Pali BJTකස්මා චායං භික්ඛවෙ, එවරූපො පුග්ගලො වුච්චති : අකාලවාදීතිපි, අභූතවාදීතිපි, අනත්ථවාදීතිපි, අධම්මවාදීතිපි, අවිනයවාදීතිපීති? තථා හයං භික්ඛවෙ, පුග්ගලො පරස්ස අසතා දුක්ඛං උපදහති{3}, වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා “බලවම්හි බලත්ථො ඉතිපි” භූතෙන ඛො පන වුච්චමානො අවජානාති නො පටිජානාති, අභූතෙන වුච්චමානො න ආතප්පං කරොති, තස්ස නිබ්බෙඨනාය : ඉතිපෙතං අතච්ඡං ඉතිපෙතං අභූතන්ති. තස්මා එවරූපො පුග්ගලො වුච්චති අකාලවාදීතිපි, අභූතවාදීතිපි, අනත්ථවාදීතිපි, අධම්මවාදීතිපි, අවිනයවාදීතිපි.
Sinhala BJTමහණෙනි, කවර හෙයෙකින් මෙබඳු වූ මේ පුද්ගල අකාලවාදීය යි ද, අභූතවාදීය යි ද, අනර්‍ත්‍ථවාදීය යි ද, අධර්‍මවාදීය යි ද, අවිනයවාදී ය යි ද කියනු ලබන්නේ වේ ද? මහණෙනි, යම්සේ මේ පුද්ගල “බලවත් වෙමි, බලයෙන් අර්‍ත්‍ථ ඇත්තෙමි” යි හෝ මෙරමාහට වධයෙන් වේවයි, බන්‍ධනයෙන් වේවයි, ධනහානියෙන් වේවයි, ගර්‍හායෙන් වේවයි, ගැමින් හෝ රටින් නැගීමෙන් වේවයි අවිද්‍යාමාන දෝෂයෙකින් දුක් උපදවා ද, එහෙයිනි. සත්‍යවූ දැයින් කියනු ලබන්නේ අවඥා කෙරෙයි. ප්‍රතිඥා නො කෙරෙයි. අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කරණු ලබන්නේ මෙසේත් මෙය තථ්‍ය නො වෙයි, මෙසේත් මෙය භූත නො වෙයි කියා ඒ අභූතය අවුල් හරණු පිණිස උත්සාහ නො කරයි. එහෙයින් මෙබඳු පුද්ගල අකාලවාදීය යි ද, අභූතවාදීය යි ද, අනර්‍ත්‍ථවාදීය යි ද, අධර්‍මවාදීය යි ද, අවිනයවාදී ය යි ද කියනු ලැබේ.
Pali BJTඑවරූපො භික්ඛවෙ, පුග්ගලො ලොභජෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දිට්ඨෙ චෙව ධම්මෙ දුක්ඛං විහරති, සවිඝාතං සවුපායාසං සපරිළාහං. කායස්ස ච භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා.
Sinhala BJTමහණෙනි, මෙබඳු පුද්ගල ලෝභයෙන් හටගත් පාපක අකුශලධර්‍මයෙන් මඩනා ලදුයේ එයින් ම වැළඳගත් සිතැත්තේ ඉහාත්මයෙහි ම වෙහෙස සහිත උපායාස සහිත පරිදාහ සහිත දුකින් වෙසෙයි. කාබුන් මරණින් මතුයෙහි දුගතිය කැමැති විය යුතු ය.
Pali BJTදොසජෙහි -පෙ- මොහජෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දිට්ඨෙ චෙව ධම්මෙ දුක්ඛං විහරති, සවිඝාතං සවුපායාසං සපරිළාහං. කායස්ස ච භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා.
Sinhala BJTද්වේෂයෙන් හැටි ... මෝහයෙන් හැටි පාපක අකුශලධර්‍මයෙන් මඩනා ලදුයේ එයින් පැහැර ගත් සිතැත්තේ ඉහාත්මයෙහි ම වෙහෙස ඇති උපායාස ඇති පරිදාහ ඇති දුකින් වෙසෙයි. කාබුන් මරණින් මතුයෙහි දුගතිය කැමැති විය යුතු ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, සාලො වා ධවො වා ඵන්දනො වා තීහි මාලුවාලතාහි උද්ධස්තො පරියොනද්ධො අනයං ආපජ්ජති, ව්යසනං ආපජ්ජති, අනයව්යසනං ආපජ්ජති; එවමෙව ඛො භික්ඛවෙ, එවරූපො පුග්ගලො ලොභජෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දිට්ඨෙ චෙව ධම්මෙ දුක්ඛං විහරති, සවිඝාතං සවුපායාසං සපරිළාහං. කායස්ස ච භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා. දොසජෙහි -පෙ- මොහජෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දිට්ඨෙ චෙව ධම්මෙ දුක්ඛං විහරති සවිඝාතං සවුපායාසං සපරිළාහං. කායස්ස ච භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා. ඉමානි ඛො භික්ඛවෙ, තීණි අකුසලමූලානීති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි සල්ගසෙක් වේවයි දැවගසෙක් වේවයි බුදුරු ගසෙක් වේවයි තුන් මාලුවා ලියන් විසින් මතුයෙහි වසාගන්නා ලද්දේ හාත්පස වළඳනා ලද්දේ නො වැඩීමට පැමිණේ ද, වනසට පැමිණේ ද, අනයව්‍යසනයට පැමිණේ ද, මහණෙනි, එපරිදි ම මෙබඳු පුද්ගල ලෝභයෙන් හැටි පාපක අකුශලධර්‍මයෙන් මඩනා ලද්දේ එයින් ම ඇදගත් සිතැත්තේ ඉහාත්මයෙහි ම වෙහෙස ඇති උපායාස ඇති පරිදාහ ඇති දුකින් වසනේ ය. කාබුන් මරණින් මතුයෙහි දුගතිය කැමැති විය යුතු ය. ද්වේෂයෙන් හටගත් ... මෝහයෙන් හටගත් පාපක අකුශලධර්‍මයෙන් මඩනා ලද්දේ ඇදගත් සිතැත්තේ ඉහාත්මයෙහි ම විඝාත සහිත උපායාස සහිත පරිළාහ සහිත දුකින් වෙසෙයි. කාබුන් මරණින් මතුයෙහි දුගතිය කැමැති විය යුතු ය. මහණෙනි, මේ අකුශලමූලයෝ තුන් දෙනයහ.
Pali BJTතීණිමානි භික්ඛවෙ, කුසලමූලානි. කතමානි තීණි: අලොභො කුසලමූලං, අදොසො කුසලමූලං, අමොහො කුසලමූලං.
Sinhala BJTමහණෙනි, මේ කුශලමූලයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අලෝභය කුශලමූලය, අදෝෂය කුශලමූලය, අමෝහය කුශල මූලයි.
Pali BJTයදපි භික්ඛවෙ, අලොභො තදපි කුසලං. යදපි අලුද්ධො අභිසඞංඛරොති කායෙන වාචා{2} මනසා, තදපි කුසලං. යදපි අලුද්ධො ලොභෙන අනභිභූතො අපරියාදින්නචිත්තො න පරස්ස අසතා දුක්ඛං උපදහති{3}, වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා “බලවම්හි බලත්ථො” ඉතිපි, තදපි කුසලං. ඉතිස්සමෙ අලොභජා අලොභනිදානා අලොභසමුදයා අලොභපච්චයා අනෙකෙ කුසලා ධම්මා සම්භවන්ති.
Sinhala BJTමහණෙනි, යමෙක් අලෝභ වේ ද, එ ද කුශල යි. අලුබ්ධ වූයේ කයින් වේවයි වචනයෙන් වේවයි මනසින් වේවයි යමක් ම කෙරේ ද, එ ද කුශලයි. අලුබ්ධ වූයේ ලෝභයෙන් නො මඩනා ලද්දේ එයින් ඇද නොගත් සිතැත්තේ “බලවත්මි, බලයෙහි සිටියෙමි” යි මෙරමාහට වධයෙන් වේවයි බන්‍ධනයෙන් වේවයි ධනහානියෙන් වේවයි ගර්‍හායෙන් වේවයි රටින් නැගීමෙන් වේවයි අවිද්‍යාමාන දෝෂයෙකින් පරහට දුක් නො දනවා ද එ ද කුශල යි. මෙසේ අලෝභයෙන් හැටි අලෝභය නිදාන කොට ඇති අලෝභය සමුදය කොට ඇති අලෝභය ප්‍රත්‍යය කොට ඇති මේ අනේක කුශල ධර්‍මයෝ පහළ වෙත්.
Pali BJTයදපි භික්ඛවෙ, අදොසො, තදපි කුසලං. යදපි අදුට්ඨො අභිසඞ්ඛරොති කායෙන වාචා{2} මනසා, තදපි කුසලං. යදපි අදුට්ඨො දොසෙන අනභිභූතො අපරියාදින්නචිත්තො න පරස්ස අසතා දුක්ඛං උපදහති{2}, වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා බලවම්හි බලත්ථො ඉතිපි. තදපි කුසලං. ඉතිස්සමෙ අදොසජා අදොසනිදානා අදොසසමුදයා අදොසපච්චයා අනෙකෙ කුසලා ධම්මා සම්භවන්ති.
Sinhala BJTමහණෙනි, යමෙක් ම අදෝෂ වේ ද, එ ද කුශලයි. අද්විෂ්ට වූයේ කයින් වේවයි, වචනයෙන් වේවයි, සිතින් වේවයි යමක් ම කෙරේ ද, එ ද කුශල යි. අද්විෂ්ට වූයේ ද්වේෂයෙන් නොමඩනා ලද්දේ එයින් පැහැර නොගත් සිතැත්තේ “බලවත්මි, බලයෙන් අර්‍ත්‍ථ ඇතියෙමි” යි වධයෙන් වේවයි, බන්‍ධනයෙන් වේවයි, සර්‍වස්වහරණයෙන් වේවයි, ගැරහීමෙන් වේවයි, රටින් නෙරීමෙන් වේවයි, අවිද්‍යාමාන දෝෂයෙකින් යම් දුකක් පරාහට නොදනවා ද එ ද කුශලයි. මෙසේ අද්වේෂයෙන් හටගත් අද්වේෂය නිදාන කොට ඇති, අද්වේෂය සමුදය කොට ඇති, අද්වේෂය ප්‍රත්‍යය කොට ඇති මේ අනේක කුශලධර්‍මයෝ ඔහට පහළ වෙත්.
Pali BJTයදපි භික්ඛවෙ, අමොහො, තදපි කුසලං. යදපි අමූළ්හො අභිසංඛරොති කායෙන වාචා{2} මනසා, තදපි කුසලං. යදපි අමූළ්හො මොහෙන අනභිභූතො අපරියාදින්නචිත්තො න පරස්ස අසතා දුක්ඛං උපදහති{3} වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා “බලවම්හි බලත්ථො” ඉතිපි තදපි කුසලං. ඉතිස්සමෙ අමොහජා අමොහනිදානා අමොහසමුදයා අමොහපච්චයා අනෙකෙ කුසලා ධම්මා සම්භවන්ති. එවරූපො චායං භික්ඛවෙ, පුග්ගලො වුච්චති, කාලවාදීතිපි, භූතවාදීතිපි, අත්ථවාදීතිපි, ධම්මවාදීතිපි, විනයවාදීතිපි.
Sinhala BJTමහණෙනි, යමෙක් ම අමෝහ වේ ද, එ ද කුශල යි. අමූඪ වූයේ කයින් වේවයි, වචනයෙන් වේවයි, මනසින් වේවයි, යමක් කෙරේ ද, එ ද කුශල ය. අමූඪ වූයේ මෝහයෙන් නොමඩනා ලද්දේ එයින් හාත්පස ඇද නොගත් සිතැත්තේ “බලවත්මි, බලයෙන් අර්‍ත්‍ථ ඇතියෙමි” යි වධයෙන් වේවයි, බන්‍ධනයෙන් වේවයි, වස්තුව පැහැර ගැණීමෙන් වේවයි, ගර්‍හායෙන් වේවයි, රටින් නෙරණායෙන් වේවයි අවිද්‍යාමාන දෝෂයෙකින් මෙරමාහට යම් දුකක් නො දනවා ද, එ ද කුශලය. මෙසේ අමෝහයෙන් හටගත් අමෝහය නිදාන කොට ඇති, අමෝහය සමුදය කොට ඇති, අමෝහය ප්‍රත්‍යය කොට ඇති මේ අනේක කුශලධර්‍මයෝ ඔහට පහළ වෙත්. මහණෙනි, මෙබඳු වූ ද මේ පුද්ගල කාලවාදීය යි ද, භූතවාදීය යි ද, අර්‍ත්‍ථවාදීය යි ද, ධර්‍මවාදීය යි ද, විනයවාදීය යි ද කියනු ලැබේ.
Pali BJTකස්මා චායං භික්ඛවෙ, එවරූපො පුග්ගලො වුච්චති, කාලවාදීතිපි -පෙ- විනයවාදීතිපි. තථාහයං භික්ඛවෙ, පුග්ගලො න පරස්ස අසතා දුක්ඛං උපදහති{1}, වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා “බලවම්හි බලත්ථො” ඉතිපි. භූතෙන ඛො පන වුච්චමානො පටිජානාති නො අවජානාති. අභූතෙන වුච්චමානො ආතප්පං කරොති තස්ස නිබ්බෙඨනාය : ඉතිපෙතං අතච්ඡං, ඉතිපෙතං අභූතන්ති. තස්මා එවරූපො පුග්ගලො වුච්චති කාලවාදීතිපි -පෙ- විනයවාදීතිපීති.
Sinhala BJTමහණෙනි, මෙබඳු මේ පුද්ගල ද කාලවාදීය යි ද, ... විනයවාදීය යි ද කවර හෙයෙකින් කියනු ලැබේ ද? මහණෙනි, මේ පුද්ගල යම්සේ “බලවත්මි, බලයෙන් අර්‍ත්‍ථ ඇතියෙමි” යි වධයෙන් වේවයි, බන්‍ධනයෙන් වේවයි, ධනහානියෙන් වේවයි, රටින් නැගීමෙන් වේවයි, අවිද්‍යාමාන දෝෂයෙකින් පරාහට දුක් නො දනවා ද, එහෙයිනි. විද්‍යමාන වූ ගුණයෙන් කියනු ලබන්නේ පිළිණ කරන්නේ ය. ආඥා නො කරන්නේ ය. අවිද්‍යාමාන දෝෂයෙන් කියනු ලබන්නේ “මෙසේ මෙය අතථ්‍යය, මෙසේත් මෙය අභූතය” යි එ ද දෝෂය නිරාකූල කරණු පිණිස වීර්‍ය්‍ය කරන්නේ ය. මහණෙනි, එහෙයින් මෙබඳු පුද්ගල කාලවාදීය යි ද ... විනයවාදීය යි ද කියනු ලැබේ.
Pali BJTඑවරූපස්ස භික්ඛවෙ, පුග්ගලස්ස ලොභජා පාපකා අකුසලා ධම්මා පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{2} ආයතිං අනුප්පාදධම්මා. දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති, අවිඝාතං අනුපායාසං අපරිළාහං. දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායති.
Sinhala BJTමහණෙනි, මෙබඳු පුද්ගලයාහට ලෝභයෙන් හටගත් පාපක අකුශල ධර්‍මයෝ ප්‍රහත වෙත්. මුලුසුන් වෙත්. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක බව කරණ ලද්දාහු වෙත්. අනභාවය කරණ ලද්දාහු වෙත්. මතුයෙහි අනුත්පාද ස්වභාව ඇත්තාහු වෙත්. ඉහාත්මයෙහි ම විඝාත රහිත, උපායාස රහිත, පරිදාහ රහිත, සුඛයෙන් වසන්නේ ය. ඉහාත්මයෙහි ම පිරිනිවන් පානේ ය.
Pali BJTදොසජා -පෙ- මොහජා පාපකා අකුසලා ධම්මා පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති, අවිඝාතං අනුපායාසං අපරිළාහං. දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායති.
Sinhala BJTද්වේෂයෙන් හටගත් ... මෝහයෙන් හටගත් පාපක අකුශලධර්‍මයෝ ප්‍රහත වෙත්. මුලසුන් වෙත්. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක බව කරණ ලද්දාහු වෙත්. අනභාවය කරණ ලද්දාහු වෙත්. මතුයෙහි අනුත්පාදස්වභාව ඇත්තාහු වෙත්. ඉහාත්මයෙහි ම විඝාත නැති, උපායාස නැති, පරිදාහ නැති සුවයෙන් වෙසෙයි. ඉහාත්මයෙහි ම පිරිනිවන් පානේ ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, සාලො වා ධවො වා ඵන්දනො වා, තීහි මාලුවාලතාහි උද්ධස්තො පරියොනද්ධො. අථ පුරිසො ආගච්ඡෙය්ය කුද්දාලපිටකං{3} ආදාය. සො තං මාලුවාලතං මූලෙ ඡින්දෙය්ය, මූලෙ ඡෙත්වා පලිඛණෙය්ය, පලිඛණිත්වා මූලානි උද්ධරෙය්ය, අන්තමසො උසීරනාළමත්තානිපි.{4} සො තං මාලුවාලතං ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දෙය්ය, ඛණ්ඩාඛණ්ඩිකං ඡෙත්වා ඵාලෙය්ය, ඵාලෙත්වා සකලිකං සකලිකං කරෙය්ය, සකලිකං සකලිකං කරිත්වා වාතාතපෙ විසොසෙය්ය, වාතාතපෙ විසොසෙත්වා අග්ගිනා දහෙය්ය,{5} අග්ගිනා දහිත්වා මසිං කරෙය්ය, මසිං කරිත්වා මහාවාතෙ වා ඔපුනෙය්ය,{6} නදියා වා සීඝසොතාය පවාහෙය්ය. එවමස්සු තා{7} භික්ඛවෙ, මාලුවාලතා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා.
Sinhala BJTමහණෙනි, යම් පරිදි සල්ගසෙක් වේවයි, දැවගසෙක් වේවයි, කොළොම්ගසෙක් වේවයි මාලුවාවැල් තුණෙකින් මතුයෙහි වසා ගන්නා ලද්දේ වළඳනා ලද්දේ වේ ද, ඉක්බිති පුරුෂයෙක් හුදැල්ලක් හා පැසක් හා ගෙණ එන්නේ වේ ද, හේ ඒ මාලුවාවැල මුලහි සිඳුනේ වේ ද මුලහි සිඳ සාරන්නේ වේ ද සාරා මුල් උදුරන්නේ වේ ද, යටත්පිරිසෙයින් සුවඳහොට නළ සා මුලුදු උදුරන්නේ වේ ද, හේ ඒ මාලුවා වැල කඩ කඩ කොට සිඳුනේ වේ ද, කඩ කඩ කොට සිඳ පලන්නේ වේ ද, පළා කැබැලි - කැබැලි කරන්නේ වේ ද, කැබැලි - කැබැලි කොට අව්සුලඟෙහි වියළන්නේ වේ ද, අව්සුලඟෙහි වියළා ගින්නෙන් දවන්නේ වේ ද, ගින්නෙන් දවා දැළි කරන්නේ වේ ද, දැළි කොට මහා වාතයෙහි හෝ පොළන්නේ වේ ද, ශීඝ්‍රස්‍රෝතස් ඇති නදියෙහි හෝ උල්පවා හරණේ වේ ද, මහණෙනි, මෙසේ ඒ මාලුවා වැල්හු මුලුසුන් වූවාහු වෙති. තාලාවස්තුකතාවට ගියාහු වෙත්. අනභාව කරණ ලද්දාහු වෙත්. මතුයෙහි අනුත්පාදස්වභාව ඇත්තාහු වෙත්.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, එවරූපස්ස පුග්ගලස්ස ලොභජා පාපකා අකුසලා ධම්මා පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායති. දොසජා -පෙ- මොහජා පාපකා අකුසලා ධම්මා පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායති. ඉමානි ඛො භික්ඛවෙ, තීණි කුසලමූලානීති.
Sinhala BJTමහණෙනි, එපරිදි ම මෙබඳු පුද්ගලයාහට ලෝභයෙන් හටගත් පාපක පාපකඅකුශලධර්‍මයෝ ප්‍රහත වෙත්. මුලසුන් වෙත්. තාලාවස්තුකභාවයට ගියාහු වෙත්. අනභාවය කරණ ලද්දාහු වෙත්. මතුයෙහි අනුත්පාදස්වභාව ඇත්තාහු වෙත්. ඉහාත්මයෙහි ම විඝාත නැති උපායාස නැති පරිදාහ නැති සුඛයෙන් වසන්නේ ය. ඉහාත්මයෙහි පිරිනිවන් පානේ ය. ද්වේෂයෙන් හටගත් ... මෝහයෙන් හටගත් පාපක අකුශලධර්‍මයෝ ප්‍රහත වෙත්. මුලුසුන් වෙත්. තාලාවස්තුක බවට ගියාහු වෙත්. අභාවය කරණ ලද්දාහු වෙත්. මතුයෙහි අනුත්පාදස්වභාවය ඇත්තාහු වෙත්. ඉහාත්මයෙහි ම විඝාත නැති උපායාස නැත පරිදාහ නැති සුඛයෙන් වෙසේ. ඉහාත්මයෙහි ම පිරිනිවන් පානේ ය. මහණෙනි, මේ තුන් කුශලමූලයෝ යි.
Pali BJT3. 2. 2. 10.
Sinhala BJT3. 2. 2. 10.
Pali BJT20. එවං මෙ සුතං : එකං සමයං භගවා සාවත්ථියං විහරති, පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. අථ ඛො විසාඛා මිගාරමාතා තදහුපොසථෙ යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො විසාඛං මිගාරමාතරං භගවා එතදවොච :
Sinhala BJT20. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පූර්‍වාරාම නම් වූ මුවරමාපායෙහි වැඩ වසන සේක. එකල මාගාරිමාතෘ වූ විශාඛා තොමෝ පොහෝ ලත් එදින භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹුනු. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුනු. එකත්පසෙක හුන් මුවරමා විශාඛාවනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
Pali BJTහන්ද කුතො නු ත්වං විසාඛෙ, ආගච්ඡසි දිවා දිවස්සාති?
Sinhala BJTවිශාඛාවෙනි, මේ දෙවෙන්දවහල්හි තෙපි කොහි සිට එවු ද?
Pali BJTඋපොසථාහං භන්තෙ, අජ්ජ උපවසාමීති.
Sinhala BJTවහන්ස, මම අද පෙහෙවස් ඇතියෙම් උපවාස කරමි යි.
Pali BJTතයො ඛො මෙ විසාඛෙ, උපොසථා. කතමෙ තයො? ගොපාලකුපොසථො, නිගණ්ඨුපොසථො, අරියුපොසථො.
Sinhala BJTවිශාඛාවෙනි, මේ පෙහෙවස්හු තුන් දෙනෙක. කවර තුන් දෙනෙක යත්: ගෝපාලකූපෝසථය, නිගණ්ඨුපෝසථය, අරියූපෝසථ යි.
Pali BJTකථඤ්ච විසාඛෙ, ගොපාලකුපොසථො හොති: සෙය්යථාපි විසාඛෙ, ගොපාලකො සායන්හසමයං{1} සාමිකානං ගාවො නීයාතෙත්වා ඉති පටිසංචික්ඛති : අජ්ජ ඛො ගාවො අමුකස්මිඤ්ච අමුකස්මිඤ්ච පදෙසෙ චරිංසු, අමුකස්මිඤ්ච අමුකස්මිඤ්ච පදෙසෙ පානීයානි අපංසු, ස්වෙදානි ගාවො අමුකස්මිඤ්ච අමුකස්මිඤ්ච පදෙසෙ චරිස්සන්ති, අමුකස්මිඤ්ච අමුකස්මිඤ්ච පදෙසෙ පානීයානි පිවිස්සන්තීති. එවමෙව ඛො විසාඛෙ, ඉධෙකච්චො උපොසථිකො ඉති පටිසංචික්ඛති : අහං ඛ්වජ්ජ ඉදඤ්චිදඤ්ච ඛාදනීයං ඛාදිං. ඉදඤ්චිදඤ්ච භොජනීයං භුඤ්ජිං. ස්වෙදානාහං ඉදඤ්චිදඤ්ච ඛාදනීයං ඛාදිස්සාමි, ඉදඤ්චිදඤ්ච භොජනීයං භුඤ්ජිස්සාමීති. සො තෙන ලොභෙන අභිජ්ඣාසහගතෙන චෙතසා දිවසං අතිනාමෙති. එවං ඛො විසාඛෙ, ගොපාලකුපොසථො හොති. එවං උපවුත්ථො ඛො විසාඛෙ, ගොපාලකුපොසථො න මහප්ඵලො හොති න මහානිසංසො න මහාජුතිකො න මහාවිප්ඵාරො.
Sinhala BJTවිශාඛාවෙනි, ගෝපාලකූපෝසථය කෙසේ වේ ද? විශාඛාවෙනි, යම් පරිදි ගොපලු සවස්කල හිමියනට ගවයන් දක්වා දී මෙසේ සලකා බලන්නේ වේ ද: “අද ගවයෝ අසෝ අසෝ පියෙස්හි (තණ) කෑහ. අසෝ අසෝ පියෙස්හි පැන් පීහ. සෙට දවස්හි ගවයෝ අසෝ අසෝ පියෙස්හි තණ කති. අසෝ අසෝ පෙදෙස්හි පැන් බොති” යි. විශාඛාවෙනි, එපරිදි ම මෙලොව කිසිවෙක් පෙහෙවස් ඇතියේ මෙසේ සලකයි: “මම අද මේ මේ ඛාද්‍ය කෑයෙමි. මම අද මේ මේ භෝජ්‍ය වැළඳීමි. සෙට දවස මම මේ මේ ඛාද්‍ය කමි. මේ මේ භෝජ්‍ය බුදිමි” යී. හේ ඒ ලෝභයෙන් අභිධ්‍යාසහගත සිතින් දවස ගළවයි. විශාඛාවෙනි, මෙසේ ගෝපාලකූපෝසථය (ගොපලු පෙහෙවස) වෙයි. විශාඛාවෙනි, මෙ පරිදි වුසූ ගෝපාලකූපෝසථය මහත් ඵල නො වෙයි. මහානිශංස නො වෙයි. මහාද්‍යුතික නො වෙයි. මහාවිස්ඵාර ද නො වෙයි.
Pali BJTකථඤ්ච විසාඛෙ, නිගණ්ඨුපොසථො හොති: අත්ථි විසාඛෙ, නිගණ්ඨා නාම සමණජාතිකා. තෙ සාවකං එවං සමාදපෙන්ති : එහි ත්වං අම්භො පුරිස, යෙ පුරත්ථිමාය දිසාය පාණා පරං යොජනසතං, තෙසු දණ්ඩං නික්ඛිපාහි, යෙ පච්ඡිමාය දිසාය පාණා පරං යොජනසතං, තෙසු දණ්ඩං නික්ඛිපාහි: යෙ උත්තරාය දිසාය පාණා පරං යොජනසතං, තෙසු දණ්ඩං නික්ඛිපාහි, යෙ දක්ඛිණාය දිසාය පාණා පරං යොජනසතං, තෙසු දණ්ඩං නික්ඛිපාහීති. ඉති එකච්චානං පාණානං අනුද්දයාය අනුකම්පාය සමාදපෙන්ති, එකච්චානං පාණානං නානුද්දයාය නානුකම්පාය සමාදපෙන්ති. තෙ තදහුපොසථෙ සාවකං එවං සමාදපෙන්ති : එහි ත්වං අම්භො පුරිස, සබ්බචෙලානි නික්ඛිපිත්වා එවං වදෙහි : නාහං ක්වචන{2} කස්සචි කිඤ්චනත්තස්මිං{3}. න ච මම ක්වචන කත්ථචි කිඤ්චන{4} තාත්ථිති.
Sinhala BJTවිශාඛාවෙනි, නිගණ්ඨුපොස්ථය කෙසේ වේ ද: විශාඛාවෙනි, නිගණ්ඨ නම් වූ මහණ පිරිසෙක් ඇත. ඔහු සව්වා මෙසේ සමාදන් කරවත්: “එම්බා පුරුෂය, එව, තෝ පැදුම් දිග යොදුන් සියෙකින් ඔබ යම් ප්‍රාණීහු වෙත් ද ඔවුන් කෙරෙහි දඬු බහා තබව. පැළදිග යොදුන් සියෙකින් ඔබ යම් ප්‍රාණීහු වෙත් ද ඔවුන් කෙරෙහි දඬු බහා තබව. උතුරුදිග්හි සියක් යොද්නෙන් ඔබ යම් ප්‍රාණීහු වෙත් ද ඔවුන් කෙරෙහි දඬු බහා තබව. දකුණු දිග්හි සියක් යොද්නෙන් ඔබ යම් ප්‍රාණීහු වෙත් ද ඔවුන් කෙරෙහි දඬු බහා තබව” යි. මෙසේ ඇතැම් ප්‍රාණීන්හට දයා පිණිස අනුකම්පා පිණිස සමාදන් කරවත්. ඇතැම් ප්‍රාණීන්හට නිර්දයා පිණිස නිරනුකම්පා පිණිස සමාදන් කරවත්. ඔහු පොහෝ ලත් එදින සව්වා මෙසේ සමාදන් කරවත්: “එම්බා පුරුෂය, එව, තෝ හැම පිළී බහා තබා මෙසේ කියව: “මම කිසිතැනෙක්හිදු කිසිවකුගේ පලිබෝධයෙකිම් නොවෙමි. මාගේ ඇතුළත හෝ පිටත කිසිදු තැනෙක පිරිකරෙක පළිබෝධයෙක් ද නැතැ” යි.
Pali BJTජානන්ති ඛො පනස්ස මාතාපිතරො : අයං අම්හාකං පුත්තොති සොපි ජානාති, ඉමෙ මය්හං මාතාපිතරොති. ජානාති ඛො පනස්ස පුත්තදාරො අයං අම්හාකං භත්තාති. සොපි ජානාති අයං මය්හං පුත්තදාරොති. ජානන්ති ඛො පනස්ස දාසකම්මකරපොරිසා අයං අම්හාකං අය්යොති. සොපි ජානාති ඉමෙ මය්හං දාසකම්මකරපොරිසාති. ඉති යස්මිං සමයෙ සච්චෙ සමාදපෙතබ්බා මුසාවාදෙ තස්මිං සමයෙ සමාදපෙන්ති. ඉදමස්ස මුසාවාදස්මිං වදාමි. සො තස්සා රත්තියා අච්චයෙන භොගෙ අදින්නඤ්ඤෙව පරිභුඤ්ජති. ඉදමස්ස අදින්නාදානස්මිං වදාමි. එවං ඛො විසාඛෙ, නිගණ්ඨුපොසථො හොති. එවං උපවුත්ථො ඛො විසාඛෙ, නිගණ්ඨුපොසථො න මහප්ඵලො හොති න මහානිසංසො න මහාජුතිකො න මහාවිප්ඵාරො.
Sinhala BJT“මේ අපගේ පුතු ය” යි ඔහුගේ මාපියෝ හඳුනත්. හෙ ද “මොහු මාගේ මාපියහ” යි ද ... “මේ අපගේ භර්‍තෘ ය” යි ඔහුගේ අඹුදරුවෝ ද දනිති. හෙ ද “මේ මාගේ අඹුදරුහ” යි දනියි. ඔහුගේ දස්කම්කරු පිරිස්හු ද “මේ අපගේ හිමියාපුත්හ” යි දනිත් හෙ ද “මොහු මාගේ දස්කම්කරු පිරිස්හු” යි දනියි. මෙසේ යම් කලෙක සත්‍යයෙහි සමාදන් කරවිය යුත්තාහු ද එසමයෙහි මුසවායෙහි සමාදන් කරවයි. මෙය ඔහුගේ මුසවා යී කියමි. හේ ඒ රැය ඉක්ම යාමෙන් පසු අයිනාදන් වූ ම ඒ භෝග වළඳ කෙරෙයි. මෙ ද ඔහුගේ අයිනාදනැ යි කියමි. විශාඛාවෙනි, මෙසේ නිගණ්ඨුපොස්ථය (නුවට පෙහෙවස) වේ. විශාඛාවෙනි, මෙසේ වුසූ නිගණ්ඨුපෝසථය මහත් ඵල නො වෙයි. මහත් අනුසස් ඇතියේ නො වෙයි. මහත් දිලුම් ඇතියේ නො වෙයි. මහත් පැතිරීම් ඇතියේ ද නො වෙයි.
Pali BJTකථඤ්ච විසාඛෙ, අරියුපොසථො හොති : උපක්කිලිට්ඨස්ස විසාඛෙ, චිත්තස්ස උප්පක්කමෙන පරියොදපනා හොති. කථඤ්ච විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උප්පක්කමෙන පරියොදපනා හොති. ඉධ විසාඛෙ, අරියසාවකො තථාගතං අනුස්සරති : ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති.
Sinhala BJTවිශාඛාවෙනි, අරියූපෝසථය කෙසේ වේ ද: විශාඛාවෙනි, සකිලිටි චිත්තයාගේ පිරිසිදු කිරීම උපක්‍රමයෙන් වෙයි. විශාඛාවෙනි, කෙසේ නම් සකිලිටි චිත්තයාගේ උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වේ ද: විශාඛාවෙනි, මෙසස්නෙහි අරිසවු තථාගතයන් අනුස්මරණය කෙරෙයි: “මෙ කරුණිනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත් වන සේක, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තරපුරිසදම්මසාරථීයහ, දෙව් මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භාග්‍යවත්හ” යී.
Pali BJTතස්ස තථාගතං අනුස්සරතො චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති. යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති. සෙය්යථාපි විසාඛෙ, උපක්කිලිට්ඨස්ස සීසස්ස උපක්කමෙන පරියොදපනා හොති.
Sinhala BJTතථාගතයන් අනුස්මරණය කරණ ඔහුගේ සිත පහදී. ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, යම්සේ කිලිටි හිසෙහි පිරිසිදුබව උපක්‍රමයෙන් වේ ද එසෙයිනි.
Pali BJTකථඤ්ච විසාඛෙ, උප්පක්කිලිට්ඨස්ස සීසස්ස උපක්කමෙන පරියොදපනා හොති. කක්කඤ්ච පටිච්ච මත්තිකඤ්ච පටිච්ච උදකඤ්ච පටිච්ච පුරිසස්ස ච තජ්ජං වායාමං පටිච්ච. එවං ඛො විසාඛෙ, උපක්කිලිට්ඨස්ස සීසස්ස උපක්කමෙන පරියොදපනා හොති. එවමෙවං ඛො විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
Sinhala BJTවිශාඛාවෙනි, කිලිටි හිසෙහි පිරිසුදු බව කෙසේ උපක්‍රමයෙන් වේ ද, ඇඹුලුකල්කය ද නිසා මැටි ද නිසා දිය ද නිසා පුරුෂයාගේ එයට නිසි ව්‍යායාමය ද නිසා වෙයි. විශාඛාවෙනි, මෙසේ කිලිටි හිසෙහි පිරිසිදුබව උපක්‍රමයෙන් වෙයි. විශාඛාවෙනි, එපරිදි ම කිලිටිසිත්හි පිරිසුදු බව උපක්‍රමයෙන් වෙයි.
Pali BJTකථඤ්ච විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති : ඉධ විසාඛෙ, අරියසාවකො තථාගතං අනුස්සරති. ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති.
Sinhala BJTවිශාඛාවෙනි, කිලිටිසිත්හි පිරිසුදුබව කෙසේ උපක්‍රමයෙන් කෙසේ වේ ද: විශාඛාවෙනි, මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක තථාගතයන් අනුස්මරණය කෙරෙයි. “මේ කරුණිනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ ... දෙව්මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භාග්‍යවත්හ“යී.
Pali BJTතස්ස තථාගතං අනුස්සරතො චිත්තං පසීදති, පාමුජ්ජං උප්පජ්ජති. යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති. අයං වුච්චති විසාඛෙ, අරියසාවකො බ්රහ්මුපොසථං උපවසති, බ්රහ්මුනා සද්ධිං සංවසති. බ්රහ්මං චස්ස ආරබ්භ චිත්තං පසීදති. පාමුජ්ජං උප්පජ්ජති. යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති. එවං ඛො විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
Sinhala BJTතථාගතයන් අනුස්මරණය කරණ ඔහුගේ සිත පහදී. ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක බ්‍රහ්මූපෝසථය (සමාදන්ව) වෙසේ යයි ද (සම්‍යක්සම්බුද්ධ සඞ්ඛ්‍යාත) බ්‍රහ්මයා සමග වෙසේ යි ද කියනු ලැබේ. සම්‍යක් (සම්බුද්ධසඞ්ඛ්‍යාත) බ්‍රහ්මයා ඇරබ ඔහුගේ සිත පහදී, ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද, ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි මෙසේ කිලිටි චිත්තයාගේ පර්‍ය්‍යාවදානය උපක්‍රමයෙන් වේ.
Pali BJTඋපක්කිලිට්ඨස්ස විසාඛෙ, චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති. කථඤ්ච විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති. ඉධ විසාඛෙ, අරියසාවකො ධම්මං අනුස්සරති : ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො{1} පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති.
Sinhala BJTවිශාඛාවෙනි, කිලිටි වූ චිත්තයාගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ. විශාඛාවෙනි, කෙසේ කිලිටි වූ චිත්තයාගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ ද: විශාඛාවෙනි, මෙසස්නෙහි අරිසවු ධර්‍මය අනුස්මරණය කෙරෙයි. “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය (අන්තද්වයට නොගොස් මැනවින් දෙසන ලද බැවින්) ස්වාඛ්‍යාතය, තමා තුළ සාක්‍ෂාත් කරණ විසින් දතයුතු බැවින් සාන්දෘෂ්ටිකය, (කල් නොයවා පල දෙන හෙයින්) අකාලිකය, (“එව, බලව”, යන විධියට නිසි බැවින්) ඒහිපස්සිකය, (තමා තුළ එළවා පිළිවිදීමට නිසි බැවින්) ඕපනයිකය, නුවණැත්තන් විසින් තමන් තමන් සිත්හි වෙන වෙන ම එළවා පිළිවිදිය යුතු වේ” යි.
Pali BJTතස්ස ධම්මං අනුස්සරතො චිත්තං පසීදති, පාමුජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති. සෙය්යථාපි විසාඛෙ, උපක්කිලිට්ඨස්ස කායස්ස උපක්කමෙන පරියොදපනා හොති.
Sinhala BJTමෙසේ දහම් සිහි කරණ ඔහුගේ සිත පහන් වෙයි. ප්‍රමෝදය උපදියි. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද, ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, යම් සේ කිලිටි ශරීරයාගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ ද, එසෙයිනි.
Pali BJTකථඤ්ච විසාඛෙ, උපක්කිලිට්ඨස්ස කායස්ස උක්කමෙන පරියොදපනා හොති : සොත්තිඤ්ච පටිච්ච චුණ්ණඤ්ච පටිච්ච, උදකඤ්ච පටිච්ච, පුරිසස්ස ච තජ්ජං වායාමං පටිච්ච. එවං ඛො විසාඛෙ, උපක්කිලිට්ඨස්ස කායස්ස උපක්කමෙන පරියොදපනා හොති.
Sinhala BJTවිශාඛාවෙනි, කිලිටි වූ ශරීරයාගේ පර්‍ය්‍යවදානය කෙසේ උපක්‍රමයෙන් වේ ද: කුරුඳුවැළ ද නිසා නහනු ද නිසා දිය ද නිසා පුරුෂයාගේ එයට නිසි වූ ව්‍යායාමය ද නිසා වෙයි. විශාඛාවෙනි, කිලිටි ශරීරයාගේ මෙසේ උපක්‍රමයෙන් පර්‍ය්‍යවදානය වේ.
Pali BJTඑවමෙව ඛො විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති. කථඤ්ච විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති : ඉධ විසාඛෙ, අරියසාවකො ධම්මං අනුස්සරති : ස්වාක්ඛාතො භගවතා ධම්මො -පෙ- පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති. තස්ස ධම්මං අනුස්සරතො චිත්තං පසීදති, පාමුජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති. අයං වුච්චති විසාඛෙ, අරියසාවකො ධම්මුපොසථං උපවසති, ධම්මෙන සද්ධිං සංවසති, ධම්මං චස්ස ආරබ්භ චිත්තං පසීදති, පාමුජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති. එවං ඛො විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
Sinhala BJTවිශාඛාවෙනි, එපරිදි ම කිලිටි චිත්තයාගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ. විශාඛාවෙනි, කෙසේ කිලිටි වූ චිත්තයාගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ ද: විශාඛාවෙනි, මෙ සස්නෙහි අරිසවු ධර්‍මය අනුස්මරණය කෙරෙයි. “ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාඛ්‍යාතය ... නුවණැතියන් විසින් තමන් තමන් සිත්හි වෙන වෙන ම එළවා පිළිවිදිය යුතු වේ” යි. ධර්‍මය අනුස්මරණය කරණ ඔහුගේ සිත පහන් වේ. ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, මේ අරීසවු ධම්මූපෝසථය වෙසේ ය යි ද, ධර්‍මය හා සමග වෙසේය යි ද කියනු ලැබේ. ධර්‍මය ඇරබ ඔහු සිත පහන් වේ. ප්‍රමෝදය උපදී චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, මෙසේ වනාහි කිලිටි වූ චිත්තයාගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ.
Pali BJTඋපක්කිලිට්ඨස්ස විසාඛෙ, චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති. කථඤ්ච විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති : ඉධ විසාඛෙ, අරියසාවකො සඞ්ඝං අනුස්සරති : සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණිය්යො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTවිශාඛාවෙනි, කිලිටි වූ චිත්තයාගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ. විශාඛාවෙනි, කිලිටි වූ චිත්තයාගේ පර්‍ය්‍යවදානය කෙසේ උපක්‍රමයෙන් වේ ද: විශාඛාවෙනි, මෙසස්නෙහි අරිසවු සඞ්ඝයා අනුස්මරණය කෙරෙයි. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ සුපිළිපන් වේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ ඉදිපිළිවෙතට පිළිපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත න්‍යායයට පිළිපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ මනා පිළිවෙතට පිළිපන්නේ වෙයි. එනම්: මේ පුරුෂයුග සතරය; පුරුෂපුද්ගලයෝ අට දෙනය. භාග්‍යවතුන් වහන්සේගේ තෙල ශ්‍රාවකසඞ්ඝ තෙමේ (දුරින් ගෙණවුත් දෙන පූජා සඞ්ඛ්‍යාත) ආහුනයට නිසි වෙයි. (ආගන්තුක දානසඞ්ඛ්‍යාත) පාහුණයට නිසි වෙයි. පරලොව සඳහා දෙන දාන සඞ්ඛ්‍යාත දක්‍ෂිණා පිළිගැණීමට නිසි වෙයි. අඤ්ජලිකර්‍මයට නිසි වෙයි. ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය වේ” යි.
Pali BJTතස්ස සඞ්ඝං අනුස්සරතො චිත්තං පසීදති. පාමුජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා. තෙ පහීයන්ති. සෙය්යථාපි විසාඛෙ, උපක්කිලිට්ඨස්ස වත්ථස්ස උපක්කමෙන පරියොදපනා හොති.
Sinhala BJTසඞ්ඝයා සිහි කරණ ඔහුගේ සිත පහදී. ප්‍රමෝදය උපදියි. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද, ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, යම් සේ කිලිටි වසත්‍රයක්හුගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ ද, එසෙයිනි.
Pali BJTකථඤ්ච විසාඛෙ, උපක්කිලිට්ඨස්ස වත්ථස්ස උපක්කමෙන පරියොදපනා හොති : උසුමඤ්ච පටිච්ච, ඛාරඤ්ච පටිච්ච, ගොමයඤ්ච පටිච්ච, උදකඤ්ච පටිච්ච, පුරිසස්ස ච තජ්ජං වායාමං පටිච්ච. එවං ඛො විසාඛෙ, උපක්කිලිට්ඨස්ස වත්ථස්ස උපක්කමෙන පරියොදපනා හොති. එවමෙව ඛො විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
Sinhala BJTවිශාඛාවෙනි, කෙසේ කිලිටි වස්ත්‍රයාගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ ද: උණුසුම නිසා ද හළු නිසා ද ගොමුත්‍ර (හෝ එළුපක්) නිසා ද දිය නිසා ද පුරුෂයාගේ එයට නිසි ව්‍යායාමය නිසා ද වේ. විශාඛාවෙනි, මෙසේ කිලිටි වසත්‍රයාගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ. විශාඛාවෙනි, එපරිදි ම කිලිටි චිත්තයාගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ.
Pali BJTකථඤ්ච විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති : ඉධ විසාඛෙ, අරියසාවකො සඞ්ඝං අනුස්සරති : සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති. තස්ස සඞ්ඝං අනුස්සරතො චිත්තං පසීදති, පාමුජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති. අයං වුච්චති විසාඛෙ, අරියසාවකො සඞ්ඝුපොසථං උපවසති, සඞ්ඝෙන සද්ධිං සංවසති, සඞ්ඝං චස්ස ආරබ්භ චිත්තං පසීදති, පාමුජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති. එවං ඛො විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
Sinhala BJTවිශාඛාවෙනි, කෙසේ කිලිටි චිත්තයාගේ උපක්‍රමයෙන් පිරිසිදුබව වේ ද: විශාඛාවෙනි, මෙ සස්නෙහි අරිසවු සඞ්ඝයා අනුස්මරණය කෙරෙයි. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ සුපිළිපන් වේ ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය වේ” යි සඞ්ඝයා සිහි කරණ ඔහුගේ සිත පහදී, ප්‍රමෝදය උපදී, චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, මේ අරිසවු තෙම සඞ්ඝුපෝසථය වසනේය යි ද සඞ්ඝයා සමග වසන්නේය යි ද කියනු ලැබේ. සඞ්ඝයා ඇරබ ඔහුගේ සිත පහදී. ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද, ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, මෙසේ කිලිටි චිත්තයාගේ පිරිසිදු බව උපක්‍රමයෙන් වේ.
Pali BJTඋපක්කිලිට්ඨස්ස විසාඛෙ, චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති. කථඤ්ච විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති : ඉධ විසාඛෙ, අරියසාවකො අත්තනො සීලානි අනුස්සරති අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි. තස්ස සීලං අනුස්සරතො චිත්තං පසීදති, පාමුජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති, සෙය්යථාපි විසාඛෙ, උපක්කිලිට්ඨස්ස ආදාසස්ස උපක්කමෙන පරියොදපනා හොති.
Sinhala BJTවිශාඛාවෙනි, උපක්‍රමයෙන් කිලිටි චිත්තයාගේ පර්‍ය්‍යවදානය වේ. විශාඛාවෙනි, කෙසේ උපක්‍රමයෙන් කිලිටි චිත්තයාගේ පර්‍ය්‍යවදානය වේ ද: විශාඛාවෙනි, මෙ සස්නෙහි අරිසවු අන්තයෙහි විකුම්වැරි මැද සිදුරු නොවූ ශබල නොවූ කල්මාෂ නොවූ තෘෂ්ණාදාසතායෙන් මුදන නුවණැත්තවුන් විසින් පසස්නා ලද තෘෂ්ණාදෘෂ්ටීන් විසින් පරාමර්‍ශ නොපත් සමාධිය පිණිස පවත්නා වූ තමාගේ සිල් අනුස්මරණය කෙරෙයි. ශීලය සිහි කරණ ඔහුගේ සිත පහදී. ප්‍රමෝදය උපදියි. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, යම්සේ කිලිටි වූ කැටපත්හි පිරිසිදු බව උපක්‍රමයෙන් වේ ද, එසෙයිනි.
Pali BJTකථඤ්ච විසාඛෙ, උපක්කිලිට්ඨස්ස ආදාසස්ස උපක්කමෙන පරියොදපනා හොති : තෙලඤ්ච පටිච්ච, ඡාරිකඤ්ච පටිච්ච, වාලණ්ඩුකඤ්ච පටිච්ච, පුරිසස්ස ච තජ්ජං වායාමං පටිච්ච. එවං ඛො විසාඛෙ, උපක්කිලිට්ඨස්ස ආදාසස්ස උපක්කමෙන පරියොදපනා හොති. එවමෙව ඛො විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
Sinhala BJTවිශාඛාවෙනි, කෙසේ කිලිටි වූ කැටපත්හි පිරිසිදු බව උපක්‍රමයෙන් වේ ද: තෙල් නිසා ද හළු නිසා ද වල් කොසුව නිසා ද පුරුෂයාගේ එයට නිසි ව්‍යායාමය නිසා ද වේ. විශාඛාවෙනි, මෙසේ කිලිටි කැටපත්හි පිරිසිදුබව උපක්‍රමයෙන් වේ. විශාඛාවෙනි, එපරිදි ම කිලිටි වූ චිත්තයාගේ පිරිසිදුබව උපක්‍රමයෙන් වේ.
Pali BJTකථඤ්ච විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති : ඉධ විසාඛෙ, අරියසාවකො අත්තනො සීලානි අනුස්සරති අඛණ්ඩානි -පෙ- සමාධිසංවත්තනිකානි. තස්ස සීලං අනුස්සරතො චිත්තං පසීදති, පාමුජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති. අයං වුච්චති විසාඛෙ, අරියසාවකො සීලූපොසථං උපවසති, සීලෙන සද්ධිං සංවසති, සීලං චස්ස ආරබ්භ චිත්තං පසීදති, පාමුජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා, තෙ පහීයන්ති. එවං ඛො විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
Sinhala BJTවිශාඛාවෙනි, කෙසේ කිලිටි වූ චිත්තයාගේ පිරිසිදු බව උපක්‍රමයෙන් වේ ද: විශාඛාවෙනි, මෙ සස්නෙහි අරිසවු අඛණ්ඩ වූ ... සමාධිය පිණිස පවත්නා තමාගේ සිල් සිහි කෙරේ. සිල් සිහි කරණ ඔහුගේ සිත පහදී. ප්‍රමෝදය උපදී, චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, මේ අරිසවු සීලූපෝසථය වසන්නේ යි ද සීලය හා සමග වසන්නේ යි ද කියනු ලැබේ. සිල් ඇරබ ඔහුගේ සිත පහන් වේ. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, මෙසේ කිලිටි සිත්හි පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ.
Pali BJTඋපක්කිලිට්ඨස්ස විසාඛෙ, චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති. කථඤ්ච විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති. ඉධ විසාඛෙ, අරියසාවකො දෙවතා අනුස්සරති, සන්ති දෙවතා චාතුම්මහාරාජිකා සන්ති දෙවා තාවතිංසා, සන්ති දෙවා යාමා -පෙ- තුසිතා - නිම්මාණරතිනො - පරනිම්මිතවසවත්තිනො, සන්ති දෙවා බ්රහ්මකායිකා, සන්ති දෙවා තතුත්තරිං, යථාරූපාය සද්ධාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උපපන්නා. මය්හම්පි තථාරූපා සද්ධා සංවිජ්ජති. යථාරූපෙන සීලෙන සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උපපන්නා, මය්හම්පි තථාරූපං සීලං සංවිජ්ජති. යථාරූපෙන සුතෙන සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උපපන්නා, මය්හම්පි තථාරූපං සුතං සංවිජ්ජති. යථාරූපෙන චාගෙන සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උපපන්නා, මය්හම්පි තථාරූපො චාගො සංවිජ්ජති. යථාරූපාය පඤ්ඤාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උපපන්නා, මය්හම්පි තථාරූපා පඤ්ඤා සංවිජ්ජතීති. තස්ස අත්තනො ච තාසං ච දෙවතානං සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරතො චිත්තං පසීදති, පාමුජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති.
Sinhala BJTවිශාඛාවෙනි, කිලිටි සිත්හි පිරිසිදු බව උපක්‍රමයෙන් වේ. විශාඛාවෙනි, කෙසේ කිලිටි සිත්හි පිරිසිදු බව උපක්‍රමයෙන් වේ ද: විශාඛාවෙනි, මෙ සස්නෙහි අරිසවු දෙවියන් අනුස්මරණය කෙරෙයි: සිවුමහරජයෙහි වැසි දෙවියෝ ඇත. තව්තිසා වැසි දෙවියෝ ඇත. යාමයෙහි වැසි දෙවියෝ ඇත. ... තුසීපුරවැසි දෙවියෝ ... නිම්මාණරති දෙව්ලෝ වැසි ... පරනිර්මිතවශවර්තියෙහි වැසි දෙවියෝ ඇත. බඹලොව වැසි දෙවියෝ ඇත. ඉන් ඔබ උපන් දෙවියෝ ඇත. යම්බඳු වූ ශ්‍රද්ධායෙකින් සමන්‍වාගත වූ ඒ දෙවියෝ මෙයින් සැව එහි උපන්නාහු නම් මට ද එබඳු ශ්‍රද්ධායෙක් විද්‍යාමාන වෙයි. යම්බඳු වූ ශීලයෙකින් සමන්‍වාගත වූ ඒ දෙවියෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු ශීලය විද්‍යාමාන වේ. යම්බඳු වූ ශ්‍රැතයෙකින් සමන්‍වාගත වූ ඒ දෙවියෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු ශ්‍රැතයෙක් විද්‍යාමාන වෙයි. යම්බඳු වූ ත්‍යාගයෙන් සමන්‍වාගත වූ ඒ දෙවියෝ මෙයින් සැව එහි උපන්නාහු නම් මට ද එබඳු ත්‍යාගයෙක් විද්‍යාමාන වේ. යම්බඳු වූ ප්‍රඥායෙකින් සමන්‍වාගත වූ ඒ දෙවියෝ මෙයින් සැව එහි උපන්නාහු නම් මට ද එබඳු ප්‍රඥායෙක් විද්‍යාමාන වෙයි. තමාගේ හා දෙවියන්ගේ හා ශ්‍රද්ධාව හා ශීලය හා ශ්‍රැතය හා ත්‍යාගය හා ප්‍රඥාව හා අනුස්මරණය කරණ ඔහුගේ සිත පහන් වෙයි. ප්‍රමෝදය උපදනේය. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් නම් ඔහු ප්‍රහත වෙත්.
Pali BJTසෙය්යථාපි විසාඛෙ, උපක්කිලිට්ඨස්ස ජාතරූපස්ස උපක්කමෙන පරියොදපනා හොති. කථං ච විසාඛෙ, උපක්කිලිට්ඨස්ස ජාතරූපස්ස උපක්කමෙන පරියොදපනා හොති. උක්කඤ්ච පටිච්ච, ලොණඤ්ච පටිච්ච, ගෙරුකඤ්ච පටිච්ච, නාලිසණ්ඩාසඤ්ච පටිච්ච, පුරිසස්ස ච තජ්ජං වායාමං පටිච්ච. එවං ඛො විසාඛෙ, උපක්කිලිට්ඨස්ස ජාතරූපස්ස උපක්කමෙන පරියොදපනා හොති. එවමෙව ඛො විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
Sinhala BJTවිශාඛාවෙනි, යම්පරිදි කිලිටි වූ රනක්හුගේ පිරිසිදු බව උපක්‍රමයෙන් වේ ද, එසෙයිනි. විශාඛාවෙනි, කෙසේ වනාහි කිලිටි රනක්හුගේ පිරිසිදුබව උපක්‍රමයෙන් වේ ද: උදුන ද නිසා ලුණු ද නිසා ගෛරික ද නිසා පුඹුනා නළය හා අඬුව ද නිසා පුරුෂයාගේ එයට නිසි ව්‍යායාමය ද නිසා වෙයි. විශාඛාවෙනි, මෙසේ වනාහි කිලිටි වූ ජාතරූපයාගේ පිරිසිදුබව උපක්‍රමයෙන් වේ. විශාඛාවෙනි, එපරිදි ම කිලිටි වූ චිත්තයාගේ පිරිසිදුබව උපක්‍රමයෙන් වේ.
Pali BJTකථඤ්ච විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති : ඉධ විසාඛෙ, අරියසාවකො දෙවතා අනුස්සරති : සන්ති දෙවා චාතුම්මහාරාජිකා -පෙ- සන්ති දෙවා තතුත්තරිං. යථාරූපාය සද්ධාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උපපන්නා, මය්හම්පි තථාරූපා සද්ධා සංවිජ්ජති. යථාරූපෙන සීලෙන -පෙ- සුතෙන - චාගෙන - පඤ්ඤාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උපපන්නා, මය්හම්පි තථාරූපා පඤ්ඤා සංවිජ්ජතීති. තස්ස අත්තනො ච තාසඤ්ච දෙවතානං සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරතො චිත්තං පසීදති, පාමුජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති. අයං වුච්චති විසාඛෙ, අරියසාවකො දෙවතුපොසථං උපවසති, දෙවතාහි සද්ධිං සංවසති, දෙවතා චස්ස ආරබ්භ චිත්තං පසීදති, පාමුජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති. එවං ඛො විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
Sinhala BJTවිශාඛාවෙනි, කෙසේ නම් කිලිටි වූ චිත්තයාගේ පිරිසිදුබව උපක්‍රමයෙන් වේ ද: විශාඛාවෙනි, මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක දෙවියන් සිහි කරයි. “සිවුමහරජය වැසි දෙවියෝ ඇත. ... ඉන් ඔබ උපන් දෙවියෝ ඇත. යම්බඳු වූ ශ්‍රද්ධායෙකින් සමන්‍වාගත වූ ඒ දෙවියෝ මෙයින් සැව එහි උපන්නාහු නම් මට ද එබඳු ශ්‍රද්ධායෙක් විද්‍යාමාන වෙයි. යම්බඳු ශීලයෙකින් ... යම්බඳු ශ්‍රැතයෙකින් ... ත්‍යාගයෙකින් ... ප්‍රඥායෙකින් සමන්‍වාගත වූ ඒ දෙවියෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු ප්‍රඥායෙක් විද්‍යාමාන වේ”යි. තමාගේ හා ඒ දෙවියන්ගේ හා ශ්‍රද්ධාව හා ශීලය හා ශ්‍රැතය හා ත්‍යාගය හා ප්‍රඥාව හා අනුස්මරණය කරණ ඔහුගේ සිත පහන් වේ. ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් නම් ඔහු ප්‍රහත වෙති. විශාඛාවෙනි, මේ අරිසවු දේවතූපෝසථය වසන්නේ යයි ද දෙවියන් හා සමග වසන්නේ යි ද කියනු ලැබේ. දෙවියන් ඇරබ ඔහු සිත පහදී. ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් නම් ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, කිලිටි චිත්තයාගේ පර්‍ය්‍යවදානය මෙසේ උපක්‍රමයෙන් වේ.
Pali BJTස ඛො සො විසාඛෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති : යාවජීවං අරහන්තො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතා නිහිතදණ්ඩා නිහිතසත්ථා ලජ්ජී දයාපන්නා සබ්බපාණභූතහිතානුකම්පී විහරන්ති. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරාමි. ඉමිනාපහං අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සති.
Sinhala BJTවිශාඛාවෙනි, එම අරිසවු මෙසේ නුවණින් සලකයි: “රහත්හු දිවිහිමියෙන් පණිවා හැර පණිවායෙන් වැළකුනාහු බහා තුබූ දඬු ඇත්තාහු බහා තැබූ අවි ඇත්තාහු ලජ්ජා ඇත්තාහු දයාවට පැමිණියාහු සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පීව වෙසෙත්. මම අද මේ රෑ හා මේ දවස හා පණිවා හැර පණිවායෙන් වැළැකියෙම් බහා තැබූ දඬු ඇතියෙම් බහා තැබූ අවි ඇතියෙම් ලජ්ජා ඇතියෙම් දයාවට පැමිණියෙම් සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පී වූයෙම් වෙසෙමි. මම මේ ගුණාඞ්ගයෙනුදු රහතුන් අනුකරණය කරමි. මා විසින් පෙහෙවස ද විසූයේ වෙයි.
Pali BJTයාවජීවං අරහන්තො අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතා දින්නාදායී දින්නපාටිකඞ්ඛී, අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරන්ති. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො දින්නාදායී දින්නපාටිකඞ්ඛී, අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරාමි. ඉමිනාපහං අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සති.
Sinhala BJTරහත්හු දිවිහිමියෙන් අයිනාදනින් වැළකුනාහු දුන් දෑ ගන්නාසුලු වූවාහු දුන් දෑ කැමතිවනසුලු වූවාහු නොසොර වූ පිරිසිදු අත්බැවින් වෙසෙත්. මම ද අද මේ රෑ හා මේ දවස හා අයිනාදන් හැර දමා අයිනාදනින් වැළකියෙම් දුන් දෑ ගන්නා සුල්ලෙම් දුන් දෑ කැමැති වන සුල්ලෙම් නොසොර වූ පිවිතුරු අත්බැවින් වෙසෙමි. මම මේ ගුණාඞ්ගයෙනුදු රහතුන් අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් වුසූයේ ද වෙයි.
Pali BJTයාවජීවං අරහන්තො අබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරී ආරාචාරී විරතා මෙථුනා ගාමධම්මා. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං අබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරී විරතො මෙථුනා ගාමධම්මා. ඉමිනාපහං අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සති.
Sinhala BJTරහත්හු දිවිහිම් අබ්‍රම්සර හැරදමා බඹසර ඇත්තාහු අබ්‍රම්සරින් දුරුව වසන්නාහු ගැමිදහම් වූ මෙවුන්දමින් වැළකුනාහු වෙති, මම ද අද මේ රෑ හා මේ දාවල හා අබ්‍රම්සර හැරදමා බඹසැරියෙම් ගැමිදම් වූ මෛථුනයෙන් වැළකියෙම් වෙමි. මම මේ ගුණාඞ්ගයෙනුදු රහතුන් අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් ද වුසූයේ වෙයි.
Pali BJTයාවජීවං අරහන්තො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතා සච්චවාදී සච්චසන්ධා ථෙතා පච්චයිකා අවිසංවාදකා ලොකස්ස. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. ඉමිනාපහං අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සති.
Sinhala BJTරහත්හු දිවිහිම් මුසවා හැරදමා මුසවායෙන් වැළකුනාහු සත්‍යවාදී වූවාහු සත්‍යයෙන් සත්‍යය ඝටනාහු ස්ථිර කථා ඇත්තාහු හැදහිය යුතු කථා ඇත්තාහු ලෝකයා නළ නො කෙරෙති. මම ද අද මේ රෑ හා මේ දාවල හා මුසවා හැර දමා මුසවායෙන් වැළකියෙමි. සත්‍යවාදී වූයෙමි. සත්‍යයෙන් සත්‍යය ඝටනෙම් ස්ථිර කථා ඇතියෙම් හැදැහිය හැකි කථා ඇතියෙම් ලෝකයා නොවස්නෙම් වෙමි. මම මේ ගුණාඞ්ගයෙනුදු රහතුන් අනුකරණය කරමි. මා විසින් පෙහෙවස ද විසූයේ වෙයි.
Pali BJTයාවජීවං අරහන්තො සුරාමෙරයමජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං සුරාමෙරයමජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො. ඉමිනාපහං අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සති.
Sinhala BJTරහත්හු දිවිහිම් කොට පාන චේතනා නැමැති ප්‍රමාදයට කරුණු වූ රහමෙරමද හැරදමා පමා කරුණු වූ රහමෙරමදින් වැළකුනාහු වෙති. මම ද අද මේ රෑ හා මේ දාවල පමා කරුණු වූ රහමෙර මද හැර දමා පමා කරුණුවූ රහමෙරමදින් වැළකියෙම් වෙමි. මේ ගුණාඞ්ගයෙනුදු මම රහතුන් අනුකරණය කරමි. මා විසින් පෙහෙවස ද විසූයේ වෙයි.
Pali BJTයාවජීවං අරහන්තො එකභත්තිකා රත්තූපරතා විරතා විකාලභොජනා. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං එකභත්තිකො රත්තූපරතො විරතො විකාලභොජනා. ඉමිනාපි අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සති.
Sinhala BJTරහත්හු දිවිහිම් ඒකභත්තික වූවාහු රාත්‍රිභෝජනයෙන් වැළකුනාහු විකල්බොජුනෙන් වැළකුනාහු වෙති. මම ද අද මේ රෑ හා මේ දාවල හා ඒකභක්තික වූයෙම් රාත්‍රිභෝජනයෙන් වැළකුනෙමි විකල් බොජුනෙන් දුරුවූයෙම් වෙමි. මම මේ ගුණාඞ්ගයෙනුදු රහතුන් අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් වුසුයේ ද වෙයි.
Pali BJTයාවජීවං අරහන්තො නච්චගීතවාදිතවිසූකදස්සනමාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතා. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං නච්චගීතවාදිතවිසූකදස්සනමාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො. ඉමිනාපහං අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සති.
Sinhala BJTරහත්හු දිවිහිමියෙන් නැටුම් ගැයුම් වැයුම් විසුළුදැකුම් මල්ගඳවිලෙවුන් දරණ සජන සරසන යන කරුණින් වැළකුනාහු වෙති. මම ද අද මේ රෑ හා මේ දවාල හා නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකුම් මල්ගඳ විලෙවුන් දැරුම් සැදුම් සැරැයුම් යන කරුණින් වැළකුනෙම් වෙමි. මම මේ ගුණාඞ්ගයෙනුදු රහතුන් අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් වුසුයේ ද වෙයි.
Pali BJTයාවජීවං අරහන්තො උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතා නීචසෙය්යං කප්පෙන්ති. මඤ්චකෙ වා තිණසන්ථාරකෙ වා. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතො නීචසෙය්යං කප්පෙමි. මඤ්චකෙ වා තිණසන්ථාරකෙ වා. ඉමිනාපහං අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සති. එවං ඛො විසාඛෙ, අරියූපොසථො හොති.
Sinhala BJTරහත්හු දිවිහිමියෙන් උසසුන් මහඅසුන් හැර දමා උසසුන් මහස්නෙන් වැළැක්කාහු හැඳෙක හෝ තණඇතිරියෙක හෝ බට ශය්‍යා කෙරෙත්. මම ද අද මේ රෑ හා මේ දාවල හා උසසුන් මහසුන් හැරදමා උසසුන් මහස්නෙන් වැළකියෙම් හැඳෙක හෝ තණඇතිරියෙක බටහෙවුම් කෙරෙමි. මේ ගුණාඞ්ගයෙනුදු මම රහතුන් අනුකරණය කරමි. මා විසින් පෙහෙවස ද වුසුයේ වෙයි. විශාඛාවෙනි, මෙසේ අරියූපෝසථය (අරීපෙහෙවස) වෙයි.
Pali BJTඑවං උපවුත්ථො ඛො විසාඛෙ, අරියූපොසථො මහප්ඵලො හොති. මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො. කීව මහප්ඵලො හොති. කීව මහානිසංසො කීව මහාජුතිකො කීව මහාවිප්ඵාරො.
Sinhala BJTවිශාඛාවෙනි, මෙසේ විසූ අරියූපෝසථය මහත්ඵල වෙයි. මහානිසංස ද වෙයි. මහාජූතික ද වෙයි. මහාවිප්ඵාර ද වෙයි. කිපමණ මහත්ඵල වේ ද: කිපමණ මහානිසංස වේ ද: කිපමණ මහාජුතික වේ ද: කිපමණ මහාවිප්ඵාර වේ ද?
Pali BJTසෙය්යථාපි විසාඛෙ, යො ඉමෙසං සොළසන්නං මහාජනපදානං පහූතසත්තරතනානං{1} ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙය්ය, සෙය්යථිදං : අඞ්ගානං, මගධානං, කාසීනං, කොසලානං, වජ්ජීනං, මල්ලානං, චෙතීනං, වඞ්ගානං, කුරූනං, පඤ්චාලානං, මච්ඡානං, සූරසෙනානං, අස්සකානං, අවන්තීනං, ගන්ධාරානං, කම්බොජානං, අට්ඨඞ්ගසමන්නාගතස්ස උපොසථස්ස එතස්ස කලං නාග්ඝති{2} සොළසිං. තං කිස්ස හෙතු : කපණං විසාඛෙ, මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.
Sinhala BJTවිශාඛාවෙනි, යම්පරිදි අඞ්ග - මගධ - කාසී - කෝසල - වජ්ජි - මල්ල - චෙතී - වඞ්ග - කුරු - පඤ්චාල - මච්ඡ- සූරසේන - අස්සක- අවන්ති - ගන්‍ධාර - කාම්බෝජ බඳු නොමඳ සත්රුවනින් පිරි සොළොස් මහා ජනපදයන්ගේ ඓශ්චර්‍ය්‍යාධිපත්‍යය ඇති රාජ්‍යය යමෙක් කරන්නේ නම් තෙල අෂ්ටාඞ්ගසමන්‍වාගත උපෝසථයාගේ සොළොස් වන කොටසට ද (එය) නො අගී. ඒ කවර හෙයින: විශාඛාවෙනි, දිව්‍යසුඛය පිණිස මිනිස්රජය ඇලුප් වෙයි.
Pali BJTයානි විසාඛෙ, මානුසකානි පඤ්ඤාස වස්සානි, චාතුම්මහාරාජිකානං දෙවානං එසො එකො රත්තින්දිවො{3} තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන පඤ්චවස්සසතානි{*} චාතුම්මහාරාජිකානං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. ඉදං ඛො පනෙතං විසාඛෙ, සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.
Sinhala BJTවිශාඛාවෙනි, මිනිසුන් සතු යම් පණස් වසෙක් වේ ද, තෙල චාතුම්මහාරාජික දෙවියනට එක් රෑ දාවලෙකි. මසෙක් එරැයින් තිස් රැයෙක් වේ. හවුරුද්දෙක් එමසින් දොළොස් මැසි වෙයි. එ හවුරුදුයෙන් පන්සිය වසෙක් චාතුම්මහාරාජික දෙවියන්ගේ ආයුෂප්‍රමාණය වේ. විශාඛාවෙනි යම් හෙයෙකින් මෙලොව කිසි ස්ත්‍රියක් වේවයි, පුරුෂයෙක් වේවයි අෂ්ටාඞ්ගසමන්‍වාගත වූ පෙහෙවස් වැස කාබුන් මරණින් මතු සිවුමහරජවැසි දෙවියන්ගේ සහවාසයට පැමිණේ යන තෙල කරුණ විද්‍යාමාන වේ. විශාඛාවෙනි, මේ කරුණ සඳහා දිව්‍යසුඛය පිණිස මිනිස්රජය ඇලුප් වෙයි, යන තෙල කියන ලදි.
Pali BJTයං විසාඛෙ, මානුසකං වස්සසතං, තාවතිංසානං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බං වස්සසහස්සං තාවතිංසානං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරම්මරණා තාවතිංසානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. ඉදං ඛො පනෙතං විසාඛෙ, සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.
Sinhala BJTවිශාඛාවෙනි, මිනිසුන් සතු යම් වර්‍ෂ ශතයක් වේ ද, තව්තිසාවැසි දෙවියන්ට තෙල එක් රෑදාවලෙකි. එරැයින් තිස්රැයෙක් මසෙකි. එමසින් දොළොස්මැසි වූයේ හවුරුද්දෙකි. එහවුරුදුයෙන් දිව්‍යවර්‍ෂසහස්‍රයක් තව්තිසා වැසි දෙවියන්ගේ ආයුෂප්‍රමාණ වෙයි. විශාඛාවෙනි, යම් හෙයෙකින් මෙලොව කිසි ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු තාවතිංස වැසි දෙවියන්ගේ සහවාසයට පැමිණේය යන මෙකරුණ විද්‍යාමාන වේ. විශාඛාවෙනි, දිව්‍යසුඛය පිණිස මිනිස්රජය ඇලුප් වෙයි, යන මේ සඳහා තෙල කරුණ කියන ලදි.
Pali BJTයානි විසාඛෙ, මානුසකානි ද්වෙ වස්සසතානි, යාමානං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි ද්වෙ වස්සසහස්සානි යාමානං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරම්මරණා යාමානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. ඉදං ඛො පනෙතං විසාඛෙ, සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.
Sinhala BJTවිශාඛාවෙනි, මනුෂ්‍යයන් පිළිබඳ යම් දෙසිය හවුරුදුයෙක් වේ ද, යාම දෙවියනට තෙල එක් රෑදාවලෙකි. එරැයින් තිස්රැයෙක් මසෙකි. එමසින් දොළොස්මැසි වූයේ හවුරුද්දෙකි. එහවුරුදුයෙන් දිව්‍ය ද්විසහස්‍ර වර්‍ෂයෙක් යාමදෙවියන්ගේ ආයුෂ්ප්‍රමාණ වෙයි. විශාඛාවෙනි, යම් හෙයෙකින් මෙලොව්හි ඇතැම් ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් යාමදෙවියන්ගේ සහවාසයට එළඹේය යන තෙල කරුණ විද්‍යාමාන වේ. විශාඛාවෙනි, මේ සඳහා දිව්‍යසුඛය පිණිස මිනිස්රජය ඇලුප් වෙයි, යන තෙල කරුණ කියන ලදි.
Pali BJTයානි විසාඛෙ, මානුසකානි චත්තාරි වස්සසතානි, තුසිතානං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි චත්තාරි වස්සසහස්සානි තුසිතානං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථි වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරම්මරණා තුසිතානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. ඉදං ඛො පනෙතං විසාඛෙ, සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.
Sinhala BJTවිශාඛාවෙනි, මිනිසුන්ගේ යම් සාරසිය වසෙක් වේ ද තෙල තුෂිත දෙවියන්ගේ එක් රෑදාවලෙකි. එරැයින් තිස්රැයෙක් මාසයෙකි. එමසින් දොළොස් මැසි වූයේ හවුරුදුයෙකි. එහවුරුදුයෙන් දිව්‍ය වූ සාරදහස් වසෙක් තුෂිත දෙවියන්ගේ ආයුෂ්ප්‍රමාණය වේ. විශාඛාවෙනි, යම් හෙයෙකින් මෙලොව කිසි ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු තුෂිත දෙවියන්ගේ සහවාසයට එළඹෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වේ. විශාඛාවෙනි, මේ සඳහා මානුෂිකරාජ්‍යය දිව්‍යසුඛය පිණිස අල්ප වෙයි යන තෙල කරුණ කියන ලදි.
Pali BJTයානි විසාඛෙ, මානුසකානි අට්ඨවස්සසතානි, නිම්මාණරතීනං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි අට්ඨ වස්සසහස්සානි නිම්මානරතීනං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරම්මරණා නිම්මානරතීනං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. ඉදං ඛො පනෙතං විසාඛෙ, සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.
Sinhala BJTවිශාඛාවෙනි, මානුෂික වූ යම් අටසිය වසෙක් වේ ද තෙල නිර්‍මාණරතී දෙවියනට එක් රෑදාවලෙකි. එරැයින් තිස්රැයෙක් මාසයෙකි. එමසින් දොළොස්මස් ඇතියේ හවුරුද්දෙකි. එහවුරුදුයෙන් දිව්‍ය වූ අෂ්ටවර්‍ෂසහස්‍රයෙක් නිර්‍මාණරතී දෙවියන්ගේ ආයුෂ්ප්‍රමාණ වේ. විශාඛාවෙනි, යම් හෙයෙකින් මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු නිර්‍මාණරතී දෙවියන්ගේ සහවාසයට එළඹෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වේ. විශාඛාවෙනි, මේ සඳහා දිව්‍යසුඛය පිණිස මානුෂිකරාජ්‍යය කෘපණ වේ යන තෙල කරුණ කියන ලදි.
Pali BJTයානි විසාඛෙ, මානුසකානි සොළස වස්සසතානි, පරනිම්මිතවසවත්තීනං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි සොළස වස්සසහස්සානි පරනිම්මිතවසවත්තීනං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං විසාඛෙ, විජ්ජති, යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරම්මරණා පරනිම්මිතවසවත්තීනං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. ඉදං ඛො පනෙතං විසාඛෙ, සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධායාති.
Sinhala BJTවිශාඛාවෙනි, මිනිසුන් පිළිබඳ යම් සොළොස් සියවසෙක් වේ ද පරනිර්මිත වශවර්තී දෙවියනට තෙල එක් රෑදාවලෙකි. එරැයින් තිස්රැයෙක් මාසයෙකි. එමසින් දොළොස්මැසි වූයේ හවුරුද්දෙකි. එහවුරුද්දෙන් දිව්‍ය වූ ශොඩෂ වර්‍ෂ සහස්‍රයෙක් පරනිර්මිතවශවර්තී දෙවියන්ගේ ආයුප්‍රමාණය වේ. විශාඛාවෙනි, මෙලොව යම් හෙයෙකින් කිසි ස්ත්‍රියක් වේවයි, පුරුෂයෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු පරනිර්මිත වශවර්ති දෙවියන්ගේ සහභාවයට එළඹෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වේ. විශාඛාවෙනි, දිව්‍යසුඛය පිණිස මානුෂික රාජ්‍යය පුරුතු වෙයි යන තෙල කරුණ කියන ලදි.
Pali BJT30. පාණං න හානෙ{1} න චදින්නමාදියෙ මුසා න භාසෙ න ච මජ්ජපො සියා, අබ්රහ්මචරියා විරමෙය්ය මෙථුනා රත්තිං න භුඤ්ජෙය්ය විකාලභොජනං.
Sinhala BJT30. පරපණ නො නස්නේය. අයිනාදන් නො ද ගන්නේය. මුසවා නො බණන්නේය. මත්පැන් පානය කරන්නෙක් නො ද වන්නේය. අබ්‍රහ්මචර්‍ය්‍ය සඞ්ඛ්‍යාත මෛථුනයෙන් වළක්නේය. රාත්‍රිභෝජනය හා විකාලභෝජනය නො බුදින්නේය.
Pali BJT31. මාලං න ධාරෙ න ච ගන්ධමාචරෙ මඤ්චෙ ඡමායං ව සයෙථ සන්ථතෙ, එතං හි අට්ඨඞ්ගිකමාහුපොසථං බුද්ධෙන දුක්ඛන්තගුනා පකාසිතං.
Sinhala BJT31. මල්දම් නො දරන්නේය. සුවඳ නො තවරගන්නේය. හැඳෙහි ද (පිරියම් කළ) බිමෙහි ද ඇතිරියෙහි ද හෝනේය. දුකත් ගිය බුදුරජුන් විසින් වදහළ තෙල ම අටඟපෙහෙවසැ යි කීහු.
Pali BJT32. චන්දො ච සුරියො ච උභො සුදස්සනා ඔභාසයං අනුපරියන්ති යාවතා, තමොනුදා තෙ පන අන්තලික්ඛගා නභෙ පභාසෙන්ති දිසාවිරොචනා.
Sinhala BJT32. සුදර්‍ශන වූ චන්‍ද්‍රයා ද සූර්‍ය්‍යයා ද යන දෙදෙන යම්තාක් තැන් හොබවමින් සිසාරා යෙත් ද, අඳුරු බිඳලන අහසෙහි යන ඔහු සව් දිගුන් හොබවන්නාහු අහස්හි රස් නඟත් ද,
Pali BJT33. එතස්මිං යං විජ්ජති අන්තරෙ ධනං මුත්තා මණී වෙළුරියඤ්ච භද්දකං, සිඞ්ගීසුවණ්ණං අථවාපි කඤ්චනං යං ජාතරූපං හටකන්ති වුච්චති.
Sinhala BJT33. මේ දෙයතුරෙහි සිත්කලු මුතු හා දෑමිණි හා වෙරළුමිණි හා සිඟු රන් හා වැලිත් පැවී කසුන් හා බුදුබඳ පැහැති රන් හා කුහුඹුවන් විසින් ගෙණෙන ලද හෙයින් “හාටකයැ” යි කියනු ලබන රන් හා යම් බඳු ධනයක් වේ ද,
Pali BJT34. අට්ඨඞ්ගුපෙතස්ස උපොසථස්ස කලම්පි තෙ නානුභවන්ති සොළසිං, චන්දප්පභා තාරගණා ච සබ්බෙ.
Sinhala BJT34. ඔහු ද අටඟින් යුත් පෙහෙවස්හුගේ සොළොස් වන කොටස ද නොයෙත්.
Pali BJT35. තස්මා හි නාරී ච නරො ච සීලවා අට්ඨඞ්ගුපෙතං උපවස්සුපොසථං, පුඤ්ඤානි කත්වාන සුඛුද්රයානි අනින්දිතා සග්ගමුපෙන්ති ඨානන්ති.
Sinhala BJT35. හැම උළුකැන්හු සඳරස්හුගේ සොළොස්වන කොටසට නොවැටෙද්ද, එසෙයිනි. එහෙයින් ම සිල්වත් නරනාරීහු අටඟින් යුත් පෙහෙවස් වැස සුව එළවන පින් කොට අනින්‍දිත වූවාහු ස්වර්‍ගස්ථානයට එළඹෙත්.
Pali BJT{*}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTමහාවග්ගො දුතියො
Sinhala BJTදෙවන මහවග යි.
Pali BJT[3. ආනන්දවග්ගො]
Sinhala BJT[3. ආනන්‍ද වර්‍ගය]
Pali BJT3. 2. 3. 1.
Sinhala BJT3. 2. 3. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT21. අථ ඛො ඡන්නො පරිබ්බාජකො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ඡන්නො පරිබ්බාජකො ආයස්මන්තං ආනන්දං එතදවොච :
Sinhala BJT21. එකල්හි සන් පිරිවැජි ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියේය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් හා සමග සතුටු විය. සම්මෝදනයට නිසි සිහි කරණුවට නිසි කථාව කොට නිමවා එකත්පස් ව හින. එකත්පස්ව හුන් සන් පිරිවැජි ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල සැළ කෙළේ ය:
Pali BJTතුම්හෙපි ආවුසො ආනන්ද, රාගස්ස පහාණං පඤ්ඤාපෙථ. දොසස්ස -පෙ- මොහස්ස පහානං පඤ්ඤාපෙථාති. මයං ඛො ආවුසො, රාගස්ස පහාණං පඤ්ඤාපෙම, දොසස්ස -පෙ- මොහස්ස පහාණං පඤ්ඤාපෙමාති. කිම්පන තුම්හෙ ආවුසො, රාගෙ ආදීනවං දිස්වා රාගස්ස පහාණං පඤ්ඤාපෙථ. කිං දොසෙ -පෙ- මොහෙ ආදීනවං දිස්වා මොහස්ස පහානං පඤ්ඤාපෙථාති.
Sinhala BJTකියඟ ආනන්‍දයෙනි, තෙපිත් රාගප්‍රහාණය පනවාලවු ද, ද්වේෂ ප්‍රහාණය ... මෝහප්‍රහාණය පනවාලවු දැ’යි. ඇවැත්නි, අපි ම රාගප්‍රහාණය පණවම්හ. ද්වේෂප්‍රහාණය ... මෝහ ප්‍රහාණය පණවම්හ යි. කිමෙක ඇවැත්නි, තෙපි රාගයෙහි ආදීනව දැක රාගප්‍රහාණය පණවා ලවු ද? කිම ද්වේෂයෙහි ... කිම? මෝහයෙහි ආදීනව දැක මෝහප්‍රහාණය පණවා ලවු දැ යි.
Pali BJTරත්තො ඛො ආවුසො, රාගෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තව්යාබාධායපි චෙතෙති, පර -පෙ- උභයව්යාබාධායපි චෙතෙති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. රාගෙ පහීණෙ නෙවත්තව්යාබාධාය චෙතෙති, න පර -පෙ- න උභය -පෙ- න චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. රත්තො ඛො ආවුසො, රාගෙන අභිභූතො පරියාදින්නචිත්තො කායෙන දුච්චරිතං චරති, වාචාය -පෙ- මනසා දුච්චරිතං චරති. රාගෙ පහීණෙ නෙව කායෙන දුච්චරිතං චරති, න වාචාය -පෙ- න මනසා දුච්චරිතං චරති. රත්තො ඛො ආවුසො, රාගෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තත්ථම්පි යථාභූතං නප්පජානාති, පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි යථාභූතං නප්පපජානාති. රාගෙ පහීණෙ අත්තත්ථම්පි යථාභූතං පජානාති, පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි යථාභූතං පජානාති. රාගො ඛො ආවුසො, අන්ධකරණො අචක්ඛුකරණො අඤ්ඤාණකරණො පඤ්ඤානිරොධිකො විඝාතපක්ඛිකො අනිබ්බානසංවත්තනිකො.
Sinhala BJTඇවැත්නි, රාගයෙන් රත්වූයේ, මඩනා ලදුයේ, ගත් සිතැතියේ ආත්මව්‍යාබාධය පිණිස ද සිතයි, පරව්‍යාබාධය පිණිස ද ... උභයව්‍යාබාධය පිණිස ද සිතයි. චෛතසික වූත් දුක් දොම්නස් විඳුනේය, රාගය ප්‍රහතවත් ම ආත්මව්‍යාබාධය පිණිස නො සිතයි. පරව්‍යාබාධය පිණිස ... උභයව්‍යාබාධය පිණිස ... චෛතසික වූ දුක් දොම්නස් නො විඳුනේය. ඇවැත්නි, රාගයෙන් රත්වූයේ, මඩනා ලදුයේ, ගත් සිතැතියේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් කරයි. රාගය ප්‍රහතවත් ම කයින් දුසිරිත් නො ම කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් නො ම කරයි. ඇවැත්නි, රාගයෙන් රත්වූයේ, මඩනා ලදුයේ, ගත් සිතැතියේ ආත්මාර්‍ත්‍ථය ද තත් වූ පරිදි නො දන්නේය. පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද තත් වූ පරිදි නො දන්නේය. රාගය ප්‍රහතවත් ම ආත්මාර්‍ත්‍ථය ද තත් වූ පරිදි දන්නේය. පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද තත් වූ පරිදි දන්නේය. ඇවැත්නි, රාගය වනාහි අඳ කරන්නේ වෙයි. පැණැස් නො කරන්නේ වෙයි. නුවණ නොකරන්නේ වෙයි. ප්‍රඥාව නිරුද්ධ කරන්නේ වෙයි. දුඃඛපක්‍ෂයෙහි වැටෙන්නේ වෙයි. කෙලෙස් නිවනු පිණිස නො පවත්නේ වෙයි.
Pali BJTදුට්ඨො ඛො ආවුසො, දොසෙන -පෙ- මූළ්හො ඛො ආවුසො, මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තව්යාබාධායපි චෙතෙති, -පෙ- උභයව්යාබාධායපි චෙතෙති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. මොහෙ පහීණෙ නෙවත්තව්යාබාධාය චෙතෙති, න පර -පෙ- න උභය -පෙ- න චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති.
Sinhala BJTඇවැත්නි, ද්වේෂයෙන් ද්විෂ්ට වූයේ ... ඇවැත්නි, මෝහයෙන් මූඪ වූයේ, මඩනා ලදුයේ, ඇදගත් සිතැතියේ ආත්මව්‍යාබාධය පිණිස ද සිතයි. පරව්‍යාබාධය පිණිස ... උභයව්‍යාබාධය පිණිස ද සිතයි. චෛතසික වූත් දුක් දොම්නස් විඳුනේය, මෝහය ප්‍රහතවත් ම ආත්මව්‍යාබාධය පිණිස නො ම සිතයි. පරව්‍යාබාධය පිණිස ... උභයව්‍යාබාධය පිණිස නො ම සිතයි. චෛතසික වූ දුක් දොම්නස් නො විඳුනේය.
Pali BJTමූළ්හො ඛො ආවුසො, මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. මොහෙ පහීණෙ නෙව කායෙන දුච්චරිතං චරති, න වාචාය දුච්චරිතං චරති, න මනසා දුච්චරිතං චරති. මූළ්හො ඛො ආවුසො, මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තත්ථම්පි යථාභූතං නප්පජානාති, පරත්ථම්පි යථාභූතං නප්පජානාති. උභයත්ථම්පි යථාභූතං නප්පජානාති. මොහෙ පහීණෙ අත්තත්ථම්පි යථාභූතං පජානාති, පරත්ථම්පි යථාභූතං පජානාති, උභයත්ථම්පි යථාභූතං පජානාති. මොහො ඛො ආවුසො, අන්ධකරණො අචක්ඛුකරණො අඤ්ඤාණකරණො පඤ්ඤානිරොධිකො විඝාතපක්ඛිකො අනිබ්බානසංවත්තනිකො.
Sinhala BJTඇවැත්නි, මෝහයෙන් මූඪ වූයේ, මඩනා ලදුයේ, ඇදගත් සිතැතියේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් කරයි. මෝහය ප්‍රහත වත් ම කයින් දුසිරිත් නො ම කරයි වචනයෙන් ... සිතින් දුසිරිත් නො ම කරයි. ඇවැත්නි, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලදුයේ, ඇදගත් සිතැතියේ ආත්මාර්‍ත්‍ථය ද තත් වූ පරිදි නො දන්නේය. පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද තත් වූ පරිදි නො දන්නේය. මෝහය ප්‍රහත වත් ම ආත්මාර්‍ත්‍ථය ද තත් වූ පරිදි දන්නේය. පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද තත් වූ පරිදි දන්නේය. ඇවැත්නි, මෝහය වනාහි අඳ කරන්නේ වෙයි. පැණැස් නො කරන්නේ වෙයි. නුවණ නො කරන්නේ වෙයි. ප්‍රඥාව නිරුද්ධ කරන්නේ වෙයි. දුඃඛපක්‍ෂයෙහි වැටෙන්නේ වෙයි. කෙලෙස් නිවනු පිණිස නො පවත්නේ වෙයි.
Pali BJTඉදං ඛො මයං ආවුසො, රාගෙ ආදීනවං දිස්වා රාගස්ස පහාණං පඤ්ඤාපෙම. ඉදං දොසෙ ආදීනවං දිස්වා දොසස්ස පහානං පඤ්ඤාපෙම. ඉදං මොහෙ ආදීනවං දිස්වා මොහස්ස පහාණං පඤ්ඤාපෙමාති.
Sinhala BJTඇවැත්නි, අපි රාගයෙහි මේ ආදීනවය දැක රාගප්‍රහාණය පණවම්හ. ද්වේෂයෙහි මේ ආදීනවය දැක ද්වේෂප්‍රහාණය පණවම්හ. මෝහයෙහි මේ ආදීනවය දැක මෝහප්‍රහාණය පණවම්හ යි.
Pali BJTඅත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස රාගස්ස දොසස්ස මොහස්ස පහානායාති? අත්ථාවුසො, මග්ගො අත්ථි පටිපදා එතස්ස රාගස්ස දොසස්ස මොහස්ස පහානායාති. කතමො පනාවුසො, මග්ගො කතමා පටිපදා එතස්ස රාගස්ස දොසස්ස මොහස්ස පහාණායාති? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං : සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො ආවුසො, මග්ගො අයං පටිපදා එතස්ස රාගස්ස දොසස්ස මොහස්ස පහාණායාති. භද්දකො ඛො ආවුසො, මග්ගො භද්දිකා පටිපදා එතස්ස රාගස්ස දොසස්ස මොහස්ස පහාණායායති. අලඤ්ච පනාවුසො ආනන්ද, අප්පමාදායාති.
Sinhala BJTඇවැත්නි, තෙල රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ ප්‍රහාණය පිණිස, මාර්‍ගයෙක් ඇත් ද? ප්‍රතිපදායෙක් ඇත් දැ යි? ඇවැත්නි, තෙල රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ගයෙක් ඇත. ප්‍රතිපදායෙක් ඇත, ඇවැත්නි, තෙල රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ ප්‍රහාණය පිණිස වැටෙන මාර්‍ගය කවරේය? ප්‍රතිපදාව කවර? ඇවැත්නි, මේ අරී අටඟි මග මැ යි. හේ කෙසේය: සම්‍යග් දෘෂ්ටිය, ... සම්‍යක් සමාධි යි. ඇවැත්නි, තෙල රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ ප්‍රහාණය පිණිස මේ මගයි. මේ ප්‍රතිපදායි. ඇවැත්නි, තෙල රාගයාගේ දේවෂයාගේ මෝහයාගේ ප්‍රහාණය පිණිස වැටෙන මාර්‍ගය භද්‍රය. ප්‍රතිපදාව භද්‍රය. ඇවැත, ආනන්‍දයෙනි, අප්‍රමාදය පිණිස නිසිත් වෙයි.
Pali BJT3. 2. 3. 2.
Sinhala BJT3. 2. 3. 2.
Pali BJT[කොසම්බිනිදානං]
Sinhala BJT[කොසඹෑනිදාන යි:]
Pali BJT22. එකං සමයං ආයස්මා ආනන්දො කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො අඤ්ඤතරො ආජීවකසාවකො ගහපති යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො ආජීවකසාවකො ගහපති ආයස්මන්තං ආනන්දං එතදවොච : කෙසං නො භන්තෙ ආනන්ද, ධම්මො ස්වාක්ඛාතො, කෙ ලොකෙ සුපටිපන්නා{1}, කෙ ලොකෙ සුගතාති?{2}
Sinhala BJT22. එක් කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වෙසෙති. එකල එක්තරා ආජීවක ශ්‍රාවක වූ ගැහැවියෙක් ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියේය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් ඇදුරු කොට වැඳ, එකත්පස්හි හින. එකත්පස්හි හුන් ඒ ආජීවක ශ්‍රාවක වූ ගැහැවි ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල සැළ කෙළේය. වහන්ස, ආනන්‍දයෙනි, කවර කෙනකුන්ගේ දහම් මොනොවට දෙසන ලද්දේ වේ ද? ලෝකයෙහි කවර කෙනෙක් සුපිළිපන් වෙත් ද? ලෝකයෙහි කවර කෙනෙක් මනා ගති ඇති වෙත් දැ යි?
Pali BJTතෙන හි ගහපති, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි, යථා තෙ ඛමෙය්ය තථා නං ව්යාකරෙය්යාසි. තං කිං මඤ්ඤසි ගහපති, යෙ රාගස්ස පහාණාය ධම්මං දෙසෙන්ති, දොසස්ස පහාණාය ධම්මං දෙසෙන්ති, මොහස්ස පහාණාය ධම්මං දෙසෙන්ති, තෙසං ධම්මො ස්වාක්ඛාතො නො වා, කථං වා තෙ එත්ථ හොතීති? යෙ භන්තෙ, රාගස්ස පහාණාය ධම්මං දෙසෙන්ති, දොසස්ස -පෙ- මොහස්ස පහානාය ධම්මං දෙසෙන්ති, තෙසං ධම්මො ස්වාක්ඛාතො. එවං මෙ එත්ථ හොතීති.
Sinhala BJTගැහැවියෙනි, එයින් තා ම මෙහි ලා පුළුවුස්නෙමි. යම් පරිදි තට රිසියේ නම් එපරිදි එය ප්‍රකාශ කරව. ගැහැවියෙනි, ඒ කිමැයි සිතවු ද? යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ද්වේෂප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, මෝහප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ඔවුන් විසින් ඒ දහම මොනොවට දෙසන ලද්දේ වේ ද, නොහොත් නො වේ ද? තට මෙහි ලා කෙසේ හෝ අදහස් වේ දැයි? වහන්ස, යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා දහම් දෙසත් ද? ද්වේෂප්‍රහාණය ... මෝහප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ඔවුන් විසින් ඒ දහම මොනොවට දෙසන ලද්දේ වෙයි. මෙහි ලා මට මෙසේ සිත් වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි ගහපති, යෙ රාගස්ස පහාණාය පටිපන්නා, දොසස්ස -පෙ- මොහස්ස පහාණාය පටිපන්නා, තෙ ලොකෙ සුපටිපන්නා නො වා කථං වා තෙ එත්ථ හොතීති? යෙ භන්තෙ, රාගස්ස පහාණාය පටිපන්නා, දොසස්ස -පෙ- මොහස්ස පහාණාය පටිපන්නා, තෙ ලොකෙ සුපටිපන්නා. එවං මෙ එත්ථ හොතීති.
Sinhala BJTගැහැවියෙනි, ඒ කිමැයි සිතවු ද? යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා පිළිපන්නාහු වෙත් ද, ද්වේෂප්‍රහාණය ... මෝහප්‍රහාණය සඳහා පිළිපන්නාහු වෙත් ද? ඔහු ලෝකයෙහි සුපිළිපන්හු වෙත් ද, නොහොත් නො වෙත් ද, තට මෙහි ලා කෙසේ හෝ අදහස් වේදැයි? වහන්ස, යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා පිළිපන්නාහු වෙත් ද? ද්වේෂප්‍රහාණය ... මෝහප්‍රහාණය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු ලෝකයෙහි සුපිළිපන් වෙති. මෙහි ලා මට මෙසේ අදහස් වෙයි.
Pali BJTතං කිංමඤ්ඤසි ගහපති, යෙසං රාගො පහීණො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො{1} ආයතිං අනුප්පාදධම්මො, යෙසං දොසො පහීණො -පෙ- යෙසං මොහො පහීණො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො, තෙ ලොකෙ සුගතා, නො වා කථං වා තෙ එත්ථ හොතීති? යෙසං භන්තෙ, රාගො පහීණො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො, යෙසං දොසො පහීණො -පෙ- යෙසං මොහො පහීණො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො, තෙ ලොකෙ සුගතා. එවං මෙ එත්ථ හොතීති.
Sinhala BJTගැහැවියෙනි, ඒ කිසෙයින් සිතවු ද? යම් කෙනකුන්ගේ රාගය ප්‍රහත වේ ද, මුලසුන් වේ ද, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ ද, අනභාව කරණ ලද්දේ වේ ද, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ ද, යම් කෙනකුන්ගේ ද්වේෂය ප්‍රහත වේ ද, ... යම් කෙනකුන්ගේ මෝහය ප්‍රහත වේ ද, මුලුසුන් වේ ද, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ ද, අනභාව කරණ ලද්දේ වේ ද, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ ද, ඔහු ලෝකයෙහි මනා ගති ඇති වෙත් ද? නොසේ වෙත් ද? මෙහි ලා තට කෙසේ හෝ අදහස් වේ දැ යි? වහන්ස, යම් කෙනකුන්ගේ රාගය ප්‍රහත වේ නම්, මුලුසුන් වේ නම්, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ නම්, අනභාව කරණ ලද්දේ වේ නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, යම් කෙනකුන්ගේ ද්වේෂය ප්‍රහත වේ නම් ... මෝහය ප්‍රහත වේ නම්, මුලුසුන් වේ නම්, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ නම්, අනභාවය කරණ ලද්දේ වේ නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, ඔහු ලෝකයෙහි මනා ගති ඇති වෙති. මෙහි ලා මට මෙසේ අදහස් වෙයි.
Pali BJTඉති ඛො ගහපති, තයා වෙතං ව්යාකතං යෙ භන්තෙ, රාගස්ස පහාණාය ධම්මං දෙසෙන්ති, දොසස්ස -පෙ- මොහස්ස පහාණාය ධම්මං දෙසෙන්ති, තෙසං ධම්මො ස්වාක්ඛාතොති. තයා වෙතං{2} ව්යාකතං. යෙ භන්තෙ, රාගස්ස පහාණාය පටිපන්නා, දොසස්ස -පෙ- මොහස්ස පහාණාය පටිපන්නා, තෙ ලොකෙ සුපටිපන්නාති. තයා වෙතං ව්යාකතං. යෙසං භන්තෙ, රාගො පහීණො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො, යෙසං දොසො පහීණො -පෙ- මොහො පහීණො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො, තෙ ලොකෙ සුගතාති.{3}
Sinhala BJTගැහැවියෙනි, “වහන්ස, යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ද්වේෂප්‍රහාණය සඳහා ... මෝහප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ඔවුන් විසින් ඒ දහම මොනොවට දෙසන ලද්දේ ය” යි මෙසේ තා විසින් ම තෙල ප්‍රශ්නය විසඳා කියන ලදී. ‘වහන්ස, යම් කෙනෙක් රාගප්‍රහාණය පිණිස පිළිපන්නාහු වෙත් ද, ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්‍රහාණය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු ලෝකයෙහි සුපිළිපන්හ’ යි තා විසින් ම තෙල ප්‍රශ්නය විසඳා කියන ලදී. ‘වහන්ස, යම් කෙනකුන්ගේ රාගය ප්‍රහත වේ නම්, මුලුසුන් වේ නම්, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ නම්, අනභාව කරණ ලද්දේ වේ නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, යම් කෙනකුන්ගේ ද්වේෂය ප්‍රහත වේ නම් ... මෝහය ප්‍රහත වේ නම්, මුලුසුන් වේ නම්, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ නම්, අනභාව කරණ ලද්දේ වේ නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, ඔහු ලෝකයෙහි මනාගති ඇති වෙති’යි තා විසින් ම තෙල ප්‍රශ්නය විසඳා කියන ලදී.
Pali BJTඅච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, න චෙව නාම සධම්මුක්කංසනා භවිස්සති, න ච පරධම්මාපසාදනා, ආයතනෙව ධම්මදෙසනා, අත්ථො ච වුත්තො, අත්තා ච අනුපනීතො.
Sinhala BJTවහන්ස, ඇඟිලි පොළන්නට නිසිය. වහන්ස, නොවූවිරියෙක, තමා ලද හුවා නො දක්වනු වෙයි. මෙරමා ලද හෙළනුදු නොවෙයි. නිසි කරුණෙහි ම දහම් දෙසුම් වෙයි. පුළුවුත් පැනට අර්‍ත්‍ථය ම පැවසින. තෙමේත් (අපි මෙබන්දම්හ යි) එළවා නො දැක්වින.
Pali BJTතුම්හෙ භන්තෙ ආනන්ද, රාගස්ස පහාණාය ධම්මං දෙසෙථ, දොසස්ස පහාණාය ධම්මං දෙසෙථ, මොහස්ස පහාණාය ධම්මං දෙසෙථ. තුම්හාකං භන්තෙ ආනන්ද, ධම්මො ස්වාක්ඛාතො. තුම්හෙ භන්තෙ ආනන්ද, රාගස්ස පහාණාය පටිපන්නා, දොසස්ස -පෙ- මොහස්ස පහාණාය පටිපන්නා. තුම්හෙ{4} ලොකෙ සුපටිපන්නා{5}. තුම්හාකං භන්තෙ ආනන්ද, රාගො පහීණො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො, තුම්හාකං දොසො -පෙ- තුම්හාකං මොහො පහීණො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො{1} ආයතිං අනුප්පාදධම්මො. තුම්හෙ ලොකෙ සුගතා.
Sinhala BJTවහන්ස, ආනන්‍දයෙනි, තෙපි රාගප්‍රහාණය සඳහා දහම් දෙසව. ද්වේෂප්‍රහාණය සඳහා දහම් දෙසව. මෝහප්‍රහාණය සඳහා දහම් දෙසව. වහන්ස, ආනන්‍දයෙනි, තොපගේ දහම මොනොවට පවසන ලදී. වහන්ස, ආනන්‍දයෙනි, තෙපි රාගප්‍රහාණය සඳහා පිළිපන්නාව. ද්වේෂප්‍රහාණය ... මෝහප්‍රහාණය සඳහා පිළිපන්නාව. තෙපි ලෝකයෙහි සුපිළිපන්නාව. වහන්ස, ආනන්‍දයෙනි, තොපගේ රාගය ප්‍රහත වෙයි. මුලුසුන් වෙයි මුදුන් සුන් තලක් සෙයින් අවස්තුකභාවය කරණ ලද්දේ වෙයි. අනභාව කරණ ලද්දේ වෙයි. මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි. තොපගේ ද්වේෂය ... තොපගේ මෝහය ප්‍රහත වෙයි. මුලුසුන් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුකභාවය කරණ ලද්දේ වෙයි. අනභාව කරණ ලද්දේ වෙයි. මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි. තෙපි ලෝකයෙහි මනාගති ඇත්තාව.
Pali BJTඅභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ, සෙය්යථාපි භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති.{1} එවමෙවං අය්යෙන ආනන්දෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො.
Sinhala BJTවහන්ස, ඉතා මැනව, වහන්ස, ඉතා මැනව. වහන්ස, යටිහුරු කරණ ලද්දක් හෝ යම්සේ උඩුහුරු කරන්නේ වේ ද, පිළිසන් දැයක් හෝ යම්සේ විවට කරන්නේ වේ ද, මං මුළාවූවක්හට හෝ යම්සේ මග කියන්නේ වේ ද, ‘ඇස් ඇතියෝ රූපායතනයන් දක්නාහ’ යි අඳුරෙහි හෝ යම්සේ තෙල් පහනක් දල්වන්නේ වේ ද, එපරිදි ම ආර්‍ය ආනන්‍ද තෙරණුවන් විසින් අනේකපර්‍ය්‍යායයෙන් (තුන් අයුරින්) දහම් දෙසන ලදී.
Pali BJTඑසාහං භන්තෙ ආනන්ද, තං භගවන්තං සරණං ගච්ඡාමි, ධම්මං ච භික්ඛුසඞ්ඝං ච. උපාසකං මං අය්යො ආනන්දො ධාරෙතු, අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTවහන්ස, ආනන්‍දයෙනි, තෙල මම එ භගවත්හු ද දහම ද බික්සඟුන් ද සරණ යෙමි. ආර්‍ය ආනන්‍ද තෙරණුවෝ අද පටන් කොට මා දිවියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරත්වා.
Pali BJT3. 2. 3. 3.
Sinhala BJT3. 2. 3. 3.
Pali BJT[කපිලවත්ථුනිදානං]
Sinhala BJT[කිඹුල්වත්නිදාන යි:]
Pali BJT23. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා ගිලානා{2} වුට්ඨිතො හොති අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච : දීඝරත්තාහං භන්තෙ, භගවතා එවං ධම්මං දෙසිතං ආජානාමි : සමාහිතස්ස ඤාණං, නො අසමාහිතස්සාති. සමාධි නු ඛො භන්තෙ, පුබ්බෙ, පච්ඡා ඤාණං. උදාහු ඤාණං පුබ්බෙ, පච්ඡා සමාධීති?
Sinhala BJT23. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ගිලන් ව නැගි සිටි සේක් ගිලන් සෙයින් නැගිසිටි නොබෝකල් ඇති සේක. එක්බිති මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පස්ව හින. එකත්පස් ව හුන් මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය. වහන්ස, ‘එකඟ සිතැතියාහට ඥානය ඇත. එකඟ සිත් නැතියාහට ඥානය නැතැ’යි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ දෙසූ දහම මම දීර්‍ඝ-රාත්‍රයෙහි දැන සිටිමි. වහන්ස, කැල ම සමාධිය වේ ද? පසු ව ඥානය වේ ද? නොහොත් කැල ම ඥානය වේ ද? පසු ව ලා සමාධිය වේ දැ යි?
Pali BJTඅථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි. භගවා ඛො ගිලානා වුට්ඨිතො අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. අයඤ්ච මහානාමො සක්කො භගවන්තං අතිගම්භීරං පඤ්හං පුච්ඡති. යන්නූනාහං මහානාමං සක්කං එකමන්තං අපනෙත්වා ධම්මං දෙසෙය්යන්ති.
Sinhala BJTඑසඳ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට මෙබඳු සිතෙක් වී. භාග්‍යවතුන් වහන්සේ ගිලන්ව නැගිසිටි සේක් ගිලන් බැවින් නැගිසිටි නොබෝකල් ඇත සේක. වැලිදු මේ මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේ අතින් ඉගැඹුරු පැනක් පුළුවුස්නේය. මම මහානාම සැහැරජ එකත්පසෙකට ගෙණ ගොස් දහම් දෙසම් නම් මනා මැ නුයි.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො මහානාමං සක්කං බාහාය{3} ගහෙත්වා එකමන්තං අපනෙත්වා මහානාමං සක්කං එතදවොච : සෙඛම්පි ඛො මහානාම, සීලං වුත්තං භගවතා, අසෙඛම්පි සීලං වුත්තං භගවතා, සෙඛොපි සමාධි වුත්තො භගවතා, අසෙඛොපි සමාධි වුත්තො භගවතා, සෙඛාපි පඤ්ඤා වුත්තා භගවතා, අසෙඛාපි පඤ්ඤා වුත්තා භගවතා.
Sinhala BJTඑක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මහානාම සැහැරජු අත්හි ගෙණ එකත්පසෙකට නෙරැ මහානාම සැහැරජුට තෙල කීහ: මහානාමයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂශීලයෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂශීලයෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂසමාධියෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂසමාධියෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂප්‍රඥායෙකුදු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂප්‍රඥායෙකුදු වදාරණ ලදී.
Pali BJTකතමඤ්ච මහානාම, සෙඛං සීලං: ඉධ මහානාම, භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. ඉදං වුච්චති මහානාම, සෙඛං සීලං. කතමො ච මහානාම, සෙඛො සමාධි : ඉධ මහානාම, භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති මහානාම, සෙඛො සමාධි. කතමා ච මහානාම, සෙඛා පඤ්ඤා : ඉධ මහානාම, භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. අයං වුච්චති මහානාම, සෙඛා පඤ්ඤා.
Sinhala BJTමහානාමයෙනි, ශෛක්‍ෂශීලය නම් කවරේ ය? මහානාමයෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරසංවෘතව ... මොනොවට ගෙණ ශික්‍ෂාපද විෂයෙහි හික්මෙයි. මහානාමයෙනි, මේ ශෛක්‍ෂශීලය යි කියනු ලැබේ. මහානාමයෙනි, ශෛක්‍ෂසමාධිය කවරේ ය? මහානාමයෙනි, මෙසස්නෙහි මහණ කාමයන් කෙරෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. මහානාමයෙනි, මේ ශෛක්‍ෂසමාධිය යි කියනු ලැබේ. මහානාමයෙනි, ශෛක්‍ෂප්‍රඥාව කවර? මහානාමයෙනි, මෙසස්නෙහි මහණ මේ දුකැයි යථාභූතය ප්‍රකාරයෙන් දන්නේය. ... මේ දුඃඛනිරෝධගාමිනී වූ ප්‍රතිපත්තිය යි යථාභූතය ප්‍රකාරයෙන් දන්නේය. මහානාමයෙනි, මේ ශෛක්‍ෂප්‍රඥා යි කියනු ලැබේ.
Pali BJTස ඛො සො මහානාම, අරියසාවකො එවං සීලසම්පන්නො එවං සමාධිසම්පන්නො එවං පඤ්ඤාසම්පන්නො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTමහානාමනි, ඒ අරිසවු මෙබඳු සිල් ඇතියේ, මෙබඳු සමාධි ඇතියේ මෙ බඳු පැණ ඇතියේ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ රහත්ඵල සපියුතු සමාධි හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට උපයාගෙන වෙසෙයි.
Pali BJTඑවං ඛො මහානාම, සෙඛම්පි සීලං වුත්තං භගවතා, අසෙඛම්පි සීලං වුත්තං භගවතා, සෙඛොපි සමාධි වුත්තො භගවතා, අසෙඛොපි සමාධි වුත්තො භගවතා, සෙඛාපි පඤ්ඤා වුත්තා භගවතා, අසෙඛාපි පඤ්ඤා වුත්තා භගවතාති.
Sinhala BJTමහානාමයෙනි, මෙ පරිදි භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂශීලය ද වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂ ශීලය ද වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂසමාධිය ද වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂ සමාධිය ද වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂප්‍රඥාව ද වදාරණ ලදු. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂ ප්‍රඥාව ද වදාරණ ලදු.
Pali BJT3. 2. 3. 4.
Sinhala BJT3. 2. 3. 4.
Pali BJT[වෙසාලිනිදානං]
Sinhala BJT[වේසාලිනිදාන යි]
Pali BJT24. එකං සමයං ආයස්මා ආනන්දො වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො අභයො ච ලිච්ඡවි පණ්ඩිතකුමාරො ච ලිච්ඡවි යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො අභයො ලිච්ඡවි ආයස්මන්තං ආනන්දං එතදවොච :
Sinhala BJT24. එක් කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ විශාලා මහනුවර මහාවනයෙහි කූටාගාරශාලායෙහි (කැණි දී නැගූ කුළාරපහයෙහි) වැඩ වෙසෙති. එක්බිති අභය ලිච්ඡවී හා පණ්ඩිතකුමාර ලිච්ඡවී හා දෙදෙන ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් අභය ලිච්ඡවී ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල කීය.
Pali BJTනිගණ්ඨො භන්තෙ, නාතපුත්තො{1} සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානාති : චරතො ච මෙ තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිතන්ති. සො පුරාණානං කම්මානං තපසා ව්යන්තීභාවං පඤ්ඤාපෙති, නවානං කම්මානං අකරණා සෙතුඝාතං. ඉති කම්මක්ඛයා දුක්ඛක්ඛයො, දුක්ඛක්ඛයා වෙදනාක්ඛයො, වෙදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සති. එවමෙතිස්සා සන්දිට්ඨිකාය නිජ්ජරාවිසුද්ධියා සමතික්කමො හොති.
Sinhala BJTවහන්ස, නිගණ්ඨනාතපුත්‍ර ‘ඇවිදුනා වූත් සිටුනා වූත් නිදන්නා වූත් නිදිවරන්නා වූත් මට නරතුරු ඥානදර්‍ශනය එළඹ සිටිති’යි සර්‍වඥ යැයි සර්‍වදර්ශී යැ යි නිඃශේෂඥානයක් පිළින කෙරෙයි. හේ පුරාණකර්‍මයන්ගේ තපසින් විගතාන්තභාවය පණවයි. නවකර්‍මයන්ගේ නොකිරීමෙන් සේතුඝාතය පණවයි. මෙසේ කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් සර්‍වදුඃඛය නිර්ජිර්‍ණ වෙයි. මෙසේ තෙල සාන්දෘෂ්ටිකනිර්‍ජරාවිශුද්ධියෙන් භවසමතික්‍රමණය වේය යි කියා යි.
Pali BJTඉධ භන්තෙ, භගවා කිමාහාති.
Sinhala BJTවහන්ස, මෙහි ලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරණ සේක් ද?
Pali BJTතිස්සො ඛො ඉමා අභය, නිජ්ජරාවිසුද්ධියො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්මදක්ඛාතා සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං{2} සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය.
Sinhala BJTඅභයයෙනි, සත්ත්‍වයන්ගේ විශුද්ධිය සඳහා ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය සඳහා දුඃඛදෞර්‍මනස්‍යයන්ගේ අස්තඞ්ගමය සඳහා මාර්‍ගයාගේ අධිගමය සඳහා නිර්‍වාණයාගේ ප්‍රත්‍යක්‍ෂ කරණය සඳහා අනාවරණඥානයෙන් සියල්ල දන්නා වූ සමන්තචක්‍ෂුසින් සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ තුන් වැදෑරුම් නිර්ජරා විශුද්ධීහු මොනොවට වදාරණ ලදහ.
Pali BJTකතමා තිස්සො : ඉධ අභය, භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. සො නවඤ්ච කම්මං න කරොති. පුරාණඤ්ච කම්මං ඵුස්ස ඵුස්ස ව්යන්තීකරොති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනයිකා{3} පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහීති.
Sinhala BJTකවර තුන් දෙනෙක යත්: අභයෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි. ... මොනොවට ගෙණ ශික්‍ෂාපදයෙහි හික්මෙයි. හේ නූතන වූත් කර්‍ම නො කෙරෙයි. පුරාණ වූත් කර්‍ම පුනපුනා විපාක ස්පර්‍ශ කොට විගතාන්ත කෙරෙයි. (තෙල) අකාලික වූ ‘එව, බලව’ යන විධියට යෝග්‍ය වූ උපනයනාර්‍හ වූ නුවණැතියන් විසින් තමා කෙරෙහි එළවා වේදිතව්‍ය වූ සාන්දෘෂ්ටික නිර්ජරා විශුද්ධිය යි.