Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3801-3900 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි.]
Pali BJT31. චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?
Sinhala BJT31. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
Pali BJTපාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසු මිච්ඡාචාරී හොති, මුසාවාදී හොති.
Sinhala BJTපණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහන ලද්දක් සෙයින් නිරයෙහි බහන ලද්දේ වෙයි.
Pali BJTචතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි?
Sinhala BJTමහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
Pali BJTපාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති.
Sinhala BJTපණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ’ති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි බහා තබන ලද්දේ වෙයි.
Pali BJT4. 2. 4. 2.
Sinhala BJT4. 2. 4. 2.
Pali BJT[මුසාවාදීසුත්තං]
Sinhala BJTමුසාවාදී සූත්‍රය
Pali BJT32. චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?
Sinhala BJT32. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් පරිද්දෙන් නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර සතර කරුණෙන යත්:
Pali BJTමුසාවාදී හොති, පිසුනාවාචො හොති, ඵරුසාවාචො හොති, සම්ඵප්පලාපී හොති.
Sinhala BJTමුසවා බණන සුලු වෙයි. පිසුණුබස් ඇතියේ වෙයි. කැකුළු බස් ඇතියේ වෙයි. පලප් ඇතියේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහා තබන ලද්දක් පරිද්දෙන් නිරයෙහි නික්‍ෂිප්ත ය.
Pali BJTචතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි?
Sinhala BJTමහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් පරිද්දෙන් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
Pali BJTමුසාවාදා පටිවිරතො හොති, පිසුනාවාචා පටිවිරතො හොති, ඵරුසාවාචා පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති.
Sinhala BJTමුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුනුබසින් දුරුවූයේ වෙයි. කැකුළුබසින් දුරුවූයේ වෙයි. පලප්බසින් දුරුවූයේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ’ති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහා තබන ලද්දක් පරිද්දෙන් ස්වර්‍ගයෙහි බැහුනේ වෙයි.
Pali BJT4. 2. 4. 3.
Sinhala BJT4. 2. 4. 3.
Pali BJT[වණ්ණසුත්තං]
Sinhala BJT[වණ්ණ සූත්‍රය]
Pali BJT33. චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?
Sinhala BJT33. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණැර තැබුවක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
Pali BJTඅනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති. අනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති. අනනුවිච්ච අපරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසෙති. අනනුවිච්ච අපරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසෙති.
Sinhala BJTනො විමසා නො බැස ගෙණ වර්‍ණනාර්‍හ නො වන්නහුගේ ගුණ කියයි. නො විමසා නො බැස ගෙණ වර්‍ණනාර්‍හයාගේ අගුණ කියයි. නො විමසා නො බැස ගෙණ නො පැහැදිය යුතු කරුණෙහි පහදියි. නො විමසා නො බැසගෙන පැහැදිය යුතු කරුණෙහි නො පහදියි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත පුද්ගල ගෙණ ඇර තැබුවක් මෙන් නිරයෙහි බැහුනේ ය.
Pali BJTචතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි?
Sinhala BJTමහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණ ඇරැ තැබුවක් සෙයින් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
Pali BJTඅනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසති. අනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසති. අනුවිච්ච පරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසෙති. අනුවිච්ච පරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසෙති.
Sinhala BJTවිමසා බැස ගෙණ අවර්‍ණනාර්‍හයාගේ අගුණ කියයි. විමසා බැස ගෙණ වර්‍ණනාර්‍හයාගේ ගුණ කියයි. විමසා බැස ගෙණ නො පැහැදිය යුතු තැන නොපහදී. විමසා බැසගෙන පැහැදිය යුතු තැන පහදී.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ’ති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත පුද්ගල ගෙණැරැ තැබුවක් සෙයින් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්තය.
Pali BJT4. 2. 4. 4.
Sinhala BJT4. 2. 4. 4.
Pali BJT[කොධගරුසුත්තං]
Sinhala BJT[කෝධගරු සූත්‍රය]
Pali BJT34. චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?
Sinhala BJT34. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණැරැ තබන ලද්දක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
Pali BJTකොධගරු හොති න සද්ධම්මගරු, මක්ඛගරු හොති න සද්ධම්මගරු, ලාභගරු හොති න සද්ධම්මගරු, සක්කාරගරු හොති න සද්ධම්මගරු.
Sinhala BJTක්‍රෝධගරුක වෙයි, සද්ධර්‍මගරුක නො වෙයි. ගුණමකුබව ගරු කොට ඇත්තේ වෙයි. සදහම් ගරු කොට නැත්තේ වෙයි. ලාභය ගරු කොට ඇත්තේ වෙයි. සද්ධර්‍මය ගරු කොට නැත්තේ වෙයි. සත්කාරය ගරු කොට ඇත්තේ වෙයි. සද්ධර්‍මය ගරු කොට නැත්තේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත පුද්ගල ගෙණ ඇරැ තැබුවක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය.
Pali BJTචතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි?
Sinhala BJTමහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණ ඇරැතැබුවක් සෙයින් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
Pali BJTසද්ධම්මගරු හොති න කොධගරු, සද්ධම්මගරු හොති න මක්ඛගරු, සද්ධම්මගරු හොති න ලාභගරු, සද්ධම්මගරු හොති න සක්කාරගරු.
Sinhala BJTසදහම් ගරු කොට වසන්නේ ක්‍රෝධය ගරු කොට නොවසන්නේ වෙයි. සදහම් ගරු කොට වසන්නේ ගුණමකු බව ගරු කොට නො වසන්නේ වෙයි. සදහම් ගරු කොට වසන්නේ ලාභය ගරු කොට නො වසන්නේ වෙයි. සදහම් ගරු කොට වසන්නේ සත්කාරය ගරු කොට නො වසන්නේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ’ති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත පුද්ගල ගෙණ ඇරැතැබුවක් සෙයින් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්තය.
Pali BJT4. 2. 4. 5.
Sinhala BJT4. 2. 4. 5.
Pali BJT[තමොතමපරායනසුත්තං]
Sinhala BJT[තමෝතමපරායන සූත්‍රය]
Pali BJT35. චත්තාරො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT35. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙති. කවර සතර දෙනෙක යත්:
Pali BJTතමොතමපරායනො, තමොජොතිපරායනො, ජොතිතමපරායනො, ජොතිජොතිපරායනො.
Sinhala BJTතමෝ තමපරායනය (අඳුරෙන් අඳුරට යන), තමෝජෝතිපරායනය (අඳුරෙන් එළියට යන), ජෝති තමපරායනය (එළියෙන් අඳුරට යන), ජෝති ජෝතිපරායනය (එළියෙන් එළියට යන) - මේ පුද්ගලයෝ සතර දෙනය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො තමො හොති තමපරායනො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො නීචෙ කුලෙ පච්චාජාතො හොති චණ්ඩාලකුලෙ වා වෙණකුලෙ වා නෙසාදකුලෙ වා රථකාරකුලෙ වා පුක්කුසකුලෙ වා දළිද්දෙ අප්පන්නපානභොජනෙ කසිරවුත්තිකෙ යත්ථ කසිරෙන ඝාසච්ඡාදො ලබ්භති. සො ච හොති දුබ්බණ්ණො දුද්දසිකො ඔකොටිමකො බව්හාබාධො කාණො වා කුණී වා ඛඤ්ජො වා පක්ඛහතො වා, න ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො තමො හොති තමපරායණො.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පුද්ගල තමෝතමපරායන වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් දිළිඳු වූ අල්පාහාරපාන භෝජන ඇති සහදුක් දිවි වැටුම් ඇති දුකින් ආහාර වස්ත්‍ර ලබන සැඬල් කුලයෙහි වේව යි, කුළුපොතු කුලයෙහි වේවයි, වැදි කුලෙහි වේවයි, සොම්මර කුලෙහි වේවයි, පුප්සඬු කුලෙහි වේවයි - නීච කුලයෙක උපන්නේ වෙයි. හෙද දුර්වර්‍ණ වෙයි. අමනාප දර්‍ශන වෙයි. ලකුණ්ටක වෙයි. බහවාබාධ වෙයි. කණ හෝ වෙයි. වක් අත්පා ඇත්තේ හෝ වෙයි. කොර හෝ වෙයි. පිළු හෝ වෙයි. අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධ විලේපන ශය්‍යාවසථ ප්‍රදීපෝපකරණ නොලබන සුලු වෙයි. හේ කයින් දුශ්චරිත කරන්නේ වෙයි. වචනයෙන් දුශ්චරිත කරන්නේ වෙයි. සිතින් දුශ්චරිත කරන්නේ වෙයි. හේ කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිත කොට, කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවශව පතිත වන නිරයට එළඹෙයි. මහණෙනි, මෙසේ පුද්ගල තමෝතමපරායන වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො තමො හොති ජොතිපරායනො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො නීචෙ කුලෙ පච්චාජාතො හොති චණ්ඩාලකුලෙ වා වෙණකුලෙ වා නෙසාදකුලෙ වා රථකාරකුලෙ වා පුක්කුසකුලෙ වා දළිද්දෙ අප්පන්නපානභොජනෙ කසිරවුත්තිකෙ යත්ථ කසිරෙන ඝාසච්ඡාදො ලබ්භති. සො ච හොති දුබ්බණ්ණො දුද්දසිකො ඔකොටිමකො බව්හාබාධො කාණො වා කුණී වා ඛඤ්ජො වා පක්ඛහතො වා න ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. සො කායෙන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො තමො හොති ජොතිපරායනො.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පුද්ගල තමෝජෝතිපරායන වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් දිළිඳු වූ අල්පාන්නපාන භෝජන ඇති සහදුක් දිවිවැටුම් ඇති දුකසේ ආහාර වස්ත්‍ර ලබන සැඬල් කුලෙහි වේවයි, කුළුපොතු කුලෙහි වේවයි, වැදිකුලෙහි වේවයි, සොම්මර කුලෙහි වේවයි, පුප්සඬුකුලෙහි වේවයි - නීච කුලයෙක උපන්නේ වෙයි. හෙ ද දුර්වර්‍ණ වෙයි. මන නොවඩන දැකුම් ඇති වෙයි. ලකුණ්ටක වෙයි. බව්හාබාධ වෙයි. කණ හෝ වෙයි. වක් අත්පා ඇත්තේ හෝ වෙයි. කොර හෝ වෙයි. පිළු හෝ වෙයි. අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශය්‍යාවසථ ප්‍රදීපෝපකරණ නොලබන සුලු වේ. හේ කයින් සුචරිත කෙරෙයි. වචනයෙන් සුචරිත කෙරෙයි. සිතින් සුචරිත කෙරෙයි. හේ කයින් සුචරිත කොට වචනයෙන් සුචරිත කොට සිතින් සුචරිත කොට කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙයි. මහණෙනි, මෙසේ පුගුල් තමෝජෝතිපරායන වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො ජොති හොති තමපරායනො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො උච්චෙ කුලෙ පච්චාජාතො හොති ඛත්තියමහාසාලකුලෙ වා බ්රාහ්මණමහාසාලකුලෙ වා ගහපතිමහාසාලකුලෙ වා අඩ්ඪෙ මහද්ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතවිත්තූපකරණෙ පහූතධනධඤ්ඤෙ. සො ච හොති අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො. ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ජොති හොති තමපරායනො:
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පුද්ගල ජෝතිතමපරායන වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආඪ්‍ය වූ මහධන ඇති මහත් භෝග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ වස්තූපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති කැත්මහසල්කුලෙහි වේවයි, බමුණුමහසල්කුලෙහි වේවයි, ගෙහෙවි මහසල් කුලෙහි වේවයි - උතුම් කුලෙහි උපන්නේ වෙයි. හෙ ද අභිරූප වෙයි. දර්‍ශනීය වෙයි. ප්‍රාසාදික වෙයි. උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වෙයි. අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශයනාවසථ ප්‍රදීපෝපකරණ ලබන සුලු වෙයි. හේ කයින් දුශ්චරිත කෙරෙයි. වචනයෙන් දුශ්චරිත කෙරෙයි. සිතින් දුශ්චරිත කෙරෙයි. හේ කයින් දුශ්චරිත කොට වචනයෙන් දුශ්චරිත කොට සිතින් දුශ්චරිත කොට කාබුන් මරණින් මතුයෙහි සුවෙන් පහ වූ නපුරු ගති ඇති විවශව පතිත වන නිරයට එළඹෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ජෝතිතමපරායන වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො ජොති හොති ජොතිපරායනො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො උච්චෙ කුලෙ පච්චාජාතො හොති ඛත්තියමහාසාලකුලෙ වා බ්රාහ්මණමහාසාලකුලෙ වා ගහපතිමහාසාලකුලෙ වා අඩ්ඪෙ මහද්ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතවිත්තූපකරණෙ පහූතධනධඤ්ඤෙ. සො ච හොති අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො, ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. සො කායෙන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ජොති හොති ජොතිපරායනො.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පුද්ගල ජෝතිජෝතිපරායන වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආඪ්‍ය වූ මහත් ධන ඇති මහා භොග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ වස්තූපකරණ ඇති, බොහෝ ධනධාන්‍ය ඇති කැත්මහසල් කුලෙහි වේවයි, බමුණුමහසල් කුලෙහි වේවයි, ගෙහෙවිමහසල් කුලෙහි වේවයි - උතුම් කුලයෙහි උපන්නේ වෙයි. හෙ ද අභිරූප වෙයි. දර්‍ශනීය වෙයි. ප්‍රාසාදික වෙයි. උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වෙයි. අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධ විලේපන ශය්‍යාවසථ ප්‍රදීපෝපකරණ ලබන සුලු වෙයි. හේ කයින් සුචරිත කරයි. වචනයෙන් සුචරිත කරයි. සිතින් සුචරිත කරයි. හේ කයින් සුචරිත කොට වචනයෙන් සුචරිත කොට, සිතින් සුචරිත කොට කාබුන් මරණින් මත්තෙහි ශෝභන ගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ජෝතිජෝතිපරායන වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමාන වෙති.
Pali BJT4. 2. 4. 6.
Sinhala BJT4. 2. 4. 6.
Pali BJT[ඔනතොනතසුත්තං]
Sinhala BJT[ඔනතොනත සූත්‍රය]
Pali BJT36. චත්තාරො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT36. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඔනතොනතො, ඔනතුන්නතො, උන්නතොනතො, උන්නතුන්නතො.
Sinhala BJTඔනතොනත (නීච-නීච) ය, ඔනතුන්නත (නීච-උත්තම) ය, උන්නතොනත (උත්තම-නීච) ය, උන්නතුන්නත (උත්තම-උත්තම) යි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො ඔනතොනතො හොති? ඉධභික්ඛවෙ එකච්චො පුග්ගලො නීචෙ කුලෙ පච්චාජාතො හොති චණ්ඩාලකුලෙ වා -පෙ- සො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ඔනතොනතො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පුද්ගල ඔනතොනත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සැඬල් කුලයෙහි වේවයි … නීචකුලෙයක උපන්නේ වෙයි. හේ කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. සිතින් දුශ්චරිත කරයි. හේ කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිත කොට, කාබුන් මරණින් මතුයෙහි සුවෙන් පහව ගිය නපුරු ගති ඇති, විවසව පතිතවන, නිරයට එළඹේ. මහණෙනි, මෙසේ පුද්ගල ඔනතොනත වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො ඔනතුන්නතො හොති? ඉධභික්ඛවෙ එකච්චො පුග්ගලො නීචෙ කුලෙ පච්චාජාතො හොති චණ්ඩාලකුලෙ වා -පෙ- සො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. සො කායෙන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ඔනතුන්නතො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පුද්ගල ඔනතුන්නත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සැඬල්කුලෙහි වේවයි … නීචකුලෙයක උපන්නේ වෙයි. හේ කයින් සුචරිත කරයි, වචනයෙන් සුචරිත කරයි. සිතින් සුචරිත කරයි. හේ කයින් සුචරිත කොට, වචනයෙන් සුචරිත කොට, සිතින් සුචරිත කොට, කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති ස්වර්‍ගලෝකයට එළඹේ. මහණෙනි, මෙසේ පුද්ගල ඔනතුන්නත වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො උන්නතොනතො හොති? ඉධභික්ඛවෙ එකච්චො පුග්ගලො උච්චෙකුලෙ පච්චාජාතො හොති ඛත්තියමහාසාලකුලෙ වා -පෙ- සො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො උන්නතොනතො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පුද්ගල උන්නතොනත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කැත්මහසල් කුලෙහි වේවයි … උතුම් කුලෙහි උපන්නේ වෙයි. හේ කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිත කොට, කාබුන් මරණින් මතුයෙහි සුවෙන් පහව ගිය නපුරු ගති ඇති, විවසව පතිතවන නිරයට එළඹේ. මහණෙනි, මෙසේ පුද්ගල උන්නතොනත වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො උන්නතුන්නතො හොති? ඉධභික්ඛවෙ එකච්චො පුග්ගලො උච්චෙකුලෙ පච්චාජාතො හොති ඛත්තියමහාසාලකුලෙ වා -පෙ- සො කායෙන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො උන්නතුන්නතො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පුද්ගල උන්නතුන්නත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කැත්මහසල් කුලෙහි වේවයි … උතුම් කුලෙහි උපන්නේ වෙයි. හේ කයින් සුචරිත කොට, වචනයෙන් සුචරිත කොට, සිතින් සුචරිත කොට කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති, ස්වර්‍ගලෝකයට එළඹේ. මහණෙනි, මෙසේ පුද්ගල උන්නතුන්නත වේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තරා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමාන වෙති.
Pali BJT4. 2. 4. 7.
Sinhala BJT4. 2. 4. 7.
Pali BJT[සමණමචල - පුත්තසුත්තං]
Sinhala BJT[සමාණමචල - පුත්ත සූත්‍රය]
Pali BJT37. චත්තාරො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT37. මහණෙනි, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:
Pali BJTසමණමචලො, සමණපුණ්ඩරීකො, සමණපදුමො, සමණෙසු සමණසුඛුමාලො.
Sinhala BJTශ්‍රමණඅචල ය, ශ්‍රමණපුණ්ඩරීක ය, ශ්‍රමණපද්ම ය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර යි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණමචලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු සෙඛො හොති පටිපදො අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානො විහරති. සෙය්යථාපි භික්ඛවෙ රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ජෙට්ඨො පුත්තො ආභිසෙකො අනභිසිත්තො මචලප්පත්තො, එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු සෙඛො හොති පටිපදො අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානො විහරති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සමණමචලො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණාචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ශෛක්‍ෂ වේ, පිළිපන්නේ වේ, අනුත්තර යෝගක්‍ෂේම සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය ඉස්නේ වෙසෙයි. මහණෙනි, යම්පරිදි මුදුනෙහි බිසෙස් කළ කැත්රජක්හුගේ දෙටුපුත් අභිෂේකාර්‍හ වූයේ (එහෙත්) අනභිෂික්ත වූයේ (එහෙයින්) ම අචලප්‍රාප්ත වූයේ වේද, මහණෙනි, එපරිදි ම මහණ නොනිමිසිඛඇතියේ වෙයි. පිළිපන්නේ වෙයි. අනුත්තර යෝගක්‍ෂේමය ඉස්නේ වෙසෙයි. මහණෙනි, මෙසේ (නොසැලෙන ශෛක්‍ෂ) පුද්ගල ශ්‍රමණාචල වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණපුණ්ඩරීකො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. නො ච ඛො අට්ඨවිමොක්ඛෙ කායෙන ඵස්සිත්වා විහරති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සමණපුණ්ඩරීකො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණපුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා දිටුදැහැමියෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට සමවැද වෙසෙයි. අෂ්ටවිධ විමෝක්‍ෂයන් නාමකයින් පැහැස ගෙණ නො වෙසෙයි. මහණෙනි, මෙසේ ධ්‍යානරහිත (ශුෂ්කවිදර්‍ශක රහත්) පුද්ගල ශ්‍රමණපුණ්ඩරීක වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණපදුමො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අට්ඨ ච විමොක්ඛෙ කායෙන ඵස්සිත්වා විහරති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සමණපදුමො හොති.
Sinhala BJTමහණෙනි, පුද්ගල කෙසේ ශ්‍රමණපද්ම වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්‍රවක්‍ෂයයෙන් ආස්‍රව රහිත වූ ඵලසමාධිය හා ඵලප්‍රඥාව දිටුදැහැමි යෙහි ම තමාවිසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ගෙණ සමවැද වෙසේ. අෂ්ටවිධ විමෝක්‍ෂ ද නාමකයින් පැහැස වෙසේ. මහණෙනි, මෙසේ (ධ්‍යානසහිත විදර්‍ශනායෙන් රහත්) පුද්ගල ශ්‍රමණපද්ම වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණෙසු සමණසුඛුමාලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යාචිතොව බහුලං චීවරං පරිභුඤ්ජති, අප්පං අයාචිතො. යාචිතොව බහුලං පිණ්ඩපාතං පරිභුඤ්ජති, අප්පං අයාචිතො. යාචිතොව බහුලං සෙනාසනං පරිභුඤ්ජති, අප්පං අයාචිතො. යාචිතොව බහුලං ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජති, අප්පං අයාචිතො. යෙහි ඛො පන සබ්රහ්මචාරීහි සද්ධිං විහරති, ත්යාස්ස මනාපෙනෙව බහුලං කායකම්මෙන සමුදාචරන්ති, අප්පං අමනාපෙන. මනාපෙනෙව බහුලං වචීකම්මෙන සමුදාචරන්ති, අප්පං අමනාපෙන. මනාපෙනෙව බහුලං මනොකම්මෙන සමුදාචරන්ති, අප්පං අමනාපෙන. මනාපඤ්ඤෙව බහුලං උපහාරං උපහරන්ති, අප්පං අමනාපං. යානි ඛො පන තානි වෙදයිතානි පිත්තසමුට්ඨානානි වා සෙම්හසමුට්ඨානානි වා වාතසමුට්ඨානානි වා සන්නිපාතිකානි වා උතුපරිණාමජානි වා විසමපරිහාරජානි වා ඔපක්කමිකානි වා කම්මවිපාකජානි වා, තානස්ස{1} න බහුදෙව උප්පජ්ජන්ති. අප්පාබාධො හොති. චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සමණෙසු සමණසුඛුමාලො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ (දායකයන් විසින්) යදනා ලද්දේ ම සිවුරු බිහිලි කොට වළඳ කෙරෙයි. නො යදනා ලදුව අල්පයෙක. යදනා ලදුයේ ම පිඬුවා බිහිලි කොට වළඳ කෙරෙයි. නො යදනා ලදුව අල්පයෙක. යදනා ලදුයේ ම සෙනසුන් බිහිලි කොට වළඳ කෙරෙයි. නොයදනා ලදුයේ අල්පයෙක. යදනා ලදුයේ ම ගිලන්පස බෙහෙසත් පිරිකර බිහිලි කොට වළඳ කෙරෙයි. නො යදනා ලදුයේ අල්පයෙක. යම් ම සබ්‍රම්සරුන් හා වෙසේ ද, ඒ සබ්‍රම්සරහු ඔහුට මනවඩන කායකර්‍මයෙන් බුහුසුයෙන් පවතිත්. අමනාප කායකර්‍මයෙන් අල්පයෙක. මනවඩන වාක්කර්‍මයෙන් බහුල කොට පවතිත්. අමනාප වාක්කර්‍මයෙන් අල්පයෙක. ලගන්නා මනඃකර්‍මයෙන් බහුල කොට පවතිත්. අමනාප මනඃකර්‍මයෙන් අල්පයෙක. මනවඩන උපහාර බහුල කොට එළවත්. අමනාප උපහාර අල්පයෙක. පිත්තසමුත්‍ථාන වෙත්වයි, ශ්ලෙෂ්ම සමුත්‍ථාන වෙත්වයි, වාතසමුත්‍ථාන වෙත්වයි, සාන්නිපාතික වෙත්වයි, ඍතුපරිණාමජ වෙත්වයි, විෂමපරිහාරජ වෙත්වයි, ඖපක්‍රමික වෙත්වයි, කර්‍මවිපාකජ වෙත්වයි යම් ම වේදනා කෙනෙක් ඇද්ද ඒ වේදනාවෝ ඔහුට බහුල කොට නූපදිත්. අල්පාබාධ වෙයි. විශුද්ධ චිත්තයෙහි යෙදුනු දෘෂ්ටධර්‍මසුඛවිහරණ ඇති සතර දැහැන් කැමැති සේ ලබන සුලු වෙයි. නිදුකින් ලබන සුලු වෙයි. විපුල කොට ලබන සුලු වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති හා දිටුදැමියෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට සමවැද වෙසේ. මහණෙනි, මෙසේ පුඟුල් මහණුන් කෙරෙහි ශ්‍රමණසුකුමාර වේ.
Pali BJTයං හි තං භික්ඛවෙ සම්මා වදමානො වදෙය්ය ‘සමණෙසු සමණසුඛුමාලො’ති. මමෙව තං භික්ඛවෙ සම්මා වදමානො වදෙය්ය ‘සමණෙසු සමණසුඛුමාලො’ති. අහං හි භික්ඛවෙ යාචිතොව බහුලං චීවරං පරිභුඤ්ජාමි, අප්පං අයාචිතො. යාචිතොව බහුලං පිණ්ඩපාතං පරිභුඤ්ජාමි, අප්පං අයාචිතො. යාචිතොව බහුලං සෙනාසනං පරිභුඤ්ජාමි, අප්පං අයාචිතො. යාචිතොව බහුලං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජාමි, අප්පං අයාචිතො. යෙහි ඛො පන භික්ඛූහි සද්ධිං විහරාමි, තෙ{1} මං මනාපෙනෙව බහුලං කායකම්මෙන සමුදාචරන්ති. අප්පං අමනාපෙන. මනාපෙනෙව බහුලං වචීකම්මෙන සමුදාචරන්ති, අප්පං අමනාපෙන. මනාපෙනෙව බහුලං මනොකම්මෙන සමුදාචරන්ති, අප්පං අමනාපෙන. මනාපං යෙව බහුලං උපහාරං උපහරන්ති, අප්පං අමනාපං. යානි පන{2} තානි වෙදයිතානි පිත්තසමුට්ඨානානි වා සෙම්හසමුට්ඨානානි වා වාතසමුට්ඨානානි වා සන්නිපාතිකානි වා උතුපරිණාමජානි වා විසමපරිහාරජානි වා ඔපක්කමිකානි වා කම්මවිපාකජානි වා, තානි මෙ න බහුදෙව උප්පජ්ජන්ති. අප්පාබාධොහමස්මි. චතුන්නං ඛො පන ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී. ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමි.
Sinhala BJTමහණෙනි, සැබෑකියනුවෙක් ‘ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණසුකුමාර නම් මේ ය’ යි යමකු ගෙන බෙණේ ද, මහණෙනි, ඒ සබවස් කියනුයේ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර නම් මේ ය යි මා ම ගෙණ බණන්නේය. මහණෙනි, මම යාචිතව ම සිවුරු බහුල කොට වළඳ කෙරෙමි. අයාචිතව අල්පයෙක. යාචිතව ම පිඬුවා බහුල කොට වළඳ කෙරෙමි. අයාචිත ව අල්පයෙක. යාචිතව ම සෙනසුන් බහුල කොට වළඳ කෙරෙමි. අයාචිතව අල්පයෙක. යාචිතව ම ගිලන්පස බෙහෙසත් පිරිකර බහුල කොට වළඳ කෙරෙමි. අයාචිතව අල්පයෙක. යම් මහණුන් හා වෙසෙම් ද, ඔහු මනවඩන කායකර්‍මයෙන් ම බහුල කොට මට පවතිත්. අමනාප සැටියෙන් අල්පයෙක. මනවඩන වාක්කර්‍මයෙන් ම බහුල කොට පවතිත්. අමනාප සැටියෙන් අල්පයෙක. මනවඩන මනඃ කර්‍මයෙන් ම බහුල කොට පවතිත්. අමනාප සැටියෙන් අල්පයෙක. මනවඩන්නා වූ ම උපහාර බහුල කොට එළවත්. අමනාප දෑ අල්පයෙක. පිත්තසමුත්‍ථාන වෙත්වයි, ශ්ලෙෂ්මසමුත්‍ථාන වෙත්වයි, වාතසමුත්‍ථාන වෙත්වයි, සාන්නිපාතික වෙත්වයි, ඍතුපරිණාමජ වෙත්වයි, විෂමපරිහාරජ වෙත්වයි, ඖපක්‍රමික වෙත්වයි, කර්‍මවිපාකජ වෙත්වයි, යම් වේදනාවෝ ඇත් ද, ඔහු මට බොහෝ කොට ම නූපදිත්. මම අල්පාබාධයෙමි. විශුද්ධචිත්තයෙහි යෙදුනු ඉහාත්ම සුඛවිහරණ ඇති සතර දැහැන් කැමැතිසේ ලබන සුලුයෙමි, නිදුකින් ලබන සුලුයෙමි, විපුල කොට ලබන සුලුයෙම් වෙමි, ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා දිටුදැමියෙහි ම තමා විසින් ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට සමවැද වෙසෙමි.
Pali BJTයං හි තං භික්ඛවෙ සම්මා වදමානො වදෙය්ය ‘සමණෙසු සමණසුඛුමාලො’ති, මමෙව තං භික්ඛවෙ සම්මා වදමානො වදෙය්ය ‘සමණෙසු සමණසුඛුමාලො’ති.
Sinhala BJTමහණෙනි, මනා කොට බණනුවෙක් ‘ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණසුකුමාර නම් මේ ය’ යි යමකු ගෙණ බෙණේ ද, මහණෙනි, ‘ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර නම් මේ ය’ යි මොනොවට බණනුයේ මා ම ගෙණ බණන්නේ ය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 2. 4. 8.
Sinhala BJT4. 2. 4. 8.
Pali BJT[සමණමචල - සඤ්ඤොජන සුත්තං]
Sinhala BJT[සමාණමචල - සඤ්ඤාජන සූත්‍රය]
Pali BJT38. චත්තාරො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT38. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTසමණමචලො, සමණපුණ්ඩරීකො, සමණපදුමො, සමණෙසු සමණසුඛුමාලො.
Sinhala BJTශ්‍රමණාචලය, ශ්‍රමණපුණ්ඩරීකය, ශ්‍රමණපද්මය, ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණසුකුමාර යි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණමචලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො, නියතො සම්බොධිපරායණො. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සමණමචලො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණ අචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් සෝවන් වූයේ අවිනිපාතධර්‍ම ඇත්තේ නියත වූයේ සම්බෝධිපරායණ වූයේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණාචල (=ශ්‍රෝතාපන්න) වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණපුණ්ඩරීකො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සමණපුණ්ඩරීකො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණ පුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගද්වේෂමෝහයන් තුනු කිරීමෙන් සකෘදාගාමී වෙයි. එක් වටෙක ම මෙලොවට අවුදු දුක් කෙළවර කෙරෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණ පුණ්ඩරීක (=සකෘදාගාමී) වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණපදුමො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සමණපදුමො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණ පද්ම වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. එලොවින් වටාලා නො යන ස්වභාව ඇත්තේ එහි පිරිනිවන් පානේ ය. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණ පද්ම (=අනාගාමී) වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණෙසු සමණසුඛුමාලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සමණෙසු සමණසුඛුමාලො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්‍රවක්‍ෂය කිරීමෙන් ... ප්‍රත්‍යක්‍ෂ කොට ගෙණ ඊට පැමිණ වෙසෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර (=ක්‍ෂීණාස්‍රව) වේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 2. 4. 9.
Sinhala BJT4. 2. 4. 9.
Pali BJT[සමණමචල - දිට්ඨිසුත්තං]
Sinhala BJT[සමාණමචල - දිට්ඨි සූත්‍රය]
Pali BJT39. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT39. මහණෙනි, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර කෙනෙක යත්:
Pali BJTසමණමචලො, සමණපුණ්ඩරීකො, සමණපදුමො, සමණෙසු සමණසුඛුමාලො.
Sinhala BJTශ්‍රමණාචලය, ශ්‍රමණපුණ්ඩරීකය, ශ්‍රමණපද්මය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුක්‍රමාර යි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණමචලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු සම්මාදිට්ඨිකො හොති, සම්මාසඞ්කප්පො හොති, සම්මාවාචො හොති, සම්මාකම්මන්තො හොති, සම්මාආජීවො හොති, සම්මාවායාමො හොති, සම්මාසතී හොති, සම්මාසමාධී හොති. එවං ඛො, භික්ඛවෙ, පුග්ගලො සමණමචලො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණාචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ සම්‍යග්දෘෂ්ටි ඇතියේ වෙයි. සම්‍යක්සඞ්කල්ප ඇතියේ වෙයි. සම්‍යග්වචන ඇතියේ වෙයි. සම්‍යක්කර්‍මාන්ත ඇතියේ වෙයි. සම්‍යග්ආජීව ඇතියේ වෙයි. සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි. සම්‍යක්ස්මෘති ඇතියේ වෙයි. සම්‍යක්සමාධි ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණාචල වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණපුණ්ඩරීකො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු සම්මාදිට්ඨිකො හොති, සම්මාසඞ්කප්පො හොති, සම්මාවාචො හොති, සම්මාකම්මන්තො හොති, සම්මාආජීවො හොති, සම්මාවායාමො හොති, සම්මාසතී හොති, සම්මාසමාධී හොති, සම්මාඤාණී හොති, සම්මාවිමුත්තී හොති. නො ච ඛො අට්ඨ විමොක්ඛෙ කායෙන ඵස්සිත්වා විහරති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සමණපුණ්ඩරීකො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණපුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සම්‍යග්දෘෂ්ටිය ඇතියේ වෙයි. සම්‍යක්සඞ්කල්ප ඇතියේ වෙයි. සම්‍යග්වචන ඇතියේ වෙයි. සම්‍යක් කර්‍මාන්ත ඇතියේ වෙයි. සම්‍යග් ආජීව ඇතියේ වෙයි. සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි. සම්‍යක්ස්මෘති ඇතියේ වෙයි. සම්‍යක් සමාධි ඇතියේ වෙයි. සම්‍යග්ඥාන ඇතියේ වෙයි. සම්‍යග්විමුක්ති ඇතියේ වෙයි. වැලිත් අෂ්ටවිධ විමෝක්‍ෂයන් නාමකයින් පැහැසීම් නො කොට වෙසෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණපුණ්ඩරීක වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණපදුමො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු සම්මාදිට්ඨිකො හොති -පෙ- සම්මාවිමුත්තී හොති, අට්ඨ ච විමොක්ඛෙ කායෙන ඵස්සිත්වා විහරති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සමණපදුමො හොති:
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණපද්ම වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වෙයි ... සම්‍යග්විමුක්ති ඇත්තේ වෙයි. අෂ්ටවිධ විමෝක්‍ෂයන් නාමකයින් පැහැස ගෙණ වෙසෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණ පද්ම වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණෙසු සමණසුඛුමාලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යාචිතොව බහුලං චීවරං පරිභුඤ්ජති, අප්පං අයාචිතො -පෙ- යං හි තං භික්ඛවෙ සම්මාවදමානො වදෙය්ය ‘සමණෙසු සමණසුඛුමාලො’ති. මමෙව තං භික්ඛවෙ සම්මා වදමානො වදෙය්ය ‘සමණෙසු සමණසුඛුමාලො’ති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ යදනා ලද්දේ ම සිවුරු බහුල කොට වළඳ කෙරේ. අයාචිත ව අල්පයෙක ... මහණෙනි, මොනොවට බණනුවෙක් ‘ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණසුකුමාර නම් මේ ය’ යි යම් ම කෙනකුන් ගෙණ බෙණේ ද, මහණෙනි, ඒ මොනොවට බණනුයේ ‘ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර නම් මේ ය’ යි මා ම ගෙණ බණන්නේ ය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT4. 2. 4. 10.
Sinhala BJT4. 2. 4. 10.
Pali BJT[සමණමචල - ඛන්ධසුත්තං]
Sinhala BJT[සමාණමචල - ඛන්‍ධ සූත්‍රය]
Pali BJT40. චත්තාරො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT40. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:
Pali BJTසමණමචලො, සමණපුණ්ඩරීකො, සමණපදුමො, සමණෙසු සමණසුඛුමාලො.
Sinhala BJTශ්‍රමණාචලය, ශ්‍රමණපුණ්ඩරීකය, ශ්‍රමණපද්ම ය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර යි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණමචලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු සෙඛො හොති අප්පත්තමානසො, අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානො විහරති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සමණමචලො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණාචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ශෛක්‍ෂ වූයේ නො පත් රහත්ඵල ඇත්තේ අනුත්තරයෝගක්‍ෂේමය ඉස්මින් වෙසේ. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණාචල (=ප්‍රමාදවිහාරීශෛක්‍ෂ) වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණපුණ්ඩරීකො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු පඤ්චසුපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සී විහරති: ඉති රූපං ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථගමො. ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථගමො. ඉති සඤ්ඤා ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථගමො, ඉති සඞ්ඛාරා ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථගමො, ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථගමොති. නො ච ඛො අට්ඨවිමොක්ඛෙ කායෙන ඵස්සිත්වා{1} විහරති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සමණපුණ්ඩරීකො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණපුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්චඋපාදානස්කන්‍ධයෙහි උදා විය දක්නා සුලු ව වෙසේ: රූපය මෙසේ ය, රූපයාගේ සමුදය මෙසේ ය, රූපයාගේ අස්තඞ්ගමය මෙසේ ය, වේදනා මෙසේ ය ... සංඥා මෙසේ ය ... සංස්කාර මෙසේ ය ... විඥාන මෙසේ ය, විඥානසමුදය මෙසේ ය, විඥාන අස්තඞ්ගමය මෙසේ ය කියායි. අෂ්ටවිධ විමෝක්‍ෂයන් නාමකයින් නො පැහැසැ ගෙණ වෙසෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණපුණ්ඩරීක (=අප්‍රමාදවිහාරීශෛක්‍ෂ) වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණපදුමො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු පඤ්චසුපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සී විහරති: ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථගමො. ඉති වෙදනා -පෙ- ඉති සඤ්ඤා -පෙ- ඉති සඞ්ඛාරා -පෙ- ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථගමොති. අට්ඨ ච විමොක්ඛෙ කායෙන ඵස්සිත්වා විහරති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සමණපදුමො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණපද්ම වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්චෝපාදානස්කන්‍ධයෙහි උදා - විය දක්නා සුලුව වෙසෙයි: රූපය මෙසේ ය, රූපසමුදය මෙසේ ය, රූපයාගේ අස්තඞ්ගමය මෙසේ ය, වේදනා මෙසේ ය ... සංඥා මෙසේ ය ... සංස්කාර මෙසේ ය ... විඥාන මෙසේ ය, විඥානසමුදය මෙසේ ය, විඥාන අස්තඞ්ගමය මෙසේ ය කියා යි. අෂ්ටවිධවිමෝක්‍ෂයන් නාමකයින් පැහැසැ ගෙණ වෙසේ. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණපද්ම (=අෂ්ටවිමෝක්‍ෂාලාභිශෛක්‍ෂ) වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණෙසු සමණසුඛුමාලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යාචිතොව බහුලං චීවරං පරිභුඤ්ජති, අප්පං අයාචිතො -පෙ- යං හි තං භික්ඛවෙ සම්මා වදමානො වදෙය්ය ‘සමණෙසු සමණසුඛුමාලො’ති. මමෙව තං භික්ඛවෙ සම්මා වදමානො වදෙය්ය ‘සමණෙසු සමණසුඛුමාලො’ති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ යාචිත වූයේ ම සිවුරු බහුල කොට වළඳයි. අයාචිතව අල්පයෙක ... මහණෙනි, මොනොවට බණනුයේ ‘ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර (=ක්‍ෂීණාස්‍රව) නම් මේ ය’ යි යම් ම කෙනකුන් ගෙණ බෙණේ ද, මහණෙනි, මොනොවට බණනුයේ ‘ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර නම් මේ ය’ යි මා ම ගෙණ බණන්නේය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJTමචලවග්ගො චතුත්ථො.
Sinhala BJTමචලවර්‍ගය සතරවෙනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTපාණාතිපාතො ච මුසා අවණ්ණකොධතමොනතා, පුත්තො සඤ්ඤොජනං චෙව දිට්ඨිඛන්ධෙන තෙ දසාති.
Sinhala BJTපාණාතිපාතසූත්‍රය, මුසාවාදසූත්‍රය, වර්‍ණසූත්‍රය, කෝධසූත්‍රය, තමෝතමපරායනසූත්‍රය, ඔනතසූත්‍රය, පුත්තසූත්‍රය, සංයොජනසූත්‍රය, දිට්ඨිසූත්‍රය, ඛන්‍ධසූත්‍රය යි සූත්‍ර දශයෙකි.
Pali BJT5. අසුරවග්ගො
Sinhala BJT5. අසුර වර්‍ගය
Pali BJT4. 2. 5. 1.
Sinhala BJT4. 2. 5. 1.
Pali BJT[අසුරසුත්තං]
Sinhala BJT[අසුර සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT41. චත්තාරො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT41. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅසුරො අසුරපරිවාරො, අසුරො දෙවපරිවාරො, දෙවො අසුරපරිවාරො, දෙවො දෙවපරිවාරො.
Sinhala BJTඅසුරසදෘශ අසුරපරිවාරය, අසුරසදෘශ දේවපරිවාරය, දේවසදෘශ අසුරපරිවාරය, දේවසදෘශ දේවපරිවාර යි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො අසුරො හොති අසුරපරිවාරො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො දුස්සීලො හොති පාපධම්මො. පරිසාපිස්ස දුස්සීලා හොති පාපධම්මා. එවං ඛො භික්ඛවෙ පුග්ගලො අසුරො හොති අසුරපරිවාරො.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල අසුරසදෘශ අසුරපරිවාර වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි. ලමුදහම් ඇතියේ වෙයි. ඔහුගේ පිරිස ද දුශ්ශීල වෙයි. ලමුදහම් ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල අසුරසදෘශ අසුරපරිවාර වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො අසුරො හොති දෙවපරිවාරො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො දුස්සීලො හොති පාපධම්මො, පරිසා ච ඛ්වස්ස හොති සීලවතී කල්යාණධම්මා. එවං ඛො භික්ඛවෙ පුග්ගලො අසුරො හොති දෙවපරිවාරො.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල අසුරසදෘශ දේවපරිවාර වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි. ලමුදහම් ඇතියේ වෙයි. වැලිත් ඔහුගේ පිරිස සිල්වත් වෙයි. කලණදහම් ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල අසුරසදෘශ දේවපරිවාර වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො දෙවො හොති අසුරපරිවාරො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සීලවා හොති කල්යාණධම්මො. පරිසා ච ඛ්වස්ස හොති දුස්සීලා පාපධම්මා. එවං ඛො භික්ඛවෙ පුග්ගලො දෙවො හොති අසුරපරිවාරො.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල දේවසදෘශ අසුරපරිවාර වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වෙයි. කලණදහම් ඇතියේ වෙයි. වැලිත් ඔහුගේ පිරිස දුශ්ශීල වේ. ලමුදහම් ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල දේවසදෘශ අසුරපරිවාර වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො දෙවො හොති දෙවපරිවාරො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සීලවා හොති කල්යාණධම්මො. පරිසා පිස්ස හොති සීලවතී කල්යාණධම්මා. එවං ඛොභික්ඛවෙ පුග්ගලො දෙවො හොති දෙවපරිවාරො.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල දේවසදෘශ දේවපරිවාර වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වෙයි. කලණ දහම් ඇතියේ වෙයි. ඔහුගේ පිරිස ද සිල්වත් වෙයි. කලණදහම් ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල දේවසදෘශ දේවපරිවාර වේ.