Pali BJT3. 7. 18.
Sinhala BJT3. 7. 18.
Pali BJT[තීහි භික්ඛවෙ, ධම්මෙහි -පෙ-]
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් ...
Pali BJTඅත්තනා ච අව්යාපන්නචිත්තො හොති, පරඤ්ච අව්යාපාදෙ සමාදපෙති, අව්යාපාදෙ ච සමනුඤ්ඤො හොති -පෙ- එවං සග්ගෙ.
Sinhala BJTතෙමේත් ව්‍යාපාදයට නොපත් සිතැතියේ වෙයි. මෙරමාත් අව්‍යාපාදයෙහි සමාදන් කරවයි. අව්‍යාපාදයෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
Pali BJT3. 7. 19.
Sinhala BJT3. 7. 19.
Pali BJT[තීහි භික්ඛවෙ, ධම්මෙහි -පෙ-]
Sinhala BJT[මහණෙනි, දහම් තුණෙකින් ...]
Pali BJTඅත්තනා ච මිච්ඡාදිට්ඨිකො හොති, පරඤ්ච මිච්ඡාදිට්ඨියා සමාදපෙති, මිච්ඡාදිට්ඨියා ච සමනුඤ්ඤො හොති -පෙ- එවං නිරයෙ.
Sinhala BJTතෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මිථ්‍යාදෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි ... එපරිදි නිරයෙහි සිටියේ වේ.
Pali BJT3. 7. 20.
Sinhala BJT3. 7. 20.
Pali BJT[තීහි භික්ඛවෙ, ධම්මෙහි -පෙ-]
Sinhala BJT[මහණෙනි, දහම් තුණෙකින් ...]
Pali BJTඅත්තනා ච සම්මාදිට්ඨිකො හොති, පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති, සම්මාදිට්ඨියා ච සමනුඤ්ඤො හොති.
Sinhala BJTතෙමේත් සම්‍යග්දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. සම්‍යග්දෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි සිටියේ වේ.
Pali BJTකම්මපථපෙය්යාලං නිට්ඨිතං.{*}
Sinhala BJTකම්මපථපෙය්‍යාලය නිමි.*
Pali BJT[8. රාග පෙය්යාලං]
Sinhala BJT[8. රාගපෙය්‍යාලය]
Pali BJT3. 8. 1-170.
Sinhala BJT3. 8. 1-170.
Pali BJTරාගස්ස භික්ඛවෙ, අභිඤ්ඤාය ඉමෙ තයො ධම්මා භාවෙතබ්බා.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිඥානය (වෙසෙසින් දැනීම) පිණිස දහම්හු තුන් දෙනෙක් වැඩිය යුත්තාහ.
Pali BJTකතමෙ තයො :
Sinhala BJTකවර තුන් දෙනෙක යත්:
Pali BJTසුඤ්ඤතො සමාධි, අනිමිත්තො සමාධි, අප්පණිහිතො සමාධි. රාගස්ස භික්ඛවෙ, අභිඤ්ඤාය ඉමෙ තයො ධම්මා භාවෙතබ්බා.
Sinhala BJTසුඤ්ඤතසමාධිය, අනිමිත්තසමාධිය, අප්පණිහිතසමාධි යි. මහණෙනි, රාගයාගේ වෙසෙසින් දැනීම පිණිස මේ තුන් දහම්හු වැඩිය යුත්තාහ.
Pali BJTරාගස්ස භික්ඛවෙ, පරිඤ්ඤාය - පරික්ඛයාය - පහාණාය - ඛයාය - වයාය - විරාගාය - නිරොධාය - චාගාය - පටිනිස්සග්ගාය - ඉමෙ තයො ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, රාගයාගේ පරිජානනය පිණිස - පරික්‍ෂය පිණිස - ප්‍රහාණය පිණිස - ක්‍ෂය පිණිස - ව්‍යය පිණිස - විරාගය පිණිස - නිරෝධය පිණිස - ත්‍යාගය පිණිස - දුරලීම පිණිස මේ තුන් දහම්හු වැඩිය යුත්තාහ.
Pali BJTදොසස්ස -පෙ- මොහස්ස - කොධස්ස - උපනාහස්ස - මක්ඛස්ස - පලාසස්ස - ඉස්සාය - මච්ඡරියස්ස - මායාය - සාඨෙය්යස්ස - ථම්භස්ස - සාරම්භස්ස - මානස්ස - අතිමානස්ස - මදස්ස - පමාදස්ස අභිඤ්ඤාය - පරිඤ්ඤාය - පරික්ඛයාය - පහාණාය - ඛයාය - වයාය - විරාගාය - නිරොධාය - චාගාය - පටිනිස්සග්ගාය ඉමෙ තයො ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යාවගේ .. මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ ... සාඨෙය්‍යයාගේ ... ථම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ ... ප්‍රමාදයාගේ අභිඥානය පිණිස - පරිඥානය පිණිස - පරික්‍ෂය පිණිස - ප්‍රහාණය පිණිස - ක්‍ෂය පිණිස - ව්‍යය පිණිස - විරාගය පිණිස - නිරෝධය පිණිස - ත්‍යාගය පිණිස - නෙරනා පිණිස මේ තුන් දහම්හු වැඩිය යුත්තාහ.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ කොට ගෙණ සතුටුවූහු.
Pali BJTරාගපෙය්යාලං නිට්ඨිතං.{*}
Sinhala BJTරාගපෙය්‍යාලය නිමි. {*}
Pali BJTතිකනිපාතො.
Sinhala BJTතිකනිපාත යි.
Pali BJTඑකකනිපාතො ච දුකනිපාතො ච තිකනිපාතො ච සමත්තා.
Sinhala BJTඒකකනිපාත - දුකනිපාත - තිකනිපතයෝ සමාප්තයහ.
Pali BJT[උද්දානගාථා]
Sinhala BJT[උද්දාන ගාථා]
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(මෙහි දසවන වර්‍ගයෙහි දෙතිස්වන සූත්‍රය අවසන් කොට හැම සූත්‍ර පැවසිනි. ‘පභස්සර’ සූත්‍රයෝ නම්: පස්වන සවන දෙවර්‍ගයෙහි අග හා මුල හා එන සතර සූත්‍රයෝ යි. ‘උප්පජ්ජන්ති’ යන ක්‍රියායෙන් ගත් සූත්‍රයෝ නම්: සවන වර්‍ගයෙහි අටවන සූත්‍රය පටන් කොට අටවන වර්‍ගයෙහි පස්වන සූත්‍රය අවසන් කොට එන සූත්‍රයෝ ය. අටවන වර්‍ගයෙහි සවන සූත්‍රය පටන් කොට පරිහාණි සූත්‍ර කියත් ම ව්‍යතිරේක වශයෙන් වුද්ධිසූත්‍රයෝත් සඞ්ගෘහීත වෙත්නු යි ඔහු එහි ම ඇතුළත් වෙති. ‘අනත්‍ථාය - අසම්මෝසාය’ යන පදභේදයෙන් ගත් සූත්‍ර රාශියෙහි දු ව්‍යතිරේකපක්‍ෂය ඇතුළත් වේ. “අනුයෝගො අකුසලානං, අනනුයොගො කුසලානං, අනුයෝගො කුසලානං, අනනුයොගො අකුසලානං” යන සතර කෙලෙක් පර්‍ය්‍යවසාන සූත්‍රයෙහි ඇත. එයින් ‘චතුකෝටි’ නමි. “නාහං භික්ඛවේ අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි” යනාදි මුල කියූ සූත්‍රජාතය හැම ම එනමින් ගත් සේ කීහ. එයින් ම ඒ චතුකෝටිය සර්‍වවර්‍තතී වෙයි.)
Pali BJT1. අඞ්ගුත්තරනිකායවරෙ සබ්බඤ්ඤුතා පරමවිසුද්ධදස්සිනා නිපාතා එකාදසයෙව පවත්තිතා උද්දානතො තෙ නිසාමෙථ ආදිතො:
Sinhala BJT1. ඤාණසමනුපස්සනායෙන් දක්නා හෙයින් පරමවිශුද්ධදර්ශී වූ සර්‍වඥයන් වහන්සේ විසින් පවර අඞ්ගුත්තරනිකායෙහි ලා නිපාතයෝ එකොළොස් දෙනෙක් වදාරණ ලදහ. ආදිය පටන් කොට ඒ නිපාතයන් උදාන ගාථා විසින් අසව:
Pali BJT[එකකනිපාතො]
Sinhala BJT[ඒකකනිපාතය]
Pali BJT2. ඉත්ථිරූපං පුරිසරූපං පඤ්චනීවරණානි ච, අකම්මනියාදිකං පඤ්ච පඤ්ච චිත්තං අදන්තතො.
Sinhala BJT2. ස්ත්‍රීරූපය, පුරුෂරූපය, පඤ්චනීවරණසූත්‍රයෝය, අකම්මනියාදී පසය, අදන්තවිශේෂණය පටන් කොට චිත්තසූත්‍ර පසය. (මෙහි ප්‍රථම වර්‍ගයෙහි ස්ත්‍රීරූපාදී පසෙක, පුරුෂරූපාදී පසෙක යි සූත්‍ර දසයෙක, ද්වීතීයවර්‍ගයෙහි පංචනීවරණයන්ගේ උත්පාද අනුත්පාද භේදයෙන් සූත්‍ර දසයෙක, තෘතීයවර්‍ගයෙහි චිත්තයාගේ අකර්‍මණ්‍යාදි භේදයෙන් සූත්‍ර දසයෙක, චතුර්‍ත්‍ථවර්‍ගයෙහි චිත්තයාගේ අදාන්තාදී භේදයෙන් සූත්‍ර දසයෙක යි මේ හැම සමසතලිසෙක.)
Pali BJT3. සූකං පදුට්ඨරහදා ඵන්දනො ලහු පභස්සරා,{1} ආසෙවභාවෙ මනසි{2} භාගීහි අපරෙ දුවෙ.
Sinhala BJT3-4. සූක, පදුට්ට, රහද, ඵන්‍දන, ලාහු පරිවත්ත, පභසසර සූත්‍රයෝ ය. ආසේවති - භාවෙති - මනසිකරෝති යී තුන් සූත්‍රයෝ ය. ‘අකුසලභාගියා - කුසලභාගියා’යි ‘භාගී’ භාගයෙන් ගත් අන්‍ය සූත්‍රයෝ දෙදෙනෙක. ‘උප්පජ්ජන්ති’ ‘පරිහානි’ ‘අතත්තාය - අසම්මෝසාය’ යන පද භේදයෙන් ගත් සූත්‍රයෝ ය. පර්‍ය්‍යවසානසූත්‍රයෙහි එන ‘අනුයෝගෝ අකුසලානං’ යනාදි තෙල සතර මුඛයෝ චතුකෝටි නම් වෙති. ඔහු ‘නාහන් භික්ඛවේ’ යනාදි හැම සූත්‍රයෙහි නම් විසින් වැටෙති.
Pali BJT4. උප්පජ්ජන්ති පරිහානි අනත්ථාය අසම්මුසා, චතුකොටි මුඛා එතෙ චතුරො සබ්බවත්ති තා.{3}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5. අධම්මා විනයා ච භාසිතා චිණ්ණපඤ්ඤත්තපඤ්චමං,{4} ආපත්ති ලහු දුට්ඨුල්ලං සාවසෙසක්කමෙන ච
Sinhala BJT5. ‘අධම්ම - අවිනය’ දෙපදයෙන් එන සූත්‍ර ය, ‘භාසිත - ආචිණ්න’ දෙපදයෙනුදු පස්වන ‘පඤ්ඤත්ත’ පදයෙනුදු ගත් සූත්‍රය. ‘ආපත්ති - ලහුක - දුට්ඨුල්ල’ යන පදභේදයෙන් ගත් සූත්‍ර ය. ‘සාවසේස - අනවසේස’ ආදී ක්‍රමයෙන් වෙන් කොට ගත් සූත්‍ර ය.
Pali BJT6. පුග්ගලො සාරිපුත්තො ච එතදග්ගෙ තථෙව ච, අට්ඨානඤ්ච නිබ්බිදා සම්බුධා{5} අනුප්පන්නං ච කුසලං.
Sinhala BJT6. (තෙළෙස්වන වර්‍ගයෙහි මුල) ‘පුග්ගල’ පදයෙන් යුත් සූත්‍ර ය. (එහි අග) ‘සාරිපුත්ත’ පදයෙන් ගත් සූත්‍ර ය. එසෙයින්ම ‘ඒතදග්ග’ පාළියෙහි එන සූත්‍ර ය. අට්ඨානපාළි සූත්‍ර ය, ‘නිබ්බිදාය - සම්බෝධාය’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘අනුප්පන්න - කුසල’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. (මෙහි ද අනුප්පන්න අකුසල’ ආදී ව්‍යතිරේක පක්‍ෂය ද ඇතුළති)
Pali BJT7. මිච්ඡාදිට්ඨි පවඩ්ඪති යෙනෙව සත්තා අසද්ධම්මවුට්ඨානෙන, පරෙ සාවජ්ජඛිපං දුරක්ඛාතෙ ච යඤ්ච සං.{1}
Sinhala BJT7. ‘මිච්ඡාදිට්ඨි පවඩ්ඪති’ ‘යේනේවං සත්තා’ ‘අසද්ධම්මා වුට්ඨාපෙත්‍වා’ යන ආදී පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘මහාසාවජ්ජං’ යන මෙහිදු ‘ඛිපං ඔඩෙඩය්‍ය’ යන මෙහිදු ‘සාවජ්ජං, ඛිපං’ යන දෙපෙදෙන් බිඳි සූත්‍ර දෙක ය. ‘දුරක්ඛාතෙ’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. එහිදු ‘යඤ්ච සමාදපේති’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය.
Pali BJT8. මනුස්සෙසු මජ්ඣිමෙ පඤ්ඤාචරියෙන{2} චක්ඛුනා, දස්සනසවණධාරණා උපපරික්ඛණ අත්ථමඤ්ඤාය දස.
Sinhala BJT8. ‘මනුස්සෙසු’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘මජ්ඣිමෙසු’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘පඤ්ඤාවන්තො’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘අරියෙන පඤ්ඤා - චක්ඛුනා’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. (තථාගතං දස්සනාය - ධම්මවිනයං සවණාය - ධම්මං ධාරෙන්ති යන) දර්‍ශන ශ්‍රවණධාරණයෙන් වෙන් කළ සූත්‍ර ය. (අත්‍ථං උපපරික්ඛන්ති - අත්‍ථමඤ්ඤාය මෙහි) උපපරික්ඛණයෙන් බිඳි සූත්‍රය හා ‘අත්‍ථමඤ්ඤාය’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය.
Pali BJT9. සංවෙගො සංවිග්ගෙන වවස්සග්ගාරම්මණෙන ච, අන්නෙන ච යෙ වුත්තා යෙ යෙ අත්ථරසෙන ච.
Sinhala BJT9. ‘සංවිජ්ජන්ති’ මෙහි සංවේගයෙන් බිඳි සූත්‍ර ය. ‘යේ සංවිග්ගා’ යන ‘සංවිග්ග’ පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘වවස්සග්ගාරම්මණං’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘යේ අන්නග්ගරසග්ගානං’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘යේ අත්‍ථරසස්ස’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය.
Pali BJT10. ද්වෙ මනුස්සා ද්වෙ දෙවා නිරයා{3} අපරෙ දුවෙ, ද්වෙ තිරච්ඡානයොනියා{4} ද්වෙ පෙත්ති විසයා ජම්බුදීපෙහි යොජෙයෙ.
Sinhala BJT10. ‘මනුස්සා චුතා’ මෙයින් බිඳි දෙසූත්‍ර ය. ‘දේවා චුතා’ මෙයින් බිඳි දෙසූත්‍ර ය. ‘නිරයා චුතා’ මෙයින් බිඳි දෙසූත්‍ර ය. ‘තිරච්ජානයෝනියා චුතා’ මෙයින් බිඳි දෙසූත්‍ර ය. ‘පෙත්තිවිසයා චුතා’ මෙයින් බිඳි දෙසූත්‍ර ය යන මේ සූත්‍ර “සෙය්‍යථාපි ... ජම්බුදීපෙ” ආදීන් වදාළ කරුණු හා සසඳා ගන්නේය.
Pali BJT11. අරඤ්ඤෙ පිණ්ඩපාතං පංසුකූලං ධම්මකථිකා විනයෙන ච, බාහුසච්චං ථාවරෙය්යං ආකප්පා ද්වෙ ච හොන්ති.
Sinhala BJT11. ‘අරඤ්ඤෙ - පිණ්ඩපාත - පාංසුකුල - ධම්මකථික - විනය’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘බාහුසච්චං ථාවරෙය්‍යං’ යි දෙ පෙදෙන් ගත් දෙසූත්‍ර ය, ‘ආකප්පසම්පන්න පරිවාරසම්පන්න’ යි ‘සම්පන්න’ යන පෙදෙන් බිඳි සූත්‍රයෝ දෙදෙනෙක.
Pali BJT12. පරිවාරජ්ඣානමෙත්තා උට්ඨානං{5} පධාන ඉන්ද්රිය බලබොජ්ඣඞ්ගා,{6} මග්ගො අභිභායතනං විමොක්ඛකසිණෙන ච.
Sinhala BJT12. ‘පරිවාර - ඣාන - මෙත්තා’ යන පෙදෙන් බිඳි සූත්‍රය. උත්‍ථානය වදාළ සූත්‍රය හා ‘ඡන්‍දසමාධිපධාන ... යි ‘පධාන’ පෙදෙන් බිඳි සූත්‍ර හා ඉන්‍ද්‍රිය - බල - බොජ්ඣඞ්ග සූත්‍ර ය . ‘සම්මාදිට්ඨිං භාවෙති’ ආදී මාර්‍ග සූත්‍ර ය. ‘තානි අභිභුය්‍ය’ ආදීන් වදාළ ‘අභිභායතන’ සූත්‍ර ය. විමොක්ඛසූත්‍ර හා ‘ආපොකසිණා’ දී කසිණ සූත්‍ර ය.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[මෙහි සූත්‍ර සඞ්ඛ්‍යා පෙළෙහි එන සෙයිනැ යි දතයුතු.]
Pali BJT13. ද්වෙ සඤ්ඤා අනුස්සතිට්ඨානා සහගතෙහි යොජයෙ, අච්ඡරා ච මහාසමුද්දො සංවෙගා පස්සද්ධි අකුසලං කුසලෙන ව.
Sinhala BJT13.සඤ්ඤාසූත්‍රයෝ දෙවර්‍ගයෙක. ‘බුද්ධානුස්සුති’ ආදී අනුස්සති සූත්‍ර ය. ‘මෙත්තාසහගතං’ යනාදි සහගත සූත්‍ර හා වර්‍ගය යොදා ගන්නේය. මේ අච්ඡරාසඞ්ඝාත වර්‍ගය යි. ‘මහාසමුදෝ - සංවේගාය - පස්සම්භති - අකුසලාධම්මා - කුසලා ධම්මා’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය.
Pali BJT14. අවිජ්ජාපඤ්ඤාප්පභෙදො ච පටිවෙධො පටිසම්භිදා චතුරො, ඵලෙන පටිලාභො වුද්ධි වෙපුල්ලතාය ච.
Sinhala BJT14-16. ‘අවිජ්ජා’ පෙදෙන් බිඳි සූත්‍ර ය, ‘පඤ්ඤාපභේදාය’ පෙදෙන් බිඳි සූත්‍ර ය, ‘අනේකධාතුපටිවේධො’ පෙදෙන් බිඳි සූත්‍ර ය, මේ සියුපිළිසැඹියා කී සූත්‍ර යි. ‘සෝතාපත්තිඵලසච්ඡිකිරියාය’ ආදීන් වදාළ ‘ඵල’ පදයෙන් බිඳි සූත්‍ර ය. ‘පඤ්ඤාපටිලාභාය’ ආදීන් වදාළ ‘පටිලාභ - වුද්ධි - වේපුල්ල - මහා - පුථු - විපුල - ගම්භීර - අසාමන්තා - භූරි - බාහුල්ල - සීඝ - ලහු - භාසු - ජවන - තික්ඛ - නිබ්බේධික’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘න පරිභුඤ්ජන්ති - අපරිභුත්තං - පරිහීනං - විරද්ධං - තෙ ..පමාදීංසු’ යන පෙදෙන් (අන්‍වය ව්‍යතිරේක වශයෙන්) බිඳි සූත්‍ර ය. ‘අනාසේවිතං - අභාවිතං - අබහුලීකතං’ යන පෙදෙන් (අන්‍වය ව්‍යතිරේක වශයෙන්) බිඳි සූත්‍ර ය. ‘අනභිඤ්ඤාතං - අපරිඤ්ඤාතං’ යන පෙදෙන් (අන්‍වය ව්‍යතිරේක වශයෙන්) බිඳි සූත්‍රය. නැවත “අසවච්ඡිකතං’ යන පෙදෙන් (අන්‍වය ව්‍යතිරේක වශයෙන්) බිඳි සූත්‍ර ය.
Pali BJT15. මහාපුථුවිපුලඤ්ච{7} ගම්භීරං අසාමන්තභූරි ච, බාහු සීඝ ලහු හාසු{8} ජවන තික්ඛනිබ්බෙධෙන ච.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT16. භුඤ්ජන්තිභුත්තපරිහීනං{9} විරද්ධම්පමාදුංසු තෙ, සෙවනභාවනබහුලා අභිඤ්ඤාපරිඤ්ඤාය ච අථො සච්ඡිකිරියායාති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTපඨමො නිපාතො.
Sinhala BJTප්‍රථමනිපාත යි
Pali BJT[දුකනිපාතො]
Sinhala BJT[දුකනිපාතය]
Pali BJT1. වජ්ජා පධානා ද්වෙ තපනීයා උපඤ්ඤාතෙන පඤ්චමං, සඤ්ඤොජනං ච කණ්හං ච සුක්කං චරියාවස්සුපනායිකෙන.
Sinhala BJT1. (ප්‍රථම වර්‍ගයෙහි) වජ්ජ, පධාන, තපනීය - අතපනීය දෙකය, පස්වන උපඤ්ඤාත, සඤ්ඤෝජනීය, කණ්හ, සුක්ක, චරියා, වස්සූපනායිකාය යි සූත්‍ර (දසයෙකි.)
Pali BJT2. බලබොජ්ඣඞ්ගඣානෙන දෙසනාධිකරණෙන ච, අධම්මචරියා අකතත්තා එකංසං අකුසලං අථොපි සම්මොසා.
Sinhala BJT2. (ද්වීතීයවර්‍ගයෙහි) බල, බොජ්ඣඞ්ග, ඣාන, ධම්මදේසනා, අධිකරණ, අධම්මචරියා, අකතත්තා, ඒකංස, අකුසල හා යළි සම්මෝස යි සූත්‍ර (දසයෙකි.)
Pali BJT3. බාලො ච දුට්ඨො භාසිතඤ්ච නෙය්යත්ථා පටිච්ඡන්නදිට්ඨි, සීලෙන අරඤ්ඤෙ විජ්ජාභාගියෙන ච.
Sinhala BJT3. (තෘතීය වර්‍ගයෙහි) බාල, දුට්ඨ, අභාසිත, හා නෙය්‍යත්‍ථ දෙකය, පටිච්ජන්නකම්මන්ත, මිච්ඡාදිට්ඨික, සම්මාදිට්ඨික, දුස්සීල, අරඤ්ඤ, විජ්ජාභාගියයයෙනැ යි සූත්‍ර (එකොළොසෙකි)
Pali BJT4. භූමිදුප්පතිකාරො කිංවාදී දක්ඛිණෙය්යා, සඤ්ඤොජනසමචිත්තා ච චරණකච්චානචොරා{*} පටිපත්තිව්යඤ්ජනෙන.
Sinhala BJT4. (චතුර්‍ත්‍ථවර්‍ගයෙහි) භූමි, දුප්පතිකාර, කිංවාදී, දක්ඛිණෙය්‍ය, සඤ්ඤෝජන - සමචිත්ත, චරණ, කච්චායන, වොර, පටිපත්ති, බ්‍යඤ්ජනපතිරුපක යෙනැ යි සූත්‍ර (දසයෙකි).
Pali BJT5. උත්තානා වග්ගා අග්ගවතී අරියකසටෙන පඤ්චමං, උක්කාවිත ආමිසගරූ විසමඅධම්මිකා අධම්මවාදිනී.
Sinhala BJT5. (පඤ්චමවර්‍ගයෙහි) උත්තාන, වග්ග, අග්ගවතී, අරිය, පරිසකසට, උක්කාවිත, ආමිසගරු, විසමපරිසා, අධම්මිකපරිසා, අධම්මවාදිනී ය යි සූත්‍ර (දසයෙකි.)
Pali BJT6. හිත අච්ඡෙරකං අනුතප්පථූපාරහා අථොපි ද්වෙ බුද්ධා, අසනි තයො කිංපුරිසවිජායනා අථ සන්නිවාසං සාරෙන චාති.
Sinhala BJT6. (ෂෂ්ඨවර්‍ගයෙහි) හිත, අච්ජරියමනුස්ස, ආනුතප්පා, ථුපාරහ - බුද්ධ සූත්‍ර දෙක හා අසනි තුණය, කිමපුරිස, විජායන සූත්‍ර හා සන්නිවාස සූත්‍රයෙක, වචී සංසාර දෙකය යි සූත්‍ර (තෙළෙසකි.)
Pali BJT7. ගිහී ච කාමඋපධී ආසවා සාමිසඤ්ච අරියෙන, කායපීතිසාතසමාධිනිවත්තී ච.
Sinhala BJT7. (සප්තමවර්‍ගයෙහි) ගිහීසුඛ, කාමසුඛ, උපධිසුඛ, සාසව, සාමිසසුඛ, අරියසුඛ, කායිකසුඛ, සප්පීතික, සාතසුඛ, සමාධිසුඛ, සප්පීතිකාරම්මණ, සාතාරම්මණ, රූපාරම්මණ යයි (පෙළෙහි සූත්‍ර තෙළෙසකි. මෙහි අග සූත්‍ර තුණ ගාථායෙහි නොදැක්වේ.)
Pali BJT8. නිදානඤ්ච හෙතු සඞ්ඛාරපච්චයරූපං, වෙදයිතං සඤ්ඤං විඤ්ඤාණං යඤ්ච සඞ්ඛතං.
Sinhala BJT8. (අෂ්ටමවර්‍ගයෙහි) සනිමිත්ත, සනිදාන, සහේතුක, සප්පච්චය, සරූප, සවේදනා, සසඤ්ඤා, සසඞ්ඛාර, සවිඤ්ඤාණ, සඞ්ඛතාරම්මණ, ය යි (පෙළෙහි සූත්‍ර දසයෙකි. සනිමිත්ත, ගාථායෙහි නැත.)
Pali BJT9. විමුත්ති පග්ගහො නාමං, විජ්ජාභවෙසු දිට්ඨි අහිරහිරි දොවස්සං, අථ ධාතුයො ආපත්තිවුට්ඨානකුසලතාති.
Sinhala BJT9. (නවමවර්‍ගයෙහි) චේතෝවිමුක්ති, පග්ගහ, නාමරූප, විජ්ජාවිමුත්ති, දිට්ඨි, අහිරික, හිරි, දෝවචස්ස, සෝවචස්ස, ධාතුකුසලතා, ආපත්තිවුට්ඨාන - කුසලතා යි සූත්‍ර (එකොළොසෙකි.)
Pali BJT10. බාලා ච කප්පියාපත්ති අධම්මවිනයෙන ච, කුක්කුච්චකප්පියාපත්ති අධම්මවිනයෙන ච.
Sinhala BJT10. මෙහි ‘බාල, කප්පිය, ආපත්ති, අධම්ම, විනය’ වචන පසින් බාලපණ්ඩිත සූත්‍ර දශය ද - ‘කුක්කුච්ච, කප්පිය, ආපත්ති, අධම්ම, විනය’ වචන පසින් ආසව සූත්‍ර දශය දැයි දශම වර්‍ගයෙහි පෙළෙහි එන සූත්‍ර විස්ස ගතයුතු.
Pali BJT11. පුග්ගලො සුභනිමිත්තඤ්ච චෙතො බාලෙන පඤ්චමං, පඤ්ඤා අසොක පුබ්බකාරී ච තිත්තො ගො දුත්තප්පපච්චයඤ්ච.{*}
Sinhala BJT11. (ඒකාදශවර්‍ගයෙහි) ආසා, පුග්ගල සතරය, රාගපච්චය, දෝසපච්චය, මිච්ඡාදිට්ඨිපච්චය, සම්මාදිට්ඨිපච්චය, ආපත්ති තුණය යි (පෙළෙහි එන සූත්‍ර දොළොසෙකි. ගාථාවෙන් මෙය නොකිය වේ.)
Pali BJT12. වුත්තගරුකා ලහුකා දුට්ඨුල්ලෙන චාති ආයාචානි චත්තාරො ඛතෙහි ච දූරපරිසචිත්තකො ච,{*}
Sinhala BJT12. (ද්වාදශවර්‍ගයෙහි) ආයාවමාන සතරය, ඛත සූත්‍ර සතය, සචිත්ත - වෝදාන, කෝධූපනාහ, කොධූපනාහවිනය යි සූත්‍ර (තුදුසෙකි.)
Pali BJT13. (විනයෙ) චාගං පරිච්චාගං භොගාසම්භොගා සංවිභාග සඞ්ගාහමනුග්ගාහං අථොපි අනුකම්පෙන චාති.
Sinhala BJT13. (ත්‍රයෝදශවර්‍ගයෙහි) දාන, යාග, චාග, පරිච්චාග, භොග, සම්භෝග, සංවිභාග, සඞ්ගහ, අනුග්ගහ, අනුකම්පා යි (පෙළෙහි සූත්‍ර දසයෙකි. දාන යාග දෙක ගාථායෙහි නැත.)
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[මෙහි සූත්‍ර සංඛ්‍යා පෙළෙහි එන සෙයිනැයි දත යුතු]
Pali BJT14. සන්ථාරා පටිසන්ථාරා එසනා පරියෙසනා, පරියෙට්ඨියො පූජා ආතිථෙය්යා වුද්ධිරතනසන්නිචයා.
Sinhala BJT14. (චතුර්‍දශවර්‍ගයෙහි) සත්‍ථාර, පටිසන්‍ථාර, ඒසනා, පරියේසනා, පරියෙට්ඨි, පූජා, ආතිථෙය්‍ය, ඉද්ධි, වුද්ධි, රතන, සන්නිචය, වේපුල්ලයි පෙළෙහි එන (සූත්‍ර දොළොසෙකි. ගාථායෙහි වෙපුල්ලසූත්‍රය නැත.)
Pali BJT15. සමාපත්ති අජ්ජවඤ්ච ඛන්තිසාකල්යං අවිහිංසා ද්වෙ, ඉන්ද්රිය පටිසංඛාන සතිසමථො විපත්තිසම්පදා, විසුද්ධිට්ඨි අසන්තුට්ඨ මුට්ඨසච්චෙන ච පඤ්ඤාසකො.
Sinhala BJT15. (පඤ්චදශවර්‍ගයෙහි) සමාපත්තිකුසලතා, අජ්ජව, ඛන්තීසොරච්ච, සාඛල්‍ය, අවිහිංසා, හා ඉන්‍ද්‍රිය සූත්‍ර දෙකය, පටිසඞ්ඛාන, සතිබල, සමථ, විපත්ති, සම්පදා, විසුද්ධි, දිට්ඨි දෙකය, අසන්තුට්ඨි, මුට්ඨසච්ච, සතිසම්පජඤ්ඤ (පෙළෙහි එන සූත්‍ර සතලොසෙකි.) යි. පණ්ණාසකය වේ. (සතිසම්පජඤ්ඤ සූත්‍රය ගාථායෙහි නැත.)
Pali BJT16. ද්වෙ ධම්මා සෙඛො තඤ්ච සාඨෙය්යං කුසලානවජ්ජං ච, සුඛුද්රයඤ්ච විපාකා සබ්යාපජ්ඣ දුක්ඛෙ ච තයො ච.
Sinhala BJT16-17. ධම්ම සූත්‍ර දෙකය, සේඛ්‍ය, සාඨෙය්‍යය, කුසලය, අනවජ්ජය, සුඛුද්‍රය, විපාකය, සබ්‍යාපජ්ඣය, පවාරණ, තජ්ජනීය, නියස්ස, සාරාණීය, උක්ඛේප, පරිවාස, මූලාය, පටිකස්සන, මානත්ත, අබ්භානය යි සූත්‍රසඞ්ග්‍රහය වේ. {*}
Pali BJT17. සම්මුඛා ද්වෙ පවාරණා තජ්ජනීයං නියස්සං ච, පබ්බාජනීයඤ්ච සාරණං උක්ඛෙපො පරිවාසො ච මූලමානත්ත අබ්භානන්ති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTදුතියො නිපාතො.
Sinhala BJTද්විතීය නිපාතයි.
Pali BJT[තිකනිපාතො]
Sinhala BJT[තිකනිපාතය]
Pali BJT1. භයලක්ඛණචින්තී{1} ච අච්චයං ච අයොනිසො, අකුසලං ච සාවජ්ජං සබ්යාපජ්ඣං ඛතං මලන්ති.
Sinhala BJT1. භය, ලක්ඛණ, චින්තී, අච්චය, අයෝනිසෝ, අකුසල, සාවජ්ජ, සබ්‍යාපජ්ඣ, ඛත, මල සූත්‍රය යි (ප්‍රථම - බාල වර්‍ගයෙහි) දසයෙක.
Pali BJT2. ඤාතකො සාරාණීයො{2} නිරාසො චක්කවත්ති පචෙතනො, අපණ්ණකත්තා දෙවො{3} ච දුවෙ පාපණිකෙන චාති.
Sinhala BJT2. ඤාතක, සාරාණීය, නිරාස, චක්කවත්ති, පචේතන, අපණ්ණක, අත්තව්‍යාබාධ, දේවලෝක, පාඨමපාපණික හා දුතීයපාපණික හා දෙකැ යි සූත්‍ර (ද්විතීය - රථකාර වර්‍ගයෙහි) දසයෙක.
Pali BJT3. කායසක්ඛි{4} ගිලානො සඞ්ඛාරො බහුකාරො අරූකො,{5} අසෙවිතබ්බො ජෙගුච්ඡි පුප්ඵභාණී{6} අන්ධො අවකුජ්ජෙන ච.
Sinhala BJT3. කායසක්ඛි, ගිලාන, සඞ්ඛාර, බහුකාර, අරුකූපම, අසේවිතබ්බ, ජිගුච්ඡිතබ්බ, පුප්ඵභාණී, අන්‍ධ, අවකුජ්ජ සූත්‍රය යි (තෘතීය - පුග්ගල වර්‍ගයෙහි) දසයෙක.
Pali BJT4. සබ්රහ්මකානන්දසාරිපුත්ත නිදානා ආළවකෙන ච, දෙවදූතා ද්වෙ ච රාජා සුඛුමාලාධිපතෙය්යො වග්ගො.
Sinhala BJT4. සබ්‍රහ්මක, ආනන්‍ද, සාරිපුත්ත, නිදාන, ආළවි, දේවදූත, චතුමහාරාජ, සක්කදේවරාජ, සුඛුමාල, ආධිපතෙය්‍ය, සූත්‍ර ය යි (චතුර්‍ත්‍ථ - දේවදූත වර්‍ගයෙහි) දසයෙක.
Pali BJT5. සම්මුඛිට්ඨානත්ථකථාපවත්තනී{7} පණ්ඩිතො සීලවා, සඞ්ඛතං පබ්බතාතප්පා මහාචොරෙන තෙ දස.
Sinhala BJT5. සම්මුඛීභාව, ඨාන, අත්‍ථවස, කථා, පණ්ඩිත, සීලවා, සඞ්ඛත, අසඞ්ඛත, පබ්බතරාජ, ආතප්ප, මහාචෝර යි සූත්‍ර (පංචම - චුල වර්‍ගයෙහි) එකොලොසකි.
Pali BJT6. ද්වෙ ජිණ්ණා{8} බ්රාහ්මණපරිබ්බාජකා නිබ්බානමහාසාලෙන ච, වච්ඡගොත්තං ච තිකණ්ණො ජාණුස්සොණි සංගාරවෙන ච.
Sinhala BJT6. ජිණ්ණබ්‍රාහ්මණ දෙකය, බ්‍රාහ්මණ, පරිබ්බාජක, නිබ්බාන, මහාසාල, වච්ඡගොත්ත, තිකණ්ණ, ජානුස්සෝණි, සඞ්ගාරව යි සූත්‍ර (ෂෂ්ඨ - බ්‍රාහ්මණ වර්‍ගයෙහි) දසයෙකි.
Pali BJT7. තිත්ථං භයඤ්ච වෙනාගො සරභො කෙසපුත්තියා, සාළ්හො ච කථාවත්ථුං අඤ්ඤතිත්ථියා, අකුසලමූලෙඋපොසථඞ්ගෙන තෙ දස.
Sinhala BJT7. තිත්‍ථායතන, භය, වේනාගපුර, සරභ, අකුසලමුල, කේසපුත්තිය, සාළ්හ, කථාවත්තු, අඤ්ඤතීත්‍ථිය, උපෝසථ යි සූත්‍ර (සප්තම - මහාවර්‍ගයෙහි) දසයෙක.
Pali BJT8. ඡන්නො ආජීවිකො සක්කො නිගණ්ඨසමාදපෙතබ්බෙන ච, භව චෙතනා - පත්ථනා උපට්ඨානගන්ධඅභිබූසහසමණා ච.
Sinhala BJT8. ඡන්න, ආජීවක, මහානාමසක්ක, නිගණ්ඨ, සමාදපේතබ්බ, භව, චේතනා - පත්‍ථනා, උපට්ඨාන, ගන්‍ධජාත, අභිභූ යි සූත්‍ර (අෂ්ටම - ආනන්‍ද වර්‍ගයෙහි) දසයෙක.
Pali BJT9. ගද්රෙභා සුඛෙත්තං වජ්ජිපුත්තං සෙඛෙන පඤ්චමා සා, යො ච සාවිකා පුත්තා ද්වෙ සික්ඛා අථ පඞ්කධානෙන ච.
Sinhala BJT9. සමණ, ගද්‍රභ, ඛෙත්ත, වජ්ජිපුත්ත, සේඛ, සික්ඛාපද තුණ, සික්ඛාත්තය දෙකය, පඞ්කධා සූත්‍ර යි (නවමශ්‍රමණ වර්‍ගයෙහි) එකොලොසෙක. (මෙහි සමණ සූත්‍රය 8 වන ගාථායෙහි සඳහන් වෙයි.)
Pali BJT10. අච්චායිකං ච පවිවෙකං අග්ගවතීපරිසා ච, තයො ආජානීයා වත්ථං අථ පොත්ථකං ලොණඵලෙන, පංසුධොවක සුවණ්ණකාරෙන ච පණ්ණාසකො.
Sinhala BJT10. අච්චායික, පවිවේක, සරද, අග්ගවතීපරිසා, ආජානීය තුණය, පොත්‍ථක, ලෝණඵල, පංසුධෝවක, සුවණ්ණකාර සූත්‍රයෙන් පණ්ණාසකය වේ. (දශම - ලෝණඵල වර්‍ගයෙහි) එකොළොසෙකි. (සරද, ගාථායෙහි නැත)
Pali BJT11. පුබ්බෙ පරියෙසනා අස්සාදො රුණ්ණොතිණ්ණං, අතිත්ති ද්වෙ ච පඤ්චමං කූටා ද්වෙ නිදානානි අපරෙ දුවෙ.
Sinhala BJT11. පුබ්බේවසම්බෝධ, පරියේසන, අස්සාද, සමණබ්‍රාහ්මණ, රුණ්ණ, අතිත්ති, අරක්ඛිත, බ්‍යාපන්න, නිදාන දෙක යි සූත්‍ර (ඒකාදශ - සම්බෝධි වර්‍ගයෙහි) දසයෙකි.
Pali BJT12. ආපායිකදුල්ලභො අප්පමෙය්යො ආනෙඤ්ජායතනෙන විපත්තියො, අපණ්ණකො කම්මන්තං ද්වෙ සොචෙය්යා මොනෙය්යෙන ච වග්ගො.
Sinhala BJT12. ආපායික, දුල්ලභ, අප්පමෙය්‍ය, ආනෙඤ්ජායතන, විපත්තිසම්පදා, අපණ්ණක, කම්මන්ත, සෝවෙය්‍ය දෙක ය, මෝනෙය්‍ය යි සූත්‍ර (ද්වාදශ ආපායික වර්‍ගයෙහි) දසයෙක.
Pali BJT13. කුසිනාරභණ්ඩනගොතමකා භරණ්ඩුහත්ථකෙන ච, කටුවියං ද්වෙ අනුරුද්ධා පටිච්ඡන්නපාසාණලෙඛෙන තෙදස.
Sinhala BJT13. කුසිනාර, භාණ්ඩන, ගෝතමචේතිය, භරණ්ඩුකාලාම, හත්‍ථක, කටුවිය, අනුරුද්ධ සූත්‍ර දෙකය, පටිච්ඡන්න, පාසානලේඛ, යි සූත්‍ර (ත්‍රයොදශ - භාරන්ඩු වර්‍ගයෙහි) දසයෙක.
Pali BJT14. යොධා පරිසාමිත්තො උප්පාදකෙසකම්බලසම්පදා වුද්ධිත්තයො, අස්සඛලුඞ්කා තයො ච මොරනිවපෙන වග්ගො.
Sinhala BJT14. යෝධාජීව, පරිසා, මිත්ත, උප්පාදා, කේසකම්බල, සම්පාදා, වුද්ධි, අස්සඛලුඞ්ඛ, අස්සසදස්ස, අස්සාජානීය, මොරනිවාප තුණ යි සූත්‍ර (චතුදර්‍ශ - යෝධාජීව වර්‍ගයෙහි) තෙලෙසක.
Pali BJT15. අකුසලා සාවජ්ජා විසමා අසුචිනා සහ ඛතො ච හොන්ති, චත්තාරි චන්දන සුඛ පුබ්බන්හෙන වග්ගොති.{*}
Sinhala BJT15. අකුසල, සාවජ්ජ, විසම, අසුචි, ඛත සතරය, වන්‍දනා, පුබ්බනහ යි සූත්‍ර (පඤ්චදශ - මංගල වර්‍ගයෙහි) දසයෙක.
Pali BJTතතියො නිපාතො.
Sinhala BJTතෘතීය නිපාත යි.
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසූත්‍රාන්තපිටකයෙහි
Pali BJTඅඞ්ගුත්තරනිකායො
Sinhala BJTඅඞ්ගුත්තරසඟිය
Pali BJTදුතියො භාගො
Sinhala BJTද්විතීය භාගය
Pali BJT4. චතුක්කනිපාතො
Sinhala BJT4. චතුක්ක නිපාතය
Pali BJT1. පඨමො පණ්ණාසකො
Sinhala BJT1. ප්‍රථම පණ්ණාසකය
Pali BJT1. භණ්ඩගාමවග්ගො
Sinhala BJT1. භණ්ඩගාම වර්‍ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT4. 1. 1. 1.
Sinhala BJT4. 1. 1. 1.
Pali BJT[අනුබුද්ධසුත්තං]
Sinhala BJT[අනුබුද්ධ සූත්‍රය]
Pali BJT1. එවං මෙ සුතං : එකං සමයං භගවා වජ්ජීසු විහරති භණ්ඩගාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච :
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැදෑරට භණ්ඩගාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, යී භික්‍ෂූන් ඇමැතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළ සේක.
Pali BJTචතුන්නං භික්ඛවෙ, ධම්මානං අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. කතමෙසං චතුන්නං?
Sinhala BJTමහණෙනි, ධර්‍ම සතර දෙනෙකු අවබෝධ නොකිරීමෙන් පසක් නොකිරීමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ දීර්‍ඝකාලයෙක් (භවයෙන් භවයට ගමන වශයෙන්) දුවන ලදී. (පුන පුනා යාම් ඊම් විසින්) ඇවිදුනා ලදී. නොහොත් මා හා තොපගේ සන්‍ධාවන සංසරණ වී. කවර සතර දෙනෙකුය යත්:
Pali BJTඅරියස්ස භික්ඛවෙ, සීලස්ස අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච.
Sinhala BJTමහණෙනි, නිර්දෝෂ ශීලය අවබෝධ නොකිරීමෙන් පසක් නො කිරීමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ දීර්‍ඝකාලයෙක් දුවන ලදී. ඇවිදුනා ලදී.
Pali BJTඅරියස්ස භික්ඛවෙ, සමාධිස්ස අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච.
Sinhala BJTමහණෙනි, නිර්දෝෂ සමාධිය අවබෝධ නොකිරීමෙන් පසක් නොකිරීමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ දීර්‍ඝකාලයෙක් දුවන ලදී ඇවිදුනා ලදී.
Pali BJTඅරියාය භික්ඛවෙ, පඤ්ඤාය අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච.
Sinhala BJTමහණෙනි, නිර්දෝෂ ප්‍රඥාව අවබෝධ නොකිරීමෙන් පසක් නොකිරීමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ දීර්‍ඝකාලයෙක් දුවන ලදී. ඇවිදුනා ලදී.
Pali BJTඅරියාය භික්ඛවෙ, විමුත්තියා අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච.
Sinhala BJTමහණෙනි, නිර්දෝෂ විමුක්තිය අවබෝධ නොකිරීමෙන් පසක් නොකිරීමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ දීර්‍ඝකාලයෙක් දුවන ලදී. ඇවිදුනා ලදී.
Pali BJTතයිදං භික්ඛවෙ, අරියං සීලං අනුබුද්ධං පටිවිද්ධං. අරියො සමාධි අනුබුද්ධො පටිවිද්ධො. අරියා පඤ්ඤා අනුබුද්ධා පටිවිද්ධා. අරියා විමුත්ති අනුබුද්ධා පටිවිද්ධා. උච්ඡින්නා භවතණ්හා ඛීණා භවනෙත්ති. නත්ථි’දානි පුනබ්භවොති.
Sinhala BJTමහණෙනි, ඒ ආර්‍ය්‍යශීලය අවබෝධ කරණ ලදී. පසක් කරණ ලදි. ඒ ආර්‍ය්‍යසමාධිය අවබෝධ කරණ ලදී. පසක් කරණ ලදි. ඒ ආර්‍ය්‍යප්‍රඥාව අවබෝධ කරණ ලදු. පසක් කරණ ලදු. ඒ ආර්‍ය්‍යවිමුක්තිය අවබෝධ කරණ ලදු. පසක් කරණ ලදු. භවතෘෂ්ණාව සිඳුනා ලදු. භවනෙත්තිය ක්‍ෂීණ වූවා. දැන් යලි පුනර්‍භවයෙක් නැති.
Pali BJTඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා වැලි ශාස්තෲන් වහන්සේ අන්‍ය වූ ද තෙල දෙගය වදාළ සේක:
Pali BJT1. සීලං සමාධි පඤ්ඤා ච විමුත්ති ච අනුත්තරා, අනුබුද්ධා ඉමෙ ධම්මා ගොතමෙන යසස්සිනා.
Sinhala BJT1. යශස්වී වූ ගෞතමයන් වහන්සේ විසින් (මාර්‍ගඵලසම්ප්‍රයුක්ත) ශීලය සමාධිය ප්‍රඥාය ලෝකෝත්තර වූ විමුක්තිඵලය යන මේ දහම්හු අවබෝධ කරන ලදහ.
Pali BJT2. ඉති බුද්ධො අභිඤ්ඤාය ධම්මමක්ඛාසි භික්ඛූනං, දුක්ඛස්සන්තකරො සත්ථා චක්ඛුමා පරිනිබ්බුතො’ති.
Sinhala BJT2. මෙසේ බුදුහු විශිෂ්ටඥානයෙන් දැන භික්‍ෂූන්ට දහම් දෙසූ සේක. වටදුක් කෙළවර කොට සිටි පසැස් ඇති ශාස්තෲන් වහන්සේ (කෙලෙස් පිරිනිවනින්) පිරිනිවි සේක.
Pali BJT4. 1. 1. 2.
Sinhala BJT4. 1. 1. 2.