Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 201-300 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1. 9. 6.
Sinhala BJT1. 9. 6.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අප්පිච්ඡතා. අප්පිච්ඡතා භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී නම්, මහණෙනි, අල්පේච්ඡතා වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අල්පේච්ඡතා මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
Pali BJT1. 9. 7.
Sinhala BJT1. 9. 7.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අසන්තුට්ඨිතා. අසන්තුට්ඨිතා භික්ඛවෙ මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී නම්, මහණෙනි, අසන්තුෂ්ටිතා බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අසන්තුෂ්ටිතා මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
Pali BJT1. 9. 8.
Sinhala BJT1. 9. 8.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ සන්තුට්ඨිතා. සන්තුට්ඨිතා භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී නම්, මහණෙනි, සන්තුෂ්ටිතා බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සන්තුෂ්ටිතා මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
Pali BJT1. 9. 9.
Sinhala BJT1. 9. 9.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අයොනිසො මනසිකාරො. අයොනිසො මනසිකාරො භික්ඛවෙ මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, නුනුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුනුවණින් මෙනෙහි කිරීම මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 9. 10.
Sinhala BJT1. 9. 10.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ යොනිසො මනසිකාරො. යොනිසො මනසිකාරො භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 9. 11.
Sinhala BJT1. 9. 11.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අසම්පජඤ්ඤං. අසම්පජඤ්ඤං භික්ඛවෙ මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යම් ධර්‍මයෙක් මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, මෝහ සඞ්ඛයාත අසම්පජඤ්ඤය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අසම්පජඤ්ඤය මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 9. 12.
Sinhala BJT1. 9. 12.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ සම්පජඤ්ඤං. සම්පජඤ්ඤං භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යම් ධර්‍මයෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි සම්‍යක් ප්‍රඥාව වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යක් ප්‍රඥාව මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
Pali BJT1. 9. 13.
Sinhala BJT1. 9. 13.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යා එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ පාපමිත්තතා. පාපමිත්තතා භික්ඛවෙ මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී නම්, මහණෙනි, පාපමිත්‍රතාව බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, පාපමිත්‍රතාව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
Pali BJT1. 9. 14.
Sinhala BJT1. 9. 14.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යා එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ කල්යාණමිත්තතා. කල්යාණමිත්තතා භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී නම්, මහණෙනි, කල්‍යාණමිත්‍රතාව බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කල්‍යාණමිත්‍රතාව මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
Pali BJT1. 9. 15.
Sinhala BJT1. 9. 15.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අනුයොගො අකුසලානං ධම්මානං, අනනුයොගො කුසලානං ධම්මානං. අනුයොගො භික්ඛවෙ අකුසලානං ධම්මානං, අනනුයොගො කුසලානං ධම්මානං මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යම් ධර්‍මයෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, අකුශලධර්‍මයන්හි යෙදීම හා කුශලධර්‍මයන්හි නොයෙදීම බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අකුශලධර්‍මයන්හි යෙදීම හා කුශලධර්‍මයන්හි නොයෙදීම ද මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 9. 16.
Sinhala BJT1. 9. 16.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අනුයොගො කුසලානං ධම්මානං, අනනුයොගො අකුසලානං ධම්මානං. අනුයොගො භික්ඛවෙ කුසලානං ධම්මානං, අනනුයොගො අකුසලානං ධම්මානං මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යම් ධර්‍මයෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීම හා අකුශලධර්‍මයන්හි නොයෙදීම බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීම හා අකුශල ධර්‍මයන්හි නොයෙදීම ද මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJTවග්ගො නවමො.{*}
Sinhala BJTනවවන වග යි
Pali BJT10. අජ්ඣත්තිකවග්ගො
Sinhala BJT10. ආධ්‍යාත්මික වර්‍ගය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. 10. 1.
Sinhala BJT1. 10. 1.
Pali BJTඅජ්ඣත්තිකං භික්ඛවෙ අඞ්ගන්ති කරිත්වා න{1} අඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි, යං එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ පමාදො. පමාදො භික්ඛවෙ මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි (තමා තුළ වැටෙන හේතුය යි) මෙසේ කොට ගෙණ, (පරාඞ්ගසඞ්ඛ්‍යතබාහිර හේතු හැරපියා බණත් මැ) යමෙක් මෙසේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, ප්‍රමාදය බඳු අන් එක කාරණයකුදු නො දක්මි. මහණෙනි, ප්‍රමාදය මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 10. 2.
Sinhala BJT1. 10. 2.
Pali BJTඅජ්ඣත්තිකං භික්ඛවෙ අඞ්ගන්ති කරිත්වා න අඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි, යං එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අප්පමාදො. අප්පමාදො භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ, යමෙක් මෙසේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, අප්‍රමාදය බඳු අන් එක අඞ්ගයකුදු නො දක්මි. මහණෙනි, අප්‍රමාදය මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 10. 3.
Sinhala BJT1. 10. 3.
Pali BJTඅජ්ඣත්තිකං භික්ඛවෙ අඞ්ගන්ති කරිත්වා න අඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි, යං එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ කොසජ්ජං. කොසජ්ජං භික්ඛවෙ මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ, යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, කුසීත බව බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, කුසීතබව මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 10. 4.
Sinhala BJT1. 10. 4.
Pali BJTඅජ්ඣත්තිකං භික්ඛවෙ අඞ්ගන්ති කරිත්වා න අඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි යං එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ විරියාරම්භො. විරියාරම්භො භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ, යමෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, වීර්‍ය්‍යාරම්භය බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, වීර්‍ය්‍යාරම්භය මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේය.
Pali BJT1. 10. 5.
Sinhala BJT1. 10. 5.
Pali BJTඅජ්ඣත්තිකං භික්ඛවෙ අඞ්ගන්ති කරිත්වා න අඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි, යා{1} එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ මහිච්ඡතා. මහිච්ඡතා භික්ඛවෙ මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, මහේච්ඡතාව බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, මහේච්ඡතාව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
Pali BJT1. 10. 6.
Sinhala BJT1. 10. 6.
Pali BJTඅජ්ඣත්තිකං භික්ඛවෙ අඞ්ගන්ති කරිත්වා න අඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි, යා{1} එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අප්පිච්ඡතා. අප්පිච්ඡතා භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, අල්පේච්ඡතාව බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, අල්පේච්ඡතාව මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
Pali BJT1. 10. 7.
Sinhala BJT1. 10. 7.
Pali BJTඅජ්ඣත්තිකං භික්ඛවෙ අඞ්ගන්ති කරිත්වා න අඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි, යා{1} එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අසන්තුට්ඨිතා. අසන්තුට්ඨිතා භික්ඛවෙ මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, අසන්තුට්ඨිතාව බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, අසන්තුට්ඨිතාව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
Pali BJT1. 10. 8.
Sinhala BJT1. 10. 8.
Pali BJTඅජ්ඣත්තිකං භික්ඛවෙ අඞ්ගන්ති කරිත්වා න අඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි, යා{1} එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ සන්තුට්ඨිතා. සන්තුට්ඨිතා භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, සන්තුට්ඨිතාව බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, සන්තුට්ඨිතාව මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
Pali BJT1. 10. 9.
Sinhala BJT1. 10. 9.
Pali BJTඅජ්ඣත්තිකං භික්ඛවෙ අඞ්ගන්ති කරිත්වා න අඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි, යො{1} එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අයොනිසොමනසිකාරො. අයොනිසොමනසිකාරො භික්ඛවෙ මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, අයෝනිසෝ මනසිකාරය බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, අයෝනිසෝ මනසිකාරය මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 10. 10.
Sinhala BJT1. 10. 10.
Pali BJTඅජ්ඣත්තිකං භික්ඛවෙ අඞ්ගන්ති කරිත්වා න අඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි, යො{1} එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ යොනිසොමනසිකාරො. යොනිසොමනසිකාරො භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, යෝනිසෝ මනසිකාරය බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, යෝනිසෝ මනසිකාරය මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 10. 11.
Sinhala BJT1. 10. 11.
Pali BJTඅජ්ඣත්තිකං භික්ඛවෙ අඞ්ගන්ති කරිත්වා න අඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි, යං එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අසම්පජඤ්ඤං. අසම්පජඤ්ඤං භික්ඛවෙ මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, අසම්පජඤ්ඤය බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, අසම්පජඤ්ඤය මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 10. 12.
Sinhala BJT1. 10. 12.
Pali BJTඅජ්ඣත්තිකං භික්ඛවෙ අඞ්ගන්ති කරිත්වා න අඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි, යං එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ සම්පජඤ්ඤං. සම්පජඤ්ඤං භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, සම්පජඤ්ඤය බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, සම්පජඤ්ඤය මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 10. 13.
Sinhala BJT1. 10. 13.
Pali BJTබාහිරං භික්ඛවෙ අඞ්ගන්ති කරිත්වා න අඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි, යා{1} එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ පාපමිත්තතා. පාපමිත්තතා, භික්ඛවෙ, මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, ‘බාහිර අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, පාපමිත්‍රතාව බඳු අන් එක අඞ්ගයකුදු නො දක්මි. මහණෙනි, පාපමිත්‍රතාව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
Pali BJT1. 10. 14.
Sinhala BJT1. 10. 14.
Pali BJTබාහිරං භික්ඛවෙ අඞ්ගන්ති කරිත්වා න අඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි, යා{1} එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ කල්යාණමිත්තතා. කල්යාණමිත්තතා භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, ‘බාහිර අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, කල්‍යාණමිත්‍රතාව බඳු අන් එක අඞ්ගයකුදු නො දක්මි. මහණෙනි, කල්‍යාණමිත්‍රතාව මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
Pali BJT1. 10. 15.
Sinhala BJT1. 10. 15.
Pali BJTඅජ්ඣත්තිකං භික්ඛවෙ අඞ්ගන්ති කරිත්වා න අඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි, යො එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අනුයොගො අකුසලානං ධම්මානං, අනනුයොගො කුසලානං ධම්මානං. අනුයොගො භික්ඛවෙ අකුසලානං ධම්මානං, අනනුයොගො කුසලානං ධම්මානං මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, අකුශලධර්‍මයන්හි යෙදීම හා කුශලධර්‍මයන්හි නොයෙදීම බඳු අන් එක අඞ්ගයකුදු නො දක්මි. මහණෙනි, අකුශලධර්‍මයන්හි යෙදීම හා කුශලධර්‍මයන්හි නො යෙදීම මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 10. 16.
Sinhala BJT1. 10. 16.
Pali BJTඅජ්ඣත්තිකං භික්ඛවෙ අඞ්ගන්ති කරිත්වා න අඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි, යො එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අනුයොගො කුසලානං ධම්මානං, අනනුයොගො අකුසලානං ධම්මානං. අනුයොගො භික්ඛවෙ කුසලානං ධම්මානං, අනනුයොගො අකුසලානං ධම්මානං මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීම හා අකුශලධර්‍මයන්හි නොයෙදීම බඳු අන් එක අඞ්ගයකුදු මම නොදක්මි. මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීම හා අකුශලධර්‍මයන්හි නො යෙදීම. මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 10. 17.
Sinhala BJT1. 10. 17.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති, යථයිදං භික්ඛවෙ පමාදො. පමාදො භික්ඛවෙ සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ විනාශය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ද, මහණෙනි, ප්‍රමාදය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, ප්‍රමාදය සද්ධර්‍මයාගේ විනාශය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ය.
Pali BJT1. 10. 18.
Sinhala BJT1. 10. 18.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අප්පමාදො. අප්පමාදො භික්ඛවෙ සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ද, මහණෙනි, අප්‍රමාදය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අප්‍රමාදය සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නො වීම පිණිස පවත්නේ ය.
Pali BJT1. 10. 19.
Sinhala BJT1. 10. 19.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං{2} එවං සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති, යථයිදං භික්ඛවෙ කොසජ්ජං. කොසජ්ජං භික්ඛවෙ සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ද, මහණෙනි, කුසීත බව බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කුසීත බව සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ය.
Pali BJT1. 10. 20.
Sinhala BJT1. 10. 20.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති, යථයිදං භික්ඛවෙ විරියාරම්භො. විරියාරම්භො භික්ඛවෙ සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදන් නො වීම පිණිස පවත්නේ ද, මහණෙනි, වීර්‍ය්‍යාරම්භය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, වීර්‍ය්‍යාරම්භය සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ය.
Pali BJT1. 10. 21-30.
Sinhala BJT1. 10. 21-30.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යා එවං සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති, යථයිදං භික්ඛවෙ මහිච්ඡතා -පෙ- අප්පිච්ඡතා -පෙ- අසන්තුට්ඨිතා -පෙ- සන්තුට්ඨිතා -පෙ- අයොනිසොමනසිකාරො -පෙ- යොනිසොමනසිකාරො -පෙ- අසම්පජඤ්ඤං -පෙ- සම්පජඤ්ඤං -පෙ- පාපමිත්තතා -පෙ- කල්යාණමිත්තතා. කල්යාණමිත්තතා භික්ඛවෙ සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අන්තරධානාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මෙසේ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අතුරුදන් වීම පිණිස පවත්නී ද, මහණෙනි, මහේච්ඡතාව බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. … අල්පේච්ඡතාව … අසන්තුට්ඨිතාව … සන්තුට්ඨිතාව … අයෝනිසෝමනසිකාරය … යෝනිසෝමනසිකාරය … අසම්පජඤ්ඤය … සම්පජඤ්ඤය … පාපමිත්‍රයන් ඇති බව … කල්‍යාණමිත්‍රයන් ඇති බව. මහණෙනි, කල්‍යාණමිත්‍රතාව සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ය.
Pali BJT1. 10. 31.
Sinhala BJT1. 10. 31.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අනුයොගො අකුසලානං ධම්මානං, අනනුයොගො කුසලානං ධම්මානං. අනුයොගො භික්ඛවෙ අකුසලානං ධම්මානං, අනනුයොගො කුසලානං ධම්මානං සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ද, මහණෙනි, අකුශලධර්‍මයන්හි යෙදීම හා කුශලධර්‍මයන්හි නොයෙදීම බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අකුශලධර්‍මයන්හි යෙදීම හා කුශලධර්‍මයන්හි නො යෙදීම සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අතුරුදන්වීම පිණිස පවත්නේ ය.
Pali BJT1. 10. 32.
Sinhala BJT1. 10. 32.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අනුයොගො කුසලානං ධම්මානං, අනනුයොගො අකුසලානං ධම්මානං. අනුයොගො භික්ඛවෙ කුසලානං ධම්මානං, අනනුයොගො අකුසලානං ධම්මානං සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ද මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීම හා අකුශලධර්‍මයන්හි නොයෙදීම බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීම හා අකුශලධර්‍මයන්හි නො යෙදීම සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ය.
Pali BJTචතුක්කොටිකං නිට්ඨිතං.{1}
Sinhala BJTචතුකෝටිකය නිමි.
Pali BJT1. 10. 33.
Sinhala BJT1. 10. 33.
Pali BJTයෙ{2} තෙ භික්ඛවෙ භික්ඛූ අධම්මං ධම්මොති දීපෙන්ති, තෙ භික්ඛවෙ භික්ඛූ බහුජනාහිතාය{3} පටිපන්නා බහුජනාසුඛාය{4} බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං . බහුඤ්ච තෙ භික්ඛවෙ භික්ඛූ අපුඤ්ඤං පසවන්ති, තෙවිමං සද්ධම්මං අන්තරධාපෙන්තීති.
Sinhala BJTමහණෙනි, යම් ම මහණ කෙනෙක් (ඒ ඒ ධර්‍මප්‍රදේශ ඌනාධිකවශයෙන් ගෙණ) අධර්‍මය ධර්‍මය යි ප්‍රකාශ කෙරෙත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථය පිණිස දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ පව් ද උදා කෙරෙති. ඔහු ම මේ සද්ධර්‍මය අතුරුදන් කෙරෙත්.
Pali BJT1. 10. 34-42.
Sinhala BJT1. 10. 34-42.
Pali BJTයෙ තෙ භික්ඛවෙ භික්ඛූ ධම්මං අධම්මොති දීපෙන්ති, -පෙ- අවිනයං විනයොති දීපෙන්ති -පෙ- විනයං අවිනයොති දීපෙන්ති -පෙ- අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන්ති -පෙ- භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන්ති -පෙ- අනාචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති -පෙ- ආචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති -පෙ- අපඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති -පෙ- පඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති, තෙ භික්ඛවෙ භික්ඛූ බහුජනාහිතාය පටිපන්නා බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. බහුඤ්ච තෙ භික්ඛවෙ භික්ඛූ අපුඤ්ඤං පසවන්ති. තෙවිමං{1} සද්ධම්මං අන්තරධාපෙන්තීති.
Sinhala BJTමහණෙනි, යම් ම මහණ කෙනෙක් ධර්‍මය අධර්‍මය යි ප්‍රකාශ කෙරෙත් ද … අවිනය විනය යි ප්‍රකාශ කෙරෙත් ද … විනය අවිනය යි ප්‍රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලද්ද නොතෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් දෙසන ලදැයි තෙපලන ලදැයි ප්‍රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද්ද තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලදැයි නොතෙපලන ලදැයි ප්‍රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි ප්‍රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරණ ලදැයි ප්‍රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැයි ප්‍රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නොපණවන ලදැයි ප්‍රකාශ කෙරෙත් ද … මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථය පිණිස දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පව් ද උදා කෙරෙති. ඔහු ම මේ සද්ධර්‍මය අතුරුදන් කෙරෙත්.
Pali BJTවග්ගො දසමො.
Sinhala BJTදසවන වග යි.
Pali BJT11. අධම්මවග්ගො
Sinhala BJT11. අධම්ම වර්‍ගය
Pali BJT1. 11. 1.
Sinhala BJT1. 11. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTයෙ තෙ භික්ඛවෙ භික්ඛූ අධම්මං අධම්මොති දීපෙන්ති, තෙ භික්ඛවෙ භික්ඛූ බහුජනහිතාය පටිපන්නා බහුජනසුඛාය බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. බහුඤ්ච තෙ භික්ඛවෙ භික්ඛූ පුඤ්ඤං පසවන්ති. තෙවිමං{1} සද්ධම්මං ඨපෙන්තීති.
Sinhala BJTමහණෙනි, යම් ම මහණ කෙනෙක් අධර්‍මය අධර්‍මය යි දක්වත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උපදවත්. ඔහු ම මේ සද්ධර්‍මය තබත්.
Pali BJT1. 11. 2-10.
Sinhala BJT1. 11. 2-10.
Pali BJTයෙ තෙ භික්ඛවෙ භික්ඛූ ධම්මං ධම්මොති දීපෙන්ති -පෙ- අවිනයං අවිනයොති දීපෙන්ති -පෙ- විනයං විනයොති දීපෙන්ති -පෙ- අභාසිතං අලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන්ති -පෙ- භාසිතං ලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන්ති -පෙ- අනාචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති -පෙ- ආචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති -පෙ- අපඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති -පෙ- පඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති, තෙ භික්ඛවෙ භික්ඛූ බහුජනහිතාය පටිපන්නා බහුජනසුඛාය බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. බහුඤ්ච තෙ භික්ඛවෙ භික්ඛූ පුඤ්ඤං පසවන්ති. තෙවිමං{1} සද්ධම්මං ඨපෙන්තීති.
Sinhala BJTමහණෙනි, යම් ම මහණ කෙනෙක් ධර්‍මය ධර්‍මය යි (යථාවිධියෙන් ගෙණ) දක්වත් ද …, අවිනය අවිනය යි දක්වත් ද …, විනය විනය යි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලද්ද නොතෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලදැයි නොතෙපලන ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද්ද තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් දෙසන ලදැයි තෙපලන ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරණ ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැයි දක්වත් ද …, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උපදවත්. ඔහු ම මේ සද්ධර්‍මය තබත්.
Pali BJTවග්ගො එකාදසමො.{2}
Sinhala BJTඑකොළොස් වන වග යි.
Pali BJT12. අනාපත්තිවග්ගො
Sinhala BJT12. අනාපත්ති වර්‍ගය
Pali BJT1. 12. 1-10.
Sinhala BJT1. 12. 1-10.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTයෙ තෙ භික්ඛවෙ භික්ඛූ අනාපත්තිං ආපත්තීති දීපෙන්ති -පෙ- ආපත්තිං අනාපත්තීති දීපෙන්ති -පෙ- ලහුකං ආපත්තිං ගරුකා ආපත්තීති දීපෙන්ති -පෙ- ගරුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙන්ති -පෙ- දුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්ති -පෙ- අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්ති -පෙ- සාවසෙසං ආපත්තිං අනවසෙසා ආපත්තීති දීපෙන්ති -පෙ- අනවසෙසං ආපත්තිං සාවසෙසා ආපත්තීති දීපෙන්ති -පෙ- සප්පටිකම්මං ආපත්තිං අප්පටිකම්මා ආපත්තීති දීපෙන්ති -පෙ- අප්පටිකම්මං ආපත්තිං සප්පටිකම්මා ආපත්තීති දීපෙන්ති, තෙ භික්ඛවෙ භික්ඛූ බහුජනාහිතාය පටිපන්නා බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. බහුඤ්ච තෙ භික්ඛවෙ භික්ඛූ අපුඤ්ඤං පසවන්ති. තෙවිමං සද්ධම්මං අන්තරධාපෙන්තීති.
Sinhala BJTමහණෙනි, යම් ම මහණ කෙනෙක් නොඇවැත ඇවැතැයි දක්වත් ද …, ඇවැත නොඇවැතැයි දක්වත් ද …, ලුහු ඇවැත ගුරු ඇවැතැයි දක්වත් ද …, ගුරු ඇවැත ලුහු ඇවැතැයි දක්වත් ද …, දුළුල් ඇවැත නොදුළුල් ඇවැතැයි දක්වත් ද …, නොදුළුල් ඇවැත දුළුල් ඇවැතැයි දක්වත් ද …, සාවශෙෂ ඇවැත අනවශේෂ ඇවැතැයි දක්වත් ද …, අනවශේෂ ඇවැත සාවශෙෂ ඇවැතැයි දක්වත් ද …, පිළියම් සහිත ඇවැත පිළියම් රහිත ඇවැතැයි දක්වත් ද …, පිළියම් රහිත ඇවැත පිළියම් සහිත ඇවැතැයි දක්වත් ද …, මහණෙනි, ඒ මහණ හු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට නො වැඩ පිණිස දෙවිමිනිස්නට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පව් ද රැස් කෙරෙති. ඔහු ම මේ සස්න අතුරුදන් කෙරෙත්.
Pali BJT1. 12. 11-20.
Sinhala BJT1. 12. 11-20.
Pali BJTයෙ තෙ භික්ඛවෙ භික්ඛූ අනාපත්තිං අනාපත්තීති දීපෙන්ති -පෙ- ආපත්තිං ආපත්තීති දීපෙන්ති -පෙ- ලහුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙන්ති -පෙ- ගරුකං ආපත්තිං ගරුකා ආපත්තීති දීපෙන්ති -පෙ- [දුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්ති]{*} -පෙ- අදුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්ති -පෙ- සාවසෙසං ආපත්තිං සාවසෙසා ආපත්තීති දීපෙන්ති -පෙ- අනවසෙසං ආපත්තිං අනවසෙසා ආපත්තීති දීපෙන්ති -පෙ- සප්පටිකම්මං ආපත්තිං සප්පටිකම්මා ආපත්තීති දීපෙන්ති -පෙ- අප්පටිකම්මං ආපත්තිං අප්පටිකම්මා ආපත්තීති දීපෙන්ති, තෙ භික්ඛවෙ භික්ඛූ බහුජනහිතාය පටිපන්නා බහුජනසුඛාය බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. බහුඤ්ච තෙ භික්ඛවෙ භික්ඛූ පුඤ්ඤං පසවන්ති. තෙවිමං සද්ධම්මං ඨපෙන්තීති.
Sinhala BJTමහණෙනි, යම් ම මහණ කෙනෙක් නො ඇවැත නො ඇවැතැයි දක්වත් ද …, ඇවැත ඇවැතැයි දක්වත් ද …, ලුහු ඇවැත (පස්ඇවැත්කඳු) ලුහු ඇවැතැයි දක්වත් ද …, ගුරු ඇවැත (දෙඇවැත්කඳු) ගුරු ඇවැතැයි දක්වත් ද …, දුළුල් ඇවැත දුළුල් ඇවැතැයි දක්වත් ද …, නො දුළුල් ඇවැත නො දුළුල් ඇවැතැයි දක්වත් ද …, සාවශෙෂ ඇවැත සාවශෙෂ ඇවැතැයි දක්වත් ද …, අනවශේෂ ඇවැත (පරිජිඇවැත) අනවශේෂ ඇවැතැයි දක්වත් ද …, පිළියම් සහිත ඇවැත පිළියම් සහිත ඇවැතැයි දක්වත් ද …, පිළියම් රහිත ඇවැත (පරිජිඇවැත) පිළියම් රහිත ඇවැතැයි දක්වත් ද …, මහණෙනි, ඒ මහණ හු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උදා කෙරෙත්. ඔහු ම මේ ශාසනය තබත්.
Pali BJTවග්ගො ද්වාදසමො.
Sinhala BJTදොළොස්වන වග යි.
Pali BJT13. එකපුග්ගලවග්ගො
Sinhala BJT13. ඒකපුග්ගල වර්‍ගය
Pali BJT1. 13. 1.
Sinhala BJT1. 13. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඑකපුග්ගලො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය{1} අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමො එකපුග්ගලො: තථාගතො අරහං සම්මාසම්බුද්ධො. අයං ඛො භික්ඛවෙ එකපුග්ගලො ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති.
Sinhala BJTමහණෙනි, එක් පුද්ගලයෙක් ලොවැ (සත්ත්‍වලෝකයෙහි = මිනිස්ලොවැ) උපදනට සමත් වූයේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස (අර්‍හත්ත්‍වඵලක්‍ෂණයෙහි) උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයා වනාහි ලොවැ උපදනට සමත් වූයේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපන්නේ වෙයි.
Pali BJT1. 13. 2.
Sinhala BJT1. 13. 2.
Pali BJTඑකපුග්ගලස්ස භික්ඛවෙ පාතුභාවො දුල්ලභො ලොකස්මිං. කතමස්ස එකපුග්ගලස්ස: තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස. ඉමස්ස ඛො භික්ඛවෙ එකපුග්ගලස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, එක් පුද්ගලයක්හුගේ ඉපැද්ම ලොවැ දුර්‍ලභ ය. කවර එක් පුද්ගලයක්හුගේ ය? යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්වහන්සේගේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයාගේ ඉපැද්ම ලොවැ දුර්‍ලභ ය.
Pali BJT1. 13. 3.
Sinhala BJT1. 13. 3.
Pali BJTඑකපුග්ගලො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති අච්ඡරියමනුස්සො. කතමො එකපුග්ගලො: තථාගතො අරහං සම්මාසම්බුද්ධො. අයං ඛො භික්ඛවෙ එකපුග්ගලො ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති අච්ඡරියමනුස්සොති.
Sinhala BJTමහණෙනි, එක් පුද්ගලයෙක් ලොවැ උපදනට සමත් වූයේ ආශ්චර්‍ය්‍ය මනුෂ්‍ය ව උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයා වනාහි ලොවැ උපදනට සමත් වූයේ ආශ්චර්‍ය්‍ය මනුෂ්‍ය ව උපන්නේ වෙයි.
Pali BJT1. 13. 4.
Sinhala BJT1. 13. 4.