Pali BJT43. චත්තාරො’මෙ භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො:
Sinhala BJT43. මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:
Pali BJTකොධගරු න සද්ධම්මගරු, මක්ඛගරු න සද්ධම්මගරු, ලාභගරු න සද්ධම්මගරු, සක්කාරගරු න සද්ධම්මගරු.
Sinhala BJTසද්ධර්‍මගරුක නොවන ක්‍රෝධගරුකය, සද්ධර්‍මගරුක නොවන මක්ඛගරුකය, සද්ධර්‍මගරුක නොවන ලාභගරුකය, සද්ධර්‍මගරුක නොවන සත්කාරගරුක යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTමහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්‍යමානයහ.
Pali BJTචත්තාරො’මෙ භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:
Pali BJTසද්ධම්මගරු න කොධගරු, සද්ධම්මගරු න මක්ඛගරු, සද්ධම්මගරු න ලාභගරු, සද්ධම්මගරු න සක්කාරගරු.
Sinhala BJTක්‍රෝධගරුක නොවන සද්ධර්‍මගරුකය, මක්ඛගරුක නොවන සද්ධර්‍මගරුකය, ලාභගරුක නොවන සද්ධර්‍මගරුකය, සත්කාරගරුක නොවන සද්ධර්‍මගරුක යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්‍යමානයහ.
Pali BJT109. කොධමක්ඛගරූ භික්ඛූ ලාභසක්කාරගාරවා, න තෙ ධම්මෙ විරූහන්ති සම්මාසම්බුද්ධදෙසිතෙ.
Sinhala BJT109. ලාභසත්කාර කෙරෙහි ගෞරව ඇති ක්‍රෝධය හා ගුණමකු බව ගරු කොට ඇති මහණ කෙනෙක් ඇද්ද, ඔහු සම්මාසම්බුදුරජුන් දෙසූ සද්ධර්‍මයෙහි නො වැඩෙත්.
Pali BJT110. යෙ ච සද්ධම්මගරුනො විහංසු විහරන්ති ච, තෙ වෙ ධම්මෙ විරූහන්ති සම්මාසම්බුද්ධදෙසිතෙති.
Sinhala BJT110. සද්ධර්‍මගරුක වූ යම් භික්‍ෂු කෙනෙක් පෙර විසූහු ද, දැන් වෙසෙත් ද, ඔහු ඒකාන්තයෙන් සම්මාසම්බුදුන් දෙසූ දහමෙහි වැඩෙත්.
Pali BJT4. 1. 5. 4.
Sinhala BJT4. 1. 5. 4.
Pali BJT[දුතියකොධගරුසුත්තං]
Sinhala BJT[දුතිය කෝධගරු සූත්‍රය]
Pali BJT44. චත්තාරොමෙ භික්ඛවෙ, අසද්ධම්මා. කතමෙ චත්තාරො?
Sinhala BJT44. මහණෙනි, මේ අසද්ධර්‍මයෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
Pali BJTකොධගරුතා න සද්ධම්මගරුතා, මක්ඛගරුතා න සද්ධම්මගරුතා, ලාභගරුතා න සද්ධම්මගරුතා, සක්කාරගරුතා න සද්ධම්මගරුතා.
Sinhala BJTක්‍රෝධයෙහි සගෞරව බව ඇත, සද්ධර්‍මයෙහි සගෞරව බව නැත. ගුණ මැකීමෙහි සගෞරව බව ඇත, සද්ධර්‍මයෙහි සගෞරව බව නැත. ලාභයෙහි සගෞරව බව ඇත, සද්ධර්‍මයෙහි සගෞරව බව නැත. සත්කාරයෙහි සගෞරව බව ඇත, සද්ධර්‍මයෙහි සගෞරව බව නැත.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො අසද්ධම්මා.
Sinhala BJTමහණෙනි, මේ සතර අසද්ධර්‍මයෝය.
Pali BJTචත්තාරො’මෙ භික්ඛවෙ, සද්ධම්මා. කතමෙ චත්තාරො?
Sinhala BJTමහණෙනි, මේ සද්ධර්‍මයෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
Pali BJTසද්ධම්මගරුතා න කොධගරුතා, සද්ධම්මගරුතා න මක්ඛගරුතා, සද්ධම්මගරුතා න ලාභගරුතා, සද්ධම්මගරුතා න සක්කාරගරුතා.
Sinhala BJTසද්ධර්‍මයෙහි සගෞරව බව ඇත, ක්‍රෝධයෙහි සගෞරව බව නැත. සද්ධර්‍මයෙහි සගෞරව බව ඇත, මකුගුණෙහි සගෞරව බව නැත. සද්ධර්‍මයෙහි සගෞරව බව ඇත, ලාභයෙහි සගෞරව බව නැත. සද්ධර්‍මයෙහි සගෞරව බව ඇත, සත්කාරයෙහි සගෞරව බව නැත.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො සද්ධම්මාති.
Sinhala BJTමහණෙනි, මේ සතර සද්ධර්‍මයෝය.
Pali BJT111. කොධමක්ඛගරු භික්ඛු ලාභසක්කාරගාරවො, සුඛෙත්තෙ පූතිබීජංව සද්ධම්මෙ න විරූහති.
Sinhala BJT111. ලාභසත්කාරයෙහි ගෞරවය ඇති ක්‍රෝධයෙහි හා ගුණමකු බවෙහි ගෞරවය ඇති මහණෙක් වේ ද, මනා කෙතෙක පූතිබීජයක් මෙන් සද්ධර්‍මශාසනයෙහි නො වැඩෙයි.
Pali BJT112. යෙ ච සද්ධම්මගරුනො විහංසු විහරන්ති ච, තෙ වෙ ධම්මෙ විරූහන්ති ස්නෙහමන්වායමිවොසධාති.
Sinhala BJT112. සද්ධර්‍මය ගරු කොට ඇති යම් පැවිදි කෙනෙක් පෙර විසූහු ද, දැන් වෙසෙත් ද, ඒකාන්තයෙන් ඔහු ඖෂධජාතීහු පෘථිවීස්නේහය ලැබ වැඩෙත් ද, එපරිද්දෙන් සද්ධර්‍මයෙහි වැඩෙත්.
Pali BJT4. 1. 5. 5.
Sinhala BJT4. 1. 5. 5.
Pali BJT[පඨමරොහිතස්සසුත්තං]
Sinhala BJT[පඨම රෝහිතස්ස සූත්‍රය]
Pali BJT45. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT45. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
Pali BJTඅථ ඛො රොහිතස්සො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො රොහිතස්සො දෙවපුත්තො භගවන්තං එතදවොච:
Sinhala BJTඑක්බිති රෝහිතස්ස දෙව්පුත් රෑ බෙහෙවින් ඉක්ම ගිය කල්හි මනහර වර්‍ණයෙන් මුළු ජේතවනය එකලු කොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි රෝහිතස්ස දෙවිපිත් භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
Pali BJTයත්ථ නු ඛො භන්තෙ, න ජායති, න ජීයති, න මීයති, න චවති, න උපපජ්ජති, සක්කා නු ඛො භන්තෙ ගමනෙන ලොකස්ස අන්තං{1} ඤාතුං වා දට්ඨුං වා පාපුණිතුං වාති?
Sinhala BJTවහන්ස, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරන්නේ ද, නො මියන්නේ ද, නො සැවෙන්නේ ද, අපරාපර ප්‍රතිසන්‍ධි වශයෙන් නූපදනේ ද, වහන්ස, පියගමනින් ඒ ලෝකයාගේ කෙළවර දක්නට වේවයි දන්නට වේවයි, පැමිණෙන්නට වේවයි හැකි වේ ද?
Pali BJTයත්ථ ඛො ආවුසො, න ජායති, න ජීයති, න මීයති, න චවති, න උපපජ්ජති. නාහන්තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨය්යං පත්තය්යන්ති වදාමි.
Sinhala BJTඇවත, යම් ම තැනෙක නූපදනේ ද නො දිරන්නේ ද නො මියන්නේ ද නො සැවෙන්නේ ද (අපරාපර ප්‍රතිසන්‍ධි විසින්) නූපදනේ ද, මම පියගමනින් ඒ ලෝකයාගේ ඒ කෙළවර දතයුතු ය යි හෝ දැක්කයුතු යයි හෝ පැමිණිය යුතු ය යි හෝ නො කියමි.
Pali BJTඅච්ඡරියම්භන්තෙ, අබ්භුතම්භන්තෙ, යාව සුභාසිතං චිදම්භන්තෙ භගවතා, යත්ථ ඛො ආවුසො න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති, නාහන්තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං{2} දට්ඨය්යං පත්තය්යන්ති වදාමීති.
Sinhala BJTවහන්ස, ආශ්චර්‍ය්‍යය, වහන්ස, අද්භූතය, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ බස යාවත් සුභාෂිතය. (අත්‍යර්‍ත්‍ථයෙන් සුභාෂිතය) ඇවත, ‘යම් ම තැනෙක නූපදනේ ද නො දිරනේ ද නොමියනේ ද නො සැවනේ ද (අපරාපර ප්‍රතිසන්‍ධි විසින්) නූපදනේ ද, මම පියගමනින් ඒ ලෝකයාගේ ඒ කෙළවර දතයුතු ය යි හෝ දැක්ක යුතු ය යි හෝ පැමිණිය යුතුය යි හෝ නොකියමි” යනුයි.
Pali BJTභූතපුබ්බාහං භන්තෙ, රොහිතස්සො නාම ඉසි අහොසිං භොජපුත්තො ඉද්ධිමා වෙහාසඞ්ගමො. තස්ස මය්හං භන්තෙ, එවරූපො ජවො අහොසි, සෙය්යථාපි නාම දළ්හධම්මො{3} ධනුග්ගහො සික්ඛිතො කතහත්ථො කතූපාසනො ලහුකෙන අසනෙන අප්පකසිරෙන තිරියං තාලච්ඡායං අතිපාතෙය්ය.
Sinhala BJTවහන්ස, පෙර වූ දැයක් කියමි: මම භෝජපුත්‍ර වූ රෝහිතස්ස නම් ඉදුහ ඇති ආකාශචාරී ඍෂියෙකිම් වීමි. වහන්ස, ඒ මට මෙබඳු ජවයෙක් විය. දොළොස් වසක් තුළ දුනුකම්හි ශික්‍ෂිත, කෘතහස්ත, කළ උපාසනා ඇති, දෘඪධන්‍වන් වූ, ධනුර්‍ධරයෙක් ලඝුශරයෙකින් නිදුක් සේ තල්සෙය සරස විද පියා ඉක්මවා ද, එබඳු ජව ය යි.
Pali BJTඑවරූපො පදවීතිහාරො අහොසි, සෙය්යථාපි නාම පුරත්ථිමා සමුද්දා පච්ඡිමො සමුද්දො.
Sinhala BJTපෙරදිග මුහුදින් පැළදිග මුහුද යම් පරිදි දුර වේ ද, එපරිදි දුර වූ පාදව්‍යතීහාරයෙක් (පියමාරු කිරීමක්) වීය.
Pali BJTතස්ස මය්හං භන්තෙ, එවරූපෙන ජවෙන සමන්නාගතස්ස එවරූපෙන ච පදවීතිහාරෙන, එවරූපං ඉච්ඡාගතං උප්පජ්ජි: අහං ගමනෙන ලොකස්ස අන්තං පාපුණිස්සාමීති.
Sinhala BJTවහන්ස, මෙබඳු ජවයෙන් සමන්‍වාගත, මෙබඳු පාදව්‍යතීහාරයෙන් යුත් ඒ මට මෙබඳු ඉච්ඡායෙක් උපන: ‘මම පියගමනින් ලෝකයාගේ අන්තයට පැමිණෙමි’ යනුයි.
Pali BJTසො ඛො අහං භන්තෙ, අඤ්ඤත්රෙව අසිතපීතඛායිතසායිතා, අඤ්ඤත්ර උච්චාරපස්සාවකම්මා අඤ්ඤත්ර නිද්දාකිලමථපටිවිනොදනා, වස්සසතායුකො වස්සසතජීවී වස්සසතං ගන්ත්වා අප්පත්වාව ලොකස්ස අන්තං අන්තරායෙව කාලකතො.
Sinhala BJTවහන්ස, ඒ මම බිදීම් පීම් කෑම් ලෙවීම් හැර මල මූකිස හැර, නිද්‍රාක්ලමථු විනෝදනා හැර වර්‍ෂශතායුෂ්ක වූයෙම් වර්‍ෂශතජීවී වූයෙම් සියක් හවුරුදු ගොස් ලෝකාන්තයට නො පැමිණ ම අතර ම කලුරිය කෙළෙමි.
Pali BJTඅච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාව සුභාසිතං චිදම්භන්තෙ භගවතා, යත්ථ ඛො ආවුසො න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති. නාහන්තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨය්යං පත්තය්යන්ති වදාමීති.
Sinhala BJTවහන්ස, ආශ්චර්‍ය්‍යය, වහන්ස, අද්භූතය, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස යාවත් සුභාෂිතය, ‘ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද නො මියනේ ද නො සැවනේ ද (අපරාපර ප්‍රතිසන්‍ධි විසින්) නූපදනේ ද, මම පියගමනින් ඒ ලෝකයාගේ ඒ කෙළවර දතයුතුය යි හෝ දැක්ක යුතුය යි හෝ පැමිණිය යුතුය යි හෝ නො කියමි’ යනුයි.
Pali BJTයත්ථ ඛො ආවුසො, න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති, නාහන්තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨය්යං පත්තය්යන්ති වදාමි. න චාහං ආවුසො අප්පත්වාව ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමි. අපිචාහං ආවුසො ඉමස්මිං යෙව බ්යාමමත්තෙ කලෙබරෙ සසඤ්ඤිම්හි සමනකෙ ලොකඤ්ච පඤ්ඤාපෙමි. ලොකසමුදයඤ්ච ලොකනිරොධඤ්ච ලොකනිරොධගාමිනිඤ්ච පටිපදන්ති.
Sinhala BJTඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද නො සැවනේ ද (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, පියගමනින් ලෝකයාගේ ඒ අන්තය දත යුතුය යි, දැක්ක යුතුය යි, පැමිණිය යුතුය යි නො කියමි. ඇවැත්නි, මම සංස්කාර ලෝකයාගේ අන්තයට නො පැමිණ ම දුඃඛයාගේ කෙළවර කිරීම ද නො කියමි. ඇවැත්නි, වැලිත් මම සසංඥ වූ සචිත්තක වූ ව්‍යාමමාත්‍ර වූ මේ ආත්මභාවයෙහි ම දුඃඛසත්‍යය ද සමුදයසත්‍යය ද නිරෝධසත්‍යය ද නිරොධගාමිනී ප්‍රතිපත්තිය ද පණවමි.
Pali BJT113. ගමනෙන න පත්තබ්බො ලොකස්සන්තො කුදාචනං, න ච අප්පත්වා ලොකන්තං දුක්ඛා අත්ථි පමොචනං.
Sinhala BJT113. කිසි කලෙකදු පියගමනින් ලෝකාන්තය නො පැමිණිය හැකිය. නිවන් නො පැමිණ දුකින් මිදීමෙක් නැත.
Pali BJT114. තස්මා හවෙ ලොකවිදූ සුමෙධො ලොකන්තගූ වුසිතබ්රහ්මචරියො, ලොකස්ස අන්තං සමිතාවි ඤත්වා නාසිංසතී{1} ලොකමිමං පරඤ්චාති.
Sinhala BJT114. එබැවින් ලෝකය දත්, සුන්‍දර ප්‍රඥා ඇති, නිවණට ගිය, වැස නිම කළ බඹසර ඇති, සන්සිඳ ලූ පව් ඇති, රහත් තෙම ඒකාන්තයෙන් ලෝකාන්තය දැන මෙ ලොව හා පරලොව හා නො පතනේ ය.
Pali BJT4. 1. 5. 6.
Sinhala BJT4. 1. 5. 6.
Pali BJT[දුතියරොහිතස්සසුත්තං]
Sinhala BJT[දුතිය රෝහිතස්ස සූත්‍රය]
Pali BJT46. අථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි: ඉමං භික්ඛවෙ, රත්තිං රොහිතස්සො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො භික්ඛවෙ, රොහිතස්සො දෙවපුත්තො මං එතදවොච:
Sinhala BJT46. එක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මේ රැය රෝහිතස්ස දෙව්පුත් රැය බෙහෙවින් ඉකුත් කල්හි (- මධ්‍යම රාත්‍රියෙහි) විශිෂ්ට ඡවිවර්‍ණ ඇත්තේ මුළු දෙව්රම බබුළුවා මා වෙත පැමිණියේ ය. පැමිණ මා සකසා වැඳ එකත්පස් ව සිටියේ ය. මහණෙනි, එකත්පස්ව සිටි රෝහිතස්ස දෙව්පුත් මට තෙල සැළ කෙළේය:
Pali BJTයත්ථ නු ඛො භන්තෙ න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති. සක්කා නු ඛො සො භන්තෙ, ගමනෙන ලොකස්ස අන්තං ඤාතුං වා දට්ඨුං වා පාපුණිතුං වාති.
Sinhala BJTවහන්ස, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද, නො සැවනේ ද, (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, වහන්ස, පියගමනින් ඒ ලෝකයාගේ එකෙළවර දන්නට වේවයි දක්නට වේවයි පැමිණෙන්නට වේවයි හැකි වේ ද?
Pali BJTඑවං වුත්තෙ අහං භික්ඛවෙ, රොහිතස්සං දෙවපුත්තං එතදවොචං: යත්ථ ඛො ආවුසො, න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති. නාහන්තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨය්යං පත්තය්යන්ති{2} වදාමීති.
Sinhala BJTමහණෙනි, මෙසේ කී කල්හි මම රෝහිතස්ස දෙව්පුත් හට මෙසේ කීමි: ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නොමියනේ ද, නො සැවනේ ද, (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, මම පියගමනින් ඒ ලෝකයාගේ කෙළවර දතයුතු යයි හෝ දැක්ක යුතු ය යි හෝ පැමිණිය යුතු ය යි හෝ නොකියමි.
Pali BJTඑවං වුත්තෙ භික්ඛවෙ, රොහිතස්සො දෙවපුත්තො මං එතදවොච: අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාව සුභාසිතං චිදං භන්තෙ භගවතා, යත්ථ ඛො ආවුසො න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති. නාහන්තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨය්යං පත්තය්යන්ති වදාමීති.
Sinhala BJTමහණෙනි, මෙසේ කී කල්හි රෝහිතස්ස දෙව්පුත් මට මෙසේ කීය: වහන්ස, ආශ්චර්‍ය්‍යය, වහන්ස, අද්භූතය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ බස යාවත් සුභාෂිතය, ‘ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද, නො සැවනේ ද (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, මම පියගමනින් ඒ ලෝකයාගේ එකෙළවර දතයුතු ය යි හෝ දැක්ක යුතු ය යි හෝ පැමිණිය යුතුය යි හෝ නො කියමි’ යනුයි.
Pali BJTභූතපුබ්බාහං භන්තෙ රොහිතස්සො නාම ඉසි අහොසිං භොජපුත්තො ඉද්ධිමා වෙහාසඞ්ගමො. තස්ස මය්හං භන්තෙ එවරූපො ජවො අහොසි: සෙය්යථාපි නාම දළ්හධම්මො{3} ධනුග්ගහො සික්ඛිතො කතහත්ථො කතූපාසනො ලහුකෙන අසනෙන අප්පකසිරෙන තිරියං තාලච්ඡායං අතිපාතෙය්ය.
Sinhala BJTවහන්ස, පෙර වූ දැයක් කියමි: මම භෝජපුත්‍ර වූ රෝහිතස්ස නම් ඉදුහ ඇති, ආකාශචාරී ඍෂියෙකිම් වීමි. වහන්ස, ඒ මට මෙබඳු ජවයෙක් විය. දොළොස් වසක් තුළ ශික්‍ෂිත, කෘතහස්ත, කෘතොපාසන, දෘඪධන්‍වන් වූ, ධනුර්‍ධරයෙක් ලඝුශරයෙකින් නිදුක් සේ තල්සෙය සරස විදපියා ඉක්මවා ද, එබඳු ජව යි.
Pali BJTඑවරූපො පදවීතිහාරො අහොසි, සෙය්යථාපි නාම පුරත්ථිමා සමුද්දා පච්ඡිමො සමුද්දො. තස්ස මය්හං භන්තෙ එවරූපෙන ජවෙන සමන්නාගතස්ස එවරූපෙන ච පදවීතිහාරෙන, එවරූපං ඉච්ඡාගතං උප්පජ්ජි: අහං ගමනෙන ලොකස්සන්තං පාපුණිස්සාමීති.
Sinhala BJTපෙර දිග මුහුදින් පැළදිග මුහු ද යම් පරිදි දුර වේ ද, එපරිදි වූ පාදව්‍යතීහාරයෙක් වීය. වහන්ස, මෙබඳු ජවයෙන් සමන්‍වාගත, මෙබඳු පාදව්‍යතීහාරයෙන් යුත් ඒ මට මෙබඳු ඉච්ඡායෙක් උපන: ‘මම පියගමනින් ලෝකයාගේ කෙළවරට පැමිණෙමි’ යනුයි.
Pali BJTසො ඛො අහං භන්තෙ අඤ්ඤත්රෙව අසිතපීතඛායිතසායිතා අඤ්ඤත්ර උච්චාරපස්සාවකම්මා අඤ්ඤත්ර නිද්දාකිලමථපටිවිනොදනා වස්සසතායුකො වස්සසතජීවී වස්සසතං ගන්ත්වා අප්පත්වාව ලොකස්ස අන්තං අන්තරායෙව{4} කාලකතො.
Sinhala BJTවහන්ස, ඒ මම බිදීම්, පීම්, කෑම්, ලෙවීම් හැර මලමූ කිස හැර නිද්‍රාක්ලමථු විනෝදනා හැර, වර්‍ෂශතායුෂ්ක වූයෙම්, වර්‍ෂශතජීවී වූයෙම් සියක් හවුරුදු ගොස් ලෝකාන්තයට නො පැමිණ ම අතර ම කලුරිය කෙළෙමි.
Pali BJTඅච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාව සුභාසිතං චිදං භන්තෙ භගවතා යත්ථ ඛො ආවුසො න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති, නාහං තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨය්යං පත්තය්යන්ති වදාමීති.
Sinhala BJTවහන්ස, ආශ්චර්‍ය්‍යය, වහන්ස, අද්භූතය, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස යාවත් සුභාෂිතය: ‘ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද, නො සැවනේ ද, (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, මම පියගමනින් ලෝකයාගේ එකෙළවර දතයුතු ය යි හෝ දැක්ක යුතුය යි හෝ පැමිණිය යුතුය යි හෝ නො කියමි’ යනුයි.
Pali BJTඑවං වුත්තෙ අහං භික්ඛවෙ රොහිතස්සං දෙවපුත්තං එතදවොචං: යත්ථ ඛො ආවුසො න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති, නාහං තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨය්යං පත්තය්යන්ති වදාමීති. න චාහං ආවුසො අප්පත්වාව ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමි. අපි චාහං ආවුසො ඉමස්මිං යෙව බ්යාමමත්තෙ කලෙබරෙ සඤ්ඤිම්හි සමනකෙ ලොකඤ්ච පඤ්ඤාපෙමි ලොකසමුදයඤ්ච ලොකනිරොධඤ්ච ලොකනිරොධගාමිනිඤ්ච පටිපදන්ති.
Sinhala BJTමහණෙනි, මෙසේ කී කල්හි මම රෝහිතස්ස දෙව්පුත්හට තෙල කීමි: ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද, නො සැවනේ ද, (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, පියගමනින් ලෝකයාගේ ඒ කෙළවර දතයුතු ය යි, දැක්ක යුතුය යි, පැමිණිය යුතුය යි නො කියමි. ඇවැත්නි, මම (සංස්කාර) ලෝකයාගේ අන්තයට නොපැමිණ ම දුඃඛයාගේ කෙළවර කිරීම ද නො කියමි. ඇවැත්නි, වැලිත් මම සසංඥ වූ සචිත්තක වූ ව්‍යාමමාත්‍ර වූ මේ ආත්මභාවයෙහි ම දුඃඛසත්‍යය ද සමුදයසත්‍යය ද නිරෝධසත්‍යය ද නිරොධගාමිනී ප්‍රතිපත්තිය ද පණවමි.
Pali BJT115. ගමනෙන න පත්තබ්බො ලොකස්සන්තො කුදාචනං, න ච අප්පත්වා ලොකන්තං දුක්ඛා අත්ථි පමොචනං.
Sinhala BJT115. කිසි කලෙකදු පියගමනින් ලොකාන්තය නො පැමිණිය හැකිය. නිවන් නො පැමිණ දුකින් මිදීමෙක් නැත.
Pali BJT116. තස්මා හවෙ ලොකවිදූ සුමෙධො ලොකන්තගූ වුසිතබ්රහ්මචරියො, ලොකස්ස අන්තං සමිතාවි ඤත්වා නාසිංසති ලොකමිමං පරඤ්චාති.
Sinhala BJT116. එබැවින් ලෝකය දත්, සුන්‍දර ප්‍රඥා ඇති, නිවණට ගිය, වැස නිම කළ මග බඹසර ඇති, සන්සිඳ ලූ පව් ඇති, රහත් තෙම ඒකාන්තයෙන් ලොකාන්තය දැන මෙලොව හා පරලොව හා නොපතනේ ය.
Pali BJT4. 1. 5. 7.
Sinhala BJT4. 1. 5. 7.
Pali BJT[සුවිදූරවිදුරසුත්තං]
Sinhala BJT[සුවිදූරවිදූර සූත්‍රය]
Pali BJT47. චත්තාරිමානි භික්ඛවෙ සුවිදූරවිදූරානි. කතමානි චත්තාරි?
Sinhala BJT47. මහණෙනි, මේ සුවිදූර-විදූරස්ථානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTනභං ච භික්ඛවෙ, පථවී ච, ඉදං පඨමං සුවිදූරවිදූරෙ. ඔරිමඤ්ච භික්ඛවෙ තීරං සමුද්දස්ස පාරිමඤ්ච තීරං, ඉදං දුතියං සුවිදූරවිදූරෙ. යතො ච භික්ඛවෙ වෙරොචනො අබ්භුදෙති, යත්ථ ච අත්ථමෙති, ඉදං තතියං සුවිදූරවිදූරෙ. සතඤ්ච භික්ඛවෙ ධම්මො අසතඤ්ච ධම්මො, ඉදං චතුත්ථං සුවිදූරවිදූරෙ.
Sinhala BJTමහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන අහස හා පොළොව හා යයි මේ පළමුවැන්න යි. මහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන සමුද්‍රයාගේ මෙතෙර හා එතෙර හා යයි මේ දෙවැන්න යි. මහණෙනි, යම් තැනෙක හිරු නැඟේ ද, යම් තැනෙක හිරු අස්තයට යේ ද, මේ තෙවැන්න යි. මහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන සත්පුරුෂධර්‍මය හා අසත්පුරුෂධර්‍මය හා යයි මේ සිවුවැන්නයි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි සුවිදූරවිදූරානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර සුවිදූර - විදූරස්ථානයෝ යි.
Pali BJT117. නභං ච දූරෙ පඨවී ච දූරෙ පාරං සමුද්දස්ස තදාහු දූරෙ, යතො ච වෙරොචනො අබ්භුදෙති පභඞ්කරො යත්ථ ච අත්ථමෙති.
Sinhala BJT117. අහස ද දුරෙහි වෙයි. පොළොව ද එයින් දුරෙහි වෙයි. සමුද්‍රයාගේ පරතෙරෙක් ඇද්ද එ ද දුරෙහිය යි කියත්. ප්‍රභාකර වූ හිරු යම් තැනෙක උදා වේ ද, යම් තැනෙක අස්තයට යේ ද (ඒ දෙතැන ද) දුරෙහි ය යි කියත්.
Pali BJT118. තතො හවෙ දූරතරං වදන්ති සතඤ්ච ධම්මං අසතඤ්ච ධම්මං, අබ්යායිකො හොති සතං සමාගමො යාවම්පි{2} තිට්ඨෙය්ය තථෙව හොති, ඛිප්පං හි වෙති අසතං සමාගමො තස්මා සතං ධම්මො අසබ්භි ආරකාති.
Sinhala BJT118. සද්ධර්‍මය ද අසද්ධර්‍මය ද එයට ද වඩා ඒකාන්තයෙන් දූරතරය යි කියත්. සත්සමාගමය ද වෙන්ව නොයන ස්වභාව ඇති වෙයි. යම් තාක් (යම්සේ) සිටුනේ ද එසේ ම සිටුනේ වෙයි. අසත්සමාගමය වහා අපගත වෙයි. එබැවින් සත්පුරුෂධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුර වෙයි.
Pali BJT4. 1. 5. 8.
Sinhala BJT4. 1. 5. 8.
Pali BJT[විසාඛසුත්තං]
Sinhala BJT[විසාඛ සූත්‍රය]
Pali BJT48. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා විසාඛො පඤ්චාලිපුත්තො{1} උපට්ඨානසාලායං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති, පොරියා වාචාය විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා පරියාපන්නාය අනිස්සිතාය.
Sinhala BJT48. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි පඤ්චාලී බැමිණියගේ පුත් ආයුෂ්මත් විසාඛ තෙරණුවෝ උපස්ථාන ශාලායෙහිදී පිරිපුන් වචන ඇති, අපළිබුද්ධ, කෙළතොලු නො වූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නො කළ, දැහැමි කථායෙන් භික්‍ෂූන් කරුණු දක්වා බෙණෙයි. සමාදන් කරවයි. තෙද ගන්වා බෙණෙ යි. පහදවයි.
Pali BJTඅථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙනුපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: කො නු ඛො භික්ඛවෙ, උපට්ඨානසාලායං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති පොරියා වාචාය විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා පරියාපන්නාය අනිස්සිතායාති.
Sinhala BJTඑක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පිළිසලනින් නැගී සිටි සේක් උවටැන්හලට වැඩි සේක. එළඹ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, උපස්ථාන ශාලායෙහි දී කවරෙක් නම් පිරිපුන් වචන ඇති, නොපැකිල ගලාබස්නා හෙයින් විසෘත්‍වර වූ, කෙළතොලු නොවූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නො කළ, දැහැමි කථායෙන් භික්‍ෂූන් කරුණු දක්වා බෙණේ ද, සමාදන් කරවා ද, තෙද ගන්වා බෙණේ ද, පහදවා ලයි ද?
Pali BJTආයස්මා භන්තෙ විසාඛො පඤ්චාලිපුත්තො උපට්ඨානසාලායං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති පොරියා වාචාය විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා පරියාපන්නාය අනිස්සිතායාති.
Sinhala BJTවහන්ස, පඤ්චාලී බැමිණියගේ පුත් ආයුෂ්මත් විසාඛතෙරණුවෝ උපස්ථාන ශාලායෙහි දී පිරිපුන් තෙපුල් ඇති, ගලා බස්නා හෙයින් විසෘත්‍වර වූ, කෙළෙතොළු නො වූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නොකළ, දැහැමි කථායෙන් භික්‍ෂූන් කරුණු දක්වා බෙණෙත්. සමාදන් කරවත්. තෙද ගන්වා බෙණෙත්. පහදවා ලත්.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං විසාඛං පඤ්චාලිපුත්තං එතදවොච: සාධු සාධු විසාඛ, සාධු ඛො ත්වං විසාඛ, භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි පොරියා වාචාය විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා පරියාපන්නාය අනිස්සිතායාති.
Sinhala BJTඑක්බිති භාග්‍යවතුන් වහන්සේ පඤ්චාලී බැමිණියගේ පුත් ආයුෂ්මත් විසාඛ තෙරුන්හට තෙල වදාළ සේක: “මැනව, මැනව, විසාඛයෙනි, විසාඛයෙනි, මැනව. තෙපි පිරිපුන් බස් ඇති, ගලාබස්නා වදන් ඇති, කෙළතොලු නො වූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නො කළ, දැහැමි කථායෙන් භික්‍ෂූන් කරුණු දක්වා බණව, සමාදන් කරව, තෙද ගන්වා බණව, පහදවා ලවයි වදාළහ.
Pali BJT119. න භාසමානං ජානන්ති මිස්සං බාලෙහි පණ්ඩිතං, භාසමානඤ්ච ජානන්ති දෙසෙන්තං අමතං පදං.
Sinhala BJT119. බාලයන් හා මිශ්‍ර වාස ඇති, දැහැමි බස් නො බණන, පණ්ඩිතයා (පණ්ඩිතයෝ) නොදනිත්, නිර්‍වාණපදය (නවවිධලෝකෝත්තරධර්‍මය) දෙසන, දැහැමි කථා බණන්නහු (පණ්ඩිතයෝ) දනිත්.
Pali BJT120. භාසයෙ ජොතයෙ ධම්මං පග්ගණ්හෙ ඉසිනං ධජං, සුභාසිතධජා ඉසයො ධම්මො හි ඉසිනං ධජොති.
Sinhala BJT120. ධර්‍මය බණන්නේය, බබුළුවන්නේය. ඍෂිධ්වජය (ලොවුතුරුදහම) නගා බණන්නේය. ඍෂීහු සුභාෂිත ධ්වජ ඇතියහ. ධර්‍මය වනාහි ඍෂීන්ගේ ධ්වජ යි.
Pali BJT4. 1. 5. 9.
Sinhala BJT4. 1. 5. 9.
Pali BJT[විපල්ලාසසුත්තං]
Sinhala BJT[විපල්ලාස සූත්‍රය]
Pali BJT49. චත්තාරො’මෙ භික්ඛවෙ, සඤ්ඤාවිපල්ලාසා චිත්තවිපල්ලාසා දිට්ඨිවිපල්ලාසා. කතමෙ චත්තාරො?
Sinhala BJT49. මහණෙනි, සංඥාවිපර්‍ය්‍යාසයෝ චිත්තවිපර්‍ය්‍යාසයෝ දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ මොහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅනිච්චෙ භික්ඛවෙ නිච්චන්ති සඤ්ඤාවිපල්ලාසො චිත්තවිපල්ලාසො දිට්ඨිවිපල්ලාසො. දුක්ඛෙ භික්ඛවෙ සුඛන්ති සඤ්ඤාවිපල්ලාසො චිත්තවිපල්ලාසො දිට්ඨිවිපල්ලාසො. අනත්තනි භික්ඛවෙ අත්තාති සඤ්ඤාවිපල්ලාසො චිත්තවිපල්ලාසො දිට්ඨිවිපල්ලාසො. අසුභෙ භික්ඛවෙ සුභන්ති සඤ්ඤාවිපල්ලාසො චිත්තවිපල්ලාසො දිට්ඨිවිපල්ලාසො. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො සඤ්ඤාවිපල්ලාසා චිත්තවිපල්ලාසා දිට්ඨිවිපල්ලාසා.
Sinhala BJTමහණෙනි, අනිත්‍යවස්තුයෙහි, ‘මේ නිත්‍ය ය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාසයෙකි, චිත්තවිපර්‍ය්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෙකි. මහණෙනි, දුඃඛයෙහි, ‘මේ සුඛය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාසයෙකි, චිත්තවිපර්‍ය්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෙකි. මහණෙනි, අනාත්මයෙහි, ‘මේ ආත්මය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාසයෙකි, චිත්තවිපර්‍ය්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෙකි. මහණෙනි, අශුභයෙහි, ‘මේ ශුභය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාසයෙකි, චිත්තවිපර්‍ය්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෙකි. මහණෙනි, මොහු සතර දෙන සංඥාවිපර්‍ය්‍යාස වෙති, චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද වෙති.
Pali BJTචත්තාරො’මෙ භික්ඛවෙ න සඤ්ඤාවිපල්ලාසා න චිත්තවිපල්ලාසා න දිට්ඨිවිපල්ලාසා. කතමෙ චත්තාරො?
Sinhala BJTමහණෙනි, සංඥාවිපර්‍ය්‍යාස නොවන, චිත්තවිපර්‍ය්‍යාස නොවන, දෘෂ්ටිවිපර්‍ය්‍යාස නොවන මොහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅනිච්චෙ භික්ඛවෙ අනිච්චන්ති න සඤ්ඤාවිපල්ලාසො න චිත්තවිපල්ලාසො න දිට්ඨිවිපල්ලාසො. දුක්ඛෙ භික්ඛවෙ දුක්ඛන්ති න සඤ්ඤාවිපල්ලාසො න චිත්තවිපල්ලාසො න දිට්ඨිවිපල්ලාසො. අනත්තනි භික්ඛවෙ අනත්තාති න සඤ්ඤාවිපල්ලාසො න චිත්තවිපල්ලාසො න දිට්ඨිවිපල්ලාසො. අසුභෙ භික්ඛවෙ අසුභන්ති න සඤ්ඤාවිපල්ලාසො න චිත්තවිපල්ලාසො න දිට්ඨිවිපල්ලාසො.
Sinhala BJTමහණෙනි, අනිත්‍යවස්තුයෙහි, ‘මේ අනිත්‍යය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාස නො වේ. චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද නො වේ. මහණෙනි, දුඃඛයෙහි, ‘මේ දුඃඛය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාස නො වේ. චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද නො වේ. මහණෙනි, අනාත්මයෙහි, ‘මේ අනාත්මය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාස නො වේ. චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද නො වේ. මහණෙනි, අශුභයෙහි, ‘මේ අශුභය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාස නො වේ. චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද නො වේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො න සඤ්ඤාවිපල්ලාසා න චිත්තවිපල්ලාසා න දිට්ඨිවිපල්ලාසාති.
Sinhala BJTමහණෙනි, මොහු සතර දෙන සංඥාවිපර්‍ය්‍යාස නොවෙති, චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද නො වෙත්.
Pali BJT121. අනිච්චෙ නිච්චසඤ්ඤිනො දුක්ඛෙ ච සුඛසඤ්ඤිනො, අනත්තනි ච අත්තාති අසුභෙ සුභසඤ්ඤිනො.
Sinhala BJT121. අනිත්‍යවස්තුයෙහි (සංඥාවිපර්‍ය්‍යාස වශයෙන්) නිත්‍ය සංඥා ඇති, දුඃඛයෙහි සුඛසංඥා ඇති, අනාත්මයෙහි ආත්මය යි දත් සංඥා ඇති, අශුභයෙහි ශුභසංඥා ඇති,
Pali BJT122. මිච්ඡාදිට්ඨිගතා සත්තා ඛිත්තචිත්තා විසඤ්ඤිනො, තෙ යොගයුත්තා මාරස්ස අයොගක්ඛෙමිනො ජනා.
Sinhala BJT122. දෘෂ්ටිවිපර්‍ය්‍යාසවශයෙන් මිත්‍යාදෘෂ්ටියට වැටුනු (චිත්තවිපර්‍ය්‍යාස වශයෙන්) වික්‍ෂිප්ත සිත් ඇති, (මෙසේ) විපරීතසංඥාදිය ගත්, යෝගයෙන් ක්‍ෂේමය නො ලත්, ජනසඞ්ඛ්‍යාත ඒ සත්ත්‍වයෝ මාරයාගේ යෝගයෙහි යුක්ත වූවාහු වෙත්.
Pali BJT123. සත්තා ගච්ඡන්ති සංසාරං ජාතිමරණගාමිනො, යදා ච බුද්ධා ලොකස්මිං උප්පජ්ජන්ති පභඞ්කරා.
Sinhala BJT123. ජාතිමරණ කරා යන සුලු ඒ සත්හු සසර ඇවිදිති. යම් කලෙක ලෝකයෙහි නැණ එළිය කරණ චතුස්සත්‍යබුද්ධයෝ පහළ වෙත් ද,
Pali BJT124. තෙමං ධම්මං{1} පකාසෙන්ති දුක්ඛූපසමගාමිනං, තෙසං සුත්වාන සප්පඤ්ඤා සචිත්තං පච්චලද්ධ තෙ.{2}
Sinhala BJT124. ඒ බුදුවරු දුක් සන්හිඳුවන සුලු මේ සිවුසස් දහම් පවසත්. ඒ ප්‍රාඥයෝ ඔවුන්ගේ දහම් අසා ස්වකීය චිත්තය (නො කිලිටි සිත) ලැබ,
Pali BJT125. අනිච්චං අනිච්චතො දක්ඛුං දුක්ඛමද්දක්ඛු දුක්ඛතො, අනත්තනි අනත්තාති අසුභං අසුභතද්දසුං, සම්මාදිට්ඨිසමාදානා සබ්බං දුක්ඛං උපච්චගුන්ති.
Sinhala BJT125. අනිත්‍යය අනිත්‍ය විසින් දුටහ. දුක දුක් විසින් දුටහ. අනාත්මය අනාත්ම විසින් දුටහ. අශුභය අශුභ විසින් දුටහ. මෙසේ සම්‍යග් දර්‍ශනය ගැණීමෙන් සියලු සසර දුක් ඉක්ම ගියහ.
Pali BJT4. 1. 5. 10.
Sinhala BJT4. 1. 5. 10.
Pali BJT[උපක්කිලෙසසුත්තං]
Sinhala BJT[උපක්කිලේස සූත්‍රය]
Pali BJT50. චත්තාරොමෙ භික්ඛවෙ චන්දිමසුරියානං උපක්කිලෙසා යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨා චන්දිමසුරියා න තපන්ති න භාසන්ති න විරොචන්ති. කතමෙ චත්තාරො?
Sinhala BJT50. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නොබබළත් ද, සඳහිරු දෙදෙනාගේ ඒ මේ උපක්ලේශයෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅබ්භා භික්ඛවෙ චන්දිමසුරියානං උපක්කිලෙසො යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨා චන්දිමසුරියා න තපන්ති න භාසන්ති න විරොචන්ති. මහිකා{3} භික්ඛවෙ චන්දිමසුරියානං උපක්කිලෙසො යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨා චන්දිමසුරියා න තපන්ති න භාසන්ති න විරොචන්ති. ධූමරජො,{4} භික්ඛවෙ චන්දිමසුරියානං උපක්කිලෙසො, යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨා චන්දිමසුරියා න තපන්ති න භාසන්ති න විරොචන්ති. රාහු භික්ඛවෙ අසුරින්දො චන්දිමසුරියානං උපක්කිලෙසො යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨා චන්දිමසුරියා න තපන්ති න භාසන්ති න විරොචන්ති. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො චන්දිමසුරියානං උපක්කිලෙසා යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨා චන්දිමසුරියා න තපන්ති න භාසන්ති න විරොචන්ති.
Sinhala BJTමහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නොබබළත් ද, වලාකුළ සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලේශය. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නො බබළත් ද, හිම සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලේශය. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නො බබළත් ද, ධූම-රජස් සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලේශය. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නො බබළත් ද, රාහු අසුරෙන්‍ද්‍ර සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලේශය. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නො බබළත් ද, සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලේශයෝ මේ සතර දෙනා වෙති.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ චත්තාරො සමණබ්රාහ්මණානං උපක්කිලෙසා යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨා එකෙ සමණබ්රාහ්මණා න තපන්ති න භාසන්ති න විරොචන්ති. කතමෙ චත්තාරො?
Sinhala BJTමහණෙනි, එපරිදි ම යම් උපක්ලේශයෙකින් කිලිටි වූ කිසි මහණ බමුණු කෙනෙක් නො බබළත් ද, මහණබමුණන්ගේ ඒ උපක්ලේශයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTසන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා සුරං පිවන්ති මෙරයං, සුරාමෙරයපානා අප්පටිවිරතා. අයං භික්ඛවෙ පඨමො සමණබ්රාහ්මණානං උපක්කිලෙසො යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨා එකෙ සමණබ්රාහ්මණා න තපන්ති න භාසන්ති න විරොචන්ති. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා මෙථුනං ධම්මං පතිසෙවන්ති මෙථුනස්මා ධම්මා අප්පටිවිරතා. අයං භික්ඛවෙ දුතියො සමණබ්රාහ්මණානං උපක්කිලෙසො යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨා එකෙ සමණබ්රාහ්මණා න තපන්ති න භාසන්ති න විරොචන්ති. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා ජාතරූපරජතං සාදියන්ති ජාතරූපරජතපටිග්ගහණා අප්පටිවිරතා. අයං භික්ඛවෙ තතියො සමණබ්රාහ්මණානං උපක්කිලෙසො යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨා එකෙ සමණබ්රාහ්මණා න තපන්ති න භාසන්ති න විරොචන්ති. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා මිච්ඡාජීවෙන ජීවන්ති මිච්ඡාජීවා අප්පටිවිරතා. අයං භික්ඛවෙ චතුත්ථො සමණබ්රාහ්මණානං උපක්කිලෙසො යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨා එකෙ සමණබ්රාහ්මණා න තපන්ති න භාසන්ති න විරොචන්ති. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො සමණබ්රාහ්මණානං උපක්කිලෙසා යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨා එකෙ සමණබ්රාහ්මණා න තපන්ති න භාසන්ති න විරොචන්තීති.
Sinhala BJTමහණෙනි, පස්වැදෑරුම් සුරාව හා සිවුවැදෑරුම් මෛරෙය බොන සුරාමෛරෙය පානයෙන් නො වෙන් ව සිටුනා ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ කිසි මහණබමුණු කෙනෙක් (ගුණාලෝකයෙන්) නො බබළත් ද, මහණබමුණන්ගේ මේ පළමුවන උපක්ලේශ යි. මහණෙනි, මෛථුනධර්‍මය සෙවුනා, මෛථුනධර්‍මයෙන් නො වෙන් ව සිටුනා ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ කිසි මහණබමුණු කෙනෙක් (ගුණවිරෝචනයෙන්) නො බබළත් ද, මහණබමුණන්ගේ මේ දෙවන උපක්ලේශ යි. මහණෙනි, රන්රිදී පිළිගන්නා රන්රිදී පිළිගැණීමෙන් නො වෙන් ව සිටුනා කිසි මහණබමුණු කෙනෙක් ඇත. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ මහණබමුණු කෙනෙක් (ගුණප්‍රතාපයෙන්) නො බබළත් ද, මහණබමුණන්ගේ මේ තුන්වන උපක්ලේශ යි. මහණෙනි, මිථ්‍යාජීවයෙන් ජීවත් වන, මිථ්‍යාජීවයෙන් නො වෙන්ව සිටුනා කිසි මහණබමුණු කෙනෙක් ඇත. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ මහණබමුණෝ නො බබළත් ද, මහණබමුණන්ගේ මේ සතර වන උපක්ලේශ යි. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ මහණබමුණෝ නො බබළත් ද, මේ සතර මහණබමුණන්ගේ ඒ උපක්ලේශයෝ වෙති.
Pali BJT126. රාගදොසපරික්කිට්ඨා එකෙ සමණබ්රාහ්මණා, අවිජ්ජානිවුතා පොසා පියරූපාභිනන්දිනො.
Sinhala BJT126. කිසි මහණබමුණු කෙනෙක් රාගද්වේෂයන් විසින් ඔබ මොබ අදනා ලදහ. ප්‍රිය රූපාරම්මණය ගෙන එහි අභිනන්‍දනය කරණ සුලු ඒ පුරුෂයෝ අවිද්‍යායෙන් වැසුනාහ.
Pali BJT127. සුරං පිවන්ති මෙරයං පටිසෙවන්ති මෙථුනං, රජතං ජාතරූපඤ්ච සාදියන්ති අවිද්දසූ.
Sinhala BJT127. ඒ අන්‍ධබාලයෝ රහමෙර බොත්. මෙවුන්දම් සේවති. රන්රිදී ද පිළිගණිත්.
Pali BJT128. මිච්ඡාජීවෙන ජීවන්ති එකෙ සමණබ්රාහ්මණා, එතෙ උපක්කිලෙසා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා.
Sinhala BJT128-129. කිසි මහණබමුණු කෙනෙක් මිථ්‍යාජීවයෙන් ජීවත් වෙති. යම් උපක්ලේශයෙකින් කිලිටි වූ කිසි මහණබමුණු කෙනෙක් තහවුරු නො වූවාහු වැහෙන කෙලෙස් රජස් ඇත්තාහු ගුණප්‍රතාපයෙන් නො බබළත් ද, ගුණඑළියෙන් නො දිලියෙත් ද, තුලුහු ඒ උපක්ලේශයහ යි ආදිත්‍යබන්‍ධු වූ සම්මාසම්බුදුන් විසින් වදාරණ ලදහ.
Pali BJT129. යෙහි උපක්කිලිට්ඨා{1} එකෙ සමණබ්රාහ්මණා, න තපන්ති න භාසන්ති අද්ධුවා{2} සරජාපගා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT130. අන්ධකාරෙන ඔනද්ධා තණ්හාදාසා සනෙත්තිකා, වඩ්ඪෙන්ති කටසිං ඝොරං ආදියන්ති පුනබ්භවන්ති.
Sinhala BJT130. මෝහාන්‍ධකාරයෙන් වළඳනා ලද තෘෂ්ණාවට දාස වූ තෘෂ්ණායොත්‍ර සහිත ඔහු කැකුළු අත්බව වඩත්. පුනර්‍භවය නැවැත ගණිත්.
Pali BJTරොහිතස්සවග්ගො පඤ්චමො.
Sinhala BJTරෝහිතස්ස වර්‍ගය පස්වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසමාධි පඤ්හං ද්වෙ කොධා රොහිතස්සාපරෙ දුවෙ, සුවිදූරවිසාඛා විපල්ලාසො උපක්කිලෙසෙන තෙ දසාති.
Sinhala BJTසමාධි හා ප්‍රශ්න යන සූත්‍ර දෙකය, ක්‍රෝධ සූත්‍ර දෙකය, රෝහිතස්ස සූත්‍රය හා අන්‍ය වූ රෝහිතස්ස සූත්‍රය, සුවිදූර, විශාඛ සූත්‍ර දෙකය, විපල්ලාසසූත්‍රය හා උපක්කිලේස සූත්‍රය දැ යි. ඔහු දස කෙනෙකි.
Pali BJTපඨමො පණ්ණාසකො.
Sinhala BJTපඨම පණ්ණාසකය නිමි.
Pali BJT2. දුතියො පණ්ණාසකො
Sinhala BJT2. දෙවන පණ්ණාසකය
Pali BJT1. පුඤ්ඤාභිසන්දවග්ගො
Sinhala BJT1. පුඤ්ඤාභිසන්‍ද වර්‍ගය
Pali BJT4. 2. 1. 1.
Sinhala BJT4. 2. 1. 1.
Pali BJT[පඨමපුඤ්ඤාභිසන්දසුත්තං]
Sinhala BJT[ප්‍රථම පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. චත්තාරො’මෙ භික්ඛවෙ, පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සොවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති. කතමෙ චත්තාරො?
Sinhala BJT1. මහණෙනි, සුව එළවන, මොනොවට අග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛ විපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ පුණ්‍යප්‍රවාහයෝ කුශලප්‍රවාහයෝ (කුශලෝප්පත්තීහු) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTයස්ස භික්ඛවෙ භික්ඛු චීවරං පරිභුඤ්ජමානො අප්පමාණං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති. අප්පමාණො තස්ස පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, යම් දායකයකුගේ සිවුරු වළඳනා මහණෙක් අර්‍හත්‍වඵලසමාධියට සමවැද වෙසේ ද, ඔහුට සුව එළවන මනා අග්‍ර රූපාදිසම්පත් දෙන සුඛ විපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා අප්‍රමාණ පුණ්‍යප්‍රවාහයෙක් කුශලප්‍රවාහයෙක් වෙයි.
Pali BJTයස්ස භික්ඛවෙ භික්ඛු පිණ්ඩපාතං පරිභුඤ්ජමානො අප්පමාණං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති, අප්පමාණො තස්ස පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, යම් දායකයකුගේ පිඬුවා වළඳන මහණෙක් අර්‍හත්ත්‍වඵල සමාධියට එළඹ වෙසේද, ඔහුට සුව එළවන අග්‍ර වූ රූපාදි සම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා අප්‍රමාණ පුණ්‍යප්‍රවාහයෙක් කුශලප්‍රවාහයෙක් වෙයි.
Pali BJTයස්ස භික්ඛවෙ භික්ඛු සෙනාසනං පරිභුඤ්ජමානො අප්පමාණං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති, අප්පමාණො තස්ස පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, යම් දායකයකුගේ සෙනසුන් වළඳ කරණ මහණෙක් අර්‍හත්ත්‍වඵලසමාධියට එළඹ වෙසේද, ඔහුට සුව එළවන ස්වග්‍ර රූපාදිසම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා අප්‍රමාණ පුණ්‍යප්‍රවාහයෙක් කුශලප්‍රවාහයෙක් වෙයි.
Pali BJTයස්ස භික්ඛවෙ භික්ඛු ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජමානො අප්පමාණං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති, අප්පමාණො තස්ස පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, යම් දායකයකුගේ ගිලන්පස බෙහෙත් පිරිකර වළඳ කරණ මහණෙක් අර්‍හත්ත්‍වඵලසමාධියට එළඹ වෙසේ ද, ඔහුට සුව එළවන ස්වග්‍ර රූපාදිසම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස, සුඛය පිණිස පවත්නා අප්‍රමාණ පුණ්‍යප්‍රවාහයෙක් කුශලප්‍රවාහයෙක් වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සොවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති.
Sinhala BJTමහණෙනි, සුව එළවන ස්වග්‍ර රූපාදිසම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා මේ සතර පුණ්‍යප්‍රවාහයෝ - කුශලප්‍රවාහයෝ යි.
Pali BJTඉමෙහි ච පන භික්ඛවෙ චතූහි පුඤ්ඤාභිසන්දෙහි කුසලාභිසන්දෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගහෙතුං,{1} එත්තකො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තතීති. අථ ඛො අසඞ්ඛ්යෙය්යො අප්පමෙය්යො මහාපුඤ්ඤක්ඛන්ධොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මේ සතර පුණ්‍යප්‍රවාහයෙන් කුශලප්‍රවාහයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පුණ්‍යප්‍රමාණය ගන්නට සුකර නො වේ. සුව එළවන ස්වග්‍ර රූපාදිසම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා පුණ්‍යප්‍රවාහය කුශලප්‍රවාහය මෙතෙක කියා යි. වැලිත් අසඞ්ඛෙය්‍ය වූ අප්‍රමේය වූ මහා පුණ්‍යස්කන්‍ධයෙක් ම ය යි ගණයට යෙයි.