Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2701-2800 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT10. සුනක්ඛත්තං සුමඞ්ගලං සුප්පභාතං සුවුට්ඨිතං,{3} සුඛණො සුමුහුත්තො ච සුයිට්ඨං බ්රහ්මචාරිසු.
Sinhala BJT10. බ්‍රම්සරුන් කෙරෙහි ඉෂ්ටදාන විසින් පිදීමෙක් වේ ද, ඒ ශුභ නක්‍ෂත්‍රයෙකි. ශුභ මඞ්ගලයෙකි. ශුභ අලුයමෙකි. ශුභ නැගී සිටුමෙකි. ශුභ ක්‍ෂණයෙකි. ශුභ මුහුර්‍තයෙකි.
Pali BJT11. පදක්ඛිණං කායකම්මං වාචාකම්මං පදක්ඛිණං, පදක්ඛිණං මනොකම්මං පණිධියො{4} පදක්ඛිණා, පදක්ඛිණානි කත්වාන ලභතත්ථෙ{5} පදක්ඛිණෙ.
Sinhala BJT11. එදින කළ කායකර්‍මය වෘද්ධික්‍රියායෙකි. වාක්කර්‍මය වෘද්ධික්‍රියායෙකි. මනඃකර්‍මය වෘද්ධික්‍රියායෙකි. ප්‍රණිධීහු වෘද්ධිදායකයෝ යි. වෘද්ධියුක්ත කායකර්‍මාදීන් කොට වෘද්ධි අර්‍ත්‍ථයන් ලබන්නේය.
Pali BJT12. තෙ අත්ථලද්ධා සුඛිතා විරූළ්හා බුද්ධසාසනෙ, අරොගා සුඛිතා හොථ සහ සබ්බෙහි ඤාතිභීති.
Sinhala BJT12. ලබධාර්‍ත්‍ථ ඇති, සුඛිත වූ බුද්ධශාසනයෙහි විරූඪ වූ ඒ තෙපි සියලු ඥාතීන් හා සමග නීරෝග වව, සුඛිත වව.
Pali BJTමඞ්ගලවග්ගො පඤ්චමො.{*}
Sinhala BJTපස්වන මඞ්ගල වර්‍ගය යි.
Pali BJTඛුද්දක පණ්ණාසකො සමත්තො තතියො.
Sinhala BJTතෙවන ඛුද්දකපණ්ණාසකය සමාප්තයි.
Pali BJT[6. පටිපදාවග්ගො]
Sinhala BJT[6. පටිපදා වර්‍ගය]
Pali BJT3. 6. 1.
Sinhala BJT3. 6. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. තිස්සො ඉමා භික්ඛවෙ, පටිපදා.
Sinhala BJT1. මහණෙනි, මේ පටිපදාවෝ තුන් දෙනෙකි.
Pali BJTකතමා තිස්සො?
Sinhala BJTකවර තුන් දෙනෙක යත්:
Pali BJTආගාළ්හා පටිපදා, නිජ්ඣාමා පටිපදා, මජ්ඣිමා පටිපදා.
Sinhala BJTආගාඪප්‍රතිපත්තිය, පරිතප්තප්‍රතිපත්තිය, මධ්‍යමප්‍රතිපත්ති යි.
Pali BJTකතමා ච භික්ඛවෙ, ආගාළ්හා පටිපදා?
Sinhala BJTමහණෙනි, ආගාඪප්‍රතිපත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො එවංවාදී හොති එවංදිට්ඨි : නත්ථි කාමෙසු දොසොති. සො කාමෙසු පාතව්යතං ආපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ, ආගාළ්හා පටිපදා.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැමෙක් මෙබඳු වාද ඇතියේ වෙයි, මෙබඳු දෘෂ්ටි ඇතියේ වෙයි: කාමයෙහි දෝෂයෙක් නැත කියායි. හේ කාමයෙහි පියයුතු බවට පැමිණෙයි. මහණෙනි, මේ ආගාඪප්‍රතිපත්තිය යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, නිජ්ඣාමා පටිපදා?
Sinhala BJTමහණෙනි, පරිතප්තප්‍රතිපත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො අචෙලකො හොති මුත්තාචාරො, හත්ථාපලෙඛනො න එහිභදන්තිකො, න තිට්ඨභදන්තිකො. න අභිහටං, න උද්දිස්සකටං, න නිමන්තනං සාදියති. සො න කුම්භිමුඛා පතිගණ්හාති, න කළොපිමුඛා{1} පතිගණ්හාති, න එළකමන්තරං, න දණ්ඩමන්තරං, න මුසලමන්තරං, න ද්වින්නං භුඤ්ජමානානං, න ගබ්භිනියා, න පායමානාය, න පුරිසන්තරගතාය, න සඞ්කිත්තීසු, න යත්ථ සා උපට්ඨිතො හොති, න යත්ථ මක්ඛිකා සණ්ඩසණ්ඩචාරිනී, න මච්ඡං, න මංසං, න සුරං, න මෙරයං, න ථුසොදකං පිවති. සො එකාගාරිකො වා හොති එකාලොපිකො වා.{2} ද්වාගාරිකො වා හොති ද්වාලොපිකො වා{2}. සත්තාගාරිකො වා හොති සත්තාලොපිකො වා. එකිස්සාපි දත්තියා යාපෙති, ද්වීහිපි දත්තීහි යාපෙති. තීහිපි දත්තීහි යාපෙති. සත්තහිපි දත්තීහි යාපෙති. එකාහිකම්පි ආහාරං ආහාරෙති, ද්වාහිකම්පි ආහාරං ආහාරෙති. සත්තාහිකම්පි ආහාරං ආහාරෙති. ඉති එවරූපං අද්ධමාසිකම්පි පරියායභත්තභොජනානුයොගමනුයුත්තො විහරති. සො සාකභක්ඛොපි හොති, සාමාකභක්ඛොපි හොති, නීවාරභක්ඛොපි හොති, දද්දුලභක්ඛොපි හොති, හටභක්ඛොපි හොති, කණ්හභක්ඛොපි හොති, ආචාමභක්ඛොපි හොති, පිඤ්ඤාකභක්ඛොපි හොති, තිණභක්ඛොපි හොති, ගොමයභක්ඛොපි හොති, වනමූලඵලාහාරො යාපෙති පවත්තඵලභොජී.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැමෙක් සෙලු වෙයි. හළ ආචාර ඇතියේ වෙයි. පිඬු නිමිකල අත ලෝනේ වෙයි. ‘එව, වහන්සැ’යි කීකල නො එනු සිල් කොට ඇතියේ වෙයි. ‘සිටුව, වහන්සැ’යි කීකල නොසිටිනු සිල් කොට ඇතියේ වෙයි, පළමු එළවූ අහර නොපිළිගන්නේ වෙයි, උදෙසා කළ අහර නොපිළිගන්නේ වෙයි, නිමන්ත්‍රණය නොපිළිගන්නේ වෙයි, හේ කළමුවෙන් උදුරා දුන් අහර නොපිළිගන්නේ වෙයි, සැළමුවින් උදුරා දුන් අහර නො පිළිගන්නේ වෙයි, එළිපත අතර කොට දෙන අහර නොපිළිගන්නේ වෙයි, දඬු අතර කොට දෙන අහර නොපිළිගන්නේ වෙයි, මොහොලා අතර කොට දෙන අහර නොපිළිගන්නේ වෙයි, වළඳන දෙදෙනකුන් අතුරින් එකකු නැගී දෙන අහර නොපිළිගන්නේ වෙයි, ගැබිලිය දෙන අහර නොපිළිගන්නේ වෙයි, කිරිපොවනිය දෙන අහර නොපිළිගන්නේ වෙයි, පුරුෂාන්තරගත ස්ත්‍රිය දෙන අහර නොපිළිගන්නේ වෙයි, සහල් ඈ සමාදන් කොට පිසූ කල දෙන අහර නොපිළිගන්නේ වෙයි, යම් තැනෙක බලු එළඹ සිටියේ නම් එහි දී දෙන අහර නොපිළිගන්නේ වෙයි, යම් තැනෙක මැසි මුළු ගළගළ ව හැසිරෙත් නම්, එහිදී දෙන අහර නොපිළිගන්නේ වෙයි, මත්ස්‍යමාංස නොපිළිගන්නේ වෙයි. රහ නොබොන්නේය, මෙර නොබොන්නේය. සෞවීරක නොබොන්නේය. හේ එක් ගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි, එක ආලෝපයෙකින් යැපෙන්නේ හෝ වෙයි, දෙගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි, ආලෝපදෙකෙකින් යැපෙන්නේ හෝ වෙයි, සත්ගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි, ආලෝප සතෙකින් යැපෙන්නේ හෝ වෙයි. එක් දැත්තෙකිනුදු (කුඩාතලියෙනුදු) යැපෙයි, දෙදැත්තෙකිනුදු යැපෙයි, තුන් දැත්තෙකිනුදු යැපෙයි, සත් දැත්තෙකිනුදු යැපෙයි. එක් දවසක් අතර කොට ගන්නා අහර ද වළඳයි, දෙදවසක් අතර කොට ගන්නා අහර ද වළඳයි, සත් දවසක් අතර කොට ගන්නා අහර ද වළඳයි. මෙසේ මෙබඳු අඩමසක් අතර කොට ගන්නා අහර දැ යි වාරභක්ත භෝජනයෙහි යෙදුනේ වෙසෙයි. හේ පලා වළඳන්නේ හෝ වෙයි, බඩහමු වළඳන්නේ හෝ වෙයි, හුරුහැල් වළඳන්නේ හෝ වෙයි, සම්කඩ වළඳන්නේ හෝ වෙයි, ලහටු වළඳන්නේ හෝ වෙයි, කුඩු වළඳන්නේ හෝ වෙයි, දමුබත් වළඳන්නේ හෝ වෙයි, පුනකු වළඳන්නේ හෝ වෙයි, ගොම වළඳන්නේ හෝ වෙයි. වැටුනු ඵල වළඳන සුලු වූයේ වනමුලඵල ආහාර කොට ඇතියේ ද යැපෙයි.
Pali BJTසො සාණානිපි ධාරෙති, මසාණානිපි ධාරෙති, ඡවදුස්සානිපි ධාරෙති, පංසුකූලානිපි ධාරෙති, තිරීටානිපි ධාරෙති, අජිනානිපි ධාරෙති, අජිනක්ඛිපම්පි ධාරෙති, කුසචීරම්පි ධාරෙති, වාකචීරම්පි ධාරෙති, ඵලකචීරම්පි ධාරෙති, කෙසකම්බලම්පි ධාරෙති, වාලකම්බලම්පි ධාරෙති, උලූකපක්ඛම්පි ධාරෙති, කෙසමස්සුලොචකොපි හොති කෙසමස්සුලොචනානුයොගමනුයුත්තො, උබ්භට්ඨකොපි හොති ආසනපටික්ඛිත්තො, උක්කුටිකොපි හොති උක්කුටිකප්පධානානුයොගමනුයුත්තො, කණ්ටකාපස්සයිකොපි හොති කණ්ටකාපස්සයෙ සෙය්යං කප්පෙති, සායතතියකම්පි උදකොරොහනානුයොගමනුයුත්තො විහරති.
Sinhala BJTහේ හණ වැහැරි ද දරයි, මුසුහණ වැහැරි ද දරයි, මිනියෙන් හළ පිළී ද දරයි, පහුල් පිළී ද දරයි, රුක්සුඹුලු ද දරයි, අඳුන්මුවසම් ද දරයි, ක්‍ෂුර සහිත අඳුන්දිවිසම් ද දරයි, කුසවැහැරි ද දරයි, වාකචීරය ද දරයි, ඵලකචීරය ද දරයි, කේශකම්බල ද දරයි, වාලකම්බල ද දරයි, මහමුහුණුපියාපතු දු දරයි. හිසකේ රවුලු උදුරා ලීමෙහි යෙදුනේ හිසකේ රවුලු උදුරනුයේ ද වෙයි. අසුන් පිළිකෙව් කෙළේ උඩුහුරුව සිටුනේ ද වෙයි. උලුළුයෙන් තවුස්වැර වැඩීමෙහි යෙදුනේ උලුළුයෙන් සිටුනේ ද වෙයි. කටු ඇතිරියෙහි හෝනේ ද වෙයි, කටුඇතිරියෙහි ශයනය ද කෙරෙයි. සවස තුන්වනු කොට තෙවරක් උදකාවගාහයෙහි යෙදුනේ වෙසෙයි.
Pali BJTඉති එවරූපං අනෙකවිහිතං කායස්ස ආතාපනපරිතාපනානුයොගමනුයුත්තො විහරති. අයං වුච්චති භික්ඛවෙ, නිජ්ඣාමා පටිපදා.
Sinhala BJTමෙසේ මෙබඳු අනේකප්‍රකාර වූ කය පිළිබඳ ආතාපන පරිතාපනානුයෝගයෙහි යෙදුනේ වෙසෙයි. මහණෙනි, මේ පරිතප්ත ප්‍රතිපත්තිය යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා?
Sinhala BJTමහණෙනි, මධ්‍යම ප්‍රතිපත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති : ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අයං වුච්චති භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ කෙලෙස් තවන වැර ඇතියේ නුවණින් දන්නේ, සිහි ඇතියේ, ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය දුරු කොට කයෙහි කය අනුව දක්නේ වෙසෙයි. කෙලෙස් තවන වැර ඇතියේ, නුවණින් දන්නේ, සිහි ඇතියේ, ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය දුරු කොට වේදනායෙහි ... චිත්තයෙහි ... ධර්‍මයෙහි ... ධර්‍මය අනුව දක්නා සුලු වූයේ වෙසෙයි. මහණෙනි, මේ මධ්‍යම ප්‍රතිපත්තිය යි කියනු ලැබේ.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, තිස්සො පටිපදාති.
Sinhala BJTමහණෙනි, මේ තුන් ප්‍රතිපත්තීහු යි.
Pali BJT3. 6. 2.
Sinhala BJT3. 6. 2.
Pali BJTතිස්සො ඉමා භික්ඛවෙ, පටිපදා.
Sinhala BJTමහණෙනි, මේ ප්‍රතිපත්තීහු තුන් දෙනෙකි.
Pali BJTකතමා තිස්සො?
Sinhala BJTකවර තුන් දෙනෙක යත්:
Pali BJTආගාළ්හා පටිපදා, නිජ්ඣාමා පටිපදා, මජ්ඣිමා පටිපදා.
Sinhala BJTආගාඪප්‍රතිපත්තිය, පරිතප්තප්‍රතිපත්තිය, මධ්‍යම ප්‍රතිපත්ති යි.
Pali BJTකතමා ච භික්ඛවෙ, ආගාළ්හා පටිපදා? (යථා පුබ්බෙ තථා ඤාතබ්බං.) -පෙ- අයං වුච්චති භික්ඛවෙ, ආගාළ්හා පටිපදා.
Sinhala BJTමහණෙනි, ආගාඪප්‍රතිපත්ති කවර? ... මහණෙනි, මේ ආගාඪප්‍රතිපත්තිය යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, නිජ්ඣාමා පටිපදා? (යථා පුබ්බෙ තථා ඤාතබ්බං.) -පෙ- අයං වුච්චති භික්ඛවෙ, නිජ්ඣාමා පටිපදා.
Sinhala BJTමහණෙනි, පරිතප්ත ප්‍රතිපත්ති කවර? ... මහණෙනි, මේ පරිතප්ත ප්‍රතිපත්තිය යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා?
Sinhala BJTමහණෙනි, මධ්‍යම ප්‍රතිපත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහාණාය -පෙ- අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාපාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. -පෙ-
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් පාපක අකුශලධර්‍මයන්ගේ නූපදීම පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණී. ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. උපන් පාපක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ... නූපන් කුශලධර්‍මයන්ගේ ඉපදීම පිණිස ... උපන් කුශලධර්‍මයන්ගේ ස්ථිතිය පිණිස අසම්මොෂය පිණිස, බොහෝ බව පිණිස, විපුලබව පිණිස, භාවනාවගේ පාරිපූරිය පිණිස, ඡන්‍දය උපදවයි ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සීත දැඩි කොට ගණී. ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. ...
Pali BJT3. 6. 3.
Sinhala BJT3. 6. 3.
Pali BJT[තිස්සො ඉමා භික්ඛවෙ, පටිපදා -පෙ-]
Sinhala BJTමහණෙනි, මේ ප්‍රතිපත්ති තුනෙකි ...
Pali BJTඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති -පෙ-
Sinhala BJTඡන්‍දය නිසා පැවැති සමාධි හා ප්‍රධානසංස්කාර යන මෙයින් සමන්‍වාගත ඍද්ධිපාදය වඩයි. ... වීර්‍ය්‍යසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධි හා ප්‍රධානසංස්කාර යන මෙයින් සමන්‍වාගත ඍද්ධිපාදය වඩයි. ...
Pali BJT3. 6. 4.
Sinhala BJT3. 6. 4.
Pali BJT[තිස්සො ඉමා භික්ඛවෙ, පටිපදා -පෙ-]
Sinhala BJTමහණෙනි, මේ ප්‍රතිපත්ති තුනෙකි ...
Pali BJTසද්ධින්ද්රියං භාවෙති, විරියින්ද්රියං භාවෙති, සතින්ද්රියං භාවෙති, සමාධින්ද්රියං භාවෙති, පඤ්ඤින්ද්රියං භාවෙති -පෙ-
Sinhala BJTශ්‍රද්ධේන්‍ද්‍රියය වඩයි. වීර්ය්‍යේන්‍ද්‍රියය වඩයි. ස්මෘතීන්‍ද්‍රියය වඩයි. සමාධින්‍ද්‍රියය වඩයි. ප්‍රඥේන්‍ද්‍රියය වඩයි. ...
Pali BJT3. 6. 5.
Sinhala BJT3. 6. 5.
Pali BJT[තිස්සො ඉමා භික්ඛවෙ, පටිපදා -පෙ-]
Sinhala BJTමහණෙනි, මේ ප්‍රතිපත්ති තුනෙකි ...
Pali BJTසද්ධාබලං භාවෙති, විරියබලං භාවෙති, සතිබලං භාවෙති, සමාධිබලං භාවෙති, පඤ්ඤාබලං භාවෙති -පෙ-
Sinhala BJTශ්‍රද්ධාබලය වඩයි. වීර්‍ය්‍යබලය වඩයි. ස්මෘතිබලය වඩයි. සමාධිබලය වඩයි. ප්‍රඥාබලය වඩයි. ...
Pali BJT3. 6. 6.
Sinhala BJT3. 6. 6.
Pali BJT[තිස්සො ඉමා භික්ඛවෙ, පටිපදා -පෙ-]
Sinhala BJTමහණෙනි, මේ ප්‍රතිපත්ති තුණෙකි ...
Pali BJTසතිසම්බොජ්ඣඞ්ගං භාවෙති, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති, විරියසම්බොජ්ඣඞ්ගං භාවෙති, පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති, සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ-
Sinhala BJTසතිසම්බොජ්ඣඞ්ගය වඩයි. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩයි. විරියසම්බොජ්ඣඞ්ගය වඩයි. පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි. සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. ...
Pali BJT3. 6. 7.
Sinhala BJT3. 6. 7.
Pali BJT[තිස්සො ඉමා භික්ඛවෙ, පටිපදා -පෙ-]
Sinhala BJTමහණෙනි, මේ ප්‍රතිපත්ති තුණෙකි ...
Pali BJTසම්මාදිට්ඨිං භාවෙති, සම්මාසඞ්කප්පං භාවෙති, සම්මාවාචං භාවෙති, සම්මාකම්මන්තං භාවෙති, සම්මාආජීවං භාවෙති, සම්මාවායාමං භාවෙති, සම්මාසතිං භාවෙති, සම්මාසමාධිං භාවෙති. අයං වුච්චති භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා.
Sinhala BJTසම්මාදිට්ඨිය වඩයි. සම්මාසඞ්කප්පය වඩයි. සම්මාවාචාව වඩයි. සම්මාකම්මන්තය වඩයි. සම්මාආජීවය වඩයි. සම්මාවායාමය වඩයි. සම්මාසතිය වඩයි. සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ මධ්‍යමප්‍රතිපත්තිය යි කියනු ලැබේ.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, තිස්සො පටිපදාති.
Sinhala BJTමහණෙනි, මේ තුන් ප්‍රතිපත්තීහුයි.
Pali BJT[පටිපදා] වග්ගො ඡට්ඨො.{*}
Sinhala BJTසවන [ප්‍රතිපදා] වර්‍ග යි.
Pali BJT[7. කම්මපථ පෙය්යාලං]
Sinhala BJT[7. කම්මපථ පෙය්‍යාලය]
Pali BJT3. 7. 1.
Sinhala BJT3. 7. 1.
Pali BJTතීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ.
Pali BJTකතමෙහි තීහි?
Sinhala BJTකවර දහම් තුණෙකින යත්:
Pali BJTඅත්තනා ච පාණාතිපාතී හොති, පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති, පාණාතිපාතෙ ච සමනුඤ්ඤො හොති.
Sinhala BJTතෙමේ ද පණිවා කරන්නේ වෙයි. පණිවායෙහි මෙරමා ද සමාදන් කරවයි. පණිවායෙහි අනුදන්නේ ද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම් සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ.
Pali BJT3. 7. 2.
Sinhala BJT3. 7. 2.
Pali BJTතීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ.
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි සිටියේ වේ.
Pali BJTකතමෙහි තීහි?
Sinhala BJTකවර දහම් තුණෙකින යත්:
Pali BJTඅත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති, පාණාතිපාතා වෙරමණියා ච සමනුඤ්ඤො හොති -පෙ- එවං සග්ගෙ.
Sinhala BJTතෙමේ ද පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමා ද පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි. පණිවායෙහි දුරු වීමෙහි අනුදන්නේ ද වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
Pali BJT3. 7. 3.
Sinhala BJT3. 7. 3.
Pali BJT[තීහි භික්ඛවෙ, ධම්මෙහි -පෙ-]
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් ...
Pali BJTඅත්තනා ච අදින්නාදායී හොති, පරඤ්ච අදින්නාදානෙ සමාදපෙති, අදින්නාදානෙ ච සමනුඤ්ඤො හොති -පෙ- එවං නිරයෙ.
Sinhala BJTතෙමේත් අයිනාදන් ගන්නේ වෙයි. මෙරමාත් අයිනාදනෙහි සමාදන් කරවයි. අයිනාදනෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
Pali BJT3. 7. 4.
Sinhala BJT3. 7. 4.
Pali BJT[තීහි භික්ඛවෙ, ධම්මෙහි -පෙ-]
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් ...
Pali BJTඅත්තනා ච අදින්නාදානා පටිවිරතො හොති, පරඤ්ච අදින්නාදානා වෙරමණියා සමාදපෙති, අදින්නාදානා වෙරමණියා ච සමනුඤ්ඤො හොති -පෙ- එවං සග්ගෙ.
Sinhala BJTතෙමේත් අයිනාදනින් දුරු වූයේ වෙයි. මෙරමා ද අයිනාදනින් දුරු වීමෙහි සමාදන් කරවයි. අයිනාදනින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
Pali BJT3. 7. 5.
Sinhala BJT3. 7. 5.
Pali BJT[තීහි භික්ඛවෙ, ධම්මෙහි -පෙ-]
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් ...
Pali BJTඅත්තනා ච කාමෙසු මිච්ඡාචාරී හොති, පරඤ්ච කාමෙසු මිච්ඡාචාරෙ සමාදපෙති, කාමෙසු මිච්ඡාචාරෙ සමනුඤ්ඤො හොති -පෙ- එවං නිරයෙ.
Sinhala BJTතෙමේත් කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
Pali BJT3. 7. 6.
Sinhala BJT3. 7. 6.
Pali BJT[තීහි භික්ඛවෙ, ධම්මෙහි -පෙ-]
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් ...
Pali BJTඅත්තනා ච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා සමාදපෙති, කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා ච සමනුඤ්ඤො හොති -පෙ- එවං සග්ගෙ.
Sinhala BJTතෙමේත් කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරින් දුරුවීමෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
Pali BJT3. 7. 7.
Sinhala BJT3. 7. 7.
Pali BJT[තීහි භික්ඛවෙ, ධම්මෙහි -පෙ-]
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් ...
Pali BJTඅත්තනා ච මුසාවාදී හොති, පරඤ්ච මුසාවාදෙ සමාදපෙති, මුසාවාදෙ ච සමනුඤ්ඤො හොති -පෙ- එවං නිරයෙ.
Sinhala BJTතෙමේත් මුසවා බණන්නේ වෙයි. මෙරමාත් මුසවා බිණීමෙහි සමාදන් කරවයි. මුසවායෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
Pali BJT3. 7. 8.
Sinhala BJT3. 7. 8.
Pali BJT[තීහි භික්ඛවෙ, ධම්මෙහි -පෙ-]
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් ...
Pali BJTඅත්තනා ච මුසාවාදා පටිවිරතො හොති, පරඤ්ච මුසාවාදා වෙරමණියා සමාදපෙති, මුසාවාදා වෙරමණියා ච සමනුඤ්ඤො හොති -පෙ- එවං සග්ගෙ.
Sinhala BJTතෙමේත් මුසවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් මුසවායෙන් දුරුවීමෙහි සමාදන් කරවයි. මුසවායෙන් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
Pali BJT3. 7. 9.
Sinhala BJT3. 7. 9.
Pali BJT[තීහි භික්ඛවෙ, ධම්මෙහි -පෙ-]
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් ...
Pali BJTඅත්තනා ච පිසුනාවාචො හොති, පරඤ්ච පිසුනාය වාචාය සමාදපෙති, පිසුනාය වාචාය ච සමනුඤ්ඤො හොති -පෙ- එවං නිරයෙ.
Sinhala BJTතෙමේත් පිසුණුබස් ඇතියේ වෙයි. මෙරමාත් පිසුණුබසෙහි සමාදන් කරවයි. පිසුණුබසෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
Pali BJT3. 7. 10.
Sinhala BJT3. 7. 10.
Pali BJT[තීහි භික්ඛවෙ, ධම්මෙහි -පෙ-]
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් ...
Pali BJTඅත්තනා ච පිසුනාය වාචාය පටිවිරතො හොති, පරඤ්ච පිසුනාය වාචාය වෙරමණියා සමාදපෙති, පිසුනාය වාචාය වෙරමණියා ච සමනුඤ්ඤො හොති -පෙ- එවං සග්ගෙ.
Sinhala BJTතෙමේත් පිසුණුබසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පිසුණුබසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පිසුණුබසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
Pali BJT3. 7. 11.
Sinhala BJT3. 7. 11.
Pali BJT[තීහි භික්ඛවෙ, ධම්මෙහි -පෙ-]
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් ...
Pali BJTඅත්තනා ච ඵරුසාවාචො හොති, පරඤ්ච ඵරුසාය වාචාය සමාදපෙති, ඵරුසාය වාචාය ච සමනුඤ්ඤො හොති -පෙ- එවං නිරයෙ.
Sinhala BJTතෙමේත් පරොස්බස් ඇතියේ වෙයි. මෙරමාත් පරොස්බස්හි සමාදන් කරවයි. පරොස්බසෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
Pali BJT3. 7. 12.
Sinhala BJT3. 7. 12.
Pali BJT[තීහි භික්ඛවෙ, ධම්මෙහි -පෙ-]
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් ...
Pali BJTඅත්තනා ච ඵරුසාය වාචාය පටිවිරතො හොති, පරඤ්ච ඵරුසාය වාචාය වෙරමණියා සමාදපෙති, ඵරුසාය වාචාය වෙරමණියා ච සමනුඤ්ඤො හොති -පෙ- එවං සග්ගෙ.
Sinhala BJTතෙමේත් පරොස්බසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පරොස්බසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පරොස්බසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
Pali BJT3. 7. 13.
Sinhala BJT3. 7. 13.
Pali BJT[තීහි භික්ඛවෙ, ධම්මෙහි -පෙ-]
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් ...
Pali BJTඅත්තනා ච සම්ඵප්පලාපී හොති, පරඤ්ච සම්ඵප්පලාපෙ සමාදපෙති, සම්ඵප්පලාපෙ ච සමනුඤ්ඤො හොති -පෙ- එවං නිරයෙ.
Sinhala BJTතෙමේත් සම්ඵප්පලාප ඇතියේ වෙයි. මෙරමාත් සම්ඵප්පලාපයෙහි සමාදන් කරවයි. සම්ඵප්පලාපයෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
Pali BJT3. 7. 14.
Sinhala BJT3. 7. 14.
Pali BJT[තීහි භික්ඛවෙ, ධම්මෙහි -පෙ-]
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් ...
Pali BJTඅත්තනා ච සම්ඵප්පලාපා පටිවිරතො හොති, පරඤ්ච සම්ඵප්පලාපා වෙරමණියා සමාදපෙති, සම්ඵප්පලාපා වෙරමණියා ච සමනුඤ්ඤො හොති -පෙ- එවං සග්ගෙ.
Sinhala BJTතෙමේත් සම්ඵප්පලාපයෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් සම්ඵප්පලාපයෙන් දුරුවීමෙහි සමාදන් කරවයි. සම්ඵප්පලාපයෙන් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
Pali BJT3. 7. 15.
Sinhala BJT3. 7. 15.
Pali BJT[තීහි භික්ඛවෙ, ධම්මෙහි -පෙ-]
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් ...
Pali BJTඅත්තනා ච අභිජ්ඣාලු හොති, පරඤ්ච අභිජ්ඣාය සමාදපෙති, අභිජ්ඣාය ච සමනුඤ්ඤො හොති -පෙ- එවං නිරයෙ.
Sinhala BJTතෙමේත් අභිධ්‍යාබහුල වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අභිධ්‍යායෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
Pali BJT3. 7. 16.
Sinhala BJT3. 7. 16.
Pali BJT[තීහි භික්ඛවෙ, ධම්මෙහි -පෙ-]
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් ...
Pali BJTඅත්තනා ච අනභිජ්ඣාලු හොති, පරඤ්ච අනභිජ්ඣාය සමාදපෙති, අනභිජ්ඣාය ච සමනුඤ්ඤො හොති -පෙ- එවං සග්ගෙ.
Sinhala BJTතෙමේත් අභිධ්‍යාබහුල නොවෙයි. මෙරමාත් අනභිධ්‍යාවෙහි සමාදන් කරවයි. අනභිධ්‍යායෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
Pali BJT3. 7. 17.
Sinhala BJT3. 7. 17.
Pali BJT[තීහි භික්ඛවෙ, ධම්මෙහි -පෙ-]
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් ...
Pali BJTඅත්තනා ච ව්යාපන්නචිත්තො හොති, පරඤ්ච ව්යාපාදෙ සමාදපෙති, ව්යාපාදෙ ච සමනුඤ්ඤො හොති -පෙ- එවං නිරයෙ.
Sinhala BJTතෙමේත් ව්‍යාපාදයට පත් සිතැතියේ වෙයි. මෙරමාත් ව්‍යාපාදයෙහි සමාදන් කරවයි. ව්‍යාපාදයෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.