Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1901-2000 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස ඛො සො අභය, භික්ඛු එවං සීලසම්පන්නො විවිච්චෙව කාමෙහි -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො නවඤ්ච කම්මං න කරොති, පුරාණඤ්ච කම්මං ඵුස්ස ඵුස්ස ව්යන්තී කරොති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනයිකා{1} පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහීති.
Sinhala BJTඅභයෙනි, ඒ මහණ මෙ පරිදි සිල් ඇතියේ කාමයන් කෙරෙන් වෙන් ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද වෙසෙයි. හේ නූතන වූත් කර්‍ම නො කෙරෙයි. පුරාණ වූත් කර්‍ම විපාක විසින් පුනපුනා ස්පර්‍ශ කොට විගතාන්ත කෙරෙයි. (තෙල) අකාලික වූ ‘එව, බලව’ යන විධියට යෝග්‍ය වූ උපනයනාර්‍හ වූ නුවණැතියන් විසින් තමා කෙරෙහි එළවා වේදිතව්‍ය වූ සාන්දෘෂ්ටික නිර්ජරා විශුද්ධිය යි.
Pali BJTසො අභය භික්ඛු එවං සීලසම්පන්නො එවං සමාධිසම්පන්නො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. සො නවඤ්ච කම්මං න කරොති, පුරාණඤ්ච කම්මං ඵුස්ස ඵුස්ස ව්යන්තීකරොති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනයිකා{1} පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහීති.
Sinhala BJTඅභයයෙනි, ඒ මහණ මෙපරිදි සිල් ඇතියේ මෙපරිදි සමාධි ඇතියේ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ගෙණ උපයා වෙසෙයි. හේ නූතන වූත් කර්‍ම නොකෙරෙයි. පුරාණ වූත් කර්‍ම ස්පර්‍ශ කොට කොට විගතාන්ත කෙරෙයි. (තෙල) අකාලික වූ ‘එව, බලව’ යන විධියට යෝග්‍ය වූ උපනයනාර්‍හ වූ නුවණැතියන් විසින් තමා කෙරෙහි එළවා වේදිතව්‍ය වූ සාන්දෘෂ්ටික නිර්ජරා විශුද්ධිය යි.
Pali BJTඉමා ඛො අභය, තිස්සො නිජ්ජරා විසුද්ධියො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්මදක්ඛාතා සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං{2} සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියායාති.
Sinhala BJTඅභයයෙනි, සත්ත්‍වයන්ගේ විශුද්ධිය සඳහා ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය සඳහා දුඃඛදෞර්‍මනස්‍යයන් හතයට යනු සඳහා අර්‍හත්ත්‍වමාර්‍ගයාගේ අධිගමය සඳහා නිර්‍වාණයාගේ ප්‍රත්‍යක්‍ෂකරණය සඳහා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ තුන් වැදෑරුම් නිර්ජරාවිශුද්ධීහු මොනොවට වදාරණ ලදහ.
Pali BJTඑවං වුත්තෙ පණ්ඩිතකුමාරො ලිච්ඡවි අභයං ලිච්ඡවිං එතදවොච :
Sinhala BJTමෙසේ වදාළ කල්හි පණ්ඩිතකුමාර ලිච්ඡ්වී අභය ලිච්ඡ්වීහට තෙල කීය:
Pali BJTකිං පන ත්වං සම්ම අභය, ආයස්මතො ආනන්දස්ස සුභාසිතං සුභාසිතතො නාබ්භනුමොදසීති.
Sinhala BJTයහළු අභයයෙනි, කිම, තො ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගේ සුභාෂිතය සුභාෂිත විසින් නො අනුමෙවුනෙහි ද?
Pali BJTක්යාහං සම්ම{3} ආයස්මතො ආනන්දස්ස සුභාසිතං සුභාසිතතො නාබ්භනුමොදිස්සාමි. මුද්ධාපි තස්ස විපතෙය්ය යො ආයස්මතො ආනන්දස්ස සුභාසිතං සුභාසිතතො නාබ්භනුමොදෙය්යාති.
Sinhala BJTයහළුව, කිමෙක, මම ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගේ සුභාෂිතය සුභාෂිත විසින් නො අනුමෙවුනෙම් වෙම් ද, යමෙක් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ගේ සුභාෂිතය සුභාෂිත විසින් නොඅනුමෙවුනේ වේ නම් ඔහුගේ හිසත් ඇදහෙන්නේ ය.
Pali BJT3. 2. 3. 5.
Sinhala BJT3. 2. 3. 5.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT25. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච :
Sinhala BJT25. එක්කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTයෙ{4} ආනන්ද, අනුකම්පෙය්යාථ යෙ ච සොතබ්බං මඤ්ඤෙය්යුං මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා, තෙ වො ආනන්ද, තීසු ඨානෙසු සමාදපෙතබ්බා නිවෙසෙතබ්බා පතිට්ඨාපෙතබ්බා.
Sinhala BJTආනන්‍දය, යම් කෙනකුන්ට අනුකම්පා කරව් ද මිත්‍රයෝ වෙත්ව යි, සුහෘදයෝ වෙත්ව යි, නැදිමයිල් දෙපස නෑයෝ වෙත්වයි, භ්‍රාතෘභගින්‍යාදී සාලේ නෑයෝ වෙත්ව යි ඒ යම් කෙනෙක් (තොපගේ බස) ඇසියයුතු කොට හඟිත් ද, ආනන්‍දය, තොප විසින් ඔහු තුන් තැනෙක්හි ලා සමාදන් කරවිය යුතුවහ. ඇතුළත් කරවිය යුතුවහ. පිහිටුවාලිය යුතුවහ.
Pali BJTකතමෙසු තීසු : බුද්ධෙ අවෙච්චප්පසාදෙ සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො -පෙ- සත්ථා දෙවමනුස්සානං, බුද්ධො භගවා”ති.
Sinhala BJTකවර තුන් තැනෙක යත්: බුදුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙහි සමාදන් කරවිය යුතුවහ. ඇතුළත් කරවිය යුතුවහ. පිහිටුවා ලිය යුතුවහ. “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණිනුදු අර්‍හත්හ. සම්‍යක්සම්බුද්ධයහ ... දෙව්මිනිස්නට ශාස්තෘයහ. චතුස්සත්‍යය අවබෝධ කළහ. භාග්‍යවත්හ කියා යි.
Pali BJTධම්මෙ අවෙච්චප්පසාදෙ සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා : “ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො -පෙ- පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති.
Sinhala BJTධර්‍මයෙහි අවේත්‍යප්‍රසාදයෙහි සමාදන් කරවිය යුතුවහ. ඇතුළත්කරවිය යුතුවහ. පිහිටුවාලිය යුතුවහ. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මොනොවට වදාරණ ලද්දේය. සාන්දෘෂ්ටිකය. ... නුවණැතියන් විසින් සියසතන්හි ලා දතයුතුය’ කියා යි.
Pali BJTසඞ්ඝෙ අවෙච්චප්පසාදෙ සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා : “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති.
Sinhala BJTසඟුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙහි සමාදන් කරවිය යුතුවහ. ඇතුළත් කරවිය යුතුවහ. පිහිටුවාලිය යුතුවහ. ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා සුපිළිපන ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය’ කියා යි.
Pali BJTසියා ආනන්ද, චතුන්නං මහාභූතානං අඤ්ඤථත්තං පඨවීධාතුයා ආපොධාතුයා තෙජොධාතුයා වායොධාතුයා. නත්වෙව බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතස්ස අරියසාවකස්ස සියා අඤ්ඤථත්තං. තත්රිදං අඤ්ඤථත්තං: සො වතානන්ද බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො අරියසාවකො නිරයං වා තිරච්ඡානයොනිං වා පෙත්තිවිසයං වා උපපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTආනන්‍දය, පෘථිවීධාතු, අබ්ධාතු, තේජෝධාතු, වායෝධාතු යන සතර මහාභූතයන්ගේ අන්‍යථාත්‍වය වෙයි. බුදුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අන්‍යථාත්‍වයෙක් නො ම වෙයි. එහි මේ වෙනසයි: ආනන්‍දය, බුදුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක නිරයට හෝ තිරිසන් ගතියට හෝ ප්‍රේතවිෂයට හෝ එළඹෙන්නේය යන තෙල කරුණ සිදු නොවේ.
Pali BJTසියා ආනන්ද, චතුන්නං මහාභූතානං අඤ්ඤථත්තං පඨවීධාතුයා ආපොධාතුයා තෙජොධාතුයා වායොධාතුයා. නත්වෙව ධම්මෙ -පෙ- නත්වෙව සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතස්ස අරියසාවකස්ස සියා අඤ්ඤථත්තං තත්රිදං අඤ්ඤථත්තං : සො වතානන්ද, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො අරියසාවකො නිරයං වා තිරච්ඡානයොනිං වා පෙත්තිවිසයං වා උපපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTආනන්‍දය, පෘථිවීධාතු, අබ්ධාතු, තේජෝ ධාතු, වායෝධාතු යන සතර මහාභූතයන්ගේ අන්‍යථාත්‍වය වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අන්‍යථාත්‍වයෙක් නො ම වෙයි. එහි මේ වෙනසයි: ආනන්‍දය, සඟුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත ඒ ආර්‍ය්‍යශ්‍රාවක ඒකාන්තයෙන් නිරයට හෝ තිරිසන් යෝනියට හෝ ප්‍රේතවිෂයට හෝ එළඹෙන්නේය යන තෙල කරුණ සිදු නොවෙයි.
Pali BJTයෙ ආනන්ද, අනුකම්පෙය්යාථ යෙ ච සොතබ්බං මඤ්ඤෙය්යුං මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා, තෙ වො ආනන්ද, ඉමෙසු තීසු ඨානෙසු සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බාති.
Sinhala BJTආනන්‍දය, යම් කෙනකුන්ට අනුකම්පා කරව් ද, මිත්‍රයෝ හෝ සුහෘදයෝ හෝ නෑයෝ හෝ සාලේ නෑයෝ හෝ යම් කෙනෙක් (තොපගේ බස) ඇසිය යුතු කොට සිතත් ද, ආනන්‍දය, තොප විසින් ඔහු මේ තුන් තන්හි සමාදන් කරවිය යුතුවහ. ඇතුළත් කරවිය යුතුවහ. පිහිටුවිය යුතුවහ.
Pali BJT3. 2. 3. 6.
Sinhala BJT3. 2. 3. 6.
Pali BJT26. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා -පෙ- භගවන්තං එතදවොච : ‘භවො, භවො’ති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, භවො හොතීති?
Sinhala BJT26. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ ... භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, ‘භවය, භවය’යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් භවය වේ ද?
Pali BJTකාමධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො කාමභවො පඤ්ඤායෙථාති?
Sinhala BJTආනන්‍දය, කාමධාතුයෙහි විවස්නා කර්‍මයෙක් නො වී නම් කාමභවයෙක් කිම, පැණේ ද?
Pali BJTනො හෙතං, භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල එසේ නො පැණෙයි.
Pali BJTඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො.{1} අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං හීනාය ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං. එවං ආයති{2} පුනබ්භවාභිනිබ්බත්ති හොති.
Sinhala BJTආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාර විඥානය බීජය වෙයි. තෘෂ්ණාව උදකය වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු, තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කාමධාතුයෙහි විඥානය පිහිටියේ ය. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වේ.
Pali BJTරූපධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො රූපභවො පඤ්ඤායෙථා?ති.
Sinhala BJTආනන්‍දය, රූපධාතුයෙහි විවස්නා කර්‍මය නො වී නම් රූපභවය කිම, පැණේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල එසේ නොවේ මැයි.
Pali BJTඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං මජ්ඣිමාය ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං. එවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හොති.
Sinhala BJTආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාරවිඥානය බීජය වෙයි. තෘෂ්ණාව උදකය වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ රූපධාතුයෙහි විඥානය පිහිටියේ වෙයි. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වේ.
Pali BJTඅරූපධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නා භවිස්ස, අපි නු ඛො අරූපභවො පඤ්ඤායෙථා?ති.
Sinhala BJTආනන්‍දය, අරූපධාතුයෙහි විවස්නා කර්‍මය නො වී නම් අරූපභවයෙක් කිම, පැණේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල එසේ නොවේ මැයි.
Pali BJTඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං පණීතාය ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං. එවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හොති. එවං ඛො ආනන්ද, භවො හොතීති.
Sinhala BJTආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාරවිඥානය බීජය වෙයි. තෘෂ්ණාව උදකය වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ අරූපධාතුයෙහි විඥානය පිහිටියේ වෙයි. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වෙයි. ආනන්‍දය, මෙසේ භවය වෙයි.
Pali BJT3. 2. 3. 7.
Sinhala BJT3. 2. 3. 7.
Pali BJT27. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො -පෙ- භගවන්තං එතදවොච :
Sinhala BJT27. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ... භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
Pali BJT‘භවො, භවො’ති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, භවො හොතීති?
Sinhala BJTවහන්ස, ‘භවය, භවය’යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් භවය වේ දැ යි?
Pali BJTකාමධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො කාමභවො පඤ්ඤායෙථාති?
Sinhala BJTආනන්‍දය, කාමධාතුයෙහි විවස්නා කර්‍මයෙක් නො වී නම් කාමභවය කිම, පැණේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල එසේ නොවේ මැයි.
Pali BJTඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො.{1} අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං හීනාය ධාතුයා චෙතනා පතිට්ඨිතා, පත්ථනා පතිට්ඨිතා. එවං ආයති{2} පුනබ්භවාභිනිබ්බත්ති හොති.
Sinhala BJTආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. (සහජාත) අභිසංස්කාරවිඥානය බීජ වෙයි. තෘෂ්ණාව උදක වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කාමධාතුයෙහි කර්‍මචේතනාව පිහිටියාය, කර්‍මප්‍රාර්‍ත්‍ථනාව පිහිටියාය. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වේ.
Pali BJTරූපධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො රූපභවො පඤ්ඤායෙථාති?
Sinhala BJTආනන්‍දය, රූපධාතුයෙහි විවස්නා කර්‍මයෙක් නො වී නම්, රූපධාතුව කිම, පැණේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නොවේ මැයි.
Pali BJTඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං මජ්ඣිමාය ධාතුයා චෙතනා පතිට්ඨිතා, පත්ථනා පතිට්ඨිතා. එවං ආයති{2} පුනබ්භවාභිනිබ්බත්ති හොති.
Sinhala BJTආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාරවිඥානය බීජ වෙයි. තෘෂ්ණාව උදක වේ. අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කර්‍මචේතනාව රූප ධාතුයෙහි පිහිටියාය, කර්‍මප්‍රාර්‍ත්‍ථනාව පිහිටියාය. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වෙයි.
Pali BJTඅරූපධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො අරූපභවො පඤ්ඤායෙථාති?
Sinhala BJTආනන්‍දය, අරූපධාතුයෙහි විවස්නා කර්‍මයෙක් නො වී නම් අරූපභවයෙක් කිම, පැණේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැයි.
Pali BJTඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං පණීතාය ධාතුයා චෙතනා පතිට්ඨිතා. පත්ථනා පතිට්ඨිතා. එවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හොති. එවං ඛො ආනන්ද, භවො හොතීති.
Sinhala BJTආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාරවිඥානය බීජ වෙයි. තෘෂ්ණාව උදක වේ. අවිද්‍යායෙන් ඇවුරුණු, තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කර්‍මචේතනාව අරූපධාතුයෙහි පිහිටියාය. කර්‍මප්‍රාර්‍ත්‍ථනාව පිහිටියාය. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වෙයි. ආනන්‍දය, මෙසේ භවය වෙයි.
Pali BJT3. 2. 3. 8.
Sinhala BJT3. 2. 3. 8.
Pali BJT28. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච :
Sinhala BJT28. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTසබ්බං නු ඛො ආනන්ද, සීලබ්බතං ජීවිතං බ්රහ්මචරියං උපට්ඨානසාරං සඵලන්ති.
Sinhala BJTආනන්‍දය, හැම ශීලව්‍රතයෙක් දුෂ්කරකාරිකානුයෝග සඞ්ඛ්‍යාත ජීවිත වූයේ බඹසර වූයේ වටනහර වූයේ සඵල වේ දැ යි?
Pali BJTන ඛ්වෙත්ථ භන්තෙ, එකංසෙනාති.
Sinhala BJTවහන්ස, මෙහිලා ඒකාන්තවශයෙන් එසේමය යි නොකියැ හෙයි.
Pali BJTතෙන හානන්ද, විභජස්සූති.
Sinhala BJTආනන්‍දය, එසේ වී නම් බෙදාලවයි.
Pali BJTයං හිස්ස භන්තෙ, සීලබ්බතං ජීවිතං බ්රහ්මචරියං උපට්ඨානසාරං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, එවරූපං සීලබ්බතං ජීවිතං බ්රහ්මචරියං උපට්ඨානසාරං අඵලං.
Sinhala BJTවහන්ස, යම් ශීලව්‍රතයෙක් දුෂ්කරකාරිකානුයෝග සඞ්ඛ්‍යාත ජීවිත වේ ද, බඹසර වේ ද, මේ සාරයයි වැටහුනේ වේ ද, එය සෙවුනහුගේ අකුසල් දහම්හු වැඩෙත් නම්, කුසල් දහම්හු පිරිහෙත් නම්, මෙබඳු වූ ශීලව්‍රතය ජීවිත වූයේ බ්‍රහමචර්‍ය වූයේ උපස්ථාන සාර වූයේ අඵල වෙයි.
Pali BJTයඤ්ච ඛ්වාස්ස භන්තෙ, සීලබ්බතං ජීවිතං බ්රහ්මචරියං උපට්ඨානසාරං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපං සීලබ්බතං ජීවිතං බ්රහ්මචරියං උපට්ඨානසාරං සඵලන්ති.
Sinhala BJTවහන්ස, යම් ශීලව්‍රතයෙක් ජීවිත වේ ද, බ්‍රහ්මචර්‍ය්‍යය වේ ද, උපස්ථානසාර වේ ද, එය සෙවුනහුගේ අකුසල් දහම්හු පිරිහෙත් නම්, කුසල්දහම්හු වැඩෙත් නම්, මෙබඳු ශීලව්‍රතය ජීවිත වූයේ, බ්‍රහමචර්‍ය වූයේ උපස්ථානසාර වූයේ සඵල වෙයි.
Pali BJTඉදමවොච ආයස්මා ආනන්දො. සමනුඤ්ඤො සත්ථා අහොසි. අථ ඛො ආයස්මා ආනන්දො “සමනුඤ්ඤො මෙ සත්ථා”ති, උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTආයුෂ්මත් අනඳ තෙරණුවෝ තෙල සැළ කළහ. ශාස්තෲන් වහන්සේ අනුදත් සේක. එක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ මබස අනුදත් සේකැ යි හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියහ.
Pali BJTඅථ ඛො භගවා අචිරපක්කන්තෙ ආයස්මන්තෙ ආනන්දෙ භික්ඛූ ආමන්තෙසි :
Sinhala BJTඑක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරණුවන් වඩනා හා ම භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJTසෙඛො භික්ඛවෙ ආනන්දො, න ච පනස්ස සුලභරූපො සමසමො පඤ්ඤායාති.
Sinhala BJTමහණෙනි, අනඳ තෙරණුවෝ ශෛක්‍ෂයහ. ඔහුට ප්‍රඥායෙන් සමසමයෙක් සුලභ නො ද වේ.
Pali BJT3. 2. 3. 9.
Sinhala BJT3. 2. 3. 9.
Pali BJT29. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච :
Sinhala BJT29. එකල ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ ... එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ තෙල සැළ කළහ:
Pali BJTතීණිමානි භන්තෙ, ගන්ධජාතානි, යෙසං අනුවාතඤ්ඤෙව ගන්ධො ගච්ඡති, නො පටිවාතං.
Sinhala BJTවහන්ස, යම් ගන්‍ධජාතයන්ගේ ගඳෙක් අනුවාතයට ම හමා ද, පටිවාතයට නො හමා ද, එබඳු මේ ගන්‍ධජාතයෝ තුන් දෙනෙකි.
Pali BJTකතමානි තීණි : මූලගන්ධො, සාරගන්ධො, පුප්ඵගන්ධො. ඉමානි ඛො භන්තෙ, තීණි ගන්ධජාතානි, යෙසං අනුවාතඤ්ඤෙව ගන්ධො ගච්ඡති, නො පටිවාතං.
Sinhala BJTකවර තුන් දෙනෙක යත්: මූලගන්‍ධය, සාරගන්‍ධය, පුෂ්පගන්‍ධයි. වහන්ස, යම් ගන්‍ධජාතයන්ගේ ගඳෙක් අනුවාතයට ම හමා ද, පටිවාතයට නො හමා ද, මේ ඒ ගන්‍ධජාතයෝ තුන් දෙනයහ.
Pali BJTඅත්ථි නු ඛො භන්තෙ, කිඤ්චි ගන්ධජාතං යස්ස අනුවාතම්පි ගන්ධො ගච්ඡති, පටිවාතම්පි ගන්ධො ගච්ඡති, අනුවාතපටිවාතම්පි ගන්ධො ගච්ඡතීති?
Sinhala BJTවහන්ස, යම් ගන්‍ධජාතයක්හුගේ ගන්‍ධය අනුවාතයටත් හමා ද, පටිවාතයටත් හමා ද, අනුවාත පටිවාතයටත් හමා ද එබඳු කිසි ගන්‍ධජාතයෙක් ඇත් ද?
Pali BJTඅත්ථානන්ද{1} ගන්ධජාතං යස්ස අනුවාතම්පි ගන්ධො ගච්ඡති, පටිවාතම්පි ගන්ධො ගච්ඡති, අනුවාතපටිවාතම්පි ගන්ධො ගච්ඡතීති.
Sinhala BJTආනන්‍දය, යම් ගන්‍ධජාතයක්හුගේ ගන්‍ධය අනුවාතයටත් හමා ද, පටිවාතයටත් හමා ද, අනුවාතපටිවාතයටත් හමා ද, එබඳු ගන්‍ධජාතයෙක් ඇත.
Pali BJTකතමඤ්ච පන භන්තෙ, ගන්ධජාතං යස්ස අනුවාතම්පි ගන්ධො ගච්ඡති, පටිවාතම්පි ගන්ධො ගච්ඡති, අනුවාතපටිවාතම්පි ගන්ධො ගච්ඡතීති?
Sinhala BJTවහන්ස, යම් ගන්‍ධජාතයක්හුගේ ගන්‍ධය අනුවාතයටත් හමා ද, පටිවාතයටත් හමා ද, අනුවාතපටිවාතයටත් හමා ද, එබඳු ගන්‍ධජාතය කවරේ ය?
Pali BJTඉධානන්ද යස්මිං ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සඞ්ඝං සරණං ගතො හොති. පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති, සීලවා හොති, කල්යාණධම්මො. විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණි වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. තස්ස දිසාසු සමණබ්රාහ්මණා වණ්ණං භාසන්ති : අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සඞ්ඝං සරණං ගතො හොති, පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති, සීලවා හොති, කල්යාණධම්මො, විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණී වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතොති.
Sinhala BJTආනන්‍දය, මෙලොව යම් ගමෙක වේවයි, නියම් ගමෙක වේවයි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද, පණිවායෙන් දුරුවූයේ වේ ද, අයිනාදනින් දුරුවූයේ වේ ද, කාමයෙහි මිස හසරින් දුරුවූයේ වේ ද, මුසවායෙන් දුරුවූයේ වේ ද, පමාවරදට කරුණු වූ රහමෙරමදින් දුරුවූයේ වේ ද, සිල්වත් වේ ද, කලණදහම් ඇතියේ වේ ද, පැහු මලමසුරු ඇති සිතින් ගිහිගෙහි වෙසේ ද, මුදා දෙන ත්‍යාග ඇතියේ ද, දෙනුවට දෙවි අත් ඇතියේ වේ ද, දීමෙහි ඇලුනේ වේ ද, යදනට නිසිවූයේ වේ ද, දන් හා සංවිභාගයෙහි ඇලුනේ වේ ද, ඔහුගේ ගුණ ඒ ඒ දික්හි මහණබමුණෝ බෙණෙත්. “අසෝ ගම හෝ නියම්ගම හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් බුදුන් සරණ ගියේ වෙයි. දහම් සරණ ගියේ වෙයි. සඟුන් සරණ ගියේ වෙයි. පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිස හසරින් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි. පමාවරදට කරුණු වූ රහමෙරමදින් දුරුවූයේ වෙයි. සිල්වත් වෙයි. කලණදහම් ඇතියේ වෙයි. පැහු මලමසුරු ඇති සිතින් ගිහිගෙහි වෙසෙයි. මුදාදෙන ත්‍යාග ඇතියේ වෙයි. දෙනුවට දෙවි අත් ඇතියේ වෙයි. පීමෙහි ඇලුනේ වෙයි. යැදිවත් දීමෙන් යාචයෝග වෙයි. දීමෙහි හා සංවිභාගයෙහි ඇලුනේ වෙයි” කියායි.
Pali BJTදෙවතාපිස්ස අමනුස්සා වණ්ණං භාසන්ති : අසුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා බුද්ධං සරණං -පෙ- ධම්මං සරණං -පෙ- සඞ්ඝං සරණං ගතො හොති, පාණාතිපාතා පටිවිරතො -පෙ- දානසංවිභාගරතොති.
Sinhala BJTමනුෂ්‍ය නොවන දෙවියෝත් පවා ඔහුගේ ගුණ කියත්: “අසුවල් ගම හෝ නියම්ගම් හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ... දහම් සරණ ... සඟුන් සරණ ගියේ වෙයි, පණිවායෙන් දුරුවූයේ වෙයි, ... දීමෙහි හා සංවිභාගයෙහි ඇලුනේත් වෙයි” කියායි.
Pali BJTඉදං ඛො තං ආනන්ද, ගන්ධජාතං යස්ස අනුවාතම්පි ගන්ධො ගච්ඡති, පටිවාතම්පි ගන්ධො ගච්ඡති, අනුවාතපටිවාතම්පි ගන්ධො ගච්ඡතීති.
Sinhala BJTආනන්‍දය, යම් ගන්‍ධජාතයක්හුගේ ගන්‍ධය අනුවාතයටත් හමා ද පටිවාතයටත් හමා ද අනුවාතපටිවාතයටත් හමා ද, මේ ඒ ගන්‍ධජාතයයි.
Pali BJT36. න පුප්ඵගන්ධො පටිවාතමෙති න චන්දනං {2}තගරමල්ලිකා වා, සතඤ්ච ගන්ධො පටිවාතමෙති සබ්බා දිසා සප්පුරිසො පවාතීති.
Sinhala BJT36. පුෂ්පගන්‍ධය උඩුසුළඟට නොහමයි. සඳුන් තුවරලා, සමන්සුවඳ හෝ උඩුසුළඟට නොහමයි. සත්පුරුෂයන්ගේ ගුණගන්‍ධය උඩුසුළඟට හමා සත්පුරුෂ තෙමේ හැම දික්හි ම වැතිරෙයි. (ගුණ සුවඳින් හැමේ.)
Pali BJT3. 2. 3. 10.
Sinhala BJT3. 2. 3. 10.
Pali BJT30. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච : සම්මුඛාමෙතං භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං : “භගවතො ආනන්ද, සිඛිස්ස අභිභූ නාම සාවකො බ්රහ්මලොකෙ ඨිතො සහස්සීලොකධාතුං සරෙන විඤ්ඤාපෙසී”ති. භගවා පන භන්තෙ, අරහං සම්මාසම්බුද්ධො කීවතකං පහොති සරෙන විඤ්ඤාපෙතුන්ති.
Sinhala BJT30. එකල ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි තෙල අසන ලදී: හමුයෙහි පිළිගන්නා ලදී: “ආනන්‍දය, සිඛී සම්මා සම්බුදුන්ගේ අභිභූ නම් ශ්‍රාවක බඹලොව සිටියේ සහස්‍රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කෙළේ” යි. වහන්ස, අර්‍හත් සම්‍යක්ම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ස්වරයෙන් විඥාපනය කරන්නට සමර්‍ත්‍ථ වෙති හෝ යි?
Pali BJTසාවකො සො ආනන්ද, අප්පමෙය්යා තථාගතාති.
Sinhala BJTආනන්‍දය, හේ ශ්‍රාවකයෙක; තථාගතයෝ වනාහි අපරිමේය වෙති.
Pali BJTදුතියම්පි ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච : සම්මුඛා මෙතං භන්තෙ, -පෙ- සාවකො සො, ආනන්ද, අප්පමෙය්යා තථාගතාති.
Sinhala BJTදෙවනවටත් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි තෙල … ආනන්‍දය, හේ ශ්‍රාවකයෙක; තථාගතයෝ වනාහි අපරිමේය වෙති.
Pali BJTතතියම්පි ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච : සම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං සම්මුඛා පටිග්ගහීතං : “භගවතො ආනන්ද, සිඛිස්ස අභිභූ නාම සාවකො බ්රහ්මලොකෙ ඨිතො සහස්සීලොකධාතුං සරෙන විඤ්ඤාපෙසී”ති. භගවා පන භන්තෙ, අරහං සම්මාසම්බුද්ධො කීවතකං පහොති සරෙන විඤ්ඤාපෙතුන්ති.
Sinhala BJTතෙවනවටත් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි තෙල අසන ලද: හමුයෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, සිඛී සම්මා සම්බුදුන්ගේ අභිභූ නම් ශ්‍රාවක බඹලොව සිටියේ සහස්‍රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කෙළේයයි”. වහන්ස, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ කෙතෙක් තැන් ස්වරයෙන් විඥාපනය කරන්නට සමර්‍ත්‍ථ වෙති හෝ යි?
Pali BJTසුතා තෙ ආනන්ද, සහස්සී චූළනිකා ලොකධාතූති :
Sinhala BJTආනන්‍දය, තා විසින් දහසක් සක්වළ ඇති චූලනීය ලෝකධාතුව අසන ලද නු යි?
Pali BJTඑතස්ස භගවා කාලො. එතස්ස සුගත, කාලො. යං භගවා භාසෙය්ය. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති.
Sinhala BJTයම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ වදාරණ සේක් ද, භාග්‍යවතුන් වහන්සේගේ බස් අසා භික්‍ෂූහු ධරත් ද, භාග්‍යවතුන් වහන්ස, තෙල සිංහනාදයට මේ කාලය යි. සුගතයන් වහන්ස, තෙල සිංහනාදයට මේ කාලය යි.
Pali BJTතෙන හානන්ද, සුණාහි -පෙ- යාවතා ආනන්ද, චන්දිමසුරියා පරිහරන්ති, දිසා භන්ති විරොචනා, තාව සහස්සධා ලොකො. තස්මිං සහස්සධා ලොකෙ සහස්සං චන්දානං, සහස්සං සුරියානං, සහස්සං සිනෙරුපබ්බතරාජානං, සහස්සං ජම්බුදීපානං, සහස්සං අපරගොයානානං, සහස්සං උත්තරකුරූනං, සහස්සං පුබ්බවිදෙහානං, චත්තාරි මහාසමුද්දසහස්සානි, චත්තාරි මහාරාජසහස්සානි, සහස්සං චාතුම්මහාරාජිකානං, සහස්සං තාවතිංසානං, සහස්සං යාමානං, සහස්සං තුසිතානං, සහස්සං නිම්මාණරතීනං, සහස්සං පරනිම්මිතවසවත්තීනං, සහස්සං බ්රහ්මලොකානං. අයං වුච්චතානන්ද, සහස්සී චූළනිකා ලොකධාතු.
Sinhala BJTආනන්‍දය, එසේ වී නම් අසව … ආනන්‍දය, සඳහිරුහු බබළමින් යම්තාක් තැන් ඇවිදුනාහු ද, දිශා බබුලුවත් ද, ඒ තාක් තැන් සහස්‍රීලෝකධාතුයි. ඒ සහස්‍රධාලෝකයෙහි සඳ දහසෙක් ඇත. හිරු දහසෙක් ඇත. සුනෙරු පවුරද දහසෙක් ඇත. දඹදිව් දහසෙක් ඇත. අපරගොයාන දහසෙක් ඇත. උතුරුකුරුදිව් දහසෙක් ඇත. පූර්‍වවිදේහ දහසෙක් ඇත. මහාසමුද්‍ර සහස්‍රයෝ සතර දෙනෙක් ඇත. මහාරාජසහස්‍රයෝ සතර දෙනෙක් ඇත. චාතුර්මහාරාජික සහස්‍රයෙක් ඇත. ත්‍රයත්‍රිංශත් දේවලෝක සහස්‍රයෙක් ඇත. යාම දේවලෝක සහස්‍රයෙක් ඇත. තුෂිත දේවලෝක සහස්‍රයෙක් ඇත. නිර්‍මාණරතී දේවලෝක සහස්‍රයෙක් ඇත. පරනිම්මිත වශවර්ති දේවලෝක සහස්‍රයෙක් ඇත. බ්‍රහ්මලෝක සහස්‍රයෙක් ඇත. ආනන්‍දය, මේ සහස්‍රීචූලනීය ලෝකධාතුය යි කියනු ලැබේ.
Pali BJTයාවතානන්ද සහස්සී චූළනිකා ලොකධාතු, තාව සහස්සධා ලොකො. අයං වුච්චතානන්ද, ද්විසහස්සී මජ්ඣිමිකා ලොකධාතු.
Sinhala BJTආනන්‍දය, යම්තාක් තැන් සහස්‍රීචූලනීය ලෝකධාතුයෙක් වේ ද, ඒ තාක් සහස්‍රභාගයෙන් ගණනා ලද ලෝකයෙක් වේ ද, ආනන්‍දය, මේ ද්විසහස්‍රී මාධ්‍යමික ලෝකධාතුය යි කියනු ලැබේ.
Pali BJTයාවතා ආනන්ද, ද්විසහස්සී මජ්ඣිමිකා ලොකධාතු, තාව සහස්සධා ලොකො. අයං වුච්චතානන්ද තිසහස්සී මහාසහස්සී ලොකධාතු.
Sinhala BJTආනන්‍දය, යම්තාක් තැන් ද්විසහස්‍රී මාධ්‍යමික ලෝකධාතුයෙක් වේ ද, ඒ තාක් සහස්‍රභාගයෙන් ගණනා ලද ලෝකයෙක් වේ ද, ආනන්‍දය, මේ ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතු ය යි කියනු ලැබේ.
Pali BJTආකඞ්ඛමානො ආනන්ද, තථාගතො තිසහස්සීමහාසහස්සීලොකධාතුං සරෙන විඤ්ඤාපෙය්ය, යාවතා පන ආකඞ්ඛෙය්යාති?
Sinhala BJTආනන්‍දය, තථාගතයන් වහන්සේ කැමැතිවන සේක් ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කරන සේක. ඉන් පිටත් යම්තාක් කැමැති වන සේක් නම්, ඒ ද ස්වරයෙන් විඥාපනය කරණ සේක.
Pali BJTයථා කථම්පන භන්තෙ, භගවා තිසහස්සීමහාසහස්සීලොකධාතුං සරෙන විඤ්ඤාපෙය්ය, යාවතා පන ආකඞ්ඛෙය්යාති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙසේ නම් ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කරන සේක ද? ඉන් පිටත් යම් තාක් කැමැති වන සේක් නම් ඒ ද ස්වරයෙන් විඥාපනය කරණ සේක ද?
Pali BJTඉධානන්ද තථාගතො තිසහස්සීමහාසහස්සීලොකධාතුං ඔභාසෙන ඵරෙය්ය. යදා තෙ සත්තා තං ආලොකං සඤ්ජානෙය්යුං, අථ තථාගතො ඝොසං කරෙය්ය සද්දමනුස්සාවෙය්ය. එවං ඛො ආනන්ද, තථාගතො තිසහස්සීමහාසහස්සීලොකධාතුං සරෙන විඤ්ඤාපෙය්ය, යාවතා පන ආකඞ්ඛෙය්යාති.
Sinhala BJTආනන්‍දය, මෙහි තථාගතයන් වහන්සේ ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතුව ශරීරාවභාසයෙන් පතුරුවන සේක. යම් වරෙක ඒ සත්හු ඒ ආලෝකය හඳුනත් ද, එවරැ තථාගතයන් වහන්සේ බඹගොස් කරණ සේක. හඬ අස්වන සේක. ආනන්‍දය, මෙසේ තථාගතයන් වහන්සේ ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කරන සේක. ඉන් පිටත් යම්තාක් කැමැති වන සේක් නම් ඒ තාක් ස්වරයෙන් විඥාපනය කරණ සේක.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච : ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යස්ස මෙ සත්ථා එවං මහිද්ධිකො එවං මහානුභාවොති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “යම් බඳු මාගේ ශාස්තෘන් වහන්සේ මෙබඳු මහත් ඍද්ධි ඇති සේක් ද, මෙබඳු මහත් ආනුභාව ඇති සේක් ද, ඒකාන්තයෙන් මට ලාභයෙක. ඒකාන්තයෙන් මට මනා ලැබීමෙකැ” යි තෙල ප්‍රසාදය සැළ කළහ.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා උදායී ආයස්මන්තං ආනන්දං එතදවොච : කිං තුම්හෙත්ථ, ආවුසො ආනන්ද, යදි තෙ සත්ථා එවං මහිද්ධිකො එවං මහානුභාවොති?
Sinhala BJTමෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල කීහ. “කියඟ ආනන්‍දය, ඉදින් තාගේ ශාස්තෘන් වහන්සේ මෙබඳු මහත් ඍද්ධි ඇති සේක් ද, මෙබඳු මහත් ආනුභාව ඇති සේක් ද, මෙහිලා තෙපි කිමෙකැ” යි.
Pali BJTඑවං වුත්තෙ භගවා ආයස්මන්තං උදායිං එතදවොච : මා හෙවං උදායි, මා හෙවං උදායි. සචෙ උදායි, ආනන්දො අවීතරාගො කාලං කරෙය්ය, තෙන චිත්තප්පසාදෙන සත්තක්ඛත්තුං දෙවෙසු දෙවරජ්ජං කරෙය්ය, සත්තක්ඛත්තුං ඉමස්මිඤ්ඤෙව ජම්බුදීපෙ මහාරජ්ජං කරෙය්ය. අපි උදායි, ආනන්දො දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායිස්සතීති.
Sinhala BJTමෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායී තෙරණුවනට තෙල බස් වදාළහ: උදායී, නහමක් මෙසේ කියව. උදායිය, නහමක් මෙසේ කියව. උදායිය, ඉදින් අනඳ තෙර අවීතරාග ව කලුරිය කෙරේ නම්, ඒ චිත්තප්‍රසාදයෙන් සත් වටක් දෙවියන් කෙරෙහි දෙව්රජය කෙරෙයි. සත් වටක් මේ දඹදිව ම මහරජය කෙරෙයි. වැලිත් උදායිය, අනඳ ඉහාත්මයෙහි ම පිරිනිවන් පානේය.
Pali BJTආනන්දවග්ගො තතියො.
Sinhala BJTආනන්‍දවර්‍ගය තෙවෙනි යි.
Pali BJT[4. සමණවග්ගො]
Sinhala BJT[4. ශ්‍රමණ වර්‍ගය]
Pali BJT3. 2. 4. 1.
Sinhala BJT3. 2. 4. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT31. තීණිමානි භික්ඛවෙ, සමණස්ස සමණකරණීයානි.{1} කතමානි තීණි : අධිසීලසික්ඛාසමාදානං, අධිචිත්තසික්ඛාසමාදානං, අධිපඤ්ඤාසික්ඛාසමාදානං. ඉමානි ඛො භික්ඛවෙ, තීණි සමණස්ස සමණකරණීයානි. තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං : තිබ්බො නො ඡන්දො භවිස්සති අධිසීලසික්ඛාසමාදානෙ, තිබ්බො නො ඡන්දො භවිස්සති අධිචිත්තසික්ඛාසමාදානෙ, තිබ්බො නො ඡන්දො භවිස්සති අධිපඤ්ඤාසික්ඛාසමාදානෙති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJT31. මහණෙනි, ශ්‍රමණසන්තකවූ මේ ශ්‍රමණකරණියයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාසමාදානය, අධිචිත්තශික්‍ෂාසමාදානය, අධිප්‍රඥා ශික්‍ෂාසමාදාන යි. මහණෙනි, ශ්‍රමණ සන්තක වූ මේ තුන් ශ්‍රමණ කරණීයයෝ යි. මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතුය: “අධිශීලශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දයෙක් වෙයි. අධිචිත්තශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දයෙක් වෙයි. අධිප්‍රඥාශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දයෙක් වෙයි” කියා යි. මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි.
Pali BJT3. 2. 4. 2.
Sinhala BJT3. 2. 4. 2.
Pali BJT32. සෙය්යථාපි භික්ඛවෙ, ගද්රභො ගොගණං පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධො හොති, “අහම්පම්හා අහම්පම්හා”.{2} තස්ස න තාදිසො වණ්ණො හොති සෙය්යථාපි ගුන්නං. න තාදිසො සරො හොති සෙය්යථාපි ගුන්නං. න තාදිසං පදං හොති සෙය්යථාපි ගුන්නං. සො ගොගණඤ්ඤෙව පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධො හොති, “අහම්පම්හා අහම්පම්හාති{2}”
Sinhala BJT32. මහණෙනි, යම් පිරිදි ගද්‍රභයෙක් “අහම්පම්හා අහම්පම්හා (මම ද ගවයෙමි, මම ද ගවයෙමි යි” යන අනුකරණයෙන් හඬමින්) ගොගණයා පස් පස් ලුහු බඳනේ වේ ද, ගවයන්ට වන පරිද්දෙන් ඔහුට එබඳු පැහැසටහනෙක් නොවෙයි. ගවයන්ට වන පරිද්දෙන් එබඳු හඬෙකුදු නොවෙයි. ගවයන්ට වන පරිදි එබඳු පිය සටහනෙක් ද නොවෙයි. හේ “අහම්පම්හා, අහම්පම්හා” යි ගවමුළු ම පස් පස් ලුහු බැඳ යන්නේ වෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, ඉධෙකච්චො භික්ඛු භික්ඛුසඞ්ඝං පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධො හොති, “අහම්පි භික්ඛු, අහම්පි භික්ඛූති”. තස්ස න තාදිසො ඡන්දො හොති අධිසීලසික්ඛාසමාදානෙ, සෙය්යථාපි අඤ්ඤෙසං භික්ඛූනං, න තාදිසො ඡන්දො හොති අධිචිත්තසික්ඛාසමාදානෙ. සෙය්යථාපි අඤ්ඤෙසං භික්ඛූනං. න තාදිසො ඡන්දො හොති අධිපඤ්ඤාසික්ඛාසමාදානෙ, සෙය්යථාපි අඤ්ඤෙසං භික්ඛූනං. සො භික්ඛුසඞ්ඝඤ්ඤෙව පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධො හොති, “අහම්පි භික්ඛු අහම්පි භික්ඛූති.”
Sinhala BJTමහණෙනි, එපරිදි ම මෙසස්නෙහි කිසි මහණෙක් “මම ද මහණයෙමි, මම ද මහණයෙමි” යි (බෙණෙමින්) බික් සඟුන් පස් පස් ලුහු බැඳ යන්නේ වේ ද, සෙසු මහණුන්ට වන පරිදි අධිශීලශික්‍ෂාසමාදානයෙහි ලා ඔහුට එබඳු ඡන්‍දයෙක් නො වෙයි. සෙසු මහණුන්ට වන පරිදි අධිචිත්ත ශික්‍ෂාසමාදානයෙහි ලා එබඳු ඡන්‍දයෙක් නො වෙයි. සෙසු මහණුන්ට වන පරිදි අධිප්‍රඥා ශික්‍ෂා සමාදානයෙහි ලා එබඳු ඡන්‍දයෙක් නො වෙයි. හේ “මම ද මහණයෙමි, මම ද මහණයෙමි” යි බික් සඟුන් ම පස් පස් ලුහු බඳනේ වෙයි.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං : තිබ්බො නො ඡන්දො භවිස්සති අධිසීලසික්ඛාසමාදානෙ, තිබ්බො නො ඡන්දො{3} භවිස්සති අධිචිත්තසික්ඛාසමාදානෙ, තිබ්බො නො ඡන්දො භවිස්සති අධිපඤ්ඤාසික්ඛාසමාදානෙ’ති. එවංහි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතුය: අධිශීලශික්‍ෂාසමාදානයෙහි ලා අපගේ තීව්‍ර ඡන්‍දයෙක් වෙයි. අධිචිත්තශික්‍ෂාසමාදානයෙහි ලා අපගේ තීව්‍ර ඡන්‍දයෙක් වෙයි. අධිප්‍රඥාශික්‍ෂාසමාදානයෙහි ලා අපගේ තීව්‍ර ඡන්‍දයෙක් වෙයි, කියා යි. මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතුයි.
Pali BJT3. 2. 4. 3.
Sinhala BJT3. 2. 4. 3.
Pali BJT33. තීණිමානි භික්ඛවෙ, කස්සකස්ස ගහපතිස්ස පුබ්බෙ කරණීයානි. කතමානි තීණි : ඉධ භික්ඛවෙ, කස්සකො ගහපති පටිගච්චෙව{4} ඛෙත්තං සුකට්ඨං කරොති සුමතිකතං. පටිගච්චෙව ඛෙත්තං සුකට්ඨං කරිත්වා සුමතිකතං කාලෙන බීජානි පතිට්ඨාපෙති. කාලෙන බීජානි පතිට්ඨාපෙත්වා සමයෙන උදකං අභිනෙතිපි අපනෙතිපි. ඉමානි ඛො භික්ඛවෙ, තීණි කස්සකස්ස ගහපතිස්ස පුබ්බෙ කරණීයානි.
Sinhala BJT33. මහණෙනි, සීසානා ගෙහෙවියා විසින් කැල ම මේ කළ යුතු දෑ තුණෙක. කවර තුණෙක යත්: මහණෙනි, මෙලොව සීසානා ගෙහෙවි කැල ම ක්‍ෂේත්‍රය මොනොවට සානා ලද්දක් පුවරුවෙන් සම කරණ ලද්දක් කෙරේ ද, ක්‍ෂේත්‍රය මොනොවට සාට තැනක් පුවරු ගා සම කරණ ලද්දක් කොට නිසි කල බිජු පිහිටුවයි. නිසි කල්හි බිජු පිහිටුවා නිසි සමාහි දිය වද්දනුයේත් නෙරනුයේත් වෙයි. මහණෙනි, සානා ගෙහෙවියා විසින් කැල ම මේ කළයුතු දෑ තුණයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, තීණිමානි භික්ඛුස්ස පුබ්බෙ කරණීයානි. කතමානි තීණි : අධිසීලසික්ඛාසමාදානං, අධිචිත්තසික්ඛාසමාදානං, අධිපඤ්ඤාසික්ඛාසමාදානං. ඉමානි ඛො භික්ඛවෙ, තීණි භික්ඛුස්ස පුබ්බෙ කරණීයානි.
Sinhala BJTමහණෙනි, එපරිදි ම මහණහු විසින් කැල ම මේ කළ යුතු දෑ තුණෙකි. කවර තුණෙක යත්: අධිශීලශික්‍ෂාසමාදානය, අධිචිත්තශික්‍ෂාසමාදානය, අධිප්‍රඥාශික්‍ෂාසමාදාන යි. මහණෙනි, මහණහු විසින් කැල ම මේ කළයුතු දෑ තුණය.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං : තිබ්බො නො ඡන්දො භවිස්සති අධිසීලසික්ඛාසමාදානෙ, තිබ්බො නො ඡන්දො භවිස්සති අධිචිත්තසික්ඛාසමාදානෙ, තිබ්බො නො ඡන්දො භවිස්සති අධිපඤ්ඤාසික්ඛාසමාදානෙති. එවංහි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතුය: අධිශීලශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දය වෙයි. අධිචිත්තශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දය වෙයි. අධිප්‍රඥාශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දය වේයයි. මහණෙනි, තොප විසින් මෙසේ මැ හික්මිය යුතුය.
Pali BJT3. 2. 4. 4.
Sinhala BJT3. 2. 4. 4.
Pali BJT[වෙසාලීනිදානං]
Sinhala BJT[වේසාලිනිදාන යි]
Pali BJT34. එවං මෙ සුතං : එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො අඤ්ඤතරො වජ්ජිපුත්තකො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා -පෙ- එකමන්තං නිසින්නො ඛො සො වජ්ජිපුත්තකො භික්ඛු භගවන්තං එතදවොච :
Sinhala BJT34. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහවනයෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එකල එක්තරා වැදෑ රජකුලපුත් මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹින. එළඹ ... එකත්පස්ව හුන් ඒ වැදෑපුත් මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:
Pali BJTසාධිකමිදං භන්තෙ, දියඩ්ඪසික්ඛාපදසතං අන්වද්ධමාසං උද්දෙසං ආගච්ඡති. නාහං භන්තෙ, එත්ථ සක්කොමි සික්ඛිතුන්ති.
Sinhala BJTවහන්ස, “සාධික යෙළ සියක් මේ සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. වහන්ස, මම මෙහි හික්මෙන්නට නො පොහොසත්මි” යි.
Pali BJTසක්කසි පන ත්වං භික්ඛු, තීසු සික්ඛාසු සික්ඛිතුං අධිසීලසික්ඛාය, අධිචිත්තසික්ඛාය, අධිපඤ්ඤාසික්ඛායාති?
Sinhala BJTමහණ, අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන් තුන් සිකයෙහි හික්මෙන්නට තෝ පොහොසත්හි?
Pali BJTසක්කොමහං භන්තෙ, තීසු සික්ඛාසු සික්ඛිතුං අධිසීලසික්ඛාය, අධිචිත්තසික්ඛාය, අධිපඤ්ඤාසික්ඛායාති.
Sinhala BJTවහන්ස, මම අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන් තුන් සිකයෙහි හික්මෙන්නට පොහොසත්මි.
Pali BJTතස්මාතිහ ත්වං භික්ඛු, තීසු සික්ඛාසු සික්ඛස්සු අධිසීලසික්ඛාය, අධිචිත්තසික්ඛාය, අධිපඤ්ඤාසික්ඛාය. යතො ඛො ත්වං භික්ඛු අධිසීලම්පි සික්ඛිස්සසි, අධිචිත්තම්පි සික්ඛිස්සසි, අධිපඤ්ඤම්පි සික්ඛිස්සසි, තස්ස තුය්හං භික්ඛු අධිසීලම්පි සික්ඛතො අධිචිත්තම්පි සික්ඛතො අධිපඤ්ඤම්පි සික්ඛතො රාගො පහීයිස්සති, දොසො පහීයිස්සති, මොහො පහීයිස්සති. සො ත්වං රාගස්ස පහාණා, දොසස්ස පහාණා, මොහස්ස පහාණා යං අකුසලං න තං කරිස්සසි, යං පාපං න තං සෙවිස්සසීති.
Sinhala BJTමහණ, එහෙයින් තෝ අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන් තුන් සිකෙහි හික්මෙව. මහණ, යම් හෙයෙකින් තෝ අධිශීලයෙහි හික්මෙහි ද, අධිචිත්තයෙහි හික්මෙහි ද, අධිප්‍රඥායෙහිත් හික්මෙහි ද, මහණ, අධිශීලයෙහි හික්මෙන, අධිචිත්තයෙහිත් හික්මෙන, අධිප්‍රඥායෙහිත් හික්මෙන ඒ තට රාගය ප්‍රහත වෙයි. ද්වේෂය ප්‍රහත වෙයි. මෝහය ප්‍රහත වෙයි. ඒ තෝ, රාගප්‍රහාණයෙන් ද්වේෂප්‍රහාණයෙන් මෝහප්‍රහාණයෙන් - යම් අකුශලයෙක් වේ නම් එය නො කෙරෙහි, යම් පාපයෙක් වේ නම්, ඒ නො සෙවුනෙහිය.
Pali BJTඅථ ඛො සො භික්ඛු අපරෙන සමයෙන අධිසීලම්පි සික්ඛි, අධිචිත්තම්පි සික්ඛි, අධිපඤ්ඤම්පි සික්ඛි. තස්ස අධිසීලම්පි සික්ඛතො අධිචිත්තම්පි සික්ඛතො අධිපඤ්ඤම්පි සික්ඛතො රාගො පහීයි, දොසො පහීයි, මොහො පහීයි. සො රාගස්ස පහාණා දොසස්ස පහාණා මොහස්ස පහාණා යං අකුසලං තං නාකාසි, යං පාපං තං න සෙවීති.
Sinhala BJTඑක්බිති ඒ මහණ, පසු කලෙක අධිශීලයෙහිත් හික්මින. අධිචිත්තයෙහිත් හික්මින. අධිප්‍රඥායෙහිත් හික්මින. අධිශීලයෙහිත් අධිචිත්තයෙහිත් අධිප්‍රඥායෙහිත් හික්මෙන ඔහුට රාගය ප්‍රහත විය. ද්වේෂය ප්‍රහත විය. මෝහය ප්‍රහත විය. රාගයාගේ ප්‍රහාණයෙන් ද්වේෂයාගේ ප්‍රහාණයෙන් මෝහයාගේ ප්‍රහාණයෙන් පසු යම් අකුශලයෙක් ඇත් ද ඒ නො කෙළේය. යම් පාපයෙක් ඇත් ද එය නො සෙව්නේ වීය.
Pali BJT3. 2. 4. 5.
Sinhala BJT3. 2. 4. 5.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT35. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : සෙඛො සෙඛොති, භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, සෙඛො හොතීති?
Sinhala BJT35. එකල අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. ... එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: වහන්ස, ‘ශෛක්‍ෂය, ශෛක්‍ෂය’යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ශෛක්‍ෂ වේ හො යි?