Pali BJT[පපතිතසුත්තං]
Sinhala BJT[පපතිත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2. චතූහි භික්ඛවෙ, ධම්මෙහි අසමන්නාගතො ඉමස්මා ධම්මවිනයා පපතිතො’ති වුච්චති. කතමෙහි චතූහි?
Sinhala BJT2. මහණෙනි, සතර කරුණෙකින් අසමන්‍වාගත පුද්ගල මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ. කවර සතර කරුණෙන යත්:
Pali BJTඅරියෙන භික්ඛවෙ, සීලෙන අසමන්නාගතො ඉමස්මා ධම්මවිනයා පපතිතො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, නිර්දෝෂ ශීලයෙන් සමන්‍වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
Pali BJTඅරියෙන භික්ඛවෙ, සමාධිනා අසමන්නාගතො ඉමස්මා ධම්මවිනයා පපතිතො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, නිර්දෝෂ සමාධියෙන් සමන්‍වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
Pali BJTඅරියාය භික්ඛවෙ, පඤ්ඤාය අසමන්නාගතො ඉමස්මා ධම්මවිනයා පපතිතො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, නිර්දෝෂ ප්‍රඥායෙන් සමන්‍වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
Pali BJTඅරියාය භික්ඛවෙ, විමුත්තියා අසමන්නාගතො ඉමස්මා ධම්මවිනයා පපතිතො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, නිර්දෝෂ විමුක්තියෙන් සමන්‍වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි අසමන්නාගතො ඉමස්මා ධම්මවිනයා පපතිතො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
Pali BJTචතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො ඉමස්මා ධම්මවිනයා අප්පපතිතො’ති{1} වුච්චති. කතමෙහි චතූහි?
Sinhala BJTමහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ පුද්ගල මෙසස්නෙන් නො ගිළිහිනැ යි කියනු ලැබේ. කවර සතර කරුණෙන යත්:
Pali BJTඅරියෙන භික්ඛවෙ, සීලෙන සමන්නාගතො ඉමස්මා ධම්මවිනයා අප්පපතිතො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, නිර්දෝෂ ශීලයෙන් සමන්‍වාගත වූයේ මෙසස්නෙන් නො ගිළිහිනැ යි කියනු ලැබේ.
Pali BJTඅරියෙන භික්ඛවෙ, සමාධිනා සමන්නාගතො ඉමස්මා ධම්මවිනයා අප්පපතිතො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, නිර්දෝෂ සමාධියෙන් සමන්‍වාගත වූයේ මෙසස්නෙන් නො ගිළිහිනැ යි කියනු ලැබේ.
Pali BJTඅරියාය භික්ඛවෙ, පඤ්ඤාය සමන්නාගතො ඉමස්මා ධම්මවිනයා අප්පපතිතො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, නිර්දෝෂ ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ මෙසස්නෙන් නො ගිළිහිනැ යි කියනු ලැබේ.
Pali BJTඅරියාය භික්ඛවෙ, විමුත්තියා සමන්නාගතො ඉමස්මා ධම්මවිනයා අප්පපතිතො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, නිර්දෝෂ විමුක්තියෙන් සමන්‍වාගත වූයේ මෙසස්නෙන් නොගිළිහිනැ යි කියනු ලැබේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො ඉමස්මා ධම්මවිනයා අප්පපතිතො’ති වුච්චතීති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත වූයේ මෙසස්නෙන් නොගිළිහිනැ යි කියනු ලැබේ.
Pali BJT3. චුතා පතන්ති පතිතා ගිද්ධා ච පුනරාගතා, කතං කිච්චං{1} රතං රම්මං සුඛෙනාන්වාගතං සුඛං’ති.
Sinhala BJT3. (යම් කෙනෙක්) ච්‍යුත වූහු ද, (ඔහු ච්‍යුත වන බැවින් හෙත්. යම් කෙනෙක්) පතිත වූහු ද, (ඔහු පතිත වන බැවින්) ච්‍යුත වෙත්. රාගයෙන් රත්වූවාහුද යලි ජාත්‍යාදියට වැටුනහ. සිවුමගින් කළයුතු කිස කොට නිමවන ලදි. ඇලියයුතු ගුණෙහි ඇලෙන ලදී. (මානුෂසුඛාදි) සුඛයෙන් (දිව්‍යසුඛාදි) සුඛය පිළිවෙළින් ලබන ලදී.
Pali BJT4. 1. 1. 3.
Sinhala BJT4. 1. 1. 3.
Pali BJT[පඨමඛතසුත්තං]
Sinhala BJT[පඨමඛත සූත්‍රය]
Pali BJT3. චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො බාලො අව්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං, බහුං ච අපුඤ්ඤං පසවති. කතමෙහි චතූහි?
Sinhala BJT3. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණ විසින් සාළ (එහෙයින් ම) නට, ආත්මය (ස්වසන්තානය) පස්වටයි. නුවණැත්තනට දොස් සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ අකුසල්ද රැස් කෙරෙයි. කවර කරුණෙන යත්:
Pali BJTඅනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති.
Sinhala BJTනොදැන (විමසීම් විසින්) නො බැස ගෙණ නුගුණ කියයුත්තහුගේ ගුණ කියයි.
Pali BJTඅනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති.
Sinhala BJTනොදැන නො බැස ගෙණ ගුණ වැණිය යුත්තහුගේ අගුණ කියයි.
Pali BJTඅනනුවිච්ච අපරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසෙති.
Sinhala BJTනොදැන නො බැස ගෙණ නොපහදනහට නිසි කරුණෙහි පැහැදීම උපදවයි.
Pali BJTඅනනුවිච්ච අපරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසෙති.
Sinhala BJTනොදැන නො බැස ගෙණ පහදනහට නිසි කරුණෙහි අප්‍රසාදය උපදවයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො බාලො අව්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති. සාවජ්ජො ච හොති සානුවජ්ජො ච විඤ්ඤූනං. බහුං ච අපුඤ්ඤං පසවතීති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණ විසින් සෑරු එහෙයින් ම නටුවා වූ ආත්මය පිළිදගනේය. නුවණැතියනට වරද සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වේ. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙයි.
Pali BJTචතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො වියත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. අනවජ්ජො ච හොති අනනුවජ්ජො විඤ්ඤූනං, බහුං ච පුඤ්ඤං පසවති. කතමෙහි චතූහි?
Sinhala BJTමහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත, ව්‍යක්ත, සත්පුරුෂ, පණ්ඩිත තෙමේ ගුණ විසින් සාරා නො ලන ලද (එහෙයින් ම) නො නටුවා වූ ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දෝෂ රහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වෙයි. බොහෝ කුසල් ද රැස් කෙරෙයි. කවර සතර කරුණෙන යත්:
Pali BJTඅනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසති.
Sinhala BJTදැන ගෙණ විමසීම් විසින් බැස ගෙණ නුගුණ කිය යුත්තහුගේ නුගුණ කියයි.
Pali BJTඅනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසති.
Sinhala BJTදැන ගෙණ බැස ගෙණ ගුණ කියනට නිස්සහුගේ ගුණ කියයි.
Pali BJTඅනුවිච්ච පරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසෙති.
Sinhala BJTදැන ගෙණ බැස ගෙණ නො පහදනහට නිසි කරුණෙහි නො පැහැදීම උපදවයි.
Pali BJTඅනුවිච්ච පරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසෙති.
Sinhala BJTදැන ගෙණ බැස ගෙණ පහදනහට නිසි කරුණෙහි ප්‍රසාදය උපදවයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො වියත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. අනවජ්ජො ච හොති අනනුවජ්ජො විඤ්ඤූනං. බහුං ච පුඤ්ඤං පසවතීති.
Sinhala BJTමහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත, ව්‍යක්ත, සත්පුරුෂ, පණ්ඩිත තෙමේ ගුණ විසින් නො සැරු එහෙයින් ම නො නට ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂ රහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වේ. බොහෝ කුසල් ප්‍රසව කෙරෙයි.
Pali BJT4. යො නින්දියං පසංසති තං වා නින්දති යො පසංසියො, විචිනාති මුඛෙන සො කලිං කලිනා තෙන සුඛං න වින්දති.
Sinhala BJT4. යමෙක් නින්‍දාර්‍හයා පසසා ද, යමෙක් ප්‍රශංසාර්‍හ වේ නම් ඔහු හෝ නිගණී ද, හෙ තෙමේ මුවින් පව් රැස් කෙරෙයි. ඒ පවින් සුඛයක් නො ලබන්නේය.
Pali BJT5. අප්පමත්තො අයං කලි යො අක්ඛෙසු ධනපරාජයො, සබ්බස්සාපි සහාපි අත්තනා අයමෙව මහන්තතරො කලි යො සුගතෙසු මනං පදොසයෙ.
Sinhala BJT5. දූකෙළියෙහි ලා සියලු ස්වකීය ධනය හා තමා ද හා සමග යම් ධනපරාජයෙක් වේ ද, මේ පරාජය ස්වල්පමාත්‍ර ය. යමෙක් සම්‍යග්ගත පුද්ගලයන් කෙරෙහි සිත අප්‍රීතික කරන්නේ නම් මෙය ම මහත්තර පරාජය වේ.
Pali BJT6. සතං සහස්සානං නිරබ්බුදානං ඡත්තිංසතිං{2} පඤ්ච ච අබ්බුදානි, යමරියගරහී{3} නිරයං උපෙති වාචං මනඤ්ච පණිධාය පාපකන්ති.
Sinhala BJT6. යම් හෙයකින් ලාමක වූ වචනය හා සිත ද පිහිටුවා ආර්‍ය්‍යයන් ගරහනුයේ නිරයට වැදේ ද, (එහි ආයු:ප්‍රමාණය) නිරර්බුද එක්ලක්‍ෂ සතිසෙකි. අර්බුද පසෙකි.
Pali BJT4. 1. 1. 4.
Sinhala BJT4. 1. 1. 4.
Pali BJT[දුතියඛතසුත්තං]
Sinhala BJT[දුතියඛත සූත්‍රය]
Pali BJT4. චතූසු භික්ඛවෙ, මිච්ඡා පටිපජ්ජමානො බාලො අව්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති. සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං. බහුං ච අපුඤ්ඤං පසවති. කතමෙසු චතූසු?
Sinhala BJT4. මහණෙනි, සතර දෙනෙකු කෙරෙහි වරදවා පිළිපන් අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ ගුණ විසින් සැරු (එහෙයින් ම) නටුවා වූ ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දෝෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ පව් ද ප්‍රසව කෙරෙයි. කවර සතර දෙනකු කෙරෙහිය යත්:
Pali BJTමාතරි භික්ඛවෙ, මිච්ඡා පටිපජ්ජමානො බාලො අව්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති. සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච අපුඤ්ඤං පසවති.
Sinhala BJTමහණෙනි, මෑණියන් කෙරෙහි වරදවා පිළිපදනා අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ ගුණ විසින් සැරු නටුවා වූ ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දෝෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ පව් ද රැස් කෙරෙයි.
Pali BJTපිතරි භික්ඛවෙ, මිච්ඡා පටිපජ්ජමානො -පෙ- තථාගතෙ භික්ඛවෙ, මිච්ඡා පටිපජ්ජමානො -පෙ- තථාගතසාවකෙ භික්ඛවෙ, මිච්ඡා පටිපජ්ජමානො බාලො අව්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං. බහුං ච අපුඤ්ඤං පසවති.
Sinhala BJTමහණෙනි, පියාණන් කෙරෙහි වරදවා පිළිපන් ... මහණෙනි, තථාගතයන් වහන්සේ කෙරෙහි වරදවා පිළිපන් ... මහණෙනි, තථාගතශ්‍රාවකයා කෙරෙහි වරදවා පිළිපන් අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ (ගුණ විසින්) සාරා ලන ලද (එහෙයින් ම) නටුවා වූ ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ පව් ද ප්‍රසව කෙරෙයි.
Pali BJTඉමෙසු ඛො භික්ඛවෙ, චතූසු මිච්ඡා පටිපජ්ජමානො බාලො අව්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති. සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං. බහුං ච අපුඤ්ඤං පසවතීති.
Sinhala BJTමහණෙනි, මේ සතර දෙනා කෙරෙහි වරදවා පිළිපන් අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ සෑරු නටුවා වූ ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙයි.
Pali BJTචතූසු භික්ඛවෙ, සම්මා පටිපජ්ජමානො පණ්ඩිතො වියත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. අනවජ්ජො ච හොති අනනුවජ්ජො විඤ්ඤූනං. බහුං ච පුඤ්ඤං පසවති. කතමෙසු චතූසු?
Sinhala BJTමහණෙනි, සතරදෙනකු කෙරෙහි මොනොවට පිළිපන් ව්‍යක්ත සත්පුරුෂ පණ්ඩිත තෙමේ නොසාරා ලන ලද (එහෙයින් ම) නො නට ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දෝෂරහිතයෙක් ද උපවාදරහිතයෙක් ද වෙයි. බොහෝ පින් ද ප්‍රසව කෙරෙයි. කවර සතර දෙනෙකු කෙරෙහිය යත්:
Pali BJTමාතරි භික්ඛවෙ, සම්මා පටිපජ්ජමානො පණ්ඩිතො වියත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. අනවජ්ජො ච හොති අනනුවජ්ජො විඤ්ඤූනං. බහුං ච පුඤ්ඤං පසවති.
Sinhala BJTමහණෙනි, මෑණියන් කෙරෙහි මොනොවට පිළිපදනා ව්‍යක්ත සත්පුරුෂ පණ්ඩිත තෙමේ නො සරූ එහෙයින් ම නො නට ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂරහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වෙයි. බොහෝ පින් ද ප්‍රසව කෙරෙයි.
Pali BJTපිතරි භික්ඛවෙ, සම්මා පටිපජ්ජමානො -පෙ- තථාගතෙ භික්ඛවෙ, සම්මා පටිපජ්ජමානො -පෙ- තථාගතසාවකෙ භික්ඛවෙ, සම්මා පටිපජ්ජමානො පණ්ඩිතො වියත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. අනවජ්ජො ච හොති අනනුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච පුඤ්ඤං පසවති.
Sinhala BJTමහණෙනි, පියාණන් කෙරෙහි මොනොවට පිළිපදනා ... මහණෙනි, තථාගතයන් වහන්සේ කෙරෙහි මොනොවට පිළිපදනා ... මහණෙනි, තථාගතශ්‍රාවකයා කෙරෙහි මොනොවට පිළිපදනා ව්‍යක්ත සත්පුරුෂ පණ්ඩිත තෙමේ නො සාරා ලන ලද එහෙයින් ම නො නට ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂ රහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වෙයි. බොහෝ පින් ද ප්‍රසව කෙරෙයි.
Pali BJTඉමෙසු ඛො භික්ඛවෙ, චතූසු සම්මා පටිපජ්ජමානො පණ්ඩිතො වියත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. අනවජ්ජො ච හොති අනනුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච පුඤ්ඤං පසවතීති.
Sinhala BJTමහණෙනි, මේ සතර දෙනා කෙරෙහි මොනොවට පිළිපදනා ව්‍යක්ත සත්පුරුෂ පණ්ඩිත තෙමේ සාරා නො ලූ එහෙයින් ම නො නට ආත්මයක් පිළිදගනේ ය. නුවණැතියනට දෝෂරහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වෙයි. බොහෝ පින් ද ප්‍රසව කෙරෙයි.
Pali BJT7. මාතරි පිතරි චාපි යො මිච්ඡා පටිපජ්ජති. තථාගතෙ ච සම්බුද්ධෙ අථ වා තස්ස සාවකෙ, බහුඤ්ච සො පසවති අපුඤ්ඤං තාදිසො නරො.
Sinhala BJT7. යම් මිනිසෙක් (මිත්තවින්‍දකාදීන් සෙයින්) මෑණියන් කෙරෙහි ද, (අජාතශත්‍රැ ආදීන් සෙයින්) පියා කෙරෙහි ද වරදවා පිළිපදනේ ද, (දේවදත්ත ආදීන් සෙයින්) සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේ කෙරෙහිද වරදවා පිළිපදනේ ද, වැලිත් (කෝකාලිකාදීන් සෙයින්) තථාගත ශ්‍රාවකයා කෙරෙහි වරදවා පිළිපදනේ ද, එබඳු ඒ මිනිස් බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙයි.
Pali BJT8. තාය අධම්මචරියාය මාතාපිතූසු පණ්ඩිතා. ඉධෙව නං ගරහන්ති පෙච්චාපායඤ්ච ගච්ඡති.
Sinhala BJT8. මවු පියන් කෙරෙහි ලා කළ ඒ අධර්‍මචර්‍ය්‍යායෙන් පඬිහු මෙලොව්හි ම ඔහු ගරහත් මෙයින් සැව අපායට ද යෙයි.
Pali BJT9. මාතරි පිතරි චාපි යො සම්මා පටිපජ්ජති. තථාගතෙ ච සම්බුද්ධෙ අථ වා තස්ස සාවකෙ, බහුඤ්ච සො පසවති පුඤ්ඤම්පි තාදිසො නරො.
Sinhala BJT9. යම් මිනිසෙක් මවුකෙරෙහි දු පියා කෙරෙහි දු සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේ කෙරෙහි දු වැලිත් තථාගතශ්‍රාවකයා කෙරෙහි දු මොනොවට පිළිපදනේ ද, එබඳු ඒ මිනිස් බොහෝ පිණුදු ප්‍රසව කෙරෙයි.
Pali BJT10. තාය ධම්මචරියාය මාතාපිතූසු පණ්ඩිතා, ඉධෙව නං පසංසන්ති පෙච්ච සග්ගෙ ච මොදතීති.
Sinhala BJT10. මවුපියන්කෙරෙහි ලා කළ (සම්‍යක් ප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත) ඒ පඬිහු ඔහු මෙලොව්හිම පසසත්. මෙයින් සැව ධර්‍මචර්‍ය්‍යායෙන් ස්වර්‍ගයෙහි ද (විපාකනන්‍දනායෙන්) සතුටු වෙයි.
Pali BJT4. 1. 1. 5.
Sinhala BJT4. 1. 1. 5.
Pali BJT[අනුසොතසුත්තං]
Sinhala BJT[අනුසෝත සූත්‍රය]
Pali BJT5. චත්තාරො’මෙ භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT5. මහණෙනි, පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:
Pali BJTඅනුසොතගාමී පුග්ගලො, පටිසොතගාමී පුග්ගලො, ඨිතත්තො පුග්ගලො, තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො.
Sinhala BJTඅනුසෝතගාමී පුද්ගලය, පටිසෝතගාමී පුද්ගලය, ඨිතත්ත පුද්ගලය, ඕඝතරණය කොට සිටි එහෙයින් ම පරතෙරට ගිය නිවන් තෙලෙහි සිටුනා ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ යි.
Pali BJTකතමො ච භික්ඛවෙ, අනුසොතගාමී පුග්ගලො? ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො කාමෙ ච පටිසෙවති, පාපඤ්ච කම්මං කරොති. අයං වුච්චති භික්ඛවෙ, අනුසොතගාමී පුග්ගලො.
Sinhala BJTමහණෙනි, අනුසෝතගාමී පුද්ගල නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් වස්තුකාමයන් ද සෙවුනේ ය. පස්පව් ද කෙරේ. මහණෙනි, මේ අනුසෝතගාමී පුද්ගල යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, පටිසොතගාමී පුග්ගලො? ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො කාමෙ න පටිසෙවති, පාපඤ්ච කම්මං න කරොති, සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන අස්සුමුඛො’පි රුදමානො පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති. අයං වුච්චති භික්ඛවෙ, පටිසොතගාමී පුග්ගලො.
Sinhala BJTමහණෙනි, පටිසෝතගාමී පුද්ගල නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් වස්තුකාමයන් නො සෙවුනේ ය. පස්පව් ද නොකරයි. සහගිය දුකින් ද සහගිය දොම්නසින් ද කඳුළු හුනු මුහුණු ඇතියේත් හඬනේ පිරිපුන් පිරිසිදු බඹසර පුරයි. මහණෙනි, මේ පටිසෝතගාමී පුද්ගල යී කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, ඨිතත්තො පුග්ගලො? ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති, තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. අයං වුච්චති භික්ඛවෙ, ඨිතත්තො පුග්ගලො.
Sinhala BJTමහණෙනි, ඨිතත්ත පුද්ගල නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය ව යෑමෙන් ඕපපාතික වෙයි. ඒ සුදවැසි බඹලොව පිරිනිවන් පානා සුලු වූයේ ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇත්තේ වෙයි. මහණෙනි, මේ ඨිතත්ත පුද්ගල යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, පුග්ගලො තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො? ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො.
Sinhala BJTමහණෙනි, ඕඝතරණය කොට සිටි එහෙයින් ම පරතෙර ගිය නිවන් තෙලෙහි සිටුනා බ්‍රාහ්මණ පුද්ගල නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආස්‍රවයන් ක්‍ෂය ව යෑමෙන් අනාස්‍රව වූ (ඵලසමාධි සඞ්ඛ්‍යාත) චේතෝවිමුක්තිය (ඵලප්‍රඥා සඞ්ඛ්‍යාත) ප්‍රඥා විමුක්තිය මෙලොව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙයි. මහණෙනි, මේ පුද්ගල ඕඝ තරණය කොට සිටි එහෙයින් ම පරතෙර ගිය නිවන් තෙලෙහි සිටුනා ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ යී කියනු ලැබේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT11. යෙ කෙචි කාමෙසු අසඤ්ඤතා ජනා අවීතරාගා ඉධ කාමභොගිනො, පුනප්පුනං ජාතිජරූපගාහිනො තණ්හාධිපන්නා අනුසොතගාමිනො.
Sinhala BJT11. මෙලොව කාමයන් කෙරෙහි ලා අසංයත වූ අවීතරාග වූ කාමභෝගී වූ පුන පුනා ජාති ජරා දෙකට වැදගන්නා වූ තෘෂ්ණාවට බැස ගත් යම් ජන කෙනෙක් ඇද්ද ඔහු අනුසෝතගාමීහු යි.
Pali BJT12. තස්මා හි ධීරො ඉධුපට්ඨිතස්සතී කාමෙ ච පාපෙ ච අසෙවමානො, සහාපි දුක්ඛෙන ජහෙය්ය කාමෙ පටිසොතගාමීති තමාහු පුග්ගලං.
Sinhala BJT12. එහෙයින් ම මෙලොව එළඹ සිටි සිහි ඇති ධීර තෙමේ වස්තුකාමයන් ද පඤ්චපාපයන් ද නො සෙවුනේ සහගිය දුකිනුත් කාමයන් හැර සිටුනේය. ඒ පුඟුලා පටිසෝතගාමී යී කියත්.
Pali BJT13. යො වෙ කිලෙසානි පහාය පඤ්ච පරිපුණ්ණසෙඛො අපරිහානධම්මො, චෙතොවසිප්පත්තො සමාහිතින්ද්රියො ස වෙ ඨිතත්තො’ති නරො පවුච්චති.
Sinhala BJT13. යම් ආර්‍ය්‍යශ්‍රාවකයෙක් ඒකාන්තයෙන් පඤ්චඕරම්භාගීය කෙලෙසුන් පියා පිරිපුන් ශික්‍ෂා ඇත්තේ අපරිහාණස්වභාව ඇත්තේ චිත්තවශීභාවප්‍රාප්ත වූයේ මොනොවට පිහිටුවා ලූ ෂඩින්‍ද්‍රිය ඇත්තේ වේ ද, ඒ ආර්‍ය්‍යශ්‍රාවක ඒකාන්තයෙන් ඨිතත්ත යී කියනු ලැබේ.
Pali BJT14. පරොපරා යස්ස සමෙච්ච ධම්මා විධූපිතා අත්ථගතා න සන්ති, ස වෙදගූ වුසිතබ්රහ්මචරියො ලොකන්තගූ පාරගතො’ති වුච්චතීති.
Sinhala BJT14. යමක්හු විසින් කුශලාකුශලධර්‍මයෝ නුවණින් වැදගෙන නසන ලද්දාහු, අස්තඞ්ගත වූවාහු, විද්‍යමාන නොවෙත් ද, වැස නිම කළ බඹසර ඇති තුන්ලෝ කෙළපත් සිවුමග නුවණින් නිවන් ගියා වූ ඒ ආර්‍ය්‍යශ්‍රාවක තෙම පාරගත යී කියනු ලැබේ.
Pali BJT4. 1. 1. 6.
Sinhala BJT4. 1. 1. 6.
Pali BJT[අප්පස්සුතසුත්තං]
Sinhala BJT[අප්පස්සුත සූත්‍රය]
Pali BJT6. චත්තාරො’මෙ භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
Sinhala BJT6. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅප්පස්සුතො සුතෙන අනුපපන්නො, අප්පස්සුතො සුතෙන උපපන්නො, බහුස්සුතො සුතෙන අනුපපන්නො, බහුස්සුතො සුතෙන උපපන්නො.
Sinhala BJTශ්‍රැතයෙන් උපපන්න නොවූ (සිද්ධිප්‍රාප්ත නොවූ) අල්පශ්‍රැත ය. ශ්‍රැතයෙන් උපපන්න වූ අල්පශ්‍රැත ය. ශ්‍රැතයෙන් අනුපපන්න වූ බහුශ්‍රුත ය. ශ්‍රැතයෙන් උපපන්න වූ බහුශ්‍රුත යි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පුග්ගලො අප්පස්සුතො හොති සුතෙන අනුපපන්නො? ඉධ භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස අප්පකං සුතං හොති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා{1} උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො තස්ස අප්පකස්ස සුතස්ස න අත්ථමඤ්ඤාය න ධම්මමඤ්ඤාය න ධම්මානුධම්මපටිපන්නො හොති. එවං ඛො භික්ඛවෙ, පුග්ගලො අප්පස්සුතො හොති සුතෙන අනුපපන්නො.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්‍රැතයෙන් අනුපපන්න අල්පශ්‍රැතයෙක් වේ ද? මහණෙනි, මෙසස්නෙහි කිසි යම් පුඟුලකු විසින් සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟසසුන් මඳක් අසන ලද්දේ වෙයි. හෙතෙම අල්ප වූ ඒ ශ්‍රැතයාගේ අර්‍ත්‍ථය නො දැන පෙළ දහම නො දැන ධර්‍මානුධර්‍ම සඞ්ඛ්‍යාත පූර්‍වභාගප්‍රතිපදාවට නො පිළිපන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රැතයෙන් අනුපපන්න අල්පශ්‍රැතයෙක් වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පුග්ගලො අප්පස්සුතො හොති සුතෙන උපපන්නො? ඉධ භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස අප්පකං සුතං හොති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො තස්ස අප්පකස්ස සුතස්ස අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. එවං ඛො භික්ඛවෙ, පුග්ගලො අප්පස්සුතො හොති, සුතෙන උපපන්නො.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්‍රැතයෙන් උපපන්න අල්පශ්‍රැතයෙක් වේ ද? මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලකු විසින් සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟ සසුන් ලේශමාත්‍රයක් අසන ලද්දේ වෙයි. හෙතෙම අල්ප වූ ඒ ශ්‍රැතයාගේ අටුවා දැන පෙළ දැන ධර්‍මානුධර්‍මයට පිළිපන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රැතයෙන් උපපන්න අල්පශ්‍රැතයෙක් වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පුග්ගලො බහුස්සුතො හොති සුතෙන අනුපපන්නො? ඉධ භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස බහුං{2} සුතං හොති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො තස්ස බහුකස්ස සුතස්ස න අත්ථමඤ්ඤාය න ධම්මමඤ්ඤාය න ධම්මානුධම්මපටිපන්නො හොති. එවං ඛො භික්ඛවෙ, පුග්ගලො බහුස්සුතො හොති සුතෙන අනුපපන්නො.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්‍රැතයෙන් අනුපපන්න බහුශ්‍රැතයෙක් වේ ද? මහණෙනි, මෙ සස්නෙහි කිසියම් පුඟුලකු විසින් සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟ සසුන් බොහෝ අසන ලද්දේ වෙයි. හෙතෙම බොහෝ වූ ඒ ශ්‍රැතයාගේ අටුවා නො දැන පෙළ නො දැන ධර්‍මානුධර්‍මයට නො පිළිපන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රැතයෙන් අනුපපන්න බහුශ්‍රැතයෙක් වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පුග්ගලො බහුස්සුතො හොති සුතෙන උපපන්නො? ඉධ භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස බහුං සුතං හොති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො තස්ස බහුකස්ස සුතස්ස අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. එවං ඛො භික්ඛවෙ, පුග්ගලො බහුස්සුතො හොති සුතෙන උපපන්නො.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්‍රැතයෙන් උපපන්න බහුශ්‍රැතයෙක් වේ ද? මහණෙනි, මෙසස්නෙහි කිසියම් පුද්ගලයකු විසින් සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟ සසුන් බොහෝ අසන ලද්දේ වෙයි. හෙතෙම බොහෝ වූ ඒ ශ්‍රැතයාගේ අටුවා දැන පෙළ දහම දැන ධර්‍මානුධර්‍මයට පිළිපන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රැතයෙන් උපපන්න බහුශ්‍රැතයෙක් වේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT15. අප්පස්සුතො’පි චෙ හොති සීලෙසු අසමාහිතො, උභයෙන නං ගරහන්ති සීලතො ච සුතෙන ච.
Sinhala BJT15. ඉදින් අල්පශ්‍රැතත් වේ ද, ශීලයෙහි පරිපූරකාරීත් නො වේ ද, ඔහු ශීලයෙනුදු ශ්‍රැතයෙනුදු මෙසේ උභයභාගයෙන් ගරහත්.
Pali BJT16. අප්පස්සුතොපි චෙ හොති සීලෙසු සුසමාහිතො, සීලතො නං පසංසන්ති තස්ස සම්පජ්ජතෙ සුතං.
Sinhala BJT16. ඉදින් අල්පශ්‍රැතත් වේ ද, ශීලයෙහි පරිපූරකාරීත් වේ ද, ඔහු ශීලභාගයෙන් පසසත්. ඔහුට ශ්‍රැතය නො සැපයේ.
Pali BJT17. බහුස්සුතොපි චෙ හොති සීලෙසු අසමාහිතො, සීලතො නං ගරහන්ති නාස්ස සම්පජ්ජතෙ සුතං.
Sinhala BJT17. ඉදින් බහුශ්‍රැතත් වේ ද, ශීලයෙහි පරිපූරකාරීත් නොවේ ද, ඔහු ශීලභාගයෙන් ගරහත්. ඔහුට ශ්‍රැතය ශ්‍රැතකෘත්‍යය සපයා.
Pali BJT18. බහුස්සුතොපි චෙ හොති සීලෙසු සුසමාහිතො උභයෙන නං පසංසන්ති සීලතො ච සුතෙන ච.
Sinhala BJT18. ඉදින් බහුශ්‍රැතත් වේ ද, ශීලයෙහි පරිපූරකාරීත් වේ ද, ඔහු ශීලභාගයෙනුදු ශ්‍රැතභාගයෙනුදු මෙසේ උභයභාගයෙන් පසසත්.
Pali BJT19. බහුස්සුතං ධම්මධරං සප්පඤ්ඤං බුද්ධසාවකං, නෙක්ඛං ජම්බොනදස්සෙව කො තං නින්දිතුමරහති, දෙවාපි නං පසංසන්ති බ්රහ්මුනාපි පසංසිතො’ති.
Sinhala BJT19. බහුශ්‍රුත වූ ශ්‍රැතධර්‍මයනට ආධාර වූ සුප්‍රාඥ වූ ජාම්බුනද ස්වර්‍ණනිෂ්කයක් බඳු වූ ඒ බුද්ධශ්‍රාවකයා නිගන්නට කවරෙක් නම් අර්‍හ වේ ද? දෙවියෝ ද පවා ඔහු පසසත්. බ්‍රහ්මයා විසිනුදු පසස්නා ලද්දේය.
Pali BJT4. 1. 1. 7.
Sinhala BJT4. 1. 1. 7.
Pali BJT[සොභෙන්තිසුත්තං]
Sinhala BJT[සොහෙන්ති සූත්‍රය]
Pali BJT7. චත්තාරො’මෙ භික්ඛවෙ, වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සඞ්ඝං සොභෙන්ති. කතමෙ චත්තාරො?
Sinhala BJT7. මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සතර පුද්ගල කෙනෙක් සඞ්ඝයා හොබවත්. කවර සතර කෙනෙක යත්:
Pali BJTභික්ඛු භික්ඛවෙ, වියත්තො විනීතො විසාරදො බහුස්සුතො ධම්මධරො ධම්මානුධම්මපටිපන්නො සඞ්ඝං සොභෙති.
Sinhala BJTමහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මහණ සඟුන් හොබවයි.
Pali BJTභික්ඛුනී භික්ඛවෙ, වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සඞ්ඝං සොභෙති.
Sinhala BJTමහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මෙහෙණ සඟුන් හොබවයි.
Pali BJTඋපාසකො භික්ඛවෙ, වියත්තො විනීතො විසාරදො බහුස්සුතො ධම්මධරො ධම්මානුධම්මපටිපන්නො සඞ්ඝං සොභෙති.
Sinhala BJTමහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න උපාසක සඟුන් හොබවයි.
Pali BJTඋපාසිකා භික්ඛවෙ, වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සඞ්ඝං සොභෙති.
Sinhala BJTමහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න උපාසිකා තොමෝ සඟුන් හොබවයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සඞ්ඝං සොභෙන්තීති.
Sinhala BJTමහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මේ සතර දෙන සඟුන් හොබවත්.
Pali BJT20. යො හොති වියත්තො ච විසාරදො ච බහුස්සුතො ධම්මධරො ච හොති, ධම්මස්ස හොති අනුධම්මචාරී ස තාදිසො වුච්චති සඞ්ඝසොභනො.
Sinhala BJT20. යම් මහණෙක් ව්‍යක්ත වූයේත් විශාරද වූයේත් වේ ද, බහුශ්‍රුත වූයේත් ධර්‍මධර වූයේත් වේ ද, නව ලෝකෝත්තර ධර්‍මයට අනුධර්‍ම සඞ්ඛ්‍යාත පූර්‍වභාගප්‍රතිපදාව පුරන්නේත් වේ ද, එබඳු ඒ මහණ සඞ්ඝසෝභනය යි කියනු ලැබේ.
Pali BJT21. භික්ඛු ච සීලසම්පන්නො භික්ඛුනී ච බහුස්සුතා, උපාසකො ච යො සද්ධො යා ච සද්ධා උපාසිකා, එතෙ ඛො සඞ්ඝං සොභෙන්ති එතෙ හි සඞ්ඝසොභනාති.
Sinhala BJT21. සිල් සපන් යම් මහණෙක් වේ ද, ආගමබුහුසු (ඇසූපිරූතැන් ඇති) යම් මෙහෙණක් වේ ද, සැදැහැති යම් උවසුවෙක් වේ ද, සැදැහැති යම් උවැසියක් වේ ද, මොහු සඟුන් හොබවත්. මොහු වනාහි සඞ්ඝසෝභනයෝ යි.
Pali BJT4. 1. 1. 8.
Sinhala BJT4. 1. 1. 8.
Pali BJT[වෙසාරජ්ජසුත්තං]
Sinhala BJT[වේසාරජ්ජ සූත්‍රය]
Pali BJT8. චත්තාරිමානි භික්ඛවෙ, තථාගතස්ස වෙසාරජ්ජානි, යෙහි වෙසාරජ්ජෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති. කතමානි චත්තාරි?
Sinhala BJT8. මහණෙනි, යම් වෛශාරද්‍යයෙකින් සමන්‍වාගත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨස්ථානය පිළිණ කරණ සේක් ද, අෂ්ටපර්‍ෂද්හි සිංහනාද කරණ සේක් ද, බ්‍රහ්මචක්‍ර සඞ්ඛ්‍යාත දම්සක් පවත්වන සේක් ද, තථාගතයන් වහන්සේගේ මේ සතර වෛශාරද්‍ය කෙනෙක් වෙති. කවර සතර කෙනෙක යත්:
Pali BJT“සම්මාසම්බුද්ධස්ස තෙ පටිජානතො ඉමෙ ධම්මා අනභිසම්බුද්ධාති” තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සතීති නිමිත්තමෙතං භික්ඛවෙ, න සමනුපස්සාමි . එතම්පහං භික්ඛවෙ, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
Sinhala BJTමහණෙනි, “සම්‍යක් සම්බුද්ධයම්හ යි පිළිණ කරණ තොප විසින් මේ ධර්‍මයෝ අනභිසම්බුද්ධයහ״ යි (ඔවුන් කියන) එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ සකාරණයෙන් මට චෝදනා කරන්නේ ය යි මෙ බඳු පුද්ගලයෙකු නො දක්මි. මහණෙනි, මම මෙබඳු පුද්ගලයෙකු නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම්, අභයට පැමිණියෙම්, වෛශාරද්‍යයට පැමිණියෙම් වෙසෙමි.
Pali BJT“ඛීණාසවස්ස තෙ පටිජානතො ඉමෙ ආසවා අපරික්ඛීණාති” තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සතීති නිමිත්තමෙතං භික්ඛවෙ, න සමනුපස්සාමි. එතම්පහං භික්ඛවෙ, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
Sinhala BJTමහණෙනි, “ක්‍ෂීණාස්‍රවයම්හයි පිළිණ කරණ තොප විසින් මේ ආස්‍රවයෝ අපරික්‍ෂීණයහ״ යි එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ සකාරණයෙන් මට චෝදනා කරන්නේ ය යි මෙබඳු පුද්ගලයෙකු නොදක්මි. මහණෙනි, මම මෙබඳු පුද්ගලයෙකු නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම්, අභයට පැමිණියෙම්, වෛශාරද්‍යයට පැමිණියෙම් වෙසෙමි.
Pali BJT“යෙ ඛො පන තෙ අන්තරායිකා ධම්මා වුත්තා. තෙ පටිසෙවතො නාලං අන්තරායායාති” තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සතීති නිමිත්තමෙතං භික්ඛවෙ, න සමනුපස්සාමි. එතම්පහං භික්ඛවෙ, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
Sinhala BJTමහණෙනි, “තොප විසින් යම් ඒ අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරණ ලද්දාහු ද, ඒ ධර්‍මයෝ සෙවුනාහට අන්තරාය පිණිස අසමර්‍ත්‍ථයහ״යි එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ සකාරණ වචනයෙන් මට චෝදනා කරන්නේ ය යි මෙබඳු පුද්ගලයකු නො දක්මි. මහණෙනි, මම මෙබඳු පුද්ගලයකු නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම්, අභයට පැමිණියෙම්, වෛශාරද්‍යයට පැමිණියෙම් වෙසෙමි.
Pali BJT“යස්ස ඛො පන තෙ අත්ථාය ධම්මො දෙසිතො සො න නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති” තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සතීති නිමිත්තමෙතං භික්ඛවෙ, න සමනුපස්සාමි. එතම්පහං භික්ඛවෙ, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
Sinhala BJTමහණෙනි, “තොප විසින් යම් අර්‍ත්‍ථයක් සඳහා දහම් දෙසන ලද ද ඒ දහම පුරණුවහට මොනොවට දුක් නසනු පිණිස නො යෙති״ යි එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ සකාරණ වචනයෙන් මට චෝදනා කරන්නේ ය යි මෙබඳු පුද්ගලයකු නො දක්මි. මහණෙනි, මම මෙබඳු පුද්ගලයකු නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම්, අභයට පැමිණියෙම්, වෛශාරද්‍යයට පැමිණියෙම් වෙසෙමි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි තථාගතස්ස වෙසාරජ්ජානි යෙහි වෙසාරජ්ජෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙතීති.
Sinhala BJTමහණෙනි, යම් වෛශාරද්‍යයෙකින් සමන්‍වාගත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨස්ථානය පිළිණ කරණ සේක් ද, අෂ්ටපර්‍ෂද්හි සිංහනාද කරණ සේක් ද, බ්‍රහ්මචක්‍ර සඞ්ඛ්‍යාත දම්සක් පවත්වන සේක් ද, මේ ඒ තථාගතයන් වහන්සේගේ සතර වෛශාරද්‍යයෝ යි.
Pali BJT22. යෙ කෙචි’මෙ වාදපථා පුථුස්සිතා යන්නිස්සිතා සමණබ්රාහ්මණා ච, තථාගතං පත්වා න තෙ භවන්ති විසාරදං වාදපථාතිවත්තිනං.{1}
Sinhala BJT22. යම් මහණ බමුණු කෙනෙක් (මෙකල) යම් වාදපථයක් ඇසුරු කළාහු ද, (එහෙයින් ම) බොහෝ බවට ගියාහු ද, එබඳු යම් කිසි මේ වාදපථයෝ වෙත් නම් ඔහු විශාරද වූ වාද ඉක්මවා සිටුනා තථාගතයන් වහන්සේ කරා පැමිණ බිඳෙත්.
Pali BJT23. යො ධම්මචක්කං අභිභුය්ය කෙවලී{2} පවත්තයී සබ්බභූතානුකම්පී, තං තාදිසං දෙවමනුස්සසෙට්ඨං සත්තා නමස්සන්ති භවස්ස පාරගුන්ති.
Sinhala BJT23. සර්‍වසත්ත්‍ව හිතානුකම්පී වූ සකලගුණ සමන්‍වාගත වූ වාදපථ මැඩගෙණ සිටුනා යමෙක් දම්සක් පැවැත්වී ද, භවාන්තයට ගිය දෙව්මිනිසුනට ශ්‍රේෂ්ඨ වූ එබඳු ඒ තථාගතයන් වහන්සේට සත්හු නමඳිත්.
Pali BJT4. 1. 1. 9.
Sinhala BJT4. 1. 1. 9.
Pali BJT[තණ්හාසුත්තං]
Sinhala BJT[තෘෂ්ණා සූත්‍රය]
Pali BJT9. චත්තාරො’මෙ භික්ඛවෙ, තණ්හුප්පාදා යත්ථ භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති. කතමෙ චත්තාරො?
Sinhala BJT9. මහණෙනි, යම් විෂයයෙක මහණහට තෘෂ්ණාව උපදිනී වේ ද, මේ ඒ තෘෂ්ණා උත්පාදයෝ සතරෙකි. කවර සතරහ යත්:
Pali BJTචීවරහෙතු වා භික්ඛවෙ, භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති. පිණ්ඩපාතහෙතු වා භික්ඛවෙ, භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති. සෙනාසනහෙතු වා භික්ඛවෙ, භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති. ඉතිභවාභවහෙතු වා භික්ඛවෙ, භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති.
Sinhala BJTමහණෙනි, චීවරහේතුයෙන් හෝ මහණහට තෘෂ්ණාව උපදී. මහණෙනි, පිණ්ඩපාතහේතුයෙන් හෝ මහණහට තෘෂ්ණාව උපදී. මහණෙනි, ශයනාසනහේතුයෙන් හෝ මහණහට තෘෂ්ණාව උපදී. මහණෙනි, ඉති භවාභවසඞ්ඛ්‍යාත (චීවරාදියෙහි) ප්‍රණීත - ප්‍රණීතතරාදි හේතුයෙන් හෝ තෘෂ්ණාව උපදී.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො තණ්හුප්පාදා යත්ර භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජතීති.
Sinhala BJTමහණෙනි, මහණහට යම් විෂයයෙක තෘෂ්ණාව උපදිනී වේ ද, මේ ඒ සතර තෘෂ්ණා උත්පාදයෝ ය.
Pali BJT24. තණ්හාදුතියො පුරිසො දීඝමද්ධාන සංසරං, ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තති.
Sinhala BJT24. තෘෂ්ණාව දෙවෙනි කොට ගත් (=තෘෂ්ණාව සහායිකාව කොට ඇති) පුරුෂ දීර්‍ඝකාලයක් සැරිසරණුයේ ඉත්‍ථම්භාව - අන්‍යථාභාවසඞ්ඛ්‍යාත (=ඉහලෝක-පරලෝක) සංසාරය පැන නො යයි.
Pali BJT25. එවමාදීනවං ඤත්වා තණ්හං දුක්ඛස්ස සම්භවං, වීතතණ්හො අනාදානො සතො භික්ඛු පරිබ්බජෙ’ති.
Sinhala BJT25. තෙල ආදීනවය දැන, දුඃඛයාගේ සම්භවය වූ තෘෂ්ණාව දැන, පැහූ තෘෂ්ණා ඇති, උපාදාන විසින් නො ගන්නා සතිසම්පජඤ්ඤයෙහි විපුලබවට පත් මහණ වෙසේ.