Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1701-1800 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතං කිම්මඤ්ඤථ කාලාමා, ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වාති. අකුසලා භන්තෙ.
Sinhala BJTකාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? මේ දහම්හු කුසල් හෝ වෙත් ද? අකුසල් හෝ වෙත් ද? වහන්ස, අකුසල්හ.
Pali BJTසාවජ්ජා වා අනවජ්ජා වාති. සාවජ්ජා භන්තෙ.
Sinhala BJTසාවද්‍ය හෝ වෙත් ද? අනවද්‍ය හෝ වෙත් ද? වහන්ස, සාවද්‍යයහ.
Pali BJTවිඤ්ඤූගරහිතා වා විඤ්ඤූප්පසත්ථා වාති. විඤ්ඤූගරහිතා, භන්තෙ.
Sinhala BJTනුවණැත්තන් විසින් ගරහන ලද්දාහු ද? නොහොත් නොගරහන ලද්දාහු ද? වහන්ස, නුවණැත්තන් විසින් ගරහන ලද්දාහ.
Pali BJTසමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති නො වා කථං වා හෙත්ථ හොතීති. සමත්තා භන්තෙ, සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති. එවං නො හෙත්ථ හොතීති.
Sinhala BJTපිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවතිත් ද? නොහොත් නො පවතිත් ද? මෙහිලා තොපට කෙසේ අදහස් වේ ද? වහන්ස, ‘පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි මෙහිලා අපට මෙසේ අදහස් වේ.
Pali BJTඉති ඛො කාලාමා, යන්තං අවොචුම්හ. එථ තුම්හෙ කාලාමා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ කාලාමා අත්තනාව ජානෙය්යාථ : ඉමෙ ධම්මා අකුසලා, ඉමෙ ධම්මා සාවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤූගරහිතා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති, අථ තුම්හෙ කාලාමා, පජහෙය්යාථාති, ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTකාලාමයෙනි, මෙසේ යම් එ බසක් කීමෝ ද: ‘තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නොගණුව, පරම්පරා කථායෙනුදු නොගණුව, ‘තෙල මෙසේ වී ලැ’යි ද නොගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව, තර්‍කාග්‍රාහයෙනුදු නොගණුව, නයග්‍රාහයෙනුදු නොගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව, ‘අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ’යි ද නොගණුව, (මෙතෙම පූජ්‍යයෙකැ’යි) භව්‍යරූපතායෙනුදු නොගණුව, ‘මේ මහණ අපට ගුරුහ’යි ද නොගණුව, කාලාමයෙනි, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි යම් කලෙක තෙපි තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව’යි මෙසේ යමක් කියන ලද නම්, තෙල මේ සඳහා කියන ලදී.
Pali BJTඑථ තුම්හෙ කාලාමා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ කාලාමා, අත්තනාව ජානෙය්යාථ, ඉමෙ ධම්මා කුසලා, ඉමෙ ධම්මා අනවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤූප්පසත්ථා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්තීති, අථ තුම්හෙ කාලාමා, උපසම්පජ්ජ විහරෙය්යාථ.
Sinhala BJTකාලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නොගණුව, පරම්පරා කථායෙනුදු නොගණුව, තෙල මෙසේ වීලැයි ද නොගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව, තර්‍කාග්‍රාහයෙනුදු නොගණුව, නයග්‍රාහයෙනුදු නොගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව, අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැයි ද නොගණුව, (මෙතෙම පූජ්‍යයෙකැයි) භව්‍යරූපතායෙනුදු නොගණුව, ‘මේ මහණ අපට ගුරුහ’යි ද නොගණුව, කාලාමයෙනි, යම් කලෙක තෙපි මේ දහම්හු කුසල්හ, මේ දහම්හු අනවද්‍යයහ, මේ දහම්හු විඥප්‍රශස්තයහ, මේ දහම්හු සම්පූර්‍ණ කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු වැඩ පිණිස සුව පිණිස පවත්නාහ’යි තුමූ ම දන්නහු නම්, එකල කාලාමයෙනි, තෙපි එය උපයාගෙන වසව.
Pali BJTතං කිම්මඤ්ඤථ කාලාමා, අලොභො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති හිතාය වා අහිතාය වාති. හිතාය භන්තෙ.
Sinhala BJTකාලාමයෙනි, ඒ කිමැයි සිතවු ද? පුරුෂයාගේ සිත තුළ අලෝභය උපදනේ හිත පිණිස හෝ අහිත පිණිස උපදනේ ද? වහන්ස, හිත පිණිස උපදනේය.
Pali BJTඅලුද්ධො පනායං කාලාමා, පුරිසපුග්ගලො ලොභෙන අනභිභූතො අපරියාදින්නචිත්තො නෙව පාණං හන්ති, න අදින්නං ආදියති, න පරදාරං ගච්ඡති, න මුසා භණති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං හිතාය සුඛායාති. එවං භන්තෙ.
Sinhala BJTකාලාමයෙනි, අලුබ්ධ වූ මේ පුරුෂ පුද්ගල ලෝභයෙන් නොමඩනා ලදුයේ නොගන්නා ලද සිත් ඇතියේ යම් කරුණෙක් ඔහුට දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුව පිණිස වේ නම්, එබඳු පණිවා නොමැ කෙරේ, අයිනාදන් නො ගණී, පරදාරයන් කරා නො යේ. මුසවා නො බෙණේ. මෙරමාත් එසෙයට සමාදන් කරවයි. වහන්ස, එසේය.
Pali BJTතං කිම්මඤ්ඤථ කාලාමා, අදොසො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති හිතාය වා අහිතාය වාති; හිතාය භන්තෙ.
Sinhala BJTකාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? පුරුෂයාගේ සිත තුළ අද්වේෂය උපදනේ වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදනේ ද? වහන්ස, වැඩ පිණිස උපදනේය.
Pali BJTඅදුට්ඨො පනායං කාලාමා, පුරිසපුග්ගලො දොසෙන අනභිභූතො අපරියාදින්නචිත්තො නෙව පාණං හන්ති -පෙ- න මුසා භණති, පරම්පි තථත්තාය සමාදපෙති. යං ස හොති දීඝරත්තං හිතාය සුඛායාති. එවං භන්තෙ.
Sinhala BJTකාලාමයෙනි, අද්විෂ්ට වූ මේ පුරුෂ පුද්ගල ද්වේෂයෙන් නො මඩනා ලදුයේ නොගන්නා ලද සිත් ඇතියේ යම් කරුණෙක් ඔහුට දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුව පිණිස වේ නම්, එබඳු වූ පණිවා නො ම කෙරේ ... මුසවා නො බෙණේ. මෙරමාත් එසෙයට සමාදන් කරවයි. වහන්ස, එසේය.
Pali BJTතං කිම්මඤ්ඤථ කාලාමා, අමොහො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති හිතාය වා අහිතාය වාති? හිතාය භන්තෙ.
Sinhala BJTකාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? අමෝහය පුරුෂයා තුළ උපදනේ වැඩ පිණිස හෝ අවැඩ පිණිස හෝ උපදනේ ද? වහන්ස, වැඩ පිණිස උපදනේ ය.
Pali BJTඅමූළ්හො පනායං කාලාමා පුරිසපුග්ගලො මොහෙන අනභිභූතො අපරියාදින්නචිත්තො නෙව පාණං හන්ති, න අදින්නං ආදියති, න පරදාරං ගච්ඡති, න මුසා භණති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං හිතාය සුඛායාති. එවං භන්තෙ .
Sinhala BJTකාලාමයෙනි, අමූඪ වූ මේ පුරුෂ පුද්ගල මෝහයෙන් නොමඩනා ලදුයේ නොගන්නා ලද සිත් ඇතියේ, යම් කරුණෙක් ඔහුට දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුව පිණිස වේ නම්, එබඳු වූ පණිවා නොම කෙරේ, අයිනාදන් නො ගණී, පරදාරයට නොයේ, මුසවා නො බෙණේ, මෙරමාත් එසෙයට සමාදන් කරව යි. එසේය, වහන්ස.
Pali BJTතං කිම්මඤ්ඤථ කාලාමා, ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වාති? කුසලා භන්තෙ.
Sinhala BJTකාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? මේ ධර්‍මයෝ කුසල් හෝ අකුසල් හෝ වෙත් ද? වහන්ස, කුසල්හු වෙති.
Pali BJTසාවජ්ජා වා අනවජ්ජා වාති? අනවජ්ජා භන්තෙ.
Sinhala BJTසාවද්‍ය හෝ අනවද්‍ය හෝ වෙත් ද? වහන්ස, අනවද්‍ය වෙති.
Pali BJTවිඤ්ඤූගරහිතා වා විඤ්ඤූප්පසත්ථා වාති? විඤ්ඤූප්පසත්ථා භන්තෙ.
Sinhala BJTවිඥයන් විසින් ගර්හිත හෝ ප්‍රශස්ත හෝ වෙත් ද? වහන්ස, විඥයන් විසින් ප්‍රශස්තයහ.
Pali BJTසමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්ති නො වා කථං වා හෙත්ථ හොතීති? සමත්තා භන්තෙ, සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්ති. එවං නො හෙත්ථ හොතීති.
Sinhala BJTපරිපූර්‍ණ වූවාහු මොනොවට ගන්නා ලද්දාහු හිතයට සුඛයට වැටෙත් ද? නොහොත් නො වැටෙත් ද? මෙහිලා කෙසේ හෝ අදහස් වන්නේ ද? වහන්ස, පරිපූර්‍ණ වූවාහු මොනොවට ගන්නා ලද්දාහු හිතයට සුඛයට වැටෙත්. මෙහි ලා අපට මෙබඳු අදහස් වෙයි.
Pali BJTඉති ඛො කාලාමා, යන්තං අවොචුම්හ : එථ තුම්හෙ කාලාමා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ කාලාමා, අත්තනාව ජානෙය්යාථ : ඉමෙ ධම්මා කුසලා, ඉමෙ ධම්මා අනවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤූප්පසත්ථා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්තීති, අථ තුම්හෙ කාලාමා, උපසම්පජ්ජ විහරෙය්යාථාති, ඉති යන්තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT“කාලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නො ගණුව, පරම්පරා කථායෙනුදු නො ගණුව, (තෙල මෙසේ වීල යන) ඉතිකිරාකථායෙනුදු නො ගණුව. (පෙළ හා සැසඳෙයි යන) පිටක සම්පදානයෙනුදු නො ගණුව, තර්‍කහේතුයෙනුදු නො ගණුව, නයහේතුයෙනුදු නො ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නො ගණුව, දෘෂ්ටිනිර්‍ධ්‍යානක්‍ෂාන්තියෙනුදු නො ගණුව, භව්‍යරූපභාවයෙනුදු නො ගණුව. මේ මහණහු අපට ගුරුහ යන හේතුයෙනුදු නො ගණුව. කාලාමයෙනි, තෙපි යම් කලෙක මේ ධර්‍මයෝ කුසලයහ, මේ ධර්‍මයෝ අනවද්‍යයහ, මේ ධර්‍මයෝ විඥප්‍රශස්තයහ. මේ ධර්‍මයෝ සමාත්ත වූවාහු, සමාදත්ත වූවාහු හිතයට සුඛයට වැටෙති’යි තුමූ ම දනිවු නම්, කාලාමයෙනි, එකල තෙපි එය ලැබගෙණ වසව’යි මෙසේ යම් එබඳු බසක් කියනලදනම්, මෙය තෙල කරුණ පිණිස කියන ලදී.
Pali BJTස ඛො සො කාලාමා, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතබ්යාපාදො අසම්මූළ්හො සම්පජානො පතිස්සතො මෙත්තාසහගතෙන චෙතසා -පෙ- කරුණාසහගතෙන චෙතසා - මුදිතාසහගතෙන චෙතසා - උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං - තථා තතියං - තථා චතුත්ථිං - ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති.
Sinhala BJTකාලාමයෙනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවක වනාහි මෙසේ පහව ගිය අභිධ්‍යා ඇත්තේ, පහව ගිය ව්‍යාපාද ඇත්තේ අසම්මූඪ වූයේ නුවණින් දන්නේ එළඹසිටි සිහි ඇත්තේ මෛත්‍රී සහගත සිතින් ... කරුණා සහගත සිතින් ... මාර්‍දව සහගත සිතින් ... උපේක්‍ෂා සහගත සිතින් එක් දිගක් පැතිර ගෙණ වෙසේ. එසැටි ම දෙවන දිග, එසැටි ම තුන්වන දිග, එසැටි ම සතරවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මභාවයෙන් සකල ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ එයින් ම නිදුක් වූ උපේක්‍ෂාසහගත සිතින් පැතිර ගෙණ වෙසෙයි.
Pali BJTස ඛො සො කාලාමා, අරියසාවකො එවං අවෙරචිත්තො එවං අබ්යාපජ්ඣචිත්තො එවං අසංකිලිට්ඨචිත්තො එවං විසුද්ධචිත්තො. තස්ස දිට්ඨෙව ධම්මෙ චත්තාරො අස්සාසා අධිගතා හොන්ති :
Sinhala BJTකාලාමයෙනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවක වනාහි මෙසේ අවෛර සිත් ඇතියේ මෙසේ නිදුක් සිත් ඇතියේ මෙසේ නොකිලිටි සිත් ඇතියේ මෙසේ පිරිසිදු සිත් ඇතියේ වේ ද, ඔහු විසින් ඉහාත්මයෙහි ම සතර ආශ්වාස කෙනෙක් අධිගත වෙත්.
Pali BJTසචෙ ඛො පන අත්ථි පරො ලොකො, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, ඨානමහං කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සාමීති, අයමස්ස පඨමො අස්සාසො අධිගතො හොති.
Sinhala BJTඉදින් පරලොව වේ නම් සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාකයෙක් වේ නම් මම ඒකාන්තයෙන් කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙමි යි මේ පළමුවන ආශ්වාසය අධිගත වෙයි.
Pali BJTසචෙ ඛො පන නත්ථි පරො ලොකො, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො ඉදාහං දිට්ඨෙව ධම්මෙ අවෙරං අබ්යාපජ්ඣං අනීඝං සුඛං අත්තානං පරිහරාමීති, අයමස්ස දුතියො අස්සාසො අධිගතො හොති.
Sinhala BJTඉදින් පරලොව නො වේ නම් සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාකයෙක් නො වේ නම් මම මෙලොව ම අවෛර වූත් ව්‍යාබාධරහිත වූත් සුඛ වූත් ආත්මයක් පරිහරණය කෙරෙමි යි මේ දෙවන ආශ්වාසය අධිගත වෙයි.
Pali BJTසචෙ ඛො පන කරොතො කරිය්යති පාපං, න ඛො පනාහං කස්සචි පාපං චෙතෙමි. අකරොන්තං ඛො පන මං පාපං කම්මං කුතො දුක්ඛං ඵුසිස්සතීති අයමස්ස තතියො අස්සාසො අධිගතො හොති.
Sinhala BJTඉදින් කරණුවහට පව් කැරේ ද, මම වැලිත් කිසිවක්හට පවක් නො සිතමි. පව්කම් නො කරණ මා කොයින් දුක් වදනේ දැ යි ඔහු විසින් මේ තුන්වන ආශ්වාසය අධිගත වෙයි.
Pali BJTසචෙ ඛො පන කරොතො න කරිය්යති පාපං, ඉදාහං{1} උභයෙනෙව විසුද්ධං අත්තානං සමනුපස්සාමීති, අයමස්ස චතුත්ථො අස්සාසො අධිගතො හොති.
Sinhala BJTඉදින් කරණුවහට පව් නො කැරේ ද, මම වැලිත් දෙපසින් ම විශුද්ධ වූ ආත්මයක් දක්මි යි ඔහු විසින් මේ සතරවන ආශ්වාසය අධිගත වෙයි.
Pali BJTස ඛො සො කාලාමා, අරියසාවකො එවං අවෙරචිත්තො එවං අබ්යාපජ්ඣචිත්තො එවං අසඞ්කිලිට්ඨචිත්තො, එවං විසුද්ධචිත්තො. තස්ස දිට්ඨෙව ධම්මෙ ඉමෙ චත්තාරො අස්සාසා අධිගතා හොන්තීති?
Sinhala BJTකාලාමයෙනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවක වනාහි මෙසේ අවෛර සිත් ඇත්තේ, මෙසේ අබ්‍යාබාධ සිත් ඇත්තේ, මෙසේ නොකිලිටි සිත් ඇත්තේ, මෙසේ විශුද්ධ සිත් ඇත්තේ වේ ද, ඔහු විසින් ඉහාත්මයෙහි ම මේ සතර ආශ්වාසයෝ අධිගත වෙත් දැයි වදාළහ.
Pali BJTඑවමෙතං භගවා, එවමෙතං සුගත, ස ඛො සො භන්තෙ, අරියසාවකො එවං අවෙරචිත්තො එවං අබ්යාපජ්ඣචිත්තො එවං අසඞ්කිලිට්ඨචිත්තො එවං විසුද්ධචිත්තො. තස්ස දිට්ඨෙව ධම්මෙ චත්තාරො අස්සාසා අධිගතා හොන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, තෙල මෙසේ මැයැ. සුගතයන් වහන්ස, තෙල මෙසේ මැයැ. වහන්ස, ඒ අරිසවු මෙසේ අවෛර සිත් ඇතියේ, මෙසේ ව්‍යාබාධ රහිත සිත් ඇතියේ - මෙසේ නො කිලිටි සිත් ඇතියේ - මෙසේ පිරිසිදු සිත් ඇතියේ වේ ද, ඔහු විසින් ඉහාත්මයෙහි ම සතර ආශ්වාසයෝ අධිගත වෙත්. (කෙසේ ද?)
Pali BJTසචෙ ඛො පන අත්ථි පරො ලොකො, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, ඨානමහං කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සාමීති, අයමස්ස පඨමො අස්සාසො අධිගතො හොති.
Sinhala BJTඉදින් පරලොව වේ ද, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාකයෙක් වේ ද, ඒකාන්තයෙන් මම කාබුන් මරණින් මතුයෙහි ශුභගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙමි යි ඔහු විසින් මේ පළමුවන ආශ්වාසය අධිගත වෙයි.
Pali BJTසචෙ ඛො පන නත්ථි පරො ලොකො, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, ඉදාහං දිට්ඨෙව ධම්මෙ අවෙරං අබ්යාපජ්ඣං අනීඝං සුඛං අත්තානං පරිහරාමීති, අයමස්ස දුතියො අස්සාසො අධිගතො හොති.
Sinhala BJTඉදින් පරලොව නො වේ ද, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාකයෙක් නො වේ ද, මම වැලිත් ඉහාත්මයෙහි ම අවෛර වූත් ව්‍යාබාධ රහිත වූ ව්‍යසන රහිත වූ සුඛ වූ ආත්මයක් පරිහරණය කෙරෙමි යි ඔහු විසින් මේ දෙවන ආශ්වාසය අධිගත වෙයි.
Pali BJTසචෙ ඛො පන කරොතො කරිය්යති පාපං, න ඛො පනාහං කස්සචි පාපං චෙතෙමි, අකරොන්තං ඛො පන මං පාපකම්මං කුතො දුක්ඛං ඵුසිස්සතීති, අයමස්ස තතියො අස්සාසො අධිගතො හොති.
Sinhala BJTඉදින් කරණුවහට පව් කැරේ ද, මම වැලිත් කිසිවක්හට පවක් නො සිතමි. පව්කම් නො කරණ මා කොයින් දුක් වදනේ දැ යි ඔහු විසින් මේ තුන්වන ආශ්වාසය අධිගත වෙයි.
Pali BJTසචෙ ඛො පන කරොතො න කරිය්යති පාපං, ඉදාහං උභයෙනෙව විසුද්ධං අත්තානං සමනුපස්සාමීති, අයමස්ස චතුත්ථො අස්සාසො අධිගතො හොති.
Sinhala BJTඉදින් කරණුවහට පව් නො කැරේ ද, මම එයින් දෙපසින් ම විශුද්ධ වූ ආත්මයක් දක්මි යි ඔහු විසින් මේ සතරවන ආශ්වාසය අධිගත වෙයි.
Pali BJTස ඛො සො භන්තෙ, අරියසාවකො එවං අවෙරචිත්තො එවං අබ්යාපජ්ඣචිත්තො එවං අසඞ්කිලිට්ඨචිත්තො එවං විසුද්ධචිත්තො. තස්ස දිට්ඨෙව ධම්මෙ ඉමෙ චත්තාරො අස්සාසා අධිගතා හොන්තීති.
Sinhala BJTවහන්ස, ඒ අරිසවු මෙසේ අවෛර සිත් ඇත්තේ, මෙසේ නිර්ව්‍යාබාධ සිත් ඇත්තේ, මෙසේ නොකිලිටි සිත් ඇත්තේ, මෙසේ පිරිසිදු සිත් ඇතියේ වේ ද, ඔහු විසින් ඉහාත්මයෙහි ම මේ සතර ආශ්වාසයෝ අධිගත වෙත්.
Pali BJTඅභික්කන්තං භන්තෙ -පෙ- එතෙ මයං භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භන්තෙ, භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ සරණංගතෙති.
Sinhala BJTවහන්ස, ඉතා මැනව, ... වහන්ස, තෙල අපි භාග්‍යවතුන් වහන්සේ සරණ යම්හ. දහම ද බික්සඟුන් ද සරණ යම්හ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අප අද පටන් කොට දිවියෙන් ගත් සරණ ගිය උපාසකයන් කොට ධරණ සේක් වා.
Pali BJT3. 2. 2. 6.
Sinhala BJT3. 2. 2. 6.
Pali BJT16. එවං මෙ සුතං : එකං සමයං ආයස්මා නන්දකො සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. අථ ඛො සාළ්හො ච මිගාරනත්තා රොහණො ච පෙඛුනියනත්තා යෙනායස්මා නන්දකො තෙනුපසඞ්කමිත්වා ආයස්මන්තං නන්දකං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නං ඛො සාළ්හං මිගාරනත්තාරං ආයස්මා නන්දකො එතදවොච :
Sinhala BJT16. එක් සමයෙක්හි ආයුෂ්මත් නන්‍දක මහතෙරහු සැවැත් නුවර මුවරමාපහය නම් ලද පූර්‍වාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි මුවර මහසිටුහු මුනුපුරු සාළ්හ සිටු හා පේඛුනිය සිටුහු මුනුපුරු රෝහණ සිටු නන්‍දක මහතෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් නන්‍දක මහතෙරුන් සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් මුවර මහසිටු මුනුපුරු සාළ්හයනට ආයුෂ්මත් නන්‍දක මහතෙරහු තෙල පැවසූහ.
Pali BJTඑථ තුම්හෙ සාළ්හා මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ සාළ්හා අත්තනාව ජානෙය්යාථ : ඉමෙ ධම්මා අකුසලා, ඉමෙ ධම්මා සාවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤූගරහිතා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති, අථ තුම්හෙ සාළ්හා පජහෙය්යාථ.
Sinhala BJTසාළ්හයෙනි, තෙපි එව, අනුශ්‍රවකථායෙනුදු නො ගණුව, පරම්පරාකථායෙනුදු නො ගණුව, (තෙල මෙසේ වේ ල යන මේ) ඉතිකිරා කථායෙනුදු නො ගණුව, (අපගේ පෙළ හා සැසඳෙතී යන) පිටක සම්පදානයෙනුදු නො ගණුව, තර්‍කග්‍රාහයෙනුදු නො ගණුව, නයග්‍රාහයෙනුදු නො ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නො ගණුව, (අප ඉවසූ දෘෂ්ටිය හා සැසඳෙතී යන) දෘෂ්ටිනිර්‍ධ්‍යානක්‍ෂාන්තියෙනුදු නො ගණුව, භව්‍යරූපභාවයෙනුදු නො ගණුව, මේ මහණහු අප ගුරුහ යන හේතුයෙනුදු නො ගණුව, සාළ්හයෙනි, යම් කලෙක තෙපි “මේ දහම්හු අකුසල්හ, මේ දහම්හු සාවද්‍යයහ, මේ දහම්හු විඥගර්හිතයහ, මේ දහම්හු පරිපූර්‍ණ වූවාහු පරාමර්‍ෂ වශයෙන් ගන්නා ලද්දාහු අහිතයට දුඃඛයට වැටෙති” යි තුමූ ම දනිව් ද, සාළ්හයෙනි, එකල තෙපි හැරපියව්.
Pali BJTතං කිං මඤ්ඤථ සාළ්හා, අත්ථි ලොභොති? එවං භන්තෙ, අභිජ්ඣාති ඛො අහං සාළ්හා එතමත්ථං වදාමි.
Sinhala BJTසාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, ලෝභය ඇද් ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම තෙල අර්‍ත්‍ථය ‘අභිධ්‍යා’ යි කියමි.
Pali BJTලුද්ධො ඛො අයං සාළ්හා, අභිජ්ඣාලු පාණම්පි හන්ති, අදින්නම්පි ආදියති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං අහිතාය දුක්ඛායාති? එවං භන්තෙ.
Sinhala BJTසාළ්හයෙනි, ලුබ්ධ වූ අභිධ්‍යා බහුල නො වූ මේ පුරුෂ, යම් කර්‍මයෙක් ඔහුට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට වැටේ ද, එබඳු කර්‍ම වූ ප්‍රාණයන් නස්නේ ය, අයිනාදනුත් ගන්නේ ය, පරදාරයන් කරාත් යන්නේ ය, මුසවාත් බණන්නේ ය, මෙරමාත් එසෙයට සමාදන් කරවන්නේ ය. වහන්ස, එසේය.
Pali BJTතං කිම්මඤ්ඤථ සාළ්හා, අත්ථි දොසොති? එවං භන්තෙ. බ්යාපාදොති ඛො අහං සාළ්හා, එතමත්ථං වදාමි.
Sinhala BJTසාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, ද්වේෂය ඇද් ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම ‘ව්‍යාපාද’ය යි තෙල අර්‍ත්‍ථය කියමි.
Pali BJTදුට්ඨො ඛො අයං සාළ්හා, බ්යාපන්නචිත්තො පාණම්පි හන්ති -පෙ- මුසාපි භණති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං අහිතාය දුක්ඛායාති. එවං භන්තෙ.
Sinhala BJTසාළ්හයෙනි, ද්විෂ්ට වූ ව්‍යාපාදයට පත් සිතැති මේ පුද්ගල, යම් කර්‍මයෙක් ඔහුට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට වැටේ ද, එබඳු කර්‍ම වූ ප්‍රාණත් නස්නේ ය, ... මුසවා බණන්නේ ය, මෙරමාත් එසෙයට සමාදන් කරවන්නේ ය. වහන්ස, එසේය.
Pali BJTතං කිම්මඤ්ඤථ සාළ්හා, අත්ථි මොහොති? එවම්භන්තෙ. අවිජ්ජාති ඛො අහං සාළ්හා, එතමත්ථං වදාමි.
Sinhala BJTසාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, මෝහය ඇද්ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම ‘අවිද්‍යා’යී තෙල අර්‍ත්‍ථය කියමි.
Pali BJTමූළ්හො ඛො අයං සාළ්හා, අවිජ්ජාගතො පාණම්පි හන්ති, අදින්නම්පි ආදියති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං අහිතාය දුක්ඛායාති. එවම්භන්තෙ.
Sinhala BJTසාළ්හයෙනි, මූඪ වූ අවිද්‍යායෙන් යුක්ත මේ පුරුෂ, යම් කර්‍මයෙක් ඔහුට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට වැටේ ද, එබඳු කර්‍ම වූ ප්‍රාණත් නස්නේ ය, අයිනාදනුත් ගන්නේ ය, පරදාරයන් කරාත් යන්නේ ය, මුසවාත් බණන්නේ ය, මෙරමාත් එසෙයට සමාදන් කරවන්නේ ය. වහන්ස, එසේය.
Pali BJTතං කිං මඤ්ඤථ සාළ්හා, ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වාති? අකුසලා භන්තෙ. සාවජ්ජා වා අනවජ්ජා වාති? සාවජ්ජා භන්තෙ. විඤ්ඤුගරහිතා වා විඤ්ඤුප්පසත්ථා වාති? විඤ්ඤුගරහිතා භන්තෙ. සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති නො වා කථං වා හෙත්ථ හොතීති? සමත්තා භන්තෙ සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති. එවං නො හෙත්ථ හොතීති.
Sinhala BJTසාළ්හයෙනි, ඒ කිමැයි හඟිව් ද? මේ දහම්හු කුසල් හෝ අකුසල් හෝ වෙද් ද? වහන්ස, අකුසල්හ. සාවද්‍ය හෝ අනවද්‍ය හෝ වෙත් ද? වහන්ස, සාවද්‍යයහ. විඥගර්හිත හෝ විඥප්‍රශස්ත හෝ වෙද්ද? වහන්ස, විඥගර්හිතයහ. සමාත්ත වූවාහු සමාදත්ත වූවාහු අහිතයට දුඃඛයට වැටෙත් ද? නොහොත් නො වැටෙද් ද? මෙහිලා කෙසේ හෝ අදහස් වේ ද? වහන්ස, පරිපූර්‍ණ වූවාහු මොනොවට ගන්නා ලද්දාහු අහිතයට දුඃඛයට වැටෙති. මෙහිලා අපට මෙසේ අදහස් වෙයි.
Pali BJTඉති ඛො සාළ්හා, යන්තං අවොචුම්හ : එථ තුම්හෙ සාළ්හා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ සාළ්හා, අත්තනාව ජානෙය්යාථ, ඉමෙ ධම්මා අකුසලා, ඉමෙ ධම්මා සාවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤුගරහිතා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති, අථ තුම්හෙ සාළ්හා, පජහෙය්යාථාති, ඉති යන්තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT“සාළ්හයෙනි, තෙපි එව, අනුශ්‍රවකථායෙනුදු නො ගණුව, ඉතිකිරා කථායෙනුදු නො ගණුව, පිටකසම්දානයෙනුදු නො ගණුව, තර්‍කහේතුයෙනුදු නො ගණුව, නයහේතුයෙනුදු නො ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නො ගණුව, දෘෂ්ටිනිර්‍ධ්‍යානක්‍ෂාන්තියෙනුදු නො ගණුව, භව්‍යරූපතායෙනුදු නො ගණුව, අපගේ ගුරු ශ්‍රමණයහ යන හේතුයෙනුදු නො ගණුව” යි මෙසේ යම් ඒ බසක් කිමෝ ද, සාළ්හයෙනි, යම් කලෙක තෙපි “මේ දහම්හු කුසල්හ, මේ දහම්හු සාවද්‍යයහ, මේ දහම්හු විඥයන් විසින් ගර්හිතයහ, මේ දහම්හු පරිපූර්‍ණ වූවාහු සමාදාන වශයෙන් ගන්නා ලද්දාහු අහිතයට දුඃඛයට වැටෙති යි තුමූම දනිව් ද? සාළ්හයෙනි, එකල තෙපි හැරපියව”යි මෙසේ යම් ඒ බසක් කියන ලද ද, මෙය තෙල කරුණ පිණිස කියන ලදී.
Pali BJTඑථ තුම්හෙ සාළ්හා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ සාළ්හා, අත්තනාව ජානෙය්යාථ, ඉමෙ ධම්මා කුසලා, ඉමෙ ධම්මා අනවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤුප්පසත්ථා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්තීති, අථ තුම්හෙ සාළ්හා, උපසම්පජ්ජ විහරෙය්යාථ.
Sinhala BJTසාළ්හයෙනි, තෙපි එව, අනුශ්‍රවකථායෙනුදු නො ගණුව, පරම්පරා කථායෙනුදු නො ගණුව, ඉතිකිරා කථායෙනුදු නො ගණුව, පිටකසම්දානයෙනුදු නො ගණුව, තර්‍කහේතුයෙනුදු නො ගණුව, නයහේතුයෙනුදු නො ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නො ගණුව, දෘෂ්ටිනිර්‍ධ්‍යානක්‍ෂාන්තියෙනුදු නො ගණුව, භව්‍යරූපතායෙනුදු නො ගණුව, අපගේ ගුරු ශ්‍රමණයහ යන හේතුයෙනුදු නො ගණුව. සාළ්හයෙනි, යම් කලෙක තෙපි “මේ දහම්හු කුසල්හ, මේ දහම්හු අනවද්‍යයහ, මේ දහම්හු විඥප්‍රශස්තයහ, මේ දහම්හු සමාත්ත වූවාහු සමාදත්ත වූවාහු හිතයට සුඛයට වැටෙත්”යි තුමූ ම දනිව් ද, සාළ්හයෙනි, එකල තෙපි එයට එළඹ වසව.
Pali BJTතං කිං මඤ්ඤථ සාළ්හා, අත්ථි අලොභොති? එවම්භන්තෙ. අනභිජ්ඣාති ඛො අහං සාළ්හා එතමත්ථං වදාමි.
Sinhala BJTසාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, අලෝභය ඇද් ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම ‘අනභිධ්‍යා’ය යි තෙල අර්‍ත්‍ථය කියමි.
Pali BJTඅලුද්ධො ඛො අයං සාළ්හා, අනභිජ්ඣාලු නෙව පාණං හන්ති, න අදින්නං ආදියති, න පරදාරං ගච්ඡති, න මුසා භණති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං හිතාය සුඛායාති? එවම්භන්තෙ.
Sinhala BJTසාළ්හයෙනි, අලුබ්ධ වූ අභිධ්‍යා බහුල නො වූ මේ පුරුෂ, යම් කර්‍මයෙක් ඔහුට දීර්‍ඝරාත්‍රයෙහි හිතයට සුඛයට වැටේ ද, එබඳු කර්‍ම වූ ප්‍රාණයන් නො ම නසයි, අයිනාදන් නො ගණී, පරදාරයට නො යෙයි, මුසවා නො කියයි, මෙරමා එසෙයට සමාදන් කරවයි. වහන්ස, එසේය.
Pali BJTතං කිං මඤ්ඤථ සාළ්හා, අත්ථි අදොසොති? එවම්භන්තෙ. අබ්යාපාදොති ඛො අහං සාළ්හා, එතමත්ථං වදාමි.
Sinhala BJTසාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, අදෝෂය ඇද් ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම ‘අව්‍යාපාද’ය යි තෙල අර්‍ත්‍ථය කියමි.
Pali BJTඅලුද්ධො ඛො අයං සාළ්හා, අබ්යාපන්නචිත්තො නෙව පාණං හන්ති, -පෙ- න මුසා භණති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං හිතාය සුඛායාති? එවම්භන්තෙ.
Sinhala BJTසාළ්හයෙනි, අද්විෂ්ට වූ ව්‍යාපාදයට නොපත් සිතැති, මේ පුද්ගල යම් කර්‍මයෙක් ඔහුට හිතයට සුඛයට වැටේ ද, එබඳු කර්‍ම වූ ප්‍රාණය නො ම නස්නේ ය, ... මුසවා නො බෙණේ, මෙරමාත් එසෙයට සමාදන් කරවයි. වහන්ස, එසේය.
Pali BJTතං කිම්මඤ්ඤථ සාළ්හා, අත්ථි අමොහොති? එවම්භන්තෙ. විජ්ජාති ඛො අහං සාළ්හා, එතමත්ථං වදාමි.
Sinhala BJTසාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, අමෝහය ඇද් ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම ‘විද්‍යා’ය යි තෙල අර්‍ත්‍ථය කියමි.
Pali BJTඅමූළ්හො ඛො අයං සාළ්හා, විජ්ජාගතො නෙව පාණං හන්ති, -පෙ- න මුසා භණති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං හිතාය සුඛායාති. එවම්භන්තෙ.
Sinhala BJTසාළ්හයෙනි, අමූඪ වූ විද්‍යාව ලත් මේ පුරුෂ, යම් කර්‍මයෙක් ඔහුට දීර්‍ඝරාත්‍රයෙහි හිතයට සුඛයට වැටේ ද, එබඳු කර්‍ම වූ ප්‍රාණය නො ම නස්නේය, … මුසවා නො බණන්නේ ය, මෙරමාත් එසෙයට සමාදන් කරවන්නේ ය. වහන්ස, එසේය.
Pali BJTතං කිම්මඤ්ඤථ සාළ්හා, ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වාති? කුසලා භන්තෙ. සාවජ්ජා වා අනවජ්ජා වාති? අනවජ්ජා භන්තෙ. විඤ්ඤුගරහිතා වා විඤ්ඤුප්පසත්ථා වාති? විඤ්ඤුප්පසත්ථා භන්තෙ.
Sinhala BJTසාළ්හයෙනි ඒ කිමැ යි හඟිව් ද? මේ දහම්හු කුසල් හෝ අකුසල් හෝ වෙද්ද? වහන්ස, කුසල්හ. සාවද්‍ය හෝ අනවද්‍ය හෝ වෙද්ද! වහන්ස, අනවද්‍යයහ. විඥගර්හිත හෝ විඥප්‍රශස්ත හෝ වෙද්ද? වහන්ස, විඥප්‍රශස්තයහ.
Pali BJTසමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්ති, නො වා කථං වා හෙත්ථ හොතීති? සමත්තා භන්තෙ, සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්ති. එවං නො හෙත්ථ හොතීති.
Sinhala BJTසමාත්ත වූවාහු සාමාදත්ත වූවාහු හිතයට සුඛයට වැටෙද්ද? නොහොත් නොවැටෙද්ද? මෙහි ලා කෙසේ අදහස් වේ ද! වහන්ස, සමාත්ත වූවාහු සමාදත්ත වූවාහු හිතයට සුඛයට වැටෙති. මෙහිලා අපට මෙසේ අදහස් වෙයි.
Pali BJTඉති ඛො සාළ්හා, යං තං අවොචුම්හ : එථ තුම්හෙ සාළ්හා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ සාළ්හා, අත්තනාව ජානෙය්යාථ, ඉමෙ ධම්මා කුසලා, ඉමෙ ධම්මා අනවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤුප්පසත්ථා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්තීති, අථ තුම්හෙ සාළ්හා, උපසම්පජ්ජ විහරෙය්යාථාති, ඉති යන්තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තන්ති.
Sinhala BJT“සාළ්හයෙනි, තෙපි එව, අනුශ්‍රවකථායෙනුදු නො ගණුව, පරම්පරා කථායෙනුදු නො ගණුව, ඉතිකිරා කථායෙනුදු නො ගණුව, පිටකසම්දානයෙනුදු නො ගණුව, තර්‍කහේතුයෙනුදු නො ගණුව, නයහේතුයෙනුදු නො ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නො ගණුව, දෘෂ්ටිනිර්‍ධ්‍යානක්‍ෂාන්තියෙනුදු නො ගණුව, අපගේ ගුරුශ්‍රමණයහ යන හේතුයෙනුදු නොගණුව යි මෙසේ යම් ඒ බසක් කිමෝ ද, “සාළ්හයෙනි, යම් කලෙක තෙපි මේ දහම්හු කුසල්හ, මේ දහම්හු අනවද්‍යයහ, මේ දහම්හු විඥප්‍රශස්තයහ, මේ දහම්හු පුරණ ලද්දාහු සමාදාන වශයෙන් ගන්නා ලද්දාහු හිතයට සුඛයට වැටෙති යි තුමූම දනිව් ද, සාළ්හයෙනි, එකල තෙපි එයට පැමිණ වසව”යි මෙසේ යම් ඒ බසක් කියන ලද ද, මෙය තෙල අර්‍ත්‍ථය පිණිස කියන ලදී.
Pali BJTස ඛො සො සාළ්හා, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතබ්යාපාදො අසම්මූළ්හො සම්පජානො පතිස්සතො මෙත්තාසහගතෙන චෙතසා -පෙ- කරුණා - මුදිතා - උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං - තථා තතියං - තථා චතුත්ථං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති.
Sinhala BJTසාළ්හයෙනි,ඒ ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ පහව ගිය අභිධ්‍යා ඇත්තේ පහව ගිය ව්‍යාපාද ඇත්තේ පහව ගිය මුළා ඇත්තේ නුවණින් දන්නේ එළඹි සිහි ඇත්තේ මෙත් සහගිය සිතින් ... කුලුණු සහගිය සිතින් ... මුදිතා සහගිය සිතින් ... උපේක්‍ෂා සහගිය සිතින් එක් දිගක් පැතිර ගෙණ වෙසෙයි. එසැටි ම දෙවන දිග ද, එසැටි ම තෙවන දිග ද, එසැටි ම සතරනව දිගදැ යි මෙසේ උඩ - යට - සරස හැමතැන සර්‍වාත්මභාවයෙන් හැමලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්‍ෂාසහගත සිතින් පැතිර ගෙණ වෙසෙයි.
Pali BJTසො එවං පජානාති, අත්ථි ඉදං, අත්ථි හීනං, අත්ථි පණීතං, අත්ථි ඉමස්ස සඤ්ඤාගතස්ස උත්තරිං නිස්සරණන්ති.
Sinhala BJT“මේ ඇත. හීනයෙක් ඇත. ප්‍රණීතයෙක් ඇත, මේ සංඥාගතයාගේ මතු නිශ්ශරණයෙක් ඇතැ”යි හේ මෙසේ දනී.
Pali BJTතස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති.
Sinhala BJTමෙසේ දන්නා මෙසේ දක්නා ඔහට කාමාස්‍රවයෙනුදු සිත මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. මිදෙත් ම, විමුක්තය යි නුවණෙක් වෙයි. ජාතිය ක්‍ෂීණ විය. මගබඹසර වැස නිම විය. සතර මග කිස කරණලදි. මේ අර්‍හත්ත්‍වය පිණිස කළයුතු අන් දැයෙක් නැති යි දන්නේය.
Pali BJTසො එවං පජානාති. අහු පුබ්බෙ ලොභො, තදහු අකුසලං, සො එතරහි නත්ථි, ඉච්චෙතං කුසලං. අහු පුබ්බෙ දොසො -පෙ- අහු පුබ්බෙ මොහො, තදහු අකුසලං, සො එතරහි නත්ථි, ඉච්චෙතං කුසලන්ති.
Sinhala BJT“පෙර ලෝභයෙක් විය. එය අකුසල් විය. එ දැන් නැත. මෙසේ මේ මැනව. පෙර ද්වේෂයෙක් විය ... පෙර මෝහයෙක් විය. එය අකුසල් විය. එ දැන් නැත. මෙසේ මේ මැනවැ” යි හේ මෙසේ දැනගනී.
Pali BJTඉති සො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතිභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරතීති.
Sinhala BJTමෙසේ හෙයින් මෙලොව්හි ම නිස්තෘෂ්ණ වූයේ නිර්‍වෘත වූයේ ශීතිභූත වූයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් වෙසෙයි.
Pali BJT3. 2. 2. 7.
Sinhala BJT3. 2. 2. 7.
Pali BJT17. තීණිමානි භික්ඛවෙ, කථාවත්ථූනි. කතමානි තීණි : අතීතං වා භික්ඛවෙ, අද්ධානං ආරබ්භ කථං කථෙය්ය එවං අහොසි අතීතමද්ධානන්ති. අනාගතං වා භික්ඛවෙ, අද්ධානං ආරබ්භ කථං කථෙය්ය එවං භවිස්සති අනාගතමද්ධානන්ති. එතරහි වා භික්ඛවෙ, පච්චුප්පන්නං ආරබ්භ කථං කථෙය්ය එවං එතරහි පච්චුප්පන්නන්ති.
Sinhala BJT17. මහණෙනි, මේ කථාවස්තූහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, ‘අතීතකාලය මෙසේ වීය’යි අතීත අද්ධානය අරභයා කථා කියන්නේය. මහණෙනි, ‘අනාගත කාලය මෙසේ වේය’යි අනාගත අද්ධානය අරභයා කථා කියන්නේය. මහණෙනි, ‘දැන් ප්‍රත්‍යුත්පන්නය මෙසේය’යි දැන් ප්‍රත්‍යුත්පන්නය හෝ අරභයා කථා කියන්නේ ය.
Pali BJTකථාසම්පයොගෙන භික්ඛවෙ, පුග්ගලො වෙදිතබ්බො, යදි වා කච්ඡො, යදි වා අකච්ඡොති. සචායං භික්ඛවෙ, පුග්ගලො පඤ්හං පුට්ඨො සමානො එකංසව්යාකරණීයං පඤ්හං න එකංසෙන ව්යාකරොති, විභජ්ජ ව්යාකරණීයං පඤ්හං න විභජ්ජ ව්යාකරොති, පටිපුච්ඡා ව්යාකරණීයං පඤ්හං න පටිපුච්ඡා ව්යාකරොති, ඨපනීයං පඤ්හං න ඨපෙති, එවං සන්තායං භික්ඛවෙ, පුග්ගලො අකච්ඡො හොති.
Sinhala BJTමහණෙනි, පුග්ගලයා “කථායෙහි යෝග්‍ය වේ ද, නොහොත් කථායෙහි අයෝග්‍ය වේ දැ”යි කථාසම්ප්‍රයෝගයෙන් දතයුතුය. මහණෙනි, ඉදින් ප්‍රශ්න කරණ ලද මේ පුද්ගලයා ඒකාන්තයෙන් විසඳිය යුතු ප්‍රශ්නය ඒකාන්තයෙන් නො විසඳා ද, විභාග කොට විසඳිය යුතු ප්‍රශ්නය විභාග කොට නො විසඳා ද, පිළිවිසීමෙන් විසඳිය යුතු ප්‍රශ්නය පිළිවිසීමෙන් නො විසඳා ද, තුබුවමනා ප්‍රශ්නය නො තබා ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නොවේ.
Pali BJTසචෙ පනායං භික්ඛවෙ, පුග්ගලො පඤ්හං පුට්ඨො සමානො එකංසව්යාකරණීයං පඤ්හං එකංසෙන ව්යාකරොති, විභජ්ජ ව්යාකරණීයං පඤ්හං විභජ්ජ ව්යාකරොති, පටිපුච්ඡා ව්යාකරණීයං පඤ්හං පටිපුච්ඡා ව්යාකරොති , ඨපනීයං පඤ්හං ඨපෙති, එවං සන්තායං භික්ඛවෙ, පුග්ගලො කච්ඡො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ ඒකාන්තයෙන් විසඳිය යුතු ප්‍රශ්නය ඒකාන්තයෙන් විසඳා ද, විභාග කොට විසඳිය යුතු ප්‍රශ්නය විභාග කොට විසඳා ද, පිළිවිසීමෙන් විසඳිය යුතු ප්‍රශ්නය පිළිවිසීමෙන් විසඳා ද, තුබුවමනා ප්‍රශ්නය තබා ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය වෙයි.
Pali BJTකථාසම්පයොගෙන භික්ඛවෙ, පුග්ගලො වෙදිතබ්බො යදි වා කච්ඡො, යදි වා අකච්ඡොති. සචායං භික්ඛවෙ, පුග්ගලො පඤ්හං පුට්ඨො සමානො ඨානාඨානෙ න සණ්ඨාති, පරිකප්පෙ න සණ්ඨාති, අඤ්ඤවාදෙ න සණ්ඨාති, පටිපදාය න සණ්ඨාති, එවං සන්තායං භික්ඛවෙ, පුග්ගලො අකච්ඡො හොති.
Sinhala BJTමහණෙනි, පුද්ගලයා “කථා යෝග්‍ය වේ ද, නොහොත් කථා යෝග්‍ය නො වේ දැ”යි කථා සම්ප්‍රයෝගයෙන් දත යුතුයි. මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ කාරණාකාරණයෙහි නො සිටුනේ ද, පරිකල්පනා කොට ගත් කරුණෙහි නො සිටුනේ ද, දැන සිටි වාදයෙහි නො සිටුනේ ද, ප්‍රතිපත්තියෙහි නො සිටුනේ ද, මෙසේ වත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නො වෙයි,
Pali BJTසචෙ පනායං භික්ඛවෙ, පුග්ගලො පඤ්හං පුට්ඨො සමානො ඨානාඨානෙ සණ්ඨාති, පරිකප්පෙ සණ්ඨාති, අඤ්ඤවාදෙ සණ්ඨාති, පටිපදාය සණ්ඨාති, එවං සන්තායං භික්ඛවෙ, පුග්ගලො කච්ඡො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ කාරණාකාරණයෙහි සිටුනේ ද, පරිකල්පනා කොට ගත් කරුණෙහි සිටුනේ ද, දැන සිටි වාදයෙහි සිටුනේ ද, ප්‍රතිපත්තියෙහි සිටුනේ ද, එසේ වත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය වේ.
Pali BJTකථාසම්පයොගෙන භික්ඛවෙ, පුග්ගලො වෙදිතබ්බො යදි වා කච්ඡො යදි වා අකච්ඡොති. සචායං භික්ඛවෙ, පුග්ගලො පඤ්හං පුට්ඨො සමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමෙති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති, එවං සන්තායං භික්ඛවෙ, පුග්ගලො අකච්ඡො හොති.
Sinhala BJTමහණෙනි, පුද්ගලයා “කථා යෝග්‍ය වේ ද, කථා යෝග්‍ය නො වේ දැ”යි කථා සම්ප්‍රයෝගයෙන් දත යුතුය. මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ අන්‍යකථාවකින් අන්‍යකථාව වසාලයි ද, එයින් ම බැහැරට කථාව නෙරාලයි ද, කෝපය හා ද්වේෂය හා නො සතුට හා පහළ කෙරේ ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නො වෙයි.
Pali BJTසචෙ පනායං භික්ඛවෙ, පුග්ගලො පඤ්හං පුට්ඨො සමානො නාඤ්ඤෙනාඤ්ඤං පටිචරති. න බහිද්ධා කථං අපනාමෙති, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති, එවං සන්තායං භික්ඛවෙ, පුග්ගලො කච්ඡො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ අන්‍යකථාවෙකින් අන්‍යකථාව නො වසාලයි ද, එයින් ම බැහැරට කථාව නො නෙරයි ද, කෝපය හා ද්වේෂය හා නොසතුට හා පහළ නොකෙරේ ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය වෙයි.
Pali BJTකථාසම්පයොගෙන භික්ඛවෙ, පුග්ගලො වෙදිතබ්බො යදි වා කච්ඡො, යදි වා අකච්ඡොති.
Sinhala BJTමහණෙනි, පුද්ගලයා “කථා යෝග්‍ය වේ ද, කථා යෝග්‍ය නො වේ දැ”යි කථා සම්ප්‍රයෝගයෙන් දත යුතුය.
Pali BJTසචායං භික්ඛවෙ, පුග්ගලො පඤ්හං පුට්ඨො සමානො අභිහරති, අභිමද්දති, අනුපජග්ඝති ඛලිතං ගණ්හාති, එවං සන්තායං භික්ඛවෙ, පුග්ගලො අකච්ඡො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ ඔබිනොබින් කරුණු එළවා බාධා කෙරේ ද, කරුණු එළවා කථාව මැඩ පියා ද, අත් පැහැර මහා හාස්‍ය කෙරේ ද, සංඛලිතය ඇද ගණී ද, එසේ වත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නො වේ.
Pali BJTසචෙ පනායං භික්ඛවෙ, පුග්ගලො පඤ්හං පුට්ඨො සමානො න අභිහරති, න අභිමද්දති, න අනුපජග්ඝති, න ඛලිතං ගණ්හාති, එවං සන්තායං භික්ඛවෙ, පුග්ගලො කච්ඡො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ ඔබිනොබින් කරුණු එළවා බාධා නො කෙරේ ද, කරුණු එළවා කථා ව නො මැඩපියා ද, අත් පැහැර මහා හාස්‍ය නො කෙරේ ද, සංඛලිතය නො ගණී ද, එසේ වත් ම මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය වේ.
Pali BJTකථාසම්පයොගෙන භික්ඛවෙ, පුග්ගලො වෙදිතබ්බො යදි වා සඋපනිසො යදි වා අනුපනිසොති.
Sinhala BJTමහණෙනි, පුද්ගල තෙමේ “උපනිඃශ්‍රය සහිත වේ ද, උපනිඃශ්‍රය රහිත වේ දැ”යි කථාසම්ප්‍රයෝගයෙන් දතයුතුය.
Pali BJTඅනොහිතසොතො භික්ඛවෙ, අනුපනිසො හොති, ඔහිතසොතො සඋපනිසො හොති. සො සඋපනිසො සමානො අභිජානාති එකං ධම්මං, පරිජානාති එකං ධම්මං, පජහති එකං ධම්මං, සච්ඡිකරොති එකං ධම්මං. සො අභිජානන්තො එකං ධම්මං, පරිජානන්තො එකං ධම්මං, පජහන්තො එකං ධම්මං, සච්ඡිකරොන්තො එකං ධම්මං, සම්මාවිමුත්තිං ඵුසති.
Sinhala BJTමහණෙනි, යොමු නො කළ කන් ඇතියෙ උපනිඃශ්‍රය නැතියෙ නම් වෙයි. යොමු කළ කන් ඇතියේ උපනිඃශ්‍රය ඇතියේ නම් වෙයි. හේ උපනිඃශ්‍රය ඇතියේ එක් කුසල් දහමක් වූ අරීමග දනී. එක් දහමක් වූ දුඃඛසත්‍ය තීරණය කොට දනී. එක් දහමක් වූ සර්‍වාකුශලය දුරු කෙරෙයි. එක් දහමක් වූ අර්‍හත්ත්‍වඵලය ප්‍රත්‍යක්‍ෂ කෙරෙ යි. හේ එක් දහමක් වූ අරීමග දන්නේ, එක් දහමක් වූ දුඃඛසත්‍යය තීරණය කොට දන්නේ, එක් දහමක් වූ සර්‍වාකුශලය හරනේ, එක දහමක් වූ අර්‍හත්ත්‍වඵලය ප්‍රත්‍යක්‍ෂ කරණුයේ සම්‍යක් විමුක්ති සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වඵල විමෝක්‍ෂය ඥානස්පර්‍ශයෙන් ස්පර්‍ශ කෙරෙයි.
Pali BJTඑතදත්ථා භික්ඛවෙ, කථා, එතදත්ථා මන්තනා, එතදත්ථා උපනිසා, එතදත්ථං සොතාවධානං, යදිදං අනුපාදා චිත්තස්ස විමොක්ඛොති.
Sinhala BJTමහණෙනි, යම් මේ චිත්තයාගේ අනුපාදාවිමෝක්‍ෂයෙක් වේ ද, කථාව මෙ අර්‍ත්‍ථ කොට ඇත. මන්ත්‍රණාව මේ අර්‍ත්‍ථ කොට ඇත. උපනිසාව මේ අර්‍ත්‍ථ කොට ඇත, කන් නතු කිරීම මේ අර්‍ත්‍ථ කොට ඇත.
Pali BJT23. යෙ විරුද්ධා සල්ලපන්ති විනිවිට්ඨා සමුස්සිතා, අනරියගුණමාසජ්ජ අඤ්ඤමඤ්ඤ{1} විවරෙසිනො.
Sinhala BJT23. යම් කෙනෙක් කෝපයෙන් විරුද්ධ වූවාහු එහි බැසගත්තාහු මානයෙන් නගන ලද්දාහු උනුන් සිදුරු සොයන්නාහු ගුණ ඝටා අනාර්‍ය්‍ය කථාව අල්ලාප සල්ලාප විසින් කෙරෙත් ද,
Pali BJT24. දුබ්භාසිතං වික්ඛලිතං සම්පමොහං පරාජයං, අඤ්ඤමඤ්ඤස්සාභිනන්දන්ති{2} තදරියො කථනාචරෙ.
Sinhala BJT24. ඔහු උනුන්ගේ දුර්‍භාෂිතය මුඛදෝෂ ආදි අල්පසඛලිතය මුළාව පරාජය ගෙණ සතුටු වෙත්. ආර්‍ය්‍ය තෙමේ එබඳු කථාව නො කරන්නේ ය.
Pali BJT25. සචෙ චස්ස කථාකාමො කාලමඤ්ඤාය පණ්ඩිතො, ධම්මට්ඨපටිසංයුත්තා යා අරියාචරිතා{3} කථා.
Sinhala BJT25-26. ඉදින් කථාවට කැමති වන්නේ වී නම් නිසි කල් දැන ධීර වූ අවිරුද්ධ වූ මානයෙන් නො හුවන ලද ඒ පණ්ඩිත තෙමේ අනුද්ධත සිතින් යුගග්‍රාහ රහිත ව ලාහෙළාකම් නැතිව ධර්‍මස්ථ වූත් ධර්‍මප්‍රතිසංයුක්ත වූත් යම් ආර්‍ය්‍යකථායෙක් ඇද්ද, ඒ කථාව කියන්නේ ය.
Pali BJT26. තං කථං කථයෙ ධීරො අවිරුද්ධො අනුස්සිතො, අනුපාදින්නෙන{4} මනසා අපලාසො අසාහසො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT27. අනුසුය්යායමානො{5} සො සම්මදඤ්ඤාය භාසති, සුභාසිතං අනුමොදෙය්ය දුබ්භට්ඨෙනාවසාදයෙ.
Sinhala BJT27. ඒ පණ්ඩිත තෙමේ ඊර්‍ෂ්‍යා රහිත සිතැත්තේ මොනොවට දැන බෙණේ. සුභාෂිතය අනුමෙව්නේය. දුර්‍භාෂිතයෙහි ලා නො බස්නේ ය.
Pali BJT28. උපාරම්භං න සික්ඛෙය්ය ඛලිතඤ්ච න ගාහයෙ, නාභිහරෙ නාභිමද්දෙ න වාචං පයුතං භණෙ.
Sinhala BJT28. කරණොත්තරකරණ ලක්‍ෂණ උපාරම්භය ශික්‍ෂණ විසින් නො ගන්නේය. පමාදොස නො ගන්නේ ය. (මෙරමා කථාව වළහා) කරුණු නො එළවන්නේ ය. (මෙරමා කථාව) නො මඬනේ ය. සත්‍යාසත්‍යප්‍රතිසංයුක්ත තෙපුල නො බණන්නේය.
Pali BJT29. අඤ්ඤාතත්ථං පසාදත්ථං සතං වෙ හොති මන්තනා, එවං ඛො අරියා මන්තෙන්ති එසා අරියාන මන්තනා, එතදඤ්ඤාය මෙධාවී න සමුස්සෙය්ය මන්තයෙති.
Sinhala BJT29. පණ්ඩිතයන්ගේ මන්ත්‍රණාව දැනුම් පිණිස ද ප්‍රසාදය පිණිස ද එකැතින් වෙයි. ආර්‍ය්‍යයෝ මෙසේ මන්ත්‍රණය කෙරෙති, මේ ආර්‍ය්‍යයන්ගේ මන්ත්‍රණාව යි. ප්‍රශස්තබුද්ධි ඇති පණ්ඩිත තෙම මෙපවත් දැන මානයෙන් හුවා නො ගන්නේ ය. මානනිඃශ්‍රිත නො වී මන්ත්‍රණය කරන්නේ ය.
Pali BJT3. 2. 2. 8.
Sinhala BJT3. 2. 2. 8.
Pali BJT18. සචෙ භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං : තයො, මෙ ආවුසො, ධම්මා : කතමෙ තයො : රාගො, දොසො, මොහො. ඉමෙ ඛො ආවුසො, තයො ධම්මා. ඉමෙසං ආවුසො තිණ්ණං ධම්මානං කො විසෙසො, කො අධිප්පායො, කිං නානාකරණන්ති? එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං කින්ති බ්යාකරෙය්යාථාති?
Sinhala BJT18. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, මේ ධර්‍මයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනක යත්: රාගය, ද්වේෂය, මෝහ යි ඇවැත්නි, මේ ධර්‍මයෝ තුන් දෙනයහ. ඇවැත්නි, මේ තුන් දහමුන්ගේ විශේෂය කවරේ ය, අධිප්‍රාය කවරේ ය, නනස කවරේ යැ? යි මෙසේ විචාරන්නාහු නම් මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට කිමැ යි ප්‍රකාශ කරන්නහු ද?
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා භගවන්නෙත්තිකා භගවම්පටිසරණා. සාධු වත භන්තෙ, භගවන්තඤ්ඤෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො : භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති.
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. වහන්ස, තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේ නම් මනා මැ නු. භාග්‍යවතුන් වහන්සේගේ තෙපුල් අසා භික්‍ෂූහු ධරන්නාහ.
Pali BJTතෙන හි භික්ඛවෙ, සුණාථ -පෙ- භගවා එතදවොච :
Sinhala BJTමහණෙනි, එසේ වී නම් අසව ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTසචෙ භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං තයො, මෙ ආවුසො, ධම්මා : කතමෙ තයො: රාගො, දොසො, මොහො. ඉමෙ ඛො ආවුසො, තයො ධම්මා. ඉමෙසං ආවුසො, තිණ්ණං ධම්මානං කො විසෙසො, කො අධිප්පායො, කින්නානාකරණන්ති? එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං බ්යාකරෙය්යාථ: රාගො ඛො ආවුසො, අප්පසාවජ්ජො දන්ධවිරාගී, දොසො මහාසාවජ්ජො ඛිප්පවිරාගී, මොහො මහාසාවජ්ජො දන්ධවිරාගීති.
Sinhala BJTමහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, මේ ධර්‍මයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනක යත්: රාගය, ද්වේෂය, මෝහ යි. ඇවැත්නි, මේ ධර්‍මයෝ තුන් දෙනයහ. ඇවැත්නි, මේ ධර්‍මයන් තුන් දෙනාගේ විශේෂය කවරේ යැ, අධිප්‍රාය කවරේ යැ, නනස කවරේ යැ?” යි මෙසේ විචාරන්නාහු නම්, මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරව: ඇවැත්නි, රාගය අල්පසාවාද්‍ය ය, ලැසිව පහවන සුලු ය. ද්වේෂය මහාසාවාද්‍ය ය, වහා පහවන සුලු ය. මෝහය මහාසාවාද්‍ය ය, ලැසිව පහවන සුලුය යි.
Pali BJTකො පනාවුසො හෙතු කො පච්චයො, යෙන අනුප්පන්නො වා රාගො උප්පජ්ජති, උප්පන්නො වා රාගො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතී? සුභනිමිත්තන්තිස්ස වචනීයං.
Sinhala BJTඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ රාගය උපදනේ ද, උපන් හෝ රාගය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ වේ ද, එයට හේතු කවරේ යැ, ප්‍රත්‍යය කවරේ යැ? එයට හේතු සුභනිමිත්තය යි කිය යුතු ය.
Pali BJTතස්ස සුභනිමිත්තං අයොනිසො මනසිකරොතො අනුප්පන්නො චෙව රාගො උප්පජ්ජති. උප්පන්නො ච රාගො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති. අයං ඛො ආවුසො හෙතු, අයං පච්චයො, යෙන අනුප්පන්නො වා රාගො උප්පජ්ජති, උප්පන්නො වා රාගො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතීති.
Sinhala BJTසුභනිමිත්ත නුනුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද රාගය උපදනේ ය. උපන්නා වූ ද රාගය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ රාගය උපදනේ ද, උපන් හෝ රාගය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ද, මේ එයට හේතු වේ. මේ එයට ප්‍රත්‍යය වෙයි.
Pali BJTකො පනාවුසො හෙතු කො පච්චයො, යෙන අනුප්පන්නො වා දොසො උප්පජ්ජති, උප්පන්නො වා දොසො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතීති? පටිඝනිමිත්තන්තිස්ස වචනීයං.
Sinhala BJTඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ ද්වේෂය උපදනේ ද, උපන් හෝ ද්වේෂය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ද, එයට හේතු කවරේ යැ, එයට ප්‍රත්‍යය කවරේ යැ? එයට හේතු ප්‍රතිඝනිමිත්තය යි කිය යුතු ය.
Pali BJTතස්ස පටිඝනිමිත්තං අයොනිසො මනසිකරොතො අනුප්පන්නො චෙව දොසො උප්පජ්ජති, උප්පන්නො ච දොසො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති. අයං ඛො ආවුසො හෙතු, අයං පච්චයො, යෙන අනුප්පන්නො වා දොසො උප්පජ්ජති, උප්පන්නො වා දොසො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතීති.
Sinhala BJTප්‍රතිඝනිමිත්ත නුනුවණින් මෙනෙහි කරණ ඔහට නුපන්නාවූ ද ද්වේෂය උපදනේ ය. උපන්නා වූ ද ද්වේෂය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ ද්වේෂය උපදනේ ද, උපන් හෝ ද්වේෂය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ද, මේ එයට හේතු වෙයි. මේ එයට ප්‍රත්‍යය වෙයි.
Pali BJTකො පනාවුසො හෙතු, කො පච්චයො, යෙන අනුප්පන්නො වා මොහො උප්පජ්ජති, උප්පන්නො වා මොහො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතීති? අයොනිසො මනසිකාරොතිස්ස වචනීයං.
Sinhala BJTඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ මෝහය උපදනේ ද, උපන් හෝ මෝහය භූයෝභාවය භාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ද, එයට හේතු කවරේ යැ, එයට ප්‍රත්‍යය කවරේ යැ? එයට හේතු නුනුවණින් මෙනෙහි කිරීමය යි කිය යුතු ය.
Pali BJTතස්ස අයොනිසො මනසිකරොතො අනුප්පන්නො චෙව මොහො උප්පජ්ජති, උප්පන්නො ච මොහො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති. අයං ඛො ආවුසො, හෙතු අයං පච්චයො, යෙන අනුප්පන්නො වා මොහො උප්පජ්ජති, උප්පන්නො වා මොහො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතීති.
Sinhala BJTනුනුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද මෝහය උපදනේ ය. උපන්නා වූ ද මෝහය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ මෝහය උපදනේ ද, උපන් හෝ මෝහය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ වේ ද, මේ එයට හේතු වෙයි. මේ එයට ප්‍රත්‍යය වෙයි.
Pali BJTකො පනාවුසො හෙතු, කො පච්චයො, යෙන අනුප්පන්නො වා රාගො නුප්පජ්ජති, උප්පන්නො වා රාගො පහීය්යතීති? අසුභනිමිත්තන්තිස්ස වචනීයං.
Sinhala BJTඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ රාගය නූපදනේ ද, උපන් හෝ රාගය පහව යන්නේ ද, එයට හේතු කවරේ යැ, එයට ප්‍රත්‍යය කවරේ යැ? එයට හේතු අශුභනිමිත්තය යි කිය යුතු වෙයි.
Pali BJTතස්ස අසුභනිමිත්තං යොනිසො මනසිකරොතො අනුප්පන්නො චෙව රාගො නුප්පජ්ජති, උප්පන්නො ච රාගො පහිය්යති. අයං ඛො ආවුසො, හෙතු අයං පච්චයො. යෙන අනුප්පන්නො වා{1} රාගො නුප්පජ්ජති, උප්පන්නො වා රාගො පහිය්යතීති.
Sinhala BJTඅශුභනිමිත්ත නුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද රාගය නූපදනේ ය. උපන්නා වූ ද රාගය පහව යන්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ රාගය නූපදනේ ද, උපන් හෝ රාගය පහව යන්නේ වේ ද, මේ එයට හේතු වේ. මේ එයට ප්‍රත්‍යය වේ.
Pali BJTකො පනාවුසො හෙතු, කො පච්චයො, යෙන අනුප්පන්නො වා දොසො නුප්පජ්ජති, උප්පන්නො වා දොසො පහීය්යතීති? මෙත්තා චෙතොවිමුත්තීතිස්ස වචනීයං.
Sinhala BJTඇවැත්නි, යම් හෙයෙකින් නූපන් ද්වේෂය නූපදනේ ද, උපන් හෝ ද්වේෂය පහව යන්නේ වේ ද, එයට හේතු කවරේ යැ, එයට ප්‍රත්‍යය කවරේ ය? එයට හේතු මෙත්තාචේතෝවිමුත්තිය යි කිය යුතු වෙයි.
Pali BJTතස්ස මෙත්තං චෙතොවිමුත්තිං යොනිසො මනසිකරොතො අනුප්පන්නො චෙව දොසො නුප්පජ්ජති, උප්පන්නො ච{2} දොසො පහිය්යති. අයං ඛො ආවුසො, හෙතු අයං පච්චයො. යෙන අනුප්පන්නො වා{1} දොසො නුප්පජ්ජති, උප්පන්නො වා{2} දොසො පහිය්යතීති.
Sinhala BJTමෛත්‍රීචෙතෝවිමුක්තිය නුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද ද්වේෂය නූපදනේ ය. උපන්නා වූ ද ද්වේෂය පහව යන්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන්නාවූ ද ද්වේෂය නූපදනේ වේ ද, උපන්නා වූ හෝ ද්වේෂය පහව යන්නේ වේ ද, මේ එයට හේතු වේ. මේ එයට ප්‍රත්‍යය වේ.
Pali BJTකො පනාවුසො හෙතු, කො පච්චයො, යෙන අනුප්පන්නො වා මොහො නුප්පජ්ජති උප්පන්නො වා{2} මොහො පහීය්යතීති. යොනිසො මනසිකාරොතිස්ස වචනීයං.
Sinhala BJTඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ මෝහය නූපදනේ ද, උපන් හෝ මෝහය පහව යන්නේ වේ ද, එයට හේතු කවරේ යැ? එයට ප්‍රත්‍යය කවරේ ය? එයට හේතු නුවණින් මෙනෙහි කිරීමය යි කිය යුතු වෙයි.
Pali BJTතස්ස යොනිසො මනසිකරොතො අනුප්පන්නො චෙව මොහො නුප්පජ්ජති, උප්පන්නො ච මොහො පහිය්යති. අයං ඛො ආවුසො හෙතු, අයං පච්චයො. යෙන අනුප්පන්නො වා මොහො නුප්පජ්ජති, උප්පන්නො වා මොහො පහිය්යතීති.
Sinhala BJTනුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද මෝහය නූපදනේ වෙයි. උපන්නා වූ ද මෝහය පහව යන්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ මෝහය නූපදනේ ද, උපන් හෝ මෝහය පහව යන්නේ වේ ද, මේ එයට හේතු වෙයි. මේ එයට ප්‍රත්‍යය වෙයි.
Pali BJT3. 2. 2. 9.
Sinhala BJT3. 2. 2. 9.
Pali BJT19. තීණිමානි භික්ඛවෙ, අකුසලමූලානි. කතමානි තීණි : ලොභො අකුසලමූලං, දොසො අකුසලමූලං, මොහො අකුසලමූලං.
Sinhala BJT19. මහණෙනි, මේ අකුශලමූලයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ලෝභය අකුශලමූලයෙකි. ද්වේෂය අකුශලමූලයෙකි. මෝහය අකුශල මූලයෙකි.
Pali BJTයදපි භික්ඛවෙ, ලොභො තදපි අකුසලං{3} යදපි ලුද්ධො අභිසඞ්ඛරොති. කායෙන වාචා{4} මනසා. තදපි අකුසලං. යදපි ලුද්ධො ලොභෙන අභිභූතො පරියාදින්නචිත්තො පරස්ස අසතා දුක්ඛං උපදහති{5}, වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා. “බලවම්හි බලත්ථො ඉතිපි”{6} තදපි අකුසලං. ඉතිස්සමෙ ලොභජා ලොභනිදානා ලොභසමුදයා ලොභපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති.
Sinhala BJTමහණෙනි, යම් ලෝභයෙක් වේ ද, හෙ ද අකුශලය. ලුබ්ධ වූයේ කයින් වේවයි වචසින් වේවයි මනසින් වේවයි යමක් පිළියෙළ කරන්නේ නම් එ ද අකුශලය. ලුබ්ධ වූයේ ලෝභයෙන් මඩනා ලද්දේ ලෝභයෙන් ගත් සිතැත්තේ “බලවත් වෙමි. බලයෙන් අර්‍ත්‍ථ ඇතියෙමි” යි හෝ මෙරමාහට වධයෙන් වේවයි බන්‍ධනයෙන් වේවයි, සර්‍වස්වහරණයෙන් වේවයි, ගර්‍හායෙන් වේවයි, ගැමින් හෝ රටින් නැගීමෙන් වේවයි, අවිද්‍යාමානදෝෂයෙකින් දුක් උපදවා ද, එ ද අකුශලය. මෙසේ ලෝභයෙන් හටගත් ලෝභය නිදාන කොට ඇති ලෝභය සමුදය කොට ඇති ලෝභය ප්‍රත්‍යය කොට ඇති අනේකපාපක අකුශලධර්‍මයෝ ඔහට පහළ වෙත්.
Pali BJTයදපි භික්ඛවෙ, දොසො, තදපි අකුසලං{1}. යදපි දුට්ඨො අභිසඞ්ඛරොති කායෙන වාචා{2} මනසා. තදපි අකුසලං. යදපි දුට්ඨො දොසෙන අභිභූතො පරියාදින්නචිත්තො පරස්ස අසතා දුක්ඛං උපදහති{3}, වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා. “බලවම්හි බලත්ථො ඉතිපි”. තදපි අකුසලං. ඉතිස්ස, මෙ දොසජා දොසනිදානා දොසසමුදයා දොසපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති.
Sinhala BJTමහණෙනි, යම් ද්වේෂයෙක් වේ ද, එ ද අකුශලයෙකි. “ද්විෂ්ට වූයේ කයින් වේවයි වචසින් වේවයි මනසින් වේවයි යමක් සකස් කරන්නේ වේ ද, එ ද අකුශලය. ද්විෂ්ට වූයේ ද්වේෂයෙන් මඩනා ලද්දේ ද්වේෂයෙන් ගත් සිත් ඇත්තේ “බලවත් වෙමි. බලයෙන් අර්‍ත්‍ථ ඇතියෙමි” යි හෝ මෙරමාහට වධයෙන් වේවයි, බන්‍ධනයෙන් වේවයි, ධනහානියෙන් වේවයි, ගැරහීමෙන් වේවයි, ගැමින් හෝ රටින් නෙරනායෙන් වේවයි, යම් දුකක් උපදවා ද, එ ද අකුශලය. මෙසේ ද්වේෂයෙන් හැටි ද්වේෂය නිදාන කොට ඇති ද්වේෂය සමුදය කොට ඇති ද්වේෂය ප්‍රත්‍යය කොට ඇති මේ අනේකපාපක අකුශලධර්‍මයෝ ඔහට පහළ වෙත්.
Pali BJTයදපි භික්ඛවෙ, මොහො තදපි අකුසලං. යදපි මූළ්හො අභිසඞ්ඛරොති කායෙන වාචාය මනසා. තදපි අකුසලං. යදපි මූළ්හො මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො පරස්ස අසතා දුක්ඛං උපදහති, වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා “බලවම්හි බලත්ථො ඉතිපි”. තදපි අකුසලං. ඉතිස්සමෙ මොහජා මොහනිදානා මොහසමුදයා මොහපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. එවරූපො චායං භික්ඛවෙ, පුග්ගලො වුච්චති : අකාලවාදීතිපි, අභූතවාදීතිපි, අනත්ථවාදීතිපි, අධම්මවාදීතිපි, අවිනයවාදීතිපීති.
Sinhala BJTමහණෙනි, යම් මෝහයෙක් වේ ද, එ ද අකුශලය. මූඪ වූයේ කයින් වේවයි වචසින් වේවයි මනසින් වේවයි යමක් රැස්කරන්නේ වේ ද, එ ද අකුශලය. මූඪ වූයේ මෝහයෙන් මඩනා ලද්දේ එයින් ම ඇදගත් සිතැත්තේ “බලවත් වෙමි. බලයෙහි සිටියෙමි” යි මෙරමාහට වධයෙන් වේවයි, බන්‍ධනයෙන් වේවයි, ධනය පැහැර ගැණීමෙන් වේවයි, ගැරහීමෙන් වේවයි, ගැමින් හෝ රටින් නැගීමෙන් වේවයි අවිද්‍යාමාන දෝෂයෙකින් යම් දුකක් උපදවා ද, එ ද අකුශලය. මෙසේ මෝහයෙන් හැටි මෝහය නිදාන කොට ඇති මෝහය සමුදය කොට ඇති මෝහය ප්‍රත්‍යය කොට ඇති මේ අනේකපාපක අකුශලධර්‍මයෝ ඔහට පහළ වෙත්. මහණෙනි, මෙ වැනි වූ මේ පුද්ගල ද අකාලවාදීය යි ද, අභූතවාදීය යි ද, අනර්‍ත්‍ථවාදීය යි ද, අධර්‍මවාදීය යි ද, අවිනයවාදී ය යි ද කියනු ලැබේ.