Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3301-3400 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTභවං හි ගොතමො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධිය ඵලප්‍රඥාව ඉහාත්මයෙහි ම තමන් වහන්සේ වෙසෙසින් දැන පසක් කොට ගෙණ සමවැද වසන සේක.
Pali BJTඅද්ධා ඛො තෙ බ්රාහ්මණ, ආසජ්ජ උපනීයවාචා භාසිතා. අපි ච ත්යාහං ව්යාකරිස්සාමි:
Sinhala BJTබමුණ, තා විසින් ඝටා එළවා තෙපුලෙක් ඒකාන්තයෙන් ම බණන ලදී. වැලිත් තාහට මම එළි කොට කියන්නෙමි.
Pali BJTඅහං හි බ්රාහ්මණ, බහුජනහිතාය පටිපන්නො බහුජනසුඛාය. බහු මෙ ජනතා අරියෙ ඤායෙ පතිට්ඨාපිතා, යදිදං කල්යාණධම්මතා කුසලධම්මතා.
Sinhala BJTබමුණ, මම වනාහි බහුජනහිතය පිණිස, බහුජනසුඛය පිණිස පිළිපන්මි. මා විසින් කල්‍යාණධර්‍මතා කුශලධර්‍මතා සඞ්‍යාත වූ ආර්‍ය්‍යන්‍යාය යි කියන ලද විවසුන් සහගිය මගෙහි බොහෝ ජනතාවක් පිහිටුවන ලදු.
Pali BJTඅහං හි බ්රාහ්මණ, යං විතක්කං ආකඞ්ඛාමි විතක්කෙතුං, තං විතක්කං විතක්කෙමි. යං විතක්කං නාකඞ්ඛාමි විතක්කෙතුං, න තං විතක්කං විතක්කෙමි. යං සඞ්කප්පං ආකඞ්ඛාමි සඞ්කප්පෙතුං, තං සඞ්කප්පං සඞ්කප්පෙමි. යං සඞ්කප්පං නාකඞ්ඛාමි සඞ්කප්පෙතුං, න තං සඞ්කප්පං සඞ්කප්පෙමි.
Sinhala BJTබමුණ, මම යම් විතර්‍කයක් විතකන්නට කැමැතියෙම් ද, ඒ විතක් විතකමි. යම් විතර්‍කයක් විතකන්නට නො කැමැතියෙම් ද, ඒ විතක් නො විතකමි. යම් සංකල්පයක් සංකල්පනය පිණිස කැමැතියෙම් ද, ඒ සංකල්පය සංකල්පනා කරමි. යම් සංකල්පයක් සංකල්පනය පිණිස නො කැමැතියෙම් ද, ඒ සංකල්පය සංකල්පනා නො කරමි.
Pali BJTඅහං හි බ්රාහ්මණ, චෙතොවසිප්පත්තො විතක්කපථෙසු. අහං හි බ්රාහ්මණ, චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJTබ්‍රාහ්මණය, මම විතර්‍කපථයෙහි චිත්තවශීප්‍රාප්තයෙමි. බ්‍රාහ්මණය, මම විශුද්ධචිත්තසංනිඃශ්‍රිත වූ දෘෂ්ටධර්‍මසුඛ විහරණ වූ සිවු දැහැන් කැමැති සේ ලබන සුල්ලෙම් නිදුකින් ලබන සුල්ලෙම්, විපුල සේ ලබන සුල්ලෙම් වෙමි.
Pali BJTඅහං හි බ්රාහ්මණ, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති.
Sinhala BJTබ්‍රාහ්මණය, මම ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධිය හා ඵලප්‍රඥාව ඉහාත්මයෙහි ම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට සමවැද වෙසෙමි.
Pali BJT84. යො වෙදි සබ්බසත්තානං මච්චුපාසා පමොචනං, හිතං දෙවමනුස්සානං ඤායං ධම්මං පකාසයී, යං වෙ දිස්වා ච සුත්වා ච පසීදති බහුජ්ජනො.
Sinhala BJT84. යම් කෙනෙක් සර්‍වසත්ත්‍වයන්ගේ මෘත්‍යුපාශය මුදා ලන මග අවබෝධ කළ සේක් ද, යම් ධර්‍මයක් නුවණින් දැක අසා බොහෝ දෙන ඒකාන්තයෙන් පහදනේ ද, දෙවිමිනිස්නට හිත වූ ඒ න්‍යායධර්‍මය පැවසූ සේක් ද,
Pali BJT85. මග්ගාමග්ගස්ස කුසලො කතකිච්චො අනාසවො, බුද්ධො අන්තිමසාරීරො මහාපඤ්ඤො මහාපුරිසොති වුච්චතීති.
Sinhala BJT85. මාර්‍ගාමාර්‍ග පිළිබඳ කුශල වූ කෘතකෘත්‍ය වූ අනාස්‍රව වූ අන්තිම දේහධාරී වූ චතුස්සත්‍යාවබෝධ ඇති ඒ මහාප්‍රාඥයන් වහන්සේ මහාපුරුෂයහ යි කියනු ලැබෙත්.
Pali BJT4. 1. 4. 6.
Sinhala BJT4. 1. 4. 6.
Pali BJT[දොණ (ලොක) සුත්තං{*}]
Sinhala BJT[දොණ (ලෝක) සූත්‍රය]
Pali BJT36. එකං සමයං භගවා අන්තරා ච උක්කට්ඨං අන්තරා ච සෙතව්යං අද්ධානමග්ගපටිපන්නො හොති. දොණොපි සුදං බ්රාහ්මණො අන්තරා ච උක්කට්ඨං අන්තරා ච සෙතව්යං අද්ධානමග්ගපටිපන්නො හොති. අද්දසා ඛො දොණො බ්රාහ්මණො භගවතො පාදෙසු චක්කානි සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරානි. දිස්වානස්ස එතදහොසි: “අච්ඡරියං වත භො. අබ්භුතං වත භො. න වතිමානි මනුස්සභූතස්ස පාදානි භවිස්සන්තීති.
Sinhala BJT36. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨා සේතව්‍යා දෙනුවර අතර අදන්මගට පිළිපන් සේක. ද්‍රෝණ බමුණුත් උක්කට්ඨා සේතව්‍යා දෙනුවර අතර දික්මගට පිළිපන්නේ වෙයි. ද්‍රෝණ බමුණු භාග්‍යවතුන් වහන්සේගේ පාදයෙහි දහසක් අර ඇති නිම් සියෝ නැබ සියෝ සර්‍වාකාරයෙන් පරිපූර්‍ණ වූ ලක්‍ෂණ චක්‍රයන් දිට. දැක ඔහුට මෙ බඳු සිතෙක් වී: “භවත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යය, භවත්නි ඒකාන්තයෙන් අද්භූතය. ඒකාන්තයෙන් තෙල පාද මිනිසක්හුගේ පාද නොවන්නේ වනැ” යි.
Pali BJTඅථ ඛො භගවා මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි, පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
Sinhala BJTඑක්බිති භාග්‍යවතුන් වහන්සේ මඟින් බැහැරව එක්තරා රුක්මුලෙක පලක් බැඳ උපරිමකාය ඍජු කොට තබා අභිමුඛ කොට සිහිය එළවා වැඩ හුන්හ.
Pali BJTඅථ ඛො දොණො බ්රාහ්මණො භගවතො පාදානි අනුගච්ඡන්තො අද්දස භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං පාසාදිකං පසාදනීයං සන්තින්ද්රියං සන්තමානසං උත්තමදමථසමථමනුප්පත්තං දන්තං ගුත්තං සංයතින්ද්රියං නාගං. දිස්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච:
Sinhala BJTඑක්බිති ද්‍රෝණ බමුණා භාග්‍යවතුන් වහන්සේගේ පිය අනුව යන්නේ එක්තරා රුක්මුලෙක හුන් ප්‍රසාද ජනක වූ ප්‍රසාදයට කරුණු වූ සන්හුන් ඉඳුරන් ඇති සන්හුන් සිත් ඇති උත්තම දමථ ශමථ සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍ව මාර්‍ග-සමාධි දෙකට පත් දාන්ත වූ ගෝපිත වූ රැකි ඉඳුරන් ඇති නාග වූ භාග්‍යවතුන් වහන්සේ දිටි. දැක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:
Pali BJTදෙවො නො භවං භවිස්සතීති? න ඛො අහං බ්රාහ්මණ, දෙවො භවිස්සාමීති. ගන්ධබ්බො නො භවං භවිස්සතීති? න ඛො අහං බ්රාහ්මණ, ගන්ධබ්බො භවිස්සාමීති. යක්ඛො නො භවං භවිස්සතීති? න ඛො අහං බ්රාහ්මණ, යක්ඛො භවිස්සාමීති. මනුස්සො නො භවං භවිස්සතීති? න ඛො අහං බ්රාහ්මණ, මනුස්සො භවිස්සාමීති.
Sinhala BJTභවත් දෙවි වෙයි හොයි? බමුණ, මම දෙවි නො වෙමි යි. භවත් ගන්‍ධර්‍ව වෙයි හොයි? බමුණ, මම ගන්‍ධර්‍ව නො වෙමි යි. භවත් යක්‍ෂ වෙයි හොයි? බමුණ, මම යක්‍ෂ නො වෙමි යි. භවත් මනුෂ්‍ය වෙයි හො යි? බමුණ, මම මනුෂ්‍ය නො වෙමි යි.
Pali BJTදෙවො නො භවං භවිස්සතීති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං බ්රාහ්මණ, දෙවො භවිස්සාමී’ති වදෙසි. ගන්ධබ්බො නො භවං භවිස්සතීති ඉති පුට්ඨො සමානො‘න ඛො අහං බ්රාහ්මණ, ගන්ධබ්බො භවිස්සාමී’ති වදෙසි. යක්ඛො නො භවං භවිස්සතීති ඉති පුට්ඨො සමානො‘න ඛො අහං බ්රාහ්මණ, යක්ඛො භවිස්සාමී’ති වදෙසි. මනුස්සො නො භවං භවිස්සතීති ඉති පුට්ඨො සමානො‘න ඛො අහං බ්රාහ්මණ, මනුස්සො භවිස්සාමී’ති වදෙසි. අථ කො චරහි භවං භවිස්සතීති.
Sinhala BJT‘භවත් දෙවි වෙයි හොයි?’ මෙසේ පුළුවුස්නා ලද්දෙහි ‘බමුණ, මම දෙවි නො වෙමි’ යි කියහි. ‘භවත් ගන්‍ධර්‍ව වෙයි හොයි?’ මෙසේ පුළුවුස්නා ලද්දෙහි ‘බමුණ, මම ගන්‍ධර්‍ව නො වෙමි’ යි කියහි. ‘භවත් යක්‍ෂ වෙයි හොයි?’ මෙසේ පුළුවුස්නා ලදුයෙහි ‘බමුණ, මම යක්‍ෂ නො වෙමි’ යි කියහි. ‘භවත් මනුෂ්‍ය වෙයි හොයි?’ මෙසේ පුළුවුස්නා ලදුයෙහි ‘බමුණ, මම මනුෂ්‍ය නො වෙමි’ යි කියහි. එබැවින් භවත් කවරේ ය? යි කීය.
Pali BJTයෙසං ඛො අහං බ්රාහ්මණ, ආසවානං අප්පහීණත්තා දෙවො භවෙය්යං, තෙ මෙ ආසවා පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. යෙසං ඛො අහං බ්රාහ්මණ, ආසවානං අප්පහීණත්තා ගන්ධබ්බො භවෙය්යං -පෙ- යක්ඛො භවෙය්යං -පෙ- මනුස්සො භවෙය්යං, තෙ මෙ ආසවා පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා.
Sinhala BJTබමුණ, මම යම් බඳු කාමාදි ආස්‍රවයන්ගේ අප්‍රහීණභාවය හේතු කොට ගෙණ දෙවි වෙම් නම් මාගේ ඒ ආස්‍රවයෝ ප්‍රහීණයහ. මුලුසුන්හ. මස්තකච්ඡින්න තාලයක් මෙන් අවස්තුකභාවයට පමුණුවන ලදහ. අභාවප්‍රාප්ත කරණ ලදහ. මතුයෙහි නූපදනා දහම් ඇතියහ. බමුණ, මම යම්බඳු ආස්‍රව කෙනකුන්ගේ අප්‍රහීණභාවය හේතු කොට ගෙණ ගන්‍ධර්‍ව වෙම් නම් - යක්‍ෂ වෙම් නම් - මනුෂ්‍ය වෙම් නම් මාගේ ඒ ආස්‍රවයෝ ප්‍රහීණයහ. මුලුසුන්හ. මස්තකච්ඡින්නතාලයක් මෙන් අවස්තුකභාවයට පමුණුවන ලදහ. අභාවප්‍රාප්ත කරණ ලදහ. මතුයෙහි නූපදනා ස්වභාව ඇතියහ.
Pali BJTසෙය්යථාපි බ්රාහ්මණ, උප්පලං වා පදුමං වා පුණ්ඩරීකං වා උදකෙ ජාතං උදකෙ සංවඩ්ඪං උදකං අච්චුග්ගම්ම ඨාති අනුපලිත්තං උදකෙන. එවමෙව ඛො අහං බ්රාහ්මණ, ලොකෙ ජාතො ලොකෙ සංවඩ්ඪො ලොකං අභිභුය්ය විහරාමි අනුපලිත්තො ලොකෙන. බුද්ධොති මං බ්රාහ්මණ, ධාරෙහීති.
Sinhala BJTබමුණ, යම්සේ උපුලෙක් වේවයි, පියුමෙක් වේවයි, හෙළ පියුමෙක් වේවයි, දියෙහි උපන්නේ දියෙහි වැඩුනේ දිය පැනගෙන නැගී දියෙන් අනුපලිප්තව සිටුනේ ද, බමුණ, එපරිදි ම මම ලොව්හි උපනෙම්, ලොව්හි වැඩුනෙම්, ලොව මැඩ ගෙණ ලෝකයා විසින් අනුපලිප්තව වෙසෙමි. බමුණ, මා බුදුහ යි දනුව.
Pali BJT86. යෙන දෙවූපපත්යස්ස ගන්ධබ්බො වා විහඞ්ගමො, යක්ඛත්තං යෙන ගච්ඡෙය්යං මනුස්සත්තඤ්ච අබ්බජෙ,{1} තෙ මය්හං ආසවා ඛීණා විද්ධස්තා විනලීකතා.
Sinhala BJT86. යම් කාමාදි ආස්‍රව කෙනෙකුන් නිසා මට දෙව්ලොව උපත් වේ නම්, ආකාශවර ගන්‍ධර්‍ව වෙම් නම්, යම් ආස්‍රව කෙනෙකුන් නිසා යක්බවට යෙම් නම්, මිනිස් බවට හා යෙම් නම්, මාගේ ඒ ආස්‍රවයෝ ක්‍ෂීණයහ. විධ්වස්තයහ. පහ කළ නල (බැඳුම්) ඇතියහ.
Pali BJT87. පුණ්ඩරීකං යථා වග්ගු{2} තොයෙන නූපලිප්පති, නූපලිත්තොම්හි{3} ලොකෙන, තස්මා බුද්ධොස්මි බ්රාහ්මණාති.
Sinhala BJT87. සිත්කලු හෙළ පියුමෙක් යම්සේ දියෙන් නො ගැල්වේ ද, එසෙයින් ම ලෝකයා විසින් උපලිප්ත නො වෙමි. බමුණ, එහෙයින් මම බුදුමි.
Pali BJT4. 1. 4. 7.
Sinhala BJT4. 1. 4. 7.
Pali BJT[අපරිහානියසුත්තං]
Sinhala BJT[අපරිහානිය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT37. චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො පරිහානාය නිබ්බානස්සෙව සන්තිකෙ. කතමෙහි චතූහි?
Sinhala BJT37. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත මහණ පරිහාණියට අභව්‍යය. නිවන් හමුයෙහි ම සිටුනේය. කවර සතර කරුණෙන යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සීලසම්පන්නො හොති, ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති, භොජනෙ මත්තඤ්ඤූ හොති, ජාගරියං අනුයුත්තො හොති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ ශීලසම්පන්න වෙයි, ඉන්‍ද්‍රියයෙහි පියූ දොර ඇතියේ වෙයි, භෝජනයෙහි පමණ දන්නේ වෙයි, නිදි වැරීමෙහි යෙදුනේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු සීලසම්පන්නො හොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලසම්පන්නො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ ශීලසම්පන්න වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව වෙසෙයි, ආචාරගෝචරසම්පන්න වෙයි, අණුමාත්‍ර වරදෙහිත් බිය දක්නා සුලු වෙයි, සමාදන් කොට ගෙණ සිකපෙදෙහි හික්මෙයි. මහණෙනි මෙසේ මහණ ශීලසම්පන්න වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති: ඉධ භික්ඛවෙ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුව්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති.
Sinhala BJTමහණෙනි, මහණ කෙසේ නම් ඉන්‍ද්‍රියයෙහි පියූ දොර ඇතියේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිති නො ගන්නා සුලු වෙයි. අනුව්‍යඤ්ජන නො ගන්නා සුලු වෙයි. යමක් හේතු කොට ගෙණ චක්‍ෂුරින්‍ද්‍රියයෙහි අසංවෘත ව වසන තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලමු අකුසල් දහම්හු ලුහුබැඳ ගන්නාහු වෙත් ද, එය ඇවිරීම පිණිස පිළිපදනේ ය. චක්‍ෂුරින්‍ද්‍රියය රක්නේ ය. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
Pali BJTසොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය -පෙ- න නිමිත්තග්ගාහී හොති, නානුව්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති.
Sinhala BJTකණින් හඬ අසා - නැහැයෙන් ගඳ අසා - දිවෙන් රස විඳ - කයින් පහස් පැහැස - සිතින් දහම් දැන නිමිති ගන්නා සුලු නො වේ. අනුව්‍යඤ්ජන ගන්නා සුලු නො වේ. යමක් හේතු කොට ගෙණ මනින්‍ද්‍රියයෙහි අසංවෘත ව වසන තෙල මහණහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලමු අකුසල් දහම්හු ලුහු බැඳ ගන්නාහු වෙත් ද එය ඇවිරීම පිණිස පිළිපදනේ ය. මනින්‍ද්‍රිය රක්නේ ය. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මෙසේ මහණ පියූ දොර ඇතියේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු භොජනෙ මත්තඤ්ඤූ හොති: ඉධ භික්ඛවෙ, භික්ඛු පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙති: නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය. ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්රා ච මෙ භවිස්සති, අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු භොජනෙ මත්තඤ්ඤූ හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ භෝජනයෙහි මාත්‍රඥ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නුවණින් මෙනෙහි කොට අහර වළඳයි. කෙසේ ද: දවය පිණිස නො වෙයි. මද වැඩීමට නො වෙයි. මණ්ඩනයට නො වෙයි. විභූෂණයට නො වෙයි. මේ කරජකායයාගේ ස්ථිතිය පිණිස ම වෙයි, යැපීම පිණිස ම වෙයි, විහිංසා සන්සිඳුවාලීම පිණිස ම වෙයි. මෙසේ මේ අහර නිසා පැරණි වේදනාව ද නසමි. අලුත් වේදනා ද නූපදවමි. මාගේ ජීවිතයාත්‍රාව ද වෙයි. අනවද්‍යතාව ද වෙයි. පහසු විහරණය ද වෙයි. (කියායි.) මහණෙනි, මෙසේ මහණ භෝජනයෙහි මාත්‍රඥ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු ජාගරියං අනුයුත්තො හොති: ඉධ භික්ඛවෙ, භික්ඛු දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති, රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති, රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙති පාදෙ පාදං අච්චාධාය, සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා. රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු ජාගරියං අනුයුත්තො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ නිදිවැරීමෙහි යෙදුනේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ දවස සක්මනින් හිඳීමෙන් ආවරණීය දහමින් සිත ශුද්ධ කෙරෙයි. රැය පළමු යම සක්මනින් හිඳීමෙන් ආවරණීය දහමින් සිත පිරිසිදු කෙරෙයි. රැය මැදුම් යම දකුණු ඇළයෙන් දකුණුපයෙහි වම්පය මඳක් ඇද තබා ස්මෘතිමත් වූයේ නුවණින් දන්නේ ‘නැගී සිටිමි’ යන සංඥාව මෙනෙහි කොට ගෙණ සිංහශය්‍යා කෙරෙයි. රැය පැසිම් යම සක්මනින් හිඳීමෙන් ආවරණීය දහමින් සිත පිරිසිදු කෙරෙයි. මහණෙනි, මෙසේ මහණ නිදි වැරීමෙහි යෙදුනේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො පරිහානාය, නිබ්බානස්සෙව සන්තිකෙති.
Sinhala BJTමහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත මහණ පරිහාණිය පිණිස අභව්‍ය වෙයි. නිවන් හමුයෙහි ම වෙයි.
Pali BJT88. සීලෙ පතිට්ඨිතො භික්ඛු ඉන්ද්රියෙසු ච සංවුතො, භොජනම්හි ච මත්තඤ්ඤූ ජාගරියං අනුයුඤ්ජති.
Sinhala BJT88. ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි පිහිටි ඉන්‍ද්‍රියයෙහි සංවර ඇති භෝජනයෙහි මාත්‍රඥ වූ මහණ නිදි වැරීමෙහි යෙදුනේ වේ ද,
Pali BJT89. එවං විහාරමාතාපී අහොරත්තමතන්දිතො, භාවයං කුසලං ධම්මං යොගක්ඛෙමස්ස පත්තියා.
Sinhala BJT89. මෙසේ වසන වැර ඇති දවරෑ නො මැලි නිවන් වදනු සඳහා කුසල්දහම් වඩන -
Pali BJT90. අප්පමාදරතො භික්ඛු පමාදෙ භයදස්සිවා, අභබ්බො පරිහානාය නිබ්බානස්සෙව සන්තිකෙති.
Sinhala BJT90. අප්‍රමාදයෙහි ඇලුනු ප්‍රමාදයෙහි භය දක්නා සුලු ඒ මහණ පරිහාණිය පිණිස අභව්‍ය වෙයි. නිවන් හමුයෙහි ම සිටුනේය.
Pali BJT4. 1. 4. 8.
Sinhala BJT4. 1. 4. 8.
Pali BJT[පතිලීනසුත්තං]
Sinhala BJT[පතිලීන සූත්‍රය]
Pali BJT38. පනුන්නපච්චෙකසච්චො භික්ඛවෙ, භික්ඛු සමවයසට්ඨෙසනො{2} පස්සද්ධකායසඞ්ඛාරො පතිලීනොති වුච්චති.
Sinhala BJT38. මහණෙනි, (සත්‍යදර්‍ශන නම් මේ යයි වෙන වෙන ගත්වන බැවින්) ප්‍රත්‍යෙක සඞ්ඛ්‍යාත දෘෂ්ටිසත්‍යයන් පහ කළ මහණ මොනොවට වුහුටු හැම සෙවීම් ඇතියේ සන්හුන් කායසංස්කාර ඇතියේ එකලා බවට ගියේය යි කියනු ලැබේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු පනුන්නපච්චෙකසච්චො හොති? ඉධ භික්ඛවෙ, භික්ඛුනො යානි තානි පුථුසමණබ්රාහ්මණානං පුථුපච්චෙකසච්චානි සෙය්යථිදං: සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා අන්තවා ලොකොති වා අනන්තවා ලොකොති වා තං ජීවං තං සරීරන්ති වා අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා හොති තථාගතො පරම්මරණාති වා න හොති තථාගතො පරම්මරණාති වා හොති ච න හොති තථාගතො පරම්මරණාති වා නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා සබ්බානිස්ස තානි පනුන්නානි හොන්ති, චත්තානි වන්තානි මුත්තානි පහීණානි පටිනිස්සට්ඨානි. එවං ඛො භික්ඛවෙ, භික්ඛු පනුන්නපච්චෙකසච්චො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ ප්‍රත්‍යෙක සත්‍යයන් හළේ වේ ද යත්: මහණෙනි, බොහෝ මහණ බමුණන්ගේ යම් ඒ බොහෝ වූ වෙන් වෙන් කොට ගත් සත්‍යයෝ ඇත. ඒ කෙසේය යත්: ලෝකය ශාස්වතය කියා හෝ, ලෝකය අශාශ්වතය කියා හෝ, ලෝකය අන්ත ඇතියේය කියා හෝ, ලෝකය අන්ත නැතියේය කියා හෝ, ඒ ම ජීවය ඒ ම ශරීරය කියා හෝ, ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙක කියා හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි වෙයි කියා හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි නො වෙයි කියා හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි වන්නේත් නොවන්නේත් වෙයි කියා හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි නො ම වෙයි නොවන්නේත් නො වෙයි කියා හෝ, දෘෂ්ටීහු වෙත් ද, මෙසස්නෙහි ඒ මහණහු විසින් එ හැම වාදයෝ හරණ ලද්දාහු වෙත්; ත්‍යක්ත වෙත්; වාන්ත වෙත්; මුදන ලද්දාහු වෙත්; ප්‍රහීණ වෙත්; බැහැර ලන ලද්දාහු වෙත්. මහණෙනි මෙසේ මහණ ප්‍රනුදිතප්‍රත්‍යෙකසත්‍ය නම් වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු සමවයසට්ඨෙසනො හොති? ඉධ භික්ඛවෙ, භික්ඛුනො කාමෙසනා පහීණා හොති, භවෙසනා පහීණා හොති, බ්රහ්මචරියෙසනා පටිප්පස්සද්ධා. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සමවයසට්ඨෙසනො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ මොනොවට වුහුටු හැම සෙවීම් ඇතියේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණහට කාමෛෂණාව ප්‍රහීණ වෙයි. භවෛෂණාව ප්‍රහීණ වෙයි. බ්‍රහ්මචර්‍ය්‍ය - ඒෂණාව ප්‍රතිප්‍රශ්‍රබ්ධ වෙයි. මහණෙනි මෙසේ මහණ මොනොවට වුහුටු හැම සෙවීම් ඇත්තේ නම් වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු පස්සද්ධකායසඞ්ඛාරො හොති? ඉධ භික්ඛවෙ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු පස්සද්ධකායසඞ්ඛාරො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ සන්හුන් කායසංස්කාර ඇත්තේ වේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් කැලම සෞමනස්‍යදෞර්‍මනස්‍ය දෙදෙනා අස්තයට යෑමෙන් දුඃඛ නොවූත් සුඛ නොවූත් උපේක්‍ෂා ස්මෘතිපරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ සන්හුන් කායසංස්කාර ඇත්තේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු පතිලීනො හොති? ඉධ භික්ඛවෙ, භික්ඛුනො අස්මිමානො පහීණො හොති. උච්ඡින්නමූලො, තාලාවත්ථුකතො අනභාවකතො, ආයතිං අනුප්පාදධම්මො. එවං ඛො භික්ඛවෙ, භික්ඛු පතිලීනො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ එකලා වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණහට ‘අස්මි’ මානය ප්‍රහීණ වෙයි, මුලසුන් වෙයි; තාලයක් සෙයින් අවස්තුක බව කරණ ලද්දේ වෙයි, අභාවය කරණ ලද්දේ වෙයි, මතුයෙහි නූපදනා ධර්‍මතා ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ මහණ එකලා වූයේ නම් වෙයි.
Pali BJTපනුන්නපච්චෙකසච්චො භික්ඛවෙ, භික්ඛු සමවයසට්ඨෙසනො පස්සද්ධකායසඞ්ඛාරො පතිලීනොති වුච්චතීති.
Sinhala BJTමහණෙනි, මහණ ප්‍රත්‍යෙක දෘෂ්ටිසත්‍යය හළේ, මොනොවට හළ හැම සෙවීම් ඇතියේ, සන්හුන් කායසංස්කාර ඇතියේ එකලා වූයේය යි කියනු ලැබේ.
Pali BJT91. කාමෙසනා භවෙසනා බ්රහ්මචරියෙසනා සහ, ඉති සච්චපරාමාසො දිට්ඨිට්ඨානා සමුස්සයා.
Sinhala BJT91-92. සියලු රාගයා කෙරෙන් විරක්ත වූ අර්‍හත්ඵල විමුක්තියෙන් සමන්‍වාගත වූ මහණහු විසින් කාමේසනාය, භවෙසනාය යන මෙය හා බ්‍රහ්මචරියේසනාය යන ඒසනාවෝ හරණ ලදහ. උස්ව නැඟ සිටුනා දෘෂ්ටීහු ද ඉතිසත්‍යපරාමර්‍ෂය ද යන දෘෂ්ටිසත්‍යයෝ නසන ලදහ.
Pali BJT92. සබ්බරාගවිරත්තස්ස තණ්හක්ඛයවිමුත්තිනො, එසනා පටිනිස්සට්ඨා දිට්ඨිට්ඨානා සමූහතා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT93. ස වෙ සන්තො සතො භික්ඛු පස්සද්ධො අපරාජිතො, මානාභිසමයා බුද්ධො පතිලීනොති වුච්චතීති.
Sinhala BJT93. සන්හුන් කෙලෙසුන් ඇති ස්මෘතිමත් කාය - චිත්තපස්සද්ධි ඇති නොපරදවන ලද සිවුසස් දත් ඒ මහණ ඒකාන්තයෙන් මානයාගේ ප්‍රහාණාභිසමයයෙන් “පතිලීන” යයි කියනු ලැබේ.
Pali BJT4. 1. 4. 9.
Sinhala BJT4. 1. 4. 9.
Pali BJT[උජ්ජායසුත්තං]
Sinhala BJT[උජ්ජාය සූත්‍රය]
Pali BJT39. අථ ඛො උජ්ජායො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උජ්ජායො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJT39. ඉක්බිති උජ්ජාය නම් බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී ය. තුස්නට නිසි (කලක්) සිහි කරනට නිසි කථාව කොට නිමවා එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් උජ්ජාය නම් බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කෙළේය.
Pali BJTභවම්පි නො ගොතමො යඤ්ඤං වණ්ණෙතීති?
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ ද යාගය වණත් හො යි?
Pali BJTන ඛො අහං බ්රාහ්මණ, සබ්බං යඤ්ඤං වණ්ණෙමි. න පනාහං බ්රාහ්මණ, සබ්බං යඤ්ඤං න වණ්ණෙමි. යථාරූපෙ ඛො බ්රාහ්මණ, යඤ්ඤෙ ගාවො හඤ්ඤන්ති, අජෙළකා හඤ්ඤන්ති, කුක්කුටසූකරා හඤ්ඤන්ති, විවිධා පාණා සඞ්ඝාතං ආපජ්ජන්ති, එවරූපං ඛො අහං බ්රාහ්මණ, සාරම්භං යඤ්ඤං න වණ්ණෙමි. තං කිස්ස හෙතු? එවරූපං හි බ්රාහ්මණ, සාරම්භං යඤ්ඤං න උපසඞ්කමන්ති අරහන්තො වා අරහමග්ගං වා සමාපන්නා.
Sinhala BJTබමුණ, මම හැම යාග නො වණමි. බමුණ, මම හැම යාග නො වණනෙම් නො ද වෙමි. බමුණ, යම් බඳු යාගයෙකදී ගෙරිහු නැසෙද් ද, එළු බැටළුවෝ නැසෙද් ද, කුකුළු හූරහු නැසෙද් ද, විවිධ ප්‍රාණීහු මරණයට පැමිණෙද් ද, බමුණ, මම මෙබඳු ප්‍රාණවධ (සමාරම්භ) සහගත යාගය නො වණමි. ඒ කවර හෙයින යත්? බමුණ, මෙබඳු සාරම්භයාගයට රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ නො එළඹෙත් ද, එහෙයිනි.
Pali BJTයථාරූපෙ ච ඛො බ්රාහ්මණ, යඤ්ඤෙ න ගාවො හඤ්ඤන්ති, න අජෙළකා හඤ්ඤන්ති, න කුක්කුටසූකරා හඤ්ඤන්ති, න විවිධා පාණා සඞ්ඝාතං ආපජ්ජන්ති. එවරූපං ඛො අහං බ්රාහ්මණ, නිරාරම්භං යඤ්ඤං වණ්ණෙමි, යදිදං නිච්චදානං අනුකුලයඤ්ඤං. තං කිස්ස හෙතු: එවරූපං හි බ්රාහ්මණ, නිරාරම්භං යඤ්ඤං උපසඞ්කමන්ති අරහන්තො වා අරහමග්ගං වා සමාපන්නාති.
Sinhala BJTබමුණ, යම්බඳු යාගයෙකදී ගෙරිහු නො නැසෙද් ද, එළු බැටළුවෝ නො නැසෙද් ද, කුකුළු හූරහු නො නැසෙද් ද, විවිධ ප්‍රාණීහු විනාශයට නො යෙද් ද, බමුණ, මම මෙබඳු හිංසාරහිත යාගය වණමි. යම් නිත්‍යදානයෙක් කුලපිළිවෙළින් එන දානයෙක් ඇද් ද, එයයි. එය කවර හෙයින යත්? බමුණ, මෙබඳු හිංසා රහිත යාගයට රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ එළඹෙති.
Pali BJT94. අස්සමෙධං පුරිසමෙධං සම්මාපාසං වාජපෙය්යං නිරග්ගලං, මහායඤ්ඤා මහාරම්භා න තෙ හොන්ති මහප්ඵලා.
Sinhala BJT94. අස්සමේධය, පුරිසමෙධය, සම්මාපාසය, වාජපෙය්‍යය, නිරග්ගලය, යන ප්‍රාණවධ සඞ්ඛ්‍යාත මහාරම්භ ඇති, මහායාගයෝ ඇත් ද, ඔහු මහත් ඵල නො වෙති.
Pali BJT95. අජෙළකා ච ගාවො ච විවිධා යත්ථ හඤ්ඤරෙ, න තං සම්මග්ගතා යඤ්ඤං උපයන්ති මහෙසිනො.
Sinhala BJT95. යම් යාගයෙක එළු බැටළුවෝ ද ගෙරිහු දැ යි විවිධ ප්‍රාණීහු නැසෙද් ද ඒ යාගය කරා සම්‍යග්ගත මහර්ෂීහු නො එළඹෙත්.
Pali BJT96. යං ච යඤ්ඤං{1} නිරාරම්භං යජන්ති අනුකුලං සදා, අජෙළකා ච ගාවො ච විවිධා නෙත්ථ හඤ්ඤරෙ.
Sinhala BJT96. කුලපිළිවෙළින් එන ප්‍රාණසමාරම්භ රහිත යම් යාගයක් හැමකල්හි යාග කෙරෙත් ද, එළුබැටළුවෝ වෙත්වයි, ගෙරිහු වෙත්වයි, විවිධ ප්‍රාණීහු මෙහි ලා නො නැසෙද් ද,
Pali BJT97. තං ච සම්මග්ගතා යඤ්ඤං උපයන්ති මහෙසිනො, එතං යජෙථ මෙධාවී එසො යඤ්ඤො මහප්ඵලො.
Sinhala BJT97. ඒ යාගය කරා සම්‍යග්ගත මහර්ෂීහු එළඹෙත්. නුවණැතියේ තෙල යාගය යාග කරන්නේය. තෙල යාගය මහත් ඵලයි.
Pali BJT98. එතං හි{2} යජමානස්ස සෙය්යො හොති න පාපියො, යඤ්ඤො ච විපුලො හොති පසීදන්ති ච දෙවතාති.
Sinhala BJT98. තෙල යාගය කරන්නාහට විශේෂයෙක් ම වේ. පාපයෙක් නො වේ. යාගය විපුල වේ. දෙවියෝ ද පහදිති.
Pali BJT4. 1. 4. 10.
Sinhala BJT4. 1. 4. 10.
Pali BJT[උදායීසුත්තං]
Sinhala BJT[උදායී සූත්‍රය]
Pali BJT40. අථ ඛො උදායි බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා -පෙ- එකමන්තං නිසින්නො ඛො උදායී බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJT40. ඉක්බිති උදායි නම් බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග ..... එකත්පස්ව හුන් උදායී බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය.
Pali BJTභවම්පි නො ගොතමො යඤ්ඤං වණ්ණෙතීති?
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ ද යාග වණත් හො යි?
Pali BJTන ඛො අහං බ්රාහ්මණ, සබ්බං යඤ්ඤං වණ්ණෙමි. න පනාහං බ්රාහ්මණ, සබ්බං යඤ්ඤං න වණ්ණෙමි. යථාරූපෙ ඛො බ්රාහ්මණ, යඤ්ඤෙ ගාවො හඤ්ඤන්ති, අජෙළකා හඤ්ඤන්ති, කුක්කුටසූකරා හඤ්ඤන්ති, විවිධා පාණා සඞ්ඝාතං ආපජ්ජන්ති. එවරූපං ඛො අහං බ්රාහ්මණ, සාරම්භං යඤ්ඤං න වණ්ණෙමි. තං කිස්ස හෙතු: එවරූපං හි බ්රාහ්මණ, සාරම්භං යඤ්ඤං න උපසඞ්කමන්ති අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා.
Sinhala BJTබමුණ, මම හැම යාග නො වණමි. බමුණ, මම හැම යාග නො වණනෙම් නො ද වෙමි. බමුණ, යම්බඳු යාගයෙකදී ගෙරිහු නැසෙද් ද, එළු බැටළුවෝ නැසෙද් ද, කුකුළු හූරහු නැසෙද් ද, විවිධ ප්‍රාණීහු මරණයට පැමිණෙද් ද, බමුණ, මම මෙබඳු ප්‍රාණවධ සඞ්ඛ්‍යාත මහකරණී ඇති යාගය නො වණමි. ඒ කවර හෙයින යත්? බමුණ, මෙබඳු සාරම්භයාගයට රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ නො එළඹෙත් ද, එහෙයිනි.
Pali BJTයථාරූපෙ ච ඛො බ්රාහ්මණ, යඤ්ඤෙ නෙව ගාවො හඤ්ඤන්ති. න අජෙළකා හඤ්ඤන්ති, න කුක්කුටසූකරා හඤ්ඤන්ති, න විවිධා පාණා සඞ්ඝාතං ආපජ්ජන්ති . එවරූපං ඛො අහං බ්රාහ්මණ, නිරාරම්භං යඤ්ඤං වණ්ණෙමි යදිදං නිච්චදානං අනුකුලයඤ්ඤං. තං කිස්ස හෙතු: එවරූපං හි බ්රාහ්මණ, නිරාරම්භං යඤ්ඤං උපසඞ්කමන්ති අරහන්තො වා අරහමග්ගං{1} වා සමාපන්නාති.
Sinhala BJTබමුණ, යම් බඳු යාගයෙකදී ගෙරිහු නො නැසෙද් ද, එළු බැටළුවෝ නො නැසෙද් ද, කුකුළු හූරහු නො නැසෙද් ද, විවිධ ප්‍රාණීහු විනාශයට නො යෙද් ද, බමුණ, මම මෙබඳු නිරාරම්භ යාගය වණමි. යම් නිත්‍යදානයෙක් කුලපිළිවෙළින් එන දානයෙක් ඇද් ද, එයයි. එය කවර හෙයින යත්? බමුණ, මෙබඳු නිරාරම්භ යාගයට රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ එළඹෙති.
Pali BJT99. අභිසඞ්ඛතං නිරාරම්භං යඤ්ඤං කාලෙන කප්පියං, තාදිසං උපසංයන්ති සඤ්ඤතා බ්රහ්මචාරයො.
Sinhala BJT99. රැස් කළ, ප්‍රාණසමාරම්භ රහිත, කැප වූ, එබඳු දේයධර්‍මයට නිසි කාලයෙහි සංයත වූ බ්‍රහ්මචාරීහු එළඹෙති.
Pali BJT100. විවත්තච්ඡද්දා{2} යෙ ලොකෙ වීතිවත්තා කුලං ගතිං, යඤ්ඤ{3}මෙතං පසංසන්ති බුද්ධා පුඤ්ඤස්ස{4} කොවිදා.
Sinhala BJT100. ලෝකයෙහි කෙලෙස් සියන් පෙරළු වටකුල වටගති ඉක්ම ගිය පුණ්‍යයෙහි කෝවිද වූ යම් බුදු කෙනෙක් ඇද්ද, ඔහු තෙල යාගය පසසත්.
Pali BJT101. යඤ්ඤෙ වා යදි වා සද්ධෙ හුතං කත්වා යථාරහං, පසන්නචිත්තො යජති සුඛෙත්තෙ බ්රහ්මචාරිසු.
Sinhala BJT101. ප්‍රකෘතිදානයෙහි හෝ නොහොත් ශ්‍රාද්ධදාන (=මතකදාන) යෙහි නිසි පරිදි (හෝම) පූජා කොට බ්‍රහ්මචාරී සඞ්ඛ්‍යාත මනා කෙතෙහි පහන් සිත් ඇතිව යාග කරන්නේ ය.
Pali BJT102. සුහුතං සුයිට්ඨං සුප්පත්තං දක්ඛිණෙය්යෙසු යං කතං, යඤ්ඤො ච විපුලො හොති පසීදන්ති ච දෙවතා.
Sinhala BJT102. දක්‍ෂිණාර්‍හයන් කෙරෙහි යමක් කරණ ලද ද, ඒ මොනොවට කළ පූජාවෙකි. මොනොවට කළ මඞ්ගලදානයෙකි. මොනොවට ලත් දැයෙකි. යාගත් විපුල වෙයි. දෙවියෝත් පහදිති.
Pali BJT103. එවං යජිත්වා මෙධාවී සද්ධො මුත්තෙන චෙතසා, අබ්යාපජ්ඣං සුඛං ලොකං පණ්ඩිතො උපපජ්ජතීති.
Sinhala BJT103. මනා නුවණ ඇති සැදැහැතියේ මුත්සිතින් මෙසේ යාග කොට ඒ පණ්ඩිත තෙම නිදුක් වූ සුඛ සහිත ලෝකයට එළඹෙයි.
Pali BJTචක්කවග්ගො චතුත්ථො.
Sinhala BJTචක්කවර්‍ගය සතරවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTචක්කො සඞ්ගහො සීහො පසාදො වස්සකාරෙන පඤ්චමං, ලොකෙ අපරිහානියො පතිලීනෙන උජ්ජායො උදායිනා තෙ දසාති.
Sinhala BJTචක්ක, සඞ්ග්‍රහ, සීහ, පසාද, පස්වන වස්සකාර සූත්‍රය ද, දොණ-ලෝක, අපරිහානිය, පතිලීන, උජ්ජාය, උදායී දැ යි ඒ දස සූත්‍රයෝ වෙති.
Pali BJT5. රොහිතස්සවග්ගො
Sinhala BJT5. රෝහිතස්ස වර්‍ගය
Pali BJT4. 1. 5. 1.
Sinhala BJT4. 1. 5. 1.
Pali BJT[සමාධිභාවනාසුත්තං]
Sinhala BJT[සමාධිභාවනා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT41. චතස්සො ඉමා භික්ඛවෙ, සමාධිභාවනා. කතමා චතස්සො?
Sinhala BJT41. මහණෙනි, මේ සමාධිභාවනාවෝ සතරදෙනෙකි. කවර සතර දෙනෙකයත්:
Pali BJTඅත්ථි භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් දුටුධැමි සුවවෙහෙර පිණිස පවත්නේ වෙයි.
Pali BJTඅත්ථි භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්සනපටිලාභාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් දිව්‍යචක්‍ෂුර්ඥානදර්ශනප්‍රතිලාභය පිණිස පවත්නේ වෙයි.
Pali BJTඅත්ථි භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්පජඤ්ඤාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් ස්මෘතිසම්ප්‍රඥානය පිණිස පවත්නේ වෙයි.
Pali BJTඅත්ථි භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් ආස්‍රවක්‍ෂය පිණිස පවත්නේ වෙයි.
Pali BJTකතමා ච භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති:
Sinhala BJTමහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද දුටුධැමි සුවවෙහෙර පිණිස පවත්නා සමාධිභාවනා කවර?
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන් කෙරෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද වෙසෙයි. මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද මෙ සමාධිභාවනාව දෘෂ්ටධර්‍මසුඛවිහරණය පිණිස පවත්නී ය යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්සනපටිලාභාය සංවත්තති:
Sinhala BJTමහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද කවර සමාධිභාවනායෙක් ඥානදර්‍ශනප්‍රතිලාභය පිණිස පවත්නේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ආලොකසඤ්ඤං මනසි කරොති, දිවාසඤ්ඤං අධිට්ඨාති, යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා. ඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති. අයං භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්සනපටිලාභාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ ආලෝකසංඥාව මෙනෙහි කෙරෙයි. මෙසේ විවෘත වූ නො වැළඳුනු සිතින් දිවාසංඥාව ඉටයි. දවහල් ආලෝකසංඥාව යම් පරිදි ද රැය ද එපරිදි ම ය. රැය යම් පරිදි ද දවහලත් එපරිදි ම ය. දිව්‍යචක්‍ෂුර්ඥානයෙන් ආලෝක සහිත සිත වඩයි. මහණෙනි, භාවිත වූ බහුලීකෘත වූ මේ සමාධිභාවනාව ඥානදර්‍ශනප්‍රතිලාභය පිණිස පවත්නී ය.
Pali BJTකතමා ච භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්පජඤ්ඤාය සංවත්තති:
Sinhala BJTමහණෙනි, භාවිත බහුලීකෘත කවර සමාධිභාවනායෙක් ස්මෘතිසම්ප්‍රඥානය පිණිස පවත්නේ ද:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛුනො විදිතා වෙදනා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති. විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. විදිතා සඤ්ඤා -පෙ- විදිතා විතක්කා උප්පජ්ජන්ති විදිතා උපට්ඨහන්ති. විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. අයං භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්පජඤ්ඤාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණහට වේදනාවෝ ප්‍රකටව උපදිත්. ප්‍රකටව වටහත්. ප්‍රකටව අස්තයට යෙත්. සංඥාවෝ ප්‍රකටව විතර්‍කයෝ ප්‍රකටව උපදිත්. ප්‍රකටව වටහත්. ප්‍රකටව අස්තයට යෙත්. මහණෙනි, භාවිත බහුලීකෘත වූ මේ සමාධිභාවනාව ස්මෘතිසම්ප්‍රඥානය පිණිස පවත්නී ය.
Pali BJTකතමා ච භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තති:
Sinhala BJTමහණෙනි, භාවිත බහුලීකෘත කවර සමාධිභාවනායෙක් ආස්‍රවක්‍ෂය පිණිස පවත්නේ ද:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු පඤ්චුපාදානක්ඛන්ධෙසු උදයබ්යයානුපස්සී විහරති. ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො. ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථඞ්ගමො. ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථඞ්ගමො. ඉති සංඛාරා, ඉති සංඛාරානං සමුදයො, ඉති සංඛාරානං අත්ථඞ්ගමො. ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමොති. අයං භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්ච උපාදානස්කන්‍ධයෙහි උදා - විය අනුව බලනුයේ වෙසෙයි: මෙසේ රූපය, මෙසේ රූපසමුදයය, මෙසේ රූපයාගේ අස්තඞ්ගමය. මෙසේ වේදනාය, මෙසේ වේදනාසමුදයය, මෙසේ වේදනාවගේ අස්තඞ්ගමය. මෙසේ සංඥාය, මෙසේ සංඥාසමුදයය, මෙසේ සංඥාවගේ අස්තඞ්ගමය. මෙසේ සංස්කාරය, මෙසේ සංස්කාරසමුදයය, මෙසේ සංස්කාරයන්ගේ අස්තඞ්ගමය. මෙසේ විඥානය, මෙසේ විඥානසමුදයය, මෙසේ විඥානයාගේ අස්තඞ්ගමය කියා යි. මහණෙනි, භාවිත බහුලීකෘත මේ සමාධිභාවනාව ආස්‍රවක්‍ෂය පිණිස පවත්නී ය.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, චතස්සො සමාධිභාවනා.
Sinhala BJTමහණෙනි, මේ සතර සමාධි භාවනාවෝ යි.
Pali BJTඉදඤ්ච පන මෙතං භික්ඛවෙ, සන්ධාය භාසිතං පාරායනෙ පුණ්ණකපඤ්හෙ:
Sinhala BJTමහණෙනි, මා විසින් “පාරායනයෙහි පුණ්ණකප්‍රශ්නයෙහි” දී (සඞ්ඛාය ලෝකස්මිං - යනාදි) තෙල ගයෙක් වදාරණ ලද ද, මේ-ඵලසමාපත්තිය සඳහා වදාරණ ලදී:
Pali BJT104. සඞ්ඛාය ලොකස්මිං පරොවරානි{1} යස්සිඤ්ජිතං නත්ථි කුහිඤ්චි ලොකෙ, සන්තො විධූමො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්රූමීති.
Sinhala BJT104. සත්ත්‍වලෝකයෙහි උත්තමාධමධර්‍මයන් නුවණින් දැන යමකුට ස්කන්‍ධලෝකයෙහි කිසිදු ස්කන්‍ධාදියෙක (කෙලෙස් විසින්) චලිතයෙක් නැද්ද, ශාන්ත වූ ක්‍රෝධධූම රහිත වූ නිදුක් වූ ආශාරහිත වූ හෙතෙම ජාතිජරා ඉක්ම සිටියේ ය යි කියමි.
Pali BJT4. 1. 5. 2.
Sinhala BJT4. 1. 5. 2.
Pali BJT[පඤ්හව්යාකරණ සුත්තං]
Sinhala BJT[පඤ්හබ්‍යාකරණ සූත්‍රය]
Pali BJT42. චත්තාරිමානි භික්ඛවෙ, පඤ්හව්යාකරණානි කතමානි චත්තාරි:
Sinhala BJT42. මහණෙනි, මේ ප්‍රශ්නව්‍යාකරණයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅත්ථි භික්ඛවෙ, පඤ්හො එකංසව්යාකරණීයො, අත්ථි භික්ඛවෙ, පඤ්හො විභජ්ජ ව්යාකරණීයො, අත්ථි භික්ඛවෙ, පඤ්හො පටිපුච්ඡා ව්යාකරණීයො, අත්ථි භික්ඛවෙ, පඤ්හො ඨපනීයො.
Sinhala BJTමහණෙනි, ඒකාන්තයෙන් විසඳියයුතු ප්‍රශ්නයෙක් ඇත. මහණෙනි, බෙදා විසඳිය යුතු ප්‍රශ්නයෙක් ඇත. මහණෙනි, පිළිවිස විසඳිය යුතු ප්‍රශ්නයෙක් ඇත. මහණෙනි, තබාලිය යුතු ප්‍රශ්නයෙක් ඇත.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි පඤ්හව්යාකරණානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර ප්‍රශ්නව්‍යාකරණයෝ යි.
Pali BJT105. එකංසවචනං එකං විභජ්ජවචනාපරං, තතියං පටිපුච්ඡෙය්ය චතුත්ථං පන ඨාපයෙ.
Sinhala BJT105. එක් පැණෙක් ඒකාන්තවචන යි. අනෙක විභජ්‍යවචන යි. තෙවැන්න පුළුවුස්නේ ය. සිවුවැන්න තබන්නේය.
Pali BJT106. යො ච නෙසං තත්ථ තත්ථ ජානාති අනුධම්මතං, චතුපඤ්හස්ස කුසලො ආහු භික්ඛුං තථාවිධං.
Sinhala BJT106. යමෙක් ඒ ප්‍රශ්නයන් අතුරෙන් ඒ ඒ තැන අනුධර්‍මතා සඞ්ඛ්‍යාත විසඳීම දන්නේ ද, එබඳු මහණ සතර පැණ පිළිබඳව දක්‍ෂයෙකැයි කියත්.
Pali BJT107. දුරාසදො දුප්පසහො ගම්භීරො දුප්පධංසියො{2} අථො අත්ථෙ අනත්ථෙ ච උභයස්ස හොති කොවිදො.{3}
Sinhala BJT107. නොලංවියහෙන, නොමැඩලියහෙන, ගැඹුරු නොමුදවාලියහෙන වැලිත් දෙවැදෑරුම් අර්‍ත්‍ථානර්‍ත්‍ථයෙහි දක්‍ෂ වූ,
Pali BJT108. අනත්ථං පරිවජ්ජෙති අත්ථං ගණ්හාති පණ්ඩිතො, අත්ථාභිසමයා ධීරො පණ්ඩිතොති පවුච්චතීති.
Sinhala BJT108. පණ්ඩිත මහණ අනර්‍ත්‍ථය හරණේ ය. අර්‍ත්‍ථය ගන්නේ ය. අර්‍ත්‍ථ සමාගමයෙන් ධීර වූ ඒ මහණ පණ්ඩිතය යි කියනු ලැබේ.
Pali BJT4. 1. 5. 3.
Sinhala BJT4. 1. 5. 3.
Pali BJT[පඨමකොධගරුසුත්තං]
Sinhala BJT[පඨම කෝධගරු සූත්‍රය]