Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4001-4100 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉමෙසං ඛො පොතලිය චතුන්නං පුග්ගලානං ය්වායං පුග්ගලො අවණ්ණාරහස්ස ච අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, වණ්ණාරහස්ස ච වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන. අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො ච. තං කිස්ස හෙතු? අභික්කන්තා හෙසා පොතලිය යදිදං තත්ථ තත්ථ කාලඤ්ඤුතාති.
Sinhala BJTපෝතලිය, මේ සතර පුද්ගලයන් අතුරින් යම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ අවර්‍ණය කියන්නේ වේ ද, නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ සත්‍ය වූ වර්‍ණය කියන්නේ වේ ද, මෙ තෙම මේ සතර පුඟුලන් අතුරින් කල්‍යාණතර ද උත්තමතර ද වෙයි. ඒ කවර හෙයින යත්: පෝතලිය, ඒ ඒ කරුණෙහි කල් දන්නා බවෙක් ඇද්ද, තෙල කල්‍යාණතර වෙයි.
Pali BJTචත්තාරො’මෙ භො ගොතම පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භො ගොතමො එකච්චො පුග්ගලො අවණ්ණාරහස්ස -පෙ- වණ්ණාරහස්ස ච වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මෙලොව ඇතැම් පුද්ගලයෙක් යුක්තප්‍රාප්ත කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ ... යුක්තප්‍රාප්ත කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්‍ණය කියන්නේ වේ.
Pali BJTඉමෙ ඛො භො ගොතම චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJTඉමෙසං භො ගොතම, චතුන්නං පුග්ගලානං ය්වායං පුග්ගලො අවණ්ණාරහස්ස ච අවණ්ණං භාසිතා භූතං තච්ඡං කාලෙන, වණ්ණාරහස්ස ච වණ්ණං භාසිතා භූතං තච්ඡං කාලෙන, අයං මෙ පුග්ගලො ඛමති ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො ච. තං කිස්ස හෙතු? අභික්කන්තා හෙසා භො ගොතම යදිදං තත්ථ තත්ථ කාලඤ්ඤුතාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මේ සතර පුද්ගලයන් අතුරින් යම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ සත්‍ය වූ අවර්‍ණය කියන්නේ වේ ද, නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ සත්‍ය වූ වර්‍ණය කියන්නේ වේ ද, මේ පුද්ගල මේ සතර පුද්ගලයන් අතුරින් කල්‍යාණතර යයි ද, උත්තමතර යයි ද මට රුස්නේ ය. ඒ කවර හෙයින යත්: භවත් ගෞතමයන් වහන්ස, ඒ ඒ කරුණෙහි යම් මේ කල් දන්නා බවෙක් වේ ද, තෙල කල්‍යාණ ය.
Pali BJTඅභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය, චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති, එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ඉකලි. භවත් ගෞතමයන් වහන්ස, ඉකලි. භවත් ගෞතමයන් වහන්ස, යම් පරිදි යටිහුරු කළ දැයක් උඩුහුරු කරන්නේ වේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ හෝ වේ ද, මංමුළා වූවකුට මග පා කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූ දක්නාහ යි අඳුරුයෙහි තෙල් පහනක් හෝ දල්වන්නේ වේ ද, එපරිදි ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නන්නියරින් ධර්‍මය ප්‍රකාශිත ය. තෙල මම භගවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මය හා බික්සඟුන් හා සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා දිවියෙන් සරණ ගිය උපාසකයකු කොට දරන සේක් වා.
Pali BJTඅසුරවග්ගො පඤ්චමො.
Sinhala BJTඅසුරවර්‍ගය පස්වනු.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅසුරො තයො සමාධි ඡවාලාතෙන පඤ්චමං, රාගානං සන්ති අත්තහිතාය සික්ඛපොතලිකෙන චා ති.
Sinhala BJTඅසුර සූත්‍රය, සමාධිසූත්‍ර තුණය, පස්වන ඡවාලාත සූත්‍රය, රාගවිනය සූත්‍රය, ඛිප්පනිසන්ති සූත්‍රය, අත්තහිත සූත්‍රය, සික්ඛාපද සූත්‍රය, පෝතලික (=පෝතලිය) සූත්‍රය දැයි දසයෙකි.
Pali BJTදුතියො පණ්ණාසකො නිට්ඨිතො.
Sinhala BJTදෙවන පණ්ණාසකය නිමි.
Pali BJT3. තතියො පණ්ණාසකො
Sinhala BJT3. තෙවන පණ්ණාසකය
Pali BJT1. වලාහකවග්ගො
Sinhala BJT1. වලාහක වර්‍ගය
Pali BJT4. 3. 1. 1.
Sinhala BJT4. 3. 1. 1.
Pali BJT[පඨමවලාහකසුත්තං]
Sinhala BJT[පඨමවලාහක සූත්‍රය]
Pali BJT1. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච :
Sinhala BJT1. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි’ යි භික්‍ෂූන් ඇමැතූ සේක. වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ වලාහකා. කතමෙ චත්තාරො?
Sinhala BJTමහණෙනි, මේ වලාහකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTගජ්ජිතා නො වස්සිතා, වස්සිතා නො ගජ්ජිතා, නෙව ගජ්ජිතා නො වස්සිතා, ගජ්ජිතා ච වස්සිතා ච. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො වලාහකා.
Sinhala BJTගිගිරි ඇත්තේ නොවස්නේය. වස්නේ ගිගිරි නැත්තේය. ගිගිරි ද නැත්තේ වැසි ද නැත්තේ ය. ගිගිරි ද ඇත්තේ වැසි ද ඇත්තේ යි. මහණෙනි, මේ සතර වලාවෝ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ චත්තාරො’මෙ වලාහකූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJTමහණෙනි, එපරිදි ම වලා බඳු මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTගජ්ජිතා නො වස්සිතා, වස්සිතා නො ගජ්ජිතා, නෙව ගජ්ජිතා නො වස්සිතා, ගජ්ජිතා ච වස්සිතා ච.
Sinhala BJTගිගිරි ඇත්තේ නොවස්නේය. වස්නේ ගිගිරි නැත්තේය. ගිගිරි ද නැත්තේ වැසි ද නැත්තේ ය. ගිගිරි ද ඇත්තේ වැසි ද ඇත්තේ යි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො ගජ්ජිතා හොති නො වස්සිතා? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො භාසිතා හොති නො කත්තා. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ගජ්ජිතා හොති නො වස්සිතා. සෙය්යථාපි සො භික්ඛවෙ වලාහකො ගජ්ජිතා නො වස්සිතා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල තෙමේ ගිගිරි ඇත්තේ නොවස්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් (මෙ ද මෙ ද කරමි යි) බණන්නේත් නො කරන්නේ ය. මහණෙනි, මෙසේ පුද්ගල ගුගුරනුයේ නො වස්නේ නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක ගිගිරි කරන්නේ නො වස්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො වස්සිතා හොති නො ගජ්ජිතා? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො කත්තා හොති නො භාසිතා. එවං ඛො භික්ඛවෙ පුග්ගලො වස්සිතා හොති නො ගජ්ජිතා. සෙය්යථාපි සො භික්ඛවෙ වලාහකො වස්සිතා නො ගජ්ජිතා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල වර්‍ෂා කරන්නේ ගිගුරුම් නො කරන්නේ වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් (නො බැණ ම ඒ ඒ දැය) කරන්නේ වෙයි. බණන්නේ නො වෙයි. මහණෙනි, මෙ පරිදි පුද්ගල වර්‍ෂා කරන්නේ ගිගුරුම් නො කරන්නේ නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක වර්‍ෂා කරන්නේ ගිගිරි නො කරන්නේ වේ ද, මහණෙනි, මේ පුද්ගලයා මම එබඳු උපමා ඇති කොට කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො නෙව ගජ්ජිතා හොති නො වස්සිතා? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො නෙව භාසිතා හොති නො කත්තා. එවං ඛො භික්ඛවෙ පුග්ගලො නෙව ගජ්ජිතා හොති නො වස්සිතා. සෙය්යථාපි සො භික්ඛවෙ වලාහකො නෙව ගජ්ජිතා හොති නො වස්සිතා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ගිගිරි නො කරන්නේත්, වර්‍ෂා නො කරන්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නො කියන්නේ ම නො කරන්නේත් වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ගිගිරි නො කරන්නේ ම වර්‍ෂා නො කරන්නේ ද වෙයි. මහණෙනි, යම් පරිදි වලාහක ගිගිරි නො කරන්නේ ම වර්‍ෂා නො කරන්නේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො ගජ්ජිතා ච හොති වස්සිතා ච? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො භාසිතා ච හොති කත්තා ච. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ගජ්ජිතා ච හොති වස්සිතා ච. සෙය්යථාපි සො භික්ඛවෙ වලාහකො ගජ්ජිතා ච වස්සිතා ච, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ගුගුරන්නේත් වස්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් බණන්නේත් කරන්නේත් වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ගුගුරන්නේත් වස්නේත් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක ගුගුරන්නේත් වස්නේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇති කොට කියමි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො වලාහකූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර වැදෑරුම් වලාහකූපම පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 3. 1. 2.
Sinhala BJT4. 3. 1. 2.
Pali BJT[දුතියවලාහකසුත්තං]
Sinhala BJT[දුතියවලාහක සූත්‍රය]
Pali BJT2. චත්තාරො’මෙ භික්ඛවෙ වලාහකා. කතමෙ චත්තාරො?
Sinhala BJT2. මහණෙනි, මේ වලාහකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTගජ්ජිතා නො වස්සිතා, වස්සිතා නො ගජ්ජිතා, නෙව ගජ්ජිතා නො වස්සිතා, ගජ්ජිතා ච වස්සිතා ච. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො වලාහකා.
Sinhala BJTගිගිරි කරන්නේ වැසි නො කරන්නේය. වැසි නො කරන්නේ ගිගිරි කරන්නේය. ගිගිරි නො කරන්නේ වැසි ද නො කරන්නේය. ගිගිරි කරන්නේ වැසි ද කරන්නේයි. මහණෙනි, මේ සතර වලාහකයෝ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ චත්තාරො’මෙ වලාහකූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJTමහණෙනි, එපරිදි ම මේ වලාහකූපම පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර දෙනෙක යත්:
Pali BJTගජ්ජිතා නො වස්සිතා, වස්සිතා නො ගජ්ජිතා, නෙව ගජ්ජිතා නො වස්සිතා, ගජ්ජිතා ච වස්සිතා ච.
Sinhala BJTගිගිරි කරන්නේ වැසි නො කරන්නේය. වැසි කරන්නේ ගිගිරි නො කරන්නේය. ගිගිරි නො කරන්නේ ම වැසි ද නො කරන්නේය. ගිගිරි කරන්නේත් වැසි ද කරන්නේ යි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො ගජ්ජිතා හොති නො වස්සිතා? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ධම්මං පරියාපුණාති: සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානාති. අයං දුක්ඛසමුදයොති යථාභූතං නප්පජානාති. අයං දුක්ඛනිරොධොති යථාභූතං නප්පජානාති. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ගජ්ජිතා හොති නො වස්සිතා. සෙය්යාථාපි සො භික්ඛවෙ වලාහකො ගජ්ජිතා නො වස්සිතා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ගිගිරි කරන්නේ වැසි නො කරන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් හදාරයි. හේ “මේ දුකැ” යි තත් වූ පරිදි නො දන්නේ ය. “මේ දුඃඛසමුදය” යි තත් වූ පරිදි නො දන්නේ ය. “මේ දුඃඛනිරෝධය” යි තත් වූ පරිදි නො දන්නේ ය. “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි තත් වූ පරිදි නො දන්නේ ය. මහණෙනි, මෙසේ පුද්ගල ගිගිරි කරන්නේ වැසි නො කරන්නේ ය. මහණෙනි, යම් පරිදි වලාහක ගිගිරි කරන්නේ වැසි නො කරන්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො වස්සිතා හොති නො ගජ්ජිතා? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ධම්මං නෙව ධම්මං පරියාපුණාති : සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො වස්සිතා හොති නො ගජ්ජිතා. සෙය්යථාපි සො භික්ඛවෙ වලාහකො වස්සිතා නො ගජ්ජිතා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල වැසි කරන්නේ ගිගිරි නො කරන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් නොහදාරනුයේ වෙයි. හෙතෙම “මේ දුකැ” යි තත් වූ පරිදි දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල වැසි කරන්නේ ගිගිරි නො කරන්නේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක වැසි කරන්නේ ගිගිරි නො කරන්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො නෙව ගජ්ජිතා හොති නො වස්සිතා? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ධම්මං න පරියාපුණාති: සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො නෙව ගජ්ජිතා හොති නො වස්සිතා. සෙය්යථාපි සො භික්ඛවෙ වලාහකො නෙව ගජ්ජිතා නො වස්සිතා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ගිගිරි නො කරන්නේ ම වැසි නො කරන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් නො හදාරයි. හේ “මේ දුකැ” යි තත් වූ පරිදි නො දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල ගිගිරි නො කරන්නේ ම වැසි ද නො කරන්නේ ය. මහණෙනි, යම් පරිදි ඒ වලාහක ගිගිරි නො කරන්නේ ම වැසි ද නො කරන්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො ගජ්ජිතා ච හොති වස්සිතා ච? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ධම්මං පරියාපුණාති : සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ගජ්ජිතා ච හොති වස්සිතා ච. සෙය්යථාපි සො භික්ඛවෙ වලාහකො ගජ්ජිතා ච වස්සිතා ච, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ගිගිරි කරන්නේත් වැසි කරන්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් හදාරයි. හේ “මේ දුකැ” යි තත් වූ පරිදි දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ගිගිරි කරන්නේත් වැසි කරන්නේත් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක ගුගුරන්නේත් වස්නේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො වලාහකූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර වැදෑරුම් පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 3. 1. 3.
Sinhala BJT4. 3. 1. 3.
Pali BJT[කුම්භසුත්තං]
Sinhala BJT[කුම්භ සූත්‍රය]
Pali BJT3. චත්තාරො’මෙ භික්ඛවෙ කුම්භා. කතමෙ චත්තාරො?
Sinhala BJT3. මහණෙනි, මේ කුම්භයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTතුච්ඡො පිහිතො, පූරො විවටො, තුච්ඡො විවටො, පූරො පිහිතො. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො කුම්භා.
Sinhala BJTඇතුළත සිස් වූ පිටත පියු මුව ඇති එකෙක. ඇතුළත දිය පිරුණු නො පියු මුව ඇති එකෙක. ඇතුළත සිස් වූ නො පියූ මුව ඇති එකෙක. ඇතුළත දිය පිරුණු පියු මුව ඇති එකෙක. මේ සතර කුම්භයෝය.
Pali BJTඑවමෙවං ඛො භික්ඛවෙ චත්තාරො’මෙ කුම්භූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJTමහණෙනි, එපරිදි ම මේ කුම්භොපම පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTතුච්ඡො පිහිතො, පූරො විවටො, තුච්ඡො විවටො, පූරො පිහිතො.
Sinhala BJTඇතුළත සිස් වූ පියු මුව ඇති එකෙක. ඇතුළත පිරුණු වළ කට ඇති එකෙක. ඇතුළත සිස් වූ වළ කට ඇති එකෙක. ඇතුළත පිරුණු පියු කට ඇති එකෙක.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො තුච්ඡො හොති පිහිතො? ඉධ භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානාති. අයං දුක්ඛ සමුදයොති -පෙ- අයං දුක්ඛ නිරොධොති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො තුච්ඡො හොති පිහිතො. සෙය්යථාපි සො භික්ඛවෙ කුම්භො තුච්ඡො පිහිතො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ඇතුළත හිස් වූයේ පියු මුව ඇතියේ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලකුගේ ඉදිරි යෑම, වටාලා ඊම, ඉදිරි බැලීම, ඔබමොබ බැලීම, අත්පා හැකිලීම, අත්පා දිග හැරීම, සඟළ පාසිවුරු ධැරීම ප්‍රසාද එළවන්නේ වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි නො දනී “මේ දුක්ඛසමුදය”යි ... “මේ දුක්ඛනිරෝධය”යි ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා ය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල ඇතුළත සිස් වූයේ පිටත පියු මුව ඇතියේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ කුම්භය ඇතුළත සිස් වූයේ පිටත පියු මුව ඇතියේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො පූරො හොති විවටො? ඉධ භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස න පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො පූරො හොති විවටො. සෙය්යථාපි සො භික්ඛවෙ කුම්භො පූරො විවටො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ඇතුළත පිරුණේ පිටත වළ මුව ඇතියේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයකුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, ඔබමොබ බැලීම, අත්පා හැකිලීම, අත්පා දිග හැරීම, සඟළ පා සිවුරු ධැරීම ප්‍රසාද එළවන්නේ නො වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා ය”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ඇතුළත පිරුණේ පිටත විවෘත වූයේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ කුම්භය ඇතුළත පිරුණේ පිටත විවෘත වූයේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො තුච්ඡො හොති විවටො? ඉධ භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස න පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො තුච්ඡො හොති විවටො. සෙය්යථාපි සො භික්ඛවෙ කුම්භො තුච්ඡො විවටො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ඇතුළත සිස් වූයේ පිටත විවෘත වූයේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයකුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, ඔබමොබ බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු කිරීම, සඟළ පාසිවුරු ධැරීම ප්‍රසාද එළවන්නේ නො වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි නො දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා ය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල ඇතුළත සිස් වූයේ පිටත විවෘත වූයේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ කුම්භය තෙමේ ඇතුළත හිස් වූයේ පිටත විවෘත වූයේ වේද, මහණෙනි, මම මේ පුද්ගල එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො පූරො හොති පිහිතො? ඉධ භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො පූරො හොති පිහිතො. සෙය්යථාපි සො භික්ඛවෙ කුම්භො පූරො පිහිතො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ඇතුළත පිරුණේ පිටත පියු මුව ඇතියේ වේ ද, මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයකුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, ඔබමොබ බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු කිරීම, සඟළ පාසිවුරු ධැරීම ප්‍රසාද එළවන්නේ වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි දනී ... “මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදා ය”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ඇතුළත පිරුණේ පිටත පියු මුව ඇතියේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ කුම්භය ඇතුළත පිරුණේ පිටත පියු මුව ඇතියේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ’යි කියමි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො කුම්භූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර වැදෑරුම් කුම්භොපම පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානය හ.
Pali BJT4. 3. 1. 4.
Sinhala BJT4. 3. 1. 4.
Pali BJT[උදකරහදසුත්තං]
Sinhala BJT[උදකරහද සූත්‍රය]
Pali BJT4. චත්තාරො’මෙ භික්ඛවෙ උදකරහදා. කතමෙ චත්තාරො?
Sinhala BJT4. මහණෙනි, මේ දිය පිරුණු දහතළාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඋත්තානො ගම්භීරොභාසො, ගම්භීරො උත්තානොභාසො, උත්තානො උත්තානොභාසො, ගම්භීරො ගම්භීරොභාසො. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො උදකරහදා.
Sinhala BJTනො ගැඹුරු වූ (එහෙත්) ගැඹුරු සේ පැණෙන එකෙක, ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන එකෙක. නො ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන එකෙක. ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන එකෙක. මහණෙනි, මේ සතර දිය පිරුණු දහතළාවෝ යි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ චත්තාරො’මෙ උදකරහදූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJTමහණෙනි, එපරිදි ම දහතළා බඳු පුද්ගලයෝ මේ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඋත්තානො ගම්භීරොභාසො, ගම්භීරො උත්තානොභාසො, උත්තානො උත්තානොභාසො, ගම්භීරො ගම්භීරොභාසො.
Sinhala BJTනො ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන එකෙක. ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන එකෙක. නො ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන එකෙක. ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන එකෙකැ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො උත්තානො හොති ගම්භීරොභාසො? ඉධ භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො උත්තානො හොති ගම්භීරොභාසො. සෙය්යථාපි සො භික්ඛවෙ උදකරහදො උත්තානො ගම්භීරොභාසො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල නො ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, වටා බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු කිරීම, සඟළ පාසිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි නො දනී. “මේ දුක්ඛසමුදය”යි ... “මේ දුක්ඛ නිරෝධය”යි ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල නො ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන්නේ වෙයි. මහණෙනි, යම් පරිදි හේ දහතළාව නො ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො ගම්භීරො හොති උත්තානොභාසො? ඉධ භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස න පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ගම්භීරො හොති උත්තානොභාසො. සෙය්යථාපි සො භික්ඛවෙ උදකරහදො ගම්භීරො උත්තානොභාසො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, පසු බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු කිරීම, සඟළ පාසිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ නො වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී පටිපදා”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන්නේ වෙයි. මහණෙනි, යම් පරිදි හේ දහතළාව ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො උත්තානො හොති උත්තානොභාසො? ඉධ භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස න පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො උත්තානො හොති උත්තානොභාසො. සෙය්යථාපි සො භික්ඛවෙ උදකරහදො උත්තානො උත්තානොභාසො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල නො ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, පසු බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු හැරීම, සඟළපාසිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ නො වේ. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි නො දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල නො ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණුම් ඇත්තේ වෙයි. මහණෙනි, යම් සේ ඒ දහතළාව නො ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණුම් ඇත්තේ වේ ද, මහණෙනි, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො ගම්භීරො හොති ගම්භීරොභාසො? ඉධ භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ගම්භීරො හොති ගම්භීරොභාසො. සෙය්යථාපි සො භික්ඛවෙ උදකරහදො ගම්භීරො ගම්භීරොභාසො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ගැඹුරු වූයේ ගැඹුරු පැණුම් ඇත්තේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරි ගමන, පසු ගමන, ඉදිරි බැලීම, පසු බැලීම, ආකුඤ්චනය, ප්‍රසාරණය, සඟළපාසිවුරු දැරීම ප්‍රසාදජනක වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන්නේ වෙයි. මහණෙනි, යම්සේ ඒ දහතළාව ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන්නේ වේ ද, මහණෙනි, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො උදකරහදූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, දහතළා බඳු මේ සතර වැදෑරුම් පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 3. 1. 5.
Sinhala BJT4. 3. 1. 5.
Pali BJT[අම්බසුත්තං]
Sinhala BJT[අම්බ සූත්‍රය]
Pali BJT5. චත්තාරිමානි භික්ඛවෙ අම්බානි. කතමානි චත්තාරි?
Sinhala BJT5. මහණෙනි, මෙ අඹපල සතරෙකි. කවර සතරෙක යත්:
Pali BJTආමං පක්කවණ්ණි, පක්කං ආමවණ්ණි, ආමං ආමවණ්ණි, පක්කං පක්කවණ්ණි. ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි අම්බානි.
Sinhala BJTඅමුවූයේ පැසුනුවන් එකෙක. පැසුනේ අමුවන් එකෙක. අමුවූයේ අමුවන් එකෙක. පැසුනේ පැසුනුවන් එකෙක. මහණෙනි, මේ සතර අඹපලයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ චත්තාරො’මෙ අම්බූපමා{1} පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJTමහණෙනි, එපරිදි ම ලොව්හි මේ අඹ බඳු පුඟුලෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTආමො පක්කවණ්ණී, පක්කො ආමවණ්ණී, ආමො ආමවණ්ණී, පක්කො පක්කවණ්ණී.
Sinhala BJTඅමුවූයේ පැසුනුවන් එකෙක. පැසුනේ අමුවන් එකෙක. අමුවූයේ අමුවන් එකෙක. පැසුනේ පැසුනුවන් එකෙක.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො ආමො හොති පක්කවණ්ණී? ඉධ භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ආමො හොති පක්කවණ්ණී. සෙය්යථාපි තං භික්ඛවෙ අම්බං ආමං පක්කවණ්ණි, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල අමුවූයේ පැසුනුවන් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරියෑම, පසුඊම, ඉදිරි බැලීම, අවට බැලීම, අත්පා හැකිළීම, අත්පා දිගුකිරීම, සඟළපාසිවුරු දැරීම යන මේ ප්‍රසාද එළවන්නේ වෙයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි නො දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල අමුවූයේ පැසුනුවන් වෙයි. මහණෙනි, යම් සේ ඒ අඹය අමු වූයේ පැසුනුවන් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො පක්කො හොති ආමවණ්ණී? ඉධ භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස න පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො පක්කො හොති ආමවණ්ණී. සෙය්යථාපි තං භික්ඛවෙ අම්බං පක්කං ආමවණ්ණි, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල පැසුනේ අමුවන් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුඟුලක්හුගේ ගමන, ආගමන, ආලෝකන, විලෝකන, ආකුඤ්චන, ප්‍රසාරණ, සඞ්ඝාටිපාත්‍රචීවරධාරණ යන මේ ප්‍රාසාදික නො වේ. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි තත් වූ පරිදි දනී. මෙසේ පුද්ගල පැසුනේ අමුවන් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ අඹපල පැසුනේ අමුවන් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො ආමො හොති ආමවණ්ණී? ඉධ භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස න පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ආමො හොති ආමවණ්ණී. සෙය්යථාපි තං භික්ඛවෙ අම්බං ආමං ආමවණ්ණි, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල අමුවූයේ අමුවන් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුඟුලක්හුගේ අභික්‍රමණ, ප්‍රකික්‍රමණ, ආලෝකන, විලෝකන, ආකුඤ්චන, ප්‍රසාරණ, සඞ්ඝාටිපාත්‍රචීවරධාරණ යන මේ ප්‍රාසාදික නොවේ. හේ මේ “දුකැ”යි තත් වූ පරිදි නොදනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල අමුවූයේ අමුවන් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ අඹපල අමුවූයේ අමුවන් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො පක්කො හොති පක්කවණ්ණී? ඉධ භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො පක්කො හොති පක්කවණ්ණී. සෙය්යථාපි තං භික්ඛවෙ අම්බං පක්කං පක්කවණ්ණි, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල පැසුනේ පැසුනුවන් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයකුගේ ඉදිරියෑම, වටාලා ඊම, ආලෝකන, විලෝකන, හැකිළීම්, දිගු හැරීම්, සඟළ පා සිවුරු දැරීම් ප්‍රසාද එළවන්නේ වෙයි. හේ මේ “දුකැ”යි තත් වූ පරිදි දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල පැසුනේ පැසුනුවන් වේ. මහණෙනි, යම්සේ ඒ අඹය පැසුනේ පැසුනුවන් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො අම්බූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, අඹ බඳු මේ සතර වැදෑරුම් පුඟුලෝ ලොව්හි විද්‍යමානයහ.
Pali BJT4. 3. 1. 6{*} 4. 3. 1. 7
Sinhala BJT4.3.1.6. 4.3.1.7.
Pali BJT[මූසිකාසුත්තං]
Sinhala BJT[මූසිකා සූත්‍රය]
Pali BJT7. චතස්සො ඉමා භික්ඛවෙ මූසිකා. කතමා චතස්සො?
Sinhala BJT7. මහණෙනි, මේ මූෂිකාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTගාධං කත්තා නො වසිතා, වසිතා නො ගාධං කත්තා, නෙව ගාධං කත්තා නො වසිතා, ගාධං කත්තා ච වසිතා ච. ඉමා ඛො භික්ඛවෙ චතස්සො මූසිකා.
Sinhala BJTබිල කරන්නී වාස නො කරන්නී ය, වාස කරන්නී බිල නො කරන්නී ය. බිල නො කරන්නී ම වාස නො කරන්නී ය. බිල කරන්නීත් වාස ද කරන්නී ය. මහණෙනි, මේ සතර මූෂිකාවෝ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ චත්තාරො’මෙ මූසිකූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJTමහණෙනි, එපරිදි ම මේ මූෂිකෝපම පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර දෙනෙක් ද යත්:
Pali BJTගාධං කත්තා නො වසිතා, වසිතා නො ගාධං කත්තා, නෙව ගාධං කත්තා නො වසිතා, ගාධං කත්තා ච වසිතා ච.
Sinhala BJTබිල කරන්නේ වාස නො කරන්නේ ය. වාස කරන්නේ බිල නො කරන්නේ ය. බිල නො කරන්නේ ම වාස ද නො කරන්නේ ය. බිල කරන්නේත් වාස ද කරන්නේ යි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො ගාධං කත්තා හොති නො වසිතා? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ධම්මං පරියාපුණාති : සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ගාධං කත්තා හොති නො වසිතා. සෙය්යථාපි සා භික්ඛවෙ මූසිකා ගාධං කත්තා නො වසිතා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල බිල කරන්නේ වාස නො කරන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් හදාරයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි නො දනී ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල බිල කරන්නේ වාස නො කරන්නේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ මුෂිකාව බිල කරන්නී වාස නොකරන්නී වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො වසිතා හොති නො ගාධං කත්තා? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ධම්මං න පරියාපුණාති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො වසිතා හොති නො ගාධං කත්තා. සෙය්යථාපි සා භික්ඛවෙ මූසිකා වසිතා නො ගාධං කත්තා. තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල වාස කරන්නේ බිල නොකරන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් නො හදාරයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි දනී ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාය”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල වාස කරන්නේ බිල නො කරන්නේ ය. මහණෙනි, යම් පරිදි ඒ මුෂිකාව වාස කරන්නී බිල නොකරන්නී වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො නෙව ගාධං කත්තා හොති නො වසිතා? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ධම්මං න පරියාපුණාති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො නෙව ගාධං කත්තා හොති නො වසිතා. සෙය්යථාපි සා භික්ඛවෙ මූසිකා නෙව ගාධං කත්තා නො වසිතා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල බිල නොකරන්නේ ම වාස නො කරන්නේත් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් නො හදාරයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි නො දනී ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල බිල නො කරන්නේ ම වාසත් නො කරන්නේ ය. මහණෙනි, යම් පරිදි ඒ මුෂිකාව බිල නොකරන්නී වාස නො කරන්නී වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො ගාධං කත්තා ච හොති වසිතා ච? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ධම්මං පරියාපුණාති සුත්තං ගෙය්යං වෙය්යාහකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ගාධං කත්තා ච හොති වසිතා ච. සෙය්යථාපි සා භික්ඛවෙ මූසිකා ගාධං කත්තා ච වසිතා ච, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල බිල කරන්නේත් වාස කරන්නේත් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් හදාරයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි දනී ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල බිල කරන්නේත් වාස කරන්නේත් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ මුෂිකාව බිල කරන්නීත් වාස කරන්නීත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො මූසිකූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ මූෂිකෝපම මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 3. 1. 8.
Sinhala BJT4. 3. 1. 8.
Pali BJT[බලිවද්දසුත්තං]
Sinhala BJT[බලීවද්ද සූත්‍රය]
Pali BJT8. චත්තාරො’මෙ භික්ඛවෙ බලිවද්දා. කතමෙ චත්තාරො?
Sinhala BJT8. මහණෙනි, මේ බලීවර්‍දයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTසගවචණ්ඩො නො පරගවචණ්ඩො, පරගවචණ්ඩො නො සගවචණ්ඩො, සගවචණ්ඩො ච පරගවචණ්ඩො ච, නෙව සගවචණ්ඩො නො පරගවචණ්ඩො. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො බලිවද්දා.
Sinhala BJTසිය ගෙරිනට සැඬ වූයේ අන් ගෙරිනට සැඬ නොවූයේය, අන් ගෙරිනට සැඬ වූයේ සිය ගෙරිනට සැඬ නොවූයේය, සිය ගෙරිනට සැඬ වූයේත් අන් ගෙරිනට ද සැඬ වූයේ ය, සිය ගෙරිනට සැඬ නොවූයේ ම අන් ගෙරිනට ද සැඬ නොවූයේය. මහණෙනි, මේ සතර බලීවර්‍දයෝයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ චත්තාරො’මෙ බලිවද්දූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTමහණෙනි, එපරිදි ම බලීවර්‍දොපම වූ මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ.
Pali BJTකතමෙ චත්තාරො? සගවචණ්ඩො නො පරගවචණ්ඩො, පරගවචණ්ඩො නො සගවචණ්ඩො, සගවචණ්ඩො ච පරගවචණ්ඩො ච, නෙව සගවචණ්ඩො නො පරගවචණ්ඩො.
Sinhala BJTකවර සතර දෙනෙක යත්: සගව චණ්ඩ වූයේ පරගවචණ්ඩ නොවූයේය. පරගවචණ්ඩවූයේ සගවචණ්ඩ නොවූයේ ය. සගවචණ්ඩ වූයේ පරගවචණ්ඩ ද වූයේය. සගවචණ්ඩ නොවූයේ ම පරගවචණ්ඩ ද නොවූයේ යි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සගවචණ්ඩො හොති නො පරගවචණ්ඩො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සකං පරිසං{1} උබ්බෙජෙතා හොති, නො පරපරිසං. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සගවචණ්ඩො හොති නො පරගවචණ්ඩො. සෙය්යථාපි සො භික්ඛවෙ බලිවද්දො සගවචණ්ඩො නො පරගවචණ්ඩො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල සගවචණ්ඩ වූයේ පරගවචණ්ඩ නොවූයේ වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් සිය පිරිස ඝටා උද්වෙග (බියපත්) කරන්නේ වෙයි. පරපිරිස නොගටන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සගවචණ්ඩ වූයේ පරගවචණ්ඩ නොවූයේය. මහණෙනි, යම් පරිදි ඒ ගොන් සගවචණ්ඩ ව පරගවචණ්ඩ නොවූයේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො පරගවචණ්ඩො හොති නො සගවචණ්ඩො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො පරපරිසං උබ්බෙජෙතා හොති නො සකපරිසං. එවං ඛො භික්ඛවෙ පුග්ගලො පරගවචණ්ඩො හොති නො සගවචණ්ඩො. සෙය්යථාපි සො භික්ඛවෙ බලිවද්දො පරගවචණ්ඩො නො සගවචණ්ඩො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල පරගවචණ්ඩ වූයේ සගවචණ්ඩ නොවූයේ වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් පරපර්‍ෂද් ඝටා උද්වෙග කරන්නේ වෙයි. සිය පිරිස නොගටන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල පරගවචණ්ඩ වූයේ සගවචණ්ඩ නොවූයේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ගොන් පරගවචණ්ඩ ව සගවචණ්ඩ නොවූයේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සගවචණ්ඩො ච හොති පරගවචණ්ඩො ? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සකපරිසඤ්ච උබ්බෙජෙතා හොති පරපරිසඤ්ච. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සගවචණ්ඩො ච හොති පරගවචණ්ඩො ච. සෙය්යථාපි සො භික්ඛවෙ බලිවද්දො සගවචණ්ඩො ච පරගවචණ්ඩො ච, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල සගවචණ්ඩ වූයේත් පරවචණ්ඩ වූයේත් වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් සිය පිරිස ඝටා උද්වෙග කරන්නේ වෙයි. පරපර්‍ෂද් ඝටන්නේත් වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සගවචණ්ඩ වූයේත් පරගවචණ්ඩ වූයේත් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ගොන් සගවචණ්ඩ වූයේත් පරගවචණ්ඩ වූයේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො නෙව සගවචණ්ඩො හොති නො පරගවචණ්ඩො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො නෙව සකපරිසං උබ්බෙජෙතා හොති නො පරපරිසං. එවං ඛො භික්ඛවෙ පුග්ගලො නෙව සගවචණ්ඩො හොති නො පරගවචණ්ඩො. සෙය්යථාපි සො භික්ඛවෙ බලිවද්දො නෙව සගවචණ්ඩො නො පරගවචණ්ඩො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල සගවචණ්ඩ නොවූයේ ම පරවචණ්ඩ නොවූයේත් වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් ස්වකීය පර්‍ෂද් ඝටා උද්වෙග කරන්නේත් නොවෙයි. පරපර්‍ෂද් ඝටන්නේත් නොවෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සගවචණ්ඩ නොවූයේත් පරගවචණ්ඩ නොවූයේ ද වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ගොන් සගවචණ්ඩ නොවූ යේ ම පරගවචණ්ඩ නොවූයේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො බලිවද්දූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, බලීවර්‍දොපම මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 3. 1. 9.
Sinhala BJT4. 3. 1. 9.
Pali BJT[රුක්ඛසුත්තං]
Sinhala BJT[රුක්ඛ සූත්‍රය]
Pali BJT9. චත්තාරො’මෙ භික්ඛවෙ රුක්ඛා. කතමෙ චත්තාරො?
Sinhala BJT9. මහණෙනි, මේ වෘක්‍ෂයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඵෙග්ගු ඵෙග්ගුපරිවාරො, ඵෙග්ගු සාරපරිවාරො, සාරො ඵෙග්ගුපරිවාරො, සාරො සාරපරිවාරො. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො රුක්ඛා.
Sinhala BJTනිසරු රුක් පිරිවර කොට ඇති නිසරු රුකෙක. හර රුක් පිරිවර කොට ඇති නිසරු රුකෙක. නිසරු රුක් පිරිවර කොට ඇති හර රුකෙක. හර රුක් පිරිවර කොට ඇති හර රුකෙක. මහණෙනි, මේ වෘක්‍ෂයෝ සතර දෙනයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ චත්තාරො’මෙ රුක්ඛූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJTමහණෙනි, එපරිදි ම රුක්බඳු මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඵෙග්ගු ඵෙග්ගුපරිවාරො, ඵෙග්ගු සාරපරිවාරො, සාරො ඵෙග්ගුපරිවාරො, සාරො සාරපරිවාරො.
Sinhala BJTඵලගු පරිවාර කොට ඇති ඵලගු පුද්ගලය, සාර පරිවාර කොට ඇති ඵලගු පුද්ගලය, ඵලගු පරිවාර කොට ඇති සාර පුද්ගලය. සාර පරිවාර කොට ඇති සාර පුද්ගල යි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො ඵෙග්ගු හොති ඵෙග්ගුපරිවාරො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො දුස්සීලො හොති පාපධම්මො. පරිසාපිස්ස හොති දුස්සීලා පාපධම්මා. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ඵෙග්ගු හොති ඵෙග්ගුපරිවාරො. සෙය්යථාපි සො භික්ඛවෙ රුක්ඛො ඵෙග්ගු ඵෙග්ගුපරිවාරො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ඵලගුපරිවාර කොට ඇති ඵලගු පුද්ගල වේද? මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි. ලමුදහම් ඇති වෙයි. ඔහු පිරිස ද දුශ්ශීල වෙයි, ලමුදහම් ඇති වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ඵලගුපරිවාර කොට ඇති ඵලගු පුද්ගල නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වෘක්‍ෂය ඵලගුපරිවාර කොට ඇති ඵලගුවෘක්‍ෂයෙක් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො ඵෙග්ගු හොති සාරපරිවාරො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො දුස්සීලො හොති පාපධම්මො, පරිසා ච ඛ්වස්ස හොති සීලවතී කල්යාණධම්මා. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ඵෙග්ගු හොති සාරපරිවාරො. සෙය්යථාපි සො භික්ඛවෙ රුක්ඛො ඵෙග්ගු සාරපරිවාරො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල සාර පරිවාර කොට ඇති ඵලගු පුද්ගල වේද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි, ලමුදහම් ඇති වෙයි. උහුගේ පිරිස සිල්වත් වෙයි, කලණදහම් ඇති වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සාර පරිවාර කොට ඇති ඵලගු පුද්ගල වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වෘක්‍ෂය සාර පරිවාර කොට ඇති ඵලගුවෘක්‍ෂ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සාරො හොති ඵෙග්ගුපරිවාරො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සීලවා හොති කල්යාණධම්මො. පරිසා ච ඛ්වස්ස හොති දුස්සීලා පාපධම්මා. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සාරො හොති ඵෙග්ගුපරිවාරො. සෙය්යථාපි සො භික්ඛවෙ රුක්ඛො සාරො ඵෙග්ගුපරිවාරො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ඵලගුපරිවාර කොට ඇති සාර පුද්ගල වේද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වෙයි, කලණදහම් ඇති වෙයි. ඔහුගේ පිරිස දුශ්ශීල වෙයි, ලමුදහම් ඇති වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ඵලගුපරිවාර කොට ඇති සාර පුද්ගල වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වෘක්‍ෂය, ඵලගුපරිවාර කොට ඇති සාරවෘක්‍ෂයෙක් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සාරො හොති සාරපරිවාරො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සීලවා හොති කල්යාණධම්මො. පරිසාපිස්ස හොති සීලවතී කල්යාණධම්මා. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සාරො හොති සාරපරිවාරො. සෙය්යථාපි සො භික්ඛවෙ රුක්ඛො සාරො සාරපරිවාරො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල සාරපරිවාර කොට ඇති සාර පුද්ගල වේද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වෙයි. කලණදහම් ඇති වෙයි. ඔහුගේ පිරිස ද සිල්වත් වෙයි, කළණදහම් ඇති වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සාරපරිවාර කොට ඇති සාර පුද්ගල නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වෘක්‍ෂය සාරපරිවාර කොට ඇති සාරවෘක්‍ෂ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි කියමි.