Pali BJTඑකපුග්ගලස්ස භික්ඛවෙ කාලකිරියා බහුනො ජනස්ස අනුතප්පා{1}හොති. කතමස්ස එකපුග්ගලස්ස: තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස. ඉමස්ස ඛො භික්ඛවෙ එකපුග්ගලස්ස කාලකිරියා බහුනො ජනස්ස අනුතප්පා හොතීති.
Sinhala BJTමහණෙනි, එක් පුද්ගලයක්හුගේ කාලක්‍රියාව බොහෝ දෙනාට අනුතාප කර වෙයි. කවර එක් පුද්ගලයක්හුගේ ය? යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ (කාලක්‍රියාව) ය. මහණෙනි, මේ එක් පුද්ගලයාගේ කාලක්‍රියාව බොහෝ දෙනාට අනුතාපකර (චේතෝදුඃඛාවහ) වෙයි.
Pali BJT1. 13. 5-13.
Sinhala BJT1. 13. 5-13.
Pali BJTඑකපුග්ගලො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති අදුතියො අසහායො, අප්පටිමො, අප්පටිසමො, අප්පටිභාගො, අප්පටිපුග්ගලො, අසමො අසමසමො, දිපදානං අග්ගො. කතමො එකපුග්ගලො: තථාගතො අරහං සම්මාසම්බුද්ධො. අයං ඛො භික්ඛවෙ එකපුග්ගලො ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති අදුතියො, අසහායො, අප්පටිමො, අප්පටිසමො, අප්පටිභාගො, අප්පටි පුග්ගලො, අසමො, අසමසමො, දිපදානං අග්ගොති.
Sinhala BJTමහණෙනි, එක් පුද්ගලයෙක් ලොවැ උපදනට පොහෝනේ අද්විතීය ව, අසහාය ව, අප්‍රතිම ව, අප්‍රතිසම ව, අප්‍රතිභාග ව, අප්‍රතිපුද්ගල ව, අසම ව, අසමසම ව, දෙපා ඇතියනට අග්‍ර ව උපන්නේවෙයි. කවර එක් පුද්ගලයෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ය. මහණෙනි, මේ එක් පුද්ගල තෙමේ වනාහි ලොවැ උපදනට පොහෝනේ අද්විතීය ව, අසහාය ව, අප්‍රතිම ව, අප්‍රතිසම ව, අප්‍රතිභාග ව, අප්‍රතිපුද්ගල ව, අසම ව, අසමසම ව, දෙපා ඇතියනට අග්‍ර ව උපන්නේ වෙයි.
Pali BJT1. 13. 14-25.
Sinhala BJT1. 13. 14-25.
Pali BJTඑකපුග්ගලස්ස භික්ඛවෙ පාතුභාවා මහතො චක්ඛුස්ස පාතුභාවො හොති, මහතො ආලොකස්ස පාතුභාවො හොති, මහතො ඔභාසස්ස පාතුභාවො හොති, ඡන්නං අනුත්තරියානං පාතුභාවො හොති, චතුන්නං පටිසම්භිදානං සච්ඡිකිරියා හොති, අනෙකධාතුපටිවෙධො හොති, නානාධාතුපටිවෙධො හොති, විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියා හොති, සොතාපත්තිඵලසච්ඡිකිරියා හොති, සකදාගාමිඵලසච්ඡිකිරියා හොති, අනාගාමිඵලසච්ඡිකිරියා හොති, අරහත්තඵලසච්ඡිකිරියා හොති. කතමස්ස එකපුග්ගලස්ස: තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස. ඉමස්ස ඛො භික්ඛවෙ එකපුග්ගලස්ස පාතුභාවා මහතො චක්ඛුස්ස පාතුභාවො හොති, මහතො ආලොකස්ස පාතුභාවො හොති, මහතො ඔභාසස්ස පාතුභාවො හොති, ඡන්නං අනුත්තරියානං පාතුභාවො හොති, චතුන්නං පටිසම්භිදානං සච්ඡිකිරියා හොති, අනෙක ධාතුපටිවෙධො හොති, නානාධාතුපටිවෙධො හොති, විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියා හොති, සොතාපත්තිඵලසච්ඡිකිරියා හොති, සකදාගාමිඵලසච්ඡිකිරියා හොති, අනාගාමිඵලසච්ඡිකිරියා හොති, අරහත්තඵලසච්ඡිකිරියා හොතීති.
Sinhala BJTමහණෙනි, එක් පුද්ගලයක්හුගේ නිෂ්පත්තිය හේතු කොට ගෙන මහත් වූ ප්‍රඥාචක්‍ෂුස්හුගේ පහළ වීම වෙයි, මහත් වූ ප්‍රඥාලෝකයක්හුගේ පහළ වීම වෙයි, මහත් වූ ප්‍රඥාවභාසයක්හුගේ පහළ වීම වෙයි, අනුත්තරියධර්‍මයන් සදෙනාගේ පහළ වීම වෙයි, සිවුපිළිසැඹියාවන්ගේ පසක් කිරීම වෙයි, (අටළොස් වැදෑරුම්) අනේක ධාතුන්ගේ ප්‍රතිවේධය වෙයි, (අටළොස් වැදෑරුම්) නානාධාතුන්ගේ ප්‍රතිවේධය වෙයි, විද්‍යාවිමුක්තිඵලයන්ගේ සාක්‍ෂාත් කිරීම වෙයි, ස්‍රෝතාපත්ති ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, සකෘදාගාමි ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, අනාගාමී ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, අර්‍හත්ත්‍ව ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, කවර එක් පුද්ගලයක්හුගේය? යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයාගේ නිෂ්පත්තියෙන් මහත් වූ ප්‍රඥාචක්‍ෂුස්හුගේ පහළ වීම වෙයි, මහත් වූ ප්‍රඥාලෝකයාගේ පහළ වීම වෙයි, මහත් වූ ප්‍රඥාවභාසයාගේ පහළ වීම වෙයි, අනුත්තරිය ධර්‍මයන් සදෙනාගේ පහළ වීම වෙයි, සිවුපිළිසැඹියාවන්ගේ සාක්‍ෂාත් කිරීම වෙයි, අනේක ධාතු ප්‍රතිවේධය වෙයි, නානාධාතුප්‍රතිවේධය වෙයි, විද්‍යාවිමුක්තිඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, ස්‍රෝතාපත්ති ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, සකෘදාගාමි ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, අනාගාමී ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, අර්‍හත්ත්‍ව ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි.
Pali BJT1. 13. 26.
Sinhala BJT1. 13. 26.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකපුග්ගලම්පි සමනුපස්සාමි, යො එවං තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිතං සම්මදෙව අනුප්පවත්තෙති, යථයිදං භික්ඛවෙ සාරිපුත්තො. සාරිපුත්තො භික්ඛවෙ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිතං සම්මදෙව අනුප්පවත්තෙතීති.
Sinhala BJTමහණෙනි, යමෙක් මෙසේ තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද අනුත්තර වූ ධර්‍මචක්‍රය මොනොවට ම (තථාගතයන්) අනුව පවත්වා ද, මහණෙනි, ශාරීපුත්‍රයන් බඳු අන් එක පුඟුලකුදු මම නො දක්මි. මහණෙනි, සැරියුත් තෙමේ තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද අනුත්තර වූ ධර්‍මචක්‍රය මනා කොට ම (තථාගතයන්) අනු ව පවත්වයි.
Pali BJTවග්ගො තෙරසමො
Sinhala BJTතෙළෙස්වන වගයි.
Pali BJT14. එතදග්ගපාළි.
Sinhala BJT14. ඒතදග්ග පාළිය
Pali BJT1. 14. 1. 1-10.
Sinhala BJT1. 14. 1. 1-10.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඑතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං රත්තඤ්ඤූනං යදිදං අඤ්ඤාකොණ්ඩඤ්ඤො{1} -පෙ- මහාපඤ්ඤානං යදිදං සාරිපුත්තො, -පෙ- ඉද්ධිමන්තානං යදිදං මහාමොග්ගල්ලානො, -පෙ- ධුතවාදානං යදිදං මහාකස්සපො, -පෙ- දිබ්බචක්ඛුකානං යදිදං අනුරුද්ධො, -පෙ- උච්චාකුලිකානං යදිදං භද්දියො කාළිගොධායපුත්තො, -පෙ- මඤ්ජුස්සරානං යදිදං ලකුණ්ටකභද්දියො, -පෙ- සීහනාදිකානං යදිදං පිණ්ඩොලභාරද්වාජො, -පෙ- ධම්මකථිකානං යදිදං පුණ්ණො මන්තාණිපුත්තො, -පෙ- සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං විභජන්තානං යදිදං මහාකච්චානොති.
Sinhala BJTමහණෙනි, යම් අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් මහණෙක් වේ ද, චිරරාත්‍රඥ වූ මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි මෙ අග්‍ර වෙයි. … යම් ශාරීපුත්‍ර නම් මහණෙක් වේ ද, මහාප්‍රාඥ වූ මාගේ ශ්‍රාවකයන් අතුරෙහි … යම් මහා මෞද්ගල්‍යායන නම් මහණෙක් වේ ද, ඍද්ධිමතුන් අතුරෙහි … යම් මහාකාශ්‍යප නම් මහණෙක් වේ ද, ධුතවාද ඇත්තවුන් අතුරෙහි … යම් අනුරුද්ධ නම් මහණෙක් වේ ද, දිවැස් ඇතියන් අතුරෙහි … කාළිගෝධාවගේ පුත් යම් භද්දිය නම් මහණෙක් වේ ද, උසස් කුලයෙහි උපනුවන් අතුරෙහි … යම් ලකුණ්ටක භද්දිය නම් මහණෙක් වේ ද, මිහිරි කටහඬ ඇතියන් අතුරෙහි … යම් පිණ්ඩෝලභාරද්වාජ නම් මහණෙක් වේ ද, සිංහනාද කරනුවන් අතුරෙහි … යම් මන්තාණි බැමිණියගේ පුත් පුණ්ණ නම් මහණෙක් වේ ද, ධර්‍මකථිකයන් අතුරෙහි … යම් මහාකච්චාන නම් මහණෙක් වේ ද, සැකෙවින් කියූ දැයෙහි අරුත් විතරින් බෙදා දක්වන මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි මේ අග්‍ර වෙයි.
Pali BJTවග්ගො පඨමො.
Sinhala BJTපළමුවන වග යි.
Pali BJT1. 14. 2. 1-11.
Sinhala BJT1. 14. 2. 1-11.
Pali BJTඑතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං මනොමයං කායං අභිනිම්මිණන්තානං යදිදං චුල්ලපන්ථකො{2}, චෙතොවිවට්ටකුසලානං යදිදං චුල්ලපන්ථකො, -පෙ- සඤ්ඤාවිවට්ටකුසලානං යදිදං මහාපන්ථකො, -පෙ- අරණවිහාරීනං යදිදං සුභූති, -පෙ- දක්ඛිණෙය්යානං යදිදං සුභූති, -පෙ- ආරඤ්ඤකානං යදිදං රෙවතො ඛදිරවනියො, -පෙ- ඣායීනං යදිදං කඞ්ඛාරෙවතො, -පෙ- ආරද්ධවිරියානං යදිදං සොණො කොළිවීසො, -පෙ- කල්යාණවාක්කරණානං යදිදං සොණො කුටිකණ්ණො, -පෙ- ලාභීනං යදිදං සීවලී, -පෙ- සද්ධාධිමුත්තානං යදිදං වක්කලීති.
Sinhala BJTමහණෙනි, යම් චුල්ලපන්‍ථක නම් මහණෙක් වේ ද, මනෝමය කය මවන මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි මේ අග්‍ර වෙයි. … යම් චුල්ලපන්‍ථක නම් මහණෙක් වේ ද, චේතෝවිවට්ට (රූපධ්‍යාන) යෙහි දක්‍ෂ වූ භික්ෂූන් අතුරෙහි … යම් මහාපන්‍ථක නම් මහණෙක් වේ ද, සඤ්ඤාවිවට්ට (අරූපධ්‍යාන) යෙහි දක්‍ෂ වූ භික්ෂූන් අතුරෙහි … යම් සුභූති නම් මහණෙක් වේ ද, කෙලෙස් රහිත විහරණ ඇතියන් අතුරෙහි … යම් සුභූති නම් මහණෙක් වේ ද, දක්‍ෂිණාර්‍හයන් අතුරෙහි … කිහිරිවන වැසි යම් රේවත නම් මහණෙක් වේ ද, අරණ්‍යවාසී මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි … යම් කඞ්ඛාරේවත නම් මහණෙක් වේ ද, ධ්‍යානයෙහි ඇලුනවුන් අතුරෙහි … කොළිවීස ගෝත්‍රයෙහි උපන් යම් සෝණ නම් මහණෙක් වේ ද, පිරිපුන් වැර ඇති භික්‍ෂූන් අතුරෙහි … යම් කුටිකණ්ණසෝණ නම් මහණෙක් වේ ද, කලණ බස් තෙපලනුවන් අතුරෙහි … යම් සීවලී නම් මහණෙක් වේ ද, සිවුපසය ලබනුවන් අතුරෙහි … යම් වක්කලි නම් මහණෙක් වේ ද, බලවත් සැදැහැ ඇති මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙන් මේ අග්‍ර වෙයි.
Pali BJTවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනි වග යි.
Pali BJT1. 14. 3. 1-10.
Sinhala BJT1. 14. 3. 1-10.
Pali BJTඑතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං සික්ඛාකාමානං යදිදං රාහුලො, -පෙ- සද්ධාපබ්බජිතානං යදිදං රට්ඨපාලො, -පෙ- පඨමං සලාකං ගණ්හන්තානං යදිදං කුණ්ඩධානො, -පෙ- පටිභානවන්තානං යදිදං වඞ්ගීසො, -පෙ- සමන්තපාසාදිකානං යදිදං උපසෙනො වඞ්ගන්තපුත්තො, -පෙ- සෙනාසනපඤ්ඤාපකානං යදිදං දබ්බො මල්ලපුත්තො -පෙ- දෙවතානං පියමනාපානං යදිදං පිළින්දිවච්ඡො,{1} -පෙ- ඛිප්පාභිඤ්ඤානං යදිදං බාහියො දාරුචීරියො, -පෙ- චිත්තකථිකානං යදිදං කුමාරකස්සපො, -පෙ- පටිසම්භිදාපත්තානං යදිදං මහාකොට්ඨිතොති.
Sinhala BJTමහණෙනි, යම් රාහුල නම් මහණෙක් වේ ද, මාගේ ශ්‍රාවක වූ සිඛ කැමැති භික්‍ෂූන් අතුරෙහි මේ අග්‍ර වේ … යම් රට්ඨපාල නම් මහණෙක් වේ ද, සැදැහැයෙන් පැවිදි වූ මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි … යම් කුණ්ඩධාන නම් මහණෙක් වේ ද, පෙරට ව ලහගන්නා මාගේ ශ්‍රාවක වූ මහණුන් අතුරෙහි … යම් වඞ්ගීස නම් මහණෙක් වේ ද, පිරිපුන් වැටහීම් ඇති මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි … වඞ්ගන්ත බ්‍රාහ්මණයාගේ පුත්‍ර වූ යම් උපසේන නම් මහණෙක් වේ ද, පැහැදීම එළවන මාගේ ශ්‍රාවක වූ මහණුන් අතුරෙහි … මල්ලරාජපුත්‍ර වූ යම් දබ්බ නම් මහණෙක් වේ ද, සෙනසුන් පණවන මාගේ ශ්‍රාවක වූ භික්ෂූන් අතුරෙහි … යම් පිළින්‍දිවච්ඡ නම් මහණෙක් වේ ද, දෙවියනට ප්‍රියමනාප වූ මාගේ ශ්‍රාවක වූ මහණුන් අතුරෙහි … යම් දාරුචීරිය බාහිය නම් මහණෙක් වේ ද, වහා ලත් අභිඥා ඇති මාගේ ශ්‍රාවක වූ මහණුන් අතුරෙහි … යම් කුමාරකාශ්‍යප නම් මහණෙක් වේ ද, විසිතුරු ධර්‍මකථා ඇති මාගේ ශ්‍රාවක වූ මහණුන් අතුරෙහි … යම් මහාකොට්ඨිත නම් මහණෙක් වේ ද, පිළිසැඹියා ලත් මාගේ ශ්‍රාවක වූ මහණුන් අතුරෙහි මේ අග්‍ර වේ.
Pali BJTවග්ගො තතියො.
Sinhala BJTතුන්වැනි වග යි.
Pali BJT1. 14. 4. 1-16.
Sinhala BJT1. 14. 4. 1-16.
Pali BJTඑතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං බහුස්සුතානං යදිදං ආනන්දො, -පෙ- සතිමන්තානං යදිදං ආනන්දො, -පෙ- ගතිමන්තානං යදිදං ආනන්දො, -පෙ- ධිතිමන්තානං යදිදං ආනන්දො, -පෙ- උපට්ඨාකානං යදිදං ආනන්දො, -පෙ- මහාපරිසානං යදිදං උරුවෙලකස්සපො, -පෙ- කුලප්පසාදකානං යදිදං කාළුදායී, -පෙ- අප්පාබාධානං යදිදං බක්කුලො{2}, -පෙ- පුබ්බෙනිවාසං අනුස්සරන්තානං යදිදං සොභිතො, -පෙ- විනයධරානං යදිදං උපාලි, -පෙ- භික්ඛුනොවාදකානං යදිදං නන්දකො, -පෙ- ඉන්ද්රියෙසු ගුත්තද්වාරානං යදිදං නන්දො, -පෙ- භික්ඛුඔවාදකානං යදිදං මහාකප්පිනො, -පෙ- තෙජොධාතුකුසලානං යදිදං සාගතො, -පෙ- පටිභානෙය්යකානං යදිදං රාධො, -පෙ- ලූඛචීවරධරානං යදිදං මොඝරාජාති.
Sinhala BJTමහණෙනි, යම් ආනන්‍ද නම් මහණෙක් වේ ද, බොහෝ ඇසූ පිරූ තැන ඇති මාගේ සවු මහණුන් අතුරෙහි මේ අග්‍ර වෙයි, … යම් ආනන්‍ද නම් මහණෙක් වේ ද … ධාරණස්මෘති ඇති මහණුන් අතුරෙහි … ප්‍රඥාගති ඇති … ධෘතිමත් වූ … උපස්ථායක වූ මාගේ සවු මහණුන් අතුරෙහි මේ අග්‍ර වෙයි. … යම් උරුවේලකස්සප නම් මහණෙක් වේ ද, මහපිරිස් ඇති මාගේ සවු මහණුන් අතුරෙහි … යම් කාළුදායී නම් මහණෙක් වේ ද, කුල පහදවන මාගේ සවු මහණුන් අතුරෙහි … යම් බක්කුල නම් මහණෙක් වේ ද, නීරෝග වූ මාගේ සවු මහණුන් අතුරෙහි … යම් සෝභිත නම් මහණෙක් වේ ද, පෙර විසූ කඳපිළිවෙළ සිහි කරණ මාගේ සවු මහණුන් අතුරෙහි … යම් උපාලි නම් මහණෙක් වේ ද, විනයධර වූ මාගේ ශ්‍රාවක වූ භික්ෂූන් අතුරෙහි …යම් නන්‍දක නම් මහණෙක් වේ ද, මෙහෙණනට ඔවා දෙන මාගේ සවු මහණුන් අතුරෙහි … යම් නන්‍ද නම් මහණෙක් වේ ද, ඉඳුරන් කෙරෙහි වැසූ දොර ඇති මාගේ සවු මහණුන් අතුරෙහි … යම් මහාකප්පින නම් මහණෙක් වේ ද, භික්‍ෂූන්ට අවවාද කරණ මාගේ සවු මහණුන් අතුරෙහි … යම් සාගත නම් මහණෙක් වේ ද, තේජෝධාතු සමාපත්තියට සමවැදීමෙහි දක්‍ෂ වූ මාගේ සවු මහණුන් අතුරෙහි … යම් රාධ නම් මහණෙක් වේ ද, ධර්‍මදේශනා ප්‍රතිභානයට ප්‍රත්‍යය වන කථා ඇති මාගේ සවු මහණුන් අතුරෙහි … යම් මෝඝරාජ නම් මහණෙක් වේ ද, රූක්‍ෂචීවර දරන මාගේ සවු මහණුන් අතුරෙහි මේ අග්‍ර වේ.
Pali BJTවග්ගො චතුත්ථො.
Sinhala BJTසතරවන වග යි.
Pali BJT1. 14. 5. 1-13.
Sinhala BJT1. 14. 5. 1-13.
Pali BJTඑතදග්ගං භික්ඛවෙ මම සාවිකානං භික්ඛුනීනං රත්තඤ්ඤූනං යදිදං මහාපජාපතීගොතමී, -පෙ- මහාපඤ්ඤානං යදිදං ඛෙමා, -පෙ- ඉද්ධිමන්තීනං යදිදං උප්පලවණ්ණා, -පෙ- විනයධරානං යදිදං පටාචාරා, -පෙ- ධම්මකථිකානං යදිදං ධම්මදින්නා, -පෙ- ඣායීනං යදිදං නන්දා, -පෙ- ආරද්ධවිරියානං යදිදං සොණා, -පෙ- දිබ්බචක්ඛුකානං යදිදං සකුලා,{1} -පෙ- ඛිප්පාභිඤ්ඤානං යදිදං භද්දා කුණ්ඩලකෙසා, -පෙ- පුබ්බෙනිවාසං අනුස්සරන්තීනං යදිදං භද්දාකාපිලානී, -පෙ- මහාභිඤ්ඤප්පත්තානං යදිදං භද්දකච්චානා, -පෙ- ලූඛචීවරධරානං යදිදං කිසාගොතමී, -පෙ- සද්ධාධිමුත්තානං යදිදං සිගාලමාතාති.{2}
Sinhala BJTමහණෙනි, යම් මහාප්‍රජාපතී ගෝතමී නම් මෙහෙණක් ඇද්ද, චිරරාත්‍රඥ වූ මාගේ ශ්‍රාවිකා මෙහෙණන් අතුරෙහි තුලු අග්‍ර වේ. … යම් ඛේමා නම් මෙහෙණක් ඇද්ද, මාගේ ශ්‍රාවිකා වූ මහාප්‍රඥා ඇති මෙහෙණන් අතුරෙහි … යම් උප්පලවණ්ණා නම් මෙහෙණක් ඇද්ද, මාගේ ශ්‍රාවිකා වූ ඍද්ධි ඇති මෙහෙණන් අතුරෙහි … යම් පටාචාරා නම් මෙහෙණක් ඇද්ද, මාගේ ශ්‍රාවිකා වූ විනයධර මෙහෙණන් අතුරෙහි … යම් ධම්මදින්නා නම් මෙහෙණක් ඇද්ද, මාගේ ශ්‍රාවිකා වූ ධර්‍ම කථික මෙහෙණන් අතුරෙහි … යම් නන්‍දා නම් මෙහෙණක් ඇද්ද, ධ්‍යානයෙහි ඇලුනු මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි … යම් සෝණා නම් මෙහෙණක් ඇද්ද, මාගේ ශ්‍රාවිකා වූ සම්පූර්‍ණ කරණ ලද වීර්‍ය්‍යය ඇති මෙහෙණන් අතුරෙහි .. යම් සකුලා නම් මෙහෙණක් ඇද්ද, දිවැස් ඇති මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි … යම් භද්දා කුණ්ඩලකේසී නම් මෙහෙණක් ඇද්ද, ක්‍ෂිප්‍රාභිඥා වූ මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි … යම් භද්දා කාපිලානී නම් මෙහෙණක් ඇද්ද, පෙර විසූ කඳපිළිවෙලින් සිහි කරණ මාගේ ශ්‍රාවිකා මෙහෙණන් අතුරෙහි … යම් භද්දකච්චානා නම් මෙහෙණක් ඇද්ද, මහා අභිඥා ලද මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි … යම් කිසාගෝතමී නම් මෙහෙණක් ඇද්ද, රූක්‍ෂ චීවර දරණ මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි … යම් සිගාලමාතු නම් මෙහෙණක් ඇද්ද, ශ්‍රද්ධාලක්‍ෂණයෙහි බැස ගත් මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි තුලු අග්‍ර වේ.
Pali BJTවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වන වග යි.
Pali BJT1. 14. 6. 1-10.
Sinhala BJT1. 14. 6. 1-10.
Pali BJTඑතදග්ගං භික්ඛවෙ මම සාවකානං උපාසකානං පඨමං සරණං ගච්ඡන්තානං යදිදං තපුස්සභල්ලිකා{3} වාණිජා, -පෙ- දායකානං යදිදං සුදත්තො ගහපති අනාථපිණ්ඩිකො, -පෙ- ධම්මකථිකානං යදිදං චිත්තො ගහපති මච්ඡිකාසණ්ඩිකො, -පෙ- චතූහි සඞ්ගහවත්ථූහි පරිසං සඞ්ගණ්හන්තානං යදිදං හත්ථකො ආළවකො, -පෙ- පණීතදායකානං යදිදං මහානාමො සක්කො, -පෙ- මනාපදායකානං යදිදං උග්ගො ගහපති වෙසාලිකො, -පෙ- සඞ්ඝුපට්ඨාකානං යදිදං උග්ගතො{4} ගහපති, -පෙ- අවෙච්චප්පසන්නානං යදිදං සූරො අම්බට්ඨො{5}, -පෙ- පුග්ගලප්පසන්නානං යදිදං ජීවකො කොමාරභච්චො, -පෙ- විස්සාසකානං යදිදං නකුලපිතා ගහපතීති.
Sinhala BJTමහණෙනි, යම් තපුස්ස ය භල්ලික ය යන වෙණෙදහු දෙදෙනෙක් වෙත් ද, හැමට පළමු ව සරණ යන මාගේ ශ්‍රාවක වූ උපාසකයන් අතුරෙහි තෙලහු අග්‍ර වෙත්. … යම් අනාථපිණ්ඩික සුදත්ත නම් වූ ගෘහපතියෙක් වේ ද, දායක වූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් මච්ඡිකාසණ්ඩ පුරවාසී චිත්ත නම් ගෘහපතියෙක් වේ ද, ධර්‍මකථික වූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් හත්‍ථක ආළවක නම් රජෙක් වේ ද, සිවුසඟරාවතින් පිරිස් සගන්නා මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් මහානාම නම් ශාක්‍යයෙක් වේ ද, ප්‍රණීත ප්‍රත්‍යය දෙන මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් විසල්පුර වැසි උග්ග නම් ගැහැවියෙක් වේ ද, මනාප දෑ දෙන මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් උග්ගත නම් ගැහැවියෙක් වේ ද, සඞ්ඝෝපස්ථායක වූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් සූරම්බට්ඨ නම් සිටුවරයෙක් වේ ද, අචලප්‍රසාදයෙන් සමන්‍විත වූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් ජීවක කෝමාරභච්ච නම් උපාසකයෙක් වේ ද, පෞද්ගලික ප්‍රසාදයෙන් සමන්‍විත වූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් නකුලපිතු නම් ගැහැවියෙක් වේ ද, විශ්වාස කථා ඇති මාගේ ශ්‍රාවක වූ උපාසකයන් අතුරෙන් තෙල අග්‍ර වේ.
Pali BJTවග්ගො ඡට්ඨො.
Sinhala BJTසවැනි වග යි.
Pali BJT1. 14. 7. 1-10.
Sinhala BJT1. 14. 7. 1-10.
Pali BJTඑතදග්ගං භික්ඛවෙ මම සාවිකානං උපාසිකානං පඨමං සරණං ගච්ඡන්තීනං යදිදං සුජාතා සෙනානීධීතා,{1} දායිකානං යදිදං විසාඛා මිගාරමාතා, බහුස්සුතානං යදිදං ඛුජ්ජුත්තරා, මෙත්තාවිහාරීනං යදිදං සාමාවතී, ඣායීනං යදිදං උත්තරා නන්දමාතා, පණීතදායිකානං යදිදං සුප්පවාසා කොලියධීතා, ගිලානුපට්ඨාකීනං යදිදං සුප්පියා උපාසිකා, අවෙච්චප්පසන්නානං යදිදං කාතියානී, විස්සාසිකානං යදිදං නකුලමාතා ගහපතානී, අනුස්සවප්පසන්නානං යදිදං කාළී උපාසිකා කුරරඝරිකාති.{2}
Sinhala BJTමහණෙනි, යම් සේනානීධිතු සුජාතා නම් උපාසිකාවක් ඇද්ද, සියල්ලන්ට පළමු ව සරණයෙහි පිහිටි මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතුරෙහි තුලු අග්‍ර වේ. … යම් මිගාරමාතු විසාඛා නම් උපාසිකාවක් ඇද්ද, දීමෙහි ඇලුනු මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතුරෙහි … යම් ඛුජ්ජුත්තරා නම් උපාසිකාවක් ඇද්ද, බහුශ්‍රුත වූ මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතුරෙහි … යම් සාමාවතී නම් උපාසිකාවක් ඇද්ද, මෛත්‍රීවිහරණ ඇති මාගේ ශ්‍රාවිකා උවැසියන් අතුරෙහි … යම් උත්තරා නන්‍දමාතු නම් උපාසිකාවක් ඇද්ද, ධ්‍යානයෙහි අභිරත වූ මාගේ ශ්‍රාවිකා උවැසියන් අතුරෙහි … යම් කෝලියධීතු සුප්පාවාසා නම් උපාසිකාවක් ඇද්ද, ප්‍රණීත රසදායිකා වූ මාගේ ශ්‍රාවිකා උවැසියන් අතුරෙහි … යම් සුප්පියා නම් උපාසිකාවක් ඇද්ද, ග්ලානෝපස්ථායිකා වූ මාගේ ශ්‍රාවිකා උවැසියන් අතුරෙහි … යම් කාතියානි නම් උපාසිකාවක් ඇද්ද, අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍විත මාගේ ශ්‍රාවිකා වූ උවැසියන් අතුරෙහි … යම් නකුලමාතු ගහපතානී නම් උපාසිකාවක් ඇද්ද, විශ්වාස කථා ඇති මාගේ ශ්‍රාවිකා වූ උවැසියන් අතුරෙහි … යම් කුරරඝර වැසි කාළි නම් උපාසිකාවක් ඇද්ද, අනුශ්‍රවයෙන් උපන් ප්‍රසාද ඇති මාගේ ශ්‍රාවිකා වූ උපාසිකාවන් අතුරෙහි තුලු අග්‍ර වේ.
Pali BJTවග්ගො සත්තමො.
Sinhala BJTසත්වැනි වග යි.
Pali BJT15. අට්ඨානපාළි
Sinhala BJT15. අට්ඨාන පාළිය
Pali BJT1. 15. 1.
Sinhala BJT1. 15. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි{1} සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්ය, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති, යං පුථුජ්ජනො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්ය, ඨානමෙතං විජ්ජති.{2}
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් මාර්‍ගදෘෂ්ටියෙන් යුත් (=සෝවන්) පුද්ගල තෙමේ කිසි සංස්කාරයක් නිත්‍යය යි ගන්නේය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල අවිද්‍යමාන තැනෙකි. ප්‍රත්‍යය රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ කිසියම් සංස්කාරයක් නිත්‍යය යි ගන්නේ ය යන යමෙක් වේද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
Pali BJT1. 15. 2.
Sinhala BJT1. 15. 2.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං සුඛතො උපගච්ඡෙය්ය, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති, යං පුථුජ්ජනො කඤ්චි සඞ්ඛාරං සුඛතො උපගච්ඡෙය්ය, ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් දර්‍ශනසම්පන්න පුද්ගල තෙමේ කිසි සංස්කාරයක් සුඛය යි ගන්නේය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ කිසි සංස්කාරයක් සුඛය යි ගන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
Pali BJT1. 15. 3.
Sinhala BJT1. 15. 3.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි ධම්මං අත්තතො උපගච්ඡෙය්ය, නෙතං ඨානං විජ්ජති, ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති, යං පුථුජ්ජනො කඤ්චි ධම්මං අත්තතො උපගච්ඡෙය්ය, ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ කිසි ධර්‍මයක් ආත්මය යි ගන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ කිසි ධර්‍මයක් ආත්මය යි ගන්නේ ය යන යමෙක් වේද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
Pali BJT1. 15. 4.
Sinhala BJT1. 15. 4.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං දිට්ඨිසම්පන්නො පුග්ගලො මාතරං ජීවිතා වොරොපෙය්ය, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති, යං පුථුජ්ජනො මාතරං ජීවිතා වොරොපෙය්ය, ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ මව දිවියෙන් තොර කරන්නේය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ මව දිවියෙන් තොර කරන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
Pali BJT1. 15. 5.
Sinhala BJT1. 15. 5.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං දිට්ඨිසම්පන්නො පුග්ගලො පිතරං ජීවිතා වොරොපෙය්ය, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති, යං පුථුජ්ජනො පිතරං ජීවිතා වොරොපෙය්ය, ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ පියා දිවියෙන් තොර කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ පියා දිවියෙන් තොර කරන්නේ ය යන යමෙක් වේද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
Pali BJT1. 15. 6.
Sinhala BJT1. 15. 6.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං දිට්ඨිසම්පන්නො පුග්ගලො අරහන්තං ජීවිතා වොරොපෙය්ය, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති, යං පුථුජ්ජනො අරහන්තං ජීවිතා වොරොපෙය්ය, ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ රහතකු දිවියෙන් තොර කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ රහතකු දිවියෙන් තොර කරන්නේය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
Pali BJT1. 15. 7.
Sinhala BJT1. 15. 7.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං දිට්ඨිසම්පන්නො පුග්ගලො තථාගතස්ස දුට්ඨෙන චිත්තෙන ලොහිතං උප්පාදෙය්ය, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති, යං පුථුජ්ජනො තථාගතස්ස දුට්ඨෙන චිත්තෙන ලොහිතං උප්පාදෙය්ය, ඨානමෙතං විජ්ජති.{1}
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ දුෂ්ට වූ සිතින් තථාගතයන් වහන්සේගේ (සිරුරෙහි) ලේ සොලවන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන පුද්ගල තෙමේ දුෂ්ට වූ සිතින් තථාගතයන් වහන්සේගේ (සිරුරෙහි) ලේ සොලවන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
Pali BJT1. 15. 8.
Sinhala BJT1. 15. 8.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං දිට්ඨිසම්පන්නො පුග්ගලො සඞ්ඝං භින්දෙය්ය, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති යං පුථුජ්ජනො සඞ්ඝං භින්දෙය්ය, ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ සඞ්ඝයා බිඳුනේය යන තෙල කරුණ විද්‍යමාන නොවේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ සඞ්ඝයා බිඳුනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
Pali BJT1. 15. 9.
Sinhala BJT1. 15. 9.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං දිට්ඨිසම්පන්නො පුග්ගලො අඤ්ඤං සත්ථාරං උද්දිසෙය්ය, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති, යං පුථුජ්ජනො අඤ්ඤං සත්ථාරං උද්දිසෙය්ය, ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ අන්‍යශාස්තෘ කෙනෙකුන් උදෙසා සිටුනේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි, තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ අන් ශාස්තෘ කෙනකුන් උදෙසා සිටුනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
Pali BJT1. 15. 10.
Sinhala BJT1. 15. 10.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං එකිස්සා ලොකධාතුයා ද්වෙ අරහන්තො සම්මාසම්බුද්ධා අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්යුං, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති, යං එකිස්සා ලොකධාතුයා එකො අරහං සම්මාසම්බුද්ධො උප්පජ්ජෙය්ය, ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් එක් ලෝකධාතුවෙක්හි අර්‍හත් වූ දෙසම්බුදු කෙනකුන් වහන්සේ එකවට උපදනාහු ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් එක් ලෝකධාතුවෙක එක ම අර්‍හත් සම්බුදුරජානන් වහන්සේ කෙනෙක් උපදනාහ යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
Pali BJT1. 15. 11.
Sinhala BJT1. 15. 11.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං එකිස්සා ලොකධාතුයා ද්වෙ රාජානො චක්කවත්තී අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්යුං, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති, යං එකිස්සා ලොකධාතුයා එකො රාජා චක්කවත්තී උප්පජ්ජෙය්ය, ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් එක් ලෝකධාතුවෙක්හි සක්විති රජවරු දෙදෙනෙක් එකවට උපදනාහු ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් එක් ලෝකධාතුවෙක්හි එක් සක්විතිරජෙක් උපදනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
Pali BJT1. 15. 12.
Sinhala BJT1. 15. 12.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං ඉත්ථී අරහං අස්ස සම්මාසම්බුද්ධො, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති, යං පුරිසො අරහං අස්ස සම්මාසම්බුද්ධො, ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් ස්ත්‍රියක අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වෙති යි යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පුරුෂයෙක් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වන්නේය ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
Pali BJT1. 15. 13.
Sinhala BJT1. 15. 13.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං ඉත්ථී රාජා අස්ස චක්කවත්තී, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති, යං පුරිසො රාජා අස්ස චක්කවත්තී, ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් ස්ත්‍රියක සක්විති රජ වෙති යි යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, පුරුෂයෙක් සක්විති රජ වන්නේය ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
Pali BJT1. 15. 14-16.
Sinhala BJT1. 15. 14-16.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං ඉත්ථී සක්කත්තං කාරෙය්ය -පෙ-, මාරත්තං කාරෙය්ය -පෙ-, බ්රහ්මත්තං කාරෙය්ය, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති, යං පුරිසො සක්කත්තං කාරෙය්ය, මාරත්තං කාරෙය්ය, බ්රහ්මත්තං කාරෙය්ය. ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් ස්ත්‍රියක සක්දෙව් රජ බව කරති යි … මාරබව කරති යි … බ්‍රහ්ම බව කරති යි යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙක. අවකාශ රහිත යෙක. මහණෙනි, යම් හෙයෙකින් පුරුෂයෙක් සක්දෙව් බව කරන්නේ ය …, මාර බව කරන්නේ ය …, බ්‍රහ්ම බව කරන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
Pali BJT1. 15. 17.
Sinhala BJT1. 15. 17.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං කායදුච්චරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්ය, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති යං කායදුච්චරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්ය, ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් කායදුශ්චරිතයාගේ ඉෂ්ට කාන්ත මනාප විපාකයෙක් උපදනේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත ය. අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් කායදුශ්චරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප වූ විපාකයෙක් උපදනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
Pali BJT1. 15. 18-19.
Sinhala BJT1. 15. 18-19.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං වචීදුච්චරිතස්ස -පෙ- යං මනොදුච්චරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්ය, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති, යං මනොදුච්චරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්ය, ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් වාග්දුශ්චරිතයාගේ …, යම් හෙයෙකින් මනෝදුශ්චරිතයාගේ ඉෂ්ට කාන්ත මනාප විපාකයෙක් උපදනේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. මහණෙනි, යම් හෙයෙකින් මනෝදුශ්චරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප වූ විපාකයෙක් උපදනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
Pali BJT1. 15. 20.
Sinhala BJT1. 15. 20.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං කායසුචරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්ය, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති, යං කායසුචරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්ය, ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් කායසුචරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප විපාකයෙක් උපදනේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත ය. අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් කායසුචරිතයාගේ ඉෂ්ට කාන්ත මනාප වූ විපාකයෙක් උපදනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
Pali BJT1. 15. 21-22.
Sinhala BJT1. 15. 21-22.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං වචීසුචරිතස්ස -පෙ-, යං මනොසුචරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්ය, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති, යං මනොසුචරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්ය, ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් වාක්සුචරිතයාගේ …, මනඃසුචරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප විපාකයෙක් උපදනේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත ය. අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් මනඃසුරිතයාගේ ඉෂ්ට කාන්ත මනාප විපාකයෙක් උපදනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
Pali BJT1. 15. 23.
Sinhala BJT1. 15. 23.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං කායදුච්චරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති, යං කායදුච්චරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය, ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් කායදුශ්චරිතයෙන් සමන්‍විත පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු (මනාගති ඇති හෙයින්) සුගති නම් වූ ස්වර්‍ගලෝකයට (ප්‍රතිසන්‍ධිවශයෙන්) යන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත ය, අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් කායදුශ්චරිතයෙන් සමන්‍විත පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු (සුවෙන් පහ වූ හෙයින්) අපාය නම් වූ (නපුරු ගති ඇති හෙයින්) දුගති නම් වූ (විවසව පතිත වන හෙයින්) විනිපාත නම් වූ නිරයට (ප්‍රතිසන්‍ධිවශයෙන්) යන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
Pali BJT1. 15. 24-25.
Sinhala BJT1. 15. 24-25.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං වචීදුච්චරිතසමඞ්ගී -පෙ-, යං මනොදුච්චරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති, යං මනොදුච්චරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය, ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් වාග්දුශ්චරිතයෙන් සමන්‍විත පුද්ගල තෙමේ …. මනෝදුශ්චරිතයෙන් සමන්‍විත පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට යන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ, තෙල හේතු රහිත ය, අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් මනෝදුශ්චරිතයෙන් සමන්‍විත පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට යන්නේ ය යන යමෙක්වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ, තෙල හේතු ඇත.
Pali BJT1. 15. 26.
Sinhala BJT1. 15. 26.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං කායසුචරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති, යං කායසුචරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය, ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් කායසුචරිතයෙන් යුත් පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට යන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත ය, අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් කායසුචරිතයෙන් යුත් පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු ස්වර්‍ගලෝකයට (පිළිසඳ විසින්) යන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
Pali BJT1. 15. 27-28.
Sinhala BJT1. 15. 27-28.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං වචීසුචරිතසමඞ්ගී -පෙ-, යං මනොසුචරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය, නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං භික්ඛවෙ විජ්ජති, යං මනොසුචරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය, ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් වාක්සුචරිතයෙන් සමන්‍විත පුද්ගල තෙමේ … යම් හෙයකින් මනඃසුචරිතයෙන් සමන්‍විත පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට (පිළිසිඳ විසින්) යන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත ය, අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් මනඃසුචරිතයෙන් සමන්‍විත පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට යන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
Pali BJT[අට්ඨානපාළි නිට්ඨිතා.]
Sinhala BJT[අට්ඨානපාළිය නිමි.]
Pali BJT16. එකධම්මපාළි
Sinhala BJT16. ඒකධම්ම පාළිය
Pali BJT[1. පඨමොවග්ගො]
Sinhala BJT[1. පළමු වර්‍ගය]
Pali BJT1. 16. 1. 1.
Sinhala BJT1. 16. 1. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඑකධම්මො භික්ඛවෙ භාවිතො බහුලීකතො එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. කතමො එකධම්මො: බුද්ධානුස්සති. අයං ඛො භික්ඛවෙ එකධම්මො භාවිතො බහුලීකතො එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තතීති.{1}
Sinhala BJTමහණෙනි, එක් ම ධර්‍මයෙක් (භාවනා වශයෙන්) වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ ඒකාන්තයෙන් (සසර) කළකිරීම පිණිස, (සසර) නොඇලීම පිණිස (රාගාදීන්ගේ) නිරෝධය පිණිස (කෙලෙස්) සන්හිඳීම පිණිස (අනිත්‍යාදිවශයෙන්) වෙසෙසා දැනුම පිණිස සිවුසස් පිළිවිඳීම පිණිස නිවන් පිණිස පවත්නේ ය. කවර එක් ධර්‍මයෙක? යත්: බුද්ධානුස්මෘතිය යි. මහණෙනි, මේ එක් ධර්‍මය වඩනා ලද්දේ බහුලවශයෙන් කරණ ලද්දේ ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස පවත්නේ ය.
Pali BJT1. 16. 1. 2-10.
Sinhala BJT1. 16. 1. 2-10.
Pali BJTඑකධම්මො භික්ඛවෙ භාවිතො බහුලීකතො එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. කතමො එකධම්මො: ධම්මානුස්සති -පෙ- සඞ්ඝානුස්සති -පෙ- සීලානුස්සති -පෙ- චාගානුස්සති -පෙ- දෙවතානුස්සති -පෙ- ආනාපානසති -පෙ- මරණසති -පෙ- කායගතාසති -පෙ- උපසමානුස්සති. අයං ඛො භික්ඛවෙ එකධම්මො භාවිතො බහුලීකතො එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, එක් ම ධර්‍මයෙක් (භාවනා වශයෙන්) වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ ඒකාන්ත නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවත්නේ ය. කවර එක් ධර්‍මයෙක? යත්: ධර්‍මානුස්මෘතිය යි. ... සඞ්ඝානුස්මෘතිය යි. ... ශීලානුස්මෘතිය යි. ... ත්‍යාගානුස්මෘතිය යි. ... දේවතානුස්මෘතිය යි. ... ආනාපානස්මෘතිය යි. ... මරණානුස්මෘතිය යි. ... කායගතස්මෘතිය යි. ... උපශාමානුස්මෘතිය යි. මහණෙනි, මේ එක් ධර්‍මය වඩනා ලද්දේ බහුලවශයෙන් කරණ ලද්දේ ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවත්නේ ය.
Pali BJTවග්ගො පඨමො.
Sinhala BJTපළමු වග යි.
Pali BJT[2. දුතියොවග්ගො]
Sinhala BJT[2. දෙවන වර්‍ගය]
Pali BJT1. 16. 2. 1.
Sinhala BJT1. 16. 2. 1.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා අකුසලා ධම්මා භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති, යථයිදං භික්ඛවෙ මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිකස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච අකුසලා ධම්මා භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති.
Sinhala BJTමහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශල ධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ භූයස්ත්‍වය පිණිස විපුල බව පිණිස පවතිත් නම්, මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිකයාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද අකුශලධර්‍මයෝ භූයස්ත්‍වය පිණිස විපුල බව පිණිස පවතිත්.
Pali BJT1. 16. 2. 2.
Sinhala BJT1. 16. 2. 2.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා කුසලා ධම්මා භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති, යථයිදං භික්ඛවෙ සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිකස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති.
Sinhala BJTමහණෙනි,යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශල ධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ බොහෝ බව පිණිස විපුලබව පිණිස පවතිත් නම්, මහණෙනි, සම්‍යක්දෘෂ්ටිය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යක්දෘෂ්ටිකයාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ භූයස්ත්‍වය පිණිස විපුල බව පිණිස පවතිත්.
Pali BJT1. 16. 2. 3.
Sinhala BJT1. 16. 2. 3.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා නුප්පජ්ජන්ති, උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවෙ මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිකස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව කුසලා ධම්මා නුප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්ති.{1}
Sinhala BJTමහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ නූපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මිත්‍යදෘෂ්ටිකයාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ නූපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
Pali BJT1. 16. 2. 4.
Sinhala BJT1. 16. 2. 4.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා නුප්පජ්ජන්ති, උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවෙ සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිකස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව අකුසලා ධම්මා නූප්පජ්ජන්ති, උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්ති.
Sinhala BJTමහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ නූපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, සම්‍යග්දෘෂ්ටිය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යග්දෘෂ්ටිකයාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ නූපදිත්. උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
Pali BJT1. 16. 2. 5.
Sinhala BJT1. 16. 2. 5.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා මිච්ඡාදිට්ඨි උප්පජ්ජති, උප්පන්නා වා මිච්ඡාදිට්ඨි පවඩ්ඪති, යථයිදං භික්ඛවෙ අයොනිසොමනසිකාරො. අයොනිසො භික්ඛවෙ මනසි කරොතො අනුප්පන්නා චෙව මිච්ඡාදිට්ඨි උප්පජ්ජති, උප්පන්නා ච මිච්ඡාදිට්ඨි පවඩ්ඪති.{2}
Sinhala BJTමහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද මිථ්‍යාදෘෂ්ටිය උපදනේ නම්, උපන්නා වූ ද මිථ්‍යාදෘෂ්ටිය වැඩේ නම්, මහණෙනි, මේ අයෝනිසෝ මනසිකාරය යම්බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අනුපාය මනසිකාරයෙන් මෙනෙහි කරනුවහුට නූපන්නා වු ද මිථ්‍යාදෘෂ්ටිය උපදී. උපන්නා වූ ද මිථ්‍යාදෘෂ්ටිය වැඩේ.
Pali BJT1. 16. 2. 6.
Sinhala BJT1. 16. 2. 6.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා සම්මාදිට්ඨි උප්පජ්ජති, උප්පන්නා වා සම්මාදිට්ඨි පවඩ්ඪති, යථයිදං භික්ඛවෙ යොනිසො මනසිකාරො. යොනිසො භික්ඛවෙ මනසිකරොතො අනුප්පන්නා චෙව සම්මාදිට්ඨි උප්පජ්ජති, උප්පන්නා ච සම්මාදිට්ඨි පවඩ්ඪති.
Sinhala BJTමහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද සම්‍යග්දෘෂ්ටිය උපදනේ නම්, උපන්නා වූ ද සම්‍යග්දෘෂ්ටිය වැඩේ නම්, මහණෙනි, මේ යෝනිසෝ මනසිකාරය යම්බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කරනුවහට නූපන්නා වූ ද සම්‍යග්දෘෂ්ටිය උපදී. උපන්නා වූ ද සම්‍යග්දෘෂ්ටිය වැඩේ.
Pali BJT1. 16. 2. 7.
Sinhala BJT1. 16. 2. 7.