Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3501-3600 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ මහාසමුද්දෙ න සුකරං උදකස්ස පමාණං ගහෙතුං එත්තකානි උදකාළ්හකානීති වා එත්තකානි උදකාළ්හකසතානීති වා එත්තකානි උදකාළ්හකසහස්සානීති වා එත්තකානි උදකාළ්හකසතසහස්සානීති වා. අථ ඛො අසඞ්ඛ්යෙය්යො අප්පමෙය්යො මහාඋදකක්ඛන්ධොත්වෙව සඞ්ඛං ගච්ඡති. එවමෙව ඛො භික්ඛවෙ ඉමෙහි චතූහි පුඤ්ඤාභිසන්දෙහි කුසලාභිසන්දෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගහෙතුං, එත්තකො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තතීති. අථ ඛො අසඞ්ඛ්යෙය්යො අප්පමෙය්යො මහාපුඤ්ඤක්ඛන්ධොත්වෙව සඞ්ඛං ගච්ඡතීති.
Sinhala BJTමහණෙනි, දියලහ මෙතෙකැයි හෝ දියලහසිය මෙතෙකැයි හෝ දියලහදහස් මෙතෙකැ යි හෝ දියලහසුවහස් මෙතෙකැයි හෝ යම්සේ මහමුහුදෙහි දිය පමණ ගන්නට නො හැකි වේ ද, වැලිත් අසඞ්ඛෙය්‍ය වූ අප්‍රමේය වූ මහත් උදකස්කන්‍ධයෙක් ම යයි ගණයට යේ ද, මහණෙනි, එපරිදි ම මේ සතර පුණ්‍යප්‍රවාහයෙන් කුශලප්‍රවාහයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පුණ්‍යප්‍රමාණය ගන්නට නො හැකි වේ. සුඛ එළවන ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා පුණ්‍යප්‍රවාහය කුශලප්‍රවාහය මෙතෙක කියා යි. වැලිත් අසඞ්ඛෙය්‍ය වූ අප්‍රමේය වූ මහා පුණ්‍යස්කන්‍ධයෙක් ම ය යි ගණනට යෙයි.
Pali BJT1. මහොදධිං අපරිමිතං මහාසරං බහුභෙරවං රතනගණානමාලයං{1}, නජ්ජො යථා නරගණසඞ්ඝසෙවිතා{2} පුථූ සවන්තී උපයන්ති සාගරං.
Sinhala BJT1. පරිමිත රහිත වූ බිහිසුණු අරමුණු ඇති සත්රුවන්ගණට නිවෙස් වූ මහදියකඳ ඇති සයුරුමහදතලාව කරා නරගණසමූහයා විසින් සෙවුනා ලද බොහෝ කොට ගලන නදීහු යම් සේ වැදගණිත් ද,
Pali BJT2. එවං නරං අන්නදපානවත්ථදං සෙය්යානිසජ්ජත්ථරණස්ස දායකං, පුඤ්ඤස්ස ධාරා උපයන්ති පණ්ඩිතං නජ්ජො යථා වාරිවහාව සාගරන්ති.
Sinhala BJT2. අන්නපාන වස්ත්‍ර දායක වූ ශය්‍යානිෂද්‍යාස්තරණ දායක වූ පණ්ඩිත මිනිසා කරා එපරිදි ම පුණ්‍යධාරාවෝ වැදගණිත්. දිය වහන නදීන් සයුර කරා වැදගන්නාක් සෙයිනි.
Pali BJT4. 2. 1. 2.
Sinhala BJT4. 2. 1. 2.
Pali BJT[දුතියපුඤ්ඤාභිසන්දසුත්තං]
Sinhala BJT[දුතිය පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය]
Pali BJT2. චත්තාරො’මෙ භික්ඛවෙ පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සොවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති. කතමෙ චත්තාරො?
Sinhala BJT2. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩනා පිණිස, හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ සතර පුණ්‍යප්‍රවාහ කෙනෙකි. කුශලප්‍රවාහ කෙනෙකි. කවර සතර කෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති : ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. අයං භික්ඛවෙ පඨමො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ඒ භගවත්හු මේ කරුණෙනුදු අර්‍හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. විද්‍යාචරණසම්පන්නයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තර පුරුෂදම්‍යසාරථියහ. දෙවිමිනිස්නට ශාස්තෘයහ. සිවුසස් දත්හ. රාගාදීන් භග්න හෙයින් භගවත්හ යි කියා යි. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ පළමු වන පුණ්‍යප්‍රවාහය. කුශලප්‍රවාහ යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ අරියසාවකො ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති : ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති. අයං භික්ඛවෙ දුතියො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක ධර්‍මයෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, සාන්දෘෂ්ටිකය, අකාලිකය, එව බලව යන විධියට අර්‍හය, උපනයනාර්‍හය, නුවණැතියන් විසින් තමා කෙරෙහි ලා දතයුතුය කියා යි. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස, හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ දෙවන පුණ්‍යප්‍රවාහය. කුශලප්‍රවාහ යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ අරියසාවකො සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති : සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි, අට්ඨපුරිසපුග්ගලා. එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුණෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති. අයං භික්ඛවෙ තතියො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක සඞ්ඝයා කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. භගවත්හුගේ ශ්‍රාවකසඞ්ඝ සුප්‍රතිපන්නය, භගවත්හුගේ ශ්‍රාවකසඞ්ඝ ඍජුප්‍රතිපන්නය, භගවත්හුගේ ශ්‍රාවකසඞ්ඝ න්‍යායප්‍රතිපන්නය, භගවත්හුගේ ශ්‍රාවකසඞ්ඝ සාමීචි ප්‍රතිපන්නය. යම් සතර වැදෑරුම් පුරුෂ යුග කෙනෙක්, අෂ්ටපුරුෂ පුද්ගල කෙනෙක් ඇද්ද භගවත්හුගේ තෙල සවුසඟහු ඇර දෙන්නට නිසි අන්නපානප්‍රතිග්‍රහණයට නිසියහ, ආගන්තුක සත්කාරයට නිසිය හ, දක්‍ෂිණා ප්‍රතිග්‍රහණයට නිසියහ, ඇඳිලි බඳනට නිසියහ. ලෝකයාහට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍රයහ කියා යි. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛ විපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මන වඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ තුන්වන පුණ්‍යප්‍රවාහය, කුශල ප්‍රවාහ යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ අරියසාවකො අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි. අයං භික්ඛවෙ චතුත්ථො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ භුජිස්‍ය වූ විද්වත්ප්‍රශස්ත වූ අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මන වඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ සතරවැනි පුණ්‍යප්‍රවාහය, කුශල ප්‍රවාහ යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සොවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්තීති.
Sinhala BJTමහණෙනි, සුව එළවන, ස්වග්‍රරූපාදි සම්පත් ගෙණ දෙන, සුඛ විපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස, සුඛය පිණිස පවත්නා, මේ සතර වැදෑරුම් පුණ්‍යධාරාය, කුශලධාරා යි.
Pali BJT3. යස්ස සද්ධා තථාගතෙ අචලා සුප්පතිට්ඨිතා, සීලඤ්ච යස්ස කල්යාණං අරියකන්තං පසංසිතං.
Sinhala BJT3. යමක් හට තථාගතයන් වහන්සේ කෙරෙහි අචල වූ මොනවට පිහිටි සැදැහැ ඇද්ද, යමක් හට මාර්‍ගඵල සම්ප්‍රයුක්ත හෙයින් ආර්‍ය්‍යකාන්ත වූ එහෙයින් ම පසස්නා ලද කල්‍යාණ ශීලය ඇද්ද,
Pali BJT4. සඞ්ඝෙ පසාදො යස්සත්ථි උජුභූතඤ්ච දස්සනං, අදළිද්දොති තං ආහු අමොඝං තස්ස ජීවිතං.
Sinhala BJT4. යමක් හට සඞ්ඝයා කෙරෙහි ප්‍රසාදය ඇද්ද, ඍජු වූ ධර්‍මදර්‍ශනය ඇද්ද, ඔහු නො දිළින්දහ යි කියත්. ඔහුගේ ජීවිතය අමෝඝ යි.
Pali BJT5. තස්මා සද්ධඤ්ච සීලඤ්ච පසාදං ධම්මදස්සනං, අනුයුඤ්ජෙථ මෙධාවී සරං බුද්ධානසාසනන්ති.
Sinhala BJT5. එහෙයින් බුදුරදුන්ගේ අනුශාසනය සිහි කරණ ප්‍රශස්ත බුද්ධි ඇතියා සැදෑය, සිල්ය, පැහැදීම්ය, දහම්දස්නය යන මෙහි යෙදෙන්නේ ය.
Pali BJT4. 2. 1. 3.
Sinhala BJT4. 2. 1. 3.
Pali BJT[පඨමසංවාසසුත්තං]
Sinhala BJT[පඨම සංවාස සූත්‍රය]
Pali BJT3. එකං සමයං භගවා අන්තරා ච මධුරං අන්තරා ච වෙරඤ්ජං අද්ධානමග්ගපටිපන්නො හොති. සම්බහුලාපි ඛො ගහපතී ච ගහපතානියො ච අන්තරා ච මධුරං අන්තරා ච වෙරඤ්ජං අද්ධානමග්ගපටිපන්නා හොන්ති. අථ ඛො භගවා මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි{*}. අද්දස්සුං{1} ඛො ගහපතී ච ගහපතානියො ච භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං. දිස්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ ගහපතී ච ගහපතානියො ච භගවා එතදවොච:
Sinhala BJT3. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මධුරා-වේරඤ්ජා දෙ පියෙස අතර අදන්මගට පිළිපන් සේක. බොහෝ ගෘහපතීහු ද ගෘහපති භාර්‍ය්‍යාවෝ ද, මධුරා-වේරඤ්ජා දෙපියෙස අතර අදන්මගට පිළිපන් හ. එක්බිති භාග්‍යවතුන් වහන්සේ මගින් ඉක්ම එක්තරා රුක්මුලෙක වැඩහුන්හ. ඒ ගැහැවියෝ ද ගැහැවි දූහු ද එක්තරා රුක්මුලෙක වැඩහුන් බුදුන් දුටහ. දැක බුදුන් වෙත එළඹිය හ. එළඹ බුදුන් සකසා වැඳ එකත්පස්ව හුන් හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස්ව හුන් ඒ ගැහැවියනුදු ගැහැවි දූනුදු බණවා තෙල වදාළහ.
Pali BJTචත්තාරො’මෙ ගහපතයො සංවාසා. කතමෙ චත්තාරො?
Sinhala BJTගැහැවියෙනි, මේ සතර සහවාස කෙනෙකි. කවර සතර කෙනෙක යත්:
Pali BJTඡවො ඡවාය සද්ධිං සංවසති, ඡවො දෙවියා සද්ධිං සංවසති, දෙවො ඡවාය සද්ධිං සංවසති. දෙවො දෙවියා සද්ධිං සංවසති.
Sinhala BJT(ගුණ නැතියෙන්) ලමු වූයේ (ගුණ නැතියෙන්) ලමු වූවක හා සමග වෙසෙයි. ලමු වූයේ (ගුණ සැපතින්) දෙවු දුවක හා සමග වෙසෙයි. (ගුණ සැපතින්) දෙවි වූයේ ලමු වූවක හා සමග වෙසෙයි. දෙවි වූයේ දෙව්දුවක හා සමග වෙසෙයි.
Pali BJTකථඤ්ච ගහපතයො ඡවො ඡවාය සද්ධිං සංවසති: ඉධ ගහපතයො සාමිකො හොති පාණාතිපාතී අදින්නාදායී කාමෙසු මිච්ඡාචාරී මුසාවාදී සුරාමෙරයමජ්ජපමාදට්ඨායී දුස්සීලො පාපධම්මො මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති, අක්කොසකපරිභාසකො සමණබ්රාහ්මණානං භරියාපිස්ස හොති පාණාතිපාතිනී අදින්නාදායිනී කාමෙසුමිච්ඡාචාරිනී මුසාවාදිනී සුරාමෙරයමජ්ජපමාදට්ඨායිනී දුස්සීලා පාපධම්මා මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති, අක්කොසිකපරිභාසිකා සමණබ්රාහ්මණානං. එවං ඛො ගහපතයො ඡවො ඡවාය සද්ධිං සංවසති.
Sinhala BJTගැහැවියෙනි, කෙසේ ලමු වූයේ ලමු වූවක හා සමග වෙසේ ද? ගැහැවියෙනි, මෙ ලොව සැමියෙක් ප්‍රාණවධ කරන්නේ අයිනාදන් ගන්නේ, කාමයෙහි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, මද පමා දෙකට කරුණු වූ රහමෙර බොන්නේ වෙයි. දුසිල් වූයේ පවිටු දහම් ඇතියේ වැළඳ ගත් මසුරු මල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා බස් බණන්නේ වෙයි. ඔහුගේ භාර්‍ය්‍යාව ද ප්‍රාණවධ කරන්නී, අයිනාදන් ගන්නී, කාමයෙහි මිසහසර ඇත්තී, බොරු කියන්නී, මද පමා දෙකට කරුණු වූ රහමෙර බොන්නී වෙයි. දුසිල් වූවා, ලමුදහම් ඇත්තී, වැළඳ ගත් මසුරු මල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා බස් බණන්නී වෙයි. ගැහැවියෙනි, මෙ පරිදි ලමු වූයේ ලමු වූවක හා එක්ව වෙසෙයි.
Pali BJTකථඤ්ච ගහපතයො ඡවො දෙවියා සද්ධිං සංවසති: ඉධ ගහපතයො සාමිකො හොති පාණාතිපාතී -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨායී දුස්සීලො පාපධම්මො. මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති. අක්කොසකපරිභාසකො සමණබ්රාහ්මණානං. භරියා ච ඛ්වස්ස හොති පාණාතිපාතා පටිවිරතා අදින්නාදානා පටිවිරතා කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා සීලවතී කල්යාණධම්මා, විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති, අනක්කොසිකපරිභාසිකා සමණබ්රාහ්මණානං. එවං ඛො ගහපතයො ඡවො දෙවියා සද්ධිං සංවසති.
Sinhala BJTගැහැවියෙනි, කෙසේ ලමු වූයේ දෙවු දුවක හා එක්ව වෙසේ ද? ගැහැවියෙනි, මෙලොව සැමියෙක් ප්‍රාණවධ කරන්නේ ... මද පමා දෙකට කරුණු වූ රහමෙර බොන්නේ වෙයි. දුසිල් වූයේ, ලමු දහම් ඇත්තේ, වැළඳගත් මසුරු මල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණබමුණනට ආක්‍රෝශ හා නින්‍දාබස් බණන්නේ වෙයි. ඔහුගේ භාර්‍ය්‍යාව ද ප්‍රාණවධයෙන් වැළකියා අයිනාදනින් වැළකියා, කාමයෙහි මිසහසරින් වැළකියා මුසවායෙන් වැළකියා, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියා වෙයි. සිල්වත් වූවා, කලණදහම් ඇත්තී, වැළඳ ගත් මසුරුමල නැති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණබමුණනට ආක්‍රෝශ හා නින්‍දා බස් නො බණන්නී වෙයි. ගැහැවියෙනි, මෙ පරිදි ලමු වූ යේ දෙව්දුවක හා එක්ව වෙසෙයි.
Pali BJTකථඤ්ච ගහපතයො දෙවො ඡවාය සද්ධිං සංවසති: ඉධ ගහපතයො සාමිකො හොති පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො මුසාවාදා පටිවිරතො සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො සීලවා කල්යාණධම්මො, විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති, අනක්කොසකපරිභාසකො සමණබ්රාහ්මණානං. භරියා ච ඛ්වස්ස හොති පාණාතිපාතිනී -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨායිනී දුස්සීලා පාපධම්මා, මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති, අක්කොසිකපරිභාසිකා සමණබ්රාහ්මණානං. එවං ඛො ගහපතයො දෙවො ඡවාය සද්ධිං සංවසති.
Sinhala BJTගැහැවියෙනි, කෙසේ දෙවි වූයේ ලමු වූවක හා එක්ව වෙසේ ද? ගැහැවියෙනි, මෙලොව්හි සැමියෙක් ප්‍රාණවධයෙන් වැළකුනේ, අයිනාදනින් වැළකුනේ, කාමයෙහි මිසහසරින් වැළකුනේ, මුසාවාදයෙන් වැළකුනේ, මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකුනේ වෙයි. සිල්වත් වූයේ, කලණදහම් ඇත්තේ, පැහු මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණන්ට ආක්‍රෝශ හා නින්‍දා බස් නො බණන්නේ වෙයි. ඔහුගේ භාර්‍ය්‍යාව ද ප්‍රාණවධ කරන්නී ... මද පමා දෙකට කරුණු වූ රහ මෙර බොන්නී වෙයි. දුසිල් වූවා, ලමු දහම් ඇත්තී, වැළඳ ගත් මසුරු මල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණබමුණනට ආක්‍රෝශ හා නින්‍දා බස් බණන්නී වෙයි. ගැහැවියෙනි, මෙ පරිදි දෙවි වූයේ ලමු වූවක හා එක්ව වෙසෙයි.
Pali BJTකථඤ්ච ගහපතයො දෙවො දෙවියා සද්ධිං සංවසති: ඉධ ගහපතයො සාමිකො හොති පාණාතිපාතා පටිවිරතො -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො සීලවා කල්යාණධම්මො, විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති, අනක්කොසකපරිභාසකො සමණබ්රාහ්මණානං. භරියාපිස්ස හොති පාණාතිපාතා පටිවිරතා -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා සීලවතී කල්යාණධම්මා; විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති, අනක්කොසිකපරිභාසිකා සමණබ්රාහ්මණානං. එවං ඛො ගහපතයො දෙවො දෙවියා සද්ධිං සංවසති. ඉමෙ ඛො ගහපතයො චත්තාරො සංවාසාති.
Sinhala BJTගැහැවියෙනි, කෙසේ දෙවි වූයේ දෙව්දුවක හා සමග වෙසේ ද? ගැහැවියෙනි, මෙ ලොව සැමියෙක් ප්‍රාණවධයෙන් වැළකුනේ ... මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකුනේ වෙයි. සිල්වත් වූයේ, කලණ දහම් ඇත්තේ, පැහු මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණබමුණනට ආක්‍රෝශ හා නින්‍දා බස් නො බණන්නේ වෙයි. ඔහුගේ භාර්‍ය්‍යාව ද ප්‍රාණවධයෙන් වැළකියා ... මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියා වෙයි. සිල් වත් වූවා, කලණදහම් ඇත්තී, පැහු මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා බස් නො බණන්නී වෙයි. ගැහැවියෙනි, මෙපරිදි දෙවි වූයේ දෙව්දුවක හා එක්ව වෙසෙයි. ගැහැවියෙනි, මේ සතර සහවාසයෝ යි.
Pali BJT6. උභො ච හොන්ති දුස්සීලා කදරියා පරිභාසකා, තෙ හොන්ති ජානිපතයො ඡවා සංවාසමාගතා.
Sinhala BJT6. දෙදෙන ම දුසිල් වූවාහු තදමසුරු වූවාහු නින්‍දා පෙරදැරි බස් බණන්නාහු වෙත් ද, ඒ අඹුසැමි දෙදෙනා ලමු ව සහවාසයට ගියාහු වෙත්.
Pali BJT7. සාමිකො හොති දුස්සීලො කදරියො පරිභාසකො, භරියා සීලවතී හොති වදඤ්ඤූ වීතමච්ඡරා; සාපි දෙවී සංවසති ඡවෙන පතිනා සහ.
Sinhala BJT7. සැමි දුසිල් වෙයි, තද මසුරු වෙයි. නින්‍දා පෙරදැරි කොට බස් බණන්නේ වෙයි. බිරිය සිල්වත් වෙයි. දන්කලු වෙයි. පැහූ මසුරුමල ඇත්තී වෙයි. ඒ දේවිය ලමු සැමියා හා එක්ව වෙසෙයි.
Pali BJT8. සාමිකො සීලවා හොති වදඤ්ඤූ වීතමච්ඡරො, භරියා හොති දුස්සීලා කදරියා පරිභාසිකා; සාපි ඡවා සංවසති දෙවෙන පතිනා සහ.
Sinhala BJT8. සැමි සිල්වත් වෙයි, දන්කලු වෙයි. පැහූ මසුරුමල ඇති වෙයි. බිරිය දුසිල් වෙයි. තද මසුරු වෙයි. නින්‍දා පෙරදැරි කොට බස් බණන්නී වෙයි. හො ද ලමු වූවා දෙවි වූ හිමියා හා එක්ව වෙසෙයි.
Pali BJT9. උභො සද්ධා වදඤ්ඤූ ච සඤ්ඤතා ධම්මජීවිනො, තෙ හොන්ති ජානිපතයො අඤ්ඤමඤ්ඤං පියංවදා.
Sinhala BJT9. දෙදෙන ම සැදැහැති ව දන්කලු ව ශීල සංයම ඇති ව දහම් හි සිට දිවි වටනාහු වෙත් ද, ඒ අඹුසැමිහු උනුනට ප්‍රියංවද වෙත්.
Pali BJT10. අත්ථා සම්පචුරා හොන්ති ඵාසත්ථං{1} උපජායති, අමිත්තා දුම්මනා හොන්ති උභින්නං සමසීලිනං.
Sinhala BJT10. සම සිල් ඇති ඒ දෙදෙනාගේ අභිවෘද්ධිහු ප්‍රවුර වෙත්. උනුනට පහසු විහරණ වෙයි, අමිත්‍රයෝ ද්වේෂයෙන් දුටු සිත් ඇති වෙත්.
Pali BJT11. ඉධ ධම්මං චරිත්වාන සමසීලබ්බතා උභො, නන්දිනො දෙවලොකස්මිං මොදන්ති කාමකාමිනොති.
Sinhala BJT11. මෙලොව සමානශීලව්‍රත ඇති ඒ දෙදෙන දහම් පුරා සතුටු වූවාහු දෙව්ලොව දී කාමසම්පත්ති කැමති වන්නාහු (විපාකමෝදනායෙන්) මුදිත වෙත්.
Pali BJT4. 2. 1. 4.
Sinhala BJT4. 2. 1. 4.
Pali BJT[දුතියසංවාසසුත්තං]
Sinhala BJT[දුතිය සංවාස සූත්‍රය]
Pali BJT4. චත්තාරො’මෙ භික්ඛවෙ, සංවාසා. කතමෙ චත්තාරො?
Sinhala BJT4. මහණෙනි, මේ සංවාසයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඡවො ඡවාය සද්ධිං සංවසති, ඡවො දෙවියා සද්ධිං සංවසති, දෙවො ඡවාය සද්ධිං සංවසති, දෙවො දෙවියා සද්ධිං සංවසති.
Sinhala BJTලමු වූයේ ලමු වූවක හා සමග වෙසෙයි. ලමු වූයේ දෙව්දුවක හා සමග වෙසෙයි. දෙවි වූයේ ලමු වූවක හා එක්ව වෙසෙයි. දෙවිවූයේ දෙව්දුවක හා එක්ව වෙසෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, ඡවො ඡවාය සද්ධිං සංවසති? ඉධ භික්ඛවෙ, සාමිකො හොති පාණාතිපාතී අදින්නාදායී කාමෙසු මිච්ඡාචාරී මුසාවාදී පිසුනාවාචො ඵරුසවාචො සම්පප්ඵලාපී අභිජ්ඣාලු ව්යාපන්නචිත්තො මිච්ඡාදිට්ඨිකො දුස්සීලො පාපධම්මො මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති, අක්කොසකපරිභාසකො සමණබ්රාහ්මණානං. භරියාපිස්ස හොති පාණාතිපාතිනී අදින්නාදායිනී කාමෙසු මිච්ඡාචාරිනී මුසාවාදිනී පිසුනාවාචා ඵරුසාවාචා සම්ඵප්පලාපිනී අභිජ්ඣාලුනී ව්යාපන්නචිත්තා මිච්ඡාදිට්ඨිකා දුස්සීලා පාපධම්මා මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති. අක්කොසිකපරිභාසිකා සමණබ්රාහ්මණානං. එවං ඛො භික්ඛවෙ, ඡවො ඡවාය සද්ධිං සංවසති.
Sinhala BJTමහණෙනි, කෙසේ ලමු වූයේ ලමු වූවක හා සමග වෙසේ ද? මහණෙනි, මෙ ලොව සැමියෙක් ප්‍රාණවධ කරන්නේ, අයිනාදන් ගන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, පෙහෙසුන් බස් ඇත්තේ, පරොස්බස් ඇත්තේ, පලප් බස් ඇත්තේ, දළ ලොබ බහුල කොට ඇත්තේ, ව්‍යාපාද යුත් සිතැත්තේ, මිසදිටු වූයේ වෙයි. දුසිල් වූයේ, පවිටු දහම් ඇතියේ, වැළඳගත් මසුරු මලැති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් බණන්නේ වෙයි. ඔහුගේ භාර්‍ය්‍යාව ද ප්‍රාණවධ කරන්නී, අයිනාදන් ගන්නී, කාමයෙහි වරදවා හැසිරෙන්නී, මුසවා බණන්නී, පෙහෙසුන් තෙපලන්නී, පරොස් බස් තෙපලන්නී, පලප් බස් දොඩන්නී, දැඩිලොබ බහුල කොට ඇත්තී, ව්‍යාපාදයට පත් සිතැත්තී, මිසදිටු ඇත්තී වෙයි. දුසිල් වූවා පවිටු දහම් ඇත්තී, වැළද ගත් මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණබමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් බණන්නී වෙයි. මහණෙනි, මෙ පරිදි ලමු වූයේ ලමු වූවක හා එක්ව වෙසෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, ඡවො දෙවියා සද්ධිං සංවසති? ඉධ භික්ඛවෙ, සාමිකො හොති පාණාතිපාතී -පෙ- මිච්ඡාදිට්ඨිකො පාපධම්මො දුස්සීලො, මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති, අක්කොසකපරිභාසකො සමණබ්රාහ්මණානං. භරියා ච ඛ්වස්ස හොති පාණාතිපාතා පටිවිරතා අදින්නාදානා පටිවිරතා කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා පිසුනාවාචා පටිවිරතා ඵරුසාවාචා පටිවිරතා සම්ඵප්පලාපා පටිවිරතා අනභිජ්ඣාලුනී අව්යාපන්නචිත්තා සම්මාදිට්ඨිකා සීලවතී කල්යාණධම්මා, විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති. අනක්කොසිකපරිභාසිකා සමණබ්රාහ්මණානං. එවං ඛො, භික්ඛවෙ, ඡවො දෙවියා සද්ධිං සංවසති.
Sinhala BJTමහණෙනි, කෙසේ ලමු වූයේ දෙව්දුවක හා සමග වෙසේ ද? මහණෙනි, මෙ ලොව සැමියෙක් ප්‍රාණවධ කරන්නේ, ... මිසදිටු වූයේ පවිටු දහම් ඇත්තේ වෙයි. දුසිල් වූයේ, වැළඳගත් මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් බණන්නේ වෙයි. ඔහුගේ බිරිය ප්‍රාණවධයෙන් වැළකියා, අයිනාදනින් වැළකියා, කාමයෙහි මිසහසරින් වැළකියා, මුසවායෙන් වැළකියා, පෙහෙසුනෙන් වැළකියා, පරොස් බසින් වැළකියා, පලපින් වැළකියා, බිහිලි දළ ලොබින් වැළකියා, ව්‍යාපායට නො ගිය සිතැත්තී සම්දිටු ඇත්තී වෙයි. සිල්වත් වූවා, කලණ දහම් ඇත්තී, පැහූ මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වුසූ වෙයි. මහණබමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් නො බණන්නී වෙයි. මහණෙනි, මෙ පරිදි ලමු වූයේ දෙව්දුවක හා එක්ව වෙසෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, දෙවො ඡවාය සද්ධිං සංවසති: ඉධ භික්ඛවෙ සාමිකො හොති පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො මුසාවාදා පටිවිරතො පිසුනාවාචා පටිවිරතො ඵරුසාවාචා පටිවිරතො සම්ඵප්පලාපා පටිවිරතො අනභිජ්ඣාලු අව්යාපන්නචිත්තො සම්මාදිට්ඨිකො සීලවා කල්යාණධම්මො. විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති අනක්කොසකපරිභාසකො සමණබ්රාහ්මණානං භරියා ච ඛ්වස්ස හොති පාණාතිපාතිනී -පෙ- මිච්ඡාදිට්ඨිකා දුස්සීලා පාපධම්මා මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති අක්කොසිකපරිභාසිකා සමණබ්රාහ්මණානං. එවං ඛො භික්ඛවෙ, දෙවො ඡවාය සද්ධිං සංවසති.
Sinhala BJTමහණෙනි, කෙසේ දෙවිවූයේ ලමුවූවක හා සමග වෙසේ ද? මහණෙනි, මෙලොව සැමියෙක් ප්‍රාණවධයෙන් වැළකුනේ, අයිනාදනින් වැළකුනේ, කාමයෙහි මිසහසරින් වැළකුනේ, මුසවායෙන් වැළකුනේ, පෙහෙසුනින් වැළකුනේ, පරොස් බසින් වැළකුනේ, පලපින් වැළකුනේ, දැඩි ලොබ බිහිලි කොට නැත්තේ, ව්‍යාපාදයට නොපත් සිත් ඇත්තේ, සම්දිටු ඇත්තේ වෙයි. සිල්වත් වූයේ කලණ දහම් ඇත්තේ පැහූ මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසේ. මහණබමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් නො බණන්නේ වෙයි. ඔහුගේ භාර්‍ය්‍යාව ප්‍රාණවධ කරන්නී, ... මිසදිටු ඇත්තී වෙයි. දුසිල් වූවා, පවිටු දහම් ඇත්තී, වැළඳගත් මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙර දැරි බස් බණන්නී වෙයි. මහණෙනි, මෙ පරිදි දෙවිවූයේ ලමුවූවක හා එක්ව වෙසෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, දෙවො දෙවියා සද්ධිං සංවසති: ඉධ භික්ඛවෙ, සාමිකො හොති පාණාතිපාතා පටිවිරතො -පෙ- සම්මාදිට්ඨිකො සීලවා කල්යාණධම්මො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති. අනක්කොසකපරිභාසකො සමණබ්රාහ්මණානං. භරියාපිස්ස හොති පාණාතිපාතා පටිවිරතා -පෙ- සම්මාදිට්ඨිකා සීලවතී කල්යාණධම්මා විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති. අනක්කොසිකපරිභාසිකා සමණබ්රාහ්මණානං. එවං ඛො භික්ඛවෙ, දෙවො දෙවියා සද්ධිං සංවසති. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො සංවාසාති.
Sinhala BJTමහණෙනි, කෙසේ දෙවිවූයේ දෙව්දුවක හා එක්ව වෙසේ ද? මහණෙනි, මෙලොව සැමියෙක් ප්‍රාණවධයෙන් වැළකුනේ, ... සම්දිටු ඇත්තේ වෙයි. සිල්වත් වූයේ කලණ දහම් ඇත්තේ පැහූ මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් නො බණන්නේ වෙයි. ඔහුගේ බිරිය ද ප්‍රාණවධයෙන් වැළකියා ... සම්දිටු ඇත්තී වෙයි. සිල්වත් වූවා කලණ දහම් ඇත්තී පැහු මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් නොබණන්නී වෙයි. මහණෙනි, මෙපරිදි දෙවිවූයේ දෙව්දුවක හා එක්ව වෙසෙයි. මහණෙනි, මේ සතර සහවාසයෝ යි.
Pali BJT12. උභො ච හොන්ති දුස්සීලා කදරියා පරිභාසකා, තෙ හොන්ති ජානිපතයො ඡවා සංවාසමාගතා.
Sinhala BJT12. දෙමහල්ලෝ ම දුසිල් වූවාහු, තදමසුරු වූවාහු නින්‍දාපෙරදැරි බස් බණන්නාහු වෙත් ද, ඒ අඹුසැමි දෙදෙනා ලමු ව සහවාසයට ගියාහු වෙත්.
Pali BJT13. සාමිකො හොති දුස්සීලො කදරියො පරිභාසකො, භරියා සීලවතී හොති වදඤ්ඤූ වීතමච්ඡරා, සාපි දෙවී සංවසති ඡවෙන පතිනා සහ.
Sinhala BJT13. සැමි දුසිල් වෙයි, තද මසුරු වෙයි, නින්‍දා පෙරදැරි කොට බණන්නේ වෙයි. බිරිය සිල්වත් වෙයි, දන්කලු වෙයි, පැහූ මසුරුමල ඇත්තී වෙයි. ඒ දෙවිය ලමු සැමියා හා එක්ව වෙසෙයි.
Pali BJT14. සාමිකො සීලවා හොති වදඤ්ඤූ වීතමච්ඡරො, භරියා හොති දුස්සීලා කදරියා පරිභාසිකා, සාපි ඡවා සංවසති දෙවෙන පතිනා සහ.
Sinhala BJT14. සැමි සිල්වත් වෙයි. දන්කලු වෙයි. පැහු මසුරුමල ඇති වෙයි. බිරිය දුසිල් වෙයි, තදමසුරු වෙයි, නින්‍දා පෙරදැරි බස් බණන්නී වෙයි. හො ද ලමු වූවා දෙවි වූ හිමියා හා එක්ව වෙසෙයි.
Pali BJT15. උභො සද්ධා වදඤ්ඤූ ච සඤ්ඤතා ධම්මජීවිනො, තෙ හොන්ති ජානිපතයො අඤ්ඤමඤ්ඤං පියංවදා.
Sinhala BJT15. දෙදෙන ම සැදැහැති ව, දන්කලු ව ශීලසංයම ඇති ව දහම්හි සිට දිවිවටනාහු වෙත් ද, ඒ අඹුසැමිහු උනුනට ප්‍රියංවද වෙත්.
Pali BJT16. අත්ථා සම්පචුරා හොන්ති ඵාසත්ථං උපජායති, අමිත්තා දුම්මනා හොන්ති උභින්නං සමසීලිනං.
Sinhala BJT16. සමසිල් ඇති, ඒ දෙදෙනාගේ අභිවෘද්ධීහු ප්‍රවුර වෙත්. උනුනට පහසු විහරණ වෙයි. අමිත්‍රයෝ ද්වේෂයෙන් දුටුසිත් ඇති වෙත්.
Pali BJT17. ඉධ ධම්මං චරිත්වාන සමසීලබ්බතා උභො, නන්දිනො දෙවලොකස්මිං මොදන්ති කාමකාමිනොති.
Sinhala BJT17. මෙලොව සමාන ශීලව්‍රත ඇති ඒ දෙදෙන දහම් පුරා සතුටු වූවාහු දෙව්ලොව දී කාමසම්පත් කැමති වන්නාහු මුදිත වෙත්.
Pali BJT4. 2. 1. 5.
Sinhala BJT4. 2. 1. 5.
Pali BJT[පඨම (නකුල) සමජීවීසුත්තං]
Sinhala BJT[පඨම (නකුල) සමජීවී සූත්‍රය]
Pali BJT5. එකං සමයං භගවා භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ{1} භෙසකලාවනෙ{2} මිගදායෙ. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන නකුලපිතුනො ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
Sinhala BJT5. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගුරට සුංසුමාරගිරි නුවර භෙසකලාවන නම් (මිහිඟගස් ඇති) මුවලැව්හි වැඩ වෙසෙති. එක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ නකුලපිතු ගැහැවියාගේ නිවෙස කරා එළඹියහ. එළඹ පැන් වූ අස්නෙහි වැඩහුන්හ.
Pali BJTඅථ ඛො නකුලපිතා ච ගහපති නකුලමාතා ච ගහපතානී යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො නකුලපිතා ගහපති භගවන්තං එතදවොච: –
Sinhala BJTඑක්බිති නකුලපිතු ගැහැවි හා නකුලමාතු ගැහැවිදූ හා දෙදෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් නකුලපිතු ගෙහෙවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය.
Pali BJTයතො මෙ භන්තෙ, නකුලමාතා ගහපතානී දහරස්සෙව දහරා ආනීතා නාභිජානාමි නකුලමාතරං ගහපතානිං මනසාපි අතිචරිතා, කුතො පන කායෙන. ඉච්ඡෙය්යාම මයං භන්තෙ දිට්ඨෙ චෙව ධම්මෙ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අභිසම්පරායඤ්ච අඤ්ඤමඤ්ඤං පස්සිතුන්ති.
Sinhala BJTවහන්ස, යම් කලෙක තරුණවියෙහි සිටි මට තුරුණුවියෙහි සිටි නකුලමාතු ගැහැවිදූ පරිනීත වූ ද, එතැන් සිට නකුලමාතු ගැහැවිදුව සිතින් පවා ඉක්ම ගියෙම් නොදනිමි. කයින් වනාහි කියනු කිම! වහන්ස, අපි දෙදෙනමෝ මෙලොව්හිදු උනුන් දක්නට පරලොව් හි දු උනුන් දක්නට කැමැතියම්හ යනුයි.
Pali BJTනකුලමාතාපි ඛො ගහපතානී භගවන්තං එතදවොච : යත්වාහං භන්තෙ නකුලපිතුනො ගහපතිස්ස දහරස්සෙව දහරා ආනීතා නාභිජානාමි නකුලපිතරං ගහපතිං මනසාපි අතිචරිතා, කුතො පන කායෙන. ඉච්ඡෙය්යාම මයං භන්තෙ දිට්ඨෙ චෙව ධම්මෙ අඤ්ඤමඤ්ඤං පස්සිතුං. අභිසම්පරායඤ්ච අඤ්ඤමඤ්ඤං පස්සිතුන්ති.
Sinhala BJTනකුලමාතු ගැහැවිදූ ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළා: වහන්ස, යම් කලෙක තරුණවියෙහි සිටි මම තරුණවියෙහි සිටි නකුලපිතු ගැහැවිහට ගෙණෙන ලදුම් ද, නකුලපිතු ගැහැවියා සිතින් පවා ඉක්ම ගියෙම් නොදනිමි. කයින් වනාහි කියනු කිම! වහන්ස, අපි දෙදෙනමෝ මෙලොව්හි ද උනුන් දක්නට පරලොව්හි දු උනුන් දක්නට කැමැතියම්හ යනුයි.
Pali BJTආකඞ්ඛෙය්යුං චෙ ගහපතයො උභො ජානිපතයො දිට්ඨෙ චෙව ධම්මෙ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අභිසම්පරායඤ්ච අඤ්ඤමඤ්ඤං පස්සිතුං. උභො ච අස්සු සමසද්ධා සමසීලා සමචාගා සමපඤ්ඤා. තෙ දිට්ඨෙ චෙව ධම්මෙ අඤ්ඤමඤ්ඤං පස්සන්ති අභිසම්පරායඤ්ච අඤ්ඤමඤ්ඤං පස්සන්තීති.
Sinhala BJTගැහැවිකුලවැසියෙනි, ඉදින් අඹුසැමි දෙදෙන මෙලොව්හි ද උනුන් දක්නට පරලොව්හි ද උනුන් දක්නට කැමැති වන්නහු නම් දෙදෙන ම සමසැදැහැ ඇතියාහු නම් සම සිල් ඇතියාහු නම් සමත්‍යාග ඇතියාහු නම් සමප්‍රඥා ඇතියාහු නම් ඔහු දෙදෙන මෙලොව්හි ද උනුන් දක්නාහ. පරලොව්හි ද උනුන් දක්නාහ.
Pali BJT18. උභො සද්ධා වදඤ්ඤූ ච සඤ්ඤතා ධම්මජීවිනො, තෙ හොන්ති ජානිපතයො අඤ්ඤමඤ්ඤං පියංවදා.
Sinhala BJT18. දෙදෙන ම සැදැහැතිව, දන්කලු ව ශීලසංයම ඇතිව දහම්හි සිට දිවිවටනාහු වෙත් ද, ඒ අඹුසැමිහු උනුනට ප්‍රියංවද වෙති.
Pali BJT19. අත්ථා සම්පචුරා හොන්ති ඵාසුකං උපජායති අමිත්තා දුම්මනා හොන්ති උභින්නං සමසීලිනං.
Sinhala BJT19. සමසිල් ඇති ඒ දෙදෙනාගේ අභිවෘද්ධීහු ප්‍රචුර වෙත්. උනුනට පහසු විහරණ වෙයි. අමිත්‍රයෝ ද්වේෂයෙන් දුටුසිත් ඇති වෙත්.
Pali BJT20. ඉධ ධම්මං චරිත්වාන සමසීලබ්බතා උභො, නන්දිනො දෙවලොකස්මිං මොදන්ති කාමකාමිනොති.
Sinhala BJT20. මෙලොව සමාන ශීලව්‍රත ඇති ඒ දෙදෙන දහම් පුරා සතුටු වූවාහු දෙව්ලොව දී කාමසම්පත් කැමැති වන්නාහු මුදිත වෙත්.
Pali BJT4. 2. 1. 6.
Sinhala BJT4. 2. 1. 6.
Pali BJT[දුතිය (නකුල) සමජීවීසුත්තං]
Sinhala BJT[දුතිය (නකුල) සමජීවී සූත්‍රය]
Pali BJT6. ආකඞ්ඛෙය්යුං චෙ භික්ඛවෙ, උභො ජානිපතයො දිට්ඨෙ චෙව ධම්මෙ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අභිසම්පරායඤ්ච අඤ්ඤමඤ්ඤං පස්සිතුං. උභො ව අස්සු සමසද්ධා සමසීලා සමචාගා සමපඤ්ඤා. තෙ දිට්ඨෙ චෙව ධම්මෙ අඤ්ඤමඤ්ඤං පස්සන්ති, අභිසම්පරායඤ්ච අඤ්ඤමඤ්ඤං පස්සන්තීති.
Sinhala BJT6. මහණෙනි, ඉදින් අඹුසැමිහු දෙදෙනා මෙලොව්හිත් පරලොව්හිත් උනුන් දක්නට කැමති වන්නාහු නම් දෙදෙන ම සම සැදැහැ සමසිල් සමත්‍යාග සමප්‍රඥා ඇතිවන්නාහුය. ඔහු දෙදෙන මෙලොව්හි ද පරලොව්හි ද උනුන් දක්නාහ.
Pali BJT21. උභො සද්ධා වදඤ්ඤූ ච සඤ්ඤතා ධම්මජීවිනො, තෙ හොන්ති ජානිපතයො අඤ්ඤමඤ්ඤං පියංවදා.
Sinhala BJT21. දෙමහල්ලෝ ම සැදැහැතිව, දන්කලු ව, ශීලසංයම ඇති ව දහම්හි සිට දිවිවටනාහු වෙත් ද, ඒ අඹුසැමිහු උනුනට ප්‍රියංවද වෙති.
Pali BJT22. අත්ථා සම්පචුරා හොන්ති ඵාසත්ථං උපජායති, අමිත්තා දුම්මනා හොන්ති උභින්නං සමසීලිනං.
Sinhala BJT22. සම සිල් ඇති ඒ දෙදෙනාගේ අභිවෘද්ධීහු ප්‍රචුර වෙත්. උනුනට පහසු විහරණ වෙයි. අමිත්‍රයෝ ද්වේෂයෙන් දුටුසිත් ඇති වෙත්.
Pali BJT23. ඉධ ධම්මං චරිත්වාන සමසීලබ්බතා උභො, නන්දිනො දෙවලොකස්මිං මොදන්ති කාමකාමිනොති.
Sinhala BJT23. මෙලොව සමාන ශීලව්‍රත ඇති ඒ දෙදෙන දහම් පුරා සතුටු වූවාහු දෙව්ලොවදී කාමසම්පත් කැමැති වන්නාහු මුදිත වෙත්.
Pali BJT4. 2. 1. 7.
Sinhala BJT4. 2. 1. 7.
Pali BJT[සුප්පවාසාසුත්තං]
Sinhala BJT[සුප්පවාසා සූත්‍රය]
Pali BJT7. එකං සමයං භගවා කොලියෙසු විහරති සජ්ජනෙලං{1} නාම කොලියානං නිගමො. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන සුප්පවාසාය කොලියධීතාය නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
Sinhala BJT7. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝලිය දනව්වෙහි සජ්ජනෙල නම් කෝලියරජකුලන්ගේ නියම්ගම්හි වැඩ වෙසෙති. එක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ සුප්පාවාසා නම් කොලියරාජදුහිතෘවගේ නිවෙස්නය කරා වැඩිය හ. වැඩ පැන් වූ අස්නෙහි වැඩ හුන්හ.
Pali BJTඅථ ඛො සුප්පවාසා කොලියධීතා භගවන්තං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි, සම්පවාරෙසි. අථ ඛො සුප්පවාසා කොලියධීතා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො සුප්පවාසං කොලියධීතරං භගවා එතදවොච :
Sinhala BJTඑක්බිති සුප්පවාසා කෝලිය රජදුව භාග්‍යවතුන් වහන්සේ ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සතපා ලූ ය. මොනොවට පවරාලූය. එක්බිති සුප්පවාසා කෝලිය රජදූ නිමකළ වැළඳුම් ඇති, පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ දැක එකත්පස් ව හුන. භාග්‍යවතුන් වහන්සේ එකත්පස්ව හුන් සුප්පවාසා කෝලිය රජදුවට තෙල වදාළහ:
Pali BJTභොජනං සුප්පවාසෙ, දෙන්තී අරියසාවිකා පටිග්ගාහකානං චත්තාරි ඨානානි දෙති. කතමානි චත්තාරි?
Sinhala BJTසුප්පවාසාවෙනි, බොජුන් දෙන අරීසැවි ප්‍රතිග්‍රාහකයනට සතර කරුණක් දෙයි. කවර සතර කරුණෙක යත්:
Pali BJTආයුං දෙති වණ්ණං දෙති සුඛං දෙති බලං දෙති. ආයුං ඛො පන දත්වා ආයුස්ස භාගිනී හොති. දිබ්බස්ස වා මානුසස්ස වා. වණ්ණං දත්වා වණ්ණස්ස භාගිනී හොති. දිබ්බස්ස වා මානුසස්ස වා. සුඛං දත්වා සුඛස්ස භාගිනී හොති දිබ්බස්ස වා මානුසස්ස වා. බලං දත්වා බලස්ස භාගිනී හොති දිබ්බස්ස වා මානුසස්ස වා. භොජනං සුප්පවාසෙ දෙන්තී අරියසාවිකා පටිග්ගාහකානං ඉමානි චත්තාරි ඨානානි දෙතීති.
Sinhala BJTආයුෂ දේ, වර්‍ණය දේ, සුඛය දේ, බලය දේ, ආදන් දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්‍ණදාන දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ වර්‍ණයට හිමි වෙයි. සුඛදාන දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ සුඛයට හිමි වෙයි. බලදාන දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ බලයට හිමි වෙයි. සුප්පවාසාවෙනි, බොජුන් දෙන අරීසැවි ප්‍රතිග්‍රාහකයනට මේ සතර කරුණු දෙයි.
Pali BJT24. සුසඞ්ඛතං භොජනං යා දදාති සුචිං පණීතං{2} රසසා උපෙතං, සා දක්ඛිණා උජ්ජුගතෙසු දින්නා චරණොපපන්නෙසු මහග්ගතෙසු, පුඤ්ඤෙන පුඤ්ඤං සංසන්දමානා මහප්ඵලා ලොකවිදූන වණ්ණිතා.
Sinhala BJT24-25 යම් අරිසැවියක් පවිත්‍ර ප්‍රණීත රසයෙන් යුත් බොජුන් මොනොවට සකස් කොට දේද , පසළොස් චරණධර්‍මයෙන් සමන්‍වාගත මහද්ගත වූ රහතුන් විෂයෙහි මහත්ඵල ඇති, බුදුන් විසින් වණන ලද, ඒ දක්‍ෂිණාව දෙන ලද ද, පිනෙන් පින සසඳන මෙබඳු දානය සිහි කරණ යම් අරීසැවි කෙනෙක් උපන් ප්‍රීති ඇතිව ලෝකයෙහි වෙසෙත් ද, ඔහු මසුරුමල මුලුසුන් කොටපියා අනින්‍දිතව සගතැන් පැමිණෙත්.
Pali BJT25. එතාදිසං යඤ්ඤමනුස්සරන්තා යෙ වෙදජාතා විචරන්ති ලොකෙ, විනෙය්ය මච්ඡෙරමලං සමූලං අනින්දිතා සග්ගමුපෙන්ති ඨානන්ති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4. 2. 1. 8.
Sinhala BJT4. 2. 1. 8.
Pali BJT[සුදත්ත අනාථපිණ්ඩික සුත්තං]
Sinhala BJT[සුදත්ත (අනාථපිණ්ඩික) සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT8. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච :
Sinhala BJT8. එක්බිති අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන් අනේපිඬු ගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
Pali BJTභොජනං ගහපති, දදමානො අරියසාවකො පටිග්ගාහකානං චත්තාරි ඨානානි දෙති. කතමානි චත්තාරි?
Sinhala BJTගැහැවිය, බොජුන් දෙන අරීසවු පිළිගාවනට සතර කරුණක් දෙයි. කවර සතර කරුණෙක යත්:
Pali BJTආයුං දෙති, වණ්ණං දෙති, සුඛං දෙති, බලං දෙති. ආයුං ඛො පන දත්වා ආයුස්ස භාගී හොති දිබ්බස්ස වා මානුසස්ස වා. වණ්ණං දත්වා -පෙ- සුඛං දත්වා -පෙ- බලං දත්වා බලස්ස භාගී හොති දිබ්බස්ස වා මානුසස්ස වා. භොජනං ගහපති දදමානො අරියසාවකො පටිග්ගාහකානං ඉමානි චත්තාරි ඨානානි දෙතීති.
Sinhala BJTආයුෂ දෙයි, වර්‍ණය දෙයි, සුඛය දෙයි, බලය දෙයි. ආයුෂ දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්‍ණය දී ... සුඛය දී ... බලය දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ බලයට හිමි වෙයි. ගැහැවියෙනි, බොජුන් දෙන අරීසවු පිළිගාවනට මේ සතර කරුණු දෙයි.
Pali BJT26. යො සඤ්ඤතානං පරදත්තභොජිනං කාලෙන සක්කච්ච දදාති භොජනං, චත්තාරි ඨානානි අනුප්පවෙච්ඡති ආයුඤ්ච වණ්ණඤ්ච සුඛං බලඤ්ච.
Sinhala BJT26. යමෙක් සංයත වූ පරා දුන් බොජුන් වළඳනවුනට නිසි කල්හි සකසා බොජුන් දේ ද, හේ ආයුෂය වර්‍ණය සුඛය බලය යි සතර කරුණු දෙයි.
Pali BJT27. සො ආයුදායී බලදායී සුඛං වණ්ණං දදො නරො,{*} දීඝායු යසවා හොති යත්ථ යත්ථූපපජ්ජතීති.
Sinhala BJT27. ආයුදායක බලදායක සුඛදායක වර්‍ණදායක ඒ මිනිස් යම් යම් තැනෙක උපදනේ ද, එ හැමතැන දීර්‍ඝායුෂ්ක වෙයි. මහාපරිවාර ද වෙයි.
Pali BJT4. 2. 1. 9.
Sinhala BJT4. 2. 1. 9.
Pali BJT[භොජනදායකසුත්තං]
Sinhala BJT[භෝජනදායක සූත්‍රය]
Pali BJT9. භොජනං භික්ඛවෙ දදමානො දායකො පටිග්ගාහකානං චත්තාරි ඨානානි දෙති. කතමානි චත්තාරි?
Sinhala BJT9. මහණෙනි, බොජුන් දෙන දායක පිළිගාවනට සතර කරුණක් දෙයි. කවර සතර කරුණෙක යත්:
Pali BJTආයුං දෙති, වණ්ණං දෙති, සුඛං දෙති, බලං දෙති. ආයුං ඛො පන දත්වා ආයුස්ස භාගී හොති දිබ්බස්ස වා මානුසස්ස වා. වණ්ණං දත්වා -පෙ- සුඛං දත්වා -පෙ- බලං දත්වා බලස්ස භාගී හොති දිබ්බස්ස වා මානුසස්ස වා. භොජනං භික්ඛවෙ, දදමානො දායකො පටිග්ගාහකානං ඉමානි චත්තාරි ඨානානි දෙතීති.
Sinhala BJTආයුෂ දෙයි, වර්‍ණය දෙයි, සුඛය දෙයි, බලය දෙයි. ආයුෂ දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්‍ණය දී ... සුඛය දී ... බලය දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ බලයට හිමි වෙයි. මහණෙනි, බොජුන් දෙන දායක පිළිගාවනට මේ සතර කරුණු දෙයි.
Pali BJT28. යො සඤ්ඤතානං පරදත්තභොජිනං කාලෙන සක්කච්ච දදාති භොජනං, චත්තාරි ඨානානි අනුප්පවෙච්ඡති ආයුඤ්ච වණ්ණඤ්ච සුඛං බලං ච.
Sinhala BJT28. යමෙක් සංයත වූ පරා දුන් බොජුන් වළඳනවුනට නිසි කල්හි සකසා බොජුන් දේ ද, හේ ආයුෂය, වර්‍ණය, සුඛය, බලය යි සතර කරුණු දෙයි.
Pali BJT29. සො ආයුදායී බලදායී සුඛං වණ්ණං දදො නරො, දීඝායු යසවා හොති යත්ථ යත්ථූපපජ්ජතීති.
Sinhala BJT29. ආයුදායක, බලදායක, සුඛදායක, වර්‍ණදායක ඒ මිනිස් යම් යම් තැනක උපදනේ ද, එ හැම තැන දීර්‍ඝායුෂ්ක වෙයි. මහාපරිවාර ද වෙයි.
Pali BJT4. 2. 1. 10.
Sinhala BJT4. 2. 1. 10.
Pali BJT[ගිහිසාමීචිපටිපදාසුත්තං]
Sinhala BJT[ගිහිසාමීචිපටිපදා සූත්‍රය]
Pali BJT10. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච :
Sinhala BJT10. එක්බිති අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් අනේපිඬු ගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
Pali BJTචතූහි ඛො ගහපති ධම්මෙහි සමන්නාගතො අරියසාවකො ගිහිසාමීචිපටිපදං පටිපන්නො හොති යසොපටිලාභිනිං සග්ගසංවත්තනිකං. කතමෙහි චතූහි?
Sinhala BJTගැහැවියෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක යශස් ප්‍රතිලාභයට හේතු වූ ස්වර්‍ගය පිණිස පවත්නා ගිහීසාමීචිපටිපදාවට පිළිපන්නේ වෙයි. කවර සතර කරුණෙකින යත්:
Pali BJTඉධ ගහපති අරියසාවකො භික්ඛුසඞ්ඝං පච්චුපට්ඨිතො හොති චීවරෙන. භික්ඛුසඞ්ඝං පච්චුපට්ඨිතො හොති පිණ්ඩපාතෙන, භික්ඛුසඞ්ඝං පච්චුපට්ඨිතො හොති සෙනාසනෙන, භික්ඛුසඞ්ඝං පච්චුපට්ඨිතො හොති ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන.
Sinhala BJTගැහැවියෙනි, මෙලොව ආර්‍ය්‍යශ්‍රාවකයෙක් සිවුරෙන් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි. පිඬුවායෙන් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි. සෙනසුනින් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි. ගිලන්පස බෙහෙසත් පිරිකරින් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි.
Pali BJTඉමෙහි ඛො ගහපති චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො ගිහිසාමීචිපටිපදං පටිපන්නො හොති යසොපටිලාභිනිං සග්ගසංවත්තනිකන්ති.
Sinhala BJTගැහැවියෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක යශස් ගෙණ දෙන ස්වර්‍ගය පිණිස පවත්නා ගිහීසාමිචි ප්‍රතිපත්තියට පිළිපන්නේ වෙයි.
Pali BJT30. ගිහිසාමීචිපටිපදං පටිපජ්ජන්ති පණ්ඩිතා, සම්මග්ගතෙ සීලවන්තෙ චීවරෙන උපට්ඨිතා, පිණ්ඩපාතසයනෙන ගිලානපච්චයෙන ච.
Sinhala BJT30. සම්‍යග්ගත සිල්වත් පිළිගාවන් සිවුරින් පිඬුවායෙන් යහනින් ගිලන්පසින් උපස්ථාන කරණ පණ්ඩිත ගිහියෝ ගිහීසාමීචි පිළිවෙත පිළිපදිත්.
Pali BJT31. තෙසං දිවා ච රත්තො ච සදා පුඤ්ඤං පවඩ්ඪති, සග්ගඤ්ච කමතිට්ඨානං කම්මං කත්වාන භද්දකන්ති.
Sinhala BJT31. ඔවුනට දවරෑ දෙක්හි හැමදින පින් වැඩෙයි. කල්‍යාණකර්‍ම කොට ස්වර්‍ගයට යෙයි.
Pali BJTපුඤ්ඤාභිසන්දවග්ගො පඨමො.
Sinhala BJTපුණ්‍යාභිසන්‍දවර්‍ගය පළමුවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ පුඤ්ඤාභිසන්දා ද්වෙ සංවාසා ද්වෙ ච හොන්ති සමජීවිනො, සුප්පවාසා සුදත්තො ච භොජනං ගිහිසාමිචිනාති.
Sinhala BJTපුණ්‍යාභිසන්‍ද දෙකය, සංවාස දෙකය, සමජීවී දෙකය, සුප්පාවාසය, සුදත්තය, භෝජනය, ගිහීසාමීචිය යි සූත්‍ර දශයෙකි.
Pali BJT2. පත්තකම්මවග්ගො
Sinhala BJT2. පත්තකම්ම වර්‍ගය
Pali BJT4. 2. 2. 1.
Sinhala BJT4. 2. 2. 1.
Pali BJT[පත්තකම්මසුත්තං]
Sinhala BJT[පත්තකම්ම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT11. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච :
Sinhala BJT11. එකල්හි අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස් ව හුන් අනේපිඬුසිටුහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTචත්තාරො’මෙ ගහපති ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJTගැහැවිය, ලෝකයෙහි ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්‍ලභ වූ මේ සතර දහම්හු ය. කවර සතර දහම්හුය යත්:
Pali BJTභොගා මෙ උප්පජ්ජන්තු සහධම්මෙනාති, අයං පඨමො ධම්මො ඉට්ඨො කන්තො මනාපො දුල්ලභො ලොකස්මිං.
Sinhala BJT‘මට භෝගසම්පත්හු දහම් නො බිඳ ගෙණ උදාවෙත්ව’ යි ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්‍ලභ මේ පළමුවන දහම ය.
Pali BJTභොගෙ ලද්ධා සහධම්මෙන යසො මං අබ්භුග්ගච්ඡතු සහඤාතීහි සහඋපජ්ඣායෙහීති. අයං දුතියො ධම්මො ඉට්ඨො කන්තො මනාපො දුල්ලභො ලොකස්මිං.
Sinhala BJT‘දහම් නො බිඳ ගෙණ භොග සම්පත් ලැබ නෑයන් නො හැර සංදෘෂ්ට, සම්භක්තයන් නො හැර මාගේ පිරිවර සැපත් නැගේව’යි ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්‍ලභ මේ දෙවන දහම ය.