Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT27. අථ ඛො ආයස්මා අනුරුද්ධො -පෙ- භගවන්තං එතදවොච : ඉදාහං භන්තෙ, දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන යෙභුය්යෙන පස්සාමි මාතුගාමං කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජමානං.
Sinhala BJT27. එසඳ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මම විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහව සිටි නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹ සිටුනා මාගම් භූයෝභාවයෙන් දක්මි.
Pali BJTකතිහි නු ඛො භන්තෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති?
Sinhala BJTවහන්ස, කෙතෙක් දහමින් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහ වූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹේ ද?
Pali BJTතීහි ඛො අනුරුද්ධ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTඅනුරුද්ධය, දහම් තුණෙකින් සමන්‍වාගත වූ මාගම කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහව සිටි නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙයි.
Pali BJTකතමෙහි තීහි?
Sinhala BJTකවර දහම් තුණෙකින් යත්:
Pali BJTඉධ අනුරුද්ධ, මාතුගාමො පුබ්බන්හසමයං මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති. මජ්ඣන්තිකයං සමයං ඉස්සාපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති, සායන්හසමයං කාමරාගපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති.
Sinhala BJTඅනුරුද්ධය, මෙ ලොව මාගම පෙරවරු වේලෙහි මසුරුමලින් මඩනා ලද සිතින් ගෙහි වෙසෙයි. මධ්‍යාහ්න වේලෙහි ඊර්‍ෂ්‍යායෙන් මැඩුනු සිතින් ගෙහි වෙසෙයි. සවස් වේලෙහි කාමරාගයෙන් මැඩුනු සිතින් ගෙහි වෙසේ.
Pali BJTඉමෙහි ඛො අනුරුද්ධ, තීහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති.
Sinhala BJTඅනුරුද්ධය, මේ තුන් දහමින් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහව සිටි නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙයි.
Pali BJT3. 3. 3. 8.
Sinhala BJT3. 3. 3. 8.
Pali BJT28. අථ ඛො ආයස්මා අනුරුද්ධො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා අනුරුද්ධො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච :
Sinhala BJT28. එකල ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් කරා එළඹිය හ. එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් හා සමග සතුටු වූහ. සතුටට හේතු වූ සිහි කළ යුතු වූ කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල සැළ කළහ.
Pali BJTඉදාහං, ආවුසො සාරිපුත්ත, දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සහස්සං ලොකං ඔලොකෙමි. ආරද්ධං ඛො පන මෙ විරියං අසල්ලීනං, උපට්ඨිතා සති අපමුට්ඨා. පස්සද්ධො කායො අසාරද්ධො. සමාහිතං චිත්තං එකග්ගං. අථ ච පන මෙ න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චතීති.
Sinhala BJTකියග ශාරිපුත්‍රයෙනි, මම පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් සහස්‍රලෝකය බලමි. මා විසින් වීර්‍ය්‍යය ඇරඹින. නොසැඟවින. ස්මෘතිය එළඹ සිටුනීය. මුෂිත නොවූවාය. නාමකය සංහිඳින. සාරද්ධ රහිතය. සිත සමාහිතය. එකඟය. එහෙත් මාගේ සිත උපාදානවශයෙන් නොගෙණ ආස්‍රවයන් කෙරෙන් නොමිදෙයි.
Pali BJT[සාරිපුත්තො:]
Sinhala BJT[සැරියුත්:]
Pali BJTයං ඛො තෙ ආවුසො අනුරුද්ධ, එවං හොති : ‘එවාහං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සහස්සං ලොකං ඔලොකෙමී’ති ඉදන්තෙ මානස්මිං.
Sinhala BJTකියග අනුරුද්ධය, යම් හෙයෙකින් තොපට මෙසිත් වේ ද: ‘මෙසේ මම විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් සහස්‍රලෝකය බලමි’ යි. මේ තොපගේ මානය යි.
Pali BJTයම්පි තෙ ආවුසො අනුරුද්ධ, එවං හොති : ‘ආරද්ධං ඛො පන මෙ විරියං අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා. පස්සද්ධො කායො අසාරද්ධො. සමාහිතං චිත්තං එකග්ගන්ති’ ඉදන්තෙ උද්ධච්චස්මිං.
Sinhala BJTඇවැත අනුරුද්ධය, යම් හෙයෙකින් තොපට මෙසිත් වේ ද: ‘මා විසින් වීර්‍ය්‍යය අරඹන ලදී. නොසැඟවින. ස්මෘතිය එළඹ සිටුනීය. ප්‍රමුෂිත නො වූවාය. නාමකය සංහිඳින. සාරද්ධ රහිතය. සිත සමාහිතය. එකඟය’ යි. මේ තොපගේ උද්ධතභාවය වේ.
Pali BJTයම්පි තෙ ආවුසො අනුරුද්ධ, එවං හොති : ‘අථ ච පන මෙ න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චතී’ති, ඉදන්තෙ කුක්කුච්චස්මිං.
Sinhala BJTඇවැත අනුරුද්ධය, යම් හෙයෙකින් තොපට මෙබඳු සිතෙක් වේ ද: ‘එහෙත් මාගේ සිත උපාදානවශයෙන් නොගෙණ ආස්‍රවයන් කෙරෙන් නො මිදෙයි’යි. මේ තොපගේ කුකුසෙකි.
Pali BJTසාධු වතායස්මා අනුරුද්ධො ඉමෙ තයො ධම්මෙ පහාය ඉමෙ තයො ධම්මෙ අමනසිකරිත්වා අමතාය ධාතුයා චිත්තං උපසංහරතූති.
Sinhala BJTඇවැත් අනුරුද්ධ තෙරණුවෝ මේ තුන් දහම් හැරපියා, මේ තුන් දහම් නො මෙනෙහි කොට නිර්‍වාණධාතුවට සිත එළවත් මනාම ය.
Pali BJTඅථ ඛො ආයස්මා අනුරුද්ධො අපරෙන සමයෙන ඉමෙ තයො ධම්මෙ පහාය, ඉමෙ තයො ධම්මෙ අමනසිකරිත්වා අමතාය ධාතුයා චිත්තං උපසංහරි. අථ ඛො ආයස්මා අනුරුද්ධො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා”ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා අනුරුද්ධො අරහතං අහොසීති.
Sinhala BJTඑක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ පසුකලෙක මේ තුන් දහම් හැරපියා, මේ තුන් දහම් නො මෙනෙහි කොට නිර්‍වාණධාතුවට සිත එළවූහ. එක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ එකලා වූවාහු වෙන්වූවාහු අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වීර්‍ය ඇත්තාහු කායජීවිත නිරපේක්‍ෂව වසන්නාහු යම් අර්‍හත්ත්‍වයක් පිණිස කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙයින් නික්ම පැවිද්දට යෙත් ද, ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය අවසන් වූ ඒ අර්‍හත්ත්‍වය මඳ කලෙකින් ම ඉහාත්ම යෙහි ම තුමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ විසූහ. “ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවින. සිවුමග කිස කරණ ලදී. මේ අර්‍හත්ත්‍වය පිණිස මින් බැහැර දැයෙක් නැති” යි දත්හ. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ රහතුන් අතුරෙන් අන්‍යතර කෙනෙක් ද වූහ.
Pali BJT3. 3. 1. 9.
Sinhala BJT3. 3. 1. 9.
Pali BJT29. තීණිමානි භික්ඛවෙ, පටිච්ඡන්නානි වහන්ති නො විවටානි.
Sinhala BJT29. මහණෙනි, මේ කාරණයෝ තුන් දෙනෙක් පිළිසන්ව වහත්. විවෘත ව නො වහත්.
Pali BJTකතමානි තීණි?
Sinhala BJTකවර තුන්දෙනෙක යත්:
Pali BJTමාතුගාමො භික්ඛවෙ, පටිච්ඡන්නො වහති, නො විවටො. බ්රාහ්මණානං භික්ඛවෙ, මන්තා පටිච්ඡන්නා වහන්ති, නො විවටා. මිච්ඡාදිට්ඨි භික්ඛවෙ, පටිච්ඡන්නා වහති, නො විවටා.
Sinhala BJTමහණෙනි, මාගම පිළිසන්ව වහයි. විවෘතව නොවහයි. මහණෙනි, බමුණන්ගේ වේදමන්ත්‍රයෝ පිළිසන්ව වහත්. විවෘතව නො වහත්. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය පිළිසන්ව වහයි. විවෘතව නොවහයි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, තීණි පටිච්ඡන්නානි වහන්ති, නො විවටානි.
Sinhala BJTමහණෙනි, මේ කාරණයෝ තුන් දෙන පිළිසන්ව වහත්. විවෘතව නො වහත්.
Pali BJTතීණිමානි භික්ඛවෙ, විවටානි විරොචන්ති, නො පටිච්ඡන්නානි.
Sinhala BJTමහණෙනි, මේ කාරණයෝ තිදෙනෙක් විවෘතව බබලත්, පිළිසන්ව නො බබලත්.
Pali BJTකතමානි තීණි?
Sinhala BJTකවර තුන් දෙනෙක යත්:
Pali BJTචන්දමණ්ඩලං භික්ඛවෙ, විවටං විරොචති, නො පටිච්ඡන්නං. සූරියමණ්ඩලං භික්ඛවෙ, විවටං විරොචති, නො පටිච්ඡන්නං. තථාගතප්පවෙදිතො ධම්මවිනයො, භික්ඛවෙ{1}, විවටො විරොචති, නො පටිච්ඡන්නො.
Sinhala BJTමහණෙනි, සඳමඬල විවෘතව බබලයි. පිළිසන්ව නො බබලයි. මහණෙනි, හිරුමඬල විවෘතව බබලයි. පිළිසන්ව නො බබලයි. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්‍මවිනය විවෘත ව බබලයි. පිළිසන් ව නො බබලයි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, තීණි විවටානි විරොචන්ති, නො පටිච්ඡන්නානීති.
Sinhala BJTමහණෙනි, මේ කාරණයෝ තිදෙන විවෘතව බබලත්. පිළිසන් ව නො බබලත්.
Pali BJT3. 3. 3. 10.
Sinhala BJT3. 3. 3. 10.
Pali BJT30. තයොමෙ භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJT30. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් විද්‍යාමානය හ.
Pali BJTකතමෙ තයො : පාසාණලෙඛූපමො පුග්ගලො, පථවිලෙඛූපමො පුග්ගලො, උදකලෙඛූපමො පුග්ගලො.
Sinhala BJTකවර තුන් දෙනෙක යත්: ශිලාලේඛාවට බඳු පුද්ගලය, පෘථිවිලෙඛාවට බඳු පුද්ගලය, ජලලේඛාවට බඳු පුද්ගල යි.
Pali BJTකතමො ච භික්ඛවෙ, පාසාණලෙඛූපමො පුග්ගලො?
Sinhala BJTමහණෙනි, ශිලාලේඛාවට බඳු පුද්ගල කවරේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො අභිණ්හං කුජ්ඣති. සො ච ඛ්වස්ස කොධො දීඝරත්තං අනුසෙති. සෙය්යථාපි භික්ඛවෙ, පාසාණෙ ලෙඛා{2} න ඛිප්පං ලුජ්ජති වාතෙන වා උදකෙන වා, චිරට්ඨිතිකා හොති. එවමෙව ඛො භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො අභිණ්හං කුජ්ඣති. සො ච ඛ්වස්ස කොධො දීඝරත්තං අනුසෙති. අයං වුච්චති භික්ඛවෙ, පාසාණලෙඛූපමො පුග්ගලො.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ කෝපය දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ වැටෙයි. මහණෙනි, යම් පරිදි ශිලාලේඛාව වාතයෙන් වේවයි, උදකයෙන් වේවයි වහා නොනස්නී ද, චිරස්ථායිනී වේ ද, මහණෙනි, එපරිදි ම මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය ද දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ වැටෙයි. මහණෙනි, මේ ශිලාලේඛාවට බඳු පුද්ගල යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, පඨවිලෙඛූපමො පුග්ගලො?
Sinhala BJTමහණෙනි, පෘථිවිලෙඛාවට බඳු පුද්ගල කවරේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො අභිණ්හං කුජ්ඣති. සො ච ඛ්වස්ස කොධො න දීඝරත්තං අනුසෙති. සෙය්යථාපි භික්ඛවෙ, පඨවියා ලෙඛා ඛිප්පං ලුජ්ජති වාතෙන වා උදකෙන වා, න චිරට්ඨිතිකා හොති. එවමෙව ඛො භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො අභිණ්හං කුජ්ඣති. සො ච ඛ්වස්ස කොධො න දීඝරත්තං අනුසෙති. අයං වුච්චති, භික්ඛවෙ, පඨවිලෙඛූපමො පුග්ගලො.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය නිරතුරු ලුහු බැඳ නො වැටේ. මහණෙනි, යම් පරිදි පොළොවෙහි ඇඳි ලේඛාව වාතයෙන් වේවයි, උදකයෙන් වේවයි වහා නස්නී ද, චිරස්ථායිනී නො වේ ද, මහණෙනි, එ පරිදි ම මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය ද දීර්‍ඝරාත්‍රයෙහි ලුහු බැඳ නො වැටෙයි. මහණෙනි, මේ පෘථිවිලේඛාවට බඳු පුද්ගල යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, උදකලෙඛූපමො පුග්ගලො?
Sinhala BJTමහණෙනි, උදකලේඛාවට බඳු පුද්ගල කවරේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො ආගාළ්හෙනපි වුච්චමානො ඵරුසෙනපි වුච්චමානො අමනාපෙනපි වුච්චමානො සන්ධියති චෙව, සංසන්දති චෙව. සම්මොදති චෙව. සෙය්යථාපි භික්ඛවෙ, උදකෙ ලෙඛා ඛිප්පං යෙව පටිවිගච්ඡති, න චිරට්ඨිතිකා හොති. එවමෙව ඛො භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො ආගාළ්හෙනපි වුච්චමානො ඵරුසෙනපි වුච්චමානො අමනාපෙනපි වුච්චමානො සන්ධියති චෙව සංසන්දති චෙව සම්මොදති චෙව. අයං වුච්චති භික්ඛවෙ, උදකලෙඛූපමො පුග්ගලො.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් කැකුළෙන් කියනු ලබන්නේත් පරුස්බසින් කියනු ලබන්නේත් මන නොගන්නා බසින් කියනු ලබන්නේත් ගැළපෙන්නේ ම වෙයි. සැසඳෙන්නේ ම වෙයි. සතුටු වන්නේ ම වෙයි. මහණෙනි, යම් පරිදි දියෙහි ඇඳි ලේඛාව වහා ම පහව යේ ද, චිරස්ථායිනී නො වේ ද, මහණෙනි, එ පරිදි ම මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් කැකුළෙනුදු කියනු ලබන්නේ පරුස්බසිනුදු කියනු ලබන්නේ මන නොගන්නා බසිනුදු කියනු ලබන්නේ ගැළපේ ම ය. සැසඳේ ම ය. සතුටු වේ ම ය. මහණෙනි, මේ උදකලේඛාවට බඳු පුද්ගල යි කියනු ලැබේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලෝකයෙහි විද්‍යමානය හ.
Pali BJTභරණ්ඩුවග්ගො තතියො.
Sinhala BJTතුන්වැනි භරණ්ඩු වර්‍ග යි.
Pali BJT[4. යොධාජීවවග්ගො]
Sinhala BJT[4. යෝධාජීව වර්‍ගය]
Pali BJT3. 3. 4. 1.
Sinhala BJT3. 3. 4. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT31. තීහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො යොධාජීවො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJT31. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත යෝධාජීව රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යෙයි.
Pali BJTකතමෙහි තීහි ?
Sinhala BJTකවර අඞ්ග තුණෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, යොධාජීවො දූරෙ පාතී ච හොති, අක්ඛණවෙධී ච, මහතො ච කායස්ස පදාලෙතා. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි අඞ්ගෙහි සමන්නාගතො යොධාජීවො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මෙලොව යෝධාජීව දුරෙහි ඊය හෙළන සුලු වෙයි. විදුලියෙන් විදින සුලු වෙයි. ලොහොපට ආදි මහත් කය බිඳින සුලු වෙයි. මහණෙනි, මේ තුන් අඟින් සමන්‍වාගත යෝධාජීව රජුට නිසි වෙයි. රජු විසින් උපභෝග කටයුතු වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
Sinhala BJTමහණෙනි, එපරිදි ම අඞ්ග තුණෙකින් සමන්‍වාගත මහණ ආහුන සඞ්ඛ්‍යාත පූජාවට නිසි ය ... ලෝකයට අනුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
Pali BJTකතමෙහි තීහි?
Sinhala BJTකවර අඞ්ග තුණෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු දූරෙ පාතී ච හොති අක්ඛණවෙධී ච මහතො ච කායස්ස පදාලෙතා.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ දූරෙපාතීත් වෙයි, අක්ඛණවේධිත් වෙයි, මහත් කය බිඳුනේත් වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු දූරෙ පාතී හොති?
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ දූරේපාතී වේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ වා සන්තිකෙ වා, සබ්බං රූපං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. යා කාචි වෙදනා අතීතානාගත පච්චුප්පන්නා අජ්ඣත්තිකා වා බහිද්ධා වා ඔළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යා දූරෙ වා සන්තිකෙ වා, සබ්බං වෙදනං “නෙතං මම, නෙසොහමස්මි, න මෙ සො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. යා කාචි සඤ්ඤා අතීතානාගත පච්චුප්පන්නා අජ්ඣත්තා වා බහිද්ධා වා ඔළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යා දූරෙ සන්තිකෙ වා, සබ්බං සඤ්ඤං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. යෙ කෙචි සංඛාරා අතීතානාගත පච්චුප්පන්නා අජ්ඣත්තිකා වා බහිද්ධා වා ඔළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යෙ දූරෙ වා සන්තිකෙ වා, සබ්බෙ සංඛාරෙ “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ වා සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණ “නෙතං මම, නෙසොහමස්මි, න මෙ සො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු දූරෙ පාතී හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි රූපායතනයෙක් ඇද්ද, එහැම රූප “තෙල මා ගැත්තේ නො වෙයි. මම හේ නොවෙමි. හේ මා විසිය නො වැටෙ”යි මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. අතීතානාගතප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි වේදනා ඇද්ද ... අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි සංඥා ඇද්ද, එහැම සංඥා “තෙල මාගේ නො වෙයි. මම හේ නොවෙමි. හේ මාගේ ආත්ම නොවෙ”යි මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. අතීතානාගතප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි සංස්කාර ඇද්ද, “තෙල මාගේ නොවෙයි. මම හේ නොවෙමි. හේ මාගේ ආත්ම නොවෙ”යි මෙසේ තත්වූ පරිදි සම්‍යක්ප්‍රඥායෙන් දක්නේ ය. අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි විඥාන ඇද්ද, එහැම විඥාන “තෙල මාගේ නො වෙයි. මම හේ නො වෙමි. හේ මාගේ විසිය නො වැටෙ”යි මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. මහණෙනි, මෙසේ මහණ දූරේපාතී වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු අක්ඛණවෙධී හොති?
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ අක්ඛණවේධී වේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු “ඉදං දුක්ඛ”න්ති යථාභූතං පජානාති. “අයං දුක්ඛසමුදයො”ති යථාභූතං පජානාති. “අයං දුක්ඛනිරොධො”ති යථාභූතං පජානාති. “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු අක්ඛණවෙධී හොති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ “මේ දුකැ”යි තත් වූ පරිදි දනී. “මේ දුක්ඛසමුදය (දුක් උපදවන හේතු)” යි තත් වූ පරිදි දනී. “මේ දුක්ඛනිරෝධය (දුක් නැතිවීමය)”යි තත් වූ පරිදි දනී. “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාය” යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ අක්ඛණවේධී වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු මහතො කායස්ස පදාලෙතා හොති?
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ මහත් කය බිඳුනේ වේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු මහන්තං අවිජ්ජාක්ඛන්ධං පදාලෙති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු මහතො කායස්ස පදාලෙතා හොතීති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ මහත් අවිද්‍යාස්කන්‍ධය බිඳුනේ වෙයි. මහණෙනි, මෙසේ මහණ මහත් කය බිඳුනේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත මහණ ආහුන සඞ්ඛ්‍යාත පූජාවට නිසි වෙයි ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
Pali BJT3. 3. 4. 2.
Sinhala BJT3. 3. 4. 2.
Pali BJT32. තිස්සො ඉමා භික්ඛවෙ, පරිසා.
Sinhala BJT32. මහණෙනි, මේ පර්‍ෂද්හු තුන් දෙනෙකි.
Pali BJTකතමා තිස්සො?
Sinhala BJTකවර තුන් දෙනෙක යත්:
Pali BJTඋක්කාචිතවිනීතා පරිසා, පටිපුච්ඡාවිනීතා පරිසා, යාවතාවවිනීතා{1} පරිසා.
Sinhala BJTනො පිළිවිස විනීත හෙයින් දුර්විනීත පර්‍ෂද්ය, පිළිවිස විනීත හෙයින් සුවිනීත පර්‍ෂද්ය, පමණ විසින් විනීත හෙයින් ප්‍රමාණවත් සේ විනීත පර්‍ෂද්ය (අදහස් දැන් විනීත පර්‍ෂද්ය).
Pali BJTඉමා ඛො භික්ඛවෙ, තිස්සො පරිසාති.
Sinhala BJTමහණෙනි, මේ තුන් පර්‍ෂද්හු යි.
Pali BJT3. 3. 4. 3.
Sinhala BJT3. 3. 4. 3.
Pali BJT33. තීහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො මිත්තො සෙවිතබ්බො.
Sinhala BJT33. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත මිත්‍රයා සෙවියයුතු යි.
Pali BJTකතමෙහි තීහි?
Sinhala BJTකවර අඞ්ග තුණෙකින යත්:
Pali BJTදුද්දදං දදාති, දුක්කරං කරොති, දුක්ඛමං ඛමති.
Sinhala BJTනොදියහෙන දැය දෙයි. නොකටහැකි දැය කෙරේ. නොසිහියහෙන දැය සෙහේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, තීහි අඞ්ගෙහි සමන්නාගතො මිත්තො සෙවිතබ්බොති.
Sinhala BJTමහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍වාගත මිත්‍රයා සෙවියයුතු ය.
Pali BJT3. 3. 4. 4.
Sinhala BJT3. 3. 4. 4.
Pali BJT34. උප්පාදා වා භික්ඛවෙ, තථාගතානං අනුප්පාදා වා තථාගතානං, ඨිතාව සා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා. “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා”ති. තං තථාගතො අභිසම්බුජ්ඣති අභිසමෙති. අභිසම්බුජ්ඣිත්වා අභිසමෙත්වා ආචික්ඛති දෙසෙති පඤ්ඤාපෙති පට්ඨපෙති විවරති විභජති උත්තානී කරොති “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා”ති.
Sinhala BJT34. මහණෙනි, තථාගතයන් වහන්සේගේ උපතින් හෝ තථාගතයන් වහන්සේගේ නූපතින් හෝ “සියලු සංස්කාරයෝ අනිත්‍යයහ” යන ඒ ධර්‍මධාතුව ස්වභාවස්ථිතිතාව ස්වභාවනියාමතාව සිටියා ම වෙයි. තථාගතයන් වහන්සේ එය අවබෝධ කෙරෙති, අභිසමය කෙරෙති. අවබෝධ කොට අභිසමය කොට “සියලු සංස්කාරයෝ අනිත්‍යයහ”යි වදාරත්, දෙසත්, පණවත්, ප්‍රකාරයෙන් පිහිටුවත්, විවරණ කෙරෙත්, විභාග කෙරෙත්, ආවිර්භූත කෙරෙත්.
Pali BJTඋප්පාදා වා භික්ඛවෙ, තථාගතානං අනුප්පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා. “සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා”ති. තං තථාගතො අභිසම්බුජ්ඣති අභිසමෙති. අභිසම්බුජ්ඣිත්වා අභිසමෙත්වා ආචික්ඛති දෙසෙති පඤ්ඤාපෙති පට්ඨපෙති විවරති විභජති උත්තානීකරොති “සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා”ති.
Sinhala BJTමහණෙනි, තථාගතයන් වහන්සේගේ උපතින් හෝ තථාගතයන් වහන්සේගේ නූපතින් හෝ “සියලු සංස්කාරයෝ දුඃඛයහ” යන ඒ ධර්‍මධාතුව ස්වභාවස්ථිතිතාව, ස්වභාවනියාමතාව සිටියා ම වෙයි. තථාගතයන් වහන්සේ එය අවබෝධ කෙරෙති, අභිසමය කෙරෙති. අවබෝධ කොට අභිසමය කොට “සියලු සංස්කාරයෝ දුඃඛයහ” යි වදාරත්, දෙසත්, පණවත්, ප්‍රකාරයෙන් තබත්, විවරණ කෙරෙත්, විභාග කෙරෙත්, ආවිර්භූත කෙරෙත්.
Pali BJTඋප්පාදා වා භික්ඛවෙ, තථාගතානං අනුප්පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා. “සබ්බෙ ධම්මා අනත්තා”ති. තං තථාගතො අභිසම්බුජ්ඣති අභිසමෙති. අභිසම්බුජ්ඣිත්වා අභිසමෙත්වා ආචික්ඛති දෙසෙති පඤ්ඤාපෙති පට්ඨපෙති විවරති විභජති උත්තානී කරොති – “සබ්බෙ ධම්මා අනත්තා”ති.
Sinhala BJTමහණෙනි, තථාගතයන් වහන්සේගේ උපතින් හෝ තථාගතයන් වහන්සේගේ නූපතින් හෝ “සියලු ධර්‍මයෝ අනාත්මයහ” යන ඒ ධර්‍මධාතුව ස්වභාවස්ථිතිතාව, ස්වභාවනියාමතාව සිටියා ම වෙයි. තථාගතයන් වහන්සේ එය අවබෝධ කෙරෙත්. අභිසමය කෙරෙත්. අවබෝධ කොට අභිසමය කොට “සියලු ධර්‍මයෝ අනාත්මයහ” යි වදාරත්, දෙසත්, පණවත්, ප්‍රකාරයෙන් තබත්, විවරණ කෙරෙත්, විභාග කෙරෙත්, ආවිර්භූත කෙරෙත්.
Pali BJT3. 3. 4. 5.
Sinhala BJT3. 3. 4. 5.
Pali BJT35. සෙය්යථාපි භික්ඛවෙ, යානි කානිචි තන්තාවුතානං වත්ථානං, කෙසකම්බලො තෙසං පාවාරානං පතිකිට්ඨො අක්ඛායති. කෙසකම්බලො භික්ඛවෙ, සීතෙ සීතො, උණ්හෙ උණ්හො, දුබ්බණ්ණො, දුග්ගන්ධො, දුක්ඛසම්ඵස්සො. එවමෙව ඛො භික්ඛවෙ, යානි කානිචි පුථුසමණප්පවාදානං{1} මක්ඛලිවාදො තෙසං පතිකිට්ඨො{2} අක්ඛායති.
Sinhala BJT35. මහණෙනි, යම් පරිදි යම් කිසි හුයින් වියූ වස්ත්‍රයෝ ඇද්ද, ඒ පවුරු අතුරෙන් කේසකම්බල නිකෘෂ්ටය යි කියනු ලැබේ. මහණෙනි, කේසකම්බලය ශීතකාලයෙහි ශීතය, උෂ්ණකාලයෙහි උෂ්ණය, දුර්‍වර්‍ණය, දුර්‍ගන්‍ධය, දුඃඛස්පර්‍ශ ඇත්තේ ය. මහණෙනි, එපරිදි ම යම් කිසි මහත් ශ්‍රමණප්‍රවාදයෝ ඇද්ද, ඔවුනතුරෙන් මක්ඛළීවාදය නිකෘෂ්ටය යි කියනු ලැබේ.
Pali BJTමක්ඛලී භික්ඛවෙ, මොඝපුරිසො එවංවාදී එවංදිට්ඨි : “නත්ථි කම්මං, නත්ථි කිරියං, නත්ථි විරිය”න්ති.
Sinhala BJTමහණෙනි, මක්ඛලී මූඪ පුරුෂ මෙබඳු වාද ඇතියේ වෙයි. මෙබඳු දෘෂ්ටි ඇතියේ වෙයි: “කර්‍මයෙක් නැත, ක්‍රියායෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත” යි කියා යි.
Pali BJTයෙපි තෙ භික්ඛවෙ, අහෙසුං අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, තෙපි භගවන්තො කම්මවාදා චෙව අහෙසුං කිරියවාදා ච විරියවාදා ච. තෙපි භික්ඛවෙ, මක්ඛලී මොඝපුරිසො පටිබාහති : “නත්ථි කම්මං, නත්ථි කිරියං, නත්ථි විරිය”න්ති.
Sinhala BJTමහණෙනි, අතීතයෙහි යම් ම අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වූහු ද ඒ භගවත්හුදු කර්‍මවාද ඇතිවූහු ද ක්‍රියාවාද ඇතිවූහු ද වීර්‍ය්‍යවාද ඇතිවූහු ද වූහු. මහණෙනි, මක්ඛලී මූඪ පුරුෂ ඒ බුදුවරුනුත් පිළිකෙව් කෙරෙයි: “කර්‍මයෙක් නැත, ක්‍රියායෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත” කියා යි.
Pali BJTයෙපි තෙ භික්ඛවෙ, භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, තෙපි භගවන්තො කම්මවාදා චෙව භවිස්සන්ති කිරියවාදා ච විරියවාදා ච. තෙපි භික්ඛවෙ, මක්ඛලී මොඝපුරිසො පටිබාහති : “නත්ථි කම්මං, නත්ථි කිරියං, නත්ථි විරිය”න්ති.
Sinhala BJTමහණෙනි, අනාගතයෙහි යම් ම අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වෙත් ද ඒ භගවත්හුදු කර්‍මවාද ඇත්තාහු ද වෙත්. ක්‍රියාවාද ඇත්තාහු ද වෙත්. වීර්‍ය්‍යවාද ඇත්තාහු ද වෙත්. මහණෙනි, මක්ඛලි මූඪ පුරුෂ ඒ බුදුවරුනුත් පිළිකෙව් කෙරේ: “කර්‍මයෙක් නැත, ක්‍රියායෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත” කියා යි.
Pali BJTඅහම්පි භික්ඛවෙ, එතරහි අරහං සම්මාසම්බුද්ධො කම්මවාදො ච කිරියවාදො ච විරියවාදො ච. මම්පි භික්ඛවෙ, මක්ඛලී මොඝපුරිසො පටිබාහති : “නත්ථි කම්මං, නත්ථි කිරියං, නත්ථි විරිය”න්ති.
Sinhala BJTමහණෙනි, මෙකල අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ මමත් කර්‍මවාද ඇතියෙම් ද වෙමි. ක්‍රියාවාද ඇතියෙම් ද වෙමි. වීර්‍ය්‍යවාද ඇතියෙම් ද වෙමි. මහණෙනි, මක්ඛලී මූඪ පුරුෂ ඒ මාත් පිළිකෙව් කෙරෙයි: “කර්‍මයෙක් නැත, ක්‍රියායෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත” කියා යි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, නදීමුඛෙ ඛිපං ඔඩ්ඩෙය්ය{3} බහුන්නං{4} මච්ඡානං අහිතාය දුක්ඛාය අනයාය ව්යසනාය. එවමෙව ඛො භික්ඛවෙ, මක්ඛලී මොඝපුරිසො මනුස්සඛිපං මඤ්ඤෙ ලොකෙ උප්පන්නො බහුන්නං සත්තානං අහිතාය දුක්ඛාය අනයාය ව්යසනායාති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි හෝමුව කෙමිනක් බොහෝ මසුනට අහිත පිණිස දුක් පිණිස අනය පිණිස ව්‍යසනය පිණිස ගිලවා තබා ද, මහණෙනි, එපරිදි ම මක්ඛලී මෝඝපුරුෂයා බොහෝ සත්ත්‍වයන්ට අහිත පිණිස දුක් පිණිස අනය පිණිස ව්‍යසනය පිණිස ලෝකයෙහි උපන් මිනිස් කෙමිනක් වැන්න.
Pali BJT3. 3. 4. 6.
Sinhala BJT3. 3. 4. 6.
Pali BJT36. තිස්සො ඉමා භික්ඛවෙ, සම්පදා.
Sinhala BJT36. මහණෙනි, මේ සම්පත්හු තුන් දෙනෙකි.
Pali BJTකතමා තිස්සො: සද්ධාසම්පදා, සීලසම්පදා, පඤ්ඤාසම්පදා.
Sinhala BJTකවර තුන් දෙනෙක යත්: ශ්‍රද්ධාසම්පදාය, ශීලසම්පදාය, ප්‍රඥාසම්පදා යි.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, තිස්සො සම්පදාති.
Sinhala BJTමහණෙනි, මේ තුන් සම්පත්හු යි.
Pali BJT3. 3. 4. 7.
Sinhala BJT3. 3. 4. 7.
Pali BJT37. තිස්සො ඉමා භික්ඛවෙ, වුද්ධියො.
Sinhala BJT37. මහණෙනි, මේ වෘද්ධීහු තුන් දෙනෙකි.
Pali BJTකතමා තිස්සො? සද්ධාවුද්ධි, සීලවුද්ධි, පඤ්ඤාවුද්ධි.
Sinhala BJTකවර තුන් දෙනෙක යත්: ශ්‍රද්ධාවෘද්ධිය, ශීලවෘද්ධිය, ප්‍රඥාවෘද්ධි යි.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, තිස්සො වුද්ධියොති.
Sinhala BJTමහණෙනි, මේ තුන් වෘද්ධීහු යි.
Pali BJT3. 3. 4. 8.
Sinhala BJT3. 3. 4. 8.
Pali BJT38. තයො ච භික්ඛවෙ, අස්සඛලුඞ්කෙ දෙසෙස්සාමි තයො ච පුරිසඛලුඞ්කෙ. තං සුණාථ, -පෙ-
Sinhala BJT38. මහණෙනි, තුන් අස්ගුණ්ඩයන් (පොව්වන්) දෙසමි. තුන් පුරිස්ගුණ්ඩයනුදු (පොව්වනුදු) දෙසමි. ඒ අසව ...
Pali BJTකතමෙ ච භික්ඛවෙ, තයො අස්සඛලුඞ්කා?
Sinhala BJTමහණෙනි, තුන් අස්ගුණ්ඩයෝ කවරහ යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො අස්සඛලුඞ්කො ජවසම්පන්නො හොති, න වණ්ණසම්පන්නො, න ආරොහපරිණාහසම්පන්නො. ඉධ පන භික්ඛවෙ, එකච්චො අස්සඛලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච, න ආරොහපරිණාහසම්පන්නො. ඉධ පන භික්ඛවෙ, එකච්චො අස්සඛලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච. ඉමෙ ඛො භික්ඛවෙ, තයො අස්සඛලුඞ්කා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැම් අස්ගුණ්ඩයෙක් ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නො ද වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් අස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නොවෙයි. මහණෙනි, මෙලොව ඇතැම් අස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි. මහණෙනි, මේ තුන් අස්ගුණ්ඩයෝ යි.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, තයො පුරිසඛලුඞ්කා?
Sinhala BJTමහණෙනි, තුන් පුරිස්ගුණ්ඩයෝ කවරහ යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුරිසඛලුඞ්කො ජවසම්පන්නො හොති, න වණ්ණසම්පන්නො, න ආරොහපරිණාහසම්පන්නො. ඉධ පන භික්ඛවෙ, එකච්චො පුරිසඛලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච, න ආරොහපරිණාහසම්පන්නො. ඉධ පන භික්ඛවෙ, එකච්චො පුරිසඛලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො ද වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පුරිසඛලුඞ්කො ජවසම්පන්නො හොති, න වණ්ණසම්පන්නො න ආරොහපරිණාහසම්පන්නො?
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පුරිස්ගුණ්ඩයා ජවසම්පන්න වේ ද, වර්‍ණසම්පන්න නො වේ ද, ආරෝහපරිණාහසම්පන්න නො වේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු “ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයො”ති යථාභූතං පජානාති. “අයං දුක්ඛනිරොධො”ති යථාභූතං පජානාති. “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො සංසාදෙති නො විස්සජ්ජෙති. ඉදමස්ස න වණ්ණස්මිං වදාමි. න ඛො පන ලාභී හොති චීවරපිණ්ඩපාත සෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස න ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො භික්ඛවෙ, පුරිසඛලුඞ්කො ජවසම්පන්නො හොති, න වණ්ණසම්පන්නො, න ච ආරොහපරිණාහසම්පන්නො.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ “මේ දුකැ” යි ඇතිසැටියෙන් දනී. “මේ දුක්ඛසමුදය” යි ඇතිසැටියෙන් දනී. “මේ දුක්ඛනිරෝධය” යි ඇති සැටියෙන් දනී. “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි ඇතිසැටියෙන් දනී. මේ ඔහුගේ ඥානජවය යි කියමි. අභිධර්‍මයෙහි අභිවිනයෙහි ප්‍රශ්න විචාරණ ලදුයේ අවසාදනය කෙරෙයි (පසුබසී.) නොවිසඳයි. මේ ඔහුගේ වර්‍ණය නොවෙති යි කියමි. චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර නොලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහ සම්පත් නො වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරිස්ගුණ්ඩයා ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො ද වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පුරිසඛලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච, න ආරොහපරිණාහසම්පන්නො?
Sinhala BJTමහණෙනි, කෙසේ පුරිස්ගුණ්ඩයා ජවසම්පන්නත් වේ ද, වර්‍ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්න නො වේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු “ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. ඉදමස්ස ජවස්මිං වදාමි : අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති, නො සංසාදෙති. ඉදමස්ස වණ්ණස්මිං වදාමි. න ඛො පන{1} ලාභී හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස න ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො භික්ඛවෙ, පුරිසඛලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච, න ආරොහපරිණාහසම්පන්නො.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ “මේ දුකැ” යි යථාභූතය දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි යථාභූතය දනී. මේ ඔහුගේ ඥානජවය වෙති යි කියමි. අභිධර්‍මයෙහි අභිවිනයෙහි ප්‍රශ්න විචාරණ ලදුයේ විසඳයි. අවසාදනය නො කෙරෙයි. මේ ඔහුගේ වර්‍ණය වෙති යි කියමි. චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර නොලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහ සම්පත් නො වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරිස් ගුණ්ඩයා ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පුරිසඛ ලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච?
Sinhala BJTමහණෙනි, කෙසේ පුරිස්ගුණ්ඩයා ජවසම්පන්නත් වේ ද, වර්‍ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්නත් වේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු “ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති, නො සංසාදෙති. ඉදමස්ස වණ්ණස්මිං වදාමි. ලාභී ඛො පන හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො භික්ඛවෙ, පුරිසඛලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ “මේ දුකැ” යි යථාභූතය දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි යථාභූතය දනී. මේ ඔහුගේ ඥානජවය වෙතියි කියමි. අභිධර්‍මයෙහි අභිවිනයෙහි ප්‍රශ්න විචාරණ ලදුයේ විසඳයි. අවසාදනය නො කෙරෙයි. මේ ඔහුගේ වර්‍ණය වෙතියි කියමි. චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාර ලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහසම්පත් වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරිස්ගුණ්ඩයා ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, තයො පුරිසඛලුඞ්කාති.
Sinhala BJTමහණෙනි, මේ පුරිස්ගුණ්ඩයෝ තුන් දෙන වෙති.
Pali BJT3. 3. 4. 9.
Sinhala BJT3. 3. 4. 9.
Pali BJT39. තයො ච භික්ඛවෙ, අස්සසදස්සෙ{2} දෙසිස්සාමි තයො ච පුරිසසදස්සෙ තං සුණාථ -පෙ-
Sinhala BJT39. මහණෙනි, අශ්වයන් කෙරෙහි සදශ්වයන් තුන් දෙන ද (ජාතිමත් අසුන්) දෙසමි. සදශ්වසදෘශ පුරුෂයන් තුන් දෙන ද දෙසමි. ඒ අසව, ...
Pali BJTකතමෙ ච භික්ඛවෙ, තයො අස්සසදස්සා?
Sinhala BJTමහණෙනි, අශ්වසදශ්වයෝ තුන් දෙන කවරහ?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො අස්සසදස්සො ජවසම්පන්නො හොති, න වණ්ණසම්පන්නො න ආරොහපරිණාහසම්පන්නො. ඉධ පන භික්ඛවෙ, එකච්චො අස්සසදස්සො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච, න ආරොහපරිණාහසම්පන්නො. ඉධ පන භික්ඛවෙ, එකච්චො අස්සසදස්සො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච. ඉමෙ ඛො භික්ඛවෙ, තයො අස්සසදස්සා.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් අශ්වසදශ්වයෙක් ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නොවෙයි. ආරෝහපරිණාහ සම්පන්න නොවෙයි. මහණෙනි, මෙ ලොව ඇතැම් අශ්වසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් අශ්වසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහ සම්පන්නත් වෙයි. මහණෙනි, මොහු තුන් අශ්වසදශ්වයෝ යි.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, තයො පුරිසසදස්සා?
Sinhala BJTමහණෙනි, සදශ්වසදෘශ තුන් පුරුෂයෝ කවරහ?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුරිසසදස්සො ජවසම්පන්නො හොති, න වණ්ණසම්පන්නො න ආරොහපරිණාහසම්පන්නො. ඉධ පන භික්ඛවෙ, එකච්චො පුරිසසදස්සො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච, න ආරොහපරිණාහසම්පන්නො. ඉධ පන භික්ඛවෙ, එකච්චො පුරිසසදස්සො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුරුෂසදශ්වයෙක් ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි.