Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3101-3200 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි අගතිගමනානීති.
Sinhala BJTමහණෙනි මේ අගතිගමන වන සතර කරුණු යි.
Pali BJTචත්තාරිමානි භික්ඛවෙ, නාගතිගමනානි. කතමානි චත්තාරි?
Sinhala BJTමහණෙනි, මේ සතර අගතිගමන නොවන කරුණු ය. කවර සතර කරුණුය යත්:
Pali BJTන ඡන්දාගතිං ගච්ඡති. න දොසාගතිං ගච්ඡති. න මොහාගතිං ගච්ඡති. න භයාගතිං ගච්ඡති.
Sinhala BJTඡන්‍දයෙන් අගතියට නො යෙයි. ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි. භයෙන් අගතියට නො යෙයි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි නාගතිගමනානීති.
Sinhala BJTමහණෙනි, මේ අගතිගමන නොවන සතර කරුණු යි.
Pali BJT43. ඡන්දා දොසා භයා මොහා යො ධම්මං අතිවත්තති, නිහීයති තස්ස යසො කාලපක්ඛෙව චන්දිමා’ති.
Sinhala BJT43. ඡන්‍දයෙනුදු ද්වේෂයෙනුදු භයෙනුදු මෝහයෙනුදු යමෙක් දහම පැන යේ ද ඔහුගේ යශස් පිරිහෙයි. කළුවරපස සඳු මෙනි.
Pali BJT44. ඡන්දා දොසා භයා මොහා යො ධම්මං නාතිවත්තති, ආපූරති තස්ස යසො සුක්කපක්ඛෙව චන්දිමා’ති.
Sinhala BJT44. ඡන්‍දයෙනුදු ද්වේෂයෙනුදු භයෙනුදු මෝහයෙනුදු යමෙක් දහම පැන නො යේ ද ඔහුගේ යශස් පිරේ. පුරපස සඳු මෙනි.
Pali BJT4. 1. 2. 10.
Sinhala BJT4. 1. 2. 10.
Pali BJT[භත්තුද්දෙසසුත්තං]
Sinhala BJT[භත්තුද්දෙසක සූත්‍රය]
Pali BJT20. චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?
Sinhala BJT20. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ‘භත්තුද්දෙසක’ මහණ යම් සේ ගෙනවුත් බහා තැබුයේ වේ ද එපරිද්දෙන් නිරයෙහි සිටුනේ ය. කවර සතර කරුණෙන යත්:
Pali BJTඡන්දාගතිං ගච්ඡති. දොසාගතිං ගච්ඡති. මොහාගතිං ගච්ඡති. භයාගතිං ගච්ඡති.
Sinhala BJTඡන්‍දයෙන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. බියෙන් අගතියට යෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත භත්තුද්දෙසක මහණ යම් සේ ගෙනවුත් බහා තැබුයේ වේ ද එපරිද්දෙන් නිරයෙහි සිටුනේ ය.
Pali BJTචතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි?
Sinhala BJTමහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ‘භත්තුද්දෙසක’ මහණ යම්සේ ගෙනවුත් බහා තැබූයේ වේ ද එපරිද්දෙන් ස්වර්‍ගයෙහි සිටුනේ ය. කවර සතර කරුණෙන යත්:
Pali BJTන ඡන්දාගතිං ගච්ඡති. න දොසාගතිං ගච්ඡති. න මොහාගතිං ගච්ඡති. න භයාගතිං ගච්ඡති.
Sinhala BJTඡන්‍දයෙන් අගතියට නො යෙයි. ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි. බියෙන් අගතියට නො යෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත ‘භත්තුද්දෙසක’ මහණ යම් සේ ගෙනවුත් බහා තැබුයේ වේ ද එපරිද්දෙන් ස්වර්‍ගයෙහි සිටුනේ ය.
Pali BJT45. යෙ කෙචි කාමෙසු අසඤ්ඤතා ජනා, අධම්මිකා හොන්ති අධම්මගාරවා, ඡන්දා ච දොසා ච භයා ච ගාමිනො{1} පරිසක්කසාවො{2} ච පනෙස වුච්චති. එවං හි වුත්තං සමණෙන ජානතා.
Sinhala BJT45. කාමයෙහි අසංයත වූ යම් කිසි ජන කෙනෙක් අධාර්මික වෙත් ද ධර්‍මගෞරව රහිත වෙත් ද ඡන්‍දයෙනුදු ද්වේෂයෙනුදු භයෙනුදු අගතිගාමීහු වෙත් ද (මෙ බඳු ජනයන් ඇති පිරිසෙහි) මේ භත්තුද්දෙසක තෙමේ ‘පිරිස්කසළුය’ යි කියනු ලැබේ. සියල්ල දන්නා වූ බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලදී.
Pali BJT46. තස්මා හි තෙ සප්පුරිසා පසංසියා, ධම්මෙ ඨිතා යෙ න කරොන්ති පාපකං, න ඡන්දෙදාසා න භයා ච ගාමිනො. පරිසාය මණ්ඩො ච පනෙස වුච්චති එවං හි වුත්තං සමණෙන ජානතා’ති.
Sinhala BJT46. යම් ජන කෙනෙක් ධර්‍මයෙහි සිටියාහු පව් නො කෙරෙද්ද, ඡන්‍දයෙන් හා ද්වේෂයෙන් අගතිගාමී නො වෙද්ද, බියෙනුදු අගතිගාමීහු නොවෙත් ද, එහෙයින් ඒ සත්පුරුෂයෝ පැසසිය යුත්තාහ. (මෙබඳු ජනයන් ඇති) පිරිසෙහි මේ භත්තුද්දෙසක තෙමේ ‘මණ්ඩන’ යි කියනු ලැබේ. සියල්ල දන්නා වූ බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලදී.
Pali BJTචරවග්ගො දුතියො.
Sinhala BJTචරවර්‍ග දෙවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTචරං සීලං පධානානි, සංවරං පඤ්ඤත්ති පඤ්චමං, සොඛුම්මං තයො අගතී භත්තුද්දෙසෙන තෙ දසාති.
Sinhala BJTචර, සීල, පධාන, සංවර, පස් වැනි පඤ්ඤත්ති, සොඛුම්ම, අගති (සූත්‍ර) තුණය, භත්තුද්දෙස යනු හා ඒ සූත්‍ර දසයෙකි.
Pali BJT3. උරුවෙලවග්ගො
Sinhala BJT3. උරුවේල වර්‍ගය
Pali BJT4. 1. 3. 1.
Sinhala BJT4. 1. 3. 1.
Pali BJT[පඨම උරුවෙලසුත්තං]
Sinhala BJT[ප්‍රථම උරුවේල සූත්‍රය]
Pali BJT21. [එවං මෙ සුතං:] එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවො’ති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච :
Sinhala BJT21. [මා විසින් මෙසේ අසන ලදී] එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ, අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළ සේක:
Pali BJTඑකමිදාහං භික්ඛවෙ, සමයං උරුවෙලායං විහරාමි නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධෙ පඨමාභිසම්බුද්ධො.
Sinhala BJTමහණෙනි, මම එක් කලෙක උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරා හෝතෙර අජපාල නම් න්‍යග්‍රෝධමූලයෙහි සම්‍යක් සම්බුද්ධ ව පළමු ම වෙසෙමි.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි : දුක්ඛං ඛො අගාරවො විහරති අප්පතිස්සො. කන්නු ඛො අහං සමණං වා බ්රාහ්මණං වා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යන්ති. තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි:
Sinhala BJTමහණෙනි, රහෝගත වූ එකත් අරමුණෙහි ඇලුනු මට මෙබඳු වූ චිත්තපරිවිතර්‍කයෙක් උපන: අනෙකකු කෙරෙහි ගෞරව නැතියේ ප්‍රතිශ්‍රය නැතියේ දුකසේ වෙසෙයි. මම කිනම් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් දෝයී. මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් වී.
Pali BJTඅපරිපූරස්ස ඛො අහං සීලක්ඛන්ධස්ස පාරිපූරියා අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යං, න ඛො පනාහං පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා අත්තනා සීලසම්පන්නතරං යමහං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යං.
Sinhala BJTමම නො පිරිපුන් ශීලස්කන්‍ධයාගේ පිරිපුන්බව පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි-ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි, මම යමකු සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, තමාට වඩා සිල්සපන් එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ මම (බුදුඇසින්) නො දක්මි.
Pali BJTඅපරිපූරස්ස ඛො අහං සමාධික්ඛන්ධස්ස පාරිපූරියා අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යං. න ඛො පනාහං පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා අත්තනා සමාධිසම්පන්නතරං යමහං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යං.
Sinhala BJTමම නොපිරිපුන් සමාධිස්කන්‍ධයාගේ පිරිපුන් බව පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරුකොට ගෙණ ඇසුරුකොට ගෙණ වෙසෙම් නම්, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත සෙසු දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි මම යමකු සත්කාර කොට ගෙණ ගුරුකොට ගෙණ වෙසෙම් නම්, තමාට වඩා සමාධිසම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ මම නො දක්මි.
Pali BJTඅපරිපූරස්ස ඛො අහං පඤ්ඤාක්ඛන්ධස්ස පාරිපූරියා අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යං. න ඛො පනාහං පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා අත්තනා පඤ්ඤාසම්පන්නතරං, යමහං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යං.
Sinhala BJTමම නොපිරිපුන් ප්‍රඥාස්කන්‍ධයාගේ පිරිපුන් බව පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි - මහණ බමුණන් සහිත වූ අවශේෂ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජායෙහි මම යමකු සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, තමාට වඩා ප්‍රඥාසම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ මම නො දක්මි.
Pali BJTඅපරිපූරස්ස ඛො අහං විමුත්තික්ඛන්ධස්ස පාරිපූරියා අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යං. න ඛො පනාහං පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අත්තනා විමුත්තිසම්පන්නතරං, යමහං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යන්ති.
Sinhala BJTමම නො පිරිපුන් විමුක්තිස්කන්‍ධයාගේ පිරිපුන් බව පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි - මහණබමුණන් සහිත වූ අවශේෂ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජායෙහි මම යමකු සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, තමාට වඩා විමුක්ති සම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ මම නො දක්මි.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි : යන්නූනාහං යොපායං ධම්මො මයා අභිසම්බුද්ධො තමෙව ධම්මං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යන්ති.
Sinhala BJTමහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් වී: මා විසින් යම් මේ ධර්‍මයෙක් අවබෝධ කරණ ලද නම්, ඒ දහම ම සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ මම වෙසෙම් නම් මැනවි නො! යී.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, බ්රහ්මා සහම්පති මම චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං{1} වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙවං බ්රහ්මලොකෙ අන්තරහිතො මම පුරතො පාතුරහොසි.
Sinhala BJTමහණෙනි, එක්බිති සහම්පති මහබඹ ඔහු සිතින් මාගේ චිත්තපරිවිතර්‍කය දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ ද දික් කළ අතක් හකුළා ගන්නේ ද එපරිදි බ්‍රහ්මලෝකයෙහි අතුරුදහන් කෙළේ මා පෙරට පහළ වී.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, බ්රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දක්ඛිණං ජාණුමණ්ඩලං පුථුවියං නිහන්ත්වා යෙනාහං තෙනඤ්ජලිං පණාමෙත්වා මං එතදවොච : එවමෙතං භගවා, එවමෙතං සුගත, යෙපි තෙ භන්තෙ, අහෙසුං අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා. තෙපි භගවන්තො ධම්මංයෙව සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරිංසු. යෙපි තෙ භන්තෙ භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, තෙපි භගවන්තො ධම්මං යෙව සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරිස්සන්ති. භගවාපි භන්තෙ, එතරහි අරහං සම්මාසම්බුද්ධො ධම්මං යෙව සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරතූති.
Sinhala BJTමහණෙනි, එක්බිති සහම්පතී මහබඹ උතුරුසළුව එකස් කොට ලා දකුණු දණමඬල බිම හැන මා වෙත ඇඳිලි නමා මට මෙ තෙපුල් සැළ කෙළේය: භාග්‍යවතුන් වහන්ස, තෙල එසේ ම ය. සුගතයන් වහන්ස, තෙල එසේ ම ය. වහන්ස, අතීත කාලයෙහි යම් ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වූහු ද, ඒ භගවත්හුදු දහම ම සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ විසූහ. වහන්ස, අනාගතයෙහි යම් ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වෙද් ද, ඒ භගවත්හුදු දහම ම සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙන ඇසුරු කොට ගෙණ වෙසෙත්. වහන්ස, මෙකල අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ ද දහම ම සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙන ඇසුරු කොට ගෙණ වෙසෙත්වා යී.
Pali BJTඉදමවොච බ්රහ්මා සහම්පති. ඉදං වත්වා අථාපරං එතදවොච :
Sinhala BJTසහම්පති මහබඹ මෙය කීය. මෙය කියා වැලිත් අනෙක් තෙල බස් ද කීය:
Pali BJT47. යෙ චබ්භතීතා{2} සම්බුද්ධා යෙ ච බුද්ධා අනාගතා, යො චෙතරහි සම්බුද්ධො බහුන්නං සොකනාසනො.
Sinhala BJT47. අතීතකාලික වූ යම් සම්බුදු කෙනෙක් වූහු ද, අනාගතකාලික වූ යම් සම්බුදු කෙනෙකුත් වෙද්ද, දැන් බොහෝ දෙනාගේ ශෝක නසන යම් සම්බුද්ධයන් වහන්සේ කෙනෙක් ඇද්ද,
Pali BJT48. සබ්බෙ සද්ධම්මගරුනො විහංසු විහරන්ති ච, අථොපි විහරිස්සන්ති එසා බුද්ධාන ධම්මතා.
Sinhala BJT48. එහැම සද්ධර්‍මය ගුරු කොට ඇත්තාහු විසූහ. දැනුදු වෙසෙත්. වැලි අනාගතයෙහිදු වෙසෙත්. බුදුවරුන්ගේ මේ ධර්‍මතා ය.
Pali BJT49. තස්මා හි අත්ථකාමෙන මහත්තමභිකඞ්ඛතා, සද්ධම්මො ගරුකාතබ්බො සරං බුද්ධානසාසනන්ති.
Sinhala BJT49. එහෙයින් වැඩ කැමැති, මහත්බව පතන, බුදුවරුන්ගේ සස්න සිහි කරන්නහු විසින් සද්ධර්‍මය ගරු කටයුත්තේ යි.
Pali BJTඉදමවොච භික්ඛවෙ, බ්රහ්මා සහම්පති. ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායී.
Sinhala BJTමහණෙනි, සහම්පති මහබඹ මේ කිය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් කෙළේ ය.
Pali BJTඅථඛ්වාහං භික්ඛවෙ, බ්රහ්මුනො ච අජ්ඣෙසනං විදිත්වා අත්තනො ච පතිරූපං, යොපායං ධම්මො මයා අභිසම්බුද්ධො තමෙව ධම්මං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහාසිං. යතො ච ඛො භික්ඛවෙ, සඞ්ඝොපි මහත්තෙන සමන්නාගතො, අථ මෙ සඞ්ඝෙපි (තිබ්බ) ගාරවොති.
Sinhala BJTමහණෙනි, එක්බිති මම බ්‍රහ්මාරාධනය ද තමහට නිස්සද දැන, මා විසින් යම් ධර්‍මයෙක් අවබෝධ කරණ ලද ද, ඒ දහම ම සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙන විසීමි. මහණෙනි, යම් කලෙක සිට සඞ්ඝයාත් (චතුර්විධ) මහත්ත්‍වයෙන් සමන්‍වාගත ද එකල සඞ්ඝයා කෙරෙහිදු මාගේ බලවත් ගෞරවය විය.
Pali BJT4. 1. 3. 2.
Sinhala BJT4. 1. 3. 2.
Pali BJT[දුතිය උරුවෙලසුත්තං]
Sinhala BJT[ද්විතීය උරුවේල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT22. එකමිදාහං භික්ඛවෙ, සමයං උරුවෙලායං විහරාමි නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධෙ පඨමාභිසම්බුද්ධො. අථ ඛො භික්ඛවෙ, සම්බහුලා බ්රාහ්මණා ජිණ්ණා වුද්ධා මහල්ලකා අද්ධගතා වයොඅනුප්පත්තා යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මම සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො භික්ඛවෙ, තෙ බ්රාහ්මණා මං එතදවොචුං :
Sinhala BJT22. මහණෙනි, මම එක් කලෙක උරුවේලා දනව්වෙහි නේරඤ්ජරා හෝතෙර අජපාලන්‍යග්‍රෝධමූලයෙහි සම්‍යක්සම්බුද්ධ ව පළමු ම වෙසෙමි. මහණෙනි එකල ජරාජීර්‍ණ වූ වයෝවෘද්ධ වූ දෑමහලු වූ තුන් විය ඉක්ම වූ පැසිම්විය ට පැමිණි බොහෝ බමුණෝ (හුහුඞ්කජාතික බමුණු සමග) මා කරා එළඹියහ. එළඹ මා සමග සතුටු වූහ. තුස්නට නිසි සිහි කළ යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. මහණෙනි, එකත්පසෙක හුන් ඒ බමුණෝ මට තෙල වචන කීහ:
Pali BJTසුතං නෙතං{1} භො ගොතම න සමණො ගොතමො බ්රාහ්මණෙ ජිණ්ණෙ වුද්ධෙ මහල්ලකෙ අද්ධගතෙ වයොඅනුප්පත්තෙ අභිවාදෙති වා පච්චුට්ඨෙති වා ආසනෙන වා නිමන්තෙති. තයිදං භො ගොතම, තථෙව. නහි භවං ගොතමො බ්රාහ්මණෙ ජිණ්ණෙ වුද්ධෙ මහල්ලකෙ අද්ධගතෙ වයොඅනුප්පත්තෙ අභිවාදෙති වා පච්චුට්ඨෙති වා ආසනෙන වා නිමන්තෙති. තයිදං භො ගොතම, න සම්පන්නමෙවාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, “මහණ ගොයුම්හු ජරාජීර්‍ණ, වයෝවෘද්ධ, දෑමහලු, තුන්විය ඉක්ම සිටි, පැසිම්වියට පැමිණි බමුණන් නොවඳිති යි, දැක හුනස්නෙන් නො නැගිටිති යි, අසුනෙන් නො අමතති” යි අප විසින් තෙල අසන ලදී. භවත් ගෞතමයෙනි, එය (අප විසින් ඇසූ කරුණ) එසේ ම ය. භවත් ගෞතමයෝ ජීර්‍ණ, වෘද්ධ, මහලු, අධවගත, පශ්චිමවයසට ගිය, බමුණන් නො වඳිති. දැක හුනස්නෙන් නො නැගිටිති. අසුනෙන් නො කැඳවති. භවත් ගෞතමයෙනි, එකරුණ නොනිසි මැ යි.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි : න වතිමෙ{2} ආයස්මන්තො ජානන්ති ථෙරං වා ථෙරකරණෙ වා ධම්මෙ. වුද්ධො චෙපි භික්ඛවෙ, හොති ආසීතිකො වා නාවුතිකො වා වස්සසතිකො වා ජාතියා. සො ච හොති අකාලවාදී අභූතවාදී අනත්ථවාදී අධම්මවාදී අවිනයවාදී අනිධානවතිං වාචං භාසිතා අකාලෙන අනපදෙසං අපරියන්තවතිං අනත්ථසංහිතං. අථ ඛො සො බාලො ථෙරොත්ථෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මට මෙබඳු සිතෙක් වී: මේ ආයුෂ්මත්හු ස්ථවිර හෝ ස්ථවිර භාවය කරණ දහම් හෝ එකැතින් ම නො දනිත්. මහණෙනි, ඉදින් උපතින් අසූවයස් ඇති හෝ අනූවයස් ඇති හෝ සියක් වයස් ඇති හෝ වෘද්ධයෙක් වෙයි. හෙ ද අකාලවාදීත් වෙයි. අභූතවාදීත් වෙයි. අනර්‍ත්‍ථවාදීත් වෙයි. අධර්‍මවාදීත් වෙයි. අවිනයවාදීත් වෙයි. අකාලයෙහි නිෂ්කාරණ වූ පර්‍ය්‍යන්තරහිත වූ ලොවීලොව්තුරා අරුත් නැති ලෙහි නිධන් නො කටයුතු තෙපුල් කියන්නේත් වෙයි. ඒ අඳබල් ද ස්ථවිර ම ය යි ගණනට වැටෙයි.
Pali BJTදහරො චෙපි භික්ඛවෙ, හොති යුවා සුසුකාළකෙසො භද්දෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා. සො ච හොති කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං. අථ ඛො සො පණ්ඩිතො ථෙරොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, ඉඳින් තුරුණු වූ ඉකළු කෙස් ඇති භද්‍රයෞවනයෙන් සමන්‍වාගත ප්‍රථමවයසින් යුත් ළදරුවෙක් වෙයි. හෙ ද කාලවාදීත් වෙයි. භූතවාදීත් වෙයි අර්‍ත්‍ථවාදීත් වෙයි. ධර්‍මවාදීත් වෙයි. විනයවාදීත් වෙයි. නිසි කල කරුණු සහිත වූ පර්‍ය්‍යන්ත ඇති ලොවී ලොව්තුරා අරුත් ඇති ලෙහි නිධන් කළයුතු තෙපුල් කියන්නේත් වෙයි. ඒ පණ්ඩිත තෙමේ ස්ථවිර ම ය යි ගණනට වැටෙයි.
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ථෙරකරණා ධම්මා. කතමෙ චත්තාරො?
Sinhala BJTමහණෙනි, මේ ථේර (තෙරබව) කරණ ධර්‍මයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා හොති. පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරශීලයෙන් සංවෘත ව වෙසෙයි. ආචාරගෝචරසම්පන්න වෙයි, අණුමාත්‍ර වරදෙහි බිය දක්නා සුලු වෙයි, සිකපද මොනවට ගෙණ හික්මෙයි.
Pali BJTබහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සව්යඤ්ජනා කෙවලපරිපුණ්ණා පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා.
Sinhala BJTබහුශ්‍රුත වෙයි, ශ්‍රැතධර වෙයි, ශ්‍රැතසන්නිචය (=රැස් කොට ගත් ශ්‍රැත ඇත්තේ) වෙයි, ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජනසහිත වූ කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධබ්‍රහ්මචර්‍ය්‍යය කියන යම් ඒ දහම්හු ඇත් ද, එබඳු දහම්හු මොහු විසින් බෙහෙවින් අසන ලද්දාහු දරණ ලද්දාහු තෙපුලෙන් වනපොත් කරණ ලද්දාහු සිතින් පුන පුනා දක්නා ලද්දාහු (අරුත් විසින් කරුණු විසින්) ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්.
Pali BJTචතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJTඅධිචිත්තය ඇසුරු කොට සිටි ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සතර දැහැන් (රිසි රිසි කෙණෙහි සමවැදීම් විසින්) කැමැතිසේ ලබන සුලු වෙයි. සුවසේ ලබන සුලු වෙයි. විපුල කොට ලබන සුලු වෙයි.
Pali BJTආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTආස්‍රවක්‍ෂයහේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති මෙලොව්හි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ගෙණ ඇටිඇටිසඳ සමවැද වෙසෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ථෙරකරණා ධම්මාති.
Sinhala BJTමහණෙනි, මේ සතර ථේර කරණ ධර්‍මයෝය.
Pali BJT50. යො උද්ධතෙන චිත්තෙන සම්ඵඤ්ච බහු භාසති, අසමාහිතසඞ්කප්පො අසද්ධම්මරතො මගො, ආරා සො ථාවරෙය්යම්හා පාපදිට්ඨි අනාදරො.
Sinhala BJT50. යමෙක් විසුරුණු සිතින් බොහෝ කොට පලප බෙණේ ද, නොපිහිටුවාලූ සංකල්ප ඇති අසද්ධර්‍මයෙහි නියැලි මෘග සදෘශ ලමු දිටුහ ඇති නිරාදර වූ හෙ තෙමේ ස්ථාවරභාවයෙන් දුරුව සිටුනේ ය.
Pali BJT51. යො ච සීලෙන සම්පන්නො සුතවා පටිභානවා, සඤ්ඤතො ථිරධම්මෙසු{1} පඤ්ඤායත්ථං විපස්සති, පාරගූ සබ්බධම්මානං අඛිලො පටිභානවා.
Sinhala BJT51. යමෙක් ශීලසම්පන්න වූයේ ශ්‍රැතවත් වූයේ ප්‍රතිභාන ඇතියේ ස්ථාවරධර්‍මයෙහි සංයත වූයේ මාර්‍ගප්‍රඥායෙන් සත්‍යාර්‍ත්‍ථය විනිවිද දක්නේ ද හැම ස්කන්‍ධාදි දහම්හි තෙරපත් වේ ද, රාගාදි ඛිල රහිත වේ ද,
Pali BJT52. පහීනජාතිමරණො බ්රහ්මචරියස්ස කෙවලී, තමහං වදාමි ථෙරොති යස්ස නො සන්ති ආසවා, ආසවානං ඛයා භික්ඛු සො ථෙරොති පවුච්චතීති.
Sinhala BJT52. පැහු දෑමරණ ඇතියේ ද, බඹසර පිරිපුන් කෙළේ වේ ද, යමක්හට ආස්‍රවයෝ නැත් ද, ඔහු මම ‘ථේර’ ය යි කියමි. ආස්‍රවක්‍ෂයයෙන් ඒ මහණ ‘ථේර’ ය යි කියනු ලැබේ.
Pali BJT4. 1. 3. 3.
Sinhala BJT4. 1. 3. 3.
Pali BJT[ලොකසුත්තං]
Sinhala BJT[ලෝක සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT23. ලොකො භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො. ලොකස්මා තථාගතො විසංයුත්තො. ලොකසමුදයො භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො. ලොකසමුදයො තථාගතස්ස පහීණො. ලොකනිරොධො භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො. ලොකනිරොධො තථාගතස්ස සච්ඡිකතො. ලොකනිරොධගාමිනීපටිපදා භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධා. ලොකනිරොධගාමිනීපටිපදා තථාගතස්ස භාවිතා.
Sinhala BJT23. මහණෙනි, ලෝකය - දුඃඛසත්‍යය තථාගතයන් වහන්සේ විසින් පසක් කරණ ලදී. තථාගතයන් වහන්සේ ලෝකයෙන් - දුඃඛසත්‍යයෙන් විසංයුක්තයහ. මහණෙනි, ලෝකසමුදය (තෘෂ්ණාව) තථාගතයන් වහන්සේ විසින් පසක් කරණ ලදී. තථාගතයන් වහන්සේ විසින් ලෝකසමුදය ප්‍රහීණ කරණ ලදී. මහණෙනි, ලොකනිරොධය තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලදී. ලොකනිරොධය තථාගතයන් වහන්සේ විසින් පසක් කරණ ලදී. මහණෙනි, ලෝකනිරෝධගාමිනී ප්‍රතිපද් තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලදු. ලෝකනිරෝධගාමිනීප්‍රතිපද් තථාගතයන් වහන්සේ විසින් වඩන ලදු.
Pali BJTයං භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, සබ්බං තං තථාගතෙන අභිසම්බුද්ධං. තස්මා තථාගතො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජාව විසින් යම් රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්‍ධරස ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මාලම්බනයෙක් ලබන ලද ද, සොයන ලද ද, සිතින් ලුහුබැඳ ගන්නා ලද ද, එ හැම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලදී. එයින් ‘තථාගත’යයි කියනු ලැබේ.
Pali BJTයඤ්ච භික්ඛවෙ, රත්තිං තථාගතො අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං පරිනිබ්බායති, යං එතස්මිං අන්තරෙ භාසති ලපති නිද්දිසති, සබ්බං තං තථෙව හොති, නො අඤ්ඤථා. තස්මා තථාගතො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, යම් රැයෙක තථාගතයන් වහන්සේ චතුස්සත්‍යාවබෝධය කරණ සේක් ද, යම් රැයෙක පිරිනිවන් පානා සේක් ද, මේ අතර යමක් බණන සේක් ද, තෙපලන සේක් ද, නිදෙසන සේක් ද, එහැම එපරිදි ම වෙයි. වෙනස් නො වෙයි. එයින් ‘තථාගත’ය යි කියනු ලැබේ.
Pali BJTයථාවාදී භික්ඛවෙ, තථාගතො තථාකාරී, යථාකාරී තථාවාදී. ඉති යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී. තස්මා තථාගතො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, තථාගතයන් වහන්සේ යථාවාදී සේක් තථාකාරී සේක. යථාකාරී සේක් තථාවාදී සේක. මෙසේ යථාවාදී තථාකාරීයහ. යථාකාරී තථාවාදීයහ. එයින් ‘තථාගත’ය යි කියනු ලැබේ.
Pali BJTසදෙවකෙ භික්ඛවෙ, ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය තථාගතො අභිභූ අනභිභූතො, අඤ්ඤදත්ථු දසො වසවත්තී. තස්මා තථාගතො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත, අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි තථාගතයන් වහන්සේ හැම මැඩ ගෙණ සිටුනා සේක් මෙරමා විසින් නො මඩනා ලදහ. ඒකාන්තයෙන් හැම දක්නා සේක් තමා වශයෙහි ලා සිටුනා සේක. එයින් ‘තථාගත’ය යි කියනු ලැබේ.
Pali BJT53. සබ්බලොකං{2} අභිඤ්ඤාය සබ්බලොකෙ යථා තථං, සබ්බලොකවිසංයුත්තො සබ්බලොකෙ අනූපයො.
Sinhala BJT53. සියලු ත්‍රෛධාතුක ලෝකසන්නිවාසය හා එහි (සර්‍වලෝකයෙහි) හැම ඥේයධර්‍ම ඇති සැටි දැන යෝගප්‍රහාණයෙන් ත්‍රෛධාතුකලෝකයෙන් විසංයුක්ත වූයේ ත්‍රෛධාතුකලෝකයෙහි තෘෂ්ණා - දෘෂ්ටිරහිත වූයේ -
Pali BJT54. ස වෙ සබ්බාභිභූ ධීරො සබ්බගන්ථප්පමොචනො, ඵුට්ඨස්ස පරමා සන්ති නිබ්බානං අකුතොභයං.
Sinhala BJT54. සිවුවැදෑරුම් හැම ග්‍රන්‍ථයන් මුදා හැර සිටියේ රූපාදි හැම අරමුණු මැඩ ගෙණ සිටියේ වේ ද, හේ ඒකාන්තයෙන් ධීරයෙකි. කොයිනුදු බිය නැති නිර්‍වාණසඞ්ඛ්‍යාත පරමශාන්තිය ඔහු විසින් පහස්නා ලදු.
Pali BJT55. “එස ඛීණාසවො බුද්ධො අනීඝොච්ඡින්නසංසයො, සබ්බකම්මක්ඛයං පත්තො විමුත්තො උපධිසඞ්ඛයෙ.
Sinhala BJT55.“කෙලෙස් දුක් නැති මුලුසුන් සැක ඇති ක්‍ෂීණාස්‍රව වූ තුලුන් වහන්සේ සර්‍වඥයහ. සර්‍වකර්‍මක්‍ෂයට පැමිණියහ. නිවන් නිමිත්තෙහි (එය අරමුණු කොට සිටුනා) ඵලවිමුක්තියෙන් විමුක්තයහ.
Pali BJT56. එස සො භගවා බුද්ධො එස සීහො අනුත්තරො, සදෙවකස්ස ලොකස්ස බ්රහ්මචක්කං පවත්තයී.”
Sinhala BJT56. ඒ භගවත්හු නම් තෙල බුද්ධයහ. තුලුන් වහන්සේ අනුත්තරසිංහයහ. දෙවියන් සහිත ලොවට බ්‍රහ්මචක්‍රය පැවැත් වූ සේක.”
Pali BJT57. ඉති දෙවමනුස්සා ච යෙ බුද්ධං සරණංගතා, සඞ්ගම්ම තං නමස්සන්ති මහන්තං වීතසාරදං.
Sinhala BJT57. මෙසේ කියමින් දෙවිමිනිස්හු හෝ යම් කෙනෙක් බුදුරජුන් සරණ ගියාහු ද, ඔහු එළඹ මහත් වූ පහ වූ බිය ඇති උන්වහන්සේ වඳිත්.
Pali BJT58. “දන්තො දමයතං සෙට්ඨො සන්තො සමයතං ඉසි, මුත්තො මොචයතං අග්ගො තිණ්ණො තාරයතං වරො.”
Sinhala BJT58.“තුමූ දැමුනාහු දමනය කරණුවන් අතර ශ්‍රේෂ්ඨය හ. තුමූ ශාන්ත වූවාහු ශමනය කරණුවන් අතර ඍෂියහ. තුමූ මිදුනාහු මුදනුවන් අතර අග්‍රයහ. තුමූ තීර්‍ණ වූවාහු තරණය කරණුවන් අතර උත්තමයහ.
Pali BJT59. ඉති හෙතං නමස්සන්ති මහන්තං වීතසාරදං, සදෙවකස්මිං ලොකස්මිං නත්ථි තෙ පටිපුග්ගලොති.
Sinhala BJT59. දෙවියන් සහිත ලෝකයෙහි මුඹ වහන්සේට ප්‍රතිපද්ගලයෙක් නැතැ”යි මෙසේ කියා පහ වූ බිය ඇති පූජ්‍ය වූ තෙල බුදුරජුන් වඳිත්.
Pali BJT4. 1. 3. 4.
Sinhala BJT4. 1. 3. 4.
Pali BJT[කාළකාරාමසුත්තං]
Sinhala BJT[කාළකාරාම සූත්‍රය]
Pali BJT24. [එවං මෙ සුතං:] එකං සමයං භගවා සාකෙතෙ විහරති කාළකාරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච :
Sinhala BJT24. [මා විසින් මෙසේ අසන ලදී:] එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාකේතයෙහි වූ කාළකාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, යි භික්‍ෂූන් ඇමතූ සේක. පින්වතුන් වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTයං භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තමහං ජානාමි.
Sinhala BJTමහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින්, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත ප්‍රජාව විසින් යම් රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මාලම්බනයෙක් ගන්නා ලද ද, සොයා ගන්නා ලද ද, සිතින් ලුහුබඳනා ලද ද, එ හැම මම දනිමි.
Pali BJTයං භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තමහං අබ්භඤ්ඤාසිං. තං තථාගතස්ස විදිතං, තං තථාගතො න උපට්ඨාසි.
Sinhala BJTමහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින්, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත ප්‍රජාව විසින් යම් රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මාලම්බනයෙක් ගන්නා ලද ද, සොයා ගන්නා ලද ද, සිතින් ලුහුබඳනා ලද ද, එ හැම මම (අතීත වශයෙන්) දැන ගතිමි. ඒ හැම තථාගතයන් වහන්සේට ප්‍රකටසේ විදිතය. (එහෙත්) එ හැම සදොර අරමුණු කරා තථාගතයන් වහන්සේ තෘෂ්ණාදෘෂ්ටීන් වැද නොගත්හ.
Pali BJTයං භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තමහං ජානාමීති වදෙය්යං, තං මම අස්ස මුසා.
Sinhala BJTමහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින්, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත ප්‍රජාව විසින් යම් රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මාලම්බනයෙක් ගන්නා ලද ද, සොයා ගන්නා ලද ද, සිතින් ලුහුබඳනා ලද ද, එ හැම මම (මහාජනයා දක්නා සෙයින් තෘෂ්ණාදීන්) දනිමි යි කියම් නම් එය මාගේ මෘෂායෙක් වෙයි. (ආත්ම-ආත්මීයභාවයෙන් ශුන්‍යතා ඇතිහෙයිනි.)
Pali BJTයං භික්ඛවෙ -පෙ- තමහං ජානාමි ච න ච ජානාමීති වදෙය්යං, තම්පස්ස තාදිසමෙව. තමහං නෙව ජානාමි න න ජානාමීති වදෙය්යං, තං මම අස්ස කලි.
Sinhala BJTමහණෙනි, ... එ හැම මම දනිමි යී ද, නො දනි මි යී ද කියම් නම් එ ද එබඳු ම වෙයි. එ හැම මම නො ම දනිමි යී ද නො දන්නෙම් නො වෙමි යී ද කියම් නම්, එබස මාගේ දෝෂයෙක් වෙයි.
Pali BJTඉති ඛො භික්ඛවෙ, තථාගතො දට්ඨා දට්ඨබ්බං, දිට්ඨං න මඤ්ඤති. අදිට්ඨං න මඤ්ඤති. දට්ඨබ්බං න මඤ්ඤති. දට්ඨාරං න මඤ්ඤති. සුතා{1} සොතබ්බං, සුතං න මඤ්ඤති. අසුතං න මඤ්ඤති. සොතබ්බං න මඤ්ඤති. සොතාරං න මඤ්ඤති. මුතා{2} මොතබ්බං, මුතං න මඤ්ඤති. අමුතං න මඤ්ඤති. මොතබ්බං න මඤ්ඤති. මොතාරං න මඤ්ඤති. විඤ්ඤාතා{3} විඤ්ඤාතබ්බං, විඤ්ඤාතං න මඤ්ඤති. අවිඤ්ඤාතං න මඤ්ඤති. විඤ්ඤාතබ්බං න මඤ්ඤති. විඤ්ඤාතාරං න මඤ්ඤති.
Sinhala BJTමහණෙනි, මෙසේ වනාහි තථාගතයන් වහන්සේ ද්‍රෂ්ටව්‍ය වූ රූපායතනය දැක ඒ රූපායතනය (තණ්හාදිට්ඨිමඤ්ඤනා විසින්) නො හඟිත්. (මහාජනයා විසින් නො දක්නා ලද) රූපායතනය (මම දනිමැ යි තණ්හාදීන්) නො හඟිත්. ද්‍රෂ්ටව්‍යය නො හඟිත්. ද්‍රෂ්ටෘ සඞ්ඛ්‍යාත සත්ත්‍වයකු නො හඟිත්. ශ්‍රෝතව්‍ය වූ ශබ්දායතනය අසා ඒ ශබ්දායතනය (තණ්හා දිට්ඨි මඤ්ඤනා විසින්) නො හඟිත්. (මහාජනයා විසින් නො අසන ලද) ශබ්දායතනය (මම දනිමැ යි තණ්හාදීන්) නො හඟිත්. ශ්‍රොතව්‍යය නො හඟිත්. ශ්‍රෝතෘ සඞ්ඛ්‍යාත සත්ත්‍වයකු නො හඟිත්. මුතසඞ්ඛ්‍යාත ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යායතනය දැන ඒ මුතායතනය (තණ්හාදිට්ඨි මඤ්ඤනා විසින්) නො හඟිත්. (මහාජනයා විසින් නො දන්නා ලද) මුතසඞ්ඛ්‍යාත ගන්‍ධාදිය නො හඟිත්. මන්තව්‍ය සඞ්ඛ්‍යාත ගන්‍ධාදිය නො හඟිත්. මන්තෘ සඞ්ඛ්‍යාත සත්ත්‍වයකු නො හඟිත්. විඥාතව්‍යධර්‍මාලම්බනය දැන ඒ විඥාතව්‍යය තණ්හාදීන් නො හඟිත්. (මහාජනයා විසින් අවිඥාත) ධර්‍මාලම්බනය නො හඟිත්. විඥාතව්‍යය නො හඟිත්. විඥතෘ සඞ්ඛ්‍යාත සත්ත්‍වයකු නො හඟිත්.
Pali BJTඉති ඛො භික්ඛවෙ, තථාගතො දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු තාදීයෙව තාදී. තම්හා ච පන{4} තාදිම්හා අඤ්ඤො තාදී උත්තරිතරො වා පණීතතරො වා නත්ථීති වදාමීති.
Sinhala BJTමහණෙනි, මෙසේ වනාහි තථාගතයන් වහන්සේ දිට්ඨසුතමුතවිඤ්ඤාත වූ ධර්‍මයන් කෙරෙහි තාදී සේක් ම තාදීයහ. ඒ තථාගතතාදීභාවයට වැඩි උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ තාදීභාවයෙක් නැති යි වදාරමි.
Pali BJT60. යං කිඤ්චි දිට්ඨංව සුතං මුතං වා අජ්ඣොසිතං සච්චමුතං පරෙසං, න තෙසු තාදී සයසංවුතෙසු සච්චං මුසා වාපි පරං දහෙය්යං.
Sinhala BJT60. මෙරමාගේ බසින් (පරප්‍රත්‍යයෙන්), සැබැවැ’යි හැඟීම් කොට ගිල ගන්නා ලද යම් කිසි රූපායතනයෙක් වේවයි ශබ්දායතනයෙක් වේවයි ගන්‍ධාදිමුතයෙක් වේවයි ස්වයංසංවෘත සඞ්ඛ්‍යාත ඒ දෘෂ්ටිගතීන් කෙරෙහි තාදී වූයෙම් සත්‍යය යි හෝ මෘෂාය යි හෝ පරම කොට නො හදහමි.
Pali BJT61. එතං ච සල්ලං පටිගච්ච{5} දිස්වා අජ්ඣොසිතා යත්ථ පජා විසත්තා, ජානාමි පස්සාමි තථෙව එතං අජ්ඣොසිතං නත්ථි තථාගතානන්ති.
Sinhala BJT61. යම් දෘෂ්ටිගතියෙක ප්‍රජාවෝ ඇලුනාහු බැස ගත්තාහු වෙත් ද කැලම තෙල ශල්‍යය දැක තෙල දෘෂ්ටිශල්‍යය එසේ ම දනිමි යි දක්මියි තථාගතයන්ගේ ගැලැගැන්මෙක් නැත.
Pali BJT4. 1. 3. 5.
Sinhala BJT4. 1. 3. 5.
Pali BJT[බ්රහ්මචරීයසුත්තං]
Sinhala BJT[බ්‍රහ්මචරිය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT25. නයිදං භික්ඛවෙ, බ්රහ්මචරියං වුස්සති ජනකුහනත්ථං, න ජනලපනත්ථං, න ලාභසක්කාරසිලොකානිසංසත්ථං, න ඉතිවාදප්පමොක්ඛානිසංසත්ථං, න ඉති මං ජනො ජානාතූති. අථ ඛො ඉදං භික්ඛවෙ, බ්රහ්මචරියං වුස්සති සංවරත්ථං, පහානත්ථං, විරාගත්ථං, නිරොධත්ථන්ති.
Sinhala BJT25. මහණෙනි, මේ බ්‍රම්සර වනාහි ජනයා විස්මයපත් කරණු පිණිස, දනා නලවනු පිණිස, ලාභසත්කාරකීර්ති පිණිස, වාදප්‍රමෝක්‍ෂය පිණිස, ජනයෝ මා මෙසේ හඳුනත්වා යන මේ පිණිස නො වැසෙයි. මහණෙනි, වැලිත් මේ බඹසර වනාහි සංවරය පිණිස, ක්ලේශප්‍රහාණය පිණිස, රාගාදීන්ගේ විරාගය පිණිස, රාගාදීන්ගේ නිරෝධය පිණිස වැසේ.
Pali BJT62. සංවරත්ථං පහානත්ථං බ්රහ්මචරියං අනීතිහං, අදෙසයි සො භගවා නිබ්බානොගධගාමිනං.
Sinhala BJT62. ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතිහරහිත (මෙහි මේ මෙසේවීල යන පරප්‍රත්‍යය නැති) නිවන් තුළට පමුණුවන සුලු, බඹසර ක්ලේශයන්ගේ සංවරය පිණිස, ප්‍රහාණය පිණිස වදාළහ.
Pali BJT63. එස මග්ගො මහන්තෙහි අනුයාතො මහෙසිභි, යෙ ච තං පටිපජ්ජන්ති යථා බුද්ධෙන දෙසිතං, දුක්ඛස්සන්තං කරිස්සන්ති, සත්ථුසාසනකාරිනොති.
Sinhala BJT63. පූජ්‍ය මහර්ෂීන් විසින් තෙල මග අනුගමනය කරණ ලදී. බුදුන් විසින් දෙසූ සැටියෙන් යම් කෙනෙක් එමග පිළිපදිත් ද ශාස්තෘශාසනකර වූ ඔහු දුක් කෙළවර කෙරෙත්.
Pali BJT4. 1. 3. 6.
Sinhala BJT4. 1. 3. 6.
Pali BJT[කුහකසුත්තං]
Sinhala BJT[කුහක සූත්‍රය]
Pali BJT26. යෙ තෙ භික්ඛවෙ, භික්ඛූ කුහා ථද්ධා ලපා සිඞ්ගී උන්නළා අසමාහිතා, න මෙ තෙ භික්ඛවෙ, භික්ඛූ මාමකා. අපගතා ච තෙ භික්ඛවෙ, භික්ඛූ ඉමස්මා ධම්මවිනයා. න ච තෙ ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති.
Sinhala BJT26. මහණෙනි, යම් ඒ භික්‍ෂු කෙනෙක් කුහක වූවාහු ක්‍රෝධය හා මානයෙන් දැඩි වූවාහු තමන් හුවා බණන්නාහු කෙලෙස්සිඟු ඇත්තාහු ඔසොවා ගත් මානනළ ඇත්තාහු එකඟසිත් නොලද්දාහු වෙත් ද, මහණෙනි, මාගේ ඒ භික්‍ෂූහු මාමක නො වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මෙසස්නෙන් බැහැර ද වූහ. ඔහු මෙසස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට නො ද පැමිණෙත්.
Pali BJTයෙ ච ඛො තෙ භික්ඛවෙ, භික්ඛූ නික්කුහා නිල්ලපා ධීරා අත්ථද්ධා සුසමාහිතා, තෙ ඛො මෙ, භික්ඛවෙ, භික්ඛූ මාමකා. අනපගතා ච තෙ භික්ඛවෙ, භික්ඛූ ඉමස්මා ධම්මවිනයා. තෙ ච ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්තීති.
Sinhala BJTමහණෙනි, යම් ඒ භික‍්ෂු කෙනෙක් කුහක නොවූවාහු හුවා නොබණන්නාහු ධීර වූවාහු තද නොවූවාහු එකඟසිත් ඇත්තාහු වෙත් ද, මහණෙනි, මා උදෙසා පැවිදි වූ ඒ භික්‍ෂූහු මා අයත්හ. මහණෙනි, ඔහු මෙසස්නෙන් බැහැර ද නො වූහ. වැලිත් ඔහු මෙසස්නෙහි (ගුණයෙන්) වැඩීමට (නිශ්චලභාවයෙන්) විරූඪියට (පතළ බැවින්) විපුලබවට පැමිණෙත්.
Pali BJT64. කුහා ථද්ධා ලපා සිඞ්ගී උන්නළා අසමාහිතා, න තෙ ධම්මෙ විරූහන්ති සම්මාසම්බුද්ධදෙසිතෙ.
Sinhala BJT64. කුහක වූවාහු මනින් දැඩි වූවාහු හුවා බණන්නාහු කෙලෙස්සිඟු ඇත්තාහු ඔසොවාලු කෙලෙස්නළ ඇත්තාහු එකඟසිත් නැත්තාහු වෙත් ද, ඔහු සම්මා සම්බුදුන් විසින් දෙසන ලද දහම්හි නො වැඩෙත්.
Pali BJT65. නික්කුහා නිල්ලපා ධීරා අත්ථද්ධා සුසමාහිතා, තෙ වෙ ධම්මෙ විරූහන්ති සම්මාසම්බුද්ධදෙසිතෙති.
Sinhala BJT65. කුහක නො වූවාහු හුවා නොබණන්නාහු ධීර වූවාහු මෙනෙන් නොදැඩි වූවාහු මෙනෙන් නොදැඩි වූවාහු මොනොවට එකඟසිතැත්තාහු වෙත් ද, ඔහු සම්මා සම්බුදුන් විසින් දෙසන ලද දහම්හි ඒකාන්තයෙන් වැඩෙත්.
Pali BJT4. 1. 3. 7.
Sinhala BJT4. 1. 3. 7.
Pali BJT[සන්තුට්ඨිසුත්තං]
Sinhala BJT[සන්තුට්ඨි සූත්‍රය]
Pali BJT27. චත්තාරිමානි භික්ඛවෙ, අප්පානි ච සුලභානි ච, අනවජ්ජානි තානි ච. කතමානි චත්තාරි?
Sinhala BJT27. මහණෙනි, මේ කරුණුහු සතර දෙනෙක් අල්ප ද සුලභ ද වෙත්. ඔහු නිරවද්‍ය ද වෙත්. කවර සතර දෙනෙක යත්:
Pali BJTපංසුකූලං භික්ඛවෙ, චීවරානං අප්පඤ්ච සුලභඤ්ච, තඤ්ච අනවජ්ජං. පිණ්ඩියාලොපො භික්ඛවෙ, භොජනානං අප්පඤ්ච සුලභඤ්ච, තඤ්ච අනවජ්ජං. රුක්ඛමූලං භික්ඛවෙ, සෙනාසනානං අප්පඤ්ච සුලභඤ්ච, තඤ්ච අනවජ්ජං. පූතිමුත්තං භික්ඛවෙ, භෙසජ්ජානං අප්පඤ්ච සුලභඤ්ච, තඤ්ච අනවජ්ජං.
Sinhala BJTමහණෙනි, පහුල සිවුරු අතුරෙන් අල්ප ද සුලභ ද වෙයි. එ ද අනවද්‍යයි. මහණෙනි, පිඬු සිඟා ලත් ආලෝපය බොජුන් අතුරෙන් අල්ප ද සුලභ ද වෙයි. එ ද අනවද්‍යයි. මහණෙනි, රුක්මුල සෙනසුන් අතුරෙන් අල්ප ද සුලභ ද වෙයි. ද අනවද්‍යයි. මහණෙනි, පූතිමූත්‍රය භෛෂජ්‍යයන් අතුරෙන් අල්ප ද සුලභ ද වේ. එ ද අනවද්‍යයි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි අප්පානි ච සුලභානි ච, තානි අනවජ්ජානි.
Sinhala BJTමහණෙනි, මේ කරුණුහු සතර දෙන අල්ප ද සුලභ ද වෙත්. ඔහු ද අනවද්‍යයහ.
Pali BJTයතො ඛො භික්ඛවෙ, භික්ඛු අප්පෙන ච සන්තුට්ඨො හොති සුලභෙන ච. ඉදමස්සාහං අඤ්ඤතරං සාමඤ්ඤඞ්ගන්ති වදාමීති.
Sinhala BJTමහණෙනි, යම් හෙයකින් මහණ අල්ප වූත් සුලභ වූත් චීවරාදීන් සතුටු වේ ද, මේ ඔහුගේ අන්‍යතර ශ්‍රාමණ්‍ය-අඞ්ගයෙකැ (ශ්‍රමණ ගුණයෙකැ යි) මම කියමි.
Pali BJT66. අනවජ්ජෙන තුට්ඨස්ස අප්පෙන සුලභෙන ච, න සෙනාසනමාරබ්භ චීවරම්පානභොජනං, විඝාතො හොති චිත්තස්ස දිසා න පටිහඤ්ඤති. 67. යෙ චස්ස ධම්මා අක්ඛාතා සාමඤ්ඤස්සානුලොමිකා, අධිග්ගහීතා තුට්ඨස්ස අප්පමත්තස්ස භික්ඛුනොති.
Sinhala BJT66-67 අල්ප වූත් සුලභ වූත් අනවද්‍ය වූත් චීවරාදීන් සතුටු මහණහුගේ සිතට සෙනසුන් අරභයා වේවයි චීවර අරභයා වේවයි පැනබොජුන් අරභයා වේවයි වෙහෙසෙක් නො වේ. දික් නො හැනේ. ශ්‍රමණධර්‍මයට අනුලොම් වූ යම් පිළිවෙත් දහම්හු ඔහුට දෙසන ලදහු ද, ඒ ධර්‍මයෝ සතුටු වූ අප්‍රමත්ත වූ ඒ මහණහු විසින් අධිගෘහිතයහ.
Pali BJT4. 1. 3. 8.
Sinhala BJT4. 1. 3. 8.