Pali BJT4. 1. 1. 10.
Sinhala BJT4. 1. 1. 10.
Pali BJT[යොගසුත්තං]
Sinhala BJT[යෝග සූත්‍රය]
Pali BJT10. චත්තාරො’මෙ භික්ඛවෙ, යොගා. කතමෙ චත්තාරො? කාමයොගො භවයොගො දිට්ඨියොගො අවිජ්ජායොගො.
Sinhala BJT10. මහණෙනි, මේ සතර යෝග කෙනෙක් වෙති. කවර සතර කෙනෙක යත්; කාමයෝගය, භවයෝගය, දෘෂ්ටියෝගය, අවිද්‍යායෝග යි.
Pali BJTකතමො ච භික්ඛවෙ, කාමයොගො? ඉධ භික්ඛවෙ, එකච්චො කාමානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. තස්ස කාමානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං අප්පජානතො යො කාමෙසු කාමරාගො කාමනන්දි කාමසිනෙහො කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහො කාමජ්ඣොසානං කාමතණ්හා සානුසෙති. අයං වුච්චති භික්ඛවෙ, කාමයොගො. (ඉති කාමයොගො.)
Sinhala BJTමහණෙනි, කාමයෝගය කවරේය: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් කාමයන්ගේ උත්පත්තිය ද, බිඳීම ද, මිහිර ද, දෝෂය ද, නිස්සරණය ද, තත් වූ සැටියෙන් නො දනියි. කාමයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දෝෂය ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දන්නා ඔහුට වස්තුකාමයෙහි යම් කාමරාගයෙක්, කාමනන්‍දියෙක්, කාමස්නේහයෙක්, කාමමූර්ඡායෙක්, කාමපිපාසායෙක්, කාමපරිදාහයෙක්, කාමයෙහි බැසගැනීමෙක්, කාමතෘෂ්ණායෙක් ඇද්ද, ඒ තෘෂ්ණාව උපදියි. මහණෙනි, මේ කාමයෝග යි කියනු ලැබේ. (මේ කාමයෝග යි.)
Pali BJTභවයොගො ච කථං හොති? ඉධ භික්ඛවෙ, එකච්චො භවානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. තස්ස භවානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං අප්පජානතො යො භවෙසු භවරාගො භවනන්දි භවසිනෙහො භවමුච්ඡා භවපිපාසා භවපරිළාහො භවජ්ඣොසානං භවතණ්හා සානුසෙති. අයං වුච්චති භික්ඛවෙ, භවයොගො. (ඉති කාමයොගො භවයොගො.)
Sinhala BJTභවයෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් භවයන්ගේ උත්පත්තිය ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද තත් වූ සැටියෙන් නො දනී ද, භවයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දන්නා ඔහුට භවයෙහි යම් භවරාගයෙක්, භවනන්‍දියෙක්, භවස්නෙහයෙක්, භවමූර්‍ඡායෙක්, භවපිපාසයෙක්, භවපරිදාහයෙක්, භවයෙහි ගැලීසිටීමෙක්, භවතෘෂ්ණායෙක් ඇද්ද, ඒ තෘෂ්ණාව උපදියි. මහණෙනි, මේ භවයෝග යි කියනු ලැබේ. (මේ කාමයෝග හා භවයෝග යි.)
Pali BJTදිට්ඨියොගො ච කථං හොති? ඉධ භික්ඛවෙ, එකච්චො දිට්ඨීනං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. තස්ස දිට්ඨීනං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං අප්පජානතො යො දිට්ඨීසු දිට්ඨිරාගො දිට්ඨිනන්දි දිට්ඨිසිනෙහො දිට්ඨිමුච්ඡා දිට්ඨිපිපාසා දිට්ඨිපරිළාහො දිට්ඨිඅජ්ඣොසානං දිට්ඨිතණ්හා සානුසෙති. අයං වුච්චති භික්ඛවෙ, දිට්ඨියොගො. (ඉති කාමයොගො භවයොගො දිට්ඨියොගො.)
Sinhala BJTදෘෂ්ටියෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් දෘෂ්ටීන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දනී ද, දෘෂ්ටීන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දන්නා ඔහුට දෘෂ්ටියෙහි යම් දෘෂ්ටිරාගයෙක්, දෘෂ්ටිනන්‍දියෙක්, දෘෂ්ටිස්නේහයෙක්, දෘෂ්ටිමූර්‍ඡායෙක්, දෘෂ්ටිපිපාසායෙක්, දෘෂ්ටිපරිදාහයෙක්, දෘෂ්ටියෙහි ගැලීසිටීමෙක්, දෘෂ්ටිතෘෂ්ණායෙක් ඇද්ද, ඒ උපදී. මහණෙනි, මේ දෘෂ්ටියෝග යි කියනු ලැබේ. (මේ කාමයෝග-භවයෝග හා දෘෂ්ටියෝග යි.)
Pali BJTඅවිජ්ජායොගො ච කථං හොති? ඉධ භික්ඛවෙ, එකච්චො ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. තස්ස ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං අප්පජානතො යා ඡසු ඵස්සායතනෙසු අවිජ්ජා අඤ්ඤාණං සානුසෙති. අයං වුච්චති භික්ඛවෙ, අවිජ්ජායොගො. (ඉති කාමයොගො භවයොගො දිට්ඨියොගො අවිජ්ජායොගො.)
Sinhala BJTඅවිද්‍යායෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දනී ද, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ පරිදි නො දන්නා වූ ඔහුට ෂට්ස්පර්‍ශායතනයෙහි යම් අවිද්‍යායෙක් අඥානයෙක් ඇද් ද, ඒ අවිද්‍යාව උපදී. මහණෙනි, මේ අවිද්‍යායෝග යි කියනු ලැබේ. (කාමයෝග - භවයෝග - දෘෂ්ටියෝග - අවිද්‍යායෝග මෙසේ ය.)
Pali BJTසංයුත්තො පාපකෙහි අකුසලෙහි ධම්මෙහි සංකිලෙසිකෙහි පොනොභවිකෙහි සදරෙහි දුක්ඛවිපාකෙහි ආයතිං ජාතිජරාමරණිකෙහි. තස්මා අයොගක්ඛෙමීති වුච්චති.
Sinhala BJTකිලිටි කරණ, පුනර්‍භවය ඇති කරණ, දරථ සහිත දුක් උපදවන, මතු ජාතිජරාමරණ උදාකරන ලාමක අකුසල් දහමින් පිරිවැරුනේ වේ ද, එහෙයින් (හෙතෙම) අයෝගක්ඛේමී කියනු ලැබේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො යොගා.
Sinhala BJTමහණෙනි, මේ සතර යොගයහ.
Pali BJTචත්තාරො’මෙ භික්ඛවෙ, විසංයොගා. කතමෙ චත්තාරො? කාමයොගවිසංයොගො, භවයොගවිසංයොගො, දිට්ඨියොගවිසංයොගො, අවිජ්ජායොගවිසංයොගො.
Sinhala BJTමහණෙනි, මේ සතර විසංයෝග කාරණයෝ ය. කවර සතරහ යත්: කාමයොගයෙන් විසංයෝගය, භවයොගයෙන් විසංයෝගය, දිට්ඨියෝගයෙන් විසංයෝගය, අවිජ්ජායෝගයෙන් විසංයෝග යි.
Pali BJTකතමො ච භික්ඛවෙ, කාමයොගවිසංයොගො? ඉධ භික්ඛවෙ, එකච්චො කාමානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. තස්ස කාමානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානතො යො කාමෙසු කාමරාගො කාමනන්දි කාමසිනෙහො කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහො කාමජ්ඣොසානං කාමතණ්හා සා නානුසෙති. අයං වුච්චති භික්ඛවෙ, කාමයොගවිසංයොගො. (ඉති කාමයොගවිසංයොගො.)
Sinhala BJTමහණෙනි, කාමයොගයෙන් විසංයෝගය කවරේය: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් කාමයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දනී ද, කාමයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දන්නා ඔහුට කාමයෙහි යම් කාමරාගයෙක්, කාමනන්‍දියෙක්, කාමස්නේහයෙක්, කාමමූර්ඡායෙක්, කාමපිපාසායෙක්, කාමපරිදාහයෙක්, කාමයෙහි ගැලීසිටීමෙක්, කාමතෘෂ්ණායෙක් ඇද්ද, ඒ නූපදී. මහණෙනි, මේ කාමයෝග විසංයෝග යි කියනු ලැබේ. (මේ කාමයෝග විසංයෝග යි.)
Pali BJTභවයොගවිසංයොගො ච කථං හොති? ඉධ භික්ඛවෙ, එකච්චො භවානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. තස්ස භවානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානතො යො භවෙසු භවරාගො භවනන්දි භවසිනෙහො භවමුච්ඡා භවපිපාසා භවපරිළාහො භවජ්ඣොසානං භවතණ්හා සා නානුසෙති. අයං වුච්චති භික්ඛවෙ, භවයොගවිසංයොගො. (ඉති කාමයොගවිසංයොගො භවයොගවිසංයොගො.)
Sinhala BJTභවයොගයෙන් විසංයෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් භවයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දනී ද, භවයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දන්නා ඔහුට භවයෙහි යම් භවරාගයෙක්, භවනන්‍දියෙක්, භවස්නෙහයෙක්, භවමූර්‍ඡායෙක්, භවපිපාසායෙක්, භවපරිදාහයෙක්, භවයෙහි ගැලීසිටීමෙක්, භවතෘෂ්ණායෙක් ඇද්ද, ඒ තෘෂ්ණාව නූපදී. මහණෙනි, මේ භවයෝග විසංයෝග යි කියනු ලැබේ. (මේ කාමයෝග විසංයෝග හා භවයෝග විසංයෝග යි.)
Pali BJTදිට්ඨියොගවිසංයොගො ච කථං හොති? ඉධ භික්ඛවෙ, එකච්චො දිට්ඨීනං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. තස්ස දිට්ඨීනං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානතො යො දිට්ඨීසු දිට්ඨිරාගො දිට්ඨිනන්දී දිට්ඨිමුච්ඡා දිට්ඨිපිපාසා දිට්ඨිපරිළාහො දිට්ඨිඅජ්ඣොසානං දිට්ඨිතණ්හා සා නානුසෙති. අයං වුච්චති භික්ඛවෙ, දිට්ඨියොගවිසංයොගො. (ඉති කාමයොගවිසංයොගො භවයොගවිසංයොගො දිට්ඨියොගවිසංයොගො.)
Sinhala BJTදෘෂ්ටියොගයෙන් විසංයෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් දෘෂ්ටීන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දනී ද, දෘෂ්ටීන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දන්නා ඔහුට දෘෂ්ටියෙහි යම් දෘෂ්ටිරාගයෙක්, දෘෂ්ටිනන්‍දියෙක්, දෘෂ්ටිමූර්‍ඡායෙක්, දෘෂ්ටිපිපාසායෙක්, දෘෂ්ටිපරිදාහයෙක්, දෘෂ්ටියෙහි ගැලීසිටීමෙක්, දෘෂ්ටිතෘෂ්ණායෙක් ඇද්ද, ඒ තෘෂ්ණාව නූපදී. මහණෙනි, මේ දෘෂ්ටියෝගවිසංයෝග යි කියනු ලැබේ. (මේ කාමයෝගවිසංයෝගය, භවයෝගවිසංයෝගය දෘෂ්ටියෝග විසංයෝග යි.)
Pali BJTඅවිජ්ජායොගවිසංයොගො ච කථං හොති? ඉධ භික්ඛවෙ, එකච්චො ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. තස්ස ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානතො යා ඡසු ඵස්සායතනෙසු අවිජ්ජා අඤ්ඤාණං සා නානුසෙති. අයං වුච්චති භික්ඛවෙ, අවිජ්ජායොගවිසංයොගො . (ඉති කාමයොගවිසංයොගො භවයොගවිසංයොගො දිට්ඨියොගවිසංයොගො අවිජ්ජායොගවිසංයොගො.)
Sinhala BJTඅවිජ්ජායෝගයෙන් විසංයෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් ෂට්ස්පර්‍ශායතනයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දනී ද, ෂට්ස්පර්‍ශායතනයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දන්නා ඔහුට ෂට්ස්පර්‍ශායතනයෙහි යම් අවිද්‍යායෙක් නො දැන්මෙක් ඇද් ද, ඒ අවිද්‍යාව නූපදී. මහණෙනි, මේ අවිද්‍යායොගයෙන් විසංයෝග යි කියනු ලැබේ. (කාමයෝගවිසංයෝගය, භවයෝගවිසංයෝගය, දෘෂ්ටියෝගවිසංයෝගය, අවිද්‍යායෝගවිසංයෝගය මෙසේ යි.)
Pali BJTවිසංයුත්තො පාපකෙහි අකුසලෙහි ධම්මෙහි සංකිලෙසිකෙහි පොනොභවිකෙහි සදරෙහි දුක්ඛවිපාකෙහි ආයතිං ජාතිජරාමරණිකෙහි. තස්මා යොගක්ඛෙමීති වුච්චති.
Sinhala BJTකිලිටි කරණ, පුනර්‍භවය ඇති කරණ, දරථ සහිත, දුක් උපදවන, මතු ජාතිජරාමරණ උදාකරන, ලාමක අකුසල් දහමින් වෙන් වූයේ වේ ද, එහෙයින් (හෙතෙම) අයෝගක්ඛේමී යී කියනු ලැබේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො විසංයොගාති.
Sinhala BJTමහණෙනි, මේ සතර විසංයෝග කාරණයෝ යි.
Pali BJT26. කාමයොගෙන සංයුත්තා භවයොගෙන චූභයං, දිට්ඨියොගෙන සංයුත්තා අවිජ්ජාය පුරක්ඛතා, සත්තා ගච්ඡන්ති සංසාරං ජාතිමරණගාමිනො.
Sinhala BJT26. කාමයොගයෙන් සංයුක්ත වූත්, භවයොගයෙන් සංයුක්ත වූත්, මෙසේ උභයභාගයෙන් හෝ සංයුක්ත වූත්, දෘෂ්ටියොගයෙන් සංයුක්ත වූත්, අවිද්‍යායෙන් පෙරටු කරණ ලද්දා වූත්, ජාතිජරාමරණ කරා යන සුලු සත්හු සසරට වදිත්.
Pali BJT27. යෙ ච කාමෙ පරිඤ්ඤාය භවයොගඤ්ච සබ්බසො, දිට්ඨියොගං සමූහච්ච අවිජ්ජඤ්ච විරාජයං, සබ්බයොගවිසංයුත්තා තෙ වෙ යොගාතිගා මුනීති.
Sinhala BJT27. යම් කෙනෙක් දෙවැදෑරුම් කාමයන් පිරිසිඳ දැන සර්‍වප්‍රකාරයෙන් භවයොගයත් දැන දෘෂ්ටියෝගය සිඳපියා අවිද්‍යාවත් හැරපියා සර්‍වයෝගයන් කෙරෙන් විසංයුක්ත වූහු ද, ඒ ක්‍ෂීණාස්‍රව මුනීහු ඒකාන්තයෙන් කාමාදීයොගයන් පැන ගියාහු යි.
Pali BJTභණ්ඩගාමවග්ගො පඨමො.
Sinhala BJTභණ්ඩගාමවර්‍ගය පළමුවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅනුබුද්ධං පපතිතං ද්වෙ ඛතං අනුසොතපඤ්චමං, අප්පස්සුතො ච සොභෙන්ති වෙසාරජ්ජං තණ්හායොගෙන තෙ දසා’ති.
Sinhala BJTඅනුබද්ධය, පපතිතය, ඛත දෙක ය, පස්වැනි අනුසෝතය, අප්පසුතය, සෝභෙන්තිය, වෙසාරජ්ජය, තණ්හාය, යෝගය යන මෙයින් ඒ සූත්‍රයෝ දස දෙනෙකි.
Pali BJT2. චරවග්ගො
Sinhala BJT2. චර වර්‍ගය
Pali BJT4. 1. 2. 1.
Sinhala BJT4. 1. 2. 1.
Pali BJT[චරත්තසුත්තං]
Sinhala BJT[චරන්ත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT11. චරතො චෙපි භික්ඛවෙ, භික්ඛුනො උප්පජ්ජති කාමවිතක්කො වා ව්යාපාදවිතක්කො වා විහිංසාවිතක්කො වා. තඤ්ච භික්ඛු අධිවාසෙති, නප්පජහති, න විනොදෙති, න ව්යන්තීකරොති, න අනභාවං ගමෙති. චරම්පි භික්ඛවෙ, භික්ඛු එවම්භූතො අනාතාපී අනොත්තාපී සතතං සමිතං කුසීතො හීනවීරියො’ති වුච්චති.
Sinhala BJT11. මහණෙනි, ඇවිදුනා මහණහට ද කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්‍කය ද ඉවසයි. නො හරියි, නො නෙරයි. විගතාන්ත නො කෙරෙයි. අභාවයට නොද පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍යරහිත වූ උපවාද භය රහිත වූ හැමදා නරතුරු කුසීත වූ මෙබඳු ඇවිදුනා මහණ ද, “හීනවීර්‍ය්‍ය ඇත්තේ” යයි කියනු ලැබේ.
Pali BJTඨිතස්ස චෙපි භික්ඛවෙ, භික්ඛුනො උප්පජ්ජති කාමවිතක්කො වා ව්යාපාදවිතක්කො වා විහිංසාවිතක්කො වා. තඤ්ච භික්ඛු අධිවාසෙති, නප්පජහති, න විනොදෙති, න ව්යන්තීකරොති, න අනභාවං ගමෙති. ඨිතො චෙපි භික්ඛවෙ, භික්ඛු එවම්භූතො අනාතාපී අනොත්තාපී සතතං සමිතං කුසීතො හීනවීරියො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, සිටුනා වූ ද මහණහට ද කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේ ය. මහණ ඒ විතර්‍කය ද ඉවසයි. නො හරියි, නො නෙරයි. විගතාන්ත නො කෙරෙයි. අභාවයට නොද පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍ය රහිත වූ උපවාද භය රහිත වූ හැමදා නරතුරු කුසීත වූ මෙබඳු සිටුනා මහණ ද, “හීනවීර්‍ය්‍ය ඇත්තේ” යි කියනු ලැබේ.
Pali BJTනිසින්නස්ස චෙපි භික්ඛවෙ, භික්ඛුනො උප්පජ්ජති කාමවිතක්කො වා ව්යාපාදවිතක්කො වා විහිංසාවිතක්කො වා. තඤ්ච භික්ඛු අධිවාසෙති, නප්පජහති, න විනොදෙති, න ව්යන්තීකරොති, න අනභාවං ගමෙති. නිසින්නොපි භික්ඛවෙ, භික්ඛු එවම්භූතො අනාතාපී අනොත්තාපී සතතං සමිතං කුසීතො හීනවිරියො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, හිඳුනා වූ ද මහණහට ද කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්‍කය ද ඉවසයි. නො හරියි, නො නෙරයි. විගතාන්ත නො කෙරෙයි. අභාවයට නොද පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍යරහිත වූ උපවාද භය රහිත වූ හැමදා නරතුරු කුසීත වූ මෙබඳු හිඳුනා මහණ ද, “හීනවීර්‍ය්‍ය ඇත්තේ” යි කියනු ලැබේ.
Pali BJTසයානස්ස චෙපි භික්ඛවෙ, භික්ඛුනො ජාගරස්ස උප්පජ්ජති කාමවිතක්කො වා ව්යාපාදවිතක්කො වා විහිංසාවිතක්කො වා. තඤ්ච භික්ඛු අධිවාසෙති, නප්පජහති, න විනොදෙති, න ව්යන්තීකරොති, න අනභාවං ගමෙති. සයානොපි භික්ඛවෙ, භික්ඛු ජාගරො එවම්භූතො අනාතාපී අනොත්තාපී සතතං සමිතං කුසීතො හීනවිරියො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, නිදිවරණ හෝනා වූ ද මහණහට ද කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්‍කය ද ඉවසයි. නො හරියි, නො නෙරයි. විගතාන්ත නො කෙරෙයි. අභාවයට නොද පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍ය රහිත වූ උපවාද භය රහිත වූ හැමදා නරතුරු කුසීත වූ මෙබඳු නිදිවරණ හෝනා වූ ද මහණ “හීනවීර්‍ය්‍ය ඇත්තේ” යි කියනු ලැබේ.
Pali BJTචරතො චෙපි භික්ඛවෙ, භික්ඛුනො උප්පජ්ජති කාමවිතක්කො වා ව්යාපාදවිතක්කො වා විහිංසාවිතක්කො වා. තඤ්ච භික්ඛු නාධිවාසෙති, පජහති විනොදෙති, ව්යන්තීකරොති, අනභාවං ගමෙති. චරම්පි භික්ඛවෙ, භික්ඛු එවම්භූතො ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවිරියො පහිතත්තො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, ඇවිදුනාවූ ද මහණහට කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්‍කය ද නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍ය ඇති උපවාද භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්‍ය්‍ය ඇති මෙබඳු ඇවිදුනා වූ ද මහණ “සමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිත් ඇත්තේ” යි කියනු ලැබේ.
Pali BJTඨිතස්ස චෙපි භික්ඛවෙ, භික්ඛුනො උප්පජ්ජති කාමවිතක්කො වා ව්යාපාදවිතක්කො වා විහිංසාවිතක්කො වා. තඤ්ච භික්ඛු නාධිවාසෙති, පජහති විනොදෙති ව්යන්තීකරොති අනභාවං ගමෙති ඨිතොපි භික්ඛවෙ, භික්ඛු එවම්භූතො ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවිරියො පහිතත්තො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, සිටුනා වූ ද මහණහට ද කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්‍කය ද නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍ය ඇති උපවාද භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්‍ය්‍ය ඇති මෙබඳු සිටුනා වූ ද මහණ “සමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිත් ඇත්තේ” යි කියනු ලැබේ.
Pali BJTනිසින්නස්ස චෙපි භික්ඛවෙ, භික්ඛුනො උප්පජ්ජති කාමවිතක්කො වා ව්යාපාදවිතක්කො වා විහිංසාවිතක්කො වා. තඤ්ච භික්ඛු නාධිවාසෙති පජහති විනොදෙති ව්යන්තීකරොති අනභාවං ගමෙති. නිසින්නොපි භික්ඛවෙ භික්ඛු එවම්භූතො ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවිරියො පහිතත්තො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, හුන්නා වූ ද මහණහට ද කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්‍කය ද නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍ය ඇති උපවාද භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්‍ය්‍ය ඇති මෙබඳු වූ ද මහණ “සමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිත් ඇත්තේ” යි කියනු ලැබේ.
Pali BJTසයානස්ස චෙපි භික්ඛවෙ භික්ඛුනො ජාගරස්ස උප්පජ්ජති කාමවිතක්කො වා ව්යාපාදවිතක්කො වා විහිංසාවිතක්කො වා. තඤ්ච භික්ඛු නාධිවාසෙති, පජහති, විනොදෙති, බ්යන්තීකරොති, අනභාවං ගමෙති. සයානොපි භික්ඛවෙ භික්ඛු ජාගරො එවම්භූතො ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවිරියො පහිතත්තො’ති වුච්චතීති.
Sinhala BJTමහණෙනි, නිදිවරණ හෝනා වූත් මහණහට කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසා විතර්‍කයෙක් හෝ උපදනේය. මහණ තෙමේ ඒ විතර්‍කය ද සිත්හි නගා නො වසවයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍ය ඇති උපවාදයට භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්‍ය්‍ය ඇති මෙබඳු වූ හෝනාවූත් නිදිවරණ මහණ “සමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිත් ඇත්තේ” යි කියනු ලැබේ.
Pali BJT28. චරං වා යදි වා තිට්ඨං නිසින්නො උදවා සයං, යො විතක්කං විතක්කෙති පාපකං ගෙහනිස්සිතං.
Sinhala BJT28. යම් මහණෙක් ඇවිදුනේ හෝ වැලිත් සිටුනේ හෝ හුන්නේ හෝ නොහොත් හෝනේ හෝ ක්ලේශනිඃශ්‍රිත ලාමක විතර්‍ක විතර්‍කනය කෙරේ ද,
Pali BJT29. කුම්මග්ගං පටිපන්නො සො මොහනෙය්යෙසු මුච්ඡිතො, අභබ්බො තාදිසො භික්ඛු ඵුට්ඨුං සම්බොධිමුත්තමං.
Sinhala BJT29. උන්මාර්‍ගයට වැදුනු මෝහජනක අරමුණෙහි මුසපත් එබඳු ඒ මහණ උතුම් අර්‍හත්‍වඥානය පහස්නට අභව්‍යය.
Pali BJT30. යො චරං වා තිට්ඨං වා නිසින්නො උද වා සයං, විතක්කං සමයිත්වාන විතක්කූපසමෙ රතො, භබ්බො සො තාදිසො භික්ඛු ඵුට්ඨුං සම්බොධිමුත්තමන්ති.
Sinhala BJT30. යම් මහණෙක් ඇවිදුනේ හෝ සිටුනේ හෝ නොහොත් හුන්නේ හෝ හෝනේ හෝ විතර්‍කව්‍යුපශමයෙහි ඇලුනේ කාමාදි විතර්‍ක ශමනය කොට වෙසේ ද, එබඳු ඒ මහණ උතුම් අර්‍හත්‍වඥානය පහස්නට භව්‍ය ය.
Pali BJT4. 1. 2. 2.
Sinhala BJT4. 1. 2. 2.
Pali BJT[සීලසුත්තං]
Sinhala BJT[ශීල සූත්‍රය]
Pali BJT12. සම්පන්නසීලා භික්ඛවෙ, විහරථ සම්පන්නපාතිමොක්ඛා. පාතිමොක්ඛසංවරසංවුතා විහරථ ආචාරගොචරසම්පන්නා අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවිනො. සමාදාය සික්ඛථ සික්ඛාපදෙසු. සම්පන්නසීලානං වො භික්ඛවෙ, විහරතං සම්පන්නපාතිමොක්ඛානං පාතිමොක්ඛසංවරසංවුතානං විහරතං ආචාරගොචරසම්පන්නානං අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවීනං සමාදාය සික්ඛතං සික්ඛාපදෙසු, කිමස්ස උත්තරිං කරණීයං?
Sinhala BJT12. මහණෙනි, පරිපූර්‍ණ සිල් ඇති ව පිරිපුන් පාමොක් ඇති ව වසව. ප්‍රාතිමෝක්‍ෂසංවර ශීලයෙන් යුක්ත ව ආචාර ගෝචර දෙකින් යුක්ත ව වසව. අණුප්‍රමාණ වූ ද දෝෂයෙහි බිය විසින් දක්නා සුලු ව සික පෙදෙහි සමාදාන කොට ගෙණ හික්මෙව. මහණෙනි, පරිපූර්‍ණ සිල් ඇති ව පිරිපුන් පාමොක් ඇති ව ප්‍රාතිමෝක්‍ෂසංවර ශීලයෙන් යුක්තව ආචාර ගෝචර දෙකින් යුක්ත ව අණුප්‍රමාණ වරදෙහි බිය දක්නා සුලු ව සික පෙදෙහි සමාදාන කොට ගෙණ හික්මීම් කරමින් වසන තොප විසින් මතුයෙහි කරණී කිමය යත්:
Pali BJTචරතො චෙපි භික්ඛවෙ, භික්ඛුනො අභිජ්ඣා ව්යාපාදො විගතො හොති. ථිනමිද්ධං උද්ධච්චකුක්කුච්චං විචිකිච්ඡා පහීණා හොති. ආරද්ධං හොති විරියං අසල්ලීනං. උපට්ඨිතා සති අපම්මුට්ඨා. පස්සද්ධො කායො අසාරද්ධො. සමාහිතං චිත්තං එකග්ගං. චරම්පි භික්ඛවෙ, භික්ඛු එවම්භූතො ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවිරියො පහිතත්තො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, ඇවිදුනා වූ ද මහණහට අභිධ්‍යා ව්‍යාපාද විගත වේ ද, ථීන මිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්ඡා ප්‍රහීණ වේ ද, රුකුළු වැර අසංලීන වේ ද, ස්මෘතිය එළඹ සිටියා මුෂිත නො වූවා වේ ද, කය සංහිඳුනේ දරථ නැත්තේ වේ ද, සිත මොනොවට පිහිටුවන ලද්දේ එකඟ වූයේ වේ ද, මහණෙනි, කෙලෙස් තවන වැර ඇති, උපවාද භය ඇති, හැමදා නරතුරු පටන්ගත් වීර්‍ය්‍ය ඇති මෙබඳු වූ ඇවිදුනා වූත් ඒ මහණ “සමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිතැත්තේ” යි කියනු ලැබේ.
Pali BJTඨිතස්ස චෙපි භික්ඛවෙ, භික්ඛුනො අභිජ්ඣා ව්යාපාදො විගතො හොති. ථිනමිද්ධං උද්ධච්චකුක්කුච්චං විචිකිච්ඡා පහීණා හොති. ආරද්ධං හොති විරියං අසල්ලීනං. උපට්ඨිතා සති අපම්මුට්ඨා. පස්සද්ධො කායො අසාරද්ධො. සමාහිතං චිත්තං එකග්ගං. ඨිතොපි භික්ඛවෙ, භික්ඛු එවම්භූතො ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවිරියො පහිතත්තො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, සිටුනා වූ ද මහණහට අභිධ්‍යා ව්‍යාපාද විගත වේ ද, ථීන මිද්ධ උද්ධච්චකුක්කුච්ච විචිකිච්ඡා ප්‍රහීණ වේ ද, ආරබ්ධවීර්‍ය්‍යය අසංලීන වේ ද, ස්මෘතිය එළඹ සිටියා මුෂිත නොවූවා වේ ද, කය සංහිඳුනේ දරථ නැත්තේ වේ ද, සිත මොනොවට පිහිටුවන ලද්දේ එකඟ වූයේ වේ ද, මහණෙනි, කෙලෙස් තවන වැර ඇති උපවාද භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්‍ය්‍ය ඇති මෙබඳු වූ සිටුනා වූත් ඒ මහණ “සමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිතැත්තේ” යි කියනු ලැබේ.
Pali BJTනිසින්නස්ස චෙපි භික්ඛවෙ, භික්ඛුනො අභිජ්ඣා ව්යාපාදො විගතො හොති. ථීනමිද්ධං උද්ධච්චකුක්කුච්චං විචිකිච්ඡා පහීනා හොති. ආරද්ධං හොති විරියං අසල්ලීනං. උපට්ඨිතා සති අපම්මුට්ඨා.{1} පස්සද්ධො කායො අසාරද්ධො. සමාහිතං චිත්තං එකග්ගං. නිසින්නොපි භික්ඛවෙ, භික්ඛු එවම්භූතො ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවිරියො පහිතත්තො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, හුන්නාවූත් මහණහට අභිධ්‍යා ව්‍යාපාද විගත වේ ද, ථීන මිද්ධ, උද්ධච්චකුක්කුච්ච විචිකිච්ඡා ප්‍රහීණ වේ ද, වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ නො හැකුළුනේ වේ ද, ස්මෘතිය එළඹ සිටියා මුෂිත නො වූවා වේ ද, කය සංහිඳුනේ දරථ නැත්තේ වේ ද, සිත මොනොවට පිහිටුවන ලද්දේ එකඟ වූයේ වේ ද, මහණෙනි, කෙලෙස් තවන වැර ඇති උපවාදභය ඇති හැමදා නරතුරු පටන්ගත් වීර්‍ය් ඇති මෙබඳු වූ හුන්නාවූත් ඒ මහණ “ශමථවිදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිත් ඇත්තේ״ යි කියනු ලැබේ.
Pali BJTසයානස්ස චෙපි භික්ඛවෙ භික්ඛුනො ජාගරස්ස අභිජ්ඣා ව්යාපාදො විගතො හොති. ථිනමිද්ධං උද්ධච්චකුක්කුච්චං විචිකිච්ඡා පහීණා හොති. ආරද්ධං හොති විරියං අසල්ලීනං. උපට්ඨිතා සති අපම්මුට්ඨා. පස්සද්ධො කායො අසාරද්ධො. සමාහිතං චිත්තං එකග්ගං. සයානොපි භික්ඛවෙ, භික්ඛු ජාගරො එවම්භූතො ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවිරියො පහිතත්තො’ති වුච්චතීති.
Sinhala BJTමහණෙනි, හෝනාවූත් නිදිවරණ මහණහට අභිධ්‍යා ව්‍යාපාද විගත වේ ද, ථීනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච විචිකිච්ඡා ප්‍රහීණ වේ ද, වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ නො හැකුළුනේ වේ ද, ස්මෘතිය එළඹ සිටියා මුෂිත නොවූවා වේ ද, කය සංහිඳුනේ දරථ නැත්තේ වේ ද, සිත මොනොවට පිහිටුවන ලද්දේ එකඟවූයේ වේ ද, මහණෙනි, කෙලෙස් තවන වැර ඇති, උපවාදභය ඇති නරතුරු පටන්ගත් වීර්‍ය් ඇති මෙබඳු වූ හෝනාවූත් නිදිවරණ ඒ මහණ “ශමථවිදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිතැත්තේ” යි කියනු ලැබේ.
Pali BJT31. යතං චරෙ යතං තිට්ඨෙ යතං අච්ඡෙ යතං සයෙ, යතං සමිඤ්ජයෙ භික්ඛු යතමෙව නං පසාරයෙ.
Sinhala BJT31. මහණ, සංයත කොට ගෙණ හැසිරෙන්නේ ය. සංයත කොට ගෙණ සිටුනේ ය. සංයත කොට ගෙන හිඳුනේ ය. සංයත කොට ගෙණ හෝනේ ය. සංයත කොට ගෙණ අත්පා හකුළන්නේ ය. සංයත කොට ගෙණ ම ඒ අඟ පසඟ දිගු කරන්නේය.
Pali BJT32. උද්ධං තිරියං අපාචීනං යාවතා ජගතො ගති, සමවෙක්ඛිතා ච ධම්මානං ඛන්ධානං උදයබ්බයං.
Sinhala BJT32. (යම් මහණෙක්) උඩ මැද යට යි ලෝක නිෂ්පත්තිය තෙක් (අතීතාදි භේද භින්න) පඤ්චස්කන්‍ධ ධර්‍මයන්ගේ උදය - වය දක්නේ වේ ද,
Pali BJT33. චෙතොසමථසාමීචිං සික්ඛමානං සදා සතං, සතතං පහිතත්තො’ති ආහු භික්ඛුං තථාවිධන්ති.
Sinhala BJT33. චිත්තශමථයට අනුච්ඡවික පටිපදාව පුරණ සියලු කල්හි ස්මෘතිමත් එබඳු ඒ මහණ නරතුරු ශමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිතැත්තෙකැ යි කියත්.
Pali BJT4. 1. 2. 3.
Sinhala BJT4. 1. 2. 3.
Pali BJT[පධානසුත්තං]
Sinhala BJT[පධාන සූත්‍රය]
Pali BJT13. චත්තාරිමානි භික්ඛවෙ, සම්මප්පධානානි. කතමානි චත්තාරි?
Sinhala BJT13. මහණෙනි, මේ සතර සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යයෝ ය. කවර සතර කෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති පදහති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ නො ඉපැද්ම පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි.
Pali BJTඋප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහාණාය ඡන්දං ජනෙති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති පදහති.
Sinhala BJTඋපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි.
Pali BJTඅනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති පදහති.
Sinhala BJTනූපන් කුශල ධර්‍මයන්ගේ ඉපැද්ම පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි.
Pali BJTඋප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භීයොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති පදහති.
Sinhala BJTඋපන් කුශල ධර්‍මයන්ගේ ස්ථිතිය පිණිස අසම්මොෂය පිණිස බොහෝ බව පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස සම්පූර්‍ණ බව පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි සම්මප්පධානානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යයෝ යි.
Pali BJT34. සම්මප්පධානා මාරධෙය්යාධිභූතා{1} තෙ අසිතා ජාතිමරණභයස්ස පාරගූ, තෙ තුසිතා ජෙත්වාන මාරං සවාහිනිං{2} තෙ අනෙජා, (සබ්බං) නමුචිබලං උපාතිවත්තා තෙ සුඛිතාති.
Sinhala BJT34. සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍ය ඇති සසරවට නමැති මාරධෙය්‍යය මැඩ ගෙණ සිටුනා ඒ රහත්හු අනිඃශ්‍රිතයහ ජාතිමරණ සඞ්ඛ්‍යාත භීතියගේ කෙළ පැමිණියාහු ය. ඒ රහත්හු තුෂ්ටයහ. සේනා සහිත මරහු දිනා සිටියහ. ඒ රහත්හු තෘෂ්ණා නැතියහ. මුළු මරබල විධමා සිටියහ. (එහෙයින් ම) ඒ රහත්හු සුඛිතයෝ යි.
Pali BJT4. 1. 2. 4.
Sinhala BJT4. 1. 2. 4.
Pali BJT[සංවරප්පධානසුත්තං]
Sinhala BJT[සංවරප්පධාන සූත්‍රය]
Pali BJT14. චත්තාරිමානි භික්ඛවෙ, පධානානි. කතමානි චත්තාරි? සංවරප්පධානං, පහාණප්පධානං, භාවනාප්පධානං, අනුරක්ඛණප්පධානං.
Sinhala BJT14. මහණෙනි, මේ සතර ප්‍රධන්වීර්‍ය්‍ය කෙනෙකි. කවර සතර කෙනෙක යත්: සංවරප්පධානය, පහාණප්පධානය, භාවනාප්පධානය, අනුරක්ඛණප්පධාන යි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, සංවරප්පධානං? ඉධ භික්ඛවෙ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුව්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙතං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා - ඝානෙන ගන්ධං ඝායිත්වා - ජිව්හාය රසංසායිත්වා - කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා - මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුව්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙතං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. ඉදං වුච්චති භික්ඛවෙ, සංවරප්පධානං.
Sinhala BJTමහණෙනි, සංවරප්පධාන කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ යමක් හේතු කොට ගෙණ චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට විහරණය කරණ තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු ද, ඇසින් එබඳු රූපයක් දැක නිමිත්තග්‍රාහී නො වේ. අනුව්‍යඤ්ජනග්‍රාහී නො ද වේ. ඒ චක්‍ෂුරින්‍ද්‍රියසංවරය පිණිස පිළිපදනේ ය. චක්‍ෂුරින්‍ද්‍රිය රක්නේ ය. චක්‍ෂුරින්‍ද්‍රිය විෂයෙහි සංවරයට පැමිණේ. ශ්‍රෝතයෙන් ශබ්දය අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධය අසා ... දිවින් රස විඳ ... කයින් ස්පර්‍ශය පැහැස ... යමක් හේතු කොට ගෙණ මනින්‍ද්‍රිය අසංවෘත කොට ගෙණ වසන තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු ද, සිතින් එබඳු ධර්‍මාලම්බනයක් දැන නිමිත්තග්‍රාහී නො වේ. අනුව්‍යඤ්ජනග්‍රාහී නො ද වේ. ඒ මනින්‍ද්‍රියසංවරය පිණිස පිළිපදනේ ය. මනින්‍ද්‍රිය රක්නේ ය. මනින්‍ද්‍රිය විෂයෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මේ ‘සංවරප්පධාන’ යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, පහාණප්පධානං? ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති, පජහති, විනොදෙති, ව්යන්තීකරොති, අනභාවං ගමෙති. උප්පන්නං ව්යාපාදවිතක්කං -පෙ- උප්පන්නං විහිංසාවිතක්කං - උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති, පජහති, විනොදෙති, බ්යන්තීකරොති අනභාවං ගමෙති. ඉදං වුච්චති භික්ඛවෙ, පහාණප්පධානං:
Sinhala BJTමහණෙනි, පහාණප්පධාන කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ උපන් කාමවිතර්‍කය නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය ... උපන් විහිංසාවිතර්‍කය ... උපනුපන් ලාමක අකුශලධර්‍මයන් නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, මේ ‘පහාණප්පධාන’ යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, භාවනාප්පධානං? ඉධ භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- විරියසම්බොජ්ඣඞ්ගං භාවෙති - පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති - පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති - සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති - උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉදං වුච්චති භික්ඛවෙ, භාවනාප්පධානං.
Sinhala BJTමහණෙනි, භාවනාප්පධාන කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ (අධිගන්තව්‍යවශයෙන්) විවේකනිඃශ්‍රිත කොට විරාගනිඃශ්‍රිත කොට නිරෝධනිඃශ්‍රිත කොට (ක්ලේශපරිත්‍යාගය හා නිර්‍වාණප්‍රස්කන්‍දයයි කියන ලද) වොස්සග්ගයට පරිණාමශීල කොට ස්මෘතිසම්බොධ්‍යඞ්ගය වඩයි ... ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වඩයි ... වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය වඩයි ... ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය වඩයි ... ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය වඩයි ... සමාධිසම්බෝධ්‍යඞ්ගය වඩයි ... විවේකනිඃශ්‍රිත කොට විරාගනිඃශ්‍රිත කොට නිරෝධනිඃශ්‍රිත කොට වොස්සග්ගයට පරිණාමශීල කොට උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය වඩයි. මහණෙනි, මේ ‘භාවනාප්පධාන’ යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, අනුරක්ඛණප්පධානං? ඉධ භික්ඛවෙ, භික්ඛු උප්පන්නං භද්දකං සමාධිනිමිත්තං අනුරක්ඛති අට්ඨිකසඤ්ඤං පුලවකසඤ්ඤං විනීලකසඤ්ඤං විපුබ්බකසඤ්ඤං විච්ඡිද්දකසඤ්ඤං උද්ධුමාතකසඤ්ඤං. ඉදං වුච්චති භික්ඛවෙ, අනුරක්ඛණාප්පධානං.
Sinhala BJTමහණෙනි, අනුරක්ඛණප්පධාන කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ උපන් කල්‍යාණ වූ සමාධිනිමිත්ත රක්නේ ය. අට්ඨිකසඤ්ඤාය, පුලවකසඤ්ඤාය, විනීලකසඤ්ඤාය, විපුබ්බකසඤ්ඤාය, විච්ඡිද්දකසඤ්ඤාය, උද්ධුමාතකසඤ්ඤාය යන මේ ය. මහණෙනි, මේ ‘අනුරක්ඛණප්පධාන’ යි කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි පධානානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර ප්‍රධන් වීර්‍ය්‍යයෝ යි.
Pali BJT36. සංවරො ච පහාණඤ්ච භාවනා අනුරක්ඛණා, එතෙ පධානා චත්තාරො දෙසිතාදිච්චබන්ධුනා, යෙහි භික්ඛු ඉධාතාපී ඛයං දුක්ඛස්ස පාපුණෙ’ති.
Sinhala BJT36. මෙසස්නෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති මහණ යම් වීර්‍ය්‍ය කෙනෙකුන් කරණ කොට ගෙණ දුඃඛක්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයට පැමිණේ ද, එබඳු වූ සංවරය, පහාණය, භාවනාය, අනුරක්ඛණය යන මේ සතර ප්‍රධන් වීර්‍ය්‍යයෝ ආදිච්චබන්‍ධු වූ බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලදහ.
Pali BJT4. 1. 2. 5.
Sinhala BJT4. 1. 2. 5.
Pali BJT[අග්ගපඤ්ඤත්තිසුත්තං]
Sinhala BJT[අග්ගපඤ්ඤත්ති සූත්‍රය]
Pali BJT15. චතස්සො ඉමා භික්ඛවෙ, අග්ගපඤ්ඤත්තියො. කතමා චතස්සො?
Sinhala BJT15. මහණෙනි, මේ අග්‍රප්‍රඥප්තීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඑතදග්ගං භික්ඛවෙ, අත්තභාවීනං යදිදං රාහු අසුරින්දො.
Sinhala BJTමහණෙනි, ආත්මභාවීන් අතුරෙන් යම් මේ රාහු අසුරෙන්‍ද්‍රෙයක් වේ ද, මෙ තෙම අග්‍රය.
Pali BJTඑතදග්ගං භික්ඛවෙ, කාමභොගීනං යදිදං රාජා මන්ධාතා.
Sinhala BJTමහණෙනි, කාමභෝගීන් අතුරෙන් යම් මේ මාන්‍ධාතෘ නම් රජෙක් වේ ද, මෙ තෙම අග්‍රය.
Pali BJTඑතදග්ගං භික්ඛවෙ, ආධිපතෙය්යානං යදිදං මාරො පාපිමා.
Sinhala BJTමහණෙනි, ආධිපත්‍යය කරණුවන් අතුරෙන් යම් මේ පාපී මාරයෙක් වේ ද, මෙ තෙම අග්‍රය.
Pali BJTසදෙවකෙ භික්ඛවෙ, ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය තථාගතො අග්ගමක්ඛායති අරහං සම්මාසම්බුද්ධො.
Sinhala BJTමහණෙනි, මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ අග්‍රයහ යි කියනු ලැබේ.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, චතස්සො අග්ගපඤ්ඤත්තියො’ති.
Sinhala BJTමහණෙනි, මේ සතර අග්‍රප්‍රඥප්තීහු යි.
Pali BJT37. රාහග්ගං{1} අත්තභාවිනං මන්ධාතා කාමභොගිනං, මාරො ආධිපතෙය්යානං ඉද්ධියා යසසා ජලං.
Sinhala BJT37. ආත්මභාවීන් අතුරෙන් රාහු අසුරිඳු අග්‍ර වේ. කාමභෝගීන් අතුරෙන් මාන්‍ධාතෘ සක්විති රජ අග්‍ර වේ. ආධිපත්‍ය කරණුවන්, දිව්‍ය සම්පත්ති සමෘද්ධියෙනුදු පරිවාර සඞ්ඛ්‍යාත යශසිනුදු බබලනුවන් අතුරෙන් මරදෙව්පිත් අග්‍ර වේ.
Pali BJT38. උද්ධං තිරියං අපාචීනං යාවතා ජගතො ගති, සදෙවකස්ස ලොකස්ස බුද්ධො අග්ගො පවුච්චතී’ති.
Sinhala BJT38. උඩය මැදය යටය යන ලෝකනිෂ්පත්තිය තෙක් දෙවියන් සහිත ලෝකයාට බුදුරජාණන් වහන්සේ අග්‍රයහ යි කියනු ලැබේ.
Pali BJT4. 1. 2. 6.
Sinhala BJT4. 1. 2. 6.
Pali BJT[සොඛුම්මසුත්තං]
Sinhala BJT[සොඛුම්ම සූත්‍රය]
Pali BJT16. චත්තාරිමානි භික්ඛවෙ, සොඛුම්මානි. කතමානි චත්තාරි?
Sinhala BJT16. මහණෙනි, මේ සූක්‍ෂමලක‍්ෂණප්‍රතිවේධකඥානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු රූපසොඛුම්මෙන සමන්නාගතො හොති පරමෙන, තෙන ච රූපසොඛුම්මෙන අඤ්ඤං රූපසොඛුම්මං උත්තරිතරං වා පණීතතරං වා න සමනුපස්සති. තෙන ච රූපසොඛුම්මෙන අඤ්ඤං රූපසොඛුම්මං උත්තරිතරං වා පණීතතරං වා න පත්ථෙති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයෙහි උතුම් සූක්‍ෂමලක‍්ෂණපරිග්‍රාහකඥානයෙන් සමන්‍වාගත වෙයි. ඒ රූපසූක්‍ෂමභාවඥානයෙන් උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් රූපසූක්‍ෂමත්‍වයක් නො දක්නේ ය. ඒ රූපසූක්‍ෂමභාවඥානයෙන් උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන් රූපසූක්‍ෂමත්‍වයක් නො පතයි.
Pali BJTවෙදනාසොඛුම්මෙන සමන්නාගතො හොති පරමෙන. තෙන ච වෙදනාසොඛුම්මෙන අඤ්ඤං වෙදනාසොඛුම්මං උත්තරිතරං වා පණීතතරං වා න සමනුපස්සති. තෙන ච වෙදනාසොඛුම්මෙන අඤ්ඤං වෙදනාසොඛුම්මං උත්තරිතරං වා පණීතතරං වා න පත්ථෙති.
Sinhala BJTවේදනායෙහි උතුම් සූක්‍ෂමලක‍්ෂණප්‍රතිවේධකඥානයෙන් සමන්‍වාගත වෙයි. ඒ වේදනායෙහි සූක්‍ෂමලක‍්ෂණපරිග්‍රාහකඥානයෙනුදු උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වේදනාසූක්‍ෂමභාවයක් නො දක්නේ ය. ඒ වේදනාසූක්‍ෂමභාවඥානයෙන් උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වේදනාසූක්‍ෂමභාවයක් නො පතයි.
Pali BJTසඤ්ඤාසොඛුම්මෙන සමන්නාගතො හොති පරමෙන. තෙන ච සඤ්ඤාසොඛුම්මෙන අඤ්ඤං සඤ්ඤාසොඛුම්මං උත්තරිතරං වා පණීතතරං වා න සමනුපස්සති. තෙන ච සඤ්ඤාසොඛුම්මෙන අඤ්ඤං සඤ්ඤාසොඛුම්මං උත්තරිතරං වා පණීතතරං වා න පත්ථෙති.
Sinhala BJTසංඥායෙහි උතුම් සූක්‍ෂමලක‍්ෂණප්‍රතිවේධකඥානයෙන් සමන්‍වාගත වෙයි. ඒ සංඥායෙහි සූක්‍ෂමලක‍්ෂණපරිග්‍රාහකඥානයෙනුදු උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් සංඥාසූක්‍ෂමභාවයක් නො දක්නේ ය. ඒ සංඥාසූක්‍ෂමභාවඥානයෙනුදු උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් සංඥාසූක්‍ෂමභාවයක් නො පතයි.
Pali BJTසඞ්ඛාරසොඛුම්මෙන සමන්නාගතො හොති පරමෙන. තෙන ච සඞ්ඛාරසොඛුම්මෙන අඤ්ඤං සඞ්ඛාරසොඛුම්මං උත්තරිතරං වා පණීතතරං වා න සමනුපස්සති. තෙන ච සඞ්ඛාරසොඛුම්මෙන අඤ්ඤං සඞ්ඛාරසොඛුම්මං උත්තරිතරං වා පණීතතරං වා න පත්ථෙති.
Sinhala BJTසංස්කාරයෙහි උතුම් සූක්‍ෂමලක‍්ෂණප්‍රතිවේධකඥානයෙන් සමන්‍වාගත වෙයි. ඒ සංස්කාරයෙහි සූක්‍ෂමලක‍්ෂණපරිග්‍රාහකඥානයෙනුදු උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් සංස්කාරසූක්‍ෂමභාවයක් නො දක්නේ ය. ඒ සංස්කාරසූක්‍ෂමභාවඥානයෙනුදු උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් සංස්කාරසූක්‍ෂමභාවයක් නො පතයි.
Pali BJTඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි සොඛුම්මානීති.
Sinhala BJTමහණෙනි, මේ සතර සූක්‍ෂමලක‍්ෂණප්‍රතිවේධකඥානයෝ ය.
Pali BJT39. රූපසොඛුම්මතං ඤත්වා වෙදනානඤ්ච සම්භවං, සඤ්ඤා යතො සමුදෙති අත්ථං ගච්ඡති යත්ථ ච.
Sinhala BJT39. රූපස්කන්‍ධයාගේ සූක්‍ෂමභාවය දැන, වේදනාවන්ගේ ප්‍රභවය ද දැන, යම් කරුණින් සංඥාස්කන්‍ධය උදා වේ ද එ ද දැන, යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ ද එද දැන,
Pali BJT40. සඞ්ඛාරෙ පරතො ඤත්වා දුක්ඛතො නො ච අත්තතො, ස වෙ සම්මද්දසො භික්ඛු සන්තො සන්තිපදෙ රතො, ධාරෙති අන්තිමං දෙහං ජෙත්වා මාරං සවාහිනින්ති.
Sinhala BJT40. සංස්කාරයන් අනිත්‍යතායෙන් පරවශයෙන් දැන, දුක් විසින් දැන, අනාත්ම විසින් දැන සිටුනා, මොනවට පස්කඳ දක්නා, සන්හුන් කෙලෙස් ඇති වන බැවින් ශාන්ත වූ, එහෙයින් ම ශාන්තිපද සඞ්ඛ්‍යාත නිවණෙහි ඇලුනු, ඒ මහණ ඒකාන්තයෙන් සෙන් සියෝ මරදෙවිපිත් දිනා අන්තිම දේහය දරයි.
Pali BJT4. 1. 2. 7.
Sinhala BJT4. 1. 2. 7.
Pali BJT[අගතිසුත්තං]
Sinhala BJT[අගති සූත්‍රය]
Pali BJT17. චත්තාරිමානි භික්ඛවෙ, අගතිගමනානි. කතමානි චත්තාරි?
Sinhala BJT17. මහණෙනි, මේ අගතියට යන කරුණු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඡන්දාගතිං ගච්ඡති. දොසාගතිං ගච්ඡති. මොහාගතිං ගච්ඡති. භයාගතිං ගච්ඡති.
Sinhala BJTඡන්‍දෙයන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. බියෙන් අගතියට යෙයි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි අගතිගමනානීති.
Sinhala BJTමහණෙනි, මේ අගතිගමන කරුණු සතර දෙනය.
Pali BJT41. ඡන්දා දොසා භයා මොහා යො ධම්මං අතිවත්තති, නිහීයති තස්ස යසො කාලපක්ඛෙව චන්දිමා’ති.
Sinhala BJT41. ඡන්‍දෙයනුදු ද්වේෂයෙනුදු භයෙනුදු මෝහයෙනුදු යමෙක් දහම පැන යේ ද ඔහුගේ යශස් පිරිහෙයි. කළුවර පස සඳු මෙනි.
Pali BJT4. 1. 2. 8.
Sinhala BJT4. 1. 2. 8.
Pali BJT[නාගතිසුත්තං]
Sinhala BJT[නාගති සූත්‍රය]
Pali BJT18. චත්තාරිමානි භික්ඛවෙ, නාගතිගමනානි. කතමානි චත්තාරි?
Sinhala BJT18. මහණෙනි, මේ සතර අගතිගමන නොවන කරුණු ය. කවර සතර කරුණුය යත්:
Pali BJTන ඡන්දාගතිං ගච්ඡති. න දොසාගතිං ගච්ඡති. න මොහාගතිං ගච්ඡති. න භයාගතිං ගච්ඡති.
Sinhala BJTඡන්‍දයෙන් අගතියට නො යෙයි. ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි. භයෙන් අගතියට නො යෙයි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි නාගතිගමනානීති.
Sinhala BJTමහණෙනි, මේ අගතිගමන නොවන සතර කරුණු යි.
Pali BJT42. ඡන්දා දොසා භයා මොහා යො ධම්මං නාතිවත්තති, ආපූරති තස්ස යසො සුක්කපක්ඛෙව චන්දිමා’ති.
Sinhala BJT42. ඡන්‍දයෙනුදු ද්වේෂයෙනුදු භයෙනුදු මෝහයෙනුදු යමෙක් දහම පැන නො යේ ද, ඔහුගේ යශස් පිරේ. පුරපස සඳු මෙනි.
Pali BJT4. 1. 2. 9.
Sinhala BJT4. 1. 2. 9.
Pali BJT[අගතිනාගතිසුත්තං]
Sinhala BJT[අගතිනාගති සූත්‍රය]
Pali BJT19. චත්තාරිමානි භික්ඛවෙ, අගතිගමනානි. කතමානි චත්තාරි?
Sinhala BJT19. මහණෙනි, මේ සතර අගතිගමන කරුණු ය. කවර සතර කරුණුය යත්:
Pali BJTඡන්දාගතිං ගච්ඡති. දොසාගතිං ගච්ඡති. මොහාගතිං ගච්ඡති. භයාගතිං ගච්ඡති.
Sinhala BJTඡන්‍දයෙන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. භයෙන් අගතියට යෙයි.