Pali BJT[අරියවංසසුත්තං]
Sinhala BJT[අරියවංස සූත්‍රය]
Pali BJT28. චත්තාරො, මෙ භික්ඛවෙ, අරියවංසා අග්ගඤ්ඤා, රත්තඤ්ඤා, වංසඤ්ඤා, පොරාණා, අසඞ්කිණ්ණා, අසඞ්කිණ්ණපුබ්බා, න සඞ්කීයන්ති, න සඞ්කීයිස්සන්ති, අප්පතිකුට්ඨා සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. කතමෙ චත්තාරො?
Sinhala BJT28. මහණෙනි, මේ සතර ආර්‍ය්‍යවංශධර්‍ම කෙනෙක් අග්‍රයහ යි දතයුත්තාහ. දිගුකල් පැවතියහ යි දතයුත්තාහ. ආර්‍ය්‍යයන්ගේ වංශයහ යි දතයුත්තාහ. පුරාණයහ යි දතයුත්තාහ. අවිකීර්‍ණයහ යි දතයුත්තාහ. (අතීත බුදුවරුන් විසිනුත් මෙයින් කිමැ යි) බැහැර නො කරණ ලද්දාහ. (දැනුදු) බැහැර නො කරණු ලැබෙත්. (අනායෙහි බුදුවරුන් විසිනුත්) බැහැර නො කරණු ලබන්නාහු වෙත්. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් අනින්‍දිතයහ. කවර ධර්‍ම සතර කෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සන්තුට්ඨො හොති{1} ඉතරීතරෙන චීවරෙන, ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී. න ච චීවරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති, අලද්ධා ච චීවරං න පරිතස්සති, ලද්ධා ච චීවරං අගථිතො{2} අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. තාය ච පන ඉතරීතරචීවරසන්තුට්ඨියා නෙවත්තානුක්කංසෙති. නො පරං වම්භෙති. සො හි තත්ථ දක්ඛො අනලසො සම්පජානො පතිස්සතො, අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතො.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ ඉතරෙතරචීවරයෙන් සතුටු වෙයි. ඉතරෙතරචීවරසන්තෝෂයෙහි ද ගුණ බණන සුලු වෙයි. චීවරහේතුයෙන් අයුතු අනෙෂණයට නො පැමිණෙයි. සිවුරු ද නොලැබ නො තැතිගණී. සිවුරු ලැබ ද පහ වූ ලොබගැට ඇතියේ (අධිමාත්‍රතෘෂ්ණායෙන්) හටගත් තෘෂ්ණා නැත්තේ තෘෂ්ණායෙන් නොවළඳනා ලද්දේ දොස් දක්නා සුලු වූයේ නිඃසරණ ප්‍රඥා ඇත්තේ වළඳ කෙරෙයි. ඒ ඉතරෙතරචීවරසන්තෝෂයෙනුත් තමා හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දකී. හෙ ද වනාහි ඒ චීවරසන්තොෂයෙහි දක්‍ෂ වූයේ අනලස් වූයේ මනා නුවණින් දන්නේ එළඹ සිටි සිහි ඇත්තේ වේ. මහණෙනි, මේ මහණ පැරණි වූ අග්‍ර ය යි දන්නා ලද ආර්‍ය වංශයෙහි (ආර්‍ය්‍ය ධර්‍මයෙහි) සිටියේ යි කියනු ලැබේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙන පිණ්ඩපාතෙන, ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී. න ච පිණ්ඩපාතහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති. අලද්ධා ච පිණ්ඩපාතං න පරිතස්සති. ලද්ධා ච පිණ්ඩපාතං අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. තාය ච පන ඉතරීතරපිණ්ඩපාත සන්තුට්ඨියා නෙවත්තානුක්කංසෙති, නො පරං වම්භෙති. සො හි තත්ථ දක්ඛො අනලසො සම්පජානො පතිස්සතො, අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතො.
Sinhala BJTතවද මහණෙනි, මහණ ඉතරෙතරපිණ්ඩපාතයෙන් සතුටු වෙයි. ඉතරෙතරපිණ්ඩපාතසන්තුෂ්ටියෙහි ගුණ කියන්නේ ද වෙයි. පිණ්ඩපාතහේතුයෙන් අයුතු අනෙෂණයට නො පැමිණේ. පිඬුවා නො ලැබ ද ත්‍රස්ත නො වේ. පිඬුවා ලැබත් ලොබගැට නැතියේ අධිමාත්‍ර තෘෂ්ණායෙන් මුසපත් නො වූයේ තෘෂ්ණායෙන් නොවළඳනා ලදුයේ ආදීනව දක්නා සුලු වූයේ නිඃසරණ ප්‍රඥා ඇත්තේ වළඳ කෙරෙයි. ඒ ඉතරෙතරපිණ්ඩපාතසන්තුෂ්ටියෙනුත් තමා නගා නො තබයි. මෙරමා හෙළා නො දකියි. හෙ ද ඒ පිණ්ඩපාතසන්තෝෂයෙහි දක්‍ෂ වූයේ (සාතත්‍යාභ්‍යාස විසින්) අනලස් වූයේ නුවණින් දන්නේ එළඹ සිටි සිහි ඇත්තේ වෙයි. මහණෙනි, මේ මහණ පොරාණ වූ අග්‍රඥ වූ ආර්‍ය්‍යවංශයෙහි සිටියේ යි කියනු ලැබේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙන සෙනාසනෙන, ඉතරීතරසෙනාසන සන්තුට්ඨියා ච වණ්ණවාදී. න ච සෙනාසනහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති, අලද්ධා ච සෙනාසනං න පරිතස්සති, ලද්ධා ච සෙනාසනං අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. තාය ච පන ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා නෙවත්තානුක්කංසෙති, නො පරං වම්භෙති. සො හි තත්ථ දක්ඛො අනලසො සම්පජානො පතිස්සතො. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතො.
Sinhala BJTතවද මහණෙනි, මහණ ඉතරෙතර ශයනාසනයෙන් සතුටු වෙයි. ඉතරෙතරශයනාසනසන්තුෂ්ටියෙහිදු ගුණ කියන සුලු වෙයි. ශයනාසනහේතුයෙන් අයුතු අනෙෂණයට ද නො පැමිණෙයි. සෙනසුන් නො ලැබත්. ත්‍රස්ත නො වෙයි. ශයනාසන ලැබත් ලොබගැටින් නොගැටුනේ අධිමාත්‍රතෘෂ්ණායෙන් මුසපත් නොවූයේ තෘෂ්ණාව විසින් නොවළඳනා ලදුයේ දොස් දක්නා සුලු වූයේ නිඃසරණ ප්‍රඥා ඇත්තේ වළඳ කෙරෙයි. ඒ ඉතරෙතර ශයනාසනසන්තුෂ්ටියෙනුදු තමා නගා නො තබයි. මෙරමා නො ගරහයි. හෙ ද ඒ ශයනාසනසන්තෝෂයෙහි දක්‍ෂ වූයේ අනලස් වූයේ නුවණින් දන්නේ පැමිණ සිටි සිහි ඇත්තේ වෙයි. මහණෙනි, මේ මහණ පොරාණ වූ අග්‍රඥ වූ ආර්‍ය්‍ය වංසයෙහි සිටියේ යි කියනු ලැබේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු භාවනාරාමො හොති භාවනාරතො, පහානාරාමො හොති පහානරතො. තාය ච පන භාවනාරාමතාය භාවනාරතියා පහානාරාමතාය පහානරතියා නෙවත්තානුක්කංසෙති, නො පරං වම්භෙති. සො හි තත්ථ දක්ඛො අනලසො සම්පජානො පතිස්සතො, අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතො.
Sinhala BJTතවද මහණෙනි, මහණ භාවනාභිරති ඇතියේ බවුන්හි ඇලුනේ වෙයි. ප්‍රහාණාභිරති ඇතියේ ප්‍රහාණියෙහි ඇලුනේ වෙයි. වැලිත් ඒ භාවනාරාමතායෙන් වේවයි, භාවනාරතියෙන් වේවයි, ප්‍රහාණාරාමතායෙන් වේවයි, ප්‍රහාණරතියෙන් වේවයි තමා හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දකී. හෙ ද වනාහි ඒ භාවනාරතියෙහි ප්‍රහාණරතියෙහි දක්‍ෂ වූයේ අනලස් වූයේ නුවණින් දන්නේ එළඹ සිටි සිහි ඇතියේ වෙයි. මහණෙනි, මේ මහණ පුරාණ වූ අග්‍රඥ වූ ආර්‍ය්‍යවංශධර්‍මයෙහි සිටියේ යි කියනු ලැබේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො අරියවංසා අග්ගඤ්ඤා, රත්තඤ්ඤා, වංසඤ්ඤා, පොරාණා, අසඞ්කිණ්ණා, අසඣ්කිණ්ණපුබ්බා, න සඞ්කීයන්ති, න සඞ්කීයිස්සන්ති, අප්පතිකුට්ඨා සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි.
Sinhala BJTමහණෙනි, මේ සතර ආර්‍ය්‍යවංශධර්‍මයෝ අග්‍රයහ යි දතයුත්තාහ. දිගුකල් පැවතියහ යි දතයුත්තාහ. ආර්‍ය්‍යයන්ගේ වංශයහ යි දතයුත්තාහ. පුරාණයහ යි දතයුත්තාහ. අවිකීර්‍ණයහ යි දතයුත්තාහ. (අතීත බුදුවරයන් විසිනුත් මෙයින් කිමැයි) බැහැර නො කරණ ලද්දාහ (දැනුදු) බැහැර නො කරණු ලැබෙත් (අනායෙහි බුදුවරයන් විසිනුත්) බැහැර නො කරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් අනින්‍දිතයහ.
Pali BJTඉමෙහි ච පන භික්ඛවෙ, චතූහි අරියවංසෙහි සමන්නාගතො භික්ඛු පුරත්ථිමාය චෙපි දිසාය විහරති, ස්වෙව අරතිං සහති, න තං අරති සහති. පච්ඡිමාය චෙපි දිසාය විහරති, ස්වෙව අරතිං සහති, න තං අරති සහති. උත්තරාය චෙපි දිසාය විහරති, ස්වෙව අරතිං සහති, න තං අරති සහති. දක්ඛිණාය චෙපි දිසාය විහරති, ස්වෙව අරතිං සහති, න තං අරති සහති. තං කිස්ස හෙතු: අරතිරතිසහො හි භික්ඛවෙ, ධීරොති.
Sinhala BJTමහණෙනි, මේ සතර ආර්‍ය්‍යවංශධර්‍මයෙන් සමන්‍වාගත වූ මහණ පැදුම්දික්හුදු වෙසේ නම් හෙ ම අනභිරතිය මැඩගෙණ සිටියි. අරතිය ඔහු නො මඩියි. පැළදිග්හිදු වෙසේ නම් හෙ ම අනභිරතිය මැඩගෙන සිටියි. අරතිය ඔහු නො මඩියි. උතුරුදික්හිදු වෙසේ නම් හෙ ම අරතිය මැඩගෙන සිටියි. අරතිය ඔහු නො මඩියි. දකුණුදිකුහිදු වෙසේ නම් හෙ ම අරතිය මඩනේ ය. අනභිරතිය ඔහු නො මඩියි. ඒ කවර හෙයින යත්: මහණෙනි, ධීර තෙමෙ අරතිය හා පඤ්චකාමගුණරතිය හා මැඩ සිටුනට පොහෝනේ ය.
Pali BJT68. නාරති සහති වීරං නාරති වීරසංහති, ධීරොව අරතිං සහති ධීරො හි අරතිං සහො.
Sinhala BJT68. අරතිය වීරයා මැඩ නො සිටුනේය. අරතිය වීරසංහතියෙක් නොවේ. වැලිත් ධීරයා අරතිය මඩියි, ධීරයා වනාහි අරතිය මැඩ පියහෙන්නෙකි.
Pali BJT69. සබ්බකම්මවිහායිනං පණුන්නං කො නිවාරයෙ, නෙක්ඛං ජම්බොනදස්සෙව කො තං නින්දිතුමරහති, දෙවාපි නං පසංසන්ති බ්රහ්මුනාපි පසංසිතොති.
Sinhala BJT69. සියලු තෛභූමකකර්‍ම හැරපියා සිටිනසුලු කෙලෙස් දුර ලූ රහත්හු (රාගාදීන් කෙරෙහි) කවරෙක් නම් වළහා ද. දඹරන් නිකක් සෙයින් ඔහුට ගරහන්නට හැකි වේ ද, දෙවියෝ ද පවා ඔහු පසසත්. බඹහු විසිනුත් පසස්නා ලදී.
Pali BJT4. 1. 3. 9.
Sinhala BJT4. 1. 3. 9.
Pali BJT[ධම්මපදසුත්තං]
Sinhala BJT[ධම්මපද සූත්‍රය]
Pali BJT29. චත්තාරිමානි භික්ඛවෙ, ධම්මපදානි අග්ගඤ්ඤානි, රත්තඤ්ඤානි, වංසඤ්ඤානි, පොරාණානි, අසඞ්කිණ්ණානි, අසඞ්කිණ්ණපුබ්බානි, න සඞ්කීයන්ති, න සඞ්කීයිස්සන්ති, අප්පතිකුට්ඨානි සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. කතමානි චත්තාරි?
Sinhala BJT29. මහණෙනි, මේ සතර ධර්‍මපද කෙනෙක් අග්‍රයහ යි දතයුත්තාහ. දිගුකල් පැවතියහ යි දතයුත්තාහ. ආර්‍ය්‍යයන්ගේ වංශයහ යි දතයුත්තාහ. පෞරාණිකයහ. අසංකීර්‍ණයහ. (අතීත බුදුවරුන් විසිනුත් මෙයින් කිමැ යි) බැහැර නොකරණ ලදහ. දැනුදු බැහැර නො කරණු ලැබෙති. අනායෙහිදු බැහැර නොකරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදහ. කවර සතර දෙනක යත්:
Pali BJTඅනභිජ්ඣා භික්ඛවෙ, ධම්මපදං අග්ගඤ්ඤං, රත්තඤ්ඤං, වංසඤ්ඤං, පොරාණං, අසඞ්කිණ්ණං, අසඞ්කිණ්ණපුබ්බං, න සඞ්කීයති, න සඞ්කීයිස්සති, අප්පතිකුට්ඨං සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි.
Sinhala BJTමහණෙනි, අනභිධ්‍යා ධර්‍මපදය අග්‍රය යි දත යුතුය. දිගුකල් පැවැත්තැ යි දත යුතුය. ආර්‍ය්‍යවංශය යි දතයුතුය. පෞරාණිකය. අසංකීර්‍ණය. (අතීත බුදුවරුන් විසිනුත් මෙයින් කිමැ යි) බැහැර නො කරණ ලදය. දැනුදු බැහැර නොකරණු ලැබේ. අනායෙහිදු බැහැර නො කරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදී.
Pali BJTඅව්යාපාදො භික්ඛවෙ, ධම්මපදං අග්ගඤ්ඤං, රත්තඤ්ඤං, වංසඤ්ඤං, පොරාණං, අසඞ්කිණ්ණං, අසඞ්කිණ්ණපුබ්බං, න සඞ්කීයති, න සඞ්කීයිස්සති, අප්පතිකුට්ඨං සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි.
Sinhala BJTමහණෙනි, අව්‍යාපාද ධර්‍මපදය අග්‍රය යි දතයුතුය. දිගුකල් පැවැත්තැ යි දතයුතුය. ආර්‍ය්‍යවංශය යි දතයුතුය. පෞරාණිකය. අසංකීර්‍ණය. (පෙර බුදුවරුන් විසිනුදු මෙයින් කිමැ යි) බැහැර නොකරණ ලදී. දැනුදු බැහැර නොකරණු ලැබේ. අනායෙහිදු බැහැර නොකරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදී.
Pali BJTසම්මාසති භික්ඛවෙ, ධම්මපදං අග්ගඤ්ඤං, රත්තඤ්ඤං, වංසඤ්ඤං, පොරාණං, අසඞ්කිණ්ණං, අසඞ්කිණ්ණපුබ්බං, න සඞ්කීයති, න සඞ්කීයිස්සති, අප්පතිකුට්ඨං සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි.
Sinhala BJTමහණෙනි, සම්‍යක් ස්මෘතිධර්‍මපදය අග්‍රය යි දතයුතුය. දිගුකල් පැවැත්තැ යි දත යුතුය. ආර්‍ය්‍යවංශය යි දතයුතුය. පෞරාණිකය. අවිකීර්‍ණය. (පෙර බුදුවරුන් විසිනුත් මෙයින් කිමැයි) බැහැර නොකරණ ලදී. දැනුදු බැහැර නොකරණු ලැබේ. අනායෙහිදු බැහැර නොකරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදී.
Pali BJTසම්මාසමාධි භික්ඛවෙ, ධම්මපදං අග්ගඤ්ඤං, රත්තඤ්ඤං, වංසඤ්ඤං, පොරාණං, අසඞ්කිණ්ණං, අසඞ්කිණ්ණපුබ්බං, න සඞ්කීයති, න සඞ්කීයිස්සති. අප්පතිකුට්ඨං සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි.
Sinhala BJTමහණෙනි, සම්‍යක්සමාධි ධර්‍මපදය අග්‍රය යි දතයුතුය. දිගුකල් පැවැත්තැ යි දත යුතුය. ආර්‍ය්‍යවංශ යයි දතයුතුය. පෞරාණික ය. අවිකීර්‍ණ ය. (අතීතයෙහි බුදුවරුන් විසිනුත් මෙයින් කිමයි) බැහැර නො කරණ ලදී. දැනුදු බැහැර නො කරණු ලැබේ. අනායෙහිදු බැහැර නො කරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදී.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි ධම්මපදානි අග්ගඤ්ඤානි, රත්තඤ්ඤානි, වංසඤ්ඤානි, පොරාණානි, අසඞ්කිණ්ණානි, අසඞ්කිණ්ණපුබ්බානි, න සඞ්කීයන්ති, න සඞ්කීයිස්සන්ති. අප්පතිකුට්ඨානි සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති.
Sinhala BJTමහණෙනි, මේ සතර ධර්‍මපදයෝ අග්‍රයහයි දතයුත්තාහ. දිගුකල් පැවැත්තහයි දත යුත්තාහ. ආර්‍ය්‍යයන්ගේ වංශයහ යි දතයුත්තාහ. පෞරාණිකයහ. අවිකීර්‍ණයහ. අතීතයෙහි බුදුවරුන් විසිනුත් (මෙයින් කිමැයි) බැහැර නො කරණ ලදහ. දැනුදු බැහැර නො කරණු ලැබේ. අනායෙහිත් බැහැර නො කරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නො ගරහන ලදහ.
Pali BJT70. අනභිජ්ඣාලු විහරෙය්ය අව්යාපන්නෙන චෙතසා, සතො එකග්ගචිත්තස්ස අජ්ඣත්තං සුසමාහිතොති.
Sinhala BJT70. නිස්තෘෂ්ණ වැ පියවි සිතින් වසන්නේය. ස්මෘතියෙන් සමන්‍වාගත වැ ඒකාග්‍රචිත්ත වැ තමා කෙරෙහි ලා මොනොවට තැබූ සිතැතියෙක් වන්නේ යි.
Pali BJT4. 1. 3. 10.
Sinhala BJT4. 1. 3. 10.
Pali BJT[පරිබ්බාජකසුත්තං]
Sinhala BJT[පරිබ්බාජක සූත්‍රය]
Pali BJT30. [එවං මෙ සුතං] එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා පරිබ්බාජකා සප්පිනියාතීරෙ{1} පරිබ්බාජකාරාමෙ පටිවසන්ති. සෙය්යථීදං: අන්නභාරො වරධරො සකුලුදායී ච පරිබ්බාජකො අඤ්ඤෙ ච අභිඤ්ඤාතා අභිඤ්ඤාතා පරිබ්බාජකා.
Sinhala BJT30. [මා විසින් මෙසේ අසන ලදී.] එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එසමයෙහි ඉතා ප්‍රකට වූ බොහෝ පිරිවැජියෝ සප්පිනියා හෝතෙර පිරිවැජි අරම්හි වෙසෙති. ඔහු කවරහ: “අන්නභාර යැ, වරධර යැ, සකුලුදායී පිරිවැජි යැ, අන්‍ය වූත් ඉපහළ (ප්‍රකට) පිරිවැජියෝ”යි.
Pali BJTඅථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන සිප්පිනියාතීරං පරිබ්බාජකාරාමො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා තෙ පරිබ්බාජකෙ එතදවොච :
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස්වේලෙහි පිළිසලනින් නැගීසිටි සේක් සප්පිනියා හෝතෙර පිරිවැජි අරම් කරා වැඩි සේක. වැඩ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ඒ පිරිවැජියන් බණවා තෙල සුත් වදාළහ:
Pali BJTචත්තාරිමානි පරිබ්බාජකා ධම්මපදානි අග්ගඤ්ඤානි, රත්තඤ්ඤානි, වංසඤ්ඤානි, පොරාණානි, අසඞ්කිණ්ණානි, අසඞ්කිණ්ණපුබ්බානි, න සඞ්කීයන්ති, න සඞ්කීයිස්සන්ති. අප්පතිකුට්ඨානි සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. කතමානි චත්තාරි?
Sinhala BJTපිරිවැජියෙනි, මේ සතර ධර්‍මපද කෙනෙක් අග්‍රයහයි දත යුත්තාහ. දිගුකල් පැවැතියහයි දත යුත්තාහ, ආර්‍ය්‍යයන්ගේ වංශයහයි දත යුත්තාහ. පෞරාණිකයහ. අවිකීර්‍ණයහ. (අතීතයෙහි බුදුවරුන් විසිනුත් මෙයින් කිමැයි) බැහැර නො කරණ ලදහ. දැනුදු බැහැර නො කරණු ලැබෙති. අනායෙහිත් බැහැර නො කරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් හෙළා නො දක්නා ලදහ. කවර සතර ධර්‍මපද කෙනෙක යත්:
Pali BJTඅනභිජ්ඣා, පරිබ්බාජකා, ධම්මපදං අග්ගඤ්ඤං රත්තඤ්ඤං වංසඤ්ඤං පොරාණං අසඞ්කිණ්ණං අසඞ්කිණ්ණපුබ්බං, න සඞ්කීයති න සඞ්කීයිස්සති. අප්පතිකුට්ඨං සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. අව්යාපාදං, පරිබ්බාජකා ධම්මපදං -පෙ- සම්මාසති පරිබ්බාජකා ධම්මපදං -පෙ- සම්මාසමාධි පරිබ්බාජකා ධම්මපදං අග්ගඤ්ඤං රත්තඤ්ඤං පොරාණං අසඞ්කිණ්ණං අසඞ්කිණ්ණපුබ්බං, න සඞ්කීයති න සඞ්කීයිස්සති. අප්පතිකුට්ඨං සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි.
Sinhala BJTපිරිවැජියෙනි, අනභිධ්‍යා ධර්‍මපදය අග්‍රය යි දත යුතු ය. දිගුකල් පැවැත්තැ’යි දත යුතු ය. ආර්‍ය්‍යවංශ යයි දතයුතුය. පෞරාණික ය. අසඞ්කීර්‍ණ ය. පෙර බුදුවරුන් විසිනුත් බැහැර නො කරණ ලදී. දැනුදු බැහැර නො කරණු ලැබේ. අනායෙහි දු බැහැර නො කරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නො ගරහන ලදී. පිරිවැජියෙනි, අව්‍යාපාද සඞ්ඛ්‍යාත ධර්‍මපදය ... පිරිවැජියෙනි, සම්‍යක්ස්මෘති සඞ්ඛ්‍යාත ධර්‍මපදය ... පිරිවැජියෙනි, සම්‍යක්සමාධි සඞ්ඛ්‍යාත ධර්‍මපදය අග්‍ර යයි දතයුතු ය. දිගුකල් පැවැත්තැ’යි දතයුතු ය. ආර්‍ය්‍යවංශ යයි දතයුතුය. පෞරාණික ය. අසඞ්කීර්‍ණ ය. පෙර බුදුවරුන් විසින් බැහැර නො කරණ ලදී. දැනුදු බැහැර නො කරණු ලැබෙයි. අනායෙහිත් බැහැර නො කරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නො නිගන්නා ලදී.
Pali BJTඉමානි ඛො පරිබ්බාජකා චත්තාරි ධම්මපදානි අග්ගඤ්ඤානි රත්තඤ්ඤානි වංසඤ්ඤානි පොරාණානි අසඞ්කිණ්ණානි අසඞ්කිණ්ණපුබ්බානි, න සඞ්කීයන්ති න සඞ්කීයිස්සන්ති. අප්පතිකුට්ඨානි සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි.
Sinhala BJTපිරිවැජියෙනි, මේ සතර ධර්‍මපදයෝ අග්‍රයහයි දත යුත්තාහ. දිගුකල් පැවැතියහයි දතයුත්තාහ. ආර්‍ය්‍යවංශයහයී දතයුත්තාහ. පෞරාණිකයහ. අසඞ්කීර්‍ණයහ. පෙර බුදුවරුන් විසින් බැහැර නො කරණ ලදහ. දැනුදු බැහැර නො කරණු ලැබෙති. අනායෙහිත් බැහැර නො කරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නො නිගන්නා ලදහ.
Pali BJTයො ඛො පරිබ්බාජකා එවං වදෙය්ය : අහමෙතං අනභිජ්ඣං ධම්මපදං පච්චක්ඛාය අභිජ්ඣාලුං කාමෙසු තිබ්බසාරාගං සමණං වා බ්රාහ්මණං වා පඤ්ඤාපෙස්සාමීති. තමහං තත්ථ එවං වදෙය්යං : එතු. වදතු. ව්යාහරතු. පස්සාමිස්ස ආනුභාවන්ති.
Sinhala BJTපිරිවැජියෙනි, යමෙක් “මම තෙල අනභිධ්‍යා ධර්‍මපදය හැරැපියා අභිධ්‍යාබහුල වූ වස්තුකාමයෙහි තීව්‍රසංරාග ඇති මහණකු හෝ බමුණකු හෝ පණවමී” මෙසේ බෙණේ නම් එහි දී මම ඔහුට මෙසේ කියමි: “එන්නේ යැ. කියන්නෙ යැ. පවසන්නෙ යැ. ඔහුගේ අනුභාවය දක්මී” යි.
Pali BJTසො වත, පරිබ්බාජකා, අනභිජ්ඣං ධම්මපදං පච්චක්ඛාය අභිජ්ඣාලුං කාමෙසු තිබ්බසාරාගං සමණං වා බ්රාහ්මණං වා පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTපිරිවැජියෙනි, ඒකාන්තයෙන් හෙතෙම අනභිධ්‍යා ධර්‍මපදය හැරපියා අභිධ්‍යා බහුල කොටගෙන වසන වස්තුකාමයෙහි තීව්‍රසංරාග ඇති මහණකු හෝ බමුණකු හෝ පණවන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
Pali BJTයො ඛො පරිබ්බාජකා එවං වදෙය්ය : අහමෙතං අව්යාපාදං ධම්මපදං පච්චක්ඛාය ව්යාපන්නචිත්තං පදුට්ඨමනසඞ්කප්පං සමණං වා බ්රාහ්මණං වා පඤ්ඤාපෙස්සාමීති. තමහං තත්ථ එවං වදෙය්යං : එතු. වදතු. ව්යාහරතු. පස්සාමිස්ස ආනුභාවන්ති.
Sinhala BJTපිරිවැජියෙනි, යමෙක් “මම තෙල අව්‍යාපාද ධර්‍මපදය හැරැපියා ව්‍යාපාදයට වන් සිතැති ප්‍රදුෂ්ට වූ මනස්සඞ්කල්ප ඇති මහණකු හෝ බමුණකු හෝ පණවමී” මෙසේ බෙණේ නම්, මම ඒ වචනයෙහි දී ඔහුට මෙසේ කියමි: “එන්නේ යැ. කියන්නෙ යැ. පවසන්නෙ යැ. ඔහුගේ අනුභාව දක්මී” යි.
Pali BJTසො වත පරිබ්බාජකා, අබ්යාපාදං ධම්මපදං පච්චක්ඛාය බ්යාපන්නචිත්තං පදුට්ඨමනසඞ්කප්පං සමණං වා බ්රාහ්මණං වා පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTපිරිවැජියෙනි, හෙතෙම ඒකාන්තයෙන් අව්‍යාපාද ධර්‍මපදය හැරැපියා ව්‍යාපාදයට වන් සිතැති ප්‍රදුෂ්ට වූ මනස්සඞ්කල්ප ඇති මහණකු හෝ බමුණකු හෝ පණවන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
Pali BJTයො ඛො පරිබ්බාජකා එවං වදෙය්ය, අහමෙතං සම්මාසතිං ධම්මපදං පච්චක්ඛාය, මුට්ඨස්සතිං අසම්පජානං සමණං වා බ්රාහ්මණං වා පඤ්ඤාපෙස්සාමීති. තමහං තත්ථ එවං වදෙය්යං : එතු වදතු. ව්යාහරතු. පස්මිස්ස ආනුභාවන්ති.
Sinhala BJTපරිව්‍රාජකයෙනි, යමෙක් “මම තෙල සම්‍යක්ස්මෘතිධර්‍මපදය හැරපියා මුළා සිහි ඇති නුවණින් නො දන්නා මහණකු හෝ බමුණකු හෝ පණවන්නෙමී” මෙසේ බෙණේ නම්, මම එහි දී ඔහුට මෙසේ කියමි:” එන්නේ යැ. කියන්නෙ යැ. පවසන්නෙ යැ. ඔහුගේ අනුභාව දක්මී” යි.
Pali BJTසො වත පරිබ්බාජකා සම්මාසතිං ධම්මපදං පච්චක්ඛාය, මුට්ඨස්සතිං අසම්පජානං සමණං වා බ්රාහ්මණං වා පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTපිරිවැජියෙනි, හෙතෙම ඒකාන්තයෙන් සම්‍යක්ස්මෘතිධර්‍මපදය හැරපියා මුළාසිහි ඇති සම්‍යග්ඥාන නැති මහණකු හෝ බමුණකු හෝ පණවන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
Pali BJTයො ඛො පරිබ්බාජකා, එවං වදෙය්ය : අහමෙතං සම්මාසමාධිං ධම්මපදං පච්චක්ඛාය අසමාහිතං විබ්භන්තචිත්තං සමණං වා බ්රාහ්මණං වා පඤ්ඤාපෙස්සාමීති. තමහං තත්ථ එවං වදෙය්යං: එතු. වදතු. ව්යාහරතු. පස්සාමිස්ස ආනුභාවන්ති.
Sinhala BJTපිරිවැජියෙනි, යමෙක් “මම තෙල සම්‍යක්සමාධිධර්‍මපදය හැරපියා සමාධිගත නො වූ විභ්‍රාන්ත සිත් ඇතියකු මහණකු හෝ බමුණකු හෝ කොට පණවන්නෙමී” මෙසේ බෙණේ නම්, එබස්හි දී මම ඔහුට මෙසේ කියමි: “එන්නේ යැ. කියන්නෙ යැ. පවසන්නෙ යැ. ඔහුගේ අනුභාවය දක්මී” යි.
Pali BJTසො වත පරිබ්බාජකා සම්මාසමාධිං ධම්මපදං පච්චක්ඛාය අසමාහිතං විබ්භන්තචිත්තං සමණං වා බ්රාහ්මණං වා පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTපිරිවැජියෙනි, හෙතෙම ඒකාන්තයෙන් සම්‍යක්සමාධිධර්‍මපදය හැරපියා සමාධිගත නො වූ විභ්‍රාන්ත සිත් ඇතියකු මහණකු හෝ බමුණකු හෝ කොට පණවන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
Pali BJTයො ඛො පරිබ්බාජකා ඉමානි චත්තාරි ධම්මපදානි ගරහිතබ්බං පටික්කොසිතබ්බං මඤ්ඤෙය්ය, තස්ස දිට්ඨෙව ධම්මෙ චත්තාරො සහධම්මිකා වාදානුපාතා ගාරය්හා ඨානා ආගච්ඡන්ති. කතමෙ චත්තාරො?
Sinhala BJTපිරිවැජියෙනි, යමෙක් මේ සතර ධර්‍මපදයන් ගැරැහිය යුතු කොට බැහැරැලියැ යුතු කොට හඟනේ නම්, ඔහුට මෙලොව්හි මැ සහේතුක වූ ගර්‍හණීයස්ථාන වූ සතර වැදෑරුම් වාදප්‍රවෘත්තීහු කෙනෙක් එති. කවර සතර කෙනෙක යත්:
Pali BJTඅනභිජ්ඣං චෙ භවං ධම්මපදං ගරහති, පටික්කොසති. යෙ ච හි අභිජ්ඣාලූ කාමෙසු තිබ්බසාරගා සමණබ්රාහ්මණා, තෙ භොතො පුජ්ජා තෙ භොතො පාසංසා.
Sinhala BJTඉදින් භවත් අනභිධ්‍යාධර්‍මපදය ගරහනේ නම්, බැහැරලා නම්, අභිධ්‍යා බහුල කොට ඇති වස්තුකාමයෙහි තීව්‍රසංරාග ඇති යම් මහණබමුණු කෙනෙක් ඇද් ද, ඔහු භවත්හු විසින් පූජ්‍යයහ. ඔහු භවත්හු විසින් ප්‍රශස්‍යයහ.
Pali BJTඅබ්යාපාදඤ්චෙ භවං ධම්මපදං ගරහති, පටික්කොසති. යෙ ච හි බ්යාපන්නචිත්තා පදුට්ඨමනසඞ්කප්පා සමණ බ්රාහ්මණා. තෙ භොතො පුජ්ජා. තෙ භොතො පාසංසා.
Sinhala BJTඉදින් භවත් අව්‍යාපාදධර්‍මපදය ගරහනේ නම්, බැහැරලා නම්, ව්‍යාපාදයට වන් සිත් ඇති ප්‍රදුෂ්ට වූ මනස්සඞ්කල්ප ඇති යම් මහණබමුණු කෙනෙක් ඇද් ද, ඔහු භවත්හු විසින් පූජ්‍යයහ. ඔහු භවත්හු විසින් ප්‍රශස්‍යයහ.
Pali BJTසම්මාසතිඤ්චෙ භවං ධම්මපදං ගරහති, පටික්කොසති. යෙ ච හි මුට්ඨස්සතී අසම්පජානා සමණබ්රාහ්මණා, තෙ භොතො පුජ්ජා. තෙ භොතො පාසංසා.
Sinhala BJTඉදින් භවත් සම්‍යක්ස්මෘතිධර්‍මපදය ගරහා නම්, බැහැරලා නම්, මුළාසිහි ඇති සම්‍යග්ඥාන නැති යම් මහණබමුණු කෙනෙක් ඇද් ද, ඔහු භවත්හු විසින් පූජ්‍යයහ. ඔහු භවත්හු විසින් ප්‍රශස්‍යයහ.
Pali BJTසම්මාසමාධිඤ්චෙ භවං ධම්මපදං ගරහති, පටික්කොසති. යෙ ච හි අසමාහිතා විබ්භන්තචිත්තා සමණබ්රාහ්මණා. තෙ භොතො පුජ්ජා. තෙ භොතො පාසංසා.
Sinhala BJTඉදින් භවත් සම්‍යක්සමාධි ධර්‍මපදය ගරහා නම්, බැහැරලා නම්, සමාහිත නො වූ විභ්‍රාන්ත සිත් ඇති යම් මහණබමුණු කෙනෙක් ඇද් ද, ඔහු භවත්හු විසින් පූජ්‍යයහ. ඔහු භවත්හු විසින් ප්‍රශස්‍යයහ.
Pali BJTයො ඛො පරිබ්බාජකා ඉමානි චත්තාරි ධම්මපදානි ගරහිතබ්බං පටික්කොසිතබ්බං මඤ්ඤෙය්ය, තස්ස දිට්ඨෙව ධම්මෙ ඉමෙ චත්තාරො සහධම්මිකා වාදානුපාතා ගාරය්හා ඨානා ආගච්ඡන්ති.
Sinhala BJTපිරිවැජියෙනි, යමෙක් මේ සතර ධර්‍මපදයන් ගැරැහියැ යුතු කොට බැහැරැලියැ යුතු කොට හඟනේ නම්, ඔහුට මෙලොව්හි මැ සකාරණ වූ ගර්‍හණීයස්ථාන වූ මේ සතර වැදෑරුම් වාදානුපාතයෝ එති.
Pali BJTයෙපි තෙ පරිබ්බාජකා අහෙසුං උක්කලා වස්ස-භඤ්ඤා අහෙතුවාදා, අකිරියවාදා, නත්ථිකවාදා. තෙපි ඉමානි චත්තාරි ධම්මපදානි න ගරහිතබ්බං න පටික්කොසි තබ්බං අමඤ්ඤිංසු. තං කිස්ස හෙතු: නින්දාබ්යාරොසා උපාරම්භභයාති.
Sinhala BJTපිරිවැජියෙනි, උක්කලදනව්වැසි වස්ස යැ භඤ්ඤ යැ යන අහේතුවාද අක්‍රියාවාද නාස්තිකවාද ඇති යම් ඒ වාදීහු දෙ දෙනෙක් වූහු ද, ඔහුත් මේ සතර ධර්‍මපදයන් ගැරැහියැ යුතු කොට නෙරැලියැ යුතු කොට නො සිතූහු. ඒ කවර හෙයින යත්: නින්‍දාබියෙන් හා ඝටනබියෙන් හා උපවාදබියෙන් හා ය’යි.
Pali BJT71. අබ්යාපන්නො සදා සතො අජ්ඣත්තං සුසමාහිතො, අභිජ්ඣාවිනයෙ සික්ඛං අප්පමත්තොති වුච්චතීති.
Sinhala BJT71. ව්‍යාපාදයට නො වන් සිත් ඇති හැමකල ස්මෘතිමත් තමා කෙරෙහි ලා මොනොවට සමාධිගත වූ අභිධ්‍යාවිනය සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයෙහි හික්මෙනුයේ අප්‍රමත්ත යයි කියනු ලැබේ.
Pali BJTඋරුවෙලවග්ගො තතියො.
Sinhala BJTඋරුවේල වර්‍ගය තුන්වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ උරුවෙලා ලොකො කාලිකො බ්රහ්මචරියෙන පඤ්චමං, කුහං සන්තුට්ඨි වංසො ධම්මපදං පරිබ්බාජකෙන චාති.
Sinhala BJTඋරුවේලසූත්‍ර දෙක යැ, ලොකසූත්‍ර යැ, කාළික (කාළකාරාම) සූත්‍ර යැ, පස්වැනි බ්‍රහ්මචරියසූත්‍ර යැ, කුහකසූත්‍ර යැ, සන්තුට්ඨිසූත්‍ර යැ, වංසසූත්‍ර යැ, ධම්මපද සූත්‍ර යැ, පරිබ්බාජකසූත්‍ර දැ යි (මෙයින් වර්‍ගය පිරෙයි.)
Pali BJT4. චක්කවග්ගො
Sinhala BJT4. චක්ක වර්‍ගය
Pali BJT4. 1. 4. 1.
Sinhala BJT4. 1. 4. 1.
Pali BJT[චක්කසුත්තං]
Sinhala BJT[චක්ක සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT31. චත්තාරිමානි භික්ඛවෙ, චක්කානි යෙහි සමන්නාගතානං දෙවමනුස්සානං චතුචක්කං වත්තති, යෙහි සමන්නාගතා දෙවමනුස්සා නචිරස්සෙව මහන්තත්තං වෙපුල්ලත්තං පාපුණන්ති භොගෙසු.
Sinhala BJT31. මහණෙනි, යමෙකින් සමන්‍වාගත දෙවිමිනිස්නට චතුඃසම්පච්චක්‍ර රඳා පවත්නේ ද, යමෙකින් සමන්‍වාගත දෙවිමිනිස්හු මඳ කලෙකින් ම භෝගයෙහි මහත්බවට විපුලබවට පැමිණෙත් ද, එබඳු වූ මේ සතර චක්‍ර කෙනෙකි.
Pali BJTකතමානි චත්තාරි? පතිරූපදෙසවාසො, සප්පුරිසුපස්සයො, අත්තසම්මාපණිධි, පුබ්බෙ ච කතපුඤ්ඤතා.
Sinhala BJTකවර සතර කෙනෙක යත්: ප්‍රතිරූපදේශවාසය, සත්පුරුෂ භජනය, තමන් මොනොවට (ශ්‍රද්ධාදියෙහි) පිහිටුවා ගැන්ම ය, පෙර කළ පින් ඇති බව යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි චක්කානි, යෙහි සමන්නාගතානං දෙවමනුස්සානං චතුචක්කං වත්තති, යෙහි සමන්නාගතා දෙවමනුස්සා න චිරස්සෙව මහන්තත්තං වෙපුල්ලත්තං පාපුණන්ති භොගෙසූති.
Sinhala BJTමහණෙනි, යමෙකින් සමන්‍වාගත දෙවිමිනිස්නට චතුශ්චක්‍ර රඳා පවත්නේ ද, යමෙකින් සමන්‍වාගත දෙවිමිනිස්හු මඳ කලෙකින් ම භෝගයෙහි මහත්බවට විපුලබවට පැමිණෙත් ද, එබඳු වූ මේ සතර චක්‍රසම්පත්හු යි.
Pali BJT72. පතිරූපෙ{1} වසෙ දෙසෙ අරියමිත්තකරො{2} සියා, සම්මාපණිධිසම්පන්නො පුබ්බෙ පුඤ්ඤකතො නරො, ධඤ්ඤං ධනං යසො කිත්ති සුඛං චෙතාධිවත්තතීති.{3}
Sinhala BJT72. මිනිස් ප්‍රතිරූපදෙශයෙහි වසන්නේ ය. බුද්ධා දී ආර්‍ය්‍යයන්ගේ සිත් අරියනුවෙක් වන්නේ ය. සම්‍යක් චිත්තප්‍රණිධියෙන් සමන්‍වාගත වන්නේ ය. පෙර කළ පින් ඇතියෙක් වන්නේ ය. ධාන්‍යය ද ධනය ද යශස් ද කීර්‍තති ද සුඛ ද යන මේ තෙල මිනිසා වතුරන්නේ ය.
Pali BJT4. 1. 4. 2.
Sinhala BJT4. 1. 4. 2.
Pali BJT[සඞ්ගහවත්ථුසුත්තං]
Sinhala BJT[සඞ්ගහවත්‍ථු සූත්‍රය]
Pali BJT32. චත්තාරිමානි භික්ඛවෙ සඞ්ගහවත්ථූනි.
Sinhala BJT32. මහණෙනි, මේ සංග්‍රහ වස්තූහු සතර දෙනෙකි.
Pali BJTකතමානි චත්තාරි? දානං, පෙය්යවජ්ජං, අත්ථචරියා, සමානත්තතා.
Sinhala BJTකවර සතර දෙනෙක යත්: දානය, ප්‍රියවචනය, අර්‍ත්‍ථචර්‍ය්‍යාය, සමානාත්මතා යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි සඞ්ගහවත්ථූනීති.
Sinhala BJTමහණෙනි, මේ සතර සඞ්ග්‍රහ වස්තූහු යි.
Pali BJT73. දානඤ්ච පෙය්යවජ්ජඤ්ච අත්ථචරියා ච යා ඉධ, සමානත්තතා ච ධම්මෙසු තත්ථ තත්ථ යථාරහං, එතෙ ඛො සඞ්ගහා ලොකෙ රථස්සාණීව යායතො.
Sinhala BJT73. මෙලොව යම් දානයෙක් වේ ද, යම් ප්‍රිය වචනයෙක් වේ ද, යම් අර්‍ත්‍ථසංවර්‍ධනකථායෙක් වේ ද, ඒ ඒ ධර්‍මෙයහි යථාර්‍හවශයෙන් සුඛදුඃඛ විසින් සමානාත්මතායෙක් වේ ද, ලෝකයෙහි සිටුනා තෙල සඞ්ග්‍රහයෝ ගමන්ගත් රථයාගේ අකුරග ගැසූ ඇණය වැනියහ.
Pali BJT74. එතෙ ච සඞ්ගහා නාස්සු න මාතා පුත්තකාරණා, ලභෙථ මානං පූජං වා පිතා වා පුත්තකාරණා.
Sinhala BJT74. තෙල සංග්‍රහයෝ නො වෙත් නම්, මවු පුතු කාරණ කොට ගෙණ බුහුමන් හෝ පිදුම් හෝ නො ලබයි. පුතු කාරණ කොට ගෙණ පියා හෝ (මානාදිය) නො ලබයි.
Pali BJT75. යස්මා ච සඞ්ගහා එතෙ සමවෙක්ඛන්ති පණ්ඩිතා, තස්මා මහත්තං පප්පොන්ති පාසංසා ච භවන්ති තෙ’ති.
Sinhala BJT75. යම් හෙයකින් පඬිහු තෙල සඞ්ග්‍රහයන් මොනොවට දකිත් ද, එහෙයින් ඔහු මහත්‍වයට පැමිණෙත්, ප්‍රශස්‍ය ද වෙති.
Pali BJT4. 1. 4. 3.
Sinhala BJT4. 1. 4. 3.
Pali BJT[සීහසුත්තං]
Sinhala BJT[සීහ සූත්‍රය]
Pali BJT33. සීහො භික්ඛවෙ, මිගරාජා සායන්හසමයං ආසයා නික්ඛමති. ආසයා නික්ඛමිත්වා විජම්භති. විජම්භිත්වා සමන්තා චතුද්දිසා අනුවිලොකෙති. සමන්තා චතුද්දිසා අනුවිලොකෙත්වා තික්ඛත්තුං සීහනාදං නදති. තික්ඛත්තුං සීහනාදං නදිත්වා ගොචරාය පක්කමති. යෙ ඛො පන තෙ භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා සීහස්ස මිගරඤ්ඤො නදතො සද්දං සුණන්ති, තෙ යෙභුය්යෙන භයං සංවෙගං සන්තාසං ආපජ්ජන්ති. බිලං බිලාසයා පවිසන්ති, දකං දකාසයා පවිසන්ති, වනං වනාසයා පවිසන්ති, ආකාසං පක්ඛිනො භජන්ති.
Sinhala BJT33. මහණෙනි, මෘගරාජන් වූ සිංහ සවස් වේලෙහි වසන තැනින් නික්මෙයි. වාසයෙන් නික්ම වජඹයි. වැජඹ අවට සතර දික් බලයි. හාත්පස සිවුදිගුන් බලා තුන් යලක් සිහනද කෙරෙයි. තුන් යලක් සිංහනාද කොට ගොදුරට යෙ යි. මහණෙනි, යම් තිරිසන්ගිය ප්‍රාණීහු නද කරණ මෘගරාජන් වූ සිංහයාගේ හඬ අසත් ද, ඔහු බෙහෙවින් භයට සංවේගයට සන්ත්‍රාසයට පැමිණෙත්. බිලවාසීහු බිලට වදිත්. උදකවාසීහු දියට වදිත්. වනවාසීහු වලට වදිත්. පක්‍ෂීහු අහස බෙජෙත්.
Pali BJTයෙපි තෙ භික්ඛවෙ, රඤ්ඤො නාගා ගාමනිගමරාජධානීසු දළ්හෙහි වරත්තෙහි බන්ධනෙහි බද්ධා, තෙපි තානි බන්ධනානි සඤ්ඡින්දිත්වා සම්පදාළෙත්වා භීතා මුත්තකරීසං චජමානා යෙන වා තෙන වා පලායන්ති. එවං මහිද්ධියො ඛො, භික්ඛවෙ, සීහො මිගරාජා තිරච්ඡානගතානං පාණානං, එවං මහෙසක්ඛො එවං මහානුභාවො.
Sinhala BJTමහණෙනි, ගම් නියම්ගම් රජදහන්හි දළ සම්මුවා යොත්බහනින් බැඳ ලූ රාජකීය යම් හස්තීහු ඇත් ද, ඔහු දු ඒ බහන් සිඳ බිඳ බියපත් වූවාහු මලමූ හෙළමින් හිස් ලූ ලූ අත පලත්. මහණෙනි, එවැනි මහත් ඉදුහ ඇති සිංහ මෘගරාජ තිරිසන්ගිය සතුනට එවැනි මහේශාඛ්‍ය වෙයි. එවැනි මහානුභාව වෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යදා තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ධම්මං දෙසෙති: ‘ඉති සක්කායො, ඉති සක්කායසමුදයො, ඉති සක්කායනිරොධො, ඉති සක්කායනිරොධගාමිනී පටිපදා’ති.
Sinhala BJTමහණෙනි, එපරිදි ම යම් කලෙක අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිත් වූ අනුත්තර වූ පුරුෂදම්‍යසාරථි වූ දෙවි මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් අවබෝධ කළා වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදනා සේක් ද, උන්වහන්සේ දහම් දෙසන සේක: සත්කාය මේ ය, සත්කායසමුදය මේ ය, සත්කායනිරෝධය මේ ය, සත්කායනිරෝධගාමිනී ප්‍රතිපත් මේ ය, කියා යි.
Pali BJTයෙපි තෙ භික්ඛවෙ, දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා උච්චෙසු විමානෙසු චිරට්ඨිතිකා, තෙපි තථාගතස්ස ධම්මදෙසනං සුත්වා යෙභුය්යෙන භයං සංවෙගං සන්තාසං ආපජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, දීර්‍ඝායුෂ්ක වූ ශරීරවර්‍ණයෙන් වර්‍ණවත් වූ සුඛබහුල වූ උස් විමානයෙහි චිරස්ථායී ව සිටුනා වූ යම් දෙවි කෙනෙක් ඇත් ද, ඔහුත් තථාගතයන් වහන්සේගේ දම්දෙසුම් අසා බෙහෙවින් භයට සංවේගයට සන්ත්‍රාසයට වදිත්.
Pali BJTඅනිච්චා වත කිර භො මයං සමානා නිච්චම්හා’ති අමඤ්ඤිම්හ. අද්ධුවා වත කිර භො මයං සමානා ධුවම්හා’ති අමඤ්ඤිම්හ. අසස්සතා වත කිර භො මයං සමානා සස්සතම්හා’ති අමඤ්ඤිම්හ. මයම්පි කිර භො අනිච්චා අද්ධුවා අසස්සතා සක්කායපරියාපන්නා’ති.
Sinhala BJT“භවත්නි, අපි ඒකාන්තයෙන් අනිත්‍ය ව සිටියමෝ නිත්‍යයම්හ යි සිතුම්හ භවත්නි, අපි ඒකාන්තයෙන් අධ්‍රැව වූවමෝ ධ්‍රැවයම්හ යි සිතුම්හ. භවත්නි අපි ඒකාන්තයෙන් අශාශ්වත වූවමෝ ශාශ්වතයම්හ යි සිතුම්හ. භවත්නි, අපි වූකලී අනිත්‍යයම්හ, අධ්‍රැවයම්හ, අශාශ්වතයම්හ. පඤ්චස්කන්‍ධපර්‍ය්‍යාපන්නයම්හ” යි කියා යි.
Pali BJTඑවං මහිද්ධියො ඛො භික්ඛවෙ, තථාගතො සදෙවකස්ස ලොකස්ස. එවං මහෙසක්ඛො එවං මහානුභාවොති.
Sinhala BJTමහණෙනි, සදේවක ලෝකයාට තථාගතයන් වහන්සේ එවැනි මහර්ධි ඇතියහ. එවැනි මහේශාඛ්‍යයහ. එවැනි මහානුභාවයහ.
Pali BJT76. යදා බුද්ධො අභිඤ්ඤාය ධම්මචක්කං පවත්තයි, සදෙවකස්ස ලොකස්ස සත්ථා අප්පටිපුග්ගලො.
Sinhala BJT76-77. ශාස්තෘ වූ, සදෘශපුද්ගලරහිත වූ තථාගතයන් වහන්සේ යම් කලෙක චතුස්සත්‍යාවබෝධ කොට ගෙණ සදේවක ලෝකයාහට පඤ්චස්කන්‍ධය ද එහි නිරෝධය ද පඤ්චස්කන්‍ධසමුදය ද දුක් සන්හිඳීම වූ නිවන් කරා යන අරීඅටඟි මග දැ යි ධර්‍මචක්‍රය (දේශනාඥානයෙන්) පැවැත් වූ සේක් ද
Pali BJT77. සක්කායඤ්ච නිරොධඤ්ච සක්කායස්ස ච සම්භවං, අරියං චට්ඨඞ්ගිකං මග්ගං දුක්ඛූපසමගාමිනං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT78. යෙපි දීඝායුකා දෙවා වණ්ණවන්තො යසස්සිනො, භීතා සන්තාසමාපාදුං සීහස්සෙවිතරෙමිගා.
Sinhala BJT78-79. (ලාභාදියෙහි) තාදී වූ කෙලෙසුන් කෙරෙන් මිදුනු අර්‍හත් ඒ බුදුන්ගේ බස් අසා, “භවත්නි, අපි පඤ්චස්කන්‍ධය පැන නොගියම්හු ල, අනිත්‍යයම්හු ලැ” යි කියා, ශරීරවර්‍ණයෙන් වර්‍ණවත් වූ යශස්වී වූ දීර්‍ඝායුෂ්ක වූ යම් දෙවියෝ ඇත් ද ඔහු සිංහරාජයාට ඉතරමෘගයන් බියපත් වන්නාක් සෙයින් බිය වැදුනාහු සංත්‍රාසයට වැටුනාහ.
Pali BJT79. අවීතිවත්තා සක්කායං අනිච්චා කිර භො මයං, සුත්වා අරහතො වාක්යං විප්පමුත්තස්ස තාදිනො’ති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4. 1. 4. 4.
Sinhala BJT4. 1. 4. 4.
Pali BJT[අග්ගප්පසාදසුත්තං]
Sinhala BJT[අග්ගප්පසාද සූත්‍රය]
Pali BJT34. චත්තාරො’මෙ භික්ඛවෙ, අග්ගප්පසාදා. කතමෙ චත්තාරො?
Sinhala BJT34. මහණෙනි, මේ අග්‍රප්‍රසාදයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTයාවතා භික්ඛවෙ, සත්තා අපදා වා දිපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤිනාසඤ්ඤිනො වා, තථාගතො තෙසං අග්ගමක්ඛායති අරහං සම්මාසම්බුද්ධො. යෙ භික්ඛවෙ, බුද්ධෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
Sinhala BJTමහණෙනි, පා නැති හෝ දෙපා ඇති හෝ සියුපා ඇති හෝ බොහෝ පා ඇති හෝ රූපී වූ හෝ අරූපී වූ හෝ සංඥී වූ හෝ අසංඥී වූ හෝ නෛවසංඥීනාසංඥී (භවාග්‍රගත) වූ හෝ යම් පමණ සත්ත්‍වයෝ ඇත් ද, ඔවුනට අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේ අග්‍රයහ යි කියනු ලැබෙත්. මහණෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි ප්‍රසන්න වෙත් ද, ඔහු අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයහ. අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයනට අග්‍රවිපාකයෙක් වෙයි.
Pali BJTයාවතා භික්ඛවෙ, ධම්මා සඞ්ඛතා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො තෙසං අග්ගමක්ඛායති. යෙ භික්ඛවෙ, අරියෙ අට්ඨඞ්ගිකෙ මග්ගෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
Sinhala BJTමහණෙනි, යම් පමණ හේතුයෙන් නිපන් දහම්හු ඇත් ද, අරී අටඟිමග ඔවුනට අග්‍රය යි කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් අරී අටඟි මගෙහි ප්‍රසන්න වෙත් ද, ඔහු අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයහ. අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයනට විපාකයෙක් වෙයි.
Pali BJTයාවතා භික්ඛවෙ, ධම්මා සඞ්ඛතා වා අසඞ්ඛතා වා, විරාගො තෙසං ධම්මානං අග්ගමක්ඛායති. යදිදං මදනිම්මදනො පිපාසවිනයො ආලයසමුග්ඝාතො වට්ටුපච්ඡෙදො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. යෙ භික්ඛවෙ, ධම්මෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
Sinhala BJTමහණෙනි, හේතුයෙන් නිපන්නා වූ හෝ හේතුයෙන් නො නිපන්නා වූ හෝ යම් පමණ දහම්හු ඇත් ද, ඔවුනට නිවන අග්‍රය යි කියනු ලැබේ. රාගාදී මද මඩනා, පවස් සන්හිඳුවන, ආලයතෘෂ්ණා නසන, වටදුක් සිඳලන, තෘෂ්ණාක්‍ෂය කරණ, විගතරාග ඇති, නිරෝධ සඞ්ඛාත නිවණෙක් ඇත් ද, එය යි. මහණෙනි, යම් කෙනෙක් විරාගධර්‍මයෙහි ප්‍රසන්න වෙත් ද, ඔහු අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයහ. අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයනට අග්‍රවිපාකයෙක් වෙයි.
Pali BJTයාවතා භික්ඛවෙ, සඞ්ඝා වා ගණා වා, තථාගතසාවකසඞ්ඝො තෙසං අග්ගමක්ඛායති. යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුණෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. යෙ භික්ඛවෙ, සඞ්ඝෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
Sinhala BJTමහණෙනි, යම් පමණ සඟහු හෝ වෙත් ද, ගණහු හෝ වෙත් ද, තථාගතශ්‍රාවකසඞ්ඝ ඔවුනට අග්‍රය යි කියනු ලැබේ. යම් සතර පුරුෂයුග කෙනෙක් වෙත් ද, අෂ්ටාර්‍ය්‍ය පුද්ගල කෙනෙක් වෙත් ද, බුදුන් ගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ආහුන සඞ්ඛ්‍යාත සත්කාරයට නිසිය, පාහුණ සඞ්ඛ්‍යාත ආගන්තුක සත්කාරයට නිසිය. දක්‍ෂිණාවට නිසිය. අඤ්ජලිකරණයට නිසිය, ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය වෙයි. මෙබඳු ශ්‍රාවකසඞ්ඝයා යි. මහණෙනි, යම් කෙනෙක් සඟුන් කෙරෙහි ප්‍රසන්න වෙත් ද, ඔහු අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයහ. අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයනට අග්‍රවිපාකයෙක් වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො අග්ගප්පසාදාති.
Sinhala BJTමහණෙනි, මේ සතර අග්‍රප්‍රසාදයෝ ය.
Pali BJT80. අග්ගතො වෙ පසන්නානං අග්ගං ධම්මං විජානතං, අග්ගෙ බුද්ධෙ පසන්නානං දක්ඛිණෙය්යෙ අනුත්තරෙ.
Sinhala BJT80. අග්‍රස්ථානයෙහි එකැතින් පහන් වූ අග්‍ර චතුස්සත්‍යධර්‍මය දන්නා වූ, දක්‍ෂිණාර්‍හ වූ අනුත්තර වූ අග්‍ර වූ බුදුන් කෙරෙහි පහන් ඇත්තනට -
Pali BJT81. අග්ගෙ ධම්මෙ පසන්නානං විරාගූපසමෙ සුඛෙ, අග්ගෙ සඞ්ඝෙ පසන්නානං පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ.
Sinhala BJT81. විරෝගොපශමසුඛ සඞ්ඛ්‍යාත අග්‍රධර්‍මයෙහි පහන් ඇත්තනට, පුණ්‍යක්‍ෂේත්‍ර වූ අනුත්තර වූ අග්‍ර සඞ්ඝයා කෙරෙහි පහන් ඇත්තනට -
Pali BJT82. අග්ගස්මිං දානං දදතං අග්ගං පුඤ්ඤං පවඩ්ඪති, අග්ගං ආයුං{1} ච වණ්ණො ච යසො කිත්ති සුඛං බලං.
Sinhala BJT82. අග්‍රස්ථානයෙහි ලා දන් දෙන ඇත්තනට අග්‍ර පින් වැඩේ. අග්‍ර වූ ආයුෂය, වර්‍ණය, යශස, කීර්‍තතිය, සුඛය, බලය ද ලැබේ.
Pali BJT83. අග්ගස්ස දාතා මෙධාවී අග්ගධම්මසමාහිතො, දෙවභූතො මනුස්සො වා අග්ගප්පත්තො පමොදතීති.
Sinhala BJT83. අග්‍ර වූ ශ්‍රද්ධාදි ධර්‍මයෙන් යුක්ත වූයේ අග්‍ර වූ සඞ්ඝරත්නය විෂයෙහි දන් දෙන ප්‍රශස්ත නුවණ ඇතියේ දෙවිබවට පැමිණියේ හෝ මිනිසත්බවට පැමිණියේ හෝ අග්‍රප්‍රාප්ත ව සතුටු වෙයි.
Pali BJT4. 1. 4. 5.
Sinhala BJT4. 1. 4. 5.
Pali BJT[වස්සකාරසුත්තං]
Sinhala BJT[වස්සකාර සූත්‍රය]
Pali BJT35. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො භගවන්තං එතදවොච:
Sinhala BJT35. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි (ලෙහෙනුන්ට වැටුප් දුන් හෙයින්) කලන්‍දකනිවාප{*} නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එක්බිති මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු බුදුන් කරා එළඹියේ ය. එළඹ බුදුන් සමග සතුටු විය. සම්මෝදනයට නිසි සිහිකරනට නිසි කථා කොට නිමවා එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් මගධමහාමාග්‍ර වස්සකාර බමුණු බුදුනට තෙල සැළ කෙළේ ය.
Pali BJTචතූහි ඛො මයං භො ගොතම, ධම්මෙහි සමන්නාගතං මහාපඤ්ඤං මහාපුරිසං පඤ්ඤපෙම. කතමෙහි චතූහි?
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, අපි සතර කරුණෙකින් සමන්‍වාගත වූ මහාප්‍රාඥයා මහාපුරුෂයකු කොට පණවම්හ. කවර සතර කරුණෙන යත්:
Pali BJTඉධ භො ගොතම, බහුස්සුතො හොති තස්ස තස්සෙව සුතජාතස්ස. තස්ස තස්සෙව ඛො පන භාසිතස්ස අත්ථං ජානාති ‘අයං ඉමස්ස භාසිතස්ස අත්ථො, අයං ඉමස්ස භාසිතස්ස අත්ථො’ති. සතිමා ඛො පන හොති චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. යානි ඛො පන තානි ගහට්ඨකානි කිඞ්කරණීයානි, තත්ථ දක්ඛො හොති, අනලසො, තත්රූපායායවීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං. ඉමෙහි ඛො මයං භො ගොතම, චතූහි ධම්මෙහි සමන්නාගතං මහාපඤ්ඤං මහාපුරිසං පඤ්ඤපෙම. සචෙ පන මෙ භො ගොතම, අනුමොදිතබ්බං, අනුමොදතු මෙ භවං ගොතමො. සචෙ පන මෙ භො ගොතම, පටික්කොසිතබ්බං, පටික්කොසතු මෙ භවං ගොතමොති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මෙලොව්හි ඒ ඒ ශ්‍රැතජාතය පිළිබඳ බහුශ්‍රැතයෙක් වෙයි. “මේ තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය, මේ තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය” යි කියා ඒ ඒ භාෂිතය පිළිබඳ අර්‍ත්‍ථය දන්නේ වෙයි. පෙර කළ දෑ පෙර වුණු දෑ සිහි කරණ, පුන පුනා ගොස් සිහි කොට ගන්නා ස්මෘති ඇතියෙක් වෙයි. ගිහිගෙහි වැටෙන, කුම් කෙරෙම්දැ යි විමසා කළ යුතු යම් ඒ දෑ ඇත් ද, එහි ලා අනලස් වූ එහි ලා උපායවීමාංසායෙන් සමන්‍වාගත වූ කරන්නට පොහොසත් සංවිධානයට පොහොසත් දක්‍ෂයෙක් වෙයි. භවත් ගෞතමයන් වහන්ස, අපි මේ සතර කරුණෙන් සමන්‍වාගත මහාප්‍රාඥයා මහාපුරුෂයකු කොට පණවම්හ. භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මබස අනුමෙවිය යුතු නම් භවත් ගෞතමයන් වහන්සේ මබස අනුමෝදන් කෙරෙත්වා. භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මබස නෙරලිය යුතු නම් භවත් ගෞතමයන් වහන්සේ මබස නෙරත්වා යි.
Pali BJTනෙව ඛො ත්යාහං බ්රාහ්මණ, අනුමොදාමි. න පටික්කොසාමි. චතූහි ඛො අහං බ්රාහ්මණ, ධම්මෙහි සමන්නාගතං මහාපඤ්ඤං මහාපුරිසං පඤ්ඤපෙමි. කතමෙහි චතූහි?
Sinhala BJTබමුණ, තාගේ වචනය මම අනුමෝදන් නො කරමි. නො ද බැහැර කරමි. බමුණ, මම සතර කරුණෙකින් සමන්‍වාගත මහපැණැතියා මහපුරිස් කොට පණවමි. කවර සතර කරුණෙන යත්:
Pali BJTඉධ බ්රාහ්මණ, බහුජනහිතාය පටිපන්නො හොති බහුජනසුඛාය බහු’ස්ස ජනතා අරියෙ ඤායෙ පතිට්ඨාපිතා, යදිදං කල්යාණධම්මතා කුසලධම්මතා.
Sinhala BJTබමුණ, මෙලොව බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුඛ පිණිස පිළිපන්නෙක් වෙයි. ඔහු විසින් කල්‍යාණධර්‍මතා සඞ්ඛ්‍යාත, කුශලධර්‍මතා සඞ්ඛ්‍යාත විවසුන් සහගිය මගෙහි බොහෝ ජනතාව පිහිටුවන ලදු වෙයි.
Pali BJTසො යං විතක්කං ආකඞ්ඛති විතක්කෙතුං. තං විතක්කං විතක්කෙති. යං විතක්කං නාකඞ්ඛති විතක්කෙතුං, න තං විතක්කං විතක්කෙති. යං සඞ්කප්පං ආකඞ්ඛති සඞ්කප්පෙතුං, තං සඞ්කප්පං සඞ්කප්පෙති. යං සඞ්කප්පං නාකඞ්ඛති සඞ්කප්පෙතුං, න තං සඞ්කප්පං සඞ්කප්පෙති. ඉති චෙතොවසිප්පත්තො හොති විතක්කපථෙසු.
Sinhala BJTහේ නෙක්ඛම්මාදි යම් විතර්‍කයක් විතර්‍කනය කරන්නට කැමැති වේ ද, ඒ විතර්‍කය විතර්‍කනය කෙරෙයි. කාමාදි යම් විතර්‍කයක් විතර්‍කනය කරන්නට නො කැමැති වේ ද, ඒ විතර්‍කය විතර්‍කනය නො කෙරෙයි. යම් සංකල්පයක් සංකල්පනා කරන්නට කැමැති වේ ද, ඒ සංකල්පය සංකල්පනා කෙරෙයි. යම් සංකල්පයක් සංකල්පනා කරන්නට නො කැමැති වේ ද, ඒ සංකල්පය සංකල්පනා නො කෙරෙයි. මෙසේ විතර්‍කපථයෙහි චිත්තවශීප්‍රාප්ත වේ:
Pali BJTචතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJTවිශුද්ධචිත්තසංනිඃශ්‍රිත වූ ඉහාත්මසුඛවිහරණ ඇති සතර වැදෑරුම් දැහැන් කැමැති සේ ලබන සුල්ලේ, නිදුකින් ලබන සුල්ලේ, විපුල සේ ලබන සුල්ලේ වෙයි.
Pali BJTආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තමන් විසින් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ගෙණ ඇටිඇටිසඳ සමවැද වෙසෙයි.
Pali BJTනෙව ඛො ත්යාහං බ්රාහ්මණ, අනුමොදාමි. න පන පටික්කොසාමි. ඉමෙහි ඛො අහං බ්රාහ්මණ, චතූහි ධම්මෙහි සමන්නාගතං මහාපඤ්ඤං මහාපුරිසං පඤ්ඤාපෙමීති.
Sinhala BJTබමුණ, තාගේ වචනය මම අනුමෝදන් නො කරමි. නො ද බැහැර කෙරෙමි. බමුණ, මේ සතර කරුණින් සමන්‍වාගත මහපැණැතියා මහපුරිස් කොට පණවමි.
Pali BJTඅච්ඡරියං භො ගොතම. අබ්භුතං භො ගොතම. යාවසුභාසිතං චිදං භොතා ගොතමෙන. ඉමෙහි ච මයං චතූහි ධම්මෙහි සමන්නාගතං භවන්තං ගොතමං ධාරෙම.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යය, භවත් ගෞතමයන් වහන්ස, අද්භූතය, භවත් ගෞතමයන් වහන්සේ විසින් තෙල බස පරමකෝටින් සුභාෂිතය. අපි භවත් ගෞතමයන් වහන්සේ මේ සතර ධර්‍මයෙන් සමන්‍වාගතයකු කොට ධරම්හ.
Pali BJTභවං හි ගොතමො බහුජනහිතාය පටිපන්නො බහුජනසුඛාය, බහු තෙ ජනතා අරියෙ ඤායෙ පතිට්ඨාපිතා යදිදං කල්යාණධම්මතා කුසලධම්මතා.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ වනාහි බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුඛ පිණිස පිළිපන් සේක. මුබ වහන්සේ විසින් බොහෝ ජනතාවක් කල්‍යාණධර්‍මතා කුශලධර්‍මතා සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යන්‍යාය යි කියන ලද විවසුන් සහගිය මගෙහි පිහිටුවන ලදු.
Pali BJTභවං හි ගොතමො යං විතක්කං ආකඞ්ඛති විතක්කෙතුං, තං විතක්කං විතක්කෙති. යං විතක්කං නාකඞ්ඛති විතක්කෙතුං, න තං විතක්කං විතක්කෙති. යං සඞ්කප්පං ආකඞ්ඛති සඞ්කප්පෙතුං, තං සඞ්කප්පං සඞ්කප්පෙති. යං සඞ්කප්පං නාකඞ්ඛති සඞ්කප්පෙතුං, න තං සඞ්කප්පං සඞ්කප්පෙති. භවං හි ගොතමො චෙතොවසිප්පත්තො විතක්කපථෙසු.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ නෙක්ඛම්මාදි යම් විතර්‍කයක් විතර්‍කනයට කැමැති සේක් ද, ඒ විතක් විතකන සේක. යම් කාමාදි විතර්‍කයක් විතකන්නට නො කැමැති සේක් ද, ඒ විතක් නො විතකන සේක. යම් සංකල්පයක් සංකල්පනය කිරීමට කැමැති සේක් ද, ඒ සංකල්පය සංකල්පනය කරණ සේක. යම් සංකල්පයක් සංකල්පනා කරන්නට නො කැමැති සේක් ද, ඒ සංකල්පනාව සංකල්පනා නො කරණ සේක. භවත් ගෞතමයන් වහන්සේ විතර්‍ක පථයෙහි චිත්තවශී ප්‍රාප්තයහ.
Pali BJTභවං හි ගොතමො චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ වනාහි විශුද්ධ චිත්ත සංනිඃශ්‍රිත වූ ඉහාත්ම සුඛ විහරණ ඇති සිවු දැහැන් කැමැති සේ ලබන සුල්ලහ. නිදුකින් ලබන සුල්ලහ. විපුල කොට ලබන සුල්ලහ.