Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො රුක්ඛූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, වෘක්‍ෂෝපම මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 3. 1. 10.
Sinhala BJT4. 3. 1. 10.
Pali BJT[ආසිවිසසුත්තං]
Sinhala BJT[ආසීවිස සූත්‍රය]
Pali BJT10. චත්තාරො’මෙ භික්ඛවෙ ආසිවිසා. කතමෙ චත්තාරො?
Sinhala BJT10. මහණෙනි, මේ ආශීවිෂයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTආගතවිසො න ඝොරවිසො, ඝොරවිසො න ආගතවිසො, ආගතවිසො ච ඝොරවිසො ච, නෙවාගතවිසො න ඝොරවිසො. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ආසීවිසා.
Sinhala BJTපැමිණි (එවේලෙහි) විස ඇතියේ කැකුළු (පවත්නා) විස නැතියේ ය. පැමිණි විස නැතියේ කැකුළුවිස ඇතියේ ය. පැමිණි විස ඇතියේ කැකුළු විස ද ඇතියේ ය. පැමිණි විස නැතියේ ම කැකුළුවිස ද නැතියේ යි. මහණෙනි, මේ සතර ආශීවිෂයෝ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ චත්තාරො’මෙ ආසිවිසූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJTමහණෙනි, එපරිදි ම ආශීවිශෝපම මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර දෙනෙක යත්:
Pali BJTආගතවිසො න ඝොරවිසො, ඝොරවිසො න ආගතවිසො, ආගතවිසො ච ඝොරවිසො ච, නෙවාගතවිසො න ඝොරවිසො.
Sinhala BJTපැමිණි විස ඇතියේ කැකුළු විස නැතියේ ය. පැමිණි විස නැතියේ කැකුළු විස ඇතියේ ය. පැමිණි විස ඇතියේත් කැකුළු විස ද ඇතියේ ය. පැමිණි විස නැතියේ ම කැකුළුවිස ද නැතියේ යි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො ආගතවිසො හොති න ඝොරවිසො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අභිණ්හං කුජ්ඣති. සො ච ඛ්වස්ස කොධො න දීඝරත්තං අනුසෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ආගතවිසො හොති න ඝොරවිසො. සෙය්යථාපි සො භික්ඛවෙ ආසීවිසො ආගතවිසො න ඝොරවිසො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල පැමිණි විස ඇතියේ කැකුළු විස නැතියේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිතොර කිපෙයි. උහුගේ ඒ ක්‍රෝධය දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ නො වැටෙයි. මහණෙනි, මෙසේ පුද්ගල පැමිණි විස ඇතියේ කැකුළු විස නැතියේ නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ආශීවිෂයා පැමිණි විස ඇතියේ කැකුළු විස නැතියේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො ඝොරවිසො හොති න ආගතවිසො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො න හෙව ඛො අභිණ්හං කුජ්ඣති. සො ච ඛ්වස්ස කොධො දීඝරත්තං අනුසෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ඝොරවිසො හොති න ආගතවිසො. සෙය්යථාපි සො භික්ඛවෙ ආසිවිසො ඝොරවිසො න ආගතවිසො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල පැමිණි විස නැතියේ කැකුළු විස ඇතියේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිතොර නො ම කිපේ. උහුගේ ඒ ක්‍රෝධය දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ වැටෙයි. මහණෙනි, මෙසේ පුද්ගල පැමිණි විස නැතියේ කැකුළු විස ඇතියේ නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ආශීවිෂයා පැමිණි විස නැතියේ කැකුළු විස ඇතියේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො ආගතවිසො ච හොති ඝොරවිසො ච? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අභිණ්හං කුජ්ඣති. සො ච ඛ්වස්ස කොධො දීඝරත්තං අනුසෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ආගතවිසො ච හොති ඝොරවිසො ච. සෙය්යථාපි සො භික්ඛවෙ ආසිවිසො ආගතවිසො ච ඝොරවිසො ච, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල පැමිණි විස ඇතියේත් කැකුළු විස ඇතියේත් වේ ද: මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිතොර කිපෙයි. උහුගේ ඒ ක්‍රෝධය දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ වැටෙයි. මහණෙනි, මෙසේ පුද්ගල පැමිණි විස ඇතියේත් කැකුළු විස ඇතියේත් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ආශීවිෂයා පැමිණි විස ඇතියේත් කැකුළු විස ඇතියේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො නෙවාගතවිසො හොති න ඝොරවිසො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො න හෙව ඛො අභිණ්හං කුජ්ඣති. සො ච ඛ්වස්ස කොධො න දීඝරත්තං අනුසෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො නෙවාගතවිසො න ඝොරවිසො. සෙය්යථාපි සො භික්ඛවෙ ආසිවිසො නෙවාගතවිසො න ඝොරවිසො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල පැමිණි විස නැතියේ ම කැකුළු විස නැතියේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිතොර නො ම කිපෙයි. උහුගේ ඒ ක්‍රෝධය ද දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ නො වැටෙයි. මහණෙනි, මේ පුද්ගල පැමිණි විස නැතියේම කැකුළු විස නැතියේ ද වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ආශීවිෂයා පැමිණි විස නැතියේ ම කැකුළු විස නැතියේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ආසිවිසූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, ආශීවිෂෝපම මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJTවලාහකවග්ගො පඨමො.
Sinhala BJTවලාහක වර්‍ගය පළමුවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ වලාහකා ච කුම්භ උදකරහදා ද්වෙ හොන්ති - අම්බානි මූසිකා බලිවද්දා රුක්ඛා ආසිවිසෙන තෙ දසාති.{*}
Sinhala BJTවලාහක දෙකය, කුම්භ-උදකරහද යන දෙකය, අම්බ, මූසික, රුක්ඛ, බලිවද්ද, ආසිවිස යන ඒ සූත්‍ර දසයෙකි. (දසයෙන් එක් සූත්‍රයෙක් මෙහි නැත.)
Pali BJT2. කෙසිවග්ගො
Sinhala BJT2. කේසි වර්‍ගය
Pali BJT4. 3. 2. 1.
Sinhala BJT4. 3. 2. 1.
Pali BJT[කෙසිසුත්තං]
Sinhala BJT[කේසි සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT11. අථ ඛො කෙසි අස්සදම්මසාරථි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො කෙසිං අස්සදම්මසාරථිං භගවා එතදවොච :
Sinhala BJT11. එසඳ කේසි නම් අස්දම්සැරි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස් ව හුන් කේසි නම් අස්දම්සැරිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTත්වං ච ඛ්වාසි,{1} කෙසි, සඤ්ඤාතො{2} අස්සදම්මසාරථි. කථං පන ත්වං කෙසි, අස්සදම්මං විනෙසීති?
Sinhala BJTකේසිය, තෝ ප්‍රසිද්ධ අස්දම්සැරියෙහි. කේසිය, තෝ කෙසේ නම් නහඹු අසු විනය(දම)නය කෙරෙහි?
Pali BJTඅහං ඛො භන්තෙ අස්සදම්මං සණ්හෙනපි විනෙමි, ඵරුසෙනපි විනෙමි, සණ්හඵරුසෙනපි විනෙමීති.
Sinhala BJTවහන්ස, මම නහඹු අසු ශ්ලක්‍ෂණයෙනුදු (මුදුබැවිනුදු) විනයනය කෙරෙමි, පරුෂයෙනුදු විනයනය කෙරෙමි, ශ්ලක්‍ෂණ - පරුෂයෙනුදු විනයනය කෙරෙමි.
Pali BJTසචෙ තෙ කෙසි, අස්සදම්මො සණ්හෙනපි විනයං න උපෙති, ඵරුසෙනපි විනයං න උපෙති, සණ්හඵරුසෙනපි විනයං න උපෙති, කින්ති නං කරොසීති?
Sinhala BJTකේසිය, ඉදින් තාගේ අශ්වදම්‍යයා ශ්ලක්‍ෂණයෙනුදු විනයට නොයේ නම්, පරුෂයෙනුදු විනයට නොයේ නම්, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයට නොයේ නම්, ඔහුට කුම් කෙරෙහි?
Pali BJTසචෙ මෙ භන්තෙ අස්සදම්මො සණ්හෙනපි විනයං න උපෙති, ඵරුසෙනපි විනයං න උපෙති, සණ්හඵරුසෙන විනයං න උපෙති, හනාමි නං භන්තෙ. තං කිස්ස හෙතු? මා මෙ ආචරියකුලස්ස අවණ්ණො අහොසීති.
Sinhala BJTවහන්ස, ඉදින් මාගේ අශ්වදම්‍යයා ශ්ලක්‍ෂණයෙනුදු විනයට නොයේ නම්, පරුෂයෙනුදු විනයට නොයේ නම්, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයට නොයේ නම්, වහන්ස, මම උහු මරමි. ඒ කවර හෙයින යත්: මාගේ ඇදුරුකුලයට නහමක් අකීර්‍තති වේවයි.
Pali BJTභගවා පන භන්තෙ අනුත්තරො පුරිසදම්මසාරථි, කථං පන භන්තෙ භගවා පුරිසදම්මං විනෙතීති{3}?
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුත්තර පුරුෂදම්‍යසාරථී දෑ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පුරුෂදම්‍යයා කෙසේ විනයනය කරණ සේක් ද?
Pali BJTඅහං ඛො කෙසි, පුරිසදම්මං සණ්හෙනපි විනෙමි, ඵරුසෙනපි විනෙමි සණ්හඵරුසෙනපි විනෙමි. තත්රිදං කෙසි, සණ්හස්මිං: ඉති කායසුචරිතං, ඉති කායසුචරිතස්ස විපාකො. ඉති වචීසුචරිතං, ඉති වචීසුචරිතස්ස විපාකො. ඉති මනොසුචරිතං, ඉති මනොසුචරිතස්ස විපාකො. ඉති දෙවා, ඉති මනුස්සා.
Sinhala BJTකේසිය, මම පුරුෂදම්‍යයා ශ්ලක්‍ෂණයෙනුදු විනයනය කෙරෙමි, පරුෂයෙනුදු විනයනය කෙරෙමි, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයනය කෙරෙමි. කේසිය, එහි මේ ශ්ලක්‍ෂණභාවය වෙයි: කායසුචරිතය මෙබඳු වෙයි, කායසුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. වචීසුචරිතය මෙබඳු වෙයි, වචීසුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. මනඃසුචරිතය මෙබඳු වෙයි, මනඃසුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. දෙවියෝ මෙබන්දහ, මනුෂ්‍යයෝ මෙබන්දහයි මෙසේ දැක්වීමයි.
Pali BJTතත්රි දං කෙසි, ඵරුසස්මිං: ඉති කායදුච්චරිතං, ඉති කායදුච්චරිතස්ස විපාකො. ඉති වචීදුච්චරිතං, ඉති වචීදුච්චරිතස්ස විපාකො. ඉති මනොදුච්චරිතං, ඉති මනොදුච්චරිතස්ස විපාකො. ඉති නිරයො, ඉති තිරච්ඡානයොනි, ඉති පෙත්තිවිසයො.
Sinhala BJTකේසිය, එහි මේ පරුෂභාවය වෙයි: කායදුශ්චරිතය මෙසේ ය, කායදුශ්චරිතයාගේ විපාක මෙසේ ය. වාග්දුශ්චරිතය මෙසේ ය, වාග්දුශ්චරිතයාගේ විපාක මෙසේ ය. මනෝදුශ්චරිතය මෙසේ ය, මනෝදුශ්චරිතයාගේ විපාක මෙසේ ය. නිරය මෙසේ ය, තිරශ්චීනයෝනි මෙසේ ය, ප්‍රේතවිෂය මෙසේ ය යනු යි.
Pali BJTතත්රිදං කෙසි, සණ්හඵරුසස්මිං. ඉති කායසුචරිතං, ඉති කායසුචරිතස්ස විපාකො. ඉති කායදුච්චරිතං, ඉති කායදුච්චරිතස්ස විපාකො. ඉති වචීසුචරිතං, ඉති වචීසුචරිතස්ස විපාකො. ඉති වචීදුච්චරිතං, ඉති වචීදුච්චරිතස්ස විපාකො. ඉති මනොසුචරිතං, ඉති මනොසුචරිතස්ස විපාකො. ඉති මනොදුච්චරිතං, ඉති මනොදුච්චරිතස්ස විපාකො. ඉති දෙවා, ඉති මනුස්සා. ඉති නිරයො, ඉති තිරච්ඡානයොනි, ඉති පෙත්තිවිසයොති.
Sinhala BJTකේසිය, එහි මේ ශ්ලක්‍ෂණපරුෂභාවය වේ: කායසුචරිතය මෙසේ ය, කායසුචරිතයාගේ විපාක මෙසේ ය, කායදුශ්චරිතය මෙසේ ය, කායදුශ්චරිතයාගේ විපාක මෙසේ ය, වචීසුචරිතය මෙසේ ය, වචීසුචරිතයාගේ විපාක මෙසේ ය. වචීදුශ්චරිතය මෙසේ ය, වචීදුශ්චරිතයාගේ විපාක මෙසේ ය. මනඃසුචරිතය මෙසේ ය, මනඃසුචරිතයාගේ විපාක මෙසේ ය. මනෝදුශ්චරිතය මෙසේ ය, මනෝදුශ්චරිතයාගේ විපාක මෙසේ ය. දෙවියෝ මෙබන්දහ. මනුෂ්‍යයෝ මෙබන්දහ. නිරය මෙබඳුය. තිරශ්චීනයෝනි මෙබඳුය. ප්‍රේතවිෂය මෙබඳුය යනුයි.
Pali BJTසචෙ තෙ භන්තෙ පුරිසදම්මො සණ්හෙන විනයං න උපෙති, ඵරුසෙන විනයං න උපෙති, සණ්හඵරුසෙන විනයං න උපෙති, කින්ති නං භගවා කරොතීති?
Sinhala BJTවහන්ස, ඉදින් භගවත්හුගේ පුරුෂදම්‍ය භගවත්හුගේ පුරුෂදම්‍ය ශ්ලක්‍ෂණයෙනුදු විනයට නොයේ නම්, පරුෂයෙනුදු විනයට නොයේ නම්, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයට නොයේ නම්, භාග්‍යවතුන් වහන්සේ ඔහුට කුම් කෙරෙති හෝ යි?
Pali BJTසචෙ මෙ කෙසි, පුරිසදම්මො සණ්හෙන විනයං න උපෙති, ඵරුසෙන විනයං න උපෙති, සණ්හඵරුසෙන විනයං න උපෙති, හනාමි නං කෙසීති.
Sinhala BJTකේසිය, ඉදින් මාගේ පුරුෂදම්‍යයා ශ්ලක්‍ෂෙයනුදු විනයට නොයේ නම්, පරුෂයෙනුදු විනයට නොයේ නම්, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයට නොයේ නම්, කේසිය, ඔහු නස්මි.
Pali BJTන ඛො භන්තෙ භගවතො පාණාතිපාතො කප්පති. අථ ච පන භගවා එවමාහ: හනාමි නං කෙසීති.
Sinhala BJTවහන්ස, භගවත්හට පණිවා නො කැපම ය. එතෙකුදු වුව, භාග්‍යවතුන් වහන්සේ ‘කේසිය, ඔහු නස්මි’යි මෙසේ වදාරණදෑ ය.
Pali BJTසච්චං කෙසි, න තථාගතස්ස පාණාතිපාතො කප්පති. අපි ච සො පුරිසදම්මො සණ්හෙන විනයං න උපෙති, ඵරුසෙන විනයං න උපෙති, සණ්හඵරුසෙන විනයං න උපෙති, න තථාගතො වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤති. නපි විඤ්ඤූ සබ්රහ්මචාරී වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. වධො හෙස කෙසි, අරියස්ස විනයෙ යං න තථාගතො වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤති. නපි විඤ්ඤූ සබ්රහ්මචාරී වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්තීති.
Sinhala BJTසැබැව කේසිය, තථාගතයනට පණිවා නොසරුප් වෙයි. වැළිදු, ඒ පුරුෂදම්‍යයා ශ්ලක්‍ෂණයෙනුදු විනයට නොයේ නම්, පරුෂයෙනුදු විනයට නොයේ නම්, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයට නොයේ නම්, තථාගතයෝ ඔහු කියයුතු කොට අනුශාසනා කළයුතු කොට නොසිතත්. නුවණැති සබ්‍රම්සරහුදු ඔහු කියයුතුකොට අනුශාසනා කටයුතු කොට නොසිතත්. කේසිය, තථාගතයන් වහන්සේ යමකු කියයුතු කොට අනුශාසනා කටයුතු කොට නොසිතත් ද, නුවණැති සබ්‍රම්සරහුදු ඔහු කියයුතුකොට අනුශාසනා කටයුතු කොට නොසිතත් ද, ආර්‍ය්‍යවිනයයෙහි තෙල වධයෙක් මැ ය.
Pali BJTසො හි නූන භන්තෙ සුවධො හොති යං න තථාගතො වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤති. නපි විඤ්ඤූ සබ්රහ්මචාරී වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්තීති.
Sinhala BJTවහන්ස, තථාගතයන් වහන්සේ යමකු කියයුතු කොට අනුශාසනා කළයුතු කොට නොසිතන සේක් ද, නුවණැති සබ්‍රම්සරහුදු, කියයුතු කොට අනුශාසනා කළයුතු කොට නොසිතත් ද, හේ එකැතින් මහත් වධයෙක.
Pali BJTඅභික්කන්තං භන්තෙ, අභික්කන්තං -පෙ- උපාසකං මං භන්තෙ භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTවහන්ස, ඉතා මැනව, ඉතා මැනව ... වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උවසකු කොට ධරණ සේක්වා.
Pali BJT4. 3. 2. 2.
Sinhala BJT4. 3. 2. 2.
Pali BJT[අස්සාජානීය-ජව සුත්තං]
Sinhala BJT[අස්සාජානීය - ජව සූත්‍රය]
Pali BJT12. චතූහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJT12. මහණෙනි, රජුගේ භද්‍ර අශ්වාජානීය සතර අඟෙකින් සමන්‍වාගත වූයේ රජුට නිසි වෙයි. රජු විසින් උපභෝග කටයුතු වෙයි. රාජාඞ්ගයෙක් ම යයි ගණයට යෙයි.
Pali BJTකතමෙහි චතූහි? අජ්ජවෙන, ජවෙන, ඛන්තියා, සොරච්චෙන.
Sinhala BJTකවර සතර අඟෙකින යත්: ඍජු බැවින, පද ජවයෙන, අධිවාසනායෙන, සුරතභාවයෙනැ යි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතූහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, රජුගේ භද්‍ර අශ්වාජානීය මේ සතර අඟින් සමන්‍වාගත වූයේ රජුට නිසි වූයේ වෙයි. රජු විසින් උපභෝග කටයුතු වෙයි. රාජාඞ්ගයෙක් ම යයි ගණයට යෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො, දක්ඛිණෙය්යො, අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
Sinhala BJTමහණෙනි, එපරිදි ම සතර අඟෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි, පාහුණෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
Pali BJTකතමෙහි චතූහි? අජ්ජවෙන ජවෙන ඛන්තියා සොරච්චෙන.
Sinhala BJTකවර සතර අඟෙකින යත්: ඍජු බැවින, ඤාණජවයෙන, ඉවසීමෙන, සුරතභාවයෙනැ යි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මේ සතර අඟින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්‍ය ක්‍ෂේත්‍රවෙයි.
Pali BJT4. 3. 2. 3.
Sinhala BJT4. 3. 2. 3.
Pali BJT[අස්සාජානීය-පතොදසුත්තං]
Sinhala BJT[අස්සාජානීය - පතෝද සූත්‍රය]
Pali BJT13. චත්තාරොමෙ භික්ඛවෙ භද්රො අස්සාජානීයා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT13. මහණෙනි, මේ භද්‍ර අශ්වාජානීයයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො භද්රො අස්සාජානීයො පතොදච්ඡායං දිස්වා සංවිජ්ජති සංවෙගං ආපජ්ජති: “කිං නු ඛො මං අජ්ජ අස්සදම්මසාරථි කාරණං කාරෙස්සති, කිමස්සාහං පතිකරොමී”ති. එව රූපොපි භික්ඛවෙ ඉධෙකච්චො භද්රො අස්සාජානීයො හොති. අයං භික්ඛවෙ පඨමො භද්රො අස්සාජානීයො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTමහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් කැහිටිසෙය දැක සංවේග (ජව) උපදවයි, වේගයට පැමිණෙයි: “දැන් අස්දම්සැරි මට කවර දඬුවමක් කරන්නේ ද? මම ඔහුට කිනම් දෑ කෙරෙම් දැ” යි. මහණෙනි, මෙබඳු වූ ද ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් මෙලොව වෙයි. මහණෙනි, මේ පළමුවන භද්‍ර අශ්වාජානීය ලෝකයෙහි විද්‍යමාන වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො භද්රො අස්සාජානීයො නහෙව ඛො පතොදච්ඡායං දිස්වා සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, අපි ච ඛො ලොමවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති : “කිංනු ඛො මං අජ්ජ අස්සදම්මසාරථි කාරණං කාරෙස්සති, කිමස්සාහං පතිකරොමී”ති. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො භද්රො අස්සාජානීයො හොති. අයං භික්ඛවෙ දුතියො භද්රො අස්සාජානීයො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTතවද මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් කැහිටිසෙය දැක සංවේග නොම උපදවයි, වේගයට නො පැමිණේ ම ය. වැළිත් ලෝමකූපයෙහි හීකැහිටින් විදුනා ලද්දේ වෙග උපදවයි, වේගයට පැමිණෙයි: “දැන් අස්දම්සැරි මට කිනම් දඬුවමක් කරන්නේ ද? මම ඔහුට කිනම් දෑ කෙරෙම් දැ” යි. මහණෙනි, මෙබඳු වූ ද ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් මෙලොව ඇත. මහණෙනි, මේ දෙවන භද්‍ර අශ්වාජානීය ලෝකයෙහි විද්‍යමාන වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො භද්රො අස්සාජානීයො නහෙව ඛො පතොදච්ඡායං දිස්වා සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, නපි ලොමවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති. අපි ච ඛො චම්මවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති: “කිංනු ඛො මං අජ්ජ අස්සදම්මසාරථි කාරණං කාරෙස්සති, කිමස්සාහං පතිකරොමී”ති. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො භද්රො අස්සාජානීයො හොති. අයං භික්ඛවෙ තතියො භද්රො අස්සාජානීයො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTතවද මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් කැහිටිසෙය දැක සංවේග නො ම උපදවයි, වේගයට නො ද පැමිණෙයි. ලෝමකූපයෙහි විත් පහරින් විදුනා ලද්දේත් සංවේග නූපදවයි, වේගයට නො ද පැමිණෙයි. වැළිත් සමෙහි විත්පහරින් විදුනා ලද්දේ සංවේග උපදවයි, වේගයට පැමිණෙයි: “දැන් අස්දම්සැරි මට කිනම් කාරණාවක් කරන්නේ ද? මම ඔහුට කිනම් දෑ කෙරෙම් දැ” යි. මහණෙනි, මෙබඳු වූ ද ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් මෙලොව වෙයි. මහණෙනි, මේ තුන්වන භද්‍ර අශ්වාජානීය ලෝකයෙහි විද්‍යමාන වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො භද්රො අස්සාජානීයො නහෙව ඛො පතොදච්ඡායං දිස්වා සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, නපි ලොමවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, නපි චම්මවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති. අපි ච ඛො අට්ඨිවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති: “කිංනු ඛො මං අජ්ජ අස්සදම්මසාරථි කාරණං කාරෙස්සති, කිමස්සාහං පතිකරොමී”ති. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො භද්රො අස්සාජානීයො හොති. අයං භික්ඛවෙ චතුත්ථො භද්රො අස්සාජානීයො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTතවද මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් කැහිටිසෙය දැක සංවේග නො ම උපදවයි, වේගයට නො ද පැමිණෙයි. ලෝම කූපයෙහි විත් පහරින් විදුනා ලද්දේ සංවේග නො ම උපදවයි. වේගයට නො පැමිණෙයි. චර්‍මයෙහි විත් පහරින් විදුනනා ලද්දේ සංවේග නො උපදවයි, වේගයට නො පැමිණෙයි. වැළිත් ඇට බිඳුනා විත් පහරින් විදුනා ලද්දේ සංවේග උපදවයි, වේගයට පැමිණෙයි, “දැන් අස්දම්සැරි මට කිනම් කරුණක් කරන්නේ ද? මම ඔහුට කිනම් දෑ කෙරෙම් දැ” යි. මහණෙනි, මෙබඳු වූ ද ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් මෙලොව විද්‍යමාන වෙයි. මහණෙනි, මේ සතරවන භද්‍ර අශ්වාජානීය ලෝකයෙහි විද්‍යමානය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො භද්රා අස්සාජානීයා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTමහණෙනි, මේ භද්‍රඅශ්වාජානීයයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමානය හ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ චත්තාරොමෙ භද්රා පුරිසාජානීයා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJTමහණෙනි, එපරිදි ම භද්‍ර වූ මේ පුරුෂාජානීයයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො භද්රො පුරිසාජානීයො සුණාති අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථි වා පුරිසො වා දුක්ඛිතො වා කාලකතො වාති. සො තෙන සංවිජ්ජති සංවෙගං ආපජ්ජති. සංවිග්ගො යොනිසො පදහති. පහිතත්තො කායෙන චෙව පරමසච්චං සච්ඡිකරොති, පඤ්ඤාය ච අතිවිජ්ඣ පස්සති. සෙය්යථාපි සො භික්ඛවෙ භද්රො අස්සාජානීයො පතොදච්ඡායං දිස්වා සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, තථූපමාහං භික්ඛවෙ ඉමං භද්රං පුරිසාජානීයං වදාමි. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො භද්රො පුරිසාජානීයො හොති. අයං භික්ඛවෙ පඨමො භද්රො පුරිසාජානීයො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් අසෝ ගම්හි හෝ නියම්ගම්හි හෝ ස්ත්‍රියක හෝ පුරුෂයෙක් හෝ දුඃඛිත වේවයි, කලුරිය කෙළේ වේවයි අසා ද, හෙ එයින් සංවේග (මනාවීර්‍ය්‍ය) කෙරෙයි, සංවේගයට පැමිණෙයි. උපන් සංවේග ඇත්තේ, නිවන් කරා ගිය සිත් ඇත්තේ නුවණින් ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. නාමකයිනුත් නිවන් දක්නේ විදර්‍ශනා සහිත මාර්‍ග ප්‍රඥායෙන් ද විනිවිද දකියි. මහණෙනි, යම් පරිදි ඒ භද්‍ර ආශ්වාජානීය කැහිටිසෙය දැක සංවේග කෙරේ ද, වේගයට පැමිණේ ද, මහණෙනි, මේ භද්‍ර පුරුෂාජානීයයා එබඳුහ යි මම කියමි. මහණෙනි, මෙලොව මෙබඳු වූත් ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් වෙයි. මහණෙනි, මේ පළමුවන භද්‍ර පුරුෂාජානීයයා ලෝකයෙහි විද්‍යමාන වේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො භද්රො පුරිසාජානීයො නහෙව ඛො සුණාති අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා දුක්ඛිතො වා කාලකතො වා ති. අපි ච ඛො සාමං පස්සති ඉත්ථිං වා පුරිසං වා දුක්ඛිතං වා කාලකතං වා. සො තෙන සංවිජ්ජති සංවෙගං ආපජ්ජති. සංවිග්ගො යොනිසො පදහති. පහිතත්තො කායෙන චෙව පරමසච්චං සච්ඡිකරොති, පඤ්ඤාය ච අතිවිජ්ඣ පස්සති. සෙය්යථාපි සො භික්ඛවෙ භද්රො අස්සාජානීයො ලොමවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, තථූපමාහං භික්ඛවෙ ඉමං භද්රං පුරිසාජානීයං වදාමි. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො භද්රො පුරිසාජානීයො හොති. අයං භික්ඛවෙ දුතියො භද්රො පුරිසාජානීයො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTතවද මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් අසෝ ගමෙහි හෝ නියම්ගමෙහි හෝ ස්ත්‍රියක හෝ පුරුෂයෙක් හෝ දුඃඛිත වේවයි, කලුරිය කෙළේ වේවයි නො ම අසා ද, වැළිත් දුඃඛිත වූ හෝ කලුරිය කළා වූ හෝ ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ තෙමේ දක්නේ ය. හේ එයින් සංවේග කෙරේ. සංවේගයට පැමිණේ. සංවේග ඇතියේ නිවන් කරා ගිය සිත් ඇත්තේ නුවණින් ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ. නාමකයිනුත් නිර්‍වාණය පසක් කරන්නේ විදර්‍ශනා සහිත මාර්‍ග ප්‍රඥායෙන් ද විනිවිද දකී. මහණෙනි, යම් පරිදි ඒ භද්‍ර ආශ්වාජානීය ලෝමයෙහි විත් පහරින් විදුනා ලද්දේ වේග දනවා ද, වේගයට පැමිණේ ද, මහණෙනි, මම මේ භද්‍ර පුරුෂාජානීයයා එබඳුහ යි කියමි. මහණෙනි, මෙබඳු වූත් ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් මෙලොව්හි වෙයි. මහණෙනි, මේ දෙවන භද්‍ර පුරුෂාජානීයයා ලෝකයෙහි විද්‍යමාන වේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො භද්රො පුරිසාජානීයො නහෙව ඛො සුණාති අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා දුක්ඛිතො වා කාලකතො වාති, නපි සාමං පස්සති ඉත්ථිං වා පුරිසං වා දුක්ඛිතං වා කාලකතං වා. අපි ච ඛ්වස්ස ඤාති වා සාලොහිතො වා දුක්ඛිතො වා හොති කාලකතො වා. සො තෙන සංවිජ්ජති සංවෙගං ආපජ්ජති. සංවිග්ගො යොනිසො පදහති. පහිතත්තො කායෙන චෙව පරමසච්චං සච්ඡිකරොති, පඤ්ඤාය ච අතිවිජ්ඣ පස්සති. සෙය්යථාපි සො භික්ඛවෙ භද්රො අස්සාජානීයො චම්මවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, තථූපමාහං භික්ඛවෙ ඉමං භද්රං පුරිසාජානීයං වදාමි. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො භද්රො පුරිසාජානීයො හොති. අයං භික්ඛවෙ තතියො භද්රො පුරිසාජානීයො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTතවද මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් අසෝ ගමෙහි හෝ නියම්ගමෙහි හෝ ස්ත්‍රියක හෝ පුරුෂයෙක් හෝ දුඃඛිත වේවයි, කලුරිය කෙළේ වේවයි නො ම අසා ද, දුඃඛිත වූ හෝ කලුරිය කළා වූ හෝ ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ තෙමේත් නො දකී ද, වැළිත් ඔහුගේ නෑයෙක් හෝ සහලේ නෑයෙක් හෝ දුඃඛිත වූයේ හෝ කලුරිය කෙළේ හෝ වේ ද, හෙ එයින් සංවේග කෙරෙයි. සංවේගයට පැමිණෙයි. සංවේගයට පැමිණියේ නිවනට ගිය සිතැත්තේ නුවණින් ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. නාමකයිනුත් නිවන් ප්‍රත්‍යක්‍ෂ කරණුයේ විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥායෙන් විනිවිද දකී. මහණෙනි, යම් පරිදි ඒ භද්‍ර ආශ්වාජානීය තෙමේ ලොමෙහි විත් පහරින් විදුනා ලදුයේ සංවේග දනවා ද, වේගයට පැමිණේ ද, මහණෙනි, මම මේ භද්‍ර පුරුෂාජානීයයා එබඳුහ යි කියමි. මහණෙනි, මෙබඳු වූත් ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් මෙලොව්හි වෙයි. මහණෙනි, මේ තුන්වන භද්‍ර පුරුෂාජානීයයා ලෝකයෙහි විද්‍යමාන වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො භද්රො පුරිසාජානීයො නහෙව ඛො සුණාති අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා දුක්ඛිතො වා කාලකතො වාති. නපි සාමං පස්සති ඉත්ථිං වා පුරිසං වා දුක්ඛිතං වා කාලකතං වා. නපිස්ස ඤාති වා සාලොහිතො වා දුක්ඛිතො වා හොති කාලකතො වා. අපි ච ඛො සාමඤ්ඤෙව ඵුට්ඨො හොති සාරීරිකාහි වෙදනාහි දුක්ඛාහි තිබ්බාහි ඛරාහි කටුකාහි අසාතාහි අමනාපාහි පාණහරාහි. සො තෙන සංවිජ්ජති, සංවෙගං ආපජ්ජති. සංවිග්ගො යොනිසො පදහති. පහිතත්තො කායෙන චෙව පරමසච්චං සච්ඡිකරොති, පඤ්ඤාය ච අතිවිජ්ඣ පස්සති. සෙය්යථාපි සො භික්ඛවෙ භද්රො අස්සාජානීයො අට්ඨිවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, තථූපමාහං භික්ඛවෙ ඉමං භද්රං පුරිසාජානීයං වදාමි. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො භද්රො පුරිසාජානීයො හොති. අයං භික්ඛවෙ චතුත්ථො භද්රො පුරිසාජානීයො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTතවද මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂාජානීයයෙක් අසෝ ගමෙහි හෝ නියම්ගමෙහි හෝ ස්ත්‍රියක හෝ පුරුෂයෙක් හෝ දුඃඛිත වේවයි, කලුරිය කෙළේ වේවයි නො ම අසා ද, දුඃඛිත වූ හෝ කලුරිය කළා වූ හෝ ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ තෙමේත් නො දක්නේ ද, ඔහුගේ නෑයෙක් හෝ සහලේ නෑයෙක් දුඃඛිත වූයේ හෝ කලුරිය කෙළේ හෝ නො වේ ද, වැලිත් තෙමේ ම දුක් වූ තීව්‍ර වූ ඛර වූ කටුක වූ අමධුර වූ අමනෝහර වූ ප්‍රාණහර වූ ශාරීරිකවේදනායෙන් පහස්නා ලද්දේ වෙයි. හේ එයින් සංවේග කෙරේ. සංවේගයට පැමිණේ. සංවේගයට පැමිණියේ නිවණට ගිය සිතැත්තේ නුවණින් ප්‍රධන් වීර්‍ය්‍යය කෙරේ. නාමකයිනුත් නිවන් ප්‍රත්‍යක්‍ෂ කරණුයේ විදර්‍ශනා සහිත ප්‍රඥායෙනුත් විනිවිද දකී. මහණෙනි, යම් පරිදි ඒ භද්‍ර ආශ්වාජානීය ඇට බිඳුනා විත් පහරින් විදුනා ලද්දේ සංවේග දනවා ද, වේගයට පැමිණේ ද, මහණෙනි, මම මේ භද්‍ර පුරුෂාජානීයයා එබඳු හ යි කියමි. මහණෙනි, මෙබඳු වූත් ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් මෙලොව්හි වෙයි. මහණෙනි, මේ භද්‍ර වූ සතරවන පුරුෂාජානීයයා ලෝකයෙහි විද්‍යමාන වේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො භද්රා පුරිසාජානීයා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර පුරුෂාජානීයයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 3. 2. 4.
Sinhala BJT4. 3. 2. 4.
Pali BJT[නාගසුත්තං]
Sinhala BJT[නාග සූත්‍රය]
Pali BJT14. චතූහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි චතූහි?
Sinhala BJT14. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත රජුගේ ඇත් රාජාර්‍හ වේ. රජහු විසින් වළඳ කළයුතු වේ. රාජාවයවයෙක් ම ය යි ගණයට යෙයි. කවර සතර කරුණෙන යත්:
Pali BJTඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සොතා ච හොති හන්තා ච ඛන්තා ච ගන්තා ච.
Sinhala BJTමහණෙනි, මෙලොව අජුගේ ඇත් අසනුයේ ද වෙයි, නසනුයේ ද, ඉවසනුයේ ද, යනුයේ ද වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො සොතා හොති, ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො යමෙනං හත්ථිදම්මසාරථි කාරණං කාරෙති යදි වා කතපුබ්බං යදි වා අකතපුබ්බං, තං අට්ඨිකත්වා{1} මනසි කත්වා සබ්බං චෙතසො{2} සමන්නාහරිත්වා ඔහිතසොතො සුණාති. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො සොතා හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ රජුගේ ඇත් අසනුයේ වේ ද? මහණෙනි, මෙලොව රජුගේ ඇත් කළවිරූ වේවයි, නො කළවිරූ වේවයි, යම් කම්කටුලු හස්තිදම්‍යසාරථි තුලූන් ලවා කරවා ද, එය අර්ත්‍ථී ව මෙනෙහි කොට සියල්ල සිතට සමනා ගෙන රුකළ කන් ඇති ව අසා ද, මහණෙනි, මෙසේ රජුගේ ඇත් අසනුයේ නම් වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො හන්තා හොති? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සඞ්ගාමගතො හත්ථිම්පි හන්ති{3} හත්ථාරුහම්පි හන්ති{3} අස්සම්පි හන්ති අස්සාරුහම්පි හන්ති රථම්පි හන්ති රථිකම්පි හන්ති පත්තිකම්පි හන්ති. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො හන්තා හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ රජුගේ ඇත් නසනුයේ වේ ද? මහණෙනි, මෙලොව රජුගේ ඇත් සඞ්ග්‍රාමශීර්‍ෂයට ගියේ ඇතුදු නසයි. ඇතරුවා ද නසයි. අසුදු නසයි. අසරුවා ද නසයි. රිය ද නසයි. රිය නැගි යෝධ ද නසයි. පාබළ ද නසයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් නසනුයේ නම් වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො ඛන්තා හොති? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සඞ්ගාමගතො ඛමො හොති සත්තිප්පහාරානං උසුප්පහාරානං{4} අසිප්පහාරානං ඵරසුප්පහාරානං භෙරිපණවසඞ්ඛතිණවනින්නාදසද්දානං. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො ඛන්තා හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ රජුගේ ඇත් ඉවසනුයේ වේ ද? මහණෙනි, මෙලොව රජුගේ ඇත් සඞ්ග්‍රාමශීර්‍ෂයට ගියේ සිරිය පහර, හී පහර, කඩු පහර, පොරෝ පහර, බෙර පණාබෙර සක් දෙණ්ඩිම යන නින්නාද ශබ්ද ඉවසයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් ඉවසනුයේ නම් වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො ගන්තා හොති? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො යමෙනං හත්ථිදම්මසාරථි දිසං පෙසෙති යදි වා ගතපුබ්බං යදි වා අගතපුබ්බං, තං ඛිප්පඤ්ඤෙව{5} ගන්තා හොති. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො ගන්තා හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ රජුගේ ඇත් යනුයේ වේ ද? මහණෙනි, මෙලොව රජුගේ ඇත් ගිය විරූ දිග වේවයි නො ගිය විරූ දිග වේවයි, යම් දිගකට ඇත්දම්සැරි මෙහෙයා ද, එදිගට වහාම යනුයේ වෙයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් යනුයේ නම් වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතූහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූ රජුගේ ඇත් රජුට නිසි වූයේ රජු විසින් වළඳ කටයුතු වූයේ වෙයි. රාජාවයවයෙක් ම ය යි ගණයට යෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුණෙය්යො, දක්ඛිණෙය්යො, අඤ්ජලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
Sinhala BJTමහණෙනි, එපරිදි ම සතර කරුණෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වේ. පාහුණෙය්‍ය වේ. දක්ඛිණෙය්‍ය වේ. අඤ්ජලිකරණීය වේ. ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
Pali BJTකතමෙහි චතූහි? ඉධ භික්ඛවෙ භික්ඛු සොතා ච හොති හන්තා ච ඛන්තා ච ගන්තා ච.
Sinhala BJTකවර සතර කරුණෙන යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අසනුයේ ද, නසනුයේ ද, ඉවසනුයේ ද, යනුයේ ද වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු සොතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ අට්ඨිකත්වා මනසි කත්වා සබ්බං චෙතසො{2} සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු සොතා හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ අසනුයේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ තථාගතයන් විසින් වදාරණ ලද ධර්‍ම විනය දෙසනු ලබන කල්හි අර්ත්‍ථීව මෙනෙහි කොට සියල්ල සිතට සමනා ගෙණ රුකළ කන් ඇතිව ඒ දහම් අසයි. මහණෙනි, මෙසේ මහණ අසනුයේ නම් වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු හන්තා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති{1} ව්යන්තීකරොති අනභාවං ගමෙති. උප්පන්නං ව්යාපාදවිතක්කං -පෙ- උප්පන්නං විහිංසාවිතක්කං -පෙ- උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති ව්යන්තීකරොති අනභාවං ගමෙති. එවං ඛො භික්ඛවෙ භික්ඛු හන්තා හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ නසනුයේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ උපන් කාමවිතර්‍කය සිත්හි නො වස්වයි. හැර පියයි. බැහැරි කෙරෙයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය ... උපන් විහිංසාවිතර්‍කය ... උපනුපන් ලමු අකුසල දහම් සිත්හි නො වස්වයි. හැර පියයි. බැහැරි කෙරෙයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි මෙසේ මහණ නසනුයේ නම් වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු ඛන්තා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ඛමො හොති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිබ්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසිකජාතිකො හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ඛන්තා හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ ඉවසනුයේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ශීතය, උෂ්ණය, බඩසය, පවස, මැසිමදුරු, වා - අව්, දිග් දෑ යන මොවුන්ගේ පහස් ඉවසන්නේ වෙයි. නපුරු කොට කී නපුරු කොට පැමිණි වචනපථයන් ද දුක් ඇති තීව්‍ර වූ ඛර වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ උපන් ශාරීරික වේදනා ඉවසන ප්‍රකෘති ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ඉවසනුයේ නම් වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු ගන්තා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යා දිසා අගතපුබ්බා ඉමිනා දීඝෙන අද්ධුනා යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං, තං ඛිප්පඤ්ඤෙව ගන්තා හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ගන්තා හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ යනුයේ නම් වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ සියලු උපධීන්ගෙන් වෙන් වූ තෘෂ්ණාක්‍ෂය වූ විරාග වූ නිරෝධ වූ සර්‍වසංස්කාරශමථය යි කියන ලද යම් මේ නිවන් නමැති, මේ දීර්‍ඝ කාලයෙහි නො ගිය විරූ දිගෙක් ඇද්ද, එදිග වහා ම යනුයේ වෙයි. මහණෙනි, මෙසේ මහණ යනුයේ නම් වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වේ ... ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය වෙයි.
Pali BJT4. 3. 2. 5.
Sinhala BJT4. 3. 2. 5.
Pali BJT[ඨානසුත්තං]
Sinhala BJT[ඨාන සූත්‍රය]
Pali BJT15. චත්තාරිමානි භික්ඛවෙ ඨානානි. කතමානි චත්තාරි?
Sinhala BJT15. මහණෙනි, මේ කාරණයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅත්ථි භික්ඛවෙ ඨානං අමනාපං කාතුං, තඤ්ච කයිරමානං අනත්ථාය සංවත්තති. අත්ථි භික්ඛවෙ ඨානං අමනාපං කාතුං, තඤ්ච කයිරමානං අත්ථාය සංවත්තති. අත්ථි භික්ඛවෙ ඨානං මනාපං කාතුං, තඤ්ච කයිරමානං අනත්ථාය සංවත්තති. අත්ථි භික්ඛවෙ ඨානං මනාපං කාතුං, තඤ්ච කයිරමානං අත්ථාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, කරුණෙක් ඇත. කරන්නට අමනාප ය. එ ද කරණු ලබන්නේ අනර්‍ත්‍ථයට වැටේ. මහණෙනි, කරුණෙක් ඇත. කරන්නට අමනාප ය. එ ද කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටේ. මහණෙනි, කරුණෙක් ඇත. කරන්නට මනාපය. එද කරණු ලබන්නේ අනර්‍ත්‍ථයට වැටේ. මහණෙනි, කරුණෙක් ඇත. කරන්නට මනාපය. එද කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටේ.
Pali BJTතත්ර භික්ඛවෙ යමිදං ඨානං අමනාපං කාතුං, තඤ්ච කයිරමානං අනත්ථාය සංවත්තති, ඉදං භික්ඛවෙ ඨානං උභයෙනෙව න කත්තබ්බං මඤ්ඤති. යම්පිදං ඨානං අමනාපං කාතුං, ඉමිනාපි තං න කත්තබ්බං මඤ්ඤති. යම්පිදං ඨානං කයිරමානං අනත්ථාය සංවත්තති, ඉමිනාපි තං න කත්තබ්බං මඤ්ඤති. ඉදං භික්ඛවෙ ඨානං උභයෙනෙව න කත්තබ්බං මඤ්ඤති.
Sinhala BJTමහණෙනි, එහි කරන්නට අමනාප වූ යම් මේ කරුණෙක් ඇද්ද, එ ද කරණු ලබන්නේ අනර්‍ත්‍ථයට වැටේ ද, මහණෙනි, මේ කරුණ දෙපරිදි ම නො කටයුතු කොට හඟනේය. මේ කරුණෙක් කරන්නට අමනාප වේ ද, මෙයිනුත් එය නො කටයුතු කොට හඟනේ ය. යම් මේ කරුණෙක් කරණු ලබන්නේ අනර්‍ත්‍ථයට වැටේ ද, මෙයිනුත් නො කටයුතු කොට හඟනේය. මහණෙනි, මෙ කරුණ දෙරිදි ම නො කටයුතු කොට හඟනේය.
Pali BJTතත්ර භික්ඛවෙ යමිදං ඨානං අමනාපං කාතුං, තඤ්ච කයිරමානං අත්ථාය සංවත්තති, ඉමස්මිං භික්ඛවෙ ඨානෙ බාලො ච පණ්ඩිතො ච වෙදිතබ්බො පුරිසත්ථාමෙ පුරිසවිරියෙ පුරිසපරක්කමෙ. න භික්ඛවෙ බාලො ඉති පටිසංචික්ඛති, ‘කිඤ්චාපි ඛො ඉදං ඨානං අමනාපං කාතුං, අථ චරහිදං ඨානං කයිරමානං අත්ථාය සංවත්තතී’ති. සො තං ඨානං න කරොති. තස්ස තං ඨානං අකයිරමානං අනත්ථාය සංවත්තති. පණ්ඩිතො ච ඛො භික්ඛවෙ ඉති පටිසංචික්ඛති: ‘කිඤ්චාපි ඛො ඉදං ඨානං අමනාපං කාතුං, අථ චරහිදං ඨානං කයිරමානං අත්ථාය සංවත්තතී’ති. සො තං ඨානං කරොති. තස්ස තං ඨානං කයිරමානං අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, එහි කරන්නට අමනාප යම් ඒ කරුණෙක් ඇද්ද, එ ද කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටේ ද, මහණෙනි, මෙ කරුණෙහි පුරුෂයාගේ ඥානශක්තියෙහි, පුරුෂයාගේ ඥානවීර්‍ය්‍යයෙහි, පුරුෂයාගේ ඥානපරාක්‍රමයෙහි ලා බාලයා ද පණ්ඩිතයා ද දත යුතු යි. මහණෙනි, බාල තෙමේ මෙසේ නො සලකයි: ‘මෙ කරුණ කරන්නට අමනාපය. වැලිත් මෙ කරුණ කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටේ’ ය යි. හෙතෙම එ කරුණ නො කෙරෙයි. ඔහුට නො කරණු ලබන එකරුණ අනර්‍ත්‍ථයට වැටෙයි. මහණෙනි, පණ්ඩිත තෙමේ මෙසේ සලකයි: ‘මෙකරුණ කරන්නට අමනාපය. වැලිත් මෙකරුණ කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටේය’ යි. හෙතෙම එ කරුණ කෙරෙයි. ඔහුට එකරුණ කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ යමිදං ඨානං මනාපං කාතුං, තඤ්ච කයිරමානං අනත්ථාය සංවත්තති. ඉමස්මිම්පි භික්ඛවෙ ඨානෙ බාලො ච පණ්ඩිතො ච වෙදිතබ්බො පුරිසත්ථාමෙ පුරිසවිරියෙ පුරිසපරක්කමෙ. න භික්ඛවෙ බාලො ඉති පටිසංචික්ඛති : ‘කිඤ්චාපි ඛො ඉදං ඨානං මනාපං කාතුං, අථ චරහිදං ඨානං කයිරමානං අනත්ථාය සංවත්තතී’ති. සො තං ඨානං කරොති. තස්ස තං ඨානං කයිරමානං අනත්ථාය සංවත්තති. පණ්ඩිතො ච ඛො භික්ඛවෙ ඉති පටිසංචික්ඛති : ‘කිඤ්චාපි ඛො ඉදං ඨානං මනාපං කාතුං, අථ චරහිදං ඨානං කයිරමානං අනත්ථාය සංවත්තී’ති. සො තං ඨානං න කරොති. තස්ස තං ඨානං අකයිරමානං අත්ථාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, එහි කරන්නට මනාප වූ යම් කරුණෙක් වේ ද, එ ද කරණු ලබන්නේ අනර්‍ත්‍ථයට වැටේ ද, මහණෙනි, මෙ කරුණෙහි දී පුරුෂයාගේ ඥානශක්තියෙහි, පුරුෂයාගේ ඥානවීර්‍ය්‍යයෙහි, පුරුෂයාගේ ඥානපරාක්‍රමයෙහි ලා බාලයා ද පණ්ඩිතයා ද දත යුතුය. මහණෙනි, බාල මෙසේ නො සලකයි: ‘මෙ කරුණ කරන්නට මනාපය. වැලිත් මෙකරුණ කරණු ලබන්නේ අනර්‍ත්‍ථයට වැටේය’යි. හෙතෙම එකරුණ කෙරෙයි. ඔහුට එකරුණ කරණු ලබන්නේ අනර්‍ත්‍ථයට වැටේ. මහණෙනි, පණ්ඩිත තෙමේ මෙසේ සලකයි: ‘මෙ කරුණ කරන්නට මනාපය. වැලිත් මෙකරුණ කරණු ලබන්නේ අනර්‍ත්‍ථයට වැටේය’ යි. හෙතෙම එ කරුණ නො කෙරෙයි. ඔහුට එකරුණ නො කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ යමිදං ඨානං මනාපං කාතුං, තඤ්ච කයිරමානං අත්ථාය සංවත්තති, ඉදං භික්ඛවෙ ඨානං උභයෙනෙව කත්තබ්බං මඤ්ඤති. යම්පිදං ඨානං මනාපං කාතුං, ඉමිනාපි නං කත්තබ්බං මඤ්ඤති. යම්පිදං ඨානං කයිරමානං අත්ථාය සංවත්තති, ඉමිනාපි තං කත්තබ්බං මඤ්ඤති. ඉදං භික්ඛවෙ ඨානං උභයෙනෙව කත්තබ්බං මඤ්ඤති.
Sinhala BJTමහණෙනි, එහි කරන්නට මනාප යම් ඒ කරුණෙක් ඇද්ද, එ ද කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටේ ද, මහණෙනි, මෙ කරුණ දෙපරිදි ම කටයුතු කොට හඟී. යම් මේ කරුණෙක් කරන්නට කැමති වේ ද, මෙයිනුත් එය කළයුතු කොට හඟී. යම් මේ කරුණෙක් කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටේ ද, මෙයිනුත් එය කළයුතු කොට හඟී. මහණෙනි, මෙ කරුණ දෙපරිදි ම කළයුතු කොට හඟී.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි ඨානානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණුයි.
Pali BJT4. 3. 2. 6.
Sinhala BJT4. 3. 2. 6.
Pali BJT[අප්පමාදසුත්තං]
Sinhala BJT[අප්පමාද සූත්‍රය]
Pali BJT16. චතූහි භික්ඛවෙ ඨානෙහි අප්පමාදො කරණීයො. කතමෙහි චතූහි?
Sinhala BJT16. මහණෙනි, සතර කරුණෙකින් අප්‍රමාදය කළ යුතුය. කවර සතර කරුණෙන යත්:
Pali BJTකායදුච්චරිතං භික්ඛවෙ පජහථ. කායසුචරිතං භාවෙථ. තත්ථ ච මා පමාදත්ථ. වචීදුච්චරිතං භික්ඛවෙ පජහථ. වචීසුචරිතං භාවෙථ. තත්ථ ච මා පමාදත්ථ. මනොදුච්චරිතං භික්ඛවෙ පජහථ. මනොසුචරිතං භාවෙථ. තත්ථ ච මා පමාදත්ථ. මිච්ඡාදිට්ඨිං භික්ඛවෙ පජහථ, සම්මාදිට්ඨිං භාවෙථ. තත්ථ ච මා පමාදත්ථ.
Sinhala BJTමහණෙනි, කායදුශ්චරිතය හැර පියව. කාය සුචරිතය වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, වාග්දුශ්චරිතය හැර පියව. වාක්සුචරිතය වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, මනෝදුශ්චරිතය හැර පියව. මනඃසුචරිතය වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, මිසදිටු හැර පියව. සම්දිටු වඩව. එහිදු නහමක් පමා වව.
Pali BJTයතො ඛො භික්ඛවෙ භික්ඛුනො කායදුච්චරිතං පහීණං හොති, කායසුචරිතං භාවිතං. වචීදුච්චරිතං පහීණං හොති, වචීසුචරිතං භාවිතං. මනොදුච්චරිතං පහීණං හොති, මනොසුචරිතං භාවිතං. මිච්ඡාදිට්ඨි පහීණා හොති, සම්මාදිට්ඨි භාවිතා. සො න භායති සම්පරායිකස්ස මරණස්සාති.
Sinhala BJTමහණෙනි, යම් කලක මහණහට කායදුශ්චරිතය ප්‍රහීණ වේ ද, කායසුචරිතය භාවිත වේ ද, වාග්දුශ්චරිතය ප්‍රහීණ වේ ද, වාක්සුචරිතය භාවිත වේ ද, මනෝදුශ්චරිතය ප්‍රහීණ වේ ද, මනස්සුචරිතය භාවිත වේ ද, මිසදිටු ප්‍රහීණ වේ ද, සම්දිටු භාවිත වේ ද, හෙතෙම සම්පරායික මරණයට බියපත් නො වෙයි.
Pali BJT4. 3. 2. 7.
Sinhala BJT4. 3. 2. 7.
Pali BJT[ආරක්ඛසුත්තං]
Sinhala BJT[ආරක්ඛ සූත්‍රය]
Pali BJT17. චතූසු භික්ඛවෙ ඨානෙසු අත්තරූපෙන අප්පමාදො සතිචෙතසො ආරක්ඛො කරණීයො. කතමෙසු චතූසු?
Sinhala BJT17. මහණෙනි, සතර තැනෙක තමාට නිසි සැටියෙන් (හිත-කැමැත්තෙන්) අප්‍රමාදය-ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතුය. කවර සතර තැනෙක යත්:
Pali BJTමා මෙ රජනීයෙසු ධම්මෙසු චිත්තං රජ්ජීති අත්තරූපෙන අප්පමාදො සතිචෙතසො ආරක්ඛො කරණීයො.
Sinhala BJTසිත් ඇලීමට කරුණු වූ දහම්හි මාගේ සිත නහමක් ඇලේව යි, තමහට නිසි සැටියෙන් අප්‍රමාදය - ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතුය.
Pali BJTමා මෙ දොසනීයෙසු ධම්මෙසු චිත්තං දුස්සීති අත්තරූපෙන අප්පමාදො සතිචෙතසො ආරක්ඛො කරණීයො.
Sinhala BJTද්වේෂයට කරුණු වූ දහම්හි මාගේ සිත නහමක් දූෂිත වේව යි, තමාට නිසි සැටියෙන් අප්‍රමාදය - ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතුය.
Pali BJTමා මෙ මොහනීයෙසු ධම්මෙසු චිත්තං මුය්හීති අත්තරූපෙන අප්පමාදො සතිචෙතසො ආරක්ඛො කරණීයො.
Sinhala BJTමෝහනයට කරුණු වූ දහම් හි මාගේ සිත නහමක් මුළා වේව යි, තමාට නිසි සැටියෙන් අප්‍රමාදය - ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතු ය.
Pali BJTමා මෙ මදනීයෙසු ධම්මෙසු චිත්තං මජ්ජීති අත්තරූපෙන අප්පමාදො සතිචෙතසො ආරක්ඛො කරණීයො.
Sinhala BJTමදයට කරුණු වූ දහම් හි මාගේ සිත නහමක් මත් වේව යි, තමහට නිසි සැටියෙන් අප්‍රමාදය - ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතු ය.
Pali BJTයතො ඛො භික්ඛවෙ භික්ඛුනො රජනීයෙසු ධම්මෙසු චිත්තං න රජ්ජති වීතරාගත්තා, දොසනීයෙසු ධම්මෙසු චිත්තං න දුස්සති වීතදොසත්තා, මොහනීයෙසු ධම්මෙසු චිත්තං න මුය්හති වීතමොහත්තා, මදනීයෙසු ධම්මෙසු චිත්තං න මජ්ජති වීතමදත්තා, සො නච්ඡම්භති, න කම්පති, න වෙධති, න සන්තාසං ආපජ්ජති. න ච පන සමණවචනහෙතුපි ගච්ඡතීති.
Sinhala BJTමහණෙනි, යම් දිනෙක පටන් ගෙණ මහණහුගේ සිත වීතරාග බැවින් රජනයට කරුණු වූ දහම් හි නො ඇලේ ද, වීතදෝෂ බැවින් ද්වේෂයට කරුණු වූ දහම් හි සිත දූෂිත නොවේද, මෝහයට කරුණු වූ දහම් හි පැහු මෝහ ඇති බැවින් සිත නහමක් මුළා වේ ද, මදයට කරුණු වූ දහම් හි පැහු මද ඇති බැවින් සිත නහමක් මත් වේ ද, හෙතෙම තැති නො ගණී. නො සැලේ. නො වෙවුලයි. සන්ත්‍රාසයට නො යෙයි. පරවාදි ශ්‍රමණයන්ගේ වචන හේතුවෙන් ද මිසදිටුවට නොයේ මැ යි.
Pali BJT4. 3. 2. 8.
Sinhala BJT4. 3. 2. 8.
Pali BJT[සංවෙජනීයසුත්තං]
Sinhala BJT[සංවේජනීය සූත්‍රය]
Pali BJT18. චත්තාරිමානි භික්ඛවෙ සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි?
Sinhala BJT18. මහණෙනි, සැදැහැති කුලපුතකු විසින් දැක්ක යුතු, සංවේග කටයුතු, මේ ස්ථානයෝ සතරෙක. කවර සතරෙක යත්:
Pali BJTඉධ තථාගතො ජාතොති භික්ඛවෙ සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං.
Sinhala BJTමහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ උපන්හ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.
Pali BJTඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති භික්ඛවෙ සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං.
Sinhala BJTමහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කළහයි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.
Pali BJTඉධ තථාගතො අනුත්තරං ධම්මචක්කං පවත්තෙසීති භික්ඛවෙ සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං.
Sinhala BJTමහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර ධර්‍මචක්‍රය පැවැත්වූහ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.