Pali BJT“ආහාරසම්භූතො අයං භගිනි කායො, ආහාරං නිස්සාය. ආහාරො පහාතබ්බො”ති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? ඉධ පන භගිනි භික්ඛු පටිසඞ්ඛායොනිසො ආහාරං ආහාරෙති: නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණං ච වෙදනං පටිහඞ්ඛාමි, නවං ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති. සො අපරෙන සමයෙන ආහාරං නිස්සාය ආහාරං පජහති. “ආහාරසම්භූතො අයං භගිනි, කායො ආහාරං නිස්සාය. ආහාරො පහාතබ්බො”ති ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT“බුහුනණියෙනි, මේ කය ආහාරයෙන් වැඩින. ආහාරය නිසා ආහාරය පහ කළ යුතුය” යි මෙසේ තෙල බස කියන ලද. තෙල බස කුමක් පිණිස කියූ ද යත්: “බුහුනණියෙනි, මෙසස්නෙහි මහණ නුවණින් සලකා අහර වළඳ කෙරෙයි. දවය පිණිස නො වේ. මදය පිණිස නො වේ. මණ්ඩනය පිණිස නො වේ. විභූෂණය පිණිස නො වේ. මේ කරජකායයාගේ ස්ථිතිය පිණිස ම වෙයි. යැපීම පිණිස ම වෙයි. විහිංසා නස්නා පිණිස ම වෙයි. බඹසරට අනුගුරක් පිණිස ම වෙයි. මෙසේ පුරාණවේදනාත් නස්මි. නව්‍යවෙදනාත් නූපදවමි. මාගේ ජීවිතයාත්‍රාව ද වෙයි. අවද්‍යතා ද ඵාසුවිහරණය ද වෙයි. හේ පසු කලෙක අහර නිසා අහර හැර පියයි. “බුහුනණියෙනි, මේ කය අහරින් වැඩින, අහර නිසා අහර හැරපිය යුතුය”යි යම් බසෙක් කියන ලද නම් මෙය තෙල අරුත් සඳහා කියන ලදි.
Pali BJT“තණ්හාසම්භූතො අයං භගිනි කායො, තණ්හං නිස්සාය. තණ්හා පහාතබ්බා”ති ඉති ඛො පනෙතං{1} වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? ඉධ භගිනි භික්ඛු සුණාති ඉත්ථන්නාමො කිර භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජවිහරතීති. තස්ස එවං හොති: කුදස්සු නාම අහම්පි ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සාමීති. සො අපරෙන සමයෙන තණ්හං නිස්සාය තණ්හං පජහති. “තණ්හාසම්භූතො අයං භගිනි කායො. තණ්හං නිස්සාය තණ්හා පහාතබ්බා”ති ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT“බුහුනණියෙනි, මේ කය තෘෂ්ණායෙන් වැඩින. තෘෂ්ණාව හැරපිය යුතුය යි” මෙසේ තෙල බස කියන ලද. තෙල බස කුමක් පිණිස කියන ලද ද: “බුහුනණියෙනි, මෙසස්නෙහි මහණෙක් ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය දුටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසේ ලැ”යි අසාද, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘කවරදා නම් මමත් ආස්‍රවක්‍ෂය කිරීමෙන් ... ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙම් දෝ හෝ”යි කියා යි. හේ පසුකලෙක තෘෂ්ණාව නිසා තෘෂ්ණාව හැරපියයි. “බුහුනණියනි, මේ කය තෘෂ්ණායෙන් වැඩින. තෘෂ්ණාව නිසා තෘෂ්ණාව පහ කළයුතුය”යි මෙසේ යම් ඒ බසෙක් කියන ලද නම් මෙබස් තෙල අරුත් සඳහා කියන ලදි.
Pali BJT“මානසම්භූතො අයං භගිනි කායො, මානං නිස්සාය මානො පහාතබ්බො”ති. ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? ඉධ භගිනි භික්ඛු සුණාති ඉත්ථන්නාමො කිර භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති. තස්ස එවං හොති: සො හි නාම ආයස්මා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, කිමඞ්ගපනාහන්ති. සො අපරෙන සමයෙන මානං නිස්සාය මානං පජහති. “මානසම්භූතො අයං භගිනි කායො, මානං නිස්සාය. මානො පහාතබ්බො”ති, ඉති යන්තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT“බුහුනණියෙනි, මේ කය මානයෙන් වැඩින. මානය නිසා මානය පහ කළයුතුය”යි මෙසේ තෙල බස කියන ලද. තෙල බස කුමක් පිණිස කියන ලද යත්: “බුහුනණියෙනි, මෙසස්නෙහි මහණෙක් මෙනම් මහණ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චෛතසිකවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසේ ලැ”යි අසා ද, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ඒ ආයුෂ්මත් වනාහි ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය මෙලොව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙයි. මම වැළිත් කියනු කිමැ”යි කියා යි. හේ පසුකලෙක මානය නිසා මානය හැර පියයි. “බුහුනණියනි, මේ කය මානයෙන් වැඩින. මානය නිසා මානය පහ කළ යුතුය”යි මෙසේ යම් ඒ බසෙක් කියන ලද නම් මෙබස් තෙල අරුත් පිණිස කියන ලදී.”
Pali BJT“මෙථුනසම්භූතො අයං භගිනි කායො, මෙථුනෙ ච සෙතුඝාතො වුත්තො භගවතා”ති.
Sinhala BJT“බුහුනණියෙනි, මේ කය මෛථුනයෙන් වැඩින. භාග්‍යවතුන් වහන්සේ විසින් මෛථුනයෙහි හේතුඝාතය වදාරණ ලදී.
Pali BJTඅථ ඛො සා භික්ඛුනී මඤ්චා උට්ඨහිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා ආයස්මතො ආනන්දස්ස පාදෙසු සිරසා නිපතිත්වා ආයස්මන්තං ආනන්දං එතදවොච: අච්චයො මං භන්තෙ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං යාහං එවමකාසිං. තස්සා මෙ භන්තෙ අය්යො ආනන්දො අච්චයං අච්චයතො පතිගණ්හාතු ආයතිං සංවරායාති.
Sinhala BJTඑසඳ ඒ මෙහෙණ හැඳෙන් නැගී උත්තරාසඞ්ගය එකස් කොට ආයුෂ්මත් අනඳ තෙරණුවන්ගේ පාමුල හිසින් වැටී ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල බස් කිවුය: “වහන්ස, යම් බඳු මම මෙසේ කෙළෙම් වේ ද, බාල වූ පරිදි මුළා වූ පරිදි අකුසල් වූ පරිදි ඒ වරද මා ඉක්ම ගියේ ය. වහන්ස, ආනන්‍ද හිමිහු ඒ මාගේ වරද වරද විසින් ආයතිසංවරය සඳහා පිළිගන්නා සේක්වා.
Pali BJTතග්ඝ තං භගිනි අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං යා ත්වං එවමකාසි. යතො ච ඛො ත්වං භගිනි අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොසි, තං තෙ මයං පතිගණ්හාම. වුද්ධි හෙසා භගිනි අරියස්ස විනයෙ යා අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති ආයතිං සංවරං ආපජ්ජතීති.
Sinhala BJTබුහුනණියෙනි, යම් තෝ මෙසේ කෙළෙහි නම් එබැවින් බාල වූ පරිදි මුළා වූ පරිදි අකුසල් වූ පරිදි ඒ වරද තී ඉක්ම ගියේ ය. බුහුනණියෙනි, යම් හෙයෙකින් තෝ වරද වරද විසින් දැක දහම් වූ පරිදි ප්‍රතික්‍රියා කෙරෙහි ද, තීගේ ඒ වරද අපි පිළිගණුම්හ. බුහුනණියෙනි, යමක් වරද වරද විසින් දැක දහම් පරිදි ප්‍රතික්‍රියා කෙරේ ද, මතු සංවරයට එළඹේ ද, තෙල ප්‍රතික්‍රියාව ආර්‍ය්‍යවිනයෙහි අභිවෘද්ධියෙක් මැයි.
Pali BJT4. 4. 1. 10.
Sinhala BJT4. 4. 1. 10.
Pali BJT[සුගතවිනයසුත්තං]
Sinhala BJT[සුගතවිනය සූත්‍රය]
Pali BJT10. සුගතො වා භික්ඛවෙ ලොකෙ තිට්ඨමානො සුගතවිනයො වා තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJT10. මහණෙනි, සුගතයන් වහන්සේ වෙත්ව යි සුගතවිනය වේව යි ලෝකයෙහි පවත්නේ වේ නම් ඒ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුඛ පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිස්නට අර්‍ත්‍ථ පිණිස, හිත පිණිස, සුඛ පිණිස වෙයි. මහණෙනි, සුගතයන් වහන්සේ නම් කවරහුය යත්:
Pali BJTකතමො ච භික්ඛවෙ සුගතො? ඉධ භික්ඛවෙ තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. අයං භික්ඛවෙ සුගතො.
Sinhala BJTමහණෙනි, මෙ ලොව අර්‍හත්, සම්‍යක් සම්බුද්ධ, විද්‍යාචරණ සම්පන්න, සුගත, ලෝකවිද්, අනුත්තර පුරුෂදම්‍යසාරථී, දෙවි මිනිස්නට අනුශාසක, චතුස්සත්‍යාවබෝධ කළ, භාග්‍යවත්, තථාගතයන් වහන්සේ පහළ වන සේක. මහණෙනි, මේ සුගතයෝ නම් වෙති.
Pali BJTකතමො ච භික්ඛවෙ සුගතවිනයො? සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසාන කල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. අයං භික්ඛවෙ සුගතවිනයො.
Sinhala BJTමහණෙනි, සුගතවිනය නම් කවරේ ය යත්: උන්වහන්සේ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසාන කල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට කේවල පරිපූර්‍ණ කොට දහම් දෙසනසේක. පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය දෙසන සේක. මහණෙනි, මේ සුගතවිනය නම් වේ.
Pali BJTඑවං සුගතො වා භික්ඛවෙ ලොකෙ තිට්ඨමානො සුගතවිනයො වා තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති.
Sinhala BJTමහණෙනි, මෙසේ සුගතයන් වහන්සේ වෙත්ව යි සුගත විනය වේව යි ලොව්හි සිටුනේ වේ නම් ඒ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිස්නට අර්‍ත්‍ථ පිණිස, හිත පිණිස සුව පිණිස වෙයි.
Pali BJTචත්තාරාමෙ භික්ඛවෙ ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති. කතමෙ චත්තාරො?
Sinhala BJTමහණෙනි, මේ සතර ධර්‍ම කෙනෙක් ශාසනයාගේ ප්‍රමෝෂය (විනාශය) අන්තර්‍ධානය පිණිස වැටෙත්. කවර සතර කෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු දුග්ගහීතං සුත්තන්තං පරියාපුණන්ති දුන්නික්ඛිත්තෙහි පදබ්යඤ්ජනෙහි. දුන්නික්ඛිත්තස්ස භික්ඛවෙ පදබ්යඤ්ජනස්ස අත්ථො’පි දුන්නයො හොති. අයං භික්ඛවෙ පඨමො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණහු වරදවා ගත් සූත්‍රාන්ත වරදවා ලූ පදව්‍යඤ්ජනයෙන් පිරිවහත්. මහණෙනි, වරදවා ලූ පදව්‍යඤ්ජනයාගේ අර්‍ත්‍ථය ද දුර්නය වෙයි. මහණෙනි, මේ පළමුවන දහම ශාසනයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛූ දුබ්බචා හොන්ති දොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතා අක්ඛමා අප්පදක්ඛිණග්ගාහිනො අනුසාසනිං. අයං භික්ඛවෙ දුතියො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණහු දුර්‍වවස්ක (ඔවා නොගන්නෝ) වෙති. දෞර්‍වවස්‍යකරණ ධර්‍මයෙන් සමන්‍වාගත වෙත්. අක්‍ෂම (ක්‍ෂමා නැත්තෝ) වෙත්. අනුසස්න ප්‍රදක්‍ෂිණා (ගෞරව) පූර්‍වක ව නොගන්නාහු වෙත්. මහණෙනි, මේ දෙවන දහම ශාසනයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ යෙ තෙ භික්ඛූ බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා. තෙ න සක්කච්චං සුත්තන්තං පරං වාචෙන්ති. තෙසං අච්චයෙන ඡින්නමූලකො සුත්තන්තො හොති අප්පටිසරණො. අයං භික්ඛවෙ තතියො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.
Sinhala BJTතව ද මහණෙනි, යම් ඒ මහණහු බහුශ්‍රුත වෙත් ද, උගත් ආගම ඇති වෙත් ද, ධර්‍මධර වෙත් ද, විනයධර වෙත් ද, මාතෘකාධර වෙත් ද, ඔහු සකස් කොට සූත්‍රාන්ත පරා ලවා වාවනාමාර්‍ගයෙන් නො හදාරවත්. උන්ගේ ඇවෑමෙන් සූත්‍රාන්ත මුලුසුන් වෙයි. පිළිසරණ නැති වෙයි. මහණෙනි, මේ තෙවන දහම ශාසනයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ ථෙරා භික්ඛු බාහුලිකා හොන්ති සාථලිකා ඔක්කමනෙ පුබ්බඞ්ගමා පවිවෙකෙ නික්ඛිත්තධුරා. න විරියං ආරභන්ති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. තෙසං පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති. සාපි හොති සාථලිකා බාහුලිකා ඔක්කමනෙ පුබ්බඞ්ගමා පවිවෙකෙ නික්ඛිත්තධුරා. න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. අයං භික්ඛවෙ චතුත්ථො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, ස්ථවිර භික්‍ෂූහු බහුල පස පිණිස පිළිපන්හු වෙත්. ශික්‍ෂාශාසනය ලිහිල් කොට ගණිත්. පඤ්චනීවරණ පූරණයෙහි පෙරදැරි වෙත්. ප්‍රවිවේකයෙහි (භාවනායෙහි) හළ වැර ඇති වෙත්. නොපැමිණි ඵලයාගේ පැමිණීම පිණිස නොලත් ඵලයාගේ ලැබීම පිණිස පසක් නොකළ ඵලයාගේ පසක් කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙත්. පශ්චිම ජනතාව ඔවුන්ගේ දෘෂ්ටානුගතියට (ඔවුන් අනුව යාමට) පැමිණේ. ඒ ජනතාව ද බාහුලික සාථලික වේ. නීවරණ දහම්හි පෙරගැමි වෙයි. ප්‍රවිවේකයෙහි හළ වැර ඇති වෙයි. නොලත් පල ලබනු සඳහා නොවිඳි පල විඳිනු සඳහා පසක් නොකළ පල පසක් කරණු සඳහා වැර ඇරඹිලි නො කෙරෙයි. මහණෙනි, මේ සතරවන දහම සසුන් නස්නා සඳහා අතුරුදහන් සඳහා වැටෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්තීති.
Sinhala BJTමහණෙනි, මෙ සතර ධර්‍මයෝ ශාසනයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙත්.
Pali BJTචත්තාරො මෙ භික්ඛවෙ ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්ති. කතමෙ චත්තාරො?
Sinhala BJTමහණෙනි, මේ සතර ධර්‍ම කෙනෙක් ශාසනයාගේ ස්ථිතිය පිණිස අසම්මෝසය පිණිස අතුරුදන් නොවීම පිණිස වැටෙත්. කවර සතර ධර්‍ම කෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සුග්ගහීතං සුත්තන්තං පරියාපුණන්ති සුනික්ඛිත්තෙහි පදබ්යඤ්ජනෙහි. සුනික්ඛිත්තස්ස භික්ඛවෙ පදබ්යඤ්ජනස්ස අත්ථොපි සුනයො හොති. අයං භික්ඛවෙ පඨමො ධම්මො සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණහු මොනොවට උගන්නා ලද සූත්‍රාන්ත මොනොවට උගත් පදව්‍යඤ්ජනයෙන් පිරිවහත්. මහණෙනි, මොනොවට තබන ලද පදව්‍යඤ්ජනයාගේ අර්‍ත්‍ථය ද සුගම වෙයි. මහණෙනි, මේ පළමුවන දහම ශාසනයාගේ ස්ථිතිය පිණිස අසම්මෝසය (පැවැත්ම) පිණිස අතුරුදන් නොවීම පිණිස වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛූ සුබ්බවා හොන්ති සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතා ඛමා පදක්ඛිණග්ගාහිනො අනුසාසනිං. අයං භික්ඛවෙ දුතියො ධම්මො සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණහු සුවච වෙති. සුවච බව කරණ දහමින් සමන්‍වාගත වෙත්. ක්‍ෂම වෙත්. අනුසස්න ප්‍රදක්‍ෂිණාපූර්‍වකව ගන්නාහු වෙත්. මහණෙනි, මේ දෙවන දහම ශාසනයාගේ ස්ථිතිය පිණිස අසම්මෝසය පිණිස අතුරුදන් නොවීම පිණිස වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ යෙ තෙ භික්ඛූ බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා. තෙ සක්කච්චං සුත්තන්තං පරං වාචෙන්ති. තෙසං අච්චයෙන නච්ඡින්නමූලකො සුත්තන්තො හොති සප්පටිසරණො. අයං භික්ඛවෙ තතියො ධම්මො සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, යම් ඒ මහණහු බහුශ්‍රුත වෙත් ද, උගත් ආගම ඇති වෙත්ද, ධර්‍මධර වෙත් ද, විනයධර වෙත් ද, මාතෘකාධර වෙත් ද, ඔහු සකස් කොට පරා ලවා වාවනාමාර්‍ගයෙන් සූත්‍රාන්ත හදාරවත්. ඔවුන්ගේ ඇවෑමෙන් සූත්‍රාන්ත මුලුසුන් නො වෙයි. පිළිසරණ ඇත්තේ වෙයි. මහණෙනි, මේ තෙවන දහම ශාසනයාගේ ස්ථිතිය පිණිස, අසම්මෝසය පිණිස, අතුරුදන් නොවීම පිණිස වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ ථෙරා භික්ඛූ න බාහුලිකා හොන්ති න සාථලිකා ඔක්කමනෙ නික්ඛිත්තධුරා පවිවෙකෙ පුබ්බඞ්ගමා විරියං ආරභන්ති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. තෙසං පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති. සාපි හොති න බාහුලිකා න සාථලිකා ඔක්කමනෙ නික්ඛිත්තධුරා පවිවෙකෙ පුබ්බඞ්ගමා. විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. අයං භික්ඛවෙ චතුත්ථො ධම්මො සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, ස්ථවිර භික්‍ෂූහු ප්‍රත්‍යයබාහුල්‍යය නැත්තෝ වෙත්. ශික්‍ෂාශාසනය ලිහිල් කොට නො ගණිත්. පඤ්චනීවරණයන්හි බැහැර ලූ ධුර ඇත්තෝ වෙත්. ප්‍රවිවේකයෙහි පූර්‍වඞ්ගම වෙති. අප්‍රාප්තඵලයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතඵලයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතඵලයාගේ සාක්‍ෂාත්කාරය පිණිස වීර්‍ය්‍යාරම්භ කෙරෙත්. පශ්චිම ජනතාව ඔවුන්ගේ දෘෂ්ටානුගතියට පැමිණේ. ඒ ජනතාව ද බාහුලික නො වේ. සාථලික නො වේ. නීවරණ දහම්හි බැහැර කළ ධුර ඇති වෙයි. ප්‍රවිවේකයෙහි පෙරගැමි වෙයි. නොලත් ඵල ලබනු සඳහා නොවිඳි ඵල විඳිනු සඳහා පසක් නොකළ ඵල පසක් කරණු සඳහා වැර ඇරඹිලි කෙරෙයි. මහණෙනි, මේ සතර වන දහම සසුන් පැවැත්ම සඳහා නො නස්නා සඳහා අතුරුදන් නොවීම සඳහා වැටෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්තීති.
Sinhala BJTමහණෙනි, මේ සතර ධර්‍මයෝ ශාසනයාගේ ස්ථිතිය පිණිස අසම්මෝසය පිණිස අතුරුදන් නොවීම පිණිස වැටෙත්.
Pali BJTඉන්ද්රියවග්ගො පඨමො.{*}
Sinhala BJTඉන්‍ද්‍රියවර්‍ගය පළමුවැනි යි.
Pali BJT2. පටිපදාවග්ගො
Sinhala BJT2. ප්‍රතිපදා වර්‍ගය
Pali BJT4. 4. 2. 1.
Sinhala BJT4. 4. 2. 1.
Pali BJT[පටිපදාසුත්තං]
Sinhala BJT[ප්‍රතිපදා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT11. චතස්සො ඉමා භික්ඛවෙ පටිපදා, කතමා චතස්සො?
Sinhala BJT11. මහණෙනි, මේ ප්‍රතිපත් සතරෙකි. කවර සතරෙක යත්:
Pali BJTදුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා. ඉමා ඛො භික්ඛවෙ චතස්සො පටිපදාති.
Sinhala BJTදුක් වූ පිළිවෙත් ඇති දන්‍ධ (ගුරුබැවින් ලැසි) වූ අභිඥා (අවබෝධ) ඇති එකෙක. දුක් වූ පිළිවෙත් ඇති ක්‍ෂිප්‍ර (ශීඝ්‍ර) වූ අභිඥා ඇති එකෙක. සුවපිළිවෙත් ඇති දන්‍ධ වූ අභිඥා ඇති එකෙක. සුවපිළිවෙත් ඇති ක්‍ෂිප්‍ර වූ අභිඥා ඇති එකෙක. මහණෙනි, මේ ප්‍රතිපත් සතර යි.
Pali BJT4. 4. 2. 2.
Sinhala BJT4. 4. 2. 2.
Pali BJT[දුතියපටිපදාසුත්තං]
Sinhala BJT[දෙවැනි ප්‍රතිපදා සූත්‍රය]
Pali BJT12. චතස්සො ඉමා භික්ඛවෙ පටිපදා. කතමා චතස්සො?
Sinhala BJT12. මහණෙනි, මේ ප්‍රතිපත් සතරෙකි. කවර සතරෙක යත්:
Pali BJTදුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා.
Sinhala BJTදුක් වූ පිළිවෙත් ඇති ලැසි අභිඥා ඇති එකෙක. දුක් වූ පිළිවෙත් ඇති ශීඝ්‍ර අභිඥා ඇති එකෙක. සුව පිළිවෙත් ඇති ලැසි අභිඥා ඇති එකෙක. සුව පිළිවෙත් ඇති ශීඝ්‍රාභිඥා ඇති එකෙක.
Pali BJTකතමා ච භික්ඛවෙ දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා? ඉධ භික්ඛවෙ එකච්චො පකතියාපි තිබ්බරාගජාතිකො හොති. අභික්ඛණං රාගජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පකතියාපි තිබ්බදොසජාතිකො හොති. අභික්ඛණං දොසජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පකතියාපි තිබ්බමොහජාතිකො හොති. අභික්ඛණං මොහජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. තස්සිමානි පඤ්චින්ද්රියානි මුදූනි පාතුභවන්ති: සද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං. සො ච ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං මුදුත්තා දන්ධං ආනන්තරියං පාපුණාති ආසවානං ඛයාය. අයං වුච්චති භික්ඛවෙ දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා.
Sinhala BJTමහණෙනි, දුක් පිළිවෙත් ඇති දන්‍ධාභිඥා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි ඇතැමෙක් සැහැවින් ම තීව්‍ර (තියුණු) රාග ඇති වෙයි. නිතර රාගයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. සැහැවින් ම තීව්‍ර ද්වේෂ ඇති වෙයි. නිතර ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. සැහැවින් ම තීව්‍ර මෝහ ඇති වෙයි. නිතර මෝහයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. ඔහුට ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය ස්මෘතීන්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ප්‍රඥේන්‍ද්‍රිය ය යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෘදු වූවාහු පහළ වෙත්. හෙ ද මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ මෘදුත්‍වයෙන් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරික (අතර නැති ඒකක්‍ෂණික) මාර්‍ගසමාධියට ලැසි ව පැමිණේ. මහණෙනි, මේ දුක් වූ පිළිවෙත් ඇති ලැසි අභිඥා යී කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා? ඉධ භික්ඛවෙ එකච්චො පකතියාපි තිබ්බරාගජාතිකො හොති. අභික්ඛණං රාගජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පකතියාපි තිබ්බදොසජාතිකො හොති. අභික්ඛණං දොසජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පකතියාපි තිබ්බමොහජාතිකො හොති. අභික්ඛණං මොහජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. තස්සිමානි පඤ්චින්ද්රියානි අධිමත්තානි පාතුභවන්ති: සද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං. සො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං අධිමත්තත්තා ඛිප්පං ආනන්තරියං පාපුණාති ආසවානං ඛයාය. අයං වුච්චති භික්ඛවෙ දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා.
Sinhala BJTමහණෙනි, දුක් වූ පිළිවෙත් ඇති ශීඝ්‍ර අභිඥා නම් කවර? මහණෙනි, මෙ සස්නෙහි ඇතැමෙක් සැහැවින් ම තීව්‍ර රාගප්‍රකෘතික වෙයි. නිතර රාගයෙන් උපන් දුක් දොම්නස් විඳියි. සැහැවින් ම තීව්‍ර ද්වේෂප්‍රකෘතික වෙයි. නිතර ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. සැහැවින් ම තීව්‍ර මෝහප්‍රකෘතික වෙයි. නිතර මෝහයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. ඔහුට ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ අධිමාත්‍ර වූවාහු පහළ වෙත්. හේ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ අධිමාත්‍රතායෙන් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරික මාර්‍ගසමාධියට ශීඝ්‍ර ව පැමිණේ. මහණෙනි, මේ දුක්පිළිවෙත් ඇති ක්‍ෂිප්‍රාභිඥා යී කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා? ඉධ භික්ඛවෙ එකච්චො පකතියාපි න තිබ්බරාගජාතිකො හොති. නාභික්ඛණං රාගජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පකතියාපි න තිබ්බදොසජාතිකො හොති, නාභික්ඛණං දොසජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පකතියාපි න තිබ්බමොහජාතිකො හොති, නාභික්ඛණං මොහජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. තස්සිමානි පඤ්චින්ද්රියානි මුදූනි පාතුභවන්ති: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. සො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං මුදුත්තා දන්ධං ආනන්තරියං පාපුණාති ආසවානං ඛයාය. අයං වුච්චති භික්ඛවෙ සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා.
Sinhala BJTමහණෙනි, සුව පිළිවෙත් ඇති ලැසි අභිඥා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි ඇතැමෙක් සැහැවින් ම තීව්‍ර රාගප්‍රකෘතික නො වෙයි. නිතර රාගයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. සැහැවින් ම තීව්‍ර ද්වේෂප්‍රකෘතික නො වෙයි. නිතර ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. සැහැවින් ම තීව්‍ර මෝහප්‍රකෘතික නො වෙයි. නිතර මෝහයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. ඔහුට ශ්‍රද්ධේන්‍ද්‍රිය ය ... ප්‍රඥේන්‍ද්‍රිය ය යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෘදු වූවාහු පහළ වෙති. හේ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ මෘදුතායෙන් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරික මාර්‍ගසමාධියට ලැසි ව පැමිණේ. මහණෙනි, මේ සුව පිළිවෙත් ඇති ලැසි අභිඥා යී කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො පකතියාපි න තිබ්බරාගජාතිකො හොති. නාභික්ඛණං රාගජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පකතියාපි න තිබ්බදොසජාතිකො හොති. නාභික්ඛණං දොසජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති, පකතියාපි න තිබ්බමොහජාතිකො හොති. නාභික්ඛණං මොහජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. තස්සිමානි පඤ්චින්ද්රියානි අධිමත්තානි පාතුභවන්ති: සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. සො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං අධිමත්තත්තා ඛිප්පං ආනන්තරියං පාපුණාති ආසවානං ඛයාය. අයං වුච්චති භික්ඛවෙ සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා.
Sinhala BJTමහණෙනි, සුව පිළිවෙත් ඇති ශීඝ්‍ර අභිඥා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුඟුලෙක් සැහැවින් ම තීව්‍ර රාගප්‍රකෘතික නො වෙයි. නිතර රාගයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. සැහැවින් ම තීව්‍ර ද්වේෂප්‍රකෘතික නො වෙයි. නිතර ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. සැහැවින් ම තීව්‍ර මෝහප්‍රකෘතික නො වෙයි. නිතර මෝහයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. ඔහුට ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ අධිමාත්‍ර වූවාහු පහළ වෙත්. හේ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ අධිමාත්‍රතායෙන් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරික මාර්‍ගසමාධියට වහා පැමිණේ. මහණෙනි, මේ සුව පිළිවෙත් ඇති ශීඝ්‍ර අභිඥා යී කියනු ලැබේ.
Pali BJTඉමා ඛො භික්ඛවෙ චතස්සො පටිපදාති.
Sinhala BJTමහණෙනි, මේ සතර ප්‍රතිපත් ය.
Pali BJT4. 4. 2. 3.
Sinhala BJT4. 4. 2. 3.
Pali BJT[තතියපටිපදාසුත්තං]
Sinhala BJT[තෙවැනි ප්‍රතිපදා සූත්‍රය]
Pali BJT13. චතස්සො ඉමා භික්ඛවෙ පටිපදා. කතමා චතස්සො?
Sinhala BJT13. මහණෙනි, මේ ප්‍රතිපත් සතරෙකි. කවර සතරෙක යත්:
Pali BJTදුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා.
Sinhala BJTදුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ය, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා ය, සුඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ය, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා යි.
Pali BJTකතමා ච භික්ඛවෙ දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා? ඉධ භික්ඛවෙ භික්ඛු අසුභානුපස්සී කායෙ විහරති, ආහාරෙ පටික්කූලසඤ්ඤී සබ්බලොකෙ අනභිරතසඤ්ඤී සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සී. මරණසඤ්ඤා ඛො පනස්ස අජ්ඣත්තං සූපට්ඨිතා හොති. සො ඉමානි පඤ්ච සෙඛබලානි උපනිස්සාය විහරති: සද්ධාබලං හිරිබලං ඔත්තප්පබලං විරියබලං පඤ්ඤාබලං. තස්සිමානි පඤ්චින්ද්රියානි මුදූනි පාතුභවන්ති: සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. සො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං මුදුත්තා දන්ධං ආනන්තරියං පාපුණාති ආසවානං ඛයාය. අයං වුච්චති භික්ඛවෙ දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා.
Sinhala BJTමහණෙනි, දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා කවර? මහණෙනි, මෙසස්නෙහි මහණ තමාගේ කරජකායයෙහි අශුභානුදර්ශී වූයේ කවලීකාරාහාරයෙහි පිළිකුළැ යි යන සංඥා ඇත්තේ, මුළුලොව්හි උකටලී සංඥා ඇත්තේ, සියලු සංස්කාරයන් විෂයයෙහි අනිත්‍යානුදර්ශී වූයේ වෙසෙයි. ඔහුගේ සිත්හි මරණසංඥාව මැනවින් එළඹ සිටියේ වෙයි. හේ ශ්‍රද්ධාබල ය, හ්‍රීබල ය, අපත්‍රපාබල ය, වීර්‍ය්‍යබලය, ප්‍රඥාබල ය දැ යි මේ පඤ්ච ශෛක්‍ෂබලයන් ඇසුරු කොට වෙසෙයි. ඔහුට මේ ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෘදු වූවාහු පහළ වෙති. හේ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ මෘදු බැවින් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරික මාර්‍ග සමාධියට ලැසි ව පැමිණේ. මහණෙනි, මේ දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා යී කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා? ඉධ භික්ඛවෙ භික්ඛු අසුභානුපස්සී කායෙ විහරති, ආහාරෙ පටික්කූලසඤ්ඤී, සබ්බලොකෙ අනභිරතසඤ්ඤී, සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සී. මරණසඤ්ඤා ඛො පනස්ස අජ්ඣත්තං සූපට්ඨිතා හොති. සො ඉමානි පඤ්ච සෙඛබලානි උපනිස්සාය විහරති: සද්ධාබලං හිරිබලං ඔත්තප්පබලං විරියබලං පඤ්ඤාබලං. තස්සිමානි පඤ්චින්ද්රියානි අධිමත්තානි පාතුභවන්ති: සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. සො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං අධිමත්තත්තා ඛිප්පං ආනන්තරියං පාපුණාති ආසවානං ඛයාය. අයං වුච්චති භික්ඛවෙ දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා.
Sinhala BJTමහණෙනි, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි අශුභයන් නුවණින් දක්නාසුලු වූයේ, අහරෙහි පිළිකුල් සංඥා ඇත්තේ, සව්ලොව්හි උකටලී සංඥා ඇත්තේ, සර්‍වසංස්කාරයන් විෂයයෙහි අනිත්‍යය නුවණින් බලනසුලු වූයේ වෙසෙයි. ඔහුගේ සිත්හි මරණසංඥාව මොනොවට එළඹ සිටියේ වෙයි. හේ ශ්‍රද්ධාබල ය, හ්‍රීබල ය, අපත්‍රපාබල ය, වීර්‍ය්‍යබලය, ප්‍රඥාබල ය දැ යි මේ පඤ්ච ශෛක්‍ෂබලයන් ඇසුරු කොට වෙසෙයි. ඔහුට ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ අධිමාත්‍ර වූවාහු පහළ වෙති. හේ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ අධිමාත්‍රතායෙන් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරිකමාර්‍ගසමාධියට ශීඝ්‍ර ව පැමිණේ. මහණෙනි, මේ දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා යී කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති යං තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමානි පඤ්ච සෙඛබලානි උපනිස්සාය විහරති: සද්ධාබලං හිරිබලං ඔත්තප්පබලං විරියබලං පඤ්ඤාබලං. තස්සිමානි පඤ්චින්ද්රියානි මුදූනි පාතුභවන්ති: සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. සො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං මුදුත්තා දන්ධං ආනන්තරියං පාපුණාති ආසවානං ඛයාය. අයං වුච්චති භික්ඛවෙ සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා.
Sinhala BJTමහණෙනි, සුඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා කවර? මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුසල් දහමින් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ. විතර්‍කවිචාරයන්ගේ ව්‍යපශමයෙන් ආධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිතෙහි එකඟබව ඇති විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ. ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙසෙයි. කයින් සුව ද විඳියි. ‘උපේක්‍ෂා ඇතියේ ස්මෘතිමත් වූයේ සුඛවිහාරියෙකි’යි ආර්‍ය්‍යයෝ යම් ඒ පුඟුලකු පවසත් ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. සුඛයාගේ ප්‍රහාණයෙන් ද, දුඃඛයාගේ ප්‍රහාණයෙන් ද කැල ම සොම්නස්දොම්නස් දෙක නැතිවී යාමෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂා විසින් කළ ස්මෘතිපාරිසුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ. හේ මේ ශ්‍රද්ධාබල, හ්‍රීබල, අපත්‍රපාබල, වීර්‍ය්‍යබල, ප්‍රඥාබල දැයි පඤ්ච ශෛක්‍ෂබලයන් ඇසුරු කොට වෙසෙයි. ඔහුට ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෘදු වූවාහු පහළ වෙත්. හේ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ මෘදුත්‍වයෙන් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරික මාර්‍ගසමාධියට ලැසි ව පැමිණේ. මහණෙනි, මේ සුඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා යී කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමානි පඤ්ච සෙඛබලානි උපනිස්සාය විහරති: සද්ධාබලං හිරිබලං ඔත්තප්පබලං විරියබලං පඤ්ඤාබලං. තස්සිමානි පඤ්චින්ද්රියානි අධිමත්තානි පාතුභවන්ති: සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. සො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං අධිමත්තත්තා ඛිප්පං ආනන්තරියං පාපුණාති ආසවානං ඛයාය. අයං වුච්චති භික්ඛවෙ සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා.
Sinhala BJTමහණෙනි, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුසල් දහමින් වෙන්ව ම සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ. ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ. හේ සද්ධාබල, හිරිබල, ඔත්තප්පබල, විරියබල, පඤ්ඤාබල යන මේ පඤ්ච ශෛක්‍ෂබලයන් ඇසුරු කොට වෙසේ. ඔහුට සද්ධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධීන්‍ද්‍රිය, පඤ්ඤින්‍ද්‍රිය ය යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ අධිමාත්‍රව පහළ වෙත්. හේ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ අධිමාත්‍රතායෙන් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරික මාර්‍ගසමාධියට ශීඝ්‍ර ව පැමිණේ. මහණෙනි, මේ සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා යී කියනු ලැබේ.
Pali BJTඉමා ඛො භික්ඛවෙ චතස්සො පටිපදාති.
Sinhala BJTමහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝ වෙති.
Pali BJT4. 4. 2. 4.
Sinhala BJT4. 4. 2. 4.
Pali BJT[චතුත්ථපටිපදාසුත්තං]
Sinhala BJT[සිවුවැනි ප්‍රතිපදා සූත්‍රය]
Pali BJT14. චතස්සො ඉමා භික්ඛවෙ පටිපදා. කතමා චතස්සො?
Sinhala BJT14. මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅක්ඛමා පටිපදා, ඛමා පටිපදා, දමා පටිපදා, සමා පටිපදා.
Sinhala BJTඅනධිවාසනා (නො ඉවසීම්) සඞ්ඛ්‍යාත අක්ඛමා පටිපදා ය, අධිවාසනා (ඉවසීම්) සඞ්ඛ්‍යාත ඛමා පටිපදා ය, (ඉන්‍ද්‍රියදමන සඞ්ඛ්‍යාත) දමා පටිපදා ය, (අකුශලවිතර්‍කයන්ගේ ව්‍යපසම සඞ්ඛ්‍යාත) සමා පටිපදා යි.
Pali BJTකතමා ච භික්ඛවෙ අක්ඛමා පටිපදා? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අක්කොසන්තං පච්චක්කොසති. රොසන්තං පටිරොසති. භණ්ඩන්තං පටිභණ්ඩති. අයං වුච්චති භික්ඛවෙ අක්ඛමා පටිපදා.
Sinhala BJTමහණෙනි, අක්ඛමා පටිපදා නම් කවර යත්: මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ කෙරෙයි. ඝටන්නහුට පෙරළා ඝටයි. පහර දෙන්නහුට පෙරළා පහර දෙයි. මහණෙනි, මේ අක්ඛමා පටිපදා නමු.
Pali BJTකතමා ච භික්ඛවෙ ඛමා පටිපදා? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අක්කොසන්තං න පච්චක්කොසති. රොසන්තං න පටිරොසති. භණ්ඩන්තං න පටිභණ්ඩති. අයං වුච්චති භික්ඛවෙ ඛමා පටිපදා.
Sinhala BJTමහණෙනි, ඛමා පටිපදා නම් කවර? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආක්‍රෝශ කරන්නහුට වටාලා ආක්‍රෝශ නො කෙරෙයි. ඝටන්නහුට වටාලා නො ඝටයි. පහර දෙන්නහුට වටාලා නො ම පහර දෙයි. මහණෙනි, මේ ඛමා පටිපදා නමු.
Pali BJTකතමා ච භික්ඛවෙ දමා පටිපදා? ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති, නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති, නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති මනින්ද්රියං. මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ දමා පටිපදා.
Sinhala BJTමහණෙනි, දමා පටිපදා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණෙක් ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී නො වෙයි. අනුව්‍යඤ්ජනග්‍රාහී නො ද වෙයි. යම් හෙයෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වසන තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලමු දහම්හු ලුහුබැඳ එද්ද, එහි සංවරය පිණිස පිළිපදී. චක්‍ෂුරින්‍ද්‍රිය රකියි. චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයට පැමිණේ. කණින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ අසා ... දිවෙන් රස විඳ ... කයින් පහස පැහැසැ ... සිතින් දහම් දැන නිමිත්තග්‍රාහී නො වේ. අනුව්‍යඤ්ජනග්‍රාහී නො ද වේ. යම් හෙයෙකින් මනින්‍ද්‍රිය ය අසංවෘත කොට වසන තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලමු දහම්හු ලුහුබැඳ එද්ද, එහි සංවරය පිණිස පිළිපදී. මනින්‍ද්‍රියය රක්නේ මනින්‍ද්‍රියෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මේ දමා පටිපදා යී කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ සමා පටිපදා? ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති සමෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. උප්පන්නං බ්යාපාදවිතක්කං -පෙ- උප්පන්නං විහිංසාවිතක්කං -පෙ- උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති සමෙති ව්යන්තීකරොති අනභාවං ගමෙති. අයං වුච්චති භික්ඛවෙ සමා පටිපදා.
Sinhala BJTමහණෙනි, සමා පටිපදා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණෙක් උපන් කාමවිතර්‍ක සිත්හි නො වසවයි, දුරු කෙරේ, බැහැර කෙරේ, සමනය කෙරේ, පිරිසිඳ ලයි, අභාවයට පමුණුව යි. උපන් ව්‍යාපාදවිතර්‍කය ... උපන් විහිංසාවිතර්‍කය ... උපනුපන් ලමු අකුසලදහම් සිත්හි නො වසවයි, දුරු කෙරේ, බැහැර කෙරේ, සමනය කෙරේ, විගතාන්ත කෙරේ, අනභාවයට පමුණුවයි. ‘මහණෙනි, මේ සමා පටිපදා යී’ කියනු ලැබේ.
Pali BJTඉමා ඛො භික්ඛවෙ චතස්සො පටිපදාති.
Sinhala BJTමහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝ යි.
Pali BJT4. 4. 2. 5.
Sinhala BJT4. 4. 2. 5.
Pali BJT[පඤ්චමපටිපදාසුත්තං]
Sinhala BJT[පස්වැනි ප්‍රතිපදා සූත්‍රය]
Pali BJT15. චතස්සො ඉමා භික්ඛවෙ පටිපදා. කතමා චතස්සො?
Sinhala BJT15. මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅක්ඛමා පටිපදා, ඛමා පටිපදා, දමා පටිපදා, සමා පටිපදා.
Sinhala BJTඅක්ඛමා පටිපදා ය, ඛමා පටිපදා ය, දමා පටිපදා ය, සමා පටිපදා යී.
Pali BJTකතමා ච භික්ඛවෙ අක්ඛමා පටිපදා? ඉධ භික්ඛවෙ එකච්චො අක්ඛමො හොති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං. දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිබ්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අනධිවාසිකජාතිකො හොති. අයං වුච්චති භික්ඛවෙ අක්ඛමා පටිපදා .
Sinhala BJTමහණෙනි, අක්ඛමා පටිපදා නම් කවර? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීත උෂ්ණ බඩසය පවස මැසි මදුරු වා අව් දිග්දැහැ යන මුන්ගේ පහස් නොඉවසන්නේ වෙයි. නපුරු කොට බිණූ නපුරු කොට පැමිණි වචනයන් ද, දුක් වූ තීව්‍ර වූ ඛර වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ ශරීරසන්නිහිත වේදනාවන් නොඉවසන සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මේ අක්ඛමා පටිපදා ය යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ ඛමා පටිපදා? ඉධ භික්ඛවෙ එකච්චො ඛමො හොති සීතස්ස උණ්හස්ස -පෙ- අධිවාසිකජාතිකො හොති. අයං වුච්චති භික්ඛවෙ ඛමා පටිපදා.
Sinhala BJTමහණෙනි, ඛමා පටිපදා නම් කවර? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීතය උෂ්ණය ඉවසන්නේ වෙයි. ... ඉවසන සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මේ ඛමා පටිපදා ය යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ දමා පටිපදා? ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති -පෙ- සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති මනින්ද්රියං. මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ දමා පටිපදා.
Sinhala BJTමහණෙනි, දමා පටිපදා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණෙක් ඇසින් රූ දැක නිමිති නොගන්නාසුලු වෙයි ... කණින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ අසා ... දිවින් රස විඳ ... කයින් පහස වැද ... සිතින් දහම් දැනැ නිමිති නොගන්නාසුලු වෙයි. අනුව්‍යඤ්ජන නොගන්නාසුලු වෙයි. යම් හෙයෙකින් මනින්‍ද්‍රියය අසංවෘත කොට වසන තෙල මහණහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත පාපක අකුශලධර්‍මයෝ ලුහුබැඳ ගණිත් ද, එහි සංවරය පිණිස පිළිපදී. මනින්‍ද්‍රියය රක්නේ මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මේ දමා පටිපදාය යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ සමා පටිපදා? ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති සමෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. උප්පන්නං බ්යාපාදවිතක්කං -පෙ- උප්පන්නං විහිංසාවිතක්කං -පෙ- උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති සමෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. අයං වුච්චති භික්ඛවෙ සමා පටිපදා.
Sinhala BJTමහණෙනි, සමා පටිපදා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණෙක් උපන් කාමවිතර්‍ක නො ඉවසයි, දුරු කෙරේ, විනෝදනය කෙරේ, සංසිඳුවයි, පිරිසිඳලයි, අනභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාද විතර්‍ක ... උපන් විහිංසාවිතර්‍ක ... උපනුපන් ලමු අකුසල දහම් නො ඉවසයි, දුරු කෙරේ, බැහැර කෙරේ, සංහිඳුවයි, විගතාන්ත කෙරේයි, අභාවයට යවයි. මහණෙනි, මේ සමා පටිපදා ය යි කියනු ලැබේ.
Pali BJTඉමා ඛො භික්ඛවෙ චතස්සො පටිපදාති.
Sinhala BJTමහණෙනි, මේ සතර ප්‍රතිපදා වෝ යි.
Pali BJT4. 4. 2. 6.
Sinhala BJT4. 4. 2. 6.
Pali BJT[ඡට්ඨපටිපදාසුත්තං]
Sinhala BJT[සවැනි ප්‍රතිපදා සූත්‍රය]
Pali BJT16. චතස්සො ඉමා භික්ඛවෙ පටිපදා. කතමා චතස්සො?
Sinhala BJT16. මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTදුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා.
Sinhala BJTදුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති එකෙක, දුක් වූ ප්‍රතිපදා ඇති ශීඝ්‍ර වූ අභිඥා ඇති එකෙක, සුඛ වූ ප්‍රතිපදා ඇති ලැසි අභිඥා ඇති එකෙක, සුඛ ප්‍රතිපදා ඇති ශීඝ්‍ර වූ අභිඥා ඇති එකෙක.
Pali BJTතත්ර භික්ඛවෙ යායං පටිපදා දුක්ඛා දන්ධාභිඤ්ඤා, අයං භික්ඛවෙ පටිපදා උභයෙනෙව හීනා අක්ඛායති. යම්පායං පටිපදා දුක්ඛා, ඉමිනාපයං හීනා අක්ඛායති. යම්පායං පටිපදා දන්ධා, ඉමිනාපයං හීනා අක්ඛායති. අයං භික්ඛවෙ පටිපදා උභයෙනෙව හීනා අක්ඛායති.
Sinhala BJTමහණෙනි, එහි ලා යම් මේ දුක් වූ දන්‍ධාභිඥ වූ ප්‍රතිපදාවක් වේ ද, මේ ප්‍රතිපදාව දෙපසින් ම හීන ය යි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් දුක් වේ ද, මෙයිනුදු මේ ප්‍රතිපදාව හීන ය යි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් දන්‍ධාභිඥ වේ ද, මෙයිනුදු මේ ප්‍රතිපදාව හීන ය යි කියනු ලැබේ. මහණෙනි, මේ ප්‍රතිපදාව මෙසේ දෙපසින් ම හීන ය යි කියනු ලැබේ.
Pali BJTතත්ර භික්ඛවෙ යායං පටිපදා දුක්ඛා ඛිප්පාභිඤ්ඤා, අයං භික්ඛවෙ පටිපදා දුක්ඛත්තා හීනා අක්ඛායති.
Sinhala BJTමහණෙනි, එහි ලා දුක් වූ ක්‍ෂිප්‍රාභිඥ වූ යම් මේ ප්‍රතිපදාවක් ඇද් ද, මහණෙනි, මේ ප්‍රතිපදාව දුක් බැවින් හීනය යි කියනු ලැබේ.
Pali BJTතත්ර භික්ඛවෙ යායං පටිපදා සුඛා දන්ධාභිඤ්ඤා, අයං භික්ඛවෙ පටිපදා දන්ධත්තා හීනා අක්ඛායති.
Sinhala BJTමහණෙනි, එහි ලා සුව වූ දන්‍ධාභිඥ වූ යම් මේ ප්‍රතිපදාවක් ඇද් ද, මහණෙනි, මේ ප්‍රතිපදාව දන්‍ධ බැවින් හීනය යි කියනු ලැබේ.
Pali BJTතත්ර භික්ඛවෙ යායං පටිපදා සුඛා ඛිප්පාභිඤ්ඤා, අයං භික්ඛවෙ පටිපදා උභයෙනෙව පණීතා අක්ඛායති. යම්පායං පටිපදා සුඛා, ඉමිනාපයං පණීතා අක්ඛායති. යම්පායං පටිපදා ඛිප්පා, ඉමිනාපයං පණීතා අක්ඛායති. අයං භික්ඛවෙ පටිපදා උභයෙනෙව පණීතා අක්ඛායති.
Sinhala BJTමහණෙනි, එහි ලා සුව වූ ක්‍ෂිප්‍රාභිඥ වූ යම් මේ ප්‍රතිපදාවක් වේ ද, මේ ප්‍රතිපදාව දෙපසින් ම ප්‍රණීතය යි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් සුව වේ ද, මෙයිනුදු මේ ප්‍රතිපදාව ප්‍රණීත ය යි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් ක්‍ෂිප්‍රාභිඥ වේ ද මෙයිනුදු මේ ප්‍රතිපදාව ප්‍රණීත ය යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ ප්‍රතිපදාව දෙපසින් ම ප්‍රණීත ය යි කියනු ලැබේ.
Pali BJTඉමා ඛො භික්ඛවෙ චතස්සො පටිපදාති.
Sinhala BJTමහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝ යි.
Pali BJT4. 4. 2. 7.
Sinhala BJT4. 4. 2. 7.
Pali BJT[මොග්ගල්ලානපටිපදාසුත්තං]
Sinhala BJT[මොග්ගල්ලානපටිපදා සූත්‍රය]
Pali BJT17. අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා මහාමොග්ගල්ලානෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච :
Sinhala BJT17. එසඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් හා සතුටු වූහ. සතුටට හේතු වූ ස්මරණීය කථා කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට තෙල කීහ:
Pali BJTචතස්සො ඉමා ආවුසො මොග්ගල්ලාන පටිපදා. කතමා චතස්සො?
Sinhala BJTඇවැත් මුගලනෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTදුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා. ඉමා ඛො ආවුසො චතස්සො පටිපදා.
Sinhala BJTදුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ය, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා ය, සුඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ය, සුඛාපටිපදා ඛිප්පාභිඤිඤා යි. ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවෝ යි.
Pali BJTඉමාසං ආවුසො චතස්සන්නං පටිපදානං කතමං තෙ පටිපදං ආගම්ම ආසවෙහි චිත්තං විමුත්තන්ති?
Sinhala BJTඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවන් අතුරෙන් කවර ප්‍රතිපදාවකට පැමිණ තොපගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන් කෙරෙන් මිදිනි ද?
Pali BJTචතස්සො ඉමා ආවුසො සාරිපුත්ත පටිපදා. කතමා චතස්සො?
Sinhala BJTඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTදුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා. ඉමා ඛො ආවුසො චතස්සො පටිපදා.
Sinhala BJTදුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ය, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා ය, සුඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ය, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා යි. ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවෝ යි.
Pali BJTඉමාසං ආවුසො චතුන්නං පටිපදානං යායං පටිපදා දුක්ඛා ඛිප්පාභිඤ්ඤා, ඉමං මෙ පටිපදං ආගම්ම අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තන්ති.
Sinhala BJTඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවන් අතුරෙන් නො සරස් ව ප්‍රතිවේධ ගන්නා යම් මේ දුක් වූ ප්‍රතිපදාවක් වේ ද, ක්‍ෂිප්‍රාභිඥ මේ ප්‍රතිපදාවට පැමිණ මාගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන් කෙරෙන් මිදින.
Pali BJT4. 4. 2. 8.
Sinhala BJT4. 4. 2. 8.
Pali BJT[සාරිපුත්තපටිපදාසුත්තං]
Sinhala BJT[සාරිපුත්තපටිපදා සූත්‍රය]
Pali BJT18. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාමොග්ගල්ලානො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච :
Sinhala BJT18. එසඳ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සතුටු වූහ. සම්මෝදනයට හේතු වූ සාරාණීය වූ කථාව නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
Pali BJTචතස්සො ඉමා ආවුසො සාරිපුත්ත පටිපදා. කතමා චතස්සො:
Sinhala BJTඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
Pali BJTදුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා. ඉමා ඛො ආවුසො සාරිපුත්ත චතස්සො පටිපදා.
Sinhala BJTදුක්ඛා පටිපදා දන්‍ධා භිඤ්ඤාය, දුක්ඛා පටිපදා ඛිප්පා භිඤ්ඤාය, සුඛා පටිපදා දන්‍ධා භිඤ්ඤා ය, සුඛා පටිපදා ඛිප්පා භිඤ්ඤා යි. ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ සතර ප්‍රතිපදාවෝ යි.
Pali BJTඉමාසං ඛො ආවුසො චතස්සන්නං පටිපදානං කතමං තෙ පටිපදං ආගම්ම අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තන්ති?
Sinhala BJTඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවන් අතුරෙන් කවර ප්‍රතිපදාවකට පැමිණ තොපගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන් කෙරෙන් මිදිනි ද?
Pali BJTචතස්සො ඉමා ආවුසො මොග්ගල්ලාන පටිපදා. කතමා චතස්සො:
Sinhala BJTඇවැත් මෞද්ගල්‍යායනයෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
Pali BJTදුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා. ඉමා ඛො ආවුසො චතස්සො පටිපදා.
Sinhala BJTදුක්ඛා පටිපදා දන්‍ධා භිඤ්ඤාය, දුක්ඛා පටිපදා ඛිප්පා භිඤ්ඤාය, සුඛා පටිපදා දන්‍ධා භිඤ්ඤාය, සුඛා පටිපදා ඛිප්පා භිඤ්ඤා යි. ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවෝ යි.
Pali BJTඉමාසං ඛො ආවුසො චතස්සන්නං පටිපදානං යායං පටිපදා සුඛා ඛිප්පාභිඤ්ඤා. ඉමං මෙ පටිපදං ආගම්ම අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තන්ති.
Sinhala BJTඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවන් අතුරෙන් යම් ඒ ප්‍රතිපදාවක් සුඛ වේ ද, ක්‍ෂිප්‍රාභිඥ වේ ද, මේ ප්‍රතිපදාවට පැමිණ මාගේ සිත උපාදාන, විසින් නො ගෙණ ආස්‍රවයන් කෙරෙන් මිදින.
Pali BJT4. 4. 2. 9.
Sinhala BJT4. 4. 2. 9.
Pali BJT[කිලෙසපරිනිබ්බානසුත්තං]
Sinhala BJT[කිලේස පරිනිබ්බාන සූත්‍රය]
Pali BJT19. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT19. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයේ විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො දිට්ඨෙව ධම්මෙ සසඞ්ඛාරපරිනිබ්බායී හොති. ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො කායස්ස භෙදා සසඞ්ඛාරපරිනිබ්බායී හොති. ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො දිට්ඨෙව ධම්මෙ අසඞ්ඛාරපරිනිබ්බායී හොති. ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො කායස්ස භෙදා අසඞ්ඛාරපරිනිබ්බායී හොති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මෙලොව්හි ම සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කායභේදයෙන් මතුයෙහි සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි. මෙලොව ඇතැම් පුද්ගලයෙක් මෙලොව්හි ම අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කායභේදයෙන් මතුයෙහි අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො දිට්ඨෙව ධම්මෙ සසඞ්ඛාරපරිනිබ්බායී හොති? ඉධ භික්ඛවෙ භික්ඛු අසුභානුපස්සී කායෙ විහරති. ආහාරෙ පටික්කූලසඤ්ඤී. සබ්බලොකෙ අනභිරතසඤ්ඤී.{1} සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සී. මරණසඤ්ඤා ඛො පනස්ස අජ්ඣත්තං සූපට්ඨිතා හොති. සො ඉමානි පඤ්චසෙඛබලානි උපනිස්සාය විහරති : සද්ධාබලං, හිරිබලං, ඔත්තප්පබලං, විරියබලං, පඤ්ඤාබලං. තස්සිමානි පඤ්චින්ද්රියානි අධිමත්තානි පාතුභවන්ති : සද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං. සො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං අධිමත්තත්තා දිට්ඨෙව ධම්මෙ සසඞ්ඛාරපරිනිබ්බායී හොති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො දිට්ඨෙව ධම්මෙ සසඞ්ඛාරපරිනිබ්බායී හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල මෙලොව ම සසඞ්ඛාරපරිනිබ්බායී වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි අශුභය නුවණින් දක්නේ ආහාරයෙහි පිළිකුල් සංඥා ඇත්තේ සියලු ලෝකයෙහි අනභිරතසංඥා ඇත්තේ සියලු සංස්කාරයෙහි අනිත්‍යය නුවණින් දක්නාසුලු වූයේ වෙසෙයි. ඔහුගේ සිත්හි මරණ සංඥාව මැනවින් එළඹ සිටිනී වෙයි. හේ මේ පඤ්චසේඛබලයන් ඇසුරු කොට වෙසෙයි: ශ්‍රද්ධාබල ය, හ්‍රීබල ය, අපත්‍රපාබල ය, වීර්‍ය්‍යබල ය, ප්‍රඥාබල යි. ඔහුට මේ පඤ්චේන්‍ද්‍රියයෝ අධිමාත්‍ර ව පහළවෙත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය යි. හේ මේ පසිඳුරන් අධිමාත්‍ර ව ඇතියෙන් මෙලොව ම සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල මෙලොව ම සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො කායස්ස භෙදා සසඞ්ඛාරපරිනිබ්බායී හොති? ඉධ භික්ඛවෙ භික්ඛු අසුභානුපස්සී කායෙ විහරති. ආහාරෙ පටික්කූලසඤ්ඤී. සබ්බලොකෙ අනභිරතසඤ්ඤී, සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සී. මරණසඤ්ඤා ඛො පනස්ස අජ්ඣත්තං සූපට්ඨිතා හොති. සො ඉමානි පඤ්චසෙඛබලානි උපනිස්සාය විහරති : සද්ධාබලං හිරිබලං ඔත්තප්පබලං විරියබලං පඤ්ඤාබලං. තස්සිමානි පඤ්චින්ද්රියානි මුදූනි පාතුභවන්ති : සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. සො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං මුදුත්තා කායස්ස භෙදා සසඞ්ඛාරපරිනිබ්බායී හොති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො කායස්ස භෙදා සසඞ්ඛාරපරිනිබ්බායී හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල කායභේදයෙන් මතුයෙහි සසඞ්ඛාරපරිනිබ්බායී වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි අශුභය නුවණින් දක්නාසුලු වූයේ ආහාරයෙහි පිළිකුල් සන් ඇතියේ මුළුලොව නොඇලුනු සන් ඇතියේ සව්සකරෙහි අනිස නුවණින් දක්නාසුලු වූයේ වෙසෙයි. ඔහුට මරණසංඥාව සිත තුළ සූපස්ථිත වෙයි. හේ මේ පඤ්චශෛක්‍ෂබලයන් උපනිඃශ්‍රය කොට ගෙණ වෙසෙයි: ශ්‍රද්ධාබල ය, හ්‍රීබල ය, අපත්‍රපාබල ය, වීර්‍ය්‍යබල ය, ප්‍රඥාබල යි. ඔහුට මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෘදු ව වටහත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය යි. හේ මේ පසිඳුරන්ගේ මොළොක් බැවින් කායභේදයෙන් මතුයෙහි සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල කායභේදයෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.