Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2201-2300 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො අභාවිතකායො හොති අභාවිතසීලො අභාවිතචිත්තො අභාවිතපඤ්ඤො පරිත්තො අප්පාතුමො අප්පදුක්ඛවිහාරී. එවරූපස්ස භික්ඛවෙ, පුග්ගලස්ස අප්පමත්තකම්පි පාපං කම්මං කතං තමෙනං නිරයං උපනෙති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් අභාවිතකාය වෙයි. අභාවිතශීල වෙයි අභාවිතචිත්ත වෙයි. අභාවිතප්‍රඥ වෙයි. ගුණ විසින් අල්ප වෙයි. ගුණ විසින් අල්පතම වෙයි. අල්පපාපයෙනුත් දුඃඛවිහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයා විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට පමුණුවයි.
Pali BJTකථංරූපස්ස භික්ඛවෙ, පුග්ගලස්ස තාදිසඤ්ඤෙව අප්පමත්තකං පාපං කම්මං{1} කතං දිට්ඨධම්මවෙදනීයං හොති, නාණුම්පි ඛායති, කිං බහුදෙව?
Sinhala BJTමහණෙනි, කෙබඳු පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වේ ද, පරලොව අණුමාත්‍ර වූත් විපාකයෙක් නො පැණේ ද, බොහෝ විපාක නො පැණෙන්නේ ම වේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො භාවිතකායො හොති භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤො අපරිත්තො මහත්තා{2} අප්පමාණවිහාරී. එවරූපස්ස භික්ඛවෙ, පුග්ගලස්ස තාදිසඤ්ඤෙව අප්පමත්තකං පාපං කම්මං කතං දිට්ඨධම්මවෙදනීයං හොති, නාණුම්පි{3} ඛායති, කිං බහුදෙව.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් වැඩූ කය ඇතියේ වෙයි. වැඩූ සිල් ඇතියේ වෙයි. වැඩූ සිත් ඇතියේ වෙයි. වැඩූ ප්‍රඥා ඇතියේ වෙයි. ගුණ විසින් අනල්ප වෙයි. ගුණ විසින් මහාත්ම වෙයි. (ප්‍රමාණ කර රාගාදීන්ගේ අභාවයෙන්) අප්‍රමාණ විහරණ ඇත්තේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයක්හු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍රවූත් විපාකයෙක් නො පැණේ. බොහෝ විපාක නො පැණෙන්නේ ම වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ඔරබ්භිකො වා උරබ්භඝාතකො වා අප්පෙකච්චං උරබ්භං අදින්නං ආදියමානං පහොති හන්තුං වා බන්ධිතුං වා ජාපෙතුං වා යථාපච්චයං වා කාතුං, අප්පෙකච්චං උරබ්භං අදින්නං ආදියමානං නප්පහොති හන්තුං වා බන්ධිතුං වා ජාපෙතුං වා යථාපච්චයං වා කාතුං.
Sinhala BJTමහණෙනි, යම් සේ තිරෙළු හිමියෙක් හෝ තිරෙළුවන් නසන්නෙක් හෝ නො දුන් තිරෙළුවකු පැහැරගන්නා කිසිවකු නස්නට හෝ බඳනට හෝ ධනයෙන් නෙරණට හෝ කැමැති සේ කරන්නට හෝ පොහෝනේ වෙයි. නුදුන්නා වූ තිරෙළුවකු පැහැරගන්නා වූ කිසිවකු නස්නට හෝ බඳනට හෝ ධනයෙන් නෙරණට හෝ කැමැති සේ කරන්නට හෝ නො පොහෝනේ වෙයි.
Pali BJTකථංරූපො{4} භික්ඛවෙ, ඔරබ්භිකො වා උරබ්භඝාතකො වා උරබ්භං අදින්නං ආදියමානං පහොති හන්තුං වා බන්ධිතුං වා ජාපෙතුං වා යථාපච්චයං වා කාතුං?
Sinhala BJTමහණෙනි, තිරෙළුහිමියෙක් හෝ තිරෙළුවන් නස්නෙක් හෝ නුදුන්නා වූ තිරෙළුවකු පැහැරගන්නා වූ කෙබඳුවකු නස්නට හෝ බඳනට හෝ ධනයෙන් නෙරණට හෝ කැමැති සේ කරන්නට හෝ පොහෝනේ වේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො දළිද්දො හොති අප්පස්සකො අප්පභොගො. එවරූපො{5} භික්ඛවෙ, ඔරබ්භිකො වා උරබ්භඝාතකො වා උරබ්භං අදින්නං ආදියමානං පහොති හන්තුං වා බන්ධිතුං වා ජාපෙතුං වා යථාපච්චයං වා කාතුං.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැමෙක් දිළිඳු වේ. අල්පධන වේ. අල්ප භොග වේ. මහණෙනි, තිරෙළු හිමියෙක් හෝ තිරෙළුවන් නස්නෙක් හෝ නුදුන්නා වූ තිරෙළුවකු ගන්නා වූ මෙබඳුවකු නස්නට හෝ බඳනට හෝ ධනයෙන් නෙරණට හෝ කැමැති සේ කරන්නට හෝ පොහෝනේ වෙයි.
Pali BJTකථංරූපං භික්ඛවෙ, ඔරබ්භිකො වා උරබ්භඝාතකො වා උරබ්භං අදින්නං ආදියමානං නප්පහොති හන්තුං වා බන්ධිතුං වා ජාපෙතුං වා යථාපච්චයං වා කාතුං?
Sinhala BJTමහණෙනි, තිරෙළුහිමියෙක් හෝ තිරෙළුවන් නසන්නෙක් හෝ නුදුන් තිරෙළුවකු ගන්නා කෙබඳුවකු නස්නට හෝ බඳින්නට හෝ ධනයෙන් නෙරනට හෝ කැමැති සේ කරන්නට හෝ නො පොහෝනේ වේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො අඩ්ඪො හොති මහද්ධනො මහාභොගො රාජා වා රාජමහාමත්තො වා. එවරූපං භික්ඛවෙ, ඔරබ්භිකො වා උරබ්භඝාතකො වා උරබ්භං අදින්නං ආදියමානං නප්පහොති හන්තුං වා බන්ධිතුං වා ජාපෙතුං වා යථාපච්චයං වා කාතුං. අඤ්ඤදත්ථු පඤ්ජලිකො ව{1} නං යාචති : දෙහි මෙ මාරිස, උරබ්භං වා උරබ්භධනං වාති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැමෙක් ආඪ්‍ය වෙයි. මහත්ධන වෙයි. මහා භෝග වෙයි. රජ හෝ රාජමහාමාත්‍ර හෝ වෙයි. මහණෙනි, තිරෙළු හිමියෙක් හෝ තිරෙළුවන් නසන්නෙක් හෝ මෙබඳු වූ නුදුන් තිරෙළුවකු ගන්නහු නස්නට හෝ බඳින්නට හෝ ධනයෙන් නෙරනට හෝ කැමැති සේ කරන්නට හෝ නො පොහෝනේ වෙයි. ඒකාන්තයෙන් බදැඳිලිව “නිදුකාණෙනි, මාගේ තිරෙළුවා හෝ තිරෙළු ධනය හෝ දෙව” යි ඔහු අතින් ඉල්ලයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, ඉධෙකච්චස්ස පුග්ගලස්ස අප්පමත්තකම්පි පාපං කම්මං කතං තමෙනං නිරයං උපනෙති. ඉධ පන භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස තාදිසඤ්ඤෙව අප්පමත්තකං පාපං කම්මං කතං දිට්ඨධම්මවෙදනීයං හොති, නාණුම්පි ඛායති, කිං බහුදෙව.
Sinhala BJTමහණෙනි, එපරිදි ම මෙලොව ඇතැම් පුද්ගලයකු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ, තෙල පුද්ගලයා නිරයට ගෙණ යයි. මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර වූත් විපාකයෙක් නො පැණේ. බහුවිපාක කිම දෙන්නේ වේ ද?
Pali BJTකථංරූපස්ස භික්ඛවෙ, පුග්ගලස්ස අප්පමත්තකම්පි පාපං කම්මං කතං තමෙනං නිරයං උපනෙති?
Sinhala BJTමහණෙනි, කෙබඳු වූ පුද්ගලයකු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට පමුණුවා ද?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො අභාවිතකායො හොති අභාවිතසීලො අභාවිතචිත්තො අභාවිතපඤ්ඤො පරිත්තො අප්පාතුමො අප්පදුක්ඛවිහාරී. එවරූපස්ස භික්ඛවෙ, පුග්ගලස්ස අප්පමත්තකම්පි පාපං කම්මං කතං තමෙනං නිරයං උපනෙති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් අභාවිතකාය වෙයි. අභාවිතශීල වෙයි. අභාවිත චිත්ත වෙයි. අභාවිතප්‍රඥ වෙයි. ගුණ විසින් අල්ප වෙයි. ගුණ විසින් අල්පාත්ම වෙයි. අල්පපාපයෙනුත් දුඃඛවිහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයකු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට පමුණුවයි.
Pali BJTකථංරූපස්ස භික්ඛවෙ, පුග්ගලස්ස තාදිසඤ්ඤෙව අප්පමත්තකං පාපං කම්මං කතං දිට්ඨධම්මවෙදනීයං හොති, නාණුම්පි ඛායති, කිං බහුදෙව.
Sinhala BJTමහණෙනි, කෙබඳු පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වේ ද, පරලොව අණුමාත්‍ර වූත් විපාකයෙක් නො පැණේ ද, බොහෝ විපාක නො පැණෙන්නේ ම වේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො භාවිතකායො හොති -පෙ- අපරිත්තො මහත්තා අප්පමාණවිහාරී. එවරූපස්ස භික්ඛවෙ, පුග්ගලස්ස තාදිසඤ්ඤෙව අප්පමත්තකං පාපං කම්මං කතං, දිට්ඨධම්මවෙදනීයං හොති, නාණුම්පි ඛායති, කිං බහුදෙව. (3)
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් වැඩූ කය ඇතියේ වෙයි. ... ගුණ විසින් අල්ප නො වෙයි. ගුණ විසින් මහාත්ම වෙයි. (ප්‍රමාණ කර රාගාදීන්ගේ අභාවයෙන්) අප්‍රමාණ විහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙ බඳු පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර විපාකයෙක් ද නො පැණේ. බොහෝ විපාක නො පැණෙන්නේ ම වෙයි. (3)
Pali BJTයො භික්ඛවෙ, එවං වදෙය්ය : යථා යථායං පුරිසො කම්මං කරොති, තථා තථා තං පටිසංවෙදියතීති{2}. එවං සන්තං භික්ඛවෙ, බ්රහ්මචරියවාසො න හොති, ඔකාසො න පඤ්ඤායති සම්මා දුක්ඛස්ස අන්තකිරියාය.
Sinhala BJTමහණෙනි, “යම් යම් ආකාරයෙකින් මේ පුරුෂ කර්‍ම කෙරේ ද, ඒ ඒ ආකාරයෙන් එය විපාක විසින් විඳුනේමය” යි යමෙක් මෙසේ බෙණේ ද, මහණෙනි, මෙසේ වත් ම කර්‍මක්‍ෂයකරබ්‍රහ්මචර්‍ය්‍යවාසයෙක් නම් නො වේ. මැනවින් දුක් කෙළවර කරන්නට අවකාශයෙක් නො පැණේ.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, එවං වදෙය්ය : යථා යථා වෙදනීයං අයං පුරිසො කම්මං කරොති, තථා තථා අස්ස විපාකං පටිසංවෙදියතීති. එවං සන්තං භික්ඛවෙ, බ්රහ්මචරියවාසො හොති, ඔකාසො පඤ්ඤායති සම්මා දුක්ඛස්ස අන්තකිරියායාති.
Sinhala BJTමහණෙනි, “යම් යම් ආකාරයෙකින් වේදනීය කර්‍මයක් මේ පුරුෂ කෙරේ ද, ඒ ඒ ආකාරයෙන් ඒ කර්‍මයාගේ විපාක විඳුනේ ය”යි යමෙක් මෙසේ බෙණේ ද, මහණෙනි, මෙසේ වත් ම කර්‍මක්‍ෂයකරබ්‍රහ්මචර්‍ය්‍යවාසය වෙයි. මැනවින් දුක් කෙළවර කරන්නට අවකාශයෙක් පැණේ.
Pali BJT3. 2. 5. 10.
Sinhala BJT3. 2. 5. 10.
Pali BJT51. සන්ති භික්ඛවෙ, ජාතරූපස්ස ඔළාරිකා උපක්කිලෙසා : පංසු වාලිකා සක්ඛරකඨලා. තමෙනං පංසුධොවකො වා පංසුධොවකන්තෙවාසී වා දොණියං ආකිරිත්වා ධොවති සන්ධොවති නිද්ධොවති. තස්මිං පහීනෙ තස්මිං ව්යන්තීකතෙ සන්ති ජාතරූපස්ස මජ්ඣිමසහගතා උපක්කිලෙසා : සුඛුමසක්ඛරා ථූලවාලිකා. තමෙනං පංසුධොවකො වා පංසුධොවකන්තෙවාසී වා ධොවති සන්ධොවති නිද්ධොවති. තස්මිං පහීනෙ තස්මිං ව්යන්තීකතෙ සන්ති ජාතරූපස්ස සුඛුමසහගතා උපක්කිලෙසා : සුඛුමවාලිකා කාළජල්ලිකා. තමෙනං පංසුධොවකො වා පංසුධොවකන්තෙවාසී වා ධොවති සන්ධොවති නිද්ධොවති. තස්මිං පහීනෙ තස්මිං ව්යන්තීකතෙ අථාපරං සුවණ්ණසිකතාවසිස්සන්ති. තමෙනං සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා තං ජාතරූපං{1} මූසාය{2} පක්ඛිපිත්වා ධමති සන්ධමති නිද්ධමති. තං හොති ජාතරූපං ධන්තං{3} සන්ධන්තං නිද්ධන්තං, අනිහිතං අනික්ඛිත්තකසාවං, න චෙව මුදු හොති න ච කම්මනියං න ච පභස්සරං පභඞ්ගු ච, න ච සම්මා උපෙති කම්මාය.
Sinhala BJT51. මහණෙනි, ජාතරූපයා (රන්හු) ගේ පස් හා වැලිය, සකුරු හා කැබිලිති යයි ඕළාරික උපක්ලේශයෝ ඇත. ඒ උපක්ලේශ පස්දෝනේ හෝ පස් දෝනහුගේ අතවැසියෙක් හෝ දෙණෙහි විසුරුවා දෝනේය. මොනොවට දෝනේය. නිගෙණ දෝනේය. ඒ උපක්ලේශ ප්‍රහත වත් මැ ඒ උපක්ලේශ වාන්ත කොට ලත්මැ රන්හුගේ සියුම් සකුරුය, දළ වැලිය යි මධ්‍යම සහගතඋපක්ලේශයෝ ඇත. ඒ උපක්ලේශ පාංශුධාවක හෝ පාංශුධාවකයා අතවැසියෙක් හෝ සලයි. මොනොවට සලයි, පෙළාගෙණ සලයි. ඒ උපක්ලේශ ප්‍රහත වත් ම ඒ උපක්ලේශ විගත කොට ලත් ම රන්හුගේ සියුම් වැලිය, කළු දැලිය යි සූක්‍ෂම සහගත උපක්ලේශයෝ ඇත. ඒ උපක්ලේශ පාංශුධාවක හෝ පාංශුධාවකයා අතවැසියෙක් හෝ සෝදයි. මොනොවට සෝදයි, පෙළාගෙණ සෝදයි. ඒ උපක්ලේශ ප්‍රහත වත් ම ඒ උපක්ලේශ බැහැර කොට ලත් ම යලි රන්වැලි ඉතිරි වෙයි. රන්කරු හෝ රන්කරු අතවැසියෙක් හෝ ඒ රන කබලෙහි බහා පිඹියි. මොනවට පිඹියි. පෙළාගෙණ පිඹියි. පිඹ මල හළ, මොනවට පිඹ මල හළ, නිගෙණ පිඹ මල හළ, විචාරකොට නොතැබූ, නොහළ කසට ඇති, ඒ රන මෘදුත් නො වෙයි. කර්‍මණ්‍යත් නො වෙයි. ප්‍රභාස්වරත් නො වෙයි. බිඳෙන සුලුත් වෙයි. කර්‍මාන්තයට මොනොවට නො වැදෙයි.
Pali BJTහොති සො භික්ඛවෙ, සමයො යං සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා තං ජාතරූපං ධමති සන්ධමති නිද්ධමති. තං හොති ජාතරූපං ධන්තං සන්ධන්තං නිද්ධන්තං නිහිතං නික්ඛිත්තකසාවං, මුදු ච හොති කම්මඤ්ඤඤ්ච පභස්සරඤ්ච, න ච පභඞ්ගු, සම්මා උපෙති කම්මාය. යස්සා යස්සා ච පිලන්ධනවිකතියා ආකඞ්ඛති : යදි පට්ටකාය යදි කුණ්ඩලාය යදි ගීවෙය්යකෙ යදි සුවණ්ණමාලාය තඤ්චස්ස අත්ථං අනුභොති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් ඒ ස්වර්‍ණකාරයා හෝ ස්වර්‍ණකාර අතැවැසියා හෝ ඒ රත පිඹ මල හරනේ ද, මොනොවට පිඹ මල හරනේ ද, නිගෙණ පිඹ මල හරනේ ද, එබඳු කලෙක් වෙයි. පිඹ මල හළ, මොනොවට පිඹ මල හළ, නිගෙණ පිඹ කසකළ මල ඇති, ශුඩ කොට බහා තැබූ, හළ කසට ඇති, ඒ රනෙක් වේ ද, ඒ මෘදුත් වෙයි. කර්‍මණ්‍යත් වෙයි. ප්‍රභාස්වරත් වෙයි. බිඳෙන සුලුත් නො වෙයි. කර්‍මාන්තයට ද මොනොවට වැදෙයි. රන්පටට වේවයි, කොඬොලට වේවයි, ග්‍රීචාලඞ්කාරයෙහි වේවයි, රන්මලට වේවයි යම් යම් පිළන්‍ධනවිකෘතියකට කැමති වේ ද ඒ අර්‍ත්‍ථය ද වළඳ කෙරේ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, සන්ති අධිචිත්තමනුයුත්තස්ස භික්ඛුනො ඔළාරිකා උපක්කිලෙසා : කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං. තමෙනං සචෙතසො භික්ඛු දබ්බජාතිකො පජහති විනොදෙති ව්යන්තීකරොති අනභාවං ගමෙති. තස්මිං පහීනෙ තස්මිං ව්යන්තීකතෙ සන්ති අධිචිත්තමනුයුත්තස්ස භික්ඛුනො මජ්ඣිමසහගතා උපක්කිලෙසා : කාමවිතක්කො ව්යාපාදවිතක්කො විහිංසාවිතක්කො. තමෙනං සචෙතසො භික්ඛු දබ්බජාතිකො පජහති විනොදෙති ව්යන්තීකරොති අනභාවං ගමෙති. තස්මිං පහීනෙ තස්මිං ව්යන්තීකතෙ සන්ති අධිචිත්තමනුයුත්තස්ස භික්ඛුනො සුඛුමසහගතා උපක්කිලෙසා : ඤාතිවිතක්කො ජනපදවිතක්කො අනුවිඤ්ඤත්තිපටිසඤ්ඤුත්තො විතක්කො, තමෙනං සචෙතසො භික්ඛු දබ්බජාතිකො පජහති විනොදෙති ව්යන්තීකරොති අනභාවං ගමෙති. තස්මිං පහීනෙ තස්මිං ව්යන්තීකතෙ අථාපරං ධම්මවිතක්කාවසිස්සන්ති. සො හොති සමාධි න චෙව සන්තො න ච පණීතො නපටිප්පස්සද්ධිලද්ධො න එකොදිභාවාධිගතො, සසඞ්ඛාරනිග්ගය්හවාරිතවතො.{4}
Sinhala BJTමහණෙනි, එපරිදි ම අධිචිත්තයෙහි යෙදුනු මහණහුගේ කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය යි ඕළාරික උපක්ලේශයෝ ඇද්ද, චිත්ත සම්පන්න පණ්ඩිතස්වභාව ඇති මහණ එය දුරු කෙරේ. විනෝදනා කෙරේ. විගතාන්ත කෙරේ. අනභාවයට පමුණුවයි. ඒ උපක්ලේශ ප්‍රහත වත් ම ඒ උපක්ලේශ විගතාන්ත කරත් ම අධිචිත්තයෙහි යෙදුනු මහණහට කාමවිතර්‍කය ව්‍යාපාදවිතර්‍කය විහිංසා විතර්‍කය යි මධ්‍යමසහගත උපක්ලේශයෝ ඇද්ද, ඒ උපක්ලේශ චිත්තසම්පන්න වූ පණ්ඩිතස්වභාව ඇති මහණ දුරු කෙරේ. විනෝදනා කෙරේ. විගතාන්ත කෙරේ අනභාවයට පමුණුවයි. ඒ ප්‍රහත වත් ම ඒ විගතාන්ත කොට ලත් ම අධිචිත්තයෙහි යෙදුනු මහණහට ඥාතිවිතර්‍කය ජනපදවිතර්‍කය අනුවිඥප්තිප්‍රතිසංයුක්ත විතර්‍කය යි සූක්‍ෂම සහගත උපක්ලේශයෝ ඇද්ද, ඒ උපක්ලේශ චිත්තසම්පන්න පණ්ඩිතස්වභාව ඇති මහණ දුරු කෙරේ. විනෝදනා කෙරේ. විගතාන්ත කෙරේ. අනභාවයට පමුණුවයි. ඒ උපක්ලේශ ප්‍රහත වත් ම ඒ උපක්ලේශ විගතාන්ත කොට ලත් ම ඉන් මතුයෙහි ධර්‍මවිතර්‍කයෝ (දශවිදර්‍ශනෝපක්ලේශවිතර්‍ක) ඉතිරි වෙති. ඒ (අවශිෂ්ට ධර්‍මවිතර්‍ක) විදර්‍ශනාසමාධිය (නොසන්හුන් කෙලෙස් ඇති බැවින්) අශාන්ත වෙයි. ප්‍රණීත නො ද වෙයි. කෙලෙස් සන්හිඳුවීමෙන් නොලද්දේ වෙයි. එකඟ බවට නො පැමිණියේ වෙයි. සප්‍රයෝගයෙන් කෙලෙස් නිගෙණීමෙන් උපන්නේ වෙයි.
Pali BJTහොති සො භික්ඛවෙ, සමයො, යං තං චිත්තං අජ්ඣත්තඤ්ඤෙව සන්තිට්ඨති, සන්නිසීදති, එකොදි හොති{1}, සමාධියති. සො හොති සමාධි සන්තො පණීතො පටිප්පස්සද්ධිලද්ධො එකොදිභාවාධිගතො, න සසංඛාරනිග්ගය්හවාරිතවතො. යස්ස යස්ස ච අභිඤ්ඤා සච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමෙති අභිඤ්ඤා සච්ඡිකිරියාය, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සතිආයතනෙ.
Sinhala BJTමහණෙනි, යම් කලෙක ඒ සිත අධ්‍යාත්මයෙහි ම බැස සිටුනේ ද, බැස හිඳුනේ ද, එකඟ වේ ද, සමාධිගත වේ ද, එබඳු කලෙක් වෙයි. ඒ සමාධිය ශාන්ත වෙයි. ප්‍රණීත වෙයි. කෙලෙස් සන්හිඳුවීමෙන් ලදුයේ වෙයි. එකඟ බවට ගියේ වෙයි. සප්‍රයෝගයෙන් කෙලෙස් නිගෙණීමෙන් ලදුයේ නො වෙයි. විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කළයුතු යම් යම් දහමකට සිත නතු කෙරේ ද පූර්‍වහේතු හා අභිඥාපාදකධ්‍යානාදි ආයතන (සාධන) ඇති ඇතිවත් ම ඒ ඒ සිදධියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණේ.
Pali BJTසො සචෙ ආකඞ්ඛති “අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභවෙය්යං : එකොපි හුත්වා බහුධා අස්සං, බහුධාපි හුත්වා එකො අස්සං, ආවිභාවං, තිරොභාවං, තිරොකුඩ්ඩං, තිරොපාකාරං, තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡෙය්යං, සෙය්යථාපි ආකාසෙ. පඨවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරෙය්යං, සෙය්යථාපි උදකෙ, උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡෙය්යං, සෙය්යථාපි පඨවියං, ආකාසෙපි පල්ලඞ්කෙන කමෙය්යං, සෙය්යථාපි පක්ඛී සකුණො, ඉමෙපි චන්දිමසුරියෙ එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරිමසෙය්යං පරිමජ්ජෙය්යං, යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙය්යන්ති, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සතිආයතනෙ.
Sinhala BJTඉදින් හේ “බහුප්‍රකාර ඍද්‍ධිප්‍රභේද වළඳම්ව යි, පියෙවින් එකක් ව බහුප්‍රකාර වෙම්ව යි, බහුප්‍රකාරව ද එකෙකිම් වෙම්ව යි, ආවිර්භාවයට තිරොභාවයට භිත්තිපාරයට (භිත්තියෙන් ඔබ්බට) ප්‍රාකාරපාරයට පර්‍වතපාරයට අහසෙහි ගෙන යනුවන් සෙයින් නො ගැටෙමින් යෙම්ව යි, දියෙහි සෙයින් පොළොවෙහිත් උන්මජ්ජන නිමජ්ජන කෙරෙම් ව යි, නො බිඳෙන දියෙහිදු පොළොවෙහි සෙයින් යෙම්ව යි, පක්‍ෂිශකුනීන් සෙයින් අහසෙහිත් පලඟින් යෙම්ව යි, මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති මේ සඳහිරුහුත් අතින් පිරිමදිම්ව යි, බඹලොව දක්වාත් කයින් විසිය පවත්වම්ව” යි කැමැති වේ නම් ආයතන ඇති ඇතිවත්ම ඒ ඒ සිද්ධියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණෙයි.
Pali BJTසො සචෙ ආකඞ්ඛති “දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණෙය්යං දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ චා”ති, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTඉදින් හෙ “යම් ශබ්ද කෙනෙක් දුරෙහි ඇද්ද සමීපයෙහි හෝ ඇද්ද දිව්‍ය වූත් මානුෂ්‍ය වූත් ඒ උභය ශබ්දයන් මිනිස්කණ ඉක්ම සිටි විශුද්ධ වූ දිව්‍යශ්‍රෝත්‍රධාතුයෙන් අසම්ව” යි කැමැති වේ නම් ආයතන ඇති ඇතිවත් ම ඒ ඒ සිද්ධියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණෙයි.
Pali BJTසො සචෙ ආකඞ්ඛති “පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානෙය්යං, සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානෙය්යං, වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානෙය්යං, සදොසං වා චිත්තං -පෙ- වීතදොසං වා චිත්තං -පෙ- සමොහං වා චිත්තං -පෙ- වීතමොහං වා චිත්තං -පෙ- සඞ්ඛිත්තං වා චිත්තං -පෙ- වික්ඛිත්තං වා චිත්තං -පෙ- මහග්ගතං වා චිත්තං -පෙ- අමහග්ගතං වා චිත්තං -පෙ- සඋත්තරං වා චිත්තං -පෙ- අනුත්තරං වා චිත්තං -පෙ- සමාහිතං වා චිත්තං -පෙ- අසමාහිතං වා චිත්තං (සබ්බං විත්ථාරෙතබ්බං) -පෙ- විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානෙය්යං, අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානෙය්ය”න්ති, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTඉදින් හෙ “පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත සිතින් පිරිසිඳ දනිම්ව”යි සරාග වූ හෝ සිත සරාග සිතැ යි දනිම්ව යි, වීතරාග වූ හෝ සිත වීතරාග සිතැ යි දනිම්ව යි, සද්වේෂ වූ හෝ සිත ... වීතද්වේෂ වූ හෝ සිත ... සමෝහ වූ හෝ සිත ... වීතමෝහ වූ හෝ සිත … සඞ්ක්‍ෂිප්ත වූ හෝ සිත ... වික්‍ෂිප්ත වූ හෝ සිත ... මහද්ගත වූ හෝ සිත ... අමහද්ගත වූ හෝ සිත ... සහෝත්තර වූ හෝ සිත ... අනුත්තර වූ හෝ සිත ... සමාහිත වූ හෝ සිත ... අසමාහිත වූ හෝ සිත ... විමුක්ත වූ හෝ සිත විමුක්ත සිතැ යි දනිම්ව යි, අවිමුක්ත වූ හෝ සිත අවිමුක්ත සිතැ යි දනිම්ව” යි කැමැති වේ නම් ආයතන ඇති ඇතිවත්ම ඒ ඒ සිද්ධියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණෙයි.
Pali BJTසො සචෙ ආකඞ්ඛති “අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්යං, සෙය්යථිදං : එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො -පෙ- ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි ‘අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ ‘අමුත්රාසිං එවන්නාමො එවඞ්ගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්ර උපපාදිං,{2} තත්රාපාසිං එවන්නාමො එවඞ්ගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො’ති, ඉති සාකාරං ස උද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්ය”න්ති, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTඉදින් හෙ “අනේකප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරෙම්ව” යි කැමති වේ ද, ඒ කෙසේයැ යත්: “එක් ජාතියකුදු දෙජාතියකුදු තුන් ජාතියකුදු සිවුජාතියකුදු ... සියක් ජාතියකුදු දහසක් ජාතියකුදු සියක් දහසක් ජාතියකුදු අනේකසංවර්‍තවිවර්‍තකල්පයනුදු අනේක විවර්‍තකල්පයනුදු අනේක සංවර්‍තවිවර්‍තකල්පයනුදු ‘අසෝ තැන මෙබඳු නම් ඇතියෙම් වීමි යි, මෙබඳු ගෝත්‍ර ඇතියෙම් වීමි යි, මෙබඳු වර්‍ණ ඇතියෙම් වීමි යි මෙබඳු අහර ඇතියෙම් වීමි යි , මෙබඳු සුවදුක් විඳියෙමි යි, මෙබඳු ආයු කෙළවර ඇතියෙමි යි, මම එයින් ච්‍යුතව අසෝ තැන උපනිමි යි, එහිදු මෙබඳු නම් ඇතියෙමි යි, මෙබඳු ගෝත්‍ර ඇතියෙමි යි, මෙබඳු වර්‍ණ ඇතියෙමි යි, මෙබඳු ආහාර ඇතියෙමි යි, මෙබඳු සුවදුක් විඳියෙමි යි, මෙබඳු ආයු පිරිහිම් කොට ඇතියෙමි යි, මම ඉන් සැව මෙහි උපනිමි’ යි මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකප්‍රකාර වූ පූර්වේනිවාසය සිහි කරන්නෙමි” යි කැමැති වේ නම් ආයතන ඇති ඇතිවත්ම ඒ ඒ සිද්ධියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණෙයි.
Pali BJTසො සචෙ ආකඞ්ඛති “දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සෙය්යං චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානෙය්යං : ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචී -පෙ- මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ‘ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති, ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සෙය්යං චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානෙය්ය”න්ති, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTඉදින් හේ “මිනිසැස ඉක්ම පැවැති විශුද්ධ වූ දිවැසින්, ච්‍යුත වන්නා වූ ද උපදනා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්‍ණ වූ ද දුවර්‍ණ වූ ද සුගත වූ ද දුර්‍ගත වූ ද සත්ත්‍වයන් දක්නෙමි යී ද, ‘මේ භවත් සත්ත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් සමන්‍වාගත වූවාහු වාග්දුශ්චරිතයෙන් ... මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගත වූවාහු ආර්‍ය්‍යෝපවාද කරන්නාහු මිථ්‍යාදෘෂ්ටික වූවාහු මිථ්‍යාදෘෂ්ටික කර්‍ම සමාදන් වූවාහු වෙයි. ඔහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත වූ නිරයට එළඹියාහු වෙතැ’යි කම් වූ පරිදි යන සත්ත්‍වයන් දනිමැ යි ද, ‘මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් සමන්‍වාගත වූවාහු වාක්සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු මනඃසුචරිතයෙන් සමන්‍වාගත වූවාහු ආර්‍ය්‍යෝපවාද නොකරන්නාහු සම්‍යක්දෘෂ්ටික වූවාහු සම්‍යක්දෘෂ්ටිකර්‍ම සමාදන් වන්නාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළඹියාහුය’යි මෙසේ මිනිසැස ඉක්ම ගිය විශුද්ධ වූ දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදනා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්‍ණ වූ ද දුවර්‍ණ වූ ද සුගත වූ ද දුර්‍ගත වූ ද කම් වූ පරිදි යන සත්ත්‍වයන් දකිම් ව” යි මෙසේ කරුණු ඇති ඇතිවත්ම ඒ ඒ කාරියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණෙයි.
Pali BJTසො සචෙ ආකඞ්ඛති “ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය”න්ති, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙති.
Sinhala BJTඉදින් හෙ “ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට උපයා වෙසෙම්ව” යි කැමැති වේ නම් කරුණු ඇති ඇතිවත් ම ඒ ඒ කාරියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණේ.
Pali BJT3. 2. 5. 11.
Sinhala BJT3. 2. 5. 11.
Pali BJT52. අධිචිත්තමනුයුත්තෙන භික්ඛවෙ, භික්ඛුනා තීණි නිමිත්තානි කාලෙන කාලං මනසි කාතබ්බානි : කාලෙන කාලං සමාධිනිමිත්තං මනසිකාතබ්බං. කාලෙන කාලං පග්ගහනිමිත්තං මනසිකාතබ්බං, කාලෙන කාලං උපෙක්ඛානිමිත්තං මනසි කාතබ්බං.
Sinhala BJT52. මහණෙනි, (සමථවිදර්‍ශනාචිත්ත සඞ්ඛ්‍යාත) අධිචිත්තයෙහි යෙදුනු මහණහු විසින් කාරණයෝ තුන් දෙනෙක් කලින් කල මෙනෙහි කළ යුත්තාහ: කලින් කළ සමාධි සඞ්ඛ්‍යාත ඒකාග්‍රතා නිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින්කල වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත ප්‍රග්‍රහ නිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කල ස්මෘතිමධ්‍යස්ථතා සඞ්ඛ්‍යාත උපේක්‍ෂානිමිත්ත මෙනෙහි කළ යුතුය.
Pali BJTසචෙ භික්ඛවෙ, අධිචිත්තමනුයුත්තො භික්ඛු එකන්තං සමාධිනිමිත්තඤ්ඤෙව මනසිකරෙය්ය, ඨානං තං චිත්තං කොසජ්ජාය සංවත්තෙය්ය.
Sinhala BJTමහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට සමාධිනිමිත්ත ම මෙනෙහි කරන්නේ වේ නම්, ඒ සිත කුසීතභාවයට වැටෙන්නේ ය යන මෙකරුණ වෙයි.
Pali BJTසචෙ භික්ඛවෙ, අධිචිත්තමනුයුත්තො භික්ඛු එකන්තං පග්ගහනිමිත්තඤ්ඤෙව මනසිකරෙය්ය, ඨානං තං චිත්තං උද්ධච්චාය සංවත්තෙය්ය.
Sinhala BJTමහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට ප්‍රග්‍රහනිමිත්ත ම මෙනෙහි කරන්නේ වේ නම්, ඒ සිත උද්ධතභාවයට වැටෙන්නේය යන මෙකරුණ වෙයි.
Pali BJTසචෙ භික්ඛවෙ, අධිචිත්තමනුයුත්තො භික්ඛු එකන්තං උපෙක්ඛානිමිත්තඤ්ඤෙව මනසිකරෙය්ය, ඨානං තං චිත්තං න සම්මා සමාධියෙථ ආසවානං ඛයාය.
Sinhala BJTමහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට උපේක්‍ෂානිමිත්ත ම මෙනෙහි කරන්නේ නම්, ඒ සිත ආස්‍රවක්‍ෂය පිණිස මැනැවින් සමාධිගත නොවන්නේය යන මෙ කරුණ වෙයි.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ, අධිචිත්තමනුයුත්තො භික්ඛු කාලෙන කාලං සමාධිනිමිත්තං මනසිකරොති, කාලෙන කාලං පග්ගහනිමිත්තං මනසිකරොති, කාලෙන කාලං උපෙක්ඛානිමිත්තං මනසිකරොති, තං හොති චිත්තං මුදුඤ්ච කම්මඤ්ඤඤ්ච පභස්සරඤ්ච, න ච පභඞ්ගු, සම්මා සමාධියති ආසවානං ඛයාය.
Sinhala BJTමහණෙනි, යම් කලෙක අධිචිත්තයෙහි යෙදුනු මහණ කලින් කල සමාධිනිමිත්ත මෙනෙහි කෙළේ ද, කලින් කල ප්‍රග්‍රහනිමිත්ත මෙනෙහි කෙළේ ද, කලින් කල උපේක්‍ෂානිමිත්ත මෙනෙහි කෙළේ ද ඒ සිත මෘදුත් වෙයි. කර්‍මණ්‍යත් වෙයි. ප්‍රභාස්වරත් වෙයි. බිඳෙන සුලුත් නො වෙයි. ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්ඵලය පිණිස මැනැවින් සමාධිගත වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා උක්කං බන්ධති, උක්කං බන්ධිත්වා උක්කාමුඛං ආලිම්පෙති, උක්කාමුඛං ආලිම්පෙත්වා සණ්ඩාසෙන ජාතරූපං ගහෙත්වා උක්කාමුඛෙ පක්ඛිපිත්වා කාලෙන කාලං අභිධමති, කාලෙන කාලං උදකෙන පරිප්ඵොසෙති, කාලෙන කාලං අජ්ඣුපෙක්ඛති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි තුලාරෙක් හෝ තුලාර අතවැසියෙක් හෝ අඟුරු කබලු බඳී ද, බැඳ කබලුමුව ගිනි ගන්වා ද, කබලුමුව ගිනි අවුලුවා අඬුවෙන් රන් ගෙණ කබලු මුවෙහි බහා කලින් කළ අභිමුඛ කොට ගෙන් පිඹී ද, කලින් කල දියෙන් ඉස්නේ වේ ද, කලින් කල පැසුනු නො පැසුනු බව සොයා ද,
Pali BJTසචෙ භික්ඛවෙ, සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා තං ජාතරූපං එකන්තං අභිධමෙය්ය, ඨානං තං ජාතරූපං ඩහෙය්ය.
Sinhala BJTමහණෙනි, ඉදින් රන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ ඒ රන ඒකාන්ත කොට ඉදිරිකොටගෙන පිඹිනේ නම් ඒ රන දැවෙන්නේය යන මේ කරුණ වෙයි.
Pali BJTසචෙ භික්ඛවෙ, සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා තං ජාතරූපං එකන්තං උදකෙන පරිප්ඵොසෙය්ය, ඨානං තං ජාතරූපං නිබ්බායෙය්ය.{1}
Sinhala BJTමහණෙනි, ඉදින් රන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ ඒ රන ඒකාන්තකොට දියෙන් ඉස්නේ නම් ඒ රන නිවෙන්නේය යන මෙකරුණ වෙයි.
Pali BJTසචෙ භික්ඛවෙ, සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා තං ජාතරූපං එකන්තං අජ්ඣුපෙක්ඛෙය්ය, ඨානං තං ජාතරූපං න සම්මා පරිපාකං ගච්ඡෙය්ය.
Sinhala BJTමහණෙනි, ඉදින් තුලාරෙක් හෝ තුලාර අතවැසියෙක් හෝ ඒ රන ඒකාන්තකොට සොයා බලන්නේ නම් ඒ රන මැනැවින් පරිපාකයට නොයන්නේය යන මෙ කරුණ වෙයි.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ, සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා තං ජාතරූපං කාලෙන කාලං අභිධමති, කාලෙන කාලං උදකෙන පරිප්ඵොසෙති, කාලෙන කාලං අජ්ඣුපෙක්ඛති, තං හොති ජාතරූපං මුදුඤ්ච කම්මඤ්ඤඤ්ච පභස්සරඤ්ච, න ච පභඞ්ගු, සම්මා උපෙති කම්මාය. යස්සා යස්සා ච පිලන්ධනවිකතියා ආකඞ්ඛති : යදි පට්ටකාය, යදි කුණ්ඩලාය, යදි ගීවෙය්යකෙ, යදි සුවණ්ණමාලාය තඤ්චස්සු{2} අත්ථං අනුභොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක රන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ ඒ රන කලින් කල ඉදිරි කොට ගෙන පිඹින්නේ ද කලින් කල දියෙන් ඉස්නේ ද කලින් කල සොයා බලන්නේ ද ඒ රන මෘදුත් වෙයි. කර්‍මණ්‍යත් වෙයි. ප්‍රභාස්වරත් වෙයි. බිඳෙන සුලුත් නොවෙයි. මැනැවින් කර්‍මාන්තයට වැදෙයි. රන්පට්ට වේවයි, කොඬොලට වේවයි, ග්‍රීවාඞ්කාරයෙහි වේවයි, රන්මලට වේවයි යම් යම් පිලන්‍ධන විකෘතියකට කැමැති වේ ද, ඒ අර්‍ත්‍ථය ද වළඳ කෙරේ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, අධිචිත්තමනුයුත්තෙන භික්ඛුනා තීණි නිමිත්තානි කාලෙන කාලං මනසිකාතබ්බානි. කාලෙන කාලං සමාධිනිමිත්තං මනසිකාතබ්බං, කාලෙන කාලං පග්ගහනිමිත්තං මනසිකාතබ්බං, කාලෙන කාලං උපෙක්ඛානිමිත්තං මනසිකාතබ්බං.
Sinhala BJTමහණෙනි, එ පරිදි ම අධිචිත්තයෙහි යෙදුනු මහණහු විසින් කාරණයෝ තුන් දෙනෙක් කලින් කල මෙනෙහි කළ යුත්තාහ: කලින් කල සමාධිනිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කල ප්‍රග්‍රහනිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කල උපේක්‍ෂානිමිත්ත මෙනෙහි කළ යුතුය.
Pali BJTසචෙ භික්ඛවෙ, අධිචිත්තමනුයුත්තො භික්ඛු එකන්තං සමාධිනිමිත්තඤ්ඤෙව මනසිකරෙය්ය, ඨානං තං චිත්තං කොසජ්ජාය සංවත්තෙය්ය.
Sinhala BJTමහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට සමාධිනිමිත්ත ම මෙනෙහි කෙරේ ද, ඒ සිත කුසීත බවට වැටෙන්නේය යන මෙකරුණ වෙයි.
Pali BJTසචෙ, භික්ඛවෙ, අධිචිත්තමනුයුත්තො භික්ඛු එකන්තං පග්ගහනිමිත්තඤ්ඤෙව මනසිකරෙය්ය, ඨානං තං චිත්තං උද්ධච්චාය සංවත්තෙය්ය.
Sinhala BJTමහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට ප්‍රග්‍රහනිමිත්ත ම මෙනෙහි කෙරේ ද, ඒ සිත උද්ධතභාවයට වැටෙන්නේය යන මෙකරුණ වෙයි.
Pali BJTසචෙ භික්ඛවෙ, අධිචිත්තමනුයුත්තො භික්ඛු එකන්තං උපෙක්ඛානිමිත්තඤ්ඤෙව මනසිකරෙය්ය, ඨානං තං චිත්තං න සම්මා සමාධියෙය්ය ආසවානං ඛයාය.
Sinhala BJTමහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට උපේක්‍ෂානිමිත්ත ම මෙනෙහි කෙරේ ද, ඒ සිත ආස්‍රවයන්ගේ ක්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්ඵලය පිණිස මැනැවින් සමාධිගත නො වන්නේය යන මෙ කරුණ වෙයි.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ, අධිචිත්තමනුයුත්තො භික්ඛු කාලෙන කාලං සමාධිනිමිත්තං මනසිකරොති, කාලෙන කාලං පග්ගහනිමිත්තං මනසිකරොති, කාලෙන කාලං උපෙක්ඛානිමිත්තං මනසිකරොති, තං හොති චිත්තං මුදුඤ්ච කම්මඤ්ඤඤ්ච පභස්සරඤ්ච න ච පභඞ්ගු, සම්මා සමාධියති ආසවානං ඛයාය. යස්ස යස්ස ච අභිඤ්ඤා සච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමෙති. අභිඤ්ඤාසච්ඡිකිරියාය, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTමහණෙනි, යම් කලෙක අධිචිත්තයෙහි යෙදුනු මහණ කලින් කල සමාධිනිමිත්ත මෙනෙහි කෙරේ ද, කලින් කල ප්‍රග්‍රහනිමිත්ත මෙනෙහි කෙරේ ද, කලින් කල උපේක්‍ෂානිමිත්ත මෙනෙහි කෙරේ ද ඒ සිත මෘදුත් කර්‍මණ්‍යත් වෙයි. ප්‍රභාස්වරත් වෙයි. බිඳෙන සුලුත් නොවෙයි. ආස්‍රවයන්ගේ ක්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්ඵලය පිණිස මැනැවින් සමාධිගත වෙයි. විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කළ යුතු යම් යම් දහමකට සිත නතු කෙරේ ද, කරුණ ඇති ඇති වත්ම ඒ ඒ කාරියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණේ.
Pali BJTසො සචෙ ආකඞ්ඛති “අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභවෙය්යං”න්ති -පෙ- [ඡාභිඤ්ඤාචිත්තං ඤාතබ්බං{3}]. [සො සචෙ ආකඞ්ඛති]{*} “ආසවානං ඛයා [අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා]{*} සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය”න්ති, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සතිආයතනෙති.
Sinhala BJTඉදින් ඒ මහණ බහුප්‍රකාර ඍද්ධිප්‍රභේදය වළඳන්නෙම්ව යි ... කැමති වන්නේ නම් [මෙහි පෙය්‍යාල මුඛයෙන් ෂඩභිඥා චිත්තය දතයුතුයි.] ඉදින් ඒ මහණ “ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙම්ව” යි කැමැති වන්නේ නම්, කරුණ ඇති ඇති වත්ම ඒ ඒ කාරියෙහි පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණේ.
Pali BJTලොණඵල වග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි ලෝණඵල වර්‍ගය යි.
Pali BJTමහාපණ්ණාසකො සමත්තො දුතියො.
Sinhala BJTදෙවන මහාපණ්ණාසකය සමාප්තයි.
Pali BJT3. තතියො පණ්ණාසකො
Sinhala BJT3. තෙවන පණ්ණාසකය
Pali BJT[1. සම්බොධිවග්ගො]
Sinhala BJT[1. සම්බෝධි වර්‍ගය]
Pali BJT3. 3. 1. 1.
Sinhala BJT3. 3. 1. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. පුබ්බෙව මෙ භික්ඛවෙ, සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි : කො නු ඛො ලොකෙ අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණන්ති.
Sinhala BJT1. මහණෙනි, සම්‍යක් සම්බෝධියෙන් කැල ම චතුස්සත්‍යාවබෝධ නො කළ බෝසත් වූ ම මට මෙබඳු සිතෙක් විය: ලෝකයෙහි ආස්වාදය කවරේය, ආදීනව කවරේය, නිස්සරණය කවරේය යි.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි : යං ඛො ලොකෙ{1} පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං ලොකෙ අස්සාදො. යං ලොකො{2} අනිච්චො දුක්ඛො විපරිණාමධම්මො, අයං ලොකෙ ආදීනවො. යං ලොකෙ ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං ලොකෙ නිස්සරණන්ති.
Sinhala BJTමහණෙනි, ඒ මට තෙල සිත් විය: යම් හෙයෙකින් ලෝකයෙහි යමක් නිසා සුඛය හා සෞමනස්‍යය උපදනේ ද, මේ ලෝකයෙහි ආස්වාද යි. යම් හෙයෙකින් ලෝකය අනිත්‍ය වේ ද, දුඃඛ වේ ද, විපරිණාමස්වභාව වේ ද, මේ ලෝකයෙහි ආදීනව යි. යම් හෙයෙකින් ලෝකයෙහි ඡන්‍දරාගයාගේ විනයයෙක් වේ ද, ඡන්‍දරාගයාගේ ප්‍රහාණයෙක් වේ ද, මේ ලෝකයෙහි නිස්සරණ වෙ යි.
Pali BJTයාවකීවඤ්චාහං භික්ඛවෙ, එවං ලොකස්ස අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසිං, නෙව තාවාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ- සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො{3} පච්චඤ්ඤාසිං.
Sinhala BJTමහණෙනි, මම යම්තාක් කල් මෙසේ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි නො දතිම් ද, මහණෙනි, ඒ තාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි - මහණ බමුණන් සියෝ දෙවිමිනිසුන් සියෝ සත්ත්‍වාඛ්‍යාප්‍රජායෙහි ‘අනුත්තරසම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමි’ යි ප්‍රතිඥා නොම කෙළෙමි.
Pali BJTයතො ච ඛො අහං{4} භික්ඛවෙ, එවං ලොකස්ස අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං අබ්භඤ්ඤාසිං, අථාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ- සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො{3} පච්චඤ්ඤාසිං.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මම මෙසේ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි නො දතිම් ද, එසඳ මහණෙනි, මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි - මහණ බමුණන් සියෝ දෙවිමිනිසුන් සියෝ සත්ත්‍වාඛ්‍යප්‍රජායෙහි ‘අනුත්තරසම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමි’ යි පිළිණ කෙළෙමි.
Pali BJTඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි : “අකුප්පා මෙ චෙතොවිමුත්ති අයමන්තිමා ජාති, නත්ථි’දානි පුනබ්භවො”ති.
Sinhala BJT“මාගේ චේතෝවිමුත්තිය අවිකාර්‍ය්‍ය (නිශ්චල) විය. මේ අන්තිමජාති යි. දැන් පුනර්‍භවයෙක් නැතැ” යි ඥානදර්‍ශනය (ප්‍රත්‍යවේක්‍ෂාඥානය) ද මට පහළ විය.
Pali BJT3. 3. 1. 2.
Sinhala BJT3. 3. 1. 2.
Pali BJT2. ලොකස්සාහං භික්ඛවෙ, අස්සාදපරියෙසනං අචරිං. යො ලොකෙ අස්සාදො, තදජ්ඣගමං. යාවතකො ලොකෙ අස්සාදො, පඤ්ඤාය මෙ එසො සුදිට්ඨො. ලොකස්සාහං භික්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො ලොකෙ ආදීනවො, තදජ්ඣගමං. යාවතකො ලොකෙ ආදීනවො, පඤ්ඤාය මෙ එසො සුදිට්ඨො. ලොකස්සාහං භික්ඛවෙ, නිස්සරණපරියෙසනං අචරිං. යං ලොකෙ නිස්සරණං, තදජ්ඣගමං. යාවතකං ලොකෙ නිස්සරණං, පඤ්ඤාය මෙ එතං සුදිට්ඨං.
Sinhala BJT2. මහණෙනි, මම ලෝකයාගේ ආස්වාදපර්‍ය්‍යෙෂණය කෙළෙමි. ලෝකයෙහි යම් ආස්වාදයෙක් ඇද්ද, එය අවබෝධ කෙළෙමි. ලෝකයෙහි යම් පමණ ආස්වාදයෙක් ඇද්ද, මා විසින් තෙල ආස්වාදය ප්‍රඥායෙන් දක්නාලදි. මහණෙනි, මම ලෝකයාගේ ආදීනව පර්‍ය්‍යෙෂණය කෙළෙමි. ලෝකයෙහි යම් ආදීනවයෙක් ඇද්ද, එය අවබෝධ කෙළෙමි. ලෝකයෙහි යම් පමණ ආදීනවයෙක් ඇද්ද, මා විසින් තෙල ආදීනවය ප්‍රඥායෙන් දක්නා ලදී. මහණෙනි, මම ලෝකයාගේ නිස්සරණ පර්‍ය්‍යෙෂණය කෙළෙමි. ලෝකයෙහි යම් නිස්සරණයෙක් ඇද්ද, එය අවබෝධ කෙළෙමි. ලෝකයෙහි යම් පමණ නිස්සරණයෙක් ඇද්ද, මා විසින් තෙල නිස්සරණය ප්‍රඥායෙන් දක්නා ලදී.
Pali BJTයාවකීවඤ්චාහං භික්ඛවෙ, ලොකස්ස අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං න අබ්භඤ්ඤාසිං, නෙව තාවාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ-සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො{3} පච්චඤ්ඤාසිං.
Sinhala BJTමහණෙනි, මම යම් තාක් කල් ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි නො දතිම් ද, මහණෙනි, ඒ තාක් කල් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි - මහණබමුණන් සියෝ දෙවිමිනිසුන් සියෝ සත්ත්‍වාඛ්‍යාප්‍රජායෙහි ‘අනුත්තරසම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමි’ යි පිළිණ නොම කෙළෙමි.
Pali BJTයතො ච ඛො අහං භික්ඛවෙ, ලොකස්ස අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං අබ්භඤ්ඤාසිං, අථාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ - සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො පච්චඤ්ඤාසිං.
Sinhala BJTමහණෙනි, මම යම් කලෙක මම ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි දතිම් ද, එසඳ මහණෙනි, මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි - මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජායෙහි ‘අනුත්තරසම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමි’ යි පිළිණ කෙළෙමි.
Pali BJTඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි : “අකුප්පා මෙ චෙතොවිමුත්ති, අයමන්තිමා ජාති, නත්ථි’දානි පුනබ්භවො”ති.
Sinhala BJT“මාගේ චේතෝවිමුත්තිය අකෝප්‍ය විය. මේ අන්තිම ජාති යි. දැන් පුනර්‍භවයෙක් නැතැ” යි මට ප්‍රත්‍යවේක්‍ෂාඥාන සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනය ද පහළ විය.
Pali BJT3. 3. 1. 3.
Sinhala BJT3. 3. 1. 3.
Pali BJT3. නො චෙදං{1} භික්ඛවෙ, ලොකෙ අස්සාදො අභවිස්ස, නයිදං සත්තා ලොකෙ සාරජ්ජෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි ලොකෙ අස්සාදො, තස්මා සත්තා ලොකෙ සාරජ්ජන්ති.
Sinhala BJT3. මහණෙනි, ඉදින් ලෝකයෙහි ආස්වාදයෙක් නො වී නම් සත්ත්‍වයෝ ලෝකයෙහි නො ඇලෙති. මහණෙනි, යම් හෙයෙකින් ලෝකයෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් ලෝකයෙහි සත්ත්‍වයෝ ඇලෙති.
Pali BJTනො චෙදං{1} භික්ඛවෙ, ලොකෙ ආදීනවො අභවිස්ස, නයිදං සත්තා ලොකෙ නිබ්බින්දෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි ලොකෙ ආදීනවො, තස්මා සත්තා ලොකෙ නිබ්බින්දන්ති.
Sinhala BJTමහණෙනි, ඉදින් ලෝකයෙහි ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ ලෝකයෙහි නො කලකිරෙති. මහණෙනි, යම් හෙයෙකින් ලෝකයෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ කලකිරෙති.
Pali BJTනො චෙදං භික්ඛවෙ, ලොකෙ නිස්සරණං අභවිස්ස, නයිදං සත්තා ලොකම්හා නිස්සරෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි ලොකෙ නිස්සරණං, තස්මා සත්තා ලොකම්හා නිස්සරන්ති.
Sinhala BJTමහණෙනි, ඉදින් ලෝකයෙහි නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ ලෝකයෙහි නිස්සරණ නො කෙරෙති. මහණෙනි, යම් හෙයෙකින් ලෝකයෙහි නිස්සරණයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ ලෝකයෙන් නිස්සරණ කෙරෙති.
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, සත්තා ලොකස්ස අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං න අබ්භඤ්ඤාසුං, නෙව තාව භික්ඛවෙ, සත්තා සදෙවකා ලොකා සමාරකා සබ්රහ්මකා-සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය නිස්සටා විසඤ්ඤුත්තා විප්පමුත්තා විමරියාදීකතෙන චෙතසා විහරිංසු.
Sinhala BJTමහණෙනි, යම් තාක් කල් සත්ත්‍වයෝ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි නො දත්හු ද, මහණෙනි, ඒ තාක් සත්ත්‍වයෝ මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙන් - මහණ බමුණන් සහිත දේව - මනුෂ්‍යයන් සහිත ප්‍රජාව කෙරෙහි නිසෘෂ්ට නො වූ හ. විසංයුක්ත නො වූ හ. විප්‍රමුක්ත නො වූ හ. බුන් මියර ඇති (මිදුනු) සිතින් නො විසූහ.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ, සත්තා ලොකස්ස අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං අබ්භඤ්ඤාසුං, අථ භික්ඛවෙ, සත්තා සදෙවකා ලොකා සමාරකා සබ්රහ්මකා-සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය නිස්සටා විසඤ්ඤුත්තා විප්පමුත්තා විමරියාදීකතෙන චෙතසා විහරන්තීති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක සිට සත්ත්‍වයෝ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි දත්හු ද, මහණෙනි, එ කල සිට සත්ත්‍වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා කෙරෙන් - මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව කෙරෙන් නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුක්ත වූවාහු බුන් මියර ඇති සිතින් වෙසෙත්.
Pali BJT3. 3. 1. 4.
Sinhala BJT3. 3. 1. 4.
Pali BJT4. යෙ කෙචි{2} භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ලොකස්ස අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නප්පජානන්ති, න මෙ තෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා, බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා, න ච පන තෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
Sinhala BJT4. මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි නො දනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මා විසින් ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණයහ යි සම්මත නොවෙති. බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණයහ යි සම්මත නොවෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථ බ්‍රාහමණ්‍යාර්‍ත්‍ථ සඞ්ඛ්‍යාත චතුර්විධ ආර්‍ය්‍යමාර්‍ගඵල ඉහාත්මයෙහි ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයාගෙන නො වෙසෙත්.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ලොකස්ස අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං පජානන්ති, තෙ ඛො භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා. බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා. තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථඤ්ච බ්රහ්මඤ්ඤත්ථඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.{1}
Sinhala BJTමහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි දනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි හෝ ශ්‍රමණයහ හි සම්මතයහ. බ්‍රාහ්මණයන් කෙරෙහි හෝ බ්‍රාහ්මණයහ යි සම්මතයහ. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථ බ්‍රාහ්මණ්‍යාර්‍ත්‍ථ සඞ්ඛ්‍යාත චතුර්විධ ආර්‍ය්‍යමාර්‍ගඵල ඉහාත්මයෙහි ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ගෙණ ඊට පැමිණ වෙසෙත්.
Pali BJT3. 3. 1. 5.
Sinhala BJT3. 3. 1. 5.
Pali BJT5. රුණ්ණමිදං භික්ඛවෙ, අරියස්ස විනයෙ යදිදං ගීතං. උම්මත්තකමිදං භික්ඛවෙ, අරියස්ස විනයෙ යදිදං නච්චං. කොමාරකමිදං භික්ඛවෙ, අරියස්ස විනයෙ යදිදං අතිවෙලං දන්තවිදංසකං හසිතං.{2}
Sinhala BJT5. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි ගීතය නම් හැඬීමෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි නෘත්‍යය නම් උමතු ක්‍රියායෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි අත්‍යර්‍ත්‍ථයෙන් දත් විදහා කරණ සිනාව නම් කුමරුන් කරණ දැයෙකි (ලමා කමෙකි).
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, සෙතුඝාතො ගීතෙ. සෙතුඝාතො නච්චෙ. අලං වො ධම්මප්පමොදිතානං සතං සිතං සිතමත්තායාති.
Sinhala BJTමහණෙනි, එහෙයින් ගීතයෙහි හේතු නැස්ම වේවා නෘත්‍යයෙහි හේතු නැස්ම වේවා. කිසියම් කරුණෙකින් ප්‍රමුදිත වූ තොපට මඳ සිනායෙක් වේ නම් ඒ දත් අගමතු දක්වා කරණ සමිතමාත්‍රයට ම යුතු ය.
Pali BJT3. 3. 1. 6.
Sinhala BJT3. 3. 1. 6.
Pali BJT6. තිණ්ණං භික්ඛවෙ, පටිසෙවනාය නත්ථි තිත්ති. කතමෙසං තිණ්ණං:
Sinhala BJT6. මහණෙනි, කරුණු තුන් දෙනකුන්ගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත. කවර තුන් දෙනකුන්ගේ ද යත්:
Pali BJTසොප්පස්ස භික්ඛවෙ, පටිසෙවනාය නත්ථි තිත්ති. සුරාමෙරයපානස්ස භික්ඛවෙ, පටිසෙවනාය නත්ථි තිත්ති. මෙථුනධම්මසමාපත්තියා භික්ඛවෙ, පටිසෙවනාය නත්ථි තිත්ති.
Sinhala BJTමහණෙනි, නිද්‍රාවගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත. මහණෙනි, සුරාමේරයපානයාගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත. මහණෙනි, මෛථුනධර්‍මසමාපත්තියගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත.
Pali BJTඉමෙසං භික්ඛවෙ, තිණ්ණං පටිසෙවනාය නත්ථි තිත්තීති.
Sinhala BJTමහණෙනි, මේ තුන්දෙනාගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත.
Pali BJT3. 3. 1. 7.
Sinhala BJT3. 3. 1. 7.
Pali BJT7. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච :
Sinhala BJT7. එකල අනේපිඬු ගෙහෙවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් අනේපිඬු ගෙහෙවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTචිත්තෙ ගහපති, අරක්ඛිතෙ කායකම්මම්පි අරක්ඛිතං හොති. වචීකම්මම්පි අරක්ඛිතං හොති, මනොකම්මම්පි අරක්ඛිතං හොති.
Sinhala BJTගෙහෙවිය, සිත නොරක්නා ලද කල්හි කායකර්‍මය ද නොරැකුනේ වෙයි. වාක්කර්‍මය ද නොරැකුනේ වෙයි. මනඃකර්‍මය ද නොරැකුනේ වෙයි.
Pali BJTතස්ස අරක්ඛිතකායකම්මන්තස්ස අරක්ඛිතවචීකම්මන්තස්ස අරක්ඛිතමනොකම්මන්තස්ස කායකම්මම්පි අවස්සුතං හොති. වචීකම්මම්පි අවස්සුතං හොති. මනොකම්මම්පි අවස්සුතං හොති. තස්ස අවස්සුතකායකම්මන්තස්ස අවස්සුතවචීකම්මන්තස්ස අවස්සුතමනොකම්මන්තස්ස කායකම්මම්පි පූතියං හොති. වචීකම්මම්පි පූතියං හොති. මනොකම්මම්පි පූතියං හොති. තස්ස පූතිකායකම්මන්තස්ස පූතිවචීකම්මන්තස්ස පූතිමනොකම්මන්තස්ස න භද්දකං මරණං හොති. න භද්දිකා කාලකිරියා.
Sinhala BJTනොරැකුනු කායකර්‍මාන්ත ඇති, නොරැකුනු වාක්කර්‍මාන්ත ඇති, නොරැකුනු මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද කෙලෙසින් තෙත් වූයේ වෙයි. වාක්කර්‍මය ද කෙලෙසින් තෙත් වූයේ වෙයි. මනඃකර්‍මය ද කෙලෙසින් තෙත් වූයේ වෙයි. තෙත් වූ කායකර්‍මාන්ත ඇති, තෙත් වූ වාක්කර්‍මාන්ත ඇති, තෙත් වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද අපවිත්‍ර වෙයි. වාක්කර්‍මය ද අපවිත්‍ර වෙයි. මනඃකර්‍මය ද අපවිත්‍ර වෙයි. අපවිත්‍ර වූ කායකර්‍මාන්ත ඇති, අපවිත්‍ර වූ වාක්කර්‍මාන්ත ඇති, අපවිත්‍ර වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර නො වේ. කාලක්‍රියාව භද්‍රිකා නො වෙයි.
Pali BJTසෙය්යථාපි ගහපති කූටාගාරෙ දුච්ඡන්නෙ කූටම්පි අරක්ඛිතං හොති. ගොපානසියොපි අරක්ඛිතා හොන්ති. භිත්තිපි අරක්ඛිතා හොති. කූටම්පි අවස්සුතං හොති. ගොපානසියොපි අවස්සුතා හොන්ති. භිත්තිපි අවස්සුතා හොති. කූටම්පි පූතිකං හොති. ගොපානසියොපි පූතිකා හොන්ති. භිත්තිපි පූතිකා හොති.
Sinhala BJTගෙහෙවිය, යම් පරිදි කුළුගෙයක් දුසෙවු කල්හි කූටයත් නොරැකුනේ වේ ද, ගොනැස්හුත් නොරැකුනාහු වෙත් ද, බිතත් නොරැකුනේ වේ ද, කූටයත් තෙත් වූයේ වේ ද, ගොනැස්හුත් තෙත් වූවාහු වෙත් ද, බිතත් තෙත් වූයේ වේ ද, කූටයත් දිරාපත් වූයේ වේ ද, ගොනැස්හුත් දිරාපත් වූවාහු වෙත් ද, බිතත් දිරාපත් වූයේ වේ ද,
Pali BJTඑවමෙව ඛො ගහපති, චිත්තෙ අරක්ඛිතෙ කායකම්මම්පි අරක්ඛිතං හොති. වචීකම්මම්පි අරක්ඛිතං හොති. මනොකම්මම්පි අරක්ඛිතං හොති. තස්ස අරක්ඛිතකායකම්මන්තස්ස අරක්ඛිතවචීකම්මන්තස්ස අරක්ඛිතමනොකම්මන්තස්ස කායකම්මම්පි අවස්සුතං හොති. වචීකම්මම්පි අවස්සුතං හොති. මනොකම්මම්පි අවස්සුතං හොති. තස්ස අවස්සුතකායකම්මන්තස්ස අවස්සුතවචීකම්මන්තස්ස අවස්සුතමනොකම්මන්තස්ස කායකම්මම්පි පූතියං හොති. වචීකම්මම්පි පූතියං හොති. මනොකම්මම්පි පූතියං හොති. තස්ස පූතිකායකම්මන්තස්ස පූතිවචීකම්මන්තස්ස පූතිමනොකම්මන්තස්ස න භද්දකං මරණං හොති. න භද්දිකා කාලකිරියා.
Sinhala BJTගෙහෙවිය, එපරිදි ම සිත නොරැකුනු කල්හි කායකර්‍මය ද නොරැකුනේ වේ. වාක්කර්‍මය ද නොරැකුනේ වේ. මනඃකර්‍මය ද නොරැකුනේ වෙයි. නොරැකුනු කායකර්‍මාන්ත ඇති, නොරැකුනු වාක්කර්‍මාන්ත ඇති, නොරැකුනු මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද කෙලෙසුන් විසින් තෙත් වූයේ වෙයි. වාක්කර්‍මය ද කෙලෙසුන් විසින් තෙත් වූයේ වෙයි. මනඃකර්‍මය ද කෙලෙසුන් විසින් තෙත් වූයේ වෙයි. තෙත් වූ කායකර්‍මාන්ත ඇති, තෙත් වූ වාක්කර්‍මාන්ත ඇති, තෙත් වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද අපවිත්‍ර වේ. වාක්කර්‍මය ද අපවිත්‍ර වේ. මනඃකර්‍මය ද අපවිත්‍ර වේ. අපවිත්‍ර කායකර්‍මාන්ත ඇති, අපවිත්‍ර වාක්කර්‍මාන්ත ඇති, අපවිත්‍ර මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර නොවෙයි. කාලක්‍රියාව භද්‍රිකා නොවෙයි.
Pali BJTචිත්තෙ ගහපති රක්ඛිතෙ කායකම්මම්පි රක්ඛිතං හොති. වචීකම්මම්පි රක්ඛිතං හොති. මනොකම්මම්පි රක්ඛිතං හොති. තස්ස රක්ඛිතකායකම්මන්තස්ස රක්ඛිතවචීකම්මන්තස්ස රක්ඛිතමනොකම්මන්තස්ස කායකම්මම්පි අනවස්සුතං හොති. වචීකම්මම්පි අනවස්සුතං හොති. මනොකම්මම්පි අනවස්සුතං හොති. තස්ස අනවස්සුතකායකම්මන්තස්ස අනවස්සුතවචීකම්මන්තස්ස අනවස්සුතමනොකම්මන්තස්ස කායකම්මම්පි අපූතියං හොති. වචීකම්මම්පි අපූතියං හොති. මනොකම්මම්පි අපූතියං හොති. තස්ස අපූතිකායකම්මන්තස්ස අපූතිවචීකම්මන්තස්ස අපූතිමනොකම්මන්තස්ස භද්දකං මරණං හොති. භද්දිකා කාලකිරියා.
Sinhala BJTගෙහෙවිය, සිත රැකුනු කල්හි කායකර්‍මය ද රැකුනේ වෙයි. වාක්කර්‍මය ද රැකුනේ වෙයි. මනඃකර්‍මය ද රැකුනේ වෙයි. රැකුනු කායකර්‍මාන්ත ඇති, රැකුනු වාක්කර්‍මාන්ත ඇති, රැකුනු මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද කෙලෙසුන් විසින් තෙත් වූයේ නොවෙයි. වාක්කර්‍මය ද කෙලෙසුන් විසින් තෙත් වූයේ නොවෙයි. මනඃකර්‍මය ද කෙලෙසුන් විසින් තෙත් වූයේ නොවෙයි. තෙත් නොවූ කායකර්‍මාන්ත ඇති, තෙත් නොවූ වාක්කර්‍මාන්ත ඇති, තෙත් නොවූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද පවිත්‍ර වෙයි. වාක්කර්‍මය ද පවිත්‍ර වෙයි. මනඃකර්‍මය ද පවිත්‍ර වෙයි. පවිත්‍ර කායකර්‍මාන්ත ඇති, පවිත්‍ර වාක්කර්‍මාන්ත ඇති, පවිත්‍ර මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර වෙයි. කාල ක්‍රියාව භද්‍රිකා වෙයි.
Pali BJTසෙය්යථාපි ගහපති, කූටාගාරෙ සුච්ඡන්නෙ කූටම්පි රක්ඛිතං හොති. ගොපානසියොපි රක්ඛිතා හොන්ති. භිත්තිපි රක්ඛිතා හොති. කූටම්පි අනවස්සුතං හොති. ගොපානසියොපි අනවස්සුතා හොන්ති. භිත්තිපි අනවස්සුතා හොති. කූටම්පි අපූතිකං හොති. ගොපානසියොපි අපූතිකා හොන්ති. භිත්තිපි අපූතිකා හොති.
Sinhala BJTගෙහෙවිය, යම් පරිදි කුළුගෙයක් මොනොවට සෙවෙනි කළ කල්හි කූටයත් රැකුනේ වේ ද, ගොනැස්හුත් රැකුනාහු වෙත් ද, බිතත් රැකුනේ වේ ද, කූටයත් තෙත් වූයේ නොවේ ද, ගොනැස්හුත් තෙත් වූවාහු නොවෙත් ද, බිතත් තෙත් වූයේ නොවේ ද, කූටයත් නොදිරා ගියේ වේ ද, බිතත් නොදිරා ගියේ වේ ද,
Pali BJTඑවමෙව ඛො ගහපති, චිත්තෙ රක්ඛිතෙ කායකම්මම්පි රක්ඛිතං හොති, වචීකම්මම්පි රක්ඛිතං හොති, මනොකම්මම්පි රක්ඛිතං හොති. තස්ස රක්ඛිතකායකම්මන්තස්ස, රක්ඛිතවචීකම්මන්තස්ස, රක්ඛිතමනොකම්මන්තස්ස කායකම්මම්පි අනවස්සුතං හොති. වචීකම්මම්පි අනවස්සුතං හොති. මනොකම්මම්පි අනවස්සුතං හොති. තස්ස අනවස්සුතකායකම්මන්තස්ස අනවස්සුතවචීකම්මන්තස්ස අනවස්සුතමනොකම්මන්තස්ස කායකම්මම්පි අපූතියං හොති, වචීකම්මම්පි අපූතියං හොති, මනොකම්මම්පි අපූතියං හොති. තස්ස අපූතිකායකම්මන්තස්ස අපූතිවචීකම්මන්තස්ස අපූතිමනොකම්මන්තස්ස භද්දකං මරණං හොති, භද්දිකා කාලකිරියාති.
Sinhala BJTගෙහෙවිය, එපරිදි ම සිත රැකුනු කල්හි කායකර්‍මයත් රැකුනේ වේ. වාක්කර්‍මයත් රැකුනේ වේ. මනඃකර්‍මයත් රැකුනේ වේ. රැකුනු කායකර්‍මාන්ත ඇති, රැකුනු වාක්කර්‍මාන්ත ඇති, රැකුනු මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද කෙලෙසුන් විසින් නොතෙත් වූයේ වෙයි. වාක්කර්‍මය ද නොතෙත් වූයේ වෙයි. මනඃකර්‍මය ද නොතෙත් වූයේ වෙයි. නොතෙත් වූ කායකර්‍මාන්ත ඇති, නොතෙත් වූ වාක්කර්‍මාන්ත ඇති, නොතෙත් වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද පවිත්‍ර වූයේ වෙයි. වාක්කර්‍මය ද, පවිත්‍ර වූයේ වෙයි. මනඃකර්‍මය ද පවිත්‍ර වූයේ වෙයි. පවිත්‍ර වූ කායකර්‍මාන්ත ඇති, පවිත්‍ර වූ වාක්කර්‍මාන්ත ඇති, පවිත්‍ර වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර වෙයි. කාලක්‍රියාව භද්‍රිකා වේ.
Pali BJT3. 3. 1. 8.
Sinhala BJT3. 3. 1. 8.
Pali BJT8. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච : චිත්තෙ ගහපති, ව්යාපන්නෙ කායකම්මම්පි ව්යාපන්නං හොති. වචීකම්මම්පි ව්යාපන්නං හොති. මනොකම්මම්පි ව්යාපන්නං හොති. තස්ස ව්යාපන්නකායකම්මන්තස්ස ව්යාපන්නවචීකම්මන්තස්ස ව්යාපන්නමනොකම්මන්තස්ස න භද්දකං මරණං හොති. න භද්දිකා කාලකිරියා.
Sinhala BJT8. එකත්පස්ව හුන් අනේපිඬු සිටුහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ හ: ගෙහෙවිය, සිත පෙරළියාව සිටි කල්හි කායකර්‍මය ද පෙරළියා වෙයි. වාක්කර්‍මය ද පෙරළියා වෙයි. මනඃකර්‍මය ද පෙරළියා වෙයි. පෙරළියා වූ කායකර්‍මාන්ත ඇති, පෙරළියාවූ වාක්කර්‍මාන්ත ඇති, පෙරළියා වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර නොවෙයි. කාලක්‍රියාව භද්‍රිකා නොවෙයි.
Pali BJTසෙය්යථාපි ගහපති, කූටාගාරෙ දුච්ඡන්නෙ කූටම්පි ව්යාපන්නං හොති. ගොපානසියොපි ව්යාපන්නා හොන්ති. භිත්තීපි ව්යාපන්නා හොති. එවමෙව ඛො ගහපති, චිත්තෙ ව්යාපන්නෙ කායකම්මම්පි ව්යාපන්නං හොති. වචීකම්මම්පි ව්යාපන්නං හොති. මනොකම්මම්පි ව්යාපන්නං හොති. තස්ස ව්යාපන්නකායකම්මන්තස්ස ව්යාපන්නවචීකම්මන්තස්ස ව්යාපන්නමනොකම්මන්තස්ස න භද්දකං මරණං හොති. න භද්දිකා කාලකිරියා.
Sinhala BJTගෙහෙවිය, යම් පරිදි කුළුගෙය නපුරු කොට සෙවෙනි කළ කල කූටයත් විපන්නේ වෙයි. ගොනැස්හුත් විපන්හු වෙති. බිතත් විපන් වෙයි. ගෙහෙවිය, එපරිදි ම සිත පෙරළි කල්හි කායකර්‍මය ද පෙරළියා වෙයි. වාක්කර්‍මය ද පෙරළියා වෙයි. මනඃකර්‍මය ද පෙරළියා වෙයි. පෙරළියා වූ කායකර්‍මාන්ත ඇති, පෙරළියා වූ වාක්කර්‍මාන්ත ඇති, පෙරළියා වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර නොවේ. කාලක්‍රියාව භද්‍රිකා නොවෙයි.
Pali BJTචිත්තෙ ගහපති, අව්යාපන්නෙ කායකම්මම්පි අව්යාපන්නං හොති. වචීකම්මම්පි අව්යාපන්නං හොති. මනොකම්මම්පි අව්යාපන්නං හොති. තස්ස අව්යාපන්නකායකම්මන්තස්ස අව්යාපන්නවචීකම්මන්තස්ස අව්යාපන්නමනොකම්මන්තස්ස භද්දකං මරණං හොති. භද්දිකා කාලකිරියා.
Sinhala BJTගෙහෙවිය සිත නොපෙරළියා ව සිටි කල කායකර්‍මය ද නො පෙරළියා වෙයි. වාක්කර්‍මය ද නො පෙරළියා වෙයි. මනඃකර්‍මය ද නො පෙරළියා වෙයි. නො පෙරළුනු කායකර්‍මාන්ත ඇති, නො පෙරළුනු වාක්කර්‍මාන්ත ඇති නො පෙරළුනු මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර වෙයි. කාලක්‍රියාව භද්‍රිකා වෙයි.
Pali BJTසෙය්යථාපි ගහපති, කූටාගාරෙ සුච්ඡන්නෙ කූටම්පි අව්යාපන්නං හොති. ගොපානසියොපි අව්යාපන්නා හොන්ති. භිත්තීපි අව්යාපන්නා හොති. එවමෙව ඛො ගහපති, චිත්තෙ අව්යාපන්නෙ කායකම්මම්පි අව්යාපන්නං හොති. වචීකම්මම්පි අව්යාපන්නං හොති. මනොකම්මම්පි අව්යාපන්නං හොති. තස්ස අව්යාපන්නකායකම්මන්තස්ස අව්යාපන්නවචීකම්මන්තස්ස අව්යාපන්නමනොකම්මන්තස්ස භද්දකං මරණං හොති. භද්දිකා කාලකිරියාති.
Sinhala BJTගෙහෙවිය, යම් පරිදි කුළුගෙය මොනොවට සෙවෙනි කළ කල කූටයත් විපන්නේ නො වෙයි. ගොනැස්හුත් විපන්නාහු නො වෙති. බිතත් විපන්නේ නො වෙයි. ගෙහෙවිය, එපරිදි ම සිත නො පෙරළි කළ කායකර්‍මය ද නො පෙරළියා වෙයි. වාක්කර්‍මය ද නො පෙරළියා වෙයි. මනඃකර්‍මය ද නො පෙරළියා වෙයි. නො පෙරළුනු කායකර්‍මාන්ත ඇති, නො පෙරළුනු වාක්කර්‍මාන්ත ඇති, නො පෙරළුනු මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර වේ. කාලක්‍රියාව භද්‍රිකා වේ.
Pali BJT3. 3. 1. 9.
Sinhala BJT3. 3. 1. 9.
Pali BJT9. තීණිමානි භික්ඛවෙ, නිදානානි කම්මානං සමුදයාය. කතමානි තීණි : ලොභො නිදානං කම්මානං සමුදයාය, දොසො නිදානං කම්මානං සමුදයාය, මොහො නිදානං කම්මානං සමුදයාය.
Sinhala BJT9. මහණෙනි, වට්ටගාමීකර්‍මයන්ගේ පිඬුකිරීම පිණිස මේ කාරණයෝ තුන් දෙනෙක් වෙති. කවර තුන් දෙනෙක යත්: කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස ලෝභය කාරණයෙකි. කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස ද්වේෂය කාරණයෙකි. කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස මෝහය කාරණයෙකි.
Pali BJTයං භික්ඛවෙ, ලොභපකතං කම්මං ලොභජං ලොභනිදානං ලොභසමුදයං, තං කම්මං අකුසලං, තං කම්මං සාවජ්ජං, තං කම්මං දුක්ඛවිපාකං, තං කම්මං කම්මසමුදයාය සංවත්තති. න තං කම්මං කම්මනිරොධාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, ලෝභයෙන් කළ, ලෝභයෙන් උපන්, ලෝභය නිදන් කොට ඇති, ලෝභය කරුණු කොට ඇති, යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය අකුශලය, ඒ කර්‍මය සදෝෂය, ඒ කර්‍මය දුඃඛවිපාකය, ඒ කර්‍මය අන්‍යකර්‍මයන් රැස්කිරීම පිණිස ද පවතී. ඒ කර්‍මය වට්ටගාමීකර්‍මයන්ගේ නිරෝධය පිණිස නො වැටෙයි.
Pali BJTයං භික්ඛවෙ, දොසපකතං කම්මං -පෙ- යං භික්ඛවෙ, මොහපකතං කම්මං මොහජං මොහනිදානං මොහසමුදයං, තං කම්මං අකුසලං, තං කම්මං සාවජ්ජං, තං කම්මං දුක්ඛවිපාකං, තං කම්මං කම්මසමුදයාය සංවත්තති, න තං කම්මං කම්මනිරොධාය සංවත්තති. ඉමානි ඛො භික්ඛවෙ, තීණි නිදානානි කම්මානං සමුදයාය.
Sinhala BJTමහණෙනි, ද්වේෂයෙන් කළ ... යම් කර්‍මයෙක් ඇද්ද ... මහණෙනි, මෝහයෙන් කළ, මෝහයෙන් උපන්, මෝහය නිදන් කොට ඇති, මෝහය හේතු කොට ඇති යම් කර්‍මයෙක් ඇද් ද ඒ කර්‍මය අකුශලය. ඒ කර්‍මය සදෝෂය. ඒ කර්‍මය දුඃඛවිපාක ය. ඒ කර්‍මය අන්‍යකර්‍මයන්ගේ රැස්කිරීම පිණිස ද වැටේ. ඒ කර්‍මය වට්ටගාමී කර්‍මයන්ගේ නිරෝධය පිණිස නො වැටේ. මහණෙනි, වට්ටගාමී කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස මොහු කාරණයෝ තුන් දෙනයහ.
Pali BJTතීණිමානි භික්ඛවෙ, නිදානානි කම්මානං සමුදයාය. කතමානි තීණි : අලොභො නිදානං කම්මානං සමුදයාය. අදොසො නිදානං කම්මානං සමුදයාය. අමොහො නිදානං කම්මානං සමුදයාය.
Sinhala BJTමහණෙනි, කර්‍මයන් රැස්කිරීම පිණිස මේ කාරණයෝ තුන්දෙනෙක් වෙති. කවර තුන් දෙනෙක යත්: කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස අලෝභය කාරණයෙකි. කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස අදෝෂය කාරණයෙකි. කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස අමෝහය කාරණයෙකි.
Pali BJTයං භික්ඛවෙ, අලොභපකතං කම්මං අලොභජං අලොභනිදානං අලොභසමුදයං, තං කම්මං කුසලං, තං කම්මං අනවජ්ජං, තං කම්මං සුඛවිපාකං, තං කම්මං කම්මනිරොධාය සංවත්තති, න තං කම්මං කම්මසමුදයාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, අලෝභයෙන් කළ, අලෝභයෙන් උපන්, අලෝභය නිදන් කොට ඇති, අලෝභය කරුණු කොට ඇති යම් කර්‍මයෙක් ඇද් ද, ඒ කර්‍මය කුශල ය. ඒ කර්‍මය අදෝෂ ය. ඒ කර්‍මය සුඛවිපාක ය. ඒ කර්‍මය කර්‍මනිරෝධය පිණිස වැටේ. ඒ කර්‍මය වට්ටගාමී කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස නො වැටේ.
Pali BJTයං භික්ඛවෙ, අදොසපකතං කම්මං -පෙ- යං භික්ඛවෙ, අමොහපකතං කම්මං අමොහජං අමොහනිදානං අමොහසමුදයං, තං කම්මං කුසලං, තං කම්මං අනවජ්ජං, තං කම්මං සුඛවිපාකං, තං කම්මං කම්මනිරොධාය සංවත්තති. න තං කම්මං කම්මසමුදයාය සංවත්තති. ඉමානි ඛො භික්ඛවෙ, තීණි නිදානානි කම්මානං සමුදයායාති.
Sinhala BJTමහණෙනි, අද්වෙෂයෙන් කළ යම් කර්‍මයෙක් ඇද් ද ... මහණෙනි, අමෝහයෙන් කළ, අමෝහයෙන් හටගත්, අමෝහය නිදන් කොට ඇති, අමෝහය හේතු කොට ඇති යම් කර්‍මයෙක් ඇද් ද ඒ කර්‍මය කුශලය. ඒ කර්‍මය අදෝෂ ය. ඒ කර්‍මය සුඛවිපාක ය. ඒ කර්‍මය කර්‍මයන්ගේ නිරෝධය පිණිස වැටේ. ඒ කර්‍මය කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස නො වැටේ. මහණෙනි, වට්ටගාමී කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස මොහු කාරණයෝ තුන් දෙනයහ.
Pali BJT3. 3. 1. 10.
Sinhala BJT3. 3. 1. 10.
Pali BJT10. තීණිමානි භික්ඛවෙ, නිදානානි කම්මානං සමුදයාය. කතමානි තීණි : අතීතෙ භික්ඛවෙ, ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ ඡන්දො ජායති. අනාගතෙ භික්ඛවෙ, ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ ඡන්දො ජායති. පච්චුප්පන්නෙ භික්ඛවෙ, ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ ඡන්දො ජායති.
Sinhala BJT10. මහණෙනි, වට්ටගාමී කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස මේ නිදානයෝ තුන් දෙනෙකි: කවර තුන් දෙනෙක යත්: මහණෙනි, අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදී. මහණෙනි, අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදී. මහණෙනි, ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදී.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අතීතෙ ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ ඡන්දො ජායති : අතීතෙ භික්ඛවෙ, ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති. තස්ස අතීතෙ ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ චෙතසා අනුවිතක්කයතො අනුවිචාරයතො ඡන්දො ජායති. ඡන්දජාතො තෙහි ධම්මෙහි සඤ්ඤුත්තො හොති. එතමහං භික්ඛවෙ, සඤ්ඤොජනං වදාමි යො චෙතසො සාරාගො. එවං ඛො භික්ඛවෙ, අතීතෙ ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ ඡන්දො ජායති.
Sinhala BJTමහණෙනි, කෙසේ අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදනේ ය යත්: මහණෙනි, අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්‍කණය කෙරෙයි, නුකොට විචාරණය කෙරෙයි. අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්‍කණය කරණ නුකොට විචාරණයකරණ ඔහට තෘෂ්ණාච්ඡන්‍දය උපදී. හටගත් තෘෂ්ණාච්ඡන්‍ද ඇතියේ ඒ දහමින් සංයුක්ත වෙයි. මහණෙනි, සිත පිළිබඳ යම් සංරාගයෙක් වේ ද, මම තෙල සංරාගය සංයෝජනය යි කියමි. මහණෙනි, මෙසේ අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරබයා තෘෂ්ණාච්ඡන්‍දය උපදී.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අනාගතෙ ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ ඡන්දො ජායති : අනාගතෙ භික්ඛවෙ, ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති. තස්ස අනාගතෙ ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ චෙතසා අනුවිතක්කයතො අනුවිචාරයතො ඡන්දො ජායති. ඡන්දජාතො තෙහි ධම්මෙහි සඤ්ඤුත්තො හොති. එතමහං භික්ඛවෙ, සඤ්ඤොජනං වදාමි යො චෙතසො සාරාගො. එවං ඛො භික්ඛවෙ, අනාගතෙ ඡන්දරාගට්ඨානීයෙ ධම්මෙ ආරබ්භ ඡන්දො ජායති.
Sinhala BJTමහණෙනි, කෙසේ අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදනේ ය යත්: මහණෙනි, අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්‍කණය කෙරේ ද, නුකොට විචාරණය කෙරේ ද, අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්‍කණය කරණ, නුකොට විචාරණය කරණ ඔහට තෘෂ්ණාච්ඡන්‍දයෙක් උපදි. හටගත් ඡන්‍ද ඇතියේ ඒ දහමින් සංයුක්ත වෙයි. මහණෙනි, සිත පිළිබඳ යම් සංරාගයෙක් වේ ද, මම තෙල සංරාගය සංයෝජනය යි කියමි. මහණෙනි, මෙසේ අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදී.