Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 15901-16000 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2. කථඤ්ච භික්ඛවෙ භික්ඛු න ලක්ඛණකුසලො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු, කම්ම ලක්ඛණො බාලො, කම්මලක්ඛණො පණ්ඩිතො’ති යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ලක්ඛණකුසලො හොති.
Sinhala BJT2. මහණෙනි, මහණ කෙසේ ලක්‍ෂණයන්හි කුසල නො වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ‘බාල තෙමේ කර්‍ම ලක්‍ෂණ කොට ඇත්තේ ය, පණ්ඩිත තෙමේ කර්‍මලක්‍ෂණ කොට ඇත්තේය’යි යථාභූතය නො දන්නේ ය. මහණෙනි, මෙසේ මහණ ලක්‍ෂණ කුශල නො වේ.
Pali BJT3. කථඤ්ච භික්ඛවෙ භික්ඛු න ආසාටිකං සාටෙතා හොති: ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නං කාමවිතක්කං අධිවාසෙති නප්පජහති න විනොදෙති න බ්යන්තීකරොති න අනභාවං ගමෙති. උප්පන්නං බ්යාපාදවිතක්කං අධිවාසෙති නප්පජහති න විනොදෙති න බ්යන්තීකරොති න අනභාවං ගමෙති. උප්පන්නං විහිංසාවිතක්කං අධිවාසෙති නප්පජහති න විනොදෙති න බ්යන්තීකරොති, න අනභාවං ගමෙති. උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ අධිවාසෙති නප්පජහති න විනොදෙති න බ්යන්තීකරොති න අනභාවං ගමෙති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ආසාටිකං සාටෙතා හොති.
Sinhala BJT3. මහණෙනි, කෙසේ මහණ (කාමවිතර්‍ක සඞ්ඛ්‍යාත) මක්‍ෂිකාණ්ඩය පහ නො කරන්නේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ උපන් කාමවිතර්‍ක ඉවසනේ ය, දුරු නො කරන්නේ ය, පහ නො කරන්නේ ය, විගතාන්ත නො කරන්නේ ය, අභාවයට නො යවන්නේ ය. උපන් ව්‍යාපාද විතර්‍කය ඉවසනේ ය, දුරු නො කරන්නේ ය, පහ නො කරන්නේ ය, විගතාන්ත නො කරන්නේ ය, අභාවයට නො යවන්නේ ය. උපන් විහිංසා විතර්‍කය ඉවසනේ ය, දුරු නො කරන්නේ ය, පහ නො කරන්නේ ය, විගතාන්ත නො කරන්නේ ය, අභාවයට නො යවන්නේ ය. උපනුපන් ලමු අකුසල් දහම් ඉවසනේ ය, දුරු නො කරන්නේ ය, පහ නො කරන්නේ ය, විගතාන්ත නො කරන්නේ ය, අභාවයට නො යවන්නේ ය. මහණෙනි, මෙසේ මහණ මක්‍ෂිකාණ්ඩය පහ නො කරන්නේ වේ.
Pali BJT4. කථඤ්ච භික්ඛවෙ භික්ඛු න වණං පටිච්ඡාදෙතා හොති: ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී, ‘යත්වාධිකරණමෙනං{1} චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ න සංවරං ආපජ්ජති{2}. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසාධම්මං විඤ්ඤාය නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලාධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති, මනින්ද්රියං මනින්ද්රියෙ සංවරං නාපජ්ජති. එවං භික්ඛවෙ භික්ඛු න වණං පටිච්ඡාදෙතා හොති.
Sinhala BJT4. මහණෙනි, කෙසේ මහණ ව්‍රණය නො පිළිසන් කරනුයේ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිති ගන්නා සුලුයේ අනුව්‍යඤ්ජන ගන්නා සුලුයේ වෙයි. යම් හෙයකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවෘත කොට වාස කරන තෙල පුඟුල් කරා අභිධ්‍යා දෞම්නස්‍ය සඞ්ඛ්‍යාත ලමු අකුසල් දහම්හු ලුහුබඳනාහු නම් ඔහුගේ සංවරය පිණිස නො පිළිපදනේ ය, චක්‍ෂුන්‍ද්‍රිරිය නො රක්නේ ය, චක්‍ෂුන්‍ද්‍රිරියයෙහි සංවරයට නො පැමිණේ. ශ්‍රෝත්‍රයෙන් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගඳ අසා ... ජිහ්වායෙන් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය පැහැස ... මනසින් ධර්‍මාරම්මණය දැන නිමිති ගන්නා සුලුයේ අනුව්‍යඤ්ජන ගන්නා සුලුයේ වෙයි. යම් හෙයෙකින් මනින්‍ද්‍රියය අසංවෘත කොට වාස කරන තෙල පුඟුල් කරා අභිධ්‍යා-දෞම්නස්‍ය සඞ්ඛ්‍යාත ලමු අකුසල් දහම්හු ලුහුබඳනාහු නම් එ සංවරය පිණිස නො පිළිපදනේ ය, මනිද්‍රිරිය නො රක්නේ ය, මනිද්‍රිරියයෙහි සංවරයට නො පැමිණේය. මහණෙනි, මෙසේ මහණ ව්‍රණ ප්‍රතිච්ඡාදන නො කරන්නේ වේ.
Pali BJT5. කථඤ්ච භික්ඛවෙ භික්ඛු න ධූමං කත්තා හොති: ඉධ භික්ඛවෙ භික්ඛු න යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙතා හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ධූමං කත්තා හොති.
Sinhala BJT5. මහණෙනි, කෙසේ නම් මහණ (ධර්‍මදේශනා සඞ්ඛ්‍යාත) ධූම නො කරන්නේ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්‍මය විතර විසින් පරහට නො දෙසනුයේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ධූම නො කරනුයේ වෙයි.
Pali BJT6. කථඤ්ච භික්ඛවෙ භික්ඛු න තිත්ථං ජානාති: ඉධ භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛු බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා න පරිපුච්ඡති, න පරිපඤ්හති, ‘ඉදං භන්තෙ කථං, ඉමස්ස කො අත්ථොති? තස්ස තෙ ආයස්මන්තො අවිවටඤ්චෙව න විවරන්ති, අනුත්තානීකතඤ්ච න උත්තානීකරොන්ති. අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානීයෙසු ධම්මෙසු කඞ්ඛං න පටිවිනොදෙන්ති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න තිත්ථං ජානාති.
Sinhala BJT6. මහණෙනි, කෙසේ මහණ (බහුශ්‍රුත සඞ්ඛ්‍යාත) තීර්‍ත්‍ථය නො දන්නේ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ආගතාගම ඇති ධර්‍මධර විනයධර මාතිකාධර යම් ඒ තෙර මහණහු වෙත් ද ඔවුන් කරා කලින් කල එළඹ පරිවෘච්ඡා නො කෙරෙයි. පරිප්‍රශ්න නො කෙරෙයි: ‘වහන්ස, මේ කෙසේ ද මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ කවරේ දැ’යි, ඔහට ඒ ආයුෂ්මත්හු අවිවෘත අර්‍ත්‍ථය ද විවෘත නො කෙරෙත්. අප්‍රකට අර්‍ත්‍ථය ද ප්‍රකට නො කෙරෙත්, අනේකවිධ සැක කටයුතු දහම් විසාහි සැක දුරු නො කෙරෙත්. මහණෙනි, මෙසේ මහණ තීර්‍ත්‍ථ නො දන්නේ ය.
Pali BJT7. කථඤ්ච භික්ඛවෙ භික්ඛු න පීතං ජානාති: ඉධ භික්ඛවෙ භික්ඛු තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ න ලභති අත්ථවෙදං, න ලභති ධම්මවෙදං, න ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. එවං ඛො භික්ඛවෙ භික්ඛු න පීතං ජානාති.
Sinhala BJT7. මහණෙනි, කෙසේ මහණ පීතය නො දන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තථාගත ප්‍රවිදිත ධර්‍ම විනය දෙසනු ලබත් ම අර්‍ත්‍ථවේද නො ලබනේ ය. ධර්‍මවේද නො ලබනේ ය. ධර්මොපසංහිත ප්‍රමෝදය නො ලබනේ ය. මහණෙනි, මෙසේ පීතය නො දන්නේ ය.
Pali BJT8. කථඤ්ච භික්ඛවෙ භික්ඛු න වීථිං ජානාති: ඉධ භික්ඛවෙ භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න වීථිං ජානාති.
Sinhala BJT8. මහණෙනි, කෙසේ නම්, මහණ වීථිය නො දන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ අරිඅටඟිමග යථාභූත නොදන්නේ ය. මහණෙනි, මෙසේ වීථිය නො දන්නේ ය.
Pali BJT9. කථඤ්ච භික්ඛවෙ භික්ඛු න ගොචරකුසලො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු චත්තාරො සතිපට්ඨානෙ යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ගොචරකුසලො හොති.
Sinhala BJT9. මහණෙනි, කෙසේ නම්, මහණ ගෝචර කුසල නො වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිවුසීවටන් යථාභූත කොට නොදන්නේ ය. මහණෙනි, මෙසේ මහණ ගෝචර කුශල නො වේ.
Pali BJT10. කථඤ්ච භික්ඛවෙ භික්ඛු අනවසෙසදොහී හොති: ඉධ භික්ඛවෙ භික්ඛුං සද්ධා ගහපතිකා අභිහට්ඨුං පවාරෙන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන. තත්ර භික්ඛු මත්තං න ජානාති පටිග්ගහණාය, එවං ඛො භික්ඛවෙ භික්ඛු අනවසෙසදොහී හොති.
Sinhala BJT10. මහණෙනි, කෙසේ නම්, මහණ අනවසේස දෝහී වේය යත්: මහණෙනි, සැදැහැති ගිහියෝ මෙ සස්නෙහි මහණහු ඉදිරියට එළවා චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යය පරිෂ්කාරයෙන් පවරත්. මහණෙනි, එහිලා මහණ පිළිගැනුමට මාත්‍ර නොදන්නේ ය. මහණෙනි, මහණ මෙසේ අනවශේෂ දෝහී වෙයි.
Pali BJT11. කථඤ්ච භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛු ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිනායකා, තෙ න අතිරෙක පූජාය පූජෙතා හොති. ඉධ භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛු ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිනායකා, තෙසු න මෙත්තං කායකම්මං පච්චුපට්ඨාපෙති ආවී චෙව රහො ච න මෙත්තං වචීකම්මං -පෙ- න මෙත්තං මනො කම්මං පච්චුපට්ඨාපෙති ආවී චෙව රහො ච. එවං ඛො භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛු ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිනායකා, තෙ න අතිරෙක පූජාය පූජෙතා හොති. ඉමෙහි ඛො භික්ඛවෙ එකාදසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුං.
Sinhala BJT11. මහණෙනි, කෙසේ නම්, මහණ යම් ඒ චිරරාත්‍රඥ සඞ්ඝපීතෘ වූ සඞ්ඝපරිනායක වූ ස්ථවිර භික්‍ෂූහු වෙත් නම් ඔවුන් අතිරේකපූජායෙන් නො පුදනේ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ යම් ඒ චිරරාත්‍රඥ චිරප්‍රව්‍රජිත සඞඝපිතෘ වූ සඞ්ඝපරිනායක වූ ස්ථවිර භික්‍ෂූහු වෙත් නම් ඔවුන් කෙරෙහි මෛත්‍රීකායකර්‍මය හමුයෙහි හා නො හමුයෙහිත් නො එළවන්නේ ය. මෛත්‍රීවාක්කර්‍මය නො ම එළවන්නේ ය ... මෛත්‍රීමනඃකර්‍මය හමුයෙහි හා නො හමුයෙහි නො එළවන්නේ ය. මහණෙනි, මෙසේ වනාහි මහණ යම් ඒ චිරරාත්‍රඥ චිරප්‍රව්‍රජිත සඞ්ඝපීතෘ වූ සඞ්ඝපරිනායක වූ ස්ථවිර භික්‍ෂූහු වෙත් නම් ඔවුන් අතිරේක පූජායෙන් නො පුදන්නේ වෙයි. මහණෙනි, මේ එකොළොස් කරුණින් සමන්‍වාගත මහණ මෙ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙන්නට අභව්‍ය වේ.
Pali BJTඑකාදසහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො භබ්බො ගොගණං පරිහරිතුං, ඵාතිකත්තුං, කතමෙහි එකාදසහි: ඉධ භික්ඛවෙ ගොපාලකො රූපඤ්ඤූ හොති. ලක්ඛණකුසලො හොති, ආසාටිකං සාටෙතා හොති, වණං පටිච්ඡාදෙතා හොති, ධූමං කත්තා හොති, තිත්ථං ජානාති, පීතං ජානාති, වීථිං ජානාති, ගොචරකුසලො හොති, සාවසෙසදොහී හොති, යෙ තෙ උසභා ගොපිතරො ගොපරිනායකා, තෙ අතිරෙක පූජාය පූජෙතා හොති. ඉමෙහි ඛො භික්ඛවෙ එකාදසහි අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො භබ්බො ගොගණං පරිහරිතුං, ඵාතිකත්තුං.
Sinhala BJTමහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්‍වාගත ගොපලු ගොමණ්ඩල පරිහරණයට හා වඩනට භව්‍ය වෙයි. කවර එකොළොසකින යත්: මහණෙනි, මෙලොව්හි ගොපලු රූපඥ වෙයි, ලක්‍ෂණ කුශල වෙයි, මක්‍ෂිකාණ්ඩ දුරු කරනුයේ වෙයි, වණ පිළිසන් කරනුයේ වෙයි, දුම් කරනුයේ වෙයි, පීතය දන්නේ ය, වීථිය දන්නේ ය, ගෝචරකුශල වෙයි, සාවශේෂදෝහී වෙයි, ගෝපිතෘ වූ ගෝපරිනේතෘ වූ යම් ඒ වෘෂභයෝ වෙත් නම් උන් අතිරේකපූජායෙන් පුදනුයේ වෙයි. මහණෙනි, මේ එකොළොස් කරුණින් සමන්‍වාගත ගොපලු ගොමණ්ඩල පරිහරණයට හා වර්ධනයට භව්‍ය වෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ එකාදසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො ඉමස්මිං ධම්ම විනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුං කතමෙහි එකාදසහි:
Sinhala BJTමහණෙනි, එ පරිදිම එකොළොස් කරුණින් සමන්‍වාගත මහණ මේ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට විපුලභාවයට පැමිණීමට භව්‍ය වෙයි. කවර එකොළොස් කරුණින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු රූපඤ්ඤූ හොති ලක්ඛණ කුසලො හොති, ආසාටිකං සාටෙතා හොති, වණං පටිච්ඡාදෙතා හොති, ධූමං කත්තා හොති, තිත්ථං ජානාති, පීතං ජානාති, ගොචරකුසලො හොති, සාවසෙසදොහී හොති, යෙ තෙ භික්ඛු ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිනායකා, තෙ අතිරෙක පූජාය පූජෙතා හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ රූපඥ වෙයි, ලක්‍ෂණ කුශල වෙයි, මක්‍ෂිකාණ්ඩ දුරලනුයේ වෙයි, ව්‍රණප්‍රතිච්ඡාදනය කරනුයේ වෙයි, දුම් කරනුයේ වෙයි, තීර්‍ත්‍ථය දන්නේ ය, පීතය දන්නේ ය, ගෝචරකුශල වෙයි, සාවශේෂදොශී වෙයි, චිරරාත්‍රඥ චිරප්‍රව්‍රජිත සඞ්ඝපීතෘ සඞ්ඝපරිනායක යම් ඒ ස්ථවිර භික්‍ෂූහු වෙත් නම් ඔවුන් අතිරේක පූජායෙන් පුදන්නේ වෙයි.
Pali BJT1. කථඤ්ච භික්ඛවෙ භික්ඛු රූපඤ්ඤූ හොති: ඉධ භික්ඛවෙ භික්ඛු යං කිඤ්චි රූපං සබ්බං තං රූපං චත්තාරි මහාභූතානි, චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපන්තී යථාභූතං පජානාති, එවං ඛො භික්ඛවෙ භික්ඛූ රූපඤ්ඤූ හොති.
Sinhala BJT1. මහණෙනි, කෙසේ මහණ රූපඥ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ යම්කිසි රූප වේ නම් එ හැම රූප සතරමහාභුතය, සතරමහාභූතයන්ගේ උපාදාය රූපය යි යථාභූතව දන්නේය. මහණෙනි, මෙසේ මහණ රූපඥ වෙයි.
Pali BJT2. කථඤ්ච භික්ඛවෙ භික්ඛු ලක්ඛණකුසලො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු ‘කම්මලක්ඛණො බාලො, කම්මලක්ඛණො පණ්ඩිතො’ති යථාභූතං පජානාති, එවං ඛො භික්ඛවෙ භික්ඛු ලක්ඛණකුසලො හොති.
Sinhala BJT2. මහණෙනි. කෙසේ මහණ ලක්ඛණකුසල වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ‘බාලයා කර්‍මලක්‍ෂණ කොට ඇත්තේ ය, පණ්ඩිතයා කර්‍මලක්‍ෂණ කොට ඇත්තේ ය’ යි යථාභූතය දනී. මහණෙනි, මෙසේ මහණ ලක්‍ෂණ කුශල වෙයි.
Pali BJT3. කථඤ්ච භික්ඛවෙ භික්ඛු ආසාටිකං සාටෙතා හොති: ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්යාන්තීකරොති, අනභාවං ගමෙති, උප්පන්නං ව්යාපාදවිතක්කං -පෙ- උප්පන්නං විහිංසා විතක්කං -පෙ- උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ආසාටිකං සාටෙතා හොති.
Sinhala BJT3. මහණෙනි, කෙසේ මහණ මක්‍ෂිණාකාණ්ඩ දුරලනුයේ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ උපන් කාමවිතර්‍කය නො ඉවසයි, පහකෙරෙයි, දුරලයි, විගාන්ත කරයි, අභාවය ට යවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය ... උපන් විහිංසාවිතර්‍කය ... උපනුපන් ලමු අකුසල් දහම් නො ඉවසයි, හැරලයි, පහ කෙරෙයි, විගතාන්ත කරයි, අභාවයට යවයි. මහණෙනි, මෙසේ මහණ මක්‍ෂිකාණ්ඩ දුරලන්නේ වෙයි.
Pali BJT4. කථඤ්ච භික්ඛවෙ භික්ඛු වණං පටිච්ඡාදෙතා හොති: ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති, නානුබ්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙනන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති, නානුබ්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය ආපජ්ජති. එවං ඛො භික්ඛවෙ භික්ඛු වණං පටිච්ඡාදෙතා හොති.
Sinhala BJT4. මහණෙනි, කෙසේ මහණ වණ පිළිසන් කරන්නේ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඇසින් රූපයක් දැක නිමිති නොගන්නා සුලුයේ අනුව්‍යඤ්ජන නො ගන්නා සුලුයේ වෙයි. යමක් හේතුකොට ගෙන චක්‍ෂුන්‍ද්‍රිරියය අසංවාත කොට වාසය කරන තෙල පුඟුල් කරා අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු නම් එ අවුරනු සඳහා පිළිපදනේය, චක්‍ෂුන්‍ද්‍රිරිය රක්නේය, චක්‍ෂුන්‍ද්‍රිරියෙහි සංවරයට පැමිණේ. ශ්‍රෝතයෙන් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධ අසා ... ජීව්හායෙන් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය පැහැස ... මනසින් ධර්‍මාලම්බනය දැන නිමිති නොගන්නා සුලුයේ වෙයි, යමක් හේතුකොට ගෙන මනින්‍ද්‍රියය අසංවෘත කොට වාසය කරන තෙල පුඟුල් කරා අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම් එ අවුරනු සඳහා පිළිපදනේය. මහණෙනි, මෙසේ මහණ වණ පිළිසන් කරනුයේ වෙයි.
Pali BJT5. කථඤ්ච භික්ඛවෙ භික්ඛු ධූමං කත්තා හොති: ඉධ භික්ඛවෙ භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙතා හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ධූමං කත්තා හොති.
Sinhala BJT5. මහණෙනි, කෙසේ මහණ ධූම කරන්නේ වේය යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය විස්තර විසින් පරහට දෙසන්නේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ධූම කරන්නේ වෙයි.
Pali BJT6. කථඤ්ච භික්ඛවෙ භික්ඛු තිත්ථං ජානාති: ඉධ භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛු බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති, පරිපඤ්හති, ‘ඉදං භන්තෙ කථං ඉමස්ස කො අත්ථො’ති, තස්ස තෙ ආයස්මන්තො අවිවටඤ්චෙව විවරන්ති, අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති. අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානීයෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති. එවං ඛො භික්ඛවෙ භික්ඛු තිත්ථං ජානාති.
Sinhala BJT6. මහණෙනි, කෙසේ මහණ තීර්‍ත්‍ථ දන්නේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ආගතාගම ඇති ධර්‍මධර විනයධර මාතෘකාධර යම් ඒ බහුශ්‍රුත භික්‍ෂූහු වෙත් ද, ඔවුන් කරා එළඹ කලින් කල පරිවෘච්ඡා කරයි, පරිප්‍රශ්න කරයි, ‘වහන්ස, මෙ කෙසේ ද? මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථ කවරේ දැ’යි. ඒ ආයුෂ්මත්හු ඔහට අවිවෘත වූ අර්‍ත්‍ථය විවෘත කරත්, අප්‍රකටාර්‍ත්‍ථය ප්‍රකට කරත්, නානාවිධ සැකකටයුතු ධර්‍මයන් කෙරෙහි සැක දුරලත්. මහණෙනි, මෙසේ මහණ තීර්‍ත්‍ථය දන්නේ ය.
Pali BJT7. කථඤ්ච භික්ඛවෙ භික්ඛු පීතං ජානාති: ඉධ භික්ඛවෙ භික්ඛු තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං එවං ඛො භික්ඛවෙ භික්ඛු පීතං ජානාති.
Sinhala BJT7. මහණෙනි, කෙසේ මහණ පීතය දන්නේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තථාගතප්‍රවිදිත ධර්‍මවිනය දෙසන ලබන කල්හි අර්‍ත්‍ථවේදය ලබනේය, ධර්‍මවේදය ලබනේය, ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබනේය. මහණෙනි, මෙසේ මහණ පීතය දන්නේ ය.
Pali BJT8. කථඤ්ච භික්ඛවෙ භික්ඛු වීථිං ජානාති: ඉධ භික්ඛවෙ භික්ඛු අරියංඅට්ඨඞ්ගිකං මග්ගං යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු වීථිං ජානාති.
Sinhala BJT8. මහණෙනි, කෙසේ මහණ වීථිය දන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ අරීඅටඟිමග යථාභූත කොට දන්නේ ය. මහණෙනි, මෙසේ මහණ වීථිය දන්නේය.
Pali BJT9. කථඤ්ච භික්ඛවෙ භික්ඛු ගොචරකුසලො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු චත්තාරො සතිපට්ඨානෙ යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ගොචරකුසලො හොති.
Sinhala BJT9. මහණෙනි, කෙසේ මහණ ගෝචරකුශල වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිවු සීවටන් යථාභූත කොට දන්නේය. මහණෙනි, මෙසේ මහණ ගෝචරකුශල වෙයි.
Pali BJT10. කථඤ්ච භික්ඛවෙ භික්ඛු සාවසෙසදොහී හොති: ඉධ භික්ඛවෙ භික්ඛු සද්ධා ගහපතිකා අභිට්ඨුං පවාරෙන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන. තත්ර භික්ඛු මත්තං ජානාති පටිග්ගහණාය. එවං ඛො භික්ඛවෙ භික්ඛු සාවසෙසදොහී හොති.
Sinhala BJT10. මහණෙනි, කෙසේ මහණ සාවසේසදෝහී වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහු සැදැහැති ගෙහෙවියෝ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් එළවා පවරත්. එහිලා මහණ පිළිගැනීමට මාත්‍ර දන්නේය. මහණෙනි, මෙසේ මහණ සාවසේසදෝහී වෙයි.
Pali BJT11. කථඤ්ච භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛු ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිනායකා තෙ අතිරෙකපූජාය පූජෙතා හොති.
Sinhala BJT11. මහණෙනි, කෙසේ මහණ චිරරාත්‍රඥ චිරප්‍රව්‍රජිත සඞ්ඝපිතෘ සඞ්ඝපරිනායක යම් ඒ තෙරමහණහු වෙත්නම්, ඔවුන් අතිරේක පූජායෙන් පුදන්නේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛු ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිනායකා තෙසු මෙත්තං කායකම්මං පච්චුපට්ඨාපෙති ආවී චෙව රහො ච. මෙත්තං වචීකම්මං -පෙ- මෙත්තං මනොකම්මං පච්චචුපට්ඨාපෙති ආවී චෙව රහො ච. එවං ඛො භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛු ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිනායකා තෙ අතිරෙක පූජාය පූජෙතා හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ චිරරාත්‍රඥ වූ චිරප්‍රව්‍රජිත සඞ්ඝපිතෘ වූ සඞ්ඝපරිනායක වූ යම් එ ස්ථිවිර භික්‍ෂූහු වෙත් නම් ඔවුන් කෙරෙහි මෛත්‍රීකායකර්‍මය හමුයෙහි ද නොහමුයෙහි ද එළවයි. මෛත්‍රීවාක්කර්‍ම ... මෛත්‍රීමනඃකර්‍ම හමුයෙහි ද නොහමුයෙහි ද එළවයි. මහණෙනි, මෙසේ මහණ චිරරාත්‍රඥ චිරප්‍රව්‍රජිත සඞ්ඝපිතෘ සඞ්ඝපරිනායක යම් ඒ ස්ථිවිර භික්‍ෂූහු වෙත් නම්, ඔවුන් අතිරේක පූජායෙන් පුදන්නේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ එකාදසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ එකොළොස් කරුණින් සමන්‍වාගත මහණ මෙ ධර්‍මවිනයෙහි වෘද්ධියට, විපුලභාවයට පැමිණෙන්නට භව්‍ය වෙයි.
Pali BJT11. 2. 8.
Sinhala BJT11. 2. 8.
Pali BJTපඨම සමාධි සුත්තං
Sinhala BJTපඨම සමාධි සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමිංසු උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛු භගවන්තං එතදවොචුං:
Sinhala BJTඑකල්හි බොහෝ මහණහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් එ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
Pali BJTසියා නු ඛො භන්තෙ භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධ ලොකෙ ඉධලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං තං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති?
Sinhala BJTවහන්ස, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසඥා ඇති නො වේ නම්, අප්හි අප්සංඥා ඇති නො වේ නම්, තේජස්හි තේජස් සංඥා ඇති නො වේ නම්, වායුයෙහි වායු සංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසනාඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා ඇති නො වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා ඇති නො වේ නම්, යම් මේ ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත වූ මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ඇත් ද, එහිදු සංඥා ඇති නොවේ නම්, සංඥා ඇතියේත් වේ නම්, මහණ හට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැයි?
Pali BJTසියා භික්ඛවෙ භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං තං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
Sinhala BJTමහණෙනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇති නොවේ නම් ... යම් මේ ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ඇත් ද, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම්, මහණහට එ බඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේය යි.
Pali BJTයථා කථං පන භන්තෙ සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං තං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති?
Sinhala BJTවහන්ස, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇති නොමැති වේ නම් ... යම් මේ ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත සිතින් අනුවිචරිත දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ඇත් ද, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම්, මහණහට කෙසේ නම් එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැ යි?
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු එවංසඤ්ඤී හොති: “එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාර සමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානන්ති”. එවං ඛො භික්ඛවෙ සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධ ලොකෙ ඉධලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ මෙබඳු සංඥා ඇතියේ වෙයි: ‘යම්බඳු මේ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක්, සර්‍වොපධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්‍ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක්, නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය’යි. මහණෙනි, මෙසේ යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම්, අප්හි අප්සංඥා නැතියේ වේ නම්, තේජස්හි තේජස්සංඥා නැතියේ වේ නම්, වායුයෙහි වායුසංඥා නැතියේ වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැතියේ වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැතියේ වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා නැතියේ වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා නැතියේ වේ නම්, යම් මේ ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, සිතින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ද ඇත් නම් එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේය යි.
Pali BJT11. 2. 9.
Sinhala BJT11. 2. 9.
Pali BJTදුතිය සමාධි සුත්තං
Sinhala BJTදුතිය සමාධි සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTතත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
Pali BJTසියා නු ඛො භික්ඛවෙ භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධ ලොකෙ ඉධලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති?
Sinhala BJTමහණෙනි, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම්, අප්හි අප්සංඥා නැතියේ වේ නම්, තේජස්හි තේජස්සංඥා නැතියේ වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැතියේ වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැතියේ වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා නැතියේ වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා නැතියේ වේ නම්, යම් මේ ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ඇත් නම් එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැ යි?
Pali BJTභගවම්මූලකා නො භන්තෙ ධම්මා, භගවන්නෙත්තිකා, භගවම්පටිසරණා, සාධු වත භන්තෙ භගවන්තඤ්ඤෙ ව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො භගවතො සුත්වා භික්ඛු ධාරෙස්සන්තීති.
Sinhala BJTවහන්ස, අපගේ ධර්‍මයෝ භගවද්මූලකයහ, භගවද්නේතෘකයහ, භගවත්ප්‍රතිසරණයහ. වහන්ස, තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේ නම්, ඒකාන්තයෙන් මැනෑ මය. භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසා භික්‍ෂූහු ධරන්නාහයි.
Pali BJTතෙන හි භික්ඛවෙ සුණාථ සාධුකං මනසි කරොථ භාසිස්සාමීති. එවම්භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, එකරුණින් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමියි. ‘වහන්ස, එසේය’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වූහ, භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTසියා භික්ඛවෙ භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
Sinhala BJTමහණෙනි, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම් ... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, සිතින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේ ද වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේය.
Pali BJTයථා කථං පන භන්තෙ සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති?
Sinhala BJTවහන්ස, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැතියේ වේ නම් ... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, සිතින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේ ද වේ නම් කෙසේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වේ දැයි?
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු එවංසඤ්ඤී හොති: “එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාර සමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානන්ති”. එවං ඛො භික්ඛවෙ සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ මෙබඳු සංඥා ඇතියේ වෙයි. ‘යම්බඳු මේ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක්, සර්‍වොපධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්‍ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක්, නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්තය, තෙල ප්‍රණීතය’යි. මහණෙනි, මෙසේ වනාහි යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම් ... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, සිතින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේත් සංඥා ඇතියේත් වේ නම්, එබඳු සමාධිප්‍රතිලාභයෙක් භික්‍ෂුහට වන්නේ යයි.
Pali BJT11. 2. 10.
Sinhala BJT11. 2. 10.
Pali BJTතතිය සමාධි සුත්තං
Sinhala BJTතතිය සමාධි සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛු යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛු ආයස්මන්තං සාරිපුත්තං එතදවොචුං.
Sinhala BJTඑකල්හි බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් කරා එළඹියහ, එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන් හා සමග සතුටුවූහ. සම්මෝදනයට නිසි සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් එ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ට තෙල කීහ:
Pali BJTසියානු ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති?
Sinhala BJTඇවැත් ශාරීපුත්‍රයෙනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම් ... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේත් සංඥා ඇතියේත් වේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැයි?
Pali BJTසියා ආවුසො භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
Sinhala BJTඇවැත්නි, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැති වේ නම් .... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේත් සංඥා ඇතියේත් වේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ යයි.
Pali BJTයථා කථම්පන ආවුසො සාරිපුත්ත සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති?
Sinhala BJTඇවැත් ශාරීපුත්‍රයෙනි, යම්පරිද්දෙකින් පඨවියෙහි පෘථිවිසංඥා නැති වේ නම් .... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා ඇතියේත් සංඥා නැතියේත් වේ නම්, මහණ එබඳු සමාධිප්‍රතිලාභයෙක් කෙසේ වන්නේ දැයි?
Pali BJTඉධාවුසො භික්ඛු එවංසඤ්ඤී හොති: “එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාර සමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානන්ති”. එවං ඛො ආවුසො සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
Sinhala BJTඇවැත්නි, මෙසස්නෙහි මහණ මෙබඳු සංඥා ඇතියේ වෙයි. යම්බඳු මේ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක්, සර්‍වොපධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්‍ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක්, නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය’යි. ඇවැත්නි, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇතියේ නොවේ නම් ... යම් මේ මනසින් ප්‍රාප්ත වූ, පර්‍ය්‍යෙෂිත වූ, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එහිදු සංඥා ඇතියේ නොවේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වේ යයි.
Pali BJT11. 2. 11.
Sinhala BJT11. 2. 11.
Pali BJTචතුත්ථ සමාධි සුත්තං
Sinhala BJTචතුත්‍ථසමාධි සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTතත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි -පෙ-
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ මහණුන් ඇමතූහ ...
Pali BJTසියානු ඛො ආවුසො භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධ ලොකෙ ඉධලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
Sinhala BJTඇවැත්නි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇතියේ නොවේ නම්, අප්හි අප්සංඥා ඇති නො වේ නම්, තේජස්හි තේජස්සංඥා ඇති නොවේ නම්, වායුවෙහි වායුසංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා ඇති නො වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා ඇති නො වේ නම්, යම් බඳු මේ මනසින් ප්‍රාප්ත වූ, පර්‍ය්‍යෙෂිත වූ, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එහිදු සංඥා නැතියේත් සංඥා ඇතියේත් වේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැ යි?
Pali BJTදූරතොපි ඛො මයං ආවුසො ආගච්ඡෙය්යාම ආයස්මතො සාරිපුත්තස්ස සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථමඤ්ඤාතුං. සාධු වතායස්මන්තං යෙව සාරිපුත්තං පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. ආයස්මතො සාරිපුත්තස්ස සුත්වා භික්ඛු ධාරෙස්සන්තීති.
Sinhala BJTඇවැත් ශාරීපුත්‍රයෙනි, අපි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන් හමුයෙහි තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය දැන ගැනුම සඳහා දුර සිට එමු. තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය ආයුෂ්මත් ශාරීපුත්‍රයනට ම වැටහේ නම් මැනෑ මය. ආයුෂ්මත් ශාරීපුත්‍රන්ගේ භාෂිතය අසා භික්‍ෂූහු ධරන්නාහයි.
Pali BJTතෙනහාවුසො සුණාථ සාධුකං මනසිකරොථ භාසිස්සාමීති. එවමාවුසොති ඛො තෙ භික්ඛු ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJTඇවැත්නි, එ කරුණින් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමැයි. ඇවැත්නි, එසේ යයි එ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍රයනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ තෙල කරුණ වදාළහ.
Pali BJTසියා ආවුසො භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
Sinhala BJTඇවැත්නි, යම් පරිද්දෙකින් යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැති වේ නම් ... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේයයි.
Pali BJTයථා කථම්පන ආවුසො සාරිපුත්ත සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති?
Sinhala BJTඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, යම් පරිද්දෙකින් යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැති වේ නම් ... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට කෙසේ නම් එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැයි?
Pali BJTඉධාවුසො භික්ඛු එවංසඤ්ඤී හොති: “එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාර සමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානන්ති”. එවම්පි ඛො ආවුසො සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධ ලොකෙ ඉධලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ මෙබඳු සංඥා ඇතියේ වෙයි. යම්බඳු මේ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක්, සර්‍වොපධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්‍ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක්, නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය’යි. ඇවැත්නි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැතියේ වේ නම්, අප්හි අප්සංඥා ඇති නොවේ නම්, තේජස්හි තේජස්සංඥා නොමැති වේ නම්, වායුයෙහි වායුසංඥා නොමැති වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නොමැති වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නොමැති වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නොමැති වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නොමැති වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා නොමැතියේ වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා නොමැති වේ නම්, යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එහිදු සංඥා නොමැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම්, මහණහට මෙසේ එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ යි.
Pali BJTඅනුස්සතිවග්ගො දුතියො.
Sinhala BJTඅනුස්සති වර්‍ගය දෙවැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ මහානාමා ච නන්දියෙන සුභූතිනා ච මෙත්තා, දසමො ද්වෙ ච ගොපාලො චත්තාරො ච සමාධිනාති.
Sinhala BJTමහානාම සූත්‍ර දෙකය, නන්‍දිය සූත්‍රය, සුභූති සූත්‍රය, මෙත්තානිසංස සූත්‍රය, දසමගහපති සූත්‍රය, ගෝපාල සූත්‍ර දෙකය, සමාධි සූත්‍ර සතර දැයි එකොළොසෙකි.
Pali BJT3. සාමඤ්ඤ වග්ගො
Sinhala BJT3. සාමඤ්ඤ වර්‍ගය
Pali BJT11. 3. 1-8.
Sinhala BJT11. 3. 1-8.
Pali BJTඅනිච්චානුපස්සනා සුත්තං
Sinhala BJTඅනිච්චානුපස්සනාදි සූත්‍රයෝ
Pali BJTඑකාදසහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො අභබ්බො ගොගණං පරිහරිතුං ඵාතිකත්තුං, කතමෙහි එකාදසහි: ඉධ භික්ඛවෙ ගොපාලකො න රූපඤ්ඤූ හොති, න ලක්ඛණ කුසලො හොති, න ආසාටිකං සාටෙතා හොති, න වණං පටිච්ඡාදෙතා හොති, න ධූමං කත්තා හොති, න තිත්ථං ජානාති, න පීතං ජානාති, න වීථිං ජානාති, න ගොචරකුසලො හොති, අනවසෙසදොහී ච හොති, යෙ තෙ උසභා ගොපිතරො ගොපරිනායකා තෙ න අතිරෙකපූජාය පූජෙතා හොති, ඉමෙහි ඛො භික්ඛවෙ එකාදසහි අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො අභබ්බො ගොගණං පරිහරිතුං ඵාතිකත්තුං.
Sinhala BJTමහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්‍වාගත ගොපලු ගොමණ්ඩලය පරිහරණය කරන්නට හෝ වඩන්නට අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්: මහණෙනි, මෙලොව්හි ගොපලු තෙම රූපඥ නො වෙයි. ලක්‍ෂණ කුශල නො වේ, මක්‍ෂිකාණ්ඩ නො හරනේ වෙයි. ව්‍රණප්‍රතිච්ඡාදන නො කරන්නේ වෙයි. ධූම නො කරන්නේ වෙයි. තීර්‍ත්‍ථය නො දන්නේය. පීතය නො දන්නේ ය. වීථිය නො දන්නේ ය. ගෝචර කුශල නොවන්නේ ය. අනවශේෂද්‍රෝහී ද වෙයි. ගෝපිතෘ වූ ගෝපරිනායක වූ යම් ඒ වෘෂභයෝ වෙත් නම් උන් අතිරේක පූජායෙන් නො පුදනුයේ වෙයි. මහණෙනි, මෙ එකොළොස් කරුණින් සමන්‍වාගත ගෝපාල තෙම ගොමණ්ඩල පරිහරණයට හෝ වර්ධනයට අභව්‍ය වෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ එකාදසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො චක්ඛුස්මිං අනිච්චානුපස්සී විහරිතුං -පෙ- අභබ්බො චක්ඛුස්මිං දුක්ඛානුපස්සී විහරිතුං -පෙ- අභබ්බො චක්ඛුස්මිං අනත්තානුපස්සී විහරිතුං -පෙ- අභබ්බො චක්ඛුස්මිං ඛයානුපස්සී විහරිතුං -පෙ- අභබ්බො චක්ඛුස්මිං වයානුපස්සී විහරිතුං -පෙ- අභබ්බො චක්ඛුස්මිං විරාගානුපස්සී විහරිතුං -පෙ- අභබ්බො චක්ඛුස්මිං නිරොධානුපස්සී විහරිතුං -පෙ- අභබ්බො චක්ඛුස්මිං පටිනිස්සග්ගානුපස්සී විහරිතුං -පෙ-
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන්ම එකොළොස් කරුණකින් සමන්‍වාගත මහණ චක්‍ෂුස්හි අනිත්‍යානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි ... චක්‍ෂුස්හි දුඃඛානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි ... චක්‍ෂුස්හි අනාත්මානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි, -පෙ- චක්‍ෂුස්හි ක්‍ෂයානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි. .... චක්‍ෂුස්හි ව්‍යයානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි. .... චක්‍ෂුස්හි විරාගානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි ... චක්‍ෂුස්හි නිරොධානු දර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි ... චක්‍ෂුස්හි ප්‍රතිනිඃසර්‍ගානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි ...
Pali BJT11. 3. 9-48.
Sinhala BJT11. 3. 9-48.
Pali BJTසොතස්මිං -පෙ- ඝානස්මිං -පෙ- ජිව්හාය -පෙ- කායස්මිං -පෙ- මනස්මිං -පෙ-
Sinhala BJTස්‍රෝතස්හි ... ඝ්‍රාණයෙහි ... ජිහ්වායෙහි ... කායයෙහි ... මනස්හි ...
Pali BJT11. 3. 49-96.
Sinhala BJT11. 3. 49-96.
Pali BJTරූපෙසු -පෙ- සද්දෙසු -පෙ- ගන්ධෙසු -පෙ- රසෙසු -පෙ- ඵොට්ඨබ්බෙසු -පෙ- ධම්මෙසු -පෙ-
Sinhala BJTරූපයන්හි ... ශබ්දයන්හි ... ගන්‍ධයන්හි ... රසයන්හි ... ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... ධර්‍මයන්හි …
Pali BJT11. 3. 97-144.
Sinhala BJT11. 3. 97-144.
Pali BJTචක්ඛුවිඤ්ඤාණෙ -පෙ- සොතවිඤ්ඤාණෙ -පෙ- ඝානවිඤ්ඤාණෙ -පෙ- ජිව්හාවිඤ්ඤාණෙ -පෙ- කායවිඤ්ඤාණෙ -පෙ- මනොවිඤ්ඤාණෙ -පෙ-
Sinhala BJTචක්‍ෂුර්විඥානයෙහි ... ස්‍රොතවිඥානයෙහි ... ඝ්‍රාණවිඥානයෙහි ... ජිව්හාවිඥානයෙහි ... කායවිඥානයෙහි ... මනොවිඥානයෙහි ...
Pali BJT11. 3. 145-192.
Sinhala BJT11. 3. 145-192.
Pali BJTචක්ඛුසම්ඵස්සෙ -පෙ- සොතසම්ඵස්සෙ -පෙ- ඝාණසම්ඵස්සෙ -පෙ- ජිව්හාසම්ඵස්සෙ -පෙ- කායසම්ඵස්සෙ -පෙ- මනොසම්ඵස්සෙ -පෙ-
Sinhala BJTචක්‍ෂුස්සංස්පර්‍ශයෙහි ... ශ්‍රෝතසංස්පර්‍ශයෙහි ... ඝ්‍රාණසංස්පර්‍ශයෙහි ... ජිහ්වාසංස්පර්‍ශයෙහි ... කායසංස්පර්‍ශයෙහි ... මනස්සංස්පර්‍ශයෙහි ...
Pali BJT11. 3. 193-240.
Sinhala BJT11. 3. 193-240.
Pali BJTචක්ඛුසම්ඵස්සජාය වෙදනාය -පෙ- සොතසම්ඵස්සජාය වෙදනාය -පෙ- ඝානසම්ඵස්සජාය වෙදනාය -පෙ- ජිව්හාසම්ඵස්සජාය වෙදනාය -පෙ- කායසම්ඵස්සජාය වෙදනාය -පෙ- මනොසම්ඵස්සජාය වෙදනාය -පෙ-
Sinhala BJTචක්‍ෂුස් සංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි ... ශ්‍රොතසංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි ... ඝ්‍රාණසංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි ... ජිහ්වාසංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි ... කාය සංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි … මනස් සංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි ...
Pali BJT11. 3. 241-288.
Sinhala BJT11. 3. 241-288.
Pali BJTරූපසඤ්ඤාය -පෙ- සද්දසඤ්ඤාය -පෙ- ගන්ධසඤ්ඤාය -පෙ- රසසඤ්ඤාය -පෙ- ඵොට්ඨබ්බ සඤ්ඤාය -පෙ- ධම්මසඤ්ඤාය -පෙ-
Sinhala BJTරූපසඥායෙහි ... ශබ්ද සඥායෙහි ... ගන්‍ධ සඥායෙහි ... රස සඥායෙහි ... ස්ප්‍රෂ්ටව්‍යසඥායෙහි ... ධර්‍මසඥායෙහි ...
Pali BJT11. 3. 289-336.
Sinhala BJT11. 3. 289-336.
Pali BJTරූපසඤ්චෙතනාය -පෙ- සද්දසඤ්චෙතනාය -පෙ- ගන්ධසඤ්චෙතනාය -පෙ- රසසඤ්චෙතනාය -පෙ- ඵොට්ඨබ්බසඤ්චෙතනාය -පෙ- ධම්මසඤ්චෙතනාය -පෙ-
Sinhala BJTරූපසඤ්චේතනායෙහි ... ශබ්දසඤ්චේතනායෙහි ... ගන්‍ධසඤ්චෙතනායෙහි ... රසසඤ්චෙතනායෙහි ... ස්ප්‍රෂ්ටව්‍ය සඤ්චේතනායෙහි ... ධර්‍මසඤ්චේතනායෙහි ...
Pali BJT11. 3. 337-384.
Sinhala BJT11. 3. 337-384.
Pali BJTරූපතණ්හාය -පෙ- සද්දතණ්හාය -පෙ- ගන්ධ තණ්හාය -පෙ- රසතණ්හාය -පෙ- ඵොට්ඨබ්බ තණ්හාය -පෙ- ධම්මතණ්හාය -පෙ-
Sinhala BJTරූපතෘෂ්ණායෙහි ... ශබ්දතෘෂ්ණායෙහි ... ගන්‍ධතෘෂ්ණායෙහි ... රසතෘෂ්ණායෙහි ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණායෙහි ... ධර්‍මතෘෂ්ණායෙහි ...
Pali BJT11. 3. 285-432.
Sinhala BJT11. 3. 385-432.
Pali BJTරූපවිතක්කෙ -පෙ- සද්දවිතක්කෙ -පෙ- ගන්ධවිතක්කෙ -පෙ- රසවිතක්කෙ -පෙ- ඵොට්ඨබ්බවිතක්කෙ -පෙ- ධම්මවිතක්කෙ -පෙ-
Sinhala BJTරූපවිතර්‍කයෙහි ... ශබ්දවිතර්‍කයෙහි ... ගන්‍ධවිතර්‍කයෙහි ... රසවිතර්‍කයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කයෙහි ... ධර්‍මවිතර්‍කයෙහි ...
Pali BJT11. 3. 433-480.
Sinhala BJT11. 3. 433-480.
Pali BJTරූපවිචාරෙ -පෙ- සද්දවිචාරෙ -පෙ- ගන්ධවිචාරෙ -පෙ- රසවිචාරෙ -පෙ- ඵොට්ඨබ්බවිචාරෙ -පෙ- ධම්මවිචාරෙ -පෙ- අනිච්චානුපස්සී විහරිතුං -පෙ- දුක්ඛානුපස්සී විහරිතුං -පෙ- අනත්තානුපස්සී විහරිතුං -පෙ- ඛයානුපස්සී විහරිතුං -පෙ- වයානුපස්සී විහරිතුං -පෙ- විරාගානුපස්සී විහරිතුං -පෙ- නිරොධානුපස්සී විහරිතුං -පෙ- පටිනිස්සග්ගානුපස්සී විහරිතුන්ති.
Sinhala BJTරූපවිචාරයෙහි ... ශබ්දවිචාරයෙහි ... ගන්‍ධවිචාරයෙහි ... රසවිචාරයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යවිචාරයෙහි ... ධර්‍මවිචාරයෙහි ... අනිත්‍යානුදර්ශීව වාසය කරනට ... දුඃඛානුදර්ශීව වාසය කරනට ... අනාත්මානුදර්ශීව වාසය කරනට ... ක්‍ෂයානුදර්ශීව වාසය කරනට- ... ව්‍යයානුදර්ශීව වාසය කරනට ... විරාගානුදර්ශීව වාසය කරනට ... නිරෝධානුදර්ශීව වාසය කරනට ... ප්‍රතිනිඃසර්‍ගානුදර්ශීව වාසය කරනට අභව්‍ය වෙයි.
Pali BJT11. 3. 481-960.
Sinhala BJT11. 3. 481-930.
Pali BJTඑකාදසහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො භබ්බො ගොගණං පරිහරිතුං, ඵාතිකත්තුං. කතමෙහි එකාදසහි: ඉධ භික්ඛවෙ ගොපාලකො රූපඤ්ඤූ හොති -පෙ-
Sinhala BJTමහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්‍වාගත ගෝපාල තෙම ගොමණ්ඩල පරිහරණයට වර්ධනයට භව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්: මහණෙනි, මෙ ලොව්හි ගෝපාලක තෙම රූපඥ වෙයි ...
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ එකාදසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො චක්ඛුස්මිං අනිච්චානුපස්සී විහරිතුං -පෙ- පටිනිස්සග්ගානුපස්සී විහරිතුන්ති.
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන්ම එකොළොස් කරුණෙකින් සමන්‍වාගත මහණ චක්‍ෂුස්හි අනිත්‍යානුදර්ශීව වාසය කරන්නට භව්‍ය වෙයි ... ප්‍රතිනිඃසර්‍ගානුදර්ශීව වාසය කරනට භව්‍ය වේයයි.
Pali BJTසාමඤ්ඤවග්ගො තතියො.
Sinhala BJTසාමඤ්ඤ වර්‍ගය තුන්වැනි යි.
Pali BJT4. රාගාදිපෙය්යාලො
Sinhala BJT4. රාගාදිපෙය්‍යාලය
Pali BJT11. 4. 1.
Sinhala BJT11. 4. 1.
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය එකාදසධම්මා භාවෙතබ්බා. කතමෙ එකාදස: පඨමං ඣානං, දුතියං ඣානං, තතියං ඣානං, චතුත්ථං ඣානං, මෙත්තාචෙතොවිමුත්ති, කරුණාචෙතොවිමුත්ති, මුදිතාචෙතොවිමුත්ති උපෙක්ඛාචෙතොවිමුත්ති, ආකාසානඤ්චායතනං, විඤ්ඤාණඤ්චායතනං ආකිඤ්චඤ්ඤායතනං, රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ එකාදසධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස එකොළොස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර එකොළොස්කෙනෙක යත්: ප්‍රථමධ්‍යානය, ද්වීතිය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්‍ත්‍ථ ධ්‍යානය, මෙත්තාචේතෝවිමුත්තිය, කරුණාචේතෝවිමුත්තිය, මුදිතාචෙතොවිමුත්තිය, උපෙක්ඛාචෙතොවිමුත්තිය, ආකාසානාඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය යි. මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස මේ එකොළොස් ධර්‍මයෝ වැඩිය යුත්තාහ යි.
Pali BJT11. 4. 2-10.
Sinhala BJT11. 4. 2-10.
Pali BJTරාගස්ස භික්ඛවෙ පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය ඉමෙ එකාදසධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, රාගයාගේ පරිඥානය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්‍රතිනිඃසර්‍ගය පිණිස මේ එකොළොස් දහම්හු වැඩිය යුත්තාහ යි.
Pali BJT11. 4. 11-170.
Sinhala BJT11. 4. 11-170.