Pali BJTසචෙ භික්ඛවෙ බ්රාහ්මණපරිසා රාජානං චක්කවත්තිං දස්සනාය උපසඞ්කමති. දස්සනෙන සා අත්තමනා හොති. තත්ථ චෙ රාජා චක්කවත්තී භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තාව භික්ඛවෙ බ්රාහ්මණපරිසා හොති. අථ රාජා චක්කවත්තී තුණ්හී භවති.
Sinhala BJTමහණෙනි, ඉදින් බමුණුපිරිස් සක්විතිරජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි සක්විතිරජ ඉදින් බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, බ්‍රාහ්මණපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි.
Pali BJTසචෙ භික්ඛවෙ ගහපතිපරිසා රාජානං චක්කවත්තිං දස්සනාය උපසඞ්කමති. දස්සනෙනපි සා අත්තමනා හොති. තත්ථ චෙ රාජා චක්කවත්තී භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තාව භික්ඛවෙ ගහපතිපරිසා හොති. අථ රාජා චක්කවත්තී තුණ්හී භවති.
Sinhala BJTමහණෙනි, ඉදින් ගෙහෙවිපිරිස් සක්විතිරජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි සක්විතිරජ ඉදින් බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ගෘහපතිපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි.
Pali BJTසචෙ භික්ඛවෙ සමණපරිසා රාජානං චක්කවත්තිං දස්සනාය උපසඞ්කමති. දස්සනෙන සා අත්තමනා හොති. තත්ථ චෙ රාජා චක්කවත්තී භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තාව භික්ඛවෙ සමණපරිසා හොති. අථ රාජා චක්කවත්තී තුණ්හී භවති.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණපිරිස් සක්විතිරජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි ඉදින් සක්විතිරජ බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ශ්‍රමණපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා රඤ්ඤෙ චක්කවත්තිම්හි.
Sinhala BJTමහණෙනි, සක්විතිරජු කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් ඇත.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දෙ. කතමෙ චත්තාරො?
Sinhala BJTමහණෙනි, එපරිදි ම ආනන්‍දයන් කෙරෙහි සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් ඇත. කවර සතර ධර්‍ම කෙනෙක යත්:
Pali BJTසචෙ භික්ඛවෙ භික්ඛුපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති, දස්සනෙන සා අත්තමනා හොති. තත්ථ චෙ ආනන්දො ධම්මං භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තාව භික්ඛවෙ භික්ඛුපරිසා හොති. අථ ආනන්දො තුණ්හී භවති.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණපිරිස් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි ඉදින් ආනන්‍ද යෝ දහම් දෙසත් ද, දෙසීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, මහණපිරිස් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.
Pali BJTසචෙ භික්ඛවෙ භික්ඛුනීපරිසා -පෙ- සචෙ භික්ඛවෙ උපාසකපරිසා -පෙ- සචෙ භික්ඛවෙ උපාසිකාපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති, දස්සනෙන සා අත්තමනා හොති. තත්ථ චෙ ආනන්දො ධම්මං භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තාව භික්ඛවෙ උපාසිකාපරිසා හොති. අථ ආනන්දො තුණ්හී භවති.
Sinhala BJTමහණෙනි, ඉදින් මෙහෙණපිරිස් ... මහණෙනි, ඉදින් උවසුපිරිස් ... මහණෙනි, ඉදින් උවැසි පිරිස් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි ඉදින් ආනන්‍දයෝ දහම් බෙණෙත් නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, උපාසිකාපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දෙති.
Sinhala BJTමහණෙනි, ආනන්‍දයන් කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය ධර්‍ම කෙනෙක් ඇත.
Pali BJTභයවග්ගො තතියො.{*}
Sinhala BJTභයවර්‍ගය තෙවැනි යි.
Pali BJT4. පුග්ගලවග්ගො
Sinhala BJT4. පුග්ගල වර්‍ගය
Pali BJT4. 3. 4. 1.
Sinhala BJT4. 3. 4. 1.
Pali BJT[සංයොජනපුග්ගලසුත්තං]
Sinhala BJT[සංයෝජනපුග්ගල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT31. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT31. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි අප්පහීනානි හොන්ති. උපපත්තිපටිලාභියානි සංයොජනානි අප්පහීනානි හොන්ති. භවපටිලාභියානි සංයොජනානි අප්පහීනානි හොන්ති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙකුට ඕරම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්ති ප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්ති භවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි පහීනානි හොන්ති. උපපත්තිපටිලාභියානි සංයොජනානි අප්පහීණානි හොන්ති. භවපටිලාභියානි සංයොජනානි අප්පහීණානි හොන්ති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනතුරු උත්පත්තිය පිණිස හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්ති භවය පිණිස හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි පහීනානි හොන්ති. උපපත්තිපටිලාභියානි සංයොජනානි පහීණානි හොන්ති. භවපටිලාභියානි සංයොජනානි අප්පහීණානි හොන්ති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි පහීනානි හොන්ති. උපපත්තිපටිලාභියානි සංයොජනානි පහීණානි හොන්ති. භවපටිලාභියානි සංයොජනානි පහීණානි හොන්ති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
Pali BJTකතමස්ස භික්ඛවෙ පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි අප්පහීණානි, උපපත්තිපටිලාභියානි සංයොජනානි අප්පහීණානි, භවපටිලාභියානි සංයොජනානි අප්පහීණානි? සකදාගාමිස්ස{1}. ඉමස්ස ඛො භික්ඛවෙ පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි අප්පහීණානි. උපපත්තිපටිලාභියානි සංයොජනානි අප්පහීණානි. භවපටිලාභියානි සංයොජනානි අප්පහීණානි.
Sinhala BJTමහණෙනි, කවර පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද, අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද, උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද? සකෘදාගාමීහට ය. මහණෙනි, මේ සකෘදාගාමී පුද්ගලයාහට ඕරම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. (ඔහුට ඉතිරි ඕරම්භාගිය සංයෝජන සඳහා කියූ සේය.) අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
Pali BJTකතමස්ස භික්ඛවෙ පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි පහීණානි, උපපත්තිපටිලාභියානි සංයොජනානි අප්පහීණානි, භවපටිලාභියානි සංයොජනානි අප්පහීණානි? උද්ධංසොතස්ස අකනිට්ඨගාමිනො. ඉමස්ස ඛො භික්ඛවෙ පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි පහීණානි. උපපත්තිපටිලාභියානි සංයොජනානි අප්පහීණානි, භවපටිලාභියානි සංයොජනානි අප්පහීනානි.
Sinhala BJTමහණෙනි, කවර පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද? අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද, උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද? උද්ධංසෝත අකනිට්ඨගාමීහට ය. මහණෙනි, මේ උද්ධංසෝත අකනිට්ඨගාමී පුද්ගලයාහට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
Pali BJTකතමස්ස භික්ඛවෙ පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි පහීණානි, උපපත්තිපටිලාභියානි සංයොජනානි පහීණානි, භවපටිලාභියානි සංයොජනානි අප්පහීණානි? අන්තරාපරිනිබ්බායිස්ස. ඉමස්ස ඛො භික්ඛවෙ පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි පහීණානි. උපපත්තිපටිලාභියානි සංයොජනානි පහීණානි. භවපටිලාභියානි සංයොජනානි අප්පහීණානි.
Sinhala BJTමහණෙනි, කවර පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද? අන්තරාපරිනිබ්බායීහට ය. මහණෙනි, මේ අන්තරාපරිනිබ්බායී පුද්ගලයාහට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
Pali BJTකතමස්ස භික්ඛවෙ පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි පහීණානි, උපපත්තිපටිලාභියානි සංයොජනානි පහීණානි, භවපටිලාභියානි සංයොජනානි පහීණානි? අරහතො. ඉමස්ස ඛො භික්ඛවෙ පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි පහීණානි. උපපත්තිපටිලාභියානි සංයොජනානි පහීණානි, භවපටිලාභියානි සංයොජනානි පහීණානි.
Sinhala BJTමහණෙනි, කවර පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද? අර්‍හත්හට ය. මහණෙනි, අර්‍හත් පුද්ගලයාහට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. උපපත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගලයෝ විද්‍යමානයහ.
Pali BJT4. 3. 4 . 2.
Sinhala BJT4. 3. 4. 2.
Pali BJT[පටිභානපුග්ගලසුත්තං]
Sinhala BJT[පටිභානපුග්ගල සූත්‍රය]
Pali BJT32. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT32. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTයුත්තපටිභානො{1} න මුත්තපටිභානො, මුත්තපටිභානො න යුත්තපටිභානො, යුත්තපටිභානො ච මුත්තපටිභානො ච, නෙව යුත්තපටිභානො නෙව මුත්තපටිභානො.
Sinhala BJTඅර්‍ත්‍ථයුක්තප්‍රතිභාන (වැටහීම්) ඇත්තේ, වහා අවුල් මුදා බණන ප්‍රතිභාන නැත්තේ ය. අවුල් මුදා බණන ප්‍රතිභාන ඇත්තේ, අර්‍ත්‍ථයුක්ත ප්‍රතිභාන නැත්තේ ය. අවුල් මුදා බණන ප්‍රතිභාන ද ඇත්තේ, අර්‍ත්‍ථ යුක්ත ප්‍රතිභාන ද ඇත්තේ ය. අර්‍ත්‍ථයුක්ත ප්‍රතිභාන නැත්තේ අවුල් මුදා බණන ප්‍රතිභාන ද නැත්තේ ය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගලයෝ විද්‍යමානයහ.
Pali BJT4. 3. 4. 3.
Sinhala BJT4. 3. 4. 3.
Pali BJT[නෙය්යපුග්ගලසුත්තං]
Sinhala BJT[නෙය්‍යපුග්ගල සූත්‍රය]
Pali BJT33. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො ?
Sinhala BJT33. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඋග්ඝටිතඤ්ඤූ, විපචිතඤ්ඤූ, නෙය්යො, පදපරමො.
Sinhala BJTඋද්ඝාටිතඥ ය, විපථතඥ ය, නෙය්‍ය ය, පදපරම යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙන විද්‍යමානයහ.
Pali BJT4. 3. 4. 4.
Sinhala BJT4. 3. 4. 4.
Pali BJT[ඵලුපජීවීපුග්ගලසුත්තං]
Sinhala BJT[ඵලූපජීවීපුග්ගල සූත්‍රය]
Pali BJT34. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT34. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්?
Pali BJTඋට්ඨානඵලූපජීවී{2} න කම්මඵලුපජීවී, කම්මඵලුපජීවී න උට්ඨානඵලූපජීවී, උට්ඨානඵලූපජීවී ච කම්මඵලුපජීවී ච, නෙවුට්ඨානඵලූපජීවී නෙව කම්මඵලුපජීවී.
Sinhala BJTඋට්ඨානවීර්‍ය්‍යඵලයෙන් ජීවත් වනසුලු කර්‍මඵලයෙන් ජීවත් නොවනසුලු පුද්ගල ය, කර්‍මඵලයෙන් ජීවත් වනසුලු උට්ඨානවීර්‍ය්‍යඵලයෙන් ජීවත් නොවනසුලු පුද්ගල ය, උට්ඨානවීර්‍ය්‍යඵලයෙනුදු ජීවත් වනසුලු කර්‍මඵලයෙනුදු ජීවත් වනසුලු පුද්ගල ය, උට්ඨානවීර්‍ය්‍යඵලයෙන් ජීවත් නො වනසුලු කර්‍මඵලයෙනුදු ජීවත් නොවනසුලු පුද්ගල යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙන විද්‍යමානයහ.
Pali BJT4. 3. 4. 5.
Sinhala BJT4. 3. 4. 5.
Pali BJT[වජ්ජපුග්ගලසුත්තං]
Sinhala BJT[වජ්ජපුග්ගල සූත්‍රය]
Pali BJT35. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT35. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTසාවජ්ජො, වජ්ජබහුලො, අප්පවජ්ජො, අනවජ්ජො.
Sinhala BJTසාවද්‍යය, වද්‍යබහුලය, අල්පවද්‍යය, අනවද්‍ය යි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සාවජ්ජො හොති? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සාවජ්ජෙන කායකම්මෙන සමන්නාගතො හොති, සාවජ්ජෙන වචීකම්මෙන සමන්නාගතො හොති, සාවජ්ජෙන මනොකම්මෙන සමන්නාගතො හොති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සාවජ්ජො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල සාවද්‍ය වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සාවද්‍ය කායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. සාවද්‍ය වාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි. සාවද්‍ය මනඃකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සාවද්‍ය වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො වජ්ජබහුලො හොති? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සාවජ්ජෙන බහුලං කායකම්මෙන සමන්නාගතො හොති, අප්පං අනවජ්ජෙන. සාවජ්ජෙන බහුලං වචීකම්මෙන සමන්නාගතො හොති, අප්පං අනවජ්ජෙන. සාවජ්ජෙන බහුලං මනොකම්මෙන සමන්නාගතො හොති, අප්පං අනවජ්ජෙන. එවං ඛො භික්ඛවෙ පුග්ගලො වජ්ජබහුලො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල වද්‍යබහුල වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් බොහෝසෙයින් සාවද්‍ය කායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි, අනවද්‍ය කායකර්‍මයෙන් අල්ප කොට ය. බොහෝසෙයින් සාවද්‍ය වාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි, අනවද්‍ය වාක්කර්‍මයෙන් අල්ප කොට ය. බොහෝසෙයින් සාවද්‍ය මනඃකර්‍මයෙන් සමන්‍වාගත වෙයි, අනවද්‍ය මනඃකර්‍මයෙන් අල්පකොට ය. මහණෙනි, මෙසේ පුද්ගල වද්‍යබහුල වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො අප්පවජ්ජො හොති? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අනවජ්ජෙන බහුලං කායකම්මෙන සමන්නාගතො හොති, අප්පං සාවජ්ජෙන. අනවජ්ජෙන බහුලං වචීකම්මෙන සමන්නාගතො හොති, අප්පං සාවජ්ජෙන. අනවජ්ජෙන බහුලං මනොකම්මෙන සමන්නාගතො හොති, අප්පං සාවජ්ජෙන. එවං ඛො භික්ඛවෙ පුග්ගලො අප්පවජ්ජො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල අල්පවද්‍ය වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් අනවද්‍ය කායකර්‍මයෙන් බහුලකොට සමන්‍වාගත වෙයි. සාවද්‍ය කායකර්‍මයෙන් අල්ප කොට ය. අනවද්‍ය වාක්කර්‍මයෙන් බහුල කොට සමන්‍වාගත වෙයි. සාවද්‍ය වාක්කර්‍මයෙන් අල්ප කොට ය. අනවද්‍ය මනඃකර්‍මයෙන් බහුල කොට සමන්‍වාගත වෙයි. සාවද්‍ය මනඃකර්‍මයෙන් අල්ප කොට ය. මහණෙනි, මෙසේ පුද්ගල අල්පවද්‍ය වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො අනවජ්ජො හොති? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අනවජ්ජෙන කායකම්මෙන සමන්නාගතො හොති, අනවජ්ජෙන වචීකම්මෙන සමන්නාගතො හොති, අනවජ්ජෙන මනොකම්මෙන සමන්නාගතො හොති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො අනවජ්ජො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල අනවද්‍ය වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් අනවද්‍ය කායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය වාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය මනඃකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල අනවද්‍ය වේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 3. 4. 6.
Sinhala BJT4. 3. 4. 6.
Pali BJT[පරිපූරකාරීපුග්ගලසුත්තං]
Sinhala BJT[පරිපූරකාරීපුග්ගල සූත්‍රය]
Pali BJT36. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT36. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්?
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සීලෙසු න පරිපූරකාරී හොති, සමාධිස්මිං න පරිපූරකාරී, පඤ්ඤාය න පරිපූරකාරී. ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස්මිං න පරිපූරකාරී, පඤ්ඤාය න පරිපූරකාරී. ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස්මිං පරිපූරකාරී, පඤ්ඤාය න පරිපූරකාරී. ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස්මිං පරිපූරකාරී, පඤ්ඤාය පරිපූරකාරී.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලයෙහි පරිපූරකාරී නො වේ. සමාධියෙහි පරිපූරකාරී නො වේ. ප්‍රඥායෙහි පරිපූරකාරී නො වේ. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලයෙහි පරිපූරකාරී වේ. සමාධියෙහි පරිපූරකාරී නො වේ. ප්‍රඥායෙහි පරිපූරකාරී නො වේ. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලයෙහි පරිපූරකාරී වේ. සමාධියෙහි පරිපූරකාරී වේ. ප්‍රඥායෙහි පරිපූරකාරී නො වේ. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලයෙහි පරිපූරකාරී වේ. සමාධියෙහි පරිපූරකාරී වේ. ප්‍රඥායෙහි පරිපූරකාරී වේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 3. 4. 7.
Sinhala BJT4. 3. 4. 7.
Pali BJT[ගරුපුග්ගලසුත්තං]
Sinhala BJT[ගරුපුග්ගල සූත්‍රය]
Pali BJT37. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT37. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො න සීලගරු හොති න සීලාධිපතෙය්යො. න සමාධිගරු හොති න සමාධාධිපතෙය්යො. න පඤ්ඤාගරු හොති න පඤ්ඤාධිපතෙය්යො.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලගරුක නො වේ, ශීලය අධිපති කොට ඇත්තේ ද නො වේ. සමාධිගරුක නො වේ. සමාධිය අධිපති කොට ඇත්තේ ද නො වේ. ප්‍රඥාගරුක නො වේ. ප්‍රඥාව අධිපති කොට ඇත්තේ ද නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො සීලගරු හොති සීලාධිපතෙය්යා. න සමාධිගරු හොති න සමාධාධිපතෙය්යො. න පඤ්ඤාගරු හොති න පඤ්ඤාධිපතෙය්යො.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලගරුක වේ, ශීලය අධිපති කොට ඇත්තේ ද වේ. සමාධිගරුක නො වේ. සමාධිය අධිපති කොට ඇත්තේ ද නො වේ. ප්‍රඥාගරුක නො වේ. ප්‍රඥාව අධිපති කොට ඇත්තේ ද නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො සීලගරු හොති සීලාධිපතෙය්යො, සමාධිගරු හොති සමාධාධිපතෙය්යො, න පඤ්ඤාගරු හොති න පඤ්ඤාධිපතෙය්යො.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලගරුක වේ, ශීලය අධිපති කොට ඇත්තේ වේ. සමාධිගරුක වේ, සමාධිය අධිපති කොට ඇත්තේ ද වේ. ප්‍රඥාගරුක නො වේ. ප්‍රඥාව අධිපතිකොට ඇත්තේ ද නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො සීලගරු හොති සීලාධිපතෙය්යො, සමාධිගරු හොති සමාධාධිපතෙය්යො, පඤ්ඤාගරු හොති පඤ්ඤාධිපතෙය්යො.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලගරුක වේ, ශීලය අධිපති කොට ඇත්තේ වේ. සමාධිගරුක වේ. සමාධිය අධිපති කොට ඇත්තේ වේ. ප්‍රඥාගරුක වේ. ප්‍රඥාව අධිපතිකොට ඇත්තේ වේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 3. 4. 8.
Sinhala BJT4. 3. 4. 8.
Pali BJT[නිකට්ඨපුග්ගලසුත්තං]
Sinhala BJT[නිකට්ඨපුග්ගල සූත්‍රය]
Pali BJT38. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT38. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTනිකට්ඨකායො අනිකට්ඨචිත්තො. අනිකට්ඨකායො නිකට්ඨචිත්තො. අනිකට්ඨකායො ච අනිකට්ඨචිත්තො ච. නිකට්ඨකායො ච නිකට්ඨචිත්තො ච.
Sinhala BJT(වෙනෙන්) ඇද ගත් කය ඇත්තේ (වනයට) වැද ගත් සිත් ඇත්තේ ය. වැද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ ය. වැද ගත් කය ඇත්තේ වැද ගත් සිත් ද ඇත්තේ ය. ඇද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ද ඇත්තේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො නිකට්ඨකායො හොති අනිකට්ඨචිත්තො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අරඤ්ඤෙ වනපත්ථානි{1} පන්තානි සෙනාසනානි පටිසෙවති. සො තත්ථ කාමවිතක්කම්පි විතක්කෙති, ව්යාපාදවිතක්කම්පි විතක්කෙති, විහිංසාවිතක්කම්පි විතක්කෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො නිකට්ඨකායො හොති අනිකට්ඨචිත්තො.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ඇද ගත් කය ඇත්තේ වැද ගත් සිත් ඇත්තේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුල්ගලයෙක් අරණ්‍ය සෙනසුන් ද, වානප්‍රස්ථයන් ද, ගැඹුරු වල් සෙනසුන් ද, සෙවුනේ ය. හේ එහි ලා කාමවිතර්‍කය ද විතර්‍කණය කෙරේ. ව්‍යාපාදවිතර්‍කය ද විතර්‍කණය කෙරේ. විහිංසාවිතර්‍කය ද විතර්‍කණය කෙරේ. මහණෙනි, මෙසේ පුද්ගල ඇදගත්, කය ඇත්තේ වැද ගත් සිත් ඇත්තේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො අනිකට්ඨකායො හොති නිකට්ඨචිත්තො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො නහෙව ඛො අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවති. සො තත්ථ නෙක්ඛම්මවිතක්කම්පි විතක්කෙති අබ්යාපාදවිතක්කම්පි විතක්කෙති, අවිහිංසාවිතක්කම්පි විතක්කෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො අනිකට්ඨකායො හොති නිකට්ඨචිත්තො.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල වැද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුල්ගලයෙක් අරණ්‍යයන් ද, වානප්‍රස්ථයන් ද, ගැඹුරු වල් සෙනසුන් ද නො ම සෙවුනේ ය. හේ එහි නෙක්ඛම්ම විතර්‍කය ද, විතර්‍කණය කෙරෙයි, අව්‍යාපාද විතර්‍කය ද විතර්‍කණය කෙරෙයි, අවිහිංසා විතර්‍කය ද විතර්‍කණය කෙරෙයි. මහණෙනි, මෙසේ පුද්ගල වැද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො අනිකට්ඨකායො ච හොති අනිකට්ඨචිත්තො ච? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො න හෙව ඛො අරඤ්ඤෙ වනපත්ථානි{1} පන්තානි සෙනාසනානි පටිසෙවති. සො තත්ථ කාමවිතක්කම්පි විතක්කෙති, බ්යාපාදවිතක්කම්පි විතක්කෙති, විහිංසාවිතක්කම්පි විතක්කෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො අනිකට්ඨකායො ච හොති අනිකට්ඨචිත්තො ච.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල වැද ගත් කය ඇත්තේ වැද ගත් සිත් ද ඇත්තේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුල්ගලයෙක් අරණ්‍යයන් ද, වානප්‍රස්ථයන් ද, ගැඹුරු වන සෙනසුන් ද නොම සෙවුනේ ය. හේ එහි කාමවිතර්‍කය ද විතර්‍කණය කෙරෙයි. ව්‍යාපාදවිතර්‍කණය ද විතර්‍කණය කෙරෙයි. විහිංසාවිතර්‍කය ද විතර්‍කණය කෙරෙයි. මහණෙනි, මෙසේ පුද්ගල වැද ගත් කය ඇත්තේ වැද ගත් සිත් ද ඇත්තේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො නිකට්ඨකායො ච හොති නිකට්ඨචිත්තො ච? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවති. සො තත්ථ නෙක්ඛම්මවිතක්කම්පි විතක්කෙති, අබ්යාපාදවිතක්කම්පි විතක්කෙති, අවිහිංසාවිතක්කම්පි විතක්කෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො නිකට්ඨකායො ච හොති නිකට්ඨචිත්තො ච.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ඇද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් අරණ්‍යයන් ද, වානප්‍රස්ථයන් ද, ගැඹුරු වන සෙනසුන් ද සෙවුනේ ය. හේ එහි නෙක්ඛම්මවිතර්‍කය ද විතර්‍කණය කෙරේ. අව්‍යාපාදවිතර්‍කය ද විතර්‍කණය කෙරේ. අවිහිංසාවිතර්‍කය ද විතර්‍කණය කෙරේ. මහණෙනි, මෙසේ පුද්ගල ඇද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ ද වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 3. 4. 9.
Sinhala BJT4. 3. 4. 9.
Pali BJT[ධම්මකථිකසුත්තං]
Sinhala BJT[ධම්මකථික සූත්‍රය]
Pali BJT39. චත්තාරොමෙ භික්ඛවෙ ධම්මකථිකා. කතමෙ චත්තාරො?
Sinhala BJT39. මහණෙනි. මේ ධර්‍මකථිකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො ධම්මකථිකො අප්පං ච භාසති අසහිතඤ්ච. පරිසා ච{2} න කුසලා හොති සහිතාසහිතස්ස. එවරූපො භික්ඛවෙ ධම්මකථිකො එවරූපාය පරිසාය ධම්මකථිකොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් ධර්‍මකථිකයෙක් අල්ප කොට ද අර්‍ත්‍ථයෙන් අසංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්‍ත්‍ථනිඃශ්‍රිත වූ හෝ අනිඃශ්‍රිත වූ හෝ බසට අදක්‍ෂ වේ. මහණෙනි, මෙබඳු ධර්‍මකථික මෙබඳු අදක්‍ෂ පිරිසෙහි “ධර්‍මකථිකයෙක් ම ය” යි ගණයට යේ.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො ධම්මකථිකො අප්පඤ්ච භාසති සහිතඤ්ච, පරිසා ච කුසලා හොති සහිතාසහිතස්ස. එවරූපො භික්ඛවෙ ධම්මකථිකො එවරූපාය පරිසාය ධම්මකථිකොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් ධර්‍මකථිකයෙක් අල්ප කොට ද අර්‍ත්‍ථ සංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්‍ත්‍ථනිඃශ්‍රිත වූ හෝ අනිඃශ්‍රිත වූ බසට දක්‍ෂ වේ. මහණෙනි, මෙබඳු ධර්‍මකථික මෙබඳු දක්‍ෂපිරිසෙහි “ධර්‍මකථිකයෙක් ම ය” යි ගණයට යේ.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො ධම්මකථිකො බහුඤ්ච භාසති අසහිතඤ්ච. පරිසා ච න කුසලා හොති සහිතාසහිතස්ස. එවරූපො භික්ඛවෙ ධම්මකථිකො එවරූපාය පරිසාය ධම්මකථිකොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් ධර්‍මකථිකයෙක් බොහෝ කොට ද අර්‍ත්‍ථයෙන් අසංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්‍ත්‍ථනිඃශ්‍රිත වූ හෝ අනිඃශ්‍රිත වූ බසට දක්‍ෂ නො වේ. මහණෙනි, මෙබඳු ධර්‍මකථික මෙබඳු අදක්‍ෂ පිරිසෙහි ‘ධර්‍මකථිකයෙක් ම ය’යි ගණයට යේ.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො ධම්මකථිකො බහුඤ්ච භාසති සහිතඤ්ච. පරිසා ච{2} කුසලා හොති සහිතාසහිතස්ස. එවරූපො භික්ඛවෙ ධම්මකථිකො එවරූපාය පරිසාය ධම්මකථිකොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් ධර්‍මකථිකයෙක් බොහෝ කොට ද අර්‍ත්‍ථ සංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්‍ත්‍ථනිඃශ්‍රිත වූ හෝ අනිඃශ්‍රිත වූ බසට දක්‍ෂ වේ. මහණෙනි, මෙබඳු ධර්‍මකථික මෙබඳු දක්‍ෂ පිරිසෙහි “ධර්‍මකථිකයෙක් ම ය” යි ගණයට යේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ධම්මකථිකාති.
Sinhala BJTමහණෙනි, මේ සතර ධර්‍මකථිකයෝ යි.
Pali BJT4. 3. 4. 10.
Sinhala BJT4. 3. 4. 10.
Pali BJT[වාදීසුත්තං]
Sinhala BJT[වාදී සූත්‍රය]
Pali BJT40. චත්තාරොමෙ භික්ඛවෙ වාදී. කතමෙ චත්තාරො?
Sinhala BJT40. මහණෙනි, මේ වාදීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්?
Pali BJTඅත්ථි භික්ඛවෙ වාදී අත්ථතො පරියාදානං ගච්ඡති නො ව්යඤ්ජනතො. අත්ථි භික්ඛවෙ වාදී ව්යඤ්ජනතො පරියාදානං ගච්ඡති නො අත්ථතො. අත්ථි භික්ඛවෙ වාදී අත්ථතො ච ව්යඤ්ජනතො ච පරියාදානං ගච්ඡති. අත්ථි භික්ඛවෙ වාදී නෙවත්ථතො නො ව්යඤ්ජනතො පරියාදානං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, අර්‍ත්‍ථ විසින් අවසන් කොට ගැණුමට යන ව්‍යඤ්ජන විසින් නොයන වාදී කෙනෙක් ඇත. මහණෙනි, ව්‍යඤ්ජන විසින් පරික්‍ෂයට යන අර්‍ත්‍ථ විසින් නොයන වාදී කෙනෙක් ඇත. මහණෙනි, අර්‍ත්‍ථ විසිනුදු ව්‍යඤ්ජන විසිනුදු පරික්‍ෂයට යන වාදී කෙනෙක් ඇත. මහණෙනි, අර්‍ත්‍ථ විසිනුදු ව්‍යඤ්ජන විසිනුදු පරික්‍ෂයට නොයන වාදී කෙනෙක් ඇත.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො වාදී. අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං චතූහි පටිසම්භිදාහි සමන්නාගතො භික්ඛු අත්ථතො ච ව්යඤ්ජනතො ච පරියාදානං ගච්ඡෙය්යාති.
Sinhala BJTමහණෙනි, මේ වාදීහු සතර දෙන යැ. මහණෙනි, සිවුපිළිසැඹියායෙන් සමන්‍වාගත මහණ අර්‍ත්‍ථ විසිනුත් ව්‍යඤ්ජන විසිනුත් පරික්‍ෂයට යේ ය යන තෙල වන්නට අකාරණ ය, අනවකාශ ය. (නො යන්නේ ම ය.)
Pali BJTපුග්ගලවග්ගො චතුත්ථො.{*}
Sinhala BJTපුද්ගලවර්‍ගය සිවුවැනි යි.
Pali BJT5. ආභාවග්ගො
Sinhala BJT5. ආභා වර්‍ගය
Pali BJT4. 3. 5. 1.
Sinhala BJT4. 3. 5. 1.
Pali BJT[ආභාසුත්තං]
Sinhala BJT[ආභා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT41. චතස්සො ඉමා භික්ඛවෙ ආභා. කතමා චතස්සො?
Sinhala BJT41. මහණෙනි, මේ ආභාවෝ (විහිදෙන රශ්මීහු) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTචන්දාභා, සූරියාභා, අග්ගාභා, පඤ්ඤාභා.
Sinhala BJTචන්‍ද්‍රාභා ය, සූර්‍ය්‍යාභා ය, අග්න්‍යාභා ය, ප්‍රඥාභා යි.
Pali BJTඉමා ඛො භික්ඛවෙ චතස්සො ආභා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං චතස්සන්නං ආභානං යදිදං පඤ්ඤාභාති.
Sinhala BJTමහණෙනි, මේ ආභාවෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ආභාවන් කෙරෙහි ප්‍රඥාභායෙක් ඇද්ද, තෙල අග්‍ර යි.
Pali BJT4. 3. 5. 2.
Sinhala BJT4. 3. 5. 2.
Pali BJT[පභාසුත්තං]
Sinhala BJT[පභා සූත්‍රය]
Pali BJT42. චතස්සො ඉමා භික්ඛවෙ පභා. කතමා චතස්සො?
Sinhala BJT42. මහණෙනි, මේ ප්‍රභාවෝ (දීප්ත රශ්මිහු) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTචන්දප්පභා, සුරියප්පභා, අග්ගිප්පභා, පඤ්ඤාපභා.
Sinhala BJTචන්‍ද්‍රප්‍රභා ය, සූර්‍ය්‍යප්‍රභා ය, අග්නිප්‍රභා ය, ප්‍රඥාප්‍රභා යි.
Pali BJTඉමා ඛො භික්ඛවෙ චතස්සො පභා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං චතස්සන්නං පභානං යදිදං පඤ්ඤාපභාති.
Sinhala BJTමහණෙනි, මේ ප්‍රභාවෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ප්‍රභාවන් කෙරෙහි ප්‍රඥාප්‍රභායෙක් ඇද්ද, තෙල අග්‍ර යි.
Pali BJT4. 3. 5. 3.
Sinhala BJT4. 3. 5. 3.
Pali BJT[ආලොකසුත්තං]
Sinhala BJT[ආලෝක සූත්‍රය]
Pali BJT43. චත්තාරොමෙ භික්ඛවෙ ආලොකා. කතමෙ චත්තාරො?
Sinhala BJT43. මහණෙනි, මේ ආලෝකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTචන්දාලොකො, සුරියාලොකො, අග්ගාලොකො, පඤ්ඤාලොකො.
Sinhala BJTචන්‍ද්‍රාලෝක ය, සූර්‍ය්‍යාලොක ය, අගන්‍යාලෝක ය, ප්‍රඥාලොක යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ආලොකා. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං චතුන්නං ආලොකානං යදිදං පඤ්ඤාලොකොති.
Sinhala BJTමහණෙනි, මේ ආලෝකයෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ආලෝකයන් කෙරෙහි ප්‍රඥාලෝකයෙක් ඇද්ද, තෙල අග්‍ර යි.