Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2101-2200 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකතමානි තීණි :
Sinhala BJTකවර තුන් දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා ච හොති, දුස්සීල්යඤ්චස්ස පහීණං හොති, තෙන ච විවිත්තො හොති. සම්මාදිට්ඨිකො{3} හොති, මිච්ඡාදිට්ඨි චස්ස පහීණා හොති, තාය ච විවිත්තො හොති. ඛීණාසවො ච හොති, ආසවා චස්ස පහීණා හොන්ති, තෙහි ච විවිත්තො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් ද වෙයි. ඔහුගේ පස්වැදෑරුම් දෞශශීල්‍යය ද ප්‍රහත වෙයි. එයින් විවික්ත ද වෙයි. සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහත වෙයි. එයින් විවික්ත ද වෙයි. ක්‍ෂීණාස්‍රව ද වෙයි. ඔහුගේ ආස්‍රවයෝ ද ප්‍රහත වෙත්. එයින් විවික්ත ද වෙයි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, භික්ඛු සීලවා හොති, දුස්සීල්යඤ්චස්ස පහීණං හොති, තෙන ච විවිත්තො හොති. සම්මාදිට්ඨිකො හොති, මිච්ඡාදිට්ඨි චස්ස පහීණා හොති, තාය ච විවිත්තො හොති. ඛීණාසවො හොති, ආසවා චස්ස පහීණා හොන්ති, තෙහි ච විවිත්තො හොති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අග්ගප්පත්තො සාරප්පත්තො සුද්ධො සාරෙ පතිට්ඨිතො.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණ සියුපිරිසිදු ශීලයෙන් සිල්වත් වේ ද, ඔහුගේ පස්වැදෑරුම් දෞශශීල්‍යය ප්‍රහත වේ ද, එයින් විවික්තත් වේ ද, සම්‍යග්දෘෂ්ටික වේ ද, ඔහුගේ මිථ්‍යාදෘෂ්ටියත් ප්‍රහත වේ ද, එයින් විවික්තත් වේ ද, ක්‍ෂීණාස්‍රවත් වේ ද, ඔහුගේ ආස්‍රවයෝ ප්‍රහත වෙත් ද, එයින් විවික්තත් වේ ද, මහණෙනි, මේ මහණ ශීලයෙන් අගතැන් පැමිණියේ යයි ශීලසාරය ලද්දේ යයි පිරිසිදු යයි ශීල සමාධි ප්‍රඥා සාරයෙහි පිහිටියේ යයි කියනු ලැබේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, කස්සකස්ස ගහපතිස්ස සම්පන්නං සාලික්ඛෙත්තං. තමෙනං කස්සකො ගහපති සීඝසීඝං{1} වපාපෙය්ය. සීඝසීඝං වපාපෙත්වා සීඝසීඝං සඞ්ඝරාපෙය්ය. සීඝසීඝං සඞ්ඝරපෙත්වා සීඝසීඝං උබ්බහාපෙය්ය. සීඝසීඝං උබ්බහාපෙත්වා සීඝසීඝං පුඤ්ජං කාරාපෙය්ය. සීඝසීඝං පුඤ්ජං කාරාපෙත්වා සීඝසීඝං මද්දාපෙය්ය. සීඝසීඝං මද්දාපෙත්වා සීඝසීඝං පලාලානි උද්ධරාපෙය්ය. සීඝසීඝං පලාලානි උද්ධරාපෙත්වා සීඝසීඝං භුසිකං උද්ධරාපෙය්ය. සීඝසීඝං භුසිකං උද්ධරාපෙත්වා සීඝසීඝං ඔපුණාපෙය්ය. සීඝසීඝං ඔපුණාපෙත්වා සීඝසීඝං අතිහරාපෙය්ය. සීඝසීඝං අතිහරාපෙත්වා සීඝසීඝං කොට්ටාපෙය්ය. සීඝසීඝං කොට්ටාපෙත්වා සීඝසීඝං ථුසානි උද්ධරාපෙය්ය. එවමස්සු තානි භික්ඛවෙ, කස්සකස්ස ගහපතිස්ස තානි ධඤ්ඤානි අග්ගප්පත්තානි සාරප්පත්තානි සුද්ධානි සාරෙ පතිට්ඨිතානි.
Sinhala BJTමහණෙනි, යම් පරිදි කර්‍ෂකගෘහපතිහුගේ පිරියුනු ශාලික්‍ෂේත්‍රයෙක් වේ ද, කර්‍ෂකගෘහපති ඒ කෙත වහ වහා වපුරවන්නේ වේ ද, වහ වහා වපුරවා වහ වහා ගොයම් හකුළුවන්නේ වේ ද, වහ වහා හකුළුවා වහ වහා කලවිටට එළවා ලවන්නේ වේ ද, වහ වහා එළවා ලවා වහ වහා පිඬු කරවන්නේ වේ ද, වහ වහා පිඬු කරවා වහ වහා මඩවන්නේ වේ ද, වහ වහා මඩවා වහ වහා පිදුරු උදුරවන්නේ වේ ද, වහ වහා පිදුරු උදුරවා වහ වහා බොල් උදුරවන්නේ වේ ද, වහ වහා බොල් උදුරවා වහ වහා හුළඟෙහි පොළවන්නේ වේ ද, වහ වහා කොටුවට නංවා වහ වහා කොටවන්නේ වේ ද, වහ වහා කොටවා වහ වහා දහසිවි උදුරවන්නේ වේ ද. මහණෙනි, මෙසේ කරත් ම කර්‍ෂකගෘහපතිහුගේ ඒ ධාන්‍යයෝ සහලින් අගතැන් පැමිණියාහු වෙති. සාරබවට පැමිණියාහු වෙති. ශුද්ධවූවාහු වෙති. සාරයෙහි පිහිටියාහු වෙති.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යතො භික්ඛු සීලවා ච හොති, දුස්සීල්යඤ්චස්ස පහීණං හොති, තෙන ච විවිත්තො හොති. සම්මාදිට්ඨිකො ච හොති, මිච්ඡාදිට්ඨි චස්ස පහීණා හොති, තාය ච විවිත්තො හොති. ඛීණාසවො ච හොති, ආසවා චස්ස පහීණා හොන්ති, තෙහි ච විවිත්තො හොති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අග්ගප්පත්තො සාරප්පත්තො සුද්ධො සාරෙ පතිට්ඨිතොති.
Sinhala BJTමහණෙනි, එපරිදි ම මහණ චතුෂ්පාරිශුද්ධ ශීලයෙන් සිල්වත් වේ ද, ඔහුගේ පස් වැදෑරුම් දෞශශීල්‍යය ප්‍රහත වේ ද, එයින් විවික්තත් වේ ද, සම්‍යග්දෘෂ්ටිකත් වේ ද, ඔහුගේ මිථ්‍යාදෘෂ්ටියත් ප්‍රහත වේ ද, එයින් විවික්තත් වේ ද, ක්‍ෂීණාස්‍රවත් වේ ද, ඔහුගේ ආස්‍රවයෝත් ප්‍රහත වෙත් ද, එයින් විවික්තත් වේ ද, මහණෙනි, මේ මහණ ශීලයෙන් අගතැන් පැමිණියේ යයි ශීලසාරය ලද්දේ යයි ශුද්ධ යයි ශීල සමාධි ප්‍රඥාසාරයෙහි පිහිටියේ යයි කියනු ලැබේ.
Pali BJT3. 2. 5. 3.
Sinhala BJT3. 2. 5. 3.
Pali BJT44. සෙය්යථාපි භික්ඛවෙ, සරදසමයෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ ආදිච්චො නභං අබ්භුස්සක්කමානො{2} සබ්බං ආකාසගතං තමගතං අභිවිහච්ච භාසතෙ ච තපතෙ ච විරොචති ච.
Sinhala BJT44. මහණෙනි, යම් සේ සරත් කාලයෙහි අහස පහ වූ වලා ඇති ව පහන් ව සිටි කල හිරු අහසට නැගෙමින් අහස්හි වන් හැම අඳුරු නසා බබලන්නේ වේ ද, රස් පතුරුවන්නේ වේ ද, දිලෙන්නේ වේ ද.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යතො අරියසාවකස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි. සහදස්සනුප්පාදා, භික්ඛවෙ, අරියසාවකස්ස තීණි සඤ්ඤොජනානි පහීයන්ති, සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාසො.
Sinhala BJTමහණෙනි, එපරිදි ම යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාට රාගාදි රජස් නැති රාගාදි මල නැති ධර්‍මචක්‍ෂුස පහළ වී ද, මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ශ්‍රෝතාපත්තිමාර්‍ගෝත්පාදය සමග ත්‍රිවිධ සංයෝජනයෝ පහව යෙත්. සත්කායදෘෂ්ටිය විචිකිත්සාය ශීලව්‍රතපරාමර්‍ශ යි.
Pali BJTඅථාපරං ද්වීහි ධම්මෙහි නිය්යාති අභිජ්ඣාය ච ව්යාපාදෙන ච. සො විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. තස්මිං භික්ඛවෙ, සමයෙ අරියසාවකො කාලං කරෙය්ය, නත්ථි තං සඤ්ඤොජනං, යෙන සඤ්ඤොජනෙන සඤ්ඤුත්තො අරියසාවකො පුන ඉමං ලොකං ආගච්ඡෙය්යාති.
Sinhala BJTඅනතුරුව අභිධ්‍යා හා ව්‍යාපාදයෙන් දැයි දෙදහමින් නිර්‍ය්‍යාණය කෙරෙයි. හේ කාමයෙන් වෙන්ව ම ... ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, එසමයෙහි ආර්‍ය්‍යශ්‍රාවක කලුරිය කරන්නේ වේ ද, යම් සංයෝජනයෙකින් සංයුක්ත ආර්‍ය්‍යශ්‍රාවකයෙක් නැවත මෙලොවට එන්නේ වේ ද, එබඳු සංයෝජනයෙක් ඔහුට නැත.
Pali BJT3. 2. 5. 4.
Sinhala BJT3. 2. 5. 4.
Pali BJT45. තිස්සො ඉමා භික්ඛවෙ, පරිසා. කතමා තිස්සො : අග්ගවතී පරිසා, වග්ගා පරිසා, සමග්ගා පරිසා.
Sinhala BJT45. මහණෙනි, මේ පර්‍ෂද්හු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අග්‍රවත් පර්‍ෂද් ය, වර්‍ගපර්‍ෂද් ය, සමග්‍රපර්‍ෂද් යයි.
Pali BJTකතමා ච භික්ඛවෙ, අග්ගවතී පරිසා :
Sinhala BJTමහණෙනි, අග්‍රවත් පර්‍ෂද් කවර?
Pali BJTඉධ භික්ඛවෙ, යස්සං පරිසායං ථෙරා භික්ඛූ න බාහුලිකා හොන්ති. න සාථලිකා, ඔක්කමනෙ නික්ඛිත්තධුරා පවිවෙකෙ පුබ්බඞ්ගමා, විරියං ආරභන්ති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය, තෙසං පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති. සාපි හොති න බාහුලිකා න සාථලිකා ඔක්කමනෙ නික්ඛිත්තධුරා පවිවෙකෙ පුබ්බඞ්ගමා, විරියං ආරභන්ති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. තෙසං පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති. සාපි හොති න බාහුලිකා න සාථලිකා ඔක්කමනෙ නික්ඛිත්තධුරා පවිවෙකෙ පුබ්බඞ්ගමා විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. අයං වුච්චති භික්ඛවෙ, අග්ගවතී පරිසා.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි යම් පර්‍ෂදයෙක ස්ථවිර භික්‍ෂූහු ප්‍රත්‍යය බාහුල්‍යය නැත්තාහු වෙද් ද, ශික්‍ෂාශාසනය ලිහිල් කොට නො ගන්නාහු වෙද් ද, පඤ්චනීවරණයෙහි හළ ධුර ඇත්තාහු වෙද් ද, ප්‍රවිවේකයෙහි පූර්‍වඞ්ගම වෙත් ද, නො ලත් විශේෂය ලබනු පිණිස, අනධිගත විශේෂය අධිගම කරණු පිණිස, පසක් නො කළ විශේෂය පසක් කරණු පිණිස වැර අරඹත් ද, ඔවුන්ගේ පශ්චිම ජනතා තොමෝ දෘෂ්ටානුගතියට පැමිණේ ද, ඒ ජනතාවත් බාහුලික නො වේ ද, ශික්‍ෂාශාසනය ලිහිල් කොට නොගණී ද, පඤ්චනීවරණයෙහි හළ ධුර ඇද්ද, ප්‍රවිවේකයෙහි පූර්‍වඞ්ගම වේ ද, නොලත් විශේෂය ලබනු පිණිස අනධිගත විශේෂය අධිගම කරණු පිණිස පසක් නො කළ විශේෂය පසක් කරණු පිණිස වැර අරඹා ද, මහණෙනි, මේ අග්‍රවත් පර්‍ෂදැයි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, වග්ගා පරිසා :
Sinhala BJTමහණෙනි, වර්‍ගපර්‍ෂද් කවර?
Pali BJTඉධ භික්ඛවෙ, යස්සං පරිසායං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති, අයං වුච්චති භික්ඛවෙ, වග්ගා පරිසා.
Sinhala BJTමහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු පුරිස් තෙපුල් සැතින් උනුන් විදුනාහු වෙසෙත් ද, මහණෙනි, මේ වර්‍ගපර්‍ෂදැයි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, සමග්ගා පරිසා :
Sinhala BJTමහණෙනි, සමග්‍ර පර්‍ෂද් කවර?
Pali BJTඉධ භික්ඛවෙ, යස්සං පරිසායං භික්ඛූ සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරන්ති. අයං වුච්චති භික්ඛවෙ, සමග්ගා පරිසා.
Sinhala BJTමහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක මහණහු සමග වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු ක්‍ෂීරෝදක බඳු වූවාහු උනුන් ප්‍රිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, මේ සමග්‍රපර්‍ෂදැයි කියනු ලැබේ.
Pali BJTයස්මිං භික්ඛවෙ, සමයෙ භික්ඛූ සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරන්ති. බහුං භික්ඛවෙ, භික්ඛූ තස්මිං සමයෙ පුඤ්ඤං පසවන්ති. බ්රහ්මං භික්ඛවෙ, විහාරං තස්මිං සමයෙ භික්ඛූ විහරන්ති. යදිදං මුදිතාය චෙතොවිමුත්තියා. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත්තං සමාධියති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණහු සමග වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු ක්‍ෂීරෝදක බඳු වූවාහු උනුන් ප්‍රිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, එකල මහණහු බොහෝ පින් රැස් කෙරෙත්. මහණෙනි, යම් මේ මෘදුතා වෙතොවිමුක්තියෙක් වේ ද, එයින් එකල මහණහු බ්‍රහ්මවිහාරය කෙරෙති. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදී. ප්‍රීතිමත් සිතැත්තාහට කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳියි. සුව ඇතියහුගේ සිත සමාධිගත වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, උපරිපබ්බතෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ තං උදකං යථානින්නං පවත්තමානං පබ්බත කන්දරපදරසාඛා පරිපූරෙති, පබ්බතකන්දරපදරසාඛා පරිපූරා කුස්සුබ්භෙ පරිපූරෙන්ති, කුස්සුබ්භා පරිපූරා මහාසොබ්භෙ පරිපූරෙන්ති, මහාසොබ්භා පරිපූරා කුන්නදියො පරිපූරෙන්ති, කුන්නදියො පරිපූරා මහානදියො පරිපූරෙන්ති, මහානදියො පරිපූරා සමුද්දං පරිපූරෙන්ති. එවමෙව ඛො භික්ඛවෙ, යස්මිං සමයෙ භික්ඛූ සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරන්ති, බහුං භික්ඛවෙ, භික්ඛූ තස්මිං සමයෙ පුඤ්ඤං පසවන්ති. බ්රහ්මං භික්ඛවෙ, විහාරං තස්මිං සමයෙ භික්ඛූ විහරන්ති, යදිදං මුදිතාය චෙතොවිමුත්තියා. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි ගල්මුදුනෙක දළ පොද ඇති මෙඝයක් වස්නා කළ ඒ දිය නිම්න තුබූ සේ පෙරළෙමින් අවුදු පර්‍වත කන්‍දර ප්‍රදර ශාඛාවන් පුරවා ද, ගල්කඳුර පැළී ඇලිහු පිරුනාහු කුඩා හෙප් පුරවත් ද, කුඩා හෙප්හු පිරුනාහු මහ හෙප් පුරවත් ද, මහහෙප්හු පිරුනාහු කුඩා නදීන් පුරවත් ද, කුඩා නදීහු පිරුනාහු මහා නදීන් පුරවත් ද, මහානදීහු පිරුනාහු මුහුද පුරවත් ද මහණෙනි, එපරිදි යම් කලෙක මහණහු සමග වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු ක්‍ෂීරෝදක බඳු වූවාහු ප්‍රිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, එකල මහණහු බොහෝ පින් රැස් කෙරෙත්. මහණෙනි, යම් ඒ මෘදුතා වෙතොවිමුක්තියෙක් වේ ද, එයින් එකල මහණහු බ්‍රහ්මවිහාරය කෙරෙත් ප්‍රමුදිතයාහට ප්‍රීතිය හටගණී. ප්‍රීතිමත් සිතැතියහුගේ කය සන්හිඳේ සන්හුන් කය ඇතියේ සුව විඳී, සුව ඇතියහුගේ සිත සමාධිගත වෙයි.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, තිස්සො පරිසාති.
Sinhala BJTමහණෙනි, මේ ත්‍රිවිධ පර්‍ෂද්හු යි.
Pali BJT3. 2. 5. 5.
Sinhala BJT3. 2. 5. 5.
Pali BJT46. තීහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJT46. මහණෙනි, ගුණාඞ්ග තුණෙකින් සමන්‍වාගත වූ රාජකීය, භද්‍ර ආජානේය අශ්වයා රජුට නිසි වෙයි. රජුට උපභෝග වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යෙයි.
Pali BJTකතමෙහි තීහි :
Sinhala BJTකවර අඞ්ග තුණෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, රඤ්ඤො භද්රො අස්සාජානීයො වණ්ණසම්පන්නො ච හොති, බලසම්පන්නො ච ජවසම්පන්නො ච. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මෙලොව රජුගේ භද්‍ර ආජානීය අශ්ව වර්‍ණසම්පන්න ද වෙයි. කායබලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. මහණෙනි, මේ ගුණාඞ්ග තුණින් සමන්‍වාගත රාජකීය භද්‍ර අශ්වාජානේය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය ද වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට ද යේ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති, පාහුණෙය්යො, දක්ඛිණෙය්යො, අඤ්ජලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
Sinhala BJTමහණෙනි, එපරිදි ම ධර්‍ම තුණෙකින් සමන්‍වාගත මහණ ආහුති සඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි. ප්‍රාඝුණ සඞ්ඛ්‍යාත ආගන්තුග භක්තයට නිසි වෙයි, දක්‍ෂිණාවට නිසි වෙයි. අඤ්ජලිකරණයට නිසි වෙයි. සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
Pali BJTකතමෙහි තීහි :
Sinhala BJTකවර තුණෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු වණ්ණසම්පන්නො ච හොති බලසම්පන්නො ච ජවසම්පන්නො ච.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ ගුණවර්‍ණයෙන් යුක්ත වූයේ ද වෙයි. වීර්‍ය්‍යබලයෙන් යුක්ත වූයේ ද වෙයි. ඥානජවයෙන් යුක්ත වූයේ ද වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු වණ්ණසම්පන්නො හොති :
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ ගුණවර්‍ණයෙන් යුක්ත වූයේ වේ ද:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. එවං ඛො භික්ඛවෙ, භික්ඛු වණ්ණසම්පන්නො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව වෙසෙයි. ආචාරගෝචර දෙකින් යුක්ත වෙයි. අණුමාත්‍ර වරදෙහිත් බිය දක්නා සුලු වෙයි. ශික්‍ෂාපද විෂයෙහි සමාදන් කොට ගෙණ හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ වර්‍ණසම්පන්න වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු බලසම්පන්නො හොති :
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ වීර්‍ය්‍යබලයෙන් යුක්ත වූයේ වේ ද:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහාණාය, කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. එවං ඛො භික්ඛවෙ, භික්ඛු බලසම්පන්නො හොති:
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත්තිය පිණිස පටන් ගත් වැර ඇතියේ වෙසෙයි. ඥානස්ථාමයෙන් යුක්ත වූයේ වෙයි. දෘඪපරාක්‍රම ඇත්තේ වෙයි. කුසල් දහම්හි නො තැබූ ධුර ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ මහණ බලසම්පන්න වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු ජවසම්පන්නො හොති:
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ ඥානජවයෙන් යුක්ත වූයේ වේ ද:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු ජවසම්පන්නො හොති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ “මේ දුකැ” යි යථාභූතය දනී. ... “මේ දුඃඛ නිරොධගාමිනී ප්‍රතිපදාය” යි යථාභූතය දනී. මහණෙනි, මෙසේ මහණ ඥානජවසම්පන්න වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත මහණ ආහුති සඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි ... සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
Pali BJT3. 2. 5. 6.
Sinhala BJT3. 2. 5. 6.
Pali BJT47. තීහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJT47. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත වූ රාජකීය භද්‍ර අශ්වාජානේය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට ද යේ:
Pali BJTකතමෙහි තීහි :
Sinhala BJTකවර කරුණු තුණෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, රඤ්ඤො භද්රො අස්සාජානීයො වණ්ණසම්පන්නො ච හොති. බලසම්පන්නො ච ජවසම්පන්නො ච. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මෙලොව රජුගේ භද්‍ර ආජානේය අශ්ව වර්‍ණසම්පන්න ද වෙයි. කායබල සම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. මහණෙනි, මේ කරුණු තුණින් සමන්‍වාගත රාජකීය භද්‍ර අශ්වාජානේය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යේ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
Sinhala BJTමහණෙනි, එපරිදි ම ධර්‍ම තුණෙකින් සමන්‍වාගත මහණ ආහුති සඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි. ... සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
Pali BJTකතමෙහි තීහි :
Sinhala BJTකවර තුණෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු වණ්ණසම්පන්නො ච හොති බලසම්පන්නො ච ජවසම්පන්නො ච.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ ගුණවර්‍ණයෙන් යුක්ත වූයේ ද වෙයි. වීර්‍ය්‍යබලයෙන් යුක්ත වූයේ ද වෙයි. ඥානජවයෙන් යුක්ත වූයේ ද වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු වණ්ණසම්පන්නො හොති :
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ ගුණවර්‍ණයෙන් යුක්ත වූයේ වේ ද:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. එවං ඛො භික්ඛවෙ, භික්ඛු වණ්ණසම්පන්නො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ... ශික්‍ෂාපද විෂයෙහි සමාදන්ව හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ වර්‍ණසම්පන්න වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු බලසම්පන්නො හොති :
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ වීර්‍ය්‍යබලයෙන් යුක්ත වූයේ වේ ද:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ආරද්ධවිරියො හොති අකුසලානං ධම්මානං පහාණාය කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. එවං ඛො භික්ඛවෙ, භික්ඛු බලසම්පන්නො හොති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත්තිය පිණිස පටන් ගත් වැර ඇතියේ වෙයි. ඥානස්ථාමයෙන් යුක්ත වූයේ වෙයි. දෘඪපරාක්‍රම ඇතියේ වෙයි. කුසල් දහම්හි නොතැබූ ධුර ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ මහණ බලසම්පන්න වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු ජවසම්පන්නො හොති :
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ ඥානජවයෙන් යුක්ත වූයේ වේ ද:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. එවං ඛො භික්ඛවෙ, භික්ඛු ජවසම්පන්නො හොති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්චවිධ ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් එහි පිරිනිවෙන සුලුවූයේ ඒ සුදවැසි ලොවින් පෙරළා නොඑන සුලු වූයෙ ඕපපාතික වෙයි. මහණෙනි, මෙසේ මහණ ඥානජවයෙන් යුක්ත වූයේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
Pali BJT3. 2. 5. 7.
Sinhala BJT3. 2. 5. 7.
Pali BJT48. තීහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJT48. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත වූ රාජකීය භද්‍ර අශ්වාජානේය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය ද වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට ද යේ:
Pali BJTකතමෙහි තීහි :
Sinhala BJTකවර තුණෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, රඤ්ඤො භද්රො අස්සාජානීයො වණ්ණසම්පන්නො ච හොති බලසම්පන්නො ච ජවසම්පන්නො ච. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්ථෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මෙලොව රජුගේ භද්‍ර ආජානේය අශ්ව වර්‍ණසම්පන්න ද වෙයි. කායබලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. මහණෙනි, මේ කරුණු තුණින් සමන්‍වාගත රාජකීය භද්‍ර අශ්වාජානේය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යේ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
Sinhala BJTමහණෙනි, එපරිදි ම ධර්‍ම තුණෙකින් සමන්‍වාගත මහණ ආහුති සඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි. ... සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
Pali BJTකතමෙහි තීහි :
Sinhala BJTකවර තුණෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු වණ්ණසම්පන්නො ච හොති බලසම්පන්නො ච ජවසම්පන්නො ච.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ වර්‍ණසම්පන්න ද වෙයි. බලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු වණ්ණසම්පන්නො හොති :
Sinhala BJTමහණෙනි, මහණ කෙසේ නම් වර්‍ණසම්පන්න වේ ද:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. එවං ඛො භික්ඛවෙ, භික්ඛු වණ්ණසම්පන්නො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සිකපද සමාදන්ව හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ වර්‍ණසම්පන්න වෙයි:
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු බලසම්පන්නො හොති :
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ බලසම්පන්න වේ ද:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ආරද්ධවිරියො විහරති -පෙ- ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. එවං ඛො භික්ඛවෙ, භික්ඛු බලසම්පන්නො හොති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ ඇරඹූ වැර ඇතියේ ... ඥානස්ථාමයෙන් යුක්ත වූයේ දෘඪපරාක්‍රම ඇත්තේ කුසල්දහම්හි නොබහා තැබූ ධුර ඇතියේ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ බලසම්පන්න වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු ජවසම්පන්නො හොති :
Sinhala BJTමහණෙනි, මහණ කෙසේ ජවසම්පන්න වේ ද:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු ජවසම්පන්නො හොති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට එයට පැමිණ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ ජවසම්පන්න වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මේ කරුණු තුණින් සමන්‍වාගත වූ මහණ ආහුතිසඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි ... සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
Pali BJT3. 2. 5. 8.
Sinhala BJT3. 2. 5. 8.
Pali BJT49. නවොපි භික්ඛවෙ, පොත්ථකො දුබ්බණ්ණො ච හොති දුක්ඛසම්ඵස්සො ච අප්පග්ඝො ච. මජ්ඣිමොපි භික්ඛවෙ, පොත්ථකො දුබ්බණ්ණො ච හොති දුක්ඛසම්ඵස්සො ච අප්පග්ඝො ච. ජිණ්ණොපි භික්ඛවෙ, පොත්ථකො දුබ්බණ්ණො ච හොති දුක්ඛසම්ඵස්සො ච අප්පග්ඝො ච.
Sinhala BJT49. මහණෙනි, නව්‍ය වූත් වාකමය වස්ත්‍රය දුර්වර්‍ණ ද වේ. දුඃඛස්පර්‍ශ ද වේ. අල්පාර්‍ඝ ද වේ. මහණෙනි, මධ්‍යම වූත් වාකමය වස්ත්‍රය දුර්වර්‍ණ ද වේ. දුඃඛස්පර්‍ශ ද වේ. අල්පාර්‍ඝ ද වේ. මහණෙනි, ජීර්‍ණවූත් වාකමය වස්ත්‍රය දුර්වර්‍ණ ද වේ. දුඃඛස්පර්‍ශ ද වේ. අල්පාර්‍ඝ ද වේ.
Pali BJTජිණ්ණම්පි භික්ඛවෙ, පොත්ථකං උක්ඛලිපරිමජ්ජනං වා කරොන්ති සංකාරකූටෙ වා තං ඡඩ්ඩෙන්ති.
Sinhala BJTමහණෙනි, ජීර්‍ණ වූත් වාකමය වස්ත්‍රය ඉකිලි පිස්නක් හෝ කෙරෙත්. එය කසළගොඩෙහි හෝ බහත්.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, නවො චෙපි භික්ඛු හොති දුස්සීලො පාපධම්මො. ඉදමස්ස දුබ්බණ්ණතාය වදාමි. සෙය්යථාපි සො භික්ඛවෙ, පොත්ථකො දුබ්බණ්ණො, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. යෙ ඛො පනස්සු{1} සෙවන්ති භජන්ති පයිරුපාසන්ති, දිට්ඨානුගතිං ආපජ්ජන්ති, තෙසං තං හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. ඉදමස්ස දුක්ඛසම්ඵස්සතාය වදාමි. සෙය්යථාපි සො භික්ඛවෙ, පොත්ථකො දුක්ඛසම්ඵස්සො, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. යෙසං ඛො පන පතිගණ්හාති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං, තෙසං තං න මහප්ඵලං හොති න මහානිසංසං. ඉදමස්ස අප්පග්ඝතාය වදාමි. සෙය්යථාපි සො භික්ඛවෙ, පොත්ථකො අප්පග්ඝො, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, එපරිදි ම නව්‍ය වූත් මහණ දුසිල් වේ ද, පාපස්වභාව ඇතියේ වේ ද, මෙය ඔහුගේ දුර්‍වර්‍ණතායෙහිලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්‍රය දුර්වර්‍ණ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනෙක් ඔහු සෙවිත් ද, භජනය කෙරෙත් ද, පර්‍ය්‍යුපාසන කෙරෙත් ද, දෘෂ්ටානුගතියට පැමිණෙත් ද, ඔවුනට එය දීර්‍ඝ රාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි. මෙය ඔහුගේ දුඃඛස්පර්‍ශතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්‍රය දුඃඛස්පර්‍ශ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනකුන්ගේ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර පිළිගණී ද, ඔවුනට එය මහත්ඵල නො වේ. මහත් අනුසස් ඇතියේ නො වේ. මෙය ඔහුගේ අල්පාර්‍ඝතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්‍රය අල්පාර්‍ඝ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි.
Pali BJTමජ්ඣිමො චෙපි භික්ඛවෙ, භික්ඛු හොති -පෙ- ථෙරො චෙපි භික්ඛවෙ, භික්ඛු හොති දුස්සීලො පාපධම්මො, ඉදමස්ස දුබ්බණ්ණතාය වදාමි. සෙය්යථාපි සො භික්ඛවෙ, පොත්ථකො දුබ්බණ්ණො, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. යෙ ඛො පනස්සු සෙවන්ති භජන්ති පයිරුපාසන්ති දිට්ඨානුගතිං ආපජ්ජන්ති, තෙසං තං හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. ඉදමස්ස දුක්ඛසම්ඵස්සතාය වදාමි. සෙය්යථාපි සො භික්ඛවෙ, පොත්ථකො දුක්ඛසම්ඵස්සො, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. යෙසං ඛො පන පතිගණ්හාති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චය භෙසජ්ජපරික්ඛාරං, තෙසං තං න මහප්ඵලං හොති න මහානිසංසං. ඉදමස්ස අප්පග්ඝතාය වදාමි. සෙය්යථාපි සො භික්ඛවෙ, පොත්ථකො අප්පග්ඝො තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, මධ්‍යම වූත් මහණ දුසිල් වේ ද ... මහණෙනි, ස්ථවිර වූත් මහණ දුසිල් වේ ද, පවිටු සැහැවි ඇතියේ වේ ද, මෙය ඔහුගේ දුර්‍වර්‍ණතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්‍රය දුර්වර්‍ණ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනෙක් ඔහු සෙවිත් ද, භජනය කෙරෙත් ද, පර්‍ය්‍යුපාසන කෙරෙත් ද, ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත් ද, ඔවුනට එය දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි. මෙය ඔහුගේ දුඃඛස්පර්‍ශතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්‍රය දුඃඛස්පර්‍ශ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනකුන්ගේ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර පිළිගණී ද, ඔවුනට එය මහත්ඵල නො වේ. මහත් අනුසස් ඇතියේ ද නො වේ. මේ ඔහුගේ අල්පාර්‍ඝතායෙහිලා වදාරමි: මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්‍රය අල්පාර්‍ඝ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි.
Pali BJTඑවරූපො චායං භික්ඛවෙ, ථෙරො භික්ඛු සඞ්ඝමජ්ඣෙ භණති. තමෙනං භික්ඛූ එවමාහංසු : කින්නුඛො{2} තුය්හං බාලස්ස අව්යත්තස්ස භණිතෙන, ත්වම්පි නාම භණිතබ්බං මඤ්ඤසීති.{3} සො කුපිතො අනත්තමනො තථාරූපිං වාචං නිච්ඡාරෙති යථාරූපාය වාචාය සඞ්ඝො තං උක්ඛිපති, සඞ්කාරකූටෙව නං පොත්ථකං.
Sinhala BJTමහණෙනි, මෙබඳු වූ මේ ස්ථවිර මහණ සඞ්ඝමධ්‍යයෙහි බෙණේ නම්, සෙසු භික්‍ෂූහු ඔහුට මෙසේ කියත්: “බාල වූ අව්‍යක්ත වූ තාගේ භණිතයෙන් කීම? තොයිත් බිණිය යුත්තකු කොට හඟනෙහිදැ”යි? හේ කිපියේ නොසතුටු සිතැතියේ යම්බඳු වචනයක් නිසා සඟහු ඒ මහණ ඒ වාකමය වස්ත්‍රය කසළ ගොඩෙහි ලන්නාක් සෙයින් බැහැර ලත් ද, එබඳු වචන විහිදුනේ ය.
Pali BJTනවම්පි භික්ඛවෙ, කාසිකං වත්ථං වණ්ණවන්තඤ්චෙව හොති සුඛසම්ඵස්සඤ්ච මහග්ඝඤ්ච, මජ්ඣිමම්පි, භික්ඛවෙ , කාසිකං වත්ථං -පෙ- ජිණ්ණම්පි, භික්ඛවෙ, කාසිකං වත්ථං වණ්ණවන්තං චෙව හොති සුඛසම්ඵස්සඤ්ච මහග්ඝඤ්ච. ජිණ්ණම්පි භික්ඛවෙ, කාසිකං වත්ථං රතනපලිවෙඨනං වා කරොන්ති{4} ගන්ධකරණ්ඩකෙ වා නං පක්ඛිපන්ති.
Sinhala BJTමහණෙනි, නවක වූත් කසීවත් පැහැ සටහන් ඇතියේත් සුවපහස් ඇතියේත් මාහැඟි වූයේත් වේ. මහණෙනි, මධ්‍යම වූත් කසීවත් ... මහණෙනි, ජීර්‍ණවූත් කසීවත් පැහැ සටහන් ඇතියේත් සුවපහස් ඇතියේත් මාහැඟි වූයේත් වේ. මහණෙනි, ජීර්‍ණ වූත් කසීවත් රුවන් හකුළා තබනුවක් හෝ කෙරෙත්. සුවඳ කරඬුවෙක හෝ එය බහත්.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, නවො චෙපි භික්ඛු හොති සීලවා කල්යාණධම්මො, ඉදමස්ස සුවණ්ණතාය වදාමි. සෙය්යථාපි භික්ඛවෙ, කාසිකං වත්ථං වණ්ණවන්තං, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. යෙ ඛො පනස්සු සෙවන්ති භජන්ති පයිරුපාසන්ති දිට්ඨානුගතිං ආපජ්ජන්ති, තෙසං තං හොති දීඝරත්තං හිතාය සුඛාය. ඉදමස්ස සුඛසම්ඵස්සතාය වදාමි. සෙය්යථාපි තං භික්ඛවෙ, කාසිකං වත්ථං සුඛසම්ඵස්සං, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. යෙසං ඛො පන සො පතිගණ්හාති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං, තෙසං තං මහප්ඵලං හොති මහානිසංසං. ඉදමස්ස මහග්ඝතාය වදාමි. සෙය්යථාපි තං, භික්ඛවෙ, කාසිකං වත්ථං මහග්ඝං, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, එපරිදි ම නවකවූත් මහණ සිල්වත් වේ ද, කලණ සැහැවි ඇතියේ වේ ද, මෙය ඔහුගේ සුවර්‍ණතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි කසීවත් පැහැ සටහන් ඇතියේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනෙක් ඔහු සෙවිත් ද, භජනය කෙරෙත් ද, පර්‍ය්‍යුපාසන කෙරෙත් ද, දෘෂ්ටානුගතියට පැමිණෙත් ද, ඔවුනට එය දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුඛ පිණිස වෙයි. මෙය ඔහුගේ සුඛස්පර්‍ශතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ කසීවත සුඛස්පර්‍ශ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනකුන්ගේ චීවර පිණ්ඩපාත ශයනාසන භෛෂජ්‍ය පරිෂ්කාර පිළිගණී ද, ඔවුනට එය මහත්ඵල වෙයි. මහත් අනුසස් ඇතියේ වෙයි. මෙය ඔහුගේ මහැඟි බැව්හි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ කසීවත මහැඟි වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි.
Pali BJTමජ්ඣිමො චෙපි භික්ඛවෙ, භික්ඛු හොති -පෙ- ථෙරො චෙපි භික්ඛවෙ, භික්ඛු හොති සීලවා කල්යාණධම්මො, ඉදමස්ස සුවණ්ණතාය වදාමි. සෙය්යථාපි තං භික්ඛවෙ කාසිකං වත්ථං වණ්ණවන්තං, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. යෙ ඛො පනස්සු{1} සෙවන්ති භජන්ති පයිරුපාසන්ති දිට්ඨානුගතිං ආපජ්ජන්ති, තෙසං තං හොති දීඝරත්තං හිතාය සුඛාය. ඉදමස්ස සුඛසම්ඵස්සතාය වදාමි. සෙය්යථාපි තං භික්ඛවෙ, කාසිකං වත්ථං සුඛසම්ඵස්සං, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි. යෙසං ඛො පන සො පතිගණ්හාති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං, තෙසං තං මහප්ඵලං හොති මහානිසංසං. ඉදමස්ස මහග්ඝතාය වදාමි. සෙය්යථාපි තං, භික්ඛවෙ, කාසිකං වත්ථං මහග්ඝං, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, මධ්‍යම වූත් මහණ සිල්වත් වේ ද ... මහණෙනි, ස්ථවිර වූත් මහණ සිල්වත් වේ ද, කලණ දහම් ඇතියේ වේ ද, මෙය ඔහුගේ සුවර්‍ණතායෙහිලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ කසීවත වර්‍ණවත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනෙක් ඔහු සෙවිත් ද, භජනය කෙරෙත් ද, පර්‍ය්‍යුපාසන කෙරෙත් ද, ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත් ද, ඔවුනට එය දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුඛ පිණිස වෙයි. මෙය ඔහුගේ සුඛස්පර්‍ශතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ කසීවත සුඛස්පර්‍ශ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනකුන්ගේ චීවර පිණ්ඩපාත ශයනාසන භෛෂජ්‍ය පරිෂ්කාර පිළිගණී ද, ඔවුනට එය මහත්ඵල වෙයි. මහත් අනුසස් ඇතියේ වෙයි. මෙය ඔහුගේ මහැඟිබව්හි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ කසීවත මහැඟි වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි.
Pali BJTඑවරූපො චායං භික්ඛවෙ, ථෙරො භික්ඛු සඞ්ඝමජ්ඣෙ භණති. තමෙනං භික්ඛූ එවමාහංසු : අප්පසද්දා ආයස්මන්තො හොථ, ථෙරො භික්ඛු ධම්මඤ්ච විනයඤ්ච භණතීති.
Sinhala BJTමහණෙනි, මෙබඳු වූ ස්ථවිර මහණ සඟමැද බෙණේ ද, ඔහු නිසා (එහි සෙසු) භික්‍ෂූහු භික්‍ෂූන්ට මෙසේ කියති. “ඇවැත්නි, නිහඬ වව. ස්ථවිර මහණ දහමක් විනයක් බෙණේ” යි කියා යි.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං : ‘කාසිකවත්ථූපමා භවිස්සාම, න පොත්ථකූපමාති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය. “කසීවත් බඳු වම්හ. වාකමය වස්ත්‍ර බන්දමෝ නො වම්හ” යි. මහණෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
Pali BJT3. 2. 5. 9.
Sinhala BJT3. 2. 5. 9.
Pali BJT50. යො භික්ඛවෙ, එවං වදෙය්ය : යථා යථායං පුරිසො කම්මං කරොති, තථා තථා තං පටිසංවෙදියතීති, එවං සන්තං භික්ඛවෙ, බ්රහ්මචරියවාසො න හොති. ඔකාසො න පඤ්ඤායති සම්මා දුක්ඛස්ස අන්තකිරියාය .
Sinhala BJT50. මහණෙනි, යමෙක් “යම් යම් ආකාරයෙකින් මේ පුරුෂ කර්‍ම කෙරේ ද, ඒ ඒ ආකාරයෙන් ඒ කර්‍මයාගේ විපාක විඳුනේ ම ය” යි, මෙසේ බෙණේ ද, මහණෙනි, එසේවත් ම බ්‍රහ්මචර්‍ය්‍යවාසය (කර්‍මක්‍ෂයකර) නො වෙයි. මැනැවින් දුක් කෙළවර කිරීමට අවකාශයෙක් නො පැණේ,
Pali BJTයො ච ඛො භික්ඛවෙ, එවං වදෙය්ය : යථා යථා වෙදනීයං අයං පුරිසො කම්මං කරොති, තථා තථාස්ස{1} විපාකං පටිසංවෙදියතීති. එවං සන්තං භික්ඛවෙ, බ්රහ්මචරියවාසො හොති, ඔකාසො පඤ්ඤායති සම්මාදුක්ඛස්ස අන්තකිරියාය.
Sinhala BJTමහණෙනි, වැලි යමෙක් “යම් යම් අයුරෙකින් මේ පුරුෂ (විපාකවාර විසින්) වින්ද යුතු වූ කර්‍ම කෙරේ ද, ඒ ඒ අයුරින් ඒ කර්‍මයාගේ විපාක විඳුනේය” යි, මෙසේ බෙණේ ද, මහණෙනි, මෙසේ වත් ම කර්‍මක්‍ෂයකර බ්‍රහ්මචර්‍ය්‍යවාසය වේ. මැනැවින් දුක් කෙළවර කිරීමට අවකාශයෙක් පැණේ.
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස අප්පමත්තකම්පි පාපං{2} කම්මං කතං තමෙනං නිරයං උපනෙති. ඉධ පන භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස තාදිසඤ්ඤෙව අප්පමත්තකං පාපං කම්මං කතං දිට්ඨධම්මවෙදනීයං හොති. නාණුම්පි{3} ඛායති, කිං{4} බහුදෙව.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ වේ ද, ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට එළවයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයක්හු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍රයකුදු විපාක විසින් නො පැණේ. බොහෝ (විපාක දෙයි කියනු) කිම?
Pali BJTකථංරූපස්ස භික්ඛවෙ, පුග්ගලස්ස අප්පමත්තකම්පි පාපං{2} කම්මං කතං තමෙනං නිරයං උපනෙති?
Sinhala BJTමහණෙනි, කෙබඳු අයුරු ඇති පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට එළවා ද?
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො පුග්ගලො අභාවිතකායො හොති අභාවිතසීලො අභාවිතචිත්තො අභාවිතපඤ්ඤො පරිත්තො අප්පාතුමො අප්පදුක්ඛවිහාරී. එවරූපස්ස භික්ඛවෙ, පුග්ගලස්ස අප්පමත්තකම්පි පාපං කම්මං කතං තමෙනං නිරයං උපනෙති?
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කායභාවනා නැතියේ වෙයි. ශීලභාවනා නැතියේ වෙයි. චිත්තභාවනා නැතියේ වෙයි. ප්‍රඥාභාවනා නැතියේ වෙයි. අල්පගුණ ඇතියේ වෙයි. ගුණ විසින් අල්පාත්ම ඇතියේ වෙයි. අල්පපාපයෙනුත් දුඃඛවිහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට එළවයි.
Pali BJTකථංරූපස්ස භික්ඛවෙ, පුග්ගලස්ස තාදිසඤ්ඤෙව අප්පමත්තකං පාපං{2} කම්මං කතං දිට්ඨධම්මවෙදනීයං හොති නාණුම්පි{3} ඛායති, කිං{4} බහුදෙව?
Sinhala BJTමහණෙනි, කෙබඳු අයුරු ඇති පුද්ගලයක්හු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වේ ද, පරලොව අණුමාත්‍ර විපාකයකුත් නො පැණේ ද? බොහෝ කොට පැණීමෙක් කීම?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො භාවිතකායො හොති භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤො අපරිත්තො මහත්තා{5} අප්පමාණවිහාරී. එවරූපස්ස භික්ඛවෙ, පුග්ගලස්ස තාදිසඤ්ඤෙව අප්පමත්තකං පාපං කම්මං කතං දිට්ඨධම්මවෙදනීයං හොති නාණුම්පි ඛායති, කිං බහුදෙව.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් වැඩූ කය ඇතියේ වෙයි. වැඩූ සිල් ඇතියේ වෙයි. වැඩූ සිත් ඇතියේ වෙයි. වැඩූ පැණ ඇතියේ වෙයි. ගුණ විසින් අල්ප නො වෙයි. ගුණ විසින් මහාත්ම වෙයි. (ප්‍රමාණකර රාගාදීන්ගේ අභාවයෙන්) අප්‍රමාණ විහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු අයුරු ඇති පුද්ගලයක්හු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර විපාකයෙකුත් නො පැණේ. බොහෝ විපාක කියනු කිම?
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, පුරිසො ලොණඵලං{6} පරිත්තෙ උදකමල්ලකෙ{7} පක්ඛිපෙය්ය. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, අපි නු තං පරිත්තං උදකං අමුනා ලොණඵලෙන ලොණං අස්ස අප්පෙය්යාති?
Sinhala BJTමහණෙනි, යම් පරිදි පුරුෂයෙක් ලුණුකැටයක් කුඩා දියමලායෙක බහන්නේ වේ ද, මහණෙනි, ඒ කෙසේ සිතවු ද? දියමලායෙහි වූ ඒ දියත්ත මේ ලුණු කැටයෙන් ලුණුරසට යන්නේ වේ ද?
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේය.
Pali BJTතං කිස්ස හෙතු?
Sinhala BJTඒ කවර හෙයින?
Pali BJTඅදුං හි භන්තෙ, පරිත්තං උදකමල්ලකෙ{7} උදකං අමුනා ලොණඵලෙන ලොණං අස්ස අප්පෙය්යාති.
Sinhala BJTවහන්ස, දියමලායෙහි වූ තෙල දියත්ත (අල්ප හෙයින්) තෙල ලුණුකැටයෙන් ලුණුරසට යන්නේ වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, පුරිසො ලොණඵලං ගඞ්ගාය නදියා පක්ඛිපෙය්ය. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, අපි නු සා ගඞ්ගා නදී අමුනා ලොණඵලෙන ලොණං අස්ස අප්පෙය්යාති?
Sinhala BJTමහණෙනි, යම් පරිදි පුරුෂයෙක් ලුණුකැටයක් ගඞ්ගානදියෙහි බහන්නේ නම්, ඒ කෙසේ සිතවු ද? මහණෙනි, ඒ ගඞ්ගානදිය තෙල ලුණු කැටයෙන් ලුණුරසට යන්නේ වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නොවන සුලුය.
Pali BJTතං කිස්ස හෙතු?
Sinhala BJTඒ කවර හෙයින?
Pali BJTඅසු හි භන්තෙ, ගඞ්ගාය නදියා මහා උදකක්ඛන්ධො. සො අමුනා ලොණඵලෙන ලොණං නෙවස්ස අප්පෙය්යොති.
Sinhala BJTවහන්ස, ගඞ්ගානදියෙහි වූ තෙල මහදියකඳෙක් වේ ද, ඒ දිය කඳ තෙල ලුණුකැට යෙන් ලුණුරසට නො පැමිණෙන්නේ ම ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, ඉධෙකච්චස්ස පුග්ගලස්ස අප්පමත්තකම්පි පාපං කම්මං කතං තමෙනං නිරයං උපනෙති. ඉධ පන භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස තාදිසඤ්ඤෙව අප්පමත්තකං පාපං කම්මං කතං දිට්ඨධම්මවෙදනීයං හොති, නාණුම්පි ඛායති, කිං බහුදෙව. (1)
Sinhala BJTමහණෙනි, එ පරිදි ම මෙලොව ඇතැම් පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට එළවයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයක්හු විසින් එබඳු වූ ම පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර විපාකයකුදු නො පැණේ. බොහෝ කොට ම නො පැණේ ම ය. (1)
Pali BJTකථංරූපස්ස භික්ඛවෙ, පුග්ගලස්ස අප්පමත්තකම්පි පාපං කම්මං කතං, තමෙනං නිරයං උපනෙති?
Sinhala BJTමහණෙනි, කෙබඳු පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට ගෙණ යේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො අභාවිතකායො හොති අභාවිතසීලො අභාවිතචිත්තො අභාවිතපඤ්ඤො පරිත්තො අප්පාතුමො අප්පදුක්ඛවිහාරී. එවරූපස්ස භික්ඛවෙ, පුග්ගලස්ස අප්පමත්තකම්පි පාපකම්මං කතං, තමෙනං නිරයං උපනෙති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නො වැඩූ කය ඇතියේ වෙයි. නො වැඩූ සිල් ඇතියේ වෙයි. නො වැඩූ සිත් ඇතියේ වෙයි. නො වැඩූ පැණ ඇතියේ වෙයි. ගුණ විසින් අල්ප වෙයි. ගුණ විසින් අල්පාත්ම වෙයි. අල්පපාපයෙනුත් දුඃඛවිහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයා විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට ගෙණ යන්නේය.
Pali BJTකථංරූපස්ස භික්ඛවෙ, පුග්ගලස්ස තාදිසඤ්ඤෙව අප්පමත්තකම්පි පාපං කම්මං කතං දිට්ඨධම්මවෙදනීයං හොති, නාණුම්පි ඛායති, කිං බහුදෙව?
Sinhala BJTමහණෙනි, කෙබඳු වූ පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වේ ද, පරලොව අණුමාත්‍ර විපාකයෙකුත් නො පැණේ ද, බොහෝ කොට නො පැණෙන්නේ ම වේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො භාවිතකායො හොති භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤො අපරිත්තො මහත්තා අප්පමාණවිහාරී. එවරූපස්ස භික්ඛවෙ, පුග්ගලස්ස තාදිසඤ්ඤෙව අප්පමත්තකම්පි පාපං කම්මං කතං දිට්ඨධම්මවෙදනීයං හොති, නාණුම්පි ඛායති. කිං බහුදෙව.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් භාවිතකාය වෙයි. භාවිතශීල වෙයි. භාවිතචිත්ත වෙයි. භාවිතප්‍රඥ වෙයි. ගුණ විසින් අනල්ප වෙයි. ගුණ විසින් මහාත්ම වෙයි. (ප්‍රමාණ කර රාගාදීන්ගේ අභාවයෙන්) අප්‍රමාණ විහරණ ඇත්තේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර වූත් විපාකයෙක් නො පැණේ. බොහෝ කොට නො පැණෙන්නේ ම වෙයි.
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො අද්ධකහාපණෙනපි බන්ධනං නිගච්ඡති. කහාපණෙනපි බන්ධනං නිගච්ඡති. කහාපණසතෙනපි බන්ධනං නිගච්ඡති. ඉධ පන භික්ඛවෙ, එකච්චො අද්ධකහාපණෙනපි න බන්ධනං නිගච්ඡති. කහාපණෙනපි න බන්ධනං නිගච්ඡති. කහාපණසතෙනපි න බන්ධනං නිගච්ඡති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැමෙක් අඩ කහවණුයෙනුත් බන්‍ධනයට යෙයි. කහවණුයෙනුත් බන්‍ධනයට යෙයි. සියක් කහවණුයෙනුත් බන්‍ධනයට යෙයි. මහණෙනි, මෙලොව ඇතැමෙක් අඩ කහවණුයෙනුත් බන්‍ධනයට නො යෙයි . කහවණුයෙනුත් බන්‍ධනයට නො යෙයි. සියක් කහවණුයෙනුත් බන්‍ධනයට නො යෙයි.
Pali BJTකථංරූපො භික්ඛවෙ, අද්ධකහාපණෙනපි බන්ධනං නිගච්ඡති, කහාපණෙනපි බන්ධනං නිගච්ඡති, කහාපණසතෙනපි බන්ධනං නිගච්ඡති?
Sinhala BJTමහණෙනි, කෙබඳු වූයෙක් අඩකහවණුයෙනුත් බන්‍ධනයට යේ ද, කහවණුයෙනුත් බන්‍ධනයට යේ ද, සියක් කහවණුයෙනුත් බන්‍ධනයට යේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො දළිද්දො හොති අප්පස්සකො අප්පභොගො. එවරූපො භික්ඛවෙ, අද්ධකහාපණෙනපි බන්ධනං නිගච්ඡති. කහාපණෙනපි බන්ධනං නිගච්ඡති. කහාපණ සතෙනපි බන්ධනං නිගච්ඡති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැමෙක් දිළිඳු වෙයි. අල්පධන වෙයි. අල්පභෝග වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයා අඩකහවණුයෙනුත් බන්‍ධනයට යෙයි. කහවණුයෙනුත් බන්‍ධනයට යෙයි. සියක් කහවණුයෙනුත් බන්‍ධනයට යෙයි.
Pali BJTකථංරූපො භික්ඛවෙ, අඩ්ඪකහාපණෙනපි න බන්ධනං නිගච්ඡති, කහාපණෙනපි න බන්ධනං නිගච්ඡති, කහාපණසතෙනපි න බන්ධනං නිගච්ඡති?
Sinhala BJTමහණෙනි, කෙබඳු පුද්ගලයෙක් අඩකහවණුයෙනුත් බන්‍ධනයට නො යේ ද, කහවණුයෙනුත් බන්‍ධනයට නො යේ ද, සියක් කහවණුයෙනුත් බන්‍ධනයට නො යේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො අඩ්ඪො හොති මහද්ධනො මහාභොගො. එවරූපො භික්ඛවෙ, අද්ධකහාපණෙනපි න බන්ධනං නිගච්ඡති, කහාපණෙනපි න බන්ධනං නිගච්ඡති, කහාපණසතෙනපි න බන්ධනං නිගච්ඡති. එවමෙව ඛො භික්ඛවෙ, ඉධෙකච්චස්ස පුග්ගලස්ස තාදිසඤ්ඤෙව අප්පමත්තකම්පි පාපං කම්මං කතං. තමෙනං නිරයං උපනෙති. ඉධ පන භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස තාදිසඤ්ඤෙව අප්පමත්තකං පාපං කම්මං කතං දිට්ඨධම්මවෙදනීයං හොති. නාණුම්පි ඛායති. කිං බහුදෙව. (2)
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැමෙක් ආඪ්‍ය වෙයි. මහත්ධන වෙයි. මහාභෝග වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගල අඩකහවණුයෙනුත් බන්‍ධනයට නො යෙයි. කහවණුයෙනුත් බන්‍ධනයට නො යෙයි. සියක් කහවණුයෙනුත් බන්‍ධනයට නො යෙයි. මහණෙනි, එ පරිදි ම මෙලොව ඇතැම් පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට ගෙණ යයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර විපාකයෙක් ද නො පැණෙයි. බොහෝ විපාක නො පැණෙන්නේ ම ය. (2)
Pali BJTකථංරූපස්ස භික්ඛවෙ, පුග්ගලස්ස අප්පමත්තකම්පි පාපං කම්මං කතං තමෙනං නිරයං උපනෙති?
Sinhala BJTමහණෙනි, කෙබඳු පුද්ගලයකු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට එළවන්නේ වේ ද?