Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති. ඉදං වුච්චති භික්ඛවෙ, කායසොචෙය්යං :
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ කායද්වාරයෙහි ශෞචය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, වචීසොචෙය්යං?
Sinhala BJTමහණෙනි, වාග්ද්වාරයෙහි ශුචිභාවය කවරේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො මුසාවාදා පටිවිරතො හොති, පිසුණාවාචාය පටිවිරතො හොති, ඵරුසාවාචා පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති. ඉදං වුච්චති භික්ඛවෙ, වචීසොචෙය්යං.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැමෙක් මුසවායෙන් දුරු වූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි, සම්ඵප්පලාපයෙන් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ වාග්ද්වාරයෙහි ශෞචය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, මනොසොචෙය්යං?
Sinhala BJTමහණෙනි, මනෝද්වාරයෙහි ශුචිභාවය කවරේ ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො අනභිජ්ඣාලු හොති, අව්යාපන්නචිත්තො හොති. සම්මාදිට්ඨිකො හොති. ඉදං වුච්චති භික්ඛවෙ, මනොසොචෙය්යං.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැමෙක් අභිධ්‍යාබහුල නො වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැතියේ නොවෙයි. සම්‍යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මේ මනෝද්වාරයෙහි ශෞචය යි කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, තීණි සොචෙය්යානීති.
Sinhala BJTමහණෙනි මොහු තුන් වැදෑරුම් ශුචිභාවයෝ යි.
Pali BJT3. 3. 2. 9.
Sinhala BJT3. 3. 2. 9.
Pali BJT19. තීණිමානි භික්ඛවෙ, සොචෙය්යානි. කතමානි තීණි : කායසොචෙය්යං, වචීසොචෙය්යං, මනොසොචෙය්යං.
Sinhala BJT19. මහණෙනි, මේ ශුචිභාවයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කායද්වාරයෙහි ශුචිභාවය, වාග්ද්වාරයෙහි ශුචිභාවය, මනෝද්වාරයෙහි ශුචිභාව යි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, කායසොචෙය්යං?
Sinhala BJTමහණෙනි, කායද්වාරයෙහි ශුචිභාවය කවරේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, අබ්රහ්මචරියා පටිවිරතො හොති. ඉදං වුච්චති භික්ඛවෙ, කායසොචෙය්යං.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ, පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. අබ්‍රම්සරින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ කායද්වාරයෙහි ශුචිභාවය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, වචීසොචෙය්යං?
Sinhala BJTමහණෙනි, වාග්ද්වාරයෙහි ශුචිභාවය කවරේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු මුසාවාදා පටිවිරතො හොති, පිසුණාවාචා පටිවිරතො හොති, ඵරුසාවාචා පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති. ඉදං වුච්චති භික්ඛවෙ, වචීසොචෙය්යං.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ, මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි, සම්ඵප්පලපින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ වාග්ද්වාරයෙහි ශුචිභාවය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, මනොසොචෙය්යං?
Sinhala BJTමහණෙනි, මනෝද්වාරයෙහි ශුචිභාවය කවරේ ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං අත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දොති පජානාති. අසන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං නත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දොති පජානාති. යථා ච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදො හොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහාණං හොති. තඤ්ච පජානාති. යථා ච පහීණස්ස කාමච්ඡන්දස්ස ආයතිං අනුප්පාදො හොති. තඤ්ච පජානාති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ, අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ කාමච්ඡන්‍දය ‘මාගේ අධ්‍යාත්මයෙහි කාමච්ඡන්‍දය ඇතැ’යි දනී. අධ්‍යාත්මයෙහි අවිද්‍යමානවූ හෝ කාමච්ඡන්‍දය ‘මාගේ අධ්‍යාත්මයෙහි කාමච්ඡන්‍දය නැතැ’යි දනී. යම් පරිදි නූපන් කාමච්ඡන්‍දයාගේ උත්පාදයෙක් වේ ද, එ ද දනී. යම් සෙයෙකින් උපන් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්‍රහත කාමච්ඡන්‍දයාගේ මතුයෙහි නූපැත්මෙක් වේ ද, එ ද දනී.
Pali BJTසන්තං වා අජ්ඣත්තං ව්යාපාදං අත්ථි මෙ අජ්ඣත්තං ව්යාපාදොති පජානාති. අසන්තං වා අජ්ඣත්තං ව්යාපාදං නත්ථි මෙ අජ්ඣත්තං ව්යාපාදොති පජානාති. යථා ච අනුප්පන්නස්ස ව්යාපාදස්ස උප්පාදො හොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස ව්යාපාදස්ස පහාණං හොති, තඤ්ච පජානාති. යථා ච පහීණස්ස ව්යාපාදස්ස ආයතිං අනුප්පාදො හොති, තඤ්ච පජානාති.
Sinhala BJTඅධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ව්‍යාපාදය ‘මාගේ අධ්‍යාත්මයෙහි ව්‍යාපාදය ඇතැ’යි දනී. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ ව්‍යාපාදය ‘මාගේ අධ්‍යාත්මයෙහි ව්‍යාපාදය නැතැ’යි දනී. යම් පරිදි නූපන් ව්‍යාපාදයාගේ ඉපැත්මෙක් වේ ද, එ ද දනී. යම් පරිදි උපන් ව්‍යාපාදයාගේ ප්‍රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්‍රහත ව්‍යාපාදයාගේ මතුයෙහි නොඉපැත්මෙක් වේ ද, එ ද දනී.
Pali BJTසන්තං වා අජ්ඣත්තං ථිනමිද්ධං අත්ථි මෙ අජ්ඣත්තං ථිනමිද්ධන්ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං ථිනමිද්ධං නත්ථි මෙ අජ්ඣත්තං ථීනමිද්ධන්ති පජානාති. යථා ච අනුප්පන්නස්ස ථීනමිද්ධස්ස උප්පාදො හොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස ථීනමිද්ධස්ස පහාණං හොති, තඤ්ච පජානාති. යථා ච පහීණස්ස ථීනමිද්ධස්ස ආයතිං අනුප්පාදො හොති, තඤ්ච පජානාති.
Sinhala BJTඅධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ථීනමිද්ධය ‘මාගේ අධ්‍යාත්මයෙහි ථීනමිද්ධය ඇතැ’යි දනී. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ ථීනමිද්ධය ‘මාගේ අධ්‍යාත්මයෙහි ථීනමිද්ධය නැතැ’යි දනී. යම් පරිදි නූපන් ථීනමිද්ධයාගේ ඉපැත්මෙක් වේ ද, එ ද දනී. යම් පරිදි උපන් ථීනමිද්ධයාගේ ප්‍රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්‍රහත ථීනමිද්ධයාගේ මතුයෙහි නොඉපැත්මෙක් වේ ද, එ ද දනී.
Pali BJTසන්තං වා අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චං අත්ථි මෙ අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චන්ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චං නත්ථි මෙ අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චන්ති පජානාති. යථා ච අනුප්පන්නස්ස උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදො හොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස උද්ධච්චකුක්කුච්චස්ස පහාණං හොති, තඤ්ච පජානාති. යථා ච පහීණස්ස උද්ධච්චකුක්කුච්චස්ස ආයතිං අනුප්පාදො හොති, තඤ්ච පජානාති.
Sinhala BJTඅධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ උද්ධච්චකුක්කුච්චය’මාගේ අධ්‍යාත්මයෙහි උද්ධච්චකුක්කුච්චය ඇතැ’යි දනී. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ උද්ධච්චකුක්කුච්චය ‘මාගේ අධ්‍යාත්මයෙහි උද්ධච්චකුක්කුච්චය නැතැ’යි දනී. යම් පරිදි නූපන් උද්ධච්චකුක්කුච්චයාගේ ඉපැත්මෙක් වේ ද, එ ද දනී. යම් පරිදි උපන් උද්ධච්චකුක්කුච්චයාගේ ප්‍රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්‍රහත උද්ධච්චකුක්කුච්චයාගේ මතුයෙහි නොඉපැත්මෙක් වේ ද, එ ද දනී.
Pali BJTසන්තං වා අජ්ඣත්තං විචිකිච්ඡං අත්ථි මෙ අජ්ඣත්තං විචිකිච්ඡාති පජානාති. අසන්තං වා අජ්ඣත්තං විචිකිච්ඡං නත්ථි මෙ අජ්ඣත්තං විචිකිච්ඡාති පජානාති. යථා ච අනුප්පන්නාය විචිකිච්ඡාය උප්පාදො හොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නාය විචිකිච්ඡාය පහාණං හොති, තඤ්ච පජානාති. යථා ච පහීණාය විචිකිච්ඡාය ආයතිං අනුප්පාදො හොති, තඤ්ච පජානාති.
Sinhala BJTඅධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ විචිකිච්ඡාව ‘මාගේ අධ්‍යාත්මයෙහි විචිකිච්ඡාව ඇතැ’යි දනී. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ විචිකිච්ඡාව ‘මාගේ අධ්‍යාත්මයෙහි විචිකිච්ඡාව නැතැ’යි දනී. යම් පරිදි නූපන් විචිකිච්ඡාවගේ ඉපැත්මෙක් වේ ද, එ ද දනී. යම් පරිදි උපන් විචිකිච්ඡාවගේ ප්‍රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්‍රහත විචිකිච්ඡාවගේ මතුයෙහි නොඉපැත්මෙක් වේ ද, එ ද දනී.
Pali BJTඉදං වුච්චති භික්ඛවෙ, මනොසොචෙය්යං.
Sinhala BJTමහණෙනි, මේ මනෝද්වාරයෙහි ශුචිභාවය යි කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, තීණි සොචෙය්යානීති.
Sinhala BJTමහණෙනි මොහු ශුචිභාවයෝ තුන් දෙනයහ.
Pali BJT1. කායසුචිං වචීසුචිං චෙතොසුචිමනාසවං, සුචිං සොචෙය්යසම්පන්නං ආහු නින්හාතපාපකන්ති.
Sinhala BJT1. කායද්වාරයෙහි පවිත්‍ර වූ වාග්ද්වාරයෙහි පවිත්‍ර වූ මනෝද්වාරයෙහි පවිත්‍ර වූ එයින් ම අනාස්‍රව වූ මෙසේ ත්‍රිවිධශෞචයෙන් යුක්ත වූ ක්ලේශාභාවයෙන් පවිත්‍ර වූ මහණ ධෞතපාපය යි කියත්.
Pali BJT3. 3. 2. 10.
Sinhala BJT3. 3. 2. 10.
Pali BJT20. තීණිමානි භික්ඛවෙ, මොනෙය්යානි. කතමානි තීණි : කායමොනෙය්යං, වචීමොනෙය්යං, මනොමොනෙය්යං.
Sinhala BJT20. මහණෙනි, මේ මුනිභාවයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කායද්වාරයෙහි මුනිභාවය, වාග්ද්වාරයෙහි මුනිභාවය, මනෝද්වාරයෙහි මුනිභාව යි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, කායමොනෙය්යං?
Sinhala BJTමහණෙනි, කායද්වාරයෙහි මුනිභාවය කවරේ ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු පාණාතිපාතා පටිවිරතො හොති. අදින්නාදානා පටිවිරතො හොති. අබ්රහ්මචරියා පටිවිරතො හොති. ඉදං වුච්චති භික්ඛවෙ, කායමොනෙය්යං.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. අබ්‍රම්සරින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ කායද්වාරයෙහි මුනිභාවය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, වචීමොනෙය්යං?
Sinhala BJTමහණෙනි, වාග්ද්වාරයෙහි මුනිභාවය කවරේ ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු මුසාවාදා පටිවිරතො හොති. පිසුණාවාචා පටිවිරතො හොති. ඵරුසාවාචා පටිවිරතො හොති. සම්ඵප්පලාපා පටිවිරතො හොති. ඉදං වුච්චති භික්ඛවෙ, වචීමොනෙය්යං.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි. සම්ඵප්පලපින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ වාග්ද්වාරයෙහි මුනිභාවය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, මනොමොනෙය්යං?
Sinhala BJTමහණෙනි, මනෝද්වාරයෙහි මුනිභාවය කවරේ ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති භික්ඛවෙ, මනොමොනෙය්යං.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයාගෙන වෙසෙයි. මහණෙනි, මේ මනෝද්වාරයෙහි මුනිභාව යි කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, තීණි මොනෙය්යානීති.
Sinhala BJTමහණෙනි, මොහු තුන් මුනිභාවයෝ යි.
Pali BJT2. කායමුනිං වචීමුනිං චෙතොමුනිමනාසවං, මුනිං මොනෙය්යසම්පන්නං ආහු සබ්බප්පහායිනන්ති.
Sinhala BJT2. කායද්වාරයෙන් පවිත්‍ර වූ වාග්ද්වාරයෙන් පවිත්‍ර වූ මනෝද්වාරයෙන් පවිත්‍ර වූ එයින් ම අනාස්‍රව වූ එයින් ම මුනිභාවයෙන් යුක්ත වූ රහත් මුනිහු සියලු පව් පැහුවකු කොට කියත්.
Pali BJTආපායික වග්ගො දුතියො.{*}
Sinhala BJTදෙවන ආපායික වර්‍ගය යි.
Pali BJT[3. භරණ්ඩු වග්ගො]{*}
Sinhala BJT[3. භරණ්ඩු වර්‍ගය]
Pali BJT3. 3. 3. 1.
Sinhala BJT3. 3. 3. 1.
Pali BJT[කුසිනාරානිදානං]
Sinhala BJT[කුසිනාරානිදාන යි]
Pali BJT21. එකං සමයං භගවා කුසිනාරායං විහරති බලිහරණෙ වනසණ්ඩෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි -පෙ-
Sinhala BJT21. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර බලිහරණ නම් වනලැහැබෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක ...
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. තමෙනං ගහපති වා ගහපතිපුත්තො වා උපසඞ්කමිත්වා ස්වාතනාය භත්තෙන නිමන්තෙති. ආකඞ්ඛමානො භික්ඛවෙ, භික්ඛු අධිවාසෙති. සො තස්සා රත්තියා අච්චයෙන පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන තස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා නිවෙසනං තෙනුපසඞ්කමති. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදති. තමෙනං සො ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙති සම්පවාරෙති. තස්ස එවං හොති : සාධු වත මායං ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙති සම්පවාරෙතීති. එවම්පිස්ස හොති : අහො වත මායං ගහපති වා ගහපතිපුත්තො වා ආයතිම්පි එවරූපෙන පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙය්ය සම්පවාරෙය්යාති. සො තං පිණ්ඩපාතං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අනාදීනවදස්සාවී අනිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. සො තත්ථ කාමවිතක්කම්පි විතක්කෙති, ව්යාපාදවිතක්කම්පි විතක්කෙති, විහිංසාවිතක්කම්පි විතක්කෙති. එවරූපස්සාහං භික්ඛවෙ, භික්ඛුනො දින්නං න මහප්ඵලන්ති වදාමි. තං කිස්ස හෙතු : පමත්තො හි භික්ඛවෙ, භික්ඛු විහරති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණෙක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට ගෙණ වෙසෙයි. ඔහු කරා ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්‍රයෙක් හෝ එළඹ සෙටදවස වියයුතු බොජ සඳහා බතින් නිමන්ත්‍රණය කෙරෙයි. මහණෙනි, කැමැති වන මහණ ඉවසයි. හේ එරැය ගෙවීයෑමෙන් පෙරවරු හැඳපෙරෙව පාසිවුරු ගෙණ ඒ ගෘහපතියාගේ හෝ ගෘහපතිපුත්‍රයාගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැණ වූ අස්නෙහි හිඳුනේය. ඒ මහණ ඒ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සතපයි. මොනොවට පවරයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මේ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් මා මොනොවට සතපනේය. මොනොවට පවරවනේය” කියා යි මෙසේ ද ඔහුට සිතෙක් වෙයි. “යහහ, මේ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ මතුයෙහිදු මෙබඳු ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් මා සතපා නම් මොනොවට පවරවා නම් මැනව” කියා යි. ඒ මහණ ඒ පිණ්ඩපාතය තෘෂ්ණායෙන් ග්‍රථිත වූයේ මූර්ඡිතවූයේ තෘෂ්ණා විසින් ගිලගත්තේ ආදීනව නො දක්නා සුල්ලේ නිස්සරණප්‍රඥා නැත්තේ වළඳ කෙරෙයි. ඒ මහණ එහි කාමවිතර්‍කය ද විතර්‍කණ කෙරෙයි. ව්‍යාපාදවිතර්‍කය ද විතර්‍කණ කෙරෙයි. විහිංසාවිතර්‍කය ද විතර්‍කණ කෙරෙයි. මහණෙනි, මම මෙබඳු මහණහට දෙන ලද්ද මහත්ඵලය යි නො කියමි. ඒ කවරහෙයින යත්: මහණෙනි, ඒ මහණ පමාවූයේ වෙසේ. එහෙයිනි.
Pali BJTඉධ පන භික්ඛවෙ, භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. තමෙනං ගහපති වා ගහපතිපුත්තො වා උපසඞ්කමිත්වා ස්වාතනාය භත්තෙන නිමන්තෙති. ආකඞ්ඛමානො භික්ඛවෙ, භික්ඛු අධිවාසෙති. සො තස්සා රත්තියා අච්චයෙන පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන තස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා නිවෙසනං තෙනුපසඞ්කමති. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදති. තමෙනං සො ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙති සම්පවාරෙති. තස්ස න එවං හොති : සාධු වත මායං{1} ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙති සම්පවාරෙතීති. එවම්පිස්ස න හොති : අහො වත මායං ගහපති වා ගහපතිපුත්තො වා ආයතිම්පි එවරූපෙන පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙය්ය සම්පවාරෙය්යාති. සො තං පිණ්ඩපාතං අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. සො තත්ථ නෙක්ඛම්මවිතක්කම්පි විතක්කෙති, අව්යාපාදවිතක්කම්පි විතක්කෙති, අවිහිංසාවිතක්කම්පි විතක්කෙති. එවරූපස්සාහං භික්ඛවෙ, භික්ඛුනො දින්නං මහප්ඵලන්ති වදාමි. තං කිස්ස හෙතු : අප්පමත්තො හි භික්ඛවෙ, භික්ඛු විහරතීති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණෙක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසිරි කොට වෙසෙයි. ඔහු කරා ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්‍රයෙක් හෝ එළඹ සෙටදවසට බතින් නිමන්ත්‍රණය කෙරෙයි. මහණෙනි, කැමති වන මහණ ඉවසයි. ඒ මහණ ඒ රැය ගෙවීයෑමෙන් පෙරවරු හැඳපෙරෙව පාසිවුරු ගෙණ ඒ ගෘහපතියාගේ ගෘහපතිපුත්‍රයාගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැණ වූ අස්නෙහි හිඳුනේය. ඒ මහණ ඒ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සතපයි. මොනොවට පවරවයි. ඔහුට මෙබඳු සිතෙක් නොවෙයි: “මේ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් මා සතපනේය. මොනොවට පවරවනේය” කියා යි. ඔහුට මෙබඳු සිතෙක් ද නොවෙයි. “යහහ, මේ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ මතුයෙහි දු මෙබඳු ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් මා සතපා නම් මොනොවට පවරා නම් මැනව” කියා යි. ඒ මහණ ඒ පිණ්ඩපාතය ග්‍රථිත නොවූයේ මූර්ඡිත නොවූයේ නොගිලගත්තේ ආදීනව දක්නා සුලු වූයේ නිස්සරණප්‍රඥා ඇත්තේ වළඳ කෙරෙයි. ඒ මහණ එහි නිෂ්කාමවිතර්‍කය ද විතර්‍කණ කෙරෙයි. අව්‍යාපාදවිතර්‍කය ද විතර්‍කණ කෙරෙයි. අවිහිංසාවිතර්‍කය ද විතර්‍කණ කෙරෙයි. මහණෙනි, මම මෙබඳු මහණහට දෙන ලද්ද මහත්ඵල ය යි කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඒ මහණ අප්‍රමාද විහරණ ඇතියේ වෙසෙයි.
Pali BJT3. 3. 3. 2.
Sinhala BJT3. 3. 3. 2.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT22. යස්සං භික්ඛවෙ, දිසායං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති, මනසි කාතුම්පි මෙ එසා භික්ඛවෙ, දිසා න ඵාසු හොති. පගෙව ගන්තුං. නිට්ඨමෙත්ථ ගච්ඡාමි : “අද්ධා තෙ ආයස්මන්තො තයො ධම්මෙ පජහිංසු, තයො ධම්මෙ බහුලමකංසු.”
Sinhala BJT22. මහණෙනි, යම් දිගෙක මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට වැදුනාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග මෙනෙහි කරන්නට ද පහසු නොවේ. යන්නට කැලම ය. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් කරුණු තුණක් හැරපියති. කරුණු තුණක් බහුල වශයෙන් කෙරෙති” යී මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.
Pali BJTකතමෙ තයො ධම්මෙ පජහිංසු : නෙක්ඛම්මවිතක්කං, අව්යාපාදවිතක්කං, අවිහිංසාවිතක්කං. ඉමෙ තයො ධම්මෙ පජහිංසු.
Sinhala BJTකවර කරුණු තුණක් හැරපියත් ද යත්: නිෂ්කාමවිතර්‍කය, අව්‍යාපාදවිතර්‍කය, අවිහිංසාවිතර්‍කය යන මේ තුන් දහම් හැරපියත්.
Pali BJTකතමෙ තයො ධම්මෙ බහුලමකංසු :{1} කාමවිතක්කං, ව්යාපාදවිතක්කං, විහිංසාවිතක්කං. ඉමෙ තයො ධම්මෙ බහුලමකංසු.
Sinhala BJTකවර කරුණු තුණක් බහුල වශයෙන් කෙරෙත් ද යත්: කාමවිතර්‍කය, ව්‍යාපාදවිතර්‍කය, විහිංසාවිතර්‍කය යන මේ තුන් දහම් බහුල වශයෙන් කරත්.
Pali BJTයස්සං{2} භික්ඛවෙ, දිසායං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති, මනසිකාතුම්පි මෙ එසා භික්ඛවෙ, දිසා න ඵාසු හොති. පගෙව ගන්තුං. නිට්ඨමෙත්ථ ගච්ඡාමි : “අද්ධා තෙ ආයස්මන්තො ඉමෙ තයො ධම්මෙ පජහිංසු. ඉමෙ තයො ධම්මෙ බහුලමකංසු.”
Sinhala BJTමහණෙනි, යම් දිගෙක මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු විවාදයට වැදුනාහු උනුන් මුවසැතින් පෙළෙමින් වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග මෙනෙහි කරන්නට ද පහසු නොවේ. යන්නට කැලම ය. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් මේ තුන් දහම් හැරපියත්. මේ තුන් දහම් බහුල වශයෙන් කෙරෙති” යි මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.
Pali BJTයස්සං භික්ඛවෙ, දිසායං භික්ඛූ සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරන්ති, ගන්තුම්පි මෙ එසා භික්ඛවෙ, දිසා ඵාසු හොති. පගෙව මනසි කාතුං. නිට්ඨමෙත්ථ ගච්ඡාමි : “අද්ධා තෙ ආයස්මන්තො තයො ධම්මෙ පජහිංසු, තයො ධම්මෙ බහුලමකංසු.”
Sinhala BJTමහණෙනි, යම් දිගෙක මහණහු සමගි වූවාහු තුස්නාහු විවාද නොකරන්නාහු ක්‍ෂීරෝදකීභූත වූවාහු උනුන් පිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග යන්නට ද පහසුය. මෙනෙහි කරනු කැලම ය. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් කරුණු තුණක් හැරපියති. කරුණු තුණක් බහුල වශයෙන් කරති” යි මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.
Pali BJTකතමෙ තයො ධම්මෙ පජහිංසු : කාමවිතක්කං, ව්යාපාදවිතක්කං, විහිංසාවිතක්කං. ඉමෙ තයො ධම්මෙ පජහිංසු.
Sinhala BJTකවර කරුණු තුණක් හැරපියත් ද යත්: කාමවිතර්‍කය, ව්‍යාපාදවිතර්‍කය, විහිංසාවිතර්‍කය යන මේ කරුණු තුණ හැරපියත්.
Pali BJTකතමෙ තයො ධම්මෙ බහුලමකංසු : නෙක්ඛම්මවිතක්කං, අව්යාපාදවිතක්කං, අවිහිංසාවිතක්කං. ඉමෙ තයො ධම්මෙ බහුලමකංසු.
Sinhala BJTකවර කරුණු තුණක් බහුල වශයෙන් කෙරෙත් ද යත්: නිෂ්කාමතාවිතර්‍කය, අව්‍යාපාදවිතර්‍කය, අවිහිංසාවිතර්‍කය යන මේ තුන් දහම් බහුල වශයෙන් කරත්.
Pali BJTයස්සං භික්ඛවෙ, දිසායං භික්ඛූ සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරන්ති, ගන්තුම්පි මෙ එසා භික්ඛවෙ, දිසා ඵාසු හොති. පගෙව මනසි කාතුං. නිට්ඨමෙත්ථ ගච්ඡාමි : “අද්ධා තෙ ආයස්මන්තො ඉමෙ තයො ධම්මෙ පජහිංසු, ඉමෙ තයො ධම්මෙ බහුලමකංසූ”ති.
Sinhala BJTමහණෙනි, යම් දිගෙක මහණහු සමගි වූවාහු තුස්නාහු විවාද නො කරන්නාහු, ක්‍ෂීරෝදකීභූත වූවාහු උනුන් ප්‍රිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග යන්නට ද පහසු වේ. මෙනෙහි කරනු කැලම පහසු වේ. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් මේ තුන් දහම් හැරපියත්. මේ තුන් දහම් බහුල වශයෙන් කරති” යි මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.
Pali BJT3. 3. 3. 3.
Sinhala BJT3. 3. 3. 3.
Pali BJT[වෙසාලීනිදානං]
Sinhala BJT[විසාලානිදාන යි]
Pali BJT23. එකං සමයං භගවා වෙසාලියං විහරති ගොතමකෙ චෙතියෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි -පෙ-
Sinhala BJT23. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර ගෝතමක චෛත්‍යයෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක.
Pali BJTඅභිඤ්ඤායාහං භික්ඛවෙ, ධම්මං දෙසෙමි, නො අනභිඤ්ඤාය. සනිදානාහං භික්ඛවෙ, ධම්මං දෙසෙමි, නො අනිදානං. සප්පාටිහාරියාහං භික්ඛවෙ, ධම්මං දෙසෙමි, නො අප්පාටිහාරියං.
Sinhala BJTමහණෙනි, මම විශිෂ්ටඥානයෙන් අවබෝධ කොට දහම් දෙසමි. අවබෝධ නොකොට නො දෙසමි. මහණෙනි, මම හේතු සහිත කොට දහම් දෙසමි. හේතු රහිත කොට නො දෙසමි. මහණෙනි, මම ප්‍රත්‍යනීකධර්‍මයන් නෙරලීම් සහිත කොට දහම් දෙසමි. නෙරලීම් රහිත කොට නො දෙසමි.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ, අභිඤ්ඤාය ධම්මං දෙසයතො නො අනභිඤ්ඤාය, සනිදානං ධම්මං දෙසයතො නො අනිදානං, සප්පාටිහාරියං ධම්මං දෙසයතො නො අප්පාටිහාරියං, කරණීයො ඔවාදො කරණීයා අනුසාසනී.
Sinhala BJTමහණෙනි, අවබෝධ කොට ගෙණ දහම් දෙසන අවබෝධ නොකොට නො දෙසන, නිදාන සහිත කොට ගෙණ දහම් දෙසන, නිදාන රහිත කොට නො දෙසන, ප්‍රත්‍යනීකධර්‍මයන් නෙරලීම් සහිත කොට ගෙණ දහම් දෙසන, නෙරලීම් රහිත කොට නො දෙසන ඒ මාගේ අවවාදය කළ යුතුය. අනුශාසනා කළ යුතුය.
Pali BJTඅලඤ්ච පන වො භික්ඛවෙ, තුට්ඨියා, අලං අත්තමනතාය, අලං සොමනස්සාය “සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො ධම්මො, සුප්පටිපන්නො සඞ්ඝො”ති.
Sinhala BJTමහණෙනි, “භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය හ, ධර්‍මය ස්වාඛ්‍යාතය, සඟහු සුප්‍රතිපන්නයහ”යි තොපට තුෂ්ටියට නිසිය. සතුටු සිත් ඇති සෙයට නිසිය. සෞමනස්‍යයට නිසිය.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුං. ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ සහස්සී ලොකධාතු අකම්පිත්ථාති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. ඒ සියමනා මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව තුස්නවුහු. මේ වෙය්‍යාකරණය වදාරණු ලබත් ම සහස්‍රී ලෝකධාතුව කම්පිත විය.
Pali BJT3. 3. 3. 4.
Sinhala BJT3. 3. 3. 4.
Pali BJT[කපිලවත්ථුනිදානං]
Sinhala BJT[කිඹුල්වත්නිදාන යි:]
Pali BJT24. එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො යෙන කපිලවත්ථු තදවසරි. අස්සොසි ඛො මහානාමො සක්කො භගවා කිර කපිලවත්ථුං අනුප්පත්තොති. අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො මහානාමං සක්කං භගවා එතදවොච :
Sinhala BJT24. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි සැරිසරණ සේක් කිඹුල්වත් නුවර කරා වැඩිසේක්. මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වතට වැඩිසේක් ල යි ඇසී ය. එක්බිති මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේ කරා එළඹින. එළඹ භාග්‍යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පස්ව සිටියේ ය. එකත්පස්ව සිටි මහානාම සැහැරජුට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTගච්ඡ මහානාම, කපිලවත්ථුස්මිං, තථාරූපං ආවසථං ජාන යත්ථජ්ජ මයං එකරත්තිං විහරෙය්යාමාති. එවං භන්තෙති ඛො මහානාමො සක්කො භගවතො පටිස්සුත්වා කපිලවත්ථුං පවිසිත්වා කෙවලකප්පං කපිලවත්ථුං අන්වාහිණ්ඩන්තො න අද්දස කපිලවත්ථුස්මිං තථාරූපං ආවසථං යත්ථ භගවා එකරත්තිං විහරෙය්ය.
Sinhala BJTමහානාමය, යව, අද එකරැයක් අපි යම් තැනෙක වසමෝ ද කිඹුල්වතෙහි එබඳු ආවස්ථයක් දන යි. වහන්ස, එසේය යි මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේට පිළිණකොට කිඹුල්වතට වැද මුළු කිඹුල්වත ඔබමොබ ඇවිදුනේ භාග්‍යවතුන් වහන්සේ යම් ආවස්ථයෙක් එක රැයක් වසන සේක් ද එබඳු ආවස්ථයක් කිඹුල්වතෙහි නො දිට.
Pali BJTඅථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච : නත්ථි භන්තෙ, කපිලවත්ථුස්මිං තථාරූපො ආවසථො යත්ථජ්ජ භගවා එකරත්තිං විහරෙය්ය. අයං භන්තෙ, භරණ්ඩුකාලාමො භගවතො පුරාණසබ්රහ්මචාරී. තස්සජ්ජ භගවා අස්සමෙ එකරත්තිං විහරතූති.
Sinhala BJTඑක්බිති මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේය: වහන්ස, අද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක එක්රැයක් වසනසේක් ද, එබඳු ආවස්ථයෙක් කිඹුල්වතෙහි නැත. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ පැරණි සබ්‍රම්සරයා භරණ්ඩුකාලාම තව්සා ඇත. භාග්‍යවතුන් වහන්සේ අද ඔහුගේ අසපුවෙහි එක් රැයක් වසන සේක්වා.
Pali BJTගච්ඡ මහානාම, සන්ථරං පඤ්ඤාපෙහීති. එවං භන්තෙති ඛො මහානාමො සක්කො භගවතො පටිස්සුත්වා යෙන භරණ්ඩුස්ස කාලාමස්ස අස්සමො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සන්ථරං පඤ්ඤාපෙත්වා උදකං ඨපෙත්වා පාදානං ධොවනාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච :
Sinhala BJTමහානාමය, යව පසතරණක් පන්ව යි. “වහන්ස, එසේය” යි මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා භරණ්ඩුකාලාම තව්සාගේ අසපුවට එළඹියේය. එළඹ පසතරණක් පන්වා පා දෝනට දිය එළවා තබා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹින. එළඹ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය.
Pali BJTසන්ථතො භන්තෙ, සන්ථාරො, උදකං ඨපිතං පාදානං ධොවනාය. යස්සදානි භන්තෙ, භගවා කාලං මඤ්ඤතීති.
Sinhala BJTවහන්ස, පසතරණ ඇතිරින. පාදෝනට දිය එළවා තැබින. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් යම් කිසෙක් ඇද්ද, එයට කල් දන්නේ මැනැවැයි.
Pali BJTඅථ ඛො භගවා යෙන භරණ්ඩුස්ස කාලාමස්ස අස්සමො, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා පාදෙ පක්ඛාලෙසි.
Sinhala BJTඑක්බිති භාග්‍යවතුන් වහන්සේ භරණ්ඩුකාලාමයාගේ අසපුවට වැඩිසේක. වැඩ පැන්වූ අස්නෙහි හුන් සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ පා දෙවූ සේක.
Pali BJTඅථ ඛො මහානාමස්ස සක්කස්ස එතදහොසි : අකාලො ඛො අජ්ජ භගවන්තං පයිරුපාසිතුං. කිලන්තො භගවා. ස්වෙදානාහං භගවන්තං පයිරුපාසිස්සාමීති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTඑක්බිති මහානාම ශාක්‍යයාහට තෙල සිත් වීය: දැන් භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසනයට අකාලය. භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්තයහ. “දැන් මම හෙට භාග්‍යවතුන් වහන්සේ උපාසනය කරමි” යි භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ ය.
Pali BJTඅථ ඛො මහානාමො සක්කො තස්සා රත්තියා අච්චයෙන යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො මහානාමං සක්කං භගවා එතදවොච :
Sinhala BJTඑක්බිති මහානාම ශාක්‍ය ඒ රැය ඉක්මෙන් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස්ව හුන් මහානාම ශාක්‍යරජුට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTතයො ඛො මෙ මහානාම, සත්ථාරො සන්තො සවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTමහානාමය, ලෝකයෙහි මේ ශාස්තෲහු තුන් දෙනෙක් විද්‍යාමානයහ.
Pali BJTකතමෙ තයො?
Sinhala BJTකවර තුන් දෙනෙක යත්:
Pali BJTඉධ මහානාම, එකච්චො සත්ථා කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙති. න රූපානං පරිඤ්ඤං පඤ්ඤාපෙති. න වෙදනානං පරිඤ්ඤං පඤ්ඤාපෙති. ඉධ පන මහානාම, එකච්චො සත්ථා කාමානං චෙව පරිඤ්ඤං පඤ්ඤාපෙති, රූපානං ච පරිඤ්ඤං පඤ්ඤාපෙති, න වෙදනානං පරිඤ්ඤං පඤ්ඤාපෙති. ඉධ පන මහානාම, එකච්චො සත්ථා කාමානං ච පරිඤ්ඤං පඤ්ඤාපෙති, රූපානං ච පරිඤ්ඤං පඤ්ඤාපෙති, වෙදනානං ච පරිඤ්ඤං පඤ්ඤාපෙති. ඉමෙ ඛො මහානාම, තයො සත්ථාරො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTමහානාමය, මෙලොව කිසි ශාස්තෘ කෙනෙක් කාමයන්ගේ ප්‍රහාණය පණවත්. රූපයන්ගේ ප්‍රහාණය නො පණවත්. වේදනාවන්ගේ ප්‍රහාණය නො පණවත්. මහානාමය, මෙලොව කිසි ශාස්තෘ කෙනෙක් කාමයන්ගේ ද ප්‍රහාණය පණවත්. රූපයන්ගේ ද ප්‍රහාණය පණවත්. වේදනාවන්ගේ ප්‍රහාණය නො පණවත්. මහානාමය, මෙලොව කිසි ශාස්තෘ කෙනෙක් කාමයන්ගේ ද ප්‍රහාණය පණවත්. රූපයන්ගේ ද ප්‍රහාණය පණවත්. වේදනාවන්ගේ ද ප්‍රහාණය පණවත්. මහානාමය, මේ ශාස්තෲහු තුන් දෙනා ලෝකයෙහි විද්‍යාමානයහ.
Pali BJTඉමෙසං මහානාම, තිණ්ණං සත්ථාරානං එකා නිට්ඨා උදාහු පුථු නිට්ඨාති.
Sinhala BJTමහානාමය, මේ තුන් ශාස්තෘවරුන්ගේ නිෂ්ඨාව එකෙක් වේ ද? නොහොත් බොහෝ නිෂ්ඨාවෝ ඇත්ද?
Pali BJTඑවං වුත්තෙ භරණ්ඩුකාලාමො මහානාමං සක්කං එතදවොච : එකාති මහානාම, වදෙහීති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි භරණ්ඩුකාලාම තවුස් මහානාම ශාක්‍යයාට තෙල කිය: “මහානාමය, එකැයි කියව” යි.
Pali BJTඑවං වුත්තෙ භගවා මහානාමං සක්කං එතදවොච : නානාති මහානාම, වදෙහීති.
Sinhala BJTමෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මහානාම ශාක්‍යාට තෙල වදාළහ: “මහානාමය, නානානිෂ්ඨාය කියව” යි.
Pali BJTදුතියම්පි -පෙ- තතියම්පි ඛො භරණ්ඩු කාලාමො මහානාමං සක්කං එතදවොච : එකාති මහානාම, වදෙහීති. තතියම්පි ඛො භගවා මහානාමං සක්කං එතදවොච : නානාති මහානාම, වදෙහීති.
Sinhala BJTදෙවන වටත් ... තුන් වන වටත් භරණ්ඩුකාලාම තව්සා මහානාම ශාක්‍යායාට තෙල කීය. “මහානාම, එකැ යි කියවයි.” තුන්වන වටත් භාග්‍යවතුන් වහන්සේ මහානාම ශාක්‍යයාට තෙල වදාළහ: “මහානාමය, නානානිෂ්ඨාය කියව” යි.
Pali BJTඅථ ඛො භරණ්ඩු කාලාමස්ස එතදහොසි : ‘මහෙසක්ඛස්ස වතම්හි මහානාමස්ස සක්කස්ස සම්මුඛා සමණෙන ගොතමෙන යාවතතියකං අපසාදිතො. යන්නූනාහං කපිලවත්ථුම්හා පක්කමෙය්යන්ති’.
Sinhala BJTඑක්බිති භරණ්ඩුකාලාම තව්සාට මෙසිත් විය: “මහේශාඛ්‍ය මහානාම ශාක්‍යරජුගේ හමියෙහි දී මහණ ගොයුම්හු විසින් තුන්වන වට තෙක් ගරහන ලදුයෙමි. මම කිඹුල්වතින් පැනයෙම් නම් මැනැවැ”යි.
Pali BJTඅථ ඛො භරණ්ඩු කාලාමො කපිලවත්ථුම්හා පක්කාමි. යං කපිලවත්ථුම්හා පක්කාමි, තථා පක්කන්තොව අහොසි. න පුන පච්චාගඤඡීති.
Sinhala BJTඑක්බිති භරණ්ඩුකාලාම තව්සා කිඹුල්වතින් නික්මින. කිඹුල්වතින් යම් සැටියෙකින් පැන ගියේ ද, එසැටියෙන් ගියේ ම විය. වටාලා නො පැමිණියේ ය.
Pali BJT3. 3. 3. 5.
Sinhala BJT3. 3. 3. 5.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT25. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො හත්ථකො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො පුරතො ඨස්සාමීති ඔසීදති චෙව සංසීදති ච, න සක්කොති සණ්ඨාතුං. සෙය්යථාපි නාම සප්පිං වා තෙලං වා වාලිකාය ආසිත්තං ඔසීදති සංසීදති න සණ්ඨාති. එවමෙව හත්ථකො දෙවපුත්තො භගවතො පුරතො ඨස්සාමීති ඔසීදති චෙව සංසීදති ච, න සක්කොති සණ්ඨාතුං.
Sinhala BJT25. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුඅරම්හි වැඩවසන සේක. එසඳ හත්‍ථක දෙව්පුත් ඉකල් රැය අභිකාන්තචඡ්විවර්‍ණ ඇත්තේ සම්පූර්‍ණ ජේතවනය වටා බුබුලුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. ‘එළඹ භාග්‍යවතුන් වහන්සේ පෙරට සිටිමි’ යි ගළයි. වැතිරීම් කෙරෙයි. නො සිටියහෙයි. සර්පිස් බින්‍දු හෝ තෛලබින්‍දු හෝ සියුම් වැලි මඬෙක ඉස්නා ලදුයේ ගළනේ වතුරුනේ වේ ද, නො සිටුනේ වේ ද, එපරිදි ම හත්‍ථක දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ පෙරට සිටිමි’ යි ගළනා හා වරුතුනා හා කෙරෙයි. සිටුනට නොහැකි වෙයි.
Pali BJTඅථ ඛො භගවා හත්ථකං දෙවපුත්තං එතදවොච : ඔළාරිකං හත්ථක, අත්තභාවං අභිනිම්මිනාහීති .
Sinhala BJTඑක්බිති භාග්‍යවතුන් වහන්සේ හත්‍ථක දෙව්පුත්හට තෙල වදාළහ: හත්‍ථකය, ඕළාරික ආත්මභාවයක් මවාලව යි.
Pali BJTඑවං භන්තෙති ඛො හත්ථකො දෙවපුත්තො භගවතො පටිස්සුත්වා ඔළාරිකං අත්තභාවං අභිනිම්මිනිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො හත්ථකං දෙවපුත්තං භගවා එතදවොච :
Sinhala BJTවහන්ස, එසේය යි හත්‍ථක දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඕළාරික ආත්මභාවයක් මවාගෙණ භාග්‍යවතුන් වහන්සේ සක සා වැඳ එකත්පස්ව සිටියේ ය. එකත්පස්ව සිටි හත්‍ථක දෙව්පුත්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTයෙ තෙ හත්ථක, ධම්මා පුබ්බෙ මනුස්සභූතස්ස පවත්තිනො අහෙසුං, අපි නු තෙ තෙ ධම්මා එතරහි පවත්තිනොති?
Sinhala BJTහත්‍ථකය, පෙර මනුෂ්‍ය වූ තොපට යම් ඒ දහම්හු (හැදෑරීමෙන්) වණපොත්ව වැටුනාහු ද, ඒ දහම්හු තොපට දැනුත් වණපොත්ව වැටෙත් ද?.
Pali BJTයෙ ච මෙ භන්තෙ, ධම්මා පුබ්බෙ මනුස්සභූතස්ස පවත්තිනො අහෙසුං, තෙ ච මෙ ධම්මා එතරහි පවත්තිනො. යෙ ච මෙ භන්තෙ, ධම්මා පුබ්බෙ මනුස්සභූතස්ස නප්පවත්තිනො අහෙසුං, තෙ ච මෙ ධම්මා එතරහි පවත්තිනො. සෙය්යථාපි භන්තෙ, භගවා එතරහි ආකිණ්ණො විහරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි, එවමෙව ඛො අහං භන්තෙ, ආකිණ්ණො විහරාමි දෙවපුත්තෙහි. දූරතොපි භන්තෙ, දෙවපුත්තා ආගච්ඡන්ති හත්ථකස්ස දෙවපුත්තස්ස සන්තිකෙ ධම්මං සොස්සාමාති. තිණ්ණාහං භන්තෙ, ධම්මානං අතිත්තො අප්පටිවානො කාලකතො.
Sinhala BJTවහන්ස, යම් ඒ දහම්හු පෙර මනුෂ්‍ය වූ මට වණපොත්ව වැටුනාහු ද, ඒ දහම්හුත් දැන් මට වණපොත්ව වැටෙති. වහන්ස, යම් ඒ දහම්හු පෙර මනුෂ්‍ය වූ මට වණපොත්ව නොවැටුනාහුද ඒ දහම්හුත් දැන් මට වණපොත්ව ඇත. වහන්ස, යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු, භික්‍ෂුණි, උපාසක, උපාසිකා, රාජ රාජමහාමාත්‍ය, තීර්‍ත්‍ථක තීර්‍ත්‍ථකශ්‍රාවකයන් විසින් ආකීර්‍ණව වසනසේක් ද, වහන්ස, එපරිදි ම මමත් දේවපුත්‍රයන් විසින් ආකීර්‍ණව වෙසෙමි. වහන්ස, දුරසිට දු “හත්‍ථක දේවපුත්‍රයා වෙත දහම් අසම්හ” යි දෙව්පුත්හු එති. වහන්ස, මම දහම් තුණක් පිළිබඳව අතෘප්ත වූයෙම් උත්කණ්ඨිත නො වූයෙම් කලුරිය කෙළෙමි.
Pali BJTකතමෙසං තිණ්ණං?
Sinhala BJTකවර කරුණු තුණක් පිළිබඳවය යත්:
Pali BJTභගවතො අහං භන්තෙ, දස්සනස්ස අතිත්තො අප්පටිවානො කාලකතො. සද්ධම්මසවණස්සාහං භන්තෙ, අතිත්තො අප්පටිවානො කාලකතො. සඞ්ඝස්සාහං භන්තෙ, උපට්ඨානස්ස අතිත්තො අප්පටිවානො කාලකතො. ඉමෙසං ඛො අහං භන්තෙ, තිණ්ණං ධම්මානං අතිත්තො අප්පටිවානො කාලකතොති.
Sinhala BJTවහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ දර්‍ශනයට අතෘප්ත වූයෙම් උත්කණ්ඨිත නොවූයෙම් කලුරිය කෙළෙමි. වහන්ස, මම සද්ධර්‍මශ්‍රවණයට අතෘප්ත වූයෙම් උත්කණ්ඨිත නොවූයෙම් කලුරිය කෙළෙමි. වහන්ස, මම සඞ්ඝෝපස්ථානයට අතෘප්ත වූයෙම් උත්කණ්ඨිත නොවූයෙම් කලුරිය කෙළෙමි යි. වහන්ස, මම මේ තුන් දහමුන් පිළිබඳව අතෘප්ත වූයෙම් උත්කණ්ඨිත නොවූයෙම් කලුරිය කෙළෙමි යි.
Pali BJT3. නාහං භගවතො දස්සනස්ස තිත්තිමජ්ඣගා{1} කුදාචනං, සඞ්ඝස්ස උපට්ඨානස්ස සද්ධම්මසවණස්ස ච.
Sinhala BJT3. මම භාග්‍යවතුන් වහන්සේගේ දර්‍ශනය පිළිබඳව කිසිදු කලෙක තෘප්තියට නොගියෙමි. සඟුන් වටනට සද්ධර්‍මශ්‍රවණයට තෘප්ත නොවීමි.
Pali BJT4. අධිසීලෙ සික්ඛමානො සද්ධම්මසවණෙ රතො තිණ්ණං ධම්මානමතිත්තො හත්ථකො අවිහං ගතොති.
Sinhala BJT4. දශශීලයෙහි හික්මෙන්නෙම් සද්ධර්‍මශ්‍රවණයෙහි ඇළුනෙම් තුන් දහමුන් පිළිබඳව අතෘප්ත වූයෙම් හත්‍ථක නම් මම අවිහ බඹලොවට ගියෙමි.
Pali BJT3. 3. 3. 6.
Sinhala BJT3. 3. 3. 6.
Pali BJT[බාරාණසිනිදානං]
Sinhala BJT[බරණැස්නිදාන යි]
Pali BJT26. එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය බාරාණසිං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො භගවා ගොයොගපිලක්ඛස්මිං{2} පිණ්ඩාය චරමානො අඤ්ඤතරං භික්ඛුං රිත්තාසං බාහිරාසං මුට්ඨස්සතිං අසම්පජානං අසමාහිතං විබ්භන්තචිත්තං පාකතින්ද්රියං. දිස්වා තං භික්ඛුං එතදවොච :
Sinhala BJT26. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර මිගදායෙහි වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ බරණැස පිණ්ඩපාතයට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ගෙරින් විකොටගන්නා තැනෙක වූ පුලිල ගසක් සමීපයෙහි පිඬුපිණිස වඩනා සේක් ධ්‍යානසුඛ නැතියෙන් අල්පාශ වූ, කාමගුණ සුඛවශයෙන් බාහිරාශා ඇති, එයින් ම මුළා සිහි ඇති, සම්ප්‍රඥාන රහිත, සමාහිත නොවූ, විභ්‍රාන්ත සිත් ඇති, නොදැමුනු ඉඳුරන් ඇති මහණක්හු දුටුසේක. ඒ මහණහු දැක තෙල වදාළහ:
Pali BJTභික්ඛු භික්ඛු{3} මා ඛො ත්වං, අත්තානං කටුවියමකාසි. තං වත භික්ඛු කටුවියකතං අත්තානං ආමගන්ධෙ{4} අවස්සුතං මක්ඛිකා නානුපතිස්සන්ති, නාන්වාස්සවිස්සන්තී, ති නෙතං ඨානං විජ්ජතීති.
Sinhala BJTමහණ, මහණ, තෝ ආත්මය නහමක් ඉඳුල් කරව. මහණ ඉඳුල් කළ, ක්‍රෝධ සඞ්ඛ්‍යාත ආමගන්‍ධයෙහි තෙත් වූ ඒ ආත්මය කෙලෙස් මැස්සෝ නැගී ලුහු නො බඳිති, ලුහුබැඳ නො කති යන තෙල කරුණ ඒකාන්තයෙන් නොවේ.
Pali BJTඅථ ඛො සො භික්ඛු භගවතා ඉමිනා ඔවාදෙන ඔවදිතො සංවෙගමාපාදි. අථ ඛො භගවා බාරාණසියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො භික්ඛූ ආමන්තෙසි :
Sinhala BJTඑක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරණ ලදුයේ සංවේගයට පැමිණියේය. එක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැස පිඬු පිණිස හැසිර පස්බත පිණ්ඩපාතයෙන් වැළකුනු සේක් භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJTඉදාහං{5} භික්ඛවෙ, පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය බාරාණසිං පිණ්ඩාය පාවිසිං. අද්දසං ඛො අහං භික්ඛවෙ, ගොයොගපිලක්ඛස්මිං පිණ්ඩාය චරමානො අඤ්ඤතරං භික්ඛුං රිත්තාසං බාහිරාසං මුට්ඨස්සතිං අසම්පජානං අසමාහිතං විබ්භන්තචිත්තං පාකතින්ද්රියං. දිස්වා තං භික්ඛුං එතදවොචං :
Sinhala BJTමහණෙනි, මම පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ බරණැස පිඬු පිණිස පිවිසිනිමි. මහණෙනි, මම ගෝයෝගපලක්‍ෂ මූලයෙහි දී පිඬු පිණිස හැසිරෙන්නෙම් ධ්‍යානාභාවයෙන් අල්පාශා ඇති, කාමගුණවශයෙන් බාහිරාශා ඇති, මුළා සිහි ඇත, සම්ප්‍රඥාන නැති, සමාධිත නො වූ, විභ්‍රාන්ත සිත් ඇති, ප්‍රාකෘත ඉන්‍ද්‍රිය ඇති එක්තරා මහණක්හු දිටිමි. දැක ඒ මහණහට තෙල බස කීමි:
Pali BJT“භික්ඛු භික්ඛු, මා ඛො ත්වං අත්තානං කටුවියමකාසි. තං වත භික්ඛු කටුවියකතං අත්තානං ආමගන්ධෙ අවස්සුතං මක්ඛිකා නානුපතිස්සන්ති නාන්වාස්සවිස්සන්තීති, නෙතං ඨානං විජ්ජතී”ති.
Sinhala BJT“මහණ, මහණ, තෝ ආත්මය නහමක් ඉඳුල් කරව, මහණ, ඉඳුල් කළ, ක්‍රෝධ සඞ්ඛ්‍යාත ආමගන්‍ධයෙහි තෙත් වූ ඒ ආත්මය කෙලෙස් මැස්සෝ නැගී ලුහු නො බඳිති, ලුහු බැඳ නො කති යන තෙල කරුණ ඒකාන්තයෙන් නොවේ” යි කියා යි.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, සො භික්ඛු මයා ඉමිනා ඔවාදෙන ඔවදිතො සංවෙගමාපාදීති.
Sinhala BJTමහණෙනි, එක්බිති ඒ මහණ මා විසින් මේ අවවාදයෙන් අවවාද කරණ ලදුයේ සංවේගයට පැමිණින.
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච : කින්නු ඛො භන්තෙ කටුවියං? කො ආමගන්ධො? කා මක්ඛිකාති?
Sinhala BJTමෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: වහන්ස, ‘ඉඳුල’ යනු කිම? ‘ආමගන්‍ධ’ යනු කිම? ‘මැසි’ යනු කිම?
Pali BJTඅභිජ්ඣා ඛො භික්ඛු, කටුවියං. ව්යාපාදො ආමගන්ධො. පාපකා අකුසලා විතක්කා මක්ඛිකා. තං වත භික්ඛු, කටුවියං කතං අත්තානං ආමගන්ධෙ අවස්සුතං මක්ඛිකා නානුපතිස්සන්ති නාන්වාස්සවිස්සන්තීති, නෙතං ඨානං විජ්ජතීති.
Sinhala BJTමහණ, අභිධ්‍යාව ඉඳුල. ව්‍යාපාදය ආමගන්‍ධය. පාපක අකුශල විතර්‍කයෝ මැස්සහ. මහණ, ඉඳුල් කළ ක්‍රෝධ සඞ්ඛ්‍යාත ආමගන්‍ධයෙහි තෙත් වූ ඒ ආත්මය “කෙලෙස්මැස්සන් නැගී ලුහු නො බඳිති යි ලුහු බැඳ නො කති යි” යන තෙල කරුණ ඒකාන්තයෙන් සිදු නොවෙයි.
Pali BJT5. අගුත්තං චක්ඛුසොතස්මිං ඉන්ද්රියෙසු අසංවුතං, මක්ඛිකා අනුපතිස්සන්ති සංකප්පා රාගනිස්සිතා.
Sinhala BJT5. චක්‍ෂුශ්ශ්‍රෝත දෙක්හි කළ ගෝපන නැති, ඉන්‍ද්‍රියයෙහි අසංවෘත වූ මහණහු රාගනිඃශ්‍රිත සංකල්පාඛ්‍යා මක්‍ෂිකාවෝ ලුහු බැඳ ගණිත්.
Pali BJT6. කටුවියකතො භික්ඛු ආමගන්ධෙ අවස්සුතො, ආරකා හොති නිබ්බාණා විඝාතස්සෙව භාගවා.
Sinhala BJT6. ක්ලේශාඛ්‍ය ආමගන්‍ධයෙහි තෙත් ව සිටුනා එයින් ම ඉඳුල් කළ මහණ නිවණින් විදුර වෙයි. සංසාරදුඃඛයට ම භාගී වෙයි.
Pali BJT7. ගාමෙ වා යදි වා, රඤ්ඤෙ අලද්ධා සමමත්තනො,{1} පරෙති{2} බාලො දුම්මෙධො මක්ඛිකාහි පුරක්ඛතො.
Sinhala BJT7. ගමෙහි වේවයි, නොහොත් වෙනෙහි වේවයි, තමහට සමයක්හු නොලැබ දුෂ්ප්‍රාඥ වූ අඳබල් මහණ කෙලෙස්මැස්සන් විසින් පුරස්කෘත ව යෙයි.
Pali BJT8. යෙ ච සීලෙන සම්පන්නා පඤ්ඤායුපසමෙ රතා, උපසන්තා සුඛං සෙන්ති නාසයිත්වාන මක්ඛිකාති.
Sinhala BJT8. යම් මහණහු ශීලසම්පන්න වෙත් ද, ප්‍රඥායෙන් ක්ලේශව්‍යපශමයෙහි නිරත වෙත් ද, උපශාන්ත වූ ඒ මහණහු කෙලෙස්මැස්සන් නසා පියා සුවසේ හොවිත්.
Pali BJT3. 3. 3. 7.
Sinhala BJT3. 3. 3. 7.