Pali BJTඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතොති භික්ඛවෙ සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං.
Sinhala BJTමහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්‍වාණධාතුවෙන් පිරිනිවියහ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානීති.
Sinhala BJTමහණෙනි, සැදැහැති කුලපුතකු විසිනු දැක්කයුතු සංවේග කටයුතු මේ සතර ස්ථානයෝ යි.
Pali BJT4. 3. 2. 9.
Sinhala BJT4. 3. 2. 9.
Pali BJT[භයසුත්තං]
Sinhala BJT[භය සූත්‍රය]
Pali BJT19. චත්තාරිමානි භික්ඛවෙ භයානි. කතමානි චත්තාරි? ජාතිභයං ජරාභයං ව්යාධිභයං මරණභයං.
Sinhala BJT19. මහණෙනි, මේ සතර භීතිහු වෙති. කවර සතරහ යත්: ජාති භය ය. ජරා භය ය. ව්‍යාධි භය ය. මරණ භය යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි භයානීති.
Sinhala BJTමහණෙනි, මේ සතරභීතීහු යි.
Pali BJT4. 3. 2. 10.
Sinhala BJT4. 3. 2. 10.
Pali BJT[දුතියභයසුත්තං]
Sinhala BJT[දුතිය භය සූත්‍රය]
Pali BJT20. චත්තාරිමානි භික්ඛවෙ භයානි. කතමානි චත්තාරි? අග්ගිභයං උදකභයං රාජභයං චොරභයං.
Sinhala BJT20. මහණෙනි, මේ සතර භීතීහු වෙති. කවර සතරහ යත්: අග්නිභය ය. උදකභය ය. රාජභය ය. චෝරභය යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි භයානීති.
Sinhala BJTමහණෙනි මේ සතර භීතීහු යි.
Pali BJTකෙසිවග්ගො දුතියො.{*}
Sinhala BJTකෙසීවර්‍ගය දෙවැනි යි.
Pali BJT3. භයවග්ගො
Sinhala BJT3. භය වර්‍ගය
Pali BJT4. 3. 3. 1.
Sinhala BJT4. 3. 3. 1.
Pali BJT[භයසුත්තං]
Sinhala BJT[භය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT21. චත්තාරිමානි භික්ඛවෙ භයානි. කතමානි චත්තාරි? අත්තානුවාදභයං පරානුවාදභයං දණ්ඩභයං දුග්ගතිභයං.
Sinhala BJT21. මහණෙනි, මේ සතර භීතීහු වෙති. කවර සතරහ යත්: ආත්මානුවාදභය ය. පරානුවාදභය ය. දණ්ඩභය ය. දුර්‍ගතිභය යි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ අත්තානුවාදභයං? ඉධ භික්ඛවෙ එකච්චො ඉති පටිසංචික්ඛති : ‘අහං චෙව ඛො පන කායෙන දුච්චරිතං චරෙය්යං. වාචාය දුච්චරිතං චරෙය්යං, මනසා දුච්චරිතං චරෙය්යං, කිඤ්ච තං මං{1} අත්තා සීලතො න උපවදෙය්යා’ති. සො අත්තානුවාදභයස්ස භීතො කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවෙති. වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවෙති. මනොදුච්චරිතං පහාය මනොසුචරිතං භාවෙති. සුද්ධං අත්තානං පරිහරති. ඉදං වුච්චති භික්ඛවෙ අත්තානුවාදභයං.
Sinhala BJTමහණෙනි, ආත්මානුවාදභය නම් කවරේය යත්: මහණෙනි, මෙලොව ඇතැම් එකෙක් මෙසේ සලකයි. ‘මම ද කයින් දුශ්චරිත කෙරෙම් නම්, වචනයෙන් දුශ්චරිත කෙරෙම් නම්, සිතින් දුශ්චරිත කෙරෙම් නම්, කිම, තෙමේ ඒ මට සීලයෙන් උපවාද නො කරන්නේ වේ ද?, හේ ආත්මානුවාදභයට බියපත් වූයේ කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනඃසුචරිතය වඩයි. ශුද්ධ වූ ආත්මයක් පරිහරණය කෙරේ. මහණෙනි, මේ ආත්මානුවාදභය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ පරානුවාදභයං? ඉධ භික්ඛවෙ එකච්චො ඉති පටිසංචික්ඛති : අහඤ්චෙව ඛො පන කායෙන දුච්චරිතං චරෙය්යං, වාචාය දුච්චරිතං චරෙය්යං, මනසා දුච්චරිතං චරෙය්යං, කිඤ්ච තං මං{1} පරෙ සීලතො න උපවදෙය්යුන්ති. සො පරානුවාදභයස්ස භීතො කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවෙති. වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවෙති. මනොදුච්චරිතං පහාය මනොසුචරිතං භාවෙති. සුද්ධං අත්තානං පරිහරති. ඉදං වුච්චති භික්ඛවෙ පරානුවාදභයං.
Sinhala BJTමහණෙනි, පරානුවාදභය නම් කවරේය යත්: මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙසේ සලකයි: ‘මම වැලිත් කයින් දුශ්චරිත කෙරෙම් නම්, වචනයෙන් දුශ්චරිත කෙරෙම් නම්, සිතින් දුශ්චරිත කෙරෙම් නම්, කිම, පරහු ඒ මට ශීලයෙන් උපවාද නො කරන්නාහු වෙත් ද?, හේ පරානුවාදභයට බියපත් වූයේ කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනඃසුචරිතය වඩයි. ශුද්ධ වූ ආත්මයක් පරිහරණය කෙරේ. මහණෙනි, මේ පරානුවාදභය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ දණ්ඩභයං? ඉධ භික්ඛවෙ එකච්චො පස්සති චොරං ආගුචාරිං රාජානො ගහෙත්වා විවිධා කම්මකාරණා{1} කාරෙන්තෙ - කසාහිපි තාළෙන්තෙ, වෙත්තෙහිපි තාළෙන්තෙ, අද්ධදණ්ඩකෙහිපි තාළෙන්තෙ, හත්ථම්පි ඡින්දන්තෙ, පාදම්පි ඡින්දන්තෙ, හත්ථපාදම්පි ඡින්දන්තෙ, කණ්ණම්පි ඡින්දන්තෙ, නාසම්පි ඡින්දන්තෙ, කණ්ණනාසම්පි ඡින්දන්තෙ, බිලඞ්ගථාලිකම්පි කරොන්තෙ, සඞ්ඛමුණ්ඩිකම්පි කරොන්තෙ, රාහුමුඛම්පි කරොන්තෙ, ජොතිමාලිකම්පි කරොන්තෙ, හත්ථපජ්ජොතිකම්පි කරොන්තෙ, එරකවත්තිකම්පි කරොන්තෙ, චීරකවාසිකම්පි කරොන්තෙ, එණෙය්යනකම්පි කරොන්තෙ, බලිසමංසිකම්පි කරොන්තෙ, කහාපණකම්පි කරොන්තෙ, ඛාරාපතච්ඡිකම්පි කරොන්තෙ, පලිඝපරිවත්තිකම්පි කරොන්තෙ, පලාලපීඨකම්පි කරොන්තෙ, තත්තෙනපි තෙලෙන ඔසිඤ්චන්තෙ, සුනඛෙහිපි ඛාදාපෙන්තෙ, ජීවන්තම්පි සූලෙ උත්තාසෙන්තෙ, අසිනාපි සීසං ඡින්දන්තෙ.
Sinhala BJTමහණෙනි, දණ්ඩභය නම් කවරේය යත්: මහණෙනි, මෙලොව ඇතැමෙක් අපරාධකාරී සොරකු දකී. රජදරුවෝ තෙල සොරු ගෙණ විවිධ වූ කම්කටොලු කරත් - කස වැලිනුදු තළත් ද, වේවැලිනුදු තළත් ද, අඩදඬුයෙනු දු තළත්ද, අතු දු සිඳිත් ද, පාත් සිඳිත් ද, අත්පාත් සිඳිත් ද, කනුදු සිඳිත් ද, නාසාත් සිඳිත් ද, කන් නාසාත් සිඳිත් ද, බිලඞ්ගථාලික නම් වධයත් කෙරෙත් ද, සඞ්ඛමුණ්ඩික නම් වධයත් කෙරෙත් ද, රාහුමුඛ නම් වධයත් කෙරෙත් ද, ජෝතිමාලික නම් වධයත් කෙරෙත් ද, හත්‍ථපජ්ජෝතික නම් වධයත් කෙරෙත් ද, එරකවත්තික නම් වධයත් කෙරෙත් ද, චීරකවාසික නම් වධයත් කෙරෙත් ද, එණෙය්‍යක නම් වධයත් කෙරෙත් ද, බලිසමංසික නම් වධයත් කෙරෙත් ද, කහාපණක නම් වධයත් කෙරෙත් ද, ඛාරාපතච්ඡික නම් වධයත් කෙරෙත් ද, පලිඝපරිවත්තික නම් වධයත් කෙරෙත් ද, පලාලපීඨක නම් වධයත් කෙරෙත් ද, කකියන තෙලිනුත් ඉසිත් ද, සුනඛයන් ලවාත් කවත් ද, දිවස් හුල හිඳුවත් ද, කඩුවෙනුදු හිස සිඳිත් ද, (මෙබඳු දඬුවම් ලබන සොරුයි.)
Pali BJTතස්ස එවං හොති : “යථාරූපානං ඛො පාපකානං කම්මානං හෙතු චොරං ආගුචාරිං රාජානො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්ති: කසාහිපි තාළෙන්ති -පෙ- අසිනාපි සීසං ඡින්දන්ති. අහං චෙව ඛො පන එවරූපං පාපකං කම්මං කරෙය්යං, මම්පි රාජානො ගහෙත්වා එවරූපා විවිධා කම්මකාරණා කාරෙය්යුං: කසාහිපි තාළෙය්යුං, වෙත්තෙහිපි තාළෙය්යුං, අද්ධදණ්ඩකෙහිපි තාළෙය්යුං, හත්ථම්පි ඡින්දෙය්යුං, පාදම්පි ඡින්දෙය්යුං, හත්ථපාදම්පි ඡින්දෙය්යුං, කණ්ණම්පි ඡින්දෙය්යුං, නාසම්පි ඡින්දෙය්යුං, කණ්ණනාසම්පි ඡින්දෙය්යුං, බිලඞ්ගථාලිකම්පි කරෙය්යුං, සඞ්ඛමුණ්ඩිකම්පි කරෙය්යුං, රාහුමුඛම්පි කරෙය්යුං, ජොතිමාලිකම්පි කරෙය්යුං, හත්ථපජ්ජොතිකම්පි කරෙය්යුං, එරකවත්තිකම්පි කරෙය්යුං, චීරකවාසිකම්පි කරෙය්යුං, එණෙය්යකම්පි කරෙය්යුං, බලිසමංසිකම්පි කරෙය්යුං, කහාපණකම්පි කරෙය්යුං, ඛාරාපතච්ඡිකම්පි කරෙය්යුං, පලිඝපරිවත්තිකම්පි කරෙය්යුං, පලාලපීඨකම්පි කරෙය්යුං, තත්තෙනපි තෙලෙන ඔසිඤ්චෙය්යුං, සුනඛෙහිපි ඛාදාපෙය්යුං, ජීවන්තම්පි සූලෙ උත්තාසෙය්යුං, අසිනාපි සීසං ඡින්දෙය්යු”න්ති. සො දණ්ඩභයස්ස භීතො න පරෙසං පාභතං පලුම්පන්තො විචරති. ඉදං වුච්චති භික්ඛවෙ දණ්ඩභයං.
Sinhala BJTඔහුට මෙබඳු සිතෙක් වෙයි: “යම්බඳු පාපකර්‍ම හේතුයෙන් අපරාධකාරී සොරකු ගෙන රජදරුවෝ විවිධ කම්කටොලු කරත් ද, කස වැලිනුදු තළත් ද ... කඩුවෙනුත් හිස සිඳිත් ද, මම ද මෙබඳු පාපකර්‍ම කෙරෙම් නම් රජ දරුවෝ මයිත් ගෙණ මෙබඳු විවිධ කම්කටොලු කරන්නාහු ය. කසවැලිනුදු ගළන්නාහු ය. වේවැලිනුදු තළන්නාහු ය. අඩදඬුයෙනු දු තළන්නාහු ය. අතු දු සිඳින්නාහු ය. පාත් සිඳින්නාහු ය. අත්පාත් සිඳින්නාහු ය. කනුදු සිඳින්නාහු ය. නාසාත් සිඳින්නාහු ය. කන් නාසාත් සිඳින්නාහු ය. බිලඞ්ගථාලික නම් වධයත් කරන්නාහු ය. සඞ්ඛමුණ්ඩික නම් වධයත් කරන්නාහු ය. රාහුමුඛ නම් වධයත් කරන්නාහු ය. ජෝතිමාලික නම් වධයත් කරන්නාහු ය. හත්‍ථපජ්ජෝතික නම් වධයත් කරන්නාහු ය. එරකවත්තික නම් වධයත් කරන්නාහු ය. චීරකවාසික නම් වධයත් කරන්නාහු ය. එණෙය්‍යක නම් වධයත් කරන්නාහු ය. බලිසමංසික නම් වධයත් කරන්නාහු ය. කහාපණක නම් වධයත් කරන්නාහු ය. ඛාරාපතච්ඡික නම් වධයත් කරන්නාහු ය. පළිඝපරිවත්තික නම් වධයත් කරන්නාහු ය. පලාලපීඨක නම් වධයත් කරන්නාහු ය. කකියන තෙලිනුත් ඉස්නාහු ය. සුනඛයන් ලවාත් කවන්නාහු ය. දිවස් හුල නගන්නාහු ය. කඩුවෙනුදු හිස සිඳිනුනාහු ය”’ යි. හේ දණ්ඩභයට බිය වූයේ මෙරමා අයත් වස්තුව පැහැර ගණිමින් නො හැසිරෙයි. මහණෙනි, මේ දණ්ඩභය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ දුග්ගතිභයං? ඉධ භික්ඛවෙ එකච්චො ඉති පටිසංචික්ඛති : කායදුච්චරිතස්ස ඛො පාපකො විපාකො අභිසම්පරායං. වචීදුච්චරිතස්ස පාපකො විපාකො අභිසම්පරායං. මනොදුච්චරිතස්ස පාපකො විපාකො අභිසම්පරායං. අහං චෙව ඛො පන කායෙන දුච්චරිතං චරෙය්යං, වාචාය දුච්චරිතං චරෙය්යං, මනසා දුච්චරිතං චරෙය්යං, කිඤ්ච තං සාහං න කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්යන්ති. සො දුග්ගතිභයස්ස භීතො කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවෙති. වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවෙති. මනොදුච්චරිතං පහාය මනොසුචරිතං භාවෙති. සුද්ධං අත්තානං පරිහරති. ඉදං වුච්චති භික්ඛවෙ දුග්ගතිභයං.
Sinhala BJTමහණෙනි, දුර්‍ගතිභය නම් කවරේය යත්: මහණෙනි, මෙලොව ඇතැමෙක් මේ සේ සලකයි: කායදුශ්චරිතයාගේ පරලොව ලමු විපාකයෙක. වචීදුශ්චරිතයාගේ පරලොව ලමු විපාකයෙක. මනෝදුශ්චරිතයාගේ පරලොව ලමු විපාකයෙක. මම ද වැලිත් කයින් දුශ්චරිත කෙරෙම් නම්, වචනයෙන් දුශ්චරිත කෙරෙම් නම්, සිතින් දුශ්චරිත කෙරෙම් නම්, කිම, ඒ හේතුවෙන් යම් බඳු මම කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව සිටි, නපුරු ගති ඇති, විවශ ව පතිත වන නිරයෙහි නූපදින්නෙම් වේ දැ යි හෙතෙම දුර්‍ගතිභයට බිය වූයේ කායදුශ්චරිතය හැර පියා කායසුචරිතය වඩයි. වචීදුශ්චරිතය හැර පියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැර පියා මනස්සුචරිතය වඩයි. ශුද්ධාත්මභාවයක් පරිහරණය කෙරෙයි. මහණෙනි, මේ දුර්‍ගතිභය යි කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි භයානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර භීතීහු යි.
Pali BJT4. 3. 3. 2.
Sinhala BJT4. 3. 3. 2.
Pali BJT[උදකොරොහභයසුත්තං]
Sinhala BJT[උදකොරෝගභය සූත්‍රය]
Pali BJT22. චත්තාරිමානි භික්ඛවෙ භයානි උදකොරොහන්තස්ස පාටිකඞ්ඛිතබ්බානි. කතමානි චත්තාරි? ඌමිභයං, කුම්භීලභයං, ආවට්ටභයං, සුසුකාභයං. ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි භයානි උදකොරොහන්තස්ස පාටිකඞ්ඛිතබ්බානි.
Sinhala BJT22. මහණෙනි, දියට බස්නහුට මේ භීතීහු සතර දෙනෙක් කැමැති විය යුත්තාහ. කවර සතර දෙනෙක යත්: රළ බිය, කිඹුල් බිය, සුළි බිය, සැඩමස් බිය යි. මහණෙනි, දියට බස්නහුව මේ සතර භීතීහු කැමැති විය යුත්තාහ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චස්ස කුලපුත්තස්ස ඉමස්මිං ධම්මවිනයෙ සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො චත්තාරිමානි භයානි පාටිකඞ්ඛිතබ්බානි. කතමානි චත්තාරි? ඌමිභයං, කුම්භීලභයං, ආවට්ටභයං, සුසුකාභයං.
Sinhala BJTමහණෙනි, එපරිදි ම සැදැහැයෙන් ගිහිගෙන් නික්ම මේ ශාසනයෙහි පැවිදි වන ඇතැම් කුලපුත්‍රයකුට මේ සතර භීතීහු කැමැති විය යුත්තාහ. කවර සතර භීතීහු ය යත්: ඌමිභය, කුම්භීලභය, ආවට්ටභය, සුසුකාභය යි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ ඌමිභයං? ඉධ භික්ඛවෙ එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති “ඔතිණ්ණොම්හි ජාතියා ජරා, මරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා”ති.
Sinhala BJTමහණෙනි, ඌමිභය නම් කවරේය යත්: මහණෙනි, “ජාතිවිසිනුදු ජරාමරණවිසිනුදු ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසවිසිනිදු අවතීර්‍ණයෙමි. දුකට බටුයෙමි. දුක් විසින් මැඩුනෙම් වෙමි. මේ කේවලදුඃඛස්කන්‍ධයාගේ අවසන් කිරීම පැණේ නම් මනා නම් නු” යි. මෙ ලොව ඇතැම් කුලපුත්‍රයෙක් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි.
Pali BJTතමෙනං තථා පබ්බජිතං සමානං සබ්රහ්මචාරී ඔවදන්ති අනුසාසන්ති : “එවං තෙ අභික්කමිතබ්බං. එවං තෙ පටික්කමිතබ්බං. එවං තෙ ආලොකෙතබ්බං. එවං තෙ විලොකෙතබ්බං. එවං තෙ සමිඤ්ජිතබ්බං. එවං තෙ පසාරිතබ්බං. එවං තෙ සඞ්ඝාටිපත්තචීවරං ධාරෙතබ්බන්ති.”
Sinhala BJTඑසේ පැවිදි වූ තෙල මුහුට සබ්‍රම්සරු අවවාද කෙරෙත්, අනුශාසනා කෙරෙත්: “තොප විසින් මෙසේ පෙරට යා යුතුය. තොප විසින් මෙසේ වටාලා ආ යුතුය. තොප විසින් මෙසේ ඉදිරි බැලිය යුතුය. තොප විසින් මෙසේ හාත්පස බැලිය යුතුය. තොප විසින් මෙසේ අත් පා වක්කළ යුතුය. තොප විසින් මෙසේ අත් පා දිගු කළ යුතුය. තොප විසින් මෙසේ සඟළ පාසිවුරු දැරිය යුතුය” කියා යි.
Pali BJTතස්ස එවං හොති : “මයං ඛො පුබ්බෙ අගාරියභූතා සමානා අඤ්ඤෙ ඔවදාමපි අනුසාසාමපි. ඉමෙ පනම්හාකං පුත්තමත්තා මඤ්ඤෙ, නත්තමත්තා මඤ්ඤෙ, ඔවදිතබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්තී”ති. සො කුපිතො අනත්තමනො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ඌමිභයස්ස භීතො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තො. ඌමිභයන්ති ඛො භික්ඛවෙ කොධුපායාසස්සෙතං අධිවචනං. ඉදං වුච්චති භික්ඛවෙ ඌමිභයං.
Sinhala BJTඔහුට මෙබඳු සිතෙක් වෙයි: “පෙර අපි ගිහි වූවමෝ සෙස්සනට අවවාදත් කරමෝ වම්හ, අනුශාසනාත් කරමෝ වම්හ. මොහු වනාහි අපගේ පුත්‍රමාත්‍රයන් බන්දහ, මුණුපුරන් බන්දහ. (එහෙත් අප) අවවාද කළ යුතු කොට අනුශාසනා කළ යුතු කොට හඟිති” යි. හේ කිපියේ නොසතුටු සිත් ඇතියේ ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහිගෙට පෙරළා වැටෙයි. මහණෙනි, මේ මහණ ඌමිභයෙන් බිය වූයේ ශික්‍ෂාව හැර ගිහිගෙට පෙරළා වැටුනේ ය යි කියනු ලැබේ. මහණෙනි, ඌමිභය යනු ක්‍රෝධ-උපායාසයට තෙල නමෙකි. මහණෙනි, මේ ඌමිභය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කුම්භීලභයං: ඉධ භික්ඛවෙ එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති “ඔතිණ්ණොම්හි ජාතියා ජරා{1}මරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා”ති.
Sinhala BJTමහණෙනි, කුම්භීලභය නම් කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව ඇතැම් කුලපුත්‍රයෙක් “ජාතිවිසින් ජරාමරණවිසින් ශෝකපරිදේව දුඃඛදෞර්‍මනස්‍යවිසින් අවතීර්‍ණයෙමි. දුකට බටුයෙමි. දුක්විසින් මැඩුනෙම් වෙමි. මේ කේවලදුඃඛස්කන්‍ධයාගේ අවසන් කිරීම පැණේ නම් මනා නම් නු” යි සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි.
Pali BJTතමෙනං තථා පබ්බජිතං සමානං සබ්රහ්මචාරී ඔවදන්ති අනුසාසන්ති : “ඉදං තෙ ඛාදිතබ්බං, ඉදං තෙ න ඛාදිතබ්බං, ඉදං තෙ භුඤ්ජිතබ්බං, ඉදං තෙ න භුඤ්ජිතබ්බං, ඉදං තෙ සායිතබ්බං, ඉදං තෙ න සායිතබ්බං, ඉදං තෙ පාතබ්බං, ඉදං තෙ න පාතබ්බං. කප්පියං තෙ ඛාදිතබ්බං, අකප්පියං තෙ න ඛාදිතබ්බං, කප්පියං තෙ භුඤ්ජිතබ්බං, අකප්පියං තෙ න භුඤ්ජිතබ්බං, කප්පියං තෙ සායිතබ්බං, අකප්පියං තෙ න සායිතබ්බං, කප්පියං තෙ පාතබ්බං, අකප්පියං තෙ න පාතබ්බං, කාලෙ තෙ පාතබ්බං, විකාලෙ තෙ පාතබ්බං, කාලෙ තෙ ඛාදිතබ්බං, විකාලෙ තෙ න ඛාදිතබ්බං, කාලෙ තෙ භුඤ්ජිතබ්බං, විකාලෙ තෙ න භුඤ්ජිතබ්බං, කාලෙ තෙ සායිතබ්බං, විකාලෙ තෙ න සායිතබ්බන්ති.”
Sinhala BJTඑසේ පැවිදි වූ තෙල මුහුට සබ්‍රම්සරු අවවාද කරත්, අනුශාසනා කරත්. “මේ තොප විසින් කෑ යුතුය, මේ තොප විසින් නො කෑ යුතුය, මේ තොප විසින් බිදිය යුතුය, මේ තොප විසින් නො බිදිය යුතුය, මේ තොප විසින් ආස්වාද කළ යුතුය, මේ තොප විසින් ආස්වාද නො කළ යුතුය, මේ තොප විසින් පිය යුතුය, මේ තොප විසින් නො පිය යුතුය, තොප විසින් කැප දෑ කෑ යුතුය. තොප විසින් නො කැප දෑ නො කෑ යුතුය. තොප විසින් කැප දෑ බිදිය යුතුය, තොප විසින් නො කැප දෑ නො බිදිය යුතුය, තොප විසින් කැප දෑ ආස්වාද කට යුතුය, තොප විසින් නො කැප දෑ ආස්වාද නො කට යුතුය, තොප විසින් කැප දෑ පිය යුතුය, තොප විසින් නො කැප දෑ නො පිය යුතුය, තොප විසින් නිසි කාලයෙහි පිය යුතුය, තොප විසින් විකාලයෙහි නො පිය යුතුය, තොප විසින් කාලයෙහි කෑ යුතුය, තොප විසින් විකාලයෙහි නො කෑ යුතුය, තොප විසින් කාලයෙහි බිදිය යුතුය, තොප විසින් විකාලයෙහි නො බිදිය යුතුය, තොප විසින් කාලයෙහි ආස්වාද කටයුතුය, තොප විසින් විකාලයෙහි ආස්වාද නො කට යුතුය” කියා යි.
Pali BJTතස්ස එවං හොති : “මයං ඛො පුබ්බෙ අගාරියභූතා සමානා යං ඉච්ඡාම තං ඛාදාම, යං න ඉච්ඡාම තං න ඛාදාම, යං ඉච්ඡාම තං භුඤ්ජාම, යං න ඉච්ඡාම තං න භුඤ්ජාම, යං ඉච්ඡාම තං සායාම. යං න ඉච්ඡාම න තං සායාම, යං ඉච්ඡාම තං පිබාම, යං න ඉච්ඡාම තං න පිබාම, කප්පියම්පි ඛාදාම, අකප්පියම්පි ඛාදාම, කප්පියම්පි භුඤ්ජාම, අකප්පියම්පි භුඤ්ජාම, කප්පියම්පි සායාම, අකප්පියම්පි සායාම, කප්පියම්පි පිබාම, අකප්පියම්පි පිබාම, කාලෙපි ඛාදාම, විකාලෙපි ඛාදාම, කාලෙපි භුඤ්ජාම, විකාලෙපි භුඤ්ජාම, කාලෙපි සායාම, විකාලෙපි සායාම, කාලෙපි පිබාම, විකාලෙපි පිබාම. යම්පි නො සද්ධා ගහපතිකා දිවා විකාලෙ පණීතං ඛාදනීයං වා භොජනීයං වා දෙන්ති, තත්රාපිමෙ මුඛාවරණං මඤ්ඤෙ කරොන්තී”ති. සො කුපිතො අනත්තමනො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු කුම්භීලභයස්ස භීතො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තො. කුම්භීලභයන්ති ඛො භික්ඛවෙ ඔදරිකත්තස්සෙතං අධිවචනං. ඉදං වුච්චති භික්ඛවෙ කුම්භීලභයං.
Sinhala BJTඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “අපි පෙර ගිහි වූවමෝ යමක් කැමැත්තමෝ නම් එය කම්හ. යමක් නො කැමැත්තමෝ නම් එය නො කම්හ. යමක් කැමැත්තමෝ නම් එය බිදිම්හ. යමක් නො කැමැත්තමෝ නම් එය නො බිදිම්හ. යමක් කැමැත්තමෝ නම් එය ආස්වාද කරම්හ. යමක් නො කැමැත්තමෝ නම් එය ආස්වාද නොකරම්හ. යමක් කැමැත්තමෝ නම් එය බොම්හ. යමක් නො කැමැත්තමෝ නම් එය නො බොම්හ. කැප දැය ද කම්හ, අකැප දැය ද කම්හ. කැප දැය ද බිදිම්හ, අකැප දැය ද බිදිම්හ. කැප දැය ද ආස්වාද කරම්හ, අකැප දැය ද ආස්වාද කරම්හ. කැප දැය ද බොම්හ, අකැප දැයද බොම්හ. කාලයෙහි ද කම්හ, විකාලයෙහි ද කම්හ. කාලයෙහි ද බිදිම්හ, විකාලයෙහි ද බිදිම්හ, කාලයෙහි දු ආස්වාද කරම්හ, විකාලයෙහි ද ආස්වාද කරම්හ. කාලයෙහි ද බොම්හ, විකාලයෙහි ද බොම්හ. සැදැහැති ගෙහෙවිහු දාවල විකාලයෙහිත් අපට යම් පිණී ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් දෙත් ද, එහිත් මොහු මුඛාවරණ කරණවුන් බන්දහ” යි හේ කිපියේ නො සතුටු සිත් ඇතියේ ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහිගෙට පෙරළා වැටෙයි. මහණෙනි, මෙ මහණ කුම්භීලභයෙන් බිය වූයේ ශික්‍ෂාව හැර පියා ගිහිගෙට පෙරළා වැටිනැ යි කියනු ලැබේ. මහණෙනි, කුම්භීලභය යනු මහොදරභාවයට (බොහෝකනුවට) තෙල නමෙකි. මහණෙනි, මේ කුම්භීභය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ ආවට්ටභයං? ඉධ භික්ඛවෙ එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති “ඔතිණ්ණොම්හි ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො. අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා”ති. සො එවං පබ්බජිතො සමානො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය වාචාය අරක්ඛිතෙන චිත්තෙන අනුපට්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්ද්රියෙහි. සො තත්ථ පස්සති ගහපතිං වා ගහපතිපුත්තං වා පඤ්චහි කාමගුණෙහි සමප්පිතං සමඞ්ගීභූතං පරිචාරයමානං. තස්ස එවං හොති : “මයං ඛො පුබ්බෙ අගාරියභූතා සමානා පඤ්චහි කාම ගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරිම්හ. සංවිජ්ජන්තෙ ඛො පන මෙ කුලෙ භොගා. සක්කා භොගෙ ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතුං. යන්නූනාහං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජෙය්යං පුඤ්ඤානි ච කරෙය්යන්ති.” සො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ආවට්ටභයස්ස භීතො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තො. ආවට්ටභයන්ති ඛො භික්ඛවෙ පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. ඉදං වුච්චති භික්ඛවෙ ආවට්ටභයං.
Sinhala BJTමහණෙනි, ආවට්ටභය නම් කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව ඇතැම් කුලපුත්‍රයෙක් “ජාතිවිසින් ජරාමරණවිසින් ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසවිසින් අවතීර්‍ණයෙමි. දුකට බටුයෙමි. දුක්විසින් පෙළුනෙමි. මේ කේවලදුඃඛස්කන්‍ධයාගේ කෙළවර කිරීම පැණේ නම් මනා නම් නු” යි සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට වැදුනේ වෙයි. හේ මෙසේ පැවිදි වූයේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ ගමට හෝ නියම්ගමට හෝ නො රැකි වූ ම කයින් නො රැකි වචනයෙන් නො රැකි සිතින් නො එළඹ සිටි සිහියෙන් අසංවෘත ඉන්‍ද්‍රියයෙන් පිඬු පිණිස පිවිසෙයි. හේ එහි දී පස්කම්ගුණෙන් සමර්පිත සමන්‍විත ඉඳුරන් පිණවන ගොවියකු හෝ ගොවියා පුතකු හෝ දක්නේ ය. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: අපි පෙර ගිහි වූවමෝ පස්කම් ගුණයෙන් සමර්පිත ව සමන්‍විත ව ඉඳුරන් පිණවූම්හ. මාගේ කුලයෙහි භෝගයෝ විද්‍යමානයහ. භෝගයන් වළඳන්නට ද පින් කරන්නට ද හැකිය. ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහිගෙට වැටී භෝගයන් වළඳම් නම් පින් ද කෙරෙම් නම් මැනැව” කියා යි. හෙ ශික්‍ෂාව හැර පියා ගිහිගෙට වටාලා වැටෙයි. මහණෙනි, මේ මහණ ආවට්ටභයෙන් බිය වූයේ ශික්‍ෂාව හැර ගිහිගෙට වැටිනැ යි කියනු ලැබේ. මහණෙනි, ආවට්ටභය යනු පස්කම් ගුණයට තෙල නමෙකි. මහණෙනි, මේ ආවට්ටභය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ සුසුකාභයං? ඉධ භික්ඛවෙ එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති “ඔතිණ්ණොම්හි ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණොදුක්ඛපරෙතො. අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා”ති.
Sinhala BJTමහණෙනි, සුසුකාභය නම් කවරේය යත්: මහණෙනි, මෙලොව ඇතැම් කුලපුත්‍රයෙක් “ජාතිවිසින් ජරාමරණවිසින් ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍යඋපායාසවිසින් අවතීර්‍ණ වෙමි. දුකට බටුයෙමි. දුක්විසින් පෙළුනෙමි. මේ කේවල දුඃඛස්කන්‍ධයාගේ අවසානය පැණේ නම් මනා නම් නු” යි සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට වැදුනේ වෙයි.
Pali BJTසො එවං පබ්බජිතො සමානො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය වාචාය අරක්ඛිතෙන චිත්තෙන අනුපට්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්ද්රියෙහි. සො තත්ථ පස්සති මාතුගාමං දුන්නිවත්ථං වා දුප්පාරුතං වා. තස්ස මාතුගාමං දිස්වා දුන්නිවත්ථං වා දුප්පාරුතං වා රාගොචිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසිතෙන චිත්තෙන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු සුසුකාභයස්ස භීතො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තො. සුසුකාභයන්ති ඛො භික්ඛවෙ මාතුගාමස්සෙතං අධිවචනං. ඉදං වුච්චති භික්ඛවෙ සුසුකාභයං.
Sinhala BJTහේ මෙසේ පැවිදි වූයේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ගමට හෝ නියම්ගමට හෝ නො රැක ගත් කයින්, නො රැක ගත් වචනයෙන්, නො රැක ගත් සිතින් නො එළඹ සිටි සිහියෙන් අසංවෘත ඉන්‍ද්‍රියයෙන් යුක්ත ව පිඬු පිණිස පිවිසෙයි. හේ එහි දී වසඩක් නොවසා හැඳගත් වසඩක් නොවසා පෙරව ගත් මාගමක් දක්නේ ය. වසඩක් නොවසා හැඳි වසඩක් නොවසා පෙරවි මාගම දැක්මෙන් ඔහුගේ සිත රාගය පුන පුනා පෙළයි. හේ රාගයා විසින් පෙළුනු සිතින් ශික්‍ෂාව හැර ගිහිගෙට වැටෙයි. මහණෙනි, මේ මහණ සුසුකාභයින් බිය වූයේ ශික්‍ෂාව හැර ගිහිගෙට වැටිනැ යි කියනු ලැබේ. මහණෙනි, සුසුකාභය යනු මාගමට තෙල නමෙකි. මහණෙනි, මේ සුසුකාභය යි කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි භයානි ඉධෙකච්චස්ස කුලපුත්තස්ස ඉමස්මිං ධම්මවිනයෙ සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතස්ස පාටිකඞ්ඛිතබ්බානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර භීතීහු සැදැහැයෙන් ගිහිගෙන් නික්ම මෙසස්නෙහි පැවිද්දට පැමිණි කුලපුත්‍රයා විසින් කැමැති විය යුත්තාහ.
Pali BJT4. 3. 3. 3.
Sinhala BJT4. 3. 3. 3.
Pali BJT[පුගගලසුත්තං]
Sinhala BJT[පුග්ගල සූත්‍රය]
Pali BJT23. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT23. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො තදස්සාදෙති. තන්නිකාමෙති. තෙන ච විත්තිං ආපජ්ජති. තත්ථ ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී අපරිහීනො කාලං කුරුමානො බ්රහ්මකායිකානං දෙවානං සහව්යථතං උපපජ්ජති. බ්රහ්මකායිකානං භික්ඛවෙ දෙවානං කප්පො ආයුප්පමාණං. තත්ථ පුථුජ්ජනො යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා නිරයම්පි ගච්ඡති. තිරච්ඡානයොනිම්පි ගච්ඡති පෙත්තිවිසයම්පි ගච්ඡති. භගවතො පන සාවකො තත්ථ යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා තස්මිංයෙව භවෙ පරිනිබ්බායති. අයං ඛො භික්ඛවෙ විසෙසො, අයං අධිප්පායො, ඉදං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙන යදිදං ගතියා උපපත්තියා සති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් කාමයෙන් වෙන් ව අකුසලදහමින් වෙන් ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීති සුඛය ඇති ප්‍රථමධ්‍යානට පැමිණ වෙසෙයි. හේ ඒ ධ්‍යානය සුඛාස්වාදයෙන් ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානය පතයි. ඒ ධ්‍යානයෙන් ම තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ එහි අධිමුක්ත වූයේ ඒ දැහැනින් බෙහෙවින් වසන්නේ එයින් නො පිරිහුනේ කලුරිය කරමින් බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, බ්‍රහ්මකායික දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කල්පයෙකි. එහි පුහුදුන් තෙමේ ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද යම් පමණ වේ ද ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන්යෝනට ද යෙයි. ප්‍රේතවිෂ්යට ද යෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා ඒ රූපභාවයෙහි ම පිරිනිවන් පානේ ය. මහණෙනි, ගතිය හා උපපත්තිය හා ඇති කල්හි අශ්‍රැතවත් පෘථග්ජනයා හා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂ යි. මේ අධිකප්‍රයෝගයි. මේ වෙනස යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො තදස්සාදෙති. තන්නිකාමෙති. තෙන ච විත්තිං ආපජ්ජති. තත්ථ ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී අපරිහීනො කාලං කුරුමානො ආභස්සරානං දෙවානං සහව්යතං උපපජ්ජති. ආභස්සරානං භික්ඛවෙ දෙවානං ද්වෙ කප්පා ආයුප්පමාණං. තත්ථ පුථුජ්ජනො යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා නිරයම්පි ගච්ඡති තිරච්ඡානයොනිම්පි ගච්ඡති පෙත්තිවිසයම්පි ගච්ඡති. භගවතො පන සාවකො තත්ථ යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා තස්මිං යෙව භවෙ පරිනිබ්බායති. අයං ඛො භික්ඛවෙ විසෙසො. අයං අධිප්පායො ඉදං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙන යදිදං ගතියා උපපත්තියා සති.
Sinhala BJTතවද මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් විතර්‍ක විචාර සංහිඳුවාලීමෙන් තමා තුළ පැහැදීම් කරණ, සිත පිළිබඳ එකඟ බව ඇති විතර්‍ක විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති, ද්විතීයධ්‍යානය උපයා වෙසෙයි. හේ ඒ දැහැන සුඛාස්වාදයෙන් ආස්වාද කෙරෙයි. ඒ දැහැන පතයි. ඒ දැහැනින් තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ ඒ දැහැනෙහි අධිමුක්ත වූයේ ඒ දැහැනින් බහුල විහරණ ඇතියේ, නො පිරිහුනේ කලුරිය කරමින් ආභාස්වර දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, ආභාස්වර දෙවියන්ගේ ආයුඃප්‍රමාණය දෙ කපෙකි. එහි පෘථග්ජන ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යොනට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද, එ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවෙයි. මහණෙනි, ගතිය හා උපපත්තිය හා ඇතිකල්හි අශ්‍රැතවත් පෘථග්ජනයා හා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂයි. මේ අධිකප්‍රයෝග යි. මේ වෙනසයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛං ච කායෙන පටිසංවෙදෙති. යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො තදස්සාදෙති තන්නිකාමෙති තෙන ච විත්තිං ආපජ්ජති. තත්ථ ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී අපරිහීනො කාලං කුරුමානො සුභකිණ්හානං දෙවානං සහව්යතං උපපජ්ජති. සුභකිණ්හානං භික්ඛවෙ දෙවානං චත්තාරො කප්පා ආයුප්පමාණං. තත්ථ පුථුජ්ජනො යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා නිරයම්පි ගච්ඡති තිරච්ඡානයොනිම්පි ගච්ඡති පෙත්තිවිසයම්පි ගච්ඡති. භගවතො පන සාවකො තත්ථ යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා තස්මිං යෙව භවෙ පරිනිබ්බායති. අයං ඛො භික්ඛවෙ විසෙසො, අයං අධිප්පායො, ඉදං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙන යදිදං ගතියා උපපත්තියා සති.
Sinhala BJTතව ද මහණෙනි, මෙ මෙලොව ඇතැම් පුද්ගලයෙක් ප්‍රීති විරාගයෙන් උපේක්‍ෂක වූයේ ස්මෘතිමත් වූයේ නුවණින් දන්නේ වාස කෙරෙයි. සුඛය ද නාමකයින් විඳ ගණී. යම් දැහැන් ලදුවකු උපේක්‍ෂක ය, ස්මෘතිමත් ය, සුඛවිහාරී ය යි ආර්‍ය්‍යයෝ කියත් ද, ඒ තුන්වන දැහැනට එළඹ වෙසෙයි. හේ ඒ දැහැන සුඛාස්වාදයෙන් ආස්වාද කෙරෙයි. ඒ දැහැන පතයි. එයින් තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ ඒ දැහැනෙහි අධිමුක්ත වූයේ ඒ දැහැනින් බහුල විහරණ ඇත්තේ නො පිරිහුනේ කලුරිය කරමින් ශුභකෘත්සන දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, ශුභකෘත්සන දෙවියන්ගේ ආයුඃප්‍රමාණය සතර කල්පයෙකි. එහි පෘථග්ජන ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන්යෝනට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවෙයි. මහණෙනි, ගතිය හා උපපත්තිය හා ඇති කල්හි අශ්‍රැතවත් පෘථග්ජනයා හා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂයි. මේ අධිකප්‍රයෝගයි, මේ වෙනසයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො සුඛස්ස ච පහාණා දුක්ඛස්ස ච පහාණා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො තදස්සාදෙති. තන්නිකාමෙති. තෙන ච විත්තිං ආපජ්ජති. තත්ථ ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී අපරිහීනො කාලං කුරුමානො වෙහප්ඵලානං දෙවානං සහව්යජතං උපපජ්ජති. වෙහප්ඵලානං භික්ඛවෙ දෙවානං පඤ්චකප්පසතානි ආයුප්පමාණං. තත්ථ පුථුජ්ජනො යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා නිරයම්පි ගච්ඡති. තිරච්ඡානයොනිම්පි ගච්ඡති. පෙත්තිවිසයම්පි ගච්ඡති. භගවතො පන සාවකො තත්ථ යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා තස්මිං යෙව භවෙ පරිනිබ්බායති.
Sinhala BJTතව ද මහණෙනි, මේ ලොව ඇතැම් පුද්ගලයෙක් සුඛයාගේ ද ප්‍රහාණියෙන් දුඃඛයාගේ ද ප්‍රහාණියෙන් කැලම සොම්නස් දොම්නසුන් අස්තඞ්ගම ව යාමෙන් දුක් නැති, සුව නැති, උපේක්‍ෂාස්මෘති පාරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. හේ ඒ ධ්‍යානය සුඛාස්වාද විසින් ආස්වාද කෙරෙයි. ඒ දැහැන පතයි. ඒ දැහැනින් තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ ඒ දැහැනෙහි අධිමුක්ත වූයේ ඒ දැහැනෙන් බහුල විහරණ ඇත්තේ නොපිරිහුනේ කලුරිය කරමින් වෘහත්ඵල දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, වෘහත්ඵල දෙවියන්ගේ ආයුඃප්‍රමාණය පන්සිය කපෙකි. එහි පෘථග්ජන ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා නිරයට ද යෙයි, තිරිසන්යෝනට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද ඒ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවෙයි.
Pali BJTඅයං ඛො භික්ඛවෙ විසෙසො, අයං අධිප්පායො ඉදං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙන යදිදං ගතියා උපපත්තියා සති.
Sinhala BJTමහණෙනි, ගතිය උපපත්තිය ඇති කල්හි අශ්‍රැතවත් පෘතග්ජනයා හා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂයි. මේ අධිකප්‍රයෝග යි. මේ වෙනස යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 3. 3. 4.
Sinhala BJT4. 3. 3. 4.
Pali BJT[දුතියපුග්ගලසුත්තං]
Sinhala BJT[දුතියපුග්ගල සූත්‍රය]
Pali BJT24. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT24. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං, තෙ ධම්මෙ අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සති. සො කායස්ස භෙදා පරම්මරණා සුද්ධාවාසානං දෙවානං සහව්යතං උපපජ්ජති. අයං භික්ඛවෙ උපපත්ති අසාධාරණා පුථුජ්ජනෙහි.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් කාමයෙන් වෙන් ව ම ... පළමුවන දැහැනට ඇටිඇටිසඳ සමවැද වෙසෙයි. හේ එහි යම් ම රූපයෙක් ඇත් ද, වේදනායෙක්, සංඥායෙක්, සංස්කාරයෙක්, විඥානයෙක් ඇත් ද, ඒ දහම් අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ඩ විසින් ශල්‍ය විසින් අඝ විසින් ආබාධ විසින් පරායත්ත විසින් විනාශ විසින් ශූන්‍ය විසින් අනාත්ම විසින් දක්නේ ය. හේ කාබුන් මරණින් මතුයෙහි ශුද්ධාවාස දෙවියන්ගේ සහභාවයට යෙයි. මහණෙනි, මේ උප්පත්තිය පුහුදුන් හා අසාධාරණ යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං, තෙ ධම්මෙ අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සති. සො කායස්ස භෙදා පරම්මරණා සුද්ධාවාසානං දෙවානං සහව්යතං උපපජ්ජති. අයං භික්ඛවෙ උපපත්ති අසාධාරණා පුථුජ්ජනෙහි.
Sinhala BJTතව ද මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් විතර්‍ක විචාරයන් සංහිඳීමෙන් .. දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සතරවන දැහැනට සමවැද වෙසෙයි. හේ එහි යම් ම රූපයෙක්, වේදනායෙක්, සංඥායෙක්, සංස්කාරයෙක්, විඥානයෙක් ඇත් ද, ඒ දහම් අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ඩ විසින් ශල්‍ය විසින් අඝ විසින් ආබාධ විසින් පරායත්ත විසින් විනාශ විසින් ශූන්‍ය විසින් අනාත්ම විසින් දක්නේ ය. හේ කාබුන් මරණින් මතුයෙහි ශුද්ධාවාස දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, මේ උප්පත්තිය පුහුදුනන් හා අසාධාරණ යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමාන වෙත්.
Pali BJT4. 3. 3. 5.
Sinhala BJT4. 3. 3. 5.
Pali BJT[තතියපුග්ගලසුත්තං]
Sinhala BJT[තතියපුග්ගල සූත්‍රය]
Pali BJT25. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT25. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති - තථා දුතියං - තථා තතියං - තථා චතුත්ථිං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති. සො තදස්සාදෙති තං නිකාමෙති තෙන ච විත්තිං ආපජ්ජති. තත්ථ ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී අපරිහීනො කාලං කුරුමානො බ්රහ්මකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජති. බ්රහ්මකායිකානං භික්ඛවෙ දෙවානං කප්පො ආයුප්පමාණං. තත්ථ පුථුජ්ජනො යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා නිරයම්පි ගච්ඡති තිරච්ඡානයොනිම්පි ගච්ඡති පෙත්තිවිසයම්පි ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රී සහගත සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසෙයින් දෙවන දිග ද එසෙයින් තෙවන දිග ද එසෙයින් සතරවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වසත්ත්‍වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලෝ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ (දොම්නස්) රහිත වූ මෙත්සහගිය සිතින් පැහැස වෙසෙයි. හේ දැහැන සුඛානුභව විසින් ආස්වාද කෙරෙයි. ඒ දැහැන කැමැති වෙයි. ඒ දැහැනින් තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ ඒ දැහැනෙහි අධිමුක්ත වූයේ ඒ දැහැනෙන් බහුල විහරණ ඇතියේ නො පිරිහුනේ කලුරිය කරමින් බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, බ්‍රහ්මකායික දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කල්පයෙකි. එහි පෘථග්ජන ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද, එහැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යොනට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.
Pali BJTභගවතො පන සාවකො තත්ථ යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා තස්මිං යෙව භවෙ පරිනිබ්බායති. අයං ඛො භික්ඛවෙ විසෙසො අයං අධිප්පයායො ඉදං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙන යදිදං ගතියා උපපත්තියා සති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවෙයි. මහණෙනි, ගතිය හා උපපත්තිය හා ඇති තාක් අශ්‍රැතවත් පෘථග්ජනයා හා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂ යි. මේ අධිකප්‍රයෝග යි. මේ වෙනස යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො කරුණාසහගතෙන චෙතසා -පෙ- ආභස්සරානං දෙවානං සහව්යතං උපපජ්ජති. ආභස්සරානං භික්ඛවෙ දෙවානං ද්වෙ කප්පා ආයුප්පමාණං -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- සුභකිණ්හානං දෙවානං සහව්යතං උපපජ්ජති. සුභකිණ්හානං භික්ඛවෙ දෙවානං චත්තාරො කප්පා ආයුප්පමාණං -පෙ- {*}උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං - තථා තතියං - තථා චතුත්ථිං - ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සො තදස්සාදෙති තං නිකාමෙති තෙන ච විත්තිං ආපජ්ජති. තත්ථ ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී අපරිහීනො කාලං කුරුමානො වෙහප්ඵලානං දෙවානං සහව්යතං උපපජ්ජති. වෙහප්ඵලානං භික්ඛවෙ දෙවානං පඤ්චකප්පසතානි ආයුප්පමාණං. තත්ථ පුථුජ්ජනො යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා නිරයම්පි ගච්ඡති. තිරච්ඡානයොනිම්පි ගච්ඡති. පෙත්තිවිසයම්පි ගච්ඡති. භගවතො පන සාවකො තත්ථ යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා තස්මිං යෙව භවෙ පරිනිබ්බායති. අයං ඛො භික්ඛවෙ විසෙසො, අයං අධිප්පයායො. ඉදං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙන යදිදං ගතියා උපපත්තියා සති.
Sinhala BJTතවද මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කරුණා සහගත සිතින් ... ආභාස්වර දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, ආභාස්වර දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කල්ප දෙකෙකි. ... මුදිතා සහගත සිතින් ... ශුභකෘත්සන දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, ශුභකෘත්සන දෙවියන්ගේ ආයුඃප්‍රමාණය සතර කල්පයෙකි. ... උපේක්‍ෂා සහගත සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසෙයින් දෙවන දිග ද එසෙයින් තෙවන දිග ද එසෙයින් සතර වන දිග ද මෙසේ උඩ යට සරස සැම තැන සර්‍වසත්ත්‍වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලෝ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත උපේක්‍ෂා සහගත සිතින් පැහැස වෙසෙයි. හේ එය සුඛානුභව විසින් ආස්වාද කෙරෙයි. ඒ දැහැන පතයි. ඒ දැහැනින් තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ එහි අධිමුක්ත වූයේ ඒ දැහැනෙන් බහුල විහරණ ඇත්තේ නො පිරිහුනේ කලුරිය කරමින් වෘහතඵල දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, වෘහතඵල දෙවියන්ගේ ආයුඃප්‍රමාණය පඤ්චකල්ප ශතයෙකි. එහි පෘථග්ජන ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන්යෝනට ද යෙයි. ප්‍රේත විෂයට ද යෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවෙයි. මහණෙනි, ගතිය හා උපපත්තිය හා ඇති කල්හි අශ්‍රැතවත් පෘතග්ජනයා හා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂයි. මේ අධිකප්‍රයෝගයි. මේ වෙනසයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 3. 3. 6.
Sinhala BJT4. 3. 3. 6.
Pali BJT[චතුත්ථපුග්ගලසුත්තං]
Sinhala BJT[චතුත්‍ථපුග්ගල සූත්‍රය]
Pali BJT26. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT26. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං - තථා තතියං - තථා චතුත්ථිං.- ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සො යදෙව තත්ථ හොති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං, තෙ ධම්මෙ අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සති. සො කායස්ස භෙදා පරම්මරණා සුද්ධාවාසානං දෙවානං සහව්යතං උපපජ්ජති. අයං ඛො භික්ඛවෙ උපපත්ති අසාධාරණා පුථුජ්ජනෙහි.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රී සහගත සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසෙයින් දෙවන දිග ද එසෙයින් තෙවන දිග ද එසෙයින් සිවුවන දිග ද මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වසත්ත්‍වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත වූ මෙත් සහගිය සිතින් පැහැස වෙසෙයි. හේ යම් ම එහි රූපයෙක්, වේදනායෙක්, සංඥායෙක්, සංස්කාරයෙක්, විඥානයෙක් වේ ද, ඒ ධර්‍මයන් අනිත්‍ය විසින්, රෝග විසින්, ගඬ විසින්, අඝ විසින්, ආබාධ විසින්, පරායත්ත විසින්, විනාශ විසින්, ශූන්‍ය විසින්, අනාත්ම විසින්, නුවණින් දක්නේ ය. හේ කාබුන් මරණින් මතු සුදවැසි දෙවියන්ගේ සහවාසයට පැමිණෙයි. මහණෙනි, මේ උප්පත්තිය පුහුදුනන් හා අසාධාරණ යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං - තථා තතියං - තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සො යදෙව තත්ථ හොති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං තෙ ධම්මෙ අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සති. සො කායස්ස භෙදා පරම්මරණා සුද්ධාවාසානං දෙවානංසහව්යතං උපපජ්ජති. අයං භික්ඛවෙ උපපත්ති අසාධාරණා පුථුජ්ජනෙහි.
Sinhala BJTතවද මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කරුණා සහගිය සිතින් ... මුදිතා සහගිය සිතින් ... උපේක්‍ෂා සහගිය සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසෙයින් දෙවෙනි දිග ද එසෙයින් තෙවන දිග ද එසෙයින් සිවුවන දිග ද මෙසේ උඩ යට සරස සැම තැන සර්‍වසත්ත්‍වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලෝ විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාබාධ රහිත වූ, උපේක්‍ෂා සහගත සිතින් පැහැස වෙසේ. හේ එහි යම් ම රූපයෙක්, වේදනායෙක්, සංඥායෙක්, සංස්කාරයෙක්, විඥානයෙක් වේ ද ඒ ධර්‍මයන් අනිත්‍ය විසින්, දුඃඛ විසින්, රෝග විසින්, ගණ්ඩ විසින්, ශල්‍ය විසින්, අඝ විසින්, පරායත්ත විසින්, විනාශ විසින්, ශූන්‍ය විසින්, අනාත්ම විසින් නුවණින් දක්නේ ය. හේ කාබුන් මරණින් මතු සුදවැසි දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, මේ උපපත්තිය පුහුදුනන් හා අසාධාරණ යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර පුඟුලෝ ලොව්හි විද්‍යමානයහ.
Pali BJT4. 3. 3. 7.
Sinhala BJT4. 3. 3. 7.
Pali BJT[තථාගත අච්ඡරියසුත්තං]
Sinhala BJT[තථාගත අච්ඡරිය සූත්‍රය]
Pali BJT27. තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා පාතුභවන්ති. කතමෙ චත්තාරො?
Sinhala BJT27. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් පහළ වෙත්. කවර සතර කෙනෙක යත්:
Pali BJTයදා භික්ඛවෙ බොධිසත්තො තුසිතා කායා චවිත්වා සතො සම්පජානො මාතුකුච්ඡිං ඔක්කමති, අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යාපි තා ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා යත්ථිමෙසං චන්දිමසුරියානං එවං මහිද්ධිකානං එවං මහානුභාවානං ආභා නානුභොන්ති, තත්ථපි අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි තෙනොභාසෙන අඤ්ඤමඤ්ඤං සඤ්ජානන්ති “අඤ්ඤෙපි කිර භො සන්ති සත්තා ඉධූපපන්නා”ති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක බෝසත් තුසීදෙව්ලොවින් සැව සිහි නුවණින් යෙදී මවුකුස පිළිසිඳ ගත්තේ වේ ද, එසඳ පඤ්චකාමාවචර දෙවියන් සහිත, සවන කාමාවචර දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සෙසු දෙවි මිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජායෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල වූ අවහාසයෙක් පහළ වෙයි. යම් නිරයෙක මෙබඳු මහත් ඍද්ධි ඇති, මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනාගේ රශ්මීහු නො වැද ගණිත් ද, වළ දොර ඇති, අසංවෘත වූ, අඳුරු වූ, ගණඳුරු ඇති (චක්‍ෂුර්විඥාන වළහන) යම් ඒ ලෝකාන්තරිකයෝ ඇද්ද, එහිදු දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වේ. එහි යම් සත්ත්‍ව කෙනෙක් උපන්හු ද, ඔහුත් ඒ අවහාසයෙන් “‘භවත්නි, අන්‍ය වූත් සත්ත්‍වයෝ මෙහි පහළවූවාහු ඇති”’ යි උනුන් හඳුනා ගණිත්.
Pali BJTතථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා අයං පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො පාතුභවති.
Sinhala BJTමහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ පළමුවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම ය පහළ වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ යදා බොධිසත්තො සතො සම්පජානො මාතුකුච්ඡිස්මා නික්ඛමති, අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රබහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති. අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යාපි තා ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා යත්ථපිමෙසං චන්දිමසුරියානං එවං මහිද්ධිකානං එවං මහානුභාවානං ආභා නානුභොන්ති, තත්ථපි අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යෙපි තත්ථ සත්තා උපපන්නා, තෙපි තෙනොභාසෙන අඤ්ඤමඤ්ඤං සඤ්ජානන්ති “අඤ්ඤෙපි කිර භො සන්ති සත්තා ඉධූපපන්නා”ති.
Sinhala BJTතවද මහණෙනි, යම් කලෙක බෝසත් සිහි නුවණින් යුක්ත ව මවු කුසින් බිහි වේ ද, එසඳ පඤ්චකාමාවචර දෙවියන් සහිත, සවන කාමාවචර දෙවියන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සෙසු දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජායෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. යම් තැනෙක මෙබඳු මහත් ඍද්ධි ඇති, මෙබඳු මහත් අනුභාව ඇති, මේ සඳහිරු දෙදෙනාගේ කාන්තීහු නො වැද ගණිත් ද, එබඳු වූ වළ දොර ඇති, අසංවෘත වූ, අඳුරු වූ, ගණඳුරින් ඇස් මුවහ කළ යම් ඒ ලෝකාන්තරිකයෝ ඇද්ද, එහිදු දෙවියන්ගේ දේවානුභාව ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වේ. එහි යම් සත්හු උපන්හු ද ඔහුදු ඒ අවහාසයෙන් “භවත්නි, අන්‍යවූත් සත්ත්‍වයෝ මෙහි උපන්නාහු ඇති”’ යි උනුන් හඳුනා ගණිත්.
Pali BJTතථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා අයං දුතියො අච්ඡරියො අබ්භුතො ධම්මො පාතුභවති.
Sinhala BJTමහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ දෙවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම ය පහළ වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ යදා තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යාපි තා ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා යත්ථපිමෙසං චන්දිමසුරියානං එවං මහිද්ධිකානං එවං මහානුභාවානං ආභා නානුභොන්ති, තත්ථපි අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි තෙනොභාසෙන අඤ්ඤමඤ්ඤං සඤ්ජානන්ති. “අඤ්ඤෙපි කිර භො සන්ති සත්තා ඉධූපපන්නා”ති.
Sinhala BJTතවද මහණෙනි, යම් කලෙක තථාගතයන් වහන්සේ අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කරණ සේක් ද, එසඳ සදේවක සමාරක සබ්‍රහ්මක ලෝකයෙහි සශ්‍රමණබ්‍රාහ්මණ සදේවමනුෂ්‍ය ප්‍රජායෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. යම් තැනෙක මෙබඳු මහත් ඍද්ධි ඇති, මෙබඳු මහත් අනුභාව ඇති, මේ සඳහිරු දෙදෙනාගේ කාන්තීහු නො වැද ගණිත් ද, එබඳු වූ වළදොර ඇති, අසංවෘත වූ, අඳුරු වූ, ගණඳුරින් ඇස් මුවහ කළ යම් ඒ ලෝකාන්තරිකයෝ ඇද්ද, එහිදු දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. එහි යම් සත්හු උපන්හු ද, ඔහුත් ඒ අවහාසයෙන් “භවත්නි, අන්‍යසත්ත්‍වයෝත් මෙහි උපන්හු ඇති”’ යි උනුන් හඳුනා ගණිත්.
Pali BJTතථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා අයං තතියො අච්ඡරියො අබ්භුතො ධම්මො පාතුභවති.
Sinhala BJTමහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ තෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම ය පහළ වේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ යදා තථාගතො අනුත්තරං ධම්මචක්කං පවත්තෙති, අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යාපි තා ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා යත්ථිමෙසං චන්දිමසුරියානං එවං මහිද්ධිකානං එවං මහානුභාවානං ආභා නානුභොන්ති, තත්ථපි අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි තෙනොභාසෙන අඤ්ඤමඤ්ඤං සඤ්ජානන්ති “අඤ්ඤෙපි කිර භො සන්ති සත්තා ඉධූපපන්නා”ති.
Sinhala BJTතවද මහණෙනි, යම් කලෙක තථාගතයන් වහන්සේ අනුත්තර ධර්‍මචක්‍රය පවත්වන සේක් ද, එසඳ සදේවක සමාරක සබ්‍රහ්මක ලෝකයෙහි, සශ්‍රමණබ්‍රාහ්මණ සදේවමනුෂ්‍ය සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. යම් තැනෙක මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනාගේ කාන්තිහු නො වැද ගණිත් ද, වළදොර ඇති, අසංවෘත වූ, අඳුරු වූ, ගණඳුරින් මුවහ කළ ඇස් ඇති යම් ලෝකාන්තරිකයෝ ඇද්ද, එහිදු දෙවියන්ගේ දේවානුභාව ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. එහි යම් සත්ත්‍ව කෙනෙක් උපන්හු ද, ඔහුත් ඒ අවහාසයෙන් “භවත්නි, අන්‍ය වූත් සත්ත්‍වයෝ මෙහි උපන්නාහු ඇති”’ යි උනුන් හඳුනා ගණිත්.
Pali BJTතථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා අයං චතුත්ථො අච්ඡරියො අබ්භුතො ධම්මො පාතුභවති.
Sinhala BJTමහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ සතරවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙයි.
Pali BJTතථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා ඉමෙ චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා පාතුභවන්තීති.
Sinhala BJTමහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙත්.
Pali BJT4. 3. 3. 8.
Sinhala BJT4. 3. 3. 8.
Pali BJT[දුතියතථාගතච්ඡරියසුත්තං]
Sinhala BJT[දුතියතථාගතඅච්ඡරිය සූත්‍රය]
Pali BJT28. තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා පාතුභවන්ති. කතමෙ චත්තාරො?
Sinhala BJT28. මහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් පහළ වෙත්. කවර සතර ධර්‍ම කෙනෙක යත්:
Pali BJTආලයාරාමා භික්ඛවෙ පජා ආලයරතා ආලයසම්මුදිතා සා තථාගතෙන අනාලයෙ ධම්මෙ දෙසියමානෙ සුස්සූසති. සොතං ඔදහති. අඤ්ඤාචිත්තං උපට්ඨාපෙති.
Sinhala BJTමහණෙනි, ප්‍රජා තොමෝ ආලය ආරාම කොට ඇත්තී (පඤ්චකාම ගුණ) ආලයෙහි ඇලුනී වෙයි. ආලයෙහි ප්‍රමුදිත වෙයි. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ විසින් විවට ඇසුරු කළ අරීදහම් දෙසනු ලබන කල්හි අසනු කැමැති වෙයි. කන් රුකොට තබයි. දැනගනු පිණිස සිත එළවයි.
Pali BJTතථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා අයං පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො පාතුභවති.
Sinhala BJTමහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙයි.
Pali BJTමානාරාමා භික්ඛවෙ පජා මානරතා මානසම්මුදිතා. සා තථාගතෙන මානවිනයෙ ධම්මෙ දෙසියමානෙ සුස්සූසති. සොතං ඔදහති. අඤ්ඤාචිත්තං උපට්ඨපෙති.
Sinhala BJTමහණෙනි, ප්‍රජාව මානය ආරාම කොට ඇත්තී මානයෙහි ඇලුනී මානයෙහි ප්‍රමුදිත වූවා වෙයි. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ විසින් මානවිනයකර ධර්‍මය දෙසනු ලබන කල්හි අසනු කැමැති වෙයි. කන් රුකොට තබයි. දැනගනු පිණිස සිත් එළවයි.
Pali BJTතථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා අයං දුතියො අච්ඡරියො අබ්භුතො ධම්මො පාතුභවති.
Sinhala BJTමහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ දෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙයි.
Pali BJTඅනුපසමාරාමා භික්ඛවෙ පජා අනුපසමරතා අනුපසමසම්මුදිතා. සා තථාගතෙන ඔපසමිකෙ ධම්මෙ දෙසියමානෙ සුස්සූසති. සොතං ඔදහති. අඤ්ඤා චිත්තං උපට්ඨපෙති.
Sinhala BJTමහණෙනි, ප්‍රජාව අනුපශමය ආරාම කොට ඇත්තී අනුපශමයෙහි ඇලුනී අනුපශමයෙහි ප්‍රමුදිත වෙයි. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ විසින් උපශමකර ධර්‍මය දෙසනු ලබන කල්හි අසනු කැමැති වෙයි. කන් රුකොට තබයි. දැනගන්නා සිත් එළවයි.
Pali BJTතථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා අයං තතියො අච්ඡරියො අබ්භුතො ධම්මො පාතුභවති.
Sinhala BJTමහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ තුන්වැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙයි.
Pali BJTඅවිජ්ජාගතා භික්ඛවෙ පජා අණ්ඩභූතා{1} පරියොනද්ධා. සා තථාගතෙන අවිජ්ජාවිනයෙ ධම්මෙ දෙසියමානෙ සුස්සූසති. සොතං ඔදහති. අඤ්ඤා චිත්තං උපට්ඨපෙති.
Sinhala BJTමහණෙනි, ප්‍රජාව අවිද්‍යායෙන් සමන්‍වාගතය. අවිද්‍යායෙන් වළඳනා ලදුයෙන් අණ්ඩභූතය. හාත්පස වළඳනා ලදු ය. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ විසින් අවිද්‍යාවිනය ඇසුරු කළ ධර්‍මය දෙසනු ලබන කල්හි අසනු කැමැති වෙයි. කන් රුකොට තබයි. දැනගන්නා සිත් එළවයි.
Pali BJTතථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා අයං චතුත්ථො අච්ඡරියො අබ්භුතො ධම්මො පාතුභවති.
Sinhala BJTමහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතර වැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙයි.
Pali BJTතථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා ඉමෙ චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා පාතුභවන්තීති.
Sinhala BJTමහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ පහළ වෙයි.
Pali BJT4. 3. 3. 9.
Sinhala BJT4. 3. 3. 9.
Pali BJT[ආනන්දච්ඡරියසුත්තං]
Sinhala BJT[ආනන්‍දච්ඡරිය සූත්‍රය]
Pali BJT29. චත්තාරොමෙ භික්ඛවෙ අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දෙ. කතමෙ චත්තාරො?
Sinhala BJT29. මහණෙනි, ආනන්‍දයන් කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් ඇත. කවර සතර කෙනෙක යත්:
Pali BJTසචෙ භික්ඛවෙ භික්ඛුපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති, දස්සනෙන සා අත්තමනා හොති. තත්ථ චෙ ආනන්දො ධම්මං භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තාව භික්ඛවෙ භික්ඛුපරිසා හොති. අථ ආනන්දො තුණ්හී භවති.
Sinhala BJTමහණෙනි, ඉදින් භික්‍ෂුපර්‍ෂද් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි ආනන්‍දයෝ දහම් දෙසත් ද, එ පිරිස භාෂිතයෙනුදු සතුටු වෙයි. මහණෙනි, භික්‍ෂුපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.
Pali BJTසචෙ භික්ඛවෙ භික්ඛුනීපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති, දස්සනෙනපි සා අත්තමනා හොති. තත්ථ චෙ ආනන්දො ධම්මං භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තාව භික්ඛවෙ භික්ඛුනීපරිසා හොති. අථ ආනන්දො තුණ්හී භවති.
Sinhala BJTමහණෙනි, ඉදින් භික්‍ෂුණීපර්‍ෂද් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි ආනන්‍දයෝ දහම් දෙසත් ද, එ පිරිස දෙසීමෙනුදු සතුටු වෙයි. මහණෙනි, භික්‍ෂුණීපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.
Pali BJTසචෙ භික්ඛවෙ උපාසකපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති, දස්සනෙනපි සා අත්තමනා හොති. තත්ථ චෙ ආනන්දො ධම්මං භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තාව භික්ඛවෙ උපාසකපරිසා හොති. අථ ආනන්දො තුණ්හී භවති.
Sinhala BJTමහණෙනි, ඉදින් උපාසකපර්‍ෂද් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි ඉදින් ආනන්‍දයෝ දහම් දෙසත් ද, එ පිරිස දෙසීමෙනුදු සතුටු වෙයි. මහණෙනි, උපාසකපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.
Pali BJTසචෙ භික්ඛවෙ උපාසිකාපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති, දස්සනෙනපි සා අත්තමනා හොති. තත්ථ චෙ ආනන්දො ධම්මං භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තාව භික්ඛවෙ උපාසිකාපරිසා හොති. අථ ආනන්දො තුණ්හී භවති.
Sinhala BJTමහණෙනි, ඉදින් උපාසිකාපර්‍ෂද් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි ඉදින් ආනන්‍දයෝ දහම් දෙසත් ද, එ පිරිස දෙසීමෙනුදු සතුටු වෙයි. මහණෙනි, උපාසිකාපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දෙති.
Sinhala BJTමහණෙනි, මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ ආනන්‍දයන් කෙරෙහි පහළ වෙති.
Pali BJT4. 3. 3. 10.
Sinhala BJT4. 3. 3. 10.
Pali BJT[චක්කවත්තිඅච්ඡරියසුත්තං]
Sinhala BJT[චක්කවත්තිඅච්ඡරිය සූත්‍රය]
Pali BJT30. චත්තාරොමෙ භික්ඛවෙ අච්ඡරියා අබ්භුතා ධම්මා රඤ්ඤෙ චක්කවත්තිම්හි. කතමෙ චත්තාරො?
Sinhala BJT30. මහණෙනි, සක්විතිරජහු කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් ඇත. කවර සතර ධර්‍ම කෙනෙක යත්:
Pali BJTසචෙ භික්ඛවෙ ඛත්තියපරිසා රාජානං චක්කවත්තිං දස්සනාය උපසඞ්කමති. දස්සනෙනපි සා අත්තමනා හොති. තත්ථ{1} චෙ රාජා චක්කවත්තී භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තාව භික්ඛවෙ ඛත්තියපරිසා හොති. අථ රාජා චක්කවත්තී තුණ්හී භවති.
Sinhala BJTමහණෙනි, ඉදින් කැත්පිරිස් සක්විති රජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි සක්විතිරජ බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ක්‍ෂත්‍රියපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි.