Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3701-3800 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයස්මිං භික්ඛවෙ සමයෙ රාජානො ධම්මිකා හොන්ති, රාජයුත්තාපි තස්මිං සමයෙ ධම්මිකා හොන්ති. රාජායුත්තෙසු ධම්මිකෙසු බ්රාහ්මණගහපතිකාපි තස්මිං සමයෙ ධම්මිකා හොන්ති. බ්රාහ්මණගහපතිකෙසු ධම්මිකෙසු නෙගමජානපදාපි තස්මිං සමයෙ ධම්මිකා හොන්ති. නෙගමජානපදෙසු ධම්මිකෙසු සමං චන්දිමසුරියා පරිවත්තන්ති. සමං චන්දිමසුරියෙසු පරිවත්තන්තෙසු සමං නක්ඛත්තානි තාරකරූපානි පරිවත්තන්ති. සමං නක්ඛත්තෙසු තාරකරූපෙසු පරිවත්තන්තෙසු සමං රත්තින්දිවා පරිවත්තන්ති. සමං රත්තින්දිවෙසු පරිවත්තන්තෙසු සමං මාසද්ධමාසා පරිවත්තන්ති. සමං මාසද්ධමාසෙසු පරිවත්තන්තෙසු සමං උතුසංවච්ඡරා පරිවත්තන්ති. සමං උතුසංවච්ඡරෙසු පරිවත්තන්තෙසු සමං{2} වාතා වායන්ති. සමා පඤ්ජසා. සමං{2} වාතෙසු වායන්තෙසු සමෙසු පඤ්ජසෙසු දෙවතා අපරිකුපිතා භවන්ති. දෙවතාසු අපරිකුපිතාසු දෙවො සම්මා ධාරං අනුප්පවෙච්ඡති. දෙවෙ සම්මා ධාරං අනුප්පවෙච්ඡන්තෙ සමපාකීනි සස්සානි භවන්ති. සමපාකීනි භික්ඛවෙ සස්සානි මනුස්සා පරිභුඤ්ජන්තා දීඝායුකා ච හොන්ති වණ්ණවන්තො ච බලවන්තො ච අප්පාබාධා චා’ති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක රජදරුවෝ ධාර්මික වෙත් ද, එසමයෙහි රාජපුරුෂයෝ ද ධාර්මික වෙත්. රාජපුරුෂයන් ධාර්මික වූකල බ්‍රාහ්මණ ගෘහපතීහු ද ධාර්මික වෙත්. බ්‍රාහ්මණ ගෘහපතීන් ධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද ධාර්මික වෙත්. නිගම ජනපද වාසීන් ධාර්මික වූ කල සඳහිරු දෙදෙනා සමව පවතිත්. සම ව සඳ හිරු දෙදෙනා පවත්නා කල නක්‍ෂත්‍ර තාරකාරූපයෝ සම ව පවතිත්. සම ව නක්‍ෂත්‍ර තාරකා රූපයන් පවත්නා කල දව රෑ සමව පවතී. සම ව දව රෑ පවත්නා කල මසඩමස් සම ව පවතියි. සම ව මසඩමස් පවත්නා කල ඍතු සංවත්සර සම ව පවතී. සම ව ඍතු සංවත්සර පවත්නා කල අවිෂම වූ නිසි මග ගත් වාතයෝ සම ව හමත්. අවිෂම වූ නිසි මග ගත් වාත සම ව හමන කල දේවතාවෝ ප්‍රකුපිත නො වෙත්. දේවතාවන් ප්‍රකුපිත නො වූ කල වර්‍ෂා සම්‍යක් ධාරායෙන් වස්නේ ය. වර්‍ෂා සම්‍යක් ධාරායෙන් වස්නා කල ශස්‍ය ඵලයෝ සමපාකී වෙත්. මහණෙනි, මිනිස්සු සමපාකී ශස්‍ය ඵලයන් වළඳ කරන්නාහු දීර්‍ඝායුෂ්ක ද වෙති. වර්‍ණවත් ද වෙති. බලවත් ද වෙති. අල්පාබාධත් වෙති.
Pali BJT54. ගුන්නං චෙ තරමානානං ජිම්හං ගච්ඡති පුඞ්ගවො, සබ්බා තා ජිම්හං ගච්ඡන්ති නෙත්තෙ ජිම්හං ගතෙ සති.
Sinhala BJT54. තරණය කරණ ගොනුන් අතුරෙහි පුඞ්ගවයා කුටිල ව යේ නම් ඒ නායක ගවයා කුටිලව ගිය කල්හි සෙසු හැම ගවයෝ කුටිල ව යෙත්.
Pali BJT55. එවමෙව මනුස්සෙසු යො හොති සෙට්ඨසම්මතො, සො චෙ අධම්මං චරති පගෙව ඉතරා පජා, සබ්බං රට්ඨං දුඛං සෙති රාජා චෙ හොතධම්මිකො.
Sinhala BJT55. එපරිදි ම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨ සම්මත වේ නම් හෙ ම අධර්‍ම කෙරේ නම් ඉතිරි ප්‍රජාව කැලමය. රජ නො දැහැමි වේ නම් මුළු රට දුඃඛිත වේ.
Pali BJT56. ගුන්නං චෙ තරමානානං උජුං ගච්ඡති පුඞ්ගවො, සබ්බා තා උජු ගච්ඡන්ති නෙත්තෙ උජුගතෙ සති.
Sinhala BJT56. තරණය කරණ ගොනුන් අතුරෙහි පුඞ්ගවයා අකුටිල ව යේ නම් නායකයා ඍජු ව යත් ම ඒ හැම ගවයෝ ඍජුව යෙත්.
Pali BJT57. එවමෙව මනුස්සෙසු යො හොති සෙට්ඨසම්මතො, සො චෙව{1} ධම්මං චරති පගෙව ඉතරා පජා, සබ්බං රට්ඨං සුඛං සෙති, රාජා චෙ හොති ධම්මිකොති.
Sinhala BJT57. එපරිදි ම මිනිසුන් කෙරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨ සම්මත වේ ද, හෙ ද දහම් පුරා නම්, ඉතිරි ප්‍රජාව කැලම ය. රජ ධාර්මික වේ නම් මුළු රට සුඛිත වෙයි.
Pali BJTපත්තකම්මවග්ගො දුතියො.
Sinhala BJTපත්තකම්ම වර්‍ගය දෙවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTපත්තකම්මං අනණකො සබ්රහ්ම නිරයා රූපෙන පඤ්චමං, සරාග අහිනා දෙවදත්තො පධානං අධම්මිකෙන චා’ති.
Sinhala BJTපත්තකම්ම සූත්‍රය, අනණ සූත්‍රය, සබ්‍රහ්ම සූත්‍රය, නිරය සූත්‍රය, පස්වන රූප සූත්‍රය, සරාග අභි සූත්‍ර දෙකය, දේවදත්ත සූත්‍රය, පධාන සූත්‍රය, අධම්මික සූත්‍රය සමග දශය යි.
Pali BJT3. අපණ්ණකවග්ගො
Sinhala BJT3. අපණ්ණක වර්‍ගය
Pali BJT4. 2. 3. 1.
Sinhala BJT4. 2. 3. 1.
Pali BJT[පධාන-අපණ්ණක පටිපදාසුත්තං]{*}
Sinhala BJT[පධාන - අපණ්ණකපටිපදා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT21. චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අපණ්ණකතං{1} පටිපදං පටිපන්නො හොති. යොනි චස්ස ආරද්ධා හොති. ආසවානං ඛයාය. කතමෙහි චතූහි?
Sinhala BJT21. මහණෙනි, සතර දහමෙකින් සමන්‍වාගත මහණ අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. අර්‍හත්ත්‍වය පිණිස කරුණු ද ඔහුට සම්පූර්‍ණ වෙයි. කවර සතර දහමින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති, බහුස්සුතො හොති, ආරද්ධවිරියො හොති, පඤ්ඤවා හොති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි. බහුශ්‍රුත වෙයි. රුකුළු වැර ඇතියේ වෙයි. පැණැතියේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අපණ්ණකතං පටිපදං පටිපන්නො හොති, යොනි චස්ස ආරද්ධා හොති, ආසවානං ඛයායාති.
Sinhala BJTමහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත මහණ අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. අර්‍හත්ත්‍වය පිණිස ඔහු විසින් හේතු ද ආරද්ධ වෙයි.
Pali BJT4. 2. 3. 2.
Sinhala BJT4. 2. 3. 2.
Pali BJT[දිට්ඨි-අපණ්ණක පටිපදාසුත්තං]
Sinhala BJT[දිට්ඨි - අපණ්ණකපටිපදා සූත්‍රය]
Pali BJT22. චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අපණ්ණකතං{1} පටිපදං පටිපන්නො හොති. යොනි චස්ස ආරද්ධා හොති ආසවානං ඛයාය. කතමෙහි චතූහි?
Sinhala BJT22. මහණෙනි, සතර දහමෙකින් සමන්‍වාගත මහණ අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. අර්‍හත්ත්‍වය පිණිස හේතු ද ඔහු විසින් ආරද්ධ වෙයි. කවර සතර දහමින යත්:
Pali BJTනෙක්ඛම්මවිතක්කෙන, අව්යාපාදවිතක්කෙන, අවිහිංසාවිතක්කෙන, සම්මාදිට්ඨියා.
Sinhala BJTනෛෂ්ක්‍රම්‍ය විතර්‍කයෙන, අව්‍යාපාද විතර්‍කයෙන, අවිහිසංසා විතර්‍කයෙන, සම්‍යග්දෘෂ්ටියෙනැ යි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අපණ්ණකතං පටිපදං පටිපන්නො හොති, යොනි චස්ස ආරද්ධා හොති ආසවානං ඛයායාති.
Sinhala BJTමහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත මහණ අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. අර්‍හත්ත්‍වය පිණිස හේතු ද ඔහු විසින් ආරද්ධ වෙයි.
Pali BJT4. 2. 3. 3.
Sinhala BJT4. 2. 3. 3.
Pali BJT[අසප්පුරිස-වධුකාසුත්තං]
Sinhala BJT[අසප්පුරිස - වධුකා සූත්‍රය]
Pali BJT23. චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො අසප්පුරිසො වෙදිතබ්බො. කතමෙහි චතූහි?
Sinhala BJT23. මහණෙනි, සතර දහමෙකින් සමන්‍වාගත වූයේ අසත්පුරුෂය යි දතයුතු ය. කවර සතර දහමින යත්:
Pali BJTඉධ භික්ඛවෙ අසප්පුරිසො යො හොති පරස්ස අවණ්ණො, තං අපුට්ඨොපි පාතුකරොති, කො පන වාදො පුට්ඨස්ස. පුට්ඨො ඛො පන පඤ්හාභිනීතො අහාපෙත්වා අලම්බෙත්වා{2} පරිපූරං විත්ථාරෙන පරස්ස අවණ්ණං භාසිතා හොති. වෙදිතබ්බමෙතං භික්ඛවෙ අසප්පුරිසො අයං භවන්ති.
Sinhala BJTමහණෙනි, මෙලොව්හි අසත්පුරුෂ මෙරමාගේ යම් අගුණයෙක් ඇත් ද, එය නො පුළුවුස්නා ලද්දේත් පහළ කෙරෙයි. පුළුවුස්නා ලද්දහු පිළිබඳ ව කවර කථාය. පුළුවුස්නා ලද්දේ ප්‍රශ්න පිණිස එළවන ලදුව නො පිරිහෙළා නො වසා පරිපූර්‍ණ කොට විස්තර විසින් මෙරමාගේ නුගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් අසත්පුරුෂය යි තෙල දත යුතුය.
Pali BJTපුන චපරං භික්ඛවෙ අසප්පුරිසො යො හොති පරස්ස වණ්ණො, තං පුට්ඨො’පි න පාතුකරොති. කො පන වාදො අපුට්ඨස්ස. පුට්ඨො ඛො පන පඤ්හාභිනීතො හාපෙත්වා ලම්බෙත්වා අපරිපූරං අවිත්ථාරෙන පරස්ස වණ්ණං භාසිතා හොති. වෙදිතබ්බමෙතං භික්ඛවෙ අසප්පුරිසො අයං භවන්ති.
Sinhala BJTතවද මහණෙනි, අසත්පුරුෂ මෙරමාගේ යම් ගුණෙයෙක් ඇත් ද, එය විචාරණ ලදුයේත් පාළ නො කෙරෙයි. නො විචාරණ ලද්දහු පිළිබඳ ව කවර කථාය. විචාරණ ලද්දේ ප්‍රශ්න පිණිස එළවන ලද්දේ පිරිහෙළා වසා අපරිපූර්‍ණ කොට, නො විතරින් මෙරමාගේ ගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් අසත්පුරුෂය යි තෙල දත යුතුය.
Pali BJTපුන චපරං භික්ඛවෙ අසප්පුරිසො යො හොති අත්තනො අවණ්ණො, තං පුට්ඨොපි න පාතුකරොති කො පන වාදො අපුට්ඨස්ස. පුට්ඨො ඛො පන පඤ්හාභිනීතො හාපෙත්වා ලම්බෙත්වා අපරිපූරං අවිත්ථාරෙන අත්තනො අවණ්ණං භාසිතා හොති. වෙදිතබ්බමෙතං භික්ඛවෙ අසප්පුරිසො අයං භවන්ති.
Sinhala BJTතවද මහණෙනි, අසත්පුරුෂ තමාගේ යම් අගුණයෙක් ඇත් ද, එය පුළුවුස්නා ලද්දේත් පාළ නො කෙරෙයි. නොපුළුවුස්නා ලද්දහු පිළිබඳ ව කවර කථාය. පුළුවුස්නා ලද්දේ ප්‍රශ්නයට කැඳවන ලද්දේ පිරිහෙළා වසා අපරිපූර්‍ණ කොට නො විතර විසින් තමාගේ නුගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් අසත්පුරුෂය යි තෙල දත යුතුය.
Pali BJTපුන චපරං භික්ඛවෙ අසප්පුරිසො යො හොති අත්තනො වණ්ණො, තං අපුට්ඨොපි පාතුකරොති, කො පන වාදො පුට්ඨස්ස. පුට්ඨො ඛො පන පඤ්හාභිනීතො අහාපෙත්වා අලම්බෙත්වා පරිපූරං විත්ථාරෙන අත්තනො වණ්ණං භාසිතා හොති. වෙදිතබ්බමෙතං භික්ඛවෙ අසප්පුරිසො අයං භවන්ති.
Sinhala BJTතව ද මහණෙනි, අසත්පුරුෂ තමාගේ යම් ගුණෙයෙක් ඇත් ද, එය නො විචාරණ ලද්දේත් පහළ කෙරෙයි. විචාරණ ලද්දහු පිළිබඳ ව කවර කථාය. පුළුවුස්නා ලද්දේ ප්‍රශ්නයට පෙරට ගන්නා ලද්දේ නො පිරිහෙළා නො වසා පරිපූර්‍ණ කොට විස්තර විසින් තමාගේ ගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් අසත්පුරුෂ ය යි තෙල දත යුතුය.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො අසප්පුරිසො වෙදිතබ්බො.
Sinhala BJTමහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත වූයේ අසත්පුරුෂ යයි දත යුතුයි.
Pali BJTචතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො සප්පුරිසො වෙදිතබ්බො. කතමෙහි චතූහි?
Sinhala BJTමහණෙනි, සතර දහමෙකින් සමන්‍වාගත වූයේ සත්පුරුෂ ය යි දත යුතුය. කවර සතර දහමින යත්:
Pali BJTඉධ භික්ඛවෙ සප්පුරිසො යො හොති පරස්ස අවණ්ණො, තං පුට්ඨොපි න පාතුකරොති, කො පන වාදො අපුට්ඨස්ස. පුට්ඨො ඛො පන පඤ්හාභිනීතො හාපෙත්වා ලම්බෙත්වා අපරිපූරං අවිත්ථාරෙන පරස්ස අවණ්ණං භාසිතා හොති. වෙදිතබ්බමෙතං භික්ඛවෙ සප්පුරිසො අයං භවන්ති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි සත්පුරුෂ මෙරමාගේ යම් අගුණයෙක් ඇත් ද, එය විචාරණ ලද්දේත් පහළ නො කෙරෙයි. නො විචාරණ ලද්දහු පිළිබඳ ව කවර කථාය. විචාරණ ලද්දේ ප්‍රශ්නයට පෙරට ගන්නා ලද්දේ පිරිහෙළා වසා අපරිපූර්‍ණ කොට නො විතර විසින් මෙරමාගේ නුගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් සත්පුරුෂය යි තෙල දතයුතුය.
Pali BJTපුන චපරං භික්ඛවෙ සප්පුරිසො යො හොති පරස්ස වණ්ණො, තං අපුට්ඨොපි පාතුකරොති, කො පන වාදො පුට්ඨස්ස. පුට්ඨො ඛො පන පඤ්හාභිනීතො අහාපෙත්වා අලම්බිත්වා පරිපූරං විත්ථාරෙන පරස්ස වණ්ණං භාසිතා හොති. වෙදිතබ්බමෙතං භික්ඛවෙ සප්පුරිසො අයං භවන්ති.
Sinhala BJTතවද මහණෙනි, සත්පුරුෂ මෙරමාගේ යම් ගුණයෙක් ඇත් ද, එය නො විචාරණ ලද්දේත් පහළ කෙරෙයි. විචාරණ ලද්දහු පිළිබඳ ව කවර කථාය. විචාරණ ලද්දේ ප්‍රශ්නයට ඉදිරිපත් කරණ ලද්දේ නො පිරිහෙළා නො වසා පරිපූර්‍ණ කොට විස්තර විසින් මෙරමාගේ ගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් සත්පුරුෂ ය යි තෙල දතයුතුය.
Pali BJTපුන චපරං භික්ඛවෙ සප්පුරිසො යො හොති අත්තනො අවණ්ණො, තං අපුට්ඨොපි පාතු කරොති, කො පන වාදො පුට්ඨස්ස. පුට්ඨො ඛො පන පඤ්හාභිනීතො අහාපෙත්වා අලම්බෙත්වා පරිපූරං විත්ථාරෙන අත්තනො අවණ්ණං භාසිතා හොති. වෙදිතබ්බමෙතං භික්ඛවෙ සප්පුරිසො අයං භවන්ති.
Sinhala BJTතවද මහණෙනි, සත්පුරුෂ තමාගේ යම් අගුණයෙක් ඇත් ද, එය නො විචාරණ ලදුවත් පහළ කෙරෙයි. විචාරණ ලද්දහු පිළිබඳ ව කවර කථාය. විචාරණ ලද්දේ ප්‍රශ්නයට නඟාගන්නා ලද්දේ නො පිරිහෙළා නො වසා පරිපූර්‍ණ කොට විස්තර විසින් තමාගේ අගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් සත්පුරුෂය යි තෙල දතයුතුය.
Pali BJTපුන චපරං භික්ඛවෙ සප්පුරිසො යො හොති අත්තනො වණ්ණො, තං පුට්ඨොපි න පාතුකරොති, කො පන වාදො අපුට්ඨස්ස. පුට්ඨො ඛො පන පඤ්හාභිනීතො හාපෙත්වා ලම්බෙත්වා අපරිපූරං අවිත්ථාරෙන අත්තනො වණ්ණං භාසිතා හොති. වෙදිතබ්බමෙතං භික්ඛවෙ සප්පුරිසො අයං භවන්ති.
Sinhala BJTතවද මහණෙනි, සත්පුරුෂ තමාගේ යම් ගුණයෙක් ඇත් ද, එය විචාරණ ලද්දේත් පහළ නො කෙරෙයි. නො විචාරණ ලද්දහු පිළිබඳ ව කවර කථාය. විචාරණ ලද්දේ ප්‍රශ්නයට මතු කොට ගන්නා ලද්දේ පිරිහෙළා වසා අපරිපූර්‍ණ කොට නො විතර විසින් තමාගේ ගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් සත්පුරුෂය යි තෙල දත යුතුය.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො සප්පුරිසො වෙදිතබ්බො.
Sinhala BJTමහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත වූයේ සත්පුරුෂ යයි දත යුතුයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ වධුකා යඤ්ඤදෙව රත්තිං වා දිවසං{1} වා ආනීතා හොති. තාවදෙවස්සා තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හොති සස්සුයාපි සසුරෙපි සාමිකෙපි අන්තමසො දාසකම්මකරපොරිසෙසු. සා අපරෙන සමයෙන සංවාසමන්වාය විස්සාසමන්වාය සස්සුම්පි සසුරම්පි සාමිකම්පි එවමාහ : අපෙථ, කිං පන තුම්හෙ ජානාථාති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි වධුකාවක් (අලුත විවාපත් කතක්) යම් ම රැයෙක හෝ දවසෙක හෝ කැඳවා ගෙණෙන ලදු වූ ද, ආ අලුත ඇයට නැන්දණියන් කෙරෙහි දු මයිලනුවන් කෙරෙහි දු සමුනන් කෙරෙහි දු යටත් පිරිසෙයින් දස්කම්කරුපුරිස් කෙරෙහි දු තියුණු විලිබිය එළඹ සිටියේ වෙයි. ඕ පසුකල සහවාසයට ගොස් විශ්වාසයට ගොස් නැන්දණියනට ද මයිලනුවනට ද සමුනනට ද මෙසේත් කියයි: ඉවත යා, තෙපි කුමක් දන්නාව යි.
Pali BJTඑවමෙවං ඛො භික්ඛවෙ ඉධෙකච්චො භික්ඛු යඤ්ඤදෙව රත්තිං වා දිවසං වා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, තාවදෙවස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හොති භික්ඛූසු භික්ඛුනීසු උපාසකෙසු උපාසිකාසු අන්තමසො ආරාමිකසමණුද්දෙසෙසු. සො අපරෙන සමයෙන සංවාසමන්වාය විස්සාසමන්වාය ආචරියම්පි උපජ්ඣායම්පි එවමාහ : අපෙථ කිං පන තුම්හෙ ජානාථාති.
Sinhala BJTමහණෙනි, එපරිදි ම මෙසස්නෙහි කිසි මහණෙක් යම් ම රැයෙක වේවයි දවසෙක වේවයි ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, එකෙණෙහි ම ඕහට භික්‍ෂූන් කෙරෙහි භික්‍ෂුණීන් කෙරෙහි උපාසකයන් කෙරෙහි උපාසිකාවන් කෙරෙහි යටත් පිරිසෙයින් ආරාමික සමණුද්දේසයන් කෙරෙහිත් තියුණු හිරිඔතප් එළඹුනේ වෙයි. හේ මෑත කාලයෙක සහවාසයට එළඹ විශ්වාසයට එළඹ ඇදුරනටත් උවදෑවනටත් මෙසේ ද කියයි: පහවව, තෙපි කුමක් දන්නාව යි.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං : අධුනාගතවධුකාසමෙන චෙතසා විහරිස්සාමාති. එවංහි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය. “අලුත ආ වධුකාවකගේ සිතට බඳු සිතින් වසම්හ” යි. මහණෙනි, තොප මෙසේ හික්මෙන්නේ ය.
Pali BJT4. 2. 3. 3.
Sinhala BJT4. 2. 3. 4.
Pali BJT[පඨමඅග්ගසුත්තං]
Sinhala BJT[පඨම අග්ග සූත්‍රය]
Pali BJT24. චත්තාරිමානි භික්ඛවෙ අග්ගානි. කතමානි චත්තාරි?
Sinhala BJT24. මහණෙනි, මේ අග්‍රයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTසීලග්ගං සමාධග්ගං{1}, පඤ්ඤග්ගං, විමුත්තග්ගං.
Sinhala BJTශීලාග්‍රය, සමාධ්‍යග්‍රය, ප්‍රඥාග්‍රය, විමුක්ත්‍යග්‍ර යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි අග්ගානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර අග්‍රයෝ යි.
Pali BJT4. 2. 3. 5.
Sinhala BJT4. 2. 3. 5.
Pali BJT[දුතියඅග්ගසුත්තං]
Sinhala BJT[දුතිය අග්ග සූත්‍රය]
Pali BJT25. චත්තාරිමානි භික්ඛවෙ අග්ගානි. කතමානි චත්තාරි?
Sinhala BJT25. මහණෙනි, මේ අග්‍රයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTරූපග්ගං, වෙදනාග්ගං, සඤ්ඤග්ගං, භවග්ගං.
Sinhala BJTරූපාග්‍රය, වේදනාග්‍රය, සංඥාග්‍රය, භවාග්‍ර යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි අග්ගානීනි.
Sinhala BJTමහණෙනි, මේ සතර අග්‍රයෝ යි.
Pali BJT4. 2. 3. 6.
Sinhala BJT4. 2. 3. 6.
Pali BJT[කුසිනාරාසුත්තං]
Sinhala BJT[කුසිනාරා සූත්‍රය]
Pali BJT26. එකං සමයං භගවා කුසිනාරායං විහරති උපවත්තනෙ මල්ලානං සාලවනෙ, අන්තරෙන යමකසාලානං පරිනිබ්බාණසමයෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච :
Sinhala BJT26. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් වදනා සෙමෙහි කුසිනාරා නුවර උපවත්තන නම් වූ මල්‍යරජුන්ගේ සල්උයනෙහි යමකශාලයන් අතර වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක: ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවත්හට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTසියා ඛො පන භික්ඛවෙ එකභික්ඛුස්සපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා, පුච්ඡථ භික්ඛවෙ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ “සම්මුඛීභූතො නො සත්ථා අහොසි, නාසක්ඛිම්හ භගවන්තං සම්මුඛා පටිපුච්ඡිතුන්ති”. එවං වුත්තෙ තෙ භික්ඛූ තුණ්හී අහෙසුං.
Sinhala BJTමහණෙනි, එක් මහණක්හට දු බුදුන් කෙරෙහි වේවයි දහම් කෙරෙහි වේවයි සඟුන් කෙරෙහි වේවයි මාර්‍ගය කෙරෙහි වේවයි පිළිවෙත කෙරෙහි වේවයි විචිකිච්ඡායෙක් හෝ විමතියෙක් හෝ ඇත් ද, මහණෙනි, පුළුවුස්ව. “අපට ශාස්තෘන් වහන්සේ සම්මුඛ වූහ. හමුයෙහි ලා බුදුන් පුළුවුස්නට නොහැකිවූම්හ” යි පසුව විපිළිසර නොවා යි. මෙසේ වදාළ කල්හි ඒ මහණහු නිශ්ශබ්ද වූහු.
Pali BJTදුතියම්පි ඛො භගවා භික්ඛූ ආමන්තෙසි : සියා ඛො පන භික්ඛවෙ එකභික්ඛුස්සපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා, පුච්ඡථ භික්ඛවෙ, මා පච්ඡා විප්පටිසාරිනො “අහුවත්ථ සම්මුඛීභූතො නො සත්ථා අහොසි, නාසක්ඛිම්හ භගවන්තං සම්මුඛා පටිපුච්ඡිතුන්ති”. දුතියම්පි ඛො තෙ භික්ඛූ තුණ්හී අහෙසුං.
Sinhala BJTදෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, එක් මහණක්හටත් බුදුන් කෙරෙහි වේවයි, දහම් කෙරෙහි වේවයි, සඟුන් කෙරෙහි වේවයි, මාර්‍ගය කෙරෙහි වේවයි, පිළිවෙත කෙරෙහි වේවයි, විචිකිච්ඡායෙක් හෝ සැකයෙක් හෝ ඇත් ද, මහණෙනි, පුළුවුස්ව. “අපට ශාස්තෘන් වහන්සේ සම්මුඛ වූහ. හමුයෙහි දී බුදුන් පුළුවුස්නට නොහැකි වූම්හ” යි පසුව විපිළිසර නොවා යි. දෙවනවටත් ඒ මහණහු නිශ්ශබ්ද වූහු.
Pali BJTතතියම්පි ඛො භගවා භික්ඛූ ආමන්තෙසි : සියා ඛො පන භික්ඛවෙ එකභික්ඛුස්සපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා, පුච්ඡථ භික්ඛවෙ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ “සම්මුඛීභූතො නො සත්ථා අහොසි, නාසක්ඛිම්හ භගවන්තං සම්මුඛා පටිපුච්ඡිතුන්ති”. තතියම්පි ඛො තෙ භික්ඛූ තුණ්හී අහෙසුං.
Sinhala BJTතෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, එක් මහණක්හටත් බුදුන් කෙරෙහි වේවයි, දහම් කෙරෙහි වේවයි, සඟුන් කෙරෙහි වේවයි, මාර්‍ගය කෙරෙහි වේවයි, පිළිවෙත කෙරෙහි වේවයි, විචිකිච්ඡායෙක් හෝ විමතියෙක් හෝ ඇත් ද, මහණෙනි, පුළුවුස්ව. “ශාස්තෘන් වහන්සේ අපට සම්මුඛ වූහ. හමුයෙහි දී බුදුන් පුළුවුස්නට නොහැකි වූම්හ” යි පසුව විපිළිසර නොවව යි. තෙවනවටත් ඒ භික්‍ෂූහු නිහඬ වූහු.
Pali BJTඅථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි : සියා ඛො පන භික්ඛවෙ සත්ථුගාරවෙනාපි න පුච්ඡෙය්යාථ, සහායකොපි භික්ඛවෙ සහායකස්ස ආරොචෙතූති. එවං වුත්තෙ තෙ භික්ඛූ තුණ්හී අහෙසුං.
Sinhala BJTඑක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, ශාස්තෘගෞරවයෙනුත් නොපුළුවුස්නහු නම්, මහණෙනි, යහළුවකු යහළුවකුට කියන්නේය යි වදාළහ. මෙසේ වදාළ කල්හිත් ඒ භික්‍ෂූහු නිශ්ශබ්ද වූහු.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච : අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ. එවං පසන්නො අහං භන්තෙ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, නත්ථි ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ එකභික්ඛුස්සපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වාති.
Sinhala BJTඑසඳ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, ආශ්චර්‍ය්‍යය, වහන්ස, අද්භූතය, වහන්ස, මම මේ බික්සඟුන් කෙරෙහි මෙසේ හදහමි. “මේ බික්සඟුන් කෙරෙහි එක් මහණක්හට ද බුදුන් කෙරෙහි වේවයි, දහම් කෙරෙහි වේවයි, සඟුන් කෙරෙහි වේවයි, මාර්‍ගය කෙරෙහි වේවයි, පිළිවෙත කෙරෙහි වේවයි, විචිකිච්ඡායෙක් හෝ විමතියෙක් හෝ නැතැ”යි.
Pali BJTපසාදා ඛො ත්වං ආනන්ද වදෙසි. ඤාණමෙව{1} හෙත්ථ ආනන්ද තථාගතස්ස, නත්ථි ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ එකභික්ඛුස්සපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා.
Sinhala BJTආනන්‍දය, තෝ සැදැහැයෙන් කියහි. ආනන්‍දය, මේ බික්සඟුන් කෙරෙහි එක් මහණක්හටත් බුදුන් කෙරෙහි වේවයි, දහම් කෙරෙහි වේවයි, සඟුන් කෙරෙහි වේවයි, මාර්‍ගය කෙරෙහි වේවයි, පිළිවෙත කෙරෙහි වේවයි, විචිකිච්ඡායෙක් හෝ විමතියෙක් හෝ නැත යනු මෙහි තථාගතයන්ගේ ඥානය මැ වෙයි.
Pali BJTඉමෙසං හි ආනන්ද පඤ්චන්නං භික්ඛුසතානං යො පච්ඡිමකො භික්ඛු, සො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති.
Sinhala BJTආනන්‍දය, මේ පන්සියක් භික්‍ෂූන් අතර යම් හැමට සග මහණෙක් ඇත් ද, හේ සෝවන් වෙයි. අවිනිපාතධර්‍ම ඇත. නියතය, සම්බෝධිපරායන යි.
Pali BJT4. 2. 3. 7.
Sinhala BJT4. 2. 3. 7.
Pali BJT[අචින්තෙය්යසුත්තං]
Sinhala BJT[අචින්තෙය්‍ය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT27. චත්තාරිමානි භික්ඛවෙ අචින්තෙය්යානි න චින්තෙතබ්බානි, යානි චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස. කතමානි චත්තාරි?
Sinhala BJT27. මහණෙනි, යම් කරුණු සිතනුයේ උමතුබවට දුකට හිමි වේ ද, එබඳු වූ සිතන්නට නොයුතු එහෙයින් ම නොසිතියයුතු මේ සතර කරුණුය. කවර සතර කරුණුය යත්:
Pali BJTබුද්ධානං භික්ඛවෙ බුද්ධවිසයො අචින්තෙය්යො න චින්තෙතබ්බො, යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස.
Sinhala BJTමහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේ ද, එබඳු වූ බුදුවරුන් පිළිබඳ බුද්ධවිෂය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය.
Pali BJTඣායිස්ස භික්ඛවෙ ඣානවිසයො අචින්තෙය්යො න චින්තෙතබ්බො, යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස.
Sinhala BJTමහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේද, එබඳු වූ ධ්‍යායීහු පිළිබඳ ධ්‍යානවිෂය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය.
Pali BJTකම්මවිපාකො භික්ඛවෙ අචින්තෙය්යො න චින්තෙතබ්බො, යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස.
Sinhala BJTමහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේද, එබඳු වූ කර්‍මවිපාකය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය.
Pali BJTලොකචින්තා භික්ඛවෙ අචින්තෙය්යා න චින්තෙතබ්බා. යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස.
Sinhala BJTමහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේද, එබඳු වූ ලෝකචින්තාව සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි අචින්තෙය්යානි න චින්තෙතබ්බානි, යානි චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්සාති.
Sinhala BJTමහණෙනි, යම් බඳු කරුණු සිතනුයේ උමතු බවට දුකට හිමි වේ ද, එබඳු වූ සිතන්නට නොයුතු එහෙයින් ම නොසිතිය යුතු මේ සතර කරුණු යි.
Pali BJT4. 2. 3. 8.
Sinhala BJT4. 2. 3. 8.
Pali BJT[දක්ඛිණාවිසුද්ධිසුත්තං]
Sinhala BJT[දක්ඛිණවිසුද්ධි සූත්‍රය]
Pali BJT28. චතස්සො ඉමා භික්ඛවෙ දක්ඛිණාවිසුද්ධියො. කතමා චතස්සො?
Sinhala BJT28. මහණෙනි, මේ දක්‍ෂිණා විශුද්ධීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅත්ථි භික්ඛවෙ දක්ඛිණා දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො. අත්ථි භික්ඛවෙ දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති නො දායකතො. අත්ථි භික්ඛවෙ දක්ඛිණා නෙව දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො. අත්ථි භික්ඛවෙ දක්ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගාහකතො ච.
Sinhala BJTමහණෙනි, දායකයන් මිස පිළිගාවන් (ප්‍රතිග්‍රාහකයන්) කෙරෙන් පිරිසිදු නොවන දක්‍ෂිණායෙක් ඇත. මහණෙනි, පිළිගාවන් මිස දායකයන් කෙරෙන් පිරිසිදු නොවන දක්‍ෂිණායෙක් ඇත. මහණෙනි, දායකයන් කෙරෙන් වේවයි, පිළිගාවන් කෙරෙන් වේවයි පිරිසිදු නො වන දක්‍ෂිණායෙක් ඇත. මහණෙනි, දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු වන දක්‍ෂිණායෙක් ඇත.
Pali BJTකථඤ්ච භික්ඛවෙ දක්ඛිණා දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො? ඉධ භික්ඛවෙ දායකො හොති සීලවා කල්යාණධම්මො, පටිග්ගාහකා හොන්ති දුස්සීලා පාපධම්මා.{1} එවං ඛො භික්ඛවෙ දක්ඛිණා දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් දායකයන් මිස පිළිගාවන් කෙරෙන් පිරිසිදු නො වන දක්‍ෂිණාව වේ ය යත්: මහණෙනි, මෙ ලොව දායක සිල්වත් වෙයි. කලණ දහම් ඇත්තේ වෙයි. පිළිගාවෝ දුසිල් වෙත්, ලමු දහම ඇති වෙත්. මහණෙනි, මෙසේ දායකයන් මිස පිළිගාවත් කෙරෙන් පිරිසිදු නො වන දක්‍ෂිණාව වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති නො දායකතො? ඉධ භික්ඛවෙ දායකො හොති දුස්සීලො පාපධම්මො, පටිග්ගාහකා හොන්ති සීලවන්තො කල්යාණධම්මා. එවං ඛො භික්ඛවෙ දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති නො දායකතො.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පිළිගාවන් මිස දායකයන් කෙරෙන් පිරිසිදු නො වන දක්‍ෂිණාව වේ ය? මහණෙනි, මෙ ලොව දායක දුශ්ශීල වෙයි. පාපධර්‍ම වෙයි. පිළිගාවෝ සිල්වත් වෙති. කලණ දහම් ඇති වෙත්. මහණෙනි, මෙසේ පිළිගාවන් මිස දායකයන් කෙරෙන් පිරිසිදු නොවන දක්‍ෂිණාව වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ දක්ඛිණා නෙව දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො? ඉධ භික්ඛවෙ දායකො හොති දුස්සීලො පාපධම්මො, පටිග්ගාහකාපි හොන්ති දුස්සීලා පාපධම්මා. එවං ඛො භික්ඛවෙ දක්ඛිණා නෙව දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු නො වන දක්‍ෂිණාව වේ ය? මහණෙනි, මෙ ලොව්හි දායක දුශ්ශීල වෙයි. ලමු දහම් ඇති වෙයි. පිළිගාවෝත් දුශ්ශීල වෙත්. ලමු දහම් ඇති වෙති. මහණෙනි, මෙසේ දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු නො වන දක්‍ෂිණාව වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ දක්ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගාහකතො ච? ඉධ භික්ඛවෙ දායකො හොති සීලවා කල්යාණධම්මො, පටිග්ගාහකාපි හොන්ති සීලවන්තො කල්යාණධම්මා. එවං ඛො භික්ඛවෙ දක්ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගාහකතො ච.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු වන දක්‍ෂිණාව වේ ය? මහණෙනි, මෙ ලොව දායක සිල්වත් වෙයි, කලණ දහම් ඇති වෙයි. පිළිගාවෝත් සිල්වත් වෙති, කලණ දහම් ඇති වෙත්. මහණෙනි, මෙසේ දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු වන දක්‍ෂිණාව වෙයි.
Pali BJTඉමා ඛො භික්ඛවෙ චතස්සො දක්ඛිණා විසුද්ධියොති.
Sinhala BJTමහණෙනි, මේ දක්‍ෂිණා විශුද්ධීහු සතර දෙනා වෙති.
Pali BJT4. 2. 3. 9.
Sinhala BJT4. 2. 3. 9.
Pali BJT[වණිජ්ජාසුත්තං]
Sinhala BJT[වණිජ්ජා සූත්‍රය]
Pali BJT29. අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච :
Sinhala BJT29. එකල ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
Pali BJTකො නු ඛො භන්තෙ හෙතු, කො පච්චයො, යෙන මිධෙකච්චස්ස තාදිසාව වණිජ්ජා පයුත්තා ඡෙදගාමිනී හොති? කො පන භන්තෙ හෙතු, කො පච්චයො යෙන මිධෙකච්චස්ස තාදිසාව වණිජ්ජා පයුත්තා න යථාධිප්පායං හොති?
Sinhala BJTවහන්ස, යම් හෙයෙකින් මෙ ලොව ඇතැමකු විසින් එවන් (ප්‍රසිද්ධ) වෙණෙදාමෙක් යොදන ලද්දේ ඡේදගාමී (බිඳෙනසුලු) වේ ද, එයට හේතු කවරේ ය, ප්‍රත්‍යය කවරේය? වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව ඇතැමකු විසින් එවන් වණික්කර්‍මයෙක් පටන්ගන්නා ලද්දේ අදහස් පරිද්දෙන් නො වේ ද, එයට හේතු කවරේ ය, ප්‍රත්‍යය කවරේ ය?
Pali BJTකො නු ඛො භන්තෙ හෙතු, කො පච්චයො යෙන මිධෙකච්චස්ස තාදිසාව වණිජ්ජා පයුත්තා යථාධිප්පායං හොති? කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙන මිධෙකච්චස්ස තාදිසාව වණිජ්ජා පයුත්තා පරාධිප්පායා හොතීති?
Sinhala BJTවහන්ස, යම් හෙයෙකින් මෙ ලොව ඇතැමකු විසින් එවන් (ප්‍රසිද්ධ) වණික්කර්‍මයෙක් පටන් ගන්නා ලද්දේ අදහස් පරිදි වේ ද, එයට හේතු කවරේය? ප්‍රත්‍යය කවරේ ය? වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව ඇතැමකු විසින් එවන් වණික් කර්‍මයෙක් අරඹන ලද්දේ අධිප්‍රායයෙන් අධිකතර (ඵල ඇති) වේ ද, එයට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය?
Pali BJTඉධ සාරිපුත්ත එකච්චො සමණං වා බ්රාහ්මණං වා උපසඞ්කමිත්වා පවාරෙති : වද භන්තෙ පච්චයෙනාති. සො යෙන පවාරෙති, තං න දෙති. සො චෙ තතො චුතො ඉත්ථත්තං ආගච්ඡති. සො යඤ්ඤදෙව වණිජ්ජං පයොජෙති, සාස්ස හොති ඡෙදගාමිනී.
Sinhala BJTශාරීපුත්‍රය, මෙ ලොව ඇතැමෙක් මහණකු කරා හෝ බමුණකු කරා හෝ එළඹ, ‘වහන්ස, ප්‍රත්‍යයයෙන් දන්වන්නේ ය’යි පවරයි. හෙතෙම යමෙකින් පවරා ද ඒ නො දෙයි. හේ ඉන් සැව මේ මිනිස් බවට එ යි නම්, හේ යම් ම වණික්කර්‍මයක් අරඹා ද, ඔහුගේ ඒ කර්‍මය ඡේදගාමී වෙයි.
Pali BJTඉධ පන සාරිපුත්ත එකච්චො සමණං වා බ්රාහ්මණං වා උපසඞ්කමිත්වා පවාරෙති : වද භන්තෙ පච්චයෙනාති. සො යෙන පවාරෙති. තං න යථාධිප්පායං දෙති. සො චෙ තතො චුතො ඉත්ථත්තං ආගච්ඡති, සො යඤ්ඤදෙව වණිජ්ජං පයොජෙති, සාස්ස න හොති යථාධිප්පායා.
Sinhala BJTශාරීපුත්‍රය, මෙ ලොව ඇතැමෙක් මහණකු කරා හෝ බමුණකු කරා හෝ එළඹ, ‘වහන්ස, ප්‍රත්‍යයයෙන් බණව’ යි පවරයි. හේ යමෙකින් පවරා නම් එය අදහස් පරිදි නොදෙයි. හේ ඉන් සැව මේ මිනිස් බවට ආ නම්, හේ යම් ම වෙණෙදාමක් අරඹා ද, ඔහුගේ ඒ වෙණෙදාම අදහස් පරිදි නො වේ.
Pali BJTඉධ පන සාරිපුත්ත එකච්චො සමණං වා බ්රාහ්මණං වා උපසඞ්කමිත්වා පවාරෙති : වද භන්තෙ පච්චයෙනාති. සො යෙන පවාරෙති තං යථාධිප්පායං දෙති. සො චෙ තතො චුතො ඉත්ථත්තං ආගච්ඡති. සො යඤ්ඤදෙව වණිජ්ජං පයොජෙති, සාස්ස හොති යථාධිප්පායා.
Sinhala BJTශාරීපුත්‍රය, මෙ ලොව ඇතැමෙක් මහණකු කරා හෝ බමුණකු කරා හෝ එළඹ, ‘වහන්ස, ප්‍රත්‍යයයෙන් රුස්නේ ය’යි පවරයි. හේ යමෙකින් පවරා නම් එය අදහස් පරිදි දෙයි. හේ ඉන් සැව මේ මිනිස් බවට පැමිණේ නම්, හේ යම් ම වණිජ්ජාවක් අරඹා ද, ඔහුගේ ඒ වණිජ්ජාව අදහස් පරිදි වේ.
Pali BJTඉධ පන සාරිපුත්ත එකච්චො සමණං වා බ්රාහ්මණං වා උපසඞ්කමිත්වා පවාරෙති : වද භන්තෙ පච්චයෙනාති. සො යෙන පවාරෙති තං පරාධිප්පායං දෙති. සො චෙ තතො චුතො ඉත්ථත්තං ආගච්ඡති. සො යඤ්ඤදෙව වණිජ්ජං පයොජෙති, සාස්ස හොති පරාධිප්පායා.{1}
Sinhala BJTශාරීපුත්‍රය, මෙ ලොව ඇතැමෙක් මහණකු කරා හෝ බමුණකු කරා හෝ එළඹ, ‘වහන්ස, ප්‍රත්‍යයයෙන් කියව’ යි පවරයි. හේ යමෙකින් පවරා ද, එය අධිප්‍රායට වැඩිතරම් කොට දෙයි. හේ ඉන් සැව මේ මිනිස් බවට එළඹේ නම්, හේ යම් ම වාණිජ්‍යයක් කෙරේ නම්, ඔහුගේ ඒ වාණිජ්‍යය අධිප්‍රායයෙන් අධිකතර වෙයි.
Pali BJTඅයං ඛො සාරිපුත්ත හෙතු, අයං පච්චයො, යෙන මිධෙකච්චස්ස තාදිසාව වණිජ්ජා පයුත්තා ඡෙදගාමිනී හොති.
Sinhala BJTශාරීපුත්‍රය, යම් හෙයෙකින් මෙලොව ඇතැමකු විසින් එවන් වණිජ්ජාවක් අරඹන ලද්දී ඡේදගාමිනී වේ ද, මේ එයට හේතුයි. මේ එයට ප්‍රත්‍යය යි.
Pali BJTඅයං පන සාරිපුත්ත හෙතු, අයං පච්චයො, යෙන මිධෙකච්චස්ස තාදිසාව වණිජ්ජා පයුත්තා න යථාධිප්පායා හොති.
Sinhala BJTශාරීපුත්‍රය, යම් හෙයෙකින් මෙලොව ඇතැමකු විසින් එවන් වණිජ්ජාවක් පටන් ගන්නා ලද්දී, අදහස් පරිදි නො වේ ද, මේ එයට හේතුයි. මේ එයට ප්‍රත්‍යය යි.
Pali BJTඅයං ඛො සාරිපුත්ත හෙතු, අයං පච්චයො, යෙන මිධෙකච්චස්ස තාදිසා වණිජ්ජා පයුත්තා යථාධිප්පායා හොති.
Sinhala BJTශාරීපුත්‍රය, මෙලොව ඇතැමකු විසින් එවන් වණිජ්ජාවක් යොදන ලද්දී අදහස් තුබූ පරිදි වේ ද, මේ එයට හෙතුයි. මේ එයට ප්‍රත්‍යය යි.
Pali BJTඅයං පන සාරිපුත්ත හෙතු අයං පච්චයො, යෙන මිධෙකච්චස්ස තාදිසාව වණිජ්ජා පයුත්තා පරාධිප්පායා හොතීති.
Sinhala BJTශාරීපුත්‍රය, යම් හෙයෙකින් මෙලොව ඇතැමකු විසින් එවන් වණිජ්ජාවක් ප්‍රයුක්ත වූවා අධිප්‍රායයෙන් අධිකතර ඵල වේ ද, මේ එයට හේතුයි. මේ එයට ප්‍රත්‍යය යි.
Pali BJT4. 2. 3. 10.
Sinhala BJT4. 2. 3. 10.
Pali BJT[කම්බොජසුත්තං]
Sinhala BJT[කම්බෝජ සූත්‍රය]
Pali BJT30. එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච.
Sinhala BJT30. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසැඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එකල ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
Pali BJTකො නු ඛො භන්තෙ හෙතු, කො පච්චයො, යෙන මාතුගාමො නෙව සභායං නිසීදති, න කම්මන්තං පයොජෙති, න කම්බොජං ගච්ඡතීති?
Sinhala BJTවහන්ස, යම් හෙයෙකින් මාගම විනිශ්චය සභායෙහි නො හිඳී ද, කර්‍මාන්ත නො කෙරේද, පිටරට නො යේද, එයට හේතු කවරේ ය, එයට ප්‍රත්‍යය කවරේ ය?
Pali BJTකොධනො ආනන්ද මාතුගාමො, ඉස්සුකී ආනන්ද මාතුගාමො, මච්ඡරී ආනන්ද මාතුගාමො, දුප්පඤ්ඤො ආනන්ද මාතුගාමො.
Sinhala BJTආනන්‍දය, මාගම කිපෙන සුලුය. ආනන්‍දය, මාගම ඊර්‍ෂ්‍යා ඇත්තියක. ආනන්‍දය, මාගම මසුරු ඇත්තියක. ආනන්‍දය, මාගම නුවණ නැත්තියක.
Pali BJTඅයං ඛො ආනන්ද හෙතු, අයං පච්චයො, යෙන මාතුගාමො නෙව සභායං නිසීදති, න කම්මන්තං පයොජෙති, න කම්බොජං ගච්ඡතීති.
Sinhala BJTආනන්‍දය, යම් හෙයෙකින් මාගම විනිශ්චය සභායෙහි නො හිඳී ද, කර්‍මාන්ත නො කෙරේ ද, පිටරට නො යේ ද, මේ එයට හේතුයි. මේ එයට ප්‍රත්‍යය යි.
Pali BJTඅපණ්ණකවග්ගො තතියො.
Sinhala BJTඅපණ්ණක වර්‍ගය තෙවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTපධානං දිට්ඨි’සප්පුරිස - වධුකා ද්වෙ ච හොන්ති අග්ගානි, කුසිනාරා අචින්තිතං දක්ඛිණාය වණිජ්ජකම්බොජෙන වග්ගො’ති.
Sinhala BJTපධාන - දිට්ඨි අපණ්ණක සූත්‍ර දෙකය, අසප්පුරිස - වධුකා සූත්‍රය, අග්ග සූත්‍ර දෙකය, කුසිනාරා සූත්‍රය, අචින්තෙය්‍ය සූත්‍රය, දක්ඛිණා සූත්‍රය, වණිජ්ජා සූත්‍රය, කම්බෝජ සූත්‍රයෙනැ යි වර්‍ගය වේ.
Pali BJT4. මචලවග්ගො
Sinhala BJT4. මචල වර්‍ගය
Pali BJT4. 2. 4. 1.
Sinhala BJT4. 2. 4. 1.
Pali BJT[පාණාතිපාතිසුත්තං]
Sinhala BJT[පාණාතිපාතී සූත්‍රය]