඉමෙ ධම්මා අකුසලා, ඉමෙ ධම්මා සාවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤූගරහිතා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති. අථ තුම්හෙ භද්දිය පජහෙය්යාථ.
Sinhala BJTභද්දියෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු මාගේ කථාව නහමක් ගණුව, පරම්පරා කථායෙනුදු නහමක් ගණුව, “තෙල මෙසේ වීලැ” යි ද නහමක් ගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නහමක් ගණුව, තර්‍කග්‍රාහයෙනුදු නහමක් ගණුව, නයග්‍රාහයෙනුදු නහමක් ගණුව, ආකාර පරිවිතර්‍කයෙනුදු නහමක් ගණුව, අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැයි ද නහමක් ගණුව, (මෙතෙම පූජ්‍යයෙකැයි) භව්‍ය රූපතායෙනුදු නහමක් ගණුව, ‘මෙ මහණ අපට ගුරුහ’යි ද නහමක් ගණුව. භද්දියෙනි, ‘මෙ දහම්හු අකුසල්හ. මෙ දහම්හු වරද සහිතයහ. මෙ දහම්හු නුවණැත්තන් විසින් ගර්හිතයහ. මෙ දහම්හු සපුරණ ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අහිත පිණිස, දුක් පිණිස, පවත්නාහ’ යි තෙපි යම් කලෙක තුමූ ම දන්නහු නම්, භද්දියෙනි, එකල්හි තෙපි එය දුරු කරව.
Pali BJTතං කිං මඤ්ඤථ භද්දිය, ලොභො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති හිතාය වා අහිතාය වාති? අහිතාය භන්තෙ. ලුද්ධො පනායං භද්දිය, පුරිසපුග්ගලො ලොභෙන අභිභූතො පරියාදින්නචිත්තො පාණම්පි හන්ති, අදින්නම්පි ආදියති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, පරම්පි තථත්තාය සමාදපෙති. යං ස හොති දීඝරත්තං අහිතාය දුක්ඛායාති? එවං භන්තෙ.
Sinhala BJTභද්දියෙනි, ‘එ කිමැ’යි සිතවු ද? ලෝභය පුරුෂයාගේ සිත තුළ උපදනුයේ ඔහුට හිත පිණිස හෝ අහිත පිණිස උපදනේ දැ?යි, ඇසූසේක. වහන්ස, අහිත පිණිස වේය’යි කීය. භද්දියෙනි, ලුබ්ධ වූ මෙ පුරුෂ පුද්ගල ලෝභයෙන් මඩනා ලදුයේ ලෝභයෙන් ගන්නාලද සිත් ඇතියේ යමක් ඔහට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස වේ නම්, එබඳු පණිවා ද කෙරෙයි, අයිනාදන් ද ගණී, පරඹුන් කරා ද යේ, මුසාවා ද බෙණේ, මෙරමාත් එබව පිණිස සමාදන් කරවයි? එසේය, වහන්සැ යි.
Pali BJTතං කිං මඤ්ඤථ භද්දිය, දොසො පුරිසස්ස -පෙ- මොහො පුරිසස්ස -පෙ- සාරම්භො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති හිතාය වා අහිතාය වාති? “අහිතාය භන්තෙ”. සාරම්භො පනායං භද්දිය, පුරිසපුග්ගලො සාරම්භෙන අභිභූතො පරියාදින්නචිත්තො පාණම්පි හන්ති, අදින්නම්පි ආදියති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, පරම්පි තථත්තාය සමාදපෙති. යං ස හොති දීඝරත්තං අහිතාය දුක්ඛායාති. එවං භන්තෙ.
Sinhala BJTභද්දියෙනි, ‘එකිමැ’යි හඟිවු ද? ද්වේෂය පුරුෂයාගේ ... මෝහය පුරුෂයාගේ ... සාරම්භය පුරුෂයාගේ සිත තුළ උපදනුයේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදනේ දැ? යි. වහන්ස, අහිත පිණිස වේ යයි. භද්දියෙනි, සාරම්භයෙන් යුත් මෙ පුරුෂ පුද්ගල සාරම්භයෙන් මඩනා ලදුයේ (සාරම්භයෙන්) ගන්නාලද සිත් ඇතියේ යමක් ඔහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස, දුක් පිණිස වේ නම්, එබඳු පණිවා ද කෙරේ, අයිනාදන් ද ගණී, පරඹුන් කරා ද යේ, මුසාවා ද බෙණේ, මෙරමාත් එබව පිණිස සමාදන් කරවයිද? වහන්ස, එසේය.
Pali BJTතං කිං මඤ්ඤථ භද්දිය, ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වාති? “අකුසලා භන්තෙ.” සාවජ්ජා වා අනවජ්ජා වාති? “සාවජ්ජා භන්තෙ.” විඤ්ඤූගරහිතා වා විඤ්ඤුප්පසත්ථා වාති? “විඤ්ඤුගරහිතා භන්තෙ.” සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති, නො වා කථං වා එත්ථ හොතීති? “සමත්තා භන්තෙ සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති. එවං නො එත්ථ හොතී”ති.
Sinhala BJTභද්දියයෙනි, එ කිමැ’යි සිතවු ද, මෙදහම්හු කුසල් හෝ අකුසල් වෙත් ද? වහන්ස, අකුසල්හ යි. සාවද්‍ය හෝ වෙත් ද, අනවද්‍ය හෝ වෙත් දැයි? වහන්ස, සාවද්‍යහ යි. නුවණැත්තන් විසින් ගර්හිත වෙත් ද, විඥයන් විසින් ප්‍රශස්ත වෙත් දැ යි? වහන්ස, විඥයන් විසින් ගර්හිතයහ යි. පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අහිත පිණිස දුක් පිණිස පවතිත් ද? නොහොත් නො පවතිත් ද? මෙහිලා තොපට කෙසේ අදහස් වේ ද? වහන්ස, පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අහිත පිණිස, දුක් පිණිස පවත්නාහ. මෙහිලා අපට මෙසේ අදහස් වේය යි.
Pali BJTඉති ඛො භද්දිය, යං තං තෙ අවොචුම්හ : එථ තුම්හෙ භද්දිය, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, -පෙ- ඉමෙ ධම්මා අකුසලා ඉමෙ ධම්මා සාවජ්ජා ඉමෙ ධම්මා විඤ්ඤූගරහිතා ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති. අථ තුම්හෙ භද්දිය, පජහෙය්යාථාති ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTභද්දියයෙනි, යම් ඒ බසක් කීමෝ ද, “භද්දියෙනි, තෙපි එව, අනුශ්‍රවකථායෙනුදු නහමක් ගණුව, පරම්පරා කථායෙනුදු නහමක් ගනුව, තෙල මෙසේ වීලැයි ද නො ගණුව ... මෙ දහම්හු අකුසල්හ, මෙ දහම්හු සාවද්‍යයහ, මෙ දහම්හු විඥයන් විසින් ගර්හිතයහ, මෙ දහම්හු පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අහිත පිණිස, දුක් පිණිස පවත්නාහු නම්, භද්දියෙනි, එකල්හි තෙපි එය දුරු කරව”යි, මෙසේ යමක් කියන ලද නම්, තෙල මෙ පිණිස කියන ලදී.
Pali BJTඑථ තුම්හෙ භද්දිය, මාඅනුස්සවෙන මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටකසම්පදානෙන මා තක්කහෙතු මා නයහෙතු මා ආකාරපරිවිතක්කෙන මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා මා භබ්බරූපතාය මා සමණො නො ගරූති. යදා තුම්හෙ භද්දිය, අත්තනාව ජානෙය්යාථ : ඉමෙ ධම්මා කුසලා, ඉමෙ ධම්මා අනවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤූප්පසත්ථා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්තීති අථ තුම්හෙ භද්දිය, උපසම්පජ්ජ විහරෙය්යාථ.
Sinhala BJTභද්දියයෙනි, තෙපි එව, අනුශ්‍රවකථායෙනුදු නහමක් ගණුව, පරම්පරා කථායෙනුදු නහමක් ගණුව ‘මෙසේ වීලැ’යි ද නහමක් ගණුව, අපගේ පෙළ හා යෙදෙති’යි ද නහමක් ගණුව, තර්‍කග්‍රාහයෙනුදු නහමක් ගණුව, නයග්‍රාහයෙනුදු නහමක් ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නහමක් ගණුව, අප සිතා ඉවසා ගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ’යි ද නහමක් ගණුව, භව්‍ය රූපතායෙනුදු නහමක් ගණුව, මෙ මහණ අපට ගුරුහ’යි නහමක් ගණුව. භද්දියයෙනි, යම් කලෙක තෙපි “මෙ දහම්හු කුසල්හ, මෙ දහම්හු අනවද්‍යහ, මෙදහම්හු නුවණැතියන් විසින් පසස්නා ලදහ, මෙ දහම්හු මොනොවට ගන්නා ලද්දාහු මොනොවට සමාදන් කොට ගන්නා ලද්දාහු හිතයට සුඛයට වැටෙති”යි තුමූම දන්නහු ද, භද්දියය, එ සඳ තෙපි එ දහම් උපයා වසව.
Pali BJTතං කිං මඤ්ඤථ භද්දිය, අලොභො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති හිතාය වා අහිතාය වාති? “හිතාය භන්තෙ.” අලුද්ධො පනායං භද්දිය, පුරිසපුග්ගලො ලොභෙන අනභිභූතො අපරියාදින්නචිත්තො නෙව පාණං හන්ති, න අදින්නං ආදියති. න පරදාරං ගච්ඡති. න මුසා භණති. පරම්පි තථත්තාය සමාදපෙති. යං ස හොති දීඝරත්තං හිතාය සුඛායාති? “එවං භන්තෙ.”
Sinhala BJTභද්දියය, එ කිමැයි සිතවු ද? අලෝභය පුරුෂයා සිත උපදනේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදනේ වේ ද? වහන්ස, හිත පිණිස උපදනේ ය. භද්දිය ය, අලුබද්ධ වූ මේ පුරුෂපුද්ගල ලෝභයෙන් නො මඩනා ලදුයේ නොගත් සිතැතියේ පරපණ නො නස්නේ වේ ද, අයිනාදන් නො ගන්නේ වේ ද, විරඹු කරා නො යන්නේ වේ ද, මුසවා නො බණන්නේ වේ ද, යම් ක්‍රියායෙක් ඔහට දීර්‍ඝරාත්‍රයෙහි හිතයට සුඛයට වැටේ ද, එ බව පිණිස මෙරමාත් සමාදන් කරවන්නේ වේ ද? වහන්ස, එසේ ය.
Pali BJTතං කිං මඤ්ඤථ භද්දිය, අදොසො පුරිසස්ස -පෙ- අමොහො පුරිසස්ස -පෙ- අසාරම්භො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති හිතාය වා අහිතාය වාති? “හිතාය භන්තෙ.” අසාරම්භො පනායං භද්දිය, පුරිසපුග්ගලො සාරම්භෙන අනභිභූතො අපරියාදින්නචිත්තො නෙව පාණං හන්ති, න අදින්නං ආදියති, න පරදාරං ගච්ඡති, න මුසා භණති , පරම්පි තථත්තාය සමාදපෙති යං ස හොති දීඝරත්තං හිතාය සුඛාය සංවත්තතීති? “එවම්භන්තෙ”
Sinhala BJTභද්දියය, එ කුමැයි හඟිවු ද? අදෝෂය පුරුෂයා සිත ... අමෝහය පුරුෂයා සිත … අසාරම්භය පුරුෂයා සිත උපදනේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදනේ වේ ද? වහන්ස, හිත පිණිස ය. භද්දියය, සාරම්භ රහිත මේ පුරුෂ පුද්ගල සාරම්භයා විසින් නො මඬනා ලදුයේ නොගත් සිතැතියේ පරපණ නො නස්නේ වේ ද, අයිනාදන් නො ගන්නේ වේ ද, විරඹු කරා නොයන්නේ වේ ද, මුසවා නො බණන්නේ වේ ද, යම් ක්‍රියායෙක් ඔහට දීර්‍ඝරාත්‍රයෙහි හිතයට සුඛයට වැටේ ද, එ බව පිණිස මෙරමාත් සමාදන් කරවන්නේ වේ ද? වහන්ස, එසේ ය.