Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2301-2400 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පච්චුප්පන්නෙ ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ ඡන්දො ජායති : පච්චුප්පන්නෙ භික්ඛවෙ, ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති. තස්ස පච්චුප්පන්නෙ ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ චෙතසා අනුවිතක්කයතො අනුවිචාරයතො ඡන්දො ජායති. ඡන්දජාතො තෙහි ධම්මෙහි සඤ්ඤුත්තො හොති. එතමහං භික්ඛවෙ, සඤ්ඤොජනං වදාමි. යො චෙතසො සාරාගො. එවං ඛො භික්ඛවෙ, පච්චුප්පන්නෙ ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ ඡන්දො ජායති. ඉමානි ඛො භික්ඛවෙ, තීණි නිදානානි කම්මානං සමුදයායාති.
Sinhala BJTමහණෙනි, කෙසේ ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදනේ ය යත්: මහණෙනි, ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්‍කණය කෙරෙයි. නුකොට විචාරණය කෙරෙයි. ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නැවත විතර්‍ක කරණ නුකොට විචාරණ කරණ ඔහට තෘෂ්ණාච්ඡන්‍දයෙක් උපදී. හටගත් ඡන්‍ද ඇතියේ ඒ දහමින් සංයුක්ත වෙයි. මහණෙනි, සිත පිළිබඳ යම් සංරාගයෙක් ඇද් ද, මම තෙල සංරාගය සංයෝජනය යි කියමි. මහණෙනි, මෙසේ ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දයෙක් උපදනේ ය. මහණෙනි, වට්ටගාමී කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස මොහු නිදානයෝ තුන් දෙනයහ.
Pali BJTතීණිමානි භික්ඛවෙ, නිදානානි කම්මානං සමුදයාය. කතමානි තීණි : අතීතෙ භික්ඛවෙ, ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ ඡන්දො න ජායති. අනාගතෙ භික්ඛවෙ, ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ ඡන්දො න ජායති. පච්චුප්පන්නෙ භික්ඛවෙ, ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ ඡන්දො න ජායති.
Sinhala BJTමහණෙනි, විවට්ටගාමී කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස මේ නිදානයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය නූපදී. මහණෙනි, අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය නූපදී. මහණෙනි, ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය නූපදී.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අතීතෙ ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ ඡන්දො න ජායති : අතීතානං භික්ඛවෙ, ඡන්දරාගට්ඨානීයානං ධම්මානං ආයතිං විපාකං පජානාති. ආයතිං විපාකං විදිත්වා තදභිනිවජ්ජෙති.{1} තදභිනිවජ්ජෙත්වා{2} චෙතසා අභිවිරාජෙත්වා{3} පඤ්ඤාය අතිවිජ්ඣ පස්සති. එවං ඛො භික්ඛවෙ, අතීතෙ ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ ඡන්දො න ජායති.
Sinhala BJTමහණෙනි, කෙසේ අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය නූපදනේය යත්: මහණෙනි, අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහමුන්ගේ මතුයෙහි විපාකය දනී. මතුයෙහි විපාක දැන, එය වළහයි. එය වළහා සිතින් පහ කොට නුවණින් විනිවිද දක්නේ ය. මහණෙනි, මෙසේ අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා ඡන්‍දය නූපදනේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අනාගතෙ ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ ඡන්දො න ජායති : අනාගතානං භික්ඛවෙ, ඡන්දරාගට්ඨානීයානං ධම්මානං ආයතිං විපාකං පජානාති. ආයතිං විපාකං විදිත්වා තදභිනිවජ්ජෙති. තදභිනිවජ්ජෙත්වා චෙතසා අභිවිරාජෙත්වා පඤ්ඤාය අතිවිජ්ඣ පස්සති. එවං ඛො භික්ඛවෙ, අනාගතෙ ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ ඡන්දො න ජායති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍ද නූපදනේය යත්: මහණෙනි, අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන්ගේ විපාකය මතුයෙහි දන්නේ ය. මතුයෙහි විපාක දැන, එය වළහයි. එය වළහා සිතින් පහ කරයි සිතින් පහ කොට නුවණින් විනිවිද දක්නේ ය. මහණෙනි, මෙසේ අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය නූපදී.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පච්චුප්පන්නෙ ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ ඡන්දො න ජායති : පච්චුප්පන්නානං භික්ඛවෙ, ඡන්දරාගට්ඨානීයානං ධම්මානං ආයතිං විපාකං පජානාති. ආයතිං විපාකං විදිත්වා තදභිනිවජ්ජෙති. තදභිනිවජ්ජෙත්වා චෙතසා අභිවිරාජෙත්වා පඤ්ඤාය අතිවිජ්ඣ පස්සති. එවං ඛො භික්ඛවෙ, පච්චුප්පන්නෙ ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ ඡන්දො න ජායති.
Sinhala BJTමහණෙනි, කෙසේ ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා ඡන්‍දය නො උපදනේ ය යත්: මහණෙනි, ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහමුන්ගේ මතුයෙහි විපාකය දනී. මතුයෙහි විපාක දැන, ඒ වළහයි. ඒ වළහා සිතින් පහ කොට නුවණින් විනිවිද දක්නේ ය. මහණෙනි, මෙසේ ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් ඇරබ තෘෂ්ණාච්ඡන්‍දය නූපදනේ ය.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, තීණි නිදානානි කම්මානං සමුදයායාති.
Sinhala BJTමහණෙනි, වට්ටගාමී කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස මොහු නිදානයෝ තිදෙනය හ.
Pali BJTසම්බොධිවග්ගො පඨමො.{*}
Sinhala BJTපළමුවන සම්බෝධි වර්‍ගය යි.
Pali BJT[2. ආපායික වග්ගො]
Sinhala BJT[2. ආපායික වර්‍ගය]
Pali BJT3. 2. 2. 1.
Sinhala BJT3. 2. 2. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT11. තයොමෙ භික්ඛවෙ, ආපායිකා නෙරයිකා ඉදමප්පහාය. කතමෙ තයො :
Sinhala BJT11. මහණෙනි, (බ්‍රහ්මචාරීප්‍රතිඥාභාවාදි) මේ පාපධර්‍ම තුණ නො හැර සිටුනා මොහු තුන් දෙන අපායගාමීහු වෙත්. නිරයගාමීහු වෙත්. කවර තුන් දෙනක යත්:
Pali BJTයො ච අබ්රහ්මචාරී බ්රහ්මචාරි පටිඤ්ඤො. යො ච සුද්ධං බ්රහ්මචරියං චරන්තං අමූලකෙන අබ්රහ්මචරියෙන අනුද්ධංසෙති. යො චායං එවංවාදී එවංදිට්ඨි නත්ථි කාමෙසු දොසොති, සො කාමෙසු පාතව්යතං ආපජ්ජති.
Sinhala BJTයමෙක් අබ්‍රහ්මචාරී වූයේ බ්‍රහ්මචාරීප්‍රතිඥා ඇතියේ වේ ද, යමෙක් ශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නහු අමූලක අබ්‍රහ්මචර්‍ය්‍යවාදයෙන් නිගන්නේ ද, යමෙක් කාමයෙහි දෝෂයෙක් නැතැයි හේ කාමයෙහි පරිභෝග කටයුතු බවට පැමිණේ ද, මෙබඳු වාද ඇති’ මෙබඳු දෘෂ්ටි ඇති, මෙ තෙමේ ය යන තුන් දෙනයහ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, තයො ආපායිකා නෙරයිකා ඉදමප්පහායාති.
Sinhala BJTමහණෙනි, මේ පාපධර්‍ම තුණ නො හැර සිටුනා මොහු තුන් දෙන ආපායික් වෙත්. නේරයික් වෙත්.
Pali BJT3. 3. 2. 2.
Sinhala BJT3. 3. 2. 2.
Pali BJT12. තිණ්ණං භික්ඛවෙ, පාතුභාවො දුල්ලභො ලොකස්මිං. කතමෙසං තිණ්ණං :
Sinhala BJT12. මහණෙනි, තුන් දෙනෙකුන්ගේ ප්‍රාදුර්‍භාවය ලෝකයෙහි දුර්‍ලභය. කවර තුන් දෙනකුගේය යත්:
Pali BJTතථාගතස්ස භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. තථාගතප්පවෙදිතස්ස ධම්මවිනයස්ස දෙසෙතා පුග්ගලො දුල්ලභො ලොකස්මිං. කතඤ්ඤූ කතවෙදී පුග්ගලො දුල්ලභො ලොකස්මිං.
Sinhala BJTමහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ ප්‍රාදුර්‍භාවය ලෝකයෙහි දුර්‍ලභ ය. තථාගතයන් වහන්සේ වදාළ ධර්‍මවිනය දෙසන පුද්ගල ලෝකයෙහි දුර්‍ලභය. කෘතඥ - කෘතවේදී පුද්ගල ලෝකයෙහි දුර්‍ලභයි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ, තිණ්ණං පාතුභාවො දුල්ලභො ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනාගේ ප්‍රාදුර්‍භාවය ලෝකයෙහි දුර්‍ලභ වෙයි.
Pali BJT3. 3. 2. 3.
Sinhala BJT3. 3. 2. 3.
Pali BJT13. තයොමෙ භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො : සුප්පමෙය්යො, දුප්පමෙය්යො, අප්පමෙය්යො.
Sinhala BJT13. මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර තුන් දෙනෙක යත්: සුවසේ මිනිය හැකි පුද්ගලය, දුකසේ මිනිය හැකි පුද්ගලය, නොමිනිය හැකි පුද්ගලයි.
Pali BJTකතමො ච භික්ඛවෙ, පුග්ගලො සුප්පමෙය්යො?
Sinhala BJTමහණෙනි, සුවසේ මිනිය හැකි පුද්ගල කවරේ ය?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො උද්ධතො හොති උන්නලො චපලො මුඛරො විකිණ්ණවාචො මුට්ඨස්සතී අසම්පජානො අසමාහිතො විබ්භන්තචිත්තො පාකතින්ද්රියො. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො සුප්පමෙය්යො.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් උද්ධත වේ. ඔසොවා ලූ මානනල ඇතියේ වේ. පාත්‍රමණ්ඩනාදි චාපල්‍යය ඇතියේ වෙයි. දොඩමලු වෙයි. අසංයත වචන ඇතියේ වෙයි. මුළා සිහි ඇතියේ වෙයි. සමප්‍රඥාන නැත්තේ වෙයි. චිතෛතකාග්‍රතා නැතියේ වෙයි. භ්‍රාන්ත සිත් ඇතියේ වෙයි. විවෘත ඉඳුරන් ඇතියේ වෙයි. මහණෙනි, මේ පුද්ගල සුප්‍රමේය (=සුවසේ මිනිය හැකි) ය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, පුග්ගලො දුප්පමෙය්යො?
Sinhala BJTමහණෙනි, දුක සේ මිනිය හැකි පුද්ගල කවරේ ය?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො අනුද්ධතො හොති අනුන්නලො අචපලො අමුඛරො අවිකිණ්ණවාචො උපට්ඨිතසති සම්පජානො සමාහිතො එකග්ගචිත්තො සංවුතින්ද්රියො. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො දුප්පමෙය්යො.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලක් අනුද්ධත වෙයි. ඔසොවා ලූ මානනල නැතියේ වේ. පාත්‍රමණ්ඩනාදි චාපල්‍යය නැතියේ වෙයි. දොඩමලු නො වූයේ වෙයි. අසංයත වචන නැතියේ වෙයි. එළඹ සිටි සිහි ඇතියේ වෙයි. සමප්‍රඥාන ඇතියේ වෙයි. සමාධිගත වූයේ වෙයි. ඒකාග්‍ර සිත් ඇතියේ වෙයි. සංවෘත ඉඳුරන් ඇතියේ වෙයි. මහණෙනි, මේ පුද්ගල දුෂ්ප්‍රමේය (=දුකසේ මිනිය හැකි) ය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, පුග්ගලො අප්පමෙය්යො :
Sinhala BJTමහණෙනි, අප්‍රමේය පුද්ගල කවරේ ය?
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු අරහං හොති ඛීණාසවො. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො අප්පමෙය්යො.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි අර්‍හත්ක්‍ෂීණාස්‍රව මහණෙක් වේ. මහණෙනි, මේ පුද්ගල අප්‍රමේය (නොමිනිය හැකි) පුද්ගලය යි කියනු ලැබේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලෝකයෙහි විද්‍යමානය හ.
Pali BJT3. 3. 2. 4.
Sinhala BJT3. 3. 2. 4.
Pali BJT14. තයොමෙ භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො :
Sinhala BJT14. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර තුන් දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සො තදස්සාදෙති. තන්නිකාමෙති, තෙන ච විත්තිං ආපජ්ජති. තත්රට්ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී අපරිහීනො කාලං කුරුමානො ආකාසානඤ්චායතනූපගානං දෙවානං සහව්යතං උපපජ්ජති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් සමතික්‍රමණය කිරීමෙන් ප්‍රතිඝසංඥාවන් අස්තඞ්ගම කිරීමෙන් නානාත්‍වසංඥාවන් මෙනෙහි නො කිරීමෙන් “ආකාශය අනන්තය” යි ගෙණ ආකාශානාන්ත්‍යායතනයට එළඹ වෙසෙයි. හේ ඒ ධ්‍යානය ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානය පතයි. ඒ ධ්‍යානයෙන් තුෂ්ටියට පැමිණෙයි. ඒ ධ්‍යානයෙහි සිටියේ ඒ ධ්‍යානයෙහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විහරණ ඇතියේ ඒ ධ්‍යානයෙන් නො පිරිහුනේ කලුරිය කරමින් ආකාශානාන්ත්‍යායතනෝපග දෙවියන්ගේ සහභාවයට එළඹෙයි.
Pali BJTආකාසානඤ්චායතනූපගානං භික්ඛවෙ, දෙවානං වීසතිකප්පසහස්සානි ආයුප්පමාණං. තත්ථ පුථුජ්ජනො යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං, තං සබ්බං ඛෙපෙත්වා නිරයම්පි ගච්ඡති. තිරච්ඡානයොනිම්පි ගච්ඡති, පෙත්තිවිසයම්පි ගච්ඡති.
Sinhala BJTමහණෙනි, ආකාශානාන්ත්‍යායතනෝපග දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කප් විසිදහසෙකි. එහි පෘථග්ජන තෙමේ ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යෝනියට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.
Pali BJTභගවතො පන සාවකො තත්ථ යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං, තං සබ්බං ඛෙපෙත්වා තස්මිංයෙව භවෙ පරිනිබ්බායති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවන් පානේ ය.
Pali BJTඅයං ඛො භික්ඛවෙ, විසෙසො, අයං අධිප්පායො, ඉදං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙන යදිදං ගතියා උපපත්තියා සති.
Sinhala BJTමහණෙනි, යම් මේ ගතිය හෝ උප්පත්තිය හෝ ඇතිවත් ම ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අශ්‍රැතවත් පෘථග්ජනයා හා සමග මේ විශේෂ යි. මේ අධිකප්‍රයෝග යි. මේ නානාකරණ යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සො තදස්සාදෙති, තන්නිකාමෙති, තෙන ච විත්තිං ආපජ්ජති. තත්රට්ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී අපරිහීනො කාලං කුරුමානො විඤ්ඤාණඤ්චායතනූපගානං දෙවානං සහව්යතං උපපජ්ජති.
Sinhala BJTතවද මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආකාශානාන්ත්‍යායතනය ඉක්ම ගෙණ “විඥානය අනන්තය” යි කොට විඥානන්ත්‍යායතනයට එළඹ වෙසේ. හේ ඒ ධ්‍යානය ආස්වාද කෙරේ. ඒ ධ්‍යානය පතයි. ඒ ධ්‍යානයෙන් තුෂ්ටියට පැමිණේ. ඒ ධ්‍යානයෙහි සිටියේ ඒ ධ්‍යානයෙහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විහරණ ඇතියේ, ඒ ධ්‍යානයෙන් නො පිරිහුනේ කලුරිය කරමින් විඥානන්ත්‍යායතනෝපග දෙවියන්ගේ සහභාවයට එළඹෙයි.
Pali BJTවිඤ්ඤාණඤ්චායතනූපගානං භික්ඛවෙ, දෙවානං චත්තාරීසං කප්පසහස්සානි ආයුප්පමාණං. තත්ථ පුථුජ්ජනො යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං, තං සබ්බං ඛෙපෙත්වා නිරයම්පි ගච්ඡති, තිරච්ඡානයොනිම්පි ගච්ඡති, පෙත්තිවිසයම්පි ගච්ඡති.
Sinhala BJTමහණෙනි, විඥානන්ත්‍යායතනෝපග දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කප් සතළිස්දහසෙකි. පෘථග්ජන එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යෝනියට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.
Pali BJTභගවතො පන සාවකො තත්ථයාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං, තං සබ්බං ඛෙපෙත්වා තස්මිඤ්ඤෙව භවෙ පරිනිබ්බායති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම්තාක් වේ ද, ඒ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවන් පානේ ය.
Pali BJTඅයං ඛො භික්ඛවෙ, විසෙසො අයං අධිප්පායො, ඉදං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙන යදිදං ගතියා උපපත්තියා සති.
Sinhala BJTමහණෙනි, යම් මේ ගතිය හෝ උප්පත්තිය හෝ ඇතිවත් ම ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂ යි. මේ අධිකප්‍රයෝග යි. මේ නානාකරණය යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සො තදස්සාදෙති, තන්නිකාමෙති, තෙන ච විත්තිං ආපජ්ජති. තත්රට්ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී අපරිහීනො කාලං කුරුමානො ආකිඤ්චඤ්ඤායතනූපගානං දෙවානං සහව්යතං උපපජ්ජති.
Sinhala BJTතවද මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සර්‍වප්‍රකාරයෙන් විඥානන්ත්‍යායතනය ඉක්ම “කිසිත් නැතැ” යි ගෙණ ආකිඤ්චන්‍යායතනයට එළඹ වෙසෙයි. හේ ඒ ධ්‍යානය ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානය පතයි. ඒ ධ්‍යානයෙන් ම තුෂ්ටියට පැමිණේ. ඒ ධ්‍යානයෙහි සිටියේ ඒ ධ්‍යානයෙහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විහරණ ඇතියේ, ඒ ධ්‍යානයෙන් නො පිරිහුනේ කලුරිය කරමින් ආකිඤ්චන්‍යායතනොපග දෙවියන්ගේ සහභාවයට යෙයි.
Pali BJTආකිඤ්චඤ්ඤායතනූපගානං භික්ඛවෙ, දෙවානං සට්ඨිං කප්පසහස්සානි ආයුප්පමාණං. තත්ථ පුථුජ්ජනො යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං, තං සබ්බං ඛෙපෙත්වා නිරයම්පි ගච්ඡති, තිරච්ඡානයොනිම්පි ගච්ඡති, පෙත්තිවිසයම්පි ගච්ඡති.
Sinhala BJTමහණෙනි, ආකිඤ්චන්‍යායතනොපග දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කප් සැටදහසෙකි. පෘථග්ජන එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යෝනියට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.
Pali BJTභගවතො පන සාවකො තත්ථ යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා තස්මිඤ්ඤෙව භවෙ පරිනිබ්බායති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම්තාක් වේ ද, ඒ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවන් පානේ ය.
Pali BJTඅයං ඛො භික්ඛවෙ, විසෙසො , අයං අධිප්පායො, ඉදං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙන යදිදං ගතියා උපපත්තියා. ඉමෙ ඛො භික්ඛවෙ, තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, යම් මේ ගතිය හෝ උප්පත්තිය හෝ ඇතිවත් ම ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අශ්‍රැතවත් පෘථග්ජනයා හා මේ විශේෂ යි. මේ අධිකප්‍රයෝග යි. මේ කරණ නානාත්‍ව යි. මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනා ලෝකයෙහි විද්‍යමානය හ.
Pali BJT3. 3. 2. 5.
Sinhala BJT3. 3. 2. 5.
Pali BJT15. තිස්සො ඉමා භික්ඛවෙ, විපත්තියො. කතමා තිස්සො : සීලවිපත්ති, චිත්තවිපත්ති, දිට්ඨිවිපත්ති.
Sinhala BJT15. මහණෙනි, මේ විපත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ශීලවිපත්තිය, චිත්තවිපත්තිය, දෘෂ්ටිවිපත්ති යි.
Pali BJTකතමා ච භික්ඛවෙ, සීලවිපත්ති?
Sinhala BJTමහණෙනි, ශීලවිපත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසුමිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුණවාචො හොති, ඵරුසවාචො හොති, සම්ඵප්පලාපී හොති. අයං වුච්චති භික්ඛවෙ, සීලවිපත්ති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි. පිසුණුබස් ඇතියේ වෙයි. පරුස්බස් ඇතියේ වෙයි. සමඵප්පලප ඇතියේ වෙයි. මහණෙනි, මේ ශීලවිපත්ති යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, චිත්තවිපත්ති?
Sinhala BJTමහණෙනි, චිත්තවිපත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො අභිජ්ඣාලු හොති : ව්යාපන්නචිත්තො හොති, අයං වුච්චති භික්ඛවෙ, චිත්තවිපත්ති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැමෙක් අභිධ්‍යා බහුල වෙයි. ව්‍යාපාදයට පත් සිතැත්තේ වෙයි. මහණෙනි, මේ චිත්තවිපත්ති යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, දිට්ඨිවිපත්ති?
Sinhala BJTමහණෙනි, දෘෂ්ටිවිපත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො මිච්ඡාදිට්ඨිකො හොති. විපරීතදස්සනො නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති. අයං වුච්චති භික්ඛවෙ, දිට්ඨිවිපත්ති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැමෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන ඇතියේ වෙයි. “දානවිපාක නැත, යාගවිපාක නැත, ප්‍රාඝුණසත්කාරවිපාක නැත, සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලෝ නැත, පරලෝ නැත, මාතෘඋපස්ථාන විපාක නැත, පිතෘඋපස්ථාන විපාක නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත. මෙලෝ පරලෝ තමන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පවසත් ද එබඳු සම්‍යග්ගත සම්‍යක් ප්‍රතිපන්න ශ්‍රමණබ්‍රාහ්මණයෝ ලොව නැතැ”යි මිථ්‍යාදෘෂ්ටික වෙයි. මහණෙනි, මේ දෘෂ්ටිවිපත්ති යි කියනු ලැබේ.
Pali BJTසීලවිපත්තිහෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. චිත්තවිපත්තිහෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. දිට්ඨිවිපත්තිහෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, ශීලවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. මහණෙනි, චිත්තවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. මහණෙනි, දෘෂ්ටිවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, තිස්සො විපත්තියොති.
Sinhala BJTමහණෙනි, මේ විපත්තීහු තුන් දෙනය හ.
Pali BJTතිස්සො ඉමා භික්ඛවෙ, සම්පදා. කතමා තිස්සො : සීලසම්පදා, චිත්තසම්පදා, දිට්ඨිසම්පදා.
Sinhala BJTමහණෙනි, මේ සම්පත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ශීලසම්පත්තිය, චිත්තසම්පත්තිය, දෘෂ්ටිසම්පත්ති යි.
Pali BJTකතමා ච භික්ඛවෙ, සීලසම්පදා?
Sinhala BJTමහණෙනි, ශීලසම්පත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුණාවාචා පටිවිරතො හොති, ඵරුසාවාචා පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති. අයං වුච්චති භික්ඛවෙ, සීලසම්පදා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුණුබසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි. සම්ඵප්පලපින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ ශීලසම්පත්තියි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, චිත්තසම්පදා?
Sinhala BJTමහණෙනි, චිත්තසම්පත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො අනභිජාලු හොති, අව්යාපන්නචිත්තො හොති. අයං වුච්චති භික්ඛවෙ, චිත්තසම්පදා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැමෙක් අභිධ්‍යාබහුල වූයේ නො වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැතියේ නො වෙයි. මහණෙනි, මේ චිත්තසම්පත්ති යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, දිට්ඨිසම්පදා?
Sinhala BJTමහණෙනි, දෘෂ්ටිසම්පත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො සම්මාදිට්ඨිකො හොති අවිපරීතදස්සනො : අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති. අයං වුච්චති භික්ඛවෙ, දිට්ඨිසම්පදා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් සම්‍යග්දෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන නැත්තේ වේ. “දානවිපාක ඇත, යාගවිපාක ඇත, ප්‍රාඝුණ සත්කාරවිපාක ඇත, සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵලවිපාක ඇත, මෙ ලොව ඇත, පරලොව ඇත, මවුවටනෙහි විපාක ඇත, පියවටනෙහි විපාක ඇත, ච්‍යුත වැ පහළවන සත්ත්‍වයෝ ඇත. මෙලෝ පරලෝ තමන් දැන පසක් කොට දෙසන සම්‍යග්ගත වූ (මනාගති ඇති) මොනවට පිළිපන් මහණබමුණෝ ලොව ඇතැ”යි අවිපරීතදර්‍ශන ඇතියේ වෙයි. මහණෙනි, මේ දෘෂ්ටිසම්පත්ති යි කියනු ලැබේ.
Pali BJTසීලසම්පදාහෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. චිත්තසම්පදාහෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. දිට්ඨිසම්පදාහෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, ශීලසම්පත් හේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි මනා ගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙත්. මහණෙනි, චිත්තසම්පත්ති හේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙත්. මහණෙනි, දෘෂ්ටිසම්පත්ති හේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙත්.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, තිස්සො සම්පදාති.
Sinhala BJTමහණෙනි, මේ සම්පත්හු තුන් දෙනයහ.
Pali BJT3. 3. 2. 6.
Sinhala BJT3. 3. 2. 6.
Pali BJT16. තිස්සො ඉමා භික්ඛවෙ, විපත්තියො. කතමා තිස්සො : සීලවිපත්ති, චිත්තවිපත්ති, දිට්ඨිවිපත්ති.
Sinhala BJT16. මහණෙනි, මේ විපත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ශීලවිපත්තිය, චිත්තවිපත්තිය, දෘෂ්ටිවිපත්ති යි.
Pali BJTකතමා ච භික්ඛවෙ, සීලවිපත්ති?
Sinhala BJTමහණෙනි, ශීලවිපත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පාණාතිපාතී හොති -පෙ- සම්ඵප්පලාපී හොති. අයං වුච්චති භික්ඛවෙ, සීලවිපත්ති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. ... සම්ඵප්පලාප ඇතියේ වෙයි. මහණෙනි, මේ ශීලවිපත්ති යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, චිත්තවිපත්ති?
Sinhala BJTමහණෙනි, චිත්තවිපත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො අභිජ්ඣාලු හොති ව්යාපන්නචිත්තො හොති. අයං වුච්චති භික්ඛවෙ, චිත්තවිපත්ති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැමෙක් අභිජ්ඣාබහුල වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැතියේ වෙයි. මහණෙනි, මේ චිත්තවිපත්ති යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, දිට්ඨිවිපත්ති?
Sinhala BJTමහණෙනි, දෘෂ්ටිවිපත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො මිච්ඡාදිට්ඨිකො හොති විපරීතදස්සනො : නත්ථි දින්නං, නත්ථි යිට්ඨං -පෙ- නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති. අයං වුච්චති භික්ඛවෙ, දිට්ඨිවිපත්ති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැමෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන ඇතියේ වෙයි. “දාන විපාක නැත, යාගවිපාක නැත, ... මෙ ලොවත් පරලොවත් තමන් දැන විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට දෙසන මනා ගති ඇති මොනොවට පිළිපන් මහණබමුණෝ ලොව නැත”, යන විපරීතදර්‍ශන ඇතියේ වෙයි. මහණෙනි, මේ දෘෂ්ටිවිපත්තිය යි කියනු ලැබේ.
Pali BJTසීලවිපත්තිහෙතු වා භික්ඛවෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. චිත්තවිපත්තිහෙතු වා භික්ඛවෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. දිට්ඨිවිපත්තිහෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, ශීලවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව සිටුනා නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. මහණෙනි, චිත්තවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. මහණෙනි, දෘෂ්ටිවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව සිටුනා නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, අපණ්ණකො මණි උද්ධං ඛිත්තො යෙන යෙනෙව පතිට්ඨාති, සුප්පතිට්ඨිතඤ්ඤෙව පතිට්ඨාති. එවමෙව ඛො භික්ඛවෙ, සීලවිපත්තිහෙතු වා සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. චිත්තවිපත්තිහෙතු වා සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. දිට්ඨිවිපත්තිහෙතු වා සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි ෂඩංශ ඇති පසැට උඩ ලූයේ යම් යම් ලෙසෙකින් සිටුනේ ද, මොනොවට සිටුනේ ම සිටී. මහණෙනි, එපරිදි ම ශීලවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මත්තෙහි සැපයෙන් පහව සිටුනා නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. චිත්තවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව සිටුනා නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. දෘෂ්ටිවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව සිටුනා නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, තිස්සො විපත්තියොති.
Sinhala BJTමහණෙනි, මේ තුන් විපත්තීහු යි.
Pali BJTතිස්සො ඉමා භික්ඛවෙ, සම්පදා. කතමා තිස්සො : සීලසම්පදා, චිත්තසම්පදා, දිට්ඨිසම්පදා.
Sinhala BJTමහණෙනි, මේ සම්පත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ශීලසම්පත්තිය, චිත්තසම්පත්තිය, දෘෂ්ටිසම්පත්ති යි.
Pali BJTකතමා ච භික්ඛවෙ, සීලසම්පදා?
Sinhala BJTමහණෙනි, ශීලසම්පත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සම්ඵප්පලාපා පටිවිරතො හොති. අයං වුච්චති භික්ඛවෙ, සීලසම්පදා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි. සම්ඵප්පලපින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ ශීලසම්පත්තියි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, චිත්තසම්පදා?
Sinhala BJTමහණෙනි, චිත්තසම්පත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො අනභිජ්ඣාලු හොති, අව්යාපන්නචිත්තො හොති. අයං වුච්චති භික්ඛවෙ, චිත්තසම්පදා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැමෙක් අභිධ්‍යාබහුල වූයේ නො වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැතියේ නො වෙයි. මහණෙනි, මේ චිත්තසම්පත්ති යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, දිට්ඨිසම්පදා?
Sinhala BJTමහණෙනි, දෘෂ්ටිසම්පත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො සම්මාදිට්ඨිකො හොති අවිපරීතදස්සනො : අත්ථි දින්නං, අත්ථි යිට්ඨං -පෙ- අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති. අයං වුච්චති භික්ඛවෙ, දිට්ඨිසම්පදා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැමෙක් සම්‍යග්දෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන නැතියේ වෙයි. “දානවිපාක ඇත, යාගවිපාක ඇත, මෙලෝ පරලෝ තමන් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ප්‍රකාශ කරණ මනාගති ඇති මොනවට පිළිපන් මහණබමුණෝ ලොව ඇත” ය අවිපරීතදර්‍ශන ඇතියේ වෙයි. මහණෙනි, මේ දෘෂ්ටිසම්පත්ති යි කියනු ලැබේ.
Pali BJTසීලසම්පදාහෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. චිත්තසම්පදාහෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. දිට්ඨිසම්පදාහෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, ශීලසම්පත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙත්. මහණෙනි, චිත්තසම්පත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙත්. මහණෙනි, දෘෂ්ටිසම්පත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙත්.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, අපණ්ණකො මණි උද්ධං ඛිත්තො යෙන යෙනෙව පතිට්ඨාති, සුප්පතිට්ඨිතඤ්ඤෙව පතිට්ඨාති. එවමෙව ඛො භික්ඛවෙ, සීලසම්පදාහෙතු වා සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. චිත්තසම්පදාහෙතු වා -පෙ- දිට්ඨිසම්පදාහෙතු වා සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි ෂඩංශ ඇති පසැට උඩ ලූයේ යම් යම් තෙලෙකින් පිහිටා සිටුනේ ද, සුප්‍රතිෂ්ඨිත කොටමැ සිටුනේය. මහණෙනි, එපරිදි ම ශීලසම්පත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙත්. චිත්තසම්පත්තිහේතුයෙන් හෝ ... දෘෂ්ටි සම්පත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙත්.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, තිස්සො සම්පදාති.
Sinhala BJTමහණෙනි, මොහු තුන් සම්පත්තීහු යි.
Pali BJT3. 3. 2. 7.
Sinhala BJT3. 3. 2. 7.
Pali BJT17. තිස්සො ඉමා භික්ඛවෙ, විපත්තියො. කතමා තිස්සො : කම්මන්තවිපත්ති, ආජීවවිපත්ති, දිට්ඨිවිපත්ති.
Sinhala BJT17. මහණෙනි, මේ විපත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කර්‍මාන්තවිපත්තිය, ආජීවවිපත්තිය, දෘෂ්ටිවිපත්ති යි.
Pali BJTකතමා ච භික්ඛවෙ, කම්මන්තවිපත්ති?
Sinhala BJTමහණෙනි, කර්‍මාන්තවිපත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පාණාතිපාතී හොති -පෙ- සම්ඵප්පලාපී හොති. අයං වුච්චති භික්ඛවෙ, කම්මන්තවිපත්ති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි ... සම්ඵලාප්ප ඇතියේ වෙයි. මහණෙනි, මේ කර්‍මාන්තවිපත්ති යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, ආජීවවිපත්ති?
Sinhala BJTමහණෙනි, ආජීවවිපත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො මිච්ඡාආජීවො හොති. මිච්ඡාආජීවෙන ජීවිකං කප්පෙති. අයං වුච්චති භික්ඛවෙ, ආජීවවිපත්ති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැමෙක් මිථ්‍යාආජීව ඇතියේ වෙයි. මිථ්‍යාආජීවයෙන් ජීවිකා කෙරෙයි. මහණෙනි, මේ ආජීවවිපත්ති යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, දිට්ඨිවිපත්ති?
Sinhala BJTමහණෙනි, දෘෂ්ටිවිපත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො මිච්ඡාදිට්ඨිකො හොති විපරීතදස්සනො : නත්ථි දින්නං, නත්ථි යිට්ඨං -පෙ- නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති. අයං වුච්චති භික්ඛවෙ, දිට්ඨිවිපත්ති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැමෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන ඇතියේ වෙයි. “දානවිපාක නැත, (මඞ්ගල විසින් යුතුකළ) ඉෂ්ටදානයෙහි විපාක නැත, ... මෙලොවත් පරලොවත් තමන් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට දෙසන මනාගති ඇති මොනොවට පිළිපන් මහණබමුණෝ ලොව නැත”, යන විපරීතදර්‍ශන ඇතියේ වෙයි. මහණෙනි, මේ දෘෂ්ටිවිපත්ති යි කියනු ලැබේ.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, තිස්සො විපත්තියොති.
Sinhala BJTමහණෙනි මොහු තුන් විපත්තීහු යි.
Pali BJTතිස්සො ඉමා භික්ඛවෙ, සම්පදා. කතමා තිස්සො : කම්මන්තසම්පදා, ආජීවසම්පදා, දිට්ඨිසම්පදා.
Sinhala BJTමහණෙනි, මේ සම්පත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කර්‍මාන්තසම්පත්තිය, ආජීවසම්පත්තිය, දෘෂ්ටිසම්පත්ති යි.
Pali BJTකතමා ච භික්ඛවෙ, කම්මන්තසම්පදා?
Sinhala BJTමහණෙනි, කර්‍මාන්තසම්පත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සම්ඵප්පලාපා පටිවිරතො හොති. අයං වුච්චති භික්ඛවෙ, කම්මන්තසම්පදා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවායෙන් දුරු වූයේ වෙයි ... සම්ඵප්පලපින් දුරු වූයේ වෙයි. මහණෙනි, මේ කර්‍මාන්තසම්පත්ති යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, ආජීවසම්පදා?
Sinhala BJTමහණෙනි, ආජීවසම්පත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො සම්මාආජීවො හොති, සම්මාආජීවෙන ජීවිකං කප්පෙති. අයං වුච්චති භික්ඛවෙ, ආජීවසම්පදා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැමෙක් සම්‍යග් ආජීව ඇතියේ වෙයි. සම්‍යග් ආජීවයෙන් ජීවිකා කෙරෙයි. මහණෙනි, මේ ආජීවසම්පත්ති යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, දිට්ඨිසම්පදා?
Sinhala BJTමහණෙනි, දෘෂ්ටිසම්පත්ති කවර?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො සම්මාදිට්ඨිකො හොති අවිපරීතදස්සනො : අත්ථි දින්නං, අත්ථි යිට්ඨං -පෙ- අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති. අයං වුච්චති භික්ඛවෙ, දිට්ඨිසම්පදා.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැමෙක් සම්‍යග් දෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන නැතියේ වෙයි. “දානවිපාක ඇත, ඉෂ්ටවිපාක ඇත, ... මෙ ලොවත් පරලොවත් තමන් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ මනාගති ඇති මොනොවට පිළිපන් මහණබමුණෝ ලොව ඇත”, යන අවිපරීතදර්‍ශන ඇතියේ වෙයි.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, තිස්සො සම්පදාති.
Sinhala BJTමහණෙනි, මේ දෘෂ්ටිසම්පත්ති යි කියනු ලැබේ. මහණෙනි මේ ත්‍රිවිධ සම්පත්තීහු යි.
Pali BJT3. 3. 2. 8.
Sinhala BJT3. 3. 2. 8.
Pali BJT18. තීණිමානි භික්ඛවෙ, සොචෙය්යානි. කතමානි තීණි : කායසොචෙය්යං, වචීසොචෙය්යං, මනොසොචෙය්යං.
Sinhala BJT18. මහණෙනි, මේ ශුචිභාවයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කායද්වාරයෙහි ශුචිභාවය, වාග්ද්වාරයෙහි ශුචිභාවය, මනෝද්වාරයෙහි ශුචිභාව යි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, කායසොචෙය්යං?
Sinhala BJTමහණෙනි, කායද්වාරයෙහි ශුචිභාවය කවරේය යත්: