Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1501-1600 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකථඤ්ච භික්ඛවෙ මහාචොරො බලවනිස්සිතො හොති: ඉධ භික්ඛවෙ මහාචොරො රාජානං වා රාජමහාමත්තානං වා නිස්සිතො හොති. තස්ස එවං හොති: සචෙ මං කොචි කිඤ්චි වක්ඛති, ඉමෙ මෙ රාජානො වා රාජමහාමත්තා වා පරියොධාය අත්ථං භණිස්සන්තීති. සචෙ නං කොචි කිඤ්චි ආහ, ත්යාස්ස රාජානො වා රාජමහාමත්තා වා පරියොධාය අත්ථං භණන්ති. එවං ඛො භික්ඛවෙ මහාචොරො බලවනිස්සිතො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි අඞ්ගෙහි සමන්නාගතො මහාචොරො සන්ධිම්පි ඡින්දති, නිල්ලොපම්පි හරති, එකාගාරිකම්පි කරොති, පරිපන්ථෙපි තිට්ඨති.
Sinhala BJTමහණෙනි, මහසොර කෙසේ නම් බලවතුන් ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙ ලොව්හි මහසොර රජකු හෝ රජමහඇමතියන් හෝ ඇසුරු කෙළේ වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි. ‘ඉදින් කිසිවෙක් මට කිසිවක් කියන්නේ නම්, මේ රජවරු ද රජමහඇමැතියෝ ද මාගේ දොස් සඟවා කරුණු කියන්නාහ’ යි. ඉදින් කිසිවෙක් ඔහට කිසිවක් කියා නම්, ඒ රජවරු හෝ රජමහඇමතියෝ හෝ දොස් සඟවා (ඔහුගේ නිදොස්බවට) යුක්ති බෙණෙත්. මහණෙනි, මෙසේ මහසොර බලවතුන් ඇසුරු කෙළේ වේ. මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුත් මහසොර ගෘහසන්‍ධි ද සිඳුනේයි, වොලොගැන්ම ද කරණේයි, එක්ගෙයක් පැහැරගැණුම ද කරණේයි. කඩපලා සොරකම්හි ද යෙදෙන්නේයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි{†} සමන්නාගතො පාපභික්ඛු ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජො ච හොති සානුවජ්ජො{2} විඤ්ඤූනං, බහුං ච අපුඤ්ඤං පසවති. කතමෙහි තීහි: ඉධ භික්ඛවෙ පාපභික්ඛු විසමනිස්සිතො ච හොති, ගහනනිස්සිතො ච, බලවනිස්සිතො ච.
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් ම දහම් තුණෙකින් යුත් ලාමක භික්‍ෂු ගුණවිසින් සාළ ගුණවිසින් නට ආත්මය පිරිවටයි. වරද සහිතයෙක් ද නුවණැත්තන් විසින් දොස් කියයුත්තෙක් ද වෙ යි. බොහෝ පව් ද ප්‍රසව කෙරෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙහි පවිටු මහණ විෂමස්ථාන ඇසුරු කෙළේත් ගහනස්ථාන ඇසුරු කෙළේත් බලවතුන් ඇසුරු කෙළේත් වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පාපභික්ඛු විසමනිස්සිතො හොති: ඉධ භික්ඛවෙ පාපභික්ඛු විසමෙන කායකම්මෙන සමන්නාගතො හොති, විසමෙන වචීකම්මෙන සමන්නාගතො හොති, විසමෙන මනොකම්මෙන සමන්නාගතො හොති. එවං ඛො භික්ඛවෙ පාපභික්ඛු විසමනිස්සිතො හොති.
Sinhala BJTමහණෙනි, පවිටු මහණ කෙසේ විෂමස්ථාන ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ විෂම වූ කායකර්‍මයෙන් යුක්ත වෙයි, විෂම වූ වාක්කර්‍මයෙන් යුක්ත වෙයි, විෂම වූ මනඃකර්‍මයෙන් යුක්ත වෙයි. මහණෙනි, මෙසේ පවිටු මහණ විෂමස්ථාන ඇසුරු කෙළේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පාපභික්ඛු ගහනනිස්සිතො හොති: ඉධ භික්ඛවෙ පාපභික්ඛු මිච්ඡාදිට්ඨිකො හොති, අන්තග්ගාහිකාය දිට්ඨියා සමන්නාගතො.{3} එවං ඛො භික්ඛවෙ පාපභික්ඛු ගහනනිස්සිතො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පවිටු මහණ ගහන නිඃශ්‍රිත වේ ද: මහණෙනි, මෙහි පවිටු මහණ අන්තග්‍රාහිකදෘෂ්ටියෙන් යුක්ත වූයේ මිසදිටු වේ නම්, මහණෙනි, මෙසේ පවිටු මහණ ගහන නිඃශ්‍රිත වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පාපභික්ඛු බලවනිස්සිතො හොති: ඉධ භික්ඛවෙ පාපභික්ඛු රාජානං වා රාජමහාමත්තානං වා නිස්සිතො හොති. තස්ස එවං හොති: සචෙ මං කොචි කිඤ්චි වක්ඛති, ඉමෙ මෙ රාජානො වා රාජමහාමත්තා වා පරියොධාය අත්ථං භණිස්සන්තීති. සචෙ නං කොචි කිඤ්චි ආහ, ත්යාස්ස රාජානො වා රාජමහාමත්තා වා පරියොධාය අත්ථං භණන්ති. එවං ඛො භික්ඛවෙ පාපභික්ඛු බලවනිස්සිතො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො පාපභික්ඛු ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජො ච හොති සානුවජ්ජො ච විඤ්ඤූනං. බහුඤ්ච අපුඤ්ඤං පසවතීති.
Sinhala BJTමහණෙනි, පවිටු මහණ කෙසේ නම් බලවතුන් ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙහි පවිටු මහණ රජුන් හෝ රජමහ ඇමතියන් හෝ ඇසුරු කෙළේ වේ. ඔහට මෙබඳු සිතෙක් වෙයි. ‘ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේ නම්, මේ රජවරු හෝ රජමහඇමැතියෝ හෝ මාගේ දොස් සඟවා යුක්ති බෙණෙත්. ඉදින් කිසිවෙක් ඔහට කිසිවක් කියා නම්, ඒ රජවරු හෝ රජමහඇමැතියෝ හෝ ඔහුගේ දොස් සඟවා යුක්ති බෙණෙති. මහණෙනි, මෙසේ පවිටු මහණ බලවතුන් ඇසුරු කෙළේ වේ. මහණෙනි, මේ ධර්‍ම තුණෙන් යුත් පවිටු මහණ ගුණවිසින් සාළ ගුණ විසින් නට ආත්මය පිරිවටයි. වරද සහිතයෙක් ද නුවණැත්තවුන් විසින් ගැරැහිය යුත්තෙක් ද වේ. බොහෝ පව් ද ප්‍රසව කෙරේ යි.
Pali BJTචූළවග්ගො පඤ්චමො.{*}
Sinhala BJTපස්වන චූලවර්‍ගය යි.
Pali BJTපඨමො පණ්ණාසකො සමත්තො.
Sinhala BJTපළමු පණස නිමි.
Pali BJT2. දුතියො පණ්ණාසකො
Sinhala BJT2. දෙවන පණ්ණාසකය.
Pali BJT[1. බ්රාහ්මණවග්ගො]
Sinhala BJT[1. බ්‍රාහ්මණ වර්‍ගය]
Pali BJT3. 2. 1. 1.
Sinhala BJT3. 2. 1. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. අථ ඛො ද්වෙ බ්රාහ්මණා ජිණ්ණා වුද්ධා මහල්ලකා අද්ධගතා වයො අනුප්පත්තා වීසං{1} වස්සසතිකා ජාතියා, යෙන භගවා තෙනුපසඞ්කමිංසු උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං{2} වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ බ්රාහ්මණා භගවන්තං එතදවොචුං: ‘මයමස්සු භො ගොතම බ්රාහ්මණා ජිණ්ණා වුද්ධා මහල්ලකා අද්ධගතා වයොඅනුප්පත්තා වීසං{1} වස්සසතිකා ජාතියා. තෙ චම්හා අකතකල්යාණා අකතකුසලා අකතභීරුත්තාණා. ඔවදතු නො භවං ගොතමො, අනුසාසතු නො භවං ගොතමො, යං අම්හාකං අස්ස දීඝරත්තං හිතාය සුඛායා’ති.
Sinhala BJT1.එසමයෙහි ජරා ජීර්‍ණ වයෝ වෘද්ධ දෑමහලු තුන් විය ඉක්මවා සිටි පැසිම් වියට පැමිණි උපතින් එක්සිය විසි හැවිරිදි දෙබමුණු කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ඒ බමුණෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: ‘භවත් ගෞතමයන් වහන්ස, අපි වනාහි ජරාජීර්‍ණ වයෝවෘද්ධ දෑ මහලු තුන් විය ඉක්මවා සිටි පැසිම් වියට පැමිණි උපතින් එක්සියවිසි හැවිරිදි බමුණු වම්හ. ඒ අපිදු නොකරණ ලද කලණ දහම් ඇත්තම්හ. නොකළ කුසල් ඇත්තම්හ. නොකළ භයපරිත්‍රාණ ඇත්තම්හ. යමක් අපට බොහෝ කල් හිතසුව පිණිස වේ නම්, භවත් ගෞතමයෝ අපට එබඳු අවවාද කෙරෙත්වා, භවත් ගෞතමයෝ අපට අනුශාසනා කෙරෙත්වා’ යි.
Pali BJTතග්ඝ තුම්හෙ බ්රාහ්මණා ජිණ්ණා වුද්ධා මහල්ලකා අද්ධගතා වයො අනුප්පත්තා වීසං{1} වස්සසතිකා ජාතියා. තෙ චත්ථ අකතකල්යාණා අකතකුසලා අකතභීරුත්තාණා. උපනිය්යති ඛො අයං බ්රාහ්මණා ලොකො ජරාය ව්යාධිනා මරණෙන. එවං උපනීයමානෙ ඛො බ්රාහ්මණා ලොකෙ ජරාය ව්යාධිනා මරණෙන, යො ඉධ කායෙන සංයමො, වාචාය සංයමො, මනසා සංයමො, තං තස්ස පෙතස්ස තාණඤ්ච ලෙනඤ්ච දීපඤ්ච සරණඤ්ච පරායණඤ්චාති.
Sinhala BJTබ්‍රාහ්මණයෙනි, සැබව, තෙපි ජරාජීර්‍ණ වූවහු ම ය. වයසින් වැඩී සිටියහුම ය. දෑමහලු වූවහු ම ය. තුන්වයස් ඉක්ම සිටියහු ම ය. පැසිම් වියට පැමිණියහු ම ය. උපතින් එක්සියවිසි හැවිරිදි වූවහු ම ය. ඒ තෙපි නොකළ කලණදහම් ඇත්තහු ය. නොකළ කුසල් ඇත්තහු ය. නොකළ භයපරිත්‍රාණ ඇත්තහු ය. බ්‍රාහ්මණයෙනි, මේ ලෝවැසි ජරාව විසිනුදු ව්‍යාධිය විසිනුදු මරණය විසිනුදු (ඒ ඒ අවස්ථාවට) එළවනු ලැබේ. බ්‍රාහ්මණයෙනි, ලෝකයා මෙසේ ජරාව විසිනුදු ව්‍යාධිය විසිනුදු මරණය විසිනුදු එළවනු ලබත්ම, මෙලොවදී කයින් යම් සංයමයෙක් වේ ද, වචනයෙන් යම් සංයමයෙක් වේ ද, සිතින් යම් සංයමයෙක් වේ ද, ඒ පින පරලොව ගිය ඔහට රක්‍ෂාස්ථාන ද නිලීයනස්ථාන __(නැසෙන තැන)__{*} ද ප්‍රතිෂ්ඨාස්ථාන (ද්වීපය) ද ශරණ ද පරායණ (පිහිටීම) ද වේ.
Pali BJT1. උපනීයති ජීවිතමප්පමායු ජරූපනීතස්ස න සන්ති තාණා, එතං භයං මරණෙ පෙක්ඛමානො පුඤ්ඤානි කයිරාථ සුඛාවහානි.
Sinhala BJT1. ජීවිතය මරණය කරා පමුණුවනු ලබයි. ආයුෂය අල්ප වෙයි. ජරායෙන් ගෙනයන ලද්දහුට රක්‍ෂාස්ථානයෝ නැත. මරණයෙහි ලා මේ බිය දක්නේ සුව එළවන පින් කරන්නේ ය.
Pali BJT2. යොධ කායෙන සඤ්ඤමො වාචාය උද චෙතසා, තං තස්ස පෙතස්ස සුඛාය හොති යං ජීවමානො පකරොති පුඤ්ඤන්ති.
Sinhala BJT2. කයින් වේවයි වචනයෙන් වේවයි නොහොත් සිතින් වේවයි යම් සංයමයෙක් වේ ද, ජීවත්වනුයේ යම් පිනක් කෙරේ ද, ඒ පින පරලොව ගිය ඔහට සුව පිණිස වේ.
Pali BJT3. 2. 1. 2.
Sinhala BJT3. 2. 1. 2.
Pali BJT2. අථ ඛො ද්වෙ බ්රාහ්මණා ජිණ්ණා වුද්ධා මහල්ලකා අද්ධගතා වයො අනුප්පත්තා වීසංවස්සසතිකා ජාතියා, යෙන භගවා තෙනුපසඞ්කමිංසු -පෙ- එකමන්තං නිසින්නා ඛො තෙ බ්රාහ්මණා භගවන්තං එතදවොචුං: මයමස්සු භො ගොතම බ්රාහ්මණා ජිණ්ණා වුද්ධා මහල්ලකා අද්ධගතා වයො අනුප්පත්තා වීසං වස්සසතිකා ජාතියා. තෙ චම්හා අකතකල්යාණා අකතකුසලා අකතභීරුත්තාණා. ඔවදතු නො භවං ගොතමො, අනුසාසතු නො භවං ගොතමො, යං අම්හාකං අස්ස දීඝරත්තං හිතාය සුඛායාති.
Sinhala BJT2. එකල්හි ජරාජීර්‍ණ වයෝ වෘද්ධ දෑමහලු තුන්වයස් පැනගිය පැසිම් වයසට පැමිණි උපතින් එක්සියවිසිහැවිරිදි දෙබමුණු කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පස්ව හුන් ඒ බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: භවත් ගෞතමයන් වහන්ස, අපි ජරාජීර්‍ණ වයෝවෘද්ධ මහලු තුන් වයස් පැනගිය පැසිම් වියට පැමිණි උපතින් එක්සිය විසි හැවිරිදි බමුණම්හ. ඒ අපිදු නොකළ කලණදහම් ඇතියම්හ. නොකළ කුසල් ඇතියම්හ. නොකළ භයපරිත්‍රාණ ඇත්තම්හ. යමක් අපට බොහෝ කලක් හිත පිණිස සුව පිණිස වේ නම්, භවත් ගෞතමයන් වහන්සේ අපට එසේ අවවාද කරණ සේක්වා. භවත් ගෞතමයන් වහන්සේ අපට එසේ අනුශාසනා කරණ සේක්වා.
Pali BJTතග්ඝ තුම්හෙ බ්රාහ්මණා ජිණ්ණා වුද්ධා මහල්ලකා අද්ධගතා වයො අනුප්පත්තා වීසං වස්සසතිකා ජාතියා. තෙ චත්ථ අකතකල්යාණා අකතකුසලා අකතභීරුත්තාණා. ආදිත්තො ඛො අයං බ්රාහ්මණා ලොකො ජරාය ව්යාධිනා මරණෙන. එවං ආදිත්තෙ ඛො බ්රාහ්මණා ලොකෙ ජරාය ව්යාධිනා මරණෙන යො ඉධ කායෙන සඤ්ඤමො, වාචාය සඤ්ඤමො මනසා සඤ්ඤමො. තං තස්ස පෙතස්ස තාණඤ්ච ලෙණඤ්ච දීපඤ්ච සරණඤ්ච පරායණඤ්චාති.
Sinhala BJTසැබව, බ්‍රාහ්මණයෙනි,තෙපි ජරාජීර්‍ණවහු, වයෝවෘද්ධවහු, මහලුවහු, ගතවයස් ඇතියහු, පැසිම්වියට ද පැමිණියහු, උපතින් එක්සියවිසිහැවිරිදි වහු ම ය. ඒ තෙපිදු නොකළ කලණදහම් ඇත්තහු ය, නොකළ කුසල් ඇත්තහු ය, නොකළ භයපරිත්‍රාණ ඇත්තහු ය. බ්‍රාහ්මණයෙනි, මේ ලෝකය ජරාව විසිනුදු ව්‍යාධිය විසිනුදු මරණය විසිනුදු ඇවිළ ගන්නා ලද්දේ ය. බ්‍රාහ්මණයෙනි, මෙසේ ජරාව විසිනුදු ව්‍යාධිය විසිනුදු මරණය විසිනුදු ලෝකය ඇවිළ ගණුත් ම, මෙහි කයින් යම් සංයමයෙක් වේ ද, වචනයෙන් යම් සංයමයෙක් වේ ද, වැලිත් මනසින් යම් සංයමයෙක් වේ ද, එය පරලොව ගිය ඔහට ආරක්‍ෂාස්ථාන ද නිලීයනස්ථාන ද ප්‍රතිෂ්ඨාස්ථාන ද ශරණස්ථාන ද පරායණස්ථාන ද වේ යි.
Pali BJT3. ආදිත්තස්මිං අගාරස්මිං යං නීහරති භාජනං, තං තස්ස හොති අත්ථාය නො ච යං තත්ථ ඩය්හති.
Sinhala BJT3. ගෙය ඇවිළගත් කල්හි යම් බඳුනක් බැහැර කෙරේ ද, එය ගෙහිමි ඔහුට වැඩ පිණිස වෙයි. යම් බඳුනෙක් එහි දැවේ නම්, එය වැඩ පිණිස නො වෙයි.
Pali BJT4. එවං ආදිපිතො{1} ලොකො ජරාය මරණෙන ච, නීහරෙථෙව දානෙන දින්නං හොති සුනීහටං.{2}
Sinhala BJT4. මෙසේ ජරාව විසිනුදු මරණය විසිනුදු ලෝවැසි හාත්පසින් ඇවිළ ගන්නා ලද්දේ ය. දීමෙන් ම බැහැර කරගන්නේ ය. දෙන ලද්ද මොනොවට නෙරණ ලද්දේ වේ.
Pali BJT5. යො‘ධ කායෙන සඤ්ඤමො වාචාය උද චෙතසා, තං තස්ස පෙතස්ස සුඛාය හොති යං ජීවමානො පකරොති පුඤ්ඤන්ති.
Sinhala BJT5. මෙහි කයින් යම් සංයමයෙක් වේ ද, වැලිත් වචනයෙන් යම් සංයමයෙක් වේ ද, සිතින් යම් සංයමයෙක් වේ ද, ජීවත් වනුයේ යම් පිනක් කරයි ද එය පරලොව ගිය ඔහට සුව පිණිස වේ යි.
Pali BJT3. 2. 1. 3.
Sinhala BJT3. 2. 1. 3.
Pali BJT3. අථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො බ්රාහ්මණො භගවන්තං එතදවොච : සන්දිට්ඨිකො ධම්මො ‘සන්දිට්ඨිකො ධම්මො’ති භො ගොතම වුච්චති. කිත්තාවතා නු ඛො භො ගොතම සන්දිට්ඨිකො ධම්මො හොති අකාලිකො එහිපස්සිකො ඔපනයිකො{3} පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති.
Sinhala BJT3. එකල්හි එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. ... එකත්පස්ව හුන් ඒ බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ‘ධර්‍මය සාංදෘෂ්ටිකය, ධර්‍මය සාංදෘෂ්ටිකය’ යි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණෙකින් ධර්‍මය සාංදෘෂ්ටික වේ ද? අකාලික වේ ද? ‘එව, බලව’ යන විධියට සුදුසු වේ ද? උපනයනාර්‍හ වේ ද? නුවණැත්තන් විසින් තමා සතන්හි ලා දතයුතු වේ දැ? යි.
Pali BJTරත්තො ඛො බ්රාහ්මණ, රාගෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තව්යාබාධායපි චෙතෙති, පරව්යාබාධායපි චෙතෙති, උභයව්යාබාධායපි චෙතෙති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. රාගෙ පහීණෙ නෙවත්තව්යාබාධායපි චෙතෙති, න පරව්යාබාධායපි චෙතෙති, න උභයව්යාබාධායපි චෙතෙති, න චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එවම්පි ඛො බ්රාහ්මණ සන්දිට්ඨිකො ධම්මො හොති -පෙ- දුට්ඨො ඛො බ්රාහ්මණ දොසෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තව්යාබාධායපි චෙතෙති, පරව්යාබාධායපි -පෙ- උභයව්යාබාධායපි චෙතෙති. න චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එවම්පි ඛො, බ්රාහ්මණ, සන්දිට්ඨිකො ධම්මො හොති -පෙ- මූළ්හො ඛො බ්රාහ්මණ මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තව්යාබාධායපි චෙතෙති. පරව්යාබාධායපි -පෙ- උභයව්යාබාධායපි චෙතෙති. චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. මොහෙ පහීණෙ නෙවත්තව්යාබාධායපි චෙතෙති, න පරව්යාබාධායපි චෙතෙති. න උභයව්යාබාධායපි චෙතෙති. න චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එවං ඛො බ්රාහ්මණ සන්දිට්ඨිකො ධම්මො හොති අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති. අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත”න්ති.
Sinhala BJTබ්‍රාහ්මණය, රාගයෙන් ඇලුණේ රාගයෙන් මැඩුනේ රාගයෙන් ගත් සිත් ඇත්තේ, තමාට පීඩා පිණිස ද සිතයි, මෙරමාහට පීඩා පිණිස ද සිතයි, දෙපසට ම පීඩා පිණිස ද සිතයි. චෛතසික වූ දුක්දොම්නස් විඳියි. රාගය ප්‍රහත වූ කල්හි ආත්ම පීඩාව පිණිස නොම සිතයි. මෙරමාහට පීඩා පිණිස නොම සිතයි. දෙපසට ම පීඩා පිණිස නොම සිතයි. චෛතසික දුක්දොම්නස් නොවිඳියි. බ්‍රාහ්මණය, මෙසේත් ධර්‍මය සාංදෘෂ්ටික වේ. ... බ්‍රාහ්මණය, ද්වේෂයෙන් ද්විෂ්ට වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මපීඩා පිණිස ද සිතයි ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි, මානසික දුක්දොම්නස් විඳියි. ද්වේෂය ප්‍රහත වත් ම ආත්මපීඩාව පිණිස නො සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස නො සිතයි. මානසික දුක් දොම්නස් නොවිඳියි. ... බ්‍රාහ්මණය, මෙසේත් ධර්‍මය සාංදෘෂ්ටික වේ. බ්‍රාහ්මණය, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මපීඩාව පිණිස ද සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. මානසික දුක්දොම්නස් ද විඳියි. මෝහය ප්‍රහතවත් ම ආත්මපීඩාව පිණිස ද නො සිතයි. මෙරමාහට ... පීඩා පිණිස ද ... දෙපසට ම පීඩා පිණිස ද නො සිතයි. මානසික වූ දුක්දොම්නස් නො විඳියි. බමුණ, මෙසේ වනාහි ධර්‍මය සාංදෘෂ්ටික වෙයි. කල් නොයවා විපාක දෙන්නේ වේ. ‘එව බලව’ යන විධියට සුදුසු වේ. උපනයනාර්‍හ වේ. නුවණැත්තන් විසින් තමා සතන්හි එළවා දතයුතු වේ යයි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දරණසේක්වා යි.
Pali BJT3. 2. 1. 4.
Sinhala BJT3. 2. 1. 4.
Pali BJT4. අථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණපරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො බ්රාහ්මණපරිබ්බාජකො භගවන්තං එතදවොච : සන්දිට්ඨිකො ධම්මො සන්දිට්ඨිකො ධම්මොති භො ගොතම වුච්චති, කිත්තාවතා නු ඛො භො ගොතම සන්දිට්ඨිකො ධම්මො හොති අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති.
Sinhala BJT4. එකල්හි එක්තරා බමුණු පිරිවැජියෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. ... එකත්පස්ව හුන් ඒ බමුණු පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: ‘භවත් ගෞතමයන් වහන්ස, ‘ධර්‍මය සාංදෘෂ්ටිකය, ධර්‍මය සාංදෘෂ්ටිකය’ යි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණෙකින් ධර්‍මය සාංදෘෂ්ටික වේ ද, අකාලික වේ ද, ඒහිපස්සික වේ ද, ඕපනයික වේ ද, නුවණැත්තන් විසින් සියසතන්හි ලා දතයුතු වේ දැ?’ යි.
Pali BJTරත්තො ඛො බ්රාහ්මණ රාගෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තව්යාබාධායපි චෙතෙති, පරව්යාබාධායපි චෙතෙති, උභයව්යාබාධායපි චෙතෙති. චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. රාගෙ පහීණෙ නෙවත්තව්යාබාධායපි චෙතෙති, න පරව්යාබාධායපි චෙතෙති, න උභයව්යාබාධායපි චෙතෙති, න චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති.
Sinhala BJTබ්‍රාහ්මණය, රාගයෙන් අනුරක්ත වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ තමහට පීඩා පිණිස ද සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. මානසික දුක් දොම්නස් විඳියි. රාගය ප්‍රහීණ වත් ම තමහට පීඩා පිණිස ද නොම සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද නොම සිතයි. මානසික දුක්දොම්නස් නො ම විඳියි.
Pali BJTරත්තො ඛො බ්රාහ්මණ රාගෙන අභිභූතො පරියාදින්නචිත්තො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. රාගෙ පහීණෙ නෙව කායෙන දුච්චරිතං චරති, න වාචාය දුච්චරිතං චරති, න මනසා දුච්චරිතං චරති. රත්තො ඛො බ්රාහ්මණ රාගෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තත්ථම්පි යථාභූතං නප්පජානාති, පරත්ථම්පි යථාභූතං නප්පජානාති, උභයත්ථම්පි යථාභූතං නප්පජානාති. රාගෙ පහීනෙ අත්තත්ථම්පි යථාභූතං පජානාති, පරත්ථම්පි යථාභූතං පජානාති, උභයත්ථම්පි යථාභූතං පජානාති. එවම්පි ඛො, බ්රාහ්මණ, සන්දිට්ඨිකො ධම්මො හොති -පෙ-
Sinhala BJTබ්‍රාහ්මණය, රාගයෙන් අනුරක්ත වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් කරයි. රාගය ප්‍රහීණ වත් ම කයින් දුසිරිත් නො ම කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් නො ම කරයි. බමුණ, රාගයෙන් අනුරක්ත වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මාර්‍ත්‍ථය ද තත්වූ පරිද්දෙන් නො දනියි. පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද තත් වූ පරිද්දෙන් නො දනියි. රාගය ප්‍රහීණ වත්ම ආත්මාර්‍ත්‍ථය ද තත් වූ පරිද්දෙන් දැනගණීයි. පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද තත්වූ පරිද්දෙන් දැනගණීයි. බ්‍රාහ්මණය, මෙසේ ද ධර්‍මය සාංදෘෂ්ටික වෙයි. ...
Pali BJTදුට්ඨො ඛො බ්රාහ්මණ දොසෙන -පෙ- මූළ්හො ඛො බ්රාහ්මණ මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තව්යාබාධායපි චෙතෙති, පරව්යාබාධායපි -පෙ- උභයව්යාබාධායපි චෙතෙති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. මොහෙ පහීණෙ නෙවත්තව්යාබාධායපි චෙතෙති, න පරව්යාබාධායපි චෙතෙති, න උභයව්යාබාධායපි චෙතෙති, න චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති.
Sinhala BJTබ්‍රාහ්මණය, ද්වේෂයෙන් ද්විෂ්ට වූයේ ... බ්‍රාහ්මණය, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ තමහට පීඩා පිණිස ද සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. මානසික දුක් දොම්නස් විඳියි. මෝහය ප්‍රහීණවත් ම තමහට පීඩා පිණිස ද නො සිතයි. මෙරමාහට පීඩා පිණිස ද නොසිතයි. දෙපසට ම පීඩා පිණිස ද නො සිතයි. මානසික දුක් දොම්නස් නොම විඳියි.
Pali BJTමූළ්හො ඛො බ්රාහ්මණ මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. මොහෙ පහීණෙ නෙව කායෙන දුච්චරිතං චරති, න වාචාය දුච්චරිතං චරති, න මනසා දුච්චරිතං චරති. මූළ්හො ඛො බ්රාහ්මණ මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තත්ථම්පි යථාභූතං නප්පජානාති, පරත්ථම්පි -පෙ- නප්පජානාති. මොහෙ පහීණෙ අත්තත්ථම්පි යථාභූතං පජානාති, පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි යථාභූතං පජානාති. එවං ඛො බ්රාහ්මණ සන්දිට්ඨිකො ධම්මො හොති අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති.
Sinhala BJTබ්‍රාහ්මණය, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් දුසිරිත් කරයි. සිතින් දුසිරිත් කරයි. මෝහය ප්‍රහීණ වත් ම කයින් දුසිරිත් නො ම කරයි. වචනයෙන් ... මනසින් දුසිරිත් නො ම කරයි. බමුණ, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මාර්‍ත්‍ථය ද තත්වූ පරිද්දෙන් නො දනියි. පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද තත් වූ පරිද්දෙන් නො දනියි. මෝහය ප්‍රහීණ වත්ම ආත්මාර්‍ත්‍ථය ද තත් වූ පරිද්දෙන් දැනගණීයි. පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද තත්වූ පරිද්දෙන් දැනගණීයි. බ්‍රාහ්මණය, මෙසේ වනාහි ධර්‍මය සාංදෘෂ්ටික ද අකාලික ද ඒහිපස්සික ද ඕපනයික ද නුවණැත්තන් විසින් තමන් සතන්හි ලා දතයුත්තේ ද වේ.
Pali BJTඅභික්කන්තං, භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවියෙන් සරණ ගිය උවසුවකු කොට දරණ සේක්වා යි.
Pali BJT3. 2. 1. 5.
Sinhala BJT3. 2. 1. 5.
Pali BJT5. අථ ඛො ජාණුස්සොණී බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ජාණුස්සොණි බ්රාහ්මණො භගවන්තං එතදවොච : ‘සන්දිට්ඨිකං නිබ්බානං සන්දිට්ඨිකං නිබ්බානන්ති’ භො ගොතම වුච්චති. කිත්තාවතා නු ඛො භො ගොතම සන්දිට්ඨිකං නිබ්බානං හොති අකාලිකං එහිපස්සිකං ඔපනයිකං පච්චත්තං වෙදිතබ්බං විඤ්ඤූහීති?
Sinhala BJT5. එකල්හි ජානුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. ... එකත්පස්ව හුන් ජානුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: භවත් ගෞතමයන් වහන්ස, ‘නිර්‍වාණය සාංදෘෂ්ටිකය, නිර්‍වාණය සාංදෘෂ්ටිකය’ යි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණෙකින් නිර්‍වාණය සාංදෘෂ්ටික වේ ද අකාලික වේ ද ඒහිපස්සික වේ ද ඕපනයික වේ ද නුවණැත්තන් විසින් තමන් සතන්හි ලා දතයුතු වේ දැ?’ යි.
Pali BJTරත්තො ඛො බ්රාහ්මණ රාගෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තව්යාබාධායපි චෙතෙති, පරව්යාබාධායපි චෙතෙති, උභයව්යාබාධායපි චෙතෙති. චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. රාගෙ පහීණෙ නෙවත්තව්යාබාධායපි චෙතෙති, න පරව්යාබාධායපි චෙතෙති, න උභයව්යාබාධායපි චෙතෙති, න චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එවං ඛො{*}, බ්රාහ්මණ, සන්දිට්ඨිකං නිබ්බානං හොති.
Sinhala BJTබමුණ, රාගයෙන් ඇලුනේ රාගයෙන් මැඩුනේ, රාගයෙන් ගත් සිත් ඇත්තේ තමාට පීඩා පිණිස ද සිතයි ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. චෛතසික දුක් දොම්නස් ද විඳියි. රාගය ප්‍රහීණ වත් ම තමාට පීඩා පිණිස ද නො සිතයි, මෙරමාහට පීඩා පිණිස ද නො සිතයි, දෙපසට පීඩා පිණිස ද නො සිතයි. චෛතසික දුක් දොම්නස් ද නො විඳියි. බ්‍රාහ්මණය, මෙසේත් නිර්‍වාණය සාංදෘෂ්ටික වේ.
Pali BJTදුට්ඨො ඛො බ්රාහ්මණ දොසෙන -පෙ- මූළ්හො ඛො බ්රාහ්මණ මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තව්යාබාධායපි චෙතෙති, පරව්යාබාධායපි චෙතෙති, උභයව්යාබාධායපි චෙතෙති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. මොහෙ පහීණෙ නෙවත්තව්යාබාධායපි චෙතෙති, න පරව්යාබාධායපි චෙතෙති, න උභයව්යාබාධායපි චෙතෙති, න චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එවං ඛො{*} බ්රාහ්මණ සන්දිට්ඨිකං නිබ්බානං හොති.
Sinhala BJTබමුණ, ද්වේෂයෙන් ද්විෂ්ට වූයේ ... බ්‍රාහ්මණය, මෝහයෙන් මූඪ වූයේ මෝහයෙන් මැඩුනේ මෝහයෙන් ගත් සිත් ඇත්තේ තමාට පීඩා පිණිස ද සිතයි. මෙරමාහට පීඩා පිණිස ද සිතයි. දෙපසට ම පීඩා පිණිස ද සිතයි. චෛතසික දුක් දොම්නස් ද විඳියි. බමුණ, ද්වේෂය ප්‍රහීණ වත් ම ... මෝහය ප්‍රහීණවත් ම තමාට පීඩා පිණිස නො සිතයි. මෙරමාහට පීඩා පිණිස නො සිතයි. දෙපසට ම පීඩා පිණිස නො සිතයි. චෛතසික වූ දුක් දොම්නස් නො විඳියි. බමුණ, මෙසේත් නිර්‍වාණය සාංදෘෂ්ටික වේ.
Pali BJTයතො ච ඛො අයං බ්රාහ්මණ අනවසෙසං රාගක්ඛයං පටිසංවෙදෙති, අනවසෙසං දොසක්ඛයං පටිසංවෙදෙති, අනවසෙසං මොහක්ඛයං පටිසංවෙදෙති. එවං ඛො බ්රාහ්මණ සන්දිට්ඨිකං නිබ්බානං හොති අකාලිකං එහිපස්සිකං ඔපනයිකං පච්චත්තං වෙදිතබ්බං විඤ්ඤූහීති.
Sinhala BJTබමුණ, යම් තැනෙක පටන් කොට මෙ තෙමේ නිරවශේෂයෙන් රාගක්‍ෂය (සඞ්ඛ්‍යාත නිර්‍වාණය) ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, නිරවශේෂයෙන් ද්වේෂක්‍ෂය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, නිරවශේෂයෙන් මෝහක්‍ෂය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, බ්‍රාහ්මණය, මෙසේ වනාහි නිර්‍වාණය සාංදෘෂ්ටික වෙයි, අකාලික වෙයි, ඒහිපස්සික වෙයි, ඕපනයික වෙයි, නුවණැත්තන් විසින් තමන් සතන්හි ලා දතයුතු වේ යි.
Pali BJTඅභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවියෙන් සරණ ගිය උවසුවකු කොට මා දරණ සේක්වා යි.
Pali BJT3. 2. 1. 6.
Sinhala BJT3. 2. 1. 6.
Pali BJT6. අථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණමහාසාලො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො බ්රාහ්මණමහාසාලො භගවන්තං එතදවොච : ‘සුතං මෙතං භො ගොතම පුබ්බකානං බ්රාහ්මණානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං : {1}‘පුබ්බස්සුදං අයං ලොකො අවීචිමඤ්ඤෙ ඵුටො{†} හොති මනුස්සෙහි, කුක්කුටම්පාතිකා ගාමනිගමරාජධානියො’ති. කො නු ඛො භො ගොතම, හෙතු කො පච්චයො යෙනෙතරහි මනුස්සානං ඛයො හොති, තනුත්තං පඤ්ඤායති, ගාමාපි අගාමා හොන්ති, නිගමාපි අනිගමා හොන්ති, නගරාපි අනගරා හොන්ති, ජනපදාපි අජනපදා හොන්තී’ති.
Sinhala BJT6. එකල්හි එක්තරා මහසල්කුල බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පසෙක හුන් බමුණු මහසල් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: ‘භවත් ගෞතමයන් වහන්ස, ‘පෙර වනාහි මේ ලෝකය මිනිසුන් විසින් අවීචිය සේ නිරතුරු පිරුණේ වෙයි. ගම් නියම්ගම් රජදහන්හු (කුකුළකු විසින් පියහසරින් යා හැකි පමණ නුදුරෙහි වූ පියසි ඇති බැවින්) කුක්කුට සමපාතික වූහ’ යි. පෙර විසූ වෘද්ධ වූ මහලු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය වූ බණන බමුණන් අතින් මවිසින් අසනලදී’ යි. භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් දැන් මිනිසුන්ගේ අඩුවෙක් වේ නම්, තුනී බවෙක් පැණේ නම්, ගමුදු නොගම් වේ නම්, නියම්ගමුදු නො නියම්ගම් වේ නම්, නුවර නො නුවර වේ නම්, දනවු නො දනවු වේ නම්, එයට හේතු කවර? එයට ප්‍රත්‍යය කවර’යි විචාළේ ය.
Pali BJTඑතරහි බ්රාහ්මණ මනුස්සා අධම්මරාගරත්තා විසමලොභාභිභූතා මිච්ඡාධම්මපරෙතා. තෙ අධම්මරාගරත්තා විසමලොභාභිභූතා මිච්ඡාධම්මපරෙතා තිණ්හානි සත්ථානි ගහෙත්වා අඤ්ඤමඤ්ඤං{1} ජීවිතා වොරොපෙන්ති, තෙන බහූ මනුස්සා කාලං කරොන්ති. අයම්පි ඛො බ්රාහ්මණ හෙතු, අයං පච්චයො යෙනෙතරහි මනුස්සානං ඛයො හොති, තනුත්තං පඤ්ඤායති, ගාමාපි අගාමා හොන්ති, නිගමාපි අනිගමා හොන්ති, නගරාපි අනගරා හොන්ති, ජනපදාපි අජනපදා හොන්ති.
Sinhala BJTබමුණ, මෙකල වනාහි මනුෂ්‍යයෝ අධර්‍මරාගයෙන් රත් වූවාහු විෂමලෝභයෙන් මැඩුනාහු, මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වෙති. අධර්‍මරාගයෙන් රත් වූ විෂමලෝභයෙන් මැඩුනු මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වූ ඔහු තියුණු සැත් ගෙණ උනුන් දිවි තොර කෙරෙත්. එයින් බොහෝ මිනිස්සු කලුරිය කෙරෙත්. යම් හෙයෙකින් මෙකල මිනිසුන්ගේ අඩුවෙක් වේ නම්, තුනු බවෙක් පැණේ නම්, ගමුදු නොගම් වේ නම්, නියම්ගමුදු නො නියම්ගම් වේ නම්, නුවර දු නො නුවර වේ නම්, දනවුදු නො දනවු වේ නම්, මේ එයට හේතු වෙයි. මේ එයට ප්‍රත්‍යය වේ.
Pali BJTපුන චපරං බ්රාහ්මණ එතරහි මනුස්සා අධම්මරාගරත්තා විසමලොභාභිභූතා මිච්ඡාධම්මපරෙතා. තෙසං අධම්මරාගරත්තානං විසමලොභාභිභූතානං මිච්ඡාධම්මපරෙතානං දෙවො න සම්මා ධාරං අනුප්පවෙච්ඡති. තෙන දුබ්භික්ඛං හොති දුස්සස්සං සෙතට්ඨිකං සලාකාවුත්තං. තෙන බහූ මනුස්සා කාලං කරොන්ති. අයම්පි ඛො බ්රාහ්මණ හෙතු, අයං පච්චයො යෙනෙතරහි මනුස්සානං ඛයො හොති, තනුත්තං පඤ්ඤායති, ගාමාපි අගාමා හොන්ති, නිගමාපි -පෙ- ජනපදාපි අජනපදා හොන්ති.
Sinhala BJTවැලිදු බමුණ, මෙකල මිනිස්සු අධර්‍මරාගයෙන් රත් වූවාහු, විෂමලෝභයෙන් මැඩුනාහු, මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වෙති. අධර්‍මරාගයෙන් රත් වූ විෂමලෝභයෙන් මැඩුනු, මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වූ ඔවුනට මේඝය මැනවින් වැසි දහර නො පවත්වයි. එයින් දුර්භික්‍ෂ වෙයි. ශස්‍යයෝ විෂමපාකී වෙති. සේතට්ඨිකා නම් ශස්‍යරෝගය වෙහි. වපුළ ධ්‍යාන්‍යය ඉරටු ම වෙයි. එයින් බොහෝ මිනිස්සු කලුරිය කෙරෙති. බමුණ, යම් හෙයෙකින් මෙකල මිනිසුන්ගේ අඩුවෙක් වේ නම්, තුනුබවෙක් පැණේ නම්, ගමුදු නොගම් වේ නම්, නියම්ගමුදු ... දනවුදු නො දනවු වේ නම්, මෙ ද එයට හේතු වෙයි, එයට ප්‍රත්‍යය වේ.
Pali BJTපුන චපරං බ්රාහ්මණ එතරහි මනුස්සා අධම්මරාගරත්තා විසමලොභාභිභූතා මිච්ඡාධම්මපරෙතා. තෙසං අධම්මරාගරත්තානං විසමලොභාභිභූතානං මිච්ඡාධම්මපරෙතානං යක්ඛා වාලෙ මනුස්සෙ ඔස්සජන්ති.{2} තෙන බහූ මනුස්සා කාලං කරොන්ති. අයම්පි ඛො බ්රාහ්මණ හෙතු, අයං පච්චයො යෙනෙතරහි මනුස්සානං ඛයො හොති, තනුත්තං පඤ්ඤායති, ගාමාපි අගාමා හොන්ති, නිගමාපි අනිගමා හොන්ති, නගරාපි අනගරා හොන්ති, ජනපදාපි අජනපදා හොන්තීති.
Sinhala BJTවැලිදු බමුණ, මෙකල මිනිස්සු අධර්‍මරාගයෙන් රත්වූවාහු, විෂමලෝභයෙන් මැඩුනාහු, මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වෙති. අධර්‍මරාගයෙන් රත් වූ විෂමලෝභයෙන් මැඩුනු මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වූ ඔවුනට යක්‍ෂයෝ සැඩයකුන් මුදා හරිති. එයින් බොහෝ මිනිස්සු කලුරිය කෙරෙති. බමුණ, යම් හෙයෙකින් මෙකල මිනිසුන්ගේ අඩුවෙක් වේ නම්, තුනුබවෙක් පැණේ නම්, ගමුදු නොගම් වේ නම්, නියම්ගමුදු නො නියම්ගම් වේ නම්, නුවර නො නුවර වේ නම්, දනවු දු නොදනවු වේ නම්, මෙ ද එයට හේතු වෙයි. මෙ ද එයට ප්‍රත්‍යය වේ.
Pali BJTඅභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවියෙන් ගත් සරණ ගිය උවසුවකු කොට මා දරණ සේක්වා’ යි.
Pali BJT3. 2. 1. 7.
Sinhala BJT3. 2. 1. 7.
Pali BJT7. අථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච : ‘සුතං මෙ තං භො ගොතම’ සමණො ගොතමො එවමාහ : මය්හමෙව දානං දාතබ්බං, නාඤ්ඤෙසං දානං දාතබ්බං, මය්හමෙව සාවකානං දානං දාතබ්බං, නාඤ්ඤෙසං සාවකානං දානං දාතබ්බං, මය්හමෙව දින්නං මහප්ඵලං, නාඤ්ඤෙසං දින්නං මහප්ඵලං, මය්හමෙව සාවකානං දින්නං මහප්ඵලං, නාඤ්ඤෙසං සාවකානං දින්නං මහප්ඵලන්ති.’
Sinhala BJT7. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පසෙක හුන් වච්ඡගොත්ත පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, මා විසින් තෙල අසන ලදි: ‘ශ්‍රමණ ගෞතමයෝ මෙසේ කියති’ යි. ‘මට ම දන් දිය යුතු ය. අන්හට දන් නො දිය යුතු ය. මාගේ ම සව්වනට දන් දිය යුතු ය. අනුන්ගේ සව්වනට දන් නො දිය යුතු ය. මට ම දුන් දැය මහත්ඵලය. අන්හට දුන් දැය මහත්ඵල නො වෙයි. මාගේ ම සව්වනට දුන් දැය මහත්ඵල ය. අන් සව්වනට දුන් දැය මහත්ඵල නො වේ’ යි.
Pali BJTයෙ තෙ භො ගොතම එවමාහංසු: සමණො ගොතමො එවමාහ: ‘මය්හමෙව දානං දාතබ්බං, නාඤ්ඤෙසං දානං දාතබ්බං -පෙ- මය්හමෙව සාවකානං දින්නං මහප්ඵලං, නාඤ්ඤෙසං සාවකානං දින්නං මහප්ඵලන්ති. කච්චි තෙ භොතො ගොතමස්ස වුත්තවාදිනො? න ච භවන්තං ගොතමං අභූතෙන අබ්භාචික්ඛන්ති? ධම්මස්ස චානුධම්මං ව්යාකරොන්ති? න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡති? අනබ්භක්ඛාතුකාමා හි මයං භවන්තං ගොතම’න්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, යම් කෙනෙක් මෙසේ කියත් නම්, ‘ශ්‍රමණ ගෞතමයෝ මෙසේ කියති. ‘මට ම දන් දිය යුතු ය. අන්හට දන් නො දිය යුතු ය. ... මාගේ ම සව්වනට දුන් දැය මහත්ඵල වෙයි. අන් සව්වනට දුන් දැය මහත්ඵල නො වෙති’ යි. “කිමෙක? ඔහු භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ වදාරණ ලද්දක් කියන්නාහු වෙත් ද, භවත් ගෞතමයන් වහන්සේට අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කෙරෙත් ද? කියුවාට පිළිකියු කියද් ද? කිසියම් සහේතුක වූ වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ඒ ද? අපි වනාහි භවත් ගෞතමයන් වහන්සේ අභ්‍යාඛ්‍යාන නො කරනු කැමැත්තම්හ” යි.
Pali BJTයෙ තෙ වච්ඡ එවමාහංසු: ‘සමණො ගොතමො එවමාහ: මය්හමෙව දානං දාතබ්බං -පෙ- නාඤ්ඤෙසං සාවකානං දින්නං මහප්ඵල’න්ති, න මෙ තෙ වුත්තවාදිනො. අබ්භාචික්ඛන්ති ච පන මං{1} තෙ අසතා අභූතෙන. යො ඛො වච්ඡ පරං දානං දදන්තං වාරෙති, සො තිණ්ණං අන්තරායකරො හොති, තිණ්ණං පාරිපන්ථිකො. කතමෙසං තිණ්ණං: දායකස්ස පුඤ්ඤන්තරායකරො හොති, පටිග්ගාහකානං ලාභන්තරායකරො හොති. පුබ්බෙව ඛො පනස්ස අත්තා ඛතො ච හොති උපහතො ච. යො ඛො වච්ඡ පරං දානං දදන්තං වාරෙති, සො ඉමෙසං තිණ්ණං අන්තරායකරො හොති, තිණ්ණං පාරිපන්ථිකො.
Sinhala BJTවත්සය, යම් කෙනෙක් මෙසේ කියත් නම්, “ශ්‍රමණ ගෞතමයෝ මෙසේ කියති: මට ම දන් දිය යුතුය ... අන් සව්වනට දුන් දැය මහත්ඵල නො වෙති” යි. ඔහු මා පිළිබඳ කියන ලද්දක් කියන්නාහු නො වෙති. ඔහු අසත් වූ අභූතයෙන් මට අභ්‍යාඛ්‍යාන කෙරෙත්. වත්සය, යමෙක් දන් දෙන පරහු වළහා නම්, හේ තිදෙනකුට අන්තරායකර වෙයි, තිදෙනකුට කඩපලා (මංපහරණ) සොර වෙයි. කවර තුන් දෙනකුටය යත්: දායකයාගේ පිණට අනතුරු කරන්නේ වෙයි, ප්‍රතිග්‍රාහකයන්ගේ ලාභයට අනතුරු කරන්නේ වෙයි, කැල ම ඔහුගේ ආත්මය සාළ ගුණ ඇත්තෙක් නසා ලූ ගුණ ඇත්තෙක් වෙයි. වත්සය, යමෙක් දන් දෙනා මෙරමා වළහා නම් හේ මේ තුන්දෙනාහට අන්තරායකර වෙයි. මේ තුන්දෙනාහට කඩපලා සොර වෙයි.
Pali BJTඅහං ඛො පන වච්ඡ එවං වදාමි: ‘යෙපි තෙ චන්දනිකාය වා ඔලිගල්ලෙ වා පාණා, තත්රපි යො ථාලිධොවනං වා සරාවධොවනං වා ඡඩ්ඩෙති. යෙ තත්ථ පාණා, තෙ තෙන යාපෙන්තූ’ති. තතො නිදානම්පාහං වච්ඡ පුඤ්ඤස්ස ආගමං වදාමි. කො පන වාදො මනුස්සභූතෙ. අපි චාහං වච්ඡ සීලවතො දින්නං මහප්ඵලං වදාමි, නො තථා දුස්සීලෙ.{2} සො ච හොති, පඤ්චඞ්ගවිප්පහීණො පඤ්චඞ්ගසමන්නාගතො. කතමානි පඤ්චඞ්ගානි පහීණානි හොන්ති: කාමච්ඡන්දො පහීණො හොති, බ්යාව්යාපාදො පහීණො හොති, ථීනමිද්ධං පහීණං හොති, උද්ධච්චකුක්කුච්චං පහීණං හොති, විචිකිච්ඡා පහීණා හොති. ඉමානි පඤ්චඞ්ගානි පහීණානි හොන්ති.
Sinhala BJTවත්සය, මම වැලිත් මෙසේ කියමි: ගවරවළෙක හෝ මොළෙක හෝ යම් ප්‍රාණී කෙනෙක් වෙත් නම්, එහිදු යමෙක් සැළිදොවුන් දිය හෝ වළං දොවුන් දිය හෝ “එහි යම් ප්‍රාණී කෙනෙක් වෙත් නම් ඔහු එයින් යපෙත්ව” යි දමා නම්, ඒ හේතු කොට ගෙණ ද වත්සය පුණ්‍යයාගේ ආගමනය මම කියමි. මනුෂ්‍ය වූවකු කෙරෙහි කියනු කිම! වත්සය, එතෙකුදු වුව, සිල්වත්නට දෙන ලද්ද මහත්ඵලය යි මම කියමි. දුශ්ශීලයාහට දෙන ලද්ද එසේ නො වේ. ඒ සිල්වත් තෙමේ ද ප්‍රහත පඤචාඞ්ග ඇතියේ සමන්‍වාගත පඤචාඞ්ග ඇතියේ වෙයි. කවර පසඟෙක් ප්‍රහත වේ ද යත්: කාමච්ඡන්‍දය ප්‍රහත වෙයි, ව්‍යාපාදය ප්‍රහත වෙයි, ථීනමිද්ධය ප්‍රහත වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්‍රහත වෙයි, විචිකිච්ඡාව ප්‍රහත වෙයි. මේ පඤ්චාඞ්ගයෝ ප්‍රහත වෙත්.
Pali BJTකතමෙහි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො හොති: අසෙක්ඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති. ඉමෙහි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො හොති. ඉති පඤ්චඞ්ගවිප්පහීණෙ පඤ්චඞ්ගසමන්නාගතෙ දින්නං මහප්ඵලන්ති වදාමීති.
Sinhala BJTකවර පසඟෙකින් සමන්‍වාගත වේ ද? “අශෛක්‍ෂ ශීලස්කන්‍ධයෙන් යුක්ත වෙයි. අශෛක්‍ෂ සමාධිස්කන්‍ධයෙන් යුක්ත වෙයි. අශෛක්‍ෂ ප්‍රඥාස්කන්‍ධයෙන් යුක්ත වෙයි. අශෛක්‍ෂ විමුක්තිස්කන්‍ධයෙන් යුක්ත වෙයි. අශෛක්‍ෂ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් යුක්ත වෙයි. මේ පසඟින් යුක්ත වෙයි. මෙසේ ප්‍රහත වූ අඞ්ග පසක් ඇති අඞ්ග පසෙකින් යුක්ත වූවහු කෙරෙහි දෙන ලද දැය මහත්ඵල ය යි කියමි.
Pali BJT6. ඉති කණ්හාසු සෙතාසු රොහිණීසු හරීසු වා, කම්මාසාසු සරූපාසු ගොසු පාරෙවතාසු වා.
Sinhala BJT6. මෙසේ කළු වූත් සුදු වූත් රතු වූත් පලාවන් වූත් චිත්‍රවර්‍ණ වූත් වස්සන් හා සමාන රූ ඇත්තා වූත් කොබෝවන් පැහැති වූත් දෙනුන් කෙරෙහි දැයි.
Pali BJT7. යාසු කාසුචි{3} එතාසු දන්තො ජායති පුඞ්ගවො, ධොරය්හො බලසම්පන්නො කල්යාණජවනික්කමො,{4}
Sinhala BJT7.තෙල යම් කිසි දෙන කෙනකුන් අතුරෙහි දැමුණු ධුරවහනයට යෝග්‍ය වූ බලසම්පන්න වූ කලණ ජවයෙන් යන වෘෂභයෙක් උපදනේ වේ ද.
Pali BJT8. තමෙව භාරෙ යුඤ්ජන්ති නාස්ස වණ්ණං පරික්ඛරෙ, එවමෙව මනුස්සෙසු යස්මිං කස්මිඤ්චි ජාතියෙ.
Sinhala BJT8-9. ඔහු ම භාරෝද්වහන්යෙහි ලා යොදත්. ඔහුගේ වර්‍ණය එළවා නො බලත්. එසෙයින් ම මිනිසුන් කෙරෙහි යම් කිසි කුලජාතයෙක් ක්‍ෂත්‍රිය වේව යි, බ්‍රාහ්මණ වේව යි, වෛශ්‍ය වේව යි, ශුද්‍ර වේව යි, සැඬල් පුප්සඬු වේව යි තෙල යම් කිසි කුලයෙක දැමුණු මනා ව්‍රත ඇති.
Pali BJT9. ඛත්තියෙ බ්රාහ්මණෙ වෙස්සෙ සුද්දෙ චණ්ඩාලපුක්කුසෙ, යාසු කාසු චි එතාසු දන්තො ජායති සුබ්බතො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT10. ධම්මට්ඨො සීලසම්පන්නො සච්චවාදී හිරීමනො, පහීණජාතිමරණො බ්රහ්මචරියස්ස කෙවලී.
Sinhala BJT10. දහම්හි සිටි සිල් සපන් සැබව බණන පාපයෙහි ලා සලජ්ජසිත් ඇති පැහූ දෑ මරණ ඇති බඹසර පිරිපුන් කළ.
Pali BJT11. පන්නභාරො විසංයුත්තො කතකිච්චො අනාසවො, පාරගූ සබ්බධම්මානං අනුපාදාය නිබ්බුතො.
Sinhala BJT11. බහා තැබූ කෙලෙස් බර ඇති එහෙයින් ම (කායාදි විවේකයෙන්) විසංයුක්ත වූ කළ මගකිස ඇති ආස්‍රව නැති (පඤචස්කන්‍ධාදි) දහමුන්ගේ පර තෙර පත් කෙලෙස් විසින් නො ගෙණ පිරිනිවී රහතෙක් උපදනේ ද.
Pali BJT12. තස්මිඤ්ඤෙව විරජෙ ඛෙත්තෙ විපුලා හොති දක්ඛිණා. බාලා ච අවිජානන්තා දුම්මෙධා අස්සුතාවිනො.
Sinhala BJT12. එම අර්‍හත් සඞ්ඛ්‍යාත ක්‍ෂේත්‍රයෙහි දක්‍ෂිණාව විපුල වේ. කෙත නො දන්නා දුෂ්ප්‍රාඥ වූ කෙත් විනිස නො ඇසූ බාලයෝ.
Pali BJT13. බහිද්ධා දදන්ති{1} දානානි න හි සන්තෙ උපාසරෙ, යො ච සන්තෙ උපාසන්ති සප්පඤ්ඤෙ ධීරසම්මතෙ.
Sinhala BJT13. බැහැර තව්සන් කෙරෙහි දන් දෙති. බුද්ධාදි සත්පුරුෂයන් උපාසනා නො කෙරෙත්. යම් කෙනෙක් සත්ප්‍රාඥ වූ ධීර සම්මත වූ බුද්ධාදි සත්පුරුෂයන් උපාසනා කෙරෙත් ද.
Pali BJT14. සද්ධා ච නෙසං සුගතෙ මූලජාතා පතිට්ඨිතා, දෙවලොකඤ්ච තෙ යන්ති කුලෙ වා ඉධ ජායරෙ. අනුපුබ්බෙන නිබ්බානං අධිගච්ඡන්ති පණ්ඩිතාති.
Sinhala BJT14. උන්ගේ ශ්‍රද්ධාව සුගතයන් වහන්සේ කෙරෙහි හටගත් මුල් ඇති ව පිහිටියා වෙයි. ඒ පණ්ඩිතයෝ දෙව්ලොව ද යෙත්. මෙලොව උසස් කුලෙහි හෝ උපදිත්. ක්‍රමයෙන් නිර්‍වාණය පසක් කෙරෙත්.
Pali BJT3. 2. 1. 8.
Sinhala BJT3. 2. 1. 8.
Pali BJT8. අථ ඛො තිකණ්ණො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං -පෙ- එකමන්තං නිසින්නො ඛො තිකණ්ණො බ්රාහ්මණො භගවතො සම්මුඛා තෙවිජ්ජානං සුදං බ්රාහ්මණානං වණ්ණං භාසති “එවම්පි තෙවිජ්ජා බ්රාහ්මණා ඉතිපි තෙවිජ්ජා බ්රාහ්මණා”ති.
Sinhala BJT8. එකල්හි තිකණ්ණ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග ... එකත් පසෙක හුන් තිකණ්ණ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි ත්‍රිවිද්‍යා ඇති බ්‍රාහ්මණයන්ගේ ම ගුණ වණයි. “මෙසේත් බමුණෝ ත්‍රිවිද්‍යා ඇත්තාහ. මෙසේත් බමුණෝ ත්‍රිවිද්‍යා ඇත්තාහ” කියායි.
Pali BJTයථා කථං පන බ්රාහ්මණ බ්රාහ්මණා බ්රාහ්මණං තෙවිජ්ජං පඤ්ඤාපෙන්තීති? ඉධ භො ගොතම බ්රාහ්මණො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං. පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයොති. එවං ඛො භො ගොතම බ්රාහ්මණා තෙවිජ්ජං පඤ්ඤාපෙන්තීති.
Sinhala BJT“බමුණ, කෙසේ හෙයින් බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයකු ත්‍රිවිද්‍යා ඇත්තකු කොට පණවත්දැ” යි. “භවත් ගෞතමයන් වහන්ස, මෙලොව්හි බමුණු මවු පසිනුදු පියපසිනුදු දෙපසින් මොනවට උපන්නේ වේ. පිරිසිදු මවුකුස ඇත්තේ සත්වන මහමුතු යුග තෙක් ජාතිවාදයෙන් බැහැර නො කරණ ලද්දේ නින්‍දා නොකරණ ලද්දේ වේ ද, වේද හදාරන්නේ වේ ද, මන්ත්‍ර දරන්නේ වේ ද, නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර සහිත වූ ශික්‍ෂානිරුක්ති සහිත වූ ඉතිහාසය පස්වනු කොට ඇති, ත්‍රිවේදයේ පරතෙරට ගියේ වේ ද, පදපාඨ හදාරන්නේ ව්‍යාකරණ දන්නේත් වේ ද, විතණ්ඩවාද ශාස්ත්‍රයෙහි දු මහාපුරුෂලක්‍ෂණයෙහි දු සම්පූර්‍ණකාරී වේ ද, භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ මෙසේ බ්‍රාහ්මණයකු ත්‍රිවිද්‍යා ඇත්තකු කොට පණවත්ය” යි.
Pali BJTඅඤ්ඤථා ඛො බ්රාහ්මණ බ්රාහ්මණා බ්රාහ්මණං තෙවිජ්ජං පඤ්ඤාපෙන්ති. අඤ්ඤථා ච පන අරියස්ස විනයෙ තෙවිජ්ජො හොතීති. යථා කථම්පන භො ගොතම අරියස්ස විනයෙ තෙවිජ්ජො හොති? සාධු මෙ භවංගොතමො තථා ධම්මං දෙසෙතු යථා අරියස්ස විනයෙ තෙවිජ්ජො හොතීති. තෙන හි බ්රාහ්මණ සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමීති. එවං භොති ඛො තිකණ්ණො බ්රාහ්මණො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච :
Sinhala BJTබ්‍රාහ්මණය, බමුණෝ අන්පරිද්දෙකින් ත්‍රිවිද්‍යා ඇති බමුණා පණවත්. ආර්‍ය්‍යවිනයෙහි අන්පරිද්දෙකින් ම ත්‍රිවිද්‍යා ඇත්තේ වේ. භවත් ගෞතමයන් වහන්ස, කිපරිදි ආර්‍ය්‍යවිනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තේ වේ ද? භවත් ගෞතමයන් වහන්සේ යම් පරිද්දෙකින් ආර්‍ය්‍යවිනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තෙක් වේ ද, එපරිදි මට ධර්‍මදේශනා කරණසේක් නම් මැනවි. බමුණ, එසේ නම් අසව, මනා කොට මෙනෙහි කරව, කියමි යි. පින්වතුන් වහන්ස, එසේය යි, තිකණ්ණ බමුණු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වී ය. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTඉධ බ්රාහ්මණ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යං තං අරියා ආචික්ඛන්ති: උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති, තතියං ඣානං උපසම්පජ්ජ විහරති සුඛස්ස ච පහාණා දුක්ඛස්ස ච පහාණා, පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTබමුණ, මේ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම, අකුශලධර්‍මයන් ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි, විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් අද්ධ්‍යාත්මයෙහි මනා පැහැදීම ඇති චිත්තයාගේ එකඟබව වූ විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ, ප්‍රීතිහුගේ ද විරාගයෙන් උපේක්‍ෂා ද ඇත්තේ සිහිද ඇත්තේ සම්‍යක් ප්‍රඥා ද ඇත්තේ වෙසේ. කයින් සුඛයත් විඳුනේය. ආර්‍ය්‍යයෝ ‘උපේක්‍ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සුඛවිහරණ ඇත්තේය’යි යම් ඒ පුඟුලකු කියත් නම්, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ. සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් කැලම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අස්තඞ්ගමයෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂාස්මෘති පරිශුද්ධි ඇති සතරවන ධ්‍යානයට පැමිණ වෙසේ.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ. අමුත්රාසිං එවන්නාමො, එවඞ්ගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්ර උප්පාදිං,{1} තත්රාපාසිං එවන්නාමො එවඞ්ගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නොති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. අයමස්ස පඨමා විජ්ජා අධිගතා හොති, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
Sinhala BJTහේ මෙසේ සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පවිත්‍ර වූ කල්හි කෙලෙස් අඞ්ගණ රහිත වූ කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වූ කල්හි සිටි කල්හි නො සැලෙන බවට පත් වූ කල්හි පෙර විසූ කඳපිළිවෙළ දන්නා නුවණ පිණිස සිත එළවයි. හේ නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. කෙසේය යත්: එක් ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුණකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතළිසකුදු ජාති පණසකුදු ජාති සියකුදු ජාති දහසකුදු ජාති සියක්දහසකුදු නොයෙක් සංවර්‍තකල්පයනුදු නොයෙක් විවර්‍තකල්පයනුදු නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයනුදු සිහි කෙරෙයි. අසෝ තැන මෙනම් ඇත්තෙයිම් වීමි. මෙසේ ගොත් ඇත්තෙයිම් වීමි. මෙසේ පැහැ සටහන් ඇත්තෙයිම් වීමි. මෙ බඳු අහර ඇත්තෙයිම් වීමි. මෙ බඳු සුවදුක් විඳිනසුල්ලෙයිම් වීමි. මෙ බඳු ආයු කෙළවර ඇත්තෙයිම් වීමි. ඒ මම එයින් සැව අසෝ තැන උපන්මි. එහිදු මෙ බඳු නම් ඇත්තෙයිම් වීමි. මෙ බඳු ගොත් ඇත්තෙයිම් මෙ බඳු පැහැසටහන් ඇත්තෙයිම් වීමි. මෙ බඳු ආහාර ඇත්තෙයිම් මෙ බඳු සුවදුක් විඳුනෙයිම් මෙ බඳු ආයු පර්‍ය්‍යන්ත ඇත්තෙයිම් වීමි. ඒ මම එයින් සැව මෙහි උපන්මි’යී මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ නන් වැදෑරුම් පෙරවිසූ කඳපිළිවෙළ සිහි කෙරේ. මෙසේ ඔහු විසින් ප්‍රථම විද්‍යාව ලදු. අවිද්‍යාව නසන ලදු. විද්‍යාව උපන මෝහාන්‍ධකාරය නසන ලද. ආලෝකය උපන. අප්‍රමත්ත වූ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තා වූ නිවන් කෙරෙහි මෙහෙයූ සිතැතිව වසන්නක්හට වන්නාක් සෙයිනි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචී -පෙ- මනොදුච්චරිතෙන සමන්නාගතා, අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචී -පෙ- මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. අයමස්ස දුතියා විජ්ජා අධිගතා හොති, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
Sinhala BJTහෙතෙම මෙසේ සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වූ කල්හි අඞ්ගණ රහිත වූ කල්හි උපක්ලේශ දුරු වු කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වූ කල්හි සිටි කල්හි නො සැලීමට පත් වූ කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුතිඋපපත්තිඥානය පිණිස සිත එළවයි. හෙ තෙමේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන්නා වූත් උපදනා වූත් හීන වූත් ප්‍රණීත වූත් සුවර්‍ණවූත් දුවර්‍ණ වූත් මනා ගති ඇති දුගති ඇති සත්ත්‍වයන් දන්නේය, එකැතියෙන් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍විත වූවාහු වාග්දුශ්චරිතයෙන් සමන්‍විත වූවාහු මනෝදුශ්චරිතයෙන් සමන්‍විත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද කරන්නාහු මිසදිටු ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටි කර්‍ම සමාදන් වූවාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු සුවෙන් පහ වූ දුකට ගති වූ විවසව පතිත වන නිරයෙහි උපන්නාහු වෙති. මේ භවත් සත්ත්‍වයෝ වනාහි කායසුචරිතයෙන් සමන්‍විත වූවාහු වාක්සුචරිතයෙන් සමන්‍විත වූවාහු මනඃසුචරිතයෙන් සමන්‍විත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටි කර්‍ම සමාදන් වූවාහු වෙති. ඒ සත්ත්‍වයන් කාබුන් මරණින් මතු සොඳුරු ගති ඇති ස්වර්‍ගලෝකයට පිළිසිඳ විසින් පැමිණෙතී දන්නේ ය. මෙසේ පිරිසිදු වූ මිනිසැස ඉක්මැ සිටි දිවැසින් ච්‍යුත වන්නා වූත් උපදනා වූත් හීන වූත් ප්‍රණීත වූත් සුවර්‍ණ වූත් දුවර්‍ණ වූත් මනා ගති ඇති, දුගති ඇති, කම් වූ පරිදි පරලොව යන සත්ත්‍වයන් දන්නේය. ඔහු විසින් මේ දෙවෙනි විද්‍යාව ලදු. අවිද්‍යාව නසන ලදු. විද්‍යාව උපන. මොහඳුර නසනලද. ආලොකය උපන. නො පමා වූ කෙලෙස් තවන වැර ඇති නිවන් කෙරේ මෙහෙයූ සිත් ඇති ව වසන්නක්හට වන්නාක් සෙයිනි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුදයොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධොති -පෙ- අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. අයමස්ස තතියා විජ්ජා අධිගතා හොති, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා; තමො විහතො, ආලොකො උප්පන්නො යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතොති.
Sinhala BJTහේ මෙසේ සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වූ කල්හි අඞ්ගණ රහිත වූ කල්හි උපක්ලේශ දුරු වූ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වූ කල්හි සිටිකල්හි නො සැලීමට පත් කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත එළවයි. හෙ ‘මේ දුකැ’යි තත් වූ පරිදි දන්නේය. ‘මේ දුඃඛසමුදය’යි තත් වූ පරිදි දන්නේය. ‘මේ දුඃඛනිරෝධය’යි තත් වූ පරිදි දන්නේය. ‘මේ දුඃඛනිරෝධගාමි ප්‍රතිපත්’යි තත් වූ පරිදි දන්නේය. ‘මොහු ආස්‍රවයෝ’යි තත් වූ පරිදි දන්නේය. ‘මේ ආස්‍රවසමුදය’ යි තත් වූ පරිදි දන්නේය. ‘මේ ආස්‍රවනිරෝධය’යි තත් වූ පරිදි දන්නේය. ‘මේ ආස්‍රවනිරෝධගාමිනී පටිපදා’ යි තත් වූ පරිදි දන්නේය. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. මිදුනු කල්හි ‘සිත මිදුනේ’ යි (ප්‍රත්‍යවේක්‍ෂා) ඥානය වේ. ජාතිය ක්‍ෂීණ විය. මගබඹසර වැස නිමවන ලදී. සිවුමගින් සොළොස් වැදෑරුම් කරණී කරණ ලදි. ‘මේ ෂෝඩශකරණීයභාවය පිණිස අන්මාර්‍ග භාවනායෙක් නැතැ’යි දන්නේය. ඔහු විසින් මේ තෙවන විද්‍යාව ලදු. ... අවිද්‍යාව නසන ලදු. මොහඳුර නසන ලද. ආලෝකය උපන. නො පමා වූ කෙලෙස් තවන වැර ඇති නිවන් කෙරේ මෙහෙයූ සිත් ඇතිව වසන්නකුහට වන්නාක් සෙයිනි.
Pali BJT15. අනුච්චාවචසීලස්ස නිපකස්ස ච ඣායිනො, චිත්තං යස්ස වසීභූතං එකග්ගං සුසමාහිතං.
Sinhala BJT15. (විසිතුරු බවට නොපත්, එකතින්) වැඩුනු සිල් ඇති ප්‍රඥාවත් වූ ධ්‍යාන කරණ සුලු යමකුගේ සිත වසී වූයේ ද, එකඟ වූයේ ද, මොනොවට අරමුණෙහි පිහිටියේ ද,
Pali BJT16. තං වෙ තමොනුදං වීරං තෙවිජ්ජං මච්චුහායිනං, හිතං දෙවමනුස්සානං ආහු සබ්බප්පහායිනං.
Sinhala BJT16. ඒකාන්තයෙන් මොහඳුර දුරු කළ කෙලෙස් තවන වැර ඇති මරණය දුර ලූ දෙවිමිනිසුනට හිත වූ සියලු කෙලෙස් ප්‍රහත කළ ඔහු ත්‍රිවිද්‍යා ඇත්තෙකැ යි (බුද්ධාදි ආර්‍ය්‍යයෝ) කියත්.
Pali BJT17. තීහි විජ්ජාහි සම්පන්නං අසම්මූළ්හවිහාරිනං, බුද්ධං අන්තිමසාරීරං තං නමස්සන්ති ගොතමං.
Sinhala BJT17. ත්‍රිවිද්‍යායෙන් සම්පූර්‍ණ වූ නොමුළා වූ විහරණ ඇති අන්තිම සිරුර දරණ ඒ ගෞතම බුදුරදුන් (දෙවිමිනිස්සු) නමදිති.
Pali BJT18. පුබ්බෙනිවාසං යො වෙති{1} සග්ගාපායඤ්ච පස්සති, අථො ජාතික්ඛයං පත්තො අභිඤ්ඤා වොසිතො මුනි.
Sinhala BJT18. යමෙක් පෙර විසූ කඳපරපුර දන්නේ වේ ද, ස්වර්‍ගය හා අපාය දක්නේ වේ ද, වැලිත් විශිෂ්ටඥානයෙන් දැන වැස නිමවූයේ සිවුමගනුවණින් මුනි වූයේ ජාතික්‍ෂයට පැමිණියේ ද,
Pali BJT19. එතාහි තීහි විජ්ජාහි තෙවිජ්ජො හොති බ්රාහ්මණො, තමහං වදාමි තෙවිජ්ජං නාඤ්ඤං ලපිතලාපනන්ති.
Sinhala BJT19. ඒ බමුණු තෙල ත්‍රිවිද්‍යායෙන් ත්‍රෛවිද්‍යා වේ. මම ඔහු ත්‍රිවිද්‍යා ඇත්තෙකැ යි කියමි. අනුන් කියු බස් මතු වන අනෙකකු ත්‍රෛවිද්‍යා යී නො කියමි.
Pali BJTඑවං ඛො බ්රාහ්මණ අරියස්ස විනයෙ තෙවිජ්ජො හොතීති.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙසේ වනාහි ආර්‍ය්‍යවිනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තේ වෙයි.
Pali BJTඅඤ්ඤථා භො ගොතම, බ්රාහ්මණානං තෙවිජ්ජො, අඤ්ඤථා ච පන අරියස්ස විනයෙ තෙවිජ්ජො හොති. ඉමස්ස ච පන භො ගොතම අරියස්ස විනයෙ තෙවිජ්ජස්ස බ්රාහ්මණානං තෙවිජ්ජො කලං නාග්ඝති සොළසිං.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, අන්‍යාකාරයෙකින් බ්‍රාහ්මණයන්ගේ ත්‍රෛවිද්‍යා වෙයි. ආර්‍ය්‍යවිනයෙහි වනාහි අන්පරිද්දෙකින් ත්‍රෛවිද්‍යා වෙයි. භවත් ගෞතමයන් වහන්ස, ආර්‍ය්‍යවිනයෙහි මේ ත්‍රෛවිද්‍යා බ්‍රාහ්මණයා හට බ්‍රාහ්මණයන්ගේ ත්‍රෛවිද්‍යා තෙමේ සොළොස්වන කලාවට ද නො අගනේ වෙයි.
Pali BJTඅභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ඉකලි. භවත් ගෞතමයන් වහන්ස, ඉකලි ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට මා දිවියෙන් ගත් සරණගිය උවසුවකු කොට දරණ සේක්වා යී.
Pali BJT3. 2. 1. 9.
Sinhala BJT3. 2. 1. 9.
Pali BJT9. අථ ඛො ජාණුස්සොණි බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං -පෙ- එකමන්තං නිසින්නො ඛො ජාණුස්සොණී බ්රාහ්මණො භගවන්තං එතදවොච: යස්සස්සු භො ගොතම යඤ්ඤො වා සද්ධං වා ථාලිපාකො වා දෙය්යධම්මං වා තෙවිජ්ජෙසු බ්රාහ්මණෙසු දානං දදෙය්යාති.
Sinhala BJT9. එකල්හි ජාණුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළෙඹ භාග්‍යවතුන් වහන්සේ සමග ... එකත් පසෙක හුන් ජාණුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය. භවත් ගෞතමයන් වහන්ස, යමකුගේ වනාහි යඥයෙක් හෝ මතකබතෙක් හෝ මුළු බතෙක් හෝ (සෙසු) දේයධර්‍මයෙක් හෝ වේ නම් ත්‍රෛවිද්‍යා බ්‍රාහ්මණයන් කෙරෙහි දන් දෙන්නේ ය. (කියායි)
Pali BJTයථාකථං පන බ්රාහ්මණ බ්රාහ්මණා තෙවිජ්ජං පඤ්ඤාපෙන්තීති? ඉධ පන භො ගොතම{1}, බ්රාහ්මණො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහායුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන, අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයොති. එවං ඛො භො ගොතම බ්රාහ්මණං තෙවිජ්ජං පඤ්ඤාපෙන්තීති.
Sinhala BJTබමුණ, කී හෙයින් බ්‍රාහ්මණයෝ ත්‍රෛවිද්‍යා බ්‍රාහ්මණයා පණවත් දැයි? භවත් ගෞතමයන් වහන්ස, මේ ලොව්හි බ්‍රාහ්මණ මවුපිය දෙපසින් සුජාතයෙක් වේ ද, සත්වන මහමුතුයුග තෙක් පිරිසිදු මවුගැබ් ඇත්තේ ජාතිවාදයෙන් බැහැර නොකරණ ලද්දේ වේ ද, උපක්කෝසා නොකරණ ලද්දේ වේ ද, වේද හදාරන්නේ වේදමන්ත්‍ර දරන්නේ නිඝණ්ටු කෙටුහ (ඡන්‍දොලඞ්කාර) ශාස්ත්‍ර සහිත වූ අක්‍ෂර ප්‍රභේද සහිත වූ ඉතිහාසය පස්වනු කොට ඇති ත්‍රිවේදයෙහි පරතෙර ගියේ වේ ද, පද හදාරන්නේ ව්‍යාකරණ දන්නේ වේ ද, ලෝකායත (විතණ්ඩ) ශාස්ත්‍රයෙහිදු මහා පුරුෂලක්‍ෂණයෙහි (අනූනව) පිරිපුන් දැනුම් ඇත්තේ වේ ද, භවත් ගෞතමයන් වහන්ස, මෙසේ වනාහි බමුණෝ ත්‍රෛවිද්‍යා බ්‍රාහ්මණයා පණවත්.
Pali BJTඅඤ්ඤථා ඛො බ්රාහ්මණ බ්රාහ්මණා බ්රාහ්මණං තෙවිජ්ජං පඤ්ඤාපෙන්ති, අඤ්ඤථා ච පන අරියස්ස විනයෙ තෙවිජ්ජො හොතීති. යථාකථං පන භො ගොතම අරියස්ස විනයෙ තෙවිජ්ජො හොති? සාධු මෙ භවං ගොතමො තථා ධම්මං දෙසෙතු යථා අරියස්ස විනයෙ තෙවිජ්ජො හොතීති. තෙන හි බ්රාහ්මණ සුණාහි -පෙ- භගවා එතදවොච :
Sinhala BJTබ්‍රාහ්මණය, බමුණෝ ත්‍රෛවිද්‍යා බ්‍රාහ්මණයා අන් පරිද්දෙකින් පණවති. ආර්‍ය්‍යවිනයෙහි වනාහි ත්‍රෛවිද්‍යයා අන් පරිද්දෙකින් වෙයි. භවත් ගෞතමයන් වහන්ස, ආර්‍ය්‍යවිනයෙහි ත්‍රෛවිද්‍යයා කෙසේ නම් වේ ද? යම් පරිද්දෙකින් ආර්‍ය්‍යවිනයෙහි ත්‍රෛවිද්‍යා වේ නම්, එසේ භවත් ගෞතමයන් වහන්සේ මට දහම් දෙසනසේක් නම් මැනැවැ යි. එසේ වී නම් බමුණ, අසව, ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
Pali BJTඉධ බ්රාහ්මණ භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම ... සිවුවන දැහැන උපයා වෙසෙයි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ{2} පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. අයමස්ස පඨමා විජ්ජා අධිගතා හොති, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
Sinhala BJTහේ මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වූ කල්හි අඞ්ගණ රහිත වූ කල්හි උපක්ලේශයන් පහව ගිය කල්හි මෘදු වූ කල්හි කර්‍මයෝග්‍ය වූ කල්හි ස්ථිත කල්හි නොසැලෙන බවට පත් වූ කල්හි පෙර විසූ කඳපරපුර දන්නා නුවණ පිණිස සිත වෙසෙසින් නමයි. හේ නන්වැදෑරුම් වූ පෙර විසූ කඳපරපුර සිහි කෙරෙයි. කෙසේය යත්: එක් ජාතියකුදු, ජාති දෙකකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ නන්වැදෑරුම් වූ පෙර විසූ කඳපරපුර සිහි කෙරෙයි. ඔහු විසින් මේ ප්‍රථම විද්‍යාව ලබන ලදු. අවිද්‍යාව නසන ලදු. විද්‍යාව උපන. මොහඳුර නසන ලදි. ආලෝකය උපන. නො පමා වූ කෙලෙස් තවන වැර ඇති නිවන් කෙරෙහි මෙහෙයූ සිත් ඇතිව වසන්නක්හට වන්නාක් සෙයිනි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති. අයමස්ස දුතියා විජ්ජා අධිගතා හොති, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
Sinhala BJTහේ මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වූ කල්හි අඞ්ගණ රහිත වූ කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මහිත වූ කල්හි ස්ථිත කල්හි නො සැලෙන බවට පත් වූ කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුති උප්පත්ති ඥානය පිණිස සිත වෙසෙසින් නමයි. හේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ... කම් වූ පරිදි යන සත්ත්‍වයන් දන්නේය. ඔහු විසින් මේ දෙවෙනි විද්‍යාව ලබන ලදු. අවිද්‍යාව නසන ලදු. විද්‍යාව උපන. මොහඳුර නැසුනේය. ආලොකය උපන්නේ ය. නො පමා වූ කෙලෙස් තවන වැර ඇති නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වසන්නහුට වන්නාක් සෙයිනි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති -පෙ- අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති; විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. අයමස්ස තතියා විජ්ජා අධිගතා හොති, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතොති.
Sinhala BJTහේ මෙසේ සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වූ කල්හි අඞ්ගණ රහිත වූ කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මකුශල වූ කල්හි සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස වෙසෙසින් සිත එළවයි. හේ ‘මේ දුකැ’යි තත් වූ පරිදි දන්නේය ... ‘මේ දුඃඛනිරෝධගාමි ප්‍රතිපත්’ යි තත් වූ පරිදි දන්නේය. ‘මේ ආස්‍රවයෝ’ යි තත් වූ පරිදි දන්නේය. ... ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්’ යි තත් වූ පරිදි දන්නේය. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. (සිත) මිදුනු කල්හි මිදුනේය යන ඥානය වේ. ජාතිය ක්‍ෂීණ විය. බඹසර වැස නිමවන ලදී. කරණී කරණ ලදි, ‘මේ කඳසතනින් අනෙක් කඳසතන් නැතැ’ යි දන්නේය. මේ තෙවන විද්‍යාව ඔහු විසින් ලබන ලදු. විද්‍යාව උපන. මොහඳුර නැසුනේය. ආලෝකය උපන්නේය. නො පමා වූ කෙලෙස් තවන වැර ඇති නිවනට මෙහෙයූ සිත් ඇතිව වසන්නහුට වන්නාක් සෙයිනි.
Pali BJT20. යො සීලබ්බතසම්පන්නො පහිතත්තො සමාහිතො, චිත්තං යස්ස වසීභූතං එකග්ගං සුසමාහිතං.
Sinhala BJT20. යමෙක් ශීලව්‍රතයෙන් සමන්‍විත වූයේ ද, නිවන් පිණිස මෙහෙයූ සිත් ඇත්තේ වේ ද, සමාධිගත සිත් ඇත්තේ වේ ද, යමකුගේ සිත විසිය වැටේ ද, එකඟ වූයේ ද, මොනොවට අරමුණෙහි පිහිටියේ වේ ද -
Pali BJT21. පුබ්බෙනිවාසං යො වෙති{1} සග්ගාපායඤ්ච පස්සති, අථො ජාතික්ඛයං පත්තො අභිඤ්ඤා වොසිතො මුනි.
Sinhala BJT21. යමෙක් පූර්වේනිවාසය දන්නේ වේ ද, ස්වර්‍ගයත් අපායත් දක්නේ වේ ද, වැලිත් ජාතික්‍ෂයට පැමිණියේ විශිෂ්ටඥානයෙන් දැන වැස නිමවූයේ ක්‍ෂීණාස්‍රව මුනි වේ ද -
Pali BJT22. එතාහි තීහි විජ්ජාහි තෙවිජ්ජො හොති බ්රාහ්මණො තමහං වදාමි තෙවිජ්ජං නාඤ්ඤං ලපිතලාපනන්ති.
Sinhala BJT22. තෙල ත්‍රිවිද්‍යායෙන් එ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ ත්‍රෛවිද්‍යා වෙයි. මම ඔහු ත්‍රෛවිද්‍යයා යි කියමි. අනුන් කියු බස් මතු වන අනෙකකු (ත්‍රෛවිද්‍යායා යි) නො කියමි යි.
Pali BJTඑවං ඛො බ්රාහ්මණ අරියස්ස විනයෙ තෙවිජ්ජො හොතීති.
Sinhala BJTබමුණ, මෙසේ වනාහි ආර්‍ය්‍යවිනයෙහි ත්‍රෛවිද්‍යයා වෙයි.
Pali BJTඅඤ්ඤථා භො ගොතම බ්රාහ්මණානං තෙවිජ්ජො. අඤ්ඤථා ච පන අරියස්ස විනයෙ තෙවිජ්ජො හොති. ඉමස්ස ච භො ගොතම අරියස්ස විනයෙ තෙවිජ්ජස්ස බ්රාහ්මණානං තෙවිජ්ජො කලං නාග්ඝති සොළසිං.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, බමුණන්ගේ ත්‍රෛවිද්‍යයා අන් පරිද්දෙකින් වේ. ආර්‍ය්‍යවිනයෙහි වනාහි ත්‍රෛවිද්‍යයා අන්පරිද්දෙකින් වේ. භවත් ගෞතමයන් වහන්ස, මේ ආර්‍ය්‍යවිනයෙහි ත්‍රෛවිද්‍යයාහට බ්‍රාහ්මණයන්ගේ ත්‍රෛවිද්‍යයා සොළොස්වන කලාවටත් නො අගනේ ය.
Pali BJTඅභික්කන්තං භො ගොතම අභික්කන්තං භො ගොතම, -පෙ- අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ඉකල්ය. භවත් ගෞතමයන් වහන්ස, ඉකල්ය ... අද පටන් කොට දිවියෙන් ගත් සරණ ගිය උවසුවකු කොට මා දරණ සේක්වා යි.
Pali BJT3. 2. 1. 10.
Sinhala BJT3. 2. 1. 10.
Pali BJT10. අථ ඛො සඞ්ගාරවො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සඞ්ගාරවො බ්රාහ්මණො භගවන්තං එතදවොච : මයමස්සු භො ගොතම බ්රාහ්මණා නාම. යඤ්ඤං යජාමපි, යජාපෙමපි. තත්ර භො ගොතම යො චෙව යජති, යො ච යජාපෙති, සබ්බෙ තෙ අනෙකසාරීරිකං පුඤ්ඤපටිපදං{2} පටිපන්නා හොන්ති යදිදං යඤ්ඤාධිකරණං. යො පනායං භො ගොතම යස්ස වා තස්ස වා කුලා අගාරස්මා අනගාරියං පබ්බජිතො එකමත්තානං දමෙති, එකමත්තානං සමෙති, එකමත්තානං පරිනිබ්බාපෙති, එවමස්සායං එකසාරීරිකං පුඤ්ඤපටිපදං පටිපන්නො හොති, යදිදං පබ්බජ්ජාධිකරණන්ති.
Sinhala BJT10. එකල්හි සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එකත්පසෙක හුන් සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණ වූ අපි වනාහි යාග කරන්නමෝ ද යාග කරවන්නමෝ ද වම්හ. භවත් ගෞතමයන් වහන්ස, ඒ අප අතුරෙන් යමෙක් යාග කෙරේ ද, යමෙකුත් යාග කරවා ද, එහැම යම් මේ යාගය කරුණු කොට ගෙණ නොයෙක් සිරුරු වහලින් උපන් පුණ්‍යප්‍රතිපත්තියකට පිළිපන්නාහු වෙති. භවත් ගෞතමයන් වහන්ස, යම් මේ පුරුෂයෙක් යම් ම කුලගෙයෙකින් ගිහිගෙන් නික්ම පැවිද්දට ගියේ වේ ද හේ (තමාගේ ඉන්‍ද්‍රියදමන වශයෙන්) ඒකාත්මයක් ම දමනය කරන්නේ ය. ඒකාත්මයක් ම ශමනය කරන්නේ ය. ඒකාත්මයක් ම පිරිනිවන්නේ ය. මෙසේ මෙ තෙමේ මේ පැවිද්ද හේතු කොට ගෙණ ඒකශාරීරික වූ පුණ්‍යප්‍රතිපත්තියට පිළිපන්නේ වෙයි.
Pali BJTතෙන හි බ්රාහ්මණ, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය, තථා නං ව්යාකරෙය්යාසි. තං කිං මඤ්ඤසි බ්රාහ්මණ ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො එවමාහ: එථායං මග්ගො, අයං පටිපදා, යථා පටිපන්නො අහං අනුත්තරං බ්රහ්මචරියොගධං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙමි, එථ තුම්හෙපි තථා පටිපජ්ජථ, යථා පටිපන්නා තුම්හෙපි අනුත්තරං බ්රහ්මචරියොගධං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථාති. ඉති අයං චෙව සත්ථා ධම්මං දෙසෙති, පරෙ ච තථත්තාය පටිපජ්ජන්ති, තානි ඛො පන හොන්ති අනෙකානිපි සතානි අනෙකානිපි සහස්සානි අනෙකානිපි සතසහස්සානි.
Sinhala BJTබ්‍රාහ්මණය, එසේ වී නම් මෙහි ලා තා ම පුලුවුස්නෙමි. යම්සේ තට රුස්නේ නම් එසේ එය ප්‍රකාශ කරව. බමුණ, මෙලොව්හි අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ අෂ්ටවිද්‍යා පසළොස් චරණධර්‍මයෙන් යුක්ත වූ සුගත වූ තුන්ලෝ දන්නා වූ අනුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙවිමිනිසුනට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ලොව උපදනා සේක. උන්වහන්සේ මෙසේ වදාරත්: “එව, මේ මගය, මේ පිළිවෙතය, යම්සේ මම අනුත්තර බ්‍රහ්මචර්‍ය්‍යයට ඇතුළත් වූ නිර්‍වාණය තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට පවසම් ද, එව, තෙපිදු එසේ පිළිපදුව, යථාප්‍රතිපන්න තෙපි අනුත්තර වූ අර්‍හන්මාර්‍ග සඞ්ඛ්‍යාත බ්‍රහ්මචර්‍ය්‍යයට ඇතුළත් නිර්‍වාණය තුමූ ම විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට උපයාගෙන වසන්නහුය.” මෙසේ මේ ශාස්තෘ තෙමේ ද දහම් දෙසයි. අන්හු ද ඒ පිණිස පිළිපදිත්. ඔහු ද අනේකශතයෝත් අනේක සහස්‍රයෝත් අනේකශතසහස්‍රයෝත් වෙත්.
Pali BJTතං කිං මඤ්ඤසි බ්රාහ්මණ, ඉච්චායං එවං සන්තෙ එකසාරීරිකා වා පුඤ්ඤපටිපදා හොති අනෙකසාරීරිකා වා, යදිදං පබ්බජ්ජාධිකරණන්ති? ඉච්චායම්පි{1} භො ගොතම, එවං සන්තෙ අනෙකසාරීරිකා පුඤ්ඤපටිපදා හොති, යදිදං පබ්බජ්ජාධිකරණන්ති.
Sinhala BJTබමුණ, ඒ කිමැයි හඟනෙහි ද? මෙසේ ඇති කල්හි මේ පැවිද්ද හේතු කොට ගෙණ තෙල පුණ්‍යප්‍රතිපත්ති තොමෝ ඒකශාරීරික හෝ වේ ද, අනේක ශාරීරික හෝ වේ ද? භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හි මේ පැවිද්ද හේතු කොට ගෙණ ඇති වු තෙල පුණ්‍යප්‍රතිපත්තිය ද අනේකශාරීරික ම වේ.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා ආනන්දො සඞ්ගාරවං බ්රාහ්මණං එතදවොච: ඉමාසං තෙ බ්රාහ්මණ ද්වින්නං පටිපදානං කතමා පටිපදා ඛමති, අප්පට්ඨතරා ච අප්පසමාරම්භතරා ච මහප්ඵලතරා ච මහානිසංසතරා චාති? එවං වුත්තෙ සඞ්ගාරවො බ්රාහ්මණො ආයස්මන්තං ආනන්දං එතදවොච: සෙය්යථාපි භවං ගොතමො භවං චානන්දො. එතෙ මෙ පුජ්ජා, එතෙ මෙ පාසංසාති.
Sinhala BJTමෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ සඞ්ගාරව බ්‍රාහ්මණයාට තෙල කීය: බ්‍රාහ්මණය, මේ ප්‍රතිපද් දෙක අතුරෙන් කවර ප්‍රතිපත්තියෙක් (බොහෝ මෙහෙ කරන්නවුන් විසින් හෝ උපකරණයෙන් ප්‍රයෝජන නැති බැවින්) අල්පාර්‍ත්‍ථතර යි ද, (අධික පීඩා නැතිවන බැවින්) අල්පසමාරම්භතර යී ද, මහත්ඵලතර යී ද, මහානෘශංසතර යී ද තට රුස්නේ ද? මෙසේ කී කල්හි සඞ්ගාරව බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට තෙල කීය: යම්බඳු වූ භවත් ගෞතමයන් වහන්සේ හා භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හා ඇත් ද, මොහු (දෙදෙන) මා විසින් පිදිය යුතු වෙති. මොහු මා විසින් පැසසිය යුතු වෙති.
Pali BJTදුතියම්පි ඛො ආයස්මා ආනන්දො සඞ්ගාරවං බ්රාහ්මණං එතදවොච: න ඛො ත්යාහං බ්රාහ්මණ එවං පුච්ඡාමි : කෙ වා තෙ පුජ්ජා කෙ වා තෙ පාසංසාති. එවඤ්ච{2} ඛො ත්යාහං බ්රාහ්මණ පුච්ඡාමි: ඉමාසං තෙ බ්රාහ්මණ ද්වින්නං පටිපදානං කතමා පටිපදා ඛමති, අප්පට්ඨතරා{3} ච අප්පසමාරම්භතරා ච මහප්ඵලතරා ච මහානිසංසතරා චාති. දුතියම්පි ඛො සඞ්ගාරවො බ්රාහ්මණො ආයස්මන්තං ආනන්දං එතදවොච: සෙය්යථාපි භවං ගොතමො භවං චානන්දො. එතෙ මෙ පුජ්ජා එතෙ මෙ පාසංසාති.
Sinhala BJTදෙවනවටත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සඞ්ගාරව බ්‍රහ්මණයාහට තෙල කීහ: බ්‍රාහ්මණය, තා විසින් කවරහු පිදිය යුත්තාහු ද තා විසින් කවරහු පැසසිය යුත්තාහුදැ යි මෙසේ මම තා නො විචාරමි. බ්‍රාහ්මණය, මෙසේ වනාහි මම තා පුළුවුස්මි. බ්‍රාහ්මණය, මේ ප්‍රතිපත් දෙක අතුරෙන් කවර ප්‍රතිපත්තියෙක් අල්පාර්‍ත්‍ථතර යි ද, අල්පසමාරම්භතර යී ද, මහත්ඵලතර යී ද මහානෘශංසතර යී දැයි තට රුස්නේ වේ දැයි. දෙවනවටත් සඞ්ගාරව බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට තෙල කීය: යම්බඳු වූ භවත් ගෞතමයන් වහන්සේ හා භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හා ඇත් ද, මොහු මා විසින් පිදිය යුතු වෙති. මොහු මා විසින් පැසසිය යුතු වෙති.
Pali BJTතතියම්පි ඛො ආයස්මා ආනන්දො සඞ්ගාරවං බ්රාහ්මණං එතදවොච : න ඛො ත්යාහං බ්රාහ්මණ එවං පුච්ඡාමි: කෙ වා තෙ පුජ්ජා කෙ වා තෙ පාසංසාති. එවඤ්ච{2} ඛො ත්යාහං බ්රාහ්මණ පුච්ඡාමි : ඉමාසං තෙ බ්රාහ්මණ ද්වින්නං පටිපදානං කතමා පටිපදා ඛමති. අප්පට්ඨතරා{3} ච අප්පසමාරම්භතරා ච මහප්ඵලතරා ච මහානිසංසතරා චාති.
Sinhala BJTතෙවනවටත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සඞ්ගාරව බ්‍රාහ්මණහට තෙල කීහ: බ්‍රාහ්මණය, කවරහු තා විසින් පිදිය යුතු වෙත් ද? කවරහු තා විසින් පැසසිය යුතු වෙද්දැ යි මෙසේ මම තා නො විචාරමි. බ්‍රාහ්මණය, මෙසේ වනාහි මම තා විචාරමි: බ්‍රාහ්මණය, මේ ප්‍රතිපත් දෙක අතුරෙන් කවර නම් ප්‍රතිපත්තියෙක් අල්පාර්‍ත්‍ථතර යි ද, අල්පසමාරම්භතර යී, මහත්ඵලතර යී ද, මහානෘශංසතර යී දැයි තට රුස්නේ දැයි?
Pali BJTතතියම්පි ඛො සඞ්ගාරවො බ්රාහ්මණො ආයස්මන්තං ආනන්දං එතදවොච : සෙය්යථාපි භවං ගොතමො භවං චානන්දො. එතෙ මෙ පුජ්ජා එතෙ මෙ පාසංසාති.
Sinhala BJTතෙවනවටත් සඞ්ගාරව බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට තෙල කීය: යම්බඳු වූ භවත් ගෞතමයන් වහන්සේ හා භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හා ඇත් ද, මොහු මා විසින් පිදිය යුතු වෙති. මොහු මා විසින් පැසසිය යුතු වෙත්ය යි.
Pali BJTඅථ ඛො භගවතො එතදහොසි : යාවතතියම්පි ඛො සඞ්ගාරවො බ්රාහ්මණො ආනන්දෙන සහධම්මිකං පඤ්හං පුට්ඨො සංසාදෙති, නො විස්සජ්ජෙති. යන්නූනාහං පරිමොචෙය්යන්ති. අථ ඛො භගවා සඞ්ගාරවං බ්රාහ්මණං එතදවොච : කානුජ්ජ,{1} බ්රාහ්මණ, රාජන්තෙපුරෙ රාජපරිසායං{2} සන්නිසින්නානං සන්නිපතිතානං අන්තරා කථා උදපාදීති? අයං ඛ්වජ්ජ භො ගොතම, රාජන්තෙපුරෙ රාජපරිසායං සන්නිසින්නානං සන්නිපතිතානං අන්තරා කථා උදපාදි : පුබ්බෙ සුදං අප්පතරා චෙව භික්ඛූ අහෙසුං, බහුතරා ච උත්තරි මනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං දස්සෙසුං. එතරහි ඛො බහුතරා චෙව භික්ඛූ අප්පතරා ච උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං දස්සෙන්තීති. අයං ඛ්වජ්ජ භො ගොතම, රාජන්තෙපුරෙ රාජපරිසායං සන්නිසින්නානං සන්නිපතිතානං අන්තරා කථා උදපාදීති.
Sinhala BJTඑසඳ භාග්‍යවතුන් වහන්සේට මෙ බඳු සිතෙක් වී: “සඞ්ගාරව බ්‍රාහ්මණ තෙවෙනිවරටත් ආනන්‍දයන් විසින් සකාරණ කොට පැණ පුළුවුස්නා ලද්දේ කථාව හිඳුවයි, නොවිසඳයි. මම මොවුන් දෙදෙන (වෙහෙසින්) මුදන්නෙම් නම් මනා මැ නු! යි. එසඳ භාග්‍යවතුන් වහන්සේ සඞ්ගාරව බ්‍රහ්මණයාහට තෙල වදාළ සේක: බ්‍රාහ්මණය, අද රාජාන්තඃපුරයෙහි රජ පිරිස්හි රැස්ව හුන්නවුන් අතර කවර නම් අතුරු කථායෙක් පහළවී දැ? යි. භවත් ගෞතමයන් වහන්ස, අද රාජාන්තඃපුරයෙහි රජපිරිස්හි රැස්ව හුන්නවුන් අතර මේ අතුරු කථාව උපන: පෙර භික්‍ෂූහු අල්පතර වූහ. බහුතර භික්‍ෂූහු උතුරු මිනිස්දමින් ඉදුපෙළහර දැක්වූහ. මෙකල වනාහි භික්‍ෂූහු ද බහුතර වෙති. අල්පතර භික්‍ෂූ කෙනෙක් උතුරු මිනිස්දමින් ඉදුහුපෙළහර දක්වතියි, භවත් ගෞතමයන් වහන්ස, අද රාජාන්තඃපුරයෙහි රජපිරිස්හි රැස්ව හුන්නවුන් අතර මේ අතුරු කථාව උපන.
Pali BJTතීණි ඛො ඉමානි බ්රාහ්මණ පාටිහාරියානි. කතමානි තීණි: ඉද්ධිපාටිහාරියං, ආදෙසනාපාටිහාරියං, අනුසාසනීපාටිහාරියං. කතමඤ්ච බ්රාහ්මණ ඉද්ධිපාටිහාරියං: ඉධ බ්රාහ්මණ එකච්චො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති : එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති, ආවීභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානොව{3} ගච්ඡති, සෙය්යථාපි ආකාසෙ. පඨවියාපි{4} උම්මුජ්ජනිමුජ්ජං කරොති සෙය්යථාපි උදකෙ, උදකෙපි අභිජ්ජමානෙ{5} ගච්ඡති, සෙය්යථාපි පඨවියං, ආකාසෙපි පල්ලඞ්කෙන කමති සෙය්යථාපි පක්ඛී සකුණො. ඉමෙපි චන්දිමසුරියෙ එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරිමසති, පරිමජ්ජති, යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති. ඉදං වුච්චති බ්රාහ්මණ ඉද්ධිපාටිහාරියං.
Sinhala BJTබමුණ, මේ පෙළහර තුණෙකි. කවර තුණෙක යත්: ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය, ආදේශනාප්‍රාතිහාර්‍ය්‍යය, අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍යය යි. බමුණ ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය කවරැ: බ්‍රාහ්මණය, මෙලොව්හි කිසිවෙක් නන්වැදෑරුම් ඍද්ධිප්‍රභේද වළඳ කෙරෙයි. (තෙමේ) එකලාවූයේ ම බහු ප්‍රකාර වෙයි. බහුප්‍රකාර ද වී එකෙක් වෙයි. විටෙක පැනෙන බවට ද විටෙක නො පැනෙන බවට ද පැමිණෙයි. බිත්තියෙන් ඈතට ද, පවුරෙන් ඈතට ද, පව්වෙන් ඈතට ද අහසෙහි මෙන් නො ගැටී යෙයි. පොළොවෙහි ද දියෙහි මෙන් කිමිදීම් ඉල්පීම් කෙරෙයි. අභිද්‍යාමාන උදකයෙහි දු පොළොවෙහි මෙන් යෙයි. අහස්හිදු පියාහඹන ලිහිණියකු සෙයින් පලඟින් ඉරියවු කෙරෙයි. මේ සා මහත් ඍද්ධ්‍යානුභාව ඇති මේ සඳහිරු දෙදෙනා ද අත්ලෙන් පරාමර්‍ශ කෙරෙයි, පිරිමදියි. බඹලොව තෙක්දු කයින් විසිය පවත්වයි. බමුණ, මේ ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච බ්රාහ්මණ, ආදෙසනාපාටිහාරියං: ඉධ බ්රාහ්මණ එකච්චො නිමිත්තෙන ආදිසති : එවම්පි තෙ මනො, ඉත්ථම්පි තෙ මනො, ඉතිපි තෙ චිත්තන්ති. සො බහුං චෙපි ආදිසති, තථෙව තං හොති, නො අඤ්ඤථා.
Sinhala BJTබමුණ, ආදේශනා ප්‍රාතිහාර්‍ය්‍යය කවරැ: බමුණ, මෙලොව්හි කිසිවෙක් තාගේ සිත මෙසේත් වෙයි. තාගේ සිත මෙබඳුත් වෙයි. තාගේ සිත මේ අයුරුද වෙයි. නිමිත්තෙන් දක්වයි. හෙ තෙමේ බොහෝ කොට ද දක්වයි. එය එසේ ම වෙයි. අන්පරිදි නො වෙයි.
Pali BJTඉධ පන බ්රාහ්මණ, එකච්චො නහෙව ඛො නිමිත්තෙන ආදිසති, අපි ච ඛො මනුස්සානං වා අමනුස්සානං වා දෙවතානං වා සද්දං සුත්වා ආදිසති: එවම්පි තෙ මනො, ඉත්ථම්පි තෙ මනො, ඉතිපි තෙ චිත්තන්ති. සො බහුඤ්චෙපි ආදිසති, තථෙව තං හොති, නො අඤ්ඤථා.
Sinhala BJTබමුණ, මෙලොව්හි කිසිවෙක් නිමිත්තෙන් නො කියන්නේ ම වෙයි. වැලිදු වනාහි මනුෂ්‍යයන්ගේ වේවයි, අමනුෂ්‍යයන්ගේ වේවයි, දේවතාවන්ගේ වේවයි, ශබ්දය අසා තාගේ සිත මෙසේත් වෙයි, තාගේ සිත මෙබඳුත් වෙයි, තාගේ සිත මේ අයුරුදු වේයයි කියයි. හේ බොහෝ කොටත් කියන්නේ නම් එය එසේ වෙයි. අන්පරිදි නො වේ.