Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4701-4800 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකතමෙ ච භික්ඛවෙ චත්තාරො මහාපදෙසා?
Sinhala BJTමහණෙනි, සතර මහාපදේසයෝ කවරහ?
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය : “සම්මුඛා මෙතං ආවුසො භගවතො සුතං සම්මුඛා පටිග්ගහීතං අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන”න්ති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේය: “ඇවැත්නි, මා විසින් තෙල භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මේ ය ධර්‍ම ය, මේ ය විනය, මේ ය ශාස්තෘශාසනය” කියා යි.
Pali BJTතස්ස භික්ඛවෙ භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං. න පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි. විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔතරන්ති න විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං : අද්ධා ඉදං න චෙව තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. ඉමස්ස ච භික්ඛුනො දුග්ගහීතන්ති. ඉති ඉදං භික්ඛවෙ ඡඩ්ඪෙය්යාථ.
Sinhala BJTමහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්‍දනය නො කටයුතු ය. පිළිකෙසි නො කටයුතුය. අභිනන්‍දනය නොකොට පිළිකෙසි නොකොට ඒ පදසඞ්ඛ්‍යාත ව්‍යඤ්ජනයෝ මොනොවට ඉගෙණ සූත්‍රයෙහි බහා ලියයුතු වෙති. විනයෙහි ලා සැසඳිය යුතු වෙති. ඉදින් ඒ පදව්‍යඤ්ජනයෝ සූත්‍රයෙහි බහනු ලබන්නාහු, විනයෙහි ලා සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො බැස ගණිත් ද, විනයෙහි ලා නො සසැඳෙත් ද, මෙහි ලා මෙසේ නිශ්චයට යා යුතුය: ‘ඒකාන්තයෙන් මෙය අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වෙයි. මේ මහණහු විසින් වරදවා ගන්නා ලද්දෙකැ’යි. මහණෙනි, මෙසේ භාෂිතය හැර පියව.
Pali BJTඉධ පන භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය : “සම්මුඛා මෙතං ආවුසො භගවතො සුතං සම්මුඛා පටිග්ගහීතං අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන”න්ති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය: “ඇවැත්නි, මා විසින් තෙල බුදුන් හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මේ ය ධර්‍මය, මේ ය විනය, මේ ය ශාස්තෘ ශාසනය” කියා යි.
Pali BJTතස්ස භික්ඛවෙ භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං න පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි. විනයෙ සන්දස්සෙතබ්බානි තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔතරන්ති විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං : අද්ධා ඉදං තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. ඉමස්ස ච භික්ඛුනො සුග්ගහීතන්ති. ඉමං භික්ඛවෙ පඨමං මහාපදෙසං ධාරෙය්යාථ.
Sinhala BJTමහණෙනි, ඒ මහණහුගේ භාෂිතය සතුටින් නො පිළිගතයුතු ය. පිළිකෙසි නො කටයුතුය. සතුටින් නො පිළිගෙණ පිළිකෙසි නොකොට ඒ පදව්‍යඤ්ජන මොනොවට උගෙණ සූත්‍රයෙහි බැහිය යුතු ය. විනයෙහි ලා සසැඳිය යුතුය. ඉදින් ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි බහනු ලද්දේ, විනයෙහි ලා සසඳන ලද්දේ සූත්‍රයෙහිත් වැටේ ද, විනයෙහිත් සසැඳේ ද, මෙහි ලා නිශ්චයට යා යුතුය: ‘ඒකාන්තයෙන් තෙල අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන ය. මේ භික්‍ෂූහු විසිනුත් මොනොවට උගන්නා ලදැ’යි කියා ය. මහණෙනි, මේ පළමුවන මහාපදේසය (-මහාප්‍රමාණය) ධරව.
Pali BJTඉධ පන භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය : “අමුකස්මිං නාම ආවාසෙ සඞ්ඝො විහරති සථෙරො සපාමොක්ඛො. තස්ස මෙ සඞ්ඝස්ස සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහීතං අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන”න්ති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය. “අසෝ ආවාසයෙහි තෙරුන් සියෝ ප්‍රමුඛයන් සියෝ සඟහු වෙසෙති. මා විසින් ඒ සඟුන් හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මේ ය ධර්‍මය, මේ ය විනය, මේ ය ශාස්තෘ ශාසනය” කියා යි.
Pali BJTතස්ස භික්ඛවෙ භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං. න පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි. සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි. විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔතරන්ති, න විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං : අද්ධා ඉදං න චෙව තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. තස්ස ච සඞ්ඝස්ස දුග්ගහීතන්ති. ඉති හිදං{1} භික්ඛවෙ ඡඩ්ඪෙය්යාථ.
Sinhala BJTමහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්‍දනා නො කටයුතු ය. පටික්කෝසනා නො කටයුතුය. අභිනන්‍දනා නො කොට පටික්කෝසනා නො කොට ඒ පදව්‍යඤ්ජන මොනොවට උගෙණ සූත්‍රයෙහි හෙළිය යුතු ය. විනයයෙහි ලා සසැඳිය යුතු ය. ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි බහනු ලබන්නේ, විනයයෙහි සසඳනු ලබන්නේ, ඉදින් සූත්‍රයෙහි නො බස්නේ නම්, විනයෙහි ලා නොසසැඳනේ නම්, මෙහි ලා මෙසේ නිශ්චයට යායුතු ය: ‘ඒකාන්තයෙන් තෙල අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත නො වේ. ඒ සඟුන් විසින් වරදවා ගන්නා ලද වෙයි’ කියා යි. මහණෙනි, මෙසේ මෙය හැරපියව.
Pali BJTඉධ පන භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය : “අමුකස්මිං නාම ආවාසෙ සඞ්ඝො විහරති සථෙරො සපාමොක්ඛො. තස්ස මෙ සඞ්ඝස්ස සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහීතං අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනන්ති.”
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ බණන්නේ ය. “අසෝ ආවාසයෙහි තෙරුන් සියෝ ප්‍රමුඛයන් සියෝ සඟහු වෙසෙත්. මා විසින් ඒ සඟුන්ගේ හමුයෙහි අසන ලදී. හමුයෙහි පිළිගන්නා ලදි: ‘මේ ය ධර්‍මය, මේ ය විනය, මේ ය ශාස්තෘශාසනය” කියා යි.
Pali BJTතස්ස භික්ඛවෙ භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං න පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි. විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔතරන්ති, විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං : අද්ධා ඉදං තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. තස්ස ච සඞ්ඝස්ස සුග්ගහීතන්ති. ඉදං භික්ඛවෙ දුතියං මහාපදෙසං ධාරෙය්යාථ.
Sinhala BJTමහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්‍දනා නො කටයුතු ය. පටික්කෝසනා නො කට යුතු ය. අභිනන්‍දනා නො කොට පටික්කෝසනා නොකොට ඒ පදව්‍යඤ්ජන මොනොවට උගෙණ සූත්‍රයෙහි බහාලිය යුතු ය. විනයෙහි ලා සසඳා ලියයුතු ය. ඉදින් ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි බහනු ලබන්නේ, විනයෙහි ලා සසඳනු ලබන්නේ, සූත්‍රයෙහිත් බස්නේ ද, විනයෙහිත් සසඳ ලබා ද, මෙහි ලා මෙසේ නිශ්චයට යායුතු යි: ‘ඒකාන්තයෙන් තෙල අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත වෙයි. ඒ සඟුන් විසින් මොනොවට ගන්නා ලද්දේ ය’ කියා යි. මහණෙනි, මේ දෙවන මහාපදේසය ධරව.
Pali BJTඉධ පන භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය : “අමුකස්මිං නාම ආවාසෙ සම්බහුලා ථෙරා භික්ඛූ විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා. තෙසං මෙ ථෙරානං සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන”න්ති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය. “අසෝ ආවාසයෙහි බහුශ්‍රුත වූ ආගතාගම ඇති ධර්‍මධර විනයධර මාතෘකාධර සම්බහුල තෙර මහණහු වෙසෙති. මා විසින් ඒ තෙරුන්ගේ හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී. මේ ය ධර්‍මය, මේ ය විනය, මේ ය ශාස්තෘශාසනය” කියා යි.
Pali BJTතස්ස භික්ඛවෙ භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං න පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි. විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔතරන්ති, න විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං : අද්ධා ඉදං න චෙව තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. තෙසඤ්ච ථෙරානං දුග්ගහීතන්ති. ඉති හෙතං භික්ඛවෙ ඡඩ්ඪෙය්යාථ.
Sinhala BJTමහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්‍දනා නො කටයුතු ය. පටික්කෝසනා නො කටයුතුය. අභිනන්‍දනා නොකොට පටික්කෝසනා නොකොට ඒ පදව්‍යඤ්ජන මොනොවට ඉගෙණ සූත්‍රයෙහි බැහිය යුතු ය. විනයෙහි සසැඳිය යුතු ය. ඉදින් ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි නගනු ලබන්නේ, විනයෙහි සසඳනු ලබන්නේ, සූත්‍රයෙහි බැස නො ගණී ද, ‘විනයෙහි ලා සසඳ නොගණී ද, මෙහි ලා නිශ්චයට යා යුතු යි: ‘ඒකාන්තයෙන් මේ භාෂිතය අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත නො වේ. ඒ තෙරවරුන් විසිනුත් වරදවා ගන්නා ලද’ කියා යි. මහණෙනි, මෙසේ මෙය හැරපියව.
Pali BJTඉධ පන භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය : “අමුකස්මිං නාම ආවාසෙ සම්බහුලා ථෙරා භික්ඛූ විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා. තෙසං මෙ ථෙරානං සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහීතං අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන”න්ති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය. “අසෝ ආවාසයෙහි, බහුශ්‍රුත වූ ආගතාගම ඇති ධර්‍මධර විනයධර මාතෘකාධර සම්බහුල තෙර මහණහු ඇත. මා විසින් ඒ තෙරුන් හමුයෙහි අසන ලද, හමුයෙහි පිළිගන්නා ලද: මේ ය ධර්‍මය, මේ ය විනය මේ ය ශාස්තෘශාසනය” කියා යි.
Pali BJTතස්ස භික්ඛවෙ භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං න පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි. විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔතරන්ති, විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං : ‘අද්ධා ඉදං තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. තෙසඤ්ච ථෙරානං සුග්ගහිත’න්ති. ඉදං භික්ඛවෙ තතියං මහාපදෙසං ධාරෙය්යාථ.
Sinhala BJTමහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්‍දනා නො කට යුතුය. පටික්කෝසනා නො කටයුතු ය. අභිනන්‍දනා නොකොට පටික්කෝසනා නොකොට ඒ පදව්‍යඤ්ජන මොනොවට ඉගෙණ සූත්‍රයෙහි නැගිය යුතු ය. විනයෙහි ලා සසැඳිය යුතු ය. ඉදින් මේ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි නගනු ලබන්නේ, විනයයෙහි ලා සසඳනු ලබන්නේ, සූත්‍රයෙහිත් බැස ගණී නම් විනයයෙහිත් සසඳ ලබා නම්, මෙහි ලා නිශ්චයට යා යුතු යි: ‘ඒකාන්තයෙන් මේ භාෂිතය අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත යි. ඒ තෙරුන් විසිනුත් මොනොවට ගන්නා ලද ය කියා යි. මහණෙනි, මේ තුන්වන මහාපදේසය ධරව.
Pali BJTඉධ පන භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය : “අමුකස්මිං නාම ආවාසෙ එකො ථෙරො භික්ඛු විහරති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො. තස්ස මෙ ථෙරස්ස සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන”න්ති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය: අසෝ ආවාසයෙහි බහුශ්‍රුත වූ ආගතාගම ඇති ධර්‍මධර විනයධර මාතෘකාධර එක් තෙර කෙනෙක් වෙසෙති. මා විසින් ඒ තෙරුන්ගේ හමුයෙහි අසන ලදි, හමුයෙහි පිළිගන්නා ලදි: මේය ධර්‍මය, මේ ය විනය, මේ ය ශාස්තෘශාසනය කියා යි.
Pali BJTතස්ස භික්ඛවෙ භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං න පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි. විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔතරන්ති, න විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං : ‘අද්ධා ඉදං න චෙව තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. තස්ස ච ථෙරස්ස දුග්ගහීත’න්ති. ඉති හෙතං භික්ඛවෙ ඡඩ්ඪෙය්යාථ.
Sinhala BJTමහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්‍දනා නො කටයුතු ය. පටික්කෝසනා නො කටයුතු ය. අභිනන්‍දනා නො කොට පටික්කෝසනා නො කොට ඒ පදව්‍යඤ්ජන මොනොවට ඉගෙණ සූත්‍රයෙහි නැගිය යුතු ය. විනයෙහි සසැඳිය යුතු ය. ඉදින් ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි නගනු ලබන්නේ, විනයෙහිලා සසඳනු ලබන්නේ, සූත්‍රයෙහිත් බැස නො ගණී නම් විනයෙහිත් සසඳ නො ගණී නම්, මෙහි ලා නිශ්චයට යා යුතු යි: ඒකාන්තයෙන් මේ භාෂිතය අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත නො වේ. ඒ තෙරුන් විසිනුත් වරදවා ගන්නා ලද කියා යි. මහණෙනි, මෙසේ මෙය හැරපියව.
Pali BJTඉධ පන භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය : “අමුකස්මිං නාම ආවාසෙ එකො ථෙරො භික්ඛු විහරති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො. තස්ස මෙ ථෙරස්ස සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහීතං අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන”න්ති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය: අසෝ ආවාසයෙහි බහුශ්‍රුත වූ ආගතාගම ඇති ධර්‍මධර විනයධර මාතෘකාධර එක් ස්ථවිර භික්‍ෂු කෙනෙක් වෙසෙති. මා විසින් ඒ තෙරුන් හමුයෙහි අසන ලදි, හමුයෙහි පිළිගන්නා ලදි: මේ ය ධර්‍මය, මේ ය විනය, මේ ය ශාස්තෘශාසනය කියා යි.
Pali BJTතස්ස භික්ඛවෙ භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං න පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි. විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔතරන්ති විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං : ‘අද්ධා ඉදං තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස, තස්ස ච ථෙරස්ස සුග්ගහිත’න්ති. ඉදං භික්ඛවෙ චතුත්ථං මහාපදෙසං ධාරෙය්යාථ.
Sinhala BJTමහණෙනි, ඒ භික්‍ෂුහුගේ භාෂිතය අභිනන්‍දනා නො කටයුතු යි. පටික්කෝසනා නො කටයුතුයි. අභිනන්‍දනා නො කොට පටික්කෝසනා නො කොට ඒ පදව්‍යඤ්ජන මනා කොට ඉගෙණ සූත්‍රයෙහි නැගිය යුතු ය. විනයෙහි ලා සසැඳිය යුතු ය. ඉදින් ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි නගනු ලබන්නේ, විනයයෙහිලා සසඳනු ලබන්නේ, සූත්‍රයෙහිත් බැස සිටුනේ ද, විනයයෙහිත් සසැඳ සිටුනේ ද, මෙහි ලා නිශ්චයට යා යුතු ය: ඒකාන්තයෙන් මේ භාෂිතය අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත යි. ඒ තෙරුන් විසිනුත් මොනොවට ගන්නා ලද කියා යි. මහණෙනි, මේ සතරවෙනි මහාපදේසය ධරව.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො මහාපදෙසාති.
Sinhala BJTමහණෙනි, මේ සතර මහාපදේසයෝ යි.
Pali BJTසඤ්චෙතනියවග්ගො තතියො.{*}
Sinhala BJTසඤ්චේතනියවර්‍ගය තුන්වෙනි යි.
Pali BJT4. බ්රාහ්මණවග්ගො
Sinhala BJT4. බ්‍රාහ්මණ වර්‍ගය
Pali BJT4. 4. 4. 1.
Sinhala BJT4. 4. 4. 1.
Pali BJT[යොධාජීවසුත්තං]
Sinhala BJT[යෝධාජීව සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT31. චතූහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො යොධාජීවො රාජාරහො හොති රාජභොග්ගො රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි චතූහි?
Sinhala BJT31. මහණෙනි, සතර අඟෙකින් සමන්‍වාගත යෝධාජීව රජුන් විසින් වළඳ කටයුතු වූයේ රාජාර්‍හ වෙයි. රාජාඞ්ගයෙක් මැයැ යි ගණයට යෙයි. කවර සතරෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ යොධාජීවො ඨානකුසලො ච හොති, දූරෙ පාතී ච, අක්ඛණවෙධී ච, මහතො ච කායස්ස පදාලෙතා. ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි අඞ්ගෙහි සමන්නාගතො යොධාජීවො රාජාරහො හොති රාජභොග්ගො රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මෙලොව යෝධාජීව විදුනා තැනෙහි දක්‍ෂ වූයේ වේ ද, දුර හෙනසුලු වූයේ ද, අකුණු එළියෙන් විදුනේ වේ ද, මහත් සෙන්මුළු බිඳලනුයේ වේ ද, මහණෙනි, මේ සතර අඟින් සමන්‍වාගත යෝධාජීව රජහු විසින් වළඳනා ලදුයේ රාජාර්‍හ වෙයි. රජුගේ අවයවයෙක් ය යි ගණයට යෙ යි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුණෙය්යො, දක්ඛිණෙය්යො, අඤ්ජලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි චතූහි: ඉධ භික්ඛවෙ භික්ඛු ඨානකුසලො ච හොති, දූරෙපාතී ච, අක්ඛණවෙධී ච, මහතො ච කායස්ස පදාලෙතා.
Sinhala BJTමහණෙනි, එපරිදි ම සතර දහමෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය, පාහුණෙය්‍ය ය, දක්ඛිණෙය්‍ය, අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සතර දහමෙන යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ‘ඨානකුසල’ වූයේත් ‘දූරේපාතී’ වූයේත් ‘අක්ඛණවේධී’ වූයේත් මහත් ‘කායවිදාරණය’ කරන්නේත් වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු ඨානකුසලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. එවං ඛො භික්ඛවෙ භික්ඛු ඨානකුසලො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ ‘ඨාන කුසල’ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි. ශික්‍ෂාපද විෂයයෙහි සමාදානය කොට හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ ‘ඨාන කුසල’ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු දූරෙ පාතී හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං නෙතං මම, නෙසොහමස්මි, න මෙ සො අත්තාති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. යා කා චි වෙදනා -පෙ- යා කා චි සඤ්ඤා -පෙ- යෙ කෙ චි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තාති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. එවං ඛො භික්ඛවෙ භික්ඛු දූරෙ පාතී හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ දූරේ පාතී වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි ඉන්‍ද්‍රියබද්ධ වේවයි අනින්‍ද්‍රිය බද්ධ වේවයි ඖදාරික වේවයි සියුම් වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යමෙක් දුරෙහි වේවයි ලඟ වේවයි, යම් කිසි රූපායතනයෙක් ඇත් ද, තෙල එ හැම රූප මා ගැත්තේ නො වෙයි. මම තෙල රූපයෙම් නො වෙමි. තෙල රූප මාගේ විසිය වැටෙන්නේ නො වෙයි. මෙසේ තෙල යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ වේ ද, යම් කිසි වේදනායෙක් ඇත් ද ... යම් කිසි සංඥායෙක් ඇත් ද ... යම් කිසි සංස්කාරයෝ ඇත් ද ... අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි දළ වේවයි සියුම් වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යමක් දුරෙහි වේවයි ලඟ වේවයි යම් කිසි විඥානයෙක් ඇත් ද, තෙල හැම විඥානය මා ගැත්තේ නො වෙයි මම තෙල විඥානයෙම් නොවෙමි. තෙල විඥානය මාගේ විසිය වැටෙන්නේ නො වෙයි මෙසේ මේ යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ද, මහණෙනි, මෙසේ මහණ ‘දූරේපාතී’ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු අක්ඛණවෙධී හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, අයං දුක්ඛ නිරොධො’ති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු අක්ඛණවෙධී හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ ‘අක්ඛණවේධී’ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ මේ දුකැ යි තත් වූ පරිදි දනී ද, මේ දුක් උපදනා හේතු යි තත්වූ පරිදි දනී ද, මේ දුක් නැසීමැ යි තත්වූ පරිදි දනී ද, මේ දුක් නැසීමට පමුණුවන පිළිවෙතැ යි තත් වූ පරිදි දනී ද, මහණෙනි, මෙසේ මහණ අක්ඛණවේධී වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු මහතො ච කායස්ස පදාලෙතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු මහන්තං අවිජ්ජාක්ඛන්ධං පදාලෙති. එවං ඛො භික්ඛවෙ භික්ඛු මහතො කායස්ස පදාලෙතා හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ මහත් වූ කය බිඳලන්නේ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ මහත් වූ අවිද්‍යාස්කන්‍ධය පළයි. මහණෙනි, මෙසේ මහත් කය පළන්නේ වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
Pali BJT4. 4. 4. 2.
Sinhala BJT4. 4. 4. 2.
Pali BJT[පාටිභොගසුත්තං]
Sinhala BJT[පාටිභෝග සූත්‍රය]
Pali BJT32. චතුන්නං භික්ඛවෙ ධම්මානං නත්ථි කො චි පාටිභොගො සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කො චි වා ලොකස්මිං. කතමෙසං චතුන්නං?
Sinhala BJT32. මහණෙනි, දහමුන් සතර දෙනකුන්ට මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොවෙ කිසිවෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත. කවර සතර දෙනකුට ය යත්:
Pali BJTජරාධම්මං මා ජීරීති නත්ථි කො චි පාටිභොගො සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කො චි වා ලොකස්මිං.
Sinhala BJT“ජරාධර්‍මය නහමක් දිරාව”යි මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොව කිසිවෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත.
Pali BJTව්යාධිධම්මං මා ව්යාධියීති නත්ථි කොචි පාටිභොගො සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කො චි වා ලොකස්මිං.
Sinhala BJT‘ව්‍යාධිධර්‍මය නහමක් පෙළෙව’යි මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොව කිසි වෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත.
Pali BJTමරණධම්මං මා මීයීති නත්ථි කො චි පාටිභොගො සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කො චි වා ලොකස්මිං.
Sinhala BJT‘මරණධර්‍මය නහමක් මියේව’යි, මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොව කිසිවෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත.
Pali BJTයානි ඛො පන තානි පාපකානි කම්මානි සංකිලෙසිකානි පොනොභවිකානි සදරානි දුක්ඛවිපාකානි ආයතිං ජාතිජරාමරණිකානි. තෙසං විපාකො මා නිබ්බත්තීති නත්ථි කො චි පාටිභොගො සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කො චි වා ලොකස්මිං.
Sinhala BJT‘කෙලෙසුන් කරණ, පුනර්‍භවය ගෙණ දෙන, දරථ සහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණ එළවන යම් පාපකර්‍මයෝ ඇත් ද, උන්ගේ විපාකය නහමක් උපදී ව’යි මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොවෙ කිසිවෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ චතුන්නං ධම්මානං නත්ථි කො චි පාටිභොගො සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කො චි වා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර දහමුනට ශ්‍රමණයෙක් වේවයි, බ්‍රාහ්මණයෙක් වේවයි, දේවයෙක් වේවයි, මාරයෙක් වේවයි, බ්‍රහ්මයෙක් වේවයි, ලොව අනෙකෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත.
Pali BJT4. 4. 4. 3.
Sinhala BJT4. 4. 4. 3.
Pali BJT[වස්සකාරසුත්තං]
Sinhala BJT[වස්සකාර සූත්‍රය]
Pali BJT33. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො භගවන්තං එතදවොච :
Sinhala BJT33. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. එක්බිති මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් මගධ මහාමාත්‍ර වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
Pali BJTඅහං හි භො ගොතම එවංවාදී එවංදිට්ඨි: “යො කො චි දිට්ඨං භාසති ‘එවං මෙ දිට්ඨන්ති’ නත්ථි තතො දොසො, යො කො චි සුතං භාසති ‘එවං මෙ සුතන්ති’ නත්ථි තතො දොසො, යො කො චි මුතං භාසති ‘එවං මෙ මුතන්ති’ නත්ථි තතො දොසො, යො කො චි විඤ්ඤාතං භාසති ‘එවං මෙ විඤ්ඤාතන්ති’ නත්ථි තතො දොසොති”
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, “යම් කිසිවෙක් ‘මා විසින් මෙසේ දක්නා ලදැ’යි දුටු දෑ බෙණේ නම් එහි දොසෙක් නැත. ‘මා විසින් මෙසේ අසන ලදැ’යි යම් කිසිවෙක් ඇසූ දෑ බෙණේ නම් එහි දොසෙක් නැත. ‘මා විසින් මෙසේ ස්පර්‍ශ කරණ ලදැ’යි යම් කිසිවෙක් ස්පර්‍ශ කරණ ලද්ද බෙණේ නම් එහි දොසෙක් නැත. ‘මා විසින් මෙසේ දන්නා ලදැ’යි යම් කිසිවෙක් දැනගත් දෑ බෙණේ නම් එහි දොසෙක් නැතැ යි මම මෙබඳු වාද ඇතියෙමි. මෙබඳු දෘෂ්ටි ඇතියෙමි.”
Pali BJTනාහං බ්රාහ්මණ සබ්බං දිට්ඨං භාසිතබ්බන්ති වදාමි. න පනාහං බ්රාහ්මණ සබ්බං දිට්ඨං න භාසිතබ්බන්ති වදාමි. නාහං බ්රාහ්මණ සබ්බං සුතං භාසිතබ්බන්ති වදාමි. න පනාහං බ්රාහ්මණ සබ්බං සුතං න භාසිතබ්බන්ති වදාමි. නාහං බ්රාහ්මණ සබ්බං මුතං භාසිතබ්බන්ති වදාමි. න පනාහං බ්රාහ්මණ සබ්බං මුතං න භාසිතබ්බන්ති වදාමි. නාහං බ්රාහ්මණ සබ්බං විඤ්ඤාතං භාසිතබ්බන්ති වදාමි. න පනාහං බ්රාහ්මණ සබ්බං විඤ්ඤාතං න භාසිතබ්බන්ති වදාමි.
Sinhala BJTබමුණ, මම දුටු හැම කියයුතුය යි නොකියමි. බමුණ, මම දුටු හැම නො කියයුතුය යි නො ද කියමි. බමුණ, මම ඇසූ හැම කියයුතුය යි නො ම කියමි. බමුණ මම ඇසූ හැම නො කියයුතුය යි නො ද කියමි. බමුණ, මම හැම (ඵොට්ඨබ්බ ගන්‍ධරස සඞ්ඛ්‍යාතමුතය) කියයුතු ය යි නො ම කියමි. බමුණ, මම හැම මුතය නොකියයුතු ය යි නො ද කියමි. බමුණ, මම හැම විඥාතය (ධම්මාරම්මණ) කියයුතුය යි නො ම කියමි. බමුණ, මම හැම විඥාතය නොකියයුතු ය යි නො ද කියමි.
Pali BJTයං හි බ්රාහ්මණ දිට්ඨං භාසතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, එවරූපං දිට්ඨං න භාසිතබ්බන්ති වදාමි. යං ච ඛ්වාස්ස බ්රාහ්මණ දිට්ඨං භාසතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපං දිට්ඨං භාසිතබ්බන්ති වදාමි.
Sinhala BJTබමුණ, දුටු යමක් කියන්නහුට අකුසල් දහම්හු වැඩෙත් ද, කුසල්දහම්හු පිරිහෙත් ද, මෙබඳු දුටු දැය නොකියයුතු ය යි කියමි. බමුණ, යම් දුටු දැයක් කියන්නහුට අකුසල්දහම්හු පිරිහෙත් ද, කුසල් දහම්හු වැඩෙත් ද, මෙබඳු දුටු දැය කියයුතුය යි කියමි.
Pali BJTයං හි බ්රාහ්මණ සුතං භාසතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, එවරූපං සුතං න භාසිතබ්බන්ති වදාමි. යං ච ඛ්වාස්ස බ්රාහ්මණ සුතං භාසතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපං සුතං භාසිතබ්බන්ති වදාමි.
Sinhala BJTබමුණ, යම් ඇසූ දැයක් කියන්නහුට අකුසල්දහම්හු වැඩෙත් ද, කුසල්දහම්හු පිරිහෙත් ද, මෙබඳු ඇසූ දැය නො කියයුතු ය යි කියමි. බමුණ, යම් ඇසූ දැයක් බණන්නහුට අකුසල්දහම්හු පිරිහෙත් ද, කුසල්දහම්හු වැඩෙත් ද, මෙබඳු ඇසූ දැය කිය යුතුය යි කියමි.
Pali BJTයං හි බ්රාහ්මණ මුතං භාසතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, එවරූපං මුතං න භාසිතබ්බන්ති වදාමි. යං ච ඛ්වාස්ස බ්රාහ්මණ මුතං භාසතො අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපං මුතං භාසිතබ්බන්ති වදාමි.
Sinhala BJTබමුණ, යම් මුතයක් බණන්නහුට අකුසල්දහම්හු වැඩෙත් ද, කුසල්දහම්හු පිරිහෙත් ද, මෙබඳු මුතය නො කියයුතුය යි කියමි. බමුණ, යම් මුතයක් බණන්නහුට අකුසල් දහම්හු පිරිහෙත් ද, කුසල්දහම්හු වැඩෙත් ද, මෙබඳු මුතය කිය යුතුය යි කියමි.
Pali BJTයං හි බ්රාහ්මණ විඤ්ඤාතං භාසතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, එවරූපං විඤ්ඤාතං න භාසිතබ්බන්ති වදාමි. යං ච ඛ්වාස්ස බ්රාහ්මණ විඤ්ඤාතං භාසතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපං විඤ්ඤාතං භාසිතබ්බන්ති වදාමීති.
Sinhala BJTබමුණ, යම් විඥාතයක් බණන්නහුට අකුසල් දහම්හු වැඩෙත් ද, කුසල්දහම්හු පිරිහෙත් ද, මෙබඳු විඥාතය නොකියයුතු ය යි කියමි. බමුණ, යම් විඥාතයක් බණන්නහුට අකුසල්දහම්හු පිරිහෙත් ද, කුසල්දහම්හු වැඩෙත් ද, මෙබඳු විඥාතය කියයුතුය යි කියමි.
Pali BJTඅථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමීති.
Sinhala BJTඑකල්හි මගධමහාමාත්‍ර වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනය කොට හුනස්නෙන් නැගී ගියේ ය.
Pali BJT4. 4. 4. 4.
Sinhala BJT4. 4. 4. 4.
Pali BJT[ජානුස්සොනීසුත්තං]
Sinhala BJT[ජාණුස්සොනී සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT34. අථ ඛො ජාණුස්සොණී බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදී. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජාණුස්සොණී බ්රාහ්මණො භගවන්තං එතදවොච :
Sinhala BJT34. එකල ජාණුස්සොනී බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව කොට නිමවා එකත්පස් ව හින. එකත්පස් ව හුන් ජාණුස්සොනී බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
Pali BJTඅහං හි භො ගොතම එවංවාදී එවංදිට්ඨි : “නත්ථි යො සො මරණධම්මො සමානො න භායති. න සන්තාසං ආපජ්ජති මරණස්සා”ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, “මම මෙ බඳු වාද ඇතියෙමි. මෙබඳු දිටු ඇතියෙමි. මරණසැහැවි ඇතිව මරණයට නොබානා සන්ත්‍රාසයට නොවදනා යමෙක් නැත” යනුයි.
Pali BJTඅත්ථි බ්රාහ්මණ මරණධම්මො සමානො භායති, සන්තාසං ආපජ්ජති මරණස්ස. අත්ථි පන බ්රාහ්මණ මරණධම්මො සමානො න භායති, න සන්තාසං ආපජ්ජති මරණස්ස.
Sinhala BJTබමුණ, මරණසැහැවි ඇතිව මරණයට බානා සන්ත්‍රාසයට පැමිණෙන යමෙක් ඇත. බමුණ, මරණසැහැවි ඇත ද මරණයට නොබානා සන්ත්‍රාසයට නොවදිනා යමෙක් ද ඇත.
Pali BJTකතමො ච බ්රාහ්මණ මරණධම්මො සමානො භායති, සන්තාසං ආපජ්ජති මරණස්ස?
Sinhala BJTබමුණ, මරණසැහැවි ඇතියේ මරණයට බානා, සන්ත්‍රාසයට වදනා පුද්ගල කවරේ ය යත්:
Pali BJTඉධ බ්රාහ්මණ එකච්චො කාමෙසු අවීතරාගො හොති අවිගතඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. තමෙනඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්සඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස එවං හොති : පියා වත මං කාමා ජහිස්සන්ති, පියෙ චාහං කාමෙ ජහිස්සාමීති. සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති. සම්මොහං ආපජ්ජති. අයං ඛො බ්රාහ්මණ මරණධම්මො සමානො භායති, සන්තාසං ආපජ්ජති මරණස්ස.
Sinhala BJTබමුණ, මෙලොව කිසිවෙක් කාමයෙහි අවීතරාග වූයේ අවිගත ඡන්‍ද ඇතියේ අවිගතප්‍රේම ඇතියේ අවිගතපිපාසා ඇතියේ අවිගතපරිළාහ ඇතියේ අවිගත තෘෂ්ණා ඇතියේ වෙයි. එක්තරා ගාඪරෝගාතඞ්කයෙක් තුලුන් ස්පර්‍ශ කෙරේ. කිසියම් ගාඪරොගාතඞ්කයෙකින් පැහැසුනු ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ප්‍රිය වූ කාමසම්පත්හු එකැතින් මා හැරපියත්. වැලි මමත් ප්‍රිය කාමසම්පත් හැරපියමි.” කියා යි. හේ සොස්නේ වෙයි. ක්ලාන්ත වෙයි. වලප්නේ වෙයි. ලෙහි අත් පැහැරැ පැහැරැ හඬයි. සම්මෝහයට පැමිණෙයි. බමුණ මේ වනාහි මරණසැහැවි ඇතියේ මරණයට බානේ නම් වෙයි සන්ත්‍රාසයට වදනේ නම් වෙයි.
Pali BJTපුන චපරං බ්රාහ්මණ ඉධෙ කච්චො කායෙ අවීතරාගො හොති අවිගතඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. තමෙනඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්සඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස එවං හොති : පියො වත මං කායො ජහිස්සති. පියං චාහං කායං ජහිස්සාමීති. සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති. අයම්පි ඛො බ්රාහ්මණ මරණධම්මො සමානො භායති, සන්තාසං ආපජ්ජති මරණස්ස.
Sinhala BJTතවද බමුණ, මෙලොව කිසිවෙක් කයෙහි නොපැහු රාග ඇතියේ නොපැහු ඡන්‍ද ඇතියේ නොපැහු ප්‍රේම ඇතියේ නොපැහු පිපාසා ඇතියේ නොපැහු පරිළාහ ඇතියේ නොපැහු තෘෂ්ණා ඇතියේ වෙයි. එක්තරා ගාඪ වූ රෝගයෙක් තුලුන් ස්පර්‍ශ කෙරෙයි. එක්තරා ගාඪරෝගයෙකින් පහස්නා ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ප්‍රිය වූ කය එකැතින් මා හැරපියයි. වැලි මමත් ප්‍රිය වූ කය හැරපියමි කියා යි. හේ සොස්නේ වෙයි. ක්ලාන්ත වන්නේ වෙයි. පරිදේවනා කරණුයේ වෙයි. අතින් ලය පැහැර පැහැර හඬනුයේ වෙයි. සම්මෝහයට වදනේ වෙයි. බමුණ, මෙයිත් මරණසැහැවි ඇතියේ මරණයට බානේ නම් වෙයි. සන්ත්‍රාසයට වදනේ නම් වෙයි.
Pali BJTපුන චපරං බ්රාහ්මණ ඉධෙකච්චො අකතකල්යාණො හොති අකතකුසලො අකතභීරුත්තාණො. කතපාපො කතලුද්දො කතකිබ්බිසො. තමෙනඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්සඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස එවං හොති : අකතං වත මෙ කල්යාණං, අකතං කුසලං, අකතං භීරුත්තාණං, කතං පාපං, කතං ලුද්දං, කතං කිබ්බිසං. යාවතා භො අකතකල්යාණානං අකතකුසලානං අකතභීරුත්තාණානං කතපාපානං කතලුද්දානං කතකිබ්බිසානං ගති, තං ගතිං පෙච්ච ගච්ඡාමීති. සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති. අයම්පි ඛො බ්රාහ්මණ මරණධම්මො සමානො භායති, සන්තාසං ආපජ්ජති මරණස්ස.
Sinhala BJTතවද බමුණ, මෙලොව කිසිවෙක් පින්කම් නොකෙළේ වෙයි. කුසල් නො කෙළේ වෙයි. බියට පරිත්‍රාණ නොකෙළේ වෙයි. පව් කෙළේ වෙයි. කැකුළුකම් කෙළේ වෙයි. කිලිටිකම් කෙළේ වෙයි. එක්තරා ගාඪවූ රෝගයෙක් තුලුන් පැහැස සිටී. එක්තරා ගාඪරෝගයෙකින් සමන්‍වාගත වු ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මා විසින් එකැතින් කල්‍යාණයෙක් නොකරණ ලදී. කුසලයෙක් නොකරණ ලදි. බියට පරිත්‍රාණයෙක් නොකරණ ලදි. පාපයෙක් කරණ ලදි. කැකුළුකමෙක් කරණ ලදි. කිලිටිකමෙක් කරණ ලදී. භවත්නි, කල්‍යාණයන් නොකළ කුසලයන් නොකළ බියට පරිත්‍රාණ නොකළ පව් කළ කැකුළුකම් කළ කිලිටිකම් කළ ඇත්තන්ගේ යම් ගතියෙක් වේ ද, පරලොව ඒ ගතියට යෙමි යි හේ සොස්නේ වෙයි. ක්ලාන්ත වන්නේ වෙයි. පරිදේවනා කරන්නේ වෙයි. අතින් ලය පැහැරැ පැහැරැ හඬන්නේ වෙයි. මුළාබවට වදනේ වෙයි. බමුණ, මෙ ද මරණසැහැවි ඇතියේ මරණයට බානේ නම් වෙයි. සන්ත්‍රාසයට වදනේ නම් වෙයි.
Pali BJTපුන චපරං බ්රාහ්මණ ඉධෙකච්චො කඞ්ඛී හොති විචිකිච්ඡී අනිට්ඨංගතො සද්ධම්මෙ. තමෙනඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්සඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස එවං හොති : කඞ්ඛී වතම්හි වෙචිකිච්ඡී අනිට්ඨංගතො සද්ධම්මො’ති. සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති. අයම්පි ඛො බ්රාහ්මණ මරණධම්මො සමානො භායති, සන්තාසං ආපජ්ජති මරණස්ස.
Sinhala BJTතවද බමුණ, මෙලොව කිසිවෙක් බුද්ධාදීන් කෙරෙහි සැක ඇතියේ වෙයි. විචිකිච්ඡා ඇතියේ වෙයි. ශාසන සද්ධර්‍මයෙහි නිෂ්ඨාගත වූයේ නො වෙයි. එක්තරා ගාඪරෝගයෙක් තුලුන් පැහැසැ සිටී. එක්තරා ගාඪරෝගයෙකින් සමන්‍වාගත ඔහුට මෙබඳු සිතෙක් වෙයි. බුද්ධාදීන් කෙරෙහි සැක ඇතියෙම් වෙමි. විචිකිච්ඡා ඇතියෙම් වෙමි. ශාසනසද්ධර්‍මයෙහි නිෂ්ඨාගත වූයෙම් ද නො වෙමියි. හේ සොස්නේ වෙයි. ක්ලාන්ත වන්නේ වෙයි. පරිදේවනා කරන්නේ වෙයි. අතින් ලය පැහැර පැහැර හඬනේ වෙයි. මුළාවට වදනේ වෙයි. බමුණ, මෙ ද මරණසැහැවි ඇතියේ මරණයට බානේ නම් වෙයි. සන්ත්‍රාසයට වදනේ නම් වෙයි.
Pali BJTඉමෙ ඛො බ්රාහ්මණ චත්තාරො මරණධම්මා සමානා භායන්ති සන්තාසං ආපජ්ජන්ති මරණස්ස.
Sinhala BJTබමුණ, මේ සතර දෙනා මරණසැහැවි ඇත්තාහු මරණයට බති. සන්ත්‍රාසයට පැමිණෙත්.
Pali BJTකතමො ච බ්රාහ්මණ මරණධම්මො සමානො න භායති, න සන්තාසං ආපජ්ජති මරණස්ස?
Sinhala BJTබමුණ, කවරෙක් නම් මරණසැහැවි ඇතියේ මරණයට නොබානේ වේ ද? සන්ත්‍රාසයට නො වදුනේ වේ ද?
Pali BJTඉධ බ්රාහ්මණ එකච්චො කාමෙසු වීතරාගො හොති විගතච්ඡන්දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ්හො. තමෙනඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්සඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස න එවං හොති : පියා වත මං කාමා ජහිස්සන්ති, පියෙ චාහං කාමෙ ජහිස්සාමීති. සො න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජති. අයං ඛො බ්රාහ්මණ මරණධම්මො සමානො න භායති න සන්තාසං ආපජ්ජති මරණස්ස.
Sinhala BJTබමුණ, මෙලොව කිසිවෙක් කාමයෙහි වීතරාග වූයේ, විගතඡන්‍ද වූයේ, විගතප්‍රේම වූයේ, විගතපිපාස වූයේ, විගතපරිදාහ වූයේ, විගතතෘෂ්ණ වූයේ වෙයි. එක්තරා දැඩි රෝගයෙක් තුලුන් පැහැසැ ගෙණ සිටි. එක්තරා දළ රෝගයෙකින් යුක්ත වූ ඔහුට මෙබඳු සිතෙක් නො වේ. “ප්‍රිය වූ කාමසම්පත්හු එකැතින් මා හැරපියති. වැලි මමත් ප්‍රිය වූ කාමසම්පතුත් හැරපියමි” කියා යි. හේ සොස්නේ නො වෙයි. ක්ලාන්ත වන්නේ නො වේ. පරිදේවනා කරන්නේ නො වේ. අතින් ලය පැහැර හඬනේ නො වේ. මුළාවට වදනේ නො වේ. බමුණ, මේ වනාහි මරණසැහැවි ඇතියේ මරණයට නොබානේ, සන්ත්‍රාසයට නො වදුනේ නම් වේ.
Pali BJTපුන චපරං බ්රාහ්මණ ඉධෙකච්චො කායෙ විතාරාගො හොති විගතච්ඡන්දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ්හො. තමෙනඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්සඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස න එවං හොති : පියො වත මං කායො ජහිස්සති, පියං චාහං කායං ජහිස්සාමීති. සො න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජති. අයම්පි ඛො බ්රාහ්මණ මරණධම්මො සමානො න භායති, න සන්තාසං ආපජ්ජති මරණස්ස.
Sinhala BJTතවද බමුණ, මෙලොව ඇතැමෙක් කයෙහි පහව ගිය රාග ඇත්තේ, පහව ගිය ඡන්‍ද ඇත්තේ, පහව ගිය ප්‍රේම ඇත්තේ, පහව ගිය පවස ඇත්තේ, පහව ගිය පරිදාහ ඇත්තේ, පහව ගිය තෘෂ්ණා ඇත්තේ වෙයි. එක්තරා දළරොගයෙක් මොහු පැහැසැ ගණී. එක්තරා දළ රෝගයෙකින් යුක්ත වූ ඔහුට මෙබඳු සිත් නො වෙයි. “ප්‍රිය වූ කය එකැතින් මා හැරපියයි, වැලි මමත් ප්‍රිය වූ කය හැරපියමි” කියා යි. හේ සොචනා නො කෙරේ. කිලමනා නො කෙරේ. පරිදේවනා නො කෙරේ. අතින් ලය පැහැරැ පැහැරැ නො හඬයි. මුළාවට නො වදියි. බමුණ, මෙ ද මරණසැහැවි ඇතියේ මරණයට නො බානේ ය. සන්ත්‍රාසයට නො වදුනේ ය.
Pali BJTපුන චපරං බ්රාහ්මණ ඉධෙකච්චො අකතපාපො හොති අකතලුද්දො අකතකිබ්බිසො. කතකල්යාණො හොති කතකුසලො කතභීරුත්තාණො. තමෙනඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්සඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස එවං හොති : අකතං වත මෙ පාපං, අකතං ලුද්දං, අකතං කිබ්බිසං, කතං කල්යාණං, කතං කුසලං, කතං භීරුත්තාණං. යාවතා භො අකතපාපානං අකතලුද්දානං අකතබ්බිසානං කතකල්යාණානං කතකුසලානං කතභීරුත්තාණානං ගති තං ගතිං පෙච්ච ගච්ඡාමීති. සො න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජති. අයම්පි ඛො බ්රාහ්මණ මරණධම්මො සමානො න භායති න සන්තාසං ආපජ්ජති මරණස්ස.
Sinhala BJTතවද බමුණ, මෙලොව කිසිවෙක් පව් නො කෙළේ, කැකුළුකම් නො කෙළේ, කිලිටිකම් නො කෙළේ වෙයි. කලණ දෑ කෙළේ කුසල් කෙළේ බියට පරිත්‍රාණ කෙළේ වේ. එක්තරා දළරොගයෙක් තුලුන් පැහැසැ ගණී. එක්තරා දළරෝගයෙකින් සමන්‍වාගත වූ ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මා විසින් එකැතින් පව් නො කරණ ලදි. කැකුළුකම් නො කරණ ලදි. කිලිටිකම් නො කරණ ලදි. කලණකම් කරණ ලදි. කුසල් කරණ ලදි. බියට රකවල් කරණ ලදි. භවත්නි, පව් නො කළ, කැකුළුකම් නො කළ, කිලිටිකම් නො කළ, කලණකම් කළ, කුසල් කළ, බියට රැකවරණ කළ ඇත්තන්ගේ යම් ගතියෙක් ඇද්ද, පරලොව ඒ ගතියට යෙමි. හේ ශෝක නො කෙරෙයි. ක්ලාන්ත නො වෙයි. නො වලපි. අතින් ලය පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි. බමුණ, මෙ ද මරණසැහැවි ඇතියේ මරණයට නො බානේ නම් වෙයි. සන්ත්‍රාසයට නො වදුනේ නම් වෙයි.
Pali BJTපුන චපරං බ්රාහ්මණ ඉධෙකච්චො අකඞ්ඛී හොති අවෙචිකිච්ඡී නිට්ඨං ගතො සද්ධම්මෙ. තමෙනඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්සඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස එවං හොති : අකඞ්ඛී වතම්හි අවෙචිකිච්ඡී නිට්ඨංගතො සද්ධම්මෙති. සො න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජති. අයම්පි ඛො බ්රාහ්මණ මරණධම්මො සමානො න භායති, න සන්තාසං ආපජ්ජති මරණස්ස.
Sinhala BJTතවද බමුණ, මෙලොව කිසිවෙක් බුද්ධාදීන් කෙරෙහි සැක නැතියේ වෙයි. විචිකිච්ඡා නැතියේ වෙයි. ශාසන සද්ධර්‍මයෙහි (උද්ග්‍රහපරිපෘච්ඡාදීන්) නිෂ්ඨාවට ගියේ වෙයි. එක්තරා දළරොගයෙක් තුලුන් පැහැසැ ගණී. එක්තරා දළරෝගයෙකින් යුක්ත වූ ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම බුද්ධාදීන් කෙරෙහි සැක නැතියෙමි. විචිකිච්ඡා නැතියෙමි. ශාසනසද්ධර්‍මයෙහි (උද්ග්‍රහණාදීන්) නිෂ්ඨාවට ගියෙම් වෙමි කියා යි. හේ ශෝක නො කෙරෙයි. ක්ලාන්ත නො වෙයි. පරිදේවනා නො කෙරෙයි. අතින් ලය පහරමින් නො හඬයි. මුළාවට නො පැමිණෙයි. බමුණ, මෙ ද මරණසැහැවි ඇතියේ මරණයට නො බානේ සතැව්ලියට නො පැමිණුනේ නම් වෙයි.
Pali BJTඉමෙ ඛො බ්රාහ්මණ චත්තාරො මරණධම්මා සමානා න භායන්ති, න සන්තාසං ආපජ්ජන්ති මරණස්සාති.
Sinhala BJTබමුණ, මේ සතර දෙනා මරණ සැහැවි ඇත්තාහු මරණයට නො බති. සතැව්ලියට නො පැමිණෙත්.
Pali BJTඅභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිම් කොට සරණ ගිය උවසුවකු කොට දරණ සේක්වා.
Pali BJT4. 4. 4. 5.
Sinhala BJT4. 4. 4. 5.
Pali BJT[චතුකොටිකසුඤ්ඤතා සුත්තං]
Sinhala BJT[චතුකෝටික සුඤ්ඤතා සූත්‍රය]
Pali BJT35. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා පරිබ්බාජකා සප්පිනිකා තීරෙ පරිබ්බාජකාරාමෙ පටිවසන්ති, සෙය්යථිදං: අන්නභාරො වරධරො සකුලුදායී ච පරිබ්බාජකො අඤ්ඤෙ ච අභිඤ්ඤාතා අභිඤ්ඤාතා පරිබ්බාජකා. අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන සප්පිනිකාතීරෙ පරිබ්බාජකාරාමො තෙනුපසඞ්කමි.
Sinhala BJT35. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්යෙහි වසනසේක. එසමයෙහි අතිප්‍රසිද්ධ බොහෝ පිරිවැජියෝ සප්පිනිකා හෝ තෙර පිරිවැජිඅරම්හි වෙසෙත්. ඔහු කවරයහ යත්: අන්තහාරය, වරධරය, සකලදායි පරිව්‍රාජකයි. අනෙක් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ පිරිවැජියෝ ද වෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පිළිසලනින් නැගි සිටිසේක් සප්පිනිකා හෝ තෙර පිරිවැජිඅරම කරා වැඩි සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි : ඉතිපි බ්රාහ්මණසච්චානි, ඉතිපි බ්රාහ්මණසච්චානීති.
Sinhala BJTඑසමයෙහි රැස්ව හුන් මුළුදුන් ඒ අන්තොටු පිරිවැජියන්ගේ මේ අතුරු කථාව පහළ විය. “බ්‍රාහ්මණසත්‍යයෝ මෙසේ ද වෙත්, බ්‍රාහ්මණ සත්‍යයෝ මෙසේ ද වෙත්” යි කියා යි.
Pali BJTඅථ ඛො භගවා යෙන තෙ පරිබ්බාජකා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා තෙ පරිබ්බාජකෙ එතදවොච : කාය නුත්ථ පරිබ්බාජකා එතරහි කථාය සන්නිසින්නා කා ච පන වො අන්තරා කථා විප්පකතාති.
Sinhala BJTඑක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිවැජියන් කරා එළඹියහ. එළඹ පැන් වූ අස්නෙහි වැඩ හුන්හ. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ ඒ පිරිවැජියනට තෙල වදාළ සේක: පිරිවැජියෙනි, දැන් කිනම් අතුරු කථායෙකින් රැස්ව හුන්නහු ද? තොපගේ කිනම් අතුරු කථායෙක් අඩහළ වී ද? කියා යි.
Pali BJTඉධ භො ගොතම අම්හාකං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි: ඉතිපි බ්රාහ්මණසච්චානි, ඉතිපි බ්රාහ්මණසච්චානිති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, මෙහි රැස්ව හුන් මුළුදුන් අපගේ මේ අතුරු කථාව පහළ විය. “බ්‍රාහ්මණසත්‍යයෝ මෙසේ ද වෙති. බ්‍රාහ්මණසත්‍යයෝ මෙසේ ද වෙති” කියා යි.
Pali BJTචත්තාරිමානි පරිබ්බාජකා බ්රාහ්මණසච්චානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කතමානි චත්තාරි?
Sinhala BJTපිරිවැජියෙනි, මා, තමා විසින් ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලද මේ සතර බ්‍රාහ්මණසත්‍ය කෙනෙක් ඇත. කවර සතර සත්‍ය කෙනෙක යත්:
Pali BJTඉධ පරිබ්බාජකා බ්රාහ්මණො එවමාහ : සබ්බෙ පාණා අවජ්ඣාති . ඉති වදං බ්රාහ්මණො සච්චං ආහ, නො මුසා. සො තෙන න සමණොති මඤ්ඤති. න බ්රාහ්මණොති මඤ්ඤති න සෙය්යොහමස්මීති මඤ්ඤති. න සදිසොහමස්මීති මඤ්ඤති. න හීනොහමස්මීති මඤ්ඤති. අපි ච යදෙව තත්ථ සච්චං, තදභිඤ්ඤාය පාණානං යෙව අනුද්දයාය අනුකම්පාය පටිපන්නො හොති.
Sinhala BJTපිරිවැජියෙනි, මෙලොව ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ මෙසේ කියයි: “සියලු ප්‍රාණීහු අවධ්‍යයෝ” ය කියා යි. මෙසේ බණන බමුණු සැබැවක් කියයි. මුසා නො කියයි. හේ ඒ සැබව බිණීමෙන් ‘මම ශ්‍රමණයෙමි’යි (මඤ්ඤනා විසින්) නො හඟියි. ‘මම බ්‍රාහ්මණයෙමි’යි (මඤ්ඤනා විසින්) නො හඟියි. ‘මම ශ්‍රේෂ්ඨයෙමි’යි නො හඟියි. ‘මම සදෘශයෙමි’යි නො හඟියි. ‘මම හීනයෙමි’යි නො හඟියි. තවද එහි යම් ම සැබවෙක් ඇද්ද, ඒ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රාණයන් පිළිබඳ වූ ම දයාවට අනුකම්පාවට පිළිපන්නේ වෙයි.
Pali BJTපුන චපරං පරිබ්බාජකා බ්රාහ්මණො එවමාහ : සබ්බෙ කාමා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මාති. ඉති වදං බ්රාහ්මණො සච්චං ආහ, නො මුසා. සො තෙන න සමණො’ති මඤ්ඤති. න බ්රාහ්මණො’ති මඤ්ඤති. න සෙය්යොහමස්මීති මඤ්ඤති. න සදිසොහමස්මීති මඤ්ඤති. න හීනොහමස්මීති මඤ්ඤති. අපි ච යදෙව තත්ථ සච්චං තදභිඤ්ඤාය කාමානං යෙව නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.
Sinhala BJTතවද පිරිවැජියෙනි, බමුණු මෙසේ කියයි: “සියලු කාමයෝ අනිත්‍යය හ. දුක්හ. පෙරළෙන සැහැවි ඇතියහ’යි. මෙසේ බණන බමුණු සැබවක් කියයි. මුසා නො කියයි. හේ ඒ සැබව බිණීමෙන් “මම ශ්‍රමණයෙමි”යි මඤ්ඤනා වශයෙන් නො හඟියි. ‘මම බ්‍රාහ්මණයෙමි’යි මඤ්ඤනා වශයෙන් නො හඟියි. ‘මම ශ්‍රේෂ්ඨයෙමි’යි නො හඟියි. ‘මම සදෘශයෙමි’යි නො හඟියි. ‘මම හීනයෙමි’යි නො හඟියි. වැළිත් යම් ම එහි සැබවෙක් ඇද්ද, හේ වෙසෙසින් දැන කාමයන්ගේ ම නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
Pali BJTපුන චපරං පරිබ්බාජකා බ්රාහ්මණො එවමාහ : සබ්බෙ භවා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මාති. ඉති වදං බ්රාහ්මණො සච්චං ආහ, නො මුසා. සො තෙන න සමණො’ති මඤ්ඤති. න බ්රාහ්මණො’ති මඤ්ඤති. න සෙය්යොහමස්මීති මඤ්ඤති. න සදිසොහමස්මීති මඤ්ඤති. න හීනොහමස්මීති මඤ්ඤති. අපි ච යදෙව තත්ථ සච්චං තදභිඤ්ඤාය භවානං යෙව නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.
Sinhala BJTතවද පිරිවැජියෙනි, බමුණු මෙසේ කියයි: ‘සියලු භවයෝ අනිත්‍යයහ දුක්හ. පෙරළෙන සැහැවි ඇතියහ යි මෙසේ බණන බමුණු සැබවක් කියයි. මුසා නො කියයි. හේ ඒ සබා බිණීමෙන්, ‘මම ශ්‍රමණයෙමි’යි නො හඟියි. ‘මම බ්‍රාහ්මණයෙමි’යි නොහඟියි. ‘මම ශ්‍රේෂ්ඨයෙමි’යි නො හඟියි. ‘මම සදෘශයෙමි’යි නො හඟියි. ‘මම හීනයෙමි’යි නො හඟියි. වැළිත් යම් ම එහි සැබවෙක් ඇද්ද, එය වෙසෙසින් දැන භවයන්ගේ ම නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
Pali BJTපුන චපරං පරිබ්බාජකා බ්රාහ්මණො එවමාහ : නාහං ක්වචන, කස්සචි කිඤ්චනතස්මිං, න ච මම ක්වචන, කත්ථචි කිඤ්චනතාත්ථීති. ඉති වදං බ්රාහ්මණො සච්චං ආහ, නො මුසා. සො තෙන න සමණො’ති මඤ්ඤති. න බ්රාහ්මණොති මඤ්ඤති. න සෙය්යොහමස්මීති මඤ්ඤති. න සදිසොහමස්මීති මඤ්ඤති. න හීනොහමස්මීති මඤ්ඤති. අපි ච යදෙව තත්ථ සච්චං, තදභිඤ්ඤාය ආකිඤ්චඤ්ඤං යෙව පටිපදං පටිපන්නො හොති.
Sinhala BJTතවද පිරිවැජියෙනි, බමුණු මෙසේ කියයි. “මම කිසිතැනෙක ආත්ම විසින් නො වෙමි. (මාගේ ආත්මය) කිසිවක්හුගේ කිඤ්චන භාවයෙහි ලාත් නො දක්මි. පරාගේ ආත්මයත් කිසි තැනෙක නො දක්මි. කිසි තැනෙක පරාගේ ආත්මය මාගේ කිඤ්චන භාවයෙහිත් ලා නොදක්මි”යී මෙසේ චතුකෝටික සුඤ්ඤතා බණන බමුණු සැබවක් කියයි. මුසා නො කියයි. හේ ඒ සැබවින් ‘ශ්‍රමණයෙමි’ යි නො හඟියි. ‘බ්‍රාහ්මණයෙමි යි’ නො හඟියි. ‘මම ශ්‍රේෂ්ඨයෙමි’යි නො හඟියි. ‘මම සදෘශයෙමි’යි නො හඟියි. ‘මම හීනයෙමි’යි නො හඟියි. වැළිත් යම් ම එහි සැබවෙක් ඇද්ද, එය වෙසෙසින් දැන අකිඤ්චනභාව සඞ්ඛ්‍යාත ප්‍රතිපදාවට ම පිළිපන්නේ වෙයි.
Pali BJTඉමානි ඛො පරිබ්බාජකා චත්තාරි බ්රාහ්මණසච්චානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානීති.
Sinhala BJTපිරිවැජියෙනි, මේ සිවුවැදෑරුම් (ක්‍ෂීණාස්‍රව) බ්‍රාහ්මණසත්‍යයෝ තමා විසින් ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට මා විසින් ප්‍රකාශ කරණ ලදහ.
Pali BJT4. 4. 4. 6.
Sinhala BJT4. 4. 4. 6.
Pali BJT[බහුස්සුතසුත්තං]
Sinhala BJT[බහුස්සුත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT36. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච :
Sinhala BJT36. එසඳ එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කෙළේ ය.
Pali BJTකෙන නු ඛො භන්තෙ ලොකො නීයති, කෙන ලොකො පරිකිස්සති, කස්ස ච උප්පන්නස්ස වසං ගච්ඡතීති?
Sinhala BJTවහන්ස, කවරකු විසින් ලෝකය ගෙණයනු ලැබේ ද? අදනා ලැබේ ද? උපන් කවරක්හුගේ වසයට යේ ද? කියායි.
Pali BJTසාධු සාධු භික්ඛු, භද්දකො ඛො තෙ භික්ඛු උම්මග්ගො, භද්දකං පටිභානං, කල්යාණී පරිපුච්ඡා. එවං හි ත්වං භික්ඛු පරිපුච්ඡසි : කෙන නු ඛො භන්තෙ ලොකො නීයති, කෙන ලොකො පරිකිස්සති, කස්ස ච උප්පන්නස්ස වසං ගච්ඡතීති. එවං භන්තෙ.
Sinhala BJTමහණ, මැනව, මැනව, මහණ තාගේ ප්‍රඥාගමන මැනව, ප්‍රතිභානය මැනව, පරිපෘච්ඡාව කලණය. “වහන්ස, කවරක්හු විසින් ලෝකය ගෙණ යනු ලැබේ ද? කවරක්හු විසින් ලෝකය අදනා ලැබේ ද? උපන් කවරක්හුගේ වසයට යේ දැ” යි මහණ තෝ මෙසේ විචාරන්නෙහි නො වේ ද? වහන්ස, එසේ ය.
Pali BJTචිත්තෙන ඛො භික්ඛු ලොකො නීයති, චිත්තෙන පරිකිස්සති, චිත්තස්ස උප්පන්නස්ස වසං ගච්ඡති.
Sinhala BJTමහණ, සිත විසින් ලෝකය ගෙණයනු ලැබේ. සිත විසින් අදනා ලැබේ. උපන් චිත්තයාගේ වසයට යෙයි.
Pali BJTසාධු භන්තෙති ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං උත්තරිං පඤ්හං අපුච්ඡි : බහුස්සුතො ධම්මධරො, බහුස්සුතො ධම්මධරොති වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ බහුස්සුතො ධම්මධරො හොතීති?
Sinhala BJT‘වහන්ස, මැනවැ’ යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේ වෙතින් මතුයෙහිත් පැණ පිළිවිසී: වහන්ස, ‘බහුශ්‍රැතය ධර්‍මධරය, බහුශ්‍රැතය ධර්‍මධරය’ යි කියනු ලැබේ. වහන්ස, ‘කෙපමණෙකින් බහුශ්‍රැතය ධර්‍මධරය’ යි කියනු ලැබේ ද?
Pali BJTසාධු සාධු භික්ඛු, භද්දකො තෙ භික්ඛු උම්මග්ගො, භද්දකං පටිභානං, කල්යාණී පරිපුච්ඡා. එවං හි ත්වං භික්ඛු පුච්ඡසි : බහුස්සුතො ධම්මධරො, බහුස්සුතො ධම්මධරොති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ බහුස්සුතො ධම්මධරො හොතීති? එවං භන්තෙ.
Sinhala BJTමහණ, මැනව, මැනව, මහණ තාගේ ප්‍රඥාගමනය මැනව, ප්‍රතිභානය මැනව, පරිපෘච්ඡාව කල්‍යාණය. “වහන්ස, බහුශ්‍රැතය ධර්‍මධරය, බහුශ්‍රැතය ධර්‍මධරය යි කියනු ලැබේ. වහන්ස, කෙප මණෙකින් බහුශ්‍රැතය ධර්‍මධරය කියනු ලැබේ” දැ යි මහණ තෝ මෙසේ විචාරන්නෙහි නොවේ ද? වහන්ස, එසේ ය.
Pali BJTබහු ඛො භික්ඛු මයා ධම්මා දෙසිතා : සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. චතුප්පදාය චෙපි භික්ඛු ගාථාය අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති බහුස්සුතො ධම්මධරොති අලං වචනායාති.
Sinhala BJTමහණ, මා විසින් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල ය යි බොහෝ දහම්හු දෙසන ලදහ. මහණ, සිවුපැදි ගාථායෙක්හි දු අරුත් දැන පෙළ දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්නව වෙසේ ද, ‘බහුශ්‍රැතය, ධර්‍මධරය’ යි කියන්නට නිසි වෙයි.
Pali BJTසාධු භන්තෙති ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං උත්තරිං පඤ්හං අාපුච්ඡි : සුතවා නිබ්බෙධිකපඤ්ඤො, සුතවා නිබ්බෙධිකපඤ්ඤොති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ සුතවා නිබ්බෙධිකපඤ්ඤො හොතීති?
Sinhala BJTවහන්ස, මැනවැ යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙණ අනුමෝදන් ව භාග්‍යවතුන් වහන්සේ අතින් මතුයෙහිත් පැණ පිළිවිසී: ‘වහන්ස, ශ්‍රැතවත්ය, කෙලෙස් නිඃශේෂයෙන් ම බිඳ ලන නුවණැත්තෙක, ශ්‍රැතවත්ය, කෙලෙස් නිඃශේෂයෙන් ම බිඳ ලන නුවණැත්තෙකැ’ යි කියනු ලැබේ. වහන්ස, කෙපමණෙකින් ශ්‍රැතවත් නිර්වේධකප්‍රඥා ඇත්තේ වේ ද?
Pali BJTසාධු සාධු භික්ඛු, භද්දකො ඛො තෙ භික්ඛු උම්මග්ගො, භද්දකං පටිභානං, කල්යාණී පරිපුච්ඡා. එවං හි ත්වං භික්ඛු පුච්ඡසි : සුතවා නිබ්බෙධිකපඤ්ඤො, සුතවා නිබ්බෙධිකපඤ්ඤොති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ සුතවා නිබ්බෙධිකපඤ්ඤො හොතීති? එවං භන්තෙ.
Sinhala BJTමහණ, මැනව, මැනව, මහණ, තාගේ ඥානගතිය මැනව, වටහනු මැනව, පිළිවිසුම් භද්‍රය. “ශ්‍රැතවත්ය, නිර්වේධකප්‍රඥා ඇත්තේය, ශ්‍රැතවත්ය නිර්වේධකප්‍රඥා ඇත්තේය” යි කියනු ලැබේ. වහන්ස, කෙපමණෙකින් ශ්‍රැතවත් නිර්වේධකප්‍රඥා ඇත්තේ වේ දැ’ යි මහණ, තෝ මෙසේ විචාරන්නෙහි නො වේ ද? වහන්ස, එසේ ය.
Pali BJTඉධ භික්ඛු භික්ඛුනො ඉදං දුක්ඛන්ති සුතං හොති, පඤ්ඤාය චස්ස අත්ථං අතිවිජ්ඣ පස්සති. අයං දුක්ඛසමුදයො’ති සුතං හොති, පඤ්ඤාය චස්ස අත්ථං අතිවිජ්ඣ පස්සති. අයං දුක්ඛනිරොධො’ති සුතං හොති, පඤ්ඤාය චස්ස අත්ථං අතිවිජ්ඣ පස්සති. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති සුතං හොති, පඤ්ඤාය චස්ස අත්ථං අතිවිජ්ඣ පස්සති. එවං ඛො භික්ඛු සුතවා නිබ්බෙධිකපඤ්ඤො හොතීති.
Sinhala BJTමහණ, මෙසස්නෙහි මහණහු විසින් ‘මේ දුකැ’යි අසන ලද්දේ වෙයි. ඔහුගේ මාර්‍ගප්‍රඥායෙන් අර්‍ත්‍ථය ඔවිද දක්නේ ය. “මේ දුඃඛසමුදය යි” අසන ලද්දේ වෙයි. ඔහුගේ මග නැණිනුදු බිඳලා දකී. “මේ දුඃඛනිරෝධය”යී අසන ලද්දේ වෙයි. ඔහුගේ මගනැණිනුදු අර්‍ත්‍ථය බිඳපියා දකියි. “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි අසන ලද්දේ වෙයි. ඔහුගේ මග නැණිනුත් අර්‍ත්‍ථය විනිවිද දකියි. මහණ මෙසේ ‘ශ්‍රැතවත් නිර්වේධකප්‍රඥා ඇත්තේ වේ ය’ යි.
Pali BJTසාධු භන්තෙ’ති ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං උත්තරිං පඤ්හං ආපුච්ඡි : පණ්ඩිතො මහාපඤ්ඤො, පණ්ඩිතො මහාපඤ්ඤො’ති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ පණ්ඩිතො මහාපඤ්ඤො හොතීති?
Sinhala BJTවහන්ස, මැනැවැ යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කොට අනුමොව භාග්‍යවතුන් වහන්සේ අතින් මතුයෙහිත් ප්‍රශ්න පිළිවිසී: “වහන්ස, පණ්ඩිතය මහාප්‍රාඥය, පණ්ඩිතය මහාප්‍රාඥය” යි කියනු ලැබේ. වහන්ස, කිපමණෙකින් පණ්ඩිත මහාප්‍රාඥ වේ ද?
Pali BJTසාධු සාධු භික්ඛු භද්දකො ඛො තෙ භික්ඛු උම්මග්ගො, භද්දකං පටිභානං, කල්යාණී පරිපුච්ඡා. එවං හි ත්වං භික්ඛු පුච්ඡසි : පණ්ඩිතො මහාපඤ්ඤො, පණ්ඩිතො මහාපඤ්ඤො’ති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ පණ්ඩිතො මහාපඤ්ඤො හොතීති? එවං භන්තෙ.
Sinhala BJTමහණ, මැනව, මැනව, තාගේ ප්‍රඥාගතිය භද්‍රය, ප්‍රතිභානය භද්‍රය, පිළිවිසුම් කල්‍යාණය. මහණ, “පණ්ඩිතය මහාප්‍රාඥය, පණ්ඩිතය මහාප්‍රාඥය” යි කියනු ලැබේ. ‘වහන්ස, කිපමණෙකින් පණ්ඩිත මහාප්‍රාඥ වේ දැ’ යි තෝ මෙසේ අසන්නෙහි නො වේ ද? වහන්ස, එසේ ය.
Pali BJTඉධ භික්ඛු පණ්ඩිතො මහාපඤ්ඤො නෙවත්තව්යාබාධාය චෙතෙති, න පරව්යාබාධාය චෙතෙති, න උභයව්යාබාධාය චෙතෙති. අත්තහිතං පරහිතං උභයහිතං සබ්බලොකහිතමෙව චින්තයමානො චින්තෙති. එවං ඛො භික්ඛු පණ්ඩිතො මහාපඤ්ඤො හොතීති.
Sinhala BJTමහණ, මෙලොව පණ්ඩිත මහාප්‍රාඥ ආත්මව්‍යාබාධය පිණිස නොසිත යි. පරව්‍යාබාධය පිණිස නොසිතයි. උභයව්‍යාබාධය පිණිස නොසිත යි. සිතන්නේ ද ආත්මහිතය, පරහිතය, උභයහිතය. මෙසේ සර්‍වලෝකහිතය ම හිතයි. මහණ, මෙසේ පණ්ඩිත මහාප්‍රාඥ නම් වේ.
Pali BJT4. 4. 4. 7.
Sinhala BJT4. 4. 4. 7.
Pali BJT[දුතියවස්සකාරසුත්තං]
Sinhala BJTද්වතීයවස්සකාර සූත්‍රය
Pali BJT37. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො භගවන්තං එතදවොච :
Sinhala BJT37. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එක්බිති මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් මගධමහාමාත්‍ර වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
Pali BJTජානෙය්ය නු ඛො භො ගොතම අසප්පුරිසො අසප්පුරිසං ‘අසප්පුරිසො අයං භවන්ති’?
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ‘මේ භවත් අසත්පුරුෂ’ යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේ වේ ද?