Pali BJTඉධ පන බ්රාහ්මණ, එකච්චො නහෙව ඛො නිමිත්තෙන ආදිසති, නපි මනුස්සානං වා අමනුස්සානං වා දෙවතානං වා සද්දං සුත්වා ආදිසති, අපි ච ඛො විතක්කයතො විචාරයතො විතක්කවිප්ඵාරසද්දං සුත්වා ආදිසති: එවම්පි තෙ මනො, ඉත්ථම්පි තෙ මනො, ඉතිපි තෙ චිත්තන්ති. සො බහුඤ්චෙපි ආදිසති, තථෙව තං හොති, නො අඤ්ඤථා.
Sinhala BJTබමුණ, මෙලොව්හි කිසිවෙක් නිමිත්තෙනුදු නො කියා මැ යි. මනුෂ්‍යයන්ගේ වේවයි අමනුෂ්‍යයන්ගේ වේවයි දේවතාවන්ගේ වේවයි ශබ්දය අසා ද නො කියා මැ යි. වැලිදු විතර්‍කනය කරන්නහුගේ විචාරය කරන්නහුගේ හෝ විතර්‍කවිෂඵාරශබ්දය අසා තාගේ සිත මෙසේත් වෙයි. තාගේ සිත මෙබඳුත් වෙයි. තාගේ සිත මේ අයුරුත් වේය යි කියයි. හෙතෙම බොහෝ කොටත් කියන්නේ නම්, එය එසේ ම වෙයි. අන් පරිදි නො වේ.
Pali BJTඉධ පන බ්රාහ්මණ, එකච්චො න හෙව ඛො නිමිත්තෙන ආදිසති, නපි මනුස්සානං වා අමනුස්සානං වා දෙවතානං වා සද්දං සුත්වා ආදිසති, නපි විතක්කයතො නපි විචාරයතො න විතක්කවිප්ඵාරසද්දං සුත්වා ආදිසති: අපි ච ඛො අවිතක්කං අවිචාරං සමාධිං සමාපන්නස්ස චෙතසා චෙතො පරිච්ච පජානාති. යථා ඉමස්ස භොතො මනොසඞ්ඛාරා පණිහිතා ඉමස්ස චිත්තස්ස අනන්තරා අමුන්නාම විතක්කං විතක්කිස්සතීති. සො බහුඤ්චෙපි ආදිසති. තථෙව තං හොති, නො අඤ්ඤථා. ඉදං වුච්චති බ්රාහ්මණ ආදෙසනාපාටිහාරියං.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙලොව්හි කිසිවෙක් නිමිත්තෙනුදු නො කියා මැයි. මනුෂ්‍යයන්ගේ වේවයි, අමනුෂ්‍යයන්ගේ වේවයි, දේවතාවන්ගේ වේවයි, ශබ්දය අසා ද නො කියා මැ යි. විතර්‍ක කරන්නහුගේ හෝ විචාරය කරන්නහුගේ හෝ විතර්‍ක විෂඵාරශබ්දය අසා ද නො කියා මැ යි. වැලිදු අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියට සමවන් තමාගේ සිතින් ඔහු සිත පිරිසිඳ දන්නේය. යම්සේ මේ භවත්හුගේ මනස්සංසකාරයෝ පිහිටුවනු ලද්දාහු ද, මේ සිතට අනතුරුව අසෝ විතර්‍කය විතර්‍කණය කරන්නේය කියායි. හේ බොහෝ කොට ද කියා නම්, එය එසේ ම වෙයි. අන්පරිද්දෙකින් නො වෙයි. බමුණ, මේ ආදේශනා ප්‍රතිහාර්‍ය්‍යයයි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච බ්රාහ්මණ, අනුසාසනීපාටිහාරියං: ඉධ බ්රාහ්මණ, එකච්චො එවමනුසාසති: එවං විතක්කෙථ, මා එවං විතක්කයිත්ථ, එවං මනසි කරොථ, මා එවං මනසාකත්ථ, ඉදං පජහථ, ඉදං උපසම්පජ්ජ විහරථාති. ඉදං වුච්චති බ්රාහ්මණ අනුසාසනීපාටිහාරියං. ඉමානි ඛො බ්රාහ්මණ තීණි පාටිහාරියානි. ඉමෙසං තෙ බ්රාහ්මණ, තිණ්ණං පාටිහාරියානං කතමං පාටිහාරියං ඛමති අභික්කන්තතරඤ්ච පණීතතරඤ්චාති.
Sinhala BJTබමුණ, අනුසාසනීපාටිහාරිය කවරැ: බමුණ, මෙලොව්හි කිසිවෙක් මෙසේ අනුශාසනා කෙරේ: මෙසේ සිතව, නහමක් මෙසේ සිතව, මෙසේ මෙනෙහි කරව, නහමක් මෙසේ මෙනෙහි කරව, මෙය දුරලව, මෙයට පැමිණ වසව කියායි. බමුණ, මේ අනුසාසනීපාටිහාරිය යි කියනු ලැබේ. බමුණ, මේ වනාහි පෙළහර තුණයි. බමුණ, මේ තුන්පෙළහර අතුරෙන් කවර පෙළහරෙක් ඉතා කල්යැ යි ද, ඉතා ප්‍රණීතය යි ද තට රුස්නේ වේ ද?
Pali BJTතත්ර භො ගොතම යදිදං{1} පාටිහාරියං, ඉධෙකච්චො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති. ඉදං භො ගොතම පාටිහාරියං යොව{2} නං කරොති, සොව{3} නං පටිසංවෙදෙති. යොව නං කරොති, තස්සෙව තං හොති. ඉදං මෙ භො ගොතම පාටිහාරියං මායාසහධම්මරූපං විය ඛායති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මෙලොව්හි කිසිවෙක් නන් වැදෑරුම් ඍද්ධිවිධ පවත්වයි. ... බඹලොව තෙක් ද කයින් වසය පවත්වයි, යන යම් පෙළහරෙක් වේ ද, භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රාතිහාර්‍ය්‍යය යමෙක් කෙරේ නම්, එය හේ ම විඳුනේය. යමෙක් එය කෙරේ නම්, ඔහුට ම එය වෙයි. භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රාතිහාර්‍ය්‍යය මායාස්වභාව ඇතිසේ මට වැටහේ.
Pali BJTයම්පිදං භො ගොතම පාටිහාරියං ඉධෙකච්චො නිමිත්තෙන ආදිසති : එවම්පි තෙ මනො, ඉත්ථම්පි තෙ මනො, ඉතිපි තෙ චිත්තන්ති. සො බහුඤ්චෙපි ආදිසති, තථෙව තං හොති, නො අඤ්ඤථා. ඉධ පන භො ගොතම, එකච්චො නහෙව ඛො නිමිත්තෙන ආදිසති, අපි ච ඛො මනුස්සානං වා අමනුස්සානං වා දෙවතානං වා සද්දං සුත්වා ආදිසති: -පෙ- අපි ච ඛො විතක්කයතො විචාරයතො විතක්කවිප්ඵාරසද්දං සුත්වා ආදිසති -පෙ- නපි විතක්කයතො විචාරයතො විතක්කවිප්ඵාරසද්දං සුත්වා ආදිසති, අපි ච ඛො අවිතක්කං අවිචාරං සමාධිං සමාපන්නස්ස චෙතසා චෙතො පරිච්ච පජානාති: යථා ඉමස්ස භොතො මනොසඞ්ඛාරා පණිහිතා ඉමස්ස චිත්තස්ස අනන්තරා අමුන්නාම විතක්කං විතක්කිස්සතීති. සො බහුඤ්චෙපි ආදිසති, තථෙව තං හොති, නො අඤ්ඤථා. ඉදම්පි භො ගොතම පාටිහාරියං යොව නං කරොති සොව නං පටිසංවෙදෙති. යොව නං කරොති, තස්සෙව{3} තං හොති. ඉදම්පි භො ගොතම පාටිහාරියං මායාසහධම්මරූපං විය ඛායති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, යම් ප්‍රාතිහාර්‍ය්‍යයෙක් වේ ද? එනම්: මේ ලොව්හි කිසිවෙක් තාගේ සිත මෙසේත් වෙයි. තාගේ සිත මෙබඳුත් වෙයි. තාගේ සිත මෙ අයුරුදු වේය යි නිමිත්තෙන් කියයි. හේ බොහෝ කොට ද කියා නම්, එය එසේ ම වේ, අන් පරිදි නො වේ. භවත් ගෞතමයන් වහන්ස, මෙලොව්හි කිසිවෙක් නිමිත්තෙන් නො ම කියයි. වැලිත් මනුෂ්‍යයන්ගේ වේවයි, අමනුෂ්‍යයන්ගේ වේවයි, දේවතාවන්ගේ වේවයි, ශබ්දය අසා කියයි ... විතර්‍ක කරන්නහුගේ විචාර කරන්නහුගේ හෝ විතර්‍කවිෂ්ඵාර ශබ්දය අසා ද නො කියයි. වැලිදු අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියට සමවන් තමාගේ සිතින් (මෙරමා) සිත පිරිසිඳ දන්නේය. යම්සේ මේ භවත්හුගේ මනඃසංස්කාරයෝ පිහිටුවනු ලද්දාහු ද, මේ සිතට අනතුරුව අසෝ විතර්‍කය කරන්නේය කියායි. හේ බොහෝ කොට ද කියා නම්, එය එසේ ම වේ. අන්පරිදි නො වේ. භවත් ගෞතමයන් වහන්ස, මේ පෙළහර ද යමෙක් ම කෙරේ නම් එය හෙ ම විඳුනේය. යමෙක් එය කෙරේ නම් එය ඔහුට ම වේ . භවත් ගෞතමයන් වහන්ස, මේ පෙළහර ද මායාස්වභාව ඇතිසේ මට වැටහේ.
Pali BJTයඤ්ච ඛො ඉදං භො ගොතම පාටිහාරියං ඉධෙකච්චො එවමනුසාසති : එවං විතක්කෙථ, මා එවං විතක්කයිත්ථ, එවං මනසි කරොථ, මා එවං මනසාකත්ථ, ඉදං පජහථ, ඉදං උපසම්පජ්ජ විහරථාති. ඉදමෙව භො ගොතම පාටිහාරියං ඛමති ඉමෙසං තිණ්ණං පාටිහාරියානං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, යම් ප්‍රාතිහාර්‍ය්‍යයෙක් වේ ද, එනම්: මෙලොව්හි කිසිවෙක් අනුශාසනා කෙරෙයි: මෙසේ සිතව නහමක් මෙසේ සිතව. මෙසේ මෙනෙහි කරව, නහමක් මෙසේ මෙනෙහි කරව. මෙය දුරලව, මෙයට පැමිණ වසව කියායි. භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රාතිහාර්‍ය්‍යය මේ තුන් ප්‍රාතිහාර්‍ය්‍යයන් අතුරෙන් අතිශය මැනැවැ යි ද අතිශය ප්‍රණීතය යි ද (මට) වැටහේ.
Pali BJTඅච්ඡරියං භො ගොතම, අබ්භුතං භො ගොතම, යාව සුභාසිතමිදං භොතා ගොතමෙන. ඉමෙහි ච මයං තීහි පාටිහාරියෙහි සමන්නාගතං භවන්තං ගොතමං ධාරෙම. භවං හි ගොතමො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති -පෙ- යාව බ්රහ්ම ලොකාපි කායෙන වසං වත්තෙති. භවං හි ගොතමො අවිතක්කං අවිචාරං සමාධිං සමාපන්නස්ස චෙතසා චෙතො පරිච්ච පජානාති යථා ඉමස්ස භොතො මනොසඞ්ඛාරා පණිහිතා ඉමස්ස චිත්තස්ස අනන්තරා අමුන්නාම විතක්කං විතක්කිස්සතීති. භවං හි ගොතමො එවමනුසාසති : එවං විතක්කෙථ, මා එවං විතක්කයිත්ථ, එවං මනසි කරොථ, මා එවං මනසාකත්ථ. ඉදං පජහථ, ඉදං උපසම්පජ්ජ විහරථාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යය, අද්භූතය. භවත් ගෞතමයන් වහන්සේ විසින් මෙ යාවත්සුභාෂිතය. අපි භවත් ගෞතමයන් වහන්සේ මේ තුන් පෙළහරින් සමන්‍විත කොට දරම්හ. භවත් ගෞතමයන් වහන්සේ වනාහි නන්වැදෑරුම් ඍද්ධිවිධ වළඳ කෙරෙති. ... බඹලොව තෙක් ද කයින් වසය පවත්වති. භවත් ගෞතමයන් වහන්සේ ම අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියට සමවන් තමාගේ සිතින් මෙරමා සිත පිරිසිඳ දන්නාහ. ‘මේ පින්වත්හුගේ මනස්සංස්කාරයෝ යම්සේ පිහිටුවන ලද්දාහු නම්, මේ සිතට අනතුරුව අසෝ නම් විතර්‍කය විතර්‍කණය කරන්නේය’ කියායි. භවත්ගෞතමයන් වහන්සේ ම මෙසේ අනුශාසනා කරණ සේක: ‘මෙසේ සිතව. නහමක් මෙසේ සිතව. මෙසේ මෙනෙහි කරව. නහමක් මෙසේ මෙනෙහි කරව. මෙය දුර ලව. මෙය උපයාගෙන වසව’ යි කියායි.
Pali BJTඅද්ධා ඛො ත්යායං බ්රාහ්මණ ආසජ්ජ උපනීයවාචා භාසිතා, අපි ච ත්යාහං ව්යාකරිස්සාමි. අහං හි බ්රාහ්මණ අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොමි -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙමි. අහං හි බ්රාහ්මණ අවිතක්කං අවිචාරං සමාධිං සමාපන්නස්ස චෙතසා චෙතො පරිච්ච පජානාමි, යථා ඉමස්ස භොතො මනොසඞ්ඛාරා පණිහිතා ඉමස්ස චිත්තස්ස අනන්තරා අමුන්නාම විතක්කං විතක්කිස්සතීති.{1} අහං හි බ්රාහ්මණ එවමනුසාසාමි : එවං විතක්කෙථ, මා එවං විතක්කයිත්ථ. එවං මනසි කරොථ, මා එවං මනසාකත්ථ. ඉදං පජහථ, ඉදං උපසම්පජ්ජ විහරථාති.
Sinhala BJTබමුණ, ඒකාන්තයෙන් තා විසින් (මා ගුණෙහි) ගටා මවෙත එළවා (නතු කොට) බසෙක් කියන ලදි. වැලිදු මම තට ප්‍රකාශ කරමි. බමුණ මම ම නන් වැදෑරුම් ඍද්ධිවිධ වළඳ කරමි. ... බඹලොව තෙක්දු කයින් වසය පවත්වමි. බමුණ, මම ම අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියට සමවන් මාගේ සිතින් (ඔහු) සිත පිරිසිඳ දන්මි’. මේ භවත්හුගේ මනස්සංස්කාරයෝ යම් පරිද්දෙකින් පිහිටුවන ලද්දාහු ද (එහෙයින්) මේ සිතට අනතුරුව අසෝ නම් විතර්‍කය විතර්‍කණය කරන්නේය’ යි. බමුණ, මම ම මෙසේ අනුශාසනා කරමි: ‘මෙසේ සිතව. නහමක් මෙසේ සිතව. මෙසේ මෙනෙහි කරව. නහමක් මෙසේ මෙනෙහි කරව. මෙය දුර ලව. මෙයට පැමිණ වසව’ යි.
Pali BJTඅත්ථි පන භො ගොතම අඤ්ඤො එකභික්ඛුපි යො ඉමෙහි තීහි පාටිහාරියෙහි සමන්නාගතො? අඤ්ඤත්ර භොතා ගොතමෙනාති? න ඛො බ්රාහ්මණ එකඤ්ඤෙව සතං, න ද්වෙ සතානි, න තීණි සතානි, න චත්තාරි සතානි, න පඤ්චසතානි. අථ ඛො භිය්යොව යෙ භික්ඛූ ඉමෙහි තීහි පාටිහාරියෙහි සමන්නාගතාති. කහං පන භො ගොතම එතරහි තෙ භික්ඛූ විහරන්තීති? ඉමස්මිං යෙව ඛො බ්රාහ්මණ, භික්ඛුසඞ්ඝෙති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයන් වහන්සේ තබා මේ ප්‍රාතිහාර්‍ය්‍යය තුණෙන් යුක්ත වූ යම් කිසි අන් එක ද භික්‍ෂුවෙක් ඇත් ද? බමුණ, එක් සියෙක් ම නො වේ. දෙසියෙක් ම නො වේ. තුන්සියෙක් ම නො වේ. සාර සියෙක් ම නො වේ. පන්සියෙක් ම නො වේ. වැලිදු යම් කිසිවෙක් මේ ප්‍රාතිහාර්‍ය්‍යය තුණෙන් සමන්‍විත වේ නම්, ඔහු බෙහෙව. භවත් ගෞතමයන් වහන්ස, ඒ භික්‍ෂූහු මෙකල කොහි වෙසෙත් ද? බමුණ, මේ භික්‍ෂුසඞ්ඝයා කෙරෙහි මැ වෙති.
Pali BJTඅභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණංගතන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ඉකලි. භවත් ගෞතමයන් වහන්ස, ඉකලි. ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් කොට දිවියෙන් ගත් සරණ ගිය උවසුවකු කොට දරණ සේක්වා යී.
Pali BJTබ්රාහ්මණවග්ගො පඨමො.{*}
Sinhala BJTපළමුවන බ්‍රාහ්මණ වර්‍ගය යි.
Pali BJT[2. මහාවග්ගො]
Sinhala BJT[2. මහා වර්‍ගය]
Pali BJT3. 2. 2. 1.
Sinhala BJT3. 2. 2. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT11. තීණිමානි භික්ඛවෙ තිත්ථායතනානි, යානි පණ්ඩිතෙහි සමනුයුඤ්ජියමානානි සමනුගාහියමානානි සමනුභාසීයමානානි{1} පරම්පි ගන්ත්වා අකිරියාය සණ්ඨහන්ති. කතමානි තීණි: සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො : යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සබ්බං තං පුබ්බෙකතහෙතූති. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං ඉස්සරනිම්මාණහෙතූති. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො : යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං අහෙතුඅප්පච්චයාති.
Sinhala BJT11. මහණෙනි, යම් තීර්‍ත්‍ථායතන කෙනෙක් (මේ කිනම් දෘෂ්ටියෙක්දැයි මෙසේ) නුවණැතියන් විසින් පුළුවුස්නා ලබන්නාහු (කවර හෙයින් මේ දෘෂ්ටි උපනැයි මෙසේ) පුන පුනා කරුණු ගන්වනු ලබන්නාහු (මේ ලමුදිටු හරුවයි මෙසේ) මොනොවට අනුශාසනා කරණු ලබන්නාහු (ආචාර්‍ය්‍ය - ලබ්ධි - ආත්මභාව) පරම්පරාවක් ගොසිනුදු අක්‍රියවාදයෙහි සිටිද්ද, එබඳු වූ මේ තීර්‍ත්‍ථායතනයෝ තුන් දෙනෙක් වෙති. කවර තුන්දෙනෙක යත්: මහණෙනි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම පෙර කළ කම් හෙයිනැ”යි මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ බමුණු කෙනෙක් ඇත. මහණෙනි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම ඊශ්වරනිර්‍මාණ හේතුයෙනැ”යි මෙ බඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ බමුණු කෙනෙක් ඇත. මහණෙනි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම අහේතු ප්‍රත්‍යයෙනැ”යි මෙ බඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ බමුණු කෙනෙක් ඇත.
Pali BJTතත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො : යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සබ්බං තං පුබ්බෙකතහෙතූති. ත්යාහං උපසඞ්කමිත්වා එවං වදාමි : සච්චං කිර තුම්හෙ ආයස්මන්තො එවංවාදිනො එවංදිට්ඨිනො : යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සබ්බං තං පුබ්බෙකතහෙතූති? තෙ{2} චෙ මෙ එවං පුට්ඨා ආමාති පටිජානන්ති. ත්යාහං එවං වදාමි : තෙනහායස්මන්තො පාණාතිපාතිනො භවිස්සන්ති පුබ්බෙකතහෙතු, අදින්නාදායිනො භවිස්සන්ති පුබ්බෙකතහෙතු, අබ්රහ්මචාරිනො භවිස්සන්ති පුබ්බෙකතහෙතු, මුසාවාදිනො භවිස්සන්ති පුබ්බෙකතහෙතු, පිසුණවාචා භවිස්සන්ති පුබ්බෙකතහෙතු, ඵරුසවාචා භවිස්සන්ති පුබ්බෙකතහෙතු, සම්ඵප්පලාපිනො භවිස්සන්ති පුබ්බෙකතහෙතු, අභිජ්ඣාලුනො භවිස්සන්ති පුබ්බෙකතහෙතු, බ්යාපන්නචිත්තා භවිස්සන්ති පුබ්බෙකතහෙතු, මිච්ඡාදිට්ඨිකා භවිස්සන්ති පුබ්බෙකතහෙතු.
Sinhala BJTමහණෙනි, එහි ලා “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම පෙර කළ කම් හෙයිනැ” යි මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති යම් මහණ බමුණෝ ඇද්ද, මම ඔවුන් වෙත එළඹ මෙසේ කියමි: ආයුෂ්මත්නි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂා වේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම පෙර කළ කම් හෙයිනැ” යි තෙපි මෙබඳු වාද ඇත්තහු ල, මෙබඳු දෘෂ්ටි ඇත්තහු ල, ඒ සැබවෙක් වේ ද? ඉදින් ඔහු මා විසින් මෙසේ පුළුවුස්නා ලද්දාහු සැබැවැයි පිළිණ කෙරෙත් ද, මම ඔවුනට මෙසේ කියමි: ‘ආයුෂ්මත්නි, එසේ වී නම් ආයුෂ්මත්හු පෙර කළ කම් හෙයින් පණිවා කරන්නාහු වෙති, පෙර කළ කම් හෙයින් අයිනාදන් ගන්නාහු වෙති, පෙර කළ කම් හෙයින් අබ්‍රහමචාරීහු වෙති, පෙර කළ කම් හෙයින් මුසවා බණන්නාහු වෙති, පෙර කළ කම් හෙයින් පිසුනුබස් ඇත්තාහු වෙති, පෙර කළ කම් හෙයින් පරොස්බස් ඇත්තාහු වෙති, පෙර කළ කම් හෙයින් හිස් බස් තෙපලන්නාහු වෙති, පෙර කළ කම් හෙයින් දෘඪලෝභ ඇත්තාහු වෙති, පෙර කළ කම් හෙයින් ව්‍යාපාදයට පත් සිත් ඇත්තාහු වෙති, පෙර කළ කම් හෙයින් මිසදිටු ඇත්තාහු වෙති’ යි.
Pali BJTපුබ්බෙකතං ඛො පන භික්ඛවෙ සාරතො පච්චාගච්ඡතං න හොති ඡන්දො වා වායාමො වා, ඉදං වා කරණීයං ඉදං වා අකරණීයන්ති. ඉති කරණීයාකරණීයෙ ඛො පන සච්චතො ථෙතතො අනුපලබ්භියමානෙ මුට්ඨස්සතීනං අනාරක්ඛානං විහරතං න හොති පච්චත්තං සහධම්මිකො සමණවාදො. අයං ඛො මෙ භික්ඛවෙ තෙසු සමණබ්රාහ්මණෙසු එවංවාදීසු එවංදිට්ඨීසු පඨමො සහධම්මිකො නිග්ගහො හොති.
Sinhala BJTමහණෙනි, පෙර කළ කම් සාර වශයෙන් පිළිගන්නවුනට ‘මෙය කටයුතු ය හෝ මෙය නො කටයුතු ය හෝ’ යි කත්තුකම්‍යතා සඞ්ඛ්‍යාත ඡන්‍දයෙක් වේවයි ව්‍යායාමයෙක් වේවයි නො වේ. මෙසේ කරණී නො කරණී සත්‍ය වශයෙන් ස්ථිරවශයෙන් නො ලැබෙත් ම, නට සිහි ඇති ඉන්‍ද්‍රියසංවරයෙන් තොරව වසන්නවුනට තමා කෙරෙහි හේතු සහිත වූ ශ්‍රමණවාදයෙක් නො වේ. මහණෙනි, මෙ බඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඒ මහණ බමුණන් කෙරෙහි මාගේ මේ ප්‍රථම වූ සකාරණ නිග්‍රහය වේ.
Pali BJTතත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො : යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සබ්බං තං ඉස්සරනිම්මාණහෙතූති, ත්යාහං උපසඞ්කමිත්වා එවං වදාමි : සච්චං කිර තුම්හෙ ආයස්මන්තො එවංවාදිනො එවදිට්ඨිනො : යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සබ්බං තං ඉස්සරනිම්මාණහෙතූති. තෙ චෙ{1} මෙ එවං පුට්ඨා ආමාති පටිජානන්ති. ත්යාහං එවං වදාමි : තෙන හායස්මන්තො පාණාතිපාතිනො භවිස්සන්ති ඉස්සරනිම්මාණහෙතු -පෙ- මිච්ඡාදිට්ඨිකා භවිස්සන්ති ඉස්සරනිම්මාණහෙතු.
Sinhala BJTමහණෙනි, එහි ලා “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම ඊශ්වරනිර්‍මාණ හේතුයෙනැ” යි මෙ බඳු වාද ඇති මෙ බඳු දෘෂ්ටි ඇති යම් මහණ බමුණු කෙනෙක් වෙත්ද, මම ඔවුන් වෙත එළඹ මෙසේ කියමි: ආයුෂ්මත්නි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම ඊශ්වරනිර්‍මාණ හේතුයෙනැ” යි තෙපි මෙ බඳු වාද ඇත්තහු ල, මෙ බඳු දෘෂ්ටි ඇත්තහු ල, ඒ සැබවෙක් ද? ඉදින් ඔහු මා විසින් මෙසේ පුළුවුස්නා ලද්දාහු සැබැවැයි පිළිණ කෙරෙත් ද, මම ඔවුනට මෙසේ කියමි: එසේ වී නම් ආයුෂ්මත්හු ඊශ්වරනිර්‍මාණ හේතුයෙන් පණිවා කරන්නාහු වෙති, ... ඊශ්වරනිර්‍මාණ හේතුයෙන් මිසදිටු ඇත්තාහු වෙති.
Pali BJTඉස්සරනිම්මානං ඛො පන භික්ඛවෙ සාරතො පච්චාගච්ඡතං න හොති ඡන්දො වා වායාමො වා, ඉදං වා කරණීයං ඉදං වා අකරණීයන්ති. ඉති කරණීයාකරණීයෙ ඛො පන සච්චතො ථෙතතො අනුපලබ්භියමානෙ මුට්ඨස්සතීනං අනාරක්ඛානං විහරතං න හොති පච්චත්තං සහධම්මිකො සමණවාදො. අයං ඛො මෙ භික්ඛවෙ තෙසු සමණබ්රාහ්මණෙසු එවංවාදීසු එවංදිට්ඨීසු දුතියො සහධම්මිකො නිග්ගහො හොති.
Sinhala BJTමහණෙනි, ඊශ්වරනිර්‍මාණය වනාහි සාරභාවයෙන් පිළිගන්නවුනට මේ කළයුතු කියා වේවයි මෙය නො කළයුතු කියා වේවයි ඡන්‍දයෙක් හෝ ව්‍යායාමයෙක් හෝ නො වෙයි. මෙසේ කර්‍තව්‍යාකර්‍තව්‍ය දෙක සත්‍ය වශයෙන් ස්ථිරවශයෙන් නො ලැබෙත් ම, නට සිහි ඇති ව ඉන්‍ද්‍රියසංවරයෙන් තොරව වසන්නවුනට තමා කෙරෙහි හේතු සහිත වූ ශ්‍රමණවාදයෙක් නො වේ. මහණෙනි, මෙ බඳු වාද ඇති මෙ බඳු දෘෂ්ටි ඇති ඒ මහණබමුණන් කෙරෙහි මාගේ මේ දෙවනු වූ සහේතුක නිග්‍රහය වේ.
Pali BJTතත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො : යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සබ්බං තං අහෙතුඅප්පච්චයාති, ත්යාහං උපසඞ්කමිත්වා එවං වදාමි: සච්චං කිර තුම්හෙ ආයස්මන්තො එවංවාදිනො එවංදිට්ඨිනො : යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සබ්බං තං අහෙතුඅප්පච්චයාති? තෙ ච මෙ එවං පුට්ඨා ආමාති{2} පටිජානන්ති: ත්යාහං එවං වදාමි : තෙනහායස්මන්තො පාණාතිපාතිනො භවිස්සන්ති අහෙතුඅප්පච්චයා -පෙ- මිච්ඡාදිට්ඨිකා භවිස්සන්ති අහෙතුඅප්පච්චයා.
Sinhala BJTමහණෙනි, එහි ලා “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම අහේතු අප්‍රත්‍යයෙනැ” යි මෙ බඳු වාද ඇති මෙ බඳු දෘෂ්ටි ඇති යම් මහණ බමුණු කෙනෙක් වෙත්ද, මම ඔවුන් වෙත එළඹ මෙසේ කියමි: “ආයුෂ්මත්නි, තෙපි මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම අහේතු අප්‍රත්‍යයෙනැ” යි මෙබඳු වාද ඇත්තහු ල, මෙ බඳු දෘෂ්ටි ඇත්තහු ල, ඒ සැබවෙක් ද? ඉදින් ඔහු මා විසින් මෙසේ පුළුවුස්නා ලද්දාහු ‘සැබැවැ’යි පිළිණ කෙරෙත් ද, මම ඔවුනට මෙසේ කියමි: එසේ වී නම් ආයුෂ්මත්හු අහේතු අප්‍රත්‍යයෙන් පණිවා කරන්නාහු වෙති, ... අහේතු අප්‍රත්‍යයෙන් මිසදිටු ඇත්තාහු වෙති.
Pali BJTඅහෙතුං අප්පච්චයං{3} ඛො පන භික්ඛවෙ සාරතො පච්චාගච්ඡතං න හොති ඡන්දො වා වායාමො වා, ඉදං වා කරණීයං, ඉදං වා අකරණීයන්ති. ඉති කරණීයාකරණීයෙ ඛො පන සච්චතො ථෙතතො අනුපලබ්භියමානෙ මුට්ඨස්සතීනං අනාරක්ඛානං විහරතං න හොති පච්චත්තං සහධම්මිකො සමණවාදො. අයං ඛො මෙ භික්ඛවෙ තෙසු සමණබ්රාහ්මණෙසු එවංවාදීසු එවංදිට්ඨීසු තතියො සහධම්මිකො නිග්ගහො හොති.
Sinhala BJTමහණෙනි, අහේතු අප්‍රත්‍යය වනාහි සාරභාවයෙන් පිළිගන්නවුනට ‘මේ කරණී වේවයි මේ නො කරණී වේවයි’ ඡන්‍දයෙක් හෝ ව්‍යායාමයෙක් හෝ නො වෙයි. මෙසේ කර්‍තව්‍යාකර්‍තව්‍ය දෙක සත්‍යවශයෙන් ස්ථිරවශයෙන් නො ලැබෙත් ම, නට සිහි ඇතිව ඉන්‍ද්‍රියසංවරයෙන් තොරව වසන්නවුනට තමා කෙරෙහි හේතු සහිත වූ ශ්‍රමණවාදයෙක් නො වේ. මහණෙනි, මෙ බඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඒ මහණ බමුණන් කෙරෙහි මාගේ මේ තෙවනු වූ සකාරණ නිග්‍රහය වේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ තීණි තිත්ථායතනානි: යානි පණ්ඩිතෙහි සමනුයුඤ්ජියමානානි සමනුගාහියමානානි සමනුභාසියමානානි පරම්පි ගන්ත්වා අකිරියාය සණ්ඨහන්ති.
Sinhala BJTමහණෙනි, යම් තීර්‍ත්‍ථායතන කෙනෙක් (මේ කිනම් දෘෂ්ටියෙක්දැයි මෙසේ) නුවණැතියන් විසින් පුළුවුස්නා ලබන්නාහු (කවර හෙයින් මේ දෘෂ්ටි උපනැයි මෙසේ) පුන පුනා කරුණු ගන්වනු ලබන්නාහු (මේ ලමුදිටු හරුවයි මෙසේ) මොනොවට අනුශාසනා කරණු ලබන්නාහු (ආචාර්‍ය්‍ය - ලබ්ධි - ආත්මභාව පරම්පරාවක් ගොසිනුදු) අක්‍රියවාදයෙහි සිටිත් ද, එබඳු වූ මේ තීර්‍ත්‍ථායතනයෝ තුන් දෙන වෙති.
Pali BJTඅයං ඛො පන භික්ඛවෙ මයා ධම්මො දෙසිතො අනිග්ගහිතො අසඞ්කිලිට්ඨො අනුපවජ්ජො අප්පතිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. කතමො ච භික්ඛවෙ මයා ධම්මො දෙසිතො අනිග්ගහිතො අසඞ්කිලිට්ඨො අනුපවජ්ජො අප්පතිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. ඉමා ඡ ධාතුයොති භික්ඛවෙ මයා ධම්මො දෙසිතො අනිග්ගහීතො -පෙ- අප්පතිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. ඉමානි ඡ ඵස්සායතනානීති භික්ඛවෙ මයා ධම්මො දෙසිතො අනිග්ගහිතො -පෙ- අප්පතිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. ඉමෙ අට්ඨාරස මනොපවිචාරාති භික්ඛවෙ මයා ධම්මො දෙසිතො අනිග්ගහීතො -පෙ- අප්පතිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. ඉමානි චත්තාරි අරියසච්චානීති භික්ඛවෙ මයා ධම්මො දෙසිතො -පෙ- සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි.
Sinhala BJTමහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි, කෙලෙසන්නට නොහැකි, උපවාද කරන්නට නොහැකි, බැහැර කරන්නට නොහැකි, මේ ධර්‍මයෙක් මා විසින් දෙසන ලද්දේ ය. මහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි, කෙලෙසන්නට නොහැකි, උපවාද කරන්නට නොහැකි, බැහැර කරන්නට නොහැකි මා විසින් දෙසන ලද ඒ ධර්‍මය කවරේ ය? යත්: මහණෙනි, ‘මේ ධාතු සයෙක’ යනු මා විසින් දෙසන ලද. මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි කෙලෙසන්නට නොහැකි උපවාද කරන්නට නොහැකි බැහැර කරන්නට නොහැකි ධර්‍මය යි. මහණෙනි, ‘මේ ස්පර්‍ශායතන සයෙක’ යනු මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි ... බැහැර කරන්නට නොහැකි මා විසින් දෙසන ලද ධර්‍මය යි. මහණෙනි, ‘මේ අටළොස් තැනෙක්හි පවත්නා මනෝපවිචාරයෝ ය’ යනු මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි ... බැහැර කරන්නට නොහැකි මා විසින් දෙසන ලද ධර්‍මය යි. මහණෙනි, ‘මේ සතර ආර්‍ය්‍ය සත්‍යයෝ ය’ යනු මා විසින් දෙසන ලද … මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් ... බැහැර කරන්නට නොහැකි ධර්‍මය යි.
Pali BJTඉමා ඡ ධාතුයොති භික්ඛවෙ මයා ධම්මො දෙසිතො අනිග්ගහීතො අසඞ්කිලිට්ඨො අනුපවජ්ජො අප්පතිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති: ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඡයිමා භික්ඛවෙ ධාතුයො : පඨවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු ආකාසධාතු විඤ්ඤාණධාතු. ඉමා ඡ ධාතුයොති භික්ඛවෙ මයා ධම්මො දෙසිතො අනිග්ගහිතො අසඞ්කිලිට්ඨො අනුපවජ්ජො අප්පතිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති. ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි ... බැහැර කරන්නට නොහැකි ‘මේ ධාතු සයෙකැ’ යි දහමෙක් මා විසින් දෙසන ලදැයි මෙසේ තෙල කියන ලද්දේ මය. තෙල කුමක් සඳහා කියන ලද ද යත්: මහණෙනි, මේ ධාතුහු සදෙනෙකි: පඨවිධාතු යැ, ආපෝධාතු යැ, තෙජොධාතු යැ, වායෝ ධාතු යැ, ආකාසධාතු යැ, විඤඤාණධාතුයි. මහණෙනි, මේ ෂඩ්ධාතුහු යැ යි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි ... බැහැර කරන්නට නොහැකි වූ ධර්‍මයෙක් මා විසින් දෙසන ලදැයි මෙසේ යමක් කියන ලද ද මෙය තෙල කරුණු නිසා කියන ලද.
Pali BJTඉමානි ඡ ඵස්සායතනානීති භික්ඛවෙ මයා ධම්මො දෙසිතො අනිග්ගහීතො අසංකිලිට්ඨො අනුපවජ්ජො අප්පතිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති. ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඡයිමානි භික්ඛවෙ ඵස්සායතනානි : චක්ඛුං{1} ඵස්සායතනං සොතං ඵස්සායතනං ඝානං ඵස්සායතනං ජිව්හා ඵස්සායතනං කායො ඵස්සායතනං මනො ඵස්සායතනං. ඉමානි ඡ ඵස්සායතනානීති භික්ඛවෙ මයා ධම්මො දෙසිතො. අනිග්ගහීතො අසඞ්කිලිට්ඨො අනුපවජ්ජො අප්පතිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති. ඉති යන්තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි ... බැහැර කරන්නට නොහැකි වූ මේ ෂට් ස්පර්‍ශායතනයහ යි දහමෙක් මා විසින් දෙසන ලදැයි මෙසේ මෙය කියන ලද්දේ මය. තෙල කුමක් සඳහා කියන ලද ද: මහණෙනි, මේ ඵස්සායතන සයෙකි: චක්ඛු නම් වූ ඵස්සායතනයෙක, සෝත නම් වූ ඵස්සායතනයෙක, ඝාණ නම් වූ ඵස්සායතනයෙක, ජිව්හා නම් වූ ඵස්සායතනයෙක, කාය නම් වූ ඵස්සායතනයෙක, මනස නම් වූ ඵස්සායතනයෙකැ යි. මහණෙනි, මේ ඵස්සායතනයෝ සදෙන යැ යි මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි බැහැර කරන්නට නොහැකි ධර්‍මයෙක් මා විසින් දෙසන ලදැයි මෙසේ යමක් කියන ලද ද, මෙය තෙල කරුණ නිසා කියන ලදී.
Pali BJTඉමෙ අට්ඨාරස මනොපවිචාරාති භික්ඛවෙ මයා ධම්මො දෙසිතො අනිග්ගහීතො අසඞ්කිලිට්ඨො අනුපවජ්ජො අප්පතිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති. ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං: චක්ඛුනා රූපං දිස්වා සොමනස්සට්ඨානීයං රූපං උපවිචරති, දොමනස්සට්ඨානීයං රූපං උපවිචරති, උපෙක්ඛාට්ඨානියං රූපං උපවිචරති, සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය සොමනස්සට්ඨානීයං ධම්මං උපවිචරති. දොමනස්සට්ඨානීයං ධම්මං උපවිචරති. උපෙක්ඛාට්ඨානීයං ධම්මං උපවිචරති. ඉමෙ අට්ඨාරස මනොපවිචාරාති භික්ඛවෙ මයා ධම්මො දෙසිතො අනිග්ගහීතො අසඞ්කිලිට්ඨො අනුපවජ්ජො අප්පතිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති. ඉති යන්තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි වූ ... බැහැර කරන්නට නොහැකි වූ මේ අටළොස් මනෝපවිචාරයෝ යි දහමෙක් මා විසින් දෙසන ලදැ යි මෙසේ මෙය කියන ලද්දේ ම ය. තෙල කුමක් සඳහා කියන ලද ය යත්: ඇසින් රූපයක් දැක සොම්නසට කරුණු වූ රූපය ගෙණ සිත එළවයි. දොම්නසට කරුණු වූ රූපය ගෙණ සිත එළවයි. උපේක්‍ෂාවට කරුණු වූ රූපය ගෙණ සිත එළවයි. කණින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් ආඝ්‍රාණය කොට ... දිවින් රසක් විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යයක් ස්පර්‍ශ කොට ... මනසින් දහම් අරමුණක් දැක සොම්නසට කරුණු වූ දහම ගෙණ සිත එළවයි. දොම්නසට කරුණු වූ දහම ගෙණ සිත එළවයි. උපේක්‍ෂාවට කරුණු වූ දහම ගෙණ සිත එළවයි. මහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි වූ ... බැහැර කරන්නට නොහැකි වූ මේ අටළොස් මනපවිචාරයෝ යි ධර්‍මයෙක් මා විසින් දෙසන ලදැ යි මෙසේ යමක් කියන ලද ද, මෙය තෙල කරුණ නිසා කියන ලදී.
Pali BJTඉමානි චත්තාරි අරියසච්චානීති භික්ඛවෙ මයා ධම්මො දෙසිතො අනිග්ගහීතො අසංකිලිට්ඨො අනුපවජ්ජො අප්පතිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති. ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඡන්නං භික්ඛවෙ ධාතූනං උපාදාය ගබ්භස්සාවක්කන්ති හොති, ඔක්කන්තියා සති නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා. වෙදියමානස්ස ඛො පනාහං භික්ඛවෙ ඉදං දුක්ඛන්ති පඤ්ඤාපෙමි, අයං දුක්ඛසමුදයොති පඤ්ඤාපෙමි, අයං දුක්ඛනිරොධොති පඤ්ඤාපෙමි{2}, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති පඤ්ඤාපෙමි.
Sinhala BJTමහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි වූ ... බැහැර කරන්නට නොහැකි වූ මේ සතර සත්‍යයෝ යි දහමෙක් මා විසින් දෙසන ලදැ යි මෙසේ මෙය කියන ලද්දේ ම ය. තෙල කුමක් සඳහා කියන ලද ය යත්: මහණෙනි, ෂඩ්ධාතූන් නිසා ගර්‍භාවක්‍රාන්තිය වෙයි. අවක්‍රාන්තිය ඇති කල්හි නාමරූපය වෙයි. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වෙයි. ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වෙයි. මහණෙනි, විඳුනාහට (- විඳීම් දන්නාහට) මෙතෙක් මැ දුකැ යි පණවමි. මෙතෙක් දුකට කාරණායැ යි පණවමි. මෙතෙක් (- දුඃඛ සමුදය දෙදෙනාගේ නැසීම) දුඃඛනිරෝධය යි පණවමි. මෙතෙක් (- ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය) දුඃඛනිරෝධගාමි ප්‍රතිපත්තිය යි පණවමි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ දුක්ඛං අරියසච්චං: ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්යාධිපි දුක්ඛො,{3} මරණම්පි දුක්ඛං, සොකපරිදෙව දුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා,{*} යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා. ඉදං වුච්චති භික්ඛවෙ දුක්ඛං අරියසච්චං.
Sinhala BJTමහණෙනි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරැ: ජාතිය ද දුකැ, ජරාව ද දුකැ, ව්‍යාධිය ද දුකැ, මරණය ද දුකැ, ශෝක - පරිදේව - දුක් - දොම්නස් - උපායාසයෝත් දුක්හ. යමක් කැමැති වනුයේ නොලබන්නේ නම්, එ ද දුකැ. සැකෙවින් පඤ්‍චොපාදානස්කන්‍ධයෝ දුක්හ. මහණෙනි, මේ දුඃඛාර්‍ය්‍ය සත්‍යය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ දුක්ඛසමුදයො{4} අරියසච්චං: අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. ඉදං වුච්චති භික්ඛවෙ දුක්ඛසමුදයො අරියසච්චං.
Sinhala BJTමහණෙනි, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවරේය යත්: අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වෙයි, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වෙයි, ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශ වෙයි, ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයයෙන් ජරා - මරණ - සෝක - පරිදේව - දුක් - දොම්නස් - උපායාසයෝ වෙත්. මෙසේ මේ සියලු (- අමිශ්‍ර වූ) දුඃඛ රාශීහුගේ හටගැන්ම වේ. මහණෙනි, මේ දුඃඛ සමුදයාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ දුක්ඛනිරොධො{1} අරියසච්චං : අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො, තණ්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛනිරොධො අරියසච්චං.
Sinhala BJTමහණෙනි, දුඃඛ නිරෝධාර්‍ය්‍යසත්‍යය කවරේය යත්: අවිද්‍යාවගේ ම අනවශේෂ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙයි, සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වෙයි, විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධය වෙයි, නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වෙයි, ෂඩායතන නිරෝධයෙන් ස්පර්‍ශ නිරෝධය වෙයි, ස්පර්‍ශනිරෝධයෙන් වේදනා නිරෝධය වෙයි, වේදනා නිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වෙයි, තෘෂ්ණානිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි, උපාදානනිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරෝධය වෙයි, ජාති නිරෝධයෙන් ජරා - මරණ - සෝක - පරිදේව - දුක් - දොම්නස් - උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුඃඛ සකන්‍ධයාගේ නිරෝධය වේ. මහණෙනි, මේ දුඃඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං : අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං : සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි. ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. ඉමානි චත්තාරි අරියසච්චානීති භික්ඛවෙ, මයා ධම්මො දෙසිතො අනිග්ගහිතො අසංකිලිට්ඨො අනුපවජ්ජො අප්පතිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති. ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තන්ති.
Sinhala BJTමහණෙනි, දුඃඛනිරෝධගාමී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය කවරේය යත්: මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ම ය, ඒ මෙසේ ය: සම්‍යග් දෘෂ්ටිය, සම්‍යක් සඞ්කල්පය, සම්‍යග් වචනය, සම්‍යක් කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග් ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධිය යන මොහුය. මහණෙනි, මෙය දුඃඛනිරෝධගාමී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ. මහණෙනි, මේ සතර ආර්‍ය්‍යසත්‍ය කෙනෙකැ යි මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි වූ කෙලෙසන්නට නොහැකි වූ උපවාද නො කළ හැකි වූ බැහැර කරන්නට නොහැකි වූ දහම් දෙසන ලදැ යි මෙසේ යමක් කියන ලද නම්, තෙල මේ නිසා කියන ලදැයි.
Pali BJT3. 2. 2. 2.
Sinhala BJT3. 2. 2. 2.
Pali BJT12. තීණිමානි භික්ඛවෙ, අමාතාපුත්තිකානි භයානීති අස්සුතවා පුථුජ්ජනො භාසති. කතමානි තීණි : හොති{2} සො භික්ඛවෙ සමයො, යං මහාඅග්ගිඩාහො උට්ඨාති. මහාඅග්ගිඩාහෙ ඛො පන භික්ඛවෙ, උට්ඨිතෙ තෙන ගාමාපි ඩය්හන්ති, නිගමාපි ඩය්හන්ති, නගරාපි ඩය්හන්ති. ගාමෙසුපි ඩය්හමානෙසු නිගමෙසුපි ඩය්හමානෙසු නගරෙසුපි ඩය්හමානෙසු තත්ථ මාතාපි පුත්තං නප්පටිලභති, පුත්තොපි මාතරං නප්පටිලභති. ඉදං භික්ඛවෙ, පඨමං අමාතාපුත්තිකං භයන්ති අස්සුතවා පුථුජ්ජනො භාසති.
Sinhala BJT12. මහණෙනි, (මවු පුතුන් උනුන් රැකගත නොහෙන බියයි කියන ලද) මේ අමාතෘපුත්‍රක බිය තුණකැ යි අශ්‍රැතවත් පෘථග්ජන කියයි. කවර තුණෙක යත්: මහණෙනි, යම් කලෙක මහත් අග්නිදාහයෙක් නඟී ද එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මහත් අග්නිදාහයෙක් නැඟී සිටි කල්හි එයින් ගම්හුදු දැවෙති. නියම්ගම්හුදු දැවෙති. නගරයෝ ද දැවෙත්. ගමුදු දැවෙන කල්හි නියම්ගමුදු දැවෙන කල්හි නුවර ද දැවෙන කල්හි එහිලා මවු ද පුතා නොලැබෙයි. පුතාද මව නොලැබෙයි. මහණෙනි, මේ පළමුවන අමාතෘපුත්‍රක භයය යි අශ්‍රැතවත් පෘථග්ජන තෙම කියයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, හොති සො සමයො යං මහාමෙඝො උට්ඨාති. මහාමෙඝෙ ඛො පන භික්ඛවෙ, උට්ඨිතෙ මහාඋදකවාහකො සඤ්ජායති. මහාඋදකවාහකෙ ඛො පන භික්ඛවෙ, සඤ්ජාතෙ තෙන ගාමාපි වුය්හන්ති, නිගමාපි වුය්හන්ති, නගරාපි වුය්හන්ති. ගාමෙසුපි වුය්හමානෙසු නිගමෙසුපි වුය්හමානෙසු නගරෙසුපි වුය්හමානෙසු තත්ථ මාතාපි පුත්තං නප්පටිලභති, පුත්තොපි මාතරං නප්පටිලභති. ඉදං භික්ඛවෙ, දුතියං අමාතාපුත්තිකං භයන්ති අස්සුතවා පුථුජ්ජනො භාසති.
Sinhala BJTතවද මහණෙනි, යම් කලෙක්හි මහත් මේඝයෙක් නැඟේ ද එබඳුවූ කාලයෙක් වේ. මහණෙනි, මහත් මේඝය නැගි කල්හි මහ ගංවතුරෙක් නැගෙයි. මහණෙනි, මහගංවතුරු නැඟිකල්හි එයින් ගම්හුදු හයනු ලැබෙත්. නියම්ගම්හුදු හයනු ලැබෙත්. නගරයෝ ද හයනු ලැබෙත්. ගමුදු හයනු ලබන කල්හි නියම්ගමුදු හයනු ලබන කල්හි නුවරුදු හයනු ලබන කල්හි එහිලා මවු ද පුතා නොලැබෙයි. පුතාද මව නොලැබෙයි. මහණෙනි, මෙය දෙවන අමාතෘපුත්‍රක භයයි අශ්‍රැතවත් පෘථග්ජන තෙම කියයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, හොති සො සමයො, යං භයං හොති අටවිසඞංකොපො, චක්කසමාරුළ්හා ජානපදා පරියායන්ති. භයෙ ඛො පන භික්ඛවෙ, සති අටවිසංකොපෙ චක්කසමාරුළ්හෙසු ජානපදෙසු පරියායන්තෙසු තත්ථ මාතාපි පුත්තං නප්පටිලභති, පුත්තොපි මාතරං නප්පටිලභති. ඉදං භික්ඛවෙ, තතියං අමාතාපුත්තිකං භයන්ති අස්සුතවා පුථුජ්ජනො භාසති. ඉමානි ඛො භික්ඛවෙ, තීණි අමාතාපුත්තිකානි භයානීති අස්සුතවා පුථුජ්ජනො භාසති.
Sinhala BJTතවද මහණෙනි, යම් කලෙක්හි කඩපලා සොර බියෙක් වේ නම්, චක්‍රාරූඪ වූ දනව් වැස්සෝ හිස් ලූ ලූ අත ඔබමොබ යෙත් නම් පලායෙත් නම් එබඳු කාලයෙක් ද වේ මය. මහණෙනි, කඩපලා සොරබිය ඇති කල්හි චක්‍රාරූඪ වූ දනව් වැස්සන් හිස් ලූ ලූ අත ඔබමොබ පලා යන කල්හි එහි මවු දු පුතු නොලැබෙයි. පුතු දු මව නොලැබෙයි. මහණෙනි, මෙය තෙවන අමාතෘපුත්‍රක භයයි අශ්‍රැතවත් පෘථග්ජන තෙම කියයි. මහණෙනි, මේ තුණ වනාහි අමාතෘපුත්‍රක භයයි අශ්‍රැතවත් පෘථග්ජන තෙම කියයි.
Pali BJTතානි ඛො පනිමානි භික්ඛවෙ, තීණි සමාතාපුත්තිකානියෙව භයානි අමාතාපුත්තිකානි භයානීති අස්සුතවා පුථුජ්ජනො භාසති. කතමානි තීණි : හොති සො භික්ඛවෙ, සමයො, යං මහාඅග්ගිඩාහො උට්ඨාති. මහාඅග්ගිඩාහෙ ඛො පන භික්ඛවෙ, උට්ඨිතෙ තෙන ගාමාපි -පෙ- නගරාපි ඩය්හන්ති. ගාමෙසුපි ඩය්හමානෙසු නිගමෙසුපි ඩය්හමානෙසු නගරෙසුපි ඩය්හමානෙසු හොති සො සමයො, යං කදාචි කරහචි මාතාපි පුත්තං පටිලභති, පුත්තොපි මාතරං පටිලභති. ඉදං භික්ඛවෙ, පඨමං සමාතාපුත්තිකං යෙව භයං අමාතාපුත්තිකං භයන්ති අස්සුතවා පුථුජ්ජනො භාසති.
Sinhala BJTමහණෙනි, සමාතෘපුත්‍රක වූ ම ඒ තුන් බියක් අමාතෘපුත්‍රක භය යි අශ්‍රැතවත් පෘථග්ජන කියයි. කවර තුණෙක යත්: මහණෙනි, යම් කලෙක්හි මහත් වූ අග්නිදාහයෙක් නැගේ නම් එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මහත් වූ ගින්නෙන් දැවීම ඇති කල්හි එයින් ගමුදු ... නගරයෝ ද දැවෙත්. ගමුදු දැවෙන කල්හි නියම්ගමුදු දැවෙන කල්හි නගර දු දැවෙන කල්හි යම් හෙයෙකින් කිසියම් කලෙක මව පුතා ලැබේ ද, පුතා ද මව ලැබේ ද, එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මේ පළමුවන සමාතෘපුත්‍රක වූ ම බිය අමාතෘපුත්‍රක භය යි අශ්‍රැතවත් පෘථග්ජන කියයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, හොති සො සමයො, යං මහාමෙඝො උට්ඨාති. මහාමෙඝෙ ඛො පන භික්ඛවෙ, උට්ඨිතෙ මහාඋදකවාහකො සඤ්ජායති. මහාඋදකවාහකෙ ඛො පන භික්ඛවෙ, සඤ්ජාතෙ තෙන ගාමාපි වුය්හන්ති, නිගමාපි වුය්හන්ති, නගරාපි වුය්හන්ති. ගාමෙසුපි වුය්හමානෙසු නිගමෙසුපි වුය්හමානෙසු නගරෙසුපි වුය්හමානෙසු හොති සො සමයො, යං කදාචි කරහචි මාතාපි පුත්තං පටිලභති, පුත්තොපි මාතරං පටිලභති. ඉදං භික්ඛවෙ, දුතියං සමාතාපුත්තිකං යෙව භයං අමාතාපුත්තිකං භයන්ති අස්සුතවා පුථුජ්ජනො භාසති.
Sinhala BJTතවද මහණෙනි, යම් කලෙක මහාමේඝය නැගේ නම් එබඳු කාලයෙක් ද වෙයි. මහණෙනි, මහාමේඝය නැගිකල්හි ම මහ ගංවතුරු නැගෙයි. මහ ගංවතුරු නැගිකල්හි ගම්හුදු හයනු ලැබෙත්. නියම්ගම්හුදු හයනු ලැබෙත්. නගරයෝ ද හයනු ලැබෙත්. ගමුදු හයනු ලබන කල්හි, නියම්ගමුදු හයනු ලබන කල්හි, නගර දු හයනු ලබන කල්හි යම් හෙයෙකින් කිසි විටෙක මවත් පුතා ලැබේ ද, පුතාත් මවු ලැබේ ද, එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මේ වනාහි සමාතෘපුත්‍රක වූ ම දෙවන බිය අමාතෘපුත්‍රක බියැයි අශ්‍රැතවත් පෘථග්ජන කියයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, හොති සො සමයො, යං භයං හොති අටවිසඞ්කොපො, චක්කසමාරුළ්හා ජානපදා පරියායන්ති. භයෙ ඛො පන භික්ඛවෙ, සති අටවිසඞ්කොපෙ චක්කසමාරූළ්හෙසු ජානපදෙසු පරියායන්තෙසු හොති සො සමයො, යං කදාචි කරහචි මාතාපි පුත්තං පටිලභති, පුත්තොපි මාතරං පටිලභති. ඉදං භික්ඛවෙ, තතියං සමාතාපුත්තිකං යෙව භයං අමාතාපුත්තිකං භයන්ති අස්සුතවා පුථුජ්ජනො භාසති. ඉමානි ඛො භික්ඛවෙ, තීණි සමාතාපුත්තිකානි යෙව භයානි අමාතාපුත්තිකානි භයානීති අස්සුතවා පුථුජ්ජනො භාසති.
Sinhala BJTතවද මහණෙනි, යම් හෙයෙකින් කඩපලා සොර බියෙක් වේ ද, චක්‍රසමාරූඪ වූ දනවුවැස්සෝ හිස් ලූ ලූ අත ඔබමොබ පලා යෙද් ද, එබඳු කාලයෙක් වේ මය. මහණෙනි, කඩපලා සොර බිය ඇති කල්හි චක්‍රසමාරූඪ වූ දනවුවැස්සන් හිස් ලූ ලූ අත පලා යන කල්හි යම් හෙයෙකින් කිසිකලෙක මවුදු පුතා ලැබේ නම්, පුතු ද මව ලැබේ නම්, එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මෙබඳු මේ තෙවන සමාතෘපුත්‍රක වූ ම බිය අමාතෘපුත්‍රක වූ භය යි අශ්‍රැතවත් පෘථග්ජන කියයි. මහණෙනි, මේ සමාතෘපුත්‍රක වූ ම තුන් බිය අමාතෘපුත්‍රක භය යි අශ්‍රැතවත් පෘථග්ජන කියයි.
Pali BJTතීණිමානි භික්ඛවෙ, අමාතාපුත්තිකානි භයානි. කතමානි තීණි : ජරාභයං, ව්යාධිභයං, මරණභයං. න භික්ඛවෙ, මාතා පුත්තං ජීරමානං එවං ලභති : අහං ජීරාමි, මා මෙ පුත්තො ජීරීති. පුත්තො වා පන මාතරං ජීරමානං න එවං ලභති, අහං ජීරාමි මා මෙ මාතා ජීරීති.
Sinhala BJTමහණෙනි, මේ අමාතෘපුත්‍රක භය තුණෙකි. කවර තුණෙක යත්: ජරාභය, ව්‍යාධිභය, මරණභය යන තුණ යි. මහණෙනි, මවු ජරායෙන් දිරන පුතු (දැක) “මම දිරම්වා, මා පුතු නහමක් දිරාව” යි යන මෙබන්දක් නො ලැබෙයි. පුතා හෝ ජරායෙන් දිරන මව (දැක) “මම දිරම්වා, මා මවු නහමක් දිරාව” යි යන මෙබන්දක් නොලැබෙයි.
Pali BJTන භික්ඛවෙ, මාතා පුත්තං ව්යාධියමානං එවං ලභති : අහං ව්යාධියාමි, මා මෙ පුත්තො ව්යාධියීති, පුත්තො වා පන මාතරං ව්යාධියමානං න එවං ලභති : අහං ව්යාධියාමි, මා මෙ මාතා ව්යාධියීති.
Sinhala BJTමහණෙනි, මවු රොවින් පෙළෙනු වූ පුතු (දැක) “මම පෙළෙම්වා, මාගේ පුතු නහමක් පෙළේ”ව යි යන මෙබන්දක් නොලැබෙයි. පුතා ද රොවින් පෙළෙන මවු දැක “මම පෙළෙම්වා, මාගේ මවු නහමක් පෙළේව” යි යන මෙබන්දක් නොලැබෙයි.
Pali BJTන භික්ඛවෙ, මාතා පුත්තං මීයමානං එවං ලභති : අහං මීයාමි, මා මෙ පුත්තො මීයීති, පුත්තො වා පන මාතරං මීයමානං න එවං ලභති : අහං මීයාමි, මා මෙ මාතා මීයීති. ඉමානි ඛො භික්ඛවෙ, තීණි අමාතාපුත්තිකානි භයානීති.
Sinhala BJTමහණෙනි, මවු ද රොවින් මැරෙනු වූ පුතු (දැක) “මම මියෙම්වා, මාගේ පුතු නහමක් මියේව” යි යන මෙබන්දක් නොලැබෙයි. පුතා හෝ මැරෙන වූ මවු (දැක) “මම මියෙම්වා, මාගේ මවු නහමක් මියේව” යි යන මෙබන්දක් නොලැබෙයි. මහණෙනි, මේ අමාතෘපුත්‍රක වූ බිය තුණ ය.
Pali BJTඅත්ථි භික්ඛවෙ, මග්ගො, අත්ථි පටිපදා, ඉමෙසඤ්ච තිණ්ණං සමාතාපුත්තිකානං භයානං, ඉමෙසඤ්ච තිණ්ණං අමාතාපුත්තිකානං භයානං පහාණාය සමතික්කමාය සංවත්තති. කතමො ච භික්ඛවෙ මග්ගො : කතමා ච පටිපදා : ඉමෙසඤ්ච තිණ්ණං සමාතාපුත්තිකානං භයානං, ඉමෙසඤ්ච තිණ්ණං අමාතාපුත්තිකානං භයානං පහාණාය සමතික්කමාය සංවත්තති : අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං : සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො භික්ඛවෙ මග්ගො, අයං පටිපදා, ඉමෙසඤ්ච තිණ්ණං සමාතාපුත්තිකානං භයානං ඉමෙසඤ්ච තිණ්ණං අමාතාපුත්තිකානං භයානං පහාණාය සමතික්කමාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, මේ සමාතෘපුත්‍රක වූ තුන් බිය ද අමාතෘපුත්‍රක වූ තුන් බිය ද ප්‍රහාණය කරණු පිණිස, මොනොවට ඉක්මෙනු පිණිස යමෙක් පවත්නේ නම්, එ මාර්‍ගය ඇත. එ ප්‍රතිපත්තිය ඇත. මහණෙනි, මේ සමාතෘපුත්‍රක වූ තුන් බිය ද මේ අමාතෘපුත්‍රක වූ තුන් බිය ද ප්‍රහාණය කරණු පිණිස, මොනොවට ඉක්මෙනු පිණිස (යමෙක්) පවත්නේ නම්, එ මාර්‍ගය කවරෙයැ: ඒ ප්‍රතිපත්තිය කවරෙ යැ: එ මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය මැ යි. ඒ කෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය ... සම්‍යක්සමාධිය (යන මේ අටයි) මහණෙනි, මේ සමාතෘපුත්‍රක වූ තුන් බිය ද, මේ අමාතෘපුත්‍රක වූ තුන් බිය ද ප්‍රහාණය කරණු පිණිස මොනොවට ඉක්මෙනු පිණිස (යමක්) පවත්නේ නම්, මේ ඒ මාර්‍ග යි. මේ ඒ ප්‍රතිපත්ති යි.
Pali BJT3. 2. 2. 3.
Sinhala BJT3. 2. 2. 3.
Pali BJT13. එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන වෙනාගපුරං නාම කොසලානං බ්රාහ්මණගාමො තදවසරි. අස්සොසුං ඛො වෙනාගපුරිකා බ්රාහ්මණගහපතිකා : සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො වෙනාගපුරං අනුප්පත්තො. “තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො : ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතීති.
Sinhala BJT13. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන හා සමග කොසොල්දනවුහි සැරිසරණ සේක් කොසොල්දනවුයෙහි වේනාගපුර නමැති බමුණුගමට වැඩි සේක. වේනාගපුර වැසි බමුණුගැහැවියෝ “භවත්නි, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ගෞතමයෝ වනාහි වේනාගපුරයට වැඩියහ. එ භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව “මෙසේ මෙසේත් ඒ භගවත්හු අර්‍හත්හ. සම්‍යක්සම්බුද්ධයහ. විද්‍යාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූහ. අනුත්තරයහ. පුරුෂදම්‍යසාරථියහ. දෙවිමිනිස්නට ශාස්තෘයහ. බුද්ධයහ. භාග්‍යවත්හ. ඔබ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකය ද මහණ බමුණන් සියො දෙවිමිනිසුන් සියො සත්ත්‍ව ප්‍රජාව ද තුමූ ම අධිකඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රකාශ කෙරෙති. ඔබ ආදී කල්‍යාණ කොට මධ්‍ය කල්‍යාණ කොට පර්‍ය්‍යවසාන කල්‍යාණ කොට අර්‍ත්‍ථ සහිත කොට ව්‍යඤ්ජන සහිත කොට සර්‍වප්‍රකාරයෙන් පරිපූර්‍ණ කොට පිරිසුදු කොට දහම් දෙසති. බඹසර පවසති. මෙබඳු උතුම් වූ කීර්තිශබ්දයෙක් ඉතා උස්ව නැංගේය. එබඳු වූ රහතුන්ගේ දර්‍ශනය මනා මැ නු!” යි ඇසුවාහු ම ය.
Pali BJTඅථ ඛො වෙනාගපුරිකා බ්රාහ්මණගහපතිකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං{1} වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිම්පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො වෙනාගපුරිකො වච්ඡගොත්තො බ්රාහ්මණො භගවන්තං එතදවොච :
Sinhala BJTඉක්බිති වේනාගපුර වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. තුස්නට නිසි සිහි කරණුවට නිසි කථාව කොට නිමවා එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දසට ඇඳිලි බැඳ එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නම් ගොත් අස්වා එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් තුෂ්ණිම්භූත ව එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් වේනාගපුර වැසි වච්ඡගොත්ත බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
Pali BJTඅච්ඡරියං භො ගොතම, අබ්භුතං භො ගොතම, යාවඤ්චිදං භොතො ගොතමස්ස විප්පසන්නානි ඉන්ද්රියානි, පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො.
Sinhala BJT“භවත් ගෞතමයෙනි, ආශ්චර්‍ය්‍යයෙක. භවත් ගෞතමයෙනි, අද්භූතයෙක. භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්‍ද්‍රියයෝ ඉමහත් සේ පහන් වූවාහු වෙති. ඡවිවර්‍ණය මහත් සේ පිරිසිදුය. ඉතා ප්‍රභාස්වරය.
Pali BJTසෙය්යථාපි භො ගොතම සාරදං බදරපණ්ඩු{2} පරිසුද්ධං හොති පරියොදාතං. එවමෙව භොතො ගොතමස්ස විප්පසන්නානි ඉන්ද්රියානි, පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො. සෙය්යථාපි භො ගොතම තාලපක්කං සම්පති බන්ධනා පවුත්තං{3} පරිසුද්ධං හොති පරියොදාතං. එවමෙව භොතො ගොතමස්ස විප්පසන්නානි ඉන්ද්රියානි, පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො.”
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, යම්සේ සරත් කල්හි හටගත් විලිකුන් නොවූ ඩෙබරපක් පිරිසිදු වේ ද, ප්‍රභාස්වර වේ ද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්‍ද්‍රියයෝ වෙසෙසින් පහන් වෙති. ඡවිවර්‍ණය පිරිසිදුය. ප්‍රභාස්වර ය. භවත් ගෞතමයෙනි, යම්සේ එකෙණෙහි නටුයෙන් ගිළිහුන විලිකුන් තල්පක් පිරිසිදු වේ ද, ප්‍රභාස්වර වේ ද, එලෙසින් ම භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්‍ද්‍රියයෝ වෙසෙසින් පහන්හ. ඡවිවර්‍ණය පිරිසිදු ය. ප්‍රභාස්වර ය”.
Pali BJT“සෙය්යථාපි භො ගොතම, නෙක්ඛං ජම්බොනදං දක්ඛකම්මාරපුත්තසුපරිකම්මකතං උක්කාමුඛෙ සුකුසලසම්පහට්ඨං පණ්ඩුකම්බලෙ නික්ඛිත්තං භාසතෙ ච තපතෙ ච විරොචති ච. එවමෙව භොතො ගොතමස්ස විප්පසන්නානි ඉන්ද්රියානි, පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො.
Sinhala BJT“භවත් ගෞතමයෙනි, නිපුණ වූ කඹුරූදරුවක්හු විසින් මොනොවට පිරියම් කළ, කෝවෙහි පිස දක්‍ෂ රන්කරුවකු විසින් මොනොවට කොළන ලද දඹරන් නිකෙක් රත්පලසෙක්හි තබන ලද්දේ යම්සේ බබළා ද, දිලිසේ ද, රස් විහිදුවා ද, එලෙසින් ම භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්‍ද්‍රියයෝ වෙසෙසින් පහන්හ. ඡවිවර්‍ණය පිරිසිදු ය. ප්‍රභාස්වර ය.
Pali BJTයානි නූන{1} තානි භො ගොතම උච්චාසයනමහාසයනානි. සෙය්යථිදං : ආසන්දි පල්ලඞ්කො ගොනකො චිත්තකා{2} පටිකා පටලිකා තූලිකා විකතිකා උද්දලොමී එකන්තලොමී කට්ඨිස්සං කොසෙය්යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණිං කාදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතො ලොහිතකූපධානං, එවරූපානං නූන භවං ගොතමො උච්චාසයනමහාසයනානං නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී“ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, දික් පා ඇති හැඳිය, පලඟය, සතරඟුලෙන් දික් ලොම් ඇති මහකොඳු පලසය, වීමෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම් මුවා සුදුපුප් ඇතිරිය, එළුලොම්මුවා ඝනපුප් ඇතිරිය, පුළුන් ඔත් තිලිය, සිහරූ වගරූ නගා වියන ලද එළුලොම්මුවා ඇතිරිය, (දෙපස දාවළු ඇති) දෙදා ඇතිරිය, (එක්පස දාවළු ඇති) එක්දා ඇතිරිය, රන්කොසුකම් කළ තිහිරිමුවා පසතුරුණ, රන් හා මුසු කොට කැටි තිහිරිහුයින් වියූ පසතුරුණ, සොළොස් නළුවනට නැටිය හැකි අවන් මහඇතිරිය, ඇත් පිට අතුරණ ඇතිරිය, අස් පිට අතුරණ ඇතිරිය, රියෙහි අතුරණ ඇතිරිය, අඳුන්දිවිසමින් කළ ඇතිරිය, කෙසෙල්මුවසමින් කළ පසතරණ, ඉස්දොර පාමුල රන්කන්වයින් (කොට්ට) ඇති උඩ රත්වියන් බැඳි අස්න, යන යම් මැ උසසුන් මහසුන් කෙනෙක් වෙත් නම්, භවත් ගෞතමයෝ මෙබඳු උසසුන් මහඅසුන් රිසිසේ ලබන සුල්ලහ. නිදුකින් ලබන සුල්ලහ. මහත්සේ ලබන සුල්ලහ”.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTයානි ඛො පන තානි බ්රාහ්මණ, උච්චාසයනමහාසයනානි. සෙය්යථිදං : ආසන්දි පල්ලඞ්කො ගොනකො චිත්තකා පටිකා පටලිකා තූලිකා විකතිකා උද්දලොමි එකන්තලොමි කට්ඨිස්සං කොසෙය්යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණිං කදලිමිගපවරපච්චත්ථරණං{3} සඋත්තරච්ඡදං උභතො ලොහිතකූපධානං. දුල්ලභානි තානි පබ්බජිතානං, ලද්ධා ච න කප්පන්ති.
Sinhala BJTබමුණ, දික් පා ඇති හැඳිය, පයැ වළරූ ගැන්වූ පලඟය, දික් ලොම් ඇති කොඳු පලසය, වීමෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම්මුවා සුදුපුප් ඇතිරිය, ඝනපුප් එළුලොම් ඇතිරිය, පුළුන් ඔත් තිලිය, සිහරූ වගරූ නගා වියන ලද එළුලොම්මුවා ඇතිරිය, (දෙපස දා ඇති) දෙදා ඇතිරිය, (එක්පස දා ඇති) එක් දා ඇතිරිය, රන්කොසුකම් කළ තිහිරිමුවා පසතරණය, රන් හා මුසු කොට කැටි තිහිරිහුයින් වියූ පසතරණය, සොළොස් නළුවනට නැටිය හැකි අවන්මහ ඇතිරිය, ඇත් පිට අතුරණ ඇතිරිය, අස්පිට අතුරණ ඇතිරිය, රියෙහි අතුරණ ඇතිරිය, අඳුන්දිවිසමින් කළ ඇතිරිය, කෙසෙල්මුවසමින් කළ ඇතිරිය, ඉස්දොර පාමුල රන්කන්වයින් ඇති උඩ රත්වියන් බැඳි අස්න, යන යම් ම උසසුන් මහසුන් කෙනෙක් වෙත් නම්, පැවිද්දනට ඒ අසුන්හු දුර්‍ලභයහ. ලැබ ද නො කැප වෙති.
Pali BJTතීණි ඛො ඉමානි බ්රාහ්මණ, උච්චාසයනමහාසයනානි, යෙසාහං එතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී. කතමානි තීණි : දිබ්බං උච්චාසයනමහාසයනං, බ්රහ්මං උච්චාසයනමහාසයනං, අරියං උච්චාසයනමහාසයනං. ඉමානි ඛො බ්රාහ්මණ, තීණි උච්චාසයනමහාසයනානි, යෙසාහං එතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභීති.
Sinhala BJTබමුණ, මම දැන් යම් උසසුන් මහසුන් කෙනකුන් රිසිසේ ලබන සුල්ලෙම් ද, නිදුකින් ලබන සුල්ලෙම් ද, මහත්සේ ලබන සුල්ලෙම් ද, මේ උසසුන් මහඅසුන් තුන් දෙනෙක් වෙති. කවර තුන් දෙනෙක යත්: දිව්‍ය උසසුන් මහසුනැ, බ්‍රාහ්ම උසසුන් මහසුනැ, ආර්‍ය්‍ය උසසුන් මහසුනැ. බමුණ, දැන් යම් බඳු වූ උසසුන් මහසුන් කෙනකුන් මම රිසිසේ ලබන සුල්ලෙම් නම්, නිදුකින් ලබන සුල්ලෙම් නම්, මහත් සේ ලබන සුල්ලෙම් නම්, මේ එ උසසුන් මහසුන් තුන් දෙන වෙත්.
Pali BJT[බ්රාහ්මණො:]
Sinhala BJT[බමුණු:]
Pali BJTකතමං පන භො ගොතම, දිබ්බං උච්චාසයනමහාසයනං, යස්ස භවං ගොතමො එතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී?ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, මෙකල භවත් ගෞතමයන් වහන්සේ යමක් රිසිසේ ලබන සුළු වෙත් නම්, නිදුකින් ලබන සුළු වෙත් නම්, මහත්සේ ලබන සුළු වෙත් නම්, එ දිව්‍ය උසසුන් මහස්න කවරේ ය?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඉදාහං බ්රාහ්මණ යං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරාමි, සො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය තමෙව ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසාමි. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො වනන්තඤ්ඤෙව පචාරයාමි, සො යදෙව තත්ථ හොන්ති තිණානි වා පණ්ණානි වා තානි එකජ්ඣං සංහරිත්වා{1} නිසීදාමි, පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
Sinhala BJTබමුණ, මෙහි මම යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වෙසෙම් ද, ඒ මම පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙණ එම ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙමි. ඒ මම පස් බත්හි පිඬුයෙන් වැළකුනෙම් වනයට ම පිවිසෙමි. ඒ මම එහි යම් ම තණ හෝ පරණලා හෝ වේ නම්, ඒ එකතු කොට පලක් බැඳ කය ඍජු කොට තබා භවුන්විධියට හමු කොට සිහි එළවා තබා හිඳිමි.
Pali BJTසො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරාමි. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරාමි. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරාමි සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙමි, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරාමි. සුඛස්ස ච පහාණා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරාමි.
Sinhala BJTඑ මම කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙමි. විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම වූ චිත්තයාගේ එකඟබව වූ විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙමි. ප්‍රීතිහුගේ ද විරාගයෙන් උපේක්‍ෂා ද ඇත්තෙම් සිහි ඇත්තෙම් සම්‍යක් ප්‍රඥා ඇත්තෙම් වෙසෙමි. සුඛය ද කයින් විඳිමි. යමකු ඇරැබ උපේක්‍ෂා ඇත්තේ ය. සිහි ඇත්තේ ය. සුඛ විහරණ ඇත්තේ ය යි, ආර්‍ය්‍යයෝ කියත් නම්, එ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙමි. සුඛයාගේ ද ප්‍රහාණයෙන් හා දුඃඛයාගේ ප්‍රහාණයෙන් හා කැල ම සොම්නස් දොම්නසුන් හතයට යෑමෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂාස්මෘති දෙකින් වූ පිරිසිදු බව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙමි.
Pali BJTසො චෙ අහං බ්රාහ්මණ, එවම්භූතො චඞ්කමාමි, දිබ්බො මෙ එසො තස්මිං සමයෙ චඞ්කමො හොති. සො චෙ අහං බ්රාහ්මණ, එවං භූතො තිට්ඨාමි, දිබ්බං මෙ එතං තස්මිං සමයෙ ඨානං හොති. සො චෙ අහං බ්රාහ්මණ, එවම්භූතො නිසීදාමි, දිබ්බං මෙ එතං තස්මිං සමයෙ ආසනං හොති. සො චෙ අහං බ්රාහ්මණ, එවම්භූතො සෙය්යං කප්පෙමි, දිබ්බං මෙ එතං තස්මිං සමයෙ උච්චාසයනමහාසයනං හොති. ඉදං ඛො තං බ්රාහ්මණ, දිබ්බං උච්චාසයනමහාසයනං, යස්සාහං එතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභීති.
Sinhala BJTබමුණ, ඒ මම ඉදින් මෙබඳු වූයෙම්, සක්මන් කෙරෙම් නම්, එසමයෙහි තෙල මාගේ දිව්‍ය සක්මණ වෙයි. බමුණ, ඉදින් ඒ මම මෙබඳු වූයෙම් සිටීම් නම්, එසමයෙහි තෙල මගේ දිව්‍ය වූ සිටීම වෙයි. බමුණ, ඒ මම ඉදින් මෙබඳු වූයෙම් හිඳීම් නම්, එසමයෙහි තෙල මාගේ දිව්‍ය වූ හිඳුම වේ. බමුණ, ඉදින් ඒ මම මෙබඳු වූයෙම්, ශයනය කෙරෙම් නම්, එසමයෙහි තෙල මාගේ දිව්‍ය උසසුන් මහසුන් වෙයි. බමුණ, මෙකල යමක් මම රිසිසේ ලබම් ද, නිදුකින් ලබම් ද, මහත්සේ ලබම් ද, මේ ඒ දිව්‍ය උසසුන් මහස්න වේ.
Pali BJT[බ්රාහ්මණො:]
Sinhala BJT[බමුණු:]
Pali BJTඅච්ඡරියං භො ගොතම, අබ්භුතං භො ගොතම, කො චඤ්ඤො එවරූපස්ස දිබ්බස්ස උච්චාසයනමහාසයනස්ස නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභී, අඤ්ඤත්ර භොතා ගොතමෙන.
Sinhala BJTභවත් ගෞතමයෙනි, ආශ්චර්‍ය්‍යයෙකි. භවත් ගෞතමයෙනි, අද්භූතයෙකි. භවත් ගෞතමයන් වහන්සේ තබා අන් කවරෙක් නම් මෙබඳු දිව්‍ය උසසුන් මහස්නක් රිසිසේ ලබන්නේ වේ ද, නිදුකින් ලබන්නේ වේ ද! මහත්සේ ලබන්නේ වේ ද -
Pali BJTකතමං පන තං භො ගොතම, බ්රහ්මං උච්චාසයනමහාසයනං, යස්ස භවං ගොතමො එතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභීති?
Sinhala BJTභවත් ගෞතමයෝ දැන් යමක් රිසිසේ ලබන සුල්ලෝ ද, නිදුකින් ලබන සුල්ලෝ ද, මහත් සේ ලබන සුල්ලෝ ද, ඒ බ්‍රාහ්ම වූ උසසුන් මහස්න කවරේ ය?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඉදාහං බ්රාහ්මණ, යං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරාමි, සො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය තමෙව ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසාමි. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො වනන්තඤ්ඤෙව පවාරයාමි.
Sinhala BJTබමුණ, මම යම් ගමක් හෝ නියම් ගමක් ඇසුරු කොට වෙසෙම් ද, ඒ මම පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ ඒ ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස පිවිසෙමි. ඒ මම පස්බත්හි පිඬුයෙන් වැළකුනෙම් වනයට ම පිවිසෙමි.
Pali BJTසො යදෙව තත්ථ හොන්ති තිණානි වා, පණ්ණානි වා තානි එකජ්ඣං සංහරිත්වා{1} නිසීදාමි, පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරාමි, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරාමි. කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරාමි, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං{2} ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරාමි.
Sinhala BJTඒ මම එහි යම් ම තණ හෝ පරණලා හෝ වේ නම් ඒ එකතු කොට පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කමහටන් අරමුණට අභිමුඛ කොට තබා හිඳිමි. ඒ මම මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙමි. එසේ ම දෙවන දිග ද, එසේ ම තෙවන දිග ද, එසේ ම සිවුවන දිග ද, මෙසේ උඩ - යට සරස ද, හැම තන්හි සර්‍වාත‍්මතායෙන් මුළු මහත් ලොව විපුල වූ මහද්ගත වූ අපමණ වූ වෙර නැති ව්‍යාපාද රහිත මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙමි. කරුණා සහගත සිතින් ... මුදිතා සහගත සිතින් ... උපේක්‍ෂා සහගත සිතින් එක් දිගක් පතුරුවා වෙසෙමි. එසේ ම දෙවන දිග ද, එසේ ම තෙවන දිග ද, එසේ ම සිවුවන දිග ද, මෙසේ උඩයට සරස ද, සියලු තන්හි සර්‍වාත‍්මතායෙන් මුළු මහත් ලොව විපුල වූ මහද්ගත වූ අපමණ වූ වෙර නැති ව්‍යාපාද නැති උපේක්‍ෂා සහගත සිතින් පතුරුවා වෙසෙමි.
Pali BJTසො චෙ අහං බ්රාහ්මණ, එවං භූතො චඞ්කමාමි, බ්රහ්මා මෙ එසො තස්මිං සමයෙ චඞ්කමො හොති. සො චෙ අහං බ්රාහ්මණ, එවම්භූතො තිට්ඨාමි - නිසීදාමි - සෙය්යං කප්පෙමි, බ්රහ්මං මෙ එතං තස්මිං සමයෙ උච්චාසයනමහාසයනං හොති. ඉදං ඛො තං බ්රාහ්මණ, බ්රහ්මං උච්චාසයනමහාසයනං, යස්සාහං එතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභීති.
Sinhala BJTබමුණ, ඉදින් ඒ මම මෙබඳු වූයෙම් සක්මන් කෙරෙම් නම්, එසමයෙහි තෙල මාගේ බ්‍රාහ්ම වූ සක්මණ වෙයි. බමුණ, ඒ මම මෙසේ වූයෙම් ඉදින් සිටීම් නම්, ... හිඳීම් නම් ... ශයනය කෙරෙම් නම්, එසමයෙහි තෙල ඒ මාගේ බ්‍රාහ්ම වූ උසසුන් මහස්න වේ. බමුණ, මම මෙකල යමක් රිසිසේ ලබන සුලුයෙම් නම්, නිදුකින් ලබන සුලුයෙම් නම්, මහත්සේ ලබන සුලුයෙම් නම්, මේ වනාහි ඒ බ්‍රාහ්ම වූ උසසුන් මහස්න වේ.
Pali BJT[බ්රාහ්මණො:]
Sinhala BJT[බමුණු:]
Pali BJTඅච්ඡරියං භො ගොතම, අබ්භුතං භො ගොතම, කො චඤ්ඤො එවරූපස්ස බ්රහ්මස්ස උච්චාසයනමහාසයනස්ස නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභී, අඤ්ඤත්ර භොතා ගොතමෙන.
Sinhala BJTභවත් ගෞතමයෙනි, ආශ්චර්‍ය්‍යයෙකි. භවත් ගෞතමයෙනි, අද්භූතයෙකි. භවත් ගෞතමයන් තබා අන් කවරෙක් මෙබඳු වූ බ්‍රාහ්ම වූ උසසුන් මහස්නක් රිසිසේ ලබනසුලු වන්නේ ද, නිදුකින් ලබනසුලු වන්නේ ද, මහත්සේ ලබනසුලු වන්නේ ද!
Pali BJTකතමං පන තං භො ගොතම, අරියං උච්චාසයනමහාසයනං, යස්ස භවං ගොතමො එතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභීති ?
Sinhala BJTභවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ දැන් යමක් රිසිසේ ලබන සුල්ලෝ නම්, නිදුකින් ලබන සුල්ලෝ නම්, මහත් සේ ලබන සුල්ලෝ නම්, ඒ ආර්‍ය්‍ය උසසුන් මහසුන් කවරේ ය?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඉධාහං බ්රාහ්මණ, යං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරාමි, සො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය තමෙව ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසාමි. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො වනන්තඤ්ඤෙව පවාරයාමි. සො යදෙව තත්ථ හොන්ති තිණානි වා පණ්ණානි වා, තානි එකජ්ඣං සංහරිත්වා{1} නිසීදාමි පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
Sinhala BJTබමුණ, මම යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වෙසෙම් නම්, ඒ මම පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ එම ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙමි. ඒ මම පැසුළු බත්හි පිඬුයෙන් වැළකුනෙම් වනයට ම පිවිසෙමි. ඒ මම එහි යම් ම තණ හෝ පරණලා ඇත් නම් ඒ එකතු කොට පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා සිහිය කමහටන් අරමුණට නතු කොට එළවා හිඳිමි.
Pali BJTසො එවං පජානාමි.{1} රාගො මෙ පහීනො; උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො{2} ආයතිං අනුප්පාදධම්මො. දොසො මෙ පහීණො -පෙ- මොහො මෙ පහීණො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො{2} ආයතිං අනුප්පාදධම්මො.
Sinhala BJTඒ මම මාගේ රාගය ප්‍රහත ය. සිඳ ලූ මුල් ඇත්තේ ය. මුදුන සිඳින ලද තල්ගසක් මෙන් කරණ ලද්දේ ය. නැවත නො හටගන්නක් කරණ ලද්දේ ය. මතුයෙහි නූපදනා ස්වභාව ඇත්තක් කරණ ලද්දේ ය. මාගේ ද්වේෂය ප්‍රහතය ... මාගේ මෝහය ප්‍රහතය. සිඳලූ මුල් ඇත්තේ ය. මුදුන් සුන් තල්ගසක් මෙන් කරණ ලද්දේ ය. නැවත නොහටගන්නක් කරණ ලද්දේ ය. මතුයෙහි නූපදනා සැහැවි ඇත්තක් කරණ ලද්දේය යි මෙසේ දනිමි.
Pali BJTසො චෙ අහං බ්රාහ්මණ, එවම්භූතො චඞ්කමාමි, අරියො මෙ එසො තස්මිං සමයෙ චඞ්කමො හොති. සො චෙ අහං බ්රාහ්මණ එවම්භූතො තිට්ඨාමි -පෙ- නිසීදාමි - සෙය්යං කප්පෙමි. අරියං මෙ එතං තස්මිං සමයෙ උච්චාසයනමහාසයනං හොති. ඉදං ඛො තං{3} බ්රාහ්මණ අරියං උච්චාසයනමහාසයනං. යස්සාහං එතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභීති.
Sinhala BJTබ්‍රාහ්මණය, ඒ මම මෙබඳු වූයෙම් ඉදින් සක්මන් කෙරෙම් නම්, එසමයෙහි තෙල මාගේ ආර්‍ය්‍ය වූ සක්මණ වෙයි. බමුණ, ඒ මම මෙබඳු වූයෙම් ඉදින් සිටීම් නම් ... හිඳිම් නම් ... ශයනය කෙරෙම් නම් එසමයෙහි තෙල මාගේ ආර්‍ය්‍ය වූ උසසුන් මහසුන් වේ. බමුණ, දැන් මම යමක් රිසිසේ ලබන සුලුයෙම් නම්, නිදුකින් ලබන සුලුයෙම් නම්, මහත්සේ ලබන සුලුයෙම් නම්, මේ වනාහි ඒ ආර්‍ය්‍ය වූ උසසුන් මහස්න වේ.
Pali BJT[බ්රාහ්මණො:]
Sinhala BJT[බමුණු:]
Pali BJTඅච්ඡරියං භො ගොතම, අබ්භුතං, භො ගොතම, කො චඤ්ඤො එවරූපස්ස අරියස්ස උච්චාසයනමහාසයනස්ස නිකාමලාමී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභී අඤ්ඤත්ර භොතා ගොතමෙන.
Sinhala BJTභවත් ගෞතමයෙනි, ආශ්චර්‍ය්‍යය. භවත් ගෞතමයෙනි, අද්භූතය. භවත් ගෞතමයන් තබා අන් කවරෙක් නම් මෙබඳු ආර්‍ය්‍ය වූ උසසුන් මහසුන් රිසිසේ ලබන සුලු වන්නේ ද! නිදුකින් ලබන සුලු වන්නේ ද! මහත්සේ ලබන සුලු වන්නේ ද!
Pali BJTඅභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය, චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති. එවමෙවං{4} භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භවන්තං ගොතමං සරණං ගච්ඡාම, ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ සරණංගතෙති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, ඉතා මැනවි. භවත් ගෞතමයෙනි, ඉතා මැනවි. භවත් ගෞතමයෙනි, යටිකුරු කොට තබන ලද්දක් යම්සේ උඩුකුරු කරන්නේ ද, පිළිසන් වූවක් හෝ යම්සේ විවර කරන්නේ ද, මංමුළාවූවකුට යම්සේ මඟ කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූ දක්නාහයි අඳුරෙහි තෙල් පහනක් හෝ යම්සේ දරන්නේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් විසින් නන්නියරින් ධර්‍මය දේශනා කරණ ලද්දේය. වහන්ස, තෙල අපි භවත් ගෞතමයන් වහන්සේ ද, ධර්‍මය ද, භික්‍ෂුසඞ්ඝයා ද සරණ යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අප අද පටන් කොට දිවිහිම් සරණගිය උවසුවන් කොට දරණ සේක්වා යි.
Pali BJT3. 2. 2. 4.
Sinhala BJT3. 2. 2. 4.
Pali BJT14. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන සරභො නාම පරිබ්බාජකො අචිරපක්කන්තො හොති ඉමස්මා ධම්මවිනයා. සො රාජගහෙ පරිසතිං{5} එවං වාචං භාසති : අඤ්ඤාතො මයා සමණානං සක්යපුත්තිකානං ධම්මො. අඤ්ඤාය ච පනාහං සමණානං සක්යපුත්තිකානං ධම්මං එවාහං තස්මා ධම්මවිනයා අපක්කන්තොති.
Sinhala BJT14. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එසමයෙහි සරභ නම් පිරිවැජි මෙසස්නෙන් බැහැරගිය නොබොහෝකලැ. රජගහනුවර පිරිසෙහි “මා විසින් ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය දැනගන්නා ලද්දේය. මම ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය දැනගෙන ම මෙසේ ඒ සස්නෙන් බැහැර නික්ම සිටියෙමි” යි. මෙසේ තෙපුල් බෙණෙයි.
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පවිසිංසු. අස්සොසුං ඛො තෙ භික්ඛූ සරභස්ස පරිබ්බාජකස්ස රාජගහෙ පරිසතිං{5} එවං වාචං භාසමානස්ස : අඤ්ඤාතො මයා සමණානං සක්යපුත්තියානං ධම්මො. අඤ්ඤාය ච පනාහං සමණානං සක්යපුත්තියානං ධම්මං එවාහං තස්මා ධම්මවිනයා අපක්කන්තොති.
Sinhala BJTඑකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසියහ. ඒ භික්‍ෂූහු රජගහනුවර පිරිස්මැද “මා විසින් ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය දැනගන්නා ලද්දේය. ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය දැනගෙන ම මෙසේ මම ඒ සස්නෙන් බැහැර නික්ම සිටියෙමි” මෙසේ තෙපුල් තෙපලන සරභ පිරිවැජියාගේ වචනය ඇසූහ.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ රාජගහෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං :
Sinhala BJTඉක්බිති ඒ භික්‍ෂූහු රජගහනුවර පිඬු පිණිස හැසිර පැසුළු බත්හි පිණ්ඩපාතයෙන් වැළැකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
Pali BJTසරභො නාම භන්තෙ පරිබ්බාජකො අචිරපක්කන්තො ඉමස්මා ධම්මවිනයා. සො රාජගහෙ පරිසතිං එවං වාචං භාසති. අඤ්ඤාතො මයා සමණානං සක්යපුත්තියානං ධම්මො. අඤ්ඤාය ච පනාහං සමණානං සක්යපුත්තියානං ධම්මං එවාහං තස්මා ධම්මවිනයා අපක්කන්තොති. සාධු භන්තෙ භගවා යෙන සිප්පිනිකාතිරං යෙන පරිබ්බාජකාරාමො, යෙන සරභො පරිබ්බාජකො, තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJTවහන්ස, සරභ පිරිවැජි මේ ශාසනයෙන් බැහැර ගිය නොබෝ කල් ඇති වෙයි. හේ රජගහනුවර පිරිස්මැද “ම විසින් ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය දැනගන්නා ලද. ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය දැනගෙන ම මෙසේ ඒ සස්නෙන් පහව සිටියෙමි” මෙසේ තෙපුල් තෙපලයි. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සප්පිනිකාතීරයෙහි පරිව්‍රාජකාරාමයෙහි සරභ පිරිවැජියා කරා අනුකම්පා සඳහා වඩනාසේක් නම් මනා මැ නු” යි කීහ. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක.
Pali BJTඅථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන සප්පිනිකාතීරං යෙන පරිබ්බාජකාරාමො යෙන සරභො පරිබ්බාජකො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා සරභං පරිබ්බාජකං එතදවොච : සච්චං කිර ත්වං සරභ එවං වදෙසි : අඤ්ඤාතො මයා සමණානං සක්යපුත්තියානං{1} ධම්මො. අඤ්ඤාය ච පනාහං සමණානං සක්යපුත්තියානං{1} ධම්මං එවාහං තස්මා ධම්මවිනයා අපක්කන්තොති? එවං වුත්තෙ සරභො පරිබ්බාජකො තුණ්හී අහොසි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්කල්හි පිළිසලනින් නැගී සිටි සේක් සප්පිනිකා හෝතෙර පිරිවැජි අරම කරා සරභ පිරිවැජියා වෙත එළඹි සේක. එළැඹ, පැන්වූ අස්නෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ම “සැබව, සරභය? තෝ මා විසින් ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය දැනගන්නා ලද්දේය. ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය දැනගෙන ම මෙසේ මම ඒ සස්නෙන් පහව සිටිමි” මෙසේ කියයි දැයි වදාළ සේක. එසේ වදාළ කල්හි සරභ පිරිවැජි තුෂ්ණීම්භූත වීය.
Pali BJTදුතියම්පි ඛො භගවා සරභං පරිබ්බාජකං එතදවොච : වදෙහි සරභ, කින්ති තෙ අඤ්ඤාතො සමණානං සක්යපුත්තියානං{1} ධම්මො; සචෙ තෙ අපරිපූරං භවිස්සති, අහං පරිපූරෙස්සාමි. සචෙ පන තෙ පරිපූරං භවිස්සති, අහං අනුමොදිස්සාමීති. දුතියම්පි ඛො සරභො පරිබ්බාජකො තුණ්හී අහොසි.
Sinhala BJTදෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ සරභ පිරිවැජියාට “කිය සරභය, ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය තා විසින් කිසේ දැනගන්නා ලද ද? ඉදින් තාගේ දැනුම අපරිපූර්‍ණ වේ නම් මම එය පරිපූර්‍ණ කරමි. ඉදින් තාගේ දැනුම පරිපූර්‍ණ වේ නම් මම අනුමෙව්නෙමි” යී තෙල වදාළ සේක. දෙවනවටත් සරභ පරිව්‍රාජක තුෂ්ණීම්භූත වීය.
Pali BJTතතියම්පි ඛො භගවා සරභං පරිබ්බාජකං එතදවොච : වදෙහි සරභ, කින්ති තෙ අඤ්ඤාතො සමණානං සක්යපුත්තියානං ධම්මො, සචෙ තෙ අපරිපූරං භවිස්සති, අහං පරිපූරෙස්සාමි. සචෙ පන තෙ පරිපූරං භවිස්සති, අහං අනුමොදිස්සාමීති. තතියම්පි ඛො සරභො පරිබ්බාජකො තුණ්හී අහොසි.
Sinhala BJTතෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ සරභ පිරිවැජියාට “කිය සරභය, ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය තා විසින් කිසේ දැනගන්නා ලද ද? ඉදින් තාගේ දැනුම අපරිපූර්‍ණ වේ නම් මම එය පරිපූර්‍ණ කරමි. ඉදින් තාගේ දැනුම පරිපූර්‍ණ වේ නම් මම අනුමෙව්නෙමි” යී තෙල වදාළ සේක. තෙවනවටත් සරභ පරිව්‍රාජක තුෂ්ණීම්භූත වීය.
Pali BJTඅථ ඛො තෙ පරිබ්බාජකා සරභං පරිබ්බාජකං එතදවොචුං : “යදෙව ඛො ත්වං ආවුසො සරභ, සමණං ගොතමං යාචෙය්යාසි. තදෙව තෙ සමණො ගොතමො පවාරෙති. වදෙහාවුසො සරභ, කින්ති තෙ අඤ්ඤාතො සමණානං සක්යපුත්තියානං{1} ධම්මො, සචෙ තෙ අපරිපූරං භවිස්සති, සමණො ගොතමො පරිපූරෙස්සති. සචෙ පන තෙ පරිපූරං භවිස්සති, සමණො ගොතමො අනුමොදිස්සතීති. එවං වුත්තෙ සරභො පරිබ්බාජකො තුණ්හීභූතො මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො නිසීදි.
Sinhala BJTඉක්බිති ඒ පිරිවැජියෝ සරභ පිරිවැජියාහට “ඇවැත සරභය, තෝ යමක් ම මහණගොයුම්හු (අතින්) යදනෙහි නම් එය ම මහණගොයුම්හු තට පවරති. කිය ඇවැත සරභය, ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය තා විසින් කිසේ දන්නා ලද ද? ඉදින් තාගේ දැනුම අපරිපූර්‍ණ වේ නම්, මහණ ගොයුම්හු එය පරිපූර්‍ණ කරන්නාහ. ඉදින් තාගේ දැනුම පරිපූර්‍ණ වේ නම්, එය මහණ ගොයුම්හු අනුමෝ වන්නාහ” යි තෙල කීහ. මෙසේ කී කල්හි සරභ පිරිවැජි තුෂ්ණීම්භූත වූයේ නිතෙද වූයේ කරබාගත්තේ යට බලාලූ මුව ඇතියේ සිතිවිලි සිතන්නේ වැටහෙන නුවණ නැත්තේ හුන්නේය.
Pali BJTඅථ ඛො භගවා සරභං පරිබ්බාජකං තුණ්හීභූතං මඞ්කුභූතං පත්තක්ඛන්ධං අධොමුඛං පජ්ඣායන්තං අප්පටිභානං විදිත්වා තෙ පරිබ්බාජකෙ එතදවොච :
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සරභ පිරිවැජියා තුෂ්ණීම්භූත වූවහු තෙද නැතියහු කරබාගත්තහු යටට හෙළූ මුව ඇත්තහු සිතුවිලි සිතන්නහු වැටහෙන නුවණ නැත්තහු දැන ඒ පිරිවැජියනට තෙල වදාළ සේක:
Pali BJTයො ඛො මං පරිබ්බාජකා{2} එවං වදෙය්ය. සම්මාසම්බුද්ධස්ස තෙ පටිජානතො ඉමෙ ධම්මා අනභිසම්බුද්ධාති, තමහං තත්ථ සාධුකං සමනුයුඤ්ජෙය්යං, සමනුගාහෙය්යං, සමනුභාසෙය්යං. සො වත මයා සාධුකං සමනුයුඤ්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො අට්ඨානමෙතං අනවකාසො, යං සො තිණ්ණං ඨානානං නාඤ්ඤතරං ඨානං නිගච්ඡෙය්ය අඤ්ඤෙන වා අඤ්ඤං පටිචරිස්සති, බහිද්ධා කථං අපනාමෙස්සති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරිස්සති, තුණ්හීභූතො වා මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො නිසීදිස්සති, සෙය්යථාපි සරභො පරිබ්බාජකො.
Sinhala BJTපිරිවැජියෙනි, “සම්‍යක් සම්බුද්ධයෙමියි පිළිණ කරණ තොප විසින් මේ ධර්‍මයෝ අනභිසම්බුද්ධයහ”යී යමෙක් මට මෙසේ කියන්නේ නම්, එහි ලා මම ඔහු අතින් ප්‍රශ්න විචාරන්නෙමි. කරුණු ගන්වන්නෙමි. කරුණු කියන්නෙමි. හෙ මා විසින් මොනොවට විචාරනු ලබන්නේ කරුණු ගන්වනු ලබන්නේ, මොනොවට කියනු ලබන්නේ යම් හෙයෙකින් හෙ සරභ පිරිවැජියා මෙන් අනෙකෙකින් අනෙකක් වසාලන්නේ හෝ වෙයි. බැහැරි කථාවක් ලා ප්‍රස්තුත කථාව බැහැර කරන්නේ හෝ වෙයි. කෝපය ද ද්වේෂය ද නො සතුට ද පහළ කරන්නේ හෝ වෙයි. තුෂ්ණීම්භූත වූයේ හෝ තෙද රහිත වූයේ කරබාගත්තේ යටිකුරු කළ මුව ඇත්තේ සිතිවිලි සිතන්නේ (වැටහෙන) නුවණ නැත්තේ හිඳුනේ හෝ වෙයි යන මේ තුන් කරුණෙන් එක්තරා කරුණකට නොපැමිණෙන්නේය යන තෙල නොකරුණෙකි. නොවිය හැක්කෙකැ යි වදාළ සේක.
Pali BJTයො ඛො මං පරිබ්බාජකා එවං වදෙය්ය : ඛීණාසවස්ස තෙ පටිජානතො ඉමෙ ආසවා අපරික්ඛීණාති, තමහං තත්ථ සාධුකං සමනුයුඤ්ජෙය්යං සමනුගාහෙය්යං සමනුභාසෙය්යං. සො වත මයා සාධුකං සමනුයුඤ්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො අට්ඨානමෙතං අනවකාසො යං සො තිණ්ණං ඨානානං නාඤ්ඤතරං ඨානං නිගච්ඡෙය්ය, අඤ්ඤෙන වා අඤ්ඤං පටිචරිස්සති, බහිද්ධා කථං අපනාමෙස්සති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරිස්සති, තුණ්හීභූතො වා මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො නිසීදිස්සති, සෙය්යථාපි සරභො පරිබ්බාජකො.
Sinhala BJTපිරිවැජියෙනි, “ක්‍ෂීණාස්‍රවයෙමි යි පිළිණ කරණ තොපගේ මේ ආස්‍රවයෝ අපරික්‍ෂීණයහ” යි යමෙක් මට මෙසේ කියන්නේ නම්, එහි ලා මම ඔහු අතින් එය මොනොවට විචාරන්නෙමි. කරුණු ගන්වන්නෙමි. කරුණු කියන්නෙමි. මා විසින් හෙ ඒකාන්තයෙන් විචාරනු ලබන්නේ කරුණු ගන්වනු ලබන්නේ, කරුණු කියනු ලබන්නේ සරභ පිරිවැජියා මෙන් අනෙකෙකින් අනෙකක් වසාලන්නේ හෝ වෙයි. බැහැරි කථායෙකින් ප්‍රස්තුත කථාව බැහැරලන්නේ හෝ වෙයි. කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කරන්නේ හෝ වෙයි. තුෂ්ණීම්භූතව හෝ තෙද රහිතව කරබාගෙණ යටට හෙලූ මුව ඇතිව සිතිවිලි සිතන්නේ වැටහෙන නුවණ නැත්තේ හිඳුනේ හෝ වෙයි යන තුන් කරුණෙන් යම් එක්තරා කරුණකට නොයන්නේ ය යන තෙල නොකරුණෙක, නොවිය හැක්කෙක.
Pali BJTයො ඛො මං පරිබ්බාජකා එවං වදෙය්ය : යස්ස ඛො පන තෙ අත්ථාය ධම්මො දෙසිතො, සො න නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති, තමහං තත්ථ සාධුකං සමනුයුඤ්ජෙය්යං සමනුගාහෙය්යං, සමනුභාසෙය්යං. සො වත මයා සාධුකං සමනුයුඤ්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො අට්ඨානමෙතං අනවකාසො යං සො තිණ්ණං ඨානානං නාඤ්ඤතරං ඨානං නිගච්ඡෙය්ය අඤ්ඤෙන වා අඤ්ඤං පටිචරිස්සති, බහිද්ධා කථං අපනාමෙස්සති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරිස්සති, තුණ්හීභූතො මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො නිසීදිස්සති, සෙය්යථාපි සරභො පරිබ්බාජකොති.
Sinhala BJTපිරිවැජියෙනි, “යම් මාර්‍ගඵලයක් පිණිස තොප විසින් ධර්‍මය දෙසන ලද නම්, එය ඒ ධර්‍මය පිළිපදනහුට මොනොවට වටදුක් නසනු පිණිස නොසාහා” යි යමෙක් මෙසේ මට කියන්නේ නම්, මා විසින් හේ මොනොවට විචාරනු ලබන්නේ මොනොවට කරුණු ගන්වනු ලබන්නේ මොනොවට කියනු ලබන්නේ සරභ පිරිවැජියා මෙන් අනෙකෙකින් අනෙකක් වසාලන්නේ හෝ වෙයි. බැහැරි කථායෙකින් ප්‍රස්තුත කථාව බැහැර කරන්නේ හෝ වෙයි. කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කරන්නේ හෝ වෙයි. තුෂ්ණීම්භූත වූයේ හෝ තෙද නැතියේ කර බහා ගත්තේ යටට හෙළූ මුව ඇත්තේ සිතිවිලි සිතන්නේ වැටහෙන නුවණ නැත්තේ හෝ හිඳුනේය යන තුන් කරුණු අතුරෙන් යම් එක්තරා කරුණකට නොපැමිණෙන්නේය යන තෙල නොකරුණෙක, නොවිය හැක්කෙකැ යි වදාළ සේක.
Pali BJTඅථ ඛො භගවා සප්පිනිකාතීරෙ පරිබ්බාජකාරාමෙ තික්ඛත්තුං සීහනාදං නදිත්වා වෙහාසං පක්කාමි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සප්පිනිකා නදීතීරයෙහි පිරිවැජිඅරමෙහි තෙවරක් සිංහනාද කොට අහසට නැගි සේක.
Pali BJTඅථ ඛො තෙ පරිබ්බාජකා අචිරපක්කන්තස්ස භගවතො සරභං පරිබ්බාජකං සමන්තතො වාචාසත්තිතොදකෙන සඤ්ජම්භරිං අකංසු : සෙය්යථාපි ආවුසො සරභ බ්රහාරඤ්ඤෙ ජරසිගාලො සීහනාදං නදිස්සාමීති සෙගාලකඤ්ඤෙව{2} නදති, භෙරණ්ඩකඤ්ඤෙව නදති. එවමෙව ඛො ත්වං ආවුසො සරභ, අඤ්ඤත්රෙව සමණෙන ගොතමෙන සීහනාදං නදිස්සාමීති සෙගාලකඤ්ඤෙව නදසි, භෙරණ්ඩකඤ්ඤෙව නදසි. සෙය්යථාපි ආවුසො සරභ අම්බකමද්දරී{3} ඵුස්සකරවිතං{4} රවිස්සාමීති අම්බකමද්දරිරවිතඤ්ඤෙව රවති. එවමෙව ඛො ත්වං ආවුසො සරභ අඤ්ඤත්රෙව සමණෙන ගොතමෙන ඵුස්සකරවිතං රවිස්සාමීති අම්බකමද්දරිරවිතඤ්ඤෙව රවසි. සෙය්යථාපි ආවුසො සරභ උසභො සුඤ්ඤාය ගොසාලාය ගම්භීරං නදිතබ්බං මඤ්ඤති. එවමෙව ඛො ත්වං ආවුසො සරභ, අඤ්ඤත්රෙව සමණෙන ගොතමෙන ගම්භීරං නදිතබ්බං මඤ්ඤසීති. අථ ඛො තෙ පරිබ්බාජකා සරභං පරිබ්බාභාජකං සමන්තතො වාචායසත්තිතොදකෙන සඤ්ජම්භරිං අකංසූති.
Sinhala BJTඉක්බිති ඒ පිරිවැජියෝ භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි නොබෝ කල්හි “ඇවැත සරභය, මහවෙනෙහි ජරසිවලෙක් සිහනද කරන්නෙමී, සිවල්හඬ ම නඟා ද, බුන් හඬ ම නඟා ද, ඇවැත සරභය, එසේ ම තෝ ශ්‍රමණ ගෞතමයන් තබා සිංහනාද කරන්නෙමී සිවල්හඬ ම නඟව, බුන් හඬම නඟව. ඇවැත, සරභය, යම්සේ කුඩා කිකිළියක් මහකුකුළු හඬ නඟන්නෙමී කුඩා කිකිළියකගේ හඬ ම කෙරේ ද, ඇවැත සරභය, තෝ එපරිද්දෙන් ම මහණ ගොයුමාණන් හැරපියා ම මහකුකුළුහඬ නඟන්නේමී කියා කුඩා කිකිළියක හඬ ම නඟව, ඇවැත සරභය, යම්සේ ගොනෙක් හිස්වූ ගාළෙක දෙටු ගොනකුසේ ගැඹුරුහඬ නැගිය යුතු කොට සිතන්නේ ද, ඇවැත සරභය, තෝ එසේ ම මහණ ගොයුමාණන් පියා ම ගැඹුරුසේ හඬ නැගිය යුතු කොට සිතව් ය යි වචන නමැති අඩයටියෙන් නරතුරු ව වැදගන්නා ලද්දකු කළහ.
Pali BJT3. 2. 2. 5.
Sinhala BJT3. 2. 2. 5.
Pali BJT15. එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන කෙසපුත්තං නාම කාලාමානං නිගමො තදවසරි. අස්සොසුං ඛො කෙසපුත්තියා කාලාමා සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො කෙසපුත්තං අනුප්පත්තො. තං ඛො පන භවන්තං{1} ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො : ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො -පෙ- සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතීති.
Sinhala BJT15. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත්වූ බික්සඟන හා කොසොල් රට සැරිසරා වඩනා සේක් කාලාම ක්‍ෂත්‍රියයන්ගේ කේසපුත්ත නම් නියම්ගමට වැඩි සේක. කේසපුත්ත නියම්ගම් වැසි කාලාමක්‍ෂත්‍රියයෝ “පින්වත්නි, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ගෞතමයෝ වනාහි කේසපුත්ත නියම්ගමට වැඩියහ. එ භවත් ගෞතමයන් වහන්සේ ලකුණු කොට මෙසේ මෙසේත් ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ ... මෙසේ උතුම් වූ කීර්තිශබ්දය ඉතා උස්ව නැංගේය. එබඳු වූ රහතුන්ගේ දර්‍ශනය මනා මැ නු” යි ඇසුවාහුය.
Pali BJTඅථ ඛො කෙසපුත්තියා කාලාමා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු, අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු, අප්පෙකච්චෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු, අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො කෙසපුත්තියා කාලාමා භගවන්තං එතදවොචුං : සන්ති භන්තෙ, එකෙ සමණබ්රාහ්මණා කෙසපුත්තං ආගච්ඡන්ති. තෙ සකඤ්ඤෙව වාදං දීපෙන්ති, ජොතෙන්ති, පරවාදං පන{2} ඛුංසෙන්ති, වම්භෙන්ති, ඔපපක්ඛිං{3} කරොන්ති, පරිභවන්ති. අපරෙපි භන්තෙ එකෙ සමණබ්රාහ්මණා කෙසපුත්තං ආගච්ඡන්ති. තෙපි සකඤ්ඤෙව වාදං දීපෙන්ති, ජොතෙන්ති, පරවාදං පන ඛුංසෙන්ති, වම්භෙන්ති, ඔපපක්ඛිං කරොන්ති, පරිභවන්ති. තෙසං නො භන්තෙ, අම්හාකං හොතෙව කඞ්ඛා, හොති විචිකිච්ඡා : කො සු නාම ඉමෙසං භවන්තානං සමණබ්රාහ්මණානං සච්චං ආහ, කො මුසාති.
Sinhala BJTඉක්බිති කේසපුත්ත නියම්ගම්වැසි කාලාමක්‍ෂත්‍රියයෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. තුස්නට නිසි සිහි කරනුවට නිසි තෙපුල් කොට නිමවා එකත්පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දසට ඇඳිලි බැඳ එකත්පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නම්ගොත් අස්වා එකත්පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් තුෂ්ණිම්භූතව එකත්පසෙක හුන්හ. එකත්පස්ව හුන් කේසපුත්ත නියම්ගම්වැසි කාලාම ක්‍ෂත්‍රියයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ. “වහන්ස, කේසපුත්තයට එන ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු ස්වකීය ලබ්ධිය ම කියති, පවසති. මෙරමාගේ ලබ්ධිය ඝටා බෙණෙති. හෙළා දකිති, බැහැර කෙරෙත්. වහන්ස, අන්‍යවූ ද ඇතැම් මහණ බමුණු කෙනෙක් කේසපුත්තයට එති. ඔහු ද ස්වකීය ලබ්ධිය ම කියති, පවසති, මෙරමාගේ ලබ්ධිය ඝටා බෙණෙති. හෙළා දකිති, බැහැර කෙරෙත්. වහන්ස, එ අපට “මේ භවත් මහණ බමුණන් අතුරෙන් කවරෙක් නම්, සත්‍ය කියා ද! කවරෙක් මුසවා බෙණේදැ යි සැක ඇති වේ ම ය, විචිකිත්සා ඇතිවේ ම ය” යි.
Pali BJTඅලංහි වො කාලාමා, කඞ්ඛිතුං අලං විචිකිච්ඡිතුං. කඞ්ඛනීයෙ ව පන වො ඨානෙ විචිකිච්ඡා උප්පන්නා. එථ තුම්හෙ කාලාමා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ කාලාමා, අත්තනාව ජානෙය්යාථ : ඉමෙ ධම්මා අකුසලා, ඉමෙ ධම්මා සාවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤුගරහිතා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති : අථ තුම්හෙ කාලාමා, පජහෙය්යාථ.
Sinhala BJTකාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසි මැය, විචිකිත්සා කරන්නට නිසි මැය. සැක කටයුතු තැන ම තොපට විචිකිත්සාව උපන. කාලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නො ගණුව, පරම්පරාකථායෙනුදු නොගණුව, තෙල මෙසේ වී ලැ යි ද නොගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව, තර්‍කාග්‍රාහයෙනුදු නොගණුව, නයග්‍රාහයෙනුදු නොගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව, අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ යි ද නොගණුව, (මෙතෙම පූජ්‍යයෙකැයි) භව්‍යරූපතායෙනුදු නොගණුව, මේ මහණ අපට ගුරුහයි ද නොගණුව, කාලාමයෙනි, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව.
Pali BJTතං කිම්මඤ්ඤථ කාලාමා ලොභො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති හිතාය වා අහිතාය වාති ? අහිතාය, භන්තෙ.
Sinhala BJTකාලාමයෙනි, ඒ කිමැයි සිතවු ද? ලෝභය පුරුෂයාගේ සිතතුළ උපදනුයේ ඔහුට වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදනේ දැයි ඇසූ සේක. වහන්ස, අහිත පිණිස වේ යයි කීහ.
Pali BJTලුද්ධො පනායං කාලාමා පුරිසපුග්ගලො ලොභෙන අභිභූතො පරියාදින්නචිත්තො පාණම්පි හන්ති{1} අදින්නම්පි ආදියති. පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං අහිතාය දුක්ඛායාති. එවං භන්තෙ.
Sinhala BJTකාලාමයෙනි, ලෝභී වූ මේ පුරුෂපුද්ගල ලෝභයෙන් මඩනා ලදුයේ ගන්නා ලද සිත් ඇතියේ යමක් ඔහුට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේ නම්, එබඳු පණිවා ද කෙරේ, අයිනාදන් ද ගණී, පරඹුවන් කරා ද යේ. මුසවා ද බෙණේ. මෙරමාත් එබව පිණිස සමාදන් කරවයි. එසේය, වහන්ස.
Pali BJTතං කිම්මඤ්ඤථ කාලාමා, දොසො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති හිතාය වා අහිතාය වාති. අහිතාය භන්තෙ.
Sinhala BJTකාලාමයෙනි, ඒ කිමැයි සිතවු ද? ද්වේෂය පුරුෂයාගේ සිතෙහි උපදනුයේ වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදනේ වේ ද? වහන්ස, අහිත පිණිස උපදනේය.
Pali BJTදුට්ඨො පනායං කාලාමා, පුරිසපුග්ගලො දොසෙන අභිභූතො පරියාදින්නචිත්තො පාණම්පි හන්ති -පෙ- පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං අහිතාය දුක්ඛායාති. එවං භන්තෙ.
Sinhala BJTකාලාමයෙනි, මේ ද්විෂ්ට වූ පුරුෂපුද්ගල ද්වේෂයෙන් මඩනා ලදුයේ ගන්නා ලද සිත් ඇතියේ යමක් ඔහුට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේ නම් එබඳු වූ පණිවාත් කෙරේ ... මෙරමා ද එසෙයට සමාදන් කරවයි. එසේය, වහන්ස.
Pali BJTතං කිම්මඤ්ඤථ කාලාමා, මොහො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති හිතාය වා අහිතාය වාති. අහිතාය භන්තෙ.
Sinhala BJTකාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? මෝහය පුරුෂයාගේ සිතෙහි උපදනේ වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදනේ වේද? වහන්ස, අහිත පිණිස උපදනේය.
Pali BJTමූළ්හො පනායං කාලාමා, පුරිසපුග්ගලො මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො පාණම්පි හන්ති, අදින්නම්පි ආදියති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං අහිතාය දුක්ඛායාති. එවං භන්තෙ.
Sinhala BJTකාලාමයෙනි, මූඪ වූ මේ පුරුෂපුද්ගල මෝහයෙන් මඩනා ලදුයේ ගන්නා ලද සිත් ඇතියේ යමක් ඔහුට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේ නම්, එබඳු වූ පණිවාත් කෙරේ. අයිනාදනුත් ගණී, පරඹුවන් කරාත් යේ. මුසවාත් බෙණේ. මෙරමාත් එසෙයට සමාදන් කරවයි. එසේය, වහන්ස.