Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3601-3700 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTභොගෙ ලද්ධා සහධම්මෙන යසං ලද්ධා සහඤාතීහි සහඋපජ්ඣායෙහි චිරං ජීවාමි දීඝමද්ධායුං පාලෙමීති, අයං තතියො ධම්මො ඉට්ඨො කන්තො මනාපො දුල්ලභො ලොකස්මිං.
Sinhala BJT‘දහම් නො බිඳ භෝගයන් ලැබ නෑයන් නොහැර සංදෘෂ්ට සම්භක්තයන් නො හැර පිරිවර සැපත් ලැබ කලක් ජීවත් වෙම්ව යි - දීර්‍ඝායුෂ රැකගණිම්ව’ යි ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප දුර්‍ලභ මේ තෙවන දහම ය.
Pali BJTභොගෙ ලද්ධා සහධම්මෙන, යසං ලද්ධා සහඤාතීහි සහඋපජ්ඣායෙහි චිරං ජීවිත්වා දීඝමද්ධායුං පාලෙත්වා, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජාමීති. අයං චතුත්ථො ධම්මො ඉට්ඨො කන්තො මනාපො දුල්ලභො ලොකස්මිං.
Sinhala BJT‘දහම් නො බිඳ භෝගයන් ලැබ නෑයන් නො හැර සංදෘෂ්ට සම්භක්තයන් නො හැර පිරිවර සැපත් ලැබ කලක් ජීවත් ව දීර්‍ඝායුෂ රැක ගෙණ කාබුන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළඹෙම් ව’ යි ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප දුර්‍ලභ මේ සතර වන දහම ය.
Pali BJTඉමෙ ඛො ගහපති චත්තාරො ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං.
Sinhala BJTගැහැවිය, ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප දුර්‍ලභ මේ සතර දහම්හු යි.
Pali BJTඉමෙසං ඛො ගහපති චතුන්නං ධම්මානං ඉට්ඨානං කන්තානං මනාපානං දුල්ලභානං ලොකස්මිං චත්තාරො ධම්මා පටිලාභාය සංවත්තන්ති. කතමෙ චත්තාරො?
Sinhala BJTගෙහෙවිය, ඉෂ්ට, කාන්ත, මනාප ලෝකයෙහි දුර්‍ලභ මේ සතර ධර්‍මයන්ගේ ප්‍රතිලාභය පිණිස සතර දහම් කෙනෙක් ඇත. කවර සතර කෙනෙක යත්:
Pali BJTසද්ධාසම්පදා සීලසම්පදා චාගසම්පදා පඤ්ඤාසම්පදා.
Sinhala BJTශ්‍රද්ධාසම්පදා ය, ශීලසම්පදා ය, ත්‍යාගසම්පදා ය, ප්‍රඥාසම්පදා යි.
Pali BJTකතමා ච ගහපති සද්ධාසම්පදා? ඉධ ගහපති අරියසාවකො සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං, ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. අයං වුච්චති ගහපති සද්ධාසම්පදා.
Sinhala BJTගෙහෙවිය, ශ්‍රද්ධාසම්පදා නම් කවරය යත්: ගෙහෙවිය, මෙ ලොව අරීසවු සැදැහැ ඇත්තේ වෙයි. ‘මෙකරුණිනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තර පුරුෂදම්‍ය සාරථියහ, දෙවි මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත් හ’ යි තථාගතයන් වහන්සේගේ සම්‍යක් සම්බෝධිය හදහයි. ගෙහෙවිය, මේ ශ්‍රද්ධාසම්පදා යි කියනු ලැබේ.
Pali BJTකතමා ච ගහපති සීලසම්පදා? ඉධ ගහපති අරියසාවකො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. අයං වුච්චති ගහපති සීලසම්පදා.
Sinhala BJTගැහැවිය, ශීලසම්පදා නම් කවරය යත්: ගැහැවිය, මෙ ලොව අරීසවු පණිවායෙන් දුරු වූයේ වෙයි. ... මද පමා දෙකට කරුණු වන රහමෙරින් දුරු වූයේ වෙයි. ගෙහෙවිය, මේ ශීලසම්පදා යි කියනු ලැබේ.
Pali BJTකතමා ච ගහපති චාගසම්පදා? ඉධ ගහපති අරියසාවකො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති, මුත්තචාගො පයතපාණි වොසග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. අයං වුච්චති ගහපති චාගසම්පදා.
Sinhala BJTගෙහෙවිය, ත්‍යාගසම්පදා නම් කවරය යත්: ගෙහෙවිය, මෙලොව අරීසවු පැහූ මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. වුහුටුවත්හි බැලුම් නැතියේ වෙයි. දෙන්නට දෙවි අත් ඇතියේ වෙයි. පීමෙහි ඇලුනේ වෙයි, යදනට නිසිවූයේ වෙයි, දීම් බෙදීම් දෙක්හි ඇලුනේ වේ. ගැහැවිය, මේ ත්‍යාගසම්පදා යි කියනු ලැබේ.
Pali BJTකතමා ච ගහපති පඤ්ඤාසම්පදා: අභිජ්ඣාවිසමලොභාභිභූතෙන ගහපති චෙතසා විහරන්තො අකිච්චං කරොති කිච්චං අපරාධෙති, අකිච්චං කරොන්තො කිච්චං අපරාධෙන්තො යසා ච සුඛා ච ධංසති. ව්යාපාදාභිභූතෙන ගහපති චෙතසා විහරන්තො අකිච්චං කරොති කිච්චං අපරාධෙති, අකිච්චං කරොන්තො කිච්චං අපරාධෙන්තො යසා ච සුඛා ච ධංසති. ථිනමිද්ධාභිභූතෙන ගහපති චෙතසා විහරන්තො අකිච්චං කරොති, කිච්චං අපරාධෙති. අකිච්චං කරොන්තො කිච්චං අපරාධෙන්තො යසා ච සුඛා ච ධංසති. උද්ධච්චකුක්කුච්චාභිභූතෙන ගහපති චෙතසා විහරන්තො අකිච්චං කරොති, කිච්චං අපරාධෙති. අකිච්චං කරොන්තො කිච්චං අපරාධෙන්තො යසා ච සුඛා ච ධංසති. විචිකිච්ඡාභිභූතෙන ගහපති චෙතසා විහරන්තො අකිච්චං කරොති කිච්චං අපරාධෙති. අකිච්චං කරොන්තො කිච්චං අපරාධෙන්තො යසා ච සුඛා ච ධංසති.
Sinhala BJTගැහැවිය, ප්‍රඥාසම්පදා නම් කවරය යත්: ගැහැවිය, අභිධ්‍යාවිෂමලෝභයෙන් මැඩුනු සිතින් වසනුයේ අකර්‍තව්‍යය කෙරෙයි, කර්‍තව්‍යය වළහයි, අකර්‍තව්‍යය කරණුයේ කර්‍තව්‍යය වළහනුයේ යශසිනුත් සුඛයෙනුත් පිරිහේ. ගැහැවිය, ව්‍යාපාදයෙන් මැඩුනු සිතින් වසනුයේ අකර්‍තව්‍යය කෙරෙයි, කර්‍තව්‍යය වළහයි. අකර්‍තව්‍යය කරණුයේ කර්‍තව්‍යය වළහනුයේ යශසිනුත් සුඛයෙනුත් පිරිහෙයි. ගැහැවිය, සත්‍යානමිද්ධයෙන් මැඩුනු සිතින් වසනුයේ අකර්‍තව්‍යය කෙරෙයි, කර්‍තව්‍යය වළහයි, අකර්‍තව්‍යය කරණුයේ, කර්‍තව්‍යය වළහනුයේ යශසිනුත් සුඛයෙනුත් පිරිහෙයි. උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුනු සිතින් වසනුයේ අකර්‍තව්‍යය කෙරෙයි, කර්‍තව්‍යය වළහයි, අකර්‍තව්‍යය කරණුයේ කර්‍තව්‍යය වළහනුයේ යශසිනුත් සුඛයෙනුත් පිරිහෙයි. ගෙහෙවිය, විචිකිච්ඡායෙන් මැඩුනු සිතින් වසනුයේ අකර්‍තව්‍යය කෙරෙයි, කර්‍තව්‍යය වළහයි, අකර්‍තව්‍යය කරණුයේ කර්‍තව්‍යය වළහනුයේ යශසිනුත් සුඛයෙනුත් පිරිහෙයි.
Pali BJTස ඛො සො ගහපති අරියසාවකො අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අභිජ්ඣාවිසමලොභං චිත්තස්ස උපක්කිලෙසං පජහති. ව්යාපාදො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ව්යාපාදං චිත්තස්ස උපක්කිලෙසං පජහති. ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසං පජහති. උද්ධච්චකුක්කුච්චං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා උද්ධච්චකුක්කුච්චං චිත්තස්ස උපක්කිලෙසං පජහති. විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා විචිකිච්ඡං චිත්තස්ස උපක්කිලෙසං පජහති.
Sinhala BJTගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක ‘අභිධ්‍යාවිෂමලෝභය චිත්තයාගේ උපක්ලේශයෙක’ යනු දැන චිත්තෝපක්ලේශයක් වූ අභිධ්‍යාවිෂමලෝභය හැර පියයි. ‘ව්‍යාපාදය චිත්තයාගේ උපක්ලේශයෙක’ යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ව්‍යාපාදය හැර පියයි. ‘ස්ත්‍යානමිද්ධය චිත්තයාගේ උපක්ලේශයෙක’ යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ස්ත්‍යානමිද්ධය හැර පියයි. ‘ඖද්ධත්‍යකුකෘත්‍යය චිත්තයාගේ උපක්ලේශයෙක’ යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ඖද්ධත්‍යකුකෘත්‍යය හැර පියයි. ‘විචිකිත්සා චිත්තයාගේ උපක්ලේශයෙක’ යනු දැන චිත්තෝපක්ලේශයක් වූ විචිකිත්සාව හැර පියයි.
Pali BJTයතො ච ඛො ගහපති අරියසාවකස්ස අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසොති. ඉති විදිත්වා අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසො පහීණො හොති, ව්යාපාදො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ව්යාපාදො චිත්තස්ස උපක්කිලෙසො පහීණො හොති. ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසොති ඉති ථිවිදිත්වා ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසො පහීණො හොති. උද්ධච්චකුක්කුච්චං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා උද්ධච්චකුක්කුච්චං චිත්තස්ස උපකිලෙසො පහීණො හොති. විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසො පහීණො හොති. අයං වුච්චති ගහපති අරියසාවකො මහාපඤ්ඤො පුථුපඤ්ඤො ආපාථදසො පඤ්ඤාසම්පන්නො. අයං වුච්චති ගහපති පඤ්ඤාසම්පදා.
Sinhala BJTගෙහෙවිය, යම් කලෙක සිට ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අභිධ්‍යාවිෂමලෝභය චිත්තයාගේ උපක්ලේශයෙක යනු දැන චිත්තෝපක්ලේශයක් වූ අභිධ්‍යාවිෂමලෝභය ප්‍රහීණ වේ ද, ව්‍යාපාදය චිත්තයාගේ උපක්ලේශයෙක යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ව්‍යාපාදය ප්‍රහීණ වේ ද, ස්ත්‍යානමිද්ධය චිත්තයාගේ උපක්ලේශයෙක යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ස්ත්‍යානමිද්ධය ප්‍රහීණ වේ ද, ඖද්ධත්‍යකුකෘත්‍යය චිත්තයාගේ උපක්ලේශයෙක යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ඖද්ධත්‍යකුකෘත්‍යය ප්‍රහීණ වේ ද, විචිකිත්සාව චිත්තයාගේ උපක්ලේශයෙක යනු දැන චිත්තෝපක්ලේශයක් වූ විචිකිත්සාව ප්‍රහීණ වේ ද, ගැහැවිය, මේ ආර්‍ය්‍යශ්‍රාවක මහාප්‍රාඥය යි ද පෘථුලප්‍රාඥය යි ද, ආපාථ දක්නේය යි ද ප්‍රඥාසම්පන්නය යි ද කියනු ලැබේ. ගෙහෙවිය, මේ ප්‍රඥාසම්පදා යි කියනු ලැබේ.
Pali BJTඉමෙසං ඛො ගහපති චතුන්නං ධම්මානං ඉට්ඨානං කන්තානං මනාපානං දුල්ලභානං ලොකස්මිං ඉමෙ චත්තාරො ධම්මා පටිලාභාය සංවත්තන්ති.
Sinhala BJTගෙහෙවිය, ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප දුර්‍ලභ මේ සතර දමහුන්ගේ ප්‍රතිලාභයට මේ සතර දහම් කෙනෙක් ඇත.
Pali BJTස ඛො සො ගහපති අරියසාවකො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි චත්තාරි කම්මානි කත්තා හොති. කතමානි චත්තාරි?
Sinhala BJTගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ, බාහුබලයෙන් වැඩූ, වගුළ සෝදියෙන් ඉපැයූ, ධර්‍මයුක්ත වූ, දැහැමින් ලද, භෝගයෙන් සතර කමක් කරන්නේ වෙයි. කවර සතර කමෙක යත්:
Pali BJTඉධ ගහපති අරියසාවකො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි අත්තානං සුඛෙති පීනෙති සම්මා සුඛං පරිහරති. මාතාපිතරො සුඛෙති පීනෙති සම්මා සුඛං පරිහරති. පුත්තදාරදාසකම්මකරපොරිසෙ සුඛෙති පීණෙති සම්මා සුඛං පරිහරති. මිත්තාමච්චෙ සුඛෙති පීනෙති සම්මා සුඛං පරිහරති. ඉදමස්ස පඨමං ඨානගතං හොති පත්තගතං ආයතනසො පරිභුත්තං.
Sinhala BJTගැහැවිය, මෙලොව ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ, බාහුබලයෙන් වැඩූ, වගුළ සෝදියෙන් ලැබූ, ධර්‍මයුක්ත වූ, ධර්‍මයෙන් ලැබූ, භෝගයෙන් තමා සුඛිත කෙරේ. බලසම්පන්න කෙරෙයි. මොනොවට සැපසේ වැටෙයි. මවුපියන් සුඛිත කෙරෙයි. බලසම්පන්න කෙරෙයි. මොනොවට සැපසේ පරිහරණ කෙරෙයි. අඹුදරු දස්කම්කරු ජනා සුඛිත කෙරෙයි. බලසම්පන්න කෙරෙයි. මොනොවට සැපසේ පරිහරණ කෙරෙයි. මිතුරුයහළුවන් සුඛිත කෙරෙයි. බලසම්පන්න කෙරෙයි. මොනොවට සැපසේ පරිහරණ කෙරෙයි. ඔහුගේ මේ පළමුවන කිස තැනට ගියේ වෙයි. යුක්තස්ථානගත වෙයි. කරුණු අනුව ම වැළඳුනේ වෙයි.
Pali BJTපුන චපරං ගහපති අරියසාවකො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි යා තා හොන්ති ආපදා අග්ගිතො වා උදකතො වා රාජතො වා චොරතො වා අප්පියතො{1} දායාදතො වා. තථාරූපාසු ආපදාසු භොගෙහි පරියොධාය වත්තති. සොත්ථිං අත්තානං කරොති. ඉදමස්ස දුතියං ඨානගතං හොති පත්තගතං ආයතනසො පරිභුත්තං.
Sinhala BJTතවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ, බාහුබලයෙන් වැඩූ, වගුළ සෝදියෙන් ලත්, ධර්‍මයුක්ත, දැහැමින් ලත්, භෝගයෙන් ගින්නෙන් වේවයි, දියෙන් වේවයි, රජුන් කෙරෙන් වේවයි, සොරුන් කෙරෙන් වේවයි, අප්‍රිය දායාදයන් කෙරෙන් වේවයි යම් ඒ විපත් ඇත් ද, එබඳු විපත්හි එය ධනයෙන් වසාපියා වැටෙයි. ආත්මය ස්වස්ථ කෙරෙයි. ඔහුගේ මේ දෙවන කිස තැනට ගියේ වෙයි. යුක්තස්ථානගත වෙයි. කරුණු අනුව ම වැළඳුනේ වෙයි.
Pali BJTපුන චපරං ගහපති අරියසාවකො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි පඤ්චබලී කත්තා හොති: ඤාතිබලිං අතිථිබලිං පුබ්බපෙතබලිං රාජබලිං දෙවතාබලිං. ඉදමස්ස තතියං ඨානගතං හොති පත්තගතං ආයතනසො පරිභුත්තං.
Sinhala BJTතවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ, බාහුබලයෙන් වැඩූ, වගුළ සෝදියෙන් ඉපැයූ, ධර්‍මයුක්ත වූ, දැහැමෙන් ලත්, භෝගයෙන් පස්බිලි කරන්නේ වෙයි. ඥාතිබලිය, අතිථිබලිය, පූර්‍වප්‍රේතබලිය, රාජබලිය, දේවතාබලි යි. ඔහුගේ මේ තෙවන කිස තැනට ගියේ වෙයි. යුක්තස්ථානගත වෙයි. කරුණු අනුව ම වැළඳුනේ වෙයි.
Pali BJTපුන චපරං ගහපති අරියසාවකො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි යෙ තෙ සමණබ්රාහ්මණා මදප්පමාදා පටිවිරතා ඛන්තිසොරච්චෙ නිවිට්ඨා. එකමත්තානං දමෙන්ති, එකමත්තානං සමෙන්ති, එකමත්තානං පරිනිබ්බාපෙන්ති. තථාරූපෙසු සමණබ්රාහ්මණෙසු උද්ධග්ගිකං දක්ඛිණං පතිට්ඨාපෙති සොවග්ගිකං සුඛවිපාකං සග්ගසංවත්තනිකං. ඉදමස්ස චතුත්ථං ඨානගතං හොති පත්තගතං ආයතනසො පරිභුත්තං.
Sinhala BJTතවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ, බාහුබලයෙන් වැඩූ, වගුළ සෝදියෙන් ඉපැයූ, ධර්‍මයුක්ත වූ, දැහැමින් ලත්, භෝගයෙන් මදප්‍රමාදයෙන් වෙන්ව සිටුනා, ක්‍ෂාන්ති සුරතභාවයෙහි බැස සිටුනා, එක් ම ආත්ම ය දමනය කරණ, එක් ම ආත්මය කෙලෙස් සන්හිඳුවීමෙන් ශමනය කරණ, එක් ම ආත්මය ක්ලේශපරිනිර්‍වාණයෙන් නිවන, යම් මහණබමුණු කෙනෙක් ඇත් ද, එබඳු මහණබමුණන් විෂයයෙහි ඵලදානවශයෙන් ඌර්‍ධවග වූ, ස්වර්‍ගයට හිත වූ, සුඛවිපාක ඇති, ස්වග්‍ර දිව්‍යවර්‍ණාදිය උදා කරණ, දක්‍ෂිණාව පිහිටුවයි. ඔහුගේ මේ සතරවන කිස තැනට ගියේ වෙයි. යුක්තස්ථානගත වෙයි. කරුණු අනුව ම වැළඳුනේ වේ.
Pali BJTස ඛො සො ගහපති අරියසාවකො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි ඉමානි චත්තාරි පත්තකම්මානි කත්තා හොති.
Sinhala BJTගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වැඩූ, වගුළ සෝදියෙන් ඉපැයූ, ධර්‍මයුක්ත වූ, ධර්‍මලබ්ධ වූ, භෝගයෙන් මේ සතර ප්‍රාප්ත (යෝග්‍ය) කර්‍ම කරන්නේ වෙයි.
Pali BJTයස්ස කස්සචි ගහපති අඤ්ඤත්ර ඉමෙහි චතූහි පත්තකම්මෙහි භොගා පරික්ඛයං ගච්ඡන්ති. ඉමෙ වුච්චන්ති ගහපති භොගා අට්ඨානගතා අප්පත්තගතා අනායතනසො පරිභුත්තා.
Sinhala BJTගැහැවිය, යමක්හට මේ සතර ප්‍රාප්තකර්‍ම හැරපියා භෝගයෝ වනසට යෙත් ද, ගැහැවිය, මේ භෝගයෝ අස්ථානගතයහයි ද අප්‍රාප්තගතයහ යි ද අනායතන පරිභුක්තයහ යි ද කියනු ලැබෙත්.
Pali BJTයස්ස කස්සචි ගහපති ඉමෙහි චතූහි පත්තකම්මෙහි භොගා පරික්ඛයං ගච්ඡන්ති. ඉමෙ වුච්චන්ති ගහපති භොගා ඨානගතා පත්තගතා ආයතනසො පරිභුත්තාති.
Sinhala BJTගැහැවිය, යමක්හට මේ සතර ප්‍රාප්ත කර්‍මයෙන් භෝගයෝ වනසට යෙත් ද, ගැහැවිය, මේ භෝගයෝ ස්ථානගතයහ යි ද ප්‍රාප්තගතයහ යි ද ආයතන පරිභුක්තයහ යි ද කියනු ලැබෙත්.
Pali BJT32. භුත්තා භොගා භතා{1} භච්චා විතිණ්ණා ආපදාසු මෙ, උද්ධග්ගා දක්ඛිණා දින්නා අථො පඤ්චබලී කතා.
Sinhala BJT32. භෝගයෝ වළඳන ලදහ. පෝෂණය කළ යුත්තෝ පෝෂණය කරණ ලදහ. විපත් පැමිණි කල මා විසින් භෝගයෝ යොදන ලදහ. ඌර්‍ධවග (මතුමත්තෙහි ඵල දෙන) දක්‍ෂිණාව දෙන ලදු. වැලි පඤ්ච බලිහු කරණ ලදහ.
Pali BJT33. උපට්ඨිතා සීලවන්තො සඤ්ඤතා බ්රහ්මචාරයො, යදත්ථං භොගං ඉච්ඡෙය්ය පණ්ඩිතො ඝරමාවසං, සො මෙ අත්ථො අනුප්පත්තො කතං අනනුතාපියං.
Sinhala BJT33. සංයත බ්‍රහ්මචාරී සිල්වත්හු උපස්ථාන කරණ ලදහ. ගිහිගෙහි වසන පණ්ඩිත තෙමේ යම් අර්‍ත්‍ථයක් සඳහා භොග කැමති වන්නේ ද, මා විසින් ඒ අර්‍ත්‍ථය ලබන ලදී. පසුතැවුලි නොවන කිස කරණ ලදී.
Pali BJT34. එතං අනුස්සරං මච්චො අරියධම්මෙ ඨිතො නරො, ඉධ චෙව නං පසංසන්ති පෙච්ච සග්ගෙ ච මොදතීති.
Sinhala BJT34. පඤ්චශීල ධර්‍මයෙහි සිටි මිනිසෙක් මේ සිහිකරන්නේ වේ ද, මෙලොව්හිදු ඔහු පසසත්. පරලොව ගොස් ස්වර්‍ගයෙහිදු විපාක නන්‍දනායෙන් සතුටු වෙයි.
Pali BJT4. 2. 2. 2.
Sinhala BJT4. 2. 2. 2.
Pali BJT[අනණසුත්තං]
Sinhala BJT[අනණ සූත්‍රය]
Pali BJT12. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච :
Sinhala BJT12. එකල්හි අනාථපිණ්ඩික සිටු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස් ව හුන් අනේපිඬු සිටුහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTචත්තාරිමානි ගහපති සුඛානි අධිගමනීයානි ගිහිනා කාමභොගිනා කාලෙන කාලං සමයෙන සමයං උපාදාය. කතමානි චත්තාරි?
Sinhala BJTගෘහපතිය, කාමභෝගී ගිහීන් විසින් කලින් කල හේතුවිසින් ලැබිය යුතු මේ සුඛයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅත්ථිසුඛං භොගසුඛං අනණසුඛං{2} අනවජ්ජසුඛං.
Sinhala BJTඅස්තිසුඛය, භෝගසුඛය, අනණසුඛය, අනවද්‍ය සුඛ යි.
Pali BJTකතමඤ්ච ගහපති අත්ථිසුඛං? ඉධ ගහපති කුලපුත්තස්ස භොගා හොන්ති උට්ඨානවිරියාධිගතා බාහාබලපරිචිතා සෙදාවක්ඛිත්තා ධම්මිකා ධම්මලද්ධා. සො භොගා මෙ අත්ථි උට්ඨානවිරියාධිගතා බාහාබලපරිචිතා සෙදාවක්ඛිත්තා ධම්මිකා ධම්මලද්ධාති අධිගච්ඡති සුඛං, අධිගච්ඡති සොමනස්සං. ඉදං වුච්චති ගහපති අත්ථිසුඛං.
Sinhala BJTගැහැවිය, අස්තිසුඛ නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්‍රයකුට උත්‍ථාන වීර්‍ය්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වඩා ගත් වගුළ සෝදියෙන් ඉපැයූ ධර්‍මයුක්ත වූ දැහැමින් ලත් භෝගයෝ ඇත. හෙතෙම උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වැඩූ හෙළු සෝදියෙන් ඉපැයූ ධර්‍මයුක්ත වූ ධර්‍මලබ්ධ වූ භෝගයෝ මට ඇතැ යි සුඛය ලබයි. සෞමනස්‍යය ලබයි. ගැහැවිය, මේ අස්තිසුඛය යි. කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච ගහපති භොගසුඛං? ඉධ ගහපති කුලපුත්තො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි භොගෙ ච භුඤ්ජති, පුඤ්ඤානි ච කරොති. සො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි භොගෙ ච භුඤ්ජාමි පුඤ්ඤානි ච කරොමීති අධිගච්ඡති සුඛං, අධිගච්ඡති සොමනස්සං. ඉදං වුච්චති ගහපති භොගසුඛං .
Sinhala BJTගැහැවිය, භෝගසුඛ නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්‍රයෙක් උත්‍ථාන වීර්‍ය්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වඩා ගත් වගුළ සෝදියෙන් උපයාගත් ධර්‍මයුක්ත වූ ධර්‍මලබ්ධ වූ භෝගයෙන් භෝගයන් වළද කරයි. පින් ද කරයි. උත්‍ථාන වීර්‍ය්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වඩාගත් වගුළ සෝදියෙන් ඉපැයූ ධාර්මික වූ ධර්‍මලබ්ධ වූ භෝගයෙන් හේ භෝගයන් ද වළඳමි යි පින් ද කෙරෙමි යි සුඛය විඳියි. සෞමනස්‍යය විඳියි. ගැහැවිය, මේ භෝගසුඛය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච ගහපති අනණසුඛං? ඉධ ගහපති කුලපුත්තො න කස්සචි කිඤ්චි ධාරෙති අප්පං වා බහුං වා. සො න කස්සචි කිඤ්චි ධාරෙමි අප්පං වා බහුං වාති අධිගච්ඡති සුඛං, අධිගච්ඡති සොමනස්සං. ඉදං වුච්චති ගහපති අනණසුඛං.
Sinhala BJTගැහැවිය, අනණසුඛය කවරේ ය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්‍රයෙක් කිසිවක්හට අල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිදු ණයක් නො දරයි. හේ කිසිවක්හට අල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිදු ණයක් නො දරමි යි සුඛය විඳියි. සෞමනස්‍යය ලබයි. ගැහැවිය, මේ අනණසුඛය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච ගහපති අනවජ්ජසුඛං? ඉධ ගහපති අරියසාවකො අනවජ්ජෙන කායකම්මෙන සමන්නාගතො හොති, අනවජ්ජෙන වචීකම්මෙන සමන්නාගතො හොති, අනවජ්ජෙන මනොකම්මෙන සමන්නාගතො හොති. සො අනවජ්ජෙනම්හි කායකම්මෙන සමන්නාගතො, අනවජ්ජෙන වචීකම්මෙන සමන්නාගතො, අනවජ්ජෙන මනොකම්මෙන සමන්නාගතොති අධිගච්ඡති සුඛං, අධිගච්ඡති සොමනස්සං. ඉදං වුච්චති ගහපති අනවජ්ජසුඛං.
Sinhala BJTගැහැවිය, අනවද්‍යසුඛය නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව ආර්‍ය්‍යශ්‍රාවක අනවද්‍ය කායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය වාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය මනඃකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය කායකර්‍මයෙන් සමන්‍වාගතයෙමි යි අනවද්‍ය වාක්කර්‍මයෙන් සමන්‍වාගතයෙමියි. අනවද්‍ය මනඃකර්‍මයෙන් සමන්‍වාගතයෙමි යි සුව විඳුනේය. සොම්නස් විඳුනේය. ගැහැවිය, මේ අනවද්‍යසුඛය යි කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො ගහපති චත්තාරි සුඛානි අධිගමනීයානි ගිහිනා කාමභොගිනා කාලෙන කාලං සමයෙන සමයං උපාදායාති.
Sinhala BJTගැහැවිය, කාමභෝගී ගිහිහි විසින් කලින් කල පටන් ගෙණ මේ සතර සුඛයෝ අධිගන්තව්‍යයහ යි වදාළහ.
Pali BJT35. අනණං සුඛං ඤත්වාන{1} අථො අත්ථිසුඛං සරෙ, භුඤ්ජං භොගං සුඛං මච්චො තතො පඤ්ඤා විපස්සති.{*}
Sinhala BJT35. අනණසුඛය දැන වැලි අස්තිසුඛය සිහි කරන්නේය. භොග සුඛය වළඳනා මිනිස් තෙම ඉක්බිති නුවණින් වෙසෙසා බලන්නේය.
Pali BJT36. විපස්සමානො ජානාති උභො භොගෙ සුමෙධසො, අනවජ්ජසුඛස්සෙතං කලං නාග්ඝති සොළසින්ති.
Sinhala BJT36. සුන්‍දර ප්‍රඥා ඇති ඒ මිනිසා වෙසෙසින් බලන්නේ ඒ සුව දෙ කොටස දනී. තෙල (පළමු කොටස වූ අස්තිසුඛාදී තුණ සතර වන කොටස වූ) අනවද්‍ය සුඛයාගේ සොළොස් වන කලාවට ද නො අගී.
Pali BJT4. 2. 2. 3.
Sinhala BJT4. 2. 2. 3.
Pali BJT[සබ්රහ්මසුත්තං]
Sinhala BJT[සබ්‍රහ්ම සූත්‍රය]
Pali BJT13. සබ්රහ්මකානි භික්ඛවෙ තානි කුලානි යෙසං පුත්තානං මාතාපිතරො අජ්ඣාගාරෙ පූජිතා හොන්ති. සපුබ්බාචරියකානි භික්ඛවෙ තානි කුලානි යෙසං පුත්තානං මාතාපිතරො අජ්ඣාගාරෙ පූජිතා හොන්ති. සපුබ්බදෙවතානි භික්ඛවෙ, තානි කුලානි යෙසං පුත්තානං මාතාපිතරො අජ්ඣාගාරෙ පූජිතා හොන්ති. සාහුනෙය්යකානි භික්ඛවෙ, තානි කුලානි යෙසං පුත්තානං මාතාපිතරො අජ්ඣාගාරෙ පූජිතා හොන්ති.
Sinhala BJT13. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපියෝ ගෙහි දී පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ බ්‍රහ්ම සහිතයහ. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපියෝ ගෙහි දී පූජිත වෙත් ද, ඒ කුලයෝ පූර්‍වාචාර්‍ය සහිතයහ. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපියෝ ගෙහිදී පූජිත වෙත් ද, ඒ කුලයෝ පූර්‍වාදේවතා සහිතයහ. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපියෝ ගෙහි දී පූජිත වෙත් ද, ඒ කුලයෝ ආහුනෙය්‍ය සහිතයහ.
Pali BJTබ්රහ්මාති භික්ඛවෙ මාතාපිතුන්නං{2} එතං අධිවචනං. පුබ්බාචරියාති භික්ඛවෙ, මාතාපිතුන්නං එතං අධිවචනං. පුබ්බදෙවාති භික්ඛවෙ, මාතාපිතුන්නං එතං අධිවචනං. ආහුනෙය්යාති භික්ඛවෙ මාතාපිතුන්නං එතං අධිවචනං. තං කිස්ස හෙතු?
Sinhala BJTමහණෙනි, මවුපියනට ‘බ්‍රහ්ම’ යන මේ නමෙකි. මහණෙනි, මවුපියනට ‘පූර්‍වාචාර්‍ය’ යන මේ නමෙකි. මහණෙනි, මවුපියනට ‘පූර්‍වදේව’ යන මේ නමෙකි. මහණෙනි, මවුපියනට ‘ආහුනෙය්‍ය’ යන නමෙකි. ඒ කවර හෙයින යත්:
Pali BJTබහුකාරා භික්ඛවෙ, මාතාපිතරො පුත්තානං ආපාදකා පොසකා ඉමස්ස ලොකස්ස දස්සෙතාරොති.
Sinhala BJTමහණෙනි, මවුපියෝ පුතුනට (දරුවනට) බොහෝ උපකාර ඇතියහ. හදනුවහ, වඩනුවහ. මෙ ලොව දක්වනුවහ.
Pali BJT37. බ්රහ්මාති මාතාපිතරො පුබ්බාචරියාති වුච්චරෙ, ආහුනෙය්යා ච පුත්තානං පජාය අනුකම්පකා. තස්මා හි නෙ නමස්සෙය්ය සක්කරෙය්යාථ පණ්ඩිතො.
Sinhala BJT37-38. මවුපියෝ ‘බ්‍රහ්මයහ’ යි ද, ‘පූර්‍වාචාර්‍ය්‍යයහ’ යි ද කියනු ලැබෙත්. පුත්‍රයන්ගේ (ඇර දෙන්නට නිසි අන්නපාන ප්‍රතිග්‍රහණයට අර්‍හ වන බැවින්) ආහුනෙය්‍යහ. පුත්‍රාඛ්‍යප්‍රජාවට අනුකම්පා කරණුවහ. එයින් ඔවුන් නමදනේ ය. වැලිත් පණ්ඩිත පුත්‍ර තෙමේ අන්නපානයෙනුදු වස්ත්‍රශයනයෙනුදු ඇඟ ඉළීමෙනුදු නැහැවීමෙනුදු පා දෙවීමෙනුදු සත්කාර කරන්නේය.
Pali BJT38. අන්නෙන අථ පානෙන වත්ථෙන සයනෙන ච, උච්ඡාදනෙ නහාපනෙ පාදානං ධොවනෙන ච.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT39. තාය නං පාරිචරියාය මාතාපිතූසු පණ්ඩිතා, ඉධ චෙව නං පසංසන්ති පෙච්ච සග්ගෙ ච මොදතීති.
Sinhala BJT39. මවුපියන් කෙරෙහි ලා කරණ ඒ වතාවතින් පඬිහු මෙ ලොව්හි ද ඔහු පසසත්. පරලොව ගොස් ස්වර්‍ගයෙහිදු (විපාක නන්‍දනායෙන්) සතුටු වෙයි.
Pali BJT4. 2. 2. 4.
Sinhala BJT4. 2. 2. 4.
Pali BJT[නිරයසුත්තං]
Sinhala BJT[නිරය සූත්‍රය]
Pali BJT14. චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?
Sinhala BJT14. මහණෙනි, කරුණු සතරෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහන ලද්දක් යම් සේ ද, එපරිදි නිරයෙහි නික්‍ෂිප්තය. කවර සතර කරුණෙන යත්:
Pali BJTපාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසු මිච්ඡාචාරී හොති, මුසාවාදී හොති.
Sinhala BJTපණිවා ඇත්තේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා ඇතියේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහන ලද්දක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය.
Pali BJT40. පාණාතිපාතො අදින්නාදානං මුසාවාදො ච වුච්චති, පරදාරගමනඤ්චාපි නප්පසංසන්ති පණ්ඩිතාති.
Sinhala BJT40. ප්‍රාණවධය, අදත්තාදානය, මෘෂාවාදය හා පරදාර ගමනය දැයි සතර කරුණෙක් කියනු ලැබේ. පඬිහු ඒ නොපසසත්.
Pali BJT4. 2. 2. 5.
Sinhala BJT4. 2. 2. 5.
Pali BJT[රූප (ප්පමාණ) සුත්තං]
Sinhala BJT[රූප (ප්පමාණ) සූත්‍රය]
Pali BJT15. චත්තාරො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT15. මහණෙනි, මේ සතර පුඟුල් කෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:
Pali BJTරූපප්පමාණො රූපප්පසන්නො, ඝොසප්පමාණො ඝොසප්පසන්නො, ලූඛප්පමාණො ලූඛප්පසන්නො, ධම්මප්පමාණො ධම්මප්පසන්නො.
Sinhala BJTරූපය ප්‍රමාණ කොට ඇති රූපප්‍රසන්නය, ගුණඝෝෂය ප්‍රමාණ කොට ඇති ඝෝෂප්‍රසන්නය, රූක්‍ෂප්‍රතිපත්ති ප්‍රමාණ කොට ඇති රූක්‍ෂප්‍රසන්නය, ධර්‍මය ප්‍රමාණ කොට ඇති ධර්‍මප්‍රසන්න යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT41. යෙ ච රූපෙන පාමිංසු{1} යෙ ච ඝොසෙන අන්වගූ, ඡන්දරාගවසූපෙතා න තෙ ජානන්ති තං ජනං{2}
Sinhala BJT41. යම් කෙනෙක් රූපයෙන් මැනගත්හු ද, යම් කෙනෙකුත් ඝෝෂප්‍රමාණයෙන් (පැහැදීම් විසින්) අනුගතවූහු ද, ඡන්‍දරාගවසයට වැටුනාහු, ඔහු ඒ අරී ජනයා නො හඳුනත්.
Pali BJT42. අජ්ඣත්තඤ්ච න ජානාති බහිද්ධා ච න පස්සති, සමන්තාවරණො බාලො ස වෙ ඝොසෙන වුය්හති.
Sinhala BJT42. ආධ්‍යාත්මිකගුණය ද නො දනියි. බැහැරි පිළිවෙත් ද නො දකී. හාත්පසින් ඇවිරීම් ඇති ඒ අඥ තෙමේ ඒකාන්තයෙන් ඝෝෂප්‍රමාණයෙන් ගෙණ යනු ලැබේ.
Pali BJT43. අජ්ඣත්තඤ්ච න ජානාති බහිද්ධා ච විපස්සති, බහිද්ධා ඵලදස්සාවී සොපි ඝොසෙන වුය්හති.
Sinhala BJT43. ආධ්‍යාත්මික ගුණ ද නො දන්නේ ය. බැහැරි පිළිවෙත් දක්නේය. බාහිර සත්කාරඵල දක්නා සුලු හෙ ද ඝෝෂප්‍රමාණයෙන් ගෙණ යනු ලැබේ.
Pali BJT44. අජ්ඣත්තඤ්ච පජානාති බහිද්ධා ච විපස්සති, විනීවරණදස්සාවී න සො ඝොසෙන වුය්හති.
Sinhala BJT44. ආධ්‍යාත්මිකගුණ ද දන්නේය. බැහැරි පිළිවෙත් ද දක්නේය. ප්‍රකට විසින් දක්නා හේ ඝෝෂප්‍රමාණයෙන් ගෙණ යනු නො ලැබේ.
Pali BJT4. 2. 2. 6.
Sinhala BJT4. 2. 2. 6.
Pali BJT[සරාග (පුග්ගල) සුත්තං]
Sinhala BJTසරාග (පුග්ගල) සූත්‍රය
Pali BJT16. චත්තාරො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො? සරාගො, සදොසො, සමොහො, සමානො.
Sinhala BJT16. මහණෙනි, මේ සතර පුඟුල් කෙනෙක් ලෝකයෙහි ඇත. කවර සතර කෙනෙක යත්: රාග සහිතය, ද්වේෂ සහිත ය, මෝහ සහිත ය, මාන සහිත යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර පුඟුල්හු ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT45. සාරත්තා රජනීයෙසු පියරූපාභිනන්දිනො, මොහෙන අධමා{3} සත්තා බද්ධා වඩ්ඪෙන්ති බන්ධනං.
Sinhala BJT45. රජනීය රූපාදියෙහි සංරක්ත වූ ප්‍රියරූපය අභිනන්‍දනය කරණ සුලු මෝහයෙන් අධම වූ එයින් බැඳුනු සත්ත්‍වෙයෝ භවබන්‍ධනය වඩත්.
Pali BJT46. රාගජඤ්ච දොසජඤ්ච මොහජඤ්චාචාපවිද්දසු. කරොන්ති අකුසලං කම්මං සවිඝාතං දුඛුද්රයං.
Sinhala BJT46. අවිද්වත් ජනයෝ රාගයෙන් උපන්, ද්වේෂයෙන් උපන් මෝහයෙනු දු උපන් දුක්සහිත වූ මතුයෙහිත් දුක් වඩන අකුශලකර්‍ම කෙරෙත්.
Pali BJT47. අවිජ්ජානිවුතා පොසා අන්ධභූතා අචක්ඛුකා, යථා ධම්මා තථා සන්තා න නස්සෙවන්ති{4} න මඤ්ඤරෙති.
Sinhala BJT47. අවිද්‍යායෙන් වටා ගත්, ප්‍රඥාචක්‍ෂුස් රහිත, එයින් ම අන්‍ධ වූ, පුරුෂයෝ රාගාදීන් තුබූ පරිදි ම එහි වැටුනාහු අපි මෙබඳු ස්වභාව ඇත්තම්හ යි නො සිතත් මය.
Pali BJT4. 2. 2. 7.
Sinhala BJT4. 2. 2. 7.
Pali BJT[අහි (මෙත්ත) සුත්තං]{*}
Sinhala BJT[අහි (මෙත්ත) සූත්‍රය]
Pali BJT17. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාවත්ථියං අඤ්ඤතරො භික්ඛු අහිනා දට්ඨො කාලකතො හොති. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං:
Sinhala BJT17. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල සැවැත් නුවර එක්තරා මහණෙක් සර්‍පයකු විසින් දෂ්ටව කලුරිය කෙළේ වෙයි. එසඳ බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ:
Pali BJTඉධ භන්තෙ සාවත්ථියං අඤ්ඤතරො භික්ඛු අහිනා දට්ඨො කාලකතොති.
Sinhala BJTවහන්ස, මේ සැවැත්නුවර අන්‍යතර භික්‍ෂුවෙක් සර්‍පදෂ්ට ව කාලක්‍රියා කෙළේය යනුයි.
Pali BJTනහනූන{1} සො භික්ඛවෙ භික්ඛු චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරි. සචෙ හි සො භික්ඛවෙ භික්ඛු චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරෙය්ය, න හි සො භික්ඛවෙ භික්ඛු අහිනා දට්ඨො කාලං කරෙය්ය. කතමානි චත්තාරි අහිරාජකුලානි?
Sinhala BJTමහණෙනි, ඒකාන්තයෙන් ඒ මහණ සතර අහිරාජකුල මෙත්සිතින් නො පැහැසීය. මහණෙනි, ඒ මහණ ඉදින් සතර අහිරාජකුල මෙත්සිතින් පැහැසී නම්, මහණෙනි, ඒ මහණ සපුහු විසින් දෂ්ට ව කලුරිය නො කරන්නේ ම ය. කවර අහිරාජකුල සතරෙක යත්:
Pali BJTවිරූපක්ඛං අහිරාජකුලං, එරාපථං අහිරාජකුලං, ඡබ්යාපුත්තං අහිරාජකුලං, කණ්හාගොතමකං අහිරාජකුලං.
Sinhala BJTවිරූපක්ඛ අහිරාජකුලය, ඒරාපථ අහිරාජකුලය, ඡබ්‍යාපුත්ත අහිරාජකුලය, කණ්හාගෝතමක අහිරාජකුල යි.
Pali BJTනහිනූන සො භික්ඛවෙභික්ඛු ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරි. සචෙ හි සො භික්ඛවෙ භික්ඛු ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරෙය්ය, නහි සො භික්ඛවෙ භික්ඛු අහිනා දට්ඨො කාලං කරෙය්ය.
Sinhala BJTමහණෙනි, ඒ මහණ ඒකාන්තයෙන් මේ සතර අහිරාජකුල මෙත්සිතින් නොපැහැසී. මහණෙනි, ඒ මහණ මේ සතර අහිරාජකුල මෙත්සිතින් පැහැසී නම්, මහණෙනි, ඒ මහණ සපුහු විසින් දෂ්ටව කලුරිය නො කරන්නේ ම ය.
Pali BJTඅනුජානාමි භික්ඛවෙ ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරිතුං, අත්තගුත්තියා අත්තරක්ඛාය අත්තපරිත්තායාති.
Sinhala BJTමහණෙනි, මේ සතර අහිරාජකුල මෙත්සිතින් පහස්නට අනුදනිමි. තමාගේ ගුප්තිය පිණිසය, තමාගේ රකවල පිණිසය, තමාගේ පිරිත් පිණිස යි.
Pali BJT48. විරූපක්ඛෙහි මෙ මෙත්තං මෙත්තං එරාපථෙහි මෙ, ඡබ්යාපුත්තෙහි මෙ මෙත්තං මෙත්තං කණ්හාගොතමකෙහි ච.
Sinhala BJT48. මාගේ මෛත්‍රිය විරූපක්ඛ අහිරාජ කුලයන් හා වේවා. මාගේ මෛත්‍රිය එරාපථ අහිරාජකුලයන් හා වේවා. මාගේ මෛත්‍රිය ඡබ්‍යාපුත්ත අහිරාජකුලයන් හා වේවා. මාගේ මෛත්‍රිය කණ්හාගෝතමක අහිරාජ කුලයන් හා වේවා.
Pali BJT49. අපාදකෙහි මෙ මෙත්තං මෙත්තං දිපාදකෙහි{2} මෙ, චතුප්පදෙහි මෙ මෙත්තං මෙත්තං බහුප්පදෙහි මෙ.
Sinhala BJT49. මාගේ මෛත්‍රිය අපාදක සතුන් හා වේවා. මාගේ මෛත්‍රිය ද්විපාදක සතුන් හා වේවා. මාගේ මෛත්‍රිය චතුෂ්පාදක සතුන් හා වේවා. මාගේ මෛත්‍රිය බහුප්පාදක සතුන් හා වේවා.
Pali BJT50. මා මං අපාදකො හිංසි මා මං හිංසි දිපාදකො, මා මං චතුප්පදො හිංසි මා මං හිංසි බහුප්පදො.
Sinhala BJT50. අපාදක සතෙක් නහමක් මා පෙළාවා. ද්විපාදක සතෙක් නහමක් මා පෙළාවා. චතුෂ්පාදක සතෙක් නහමක් මා පෙළාවා. බහුප්පාදක සතෙක් නහමක් මා පෙළාවා.
Pali BJT51. සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා ච කෙවලා, සබ්බෙ භද්රානි පස්සන්තු මා කඤ්චි පාපමාගමා.
Sinhala BJT51. සියලු සත්ත්‍වයෝ, සියලු ප්‍රාණයෝ, සියලු භූතයෝ යන හැම භද්‍ර දෑ දකිත්වා. කිසිවකු කරා අනිෂ්ටයක් නො එළඹේවා.
Pali BJTඅප්පමාණො බුද්ධො අප්පමාණො ධම්මො. අප්පමාණො සඞ්ඝො. පමාණවන්තානි සිරිංසපානි{3} අහිවිච්ඡිකා සතපදී උණ්ණනාභී සරබූ මූසිකා. කතා මෙ රක්ඛා. කතා මෙ පරිත්තා. පටික්කමන්තු භූතානි. සො’හං නමො භගවතො. නමො සත්තන්නං සම්මාසම්බුද්ධානන්ති.
Sinhala BJTබුද්ධරත්නය ගුණවශයෙන් අප්‍රමාණ වෙයි. ධර්‍මරත්නය ගුණවශයෙන් අප්‍රමාණ වෙයි. සඞ්ඝරත්නය ගුණවශයෙන් අප්‍රමාණ වෙයි. අහිය, ගෝනුහුසුය, සියපාය, මකුළුය, ගෘහගෝධා (සුහුනු) ය, මීය යන සිරිංසපජාතීහු ගුණ විසින් ප්‍රමාණවත්හ. මා විසින් රකවල් කරණ ලදී. මා විසින් පිරිත් කරණ ලදී. භූතයෝ බැස යෙත්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාරකෙරෙමි. සත් සම්බුදුවරුනට නමස්කාර කෙරෙමි.
Pali BJT4. 2. 2. 8.
Sinhala BJT4. 2. 2. 8.
Pali BJT[දෙවදත්තසුත්තං]
Sinhala BJT[දේවදත්ත සූත්‍රය]
Pali BJT18. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ අචිරපක්කන්තෙ දෙවදත්තෙ. තත්ර ඛො භගවා දෙවදත්තං ආරබ්භ භික්ඛූ ආමන්තෙසි :
Sinhala BJT18. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුන් (සඟුන් බිඳ) බැසගිය නොබෝකල් ඇතිවත් ම රජගහ නුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩ වෙසෙති. එසඳ භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුන් අරභයා භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJTඅත්තවධාය භික්ඛවෙ දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි. පරාභවාය භික්ඛවෙ දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, ආත්මවධය පිණිස දේවදත්තහට ලාභසත්කාර යශස් උදා විය. මහණෙනි, පරාභවය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ කදලී අත්තවධාය ඵලං දෙති, පරාභවාය ඵලං දෙති, එවමෙවං ඛො භික්ඛවෙ අත්තවධාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි පරාභවාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, යම්සේ කෙසෙල් ආත්මවධය පිණිස ඵල දේ ද, පිරිහීම පිණිස ඵල දේ ද, මහණෙනි, එපරිදි ම ආත්මවධය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය. පරාභවය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ වෙළු අත්තවධාය ඵලං දෙති, පරාභවාය ඵලං දෙති, එවමෙව ඛො භික්ඛවෙ අත්තවධාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි. පරාභවාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, යම්සේ හුණවනය ආත්මවධය පිණිස ඵල දේ ද, පරාභවය පිණිස ඵල දේ ද, මහණෙනි, එපරිදි ම ආත්මවධය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය. පරාභවය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ නළො අත්තවධාය ඵලං දෙති, පරාභවාය ඵලං දෙති, එවමෙව ඛො භික්ඛවෙ අත්තවධාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි. පරාභවාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, යම්සේ රණහුණ ආත්මවධය පිණිස ඵල දේ ද, පරාභවය පිණිස ඵල දේ ද, මහණෙනි, එ පරිදි ම ආත්මවධය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර යශස් උදා විය. පරාභවය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර යශස් උදා විය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ අස්සතරී අත්තවධාය ගබ්භං ගණ්හාති, එවමෙව ඛො භික්ඛවෙ අත්තවධාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි පරාභවාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදීති.
Sinhala BJTමහණෙනි, යම්සේ (වෙළබ කුසැ ගදුබුවාට දා) අශ්වතරිය ආත්මවධය පිණිස ගප් ගණී ද, මහණෙනි, එපරිදි ම ආත්මවධය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර යශස් උදා විය. පරාභවය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය.
Pali BJT52. ඵලං වෙ කදලිං හන්ති ඵලං වෙළුං ඵලං නළං, සක්කාරො කාපුරිසං හන්ති ගබ්භො අස්සතරිං යථාති
Sinhala BJT52. යම්සේ ඵලය කෙහෙල නස්නේ ම වේ ද, ඵලය මහහුණ නස්නේ ම වේ ද, ඵලය රණහුණ නස්නේ ම වේද, ගබ වෙළබ නස්නේ ම වේ ද, එපරි සත්කාරය කුපුරිස් නසා.
Pali BJT4. 2. 2. 9.
Sinhala BJT4. 2. 2. 9.
Pali BJT[පධානසුත්තං]
Sinhala BJT[පධාන සූත්‍රය]
Pali BJT19. චත්තාරිමානි භික්ඛවෙ පධානානි. කතමානි චත්තාරි?
Sinhala BJT19. මහණෙනි, මේ ප්‍රධන් වීර්‍ය්‍යයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTසංවරප්පධානං, පහාණප්පධානං, භාවනප්පධානං, අනුරක්ඛණප්පධානං.
Sinhala BJTසංවර ප්‍රධන් වීර්‍ය්‍යය, ප්‍රහාණ ප්‍රධන් වීර්‍ය්‍යය, භාවනා ප්‍රධන් වීර්‍ය්‍යය, අනුරක්‍ෂණා ප්‍රධන් වීර්‍ය්‍යයි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ සංවරප්පධානං? ඉධ භික්ඛවෙ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉදං වුච්චති භික්ඛවෙ සංවරප්පධානං.
Sinhala BJTමහණෙනි, සංවර ප්‍රධන් වීර්‍ය්‍යය කවරේය යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලමු අකුසල දහමුන් නූපදනා සඳහා ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත තිර කොට ගණියි. මහණෙනි, මෙ සංවර ප්‍රධන් වීර්‍ය්‍ය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ පහාණප්පධානං? ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහාණාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉදං වුච්චති භික්ඛවෙ පහාණප්පධානං.
Sinhala BJTමහණෙනි, ප්‍රහාණ ප්‍රධන් වීර්‍ය්‍යය නම් කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ලමු අකුසල දහමුන් දුරලනු සඳහා ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත තිර කොට ගණියි. මහණෙනි, මේ ප්‍රහාණ ප්‍රධන් වීර්‍ය්‍ය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ භාවනප්පධානං? ඉධ භික්ඛවෙ භික්ඛු අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉදං වුච්චති භික්ඛවෙ භාවනප්පධානං.
Sinhala BJTමහණෙනි, භාවනා ප්‍රධන් වීර්‍ය්‍යය නම් කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නූපන් කුසල් දහමුන් උපදනා සඳහා ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරේ, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත තිර කොට ගණියි. මහණෙනි, මේ භාවනා ප්‍රධන් වීර්‍ය්‍ය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ අනුරක්ඛණප්පධානං? ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භීයොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉදං වුච්චති භික්ඛවෙ අනුරක්ඛණප්පධානං.
Sinhala BJTමහණෙනි, අනුරක්‍ෂණා ප්‍රධන් වීර්‍ය්‍යය නම් කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ උපන් කුසල් දහමුන්ගේ ස්ථිතිය සඳහා විනාශ නොවන බව සඳහා බොහෝ වන බව සඳහා විපුල වන බව සඳහා භාවනායෙන් පරිපූර්‍ණ වන බව සඳහා ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත තිර කොට ගණියි. මහණෙනි, මේ අනුරක්‍ෂණා ප්‍රධන් වීර්‍ය්‍ය යි කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි පධානානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර ප්‍රධන් වීර්‍ය්‍යයෝ යි.
Pali BJT53. සංවරො ච පහාණං ච භාවනා අනුරක්ඛණා, එතෙ පධානා චත්තාරො, දෙසිතාදිච්චබන්ධුනා, යෙහි භික්ඛු ඉධාතාපී ඛයං දුක්ඛස්ස පාපුණෙති.
Sinhala BJT53. මෙසස්නෙහි කෙලෙස් තවන මහණෙක් යමෙකින් දුඃඛක්‍ෂයට පැමිණේ ද, ඔහුට සංවරය හා ප්‍රහාණය හා භාවනාව හා අනුරක්‍ෂණාව හා මේ සතර ප්‍රධන් වීර්‍ය්‍යයෝ ආදිත්‍යබන්‍ධු බුදුන් විසින් දෙසන ලදහ.
Pali BJT4. 2. 2. 10.
Sinhala BJT4. 2. 2. 10.
Pali BJT[අධම්මිකසුත්තං]
Sinhala BJT[අධම්මික සූත්‍රය]
Pali BJT20. යස්මිං භික්ඛවෙ සමයෙ රාජානො අධම්මිකා හොන්ති, රාජයුත්තාපි තස්මිං සමයෙ අධම්මිකා හොන්ති. රාජයුත්තෙසු අධම්මිකෙසු බ්රාහ්මණගහපතිකාපි තස්මිං සමයෙ අධම්මිකා හොන්ති. බ්රාහ්මණගහපතිකෙසු අධම්මිකෙසු නෙගමජානපදාපි තස්මිං සමයෙ අධම්මිකා හොන්ති. නෙගමජානපදෙසු අධම්මිකෙසු විසමං චන්දිමසුරියා පරිවත්තන්ති. විසමං චන්දිමසුරියෙසු පරිවත්තන්තෙසු විසමං නක්ඛත්තානි තාරකරූපානි පරිවත්තන්ති. විසමං නක්ඛත්තෙසු තාරකරූපෙසු පරිවත්තන්තෙසු විසමං රත්තින්දිවා පරිවත්තන්ති. විසමං රත්තින්දිවෙසු පරිවත්තන්තෙසු විසමං මාසද්ධමාසා පරිවත්තන්ති. විසමං මාසද්ධමාසෙසු පරිවත්තන්තෙසු විසමං උතුසංවච්ඡරා පරිවත්තන්ති. විසමං උතුසංවච්ඡරෙසු පරිවත්තන්තෙසු විසමං වාතා වායන්ති විසමා අපඤ්ජසා. විසමං වාතෙසු වායන්තෙසු විසමෙසු අපඤ්ජසෙසු දෙවතා පරිකුපිතා භවන්ති. දෙවතාසු පරිකුපිතාසු දෙවො න සම්මාධාරං අනුප්පවෙච්ඡති. දෙවෙ න සම්මා ධාරං අනුප්පවෙච්ඡන්තෙ විසමපාකීනි සස්සානි භවන්ති. විසමපාකීනි{1} භික්ඛවෙ සස්සානි මනුස්සා පරිභුඤ්ජන්තා අප්පායුකා ච හොන්ති දුබ්බණ්ණා ච බව්හාබාධා ච.
Sinhala BJT20. මහණෙනි, යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද, එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්‍රාහ්මණගෘහපතිහු ද අධාර්මික වෙති. බ්‍රාහ්මණගෘහපතීන් අධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති. නිගම ජනපද වාසීන් අධාර්මික වූ කල චන්‍ද්‍රසූර්‍ය්‍යයෝ විෂම ව වැටෙත්. විෂම ව චන්‍ද්‍රසූර්‍ය්‍යයන් වැටෙනා කල නක්‍ෂත්‍රතාරකාරූපයෝ විෂම ව වැටෙත්. විෂම ව නක්‍ෂත්‍රතාරකාරූපයන් ප්‍රවෘත්ත වූ කල රාත්‍රින්‍දිවයෝ විෂම ව පවතිත්. විෂම ව රාත්‍රින්‍දිවයන් පවත්නා කල මාසාර්‍ධමාසයෝ විෂම ව පවතිත්. විෂම ව මාසාර්‍ධමාසයන් පවත්නා කල ඍතු සංවත්සරයෝ විෂම ව පවතිත්. විෂම ඍතු සංවත්සරයන් පවත්නා කල දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමයි. දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමන කල්හි දේවතාවෝ ප්‍රකුපිත වෙත්. දේවතාවන් ප්‍රකුපිත වූ කල මනා දහරින් වැසි නො වසියි. වර්‍ෂා සම්‍යක් ධාරායෙන් නො වස්නා කල ශස්‍යයෝ විෂම ව පැසෙත්. මහණෙනි, විෂමපාකී ශස්‍යයන් වළඳ කරණ මිනිස්සු අල්පායුෂ්ක වෙත්. දුර්‍වණ ද වෙත්. දුර්‍වල ද වෙත්. බොහෝ ආබාධ ඇති ද වෙත්.