Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතරපුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 2. 5. 2.
Sinhala BJT4. 2. 5. 2.
Pali BJT[පඨමසමාධිසුත්තං]
Sinhala BJT[පඨම සමාධි සූත්‍රය]
Pali BJT42. චත්තාරො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT42. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ලාභී හොති අජ්ඣත්තං චෙතොසමථස්ස, න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තමා සතන්හි අර්‍පණාචිත්තසමාධිය ලබන සුලු වෙයි. සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය නො ලබන සුලු වෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො ලාභී හොති අධිපඤ්ඤාධම්මවිපස්සනාය, න ලාභී අජ්ඣත්තං චෙතොසමථස්ස.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වෙයි. තමා සතන්හි අර්‍පණාචිත්තසමාධිය නො ලබන සුලු වෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො නෙව ලාභී හොති අජ්ඣත්තං චෙතොසමථස්ස, න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්‍පණාචිත්තසමාධිය නොම ලබන සුලු වෙයි. සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ද නො ලබන සුලු වෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො ලාභී චෙව හොති අජ්ඣත්තං චෙතොසමථස්ස, ලාභී ච අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්‍පණාචිත්තසමාධිය ද ලබන සුලු වෙයි. සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ද ලබන සුලු වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 2. 5. 3.
Sinhala BJT4. 2. 5. 3.
Pali BJT[දුතියසමාධිසුත්තං]
Sinhala BJT[දුතිය සමාධි සූත්‍රය]
Pali BJT43. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT43. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ලාභී හොති අජ්ඣත්තං චෙතොසමථස්ස, න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්‍පණාචිත්ත සමාධිය ලබන සුලු වෙයි. සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය නො ලබන සුලු වෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො ලාභී හොති අධිපඤ්ඤාධම්මවිපස්සනාය, න ලාභී අජ්ඣත්තං චෙතොසමථස්ස.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වෙයි. තමා කෙරෙහි අර්‍පණාචිත්තසමාධිය නො ලබන සුලු වෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො නෙව ලාභී හොති අජ්ඣත්තං චෙතොසමථස්ස, න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්‍පණාචිත්ත සමාධිය නො ම ලබන සුලු වෙයි. සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය ද නො ලබන සුලු වෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො ලාභී චෙව හොති අජ්ඣත්තං චෙතොසමථස්ස, ලාභී ච අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්‍පණාචිත්තසමාධිය ද ලබන සුලු ම වේ. සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානයත් ලබන සුලු වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො ලාභී හොති අජ්ඣත්තං චෙතොසමථස්ස, න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය, තෙන භික්ඛවෙ පුග්ගලෙන අජ්ඣත්තං චෙතොසමථෙ පතිට්ඨාය අධිපඤ්ඤාධම්මවිපස්සනාය යොගො කරණීයො. සො අපරෙන සමයෙන ලාභී චෙව හොති අජ්ඣත්තං චෙතොසමථස්ස, ලාභී ච අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJTමහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ අර්‍පණාචිත්තසමාධිය ලබනුයේ සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය නො ලබනුයේ වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් තමා තුළ චිත්තසමථයෙහි පිහිටා සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානයෙහි යුක්තප්‍රයුක්තතා සඞ්ඛ්‍යාත යෝගය කටයුතුයි හේ පසුකලෙක තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය, න ලාභී අජ්ඣත්තං චෙතොසමථස්ස. තෙන භික්ඛවෙ පුග්ගලෙන අධිපඤ්ඤාධම්මවිපස්සනාය පතිට්ඨාය අජ්ඣත්තං චෙතොසමථෙ යොගො කරණීයො. සො අපරෙන සමයෙන ලාභී චෙව හොති අධිපඤ්ඤාධම්මවිපස්සනාය, ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්ස.
Sinhala BJTමහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබනුයේ, තමා තුළ චිත්තසමථය නො ලබනුයේ වේද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානයෙහි පිහිටා තමා තුළ චිත්තසමථයෙහි යෝගය කළ යුතු ය. හේ පසුකාලයෙක සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබනුයේත්, තමා තුළ චිත්තසමථය ලබනුයේත් වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො නෙව ලාභී අජ්ඣත්තං චෙතොසමථස්ස, න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය. තෙන භික්ඛවෙ පුග්ගලෙන තෙසං යෙව කුසලානං ධම්මානං පටිලාභාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤං ච කරණීයං.
Sinhala BJTමහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය නොම ලබනුයේත් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය නො ලබනුයේත් වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් එ කුසල් දහමුන් ම ලබනු පිණිස අධිමාත්‍ර ඡන්‍දය ද ව්‍යායාමය ද උත්සාහය ද අධිකොත්සාහය ද නො නවත්නා වැර ද සිහිය ද සම්ප්‍රඥානය ද කළ යුතු ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ ආදිත්තචෙලො වා ආදිත්තසීසො වා තස්ස තස්සෙව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤං ච කරෙය්ය, එවමෙව ඛො භික්ඛවෙ තෙන පුග්ගලෙන තෙසංයෙව කුසලානං ධම්මානං පටිලාභාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤංච කරණීයං. සො අපරෙන සමයෙන ලාභී චෙව හොති අජ්ඣත්තං චෙතොසමථස්ස, ලාභී ච අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJTමහණෙනි, යම් පරිදි ඇවිළ දැවෙන පිළි ඇතියෙක් වේ වයි, ඇවිළ දැවෙන හිසැතියෙක් වේ වයි, ඒ ඒ පිළිය හෝ හිස හෝ නිවාලනු පිණිස අධිමාත්‍ර ඡන්‍දය ද ව්‍යායාමය ද උත්සාහය ද අධික වීර්‍ය්‍යය ද නො පසුබස්නා වැර ද සිහිය ද සම්ප්‍රඥානය ද කරන්නේ වේ ද, මහණෙනි, එපරිදි ම ඒ පුද්ගලයා විසින් එ කුසල් දහමුන් ම ලබනු පිණිස අධිමාත්‍ර වූ ඡන්‍දය ද ව්‍යායාමය ද උත්සාහය ද අධිකොත්සාහය ද නො පසුබස්නා වැර ද සිහිය ද සම්ප්‍රඥානය ද කළ යුතු ය. හේ පසු කලෙක තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාර පරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො ලාභී චෙව හොති අජ්ඣත්තං චෙතොසමථස්ස, ලාභී ච අධිපඤ්ඤාධම්මවිපස්සනාය, තෙන භික්ඛවෙ පුග්ගලෙන තෙසු යෙව කුසලෙසු ධම්මෙසු පතිට්ඨාය උත්තරිං ආසවානං ඛයාය යොගො කරණීයො.
Sinhala BJTමහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාර පරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් ඒ කුසල් දහමුන් කෙරෙහි පිහිටා මතුයෙහි ආස්‍රවයන් ක්‍ෂය කරණු පිණිස යෝගය කළ යුතු ය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 2. 5. 4.
Sinhala BJT4. 2. 5. 4.
Pali BJT[තතියසමාධිසුත්තං]
Sinhala BJT[තතිය සමාධි සූත්‍රය]
Pali BJT44. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT44. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ලාභී හොති අජ්ඣත්තං චෙතොසමථස්ස, න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේ, සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය නො ලබන සුලු වූයේ වෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො ලාභී හොති අධිපඤ්ඤාධම්මවිපස්සනාය, න ලාභී අජ්ඣත්තං චෙතොසමථස්ස.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වූයේ, තමා තුළ චිත්තසමථය නො ලබන සුලු වූයේ වෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො නෙව ලාභී හොති අජ්ඣත්තං චෙතොසමථස්ස, න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය නො ම ලබන සුලු වූයේ, සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානයත් නො ලබන සුලු වූයේ වෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො ලාභී චෙව හොති අජ්ඣත්තං චෙතොසමථස්ස, ලාභී ච අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත්, සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො ලාභී අජ්ඣත්තං චෙතොසමථස්ස, න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය, තෙන භික්ඛවෙ පුග්ගලෙන ය්වායං පුග්ගලො ලාභී අධිපඤ්ඤා ධම්මවිපස්සනාය, සො උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො : කථංනු ඛො ආවුසො සඞ්ඛාරා දට්ඨබ්බා? කථං සඞ්ඛාරා සම්මසිතබ්බා? කථං සඞ්ඛාරා විපස්සිතබ්බාති? තස්ස සො යථාදිට්ඨං යථාවිදිතං ව්යාකරොති: එවං ඛො ආවුසො සඞ්ඛාරා දට්ඨබ්බා, එවං සඞ්ඛාරා සම්මසිතබ්බා, එවං සඞ්ඛාරා විපස්සිතබ්බාති.
Sinhala BJTමහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේ සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය නො ලබන සුලු වූයේ වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් යම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වී නම්, වෙත පැමිණ හේ මෙසේ කිය යුතු වෙයි: “ඇවත, කෙසේ නම් සංස්කාරයෝ දතයුතු වෙත් ද? කෙසේ සංස්කාරයෝ සිමිදිය යුතු වෙත් ද? කෙසේ සංස්කාරයෝ වෙසෙසින් බැලිය යුතු වෙත් ද?” උහුට හේ දුටුසැටිය දත් සැටිය පවසයි: “ඇවත, සංස්කාරයෝ මෙසේ දතයුත්තාහ. සංස්කාරයෝ මෙසේ සිමිදිය යුත්තාහ. සංස්කාරයෝ මෙසේ වෙසෙසින් බැලිය යුත්තාහ” යි.
Pali BJTසො අපරෙන සමයෙන ලාභී චෙව හොති අජ්ඣත්තං චෙතොසමථස්ස, ලාභී ච අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJTහේ පසු කලෙක තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත්, සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය න ලාභී අජ්ඣත්තං චෙතොසමථස්ස. තෙන භික්ඛවෙ පුග්ගලෙන ය්වායං පුග්ගලො ලාභී අජ්ඣත්තං චෙතොසමථස්ස, සො උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො : “කථං නු ඛො ආවුසො චිත්තං සණ්ඨපෙතබ්බං? කථං චිත්තං සන්නිසාදෙතබ්බං? කථං චිත්තං එකොදි කත්තබ්බං? කථං චිත්තං සමාදහාතබ්බන්ති?” තස්ස සො යථාදිට්ඨං යථාවිදිතං ව්යාකරොති: “එවං ඛො ආවුසො චිත්තං සණ්ඨපෙතබ්බං, එවං චිත්තං සන්නිසාදෙතබ්බං, එවං චිත්තං එකොදි කත්තබ්බං, එවං චිත්තං සමාදහාතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වූයේ, තමා තුළ චිත්තසමථය නො ලබන සුලු වූයේ වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වී නම්, ලංව සිට හේ මෙසේ කිය යුතු වෙයි. “ඇවත, කෙසේ නම් සිත සකසා තැබිය යුතු වේ ද? කෙසේ නම් සිත සංහිඳුවා ලිය යුතු ද? කෙසේ නම් සිත එකඟ කළ යුතු ද? කෙසේ සිත අරමුණෙහි නගා ලිය යුතු දැයි” කියා යි. ඔහුට හේ දුටු සැටිය දත් සැටිය පවසයි. “ඇවත, මෙසේ සිත මොනොවට පිහිටුවිය යුතුය. මෙසේ සිත සංහිඳවිය යුතුය. මෙසේ සිත එකඟ කළ යුතුය. මෙසේ සිත අරමුණෙහි නගා ලිය යුතු ය” කියා යි.
Pali BJTසො අපරෙන සමයෙ ලාභී චෙව හොති අධිපඤ්ඤාධම්මවිපස්සනාය, ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්ස.
Sinhala BJTහේ පසු කලෙක සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො නෙව ලාභී අජ්ඣත්තං චෙතොසමථස්ස, න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය, තෙන භික්ඛවෙ පුග්ගලෙන ය්වායං පුග්ගලො ලාභී චෙව අජ්ඣත්තං චෙතොසමථස්ස, ලාභී ච අධිපඤ්ඤාධම්මවිපස්සනාය. සො උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: “කථංනු ඛො ආවුසො චිත්තං සණ්ඨපෙතබ්බං? කථං චිත්තං සන්නිසාදෙතබ්බං? කථං චිත්තං එකොදි කත්තබ්බං? කථං චිත්තං සමාදහාතබ්බං? කථං සඞ්ඛාරා දට්ඨබ්බා? කථං සඞ්ඛාරා සම්මසිතබ්බා? කථං සඞ්ඛාරා විපස්සිතබ්බා?”ති. තස්ස සො යථාදිට්ඨං යථාවිදිතං ව්යාකරොති: “එවං ඛො ආවුසො චිත්තං සණ්ඨපෙතබ්බං, එවං චිත්තං සන්නිසාදෙතබ්බං, එවං චිත්තං එකොදි කත්තබ්බං, එවං චිත්තං සමාදහාතබ්බං, එවං සඞ්ඛාරා දට්ඨබ්බා, එවං සඞ්ඛාරා සම්මසිතබ්බා, එවං සඞ්ඛාරා විපස්සිතබ්බා”ති.
Sinhala BJTමහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය නො ම ලබන සුලු වූයේත්, සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය නො ලබන සුලු වූයේත් වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වී නම්, ලං ව ගෙණ හේ මෙසේ කිය යුතු වෙයි. “ඇවැත්නි, කෙසේ නම් සිත මොනොවට පිහිටුවිය යුතු ද? කෙසේ නම් සිත සංහිඳුවා ලිය යුතු ද? කෙසේ නම් සිත එකඟ කළ යුතු ද? කෙසේ නම් සිත අරමුණෙහි නඟා ලිය යුතු ද? කෙසේ නම් සංස්කාරයෝ දත යුතු වෙත් ද? කෙසේ නම් සංස්කාරයෝ සිමිදිය යුතු වෙත් ද? කෙසේ නම් සංස්කාරයෝ වෙසෙසින් බැලිය යුතු වෙත්දැ” යි කියා යි. ඔහුට හේ දුටු සැටිය දත්සැටිය පවසයි: “ඇවත, මෙසේ සිත මොනොවට පිහිටුවිය යුතුය. මෙසේ සිත සංහිඳුවාලිය යුතුය. මෙසේ සිත එකඟ කළ යුතුය. මෙසේ සිත අරමුණෙහි නගා ලිය යුතුය. මෙසේ සංස්කාරයෝ දතයුතු වෙති. මෙසේ සංස්කාරයෝ සිමිදිය යුතු වෙති. මෙසේ සංස්කාරයෝ වෙසෙසින් බැලිය යුතු වෙති” යි කියා යි.
Pali BJTසො අපරෙන සමයෙන ලාභී චෙව හොති අජ්ඣත්තං චෙතොසමථස්ස, ලාභී ච අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJTහේ පසුකලෙක චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො ලාභී චෙව හොති අජ්ඣත්තං චෙතොසමථස්ස, ලාභී ච අධිපඤ්ඤාධම්මවිපස්සනාය, තෙන භික්ඛවෙ පුග්ගලෙන තෙසු චෙව කුසලෙසු ධම්මෙසු පතිට්ඨාය උත්තරිං ආසවානං ඛයාය යොගො කරණීයො.
Sinhala BJTමහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත්, සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් ඒ කුසල්දහම්හි ම පිහිටා මතුයෙහි ආස්‍රවක්‍ෂය පිණිස යෝගය කළ යුතුය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 2. 5. 5.
Sinhala BJT4. 2. 5. 5.
Pali BJT[ඡවාලාතසුත්තං]
Sinhala BJT[ඡවාලාත සූත්‍රය]
Pali BJT45. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT45. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTනෙවත්තහිතාය පටිපන්නො නො පරහිතාය. පරහිතාය පටිපන්නො නො අත්තහිතාය. අත්තහිතාය පටිපන්නො නො පරහිතාය. අත්තහිතාය ච පටිපන්නො පරහිතාය ච.
Sinhala BJTතමාහට හිත පිණිස වේ වයි, මෙරමාහට හිත පිණිස වේ වයි, නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාහට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ ඡවාලාතං උභතො පදිත්තං මජ්ඣෙ ගූථගතං නෙව ගාමෙ කට්ඨත්ථං ඵරති න අරඤ්ඤෙ. තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි ය්වායං පුග්ගලො නෙවත්තහිතාය පටිපන්නො නො පරහිතාය.
Sinhala BJTමහණෙනි, යම් පරිදි දෙපස ඇවිළ ගත්, මැද අශුචි වැකුණු සොහොන් පෙණහෙල්ල ගමෙහි කාෂ්ටයෙන් කරණ කිස සිදු නො කෙරේ ද, අරණ්‍යයෙහි කාෂ්ටාර්‍ත්‍ථය සිදු නො කෙරේ ද, යම් පුද්ගලයෙක් තමාට හිත පිණිස වේ වයි, මෙරමාහට හිත පිණිස වේව යි නො පිළිපන්නේ වේ නම්, මහණෙනි, මේ පුද්ගලයා එබඳු කොට මම කියමි.
Pali BJTතත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො පරහිතාය පටිපන්නො නො අත්තහිතාය, අයං ඉමෙසං ද්වින්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො ච.
Sinhala BJTමහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වේ ද, මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් මෙ තෙම සුන්‍දරතර ද වෙයි. ප්‍රණීතතර ද වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො අත්තහිතාය පටිපන්නො නො පරහිතාය, අයං ඉමෙසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො ච.
Sinhala BJTමහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද, මේ තුන් පුද්ගලයන් අතුරෙන් මෙ තෙම සුන්‍දරතර ද වෙයි. ප්‍රණීතතර ද වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො අත්තහිතාය ච පටිපන්නො පරහිතාය ච, අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අග්ගො ච සෙට්ඨො ච පාමොක්ඛො ච උත්තමො ච පවරො ච.
Sinhala BJTමහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමාට හිත පිණිස ද මෙරමාහට හිතපිණිස ද පිළිපන්නේ වේ නම්, මේ සතර පුද්ගලයන් අතුරෙන් මෙ තෙම අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවරද වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ ගවා ඛීරං, ඛීරම්හා දධි, දධිම්හා නවනීතං, නවනීතම්හා සප්පි, සප්පිම්හා සප්පිමණ්ඩො, සප්පිමණ්ඩො තත්ථ අග්ගමක්ඛායති, එවමෙව ඛො භික්ඛවෙ ය්වායං පුග්ගලො අත්තහිතාය ච පටිපන්නො පරහිතාය ච, අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අග්ගො ච සෙට්ඨො ච පාමොක්ඛො ච උත්තමො ච පවරො ච.
Sinhala BJTමහණෙනි, යම් පරිදි දෙනගෙන් කිරි ද, කිරියෙන් දිහි ද, දිහියෙන් වෙඬරු ද, වෙඬරුයෙන් ගී ද, ගීයෙන් ගීමඬ වේ ද, එහි ගීමඬ අග්‍රය යි කියනු ලැබේ ද, මහණෙනි, එපරිද්දෙන් ම යම් පුද්ගලයෙක් තමාට හිත පිණිසත් මෙරමාහට හිතපිණිසත් පිළිපන්නේ වේ නම්, හෙතෙම මේ සතර පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමාන වෙත්.
Pali BJT4. 2. 5. 6.
Sinhala BJT4. 2. 5. 6.
Pali BJT[රාගවිනයසුත්තං]
Sinhala BJT[රාගවිනය සූත්‍රය]
Pali BJT46. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT46. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅත්තහිතාය පටිපන්නො නො පරහිතාය. පරහිතාය පටිපන්නො නො අත්තහිතාය. නෙව අත්තහිතාය පටිපන්නො නො පරහිතාය. අත්තහිතාය ච පටිපන්නො පරහිතාය ච.
Sinhala BJTතමාහට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස නොපිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස ද නො පිළිපන්නේ ය. තමාහට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො අත්තහිතාය පටිපන්නො නො පරහිතාය? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අත්තනා රාගවිනයාය පටිපන්නො හොති, නො පරං රාගවිනයාය සමාදපෙති. අත්තනා දොසවිනයාය පටිපන්නො හොති, නො පරං දොසවිනයාය සමාදපෙති. අත්තනා මොහවිනයාය පටිපන්නො හොති, නො පරං මොහවිනයාය සමාදපෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො අත්තහිතාය පටිපන්නො හොති නො පරහිතාය.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක්, තෙමේ රාගවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමා රාගවිනය පිණිස සමාදන් නො කරවයි. තෙමේ ද්වේෂවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමා ද්වේෂවිනය පිණිස සමාදන් නො කරවයි. තෙමේ මෝහවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමා මෝහවිනය පිණිස සමාදන් නො කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො පරහිතාය පටිපන්නො හොති, නො අත්තහිතාය? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අත්තනා න රාගවිනයාය පටිපන්නො හොති, පරං රාගවිනයාය සමාදපෙති. අත්තනා න දොසවිනයාය පටිපන්නො හොති, පරං දොසවිනයාය සමාදපෙති. අත්තනා න මොහවිනයාය පටිපන්නො හොති, පරං මොහවිනයාය සමාදපෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො පරහිතාය පටිපන්නො හොති නො අත්තහිතාය.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේ රාගවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා රාගවිනය පිණිස සමාදන් කරවයි. තෙමේ ද්වේෂවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා ද්වේෂවිනය පිණිස සමාදන් කරවයි. තෙමේ මෝහවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා මෝහවිනය පිණිස සමාදන් කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො නෙවත්තහිතාය පටිපන්නො හොති, නො පරහිතාය? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අත්තනා න රාගවිනයාය පටිපන්නො හොති, නො පරං රාගවිනයාය සමාදපෙති. අත්තනා න දොසවිනයාය පටිපන්නො හොති, නො පරං දොසවිනයාය සමාදපෙති. අත්තනා න මොහවිනයාය පටිපන්නො හොති, නො පරං මොහවිනයාය සමාදපෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො නෙවත්තහිතාය පටිපන්නො හොති නො පරහිතාය.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස ද නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක්, තෙමේ රාගවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා රාගවිනය පිණිස සමාදන් නො කරවයි. තෙමේ ද්වේෂවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා ද්වේෂවිනය පිණිස සමාදන් නො කරවයි. තෙමේ මෝහවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා මෝහවිනය පිණිස සමාදන් නො කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස ද නො පිළිපන්නේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො අත්තහිතාය චෙව පටිපන්නො හොති, පරහිතාය ච?
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිසත්, මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ වේ ද,
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අත්තනා ච රාගවිනයාය පටිපන්නො හොති, පරඤ්ච රාගවිනයාය සමාදපෙති. අත්තනා ච දොසවිනයාය පටිපන්නො හොති, පරඤ්ච දොසවිනයාය සමාදපෙති. අත්තනා ච මොහවිනයාය පටිපන්නො හොති, පරඤ්ච මොහවිනයාය සමාදපෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො අත්තහිතාය ච පටිපන්නො හොති, පරහිතාය ච.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් රාගවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමාත් රාගවිනය පිණිස සමාදන් කරවයි. තෙමේත් ද්වේෂවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමාත් ද්වේෂවිනය පිණිස සමාදන් කරවයි. තෙමේත් මෝහවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමාත් මෝහවිනය පිණිස සමාදන් කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිසත් මෙරමාට හිත පිණිසත් පිළිපන්නේ වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 2. 5. 7.
Sinhala BJT4. 2. 5. 7.
Pali BJT[ඛිප්පනිසන්තිසුත්තං]
Sinhala BJT[ඛිප්පනිසන්ති සූත්‍රය]
Pali BJT47. චත්තාරො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT47. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅත්තහිතාය පටිපන්නො නො පරහිතාය. පරහිතාය පටිපන්නො නො අත්තහිතාය. නෙවත්තහිතාය පටිපන්නො නො පරහිතාය. අත්තහිතාය ච පටිපන්නො පරහිතාය ච.
Sinhala BJTතමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාහට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො අත්තහිතාය පටිපන්නො හොති, නො පරහිතාය? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු. සුතානං ච ධම්මානං ධාරකජාතිකො හොති. ධතානං ච ධම්මානං අත්ථූපපරික්ඛී හොති අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. නො ච කල්යාණවාචො හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා. නො ච සන්දස්සකො සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං. එවං ඛො භික්ඛවෙ පුග්ගලො අත්තහිතාය පටිපන්නො හොති නො පරහිතාය.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් කුසල්දහම්හි ලා වහා දන්නට සමත් වූයේ වෙයි. ඇසූ දහම් දරණ ස්වභාව ඇත්තේ ද වෙයි. දැරූ දහම් අරුත් විසින් පිරික්සනුයේ ද වෙයි. අටුවා දැන පෙළ දහම් දැන ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ වෙයි. එසේ හොතුදු කලණවදන් නැත්තේ වෙයි. කල්‍යාණවචනඝෝෂ නැත්තේ වෙයි. අපළිබුද්ධ, නිදොස්, අර්‍ත්‍ථ දන්වන්නට සමත්, පිරිපුන් වචනයෙන් සමන්‍වාගත නො වෙයි. සබ්‍රම්සරුනට කරුණු විසින් නො දක්වන්නේ වෙයි. සමාදන් නො කරවන්නේ වෙයි. තෙද ගන්වන්නේ නො වෙයි. පහදවන්නේ නො වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො පරහිතාය පටිපන්නො හොති නො අත්තහිතාය? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො න හෙව ඛො ඛිප්පනිසන්තී හොති කුසලෙසු ධම්මෙසු නො ච සුතානං ධම්මානං ධාරකජාතිකො හොති. නො ච ධතානං ධම්මානං අත්ථූපපරික්ඛී හොති. නො ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. කල්යාණවාචො ච හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා. සන්දස්සකො ච හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං. එවං ඛො භික්ඛවෙ පුග්ගලො පරහිතාය පටිපන්නො හොති නො අත්තහිතාය.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කුසල්දහම්හි ලා වහා කන් රුකොට දන්නට සමත් වූයේ නො වෙයි. ඇසූ දහම් දරණ ස්වභාව ඇත්තේ ද නො වෙයි. ධැරූ දහම් අර්‍ත්‍ථ විසින් පරීක්‍ෂා කොට ගන්නේ නො වෙයි. අටුවා දැන පෙළදහම් දැන ධර්‍මානුධර්‍මයට පිළිපන්නේ නො ද වෙයි. කල්‍යාණවචන ඇත්තේ වෙයි. කල්‍යාණවචන ඝෝෂ ඇත්තේ වෙයි. අපළිබුද්ධ, නිදොස්, අරුත් විඳුවන්නට සමත්, පිරිපුන් වචනයෙන් සමන්‍වාගත වෙයි. සබ්‍රම්සරුනට හේතු දක්වා බණන්නේත්, ගුණයෙහි සමාදන් කරවන්නේත්, නිසාමනය කරවන්නේත්, පහදවන්නේත් වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො නෙවත්තහිතාය පටිපන්නො හොති නො පරහිතාය? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො න හෙව ඛො ඛිප්පනිසන්තී හොති කුසලෙසු ධම්මෙසු. නො ච සුතානං ධම්මානං ධාරකජාතිකො හොති. නො ච ධතානං ධම්මානං අත්ථූපපරික්ඛී හොති. නො ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. නො ච කල්යාණවාචො හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා. නො ච සන්දස්සකො හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං. එවං ඛො භික්ඛවෙ පුග්ගලො නෙවත්තහිතාය පටිපන්නො හොති නො පරහිතාය.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේත් මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කුසල්දහම්හි ලා වහා කන් රුකොට දන්නට සමත් නො වෙයි. ඇසූ දහම් ධරණ ස්වභාව ඇත්තේත් නො වෙයි. දැරූ දහම් අර්‍ත්‍ථ විසින් පරීක්‍ෂා කොට ගන්නේත් නො වෙයි. අටුවා දැන පෙළදහම් දැන ධර්‍මානුධර්‍මයට පිළිපන්නේ නො ද වෙයි. කලණවදන් ඇත්තේත් නො වෙයි. කල්‍යාණවචනඝෝෂ ඇත්තේත් නො වෙයි. අපළිබුද්ධ නිදොස් අර්‍ත්‍ථය විඳුවනට සමත් පරිපූර්‍ණවචනයෙන් සමන්‍වාගත නො වෙයි. සබ්‍රම්සරුනට කරුණු දක්වා බණන්නේත්, ගුණයෙහි සමාදන් කරවන්නේත්, තෙද ගන්වන්නේත්, පහදවන්නේත්, නො වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ද වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො අත්තහිතාය ච පටිපන්නො හොති පරහිතාය ච? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු. සුතානඤ්ච ධම්මානං ධාරකජාතිකො හොති. ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛී හොති. අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. කල්යාණවාචො හොති කල්යාණවාක්කරණො. පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා. සන්දස්සකො ච හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං. එවං ඛො භික්ඛවෙ පුග්ගලො අත්තහිතාය ච පටිපන්නො හොති පරහිතාය ච.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේත් මෙරමාහට හිත පිණිස පිළිපන්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කුසල්දහම්හි ලා වහා කන් රුකොට දන්නට සමත් වූයේ වෙයි. ඇසූ දහම් දරණ ස්වභාව ඇත්තේ වෙයි. දැරූ දහම් අර්‍ත්‍ථ විසින් පරීක්‍ෂාකොට ගන්නේ වෙයි. අටුවා දැන පෙළදහම් දැන ධර්‍මානුධර්‍මයට පිළිපන්නේ වෙයි. කලණබස් ඇතියේත්, කල්‍යාණවචනඝෝෂා ඇතියේත් වෙයි. අපළිබුද්ධ නිදොස් අර්‍ත්‍ථය. විඳුවනට සමත් පරිපූර්‍ණවචනයෙන් සමන්‍වාගත වෙයි. සබ්‍රම්සරුනට හේතු දක්වා බණන්නේත්, සමාදන් කරවන්නේත්, තෙද ගන්වා බණන්නේත්, පහදවන්නේත් වේ. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 2. 5. 8.
Sinhala BJT4. 2. 5. 8.
Pali BJT[අත්තහිතසුත්තං]
Sinhala BJT[අත්තහිත සූත්‍රය]
Pali BJT48. චත්තාරො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT48. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅත්තහිතාය පටිපන්නො නො පරහිතාය පරහිතාය පටිපන්නො නො අත්තහිතාය. නෙවත්තහිතාය පටිපන්නො නො පරහිතාය. අත්තහිතාය ච පටිපන්නො පරහිතාය ච.
Sinhala BJTතමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිසත් නො පිළිපන්නේ ය. තමාට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ ය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 2. 5. 9.
Sinhala BJT4. 2. 5. 9.
Pali BJT[සික්ඛාපදසුත්තං]
Sinhala BJT[සික්ඛාපද සූත්‍රය]
Pali BJT49. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT49. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅත්තහිතාය පටිපන්නො නො පරහිතාය. පරහිතාය පටිපන්නො නො අත්තහිතාය. නෙව අත්තහිතාය ච පටිපන්නො නො පරහිතාය, අත්තහිතාය ච පටිපන්නො පරහිතාය ච.
Sinhala BJTතමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිසත් නො පිළිපන්නේ ය. තමාට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො අත්තහිතාය පටිපන්නො හොති නො පරහිතාය? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අත්තනා පාණාතිපාතා පටිවිරතො හොති, නො ච පරං පාණාතිපාතා වෙරමණියා සමාදපෙති. අත්තනා අදින්නාදානා පටිවිරතො හොති, නො පරං අදින්නාදානා වෙරමණියා සමාදපෙති. අත්තනා කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, නො පරං කාමෙසුමිච්ඡාචාරා වෙරමණියා සමාදපෙති, අත්තනා මුසාවාදා පටිවිරතො හොති, නො පරං මුසාවාදා වෙරමණියා සමාදපෙති, අත්තනා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති, නො පරං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණියා සමාදපෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො අත්තහිතාය පටිපන්නො හොති නො පරහිතාය.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේ පණිවායෙන් දුරුවූයේ වෙයි. මෙරමා පණිවායෙන් වළකනු සඳහා සමාදන් නො කරවයි. තෙමේ අයිනාදනින් දුරු වූයේ වෙයි. මෙරමා අයිනාදනින් වළකනු සඳහා සමාදන් නො කරවයි. තෙමේ කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මෙරමා කාමයෙහි මිසහසරින් වළකනු සඳහා සමාදන් නො කරවයි. තෙමේ මුසවායෙන් දුරුවූයේ වෙයි. මෙරමා මුසවායෙන් වළකනු සඳහා සමාදන් නො කරවයි. තෙමේ මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වෙයි. මෙරමා මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වළකනු සඳහා සමාදන් නො කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො පරහිතාය පටිපන්නො හොති නො අත්තහිතාය? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අත්තනා පාණාතිපාතා අප්පටිවිරතො හොති, පරං පාණාතිපාතා වෙරමණියා සමාදපෙති. අත්තනා අදින්නාදානා අප්පටිවිරතො හොති, පරං අදින්නාදානා වෙරමණියා සමාදපෙති. අත්තනා කාමෙසු මිච්ඡාචාරා අප්පටිවිරතො හොති, පරං කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා සමාදපෙති. අත්තනා මුසාවාදා අප්පටිවිරතො හොති, පරං මුසාවාදා වෙරමණියා සමාදපෙති. අත්තනා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා අප්පටිවිරතො හොති, පරං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණියා සමාදපෙති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේ පණිවායෙන් දුරු නො වූයේ වෙයි. මෙරමා පණිවායෙන් දුරුවනු පිණිස සමාදන් කරවයි. තෙමේ අයිනාදනින් දුරුවූයේ නො වෙයි. මෙරමා අයිනාදනින් දුරුවනු පිණිස සමාදන් කරවයි. තෙමේ කාමයෙහි මිසහසරින් දුරුවූයේ නො වෙයි. මෙරමා කාමයෙහි මිසහසරින් දුරුවනු පිණිස සමාදන් කරවයි. තෙමේ මුසවායෙන් දුරුවූයේ නො වෙයි. මෙරමා මුසවායෙන් දුරුවනු පිණිස සමාදන් කරවයි. තෙමේ මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ නො වෙයි. මෙරමා මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවනු පිණිස සමාදන් කරවයි.
Pali BJTඑවං ඛො භික්ඛවෙ පුග්ගලො පරහිතාය පටිපන්නො හොති, නො අත්තහිතාය.
Sinhala BJTමහණෙනි, මෙසේ පුද්ගල මෙරමා හට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො නෙවත්තහිතාය පටිපන්නො හොති නො පරහිතාය? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අත්තනා පාණාතිපාතා අප්පටිවිරතො හොති, නො පරං පාණාතිපාතා වෙරමණියා සමාදපෙති. -පෙ- අත්තනා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා අප්පටිවිරතො හොති, නො පරං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණියා සමාදපෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො නෙවත්තහිතාය පටිපන්නො හොති, නො පරහිතාය.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේ පණිවායෙන් දුරු නො වූයේ වෙයි. මෙරමා පණිවායෙන් දුරුවනු පිණිස සමාදන් නො කරවයි. ... තෙමේ මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවූයේ නො වෙයි. මෙරමා මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවනු පිණිස සමාදන් නො කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිසත් නො පිළිපන්නේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො අත්තහිතාය ච පටිපන්නො හොති පරහිතාය ච? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති. -පෙ- අත්තනා ච සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති, පරඤ්ච සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණියා සමාදපෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො අත්තහිතාය ච පටිපන්නො හොති පරහිතාය ච.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරුවනු පිණිස සමාදන් කරවයි. ... තෙමේත් මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වෙයි. මෙරමාත් මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවනු පිණිස සමාදන් කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 2. 5. 10.
Sinhala BJT4. 2. 5. 10.
Pali BJT[පොතලියසුත්තං]
Sinhala BJT[පෝතලිය සූත්‍රය]
Pali BJT50. අථ ඛො පොතලියො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං{1} වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො පොතලියං පරිබ්බාජකං භගවා එතදවොච :
Sinhala BJT50. එසඳ පෝතලිය පිරිවැජි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. තුස්නට නිසි සිහිකරනුවට නිසි තෙපුල් කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් පෝතලිය පිරිවැජිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
Pali BJTචත්තාරොමෙ පොතලිය, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJTපෝතලිය, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ පොතලිය එකච්චො පුග්ගලො අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නො ච ඛො වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
Sinhala BJTපෝතලිය, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් යුක්තප්‍රාප්ත කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අවර්‍ණය කියන්නේ වේ. යුක්තප්‍රාප්ත කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්‍ණය නො කියන්නේ වෙයි.
Pali BJTඉධ පන පොතලිය එකච්චො පුග්ගලො වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නො ච ඛො අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
Sinhala BJTපෝතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ වර්‍ණය කියන්නේ වේ. නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අයුණු නො කියන්නේ වෙයි.
Pali BJTඉධ පන පොතලිය, එකච්චො පුග්ගලො නෙව අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නොපි{2} වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
Sinhala BJTපෝතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අයුණු, නො කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්‍ණය නො කියන්නේත් වෙයි.
Pali BJTඉධ පන පොතලිය, එකච්චො පුග්ගලො අවණ්ණාරහස්ස ච අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, වණ්ණාරහස්ස ච වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
Sinhala BJTපෝතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අයුණු කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්‍ණය කියන්නේ වෙයි.
Pali BJTඉමෙ ඛො පොතලිය, චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTපෝතලිය, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJTඉමෙසං ඛො පොතලිය, චතුන්නං පුග්ගලානං කතමො තෙ පුග්ගලො ඛමති අභික්කන්තතරො ච පණීතතරො චාති?
Sinhala BJTපෝතලිය, මේ සතර පුද්ගලයන් අතුරෙන් කවර පුද්ගලයෙක් කල්‍යාණතරය යි, උත්තමතරය යි, තට රුස්නේ ද?
Pali BJTචත්තාරො’මෙ භො ගොතම, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:
Pali BJTඉධ භො ගොතම එකච්චො පුග්ගලො අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නො ච ඛො වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අයුණු කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්‍ණය නො කියන්නේ වෙයි.
Pali BJTඉධ පන භො ගොතම, එකච්චො පුග්ගලො වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නො ච ඛො අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ වර්‍ණය කියන්නේ ය. නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ අවර්‍ණය නො කියන්නේ වෙයි.
Pali BJTඉධ පන භො ගොතම එකච්චො පුග්ගලො නෙව අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නොපි වණ්ණාරහස්ස ච වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ අවර්‍ණය නො කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ වර්‍ණය නො කියන්නේත් වෙයි.
Pali BJTඉධ පන භො ගොතම එකච්චො පුග්ගලො අවණ්ණාරහස්ස ච අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, වණ්ණාරහස්ස ච වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අයුණු කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්‍ණය කියන්නේත් වෙයි.
Pali BJTඉමෙ ඛො භො ගොතම, චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJTඉමෙසං භො ගොතම, චතුන්නං පුග්ගලානං ය්වායං පුග්ගලො නෙව අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නොපි වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන. අයං මෙ පුග්ගලො ඛමති ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො ච. තං කිස්ස හෙතු? අභික්කන්තා හෙසා භො ගොතම යදිදං උපෙක්ඛාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මේ සතර පුඟුලන් අතුරින් යම් පුද්ගලයෙක් යුක්තප්‍රාප්ත කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අවර්‍ණය නො කියන්නේ වේද, නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ වර්‍ණය නො කියන්නේ වේ ද, මේ පුද්ගල මේ සතර පුඟුලන් අතුරින් කල්‍යාණතර යයි ද උත්තමතර යයි ද මට රුස්නේ ය. ඒ කවර හෙයින යත්: භවත් ගෞතමයන් වහන්ස, යම් මධ්‍යස්ථතායෙක් ඇද්ද, තෙල සුන්‍දරතර ය.
Pali BJTචත්තාරො’මෙ පොතලිය, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJTපෝතලිය, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ පන පොතලිය එකච්චො පුග්ගලො අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන. -පෙ- වණ්ණාරහස්ස ච වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන ඉමෙ ඛො පොතලිය චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTපෝතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් යුක්තප්‍රාප්ත කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අවර්‍ණය කියන්නේ වේ. ... යුක්තප්‍රාප්ත කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්‍ණය කියන්නේ වේ. පෝතලිය, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.