Pali BJTසික්ඛතීති ඛො භික්ඛු, තස්මා සෙඛොති වුච්චති. කිඤ්ච සික්ඛති : අධිසීලම්පි සික්ඛති, අධිචිත්තම්පි සික්ඛති, අධිපඤ්ඤම්පි සික්ඛති. සික්ඛතීති ඛො භික්ඛු, තස්මා සෙඛොති වුච්චතීති.
Sinhala BJTමහණ, හික්මේ නු යි එහෙයින් ශෛක්‍ෂය යි කියනු ලැබේ. කුමක් හික්මේ ද? අධිශීලයත් හික්මෙයි. අධිචිත්තයත් හික්මෙයි. අධිප්‍රඥාවත් හික්මෙයි. මහණ හික්මේ නු යි එහෙයින් ශෛක්‍ෂය යි කියනු ලැබේ.
Pali BJT37. සෙඛස්ස සික්ඛමානස්ස උජුමග්ගානුසාරිනො, ඛයස්මිං පඨමං ඤාණං තතො අඤ්ඤා අනන්තරා.
Sinhala BJT37 අරීමග පිළිපදනා සුලු හික්මෙන ශෛක්‍ෂයාහට පළමුව ලා (ක්ලේශක්‍ෂය කරණ හෙයින්) ක්‍ෂය නම් ලද මාර්‍ගයෙහි ඥානය උපදනේ ය, ඒ චතුර්‍ත්‍ථමාර්‍ගඥානයෙන් අනතුරුව අර්‍හත්ත්‍වඵලය උපදනේ ය.
Pali BJT38. තතො අඤ්ඤාවිමුත්තස්ස ඤාණං වෙ හොති තාදිනො, අකුප්පා මෙ විමුත්තීති භවසඤ්ඤොජනක්ඛයෙති.
Sinhala BJT38 එක්බිති අර්‍හත්ත්‍වඵලවිමුක්තියෙන් විමුක්ත වූ ඒ තාදීහට ඒකාන්තයෙන් ප්‍රත්‍යවේක්‍ෂණඥානය පහළ වෙයි. “භවසංයෝජනක්‍ෂයයෙහි දී මාගේ විමුක්තිය අකෝප්‍ය විය” කියා යි.
Pali BJT3. 2. 4. 6.
Sinhala BJT3. 2. 4. 6.
Pali BJT36. සාධිකමිදං භික්ඛවෙ, දියඩ්ඪසික්ඛාපදසතං අන්වද්ධමාසං උද්දෙසං ආගච්ඡති, යත්ථ අත්ථකාමා{1} කුලපුත්තා සික්ඛන්ති. තිස්සො ඉමා භික්ඛවෙ, සික්ඛා, යත්ථෙතං සබ්බං සමොධානං ගච්ඡති. කතමා තිස්සො : අධිසීලසික්ඛා, අධිචිත්තසික්ඛා අධිපඤ්ඤාසික්ඛා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො සික්ඛා, යත්ථෙතං සබ්බං සමොධානං ගච්ඡති.
Sinhala BJT36. මහණෙනි, තමනට වැඩ කැමැති කුලපුත්‍රයෝ යමෙක්හි හික්මෙත් නම් එබඳු මේ සාධික යෙළසියක් සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. මහණෙනි, යමෙක මේ හැම සිකපද සංග්‍රහයට යේ නම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සංග්‍රහයට යේ නම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන් දෙනහ.
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස්මිං මත්තසොකාරී. පඤ්ඤාය මත්තසොකාරී. සො යානි තානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි තානි ආපජ්ජතිපි වුට්ඨාතිපි. තං කිස්ස හෙතු? න හි මෙත්ථ භික්ඛවෙ, අභබ්බතා වුත්තා. යානි ච ඛො තානි සික්ඛාපදානි ආදිබ්රහ්මචරියිකානි බ්රහ්මචරියසාරුප්පානි, තත්ථ ධුවසීලී ච හොති ඨිතසීලී ච. සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. සො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ, ශීලයෙහි පරිපූරකාරී වෙයි, සමාධියෙහි පමණින් කරණ සුලු වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි, හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ සිකපද අවදනේත් ඇවැතින් නැඟ සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ වෙත් ද, එහි ලා නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදෙහි හික්මෙයි. හේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ ක්‍ෂයහේතුයෙන් අපායට නොහෙන සැහැවි ඇතියේ මාර්‍ගනියාමයෙන් නියත වූයේ උපරිමාර්‍ගත්‍රය සඞ්ඛ්‍යාත සම්බෝධිය පරායණ කොට ඇතියේ සෝවන් වෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ, භික්ඛු සීලෙසු පරිපූරකාරී හොති සමාධිස්මිං මත්තසොකාරී, පඤ්ඤාය මත්තසොකාරී. සො යානි තානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි තානි ආපජ්ජතිපි වුට්ඨාතිපි. තං කිස්ස හෙතු? න හි මෙත්ථ භික්ඛවෙ, අභබ්බතා වුත්තා. යානි ච ඛො තානි සික්ඛාපදානි ආදිබ්රහ්මචරියිකානි බ්රහ්මචරියසාරුප්පානි, තත්ථ ධුවසීලී ච හොති ඨිතසීලී ච. සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. සො තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පමණින් කරණ සුලු වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැඟී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදි බ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපෙදෙහි හික්මෙයි. හේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් රාගද්වේෂ මෝහයන්ගේ තානවයෙන් සකෘදාගාමී වෙයි. එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ, භික්ඛු සීලෙසු පරිපූරකාරී හොති සමාධිස්මිං පරිපූරකාරී පඤ්ඤාය මත්තසොකාරී. සො යානි තානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි තානි ආපජ්ජතිපි වුට්ඨාතිපි. තං කිස්ස හෙතු : න හි මෙත්ථ භික්ඛවෙ, අභබ්බතා වුත්තා. යානි ච ඛො තානි සික්ඛාපදානි ආදිබ්රහ්මචරියිකානි බ්රහ්මචරියසාරුප්පානි තත්ථ ධුවසීලී ච{1} හොති ඨිතසීලී ච{2}, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. සො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැග සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත්. පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදයෙහි හික්මෙයි. හේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නොඑන සැහැවි ඇත්තේ එහි ම පිරිනිවන් පානේය.
Pali BJTඉධ පන භික්ඛවෙ, භික්ඛු සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස්මිං පරිපූරකාරී. පඤ්ඤාය පරිපූරකාරී. සො යානි තානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි, තානි ආපජ්ජතිපි වුට්ඨාතිපි. තං කිස්ස හෙතු? න හි මෙත්ථ භික්ඛවෙ, අභබ්බතා වුත්තා. යානි ච ඛො තානි සික්ඛාපදානි ආදිබ්රහ්මචරියිකානි බ්රහ්මචරියසාරුප්පානි, තත්ථ ධුවසීලී{1} ච හොති ඨිතසීලී ච{2} සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. සො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි පරිපූරකාරී වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැගී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි ලා නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදයෙහි හික්මෙයි. හේ ආස්‍රවයන්ගේ ක්‍ෂයහේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළඹ වෙසෙයි.
Pali BJTඉති ඛො භික්ඛවෙ, පදෙසං පදෙසකාරී ආරාධෙති. පරිපූරං පරිපූරකාරී. අවඤ්ඣානි{3} ත්වෙවාහං භික්ඛවෙ, සික්ඛාපදානි වදාමීති.
Sinhala BJTමහණෙනි, මෙසේ ප්‍රදේශකාරී ආර්‍ය පුද්ගල (=සෝවන් සෙදගැමි, අනගැමි පුඟුල්) ප්‍රදේශයක් සපයයි. පරිපූරකාරී පුද්ගල (=රහත් තෙමේ) පරිපූර්‍ණාර්‍ත්‍ථය (=රහත්ඵලය) සපයයි. මහණෙනි, මම සිකපදහු නොවඳහ යි කියමියි.
Pali BJT3. 2. 4. 7.
Sinhala BJT3. 2. 4. 7.
Pali BJT37. සාධිකමිදං භික්ඛවෙ, දියඩ්ඪ සික්ඛාපදසතං අන්වද්ධමාසං උද්දෙසං ආගච්ඡති, යත්ථ අත්ථකාමා කුලපුත්තා සික්ඛන්ති. තිස්සො ඉමා භික්ඛවෙ, සික්ඛා, යත්ථෙතං සබ්බං සමොධානං ගච්ඡති. කතමා තිස්සො? අධිසීලසික්ඛා, අධිචිත්තසික්ඛා, අධිපඤ්ඤාසික්ඛා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො සික්ඛා, යත්ථෙතං සබ්බං සමොධානං ගච්ඡති.
Sinhala BJT37. මහණෙනි, තමනට වැඩ කැමැති කුලපුත්‍රයෝ යමෙක්හි හික්මෙත් නම් මේ එබඳු සාධිකයෙළසියක් සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. මහණෙනි, මේ හැම සිකපද යමෙක සංග්‍රහයට යේ නම් එබඳු මේ ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සංග්‍රහයට යේ නම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන් දෙනහ.
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස්මිං මත්තසොකාරී පඤ්ඤාය මත්තසොකාරී. සො යානි තානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි, තානි ආපජ්ජතිපි වුට්ඨාතිපි. තං කිස්ස හෙතු? න හි මෙත්ථ භික්ඛවෙ, අභබ්බතා වුත්තා. යානි ච ඛො තානි සික්ඛාපදානි ආදිබ්රහ්මචරියිකානි බ්රහ්මචරියසාරුප්පානි තත්ථ ධුවසීලී ච{1} හොති ඨිතසීලී ච, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පමණින් කරණ සුලු වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ සිකපද අවදනේත් ඇවැතින් නැගී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි ලා නිබඳ සිල් ඇතියේත් වෙයි. පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපෙදෙහි හික්මෙයි.
Pali BJTසො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සත්තක්ඛත්තුපරමො හොති. සත්තක්ඛත්තුපරමං දෙවෙ ච මනුස්සෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති.
Sinhala BJTහේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ ක්‍ෂයහේතුයෙන් සත්තක්ඛත්තුපරම වෙයි. සත් වටක් පරම කොට දෙවියන් කෙරෙහි ද මිනිසුන් කෙරෙහි ද දිවැ සැරිසරා දුක් කෙළවර කෙරෙයි.
Pali BJTසො තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා කොලඞ්කොලො හොති : ද්වෙ වා තීණි වා කුලානි සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති.
Sinhala BJTහේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් කොලංකොල (=භවයෙන් භවයට යනුවෙක්) වෙයි. භවයන් දෙකක් හෝ තුණක් හෝ දිවැ සැරැ දුක් කෙළවර කෙරෙයි.
Pali BJTසො තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා එකබීජී හොති : එකඤ්ඤෙව මානුසකං භවං නිබ්බත්තෙත්වා දුක්ඛස්සන්තං කරොති.
Sinhala BJTහේ තුන් වැදෑරුම් වූ සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් ඒකබීජී (=එක් භවයකට ම බීජ ඇතියේ) වෙයි. එක් ම මනුෂ්‍යභවයක් නිපයා දුක් කෙළවර කෙරෙයි.
Pali BJTසො තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති : සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති.
Sinhala BJTහේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් රාග ද්වේෂ මෝහයන්ගේ තානවයෙන් (තුනී බැවින්) සෙදගැමි වෙයි. වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ, භික්ඛු සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස්මිං පරිපූරකාරී, පඤ්ඤාය මත්තසොකාරී. සො යානි තානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි, තානි ආපජ්ජතිපි වුට්ඨාතිපි. තං කිස්ස හෙතු? න හි මෙත්ථ භික්ඛවෙ, අභබ්බතා වුත්තා. යානි ච ඛො තානි සික්ඛාපදානි ආදිබ්රහ්මචරියිකානි බ්රහ්මචරියසාරුප්පානි, තත්ථ ධුවසීලී ච{1} හොති ඨිතසීලී ච, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැඟී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්? මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපෙදෙහි හික්මෙයි.
Pali BJTසො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා උද්ධංසොතො හොති අකනිට්ඨගාමී.
Sinhala BJTහේ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් උද්ධංසෝත අකනිට්ඨගාමී වෙයි.
Pali BJTසො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා සසඞ්ඛාරපරිනිබ්බායී හොති.
Sinhala BJTහේ පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් සංසඞ්ඛාර පරිනිබ්බායී වෙයි.
Pali BJTසො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා අසඞ්ඛාරපරිනිබ්බායී හොති.
Sinhala BJTහේ පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් අසඞ්ඛාර පරිනිබ්බායී වෙයි.
Pali BJTසො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා උපහච්චපරිනිබ්බායී හොති.
Sinhala BJTහේ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් උපහච්චපරිනිබ්බායී වෙයි.
Pali BJTසො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති.
Sinhala BJTහේ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ, භික්ඛු සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස්මිං පරිපූරකාරී, පඤ්ඤාය පරිපූරකාරී. සො යානි තානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි, තානි ආපජ්ජතිපි වුට්ඨාතිපි. තං කිස්ස හෙතු? න හි මෙත්ථ භික්ඛවෙ, අභබ්බතා වුත්තා. යානි ච ඛො තානි සික්ඛාපදානි ආදිබ්රහ්මචරියිකානි බ්රහ්මචරියසාරුප්පානි, තත්ථ ධුවසීලී ච හොති ඨිතසීලී ච{1}, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. සො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි පරිපූරකාරී වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැගී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්? මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදයෙහි හික්මෙයි. හේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළඹ වෙසෙයි.
Pali BJTඉති ඛො භික්ඛවෙ, පදෙසං පදෙසකාරී ආරාධෙති, පරිපූරං පරිපූරකාරී, අවඤ්ඣානිත්වෙවාහං, භික්ඛවෙ, සික්ඛාපදානි වදාමීති.
Sinhala BJTමහණෙනි, මෙසේ ප්‍රදේශකාරී පුද්ගල ප්‍රදේශය සපයයි. පරිපූරකාරී පුද්ගල පරිපූර්‍ණාර්‍ත්‍ථය සපයයි. මහණෙනි, මම “සිකපදහු නොවඳහ” යි වදාරමි යි.
Pali BJT3. 2. 4. 8.
Sinhala BJT3. 2. 4. 8.
Pali BJT38. සාධිකමිදං භික්ඛවෙ, දියඩ්ඪසික්ඛාපදසතං අන්වද්ධමාසං උද්දෙසං ආගච්ඡති, යත්ථ අත්ථකාමා{1} කුලපුත්තා සික්ඛන්ති. තිස්සො ඉමා භික්ඛවෙ, සික්ඛා, යත්ථෙතං සබ්බං සමොධානං ගච්ඡති. කතමා තිස්සො : අධිසීලසික්ඛා, අධිචිත්තසික්ඛා, අධිපඤ්ඤාසික්ඛා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො සික්ඛා, යත්ථෙතං සබ්බං සමොධානං ගච්ඡති.
Sinhala BJT38. මහණෙනි තමනට වැඩ කැමැති කුලපුත්‍රයෝ යමෙකැ හික්මෙත් නම් මේ එබඳු සාධික යෙළසියක් සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සංග්‍රහයට යේනම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන්දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සඞ්ග්‍රහයට යේ නම් මේ එබඳු ත්‍රිවිධ ශික්‍ෂාවෝ යි.
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස්මිං පරිපූරකාරී, පඤ්ඤාය පරිපූරකාරී. සො යානි තානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි තානි ආපජ්ජතිපි වුට්ඨාතිපි. තං කිස්ස හෙතු? න හි මෙත්ථ භික්ඛවෙ, අභබ්බතා වුත්තා. යානි ච ඛො තානි සික්ඛාපදානි ආදිබ්රහ්මචරියිකානි බ්රහ්මචරියසාරුප්පානි, තත්ථ ධුවසීලී ච හොති ඨිතසීලී ච, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. සො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි, සමාධියෙහි පරිපූරකාරී වෙයි, ප්‍රඥායෙහි පරිපූරකාරී වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැගී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදයෙහි හික්මෙයි. හේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙයි.
Pali BJTතං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති.
Sinhala BJTඒ අර්‍හත්ත්‍වය හෝ නො විදුනේ නො පිළිවිදුනේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ‘අන්තරාපරිනිබ්බායී’ වෙයි.
Pali BJTතං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා උපහච්චපරිනිබ්බායී හොති. -පෙ-
Sinhala BJTඒ අන්තරාපරිනිබ්බායී භාවය හෝ නො විදුනේ නො පිළිවිදුනේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් “උපහච්චපරිනිබ්බායී” වෙයි ...
Pali BJTඅසංඛාරපරිනිබ්බායී හොති. -පෙ- සසංඛාරපරිනිබ්බායී හොති. -පෙ- උද්ධංසොතො හොති, අකනිට්ඨගාමී.
Sinhala BJTඅසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. ... සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. ... අකනිට්ඨගාමීඋද්ධංසෝත වෙයි. ...
Pali BJTතං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා, රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති.
Sinhala BJTඒ උද්ධංසෝත අකනිට්ඨභාවය හෝ නො විදුනේ නො පිළිවිදුනේ ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගද්වේෂමෝහයන් තුනු කිරීමෙන් සෙදගැමි වෙයි. වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි.
Pali BJTතං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා එකබීජී හොති, එකඤ්ඤෙව මානුසකං භවං නිබ්බත්තෙත්වා දුක්ඛස්සන්තං කරොති.
Sinhala BJTඒ සෙද ගැමි බව හෝ නො විදුනේ නො පිළිවිඳුනේ ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඒකබීජී වෙයි, එක් ම මිනිස්බවක් නිපයා දුක් කෙළවර කෙරෙයි.
Pali BJTතං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා කොලඞ්කොලො හොති, ද්වෙ වා තීණි වා කුලානි සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති.
Sinhala BJTඒ මිනිස්බව හෝ නොවිදුනේ නො පිළිවිදුනේ ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් කොලංකොල වෙයි, භව දෙකක් හෝ තුණක් දිවැ ඇවිද දුක් කෙළවර කෙරෙයි.
Pali BJTතං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා සත්තක්ඛත්තුපරමො හොති. සත්තක්ඛත්තුපරමං දෙවෙ ච මනුස්සෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති.
Sinhala BJTඒ කොලංකොල බව හෝ නො විදුනේ නො පිළිවිදුනේ ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් සත්තක්ඛත්තුපරම වෙයි. සත්වරක් පරම කොට දෙව්ලොව ද මිනිස්ලොව ද දිවැ ඇවිදැ දුක් කෙළවර කෙරෙයි.
Pali BJTඉති ඛො භික්ඛවෙ, පරිපූරං පරිපූරකාරී ආරාධෙති. පදෙසං පදෙසකාරී.
Sinhala BJTමහණෙනි, මෙසේ පරිපූරකාරී පුද්ගල පරිපූර්‍ණාර්‍ත්‍ථය සපයයි. ප්‍රදේශකාරී පුද්ගල ප්‍රදේශාර්‍ත්‍ථය සපයයි.
Pali BJTඅවඤ්ඣානිත්වෙවාහං, භික්ඛවෙ, සික්ඛාපදානි වදාමීති.
Sinhala BJTමහණෙනි, මම “සිකපදහු නො වඳ හ” යි වදාරමි යි.
Pali BJT3. 2. 4. 9.
Sinhala BJT3. 2. 4. 9.
Pali BJT39. තිස්සො ඉමා භික්ඛවෙ, සික්ඛා. කතමා තිස්සො? අධිසීලසික්ඛා, අධිචිත්තසික්ඛා, අධිපඤ්ඤාසික්ඛා.
Sinhala BJT39. මහණෙනි, මේ ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥා ශික්‍ෂා යි.
Pali BJTකතමා ච භික්ඛවෙ, අධිසීලසික්ඛා : ඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. අයං වුච්චති භික්ඛවෙ, අධිසීලසික්ඛා.
Sinhala BJTමහණෙනි, අධිශීලශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදාන කොට සිකපෙදෙහි හික්මෙයි. මහණෙනි, මේ අධිශීලශික්‍ෂා යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, අධිචිත්තසික්ඛා. ඉධ භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ, අධිචිත්තසික්ඛා.
Sinhala BJTමහණෙනි, අධිචිත්තශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, මේ අධිචිත්ත ශික්‍ෂා යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, අධිපඤ්ඤාසික්ඛා : ඉධ භික්ඛවෙ, භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. අයං වුච්චති භික්ඛවෙ, අධිපඤ්ඤාසික්ඛා.
Sinhala BJTමහණෙනි, අධිප්‍රඥාශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙසස්නෙහි මහණ “මේ දුකැ” යි යථාභූතය දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්ය” යි යථාභූතය දනී. මහණෙනි, මේ අධිප්‍රඥා ශික්‍ෂා යි කියනු ලැබේ.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, තිස්සො සික්ඛාති.
Sinhala BJTමහණෙනි, මේ ත්‍රිවිධ ශික්‍ෂාවෝ යි.
Pali BJT3. 2. 4. 10.
Sinhala BJT3. 2. 4. 10.
Pali BJT40. තිස්සො ඉමා භික්ඛවෙ, සික්ඛා. කතමා තිස්සො : අධිසීලසික්ඛා, අධිචිත්තසික්ඛා, අධිපඤ්ඤාසික්ඛා.
Sinhala BJT40. මහණෙනි, මේ ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි.
Pali BJTකතමා ච භික්ඛවෙ, අධිසීලසික්ඛා : ඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. අයං වුච්චති භික්ඛවෙ, අධිසීලසික්ඛා.
Sinhala BJTමහණෙනි, අධිශීලශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදාන කොට ශික්‍ෂා පදයෙහි හික්මෙයි. මහණෙනි, මේ අධිශීලශික්‍ෂා යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, අධිචිත්තසික්ඛා : ඉධ භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ, අධිචිත්තසික්ඛා.
Sinhala BJTමහණෙනි, අධිචිත්තශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, මේ අධිචිත්තශික්‍ෂා යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, අධිපඤ්ඤාසික්ඛා : ඉධ භික්ඛවෙ, භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ, අධිපඤ්ඤාසික්ඛා.
Sinhala BJTමහණෙනි, අධිප්‍රඥාශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙ සස්නෙහි මහණ ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙයි. මහණෙනි, මේ අධිප්‍රඥාශික්‍ෂා යි (අර්‍හත්ත්‍වමාර්‍ග යි) කියනු ලැබේ.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, තිස්සො සික්ඛාති.
Sinhala BJTමහණෙනි, මේ ත්‍රිවිධ ශික්‍ෂාවෝ යි.
Pali BJT39. අධිසීලං අධිචිත්තං ච අධිපඤ්ඤඤ්ච විරියවා, ථාමවා ධිතිමා ඣායී සතො ගුත්තින්ද්රියො චරෙ.
Sinhala BJT39. (චෛතසිකවීර්‍ය්‍යයෙන්) වීර්‍ය්‍යවත් වූ (කායිකවීර්‍ය්‍යයෙන්) ස්ථාමවත් වූ ධෛර්‍ය්‍යවත් වූ ධ්‍යාන කරණ සුලු ස්මෘතිමත් වූ සංයත ඉඳුරන් ඇති මහණ අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාවන් පුරන්නේ ය.
Pali BJT40. යථා පුරෙ තථා පච්ඡා යථා පච්ඡා තථා පුරෙ, යථා අධො තථා උද්ධං යථා උද්ධං තථා අධො.
Sinhala BJT40. යම් පරිදි පළමු දවස් ත්‍රිවිධ ශික්‍ෂාවන් පිරී ද පසු දවසුදු එසේ ම පුරන්නේ ය. පසු දවස් යම්සේ පුරන්නේ ද පළමු දවස්හිදු එසේ ම වෙයි. යම් පරිදි යට කය අශුභවශයෙන් දක්නේ ද එපරිදි උඩුකය ද දක්නේ ය. යම් පරිදි උඩුකය දක්නේ ද එපරිදි යටිකය ද දක්නේ ය.
Pali BJT41. යථා දිවා තථා රත්තිං යථා රත්තිං තථා දිවා, අභිභුය්ය දිසා සබ්බා අප්පමාණසමාධිනා.
Sinhala BJT41. යම් පරිදි දාවල ත්‍රිවිධ ශික්‍ෂාවන් පුරන්නේ ද, රැය ද එසේ ම පුරන්නේය. යම් පරිදි රැයෙහි පුරන්නේ ද දාවල ද එසේ ම පුරන්නේ ය. අර්‍හත්ත්‍වමාර්‍ගසමාධියෙන් හැම දික් (=අරමුණු) මැඩ ගෙණ සිටුනේ ය.
Pali BJT42. තමාහු සෙක්ඛං පටිපදං අථො {1}සංසුද්ධචාරණං, තමාහු ලොකෙ සම්බුද්ධං වීරං{2} පටිදපන්තගුං.
Sinhala BJT42. සකරණීය වූ ඔහු පිළිපන්නකු කොට කියත්. වැලිත් පිරිසිදු සිල් ඇති ඔහු ලෝකයෙහි චතුස්සත්‍යාවබෝධය කළ පිළිවෙත්හි කෙළවරට ගිය වීර වූ ධිතිසම්පන්නයකු කොට කියත්.
Pali BJT43. විඤ්ඤාණස්ස නිරොධෙන තණ්හාක්ඛයවිමුත්තිනො, පජ්ජොතස්සෙව නිබ්බානං විමොක්ඛො හොති චෙතසොති.
Sinhala BJT43. තෘෂ්ණාක්‍ෂය විමුක්ති සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වඵලවිමුක්තියෙන් සමන්‍වාගත ඒ ආර්‍ය්‍යපුද්ගලයාගේ චරමවිඥානයාගේ නිරෝධයෙන් ප්‍රදීපනිර්‍වාණයක් මෙන් චිත්තයාගේ විමුක්තිය වේ.
Pali BJT3. 2. 4. 11.
Sinhala BJT3. 2. 4. 11.
Pali BJT[කොසලනිදානං]
Sinhala BJT[කොසොල්නිදාන යි]
Pali BJT41. එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන පඞ්කධා{3} නාම කොසලානං නිගමො තදවසරි. තත්ර සුදං භගවා පඞ්කධායං විහරති. පඞ්කධා නාම කොසලානං නිගමො.{4}
Sinhala BJT41. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි මහත් බික්සඟුන් සමග සැරි සරණ සේක් කෝශලයන්ගේ පඞ්කධා නම් නියම්ගමට වැඩි සේක. එහි කෝශලයන්ගේ ‘පඞ්කධා’ නම් නියම් ගමෙක් වේ ද ඒ ‘පඞ්කධා’ යෙහි වැඩ වෙසෙති.
Pali BJTතෙන ඛො පන සමයෙන කස්සපගොත්තො නාම භික්ඛු පඞ්කධායං ආවාසිකො හොති. තත්ර සුදං භගවා සික්ඛාපදපටිසඤ්ඤුත්තාය ධම්මියා කථාය භික්ඛූ සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති.
Sinhala BJTඑසමයෙහි කුසුබුගොතු නම් මහණ පඞ්කධායෙහි ආවාසික වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් සඟුන් දක්වත්. කරුණු බැණ සමාදන් කරවත්. උත්සාහ දනවත්. පහදවත්.
Pali BJTඅථ ඛො කස්සපගොත්තස්ස භික්ඛුනො භගවති සික්ඛාපදපටිසඤ්ඤුත්තාය ධම්මියා කථාය භික්ඛූ සන්දස්සෙන්තෙ සමාදපෙන්තෙ සමුත්තෙජෙන්තෙ සම්පහංසෙන්තෙ අහුදෙව අක්ඛන්ති, අහු අප්පච්චයො, ‘අධිසල්ලිඛතෙවායං{5} සමණො’ති.
Sinhala BJTඉක්බිති කසුබුගොතු මහණහට භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහ දනවත් ම පහදවත් ම අක්‍ෂාන්තිය වී මැ ය. නො සතුටෙක් වී ම ය. ‘මේ මහණ අත්‍යර්‍ත්‍ථයෙන් සියුම් සියුම් කොට බෙණේය’ යි.
Pali BJTඅථ ඛො භගවා පඞ්කධායං යථාභිරන්තං විහරිත්වා යෙන රාජගහං තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන රාජගහං තදවසරි. තත්ර සුදං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ.{6} අථ ඛො කස්සපගොත්තස්ස භික්ඛුනො අචිරපක්කන්තස්ස භගවතො අහුදෙව කුක්කුච්චං, අහු විප්පටිසාරො “අලාභා වත මෙ, න වත මෙ ලාභා. දුල්ලද්ධං වත මෙ, න වත මෙ සුලද්ධං, යස්ස මෙ භගවති සික්ඛාපදපටිසඤ්ඤුත්තාය ධම්මියාකථාය භික්ඛූ සන්දස්සෙන්තෙ සමාදපෙන්තෙ සමුත්තෙජෙන්තෙ සම්පහංසෙන්තෙ අහුදෙව අක්ඛන්ති, අහූ අප්පච්චයො, අධිසල්ලිඛතෙවායං සමණො”ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පඞ්කධායෙහි කැමැති තාක් වැස රජගහනුවර කරා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් සැරිසරණ සේක් රජගහනුවරට වැඩි සේක. එකල භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජිකුළු පවියෙහි වැඩ වසන සේක. ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ නික්ම වඩුත් ම කසුබුගොතු මහණහට කුකුස් වී ම ය. විපිළිසර වී ම ය. “යම් බඳු මට භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම, උත්සාහ කරවත් ම පහදවත් ම මේ මහණ අත්‍යර්‍ත්‍ථයෙන් කරුණු බැණ කියති යි අක්‍ෂාන්තියෙක් වී ද, නො සතුටෙක් වී ද, ඒ මට ඒකාන්තයෙන් අලාභයෙකි. ඒ මට ඒකාන්තයෙන් ලාභයෙක් නොවේ. ඒ මට ඒකාන්තයෙන් අභාග්‍යයෙකි. ඒ මට ඒකාන්තයෙන් මනා භාග්‍යයෙක් නො වේ ය” යි.
Pali BJTයන්නූනාහං යෙන භගවා තෙනුපසඞ්කමෙය්යං, උපසඞ්කමිත්වා භගවතො සන්තිකෙ අච්චයං අච්චයතො දෙසෙය්යන්ති.
Sinhala BJT“මම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙම් නම් එළඹ භාග්‍යවතුන් වහන්සේ වෙත වරද වරද විසින් දෙසන්නෙම් නම් මනා මැ නු” යි.
Pali BJTඅථ ඛො කස්සපගොත්තො භික්ඛු සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යෙන රාජගහං තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන රාජගහං යෙන ගිජ්ඣකූටො පබ්බතො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො කස්සපගොත්තො භික්ඛු භගවන්තං එතදවොච :
Sinhala BJTඉක්බිති කසුබුගොතු මහණ සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙණ රජගහනුවර කරා එළඹියේ ය. පිළිවෙළින් රජගහනුවර ගිජුකුළු පවියෙහි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹින. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් කසුබු ගොතු මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:
Pali BJTඑකමිදං,{1} භන්තෙ, සමයං භගවා පඞ්කධායං විහරති, පඞ්කධා නාම කොසලානං නිගමො{2}. තත්ර සුදං භගවා සික්ඛාපදපටිසංයුත්තාය ධම්මියා කථාය භික්ඛූ සන්දස්සෙසි, සමාදපෙසි, සමුත්තෙජෙසි, සම්පහංසෙසි. තස්ස මය්හං භන්තෙ භගවති සික්ඛාපදපටිසඤ්ඤුත්තාය ධම්මියා කථාය භික්ඛූ සන්දස්සෙන්තෙ, සමාදපෙන්තෙ, සමුත්තෙජෙන්තෙ, සම්පහංසෙන්තෙ අහුදෙව අක්ඛන්ති, අහු අප්පච්චයො, “අධිසල්ලිඛතෙවායං සමණො”ති. අථ ඛො භන්තෙ භගවා පඞ්කධායං යථාභිරන්තං විහරිත්වා යෙන රාජගහං තෙන චාරිකං පක්කාමි. තස්ස මය්හං, භන්තෙ, අචිරපක්කන්තස්ස භගවතො අහුදෙව කුක්කුච්චං, අහු විප්පටිසාරො, “අලාභා වත මෙ, න වත මෙ ලාභා. දුල්ලද්ධං වත මෙ, න වත මෙ සුලද්ධං, යස්ස මෙ භගවති සික්ඛාපදපටිසංයුත්තාය ධම්මියා කථාය භික්ඛූ සන්දස්සෙන්තෙ, සමාදපෙන්තෙ, සමුත්තෙජෙන්තෙ, සම්පහංසෙන්තෙ අහුදෙව අක්ඛන්ති, අහු අප්පච්චයො, අධිසල්ලිඛතෙවායං සමණොති. යන්නූනාහං යෙන භගවා තෙනුපසඞ්කමෙය්යං, උපසඞ්කමිත්වා භගවතො සන්තිකෙ අච්චයං අච්චයතො දෙසෙය්යන්ති.
Sinhala BJTවහන්ස, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝශලයන්ගේ පඞ්කධා නම් නියම්ගමෙක් වේ ද, එ ගම වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් මොනොවට දැක්වූ සේක, සමාදන් කරවූ සේක. උත්සාහවත් කරවූ සේක. පහදවා ලූ සේක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහ කරවත් ම පහදවත් ම “මේ මහණ අත්‍යර්‍ත්‍ථයෙන් කරුණු බැණ කියත් ම ය” යි ඒ මට අක්‍ෂාන්තියෙක් නො සතුටෙක් වී ම ය. වහන්ස, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පඞ්කධායෙහි කැමැති තාක් වැස රජගහ නුවරට චාරිකායෙහි වැඩි සේක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නික්ම වඩුත් ම “භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහ කරවත් ම පහදවත් ම ‘මේ මහණ අත්‍යර්‍ත්‍ථයෙන් කරුණු බැණ කියති’ යි යම් බඳු මට අක්‍ෂාන්තියෙක් නොසතුටෙක් වී ද, ඒ මට කුකුසෙක් වී ම ය. විප්‍රතීසාරයෙක් වී ම ය. මට ඒකාන්තයෙන් අලාභයෙක, මට ඒකාන්තයෙන් ලාභයෙක් නො වේ. මට ඒකාන්තයෙන් අභාග්‍යයෙක, මට ඒකාන්තයෙන් මනා භාග්‍යයෙක් නො වේ. මම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙම් නම්, එළඹ භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි වරද වරද විසින් දෙසන්නෙම් නම් මනා මැ නු!” යි.
Pali BJTඅච්චයො මං භන්තෙ, අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං යස්ස මෙ භගවති සික්ඛාපදපටිසඤ්ඤුත්තාය ධම්මියා කථාය භික්ඛූ සන්දස්සෙන්තෙ සමාදපෙන්තෙ සමුත්තෙජෙන්තෙ සම්පහංසෙන්තෙ අහුදෙව අක්ඛන්ති, අහු අප්පච්චයො, අධිසල්ලිඛතෙවායං සමණොති. තස්ස මෙ භන්තෙ, භගවා අච්චයං අච්චයතො පතිගණ්හාතු ආයතිං සංවරායාති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහවත් කරවත් ම පහදවත් ම “මේ මහණ අත්‍යර්‍ත්‍ථයෙන් කරුණු බැණ කියති” යි යම්බඳු මට අක්‍ෂාන්තියෙක් නො සතුටෙක් වී ද, ඒ අපරාධය බාල බවට අනුරිවින් මූඪ බවට අනුරිවින් අකුශලයට අනුරිවින් මා අධිභවා ගියේ ය. වහන්ස, ඒ මාගේ වරද භාග්‍යවතුන් වහන්සේ ආයති සංවරය සඳහා වරද විසින් පිළිගන්නා සේක්වා.
Pali BJTතග්ඝ ත්වං කස්සප, අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යස්ස තෙ මයි සික්ඛාපදපටිසංයුත්තාය ධම්මියා කථාය භික්ඛූ සන්දස්සෙන්තෙ සමාදපෙන්තෙ සමුත්තෙජෙන්තෙ සම්පහංසෙන්තෙ අහුදෙව අක්ඛන්ති අහු අප්පච්චයො, අධිසල්ලිඛතෙවායං සමණො’ති.
Sinhala BJTකස්බ, මා ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් සඟුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහ කරවත් ම පහදවත් ම ‘මේ මහණ අත්‍යර්‍ත්‍ථයෙන් කරුණු බැණ සියුම් සියුම් කොට කියත් මැ ය’යි යම්බඳු තට අක්‍ෂාන්තියෙක් නො සතුටෙක් වී ද, ඒකාන්තයෙන් ඒ වරද යම් පරිදි බාල වී නම් යම් පරිදි මූඪ වී නම් යම් පරිදි අකුශල වී නම් එපරිදි ම තා අධිභවා ගියේ ය.
Pali BJTයතො ච ඛො ත්වං කස්සප, අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොසි, තං තෙ මයං පතිගණ්හාම. වුද්ධි හෙසා කස්සප, අරියස්ස විනයෙ යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති, ආයතිං සංවරං ආපජ්ජති.
Sinhala BJTකස්බ, යම් හෙයෙකින් තෝ වරද වරද විසින් දැක ධර්‍මානුරූප පරිදි ප්‍රතිකර්‍ම කෙරෙහි ද, තාගේ ඒ වරද අපි පිළිගණුම්හ. කස්බ, යමෙක් වරද වරද විසින් දැක ධර්‍මානුරූප පරිදි ප්‍රතිකර්‍ම කෙරේ නම්, ආයති සංවරයට පැමිණේ නම්, තෙල ප්‍රතිපත්තිය, ආර්‍ය විනයෙහි අභිවෘද්ධියෙක් ම ය.
Pali BJTථෙරො චෙපි කස්සප, භික්ඛු හොති න සික්ඛාකාමො සික්ඛාසමාදානස්ස න වණ්ණවාදී, යෙ චඤ්ඤෙ භික්ඛූ න සික්ඛාකාමා තෙ ච පන සික්ඛාය න සමාදපෙති, යෙ චඤ්ඤෙ භික්ඛූ සික්ඛාකාමා තෙසඤ්ච න වණ්ණං භණති, භූතං තච්ඡං කාලෙන, එවරූපස්සාහං කස්සප ථෙරස්ස භික්ඛුනො න වණ්ණං භණාමි.
Sinhala BJTකස්බ, ස්ථවිර භික්‍ෂුවෙක් වේ ද, හේ ශික්‍ෂාකාම නො වේ ද, ශික්‍ෂාසමාදානය පිළිබඳ ගුණ කියන්නේ නො වේ ද, ශික්‍ෂාකාම නොවන යම් අන්කිසි සඟහු වෙත් නම්, ඔවුනුදු ශික්‍ෂායෙහි සමාදන් නො කරවා ද, ශික්‍ෂාකාම වූ යම් අන්කිසි සඟහු වෙත් නම්, ඔවුන්ගේ විද්‍යමාන වූ සැබෑ වූ ගුණ නිසි කල්හි නො කියා නම්, කස්බ, මෙබඳු වූ ඒ ස්ථවිර භික්‍ෂුහුගේ ගුණ මම නො කියමි.
Pali BJTතං කිස්ස හෙතු :
Sinhala BJTඒ කවර හෙයින යත්:
Pali BJTසත්ථා හිස්ස වණ්ණං භණතීති අඤ්ඤෙ නං භික්ඛූ භජෙය්යුං, යෙ නං භජෙය්යුං, ත්යාස්ස දිට්ඨානුගතිං ආපජ්ජෙය්යුං, ය්යාස්ස දිට්ඨානුගතිං ආපජ්ජෙය්යුං, තෙසං තං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛායාති. තස්මාහං කස්සප, එවරූපස්ස ථෙරස්ස භික්ඛුනො න වණ්ණං භණාමි.
Sinhala BJT“ශාස්තෲන් වහන්සේ වනාහි ඔහුගේ ගුණ වදාරති” යි සෙස්සෝ ඒ මහණ සෙවුනාහුය. යම් මහණ කෙනෙක් ඒ මහණ සෙවුනාහු ද, ඒ මහණහු ඔහු පිළිබඳ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහුය. යම් මහණ කෙනෙක් ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහු ද, ඔවුනට එය දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ ය. කස්බ, එහෙයින් මම මෙබඳු ස්ථවිර භික්‍ෂුහුගේ ගුණ නො කියමි.
Pali BJTමජ්ඣිමො චෙපි කස්සප, භික්ඛු හොති -පෙ- නවො චෙපි කස්සප, භික්ඛු හොති න සික්ඛාකාමො සික්ඛාසමාදානස්ස න වණ්ණවාදී, යෙ චඤ්ඤෙ භික්ඛූ න සික්ඛාකාමා තෙ ච පන සික්ඛාය න සමාදපෙති, යෙ චඤ්ඤෙ භික්ඛූ සික්ඛාකාමා, තෙසඤ්ච න වණ්ණං භණති භූතං තච්ඡං කාලෙන, එවරූපස්සාහං කස්සප, නවස්ස භික්ඛුනො න වණ්ණං භණාමි.
Sinhala BJTකස්බ, ඉදින් මධ්‍යම භික්‍ෂුවෙක් වේ ද ... කස්බ, ඉදින් නවක භික්‍ෂුවෙක් වේ ද, හේ ශික්‍ෂාකාම නො වේ ද, ශික්‍ෂාසමාදානය පිළිබඳ ගුණ කියන්නේ නො වේ ද, ශික්‍ෂාකාම නොවන යම් අන්කිසි සඟහු ඇත් ද, ඔවුනුදු ශික්‍ෂායෙහි සමාදන් නො කරවා ද, ශික්‍ෂාකාම වන යම් අන්කිසි සඟහු ඇත් ද, ඔවුන්ගේ ත් විද්‍යමාන වූ සැබෑ වූ ගුණ නිසි කල්හි නො කියා ද, කස්බ, මම මෙබඳු නවක භික්‍ෂුහුගේ ගුණ නො කියමි.
Pali BJTතං කිස්ස හෙතු :
Sinhala BJTඒ කවර හෙයින යත්:
Pali BJTසත්ථා හිස්ස වණ්ණං භණතීති අඤ්ඤෙ නං භික්ඛූ භජෙය්යුං, යෙ නං භජෙය්යුං, ත්යාස්ස දිට්ඨානුගතිං ආපජ්ජෙය්යුං, ය්යාස්ස දිට්ඨානුගතිං ආපජ්ජෙය්යුං, තෙසං තං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛායාති. තස්මාහං කස්සප, එවරූපස්ස නවස්ස භික්ඛුනො න වණ්ණං භණාමි.
Sinhala BJT“ශාස්තෲන් වහන්සේ වනාහි ඔහුගේ ගුණ වදාරති”යි අන් මහණහු ඔහු සෙවුනාහුය. යම් මහණ කෙනෙක් ඔහු සෙවුනාහු ද, ඒ මහණහු ඔහු පිළිබඳ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහුය. යම් මහණ කෙනෙක් ඔහු පිළිබඳ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහු ද, ඔවුනට එය දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ ය. කස්බ, එහෙයින් මම මෙබඳු නවක භික්‍ෂුහුගේ ගුණ නො කියමි.
Pali BJTථෙරො චෙපි කස්සප, භික්ඛු හොති සික්ඛාකාමො සික්ඛාසමාදානස්ස වණ්ණවාදී, යෙ චඤ්ඤෙ භික්ඛූ න සික්ඛාකාමා, තෙ ච සික්ඛාය සමාදපෙති, යෙ චඤ්ඤෙ භික්ඛූ සික්ඛාකාමා තෙසඤ්ච වණ්ණං භණති භූතං තච්ඡං කාලෙන, එවරූපස්සාහං කස්සප, ථෙරස්ස භික්ඛුනො වණ්ණං භණාමි.
Sinhala BJTකස්බ, ස්ථවිර භික්‍ෂුවෙක් වේ ද, හේ ශික්‍ෂාකාම වේ ද, ශික්‍ෂාසමාදානය පිළිබඳ ගුණ කියන්නේ වේ ද, ශික්‍ෂාකාම නොවන යම් අන්කිසි සඟහු ඇත් ද, ඔවුනුත් ශික්‍ෂායෙහි සමාදන් කරවා ද, ශික්‍ෂාකාම වන යම් අන්කිසි සඟහු ඇත් ද, ඔවුනුදු ගේ විද්‍යමාන වූ සැබෑ වූ ගුණ නිසි කල්හි බෙණේ ද, කස්බ, මම මෙබඳු ස්ථවිර භික්‍ෂුහුගේ ගුණ කියමි.
Pali BJTතං කිස්ස හෙතු :
Sinhala BJTඒ කවර හෙයින යත්:
Pali BJTසත්ථා හිස්ස වණ්ණං භණතීති අඤ්ඤෙ නං භික්ඛූ භජෙය්යුං, යෙ නං භජෙය්යුං, ත්යාස්ස දිට්ඨානුගතිං ආපජ්ජෙය්යුං, ය්යාස්ස දිට්ඨානුගතිං ආපජ්ජෙය්යුං තෙසං තං අස්ස දීඝරත්තං හිතාය සුඛායාති. තස්මාහං කස්සප, එවරූපස්ස ථෙරස්ස භික්ඛුනො වණ්ණං භණාමි.
Sinhala BJT“ශාස්තෲන් වහන්සේ වනාහි ඔහුගේ ගුණ වදාරති” යි අන් මහණහු ඔහු සෙවුනාහුය. යම් මහණ කෙනෙක් ඔහු සෙවුනාහු ද, ඒ මහණහු ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහුය: යම් මහණ කෙනෙක් ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙන්නහු ද, ඔවුනට එය දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුඛ පිණිස වන්නේ ය. කස්බ, එහෙයින් මම මෙබඳු ස්ථවිර භික්‍ෂුහුගේ ගුණ කියමි.
Pali BJTමජ්ඣිමො චෙපි කස්සප, භික්ඛු හොති -පෙ- නවො චෙපි කස්සප, භික්ඛු හොති සික්ඛාකාමො සික්ඛාසමාදානස්ස වණ්ණවාදී, යෙ චඤ්ඤෙ භික්ඛූ න සික්ඛාකාමා, තෙ ච සික්ඛාය සමාදපෙති, යෙ චඤ්ඤෙ භික්ඛූ සික්ඛාකාමා, තෙසඤ්ච වණ්ණං භණති භූතං තච්ඡං කාලෙන, එවරූපස්සාහං කස්සප, නවස්ස භික්ඛුනො වණ්ණං භණාමි.
Sinhala BJTකස්බ, මධ්‍යම භික්‍ෂුවෙක් වේ ද ... කස්බ, නවක භික්‍ෂුවෙක් වේ ද, හේ ශික්‍ෂාකාම වේ ද, ශික්‍ෂාසමාදානය පිළිබඳ ගුණ කියන්නේ වේ ද, ශික්‍ෂාකාම නොවන යම් අන්කිසි සඟහු ඇත් ද, ඔවුනුදු ශික්‍ෂායෙහි සමාදන් කරවා ද, ශික්‍ෂාකාම වන යම් අන්කිසි සඟහු ඇත් ද, ඔවුනුදු ගේ විද්‍යමාන වූ සැබෑ වූ ගුණ නිසි කල්හි බෙණේ ද, කස්බ, මම මෙබඳු නවක භික්‍ෂුහුගේ ගුණ කියමි.
Pali BJTතං කිස්ස හෙතු :
Sinhala BJTඒ කවර හෙයින යත්:
Pali BJTසත්ථා හිස්ස වණ්ණං භණතීති අඤ්ඤෙ නං භික්ඛූ භජෙය්යුං, යෙ නං භජෙය්යුං, ත්යාස්ස දිට්ඨානුගතිං ආපජ්ජෙය්යුං, ය්යාස්ස දිට්ඨානුගතිං ආපජ්ජෙය්යුං, තෙසං තං අස්ස දීඝරත්තං හිතාය සුඛායාති. තස්මාහං කස්සප, එවරූපස්ස නවස්ස භික්ඛුනො වණ්ණං භණාමීති.
Sinhala BJT“ශාස්තෲන් වහන්සේ වනාහි ඔහුගේ ගුණ වදාරති” යි අන් මහණහු ඔහු සෙවුනාහුය. යම් මහණ කෙනෙක් ඔහු සෙවුනාහු ද, ඒ මහණහු ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහු ය. යම් මහණ කෙනෙක් ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහු ද, ඔවුනට එය දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුඛ පිණිස වන්නේ ය. කස්බ, එහෙයින් මම මෙබඳු නවක භික්‍ෂුහුගේ ගුණ කියමි.
Pali BJT{*}සමණවග්ගො චතුත්ථො.
Sinhala BJTසතරවන ශ්‍රමණ වර්‍ගය යි.
Pali BJT[5. ලොණඵල වග්ගො]
Sinhala BJT[5. ලෝණඵල වර්‍ගය]
Pali BJT3. 2. 5. 1.
Sinhala BJT3. 2. 5. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT42. තීණිමානි භික්ඛවෙ, කස්සකස්ස ගහපතිස්ස අච්චායිකානි කරණීයානි.
Sinhala BJT42. මහණෙනි, සීසානා ගැහැවිහුගේ මේ අතික් ආවශ්‍යක කෘත්‍යයෝ තුන් දෙනෙකි.
Pali BJTකතමානි තීණි :
Sinhala BJTකවර තුන් දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, කස්සකො ගහපති සීඝසීඝං ඛෙත්තං සුකට්ඨං කරොති සුමතිකතං. සීඝසීඝං ඛෙත්තං සුකට්ඨං කරිත්වා සුමතිකතං සීඝසීඝං බීජානි පතිට්ඨාපෙති. සීඝසීඝං බීජානි පතිට්ඨාපෙත්වා සීඝසීඝං උදකං අභිනෙතිපි අපනෙතිපි. ඉමානි ඛො භික්ඛවෙ, තීණි කස්සකස්ස ගහපතිස්ස අච්චායිකානි කරණීයානි.
Sinhala BJTමහණෙනි, මෙලොව සීසානා ගැහැවි වහ වහා කෙත මොනොවට සානා ලද්දක් පුවරු ගා සම කරණ ලද්දක් කෙරෙයි. වහ වහා කෙත මොනොවට සාට තැනක් මොනොවට පුවරු ගා සම කළ තැනැක් කොට වහ වහා බිජු පිහිටුවයි. වහ වහා බිජු පිහිටුවා වහ වහා දිය එළවීමුදු නෙරීමුදු කෙරෙයි. මහණෙනි, සානා ගැහැවිහුගේ මේ අතික් ආවශ්‍යක කෘත්‍යයෝ තුන් දෙනහ.
Pali BJTතස්ස ඛො තං භික්ඛවෙ, කස්සකස්ස ගහපතිස්ස නත්ථි සා ඉද්ධි වා ආනුභාවො වා, අජ්ජෙව මෙ ධඤ්ඤානි ජායන්තු ස්වෙව ගබ්භීනි හොන්තු, උත්තරස්වෙව පච්චන්තූති. අථ ඛො භික්ඛවෙ, හොති සො සමයො. යං තස්ස කස්සකස්ස ගහපතිස්ස තානි ධඤ්ඤානි උතුපරිණාමීනි ජායන්තිපි ගබ්භීනිපි හොන්ති පච්චන්තිපි.
Sinhala BJTමහණෙනි, ඒ සානා ගෙහෙවිහුගේ “අද ම මාගේ ධාන්‍යයෝ නැඟෙත්වා, සෙට ම ගර්භිත වෙත්වා, අනෙක් (තෙවන) දා ම පැසෙත්වා” යි එබඳු ඍද්ධියෙක් වේ ව යි අනුභාවයෙක් වේව යි නැත. වැලිදු මහණෙනි, යම් හෙයෙකින් ඒ සානා ගෙහෙවිහුගේ ඍතුපරිණාමයට පත් ඒ ධාන්‍යයෝ නැගෙත් ද, ගර්භිතත් වෙද්ද, පැසෙද්ද, එබඳු කලෙක් වෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, තීණිමානි භික්ඛුස්ස අච්චායිකානි කරණීයානි.
Sinhala BJTමහණෙනි, එපරිදි ම මහණහුගේ මේ අතික් ආවශ්‍යක කෘත්‍යයෝ තුන් දෙනෙකි.
Pali BJTකතමානි තීණි :
Sinhala BJTකවර තුන් දෙනෙක යත්:
Pali BJTඅධිසීලසික්ඛාසමාදානං, අධිචිත්තසික්ඛාසමාදානං, අධිපඤ්ඤාසික්ඛාසමාදානං. ඉමානි ඛො භික්ඛවෙ, තීණි භික්ඛුස්ස අච්චායිකානි කරණීයානි.
Sinhala BJTඅධිශීලශික්‍ෂා සමාදානය අධිචිත්තශික්‍ෂා සමාදානය අධිප්‍රඥාශික්‍ෂා සමාදාන යි. මහණෙනි, මොහු තුන් දෙනා මහණහුගේ අතික් ආවශ්‍යක කෘත්‍යයෝ යි.
Pali BJTතස්ස ඛො තං භික්ඛවෙ, භික්ඛුනො නත්ථි සා ඉද්ධි වා ආනුභාවො වා, අජ්ජෙව මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චතු ස්වෙ වා උත්තරස්වෙ වාති. අථ ඛො භික්ඛවෙ, හොති සො සමයො, යං තස්ස භික්ඛුනො අධිසීලම්පි සික්ඛතො අධිචිත්තම්පි සික්ඛතො අධිපඤ්ඤම්පි සික්ඛතො අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති.
Sinhala BJTමහණෙනි, ඒ මහණහුගේ “අද ම මාගේ සිත උපාදා විසින් නො ගෙණ ආස්‍රවයන් කෙරෙන් මිදේව යි හෝ සෙට හෝ අනෙක් දා හෝ මිදේව යි කියා හෝ එබඳු ඍද්ධියෙක් වේව යි අනුභාවයෙක් වේව” යි නැත. වැලිදු මහණෙනි, යම් හෙයෙකින් අධිශීලයෙහි හික්මෙන අධිචිත්තයෙහි හික්මෙන අධිප්‍රඥායෙහි හික්මෙන ඒ මහණහුගේ සිත උපාදා විසින් නො ගෙණ මිදේ නම් එබඳු කලෙක් වෙයි.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං, තිබ්බො නො ඡන්දො භවිස්සති අධිසීලසික්ඛාසමාදානෙ, තිබ්බො ඡන්දො භවිස්සති අධිචිත්තසික්ඛාසමාදානෙ. තිබ්බො ඡන්දො භවිස්සති අධිපඤ්ඤාසික්ඛාසමාදානෙති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය: “අපගේ තීව්‍ර ඡන්‍දයෙක් අධිශීලශික්‍ෂා සමාදානයෙහි වෙයි. තීව්‍ර ඡන්‍දයෙක් අධිචිත්ත ශික්‍ෂා සමාදානයෙහි වෙයි. තීව්‍ර ඡන්‍දයෙක් අධිප්‍රඥාශික්‍ෂා සමාදානයෙහි වෙයි”. මහණෙනි, මෙසේ ම තොප හික්මෙන්නේ ය.
Pali BJT3. 2. 5. 2.
Sinhala BJT3. 2. 5. 2.
Pali BJT43. තීණිමානි භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා පවිවෙකානි පඤ්ඤාපෙන්ති.
Sinhala BJT43. මහණෙනි, අන්තොටු පිරිවැජියෝ මේ ප්‍රවිවේක තුණ පණවත්
Pali BJTකතමානි තීණි :
Sinhala BJTකවර තුණෙක යත්:
Pali BJTචීවරපවිවෙකං, පිණ්ඩපාතපවිවෙකං, සෙනාසනපවිවෙකං.
Sinhala BJTචීවර ප්‍රවිවේකය, පිණ්ඩපාත ප්‍රවිවේකය, ශයනාසන ප්‍රවිවේකය යි.
Pali BJTතත්රිදං භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා චීවරපවිවෙකස්මිං පඤ්ඤාපෙන්ති : සාණානිපි ධාරෙන්ති, මසාණානිපි ධාරෙන්ති, ඡවදුස්සානිපි ධාරෙන්ති, පංසුකූලානිපි ධාරෙන්ති, තිරීටකානිපි{1} ධාරෙන්ති, අජිනානිපි{2} ධාරෙන්ති, අජිනක්ඛිපම්පි ධාරෙන්ති, කුසචීරම්පි ධාරෙන්ති, වාකචීරම්පි ධාරෙන්ති, ඵලකචීරම්පි ධාරෙන්ති, කෙසකම්බලම්පි ධාරෙන්ති, වාලකම්බලම්පි ධාරෙන්ති, උලුකපක්ඛිකම්පි ධාරෙන්ති. ඉදං ඛො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා චීවරපවිවෙකස්මිං පඤ්ඤාපෙන්ති.
Sinhala BJTමහණෙනි, අන්තොටු පිරිවැජියෝ ඒ චීවර ප්‍රවිවේකයෙහි ලා මේ පැණවීම කෙරෙත්: සණවැහැරි ද ධරත්. මුසු පිළී ද ධරත්. මිනියෙන් නෙළ වත් ද ධරත්. බිම ලූ මහලු පිළී ද ධරත්. රුක්පොතුමුවා පිළී ද ධරත්. අඳුන්මුවසමුදු ධරත්. මැදින් පැළු අඳුන්මුවසමුදු ධරත්. කුසවැහැරි ද ධරත්. වක්කලමුදු ධරත්. පුවරු වැහැරි ද ධරත්. කෙස්මුවා කම්බිලි ද ධරත්. අස්ලොම්මුවා කම්බිලි ද ධරත්. මහමුහුනු පියායෙන් කළ පිළී ද ධරත් මහණෙනි, අන්තොටු පිරිවැජියෝ චීවරප්‍රවිවේකයෙහි ලා මෙය පණවත්.
Pali BJTතත්රිදං භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා පිණ්ඩපාතපවිවෙකස්මිං පඤ්ඤාපෙන්ති : සාකභක්ඛාපි හොන්ති, සාමාකභක්ඛාපි හොන්ති, නීවාරභක්ඛාපි හොන්ති, දද්දුළභක්ඛාපි හොන්ති, හටභක්ඛාපි හොන්ති, කණභක්ඛාපි හොන්ති, ආචාමභක්ඛාපි හොන්ති, පිඤ්ඤාකභක්ඛාපි හොන්ති, තිණභක්ඛාපි හොන්ති, ගොමයභක්ඛාපි හොන්ති, වනමූලඵලාහාරා යාපෙන්ති පවත්තඵලභොජී. ඉදං ඛො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා පිණ්ඩපාතපවිවෙකස්මිං පඤ්ඤාපෙන්ති.
Sinhala BJTමහණෙනි, අන්තොටු පිරිවැජියෝ ඒ පිණ්ඩපාතප්‍රවිවේකයෙහි ලා මේ පැණවීම කෙරෙත්: පලා වළඳනුවෝ ද වෙත්. බඩහමු වළඳනුවෝ ද වෙත්. හුරුහැල් වළඳනුවෝ ද වෙත්. සම්කසළ වළඳනුවෝ ද වෙති, ලහටු හෝ සෙවෙල් වළඳනුවෝ ද වෙති. කුඩු වළඳනුවෝ ද වෙති. දමුබත් වළඳනුවෝ ද වෙති. පුනකු වළඳනුවෝ ද වෙති. තණ වළඳනුවෝ ද වෙත්. ගොම වළඳනුවෝ ද වෙති. වනමුල් පිලි අහර කොට ඇති ව යපෙත්. තුවටුවෙන් ගුළු පල වළඳන සුලු ද වෙති. මහණෙනි, අන්තොටු පිරිවැජියෝ පිණ්ඩපාතප්‍රවිවේකයෙහි ලා මේ පණවත්.
Pali BJTතත්රිදං භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා සෙනාසනපවිවෙකස්මිං පඤ්ඤාපෙන්ති : අරඤ්ඤං, රුක්ඛමූලං, සුසානං, වනපත්ථං, අබ්භොකාසං, පලාලපුඤ්ජං, භුසාගාරං. ඉදං ඛො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා සෙනාසනපවිවෙකස්මිං පඤ්ඤාපෙන්ති.
Sinhala BJTමහණෙනි, අන්තොටු පිරිවැජියෝ ඒ ශයනාසනප්‍රවිවේකයෙහි ලා මේ පැණවීම කෙරෙති: අරණ්‍යය, වෘක්‍ෂමූලය, සමශානය, වානප්‍රස්තය, අභ්‍යවකාශය, පලාලපුඤ්ජය, කලවිටිහල යන මේ ය. මහණෙනි, අන්තොටු පිරිවැජියෝ ශයනාසන ප්‍රවිවේක විෂයෙහි ලා මෙය පණවත්.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, තීණි අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා පවිවෙකානි පඤ්ඤාපෙන්ති.
Sinhala BJTමහණෙනි, අන්තොටු පිරිවැජියෝ මේ ප්‍රවිවේක තුණ පණවත්.
Pali BJTතීණි ඛො පනිමානි භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ භික්ඛුනො පවිවෙකානි.
Sinhala BJTමහණෙනි, මේ ශාසනයෙහි මහණහට මේ ප්‍රවිවේකයෝ තුන් දෙනෙක් ඇත.