Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2601-2700 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පුරිසසදස්සො ජවසම්පන්නො හොති, න වණ්ණසම්පන්නො, න ආරොහපරිණාහසම්පන්නො?
Sinhala BJTමහණෙනි, කෙසේ පුරුෂසදශ්ව තෙමේ ජවසම්පන්න වේ ද, වර්‍ණසම්පන්න නො වේ ද ආරෝහපරිණාහසම්පන්න නො වේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනියෙ පඤ්හං පුට්ඨො සංසාදෙති, නො විස්සජ්ජෙති. ඉදමස්ස න වණ්ණස්මිං වදාමි. න ඛො පන ලාභී හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස න ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො භික්ඛවෙ, පුරිසසදස්සො ජවසම්පන්නො හොති, න වණ්ණසම්පන්නො, න ආරොහපරිණාහසම්පන්නො.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇත්තේ ඒ බඹලොව ම පිරිනිවන් පානේ වෙයි. මේ ඔහුගේ ඥානජවය යි කියමි. අභිධර්‍මයෙහි ලා අභිවිනයෙහි ලා ප්‍රශ්න නගන ලදුයේ අවසාදනය කෙරෙයි. නො විසඳයි මේ ඔහුගේ වර්‍ණය නො වෙතියි කියමි. චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාර නො ලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහසම්පත් නො වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරුෂසදශ්වයා ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුරිසසදස්සො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච, න ආරොහපරිණාහසම්පන්නො?
Sinhala BJTමහණෙනි, කෙසේ පුරුෂසදශ්වයා ජවසම්පන්නත් වේ ද, වර්‍ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්න නො වේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්ති ධම්මො තස්මා ලොකා. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති, නො සංසාදෙති. ඉදමස්ස වණ්ණස්මිං වදාමි. න ඛො පන ලාභී හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස න ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො භික්ඛවෙ, පුරිසසදස්සො ජවසම්පන්නො ච හොති. වණ්ණසම්පන්නො, න ආරොහපරිණාහසම්පන්නො.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇතියේ ඒ බඹලොව ම පිරිනිවන් පානේ වෙයි. මේ ඔහුගේ ඥානජවය වෙති යි කියමි. අභිධර්‍මයෙහි ලා අභිවිනයෙහි ලා ප්‍රශ්න නගන ලදුයේ විසඳයි. නො ගළයි. මේ ඔහුගේ වර්‍ණසම්පත් වෙති යි කියමි. චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාර නොලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහ සම්පත් නො වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරුෂසදශ්වයා ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පුරිසසදස්සො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච?
Sinhala BJTමහණෙනි, කෙසේ පුරුෂසදශ්වයා ජවසම්පන්නත් වේ ද වර්‍ණසම්පන්නත් වේ ද ආරෝහපරිණාහසම්පන්නත් වේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං -පෙ- අනාවත්තිධම්මො තස්මා ලොකා. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති, නො සංසාදෙති. ඉදමස්ස වණ්ණස්මිං වදාමි. ලාභී ඛො පන හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො භික්ඛවෙ, පුරිසසදස්සො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇතියේ ඒ බඹලොව ම පිරිනිවන් පානේ වෙයි. මේ ඔහුගේ ඥානජවය වෙති යි කියමි. අභිධර්‍මයෙහි ලා අභිවිනයෙහි ලා ප්‍රශ්න නගන ලදුයේ විසඳයි. නො ගළයි. මේ ඔහුගේ වර්‍ණසම්පත් වෙති යි කියමි. චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාර ලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහසම්පත් වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරුෂසදශ්වයා ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, තයො පුරිසසදස්සාති.
Sinhala BJTමහණෙනි, මේ තුන් පුරුෂසදශ්වයෝ යි.
Pali BJT3. 3. 4. 10.
Sinhala BJT3. 3. 4. 10.
Pali BJT40. තයො ච භික්ඛවෙ, භද්රෙ අස්සාජානීයෙ දෙසෙස්සාමි තයො ච භද්රෙ පුරිසාජානීයෙ. තං සුණාථ -පෙ-
Sinhala BJT40. මහණෙනි, භද්‍ර අශ්වාජානීයයන් තුන් දෙනා දෙසමි. භද්‍ර පුරුෂාජානීයයන් තුන් දෙනා ද දෙසමි. එය අසව ...
Pali BJTකතමෙ ච භික්ඛවෙ, තයො භද්රා අස්සාජානීයා?
Sinhala BJTමහණෙනි, භද්‍ර අශ්වාජානීයයෝ තුන් දෙනා කවරහ යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො භද්රො අස්සාජානීයො ජවසම්පන්නො ච හොති, (-පෙ-{*} න ආරොහපරිණාහසම්පන්නො හොති -පෙ-{*} ඉධ භික්ඛවෙ එකච්චො භද්රො අස්සාජානීයො ජවසම්පන්නො ච හොති.) වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච. ඉමෙ ඛො, භික්ඛවෙ තයො භද්රා අස්සාජානීයා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් ජවසම්පන්න වෙයි. ...{*} ආරෝහපරිණාහසම්පන්න නො වෙයි [...{*}] මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි. මහණෙනි, මේ තුන් වැදෑරුම් භද්‍ර අශ්වාජානීයයෝ යි.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, තයො භද්රා පුරිසාජානීයා (-පෙ-{*})
Sinhala BJTමහණෙනි, භද්‍ර පුරුෂාජානීයයෝ තුන් දෙනා කවරහ යත්: [...{*}]
Pali BJTඉධ භික්ඛවෙ, භද්රො පුරිසාජානීයො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච. (-පෙ-{*})
Sinhala BJTමහණෙනි, මෙ ලොව භද්‍ර පුරුෂාජානීයයා ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි. [...{*}]
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භද්රො පුරිසාජානීයො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච.
Sinhala BJTමහණෙනි, කෙසේ භද්‍ර පුරුෂාජානීයයා ජවසම්පන්නත් වේ ද, වර්‍ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්නත් වේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති, නො සංසාදෙති. ඉදමස්ස වණ්ණස්මිං වදාමි. ලාභී ඛො පන හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො භික්ඛවෙ, භද්රො පුරිසාජානීයො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙයි. මේ ඔහුගේ ඥානජවය වෙති යි කියමි. අභිධර්‍මයෙහි ලා අභිවිනයෙහි ලා පැන පුළුවුස්නා ලදුයේ විසඳයි. නො ගළයි. මේ ඔහුගේ වර්‍ණය වෙති යි කියමි. චීවර පිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාර ලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහය වෙති යි කියමි. මහණෙනි, මෙසේ භද්‍ර පුරුෂාජානීයයා ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, තයො භද්රා පුරිසාජානීයාති.
Sinhala BJTමහණෙනි, මේ තුන් භද්‍ර පුරුෂාජානීයයෝ යි.
Pali BJT3. 3. 4. 11.
Sinhala BJT3. 3. 4. 11.
Pali BJT41. එකං සමයං භගවා රාජගහෙ විහරති මොරනිවාපෙ පරිබ්බාජකාරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි -පෙ-
Sinhala BJT41. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර මොරනිවාප නම් පරිව්‍රාජකාරාමයෙහි වැඩ වෙසෙති. එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. ...
Pali BJTතීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං.
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨ වෙයි. අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි. අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙව්මිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.
Pali BJTකතමෙහි තීහි?
Sinhala BJTකවර තුන් දහමින යත්:
Pali BJTඅසෙඛෙන සීලක්ඛන්ධෙන, අසෙඛෙන සමාධික්ඛන්ධෙන, අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන.
Sinhala BJTඅශෛක්‍ෂ ශීලස්කන්‍ධයෙන, අශෛක්‍ෂ සමාධිස්කන්‍ධයෙන, අශෛක්‍ෂ ප්‍රඥාස්කන්‍ධයෙන
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානන්ති.
Sinhala BJTමහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි. අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි. අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇති, දෙව්මිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.
Pali BJT3. 3. 4. 12.
Sinhala BJT3. 3. 4. 12.
Pali BJT42. තීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති, අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං.
Sinhala BJT42. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි, අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි, අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.
Pali BJTකතමෙහි තීහි?
Sinhala BJTකවර තුන් දහමින යත්:
Pali BJTඉද්ධිපාටිහාරියෙන, ආදෙසනාපාටිහාරියෙන, අනුසාසනීපාටිහාරියෙන.
Sinhala BJTඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යයෙන. ආදේශනාප්‍රාතිහාර්‍ය්‍යයෙන. අනුශාසනාප්‍රාතිහාර්‍ය්‍යයෙන.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති -පෙ- සෙට්ඨො දෙවමනුස්සානන්ති.
Sinhala BJTමහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි, අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි ... දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.
Pali BJT3. 3. 4. 13.
Sinhala BJT3. 3. 4. 13.
Pali BJT43. තීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති -පෙ- සෙට්ඨො දෙවමනුස්සානං.
Sinhala BJT43. මහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි ... දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.
Pali BJTකතමෙහි තීහි?
Sinhala BJTකවර තුන් දහමින යත්:
Pali BJTසම්මාදිට්ඨියා, සම්මාඤාණෙන, සම්මාවිමුත්තියා.
Sinhala BJTසම්‍යග්දෘෂ්ටියෙන, සම්‍යග්ඥානයෙන, සම්‍යග්විමුක්තියෙන.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති, අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානන්ති.
Sinhala BJTමහණෙනි, මේ තුන් දහමින් යුක්ත වූ මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි, අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි, අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇති, දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.
Pali BJTයොධාජීවවග්ගො චතුත්ථො{*}
Sinhala BJTසතරවැනි යෝධාජීව වර්‍ග යි.
Pali BJT[5. මඞ්ගල වග්ගො]
Sinhala BJT[5. මඞ්ගල වර්‍ගය]
Pali BJT3. 3. 5. 1.
Sinhala BJT3. 3. 5. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT44. තීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJT44. මහණෙනි, දහම් තුණෙකින් සමන්‍විත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද එපරිදි නිරයෙහි වෙයි.
Pali BJTකතමෙහි තීහි?
Sinhala BJTකවර දහම් තුණෙකින යත්:
Pali BJTඅකුසලෙන කායකම්මෙන, අකුසලෙන වචීකම්මෙන, අකුසලෙන මනොකම්මෙන.
Sinhala BJTඅකුශලකායකර්‍මයෙන්, අකුශලවාක්කර්‍මයෙන්, අකුශලමනඃකර්‍මයෙන්.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ.
Pali BJTතීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ.
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි සිටියේ වේ.
Pali BJTකතමෙහි තීහි?
Sinhala BJTකවර දහම් තුණෙකින යත්:
Pali BJTකුසලෙන කායකම්මෙන, කුසලෙන වචීකම්මෙන, කුසලෙන මනොකම්මෙන.
Sinhala BJTකුශලකායකර්‍මයෙන්, කුශලවාක්කර්‍මයෙන්, කුශලමනඃකර්‍මයෙන්.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි සිටියේ වේ.
Pali BJT3. 3. 5. 2.
Sinhala BJT3. 3. 5. 2.
Pali BJT45. තීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJT45. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ.
Pali BJTකතමෙහි තීහි?
Sinhala BJTකවර දහම් තුණෙකින යත්:
Pali BJTසාවජ්ජෙන කායකම්මෙන, සාවජ්ජෙන වචීකම්මෙන, සාවජ්ජෙන මනොකම්මෙන.
Sinhala BJTසදොස් කාකමින, සදොස් විසිකමින, සදොස් මුනිකමින.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි නිරයෙහි වේ.
Pali BJTතීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ.
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් සමන්‍විත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි වේ.
Pali BJTකතමෙහි තීහි?
Sinhala BJTකවර තුණෙකින යත්:
Pali BJTඅනවජ්ජෙන කායකම්මෙන, අනවජ්ජෙන වචීකම්මෙන, අනවජ්ජෙන මනොකම්මෙන.
Sinhala BJTනිර්දෝෂකායකර්‍මයෙන්, නිර්‍දොෂවාක්කර්‍මයෙන්, නිර්දෝෂමනඃකර්‍මයෙන්.
Pali BJTඉමෙහි ඛො ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි වේ.
Pali BJT3. 3. 5. 3.
Sinhala BJT3. 3. 5. 3.
Pali BJT46. තීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ- එවං නිරයෙ. කතමෙහි තීහි?
Sinhala BJT46. මහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත වූයේ ... නිරයෙහි සිටියේ වේ. කවර දහම් තුණෙකින යත්:
Pali BJTවිසමෙන කායකම්මෙන, විසමෙන වචීකම්මෙන, විසමෙන මනොකම්මෙන. ඉමෙහි ඛො -පෙ- එවං නිරයෙ.
Sinhala BJTවිෂම වූ කාකමින, විෂම වූ විසිකමින, විෂම වූ මුනිකමින ... මහණෙනි, මේ තුන් දහමින් ... නිරයෙහි වේ.
Pali BJTතීහි -පෙ- එවං සග්ගෙ.
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් ... ස්වර්‍ගයෙහි වේ.
Pali BJTකතමෙහි තීහි?
Sinhala BJTකවර දහම් තුණෙකින යත්:
Pali BJTසමෙන කායකම්මෙන, සමෙන වචීකම්මෙන, සමෙන මනොකම්මෙන. ඉමෙහි ඛො -පෙ- එවං සග්ගෙති.
Sinhala BJTසම වූ කායකර්‍මයෙන්, සම වූ වාක්කර්‍මයෙන්, සම වූ මනඃකර්‍මයෙන් ... මහණෙනි, මේ තුන් දහමින් ... ස්වර්‍ගයෙහි වේ.
Pali BJT3. 3. 5. 4.
Sinhala BJT3. 3. 5. 4.
Pali BJT47. තීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ- එවං නිරයෙ. කතමෙහි තීහි?
Sinhala BJT47. මහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත වූයේ නිරයෙහි සිටියේ වේ. කවර තුණෙකින යත්:
Pali BJTඅසුචිනා කායකම්මෙන, අසුචිනා වචීකම්මෙන -පෙ- මනොකම්මෙන. ඉමෙහි ඛො තීහි -පෙ- එවං නිරයෙ.
Sinhala BJTඅපවිත්‍ර වූ කායකර්‍මයෙන්, අපවිත්‍ර වූ වාක්කර්‍මයෙන්, අපවිත්‍ර වූ මනඃකර්‍මයෙන්. මහණෙනි, මේ තුන් දහමින් ... එපරිදි නිරයෙහි වේ.
Pali BJTතීහි භික්ඛවෙ -පෙ- එවං සග්ගෙ.
Sinhala BJTමහණෙනි, දහම් තුණෙකින් ... ස්වර්‍ගයෙහි වේ.
Pali BJTකතමෙහි තීහි?
Sinhala BJTකවර තුණෙකින යත්:
Pali BJTසුචිනා කායකම්මෙන, සුචිනා වචීකම්මෙන -පෙ- මනොකම්මෙන.
Sinhala BJTපවිත්‍ර වූ කායකර්‍මයෙන්, පවිත්‍ර වූ වාක්කර්‍මයෙන්, පවිත්‍ර වූ මනඃකර්‍මයෙන්.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් සිටියේ යම් සේ ද, එපරිද්දෙන් ස්වර්‍ගයෙහි වේ.
Pali BJT3. 3. 5. 5.
Sinhala BJT3. 3. 5. 5.
Pali BJT48. තීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො බාලො අව්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති. සාවජ්ජො ච හොති සානුවජ්ජො ච විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවති.
Sinhala BJT48. මහණෙනි, කරුණු තුණෙකින් සමන්‍වාගත අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණවිසින් සාළ නටු ආත්මයක් පරිහරණය කරයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කෙරෙයි.
Pali BJTකතමෙහි තීහි?
Sinhala BJTකවර තුන් දහමකින යත්:
Pali BJTඅකුසලෙන කායකම්මෙන, අකුසලෙන වචීකම්මෙන, අකුසලෙන මනොකම්මෙන.
Sinhala BJTඅකුශලකායකර්‍මයෙන්, අකුශලවාක්කර්‍මයෙන්, අකුශලමනඃකර්‍මයෙන්.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො බාලො අව්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවතීති.
Sinhala BJTමහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණවිසින් සෑරූ, නටුවා වූ ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කෙරෙයි.
Pali BJTතීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො වියත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති, අනවජ්ජො ච හොති අනනුවජ්ජො විඤ්ඤූනං, බහුඤ්ච පුඤ්ඤං පසවති.
Sinhala BJTමහණෙනි, තුන් දහමෙකින් සමන්‍වාගත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිතයා ගුණවිසින් නොකැණි නොනට ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද නොකට යුතුද වෙයි. බොහෝ පින් ද රැස් කෙරෙයි.
Pali BJTකතමෙහි තීහි?
Sinhala BJTකවර තුන් දහමෙකින යත්:
Pali BJTකුසලෙන කායකම්මෙන, කුසලෙන වචීකම්මෙන, කුසලෙන මනොකම්මෙන.
Sinhala BJTකුශලකායකර්‍මයෙන්, කුශලවාක්කර්‍මයෙන්, කුශලමනඃකර්‍මයෙන්.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ -පෙ- බහුඤ්ච පුඤ්ඤං පසවතීති.
Sinhala BJTමහණෙනි, මේ තුන් දහමින් ... බොහෝ පින් ද රැස් කෙරෙයි.
Pali BJT3. 3. 5. 6.
Sinhala BJT3. 3. 5. 6.
Pali BJT49. තීහි භික්ඛවෙ ධම්මෙහි -පෙ-
Sinhala BJT49. මහණෙනි, තුන් දහමෙකින් ...
Pali BJTසාවජ්ජෙන කායකම්මෙන, සාවජ්ජෙන වචීකම්මෙන, සාවජ්ජෙන මනොකම්මෙන -පෙ-
Sinhala BJTසාවද්‍යකායකර්‍මයෙන්, සාවද්‍යවාක්කර්‍මයෙන්, සාවද්‍යමනඃකර්‍මයෙන් ...
Pali BJTතීහි භික්ඛවෙ ධම්මෙහි -පෙ-
Sinhala BJTමහණෙනි, තුන් දහමෙකින් ...
Pali BJTඅනවජ්ජෙන කායකම්මෙන, අනවජ්ජෙන වචීකම්මෙන, අනවජ්ජෙන මනොකම්මෙන -පෙ-
Sinhala BJTඅනවද්‍යකායකර්‍මයෙන්, අනවද්‍යවාක්කර්‍මයෙන්, අනවද්‍යමනඃකර්‍මයෙන් ...
Pali BJT3. 3. 5. 7.
Sinhala BJT3. 3. 5. 7.
Pali BJT50. තීහි භික්ඛවෙ ධම්මෙහි -පෙ-
Sinhala BJT50. මහණෙනි, තුන් දහමෙකින් ...
Pali BJTවිසමෙන කායකම්මෙන, විසමෙන වචීකම්මෙන, විසමෙන මනොකම්මෙන -පෙ-
Sinhala BJTවිෂමකායකර්‍මයෙන්, විෂමවාක්කර්‍මයෙන්, විෂම මනඃකර්‍මයෙන් ...
Pali BJTතීහි භික්ඛවෙ ධම්මෙහි -පෙ-
Sinhala BJTමහණෙනි, තුන් දහමෙකින් ...
Pali BJTසමෙන කායකම්මෙන, සමෙන වචීකම්මෙන, සමෙන මනොකම්මෙන -පෙ-
Sinhala BJTසම වූ කායකර්‍මයෙන්, සම වූ වාක්කර්‍මයෙන්, සම වූ මනඃකර්‍මයෙන් ...
Pali BJT3. 3. 5. 8.
Sinhala BJT3. 3. 5. 8.
Pali BJT51. තීහි භික්ඛවෙ ධම්මෙහි -පෙ-
Sinhala BJT51. මහණෙනි, තුන් දහමෙකින් ...
Pali BJTඅසුචිනා කායකම්මෙන, අසුචිනා වචීකම්මෙන, අසුචිනා මනොකම්මෙන -පෙ-
Sinhala BJTඅපවිත්‍ර කායකර්‍මයෙන්, අපවිත්‍ර වාක්කර්‍මයෙන්, අපවිත්‍ර මනඃකර්‍මයෙන් ...
Pali BJTතීහි භික්ඛවෙ ධම්මෙහි -පෙ-
Sinhala BJTමහණෙනි, තුන් දහමෙකින් ...
Pali BJTසුචිනා කායකම්මෙන, සුචිනා වචීකම්මෙන, සුචිනා මනොකම්මෙන -පෙ-
Sinhala BJTපවිත්‍ර කායකර්‍මයෙන්, පවිත්‍ර වාක්කර්‍මයෙන්, පවිත්‍ර මනඃකර්‍මයෙන් ...
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො වියත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති, අනවජ්ජො ච හොති අනනුවජ්ජො ච විඤ්ඤූනං, බහුඤ්ච පුඤ්ඤං පසවතීති.
Sinhala BJTමහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිතයා ගුණවිසින් නොසෑරූ, නොනට ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්‍ය ද වෙයි, නුවණැතියන් විසින් උපවාද නොකට යුතු ද වේ, බොහෝ පින් ද රැස් කෙරෙයි.
Pali BJT3. 3. 5. 9.
Sinhala BJT3. 3. 5. 9.
Pali BJT52. තිස්සො ඉමා භික්ඛවෙ, වන්දනා.
Sinhala BJT52. මහණෙනි, මේ වන්‍දනාවෝ තුන් දෙනෙකි.
Pali BJTකතමා තිස්සො?
Sinhala BJTකවර තුන් දෙනෙක යත්:
Pali BJTකායෙන, වාචාය, මනසා.
Sinhala BJTකයින්, විසින්, සිතින්.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, තිස්සො වන්දනාති.
Sinhala BJTමහණෙනි, මේ තුන් වන්‍දනාවෝ යි.
Pali BJT3. 3. 5. 10.
Sinhala BJT3. 3. 5. 10.
Pali BJT53. යෙ භික්ඛවෙ,{1} සත්තා පුබ්බන්හසමයං කායෙන සුචරිතං චරන්ති, වාචාය සුචරිතං චරන්ති, මනසා සුචරිතං චරන්ති, සුපුබ්බන්හො භික්ඛවෙ, තෙසං සත්තානං.
Sinhala BJT53. මහණෙනි, යම් කිසි සත්ත්‍ව කෙනෙක් පෙරවරු වේලෙහි කයින් සුචරිත පුරත් ද, වචනයෙන් සුචරිත පුරත් ද, සිතින් සුචරිත පුරත් ද, මහණෙනි, ඒ සත්ත්‍වයනට ශුභ පූර්‍වාහනයෙකි.
Pali BJTයෙ හි භික්ඛවෙ, සත්තා මජ්ඣන්තිකං සමයං{2} කායෙන සුචරිතං චරන්ති, වාචාය සුචරිතං චරන්ති, මනසා සුචරිතං චරන්ති, සුමජ්ඣන්තිකො භික්ඛවෙ, තෙසං සත්තානං.
Sinhala BJTමහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් මධ්‍යාන සමයෙහි කයින් සුචරිත පුරත් ද, වචනයෙන් සුචරිත පුරත් ද, සිතින් සුචරිත පුරත් ද, මහණෙනි, ඒ සත්ත්‍වයනට ශුභ මධ්‍යාහ්නයෙකි.
Pali BJTයෙ හි භික්ඛවෙ, සත්තා සායන්හසමයං කායෙන සුචරිතං චරන්ති, වාචාය සුචරිතං චරන්ති, මනසා සුචරිතං චරන්ති, සුසායන්හො භික්ඛවෙ, තෙසං සත්තානන්ති.
Sinhala BJTමහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් සායාහන සමයෙහි කයින් සුචරිත පුරත් ද, වචනයෙන් සුචරිත පුරත් ද, සිතින් සුචරිත පුරත් ද, මහණෙනි, ඒ සත්ත්‍වයනට ශුභ සායාහනයෙකි.