Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4601-4700 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො දිට්ඨෙව ධම්මෙ අසඞ්ඛාරපරිනිබ්බායී හොති? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමානි පඤ්චසෙඛබලානි උපනිස්සාය විහරති : සද්ධාබලං හිරිබලං ඔත්තප්පබලං විරියබලං පඤ්ඤාබලං. තස්සිමානි පඤ්චින්ද්රියානි අධිමත්තානි පාතුභවන්ති : සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. සො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං අධිමත්තත්තා දිට්ඨෙව ධම්මෙ අසඞ්ඛාරපරිනිබ්බායී හොති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො දිට්ඨෙව ධම්මෙ අසඞ්ඛාරපරිනිබ්බායී හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල මෙලොව ම අසඞ්ඛාරපරිනිබ්බායී වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ මේ පඤ්චශෛක්‍ෂබලයන් ඇසුරු කොට ගෙණ වෙසෙයි: ශ්‍රද්ධාබල ය, හ්‍රීබල ය, අපත්‍රපාබල ය, වීර්‍ය්‍යබල ය, ප්‍රඥාබල යි. ඔහුට මේ පඤ්චේන්‍ද්‍රියයෝ අධිමාත්‍ර ව පහළ වෙත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය යි. හේ මේ පසිඳුරන් අධිමාත්‍ර බැවින් දිටුදැමියෙහි ම අසඞ්ඛාරපරිනිබ්බායී වේ. මහණෙනි, මෙසේ පුද්ගල ඉහාත්මයෙහි ම අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො කායස්ස භෙදා අසඞ්ඛාරපරිනිබ්බායී හොති? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමානි පඤ්චසෙඛබලානි උපනිස්සාය විහරති : සද්ධාබලං හිරිබලං ඔත්තප්පබලං විරියබලං පඤ්ඤාබලං. තස්සිමානි පඤ්චින්ද්රියානි මුදූනි පාතුභවන්ති: සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. සො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං මුදුත්තා කායස්ස භෙදා අසඞ්ඛාරපරිනිබ්බායී හොති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො කායස්ස භෙදා අසඞ්ඛාරපරිනිබ්බායී හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල කායභේදයෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. හේ මේ පඤ්චශෛක්‍ෂබලයන් ඇසුරු කොට ගෙණ වෙසෙයි: ශ්‍රද්ධාබල ය, හ්‍රීබල ය, අපත්‍රපාබල ය, වීර්‍ය්‍යබල ය, ප්‍රඥාබල යි. ඔහුට මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෘදු ව පහළ වෙත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය යි. හේ මේ පසිඳුරන් මොළොක් බැවින් කායභේදයෙන් මතුයෙහි අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල කායභේදයෙන් මතුයෙහි අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 4. 2. 10.
Sinhala BJT4. 4. 2. 10.
Pali BJT[අරහත්තප්පත්තිසුත්තං]
Sinhala BJT[අරහත්තප්පතති සූත්‍රය]
Pali BJT20. එකං සමයං ආයස්මා ආනන්දො කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තත්ර ඛො ආයස්මා ආනන්දො භික්ඛූ ආමන්තෙසි; ආවුසො භික්ඛවොති. ආවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසුං. ආයස්මා ආනන්දො එතදවොච :
Sinhala BJT20. එක්කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ “ඇවැත් මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තෙල ප්‍රකාශ කළහ:
Pali BJTයො හි කො චි ආවුසො භික්ඛු වා භික්ඛුනී වා මම සන්තිකෙ අරහත්තප්පත්තිං ව්යාකරොති. සබ්බො සො චතූහි මග්ගෙහි, එතෙසං වා අඤ්ඤතරෙන. කතමෙහි චතූහි?
Sinhala BJTඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ වේවයි මෙහෙණක් හෝ වේවයි මා කෙරෙහි අර්‍හත්ත්‍වප්‍රාප්තිය පවසා ද, ඒ හැම සතර මගින් හෝ මොවුන් අතුරෙන් එක්තරා එකෙකින් හෝ වෙයි. කවර සතර මගින යත්:
Pali BJTඉධ ආවුසො භික්ඛු සමථපුබ්බඞ්ගමං විපස්සනං භාවෙති. තස්ස සමථපුබ්බඞ්ගමං විපස්සනං භාවයතො මග්ගො සඤ්ජායති. සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති. තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සඤ්ඤොජනා පහීයන්ති. අනුසයා ව්යන්තීහොන්ති.
Sinhala BJTඇවැත්නි, මෙසස්නෙහි මහණ සමථ පූර්‍වඞ්ගම කොට විවසුන් භවයි. සමථපූර්‍වඞ්ගම කොට විවසුන් වඩන උහුට ප්‍රථම ලෝකෝත්තර මාර්‍ගය උපදනේ ය. හේ එමග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. එමග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහට සඤ්ඤෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු විපස්සනාපුබ්බඞ්ගමං සමථං භාවෙති. තස්ස විපස්සනාපුබ්බඞ්ගමං සමථං භාවයතො මග්ගො සඤ්ජායති. සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති. තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සඤ්ඤොජනා පහීයන්ති, අනුසයා ව්යන්තීහොන්ති.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ විදර්‍ශනා පූර්‍වඞ්ගම කොට සමථය වඩයි. විදර්‍ශනාපූර්‍වඞ්ගම කොට සමථය වඩන උහුට මාර්‍ගය උපදී. හේ එමග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. එමග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහට සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සමථවිපස්සනං යුගනද්ධං භාවෙති. තස්ස සමථවිපස්සනං යුගනද්ධං භාවයතො මග්ගො සඤ්ජායති. සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති. තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සඤ්ඤොජනා පහීයන්ති. අනුසයා ව්යන්තීහොන්ති.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ සමථ විදර්‍ශනා යුගනද්ධ කොට ගෙණ වඩයි. විදර්‍ශනා යුගනද්ධ කොට ගෙණ වඩන ඔහුට මාර්‍ගය උපදනේ ය. හේ එමග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. එමග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහට සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො ධම්මුද්ධච්චවිග්ගහිතං මානං හොති. සො ආවුසො සමයො යන්තං චිත්තං අජ්ඣත්තංයෙව සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. තස්ස මග්ගො සඤ්ජායති. සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති. තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සඤ්ඤොජනා පහීයන්ති. අනුසයා ව්යන්තීහොන්ති.
Sinhala BJTතවද ඇවැත්නි, මහණහට සමථ විදර්‍ශනා ධර්‍මයෙහි දශෝපක්ලේශ සඞ්ඛ්‍යාත උද්ධතභාවයෙන් පෙළා ගත් අධිමානය වෙයි. ඇවැත්නි යම් කලෙක ඒ විදර්‍ශනාවීථියට බැසගත් සිත ගෝචර සඞ්ඛ්‍යාත ආධ්‍යාත්ම ආලම්බනයෙහි ම පිහිටා ද, සන්හිඳී ද, එකඟ වේ ද, සමාහිත වේ ද, එබඳු කාලයෙක් වෙයි. ඔහුට මාර්‍ගය උපදී. හේ එමග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. එමග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහට සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
Pali BJTයො හි කො චි ආවුසො භික්ඛු වා භික්ඛුනී වා මම සන්තිකෙ අරහත්තප්පත්තිං ව්යාකරොති, සබ්බො සො ඉමෙහි චතූහි මග්ගෙහි, එතෙසං වා අඤ්ඤතරෙනාති.
Sinhala BJTඇවැත්නි, යම් කිසි මහණෙක් වේවයි මෙහෙණක් වේවයි මා කෙරෙහි අර්‍හත්ත්‍වප්‍රාප්තිය පවසා ද, එ හැම මේ සතර මගින් හෝ මොවුනතුරෙන් එක්තරා එකෙකින් හෝ පවසත්.
Pali BJTපටිපදාවග්ගො දුතියො.
Sinhala BJTප්‍රතිපදාවර්‍ගය දෙවැනි යි.
Pali BJT3. සඤ්චෙතනියවග්ගො
Sinhala BJT3. සඤ්චේතනිය වර්‍ගය
Pali BJT4. 4. 3. 1.
Sinhala BJT4. 4. 3. 1.
Pali BJT[සඤ්චෙතනාසුත්තං]
Sinhala BJT[සඤ්චේතනා සූත්‍රය]
Pali BJT[සාවත්ථියං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT21. කායෙ වා භික්ඛවෙ සති කායසඤ්චෙතනාහෙතු උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. වාචාය වා භික්ඛවෙ සති වචීසඤ්චෙතනාහෙතු උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. මනෙ වා භික්ඛවෙ සති මනොසඤ්චෙතනාහෙතු උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. අවිජ්ජාපච්චයා ව.
Sinhala BJT21. මහණෙනි, කායවිඥප්තිය ඇතිවත් ම කායද්වාරයෙහි පැවැති කුශලාකුශල සඞ්ඛ්‍යාත විංශත් සඤ්චේතනා හේතුයෙන් තමා තුළ සුව දුක් උපදනේ ය. මහණෙනි, වාග්විඥප්තිය ඇතිවත් ම වාග්ද්වාරයෙහි පැවැති කුශලාකුශල සඤ්චේතනා හේතුයෙන් තමා තුළ සුව දුක් උපදනේ ය. මහණෙනි, මනෝද්වාරයෙහි පැවැති කුශලාකුශල සඤ්චේතනා හේතුයෙන් තමා තුළ සුව දුක් උපදනේ ය. අවිද්‍යා ප්‍රත්‍යයෙන් ම උපදි යි.
Pali BJTසාමං වා තං භික්ඛවෙ කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. පරෙ වාස්ස තං භික්ඛවෙ කායසඞ්ඛාරං අභිසඞ්ඛරොන්ති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. සම්පජානො වා තං භික්ඛවෙ කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. අසම්පජානො වා තං භික්ඛවෙ කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං.
Sinhala BJTමහණෙනි, යමක් ප්‍රත්‍යය කොට ගෙණ ඔහට තමා තුළ සුව දුක් උපදනේ ද, තෙමේ ම හෝ ඒ කායසංස්කාර අභිසංස්කරණය කෙරෙයි. මහණෙනි, යම් කාරණයෙකින් තමා තුළ ඒ සුව දුක් ඔහට උපදනේ ද, පරහු හෝ ඒ කායසංස්කාරය අභිසංස්කරණය කෙරෙත්. (ඔහු ලවා කරවත්). මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, දන්නේ (කුසලාකුසල විපාක දැන) හෝ ඒ කායසංස්කාරය අභිසංස්කරණය කෙරේ. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, නො දන්නේ හෝ ඒ කායසංස්කාරය අභිසංස්කරණය කෙරේ.
Pali BJTසාමං වා තං භික්ඛවෙ වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. පරෙ වාස්ස තං භික්ඛවෙ වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොන්ති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. සම්පජානො වා තං භික්ඛවෙ වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. අසම්පජානො වා තං භික්ඛවෙ වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං.
Sinhala BJTමහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, තෙමේ හෝ ඒ වචීසංස්කාර අභිසංස්කරණය කෙරේ. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, පරහු හෝ ඒ වචීසංස්කාර අභිසංස්කරණය කෙරෙත්. මහණෙනි, යම් කාරණයෙකින් ඕහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, දන්නේ හෝ ඒ වචීසංස්කාර අභිසංස්කරණය කෙරෙයි. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුව දුක් උපදනේ ද, නො දන්නේ හෝ වචීසංස්කාර අභිසංස්කරණය කෙරෙයි.
Pali BJTසාමං වා තං භික්ඛවෙ මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. පරෙ වාස්ස තං භික්ඛවෙ මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොන්ති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. සම්පජානො වා තං භික්ඛවෙ මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. අසම්පජානො වා තං භික්ඛවෙ මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං.
Sinhala BJTමහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, තෙමේ හෝ ඒ මනඃසංස්කාර අභිසංස්කරණය කෙරේ. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, පරහු හෝ ඒ මනඃසංස්කාර අභිසංස්කරණය කෙරෙත්. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, දන්නේ හෝ ඒ මනඃසංස්කාර අභිසංස්කරණය කෙර්. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, නො දන්නේ හෝ ඒ මනඃසංස්කාර අභිසංස්කරණය කෙරේ.
Pali BJTඉමෙසු භික්ඛවෙ ධම්මෙසු අවිජ්ජා අනුපතිතා. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සො කායො න හොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. සා වාචා න හොති යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. සො මනො න හොති යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං -
Sinhala BJTමහණෙනි, මේ චේතනාධර්‍මයෙහි අවිද්‍යාව සහජාත උපනිඃශ්‍රය වශයෙන් ලුහුබැඳුනු ය. යම් කාරණයෙකින් ඔහුට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, අවිද්‍යාවගේ ම නිඃශේෂ විරාගයෙන් හා නිරෝධයෙන් ඒ කායවිඥප්තිය නො වේ. යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, ඒ වාග්විඥප්තිය ද නො වෙයි. යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, ඒ මනෝද්වාරය නො වේ.
Pali BJTඛෙත්තං තං න හොති, වත්ථුං තං න හොති, ආයතනං තං න හොති, අධිකරණං තං න හොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛන්ති.
Sinhala BJTයම් කාරණයෙකින් ඔහුට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, ඒ ක්‍ෂේත්‍රය නො වේ. ඒ වස්තුව නො වෙයි. ඒ ආයතනය නො වෙයි. ඒ අධිකරණය නො වෙයි.
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ අත්තභාවපටිලාභා. කතමෙ චත්තාරො?
Sinhala BJTමහණෙනි, මේ ආත්මභාවප්‍රතිලාභයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅත්ථි භික්ඛවෙ අත්තභාවපටිලාභො, යස්මිං අත්තභාවපටිලාභෙ අත්තසඤ්චෙතනා කමති නො පරසඤ්චෙතනා. අත්ථි භික්ඛවෙ අත්තභාවපටිලාභො, යස්මිං අත්තභාවපටිලාභෙ පරසඤ්චෙතනා කමති නො අත්තසඤ්චෙතනා. අත්ථි භික්ඛවෙ අත්තභාවපටිලාභො, යස්මිං අත්තභාවපටිලාභෙ අත්තසඤ්චෙතනා ච කමති පරසඤ්චෙතනා ච. අත්ථි භික්ඛවෙ අත්තභාවපටිලාභො, යස්මිං අත්තභාවපටිලාභෙ නෙව අත්තසඤ්චෙතනා කමති නො පරසඤ්චෙතනා. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො අත්තභාවපටිලාභාති.
Sinhala BJTමහණෙනි, යම් ආත්මභාවප්‍රතිලාභයෙක ආත්මසඤ්චේතනාව මිස පරසඤ්චේතනාව නො පවත්නී ද, එබඳු ආත්මභාවප්‍රතිලාභයෙක් ඇත. මහණෙනි, යම් ආත්මභාවප්‍රතිලාභයෙක පරසඤ්චේතනාව මිස ආත්මසඤ්චේතනාව නො පවත්නී ද, එබඳු ආත්මභාවප්‍රතිලාභයෙක් ඇත. මහණෙනි, යම් ආත්මභාවප්‍රතිලාභයෙක ආත්මසඤ්චේතනාව හා පරසඤ්චේතනාව හා පවතී ද, එබඳු ආත්මභාවප්‍රතිලාභයෙක් ඇත. මහණෙනි, යම් ආත්මභාවප්‍රතිලාභයෙක ආත්මසඤ්චේතනාව හා පරසඤ්චේතනාව නො පවත්නී ද, එබඳු ආත්මභාවප්‍රතිලාභයෙක් ඇත. මහණෙනි, මේ ආත්මභාවප්‍රතිලාභයෝ සතර දෙන ය.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: ඉමස්ස ඛො අහං භන්තෙ භගවතා සංඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි :
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන්වහන්සේට මෙපවත් සැළ කළහ: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ භාෂිතයාගේ විස්තර විසින් අර්‍ත්‍ථය මෙසේ දනිමි.
Pali BJTතත්ර භන්තෙ ය්වායං අත්තභාවපටිලාභො, යස්මිං අත්තභාවපටිලාභෙ අත්තසඤ්චෙතනා කමති නො පරසඤ්චෙතනා. අත්තසඤ්චෙතනාහෙතු තෙසං සත්තානං තම්හා කායා චුති හොති.
Sinhala BJTවහන්ස, යම් ආත්මභාවයෙක ආත්මසඤ්චේතනාව මිස පරසඤ්චේතනාව නැද්ද, එබඳු යම් ආත්මභාවප්‍රතිලාභයෙක් වේ ද, ආත්මසඤ්චේතනා හේතුවෙන් ඒ සත්ත්‍වයන්ගේ ඒ කයින් ච්‍යුතිය වෙයි.
Pali BJTතත්ර භන්තෙ ය්වායං අත්තභාවපටිලාභො, යස්මිං අත්තභාවපටිලාභෙ පරසඤ්චෙතනා කමති නො අත්තසඤ්චෙතනා. පරසඤ්චෙතනාහෙතු තෙසං සත්තානං තම්හා කායා චුති හොති.
Sinhala BJTවහන්ස, යම් ආත්මභාවප්‍රතිලාභයෙක පරසඤ්චේතනාව මිස ආත්මසඤ්චේතනාව නැද්ද, එබඳු යම් ආත්මභාවප්‍රතිලාභයෙක් වේ ද, එහි පරසඤ්චෙතනා හේතුවෙන් ඒ සත්ත්‍වයන්ගේ ඒ කයින් ච්‍යුතිය වේ.
Pali BJTතත්ර භන්තෙ ය්වායං අත්තභාවපටිලාභො, යස්මිං අත්තභාවපටිලාභෙ අත්තසඤ්චෙතනා ච කමති පරසඤ්චෙතනා ච අත්තසඤ්චෙතනා ච පරසඤ්චෙතනා ච හෙතු තෙසං සත්තානං තම්හා කායා චුති හොති.
Sinhala BJTවහන්ස, යම් ආත්මභාවප්‍රතිලාභයෙක ආත්මසඤ්චේතනාව හා පරසඤ්චේතනාව හා ඇද්ද, එබඳු යම් ආත්මභාවප්‍රතිලාභයෙක් වේ ද, එහි ආත්මසඤ්චේතනා හා පරසඤ්චෙතනා හේතුවෙන් ඒ සත්ත්‍වයන්ගේ ඒ කයින් ච්‍යුතිය වේ.
Pali BJTතත්ර භන්තෙ ය්වායං අත්තභාවපටිලාභො, යස්මිං අත්තභාවපටිලාභෙ නෙව අත්තසඤ්චෙතනා කමති නො පරසඤ්චෙතනා. කතමෙ තෙන දෙවා දට්ඨබ්බාති? “නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගා සාරිපුත්ත දෙවා තෙන දට්ඨබ්බා”ති.
Sinhala BJTවහන්ස, යම් ආත්මභාවප්‍රතිලාභයෙක ආත්මසඤ්චේතනාව හෝ පරසඤ්චේතනාව හෝ නැද්ද, එබඳු යම් ආත්මභාවප්‍රතිලාභයෙක් වේ ද, එයින් කවර දෙවියෝ දතයුත්තාහු වෙත් ද? “ශාරීපුත්‍රය, එයින් නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියෝ දතයුත්තාහ.”
Pali BJTකො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො යෙන මිධෙකච්චෙ සත්තා තම්හා කායා චුතා ආගාමිනො හොන්ති ආගන්තාරො ඉත්ථත්තං? කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙන මිධෙකච්චෙ සත්තා තම්හා කායා චුතා අනාගාමිනො හොන්ති අනාගන්තාරො ඉත්ථත්තන්ති?
Sinhala BJTවහන්ස, යම් හෙයෙකින් මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඒ කයින් ච්‍යුතව එනසුලු වෙත් ද, මේ බවට (මේ කාමාවචර පඤ්චස්කන්‍ධභාවයට) එත් ද, ඊට හේතු කවරේ ය, ප්‍රත්‍යය කවරේ ය? වහන්ස, මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඒ කයින් ච්‍යුතව නො එනසුලු වෙත් ද, මේ බවට නො පැමිණෙන සැහැවි ඇති වෙත් ද, ඊට හේතු කවරේ ය, ඊට ප්‍රත්‍යය කවරේ ය?
Pali BJTඉධ සාරිපුත්ත එකච්චස්ස පුග්ගලස්ස ඔරම්භාගියානි සඤ්ඤොජනානි අප්පහීනානි හොන්ති. සො දිට්ඨෙව ධම්මෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සො තදස්සාදෙති. තන්නිකාමෙති, තෙන ච විත්තිං ආපජ්ජති. තත්ථ ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී. අපරිහීනො කාලං කුරුමානො නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගානං දෙවානං සහව්යතං උපපජ්ජති. සො තතො චුතො ආගාමී හොති ආගන්තා ඉත්ථත්තං.
Sinhala BJTශාරීපුත්‍රය, මෙලොව ඇතැම් පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. හේ දිටුදැමියෙහි ම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹ වෙසෙයි. හේ ඒ ආස්වාද කෙරෙයි. ඒ කැමැති වෙයි. එයින් ප්‍රීතියට පැමිණෙයි. එහි සිටියේ එහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විසින් විහරණ ඇත්තේ නො පිරිහුනේ කලුරිය කරමින් නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණේ. හේ එයින් ච්‍යුත වූයේ එනසුලු වූයේ මේ පඤ්චස්කන්‍ධභාවයට එළඹෙන සැ හැවි ඇත්තේ වෙයි.
Pali BJTඉධ පන සාරිපුත්ත එකච්චස්ස පුග්ගලස්ස ඔරම්භාගියානි සඤ්ඤොජනානි පහීනානි හොන්ති. සො දිට්ඨෙව ධම්මෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සො තදස්සාදෙති. තන්නිකාමෙති. තෙන ච චිත්තිං ආපජ්ජති. තත්ථ ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී අපරිහීනො කාලංකුරුමානො නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගානං දෙවානං සහව්යතං උපපජ්ජති. සො තතො චුතො අනාගාමී හොති අනාගන්තා ඉත්ථත්තං.
Sinhala BJTශාරීපුත්‍රය, මෙලොව ඇතැම් පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. හේ ඉහාත්මයෙහි ම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹ වෙසෙයි. හේ එය ආස්වාද කෙරෙයි. ඒ කැමැති වෙයි. එයින් ප්‍රීතියට පැමිණෙයි. එහි සිටියේ එහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විසින් විහරණ ඇත්තේ නො පිරිහුනේ කලුරිය කරමින් නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණේ. හේ එයින් ච්‍යුතව නො එනසුලු වූයේ මේ කාමාවචර භාවයට නො එන සැහැවි ඇත්තේ වෙයි.
Pali BJTඅයං ඛො සාරිපුත්ත හෙතු අයං පච්චයො, යෙන මිධෙකච්චෙ සත්තා තම්හා කායා චුතා ආගාමිනො හොන්ති ආගන්තාරො ඉත්ථත්තං. අයං පන සාරිපුත්ත හෙතු අයං පච්චයො, යෙනමිධෙකච්චෙ සත්තා තම්හා කායා චුතා අනාගාමිනො හොන්ති අනාගන්තාරො ඉත්ථත්තන්ති.
Sinhala BJTශාරීපුත්‍රය, යම් හෙයෙකින් මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඒ කයින් ච්‍යුතව එනසුලු වූවාහු මේ කම්වැජරි පස්කඳ බවට එළඹෙන සැහැවි ඇත්තාහු වෙත් ද, මේ එයට හේතු යි. මේ එයට ප්‍රත්‍යය යි. ශාරීපුත්‍රය, යම් හෙයෙකින් මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඒ කයින් ච්‍යුතව නො එනසුලු වූවාහු මේ කම්වැජරි පස්කඳ බවට නො එළඹෙන සැහැවි ඇත්තාහු වෙත් ද, මේ එයට හේතු යි. මේ එයට ප්‍රත්‍යය යි.
Pali BJT4. 4. 3. 2.
Sinhala BJT4. 4. 3. 2.
Pali BJT[සාරිපුත්ත - පටිසම්භිදාසුත්තං]
Sinhala BJT[සාරිපුත්ත - පටිසම්භිදා සූත්‍රය]
Pali BJT22. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි, ආවුසො භික්ඛවොති. ආවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJT22. එකල ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ “ඇවැත් මහණෙනි,” යි, භික්‍ෂූන් බණවාලූහ. ඇවැත්නි, යී ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ:
Pali BJTඅද්ධමාසූපසම්පන්නෙන මෙ ආවුසො අත්ථපටිසම්භිදා සච්ඡිකතා ඔධිසො ව්යඤ්ජනසො. තමහං අනෙකපරියායෙන ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤාපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානී කරොමි. යස්ස ඛො පනස්ස කඞ්ඛා වා විමති වා සො මං පඤ්හෙන, අහං වෙය්යාකරණෙන. සම්මුඛීභූතො නො සත්ථා, යො නො ධම්මානං සුකුසලො.
Sinhala BJTඇවැත්නි, උපසපන් අඩමස් ඇති මා විසින් කරුණු විසින් අකුරු විසින් අර්‍ත්‍ථප්‍රතිසම්භිදාව ප්‍රත්‍යක්‍ෂ කරණ ලදු. මම එය නන් නියරින් කියමි. පළකොට කියමි. දන්වමි. පවත්වා කියමි. හෙළි කොට කියමි. විභාග කොට කියමි. නොගැඹුරු (නොමුවහ) කොට කීමි. යමක්හට සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද, හේ මා කරා ප්‍රශ්නයෙන් එළඹේවා. මම ප්‍රශ්නව්‍යාකරණයෙන් ඔහු සිත් ගණිමි. යම් ශාස්තෘ කෙනෙක් අපගේ දහම් පිළිබඳ අතිශයකෘතහස්ත වූහු නම්, ඒ ශාස්තෲහු ද අපට සම්මුඛීභූතයහ.
Pali BJTඅද්ධමාසූපසම්පන්නෙන මෙ ආවුසො ධම්මපටිසම්භිදා සච්ඡිකතා ඔධිසො ව්යඤ්ජනසො, තමහං අනෙකපරියායෙන ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤාපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානී කරොමි. යස්ස ඛො පනස්ස කඞ්ඛා වා විමති වා සො මං පඤ්හෙන, අහං වෙය්යාකරණෙන සම්මුඛීභූතො නො සත්ථා, යො නො ධම්මානං සුකුසලොති.
Sinhala BJTඇවැත්නි, උපසපන් අඩමස් ඇති මා විසින් ධර්‍මප්‍රතිසම්භිදාව කරුණු විසින් අකුරු විසින් සාක්‍ෂාත්කෘත ය. මම එය නොයෙක් කරුණින් කියමි. දෙසමි. දන්වමි. තබමි. විවරණ කරමි. විභාග කෙරෙමි. නොගැඹුරු කෙරෙමි. යමක්හට කාඞ්ක්‍ෂායෙක් හෝ විමතියෙක් හෝ වේ ද, හේ මා කරා ප්‍රශ්නයෙන් එළඹේවා, මම ප්‍රශ්නව්‍යාකරණයෙන් ඔහු සිත් ගණිමි. යම් ශාස්තෘවරයෙක් අපගේ දහම් පිළිබඳව අතිශයින් නිපුණ වී ද, ඒ ශාස්තෘවරයා අපට සම්මුඛීභූත ය.
Pali BJTඅද්ධමාසූපසම්පන්නෙන මෙ ආවුසො නිරුත්තිපටිසම්භිදා සච්ඡිකතා ඔධිසො ව්යඤ්ජනසො. තමහං අනෙකපරියායෙන ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤාපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි. –
Sinhala BJTඇවැත්නි, උපසපන් අඩමස් ඇති මා විසින් නිරුක්තිප්‍රතිසම්භිදාව කරුණු විසින් අකුරු විසින් ප්‍රත්‍යක්‍ෂ කරණ ලදු. මම එය නන් ආරෙන් කියමි. දෙසමි. දන්වමි. තබමි. විවරණ කෙරෙමි. බෙදමි. ප්‍රකට කෙරෙමි.
Pali BJTයස්ස ඛො පනස්ස කඞ්ඛා වා විමති වා සො මං පඤ්හෙන, අහං වෙය්යාකරණෙන සම්මුඛීභූතො නො සත්ථා, යො නො ධම්මානං සුකුසලොති.
Sinhala BJTයමක්හට සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද, හේ මා කරා ප්‍රශ්නයෙන් එළඹේවා. මම ප්‍රශ්නව්‍යාකරණයෙන් ඔහු සිත් ගණිමි. යම් ශාස්තෘකෙනෙක් අපගේ දහම් පිළිබඳව අතිශය දක්‍ෂ වූහු ද, ඒ ශාස්තෲහු අපට සම්මුඛීභූතයහ.
Pali BJTඅද්ධමාසූපසම්පන්නෙන මෙ ආවුසො පටිභානපටිසම්භිදා සච්ඡිකතා ඔධිසො ව්යඤ්ජනසො. තමහං අනෙකපරියායෙන ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤාපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානී කරොමි. යස්ස ඛො පනස්ස කඞ්ඛා වා විමති වා සො මං පඤ්හෙන, අහං වෙය්යාකරණෙන සම්මුඛීභූතො නො සත්ථා, යො නො ධම්මානං සුකුසලොති.
Sinhala BJTඇවැත්නි, උපසපන් අඩමස් ඇති මා විසින් ප්‍රතිභාන ප්‍රතිසම්භිදාව කරුණු විසින් අකුරු විසින් ප්‍රත්‍යක්‍ෂ කරණ ලදු. මම එය නොයෙක් කරුණින් කියමි. දෙසමි. පණවමි. පවත්වා ලමි. විවරණ කරමි. බෙදාලමි. ප්‍රකට කෙරෙමි. යමක්හට සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද, හේ මා කරා ප්‍රශ්නයෙන් එළඹේවා. මම ප්‍රශ්නව්‍යාකරණයෙන් සිත් ගණිමි. යම් ශාස්තෘවරයෙක් අපගේ දහම් පිළිබඳව අතිශය සමර්‍ත්‍ථ වී ද, ඒ ශාස්තෘවරයා අපට සම්මුඛීභූත ය.
Pali BJT4. 4. 3. 3.
Sinhala BJT4. 4. 3. 3.
Pali BJT[මහාකොට්ඨිකසුත්තං]
Sinhala BJT[මහාකොට්ඨික සූත්‍රය]
Pali BJT23. අථ ඛො ආයස්මා මහාකොට්ඨිතො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිකො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච :
Sinhala BJT23. එසඳ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
Pali BJTඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා අත්ථඤ්ඤං කිඤ්චීති? මාහෙවං ආවුසො. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා නත්ථඤ්ඤං කිඤ්චීති? මාහෙවං ආවුසො. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා අත්ථි ච නත්ථි චඤ්ඤං කිඤ්චීති? මාහෙවං ආවුසො. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා නෙවත්ථි නො නත්ථඤ්ඤං කිඤ්චීති? මාහෙවං ආවුසො.
Sinhala BJTඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිරවශේෂ විරාගය හා නිරෝධයෙන් ශේෂ වූ අන්කිසි දැයෙක් (-ක්ලේශයෙක්) ඇද්ද? ඇවැත්නි, “එසේ නො කියව.” ඇවැත්නි සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් (-ක්ලේශයෙක්) නැද්ද? ඇවැත්නි, “එසේ නො කියව.” ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායනතයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේ ද? “ඇවැත්නි, එසේ නො කියව.” ඇවැත්නි, සැවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නො ම ඇතියේ හෝ නො ම නැතියේ හෝ වේ ද? ඇවැත්නි, “එසේ නො කියව.”
Pali BJTඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා අත්ථඤ්ඤං කිඤ්චීති ඉති පුට්ඨො සමානො මාහෙවං ආවුසොති වදෙසි. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා නත්ථඤ්ඤං කිඤ්චීති ඉති පුට්ඨො සමානො මාහෙවං ආවුසොති වදෙසි. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා අත්ථි ච නත්ථි චඤ්ඤං කිඤ්චීති ඉති පුට්ඨො සමානො මාහෙවං ආවුසොති වදෙසි. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා නෙවත්ථි නො නත්ථඤ්ඤං කිඤ්චීති ඉති පුට්ඨො සමානො මාහෙවං ආවුසොති වදෙසි. යථා කථම්පනාවුසො ඉමස්ස භාසිතස්ස අත්ථො දට්ඨබ්බොති?
Sinhala BJTඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත, එසේ නොකියව”යි කියහි. ඇවැත්නි සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නො ම ඇද්ද නො ම නැද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, කෙසේ නම් මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ දතයුතු වේ ද?
Pali BJTඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා අත්ථඤ්ඤං කිඤ්චීති ඉති වදං අප්පපඤ්චං පපඤ්චෙති. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා නත්ථඤ්ඤං කිඤ්චීති ඉති වදං අප්පපඤ්චං පපඤ්චෙති. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා අත්ථි ච නත්ථි චඤ්ඤං කිඤ්චීති ඉති වදං අප්පපඤ්චං පපඤ්චෙති. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා නෙවත්ථි නො නත්ථඤ්ඤං කිඤ්චීති ඉති වදං අප්පපඤ්චං පපඤ්චෙති.
Sinhala BJTඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇතැ යි මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච (තණ්හා මාන දිට්ඨි විසින් විස්තර) නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැතැ යි මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ යි කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂවිරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේත් නො වෙයි, නැත්තේත් නො වෙයි. මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි.
Pali BJTයාවතා ආවුසො ඡන්නං ඵස්සායතනානං ගති තාවතා පපඤ්චස්ස ගති. යාවතා පපඤ්චස්ස ගති, තාවතා ඡන්නං ඵස්සායතනානං ගති. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා පපඤ්චනිරොධො, පපඤ්චනිරොධා පපඤ්චවූපසමො”ති.
Sinhala BJTඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ගතිය (විෂය) යම්තාක් වේ ද, ඒ තාක් ප්‍රපඤ්චයාගේ (තෘෂ්ණාදෘෂ්ටිමාන) ගතිය වෙයි. ප්‍රපඤ්චයාගේ ගතිය යම්තාක් වේ ද, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ගතිය ද එතෙක් ම ය. ඇවැත්නි සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාග නිරෝධයෙන් ප්‍රපඤ්චනිරෝධය වෙයි. ප්‍රපඤ්ච නිරෝධයෙන් ප්‍රපඤ්ච ව්‍යුපශමය වෙයි.
Pali BJT4. 4. 3. 4.
Sinhala BJT4. 4. 3. 4.
Pali BJT[ආනන්දසුත්තං]
Sinhala BJT[ආනන්‍ද සූත්‍රය]
Pali BJT24. අථ ඛො ආයස්මා ආනන්දො යෙනායස්මා මහාකොට්ඨිතො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා මහාකොට්ඨිතෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං මහාකොට්ඨිතං එතදවොච :
Sinhala BJT24. එසඳ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් හා සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ:
Pali BJTඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා අත්ථඤ්ඤං කිඤ්චීති? මාහෙවං ආවුසො. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා නත්ථඤ්ඤං කිඤ්චීති? මාහෙවං ආවුසො. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා අත්ථි ච නත්ථි චඤ්ඤං කිඤ්චීති? මාහෙවං ආවුසො. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා නෙවත්ථි නො නත්ථඤ්ඤං කිඤ්චීති? මාහෙවං ආවුසො.
Sinhala BJTඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිරවශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇද්ද? ඇවැත්නි, එසේ නො කියව” ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැද්ද? “ඇවැත්නි, එසේ නො කියව.” ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි යම් කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේ ද? “ඇවැත්නි, එසේ නො කියව.” ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නො ම ඇතියේ හෝ නො ම නැතියේ හෝ වේ ද? “ඇවැත්නි, එසේ නො කියව.”
Pali BJTඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා අත්ථඤ්ඤං කිඤ්චීති ඉති පුට්ඨො සමානො මාහෙවං ආවුසොති වදෙසි. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා නත්ථඤ්ඤං කිඤ්චීති ඉති පුට්ඨො සමානො මාහෙවං ආවුසොති වදෙසි. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා අත්ථි ච නත්ථි චඤ්ඤං කිඤ්චීති ඉති පුට්ඨො සමානො මාහෙවං ආවුසොති වදෙසි. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා නෙවත්ථි නො නත්ථඤ්ඤං කිඤ්චීති ඉති පුට්ඨො සමානො මාහෙවං ආවුසොති වදෙසි. යථාකථම්පනාවුසො ඉමස්ස භාසිතස්ස අත්ථො දට්ඨබ්බොති?
Sinhala BJTඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි යම්කිසි දැයෙක් නැද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන් කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේදැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මත්තෙහි අන්කිසි දැයෙක් නො ම ඇද්දැ නො ම නැද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, එසේ නොකියව” යි කියහි. ඇවැත්නි, කෙසේ නම් මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය දතයුතු වේ ද?
Pali BJTඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා අත්ථඤ්ඤං කිඤ්චීති ඉති වදං අප්පපඤ්චං පපඤ්චෙති. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා නත්ථඤ්ඤං කිඤ්චීති ඉති වදං අප්පපඤ්චං පපඤ්චෙති. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා අත්ථි ච නත්ථි චඤ්ඤං කිඤ්චීති ඉති වදං අප්පපඤ්චං පපඤ්චෙති. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා නෙවත්ථි නො නත්ථඤ්ඤං කිඤ්චීති ඉති වදං අප්පපඤ්චං පපඤ්චෙති.
Sinhala BJTඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇතැයි මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැතැ යි මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ යි මෙසේ කියනුයේ ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ වෙයි, නැත්තේ හෝ වෙයි, මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි.
Pali BJTයාවතා ආවුසො ඡන්නං ඵස්සායතනානං ගති, තාවතා පපඤ්චස්ස ගති. යාවතා පපඤ්චස්ස ගති, තාවතා ඡන්නං ඵස්සායතනානං ගති. ඡන්නං ආවුසො ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා පපඤ්චනිරොධො. පපඤ්චනිරොධා පපඤ්චවූපසමොති.
Sinhala BJTඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ගතිය යම්තාක් වේ ද, ඒතාක් ප්‍රපඤ්චයාගේ ගතිය වෙයි. ප්‍රපඤ්චයාගේ ගතිය යම්තාක් වේ ද, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ගතිය ද එතෙක් ම ය. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් ප්‍රපඤ්චනිරෝධය වෙයි. ප්‍රපඤ්චනිරෝධයෙන් ප්‍රපඤ්ච නිවීම වෙයි.
Pali BJT4. 4. 3. 5.
Sinhala BJT4. 4. 3. 5.
Pali BJT[උපවානසුත්තං]
Sinhala BJTඋපවාන සූත්‍රය
Pali BJT25. අථ ඛො ආයස්මා උපවානො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපවානො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච :
Sinhala BJT25. එසඳ ආයුෂ්මත් උපවාන තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උපවාන තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
Pali BJTකින්නු ඛො ආවුසො සාරිපුත්ත විජ්ජායන්තකරො හොතීති? නො හිදං ආවුසො. කිම්පනාවුසො සාරිපුත්ත චරණෙනන්තකරො හොතීති? නො හිදං ආවුසො. කින්නු ඛො ආවුසො සාරිපුත්ත විජ්ජාචරණෙනන්තකරො හොතීති? නො හිදං ආවුසො. කිම්පනාවුසො සාරිපුත්ත අඤ්ඤත්ර විජ්ජාචරණෙනන්තකරො හොතීති? නො හිදං ආවුසො.
Sinhala BJTකිම ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, විද්‍යායෙන් සසරවට කෙළවර කරන්නේ වේ ද? “ඇවැත්නි, මෙය නො වේ.” කිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, චරණයෙන් වටදුක් කෙළවර කරන්නේ වේ ද? “ඇවැත්නි, මෙ ද නො වේ.” කිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, විද්‍යාචරණ දෙකින් වටදුක් කෙළවර කරන්නේ වේ ද? “ඇවැත්නි, මෙ ද නො වේ.” කිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, විද්‍යාචරණ හැර වටදුක් කෙළවර කරන්නේ වේ ද? “ඇවැත්නි, මෙ ද නො වේ.”
Pali BJTකින්නු ඛො ආවුසො සාරිපුත්ත විජ්ජායන්තකරො හොතීති ඉති පුට්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි. කිම්පනාවුසො සාරිපුත්ත චරණෙනන්තකරො හොතීති ඉති පුට්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි. කිම්පනාවුසො සාරිපුත්ත විජ්ජාචරණෙනන්තකරො හොතීති ඉති පුට්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි. කිම්පනාවුසො සාරිපුත්ත අඤ්ඤත්ර විජ්ජාචරණෙනන්තකරො හොතීති ඉති පුට්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි. යථාකථම්පනාවුසො අන්තකරො හොතීති?
Sinhala BJTකිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, විද්‍යායෙන් වටදුක් කෙළවර කරන්නේ වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි, “ඇවැත්නි, මෙය නො වෙති” යි බෙණෙහි. කිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, චරණයෙන් වටදුක් කෙළවර කරන්නේ වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, මෙය නො වෙති” යි බෙණෙහි. කිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, විද්‍යාචරණ දෙකින් වටදුක් කෙළවර කරන්නේ වේ දැ’යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, මෙය නො වෙති” යි බෙණෙහි. කිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, විද්‍යාචරණ විනා වටදුක් කෙළවර කරන්නේ වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි ‘ඇවැත්නි, මෙය නො වෙති’ යි බෙණෙහි. ඇවැත්නි, කෙසේ වටදුක් කෙළවර කරන්නේ වේ ද?
Pali BJTවිජ්ජාය චෙ ආවුසො අන්තකරො අභවිස්ස, සවුපාදානොව සමානො අන්තකරො අභවිස්ස. චරණෙන චෙ ආවුසො අන්තකරො අභවිස්ස, සවුපාදානොව සමානො අන්තකරො අභවිස්ස. විජ්ජාචරණෙන චෙ ආවුසො. අන්තකරො අභවිස්ස, සවුපාදානොව සමානො අන්තකරො අභවිස්ස. අඤ්ඤත්ර විජ්ජාචරණෙන චෙ ආවුසො අන්තකරො අභවිස්ස, පුථුජ්ජනො අන්තකරො අභවිස්ස. පුථුජ්ජනො හි ආවුසො අඤ්ඤත්ර විජ්ජාචරණෙන. චරණවිපන්නො ඛො ආවුසො යථාභූතං න ජානාති න පස්සති. චරණසම්පන්නො යථාභූතං ජානාති පස්සති. යථාභූතං ජානං පස්සං අන්තකරො හොතීති.
Sinhala BJTඇවැත්නි, ඉදින් විද්‍යායෙන් වටදුක් කෙළවර කරන්නේ වී නම් උපාදාන සහිත වූයේ ම වටදුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, ඉදින් චරණයෙන් වටදුක් කෙළවර කරන්නේ වී නම්, උපාදාන සහිත වූයේ ම කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, ඉදින් විද්‍යාචරණ දෙකින් කෙළවර කරන්නේ වී නම් උපාදාන සහිත වූයේ ම කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, ඉදින් විද්‍යාචරණ මිස කෙළවර කරන්නේ වී නම්, පුහුදුන් තෙමේ කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, පුහුදුන් විද්‍යාචරණයෙන් වෙන් ව සිටුනේ ය. ඇවැත්නි, චරණ නැත්තේ තත් වූ පරිදි නො දන්නේ ය. නො දක්නේ ය. පිරිපුන් චරණ ඇත්තේ යථාස්වභාවය දන්නේ ය. දක්නේ ය. තත් වූ සැටියෙන් දන්නේ දක්නේ වටදුක් කෙළවර කරන්නේ වෙයි.
Pali BJT4. 4. 3. 6.
Sinhala BJT4. 4. 3. 6.
Pali BJT[ආයාචමානසුත්තං]
Sinhala BJT[ආයාචමාන සූත්‍රය]
Pali BJT26. සද්ධො භික්ඛවෙ භික්ඛු එවං සම්මා ආයාචමානො ආයාචෙය්ය : තාදිසො හොමි යාදිසා සාරිපුත්තමොග්ගල්ලානාති. එසා භික්ඛවෙ තුලා, එතං පමාණං මම සාවකානං භික්ඛූනං යදිදං සාරිපුත්තමොග්ගල්ලානා.
Sinhala BJT26. මහණෙනි, සැදැහැති මහණ මොනොවට ආයාචනා කරණුයේ මෙසේ ආයාචනා කරන්නේය: “සැරියුත් මුගලන්හු යම් බඳු වෙත් ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් සැරියුත් මුගලන්හි දෙදෙනෙක් වෙත් ද, මාගේ ශ්‍රාවක භික්‍ෂුනට තෙල තුලා වෙයි. තෙල ප්‍රමාණ වෙයි.
Pali BJTසද්ධා භික්ඛවෙ භික්ඛුනී එවං සම්මා ආයාචමානා ආයාචෙය්ය : තාදිසා හොමි යාදිසා ඛෙමා ච භික්ඛුනී උප්පලවණ්ණා චාති. එසා භික්ඛවෙ තුලා, එතං පමාණං මම සාවිකානං භික්ඛුනීනං යදිදං ඛෙමා ච භික්ඛුනී උප්පලවණ්ණා ච.
Sinhala BJTමහණෙනි, සැදැහැති මෙහෙණ මොනවට පතන්නී, මෙසේ ප්‍රාර්‍ත්‍ථනා කරන්නී ය: “ඛේමා මෙහෙණ හා උප්පලවණ්ණා මෙහෙණ හා දෙදෙන යම් බඳු වෙත් ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් ඛේමා මෙහෙණ හා උප්පලවණ්ණා මෙහෙණ හා දෙදෙන වෙත් ද, මාගේ ශ්‍රාවක භික්‍ෂුණීන්ට තෙල තුලා වෙයි. තෙල ප්‍රමාණ වෙයි.
Pali BJTසද්ධො භික්ඛවෙ උපාසකො එවං සම්මා ආයාචමානො ආයාචෙය්ය : තාදිසො හොමි යාදිසො චිත්තො ච ගහපති හත්ථකො ආලවකොති. එසා භික්ඛවෙ තුලා, එතං පමාණං මම සාවකානං උපාසකානං යදිදං චිත්තො ච ගහපති හත්ථකො ච ආළවකො.
Sinhala BJTමහණෙනි, සැදැහැති උවසු මොනවට ප්‍රාර්‍ත්‍ථනා කරණුයේ මෙසේ ප්‍රාර්‍ත්‍ථනා කරන්නේ ය: “චිත්තගහපති හා හත්‍ථක ආළවක හා දෙදෙන යම් බඳු වේ ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් චිත්තගහපති හා හත්‍ථකආළවක හා දෙදෙන වෙත් ද, මාගේ සවූ උවසුනට තෙල තුලා වෙයි. තෙල ප්‍රමාණ වෙයි.
Pali BJTසද්ධා භික්ඛවෙ උපාසිකා එවං සම්මා ආයාචමානා ආයාචෙය්ය : තාදිසා හොමි යාදිසා ඛුජ්ජුත්තරා ච උපාසිකා වෙලුකණ්ටකියානන්දමාතාති. එසා භික්ඛවෙ තුලා, එතං පමාණං මම සාවිකානං උපාසිකානං යදිදං ඛුජ්ජුත්තරා ච උපාසිකා වෙලුකණ්ටකියා ච නන්දමාතාති.
Sinhala BJTමහණෙනි, සැදැහැති උවැසිය මොනොවට ආයාචනා කරන්නී මෙසේ ආයාචනා කරන්නී ය: “ඛුජ්ජුත්තරා උවැසිය හා වේළුකණ්ටකිය නන්‍දමාතාව හා දෙදෙන යම් බඳු වෙත් ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් ඛුජ්ජුත්තරා උවැසිය හා වේළුකණ්ටකිය නන්‍දමාතාව හා දෙදෙන වෙත් ද, මාගේ සැවි උවැසියනට තෙල තුලාවෙයි. තෙල ප්‍රමාණ වෙයි.
Pali BJT4. 4. 3. 7.
Sinhala BJT4. 4. 3. 7.
Pali BJT[රාහුලසුත්තං]
Sinhala BJT[රාහුල සූත්‍රය]
Pali BJT27. අථ ඛො ආයස්මා රාහුලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාහුලං භගවා එතදවොච :
Sinhala BJT27. එකල ආයුෂ්මත් රහල් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් රහල් තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTයා ච රාහුල අජ්ඣත්තිකා පඨවීධාතු යා ච බාහිරා පඨවීධාතු, පඨවීධාතුරෙවෙසා. තං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවීධාතුයා නිබ්බින්දති. පඨවීධාතුයා චිත්තං විරාජෙති.
Sinhala BJTරාහුලය, ආධ්‍යාත්මික යම් පෘථිවිධාතුයෙක් ඇද්ද, යම් බාහිරපෘථිවී ධාතුයෙක් ඇද්ද, තෙල පෘථිවීධාතු ම වෙයි. “තෙල පෘථිවිධාතු මා ගැත්තේ නො වෙයි. මම පෘථිවිධාතුයෙම් නො වෙමි. තෙල මාගේ ආත්ම නො වෙයි” කියා ඒ පෘථිවීධාතුව මෙසේ තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු ය. මෙසේ තෙල පෘථිවිධාතුව තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දැක පෘථිවීධාතුයෙහි උකැටි වෙයි. පෘථිවීධාතුයෙහි සිත් නො අලවයි.
Pali BJTයා ච රාහුල අජ්ඣත්තිකා ආපොධාතු යා ච බාහිරා ආපොධාතු, ආපොධාතුරෙවෙසා. තං “නෙතං මම නෙසො හමස්මි, න මෙසො අත්තා”ති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආපොධාතුයා නිබ්බින්දති. ආපොධාතුයා චිත්තං විරාජෙති.
Sinhala BJTරාහුලය, යම් ආධ්‍යාත්මික අබ්ධාතුයෙක් ඇද්ද, යම් ඉන්‍ද්‍රියබද්ධයෙන්බැහැරි අබ්ධාතුයෙක් ඇද්ද, තෙල අබ්ධාතු ම වෙයි. “තෙල මා ගැත්තේ නො වේ. මා අබ්ධාතුයෙම් නො වෙමි. තෙල මාගේ ආත්ම නො වේ. තෙල මෙසේ ය” යි එය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු ය. මෙසෙයින් තෙල තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දැක අබ්ධාතුයෙහි උකැටි වෙයි. අබ්ධාතුයෙහි සිත නො අලවයි.
Pali BJTයා ච රාහුල අජ්ඣත්තිකා තෙජොධාතු යා ච බාහිරා තෙජොධාතු, තෙජොධාතුරෙවෙසා. තං “නෙතං මම නෙසොහමස්මි, න මෙ සො අත්තා”ති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා තෙජොධාතුයා නිබ්බින්දති, තෙජොධාතුයා චිත්තං විරාජෙති.
Sinhala BJTරාහුලය, යම් ආධ්‍යාත්මික තේජෝධාතුයෙක් වේ ද, යම් බාහිර තේජෝධාතුයෙක් වේ ද, තෙල තෙජොධාතු ම වෙයි. “තෙල මා ගැත්තේ නො වේ. ‘මම තේජෝධාතුයෙම් නො වෙමි.’ තෙල මාගේ ආත්ම නො වේ. තෙල මෙසේය” යි එය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු ය. මෙසෙයින් තෙල තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දැක තොජාධාතුයෙහි උකැටි වෙයි. තොජාධාතුයෙහි සිත නො අලවයි.
Pali BJTයා ච රාහුල අජ්ඣත්තිකා වායොධාතු යා ච බාහිරා වායොධාතු, වායොධාතුරෙවෙසා. තං “නෙතං මම නෙසොහමස්මි, න මෙ සො අත්තා”ති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා වායොධාතුයා නිබ්බින්දති. වායොධාතුයා චිත්තං විරාජෙති.
Sinhala BJTරාහුලය, යම් ආධ්‍යාත්මික වායෝධාතුයෙක් ඇද්ද, යම් බාහිර වායෝධාතුයෙක් ඇද්ද, තෙල වායෝධාතු ම වෙයි. “තෙල මා ගැත්තේ නො වේ. මම වායෝධාතුයෙම් නො වෙමි. තෙල මාගේ ආත්ම නො වේ. තෙල මෙසේ ය” යි එය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දැක්ක යුතුයි. මෙසෙයින් තෙල තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දැක වායෝධාතුයෙහි උකැටි වෙයි. වායෝධාතුයෙහි සිත නො අලවයි.
Pali BJTයතො ඛො රාහුල භික්ඛු ඉමාසු චතූසු ධාතූසු නෙව අත්තානං න අත්තනියං සමනුපස්සති. අයං වුච්චති රාහුල භික්ඛු අච්ඡෙච්ඡි තණ්හං, වාවත්තයී සංයොජනං, සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සාති.
Sinhala BJTරාහුලය, යම් කලෙක පටන් ගෙණ මහණ මේ සතර ධාතූන් කෙරෙහි ලා ආත්මය නො දක්නේ ම වේ ද, ආත්මයට අයිති දැයක් හෝ නො දක්නේ ම වේ ද, රාහුල ය, මේ මහණ තෘෂ්ණාව සිඳපීහ යි ද, දස සංයෝජන උපුටා හළහ යි ද, මානයාගේ ප්‍රහාණාභිසමයෙන් වටදුක් මොනොවට කෙළවර කළහ යි ද කියනු ලැබේ.
Pali BJT4. 4. 3. 8.
Sinhala BJT4. 4. 3. 8.
Pali BJT[චෙතොවිමුත්තිසුත්තං]
Sinhala BJT[චේතෝවිමුත්ති සූත්‍රය]
Pali BJT28. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො:
Sinhala BJT28. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරති. සො සක්කායනිරොධං මනසි කරොති. තස්ස සක්කායනිරොධං මනසි කරොතො සක්කායනිරොධෙ චිත්තං න පක්ඛන්දති, නප්පසීදති, න සන්තිට්ඨති නාධිමුච්චති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුත්තියකට වැද ගෙණ වාස කෙරේ. හේ සත්කායනිරෝධය (වට පිළිබඳ නිවන) මෙනෙහි කෙරේ. සත්කායනිරෝධය මෙනෙහි කරණ ඔහට සත්කායනිරෝධයෙහි ලා සිත අරමුණු විසින් නො වදනේ ය. නො පහදනේ ය. මොනොවට නො සිටුනේ ය. නිශ්චය කොටගෙන නො සිටුනේ ය.
Pali BJTතස්ස ඛො එතං භික්ඛවෙ භික්ඛුනො න සක්කායනිරොධො පාටිකඞ්ඛො.
Sinhala BJTමහණෙනි, ඒ මහණහට සත්කාය නිරෝධය නො කැමැති විය යුතුය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ පුරිසො ලසගතෙන{1} හත්ථෙන සාඛං ගණ්හෙය්ය, තස්ස සො හත්ථො සජ්ජෙය්යාපි ගණ්හෙය්යාපි ඛජ්ජෙය්යාපි. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරති. සො සක්කායනිරොධං මනසි කරොති. තස්ස සක්කායනිරොධං මනසි කරොතො සක්කායනිරොධෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති නාධිමුච්චති. තස්ස ඛො එතං භික්ඛවෙ භික්ඛුනො න සක්කායනිරොධො පාටිකඞ්ඛො.
Sinhala BJTමහණෙනි, යම් පරිදි පුරුෂයෙක් ලහ ගැල්වූ අතින් ශාඛාවක් ගන්නේ වේ ද, උහුගේ ඒ අත ලගනේත් වෙයි. හැදගන්නේත් වෙයි. කා වදනේත් වෙයි. මහණෙනි, එපරිදි ම මහණ අන්‍යතර ශාන්ත චේතෝ විමුක්තියකට පැමිණ වෙසේ. හේ සත්කාය නිරෝධය මෙනෙහි කෙරේ. සත්කාය නිරෝධය මෙනෙහි කරණ ඔහුට සත්කාය නිරෝධයෙහි ලා සිත අරමුණු විසින් නො පැන ගණී. නො පහදී. මොනොවට නො සිටී. නො බැස ගණී. මහණෙනි, ඒ මහණහට සත්කාය නිරෝධය නො කැමැති විය යුතුය.
Pali BJTඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරති, සො සක්කායනිරොධං මනසි කරොති. තස්ස සක්කායනිරොධං මනසි කරොතො සක්කායනිරොධෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. තස්ස ඛො එතං භික්ඛවෙ භික්ඛුනො සක්කායනිරොධො පාටිකඞ්ඛො.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුක්තියකට එළඹ වාස කෙරෙයි. හේ සත්කාය නිරෝධය මෙනෙහි කෙරෙයි. සත්කාය නිරෝධය මෙනෙහි කරණ ඔහට සත්කාය නිරෝධයෙහි ලා සිත අරමුණු විසින් වැද ගණී. පහදී. මොනොවට සිටී. නිශ්චය කොට ගණී. මහණෙනි, ඒ මහණහට සත්කාය නිරෝධය කැමති විය යුතුය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ පුරිසො සුද්ධෙන හත්ථෙන සාඛං ගණ්හෙය්ය, තස්ස සො හත්ථො නෙව සජ්ජෙය්ය න ගණ්හෙය්ය න බජ්ඣෙය්ය. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරති. සො සක්කායනිරොධං මනසි කරොති. තස්ස සක්කායනිරොධං මනසි කරොතො සක්කායනිරොධෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. තස්ස ඛො එතං භික්ඛවෙ භික්ඛුනො සක්කායනිරොධො පාටිකඞ්ඛො.
Sinhala BJTමහණෙනි, යම් පරිදි පුරුෂයෙක් ධෞතහස්තයෙන් ශාඛාවක් ගන්නේ වේ ද, උහුගේ ඒ අත නො ම ලගනේ ය. නො ඇදගන්නේ ය, නොකාගන්නේ ය. මහණෙනි, මෙ පරිදි ම මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුක්තියකට එළඹ වෙසේ. හේ සත්කාය නිරෝධය මෙනෙහි කෙරේ. සත්කාය නිරෝධය මෙනෙහි කරණ ඔහට සත්කාය නිරෝධයෙහි ලා සිත අරමුණු විසින් පැනගණී. පහදී. මොනොවට සිටී. නිශ්චය කොට ගණී. මහණෙනි, ඒ මහණහට සත්කායනිරෝධය කැමැති විය යුතුය.
Pali BJTඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරති. සො අවිජ්ජාප්පභෙදං මනසි කරොති. තස්ස අවිජ්ජාප්පභෙදං මනසිකරොතො අවිජ්ජාප්පභෙදෙ චිත්තං න පක්ඛන්දති න ප්පසීදති න සන්තිට්ඨති නාධිමුච්චති. තස්ස ඛො එතං භික්ඛවෙ භික්ඛුනො න අවිජ්ජාප්පභෙදො පාටිකඞ්ඛො.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුක්තියකට එළඹ වාස කෙරෙයි. හේ අවිදු බිඳුම් නැමැති රහත්බව මෙනෙහි කෙරෙයි. අවිද්‍යා භේදය මෙනෙහි කරණ ඔහට අවිද්‍යාභේදයෙහි ලා සිත අරමුණු විසින් නොපැන ගණී. නො පහදී. මොනොවට නො සිටී. අධිමුක්ත නො වේ. මහණෙනි, ඒ මහණහට අවිද්‍යාභේදය නො කැමැති විය යුතුය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ ජම්බාලි අනෙකවස්සගණිකා, තස්සා පුරිසො යානි චෙව ආයමුඛානි තානි පිදහෙය්ය, යානි ච අපායමුඛානි තානි විවරෙය්ය, දෙවො ච සම්මාධාරං නානුප්පවෙච්ඡෙය්ය. එවං හි තස්සා භික්ඛවෙ ජම්බාලියා න පාලිප්පභෙදො{2} පාටිකඞ්ඛො. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරති. සො අවිජ්ජාප්පභෙදං මනසි කරොති. තස්ස අවිජ්ජාප්පභෙදං මනසි කරොතො අවිජ්ජාප්පභෙදෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති නාධිමුච්චති. තස්ස ඛො එතං භික්ඛවෙ භික්ඛුනො න අවිජ්ජාප්පභෙදො පාටිකඞ්ඛො.
Sinhala BJTමහණෙනි, යම් පරිදි නොඑක් වස් ගණන් ඇති ගවරවළෙක් වේ ද, පුරුෂයෙක් ඒ වළෙහි යම් දිය වදනා සිවු කඳුරු ඇත් ද, ඒ වසයි. දිය බැස යන සිදුරු ඇද් ද, ඒ විවර කෙරෙයි. මේඝය ද මොනවට දහර නො වස්වයි. මහණෙනි, මෙසේ වත් ම ඒ ගවරවළෙහි මියර බිඳලීම කැමැති නො විය යුතුය. මහණෙනි, එ පරිදි ම මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුක්තියකට පැමිණ වෙසේ. හේ අවිදු බිඳලීම මෙනෙහි කෙරේ. අවිදු බිඳුම් මෙනෙහි කරණ ඔහට අවිද්‍යා බිඳලීමෙහි ලා සිත අරමුණු විසින් නො පැන ගණී. නො පහදී. මොනොවට නො සිටී. නිශ්චය නො ලබයි. මහණෙනි, ඒ මහණහට අර්‍හත්ත්‍වය නො කැමැති විය යුතුය.
Pali BJTඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරති. සො අවිජ්ජාප්පභෙදං මනසි කරොති. තස්ස අවිජ්ජාප්පභෙදං මනසි කරොතො අවිජ්ජාප්පභෙදෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. තස්ස ඛො එතං භික්ඛවෙ භික්ඛුනො අවිජ්ජාප්පභෙදො පාටිකඞ්ඛො.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුක්තියකට පැමිණ වාස කෙරෙයි. හේ අවිද්‍යාව බිඳලීම මෙනෙහි කෙරෙයි. අවිද්‍යාව බිඳලීම මෙනෙහි කරණ ඔහට අවිද්‍යාව බිඳලීමෙහි ලා සිත අරමුණු විසින් පැන ගණී. පහදී. මොනවට සිටී. නිශ්චය කොට ගණී. මහණෙනි, ඒ මහණහට අවිද්‍යාව බිඳලීම කැමති විය යුතුයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ ජම්බාලි අනෙකවස්සගණිකා, තස්සා පුරිසො යානි චෙව ආයමුඛානි තානි විවරෙය්ය, යානි ච අපායමුඛානි තානි පිදහෙය්ය, දෙවො ච සම්මාධාරං අනුප්පවෙච්ඡෙය්ය. එවං හි තස්සා භික්ඛවෙ ජම්බාලියා පාලිප්පභෙදො පාටිකඞ්ඛො. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරති. සො අවිජ්ජාප්පභෙදං මනසි කරොති. තස්ස අවිජ්ජාප්පභෙදං මනසි කරොතො අවිජ්ජාප්පභෙදෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. තස්ස ඛො එතං භික්ඛවෙ භික්ඛුනො අවිජ්ජාප්පභෙදො පාටිකඞ්ඛො.
Sinhala BJTමහණෙනි, යම් පරිදි අනේවස් ගණන් ඇති ගවර වළෙක් වේ ද, ඒ වළෙහි පුරුෂයෙක් යම් ආයමුඛ ඇත් නම් ඒ විවර කෙරෙයි. යම් අපායමුඛ ඇත් නම් ඒ වසයි. මේඝය ද මොනවට දහර වස්වයි. මහණෙනි, මෙසේ ඒ ගවර වළෙහි මියර බිඳලීම කැමැති විය යුතුයි. මහණෙනි, එපරිදි ම මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුක්තියකට එළඹ වෙසේ. හේ අවිද්‍යාභේදය මෙනෙහි කෙරේ. අවිද්‍යාභේදය මෙනෙහි කරණ ඔහට අවිද්‍යාභේදයෙහි ලා සිත අරමුණ විසින් පැන ගණී. පහදී. මොනොවට සිටී. නිශ්චය කොට ගණී. මහණෙනි, ඒ මහණහට අවිද්‍යාභේද සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය කැමැති විය යුතුය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගලයෝ විද්‍යමානයහ.
Pali BJT4. 4. 3. 9.
Sinhala BJT4. 4. 3. 9.
Pali BJT[පරිනිබ්බානහෙතුසුත්තං]
Sinhala BJT[පරිනිබ්බානහෙතු සූත්‍රය]
Pali BJT29. අථ ඛො ආයස්මා ආනන්දො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච :
Sinhala BJT29. එකල ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වූහ. සම්මෝදනයට කරුණු වූ සිහි කරණුවට නිසි වූ කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
Pali BJTකො නු ඛො ආවුසො සාරිපුත්ත හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ න පරිනිබ්බායන්තීති?
Sinhala BJTඇවැත, ශාරීපුත්‍රයෙනි, මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඉහාත්මයෙහි ම නො පිරිනිවෙත් ද, එයට හේතු කවරේ ය? එයට ප්‍රත්‍යය කවරේ ය?
Pali BJTඉධාවුසො ආනන්ද සත්තා ඉමා හානභාගියා සඤ්ඤාති යථාභූතං නප්පජානන්ති. ඉමා ඨිතිභාගියා සඤ්ඤාති යථාභූතං නප්පජානන්ති. ඉමා විසෙසභාගියා සඤ්ඤාති යථාභූතං නප්පජානන්ති. ඉමා නිබ්බෙධභාගියා සඤ්ඤාති යථාභූතං නප්පජානන්ති. අයං ඛො ආවුසො ආනන්ද හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ න පරිනිබ්බායන්තීති.
Sinhala BJTඇවැත ආනන්‍දයෙනි, මෙලොව සත්හු ‘මොහු හානභාගීය සංඥාහ’යි යථාභූතය නො දනිත්. ‘මොහු ස්ථිතිභාගීය සංඥාහ’යි යථාභූතය නො දනිත් ද, ‘මොහු විශේෂභාගීය සංඥාහ’යි යථාභූතය නොදනිත්. ‘මොහු නිර්වේදභාගියසංඥාහ’යි යථාභූතය නොදනිත්. ‘ඇවැත, ආනන්‍දයෙනි, යම් හෙයකින් මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඉහාත්මයෙහි ම නො පිරිනිවෙත් ද, මේ එයට හේතු යි. මේ එයට ප්‍රත්‍යය යි.
Pali BJTකො පනාවුසො සාරිපුත්ත හෙතු කො පච්චයො යෙන මිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති?
Sinhala BJTඇවැත, ශාරීපුත්‍රයෙනි, යම් හෙයෙකින් මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඉහාත්මයෙහි ම පිරිනිවෙත් ද, එයට හේතු කවරේ ය? එයට ප්‍රත්‍යය කවරේ ය?
Pali BJTඉධාවුසො ආනන්ද සත්තා ඉමා හානභාගියා සඤ්ඤාති යථාභූතං පජානන්ති. ඉමා ඨිතිභාගියා සඤ්ඤාති යථාභූතං පජානන්ති. ඉමා විසෙසභාගියා සඤ්ඤාති යථාභූතං පජානන්ති. ඉමා නිබ්බෙධභාගියා සඤ්ඤාති යථාභූතං පජානන්ති. අයං ඛො ආවුසො ආනන්ද හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති.
Sinhala BJTඇවැත, ආනන්‍දයෙනි, මෙලොව සත්හු ‘මොහු හානභාගීය සංඥාහ’යි යථාභූතය දනිත්. ‘මොහු ස්ථිතිභාගීයසංඥාහ’යි යථාභූතය දනිත්. ‘මොහු විශේෂභාගීය සංඥාහ’යි යථාභූතය දනිත්. ‘මොහු නිර්වේදභාගීයසංඥා හ’යි යථාභූතය දනිත්. ඇවැත, ආනන්‍දයෙනි, යම් හෙයෙකින් මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඉහාත්මයෙහි ම නො පිරිනිවෙත් ද, මේ එයට හේතු යි. මේ එයට ප්‍රත්‍යය යි.
Pali BJT4. 4. 3. 10.
Sinhala BJT4. 4. 3. 10.
Pali BJT[මහාපදෙසදෙසනාසුත්තං]
Sinhala BJT[මහාපදෙසදෙසනා සූත්‍රය]
Pali BJT30. එකං සමයං භගවා භොගනගරෙ විහරති ආනන්දචෙතියෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච :
Sinhala BJT30. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ භෝගනගරයෙහි ආනන්‍ද චෛත්‍යයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’, යි භික්‍ෂූන් බැණවූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ මහාපදෙසෙ දෙසෙස්සාමි. තං සුණාථ සාධුකං මනසි කරොථ භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච :
Sinhala BJTමහණෙනි, මේ සතර මහා අපදෙසයන් දෙසමි. ඒ අසව, මෙනෙහි කරව, කියමි යි වදාළහ. වහන්ස, එසේ ය යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: