Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 101-200 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1. 5. 2.
Sinhala BJT1. 5. 2.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ සාලිසූකං වා යවසූකං වා සම්මාපණිහිතං හත්ථෙන වා පාදෙන වා අක්කන්තං හත්ථං වා පාදං වා භෙච්ඡති{*} ලොහිතං වා උප්පාදෙස්සතීති ඨානමෙතං විජ්ජති. තං කිස්ස හෙතු: සම්මා පණිහිතත්තා භික්ඛවෙ සූකස්ස.{1} එවමෙව ඛො භික්ඛවෙ සො වත භික්ඛු සම්මාපණිහිතෙන චිත්තෙන අවිජ්ජං භෙච්ඡති, විජ්ජං උප්පාදෙස්සති, නිබ්බානං සච්ඡිකරිස්සතීති ඨානමෙතං විජ්ජති. තං කිස්ස හෙතු: සම්මාපණිහිතත්තා භික්ඛවෙ චිත්තස්සාති.
Sinhala BJTමහණෙනි, (බිඳිනට හැකි සේ උඩුඅක් කොට) මොනොවට තබනා ලද හැල්වීනංඩුයෙක් වේවයි යවවීනංඩුයෙක් වේවයි, අතින් වේවයි පයින් වේවයි, ඇක්මුනේ ඇත වේවයි, පය වේවයි බිඳුනේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මෙකරුණ විද්‍යමාන වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, නංඩුව මොනොවට තැබූ වන බැවිනි. මහණෙනි, එපරිදි ඒකාන්තයෙන් ඒ මහණ මොනොවට තබන ලද සිතින් අවිද්‍යාව බිඳුනේ ය, විද්‍යාව උපදවන්නේ ය, නිර්‍වාණය සාක්‍ෂාත් කරන්නේ ය යන මෙකරුණ විද්‍යමාන වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත මොනොවට තැබූ වන බැවිනි.
Pali BJT1. 5. 3.
Sinhala BJT1. 5. 3.
Pali BJTඉදාහං{2} භික්ඛවෙ එකච්චං පුග්ගලං පදුට්ඨචිත්තං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: ඉමම්හි චෙ අයං සමයෙ පුග්ගලො කාලං කරෙය්ය, යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. තං කිස්ස හෙතු: චිත්තං හිස්ස භික්ඛවෙ පදුට්ඨං. චෙතොපදොසහෙතුච්ච{3} පන භික්ඛවෙ, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්තීති.
Sinhala BJTමහණෙනි, මම මෙලොවැ (දෝෂයෙන්) ප්‍රදුෂ්ට වූ සිත් ඇති කිසි පුගුලකු “ඉදින් මේ පුද්ගල තෙමේ මෙ සමයෙහි කලුරිය කරන්නේ නම්, (හිසින්) ගෙණවුත් තැබූයේ යම්සේ වේ ද, එසේ නිරයෙහි සිතුනේ”යි මෙසේ මා සිතින් උහු සිත පිරිසිඳ දනිමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මොහුගේ සිත ප්‍රදුෂ්ට ය, එහෙයිනි. මහණෙනි, මෙසේ මෙලොව සත්ත්‍ව කෙනෙක් චිත්තප්‍රදෝෂහේතුයෙන් කාබුන් මරණින් මතු (සුවෙන් තොර බැවින්) අපාය නම් වූ (නපුරු ගති ඇති බැවින්) දුර්‍ගති නම් වූ (විවස ව පතිත වන බැවින්) විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නාහු ය.
Pali BJT1. 5. 4.
Sinhala BJT1. 5. 4.
Pali BJTඉදාහං භික්ඛවෙ එකච්චං පුග්ගලං පසන්නචිත්තං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: ඉමම්හි චෙ අයං සමයෙ පුග්ගලො කාලං කරෙය්ය, යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. තං කිස්ස හෙතු: චිත්තං හිස්ස භික්ඛවෙ පසන්නං. චෙතොපසාදහෙතුච්ච{4} පන භික්ඛවෙ එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තීති.
Sinhala BJTමහණෙනි, මම මෙලොවැ පහන් සිත් ඇති කිසි පුඟුලකු “ඉදින් මේ පුඟුල් මෙ සමයෙහි කලුරිය කරන්නේ නම්, (හිසින්) ගෙණවුත් තැබූයේ යම්සේ වේ ද, එසේ ස්වර්‍ගයෙහි සිටුනේ” යි මෙසේ මා සිතින් උහු සිත පිරිසිඳ දනිමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මොහුගේ සිත පහන් වේ, එහෙයිනි. මහණෙනි, මෙලොව්හි සත්ත්‍ව කෙනෙක් මෙසේ චිත්තප්‍රසාදහේතුයෙනු දු කාබුන් මරණින් මතු (සුඛයට ගති වූ හෙයින්) සුගති නම් වූ (මොනොවට අග්‍ර හෙයින්) සග්ග නම් වූ ලෝකයට පැමිණෙන්නාහු ය.
Pali BJT1. 5. 5.
Sinhala BJT1. 5. 5.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ උදකරහදො ආවිලො ලුලිතො කලලීභූතො, තත්ථ චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො න පස්සෙය්ය සිප්පිසම්බුකම්පි{*} සක්ඛරකඨලම්පි මච්ඡගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි. තං කිස්ස හෙතු: ආවිලත්තා භික්ඛවෙ උදකස්ස. එවමෙව ඛො භික්ඛවෙ සො වත භික්ඛු ආවිලෙන චිත්තෙන අත්තත්ථං වා ඤස්සති, පරත්ථං වා ඤස්සති, උභයත්ථං වා ඤස්සති, උත්තරිං වා මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරිස්සතීති, නෙතං ඨානං විජ්ජති. තං කිස්ස හෙතු: ආවිලත්තා භික්ඛවෙ චිත්තස්සාති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි නොපහන් වූ කැළැඹුනු මඬබිහිලි දියවිලෙක් වේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් තෙරැ සිටියේ හැසිරෙන්නා වූ ද සිටුනා වූ ද සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලනුදු කැට කැබලිති හා මස්කැල ද නොදක්නේ වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, දිය නොපහන් වන බැවිනි. එපරිදි ම ඒ මහණ කැළැඹුනු සිතින් යුක්ත ව ඒකාන්තයෙන් ආත්මාර්‍ත්‍ථ ය හෝ දැන ගන්නේය, පරාර්‍ත්‍ථය හෝ දැන ගන්නේය, උභයාර්‍ත්‍ථය හෝ දැන ගන්නේය, (දශකුශලධර්‍ම සඞ්ඛ්‍යාත) මනුෂ්‍යධර්‍මයෙන් මත්තෙහි වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමත් වූ ඥානදර්‍ශනවිශේෂයක් හෝ පසක් කරන්නේය යන මෙකරුණ සිදු නො වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත නොපහන් වන බැවිනි.
Pali BJT1. 5. 6.
Sinhala BJT1. 5. 6.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො, තත්ථ චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො පස්සෙය්ය සිප්පිසම්බුකම්පි සක්ඛරකඨලම්පි මච්ඡගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි. තං කිස්ස හෙතු: අනාවිලත්තා භික්ඛවෙ උදකස්ස. එවමෙව ඛො භික්ඛවෙ සො වත භික්ඛු අනාවිලෙන චිත්තෙන අත්තත්ථං වා ඤස්සති, පරත්ථං වා ඤස්සති, උභයත්ථං වා ඤස්සති, උත්තරිං වා මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරිස්සතීති, ඨානමෙතං විජ්ජති. තං කිස්ස හෙතු: අනාවිලත්තා භික්ඛවෙ චිත්තස්සාති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි පිරිසිදු වූ වෙසෙසින් පහන් වූ නොකැළැඹුනු දිය විලෙක් වේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් තෙරැ සිටියේ හැසිරෙන්නා වූ ද සිටුනා වූ ද සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලනු දු කැටකැබලිති හා මස්කැල ද දක්නේ වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, දිය පහන් වන බැවිනි. මහණෙනි, එපරිදි මා ඒ මහණ ඒකාන්තයෙන් නො කැළැඹුනු සිතින් ආත්මාර්‍ත්‍ථය හෝ දැන ගන්නේය, පරාර්‍ත්‍ථය හෝ දැන ගන්නේය, උභයාර්‍ත්‍ථය හෝ දැන ගන්නේය, මනුෂ්‍යධර්‍මයෙන් මත්තෙහි වූ ආර්‍ය්‍යභාවය ඇති කර ගැණීමට සමත් ඥානදර්‍ශනවිශේෂයක් හෝ පසක් කරන්නේය යන මෙ කරුණ විද්‍යමාන වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත පහන් වන බැවිනි.
Pali BJT1. 5. 7.
Sinhala BJT1. 5. 7.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ යානි කානිචි රුක්ඛජාතානං{1} ඵන්දනො{2} තෙසං අග්ගමක්ඛායති, යදිදං මුදුතාය චෙව කම්මඤ්ඤතාය ච. එවමෙව ඛො අහං භික්ඛවෙ න අඤ්ඤං{3} එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං භාවිතං බහුලීකතං මුදු ච{4} හොති කම්මඤ්ඤඤ්ච{5} යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ භාවිතං බහුලීකතං මුදු ච හොති කම්මඤ්ඤඤ්චාති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි යම්කිසි වෘක්‍ෂ කෙනෙක් වෙත් නම්, ඔවුනතුරෙන් මෘදුත්‍වයෙන් හා කර්‍මණ්‍යතායෙනු දු බුදුරුදමුනුගස අග්‍ර යයි කියනු ලැබේ ද, මහණෙනි, එපරිදි ම යමෙක් මෙසේ වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මෘදුත් වේ නම්, කර්‍මණ්‍යත් වේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සිත වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මෘදුත් වෙයි. කර්‍මණ්‍යත් වෙයි.
Pali BJT1. 5. 8.
Sinhala BJT1. 5. 8.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං ලහුපරිවත්තං, යථයිදං චිත්තං. යාවඤ්චිදං භික්ඛවෙ උපමාපි න සුකරා යාව ලහුපරිවත්තං චිත්තන්ති.
Sinhala BJTමහණෙනි, යමෙක් මෙසේ වහා ඉපිද නස්නා සුලු වේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සිත අත්‍යර්‍ත්‍ථයෙන් වහා පෙරළෙන සුලු වේ නම්, (එයට) උපමාවකුදු අතිශයදුෂ්කර වේ.
Pali BJT1. 5. 9.
Sinhala BJT1. 5. 9.
Pali BJTපභස්සරමිදං භික්ඛවෙ චිත්තං. තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨන්ති.
Sinhala BJTමහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්‍රභාස්වර ය, හෙ ද වනාහි ආගන්තුක (ජවන්කෙණෙහි උපදනා රාගාදි) උපක්ලේශයන්ගෙන් කිලිටි වූයේ ය.
Pali BJT1. 5. 10.
Sinhala BJT1. 5. 10.
Pali BJTපභස්සරමිදං භික්ඛවෙ චිත්තං. තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි විප්පමුත්තන්ති.
Sinhala BJTමහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්‍රභාස්වර ය, හෙ ද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදින.
Pali BJTවග්ගො පඤ්චමො.{6}
Sinhala BJTපස්වන වග යි
Pali BJT6. පභස්සරවග්ගො
Sinhala BJT6. ප්‍රභාස්වර වර්‍ගය
Pali BJT1. 6. 1.
Sinhala BJT1. 6. 1.
Pali BJTපභස්සරමිදං භික්ඛවෙ චිත්තං. තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං. තං අස්සුතවා පුථුජ්ජනො යථාභූතං නප්පජානාති. තස්මා අස්සුතවතො පුථුජ්ජනස්ස චිත්තභාවනා නත්ථීති වදාමීති.
Sinhala BJTමහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්‍රභාස්වර ය. එ ද වනාහි ආගන්තුක (ජවන්කෙණෙහි උපදනා රාගාදි) උපක්ලේශයන්ගෙන් කිලිටි වූයෙ ය. ශ්‍රැතරහිත පෘථග්ජන තෙමේ එය තත් වූ පරිද්දෙන් නො දනී. එහෙයින් ‘අශ්‍රැතවත් පෘථග්ජනයාහට චිත්තභාවනායෙක් නැතැ’යි කියමි.
Pali BJT1. 6. 2.
Sinhala BJT1. 6. 2.
Pali BJTපභස්සරමිදං භික්ඛවෙ චිත්තං. තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි විප්පමුත්තං. තං සුතවා අරියසාවකො යථාභූතං පජානාති. තස්මා සුතවතො අරියසාවකස්ස චිත්තභාවනා අත්ථීති වදාමීති.
Sinhala BJTමහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්‍රභාස්වර ය. එ ද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදින. එය ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ තත් වූ පරිද්දෙන් දනී. එහෙයින් ‘ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට චිත්තභාවනාව ඇතැ’යි කියමි.
Pali BJT1. 6. 3.
Sinhala BJT1. 6. 3.
Pali BJTඅච්ඡරාසඞ්ඝාතමත්තම්පි චෙ භික්ඛවෙ භික්ඛු මෙත්තං{1} චිත්තං ආසෙවති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අරිත්තජ්ඣානො විහරති, සත්ථුසාසනකරො ඔවාදපතිකරො අමොඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති. කො පන වාදො යෙ නං බහුලීකරොන්තීති.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ අසුරුසනක් පමණකුදු මෙත් සිත සෙවුනේ නම්, මහණෙනි, මේ මහණ නොසිස් දැහැන් ඇත්තේ (ඊර්‍ය්‍යාපථවිහරණයෙන්) වෙසේය යි කියනු ලැබේ. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය කරන්නේ අවවාදය පිළිපදනේ නොසිස් වූ රට්ඨපිණ්ඩය (රටින් ලත් පිණ්ඩපාතය) වළඳයි. යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම් (එහි ලා) කවර කථා ද?
Pali BJT1. 6. 4.
Sinhala BJT1. 6. 4.
Pali BJTඅච්ඡරාසඞ්ඝාතමත්තම්පි චෙ භික්ඛවෙ භික්ඛු මෙත්තං චිත්තං භාවෙති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අරිත්තජ්ඣානො විහරති සත්ථුසාසනකරො ඔවාදපතිකරො අමොඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති. කො පන වාදො යෙ නං බහුලීකරොන්තීති.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ අසුරුසනක් පමණකුදු මෙත් සිත වඩා නම්, මහණෙනි, මේ මහණ නොසිස් දැහැන් ඇත්තේ වෙසේය යි කියනු ලැබේ. ශාස්තෘශාසනය කරන්නේ අවවාදය පිළිපදනේ නොසිස් වූ රට්ඨපිණ්ඩය (රටින් ලත් පිණ්ඩපාතය) වළඳයි. යම් කෙනෙක් එය බහුලවශයෙන් කෙරෙත් නම්, (එහි ලා) කවර කථා ද?
Pali BJT1. 6. 5.
Sinhala BJT1. 6. 5.
Pali BJTඅච්ඡරාසඞ්ඝාතමත්තම්පි චෙ භික්ඛවෙ භික්ඛු මෙත්තං චිත්තං මනසි කරොති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අරිත්තජ්ඣානො විහරති, සත්ථුසාසනකරො ඔවාදපතිකරො අමොඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති. කො පන වාදො යෙ නං බහුලීකරොන්තීති.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ අසුරුසනක් පමණකුදු මෙත් සිත මෙනෙහි කෙරේ නම්, මහණෙනි, මේ මහණ නොසිස් දැහැන් ඇත්තේ වෙසේය යි කියනු ලැබේ. ශාස්තෘශාසනය කරන්නේ අවවාදය පිළිපදනේ නොසිස් වූ රට්ඨපිණ්ඩය (රටින් ලත් පිණ්ඩපාතය) වළඳයි. යම් කෙනෙක් එය බහුලවශයෙන් කෙරෙත් නම්, (එහි ලා) කවර කථා ද?
Pali BJT1. 6. 6.
Sinhala BJT1. 6. 6.
Pali BJTයෙ කෙචි භික්ඛවෙ ධම්මා අකුසලා අකුසලභාගියා අකුසලපක්ඛිකා, සබ්බෙ තෙ මනොපුබ්බඞ්ගමා. මනො තෙසං ධම්මානං පඨමං උප්පජ්ජති, අන්වදෙව අකුසලා ධම්මාති.
Sinhala BJTමහණෙනි, යම් ධර්‍ම කෙනෙක් අකුශල වෙත් ද, අකුශලභජනයෙහි, අකුශල පක්‍ෂයෙහි වැටෙත් ද, එහැම ධර්‍මයෝ සිත පෙරටු කොට ඇත. සිත ඒ ධර්‍මයනට පළමු උපදනේය. ඒ හා එක්වට ම අකුශලධර්‍මයෝ උපදිත්.
Pali BJT1. 6. 7.
Sinhala BJT1. 6. 7.
Pali BJTයෙ කෙචි භික්ඛවෙ ධම්මා කුසලා කුසලභාගියා කුසලපක්ඛිකා, සබ්බෙ තෙ මනොපුබ්බඞ්ගමා. මනො තෙසං ධම්මානං පඨමං උප්පජ්ජති. අන්වදෙව කුසලා ධම්මාති.
Sinhala BJTමහණෙනි, යම් කිසි ධර්‍ම කෙනෙක් කුශල වෙත් ද, කුශලභජනයෙහි, කුශලපක්‍ෂයෙහි වැටෙත් ද, ඒ සියලු ධර්‍මයෝ සිත පෙරටු කොට ඇත. සිත ඒ ධර්‍මයනට පළමු උපදනේය. ඒ හා එක්වට ම කුශලධර්‍මයෝ උපදිත්.
Pali BJT1. 6. 8.
Sinhala BJT1. 6. 8.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවෙ පමාදො. පමත්තස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, ප්‍රමාදය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, පමා වූ පුඟුල්හට නූපන්නා වූ ද අකුශල ධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද කුශල ධර්‍මයෝ පිරිහෙත්.
Pali BJT1. 6. 9.
Sinhala BJT1. 6. 9.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවෙ අප්පමාදො. අප්පමත්තස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, අප්‍රමාදය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නොපමා පුඟුල්හට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශල ධර්‍මයෝ පිරිහෙත්.
Pali BJT1. 6. 10.
Sinhala BJT1. 6. 10.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවෙ කොසජ්ජං. කුසීතස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, කුසීත බව වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කුසීතයාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද කුශල ධර්‍මයෝ පිරිහෙත්.
Pali BJTවග්ගො ඡට්ඨො.{*}
Sinhala BJTසවන වග යි
Pali BJT7. වීරියාරම්භවග්ගො
Sinhala BJT7. වීර්‍ය්‍යාරම්භ වර්‍ගය
Pali BJT1. 7. 1.
Sinhala BJT1. 7. 1.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවෙ විරියාරම්භො.{1} ආරද්ධවිරියස්ස{2} භික්ඛවෙ අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, වීර්‍ය්‍යාරම්භය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, ඇරඹු වැර ඇත්තාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
Pali BJT1. 7. 2.
Sinhala BJT1. 7. 2.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවෙ මහිච්ඡතා. මහිච්ඡස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තී.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශල ධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, මහේච්ඡතාව බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මහේච්ඡපුද්ගලයාහට නූපන්නා වූ ද අකුශල ධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
Pali BJT1. 7. 3.
Sinhala BJT1. 7. 3.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවෙ අප්පිච්ඡතා. අප්පිච්ඡස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, අල්පේච්ඡතාව බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අල්පේච්ඡයාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
Pali BJT1. 7. 4.
Sinhala BJT1. 7. 4.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවෙ අසන්තුට්ඨිතා. අසන්තුට්ඨස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, ලද දැයින් නොසතුටු බව (ලෝභය) වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, ලද දැයින් නොසතුටු වන්නාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
Pali BJT1. 7. 5.
Sinhala BJT1. 7. 5.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවෙ සන්තුට්ඨිතා. සන්තුට්ඨස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, ලද දැයින් සතුටු බව (අලෝභය) බඳු අන් එක ධර්‍මයකුදු මම නොදක්මි. මහණෙනි, ලද දැයින් සතුටු වන්නාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
Pali BJT1. 7. 6.
Sinhala BJT1. 7. 6.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවෙ අයොනිසො මනසිකාරො. අයොනිසො භික්ඛවෙ මනසි කරොතො අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, නුනුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
Pali BJT1. 7. 7.
Sinhala BJT1. 7. 7.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවෙ යොනිසො මනසිකාරො. යොනිසො භික්ඛවෙ මනසිකරොතො අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
Pali BJT1. 7. 8.
Sinhala BJT1. 7. 8.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවෙ අසම්පජඤ්ඤං. අසම්පජානස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, (මෝහ සඞ්ඛ්‍යාත) අසම්පජඤ්ඤය වැනි අන් එක ධර්‍මයකුදු මම නොදක්මි. මහණෙනි, සම්මූඪ පුද්ගලයාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
Pali BJT1. 7. 9.
Sinhala BJT1. 7. 9.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවෙ සම්පජඤ්ඤං. සම්පජානස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, සම්‍යක්ප්‍රඥාව (තීරණප්‍රඥාව) වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යක්ප්‍රඥායෙන් දක්නාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
Pali BJT1. 7. 10.
Sinhala BJT1. 7. 10.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවෙ පාපමිත්තතා. පාපමිත්තස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, පාප මිත්‍රතාව වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, පාපමිත්‍රයන් ඇත්තහුට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
Pali BJTවග්ගො සත්තමො.{*}
Sinhala BJTසත්වන වග යි.
Pali BJT8. කල්යාණමිත්තවග්ගො
Sinhala BJT8. කල්‍යාණමිත්‍ර වර්‍ගය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. 8. 1.
Sinhala BJT1. 8. 1.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවෙ කල්යාණමිත්තතා. කල්යාණමිත්තස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශල ධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, කල්‍යාණමිත්‍රතාව වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කලණ මිතුරන් ඇත්තාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද අකුශල ධර්‍මයෝ පිරිහෙත්.
Pali BJT1. 8. 2.
Sinhala BJT1. 8. 2.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවෙ අනුයොගො අකුසලානං ධම්මානං, අනනුයොගො කුසලානං ධම්මානං. අනුයොගා භික්ඛවෙ අකුසලානං ධම්මානං අනනුයොගා කුසලානං ධම්මානං අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, අකුශල ධර්‍මයන්හි යෙදීම හා (චාතුර්භූමක) කුශලධර්‍මයන්හි නො යෙදීම ද වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අකුශලධර්‍මයන්හි යෙදීමෙනුදු කුශලධර්‍මයන්හි නොයෙදීමෙනුදු නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
Pali BJT1. 8. 3.
Sinhala BJT1. 8. 3.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවෙ අනුයොගො කුසලානං ධම්මානං, අනනුයොගො අකුසලානං ධම්මානං. අනුයොගා භික්ඛවෙ කුසලානං ධම්මානං, අනනුයොගා අකුසලානං ධම්මානං අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීම හා අකුශලධර්‍මයන්හි නොයෙදීම ද වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීමෙන් හා අකුශල ධර්‍මයන්හි නො යෙදීමෙන් හා නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
Pali BJT1. 8. 4.
Sinhala BJT1. 8. 4.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා බොජ්ඣඞ්ගා නුප්පජ්ජන්ති, උප්පන්නා වා බොජ්ඣඞ්ගා න භාවනා පාරිපූරිං ගච්ඡන්ති, යථයිදං භික්ඛවෙ අයොනිසො මනසිකාරො. අයොනිසො භික්ඛවෙ මනසිකරොතො අනුප්පන්නා චෙව බොජ්ඣඞ්ගා නුප්පජ්ජන්ති, උප්පන්නා ච බොජ්ඣඞ්ගා න භාවනාපාරිපූරිං ගච්ඡන්තීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ නූපදිත් නම්, උපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ භාවනායෙන් පිරිපුන් බවට නො යෙත් නම්, මහණෙනි, අයෝනිසෝ මනසිකාරය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද බෝධ්‍යඞ්ග ධර්‍මයෝ නූපදිත්. උපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ භාවනායෙන් පිරිපුන් බවට නො යෙත්.
Pali BJT1. 8. 5.
Sinhala BJT1. 8. 5.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා බොජ්ඣඞ්ගා උප්පජ්ජන්ති, උප්පන්නා වා බොජ්ඣඞ්ගා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, යථයිදං භික්ඛවෙ යොනිසො මනසිකාරො. යොනිසො භික්ඛවෙ මනසිකරොතො අනුප්පන්නා චෙව බොජ්ඣඞ්ගා උප්පජ්ජන්ති, උප්පන්නා ච බොජ්ඣඞ්ගා භාවනාපාරිපූරිං ගච්ඡන්තීති.
Sinhala BJTමහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ භාවනායෙන් පිරිපුන් බවට යෙත් නම්, මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ භාවනායෙන් පිරිපුන් බවට යෙත්.
Pali BJT1. 8. 6.
Sinhala BJT1. 8. 6.
Pali BJTඅප්පමත්තිකා එසා භික්ඛවෙ පරිහානි, යදිදං ඤාතිපරිහානි. එතං පතිකිට්ඨං භික්ඛවෙ පරිහානීනං යදිදං පඤ්ඤාපරිහානීති.
Sinhala BJTමහණෙනි, යම් ඥාති පරිහාණියෙක් වේ නම්, මෙය අල්පමාත්‍ර වූ පරිහාණි යෙකි. මහණෙනි, යම් ප්‍රඥාපරිහාණියෙක් වේ නම්, පිරිහීම් අතුරෙන් තෙල පිරිහීම නිකෘෂ්ට ය.
Pali BJT1. 8. 7.
Sinhala BJT1. 8. 7.
Pali BJTඅප්පමත්තිකා එසා භික්ඛවෙ වුද්ධි, යදිදං ඤාතිවුද්ධි. එතදග්ගං භික්ඛවෙ වුද්ධීනං යදිදං පඤ්ඤාවුද්ධි. තස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං: පඤ්ඤාවුද්ධියා වඩ්ඪිස්සාමාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, යම් ඥාතිවෘද්ධියෙක් වේ නම්, මෙය අල්පමාත්‍ර වෘද්ධියෙක. මහණෙනි, යම් ප්‍රඥායෙන් වැඩීමෙක් වේ නම්, වෘද්ධීන් අතුරෙන් තෙල වෘද්ධිය අග්‍ර වෙයි. මහණෙනි, එහෙයින් මෙහි ලා “ප්‍රඥාවෘද්ධියෙන් වැඩෙන්නම්හ” යි මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
Pali BJT1. 8. 8.
Sinhala BJT1. 8. 8.
Pali BJTඅප්පමත්තිකා එසා භික්ඛවෙ පරිහානි, යදිදං භොගපරිහානි. එතං පතිකිට්ඨං භික්ඛවෙ පරිහානීනං යදිදං පඤ්ඤාපරිහානීති.
Sinhala BJTමහණෙනි, යම් භෝගපරිහාණියෙක් වේ නම්, මේ පරිහාණිය අල්ප මාත්‍ර වූවක. මහණෙනි, යම් ප්‍රඥාපරිහාණියෙක් වේ නම්, පරිහාණීන් අතුරෙන් තෙල පරිහාණිය නිකෘෂ්ට වෙයි.
Pali BJT1. 8. 9.
Sinhala BJT1. 8. 9.
Pali BJTඅප්පමත්තිකා එසා භික්ඛවෙ වුද්ධි, යදිදං භොගවුද්ධි. එතදග්ගං භික්ඛවෙ වුද්ධීනං යදිදං පඤ්ඤාවුද්ධි. තස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං : පඤ්ඤාවුද්ධියා වඩ්ඪිස්සාමාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, යම් භෝගවෘද්ධියෙක් වේ නම්, මෙය අල්පමාත්‍ර වෘද්ධියෙක. මහණෙනි, ප්‍රඥාවෘද්ධියෙක් වේ නම්, වෘද්ධීන් අතුරෙන් තෙල අග්‍ර වෙයි. මහණෙනි, එහෙයින් මෙහිලා “ප්‍රඥාවෘද්ධියෙන් වැඩෙන්නම්හ” යි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
Pali BJT1. 8. 10.
Sinhala BJT1. 8. 10.
Pali BJTඅප්පමත්තිකා එසා භික්ඛවෙ පරිහානි, යදිදං යසොපරිහානි. එතං පතිකිට්ඨං භික්ඛවෙ පරිහානීනං යදිදං පඤ්ඤාපරිහානීති.
Sinhala BJTමහණෙනි, යම් යශස් පරිහාණියෙක් වේ නම්, මෙය අල්පමාත්‍ර පරිහාණියෙක. මහණෙනි, යම් ප්‍රඥාපරිහාණියෙක් වේ නම්, පරිහාණීන් අතුරෙන් තෙල නිකෘෂ්ට වෙයි.
Pali BJT1. 8. 11.
Sinhala BJT1. 8. 11.
Pali BJTඅප්පමත්තිකා එසා භික්ඛවෙ වුද්ධි, යදිදං යසොවුද්ධි. එතදග්ගං භික්ඛවෙ වුද්ධීනං යදිදං පඤ්ඤාවුද්ධි. තස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං: පඤ්ඤාවුද්ධියා වඩ්ඪිස්සාමාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, යම් යශෝවෘද්ධියෙක් වේ නම්, මෙය අල්පමාත්‍ර වෘද්ධියෙක. මහණෙනි, යම් ප්‍රඥාවෘද්ධියෙක් වේ නම්, එය වෘද්ධීන් අතුරෙන් අග්‍ර වෙයි. මහණෙනි, එහෙයින් මෙහි ලා “ප්‍රඥාවෘද්ධියෙන් වැඩෙන්නම්හ” යි මෙසේ හික්මිය යුතු ය. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
Pali BJTවග්ගො අට්ඨමො.{*}
Sinhala BJTඅට වන වග යි.
Pali BJT9. පමාදවග්ගො
Sinhala BJT9. ප්‍රමාද වර්‍ගය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. 9. 1.
Sinhala BJT1. 9. 1.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අනත්ථාය සංවත්තති. යථයිදං භික්ඛවෙ පමාදො. පමාදො භික්ඛවෙ මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමෙක් මෙසේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, ප්‍රමාදය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, ප්‍රමාදය මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 9. 2.
Sinhala BJT1. 9. 2.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ අප්පමාදො. අප්පපමාදො භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, අප්‍රමාදය වැනි අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, අප්‍රමාදය මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේය.
Pali BJT1. 9. 3.
Sinhala BJT1. 9. 3.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ කොසජ්ජං. කොසජ්ජං භික්ඛවෙ මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, කුසීතබව වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කුසීතබව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 9. 4.
Sinhala BJT1. 9. 4.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ විරියාරම්භො. විරියාරම්භො භික්ඛවෙ මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යම් ධර්‍මයෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, වීර්‍ය්‍යාරම්භය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, වීර්‍ය්‍යාරම්භය මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
Pali BJT1. 9. 5.
Sinhala BJT1. 9. 5.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යො එවං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවෙ මහිච්ඡතා. මහිච්ඡතා භික්ඛවෙ මහතො අනත්ථාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යමක් මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී නම්, මහණෙනි, මහෙච්ඡතා වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මහේච්ඡතාව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.