Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4401-4500 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT4. 3. 5. 4.
Sinhala BJT4. 3. 5. 4.
Pali BJT[ඔභාසසුත්තං]
Sinhala BJT[ඕභාස සූත්‍රය]
Pali BJT44. චත්තාරොමෙ භික්ඛවෙ ඔභාසා. කතමෙ චත්තාරො?
Sinhala BJT44. මහණෙනි, මේ අවභාසයෝ (බබලන්නෝ) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTචන්දොභාසො, සුරියොභාසො, අග්ගොභාසො, පඤ්ඤොභාසො.
Sinhala BJTචන්‍ද්‍රාවභාස ය, සූර්‍ය්‍යාවභාස ය, අගන්‍යවභාස ය, ප්‍රඥාවභාස යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ඔභාසා. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං චතුන්නං ඔභාසානං යදිදං පඤ්ඤොභාසොති.
Sinhala BJTමහණෙනි, මේ අවභාසයෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර අවභාසයන් කෙරෙහි ප්‍රඥාවභාසයෙක් ඇද්ද, තෙල අග්‍රයි.
Pali BJT4. 3. 5. 5.
Sinhala BJT4. 3. 5. 5.
Pali BJT[පජ්ජොතසුත්තං]
Sinhala BJT[පජ්ජෝත සූත්‍රය]
Pali BJT45. චත්තාරොමෙ භික්ඛවෙ පජ්ජොතා. කතමෙ චත්තාරො?
Sinhala BJT45. මහණෙනි, මේ ප්‍රද්‍යොතයෝ (ප්‍රභාස්වරයෝ) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTචන්දපජ්ජොතො, සුරියපජ්ජොතො, අග්ගිපජ්ජොතො, පඤ්ඤාපජ්ජොතො.
Sinhala BJTචන්‍ද්‍රප්‍රද්‍යොත ය, සූර්‍ය්‍යප්‍රද්‍යොත ය, අගනිප්‍රද්‍යොත ය, ප්‍රඥාප්‍රද්‍යොත යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පජ්ජොතා. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං චතුන්නං පජ්ජොතානං යදිදං පඤ්ඤාපජ්ජොතොති.
Sinhala BJTමහණෙනි, මේ ප්‍රද්‍යොතයෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ප්‍රද්‍යොතයන් කෙරෙහි ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ඇද්ද, තෙල අග්‍ර යි.
Pali BJT4. 3. 5. 6.
Sinhala BJT4. 3. 5. 6.
Pali BJT[කාලසුත්තං]
Sinhala BJT[කාල සූත්‍රය]
Pali BJT46. චත්තාරොමෙ භික්ඛවෙ කාලා. කතමෙ චත්තාරො?
Sinhala BJT46. මහණෙනි, මේ කාලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTකාලෙන ධම්මස්සවණං, කාලෙන ධම්මසාකච්ඡා, කාලෙන සමථො, කාලෙන විපස්සනා.
Sinhala BJTනිසි කාලයෙහි ධර්‍මශ්‍රවණ ය, නිසි කාලයෙහි ධර්‍මසාකච්ඡා ය, නිසි කාලයෙහි සමථ ය, නිසි කාලයෙහි විදර්‍ශනා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො කාලාති.
Sinhala BJTමහණෙනි, මේ කාලයෝ සතර දෙන වෙති.
Pali BJT4. 3. 5. 7.
Sinhala BJT4. 3. 5. 7.
Pali BJT[දුතියකාලසුත්තං]
Sinhala BJT[දුතියකාල සූත්‍රය]
Pali BJT47. චත්තාරොමෙ භික්ඛවෙ කාලා සම්මා භාවියමානා සම්මා අනුපරිවත්තියමානා අනුපුබ්බෙන ආසවානං ඛයං පාපෙන්ති. කතමෙ චත්තාරො?
Sinhala BJT47. මහණෙනි, මේ කාලයෝ (කුශල ධර්‍මයෝ) සතර දෙනෙක් මොනොවට වඩනු ලබන්නාහු මැනවින් වටාලා කරණු ලබන්නාහු ක්‍රමයෙන් ආස්‍රවක්‍ෂයට පමුණුවත්. කවර සතර දෙනෙක යත්:
Pali BJTකාලෙන ධම්මසවණං, කාලෙන ධම්මසාකච්ඡා, කාලෙන සමථො,{1} කාලෙන විපස්සනා.
Sinhala BJTනිසි කාලයෙහි ධර්‍මශ්‍රවණ ය, නිසි කාලයෙහි ධර්‍මසාකච්ඡා ය, නිසි කාලයෙහි සමථ ය, නිසි කාලයෙහි විදර්‍ශනා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො කාලා සම්මා භාවියමානා සම්මා අනුපරිවත්තියමානා අනුපුබ්බෙන ආසවානං ඛයං පාපෙන්ති.
Sinhala BJTමහණෙනි, මේ කුශල ධර්‍මයෝ සතර දෙනා මැනවින් වඩනු ලබන්නාහු, මැනවින් වටාලා කරණු ලබන්නාහු පිළිවෙළින් අර්‍හත්ත්‍වයට පමුණුවත්.
Pali BJTසෙය්යාථාපි භික්ඛවෙ උපරිපබ්බතෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ තං උදකං යථානින්නං පවත්තමානං පබ්බතකන්දරපදරසාඛා පරිපූරෙති. පබ්බතකන්දරපදරසාඛා පරිපූරා කුස්සුබ්භෙ{2} පරිපූරෙන්ති. කුස්සුබ්භා{2} පරිපූරා මහාසොබ්භෙ පරිපූරෙන්ති. මහාසොබ්භා පරිපූරා කුන්නදියො පරිපූරෙන්ති. කුන්නදියො පරිපූරා මහානදියො පරිපූරෙන්ති. මහානදියො පරිපූරා සමුද්දං{3} සාගරං පරිපූරෙන්ති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි පර්‍වතය මත දළ බිඳු ඇති වැසි වසිත් ම ඒ දිය වළ තැන් තුබූ සැටියෙන් වැටෙමින් පවුකඳුරු පැළිවළන් පුරවයි. පිරීසිටි පවු කඳුරු පැළිවළඳහු කුඩා හෙබහු පුරවත්. පරිපූර්‍ණ කුඩා හෙබහු මහහෙබ පුරවත්. පිරුණු මහහෙබහු කුඩා ගං හෝ පුරවත්. පිරුණු කුඩා ගං හෝ මහනදීන් පුරවත්. පිරුණු මහානදීහු සමුද්‍රසාගරය පුරවත්.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ ඉමෙ චත්තාරො කාලා සම්මා භාවියමානා සම්මා අනුපරිවත්තියමානා අනුපුබ්බෙන ආසවානං ඛයං පාපෙන්තීති.
Sinhala BJTමහණෙනි, එ පරිදි ඒ මේ සතර කුසලධර්‍මයෝ මැනැවින් වඩනු ලබන්නාහු, මැනැවින් වටාලා කරණු ලබන්නාහු පිළිවෙළින් අර්‍හත්ත්‍වයට පමුණුවත්.
Pali BJT4. 3. 5. 8.
Sinhala BJT4. 3. 5. 8.
Pali BJT[වචීදුච්චරිතසුත්තං]
Sinhala BJT[වචීදුච්චරිත සූත්‍රය]
Pali BJT48. චත්තාරිමානි භික්ඛවෙ වචීදුච්චරිතානි. කතමානි චත්තාරි?
Sinhala BJT48. මහණෙනි, මේ වාග්දුශ්චරිතයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTමුසාවාදො, පිසුනාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාපො.
Sinhala BJTමෘෂාවාද ය, පිශුනවාක්‍ය ය, පරුෂවාක්‍ය ය, සම්ඵප්‍රලාප යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි වචීදුච්චරිතානි.
Sinhala BJTමහණෙනි, මේ සතර වාග්දුශ්චරිතයෝ යි.
Pali BJT4. 3. 5. 9.
Sinhala BJT4. 3. 5. 9.
Pali BJT[වචීසුචරිතසුත්තං]
Sinhala BJT[වචීසුචරිත සූත්‍රය]
Pali BJT49. චත්තාරිමානි භික්ඛවෙ වචීසුචරිතානි. කතමානි චත්තාරි?
Sinhala BJT49. මහණෙනි, මේ සතර වාක්සුචරිතයෝ යි. කවර සතරහ යත්:
Pali BJTසච්චවාචා, අපිසුනවාචා{4}, සණ්හවාචා{4}, මන්තාභාසා.
Sinhala BJTසත්‍යවචන ය, අපිශුනවචන ය, මොළොක් වචන ය, නුවණින් පිරිසිඳ කළ කථා යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි වචීසුචරිතානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර වාග්සුචරිතයෝ යි.
Pali BJT4. 3. 5. 10.
Sinhala BJT4. 3. 5. 10.
Pali BJT[සාරසුත්තං]
Sinhala BJT[සාර සූත්‍රය]
Pali BJT50. චත්තාරොමෙ භික්ඛවෙ සාරා. කතමෙ චත්තාරො?
Sinhala BJT50. මහණෙනි, මේ සාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTසීලසාරො, සමාධිසාරො, පඤ්ඤාසාරො, විමුත්තිසාරො.
Sinhala BJTශිලසාර ය, සමාධිසාර ය, ප්‍රඥාසාර ය, විමුක්තිසාර යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො සාරාති.
Sinhala BJTමහණෙනි, මේ සතර සාරයෝ යි.
Pali BJTආභාවග්ගො පඤ්චමො.{*}
Sinhala BJTආභාවර්‍ගය පස්වැනි යි.
Pali BJTතතියො පණ්ණාසකො.
Sinhala BJTතෙවන පණ්ණාසකය යි.
Pali BJT4. චතුත්ථො පණ්ණාසකො
Sinhala BJT4. සිවුවැනි පණ්ණාසකය
Pali BJT1. ඉන්ද්රියවග්ගො
Sinhala BJT1. ඉන්‍ද්‍රිය වර්‍ගය
Pali BJT4. 4. 1. 1.
Sinhala BJT4. 4. 1. 1.
Pali BJT[ඉන්ද්රියසුත්තං]
Sinhala BJT[ඉන්‍ද්‍රිය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. චත්තාරිමානි භික්ඛවෙ ඉන්ද්රියානි. කතමානි චත්තාරි?
Sinhala BJT1. මහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTසද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං.
Sinhala BJTශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි ඉන්ද්රියානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර ඉන්‍ද්‍රියයෝ යි.
Pali BJT4. 4. 1. 2.
Sinhala BJT4. 4. 1. 2.
Pali BJT[බලසුත්තං]
Sinhala BJT[බල සූත්‍රය]
Pali BJT2. චත්තාරිමානි භික්ඛවෙ බලානි. කතමානි චත්තාරි?
Sinhala BJT2. මහණෙනි, මේ බලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTසද්ධාබලං, විරියබලං, සතිබලං, සමාධිබලං.
Sinhala BJTශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි බලානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර බලයෝ යි.
Pali BJT4. 4. 1. 3.
Sinhala BJT4. 4. 1. 3.
Pali BJT[දුතියබලසුත්තං]
Sinhala BJT[දෙවැනි බල සූත්‍රය]
Pali BJT3. චත්තාරිමානි භික්ඛවෙ බලානි. කතමානි චත්තාරි?
Sinhala BJT3. මහණෙනි, මේ බලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTපඤ්ඤාබලං විරියබලං අනවජ්ජබලං, සංගාහබලං.
Sinhala BJTප්‍රඥාබල ය, වීර්‍ය්‍යබල ය, අනවද්‍යබල ය, සඞ්ග්‍රාහබල යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි බලානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර බලයෝ යි.
Pali BJT4. 4. 1. 4.
Sinhala BJT4. 4. 1. 4.
Pali BJT[තතියබලසුත්තං]
Sinhala BJT[තෙවැනි බල සූත්‍රය]
Pali BJT4. චත්තාරිමානි භික්ඛවෙ බලානි. කතමානි චත්තාරි?
Sinhala BJT4. මහණෙනි, මේ බලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTසතිබලං, සමාධිබලං, අනවජ්ජබලං, සංගාහබලං.
Sinhala BJTස්මෘතිබල ය, සමාධිබල ය, අනවද්‍යබල ය, සඞ්ග්‍රාහබල යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි බලානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර බලයෝ යි.
Pali BJT4. 4. 1. 5.
Sinhala BJT4. 4. 1. 5.
Pali BJT[චතුත්ථ බලසුත්තං]
Sinhala BJT[සිවුවැනි බල සූත්‍රය]
Pali BJT5. චත්තාරිමානි භික්ඛවෙ බලානි. කතමානි චත්තාරි?
Sinhala BJT5. මහණෙනි, මේ බලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTපටිසඞ්ඛානබලං, භාවනාබලං, අනවජ්ජබලං, සඞ්ගාහබලං.
Sinhala BJTප්‍රතිසඞ්ඛ්‍යානබල ය, භාවනාබල ය, අනවද්‍යබල ය, සඞ්ග්‍රාහබල යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි බලානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර බලයෝ යි.
Pali BJT4. 4. 1. 6.
Sinhala BJT4. 4. 1. 6.
Pali BJT[අසඞ්ඛෙය්ය සුත්තං]
Sinhala BJT[අසඞ්ඛෙය්‍ය සූත්‍රය]
Pali BJT6. චත්තාරිමානි භික්ඛවෙ කප්පස්ස අසඞ්ඛෙය්යානි. කතමානි චත්තාරි?
Sinhala BJT6. මහණෙනි, මේ මේ කල්පය පිළිබඳ සතර අසඞ්ඛෙය්‍ය කෙනෙක් වෙති. කවර සතර කෙනෙක යත්:
Pali BJTයදා භික්ඛවෙ කප්පො සංවට්ටති, තං න සුකරං සඞ්ඛාතුං එත්තකානි වස්සානීති වා, එත්තකානි වස්සසතානීති වා එත්තකානි වස්සසහස්සානීති වා එත්තකානි වස්සසතසහස්සානීති වා.
Sinhala BJTමහණෙනි, යම් කලෙක්හි කප නස්නේ ද, මෙතෙක් වර්‍ෂ කෙනෙක කියා හෝ මෙතෙක් වර්‍ෂශතයෙක කියා හෝ මෙතෙක් වර්‍ෂසහස්‍රයෙක කියා හෝ මෙතෙක් වර්‍ෂශතසහස්‍රයෙක කියා හෝ එය ගණනට සුකර නො වේ.
Pali BJTයදා භික්ඛවෙ කප්පො සංවට්ටො තිට්ඨති, තං න සුකරං සඞ්ඛාතුං එත්තකානි වස්සානීති වා එත්තකානි වස්සසතානීති වා එත්තකානි වස්සසහස්සානීති වා එත්තකානි වස්සසතසහස්සානීති වා.
Sinhala BJTමහණෙනි, යම් කලෙක කප සංවර්‍තව සිටුනේ ද, වර්‍ෂ මෙතෙකැ යි කියා හෝ වර්‍ෂශත මෙතෙකැයි කියා හෝ වර්‍ෂසහස්‍ර මෙතෙකැ යි කියා හෝ වර්‍ෂශතසහස්‍ර මෙතෙකැයි කියා හෝ එය ගණනට සුකර නො වේ.
Pali BJTයදා භික්ඛවෙ කප්පො විවට්ටති. තං න සුකරං සඞ්ඛාතුං එත්තකානි වස්සානීති වා එත්තකානි වස්සසතානීති වා එත්තකානි වස්සසහස්සානීති වා එත්තකානි වස්සසතසහස්සානීති වා.
Sinhala BJTමහණෙනි, යම් කලෙක කප වැඩේ ද, වර්‍ෂ මෙතෙකැ යි හෝ වර්‍ෂශත මෙතෙකැයි හෝ වර්‍ෂසහශ්‍ර මෙතෙකැ යි හෝ වර්‍ෂශතසහශ්‍ර මෙතෙකැ යි හෝ එය ගණනට සුකර නො වේ.
Pali BJTයදා භික්ඛවෙ කප්පො විවට්ටො තිට්ඨති. තං න සුකරං සඞ්ඛාතුං එත්තකානි වස්සානීති වා එත්තකානි වස්සසතානීති වා එත්තකානි වස්සසහස්සානීති වා එත්තකානි වස්සසතසහස්සානීති වා.
Sinhala BJTමහණෙනි, යම් කලෙක කප විවර්‍ත ව සිටුනේ ද, මෙතෙක් වර්‍ෂයැ යි හෝ මෙතෙක් වර්‍ෂශතය යි හෝ මෙතෙක් වර්‍ෂසහස්‍රය යි හෝ මෙතෙක් වර්‍ෂශතසහස්‍රය යි හෝ එය ගණනට සුකර නො වේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි කප්පස්ස අසඞ්ඛෙය්යානීති.
Sinhala BJTමහණෙනි, මේ කල්පයාගේ සතර අසඞ්ඛෙය්‍යයෝ යි.
Pali BJT4. 4. 1. 7.
Sinhala BJT4. 4. 1. 7.
Pali BJT[රොග සුත්තං]
Sinhala BJT[රෝග සූත්‍රය]
Pali BJT7. ද්වෙමෙ භික්ඛවෙ රොගා. කතමෙ ද්වෙ?
Sinhala BJT7. මහණෙනි, මේ රෝගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්:
Pali BJTකායිකො ච රොගො. චෙතසිකො ච රොගො.
Sinhala BJTකායිකරෝගය හා චේතසිකරෝග යි.
Pali BJTදිස්සන්ති භික්ඛවෙ සත්තා කායිකෙන රොගෙන එකම්පි වස්සං ආරොග්යං පටිජානමානා. ද්වෙපි වස්සානි ආරොග්යං පටිජානමානා. තීණිපි වස්සානි ආරොග්යං පටිජානමානා. චත්තාරිපි වස්සානි ආරොග්යං පටිජානමානා. පඤ්චපි වස්සානි ආරොග්යං පටිජානමානා. දසපි වස්සානි ආරොග්යං පටිජානමානා. වීසතිම්පි වස්සානි ආරොග්යං පටිජානමානා. තිංසම්පි වස්සානි ආරොග්යං පටිජානමානා. චත්තාරීසම්පි වස්සානි ආරොග්යං පටිජානමානා. පඤ්ඤාසම්පි වස්සානි ආරොග්යං පටිජානමානා. වස්සසතම්පි. ආරොග්යං පටිජානමානා.
Sinhala BJTමහණෙනි, කායිකරෝගයෙන් එක් හවුරුද්දකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු දෙකකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු තුණකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු සතරකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු පසකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු දසයකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු විස්සකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු තිසකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු සතළිසකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු පණසකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු සියයකුදු ආරෝග්‍යය පිළිණ කරණ සත්හු පැණෙති.
Pali BJTතෙ භික්ඛවෙ සත්තා දුල්ලභා{1} ලොකස්මිං යෙ චෙතසිකෙන රොගෙන මුහුත්තම්පි ආරොග්යං පටිජානන්ති, අඤ්ඤත්ර ඛීණාසවෙහි.
Sinhala BJTමහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් චෛතසික රෝගයෙන් ආරෝග්‍යය පිළිණ කෙරෙත් ද, ඒ සත්හු ලෝකයෙහි දුර්‍ලභ වෙති. රහතුන් හැර යි.
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ පබ්බජිතස්ස රොගා. කතමෙ චත්තාරො?
Sinhala BJTමහණෙනි, පැවිද්දහුට මේ රෝගයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු මහිච්ඡො හොති විඝාතවා අසන්තුට්ඨො ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන. සො මහිච්ඡො සමානො විඝාතවා අසන්තුට්ඨො ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන පාපිකං ඉච්ඡං පණිදහති අනවඤ්ඤපටිලාභාය{2}, ලාභසක්කාරසිලොකපටිලාභාය. සො උට්ඨහති ඝටෙති වායමති අනවඤ්ඤපටිලාභාය, ලාභසක්කාරසිලොකපටිලාභාය. සො සඞ්ඛාය කුලානි උපසඞ්කමති, සඞ්ඛාය නිසීදති, සඞ්ඛාය ධම්මං භාසති, සඞ්ඛාය උච්චාරපස්සාවං සන්ධාරෙති. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පබ්බජිතස්ස රොගා.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ මහේච්ඡ වෙයි. එයින් දුක් ඇතියේ වෙයි. යම් ම කිසි පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරෙකින් සතුටු නො වෙයි. හේ මහේච්ඡ වූයේ එයින් දුක් ඇතියේ යම් ම කිසි සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරෙකින් අසතුටු වූයේ අවඥා නොලබනු සඳහා ලාභසත්කාරකීර්ති ලබනු සඳහා ලමු කැමැත්තක් පිහිටුවයි. හේ අවඥා නොලබනු පිණිස ලාභසත්කාර කීර්ති ලබනු පිණිස උත්‍ථානවීර්‍ය්‍යය කෙරෙයි. ඝටනා කෙරෙයි. ව්‍යායාම කෙරෙයි. (මෙසෙසින් මහදනා මා හඳුනා ගනිතියි) හේ අපේක්‍ෂා කොට කුලන්කරා එළඹෙයි. අපේක්‍ෂා කොට හිඳියි. අපේක්‍ෂා කොට දහම් දෙසයි. අපේක්‍ෂා කොට මලමූත්‍රවේගධාරණය කෙරෙයි. මහණෙනි, පැවිද්දහුගේ මේ සතර රෝගයෝ යි.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං: න මහිච්ඡා භවිස්සාම විඝාතවන්තො අසන්තුට්ඨා ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, න පාපිකං ඉච්ඡං පනිදහිස්සාම අනවඤ්ඤපටිලාභාය, ලාභසක්කාරසිලොකපටිලාභාය, න උට්ඨහිස්සාම න ඝටිස්සාම න වායමිස්සාම අනවඤ්ඤපටිලාභාය ලාභසක්කාරසිලොකපටිලාභාය. න ඛමා භවිස්සාම සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංස{3}පසම්ඵස්සානං දුරුත්තානං දුරාගතානං වචනපථානං උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිබ්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසිකජාතිකා භවිස්සාමාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතු ය: “මහේච්ඡ නො වම්හ. එයින් දුක් ඇතියමෝ නො වම්හ. යම් ම කිසි සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරෙකින් නොසතුටු වූවමෝ නො වම්හ. අවඥා නොලබන පිණිස, ලාභසත්කාරකීර්ති ලබනු පිණිස, ලමු ඉච්ඡාවක් නො තබම්හ. අවඥා නොලබන පිණිස, ලාභසත්කාරකීර්ති ලබනු පිණිස උත්‍ථානවීර්‍ය්‍යය නො කරම්හ. ඝටනා නො කරම්හ. ශීතය, උෂ්ණය, බඩසය, පවස, මැසි මුදුරු වා අව් දිග්දැහැ යන මොවුන්ගේ පහස් ඉවසන්නමෝ නො වම්හ. නපුරු කොට කී නපුරු කොට ආ වචන ඉවසන්නමෝ නො වම්හ. දුක් වූ තීව්‍ර වූ ඛර වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ උපන් ශාරීරිකවේදනා ඉවසන සැහැවි ඇත්තමෝ නො වම්හ” කියා යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ය.
Pali BJT4. 4. 1. 8.
Sinhala BJT4. 4. 1. 8.
Pali BJT[පරිහානි සුත්තං]
Sinhala BJT[පරිහාණි සූත්‍රය]
Pali BJT8. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි ආවුසො භික්ඛවොති. ආවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච :
Sinhala BJT8. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ‘ඇවැත් මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ තෙල ප්‍රකාශ කළහ:
Pali BJTයො හි කො චි ආවුසො භික්ඛු වා භික්ඛුනී වා චත්තාරො ධම්මෙ අත්තනි සමනුපස්සති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං පරිහායාමි කුසලෙහි ධම්මෙහි. පරිහානමෙතං වුත්තං භගවතා. කතමෙ චත්තාරො?
Sinhala BJTඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ සතර දහම් තමා කෙරෙහි දක්නේ ද, “කුසල දහමින් පිරිහෙමි”යි මෙහි ලා නිශ්චයට යා යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් “තෙල පිරිහිනෙකැ”යි වදාරණ ලදී. කවර සතර දහම්හුය යත්:
Pali BJTරාගවෙපුල්ලතං{4}, දොසවෙපුල්ලතං, මොහවෙපුල්ලතං, ගම්භීරෙසු ඛො පනස්ස ඨානාඨානෙසු පඤ්ඤාචක්ඛුං න කමති.
Sinhala BJTරාගවෛපුල්‍ය ය, ද්වේෂවෛපුල්‍ය ය, මොහවෛපුල්‍ය ය, ඔහුගේ පැණැස ගැඹුරු ස්ථාන අස්ථානයෙහි (කාරණාකාරණයෙහි) නො වැදගණී නම් එද යන සතර යි.
Pali BJTයො හි කොචි ආවුසො භික්ඛු වා භික්ඛුනී වා ඉමෙ චත්තාරො ධම්මෙ අත්තනි සමනුපස්සති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං පරිහායාමි කුසලෙහි ධම්මෙහි, පරිහානමෙතං වුත්තං භගවතා.
Sinhala BJTඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ මේ සතර දහම් තමා කෙරෙහි දක්නේ ද, “කුසල දහමින් පිරිහෙමි”යි මෙහි නිශ්චයට යා යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෙල පිරිහිනෙකැ’යි වදාරණ ලදී.
Pali BJTයො හි කො චි ආවුසො, භික්ඛු වා භික්ඛුනී වා චත්තාරො ධම්මෙ අත්තනි සමනුපස්සති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං න පරිහායාමි කුසලෙහි ධම්මෙහි. අපරිහානමෙතං වුත්තං භගවතා. කතමෙ චත්තාරො?
Sinhala BJTඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ මේ සතර දහම් තමා කෙරෙහි දක්නේ ද, “කුසලදහමින් නො පිරිහෙමි”යි මෙහි නිශ්චයට යා යුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෙල නොපිරිහිනෙකැ’යි වදාරණ ලදී. කවර සතර දෙනෙක යත්:
Pali BJTරාගතනුත්තං, දොසතනුත්තං, මොහතනුත්තං, ගම්භීරෙසු ඛො පනස්ස ඨානාඨානෙසු පඤ්ඤාචක්ඛුං කමති.
Sinhala BJTරාගයාගේ තුනීබව ය, ද්වේෂයාගේ තුනීබව ය, මෝහයාගේ තුනීබව ය, ඔහුගේ පැණැස ගැඹුරු කාරණාකාරණයෙහි වැදගණී ද එයයි.
Pali BJTයො හි කො චි ආවුසො භික්ඛු වා භික්ඛුනී වා ඉමෙ චත්තාරො ධම්මෙ අත්තනි සමනුපස්සති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං අපරිහායාමි කුසලෙහි ධම්මෙහි. අපරිහානමෙතං වුත්තං භගවතාති.
Sinhala BJTඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ මේ සතර දහම් තමා කෙරෙහි දක්නේ ද, ‘කුසලදහමින් නො පිරිහෙමි’යි මෙහි නිශ්චයට යා යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෙල නො පිරිහිනෙකැ’යි වදාරණ ලදී.
Pali BJT4. 4. 1. 9.
Sinhala BJT4. 4. 1. 9.
Pali BJT[භික්ඛුනීසුත්තං]
Sinhala BJT[භික්ඛුනී සූත්‍රය]
Pali BJT9. එකං සමයං ආයස්මා ආනන්දො කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො අඤ්ඤතරා භික්ඛුනී අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි : එහි ත්වං අම්භො පුරිස, යෙන අය්යො ආනන්දො තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන අය්යස්ස ආනන්දස්ස පාදෙ සිරසා වන්ද, ඉත්ථන්නාමා භන්තෙ භික්ඛුනී ආබාධිකිනී දුක්ඛිතා බාළ්හගිලානා, සා අය්යස්ස ආනන්දස්ස පාදෙ සිරසා වන්දතීති. එවං ච වදෙහි: සාධු කිර භන්තෙ අය්යො ආනන්දො යෙන භික්ඛුනූපස්සයො යෙන සා භික්ඛුනී තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති.
Sinhala BJT9. එක් කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. එසඳ එක්තරා මෙහෙණක් එක්තරා පුරුෂයකු ඇමතූ ය. “එම්බා පුරුෂය, තෝ මෙහි එව, ආර්‍ය්‍ය ආනන්‍ද තෙරණුවන් කරා එළඹෙව, මාගේ වචනයෙන් අනඳහිමියන් පා හිසින් වඳුව, වහන්ස, මෙනම් මෙහෙණ හටගත් ආබාධ ඇතිව දුඃඛිත ව දැඩි ගිලන් ව වෙසේ. ඕ අනඳ හිමියන්ගේ පාදයන් සිරසින් වඳී.” කියා යි. “වහන්ස, අනඳහිමිහු මෙහෙණවර කරා, එ මෙහෙණ කරා, අනුකම්පා කොට එළඹෙන සේක් නම් මැනැවැ”යි ද මෙසේත් කියව.
Pali BJTඑවං අය්යෙති ඛො සො පුරිසො තස්සා භික්ඛුනියා පටිස්සුත්වා යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො පුරිසො ආයස්මන්තං ආනන්දං එතදවොච :
Sinhala BJT‘ආර්‍ය්‍යාවෙනි, එසේය’ යි කියා එ පුරිස් එ මෙහෙණට පිළිවදන් අස්වා ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන් සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් එපුරිස් ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල කී:
Pali BJTඉත්ථන්නාමා භන්තෙ භික්ඛුනී ආබාධිකිනී දුක්ඛිතා බාළ්හගිලානා, සා ආයස්මතො ආනන්දස්ස පාදෙ සිරසා වන්දති, එවං ච වදෙති: සාධු කිර භන්තෙ ආයස්මා ආනන්දො යෙන භික්ඛුනූපස්සයො යෙන සා භික්ඛුනී තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති.
Sinhala BJT“වහන්ස, මෙනම් මෙහෙණ හටගත් ආබාධ ඇති ව දුඃඛිත ව දැඩි ගිලන් ව වෙසේ, ඕ ආයුෂ්මත් අනඳ තෙරුන්ගේ පාදයන් සිරසින් වඳී. මෙසේ ද කියයි: “වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මෙහෙණවර කරා ඒ මෙහෙණ කරා අනුකම්පා කොට එළඹෙන සේක් නම් මැනව” කියා යි.
Pali BJTඅධිවාසෙසි ඛො ආයස්මා ආනන්දො තුණ්හීභාවෙන. අථ ඛො ආයස්මා ආනන්දො නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන භික්ඛුනූපස්සයො තෙනුපසඞ්කමි. අද්දසා ඛො සා භික්ඛුනී ආයස්මන්තං ආනන්දං දූරතොව ආගච්ඡන්තං. දිස්වා සසීසං පාරුපිත්වා මඤ්චකෙ නිපජ්ජි. අථ ඛො ආයස්මා ආනන්දො යෙන සා භික්ඛුනී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො ආයස්මා ආනන්දො තං භික්ඛුනිං එතදවොච :
Sinhala BJTආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තුෂ්ණීම්භාවයෙන් ඉවසූහ. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ හැඳ පෙරෙව පාසිවුරු ගෙණ මෙහෙණවර කරා එළඹියහ. ඒ මෙහෙණ ආයුෂ්මත් අනඳ තෙරණුවන් එනුවන් දුරදී ම දුටු. දැක හිස වසා පෙරව ගෙණ ඇඳෙහි හොතු. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ඒ මෙහෙණ කරා එළඹියහ. එළඹ පැන් වූ අස්නෙහි හුන්හ. හිඳ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ඒ මෙහෙණට තෙල කීහ:
Pali BJTආහාරසම්භූතො අයං භගිනි කායො. ආහාරං නිස්සාය ආහාරො පහාතබ්බො. තණ්හාසම්භූතො අයං භගිනි{1} කායො තණ්හං නිස්සාය තණ්හා පහාතබ්බා මානසම්භූතො අයං භගිනි කායො. මානං නිස්සාය මානො පහාතබ්බො. මෙථුනසම්භූතො අයං භගිනි කායො. මෙථුනෙ ච සෙතුඝාතො{2} වුත්තො භගවතා.
Sinhala BJTබුහුනණියනි, මේ කය ආහාරයෙන් වැඩින. අහර නිසා කර්‍මාහාරය ප්‍රහාතව්‍ය වෙයි. බුහුනණියනි, මේ කය තෘෂ්ණායෙන් වැඩින. තෘෂ්ණාව නිසා පූර්‍වතෘෂ්ණාව ප්‍රහාතව්‍ය වෙයි. බුහුනණියනි, මේ කය මානයෙන් වැඩින. මානය නිසා පූර්‍වමානය ප්‍රහාතව්‍ය වෙයි. බුහුනණියනි, මේ කය මෛථුනයෙන් වැඩින. භාග්‍යවතුන් වහන්සේ විසින් මෛථුනයෙහි හේතු නැස්ම වදාරණ ලදී.