Pali BJTපුන චපරං ත්වං මහානාම සඞ්ඝං අනුස්සරෙය්යාසි, ‘සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා. එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුණෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති.
Sinhala BJTතව ද මහානාමයෙනි, තෙපි භාග්‍යවත්හුගේ (අෂ්ටාර්‍ය්‍ය පුද්ගලසඞ්ඛ්‍යාත) ශ්‍රාවක සඞ්ඝ තෙම සුප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙම ඍජු ප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙම න්‍යාය ප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙම සාමීචිප්‍රතිපන්න ය, යම් බඳු සතර පුරුෂ යුග කෙනෙක් අෂ්ටපුරුෂපුද්ගල කෙනෙක් වෙත් නම් භාග්‍යවත්හුගේ තෙල ශ්‍රාවකසඞ්ඝයා ආහුනාර්‍හ වෙයි, ප්‍රාඝුණාර්‍හ වෙයි, දක්‍ෂිණාර්‍හ වෙයි, අඤ්ජලිකරණාර්‍හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ” යයි සඞ්ඝයා සිහි කරවු.
Pali BJTයස්මිං මහානාම සමයෙ අරියසාවකො සඞ්ඝං අනුස්සරති නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොස -පෙ- න මොහපරියුට්ඨිතං චිත්තං හොති. උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති. සඞ්ඝං ආරබ්භ උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සම්පන්නො විහරති සබ්යාපජ්ඣාය පජාය අබ්යාපජ්ඣො විහරති. ධම්මසොතසමාපන්නො සඞ්ඝානුස්සතිං භාවෙති.
Sinhala BJTමහානාමයෙනි, යම් කලෙක්හි අරීසවු සඞ්ඝයා සිහි කෙරේ නම්, ඔහට එකල්හි රාගයෙන් මඩනා ලද සිත නො වෙයි. ද්වේෂයෙන් මඩනා ලද සිත නො වෙයි. මෝහයෙන් මඩනා ලද සිත නො වෙයි. එ සමයෙහි ඔහුගේ සිත සඞ්ඝයා ඇරැබැ ඍජු ව ගියේ ම වෙයි. මහානාමයෙනි, ඍජු ව ගිය සිතැති අරීසවු අර්‍ත්‍ථවේද ලබයි, ධර්‍මවේද ලබයි, ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබයි, ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිතැත්තහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳිනේ ය. සුව ඇතියහුගේ සිත සමාධිගත වෙයි. මහානාමයෙනි, මෙ ආර්‍ය්‍යශ්‍රාවක විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්ත වූයේ වාසය කෙරේ යයි ද දුක් සහිත ප්‍රජායෙහි නිදුක්ව වාසය කෙරේ යයි ද ධර්‍මස්‍රෝතයට පැමිණියේ සඞ්ඝානුස්මෘතිය වඩනේ යයි ද කියනු ලැබේ.
Pali BJTපුන චපරං ත්වං මහානාම අත්තනො සීලානි අනුස්සරෙය්යාසි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි. යස්මිං මහානාම සමයෙ අරියසාවකො සීලං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති. උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති සීලං ආරබ්භ. උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්ථවෙදං ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදිවයති, සුඛිනො චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සම්පත්තො විහරති, සබ්යාපජ්ඣාය පජාය අබ්යාපජ්ඣො විහරති, ධම්මසොතසමාපන්නො සීලානුස්සතිං භාවෙති.
Sinhala BJTතවද මහානාමයෙනි, තෙපි නො කඩ වූ සිකපද ඇති, (මැද නො බුන් සිකපද ඇති හෙයින්) නොසිදුරු ඇති, (අනුපිළිවෙළින් නො බුන් සිකපද ඇති හෙයින්) අශබල වූ (තන්හි තන්හි බුන් සිකපද නැති හෙයින්) අකල්මාෂ වූ (තෘෂ්ණාදාසව්‍යයෙන් මුදන හෙයින්) භුජිස්‍ය වූ (බුද්ධාදි) විඥයන් විසින් පසස්නා ලද (තෘෂ්ණාදෘෂ්ටි ආදියෙන්) අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා තමාගේ සිල් සිහි කරව. මහානාමයෙනි, යම් කලෙක් හි අරීසවු සිල් සිහි කෙරේ ද, එකල්හි ඔහට රාගයෙන් මඩනා ලද සිත් නොවේ, ද්වේෂයෙන් මඩනා ලද සිත් නොවේ, මෝහයෙන් මඩනා ලද සිත් නොවේ. එසමයෙහි ඔහුගේ සිත ශීලය ඇරැබ ඍජු ව ගියේ ම වෙයි. මහානාමයෙනි, ඍජු ව ගිය සිතැති අරීසවු තෙම අර්‍ත්‍ථවේදය ලබයි, ධර්‍මවේදය ලබයි, ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදියි, ප්‍රීතියෙන් යුත් සිතැත්තහුගේ කය සන්හිඳෙයි, සන්හුන් කය ඇතියේ සුඛ විඳුනේය, සුව ඇතියහුගේ සිත එකඟ වෙයි. මහානාමයෙනි, මේ අරීසවු විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්ත වූයේ වාසය කරන්නේ යයි ද ධර්‍මස්‍රෝතයට පැමිණියේ ශීලානුස්මෘතිය වඩනේ යයි ද කියනු ලැබේ.
Pali BJTපුන චපරං ත්වං මහානාම අත්තනො චාගං අනුස්සරෙය්යාසි, ‘ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යොහං මච්ඡෙරමලපරියුට්ඨිතාය පජාය විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසාමි මුත්තචාගො පයතපාණී වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො’ති.
Sinhala BJTතවද මහානාමයෙනි, තෙපි “මම මසුරු මලින් මඩනාලද ප්‍රජායෙහි විගතමලමාත්සර්‍ය්‍ය ඇති සිතින් මුක්තත්‍යාග ඇතියෙම් දෙවූ අත් ඇතියෙම් දීමෙහි ඇලුණෙම් යාචනාවට නිසියෙම් දානවිභංගයෙහි ඇලුණෙම් වෙමි ද (එය) එකැතින් මට ලාභයෙකි. එකැතින් මට මනා ලාභයෙකි”යි. තමාගේ ත්‍යාගය සිහි කරව.
Pali BJTයස්මිං මහානාම සමයෙ අරියසාවකො චාගං අනුස්සරති නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති. උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොතී චාගං ආරබ්භ. උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්ථවෙදං ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සම්පත්තො විහරති, සබ්යාපජ්ඣාය පජාය අබ්යාපජ්ඣො විහරති, ධම්මසොතසමාපන්නො චාගානුස්සතිං භාවෙති.
Sinhala BJTමහානාමයෙනි, යම් කලෙක්හි අරීසවු ත්‍යාගය සිහි කෙරේ ද, එසමයෙහි ඔහට රාගයෙන් මැඩුණු සිත් නො වේ. ද්වේෂයෙන් මැඩුණු සිත් නො වේ. මෝහයෙන් මැඩුණු සිත් නො වේ. එසමයෙහි ඔහුගේ සිත ත්‍යාගය ඇරබ ඍජුගත වෙයි. මහානාමයෙනි, ඍජුගත සිත් ඇති අරීසවු තෙම අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්‍මවේදය ලබනේ ය. ධර්‍මොපනිඃශ්‍රිත ලබන්නේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය, ප්‍රීතියෙන් යුත් සිතැත්තහුගේ කය සන්හිඳෙයි, සන්හුන් කය ඇතියේ සුඛ විඳුනේ යැ. සුඛ ඇතියහුගේ සිත එකඟ වෙයි. මහානාමයෙනි, මේ අරීසවු විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්ත වූයේ වාස කෙරේ යයි ද දුක් සහිත ප්‍රජායෙහි නිදුක් ව වාස කෙරේ යයි ද ධර්‍මස්‍රෝතයට පැමිණියේ ත්‍යාගානුස්මෘති වඩනේ යයි ද කියනු ලැබේ.
Pali BJTපුන චපරං ත්වං මහානාම දෙවතා අනුස්සරෙය්යාසි, ‘සන්ති දෙවා චාතුම්මහාරාජිකා, සන්ති දෙවා තාවතිංසා, සන්ති දෙවා යාමා, සන්ති දෙවා තුසිතා, සන්ති දෙවා නිම්මාණරතිනො, සන්ති දෙවා පරනිම්මිතවසවත්තිනො, සන්ති දෙවා බ්රහ්මකායිකා, සන්ති දෙවා තතුත්තරිං යථා රූපාය සද්ධාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උපපන්නා, මය්හම්පි තථාරූපා සද්ධා සංවිජ්ජති. යථාරූපෙන සීලෙන සමන්නාගතා දෙවතා ඉතො චුතා තත්ථ උපපන්නා, මය්හම්පි තථාරූපං සීලං සංවිජ්ජති. යථාරූපෙන සුතෙන සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උපපන්නා, මය්හම්පි තථාරූපං සුතං සංවිජ්ජති. යථාරූපෙන චාගෙන සමන්නාගතා, තා දෙවතා ඉතො චුතා තත්ථ උපපන්නා, මය්හම්පි තථාරූපො චාගො සංවිජ්ජති. යථාරූපාය පඤ්ඤාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උපපන්නා, මය්හම්පි තථාරූපා පඤ්ඤා සංවිජ්ජතී”ති.
Sinhala BJTතවද මහානාමයෙනි, තෙපි “චාතුර්මහාරාජික දෙවියෝ ඇත, තාවතිංස දෙවියෝ ඇත, යාමදෙවියෝ දෙවියෝ ඇත, නිර්‍මාණරති දෙවියෝ ඇත, පරනිර්මිත වශවර්ති දෙවියෝ ඇත, බ්‍රහ්මකායික දෙවියෝ ඇත, ඉන් මතුයෙහිදු දෙවියෝ ඇත. යම්බඳු ශ්‍රද්ධායෙකින් සමන්‍වාගත එ දේවතාවෝ මෙයින් ච්‍යුත ව එහි උපන්නාහු නම් මට ද එබඳු ශ්‍රද්ධායෙක් විද්‍යාමාන ය. යම් බඳු ශීලයෙකින් සමන්‍වාගත ඒ දේවතාවෝ මින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු සිල් විද්‍යාමාන ය. යම් බඳු ශ්‍රැතයෙකින් සමන්‍වාගත ඒ දේවතාවෝ මෙයින් ච්‍යුත ව එහි උපන්නාහු නම් මට ද එබඳු ශ්‍රැතයෙක් විද්‍යාමාන ය. යම් බඳු ත්‍යාගයෙකින් සමන්‍වාගත ඒ දේවතාවෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු ත්‍යාගයෙක් විද්‍යාමාන ය. යම්බඳු ප්‍රඥායෙකින් සමන්‍වාගත ඒ දේවතාවෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු ප්‍රඥායෙක් විද්‍යාමාන ය”යි දේවතාවන් අනුස්මරණය කරන්නාව යි.
Pali BJTයස්මිං මහානාම සමයෙ අරියසාවකො අත්තනො ච තාසඤ්ච දෙවතානං සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති. උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති දෙවතා ආරබ්භ. උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සමප්පත්තො විහරති. සබ්යාපජ්ඣාය පජාය අබ්යාපජ්ඣො විහරති ධම්මසොතසමාපන්නො දෙවතානුස්සතිං භාවෙතී’ති.
Sinhala BJTමහානාමයෙනි, යම්කලෙක අරීසවු තමන්ගේ ඒ දේවතාවන්ගේ ද ශ්‍රද්ධා හා ශීල හා ශ්‍රැත හා ත්‍යාග හා ප්‍රඥා හා සිහි කෙරේ නම් එකල්හි ඔහට රාගයෙන් මැඩුණු සිත් නො මැ වේ, ද්වේෂයෙන් මැඩුණු සිත් නො මැ වේ, මෝහයෙන් මැඩුණු සිත් නො මැ වේ. එ සමයෙහි ඔහුගේ සිත දෙවියන් ඇරබ ඍජුගත වෙයි. මහානාමයෙනි, ඍජු සිත් ඇති අරීසවු අර්‍ත්‍ථවේදය ලබනේ ය. ධර්‍මවේදය ලබනේ ය. ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබනේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදී. ප්‍රීතිමනස් ඇතියහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුඛ ඇතියහුගේ සිත සමාධිගත වෙයි. මහානාමයෙනි, මේ අරීසවු විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්තව වෙසේ යයි ද දුක් සහිත ප්‍රජායෙහි නිදුක් ව වෙසේ යයි ද ධර්‍මස්‍රෝතයට පැමිණියේ දේවතානුස්මෘතිය වඩනේ යයි ද කියනු ලැබෙ යි.
Pali BJT11. 2. 2.
Sinhala BJT11. 2. 2.
Pali BJTදුතිය මහානාම සුත්තං
Sinhala BJTදුතිය මහානාම සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ, තෙන ඛො පන සමයෙන මහානාමො සක්කො ගිලානා වුට්ඨිතො හොති අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ භගවතො චීවරකම්මං කරොන්ති ‘නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී’ති.
Sinhala BJTඑක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවත්‍ථු සමීපයෙහි වූ න්‍යග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි මහානාම ශාක්‍ය තෙම ගිලන් බැවින් නැඟියේ ගිලන් බැවින් නැගි නොබෝකල් ඇතියේ වෙයි. එකල්හි බොහෝ වහන්දෑ “භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇති සේක්, තෙමස ඇවෑමෙන් චාරිකාවට පිටත්වන්නාහ”යි භාග්‍යවතුන් වහන්සේට සිවුරුකම් කරන්නාහ.
Pali BJTඅස්සොසි ඛො මහානාම සක්කො ‘සම්බහුලා කිර භික්ඛු භගවතො චීවරකම්මං කරොන්ති, නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී’ති. අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච:
Sinhala BJTමහානාම සැහැරජ “බොහෝ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇතිසේක්, තෙමස් ඇවෑමෙන් චාරිකාවට වඩනාහ”යි භාග්‍යවතුන් වහන්සේට චීවරකර්‍ම කරන්නාහ’යි ඇසී ය. ඉක්බිති මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස් ව හුන් මහානාම සැහැ රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේය:
Pali BJTසුතං මෙතං භන්තෙ, ‘සම්බහුලා කිර භික්ඛු භගවතො චීවරකම්මං කරොන්ති ‘නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී’ති. තෙසං නො භන්තෙ නානාවිහාරෙහි විහරතං කෙනස්ස විහාරෙන විහාතබ්බන්ති?
Sinhala BJTවහන්ස, “බොහෝ වහන්දෑ ‘භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇතිසේක්, තෙමස් ඇවෑමෙන් චාරිකාවට වඩනාහ’යි භාග්‍යවතුන් වහන්සේට සිවුරුකම් කරති”යි යන තෙල කරුණ ම විසින් අසන ලද, වහන්ස, නානාවිධ විහාරයෙන් වාසය කරන එ අප විසින් කිනම් විහාරයෙකින් වාසය කටයුතු වේ දැ යි?
Pali BJTසාධු සාධු මහානාම, එතං ඛො මහානාම තුම්හාකං පතිරූපං කුලපුත්තානං යං තුම්හෙ තථාගතං උපසඞ්කමිත්වා පුච්ඡෙය්යාථ, ‘තෙසං නො භන්තෙ නානාවිහාරෙහි විහරතං කෙනස්ස විහාරෙන විහාතබ්බ’න්ති.
Sinhala BJTමහානාමයෙනි, මැනැවි, මැනැවි, මහානාමයෙනි, යම් හෙයෙකින් තෙපි තථාගතයන් කරා එළඹ “වහන්ස, නානාවිහාරයෙන් වාසය කරන අප විසින් කිනම් විහාරයෙකින් වාසය කටයුතු දැ” යි යන තෙල කරුණ කුලපුත්‍රවු තොපට නිසිමැ යි.
Pali BJTසද්ධො ඛො මහානාම ආරාධකො හොති නො අස්සද්ධො, ආරද්ධවිරියො ආරාධකො හොති නො කුසීතො, උපට්ඨිතසති ආරාධකො හොති නො මුට්ඨස්සති. සමාහිතො ආරාධකො හොති නො අසමාහිතො, පඤ්ඤවා ආරාධකො හොති නො දුප්පඤ්ඤො. ඉමෙසු ඛො ත්වං මහානාම පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය ඡ ධම්මෙ උත්තරිං භාවෙය්යාසි.
Sinhala BJTමහානාමයෙනි, සැදැහැතියේ ආරාධක වෙයි, සැදැහැ නැතියේ ආරාධක නො වෙයි. රුකුළුවැර ඇතියේ ආරාධක වෙයි, කුසීත නො වෙයි. එළඹ සිටි සිහි ඇතියේ ආරාධක වෙයි, සිහි නැතියේ නො වෙයි. එකඟ සිතැතියේ ආරාධක වෙයි, අසමාහිතයා නො වෙයි. ප්‍රඥා ඇතියේ ආරාධක වෙයි, දුෂ්ප්‍රාඥ වූයේ නො වෙයි. මහානාමයෙනි, තෙපි මේ පඤ්චධර්‍මයෙහි පිහිටා මතුයෙහි සදහමුන් වඩව.
Pali BJTඉධ ත්වං මහානාම තථාගතං අනුස්සරෙය්යාසි ‘ඉතිපි සො භගවා -පෙ- බුද්ධො භගවා’ති. යස්මිං සමයෙ මහානාම අරියසාවකො තථාගතං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති. උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති තථාගතං ආරබ්භ. උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති. ඉමං ඛො ත්වං මහානාම බුද්ධානුස්සතිං ගච්ඡන්තොපි භාවෙය්යාසි, ඨිතොපි භාවෙය්යාසි, නිසින්නොපි භාවෙය්යාසි, සයානොපි භාවෙය්යාසි, කම්මන්තං අදිට්ඨහන්තොපි භාවෙය්යාසි, පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තොපි භාවෙය්යාසි.
Sinhala BJTමහානාමයෙනි, මෙ විෂයෙහි ලා තෙපි “මෙ කරුණෙනුදු එ භගවත්හු බුද්ධයහ, භාග්‍යවත්හ”යි තථාගතයන් (ගුණ විසින්) සිහි කරව. මහානාමයෙනි, යම් සමයෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක තථාගතයන් සිහි කෙරේ නම් එ සමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තය නො වෙයි, ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තය නො වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තය නො වෙයි. එ සමයෙහි ඔහුගේ සිත තථාගතයන් ඇරබ ඍජුගත ම වෙයි. මහානාමයෙනි, ඍජුගතචිත්ත ඇති ආර්‍ය්‍යශ්‍රාවක අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්‍මවේදය ලබන්නේ ය, ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබන්නේ ය. ප්‍රමුදිතයාට ප්‍රීතිය උපදී. ප්‍රීතමනස්කයාගේ නාමකය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳිනේ ය. සුව ඇතියහුගේ සිත එකඟ වෙයි. මහානාමයෙනි, තෙපි මේ බුද්ධානුස්මෘතිය ම යනුයේත් වඩව, සිටියේත් වඩව, හුන්නේ ත් වඩව, හෝනේත් වඩව, කමත්හි සිටිනුයේත් වඩව, පුත්‍රම්සම්බාධශයනයෙහි වසනුයේත් වඩව.
Pali BJTපුන චපරං ත්වං මහානාම ධම්මං අනුස්සරෙය්යාසි -පෙ- සඞ්ඝං අනුස්සරෙය්යාසි -පෙ- අත්තනො සීලානි අනුස්සරෙය්යාසි -පෙ- අත්තනො චාගං අසුස්සරෙය්යාසි -පෙ- දෙවතා අනුස්සරෙය්යාසි සන්ති දෙවා චාතුම්මහාරාජිකා -පෙ- සන්ති දෙවා තතුත්තරිං.
Sinhala BJTතවද මහානාමයෙනි, තෙපි ධර්‍මය සිහි කරව ... සඞ්ඝයා සිහි කරව ... තමන් සිල් සිහි කරව ... තමන්ගේ ත්‍යාග සිහි කරව ...“චාතුර්මහාරාජික දෙවියෝ ඇත ... ඉන් මතුයෙහි ඇතැ”යි දේවතාවන් සිහි කරව.
Pali BJTයථාරූපාය සද්ධාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උපපන්නා මය්හම්පි තථාරූපා සද්ධා සංවිජ්ජති. යථාරූපෙන සීලෙන -පෙ- සුතෙන -පෙ- චාගෙන -පෙ- පඤ්ඤාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උපපන්නා, මය්හම්පි තථාරූපා පඤ්ඤා සංවිජ්ජතීති.
Sinhala BJTඑ දෙවියෝ යම්බඳු ශ්‍රද්ධායෙකින් සමන්‍වාගත වූවාහු මෙයින් ච්‍යුත ව එහි උපන්නාහු නම් මට ද එබඳු ශ්‍රද්ධා ඇත. යම් බඳු ශීලයෙකින් ... ශ්‍රැතයෙකින් … ත්‍යාගයකින් … ප්‍රඥායෙකින් එ දෙවියෝ සමන්‍වාගත වූවාහු මෙයින් ච්‍යුත ව එහි උපන්නාහු නම් මට ද එබඳු ප්‍රඥා ඇතැයි.
Pali BJTයස්මිං මහානාම සමයෙ අරියසාවකො අත්තනො ච තාසඤ්ච දෙවතානං සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති, උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති දෙවතා ආරබ්භ. උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති, ඉමං ඛො ත්වං මහානාම දෙවතානුස්සතිං ගච්ඡන්තොපි භාවෙය්යාසි, ඨිතොපි භාවෙය්යාසි, නිසින්නොපි භාවෙය්යාසි, සයානොපි භාවෙය්යාසි, කම්මන්තං අධිට්ඨහන්තොපි භාවෙය්යාසි, පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තොපි භාවෙය්යාසීති.
Sinhala BJTමහානාමයෙනි, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක තෙම තමන්ගේ ද එ දෙවියන්ගේ ද ශ්‍රද්ධා හා ශීල හා ශ්‍රැත හා ත්‍යාග හා ප්‍රඥා සිහි කෙරේ ද, එසමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තය නො වෙයි, ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තය නොවෙයි, මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තය නො වෙයි. එසමයෙහි ඔහුගේ සිත දේවතාවන් ඇරබ ඍජුගත ම වෙයි. මහානාමයෙනි, ඍජුගත චිත්ත ඇති ආර්‍ය්‍යශ්‍රාවක අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්‍මවේදය ලබන්නේ ය. ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබන්නේ ය. ප්‍රමුදිතයාට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතමනස්කයාගේ නාමකය සන්සිඳෙයි, සන්හුන්කය ඇතියේ සුව විඳිනේ ය. සුව ඇතියහුගේ සිත එකඟ වෙයි. මහානාමයෙනි, තෙපි මේ දේවතානුස්මෘතිය යනුයේත් වඩව, සිටියේත් වඩව, හුන්නේත් වඩව, හෝනේත් වඩව, කර්‍මාන්තයෙහි යෙදෙනුයේත් වඩව, පුත්‍රසම්බාධශයනයෙහි වසනුයේත් වඩවයි.
Pali BJT11. 2. 3.
Sinhala BJT11. 2. 3.
Pali BJTනන්දිය සුත්තං
Sinhala BJTනන්‍දිය සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ තෙන ඛො පන සමයෙන භගවා සාවත්ථියං වස්සාවාසං උපගන්තුකාමො හොති. අස්සොසි ඛො නන්දියො සක්කො “භගවා කිර සාවත්ථියං වස්සාවාසං උපගන්තුකාමො”ති. අථ ඛො නන්දියස්ස සක්කස්ස එතදහොසි: යන්නූනාහම්පි සාවත්ථියං වස්සාවාසං උපගච්ඡෙය්යං, තත්ථ කම්මන්තඤ්ඤෙව අධිට්ඨහිස්සාමි, භගවන්තඤ්ච ලච්ඡාමි කාලෙන කාලං දස්සනායාති.
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කපිලවත්‍ථු සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සැවැත්හි වර්‍ෂාවාසයට එළඹෙනු කැමැතිසේක් වෙති. නන්‍දිය ශාක්‍යයා “භාග්‍යවතුන් වහන්සේ වු කලී සැවැත්හි වර්‍ෂාවාසයට එළඹෙනු කැමති සේක්”යි ඇසුයේ ම ය. ඉක්බිති නන්‍දිය ශාක්‍යහට තෙල අදහස විය: “මම ද සැවැත්හි වර්‍ෂාවාසයට එළඹෙම් නම් එහි කර්‍මාන්තයෙහි යෙදෙමු නම් භාග්‍යවතුන් වහන්සේ ද කලින් කල දක්නට ලබන්නෙම් නම් ඉතා මැනවැ”යි.
Pali BJTඅථ ඛො භගවා සාවත්ථියං වස්සාවාසං උපගඤ්ඡි. නන්දියොපි ඛො සක්කො සාවත්ථියං වස්සාවාසං උපගඤ්ඡි. තත්ථ කම්මන්තඤ්චෙව අධිට්ඨාසි. භගවන්තඤ්ච ලභි කාලෙන කාලං දස්සනාය.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්හි වර්‍ෂාවාසයට එළඹි සේක. නන්‍දියශාක්‍ය ද සැවැත්හි වර්‍ෂාවාසයට එළඹියේ ය. එහි කර්‍මාන්ත ද ඇරැඹී ය. කලින් කල භාග්‍යවතුන් වහන්සේ දැක්මට ද ලදුයේ ය.
Pali BJTතෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛු භගවතො චීවරකම්මං කරොන්ති “නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී”ති. අස්සොසි ඛො නන්දියො සක්කො “සම්බහුලා කිර භික්ඛු භගවතො චීවරකම්මං කරොන්ති නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී”ති. අථ ඛො නන්දියො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො නන්දියො සක්කො භගවන්තං එතදවොච: සුතං මෙතං භන්තෙ ‘සම්බහුලා කිර භික්ඛු භගවතො චීවරකම්මං කරොන්ති නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී’ති. තෙසං නො භන්තෙ නානාවිහාරෙහි විහරතං කෙනස්ස විහාරෙන විහාතබ්බන්ති. ?
Sinhala BJTඑසමයෙහි බොහෝ වහන්දෑ “භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇති සේක්, තෙමස් ඇවෑමෙන් චාරිකාවට නික්ම යන්නාහ”යි භාග්‍යවතුන් උදෙසා සිවුරුකම් කෙරෙත්. නන්‍දියශාක්‍ය “භාග්‍යවතුන් වහන්සේ තෙමස් ඇවෑමෙන් චාරිකාවට නික්ම යන්නාහ”යි බොහෝ වහන්දෑ උදෙසා සිවුරුකම් කරත්හයි ඇසුයේ ම ය. එකල්හි නන්‍දියශාක්‍ය භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් නන්‍දියශාක්‍ය භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේය: වහන්ස, බොහෝ භික්‍ෂුහු “භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇති සේක්, තෙමස් ඇවෑමෙන් චාරිකාවට නික්මෙන්නාහ”යි භාග්‍යවතුන් වහන්සේ උදෙසා සිවුරුකම් කෙරෙතී යන තෙල කරුණ ම විසින් අසන ලදැයි. වහන්ස, නානාවිහාරයෙන් වසන අප විසින් කිනම් විහාරයෙකින් විසිය යුතුදැ”යි?
Pali BJTසාධු සාධු නන්දිය, එතං ඛො නන්දිය තුම්හාදිසානං{1} පතිරූපං කුලපුත්තානං යං තුම්හෙ තථාගතං උපසඞ්කමිත්වා පුච්ඡෙය්යාථ ‘තෙසං නො භන්තෙ නානාවිහාරෙහි විහරතං කෙනස්ස විහාරෙන විහාතබ්බ”න්ති.
Sinhala BJTනන්‍දියෙනි, මැනැව, මැනැව. නන්‍දියෙනි, තෙපි තථාගතයන් කරා එළඹ යම් හෙයෙකින් “වහන්ස, නානාවිහාරයෙන් වසන අප විසින් කිනම් විහාරයෙකින් වාස කටයුතු දැ”යි පුළුවුස්හු. තෙල කරුණ කුලපුත්‍ර වූ තොපට අනුරූප මැ යි.
Pali BJTසද්ධො ඛො නන්දිය ආරාධකො හොති නො අස්සද්ධො සීලවා ආරාධකො හොති නො දුස්සීලො. ආරද්ධවිරියො ආරාධකො හොති නො කුසීතො. උපට්ඨිතසති ආරාධකො හොති නො මුට්ඨස්සති. සමාහිතො ආරාධකො හොති නො අසමාහිතො, පඤ්ඤවා ආරාධකො හොති නො දුප්පඤ්ඤො. ඉමෙසු ඛො තෙ නන්දිය ඡසු ධම්මෙසු පතිට්ඨාය පඤ්චසු ධම්මෙසු අජ්ඣත්තං සති උපට්ඨාපෙතබ්බා.
Sinhala BJTනන්‍දියෙනි, ශ්‍රද්ධා ඇතියේ ම ආරාධක වෙයි, ශ්‍රද්ධා නැතියේ නො වෙයි. සිල්වත් වූයේ ආරාධක වෙයි, දුස්සීල වූයේ නො වෙයි. ප්‍රාරබ්ධවීර්‍ය්‍ය ඇතියේ ම ආරාධක වෙයි, කුසීත වූයේ නො වෙයි. එළඹ සිටි සිහි ඇතියේ ම ආරාධක වෙයි, නට සිහිය ඇතිවූයේ නො වෙයි. සමාහිත වූයේම ආරාධක වෙයි, අසමාහිත වූයේ නොවෙයි. ප්‍රඥා ඇතියේ ම ආරාධක වෙයි, දුෂ්ප්‍රාඥ වූයේ නො වෙයි. නන්‍දියෙනි, මේ සදහම් හි පිහිටා පඤ්චධර්‍මයන්හි තා විසින් ආධ්‍යාත්මික වශයෙන් ස්මෘතිය එළවිය යුතු වෙයි.
Pali BJTඉධ ත්වං නන්දිය තථාගතං අනුස්සරෙය්යාසි: “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ඉති ඛො තෙ නන්දිය තථාගතං ආරබ්භ අජ්ඣත්තං සති උපට්ඨාපෙතබ්බා.
Sinhala BJTනන්‍දියෙනි, මෙ විසාහි ලා තෙපි “මෙ කරුණෙනුදු භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විදයාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ”යි, තථාගතයන් සිහි කරව. නන්‍දියෙනි. මෙසේ ම තොප විසින් තථාගතයන් ඇරබ අධාත්මයෙහි ස්මෘති එළැවිය යුතු.
Pali BJTපුන චපරං ත්වං නන්දිය ධම්මං අනුස්සරෙය්යාසි, ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී ති. ඉති ඛො තෙ නන්දිය ධම්මං ආරබ්භ අජ්ඣත්තං සති උපට්ඨාපෙතබ්බා.
Sinhala BJTතවද නන්‍දියෙනි, තෙපි “භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය, සාන්දෘෂ්ටික ය, අකාලික ය, ඒහිපස්සික ය, උපනයනාර්‍හ ය, විඥයන් විසින් තමන් තමන් සිත්හි ලා දතයුතු ය”යි, ධර්‍මය සිහි කරව. නන්‍දියෙනි, මෙසේ ම තොප විසින් දහම් ඇරබ අධ්‍යාත්මයෙහි සිහි එළැවිය යුතු.
Pali BJTපුන චපරං ත්වං නන්දිය කල්යාණමිත්තෙ අනුස්සරෙය්යාසි, ‘ලාභා වත මෙ සුලද්ධං වත මෙ, යස්ස මෙ කල්යාණමිත්තා අනුකම්පකා අත්ථකාමා ඔවාදකා අනුසාසකා”ති. ඉති ඛො තෙ නන්දිය කල්යාණමිත්තෙ ආරබ්භ අජ්ඣත්තං සති උපට්ඨාපෙතබ්බා.
Sinhala BJTතවද නන්‍දියෙනි, තෙපි, “යම් බඳු මාගේ කල්‍යාණ මිත්‍රයෝ අනුකම්පා ඇතිය හ, අර්‍ත්‍ථකාමය හ, ඔවා දෙන්නා හ, අනුසස්නා හ, එකැතියෙන් මට ඒ ලාභය. එකැතියෙන් මනා ලැබීමෙකි”යි, කල්‍යාණ මිත්‍රයන් සිහි කරව. නන්‍දියෙනි, මෙසේ ද තොප විසින් කල්‍යාණ මිත්‍රයන් ඇරබ අධ්‍යාත්මයෙහ් සිහි එළැවිය යුතු.
Pali BJTපුන චපරං ත්වං නන්දිය අත්තනො චාගං අනුස්සරෙය්යාසි, ‘ලාභා වත මෙ, සුලද්ධං වත මෙ යොහං මච්ඡෙරමලපරියුට්ඨිතාය පජාය විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසාමි මුත්තචාගො පයතපාණී වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො’ති. ඉති ඛො තෙ නන්දිය චාගං ආරබ්භ අජ්ඣත්තං සති උපට්ඨාපෙතබ්බා.
Sinhala BJTතවද නන්‍දියෙනි, තෙපි “යම් බඳු මට මාත්සර්‍ය්‍යබලයෙන් පර්‍ය්‍යුත්‍ථිත ප්‍රජායෙහි විගතමලමාත්සර්‍ය්‍යයෙන් යුත් සිතින් මිදූ ත්‍යාග ඇතියෙම් දෙනුවට දෙවී අත් ඇතියෙම් හැරමමෙහි ඇලුනෙම් යදනට නිසි වූයෙම් දානසංවිභාගයෙහි ඇලුණෙම් ගිහිගෙයි වෙසෙම් නම් එකැතියෙන් මට ලාභය, එකැතියෙන් සුලබ්ධිය”යි, තමන්ගේ ත්‍යාග සිහි කරව. නන්‍දියෙනි, මෙසේ ම තොප විසින් ත්‍යාගය ඇරබ අධ්‍යාත්මයෙහි සිහි එළැවිය යුතු.
Pali BJTපුන චපරං ත්වං නන්දිය දෙවතා අනුස්සරෙය්යාසි ‘යා දෙවතා අතික්කම්මෙව කබලිඞ්කාරාහාරභක්ඛානං{1} දෙවානං සහව්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නා, තා කරණීයං අත්තනො න සමනුපස්සන්ති, කතස්ස වා පතිචයං.’
Sinhala BJTතවද නන්‍දියෙනි, තෙපි යම් ඒ දේවතා කෙනෙක් කබලිඞ්කාරාහාරභක්‍ෂක දෙවියන්ගේ සහවාසය ඉක්ම අන්‍යතර මනෝමය කයකට එළඹියාහු නම් ඔවුහු තමන් කරණී නො ම දක්නා හ. කෘතයාගේ හෝ නැවත කිරීමක් නො දක්නාහයි දේවතාවන් සිහි කරව.
Pali BJTසෙය්යථාපි නන්දිය භික්ඛු අසමයවිමුත්තො කරණීයං අත්තනො න සමනුපස්සති, කතස්ස වා පතිචයං, එවමෙව ඛො නන්දිය යා තා දෙවතා අතික්කම්මෙව කබලිඞ්කාරාහාරභක්ඛානං දෙවානං සහව්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නා, තා කරණීයං අත්තනො න සමනුපස්සන්ති කතස්ස වා පතිචයං. ඉති ඛො තෙ නන්දිය දෙවතා ආරබ්භ අජ්ඣත්තං සති උපට්ඨාපෙතබ්බා. ඉමෙහි ඛො නන්දිය එකාදසහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො පජහතෙව පාපකෙ අකුසලෙ ධම්මෙ, න උපාදියති.
Sinhala BJTනන්‍දියෙනි,යම් පරිදි අසමයවිමුක්ත (=ඛීණාසව) මහණෙක් තමන් කරණී වේවයි කෘතයාගේ නැවත කිරීමක් වේවයි නො දක්නේ ද, නන්‍දියෙනි, එපරිද්දෙන් ම යම් ඒ දේවතා කෙනෙක් කබලිඞ්කාරාහාරභක්‍ෂක දෙවියන්ගේ සහවාසය ඉක්ම පියා අන්‍යතර මනෝමය කායකට එළඹියාහු නම් එ දේවතාවෝ තමන් කරණී හෝ කෘතයාගේ නැවත කිරීමත් හෝ නො දක්නා හ. නන්‍දියෙනි, මෙසේ ම තොප විසින් දේවතාවන් ඇරබ අධ්‍යාත්මයෙහි සිහි එළැවිය යුතු. නන්‍දියෙනි, මෙ එකොළොස් දහමින් සමන්‍වාගත අරීසවු ලමු අකුසල් දහම් හරණේ ම ය. උපාදාන විසින් නො ගන්නේ ම ය.
Pali BJTසෙය්යථාපි නන්දිය කුම්භො නික්කුජ්ජො{1} වමතෙව උදකං, නො වන්තං පච්ඡා වමති. සෙය්යථා වා{2} පන නන්දිය සුක්ඛෙ තිණදායෙ අග්ගිමුක්කො{3} ඩහං යෙව ගච්ඡති, නො දඩ්ඪං පච්චුදාවත්තති.
Sinhala BJTනන්‍දියෙනි, යම් පරිද්දෙකින් යටිකුරු කළ ඝටයෙක් දිය වමාරන්නේ ම වේ ද වමාළ දිය පෙරළා නො වමාරන්නේ වේ ද, නන්‍දියෙනි, යම් සේ වනාහි වියළි තණ ලැහැබ්හි ඇවිලගත් ගිනි දවමින් ම යේ ද දැවූ දෑ පෙරළා නො දවන්නේ වේ ද,
Pali BJTඑව මෙව ඛො නන්දිය ඉමෙහි එකාදසහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො පජහතෙ ව පාපකෙ අකුසලෙ ධම්මෙ, න උපාදියතීති.
Sinhala BJTනන්‍දියෙනි, එපරිද්දෙන් ම මේ එකොළොස් දහමින් සමන්‍වාගත අරීසවු ලමු අකුසල්දහම් හරනේ ම ය. උපාදාන විසින් නො ගන්නේ ම ය යි.
Pali BJT11. 2. 4.
Sinhala BJT11. 2. 4.
Pali BJTසුභූති සුත්තං
Sinhala BJTසුභූති සූත්‍රය
Pali BJTඅථ ඛො ආයස්මා සුභූති සද්ධෙන භික්ඛුනා සද්ධිං යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මන්තං සුභූති භගවා එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සුභූති තෙරණුවෝ සද්ධ නම් භික්‍ෂුහු සමග භාග්‍යවතුන් වහන්සේ කරා එළඹිය හ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් සුභූති තෙරණුවනට භගවත්හු තෙල වදාළහ.
Pali BJTකොනාමො අයං{4} සුභූති භික්ඛූති?
Sinhala BJTසුභූතියෙනි, මෙ මහණ කිනමැ යි?
Pali BJT“සද්ධො නාමායං භන්තෙ භික්ඛු සද්ධස්ස{2} උපාසකස්ස පුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො”ති.
Sinhala BJTවහන්ස, සද්ධ (=අනේපිඬු) නම් උවසුහුගේ පුත මෙතෙම සද්ධ නම් වූයේ සැදැහැයෙන් ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියේ වෙයි.
Pali BJTකච්චි පනායං සුභූති සද්ධො භික්ඛු සද්ධස්ස{5} උපාසකස්ස පුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො සන්දිස්සති සද්ධාපදානෙසූති?
Sinhala BJTසුභූතියෙනි, කිමෙක, සද්ධ උවසුහුගේ පුත් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියේ සද්ධ මහණ ශ්‍රද්ධාපදානයන්හි ලා පැණේ දැ යි?
Pali BJTඑතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො, යං භගවා සද්ධස්ස සද්ධාපදානානි භාසෙය්ය. ඉදානාහං ජානිස්සාමි යදි වායං භික්ඛු සන්දිස්සති සද්ධාපදානෙසු යදි වා නො’ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, තෙල සඳහා මෙ කලි. සුගතයන් වහන්ස, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ සැදැහැතියහුගේ ශ්‍රද්ධාපදානයන් වදාරණ සේක් නම් තෙල සඳහා මෙ කලි. දැන් මම මෙ මහණ ශ්‍රද්ධාපදානයන් හි ලා ඉදින් පැණේ ද හෝ නො පැණේ ද හෝ යි දැනගන්නෙමි යි.
Pali BJTතෙන හි සුභූති සුණාහි, සාධුකං මනසිකරොහි භාසිස්සාමීති.
Sinhala BJTසුභූතියෙනි, එසේ නම් අසවු, මොනොවට මෙනෙහි කරවු. කියමි යි.
Pali BJTඑවං භන්තෙ ති ඛො ආයස්මා සුභූති භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJTවහන්ස, එසේය යි, ආයුෂ්මත් සුභූති තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
Pali BJT1. ඉධ සුභූති භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛ සංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. යම්පි සුභූති භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, ඉදම්පි සුභූති සද්ධස්ස සද්ධාපදානං හොති.
Sinhala BJT1. සුභූතියෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. පාමොක් සංවර සිලින් සංවර වූයේ ආචාරගෝචර සම්පන්නව වෙසෙයි. අණුමාත්‍ර වරදෙහිදු බිය දක්නා සුලු වූයේ සිකපදයන්හි සමාදන් කොටැ ගෙන හික්මෙයි. සුභූතියෙනි, යම්හෙයකින් මහණ සිල්වත් වේ ද, සමාදන්ව ගෙන සිකපදයන් හි හික්මේ ද, සුභූතියෙනි, සැදැහැත්තහුගේ මෙ ද ශ්‍රද්ධාපදානය වෙයි.
Pali BJT2. පුන චපරං සුභූති භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථා රූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. යම්පි සුභූති භික්ඛු -පෙ- බහුස්සුතො හොති -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධා, ඉදම්පි සද්ධස්ස සද්ධාපදානං හොති.
Sinhala BJT2. සුභූතියෙනි, තවද මහණ ශ්‍රැතධර වූයේ රැස්කොට ගත් ශ්‍රැත ඇතියේ බහුශ්‍රුත වෙයි. යම් ඒ ආදිකල්‍යාණ, මධ්‍යකල්‍යාණ, පර්‍ය්‍යවසාන කල්‍යාණ සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පවසත් නම් එබඳු දහම්හු ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු දරණ ලද්දාහු වෙත්. වචනයෙන් පරිචිත වෙත්, මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත්, ප්‍රඥායෙන් සුප්‍රතිවිද්ධ වෙත්, සුභූතියෙනි, යම් හෙයකින් මහණ බහුශ්‍රුත වේ නම් … ප්‍රඥායෙන් සුප්‍රතිවිද්ධ වෙත් නම් මෙ ද ශ්‍රද්ධයාගේ ශ්‍රද්ධාපදාන වෙයි.
Pali BJT3. පුන චපරං සුභූති, භික්ඛු කල්යාණමිත්තො හොති කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො. යම්පි සුභූති භික්ඛු කල්යාණමිත්තො හොති කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො, ඉදම්පි සුභූති සද්ධස්ස සද්ධාපදානං හොති.
Sinhala BJT3. තවද සුභූතියෙනි, මහණ කලණ මිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ, කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූයේ වෙයි, සුභූතියෙනි, යම් හෙයකින් මහණ කලණ මිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කලණ මිතුරන් කෙරෙහි නැඹුරුවූයේ වේ ද, සුභූතියෙනි, මේද ශ්‍රද්ධයාගේ ශ්‍රද්ධාපදානය වෙයි.
Pali BJT4. පුන චපරං සුභූති, භික්ඛු සුවචො හොති සොවචස්ස කරණෙහි ධම්මෙහි සමන්නාගතො, ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං, යම්පි සුභූති භික්ඛු සුවචො හොති සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං. ඉදම්පි සුභූති සද්ධස්ස සද්ධාපදානං හොති.
Sinhala BJT4. තවද සුභූතියෙනි, මහණ සුවචභාවය ඇතිකරන ධර්‍මයෙන් සමන්‍වාගතවූයේ ක්‍ෂමා ඇතියේ අනුශාසනය ප්‍රදක්‍ෂිණායෙන් ගන්නා සුලු සුවච වෙයි. සුභූතියෙනි, යම් හෙයකින් මහණ සුවච භාවය කරන ධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූයේ ක්‍ෂමා ඇතියේ අනුශාසනය ප්‍රදක්‍ෂිණායෙන් ගන්නා සුලු සුවචයෙක් වේ නම්, සුභූතියෙනි, මෙ ද ශ්‍රද්ධයාගේ ශ්‍රද්ධාපදානය වෙයි.
Pali BJT5. පුන චපරං සුභූති, භික්ඛු යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි, කිඞ්කරණීයානි තත්ථ දක්ඛො හොති අනලසො තත්රූපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං. යම්පි සුභූති භික්ඛු යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිඞ්කරණීයානි, තත්ථදක්ඛො හොති අනලසො තත්රූපායාය සමන්නාගතො අලංකාතුං අලංසංවිධාතුං. ඉදම්පි සුභූති සද්ධස්ස සද්ධාපදානං හොති.
Sinhala BJT5. තවද සුභූතියෙනි, මහණ සබ්‍රම්සරුන්ගේ යම් බඳු කුදු මහත් කිඞ්කර්‍තවයෝ වෙත් නම්, එහි දක්‍ෂ වූයේ අනලස් වූයේ තත්‍රෝපාය මිමාංසයෙන් සමන්‍වාගත වූයේ කිරීමට නිසිවෙයි, සංවිධානයට නිසි වෙයි. සුභූතියෙනි, යම් හෙයකින් මහණ සබ්‍රම්සරුන්ගේ යම් බඳු කුදු මහත් කිඞ්කර්‍තවයෝ වෙත් නම්, එහි දක්‍ෂ වූයේ අනලස් වූයේ තත්‍රෝපායෙන් සමන්‍වාගත වූයේ කිරීමට නිසි වේ නම්, සංවිධානයට නිසි වේ නම්, සුභූතියෙනි, මෙ ද ශ්‍රාද්ධයාගේ ශ්‍රද්ධාපදානය වෙයි.
Pali BJT6. පුන චපරං සුභූති, භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො. යම්පි සුභූති භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො. ඉදම්පි සුභූති සද්ධස්ස සද්ධාපදානං හොති.
Sinhala BJT6. තවද සුභූතියෙනි, මහණ තෙවලා දහම් කැමතියේ ප්‍රිය සමුදාහාර ඇතියේ අභිධර්‍මයෙහි ද අභිවිනයෙහි ද උදාර ප්‍රාමෝද්‍යය ඇතියේ වෙයි. සුභූතියෙනි, යම් හෙයකින් මහණ ධර්‍මකාම ඇතියේ ප්‍රිය සමුදාහාර ඇතියේ අභිධර්‍මයෙහි ද අභිවිනයෙහි උදාර ප්‍රාමෝද්‍යය ඇතියේ වේ නම්, සුභූතියෙනි, මෙ ද ශ්‍රාද්ධයාගේ ශ්‍රද්ධාපදානය වෙයි.
Pali BJT7. පුන චපරං සුභූති භික්ඛු ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. යම්පි සුභූති භික්ඛු ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. ඉදම්පි සුභූති සද්ධස්ස සද්ධාපදානං හොති.
Sinhala BJT7. තවද සුභූතියෙනි, මහණ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා කුශල ධර්‍මයන්ගේ උපසම්පත්තිය සඳහා රුකුළු වැර ඇතියේ ස්ථාම ඇතියේ දළ පැරකුම් ඇතියේ කුශල ධර්‍මයන් කෙරෙහි බහා නොතැබූ වීර්‍ය්‍ය ධූර ඇතියේ වාස කෙරේ. සුභූතියෙනි, යම් හෙයකින් මහණ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා කුශල ධර්‍මයන්ගේ උපසම්පත්තිය සඳහා රුකුළු වැර ඇතියේ ස්ථාම ඇතියේ දළ පැරකුම් ඇතියේ කුශල ධර්‍මයන් කෙරෙහි බහා නොතැබූ වීර්‍ය්‍ය ධූර ඇතියේ වේ නම්, සුභූතියෙනි, මෙ ද ශ්‍රාද්ධයාගේ ශ්‍රද්ධාපදානය වෙයි.
Pali BJT8. පුන චපරං සුභූති භික්ඛු චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛ විහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී යම්පි සුභූති භික්ඛු චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්ම සුඛ විහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. ඉදම්පි සුභූති සද්ධස්ස සද්ධාපදානං හොති.
Sinhala BJT8. තවද සුභූතියෙනි, මහණ අධිචිත්තයෙහි උපන් ඉහාත්මයෙහි සුඛවිහාර වූ සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන සුලුයේ, නිදුකින් ලබන සුලුයේ විපුල සේ ලබන සුලුයේ වෙයි. සුභූතියෙනි, යම් කරුණෙකින් මහණ අධිචිත්තයෙහි උපදනා ඉහාත්මයෙහි සුඛවිහරණ සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන සුලුයේ නිදුකින් ලබන සුලුයේ විපුල සේ ලබන සුලුයේ වේ නම්, සුභූතියෙනි, මෙ ද ශ්‍රාද්ධයාගේ ශ්‍රද්ධාපදානය වෙයි.
Pali BJT9. පුන චපරං සුභූති, භික්ඛු අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාති සහස්සම්පි ජාති සතසහස්සම්පි අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ අමුත්රාසිං
Sinhala BJT9. තවද සුභූතියෙනි, මහණ අනේකවිධ පූර්වේ නිවාසය සිහිකෙරෙයි. ඒ නම්: එක් දැයක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දහයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පණසක් ද ජාති සියයක් ද ජාති සහස්‍රයක් ද ජාති ශතසහස්‍රයක් ද නොයෙක් නස්නා කල්පයන් ද නොයෙක් වැඩෙනා කල්පයන් ද නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන් ද “අසෝතන්හි මෙබඳු නැමැතියෙම්, මෙබඳු ගොත් ඇතියෙම්, මෙබඳු පැහැ ඇතියෙම්, මෙබඳු ආහාර ඇතියෙම්, මෙබඳු සුව දුක් විඳුනෙම්, මෙබඳු ආයුස කෙළවර කොට ඇතියේ වීමි. ඒ මම එයින් ච්‍යුත වූයෙම් අසෝ තන්හි උපන්මි.
Pali BJTඑවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායු පරියන්තො, සො තතො චුතො අමුත්ර උදපාදිං, තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො සො තතො චුතො ඉධූපපන්නොති. ඉති සාකාරං ස උද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. යම්පි සුභූති භික්ඛු අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථීදං එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං ස උද්දෙසං අනෙකවිහිතං පුබ්බෙ නිවාසං අනුස්සරති. ඉදම්පි සුභූති සද්ධස්ස සද්ධාපදානං හොති.
Sinhala BJTඑහිදු මෙබඳු නැමැතියෙම්, මෙබඳු ගොත් ඇතියෙම්, මෙබඳු ආහාර ඇතියෙම්, මෙබඳු සුව දුක් විඳියෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇතියෙම් විමි. ඒ මම එයින් ච්‍යුත වූ යෙම් මෙහි උපන්මි.” මෙසේ ආකාර සහිත උද්දේශ සහිත අනේකවිධ පූර්වේනිවාසය සිහි කරයි. සුභූතියෙනි. යම් කරුණෙකින් මහණ අනේකවිධ පූර්වේනිවාසය සිහි කෙරේ ද එනම් -- එක් ජාතියක් ද -- ජාති දෙකක් ද -පෙ- මෙසේ ආකාර සහිත උද්දේශ සහිත අනේකවිධ පූර්වේනිවාසය සිහි කරයි ද, සුභූතියෙනි, මෙ ද ශ්‍රාද්ධයාගේ ශ්‍රද්ධාපදානය වෙයි.
Pali BJT10. පුන චපරං සුභූති, භික්ඛු දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ, යථාකම්මූපගෙ සත්තෙ පජානාති, “ඉමෙ වත භොන්තො සත්තා කාය දුච්චරිතෙන සමන්නාගතා වචී දුච්චරිතෙන සමන්නාගතා මනො දුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා න භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචී සුචරිතෙන සමන්නාගතා මනො සුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා”ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථා කම්මූපගෙ සත්තෙ පජානාති. යම්පි සුභූති, භික්ඛු දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන -පෙ- යථා කම්මූපගෙ සත්තෙ පජානාති. ඉදම්පි සුභූති සද්ධස්ස සද්ධාපදානං හොති.
Sinhala BJT10. තවද සුභූතියෙනි, මහණ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුතවන උපපද්‍යමාන, හීන, ප්‍රණීත, සුවර්‍ණ, දුර්වර්‍ණ සත්ත්‍වයන් දක්නේ ය. කම් වූ පරිදි මියැ යන සත්ත්‍වයන් දන්නේය, මෙ භවත් සත්ත්‍වයෝ එ කැතින් කායදුශ්චරිතයෙන් සමන්‍වාගත වූවාහු, වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයනට උපවාද කරන්නාහු, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු, මිථ්‍යාදෘෂ්ටි සමාදන් කොට ගන්නහු වෙති. ඔහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වු විනිපාත නම් වූ නිරයට පැමිණියාහු වෙති. මෙ පින්වත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් සමන්‍වාගත වූවාහු, වාක් සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු, මනස් සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු, ආර්‍ය්‍යයනට උපවාද නො කරන්නාහු, සම්දිටු ඇත්තාහු, සම්දිටු කම් සමාදන් කොට ඇත්තාහු වෙති, ඔහු කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ග ලෝකයට පැමිණියාහුය”යි. මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා වූ දිවැසින් ච්‍යුතවන උපදනා හීන ප්‍රණීත, සුවර්‍ණ, දුර්වර්‍ණ, සුගත, දුර්‍ගත සත්ත්‍වයන් දක්නේ ය, යථාකර්මෝපග සත්ත්‍වයන් දන්නේ ය. සුභූතියෙන්, මහණ යම් කරුණෙකින් විශුද්ධ වූ -පෙ- දිවැසින් යථා කර්මෝපග සත්ත්‍වයන් දන්නේ නම්, සුභූතියෙනි, මෙ ද ශ්‍රාද්ධයාගේ ශ්‍රද්ධාපදානය වෙයි.
Pali BJT11. පුන චපරං සුභූති, භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. යම්පි සුභූති, භික්ඛු ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉදම්පි සුභූති සද්ධස්ස සද්ධාපදානං හොතී ති.
Sinhala BJT11. තවද, සුභූතියෙනි, මහණ ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව චේතෝවිමුක්තිය ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් මැ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කරයි. සුභූතියෙනි, යම් කරුණෙකින් මහණ ආස්‍රවයන්ගේ -පෙ- සාක්‍ෂාත් කොට පැමිණ වාසකෙරේ නම්, සුභූතියෙනි, මෙ ද ශ්‍රාද්ධයාගේ ශ්‍රද්ධාපදානය වෙයි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා සුභූති භගවන්තං එතදවොච: යානිමානි භන්තෙ භගවතා සද්ධස්ස සද්ධාපදානානි භාසිතානි සංවිජ්ජන්ති තානි ඉමස්ස භික්ඛුනො, අයඤ්ච භික්ඛු එතෙසු සන්දිස්සති. අයං භන්තෙ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති. ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සුභූති තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රද්ධා ඇති පුද්ගලයාගේ යම් මේ ශ්‍රද්ධාපදාන කෙනෙක් වදාරන ලදහු නම්, ඔහු මෙ මහණහට විද්‍යාමාන වෙත්, මෙ මහණ ද ඔවුනතර පැනේ. වහන්ස මෙ මහණ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව වෙසේ, ආචාර ගෝචර සම්පන්න වූයේ අණුමාත්‍ර වද්‍යයෙහිදු භය විසින් දක්නා ලද සුලුයේ සිකපදයෙහි සමාදන් කොට ගෙන හික්මෙයි.
Pali BJTඅයං භන්තෙ භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා.
Sinhala BJTවහන්ස, මෙ මහණ ශ්‍රැතධර වූයේ රැස්කොටගත් ශ්‍රැත ඇතියේ බහුශ්‍රුත වෙයි. යම් ඒ ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ධ්‍යවසාන කල්‍යාණ සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන ධර්‍මයෝ කේවලපරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකට කොට කියත් නම් එ බඳු ධර්‍මයෝ ඔහු විසින් අසන ලද්දාහු ධරන ලද්දාහු වචනයෙන් පරිචිත වූවාහු සිතින් අනුප්‍රේක්‍ෂිත වූවාහු ප්‍රඥාවෙන් මොනොවට පිළිවිදියාහු වෙත්.
Pali BJTඅයං භන්තෙ භික්ඛු කල්යාණමිත්තො කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො.
Sinhala BJTවහන්ස, මෙ මහණ කලණ මිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කලණයන් කෙරෙහි නැඹුරු වීම් ඇතියේ වෙයි.
Pali BJTඅයං භන්තෙ භික්ඛු සුවචො හොති, සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං.
Sinhala BJTවහන්ස, මෙ මහණ සුවචභාවය කරන ධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූයේ ක්‍ෂමා ඇතියේ අනුශාසනාව ප්‍රදක්‍ෂිණායෙන් ගන්නාසුලුයේ සුවච වෙයි.
Pali BJTඅයං භන්තෙ භික්ඛු යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිං කරණීයානි, තත්ථ දක්ඛො හොති අනලසො තත්රූපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං, අලං සංවිධාතුං.
Sinhala BJTවහන්ස, මෙ මහණ සබ්‍රම්සරුන්ගේ යම් ඒ කුදු මහත් කිං කරණීයයෝ වෙත් නම් එහි දක්‍ෂ වූයේ අනලස් වූයේ තත්‍රාපායමීමාංසායෙන් සමන්‍වාගත වූයේ කරනුවට නිසි වෙයි, සංවිධානයට නිසි වෙයි.
Pali BJTඅයං භන්තෙ භික්ඛු ධම්මකාමො හොති, පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො.
Sinhala BJTවහන්ස, මෙ මහණ ප්‍රියසමුදාහාර ඇතියේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රමෝද ඇතියේ ධර්‍මකාම වෙයි.
Pali BJTඅයං භන්තෙ භික්ඛු ආරද්ධවිරියො විහරති ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTවහන්ස, මෙ මහණ දළ වැර ඇතියේ ස්ථාම ඇතියේ දළ පැරකුම් ඇතියේ කුශලධර්‍මයන්හි නො බැහූ වීර්‍ය්‍යධූර ඇතියේ වාස කරයි.
Pali BJTඅයං භන්තෙ භික්ඛු චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJTවහන්ස, මෙ මහණ අධිචිත්තයෙහි උපදනා දිටු දැමියෙහි සුඛවිහරණ වූ සතරධ්‍යානයන් කැමැති සේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල කොට ලබනුයේ වෙයි.
Pali BJTඅයං භන්තෙ භික්ඛු අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති සෙය්යථීදං. එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJTවහන්ස, මෙ මහණ අනේකවිධ පූර්‍වනිවාසය සිහිකෙරෙයි, එ නම්: එක් ජාතියකුදු ජාති දෙකකුදු -පෙ- මෙසේ ආකාර සහිතව උද්දේස සහිතව අනේකවිධ පූර්‍වනිවාසය සිහි කෙරෙයි.
Pali BJTඅයං භන්තෙ භික්ඛු දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථා කම්මූපගෙ සත්තෙ පජානාති.
Sinhala BJTවහන්ස, මෙ මහණ මිනිසැස ඉක්ම පවත්නා විසුද්ධ වූ දිවැසින් ... කම් වූ පරිදි යන සත්ත්‍වයන් දන්නේ ය.
Pali BJTඅයං භන්තෙ භික්ඛු ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTවහන්ස, මෙ මහණ ආස්‍රවක්‍ෂය යෙන් ... පසක් කොට එයට පැමිණ වාස කරයි.
Pali BJTයානිමානි භන්තෙ භගවතා සද්ධස්ස සද්ධාපදානානි භාසිතානි සංවිජ්ජන්ති, තානි ඉමස්ස භික්ඛුනො. අයඤ්ච භික්ඛු එතෙසු සන්දිස්සතී ති.
Sinhala BJTවහන්ස, සැදැහැතියහුගේ යම් ඒ ශ්‍රද්ධාපදාන කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු නම් ඔහු මෙ මහණ හට විද්‍යාමාන වෙත්. මෙ මහණ ද ඔවුන් තුල පැනේ යි.
Pali BJTසාධු සාධු සුභූති, තෙන හි ත්වං සුභූති ඉමිනා සද්ධෙන භික්ඛුනා සද්ධිං විහරෙය්යාසි. යදා ච ත්වං සුභූති ආකඞ්ඛෙය්යාසි තථාගතං දස්සනාය ඉමිනා ච සද්ධෙන භික්ඛුනා සද්ධිං උපසඞ්කමෙය්යාසි තථාගතං දස්සනායා ති.
Sinhala BJTසුභූතියෙනි, මැනැව, මැනැව. සුභූතියෙනි, එ කරුණෙන් තෙපි මෙ සද්ධ භික්‍ෂූහු සමග වාස කරව. සුභූතියෙනි, යම් කලෙක තෙපි තථාගතයන් දර්‍ශනය කරනු කැමැත්තහු නම් තථාගතයන් දක්නා පිණිස මේ සද්ධ භික්‍ෂූහු සමග ම එළඹෙවයි.
Pali BJT11. 2. 5.
Sinhala BJT11. 2. 5.
Pali BJTමෙත්තානිසංස සුත්තං
Sinhala BJTමෙත්තානිසංස සූත්‍රය
Pali BJTමෙත්තාය භික්ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය එකාදසානිසංසා පාටිකඞ්ඛා. කතමෙ එකාදස:
Sinhala BJTමහණෙනි, ආසෙවිත වූ භාවිත වූ බහුලීකෘත වූ යානීකෘත වූ වස්තුකෘත වූ අනුත්‍ථිත වූ පරිචිත වූ සුසමාරබද්ධ වූ මෛත්‍රී චිත්තවිමුක්ති පිළිබඳ එකොළොස් අනුසස් කෙනෙක් කැමැති විය යුතුවහ: කවර එකොළොස් දෙනෙක යත්:
Pali BJTසුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති. මනුස්සානං පියො හොති, අමනුස්සානං පියො හොති, දෙවතා රක්ඛන්ති, නාස්ස අග්ගී වා විසං වා සත්ථං වා කමති, තුවටං චිත්තං සමාධියති, මුඛවණ්ණො විප්පසීදති, අසම්මූළ්හො කාලං කරොති, උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්රහ්මලොකූපගො හොති.
Sinhala BJTසුවසේ හෝනේ ය. සුවසේ පුබුදනේ ය. ලාමක ස්වප්න නො දක්නේ ය. මිනිස්නට ප්‍රිය වන්නේ ය. නො මිනිස්නට ප්‍රිය වන්නේ ය. දෙවියෝ රක්නා හ. ගිනි වේවයි විෂ වේවයි ශස්ත්‍ර වේවයි ඔහට නො වදනේ ය. වහා සිත සමාධියට යෙයි. මුවපැහැ වෙසෙසින් පහදනේ ය. නො මුළා සිහි ඇතිවේ කලුරිය කරන්නේ ය. මතුයෙහි මග පල නො පිළිවිදුනේ බඹලෝ යනුයේ වෙයි.
Pali BJTමෙත්තාය භික්ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමෙ එකාදසානිසංසා පාටිකඞ්ඛාති.
Sinhala BJTමහණෙනි, ආසෙවිත වූ භාවිත වූ බහුලීකෘත වූ යානීකෘත වූ වස්තුකෘත වූ අනුත්‍ථිත වූ පරිචිත වූ සුසමාරබ්ධ වූ මෙත්‍රීචිත්තවිමුක්තිහුගේ මේ එකොළොස් අනුසස් කැමති විය යුත්තාහු යි.
Pali BJT11. 2. 6.
Sinhala BJT11. 2. 6.
Pali BJTඅට්ඨකනාගර සුත්තං
Sinhala BJTඅට්ඨකනාගර සූත්‍රය
Pali BJTඑකං සමයං ආයස්මා ආනන්දො වෙසාලියං විහරති බෙලුව ගාමකෙ. තෙන ඛො පන සමයෙන දසමො ගහපති අට්ඨකනාගරො පාටලීපුත්තං අනුප්පත්තො හොති කෙනචි දෙව කරණීයෙන. අථ ඛො දසමො ගහපති අට්ඨකනාගරො යෙන කුක්කුටාරාමො යෙන අඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: කහං නු ඛො භන්තෙ ආයස්මා ආනන්දො එතරහි විහරති? දස්සනකාමා හි මයං භන්තෙ ආයස්මන්තං ආනන්දන්ති. එසො ගහපති ආයස්මා ආනන්දො වෙසාලියං විහරති බෙලුවගාමකෙ ති.
Sinhala BJTඑක්සමයෙක්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ විසාලා නුවර බේලුව ගම්හි වාස කරත්. එකල්හි අට්ඨකනගර වැසි දසම ගැහැවි කිසියම් කරණී හේතුයෙන් පාටලීපුත්‍රයට අනුප්‍රාප්ත වෙයි. ඉක්බිති අට්ඨක නගර වැසි දසම ගැහැවි කුක්කුටාරාමයෙහි අන්‍යතර මහණකු කරා එළඹියේ ය. එළඹ එ මහණහට තෙල සැලකළේය: වහන්ස, මෙ කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොහි වාස කෙරෙත් ද, වහන්ස, අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් දක්නා කැමැතියම්හ”යි. ගැහැවියෙනි, තෙල ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ වේසාලියෙහි බේලුව ගම්හි වාස තෙරෙති යි.
Pali BJTඅථ ඛො දසමො ගහපති අට්ඨකනාගරො පාටලීපුත්තෙ තං කරණීයං තීරෙත්වා යෙන වෙසාලී බෙලුවගාමකො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො දසමො ගහපති අට්ඨකනාගරො ආයස්මන්තං ආනන්දං එතදවොච:
Sinhala BJTඉක්බිති අට්ඨකනගර වැසි දසම ගැහැවි පාටලී පුත්‍රයෙහි එ කරණී නිමවා වේසාලියෙහි බේලුව ගම්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස්ව හුන් අට්ඨකනගර වැසි දසම ගහපති ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කීය:
Pali BJT“අත්ථි නු ඛො භන්තෙ ආනන්ද තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන එකධම්මො සම්මදක්ඛාතො යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති. අපරික්ඛීණා වා ආසවා පරික්ඛීණං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාතී”ති.
Sinhala BJTවහන්ස, ආනන්‍දයෙනි, ආසයානුසය දන්නා ඥේය ධර්‍මය දක්නා අර්‍හත් වු සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්‍මයෙක්හි අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති ප්‍රහිතාත්ම ව වාසය කරන භික්‍ෂුහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂීණයට යෙත් නම්, නොපැමිණියා වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට පැමිණේ නම් මොනොවට ප්‍රකාශ කරන ලද එ බඳු එක් ධර්‍මයෙක් ඇත්තේ දැ යි?
Pali BJTඅත්ථි ඛො ගහපති තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන එකධම්මො සම්මදක්ඛාතො යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති. අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාතී”ති.
Sinhala BJTගැහැවියෙනි, යම් ධර්‍මයෙක් හි අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති නිර්‍වාණය කෙරෙහි මෙහෙයූ සිත් ඇති වැ වසන භික්‍ෂුහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, පරික්‍ෂීණ නො වූ ආස්‍රවයෝ හෝ පරික්‍ෂයට යෙත් නම් නො පැමිණියා වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට පිළිවෙළින් පැමිණේ නම්, ආසයානුසය දන්නා ඥේයධර්‍මය දක්නා අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට දෙසන ලද එබඳු එක් ධර්‍මයෙක් ඇත් මැයි.
Pali BJTකතමො ච පන භන්තෙ ආනන්ද තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන එකධම්මො සම්මදක්ඛාතො යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං මුච්චති. අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාතී ති.
Sinhala BJTවහන්ස, ආනන්‍දයෙනි, යම් ධර්‍මයෙක්හි අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති නිවන් කෙරෙහි මෙහෙයූ සිත් ඇතිව වාස කරන භික්‍ෂුහුගේ නොමිදුනා වූ හෝ සිත මිදේ නම්, අපරික්‍ෂීණ වු හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම් අනනුප්‍රාප්ත අනුත්තරයෝගක්‍ෂේමයට හෝ පැමිණේ නම්, දන්නා වූ දක්නා වු අර්‍හත් වු සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට දෙසන ලද ඒ ධර්‍මය කවරේ දැයි.
Pali BJTඉධ ගහපති භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉති පටිසංචික්ඛති: “ඉදම්පි ඛො පඨමං ඣානං අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං, යං ඛො පන කිඤ්චි අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං තදනිච්චං නිරොධධම්මන්ති පජානාති. සො තත්ථ ඨිතො ආසවානං ඛයං පාපුණාති. නො චෙ ආසවානං ඛයං පාපුණාති, තෙනෙව ධම්මරාගෙන තාය ධම්මනන්දියා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති. තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා.
Sinhala BJTගැහැවිය, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. හේ මෙසේ නුවණින් සිතයි, මේ ප්‍රථමධ්‍යානය ද උපදවන ලදුයේ කල්පිත වේ. යම් කිසිවක් උපදවන ලද නම් කල්පිත නම් එය අනිත්‍යය නිරුද්ධ වන සැහැවි ඇතියේ යයි දන්නේ ය. හේ ඒ ශමථ විදර්‍ශනාධර්‍මයෙහි පිහිටියේ ආස්‍රවයන්ගේ ක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම් එම (ශමථ විදර්‍ශනා) ධර්‍මරාගයෙන් එම ධර්‍මනන්‍දියෙන් පඤ්චවිධ ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙන සුලුයේ එලොවින් පෙළා නො එන සැහැවි ඇතියේ වෙයි.
Pali BJTඅයම්පි ඛො ගහපති තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන එකධම්මො සම්මදක්ඛාතො, යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති. අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
Sinhala BJTගැහැවියෙනි, යම් ධර්‍මයෙක්හි අප්‍රමත්තව වූ කෙලෙස් තවන වැර ඇති නිවනට මෙහෙයූ සිත් ඇතිව වසන භික්‍ෂූහුගේ නො මිදුණු හෝ සිත මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම් අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට පැමිණේ නම්, එබඳු මේ එකම ධර්‍මය ද දන්නා වූ දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට දෙසන ලද්දේ ය.
Pali BJTපුන චපරං ගහපති භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉති පටිසංචික්ඛති: “ඉදම්පි ඛො චතුත්ථං ඣානං අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං, යං ඛො පන කිඤ්චි අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං තදනිච්චං නිරොධධම්මන්ති පජානාති. සො තත්ථ ඨිතො ආසවානං ඛයං පාපුණාති. නො චෙ ආසවානං ඛයං පාපුණාති. තෙනෙව ධම්මරාගෙන තාය ධම්මනන්දියා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා.
Sinhala BJTගැහැවියෙනි, තවද මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදනය ඇති චිත්තයාගේ එකඟ බව ඇති අවිතර්‍ක අවිචාර වු සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාස කරයි .... තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාස කරයි. හේ මෙසේ නුවණින් සලකන්නේ ය. මේ චතුර්‍ත්‍ථධ්‍යානය ද අභිසංස්කෘතය. අභිසඤ්චේතයිතය. යම් කිසිවක් අභිසංස්කෘත නම් අභිසඤ්චේතයිත නම් එය අනිත්‍යය, නිරෝධස්වභාව ඇතිය යී දන්නේ ය. හේ ඒ සමථවිදර්‍ශනා ධර්‍මයෙහි සිටියේ ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණියේ නම් එම ධර්‍මරාගයෙන් එම ධර්‍මනන්‍දියෙන් පඤ්චවිධඔරම්භාගිය සඤ්ඤෝජනයන්ගේ පරික්‍ෂයෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙනසුලු වූයේ එලොවින් පෙරළා නො එන සැහැවි ඇතියේ වෙයි.
Pali BJTඅයම්පි ඛො ගහපති තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන එකධම්මො සම්මදක්ඛාතො යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති. අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
Sinhala BJTගැහැවියෙනි, යම් ධර්‍මයෙක්හි අප්‍රමත්තව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන භික්‍ෂූහුගේ නො මිදුණු සිත හෝ මිදේ නම්, අපරික්‍ෂීණ වූ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම් අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට පැමිණේ නම්, දන්නා වූ දක්නා වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ එකම ධර්‍මය ද මොනොවට දෙසන ලදි.
Pali BJTපුන චපරං ගහපති භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං - තථා තතියං - තථා චතුත්ථං - ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සො ඉති පටිසඤ්චික්ඛති: “අයම්පි ඛො මෙත්තා චෙතො විමුත්ති අභිසඞ්ඛතා අභිසඤ්චෙතයිතා. යං ඛො පන කිඤ්චි අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං, තදනිච්චං නිරොධධම්මන්ති” පජානාති. සො තත්ථ ඨිතො ආසවානං ඛයං පාපුණාති, නො චෙ ආසවානං ඛයං පාපුණාති, තෙනෙව ධම්මරාගෙන තාය ධම්මනන්දියා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා.
Sinhala BJTගැහැවියෙනි, තවද මහණ මෙත්සඟිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. එසේ ම දෙවන - එසේම තෙවන - එසේම සතරවන - මෙසේ උඩ යට සරස හැමතන්හි සර්‍වාත්මතාවෙන් හැම ලොව විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත වූ මෙත්සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකයි, මේ මෙත්තා චේතෝවිමුක්තිය ද අභිසඞ්ඛත වෙයි, අභිසඤේචයිත වෙයි. යම් කිසිවක් අභිසඞ්ඛත, අභිසඤේචයිත නම් එය අනිත්‍ය නිරෝධධර්‍ම යයි දන්නේ ය. හේ එහි සිටියේ ආස්‍රවක්‍ෂයට පැමිණේ. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම් එම ධර්‍මරාගයෙන් එම ධර්‍මනන්‍දියෙන් පඤ්චවිධ ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙන සුලු වූයේ එලොවින් පෙරළා නො එන සැහැවි ඇතියේ වෙයි.
Pali BJTඅයම්පි ඛො ගහපති තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන එකධම්මො සම්මදක්ඛාතො යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති. අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
Sinhala BJTගැහැවියෙනි, යම් ධර්‍මයෙක්හි අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන භික්‍ෂූහුගේ නො මිදුණු සිත හෝ මිදේ නම් අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම් අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණේ නම් දන්නා වූ දක්නා වූ අර්‍හත් වු සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ එක ධර්‍මය ද මොනොවට දෙසන ලදි.
Pali BJTපුන චපරං ගහපති භික්ඛු කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං - තථා තතියං - තථා චතුත්ථං, ඉති උද්ධමධො කිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සො ඉති පටිසඤ්චික්ඛති: අයම්පි ඛො උපෙක්ඛා චෙතොවිමුත්ති අභිසඞ්ඛතා අභිසඤ්චෙතයිතා. යං ඛො පන කිඤ්චි අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං තදනිච්චං නිරොධධම්මන්ති පජානාති. සො තත්ථ ඨිතො ආසවානං ඛයං පාපුණාති, නො චෙ ආසවානං ඛයං පාපුණාති, තෙනෙව ධම්මරාගෙන තාය ධම්මනන්දියා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා.
Sinhala BJTතවද ගැහැවියෙනි, මහණ කුළුණු සහගිය සිතින් … මුදිතා සහගිය සිතින් … උපේක්‍ෂා සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. එසේ දෙවන - එසේ තෙවන - එසේ සිවුවන - මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මභාවයෙන් හැම ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත උපේක්‍ෂා සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සිතයි: මේ උපේක්‍ෂාචිත්තවිමුක්තිය ද අභිසඞ්ඛතය, අභිසඤ්චේතයිත ය. යම් කිසිවක් වනාහි අභිසඞ්ඛත, අභිසඤ්චේතයිත නම් ඒ අනිත්‍ය වෙයි, නිරෝධ ධර්‍ම වේයයි දන්නේ ය. හේ අහි සිටියේ ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම්, එම ධර්‍මරාගයෙන් එම ධර්‍මනන්‍දියෙන් පඤ්චවිධ ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙන සුලුයේ එ ලොවින් පෙරළා නො එන සුලුයේ වෙයි.
Pali BJTඅයම්පි ඛො ගහපති තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන එකධම්මො සම්මදක්ඛාතො යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති. අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
Sinhala BJTගැහැවියෙනි, යම් ධර්‍මයෙක්හි අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන භික්‍ෂුහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම් අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට පැමිණේ නම්, දන්නා වූ දක්නා වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ එකම ධර්‍මය ද මොනොවට දෙසන ලද්දේය.
Pali BJTපුන චපරං ගහපති භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සො ඉති පටිසඤ්චික්ඛති: අයම්පි ඛො ආකාසානඤ්චායතනසමාපත්ති අභිසඞ්ඛතා අභිසඤ්චෙතයිතා. යං ඛො පන කිඤ්චි අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං තදනිච්චං නිරොධධම්මන්ති පජානාති. සො තත්ථ ඨිතො ආසවානං ඛයං පාපුණාති. නො චෙ ආසවානං ඛයං පාපුණාති, තෙනෙව ධම්මරාගෙන තාය ධම්මනන්දියා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා.
Sinhala BJTතවද ගැහැවියෙනි, මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තංගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘ආකාශය අනන්තය’යි ආකාසානඤ්චායතනයට එළඹ වාසය කරයි. හේ මෙසේ නුවණින් කලකයි: ‘ආකාසානඤ්චායතනසමාපත්තිය ද අභිසංස්කෘත ය, අභිසඤ්චේතයිත ය, යම් කිසිවක් අභිසඞ්ඛත වේ නම්, අභිසඤ්චේතයිත වේ නම්, ඒ අනියත්‍ය ය, නිරෝධ ධර්‍මය’යි දන්නේ ය. හේ එහි සිටි ආස්‍රයන්ගේ ක්‍ෂයට පැමිණේ. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම් එම ධර්‍මරාගයෙන් එම ධර්‍ම නන්‍දියෙන් පඤ්චවිධ ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් ඖපපාදුක වූයේ එහි පිරිනිවෙනසුලුයේ එලොවින් පෙරළා නො එන සුලුයේ වෙයි.
Pali BJTඅයම්පි ඛො ගහපති තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන එකධම්මො සම්මදක්ඛාතො යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති. අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
Sinhala BJTගැහැවියෙනි, යම් ධර්‍මයෙක්හි අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාසය කරන මහණහුගේ අවිමුක්ත හෝ සිත මිදේ නම්, අපරික්‍ෂීණ ආස්‍රවයෝ හෝ පරික්‍ෂයට යෙත් නම් අනනුප්‍රාප්ත වූ හේ අනුත්තරයෝගක්‍ෂේමයට පැමිණේ නම්, ආසයානුසය දන්නා සකලඥේයමණ්ඩලය දක්නා අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ එක ධර්‍මය ද මොනොවට දෙසන ලදී.
Pali BJTපුන චපරං ගහපති භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති -පෙ- සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සො ඉති පටිසඤ්චික්ඛති: අයම්පි ඛො ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති අභිසඞ්ඛතා අභිසඤ්චෙතයිතා. යං ඛො පන කිඤ්චි අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං තදනිච්චං නිරොධ ධම්මන්ති පජානාති. සො තත්ථ ඨිතො ආසවානං ඛයං පාපුණාති, නො චෙ ආසවානං ඛයං පාපුණාති, තෙනෙව ධම්මරාගෙන තාය ධම්මනන්දියා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා.
Sinhala BJTතවද ගැහැවියෙනි, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්‍රම කොට ‘විඥානය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනයට එළඹ වාසය කරයි. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය සමතික්‍රම කොට ‘කිසිදු නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට එළඹ වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකන්නේ ය: ‘මෙ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ද අභිසඞ්ඛත ය, අභිසඤ්චේතයිත ය, යම් කිසිවක් අභිසඞ්ඛත ද, අභිසඤ්චේතයිත ද, එ අනිත්‍ය ය නිරෝධ ධර්‍මය’යි දන්නේ ය. හේ එහි සිටියේ ආස්‍රවක්‍ෂයයට පැමිණේ. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම් එම ධර්‍මරාගයෙන් එම ධර්‍මනන්‍දියෙන් පඤ්චවිධ ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙන සුලුයේ එ ලොවින් පෙරළා නො එන සැහැවි ඇතියේ වෙයි.
Pali BJTඅයම්පි ඛො ගහපති තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන එකධම්මො සම්මදක්ඛාතො තත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති. අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාතී ති.
Sinhala BJTගැහැවියෙනි, යම් තැනෙක අප්‍රමත්ත ආතාපී, ප්‍රහිතාත්ම ව වසන භික්‍ෂුහු ගේ අවිමුක්ත හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත හෝ අනුත්තරයෝගක්‍ෂේමයට පැමිණේ නම්, දන්නා, දක්නා, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වු ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ එක ධර්‍මය ද මොනොවට දෙසන ලදැයි.
Pali BJTඑවං වුත්තෙ දසමො ගහපති අට්ඨකනාගරො ආයස්මන්තං ආනන්දං එතදවොච: සෙය්යථාපි භන්තෙ ආනන්ද පුරිසො එකං නිධිමුඛං ගවෙසන්තො සකිදෙව එකාදස නිධිමුඛානි අධිගච්ඡෙය්ය. එවමෙව ඛො අහං භන්තෙ එකං අමතද්වාරං ගවෙසන්තො සකිදෙව එකාදසන්නං{1} අමතද්වාරානං අලත්ථං සවණාය. සෙය්යථාපි භන්තෙ පුරිසස්ස අගාරං එකාදසද්වාරං, සො තස්මිං අගාරෙ ආදිත්තෙ එකමෙකෙනපි ද්වාරෙන සක්කුණෙය්ය අත්තානං සොත්ථිං කාතුං.
Sinhala BJTමෙසේ වදාළ කල්හි අට්ඨක නගර වාසී දසම ගෘහපති තෙම ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කරුණ කීය: වහන්ස, ආනන්‍දයෙනි, යම් පරිදි එක් ම නිධිමුඛයක් සොයන පුරුෂයෙක් එක්වර ම එකොළොස් නිධිමුඛයන් ලබන්නේ ද, වහන්ස, එපරිදි ම මම එක් ම අමෘතද්වාරයක් සොයනෙම් එක්වරම එකොළොස් අමෘතද්වාර කෙනෙකුන් සෙවුනට ලදිමි. වහන්ස, යම් පරිදි පුරුෂයකුහට එකොළොස් දොරටු ඇති ගෘහයෙක් වේ නම්, හේ එ ගින්නෙන් ඇවිළැ ගත් එ ගෙහි එක් එක් දෙරකිනුදු තමහට ස්වස්තිය කරනට හැකිවන්නේ ද,
Pali BJTඑවමෙව ඛො අහං භන්තෙ ඉමෙසං එකාදසන්නං අමතද්වාරානං එකමෙකෙනපි අමතද්වාරෙන සක්කුණිස්සාමි අත්තානං සොත්ථිං කාතුං. ඉමෙ හි නාම භන්තෙ අඤ්ඤතිත්ථියා ආචරියස්ස ආචරියධනං පරියෙසිස්සන්ති. කිං පනාහං ආයස්මතො ආනන්දස්ස පූජං න කරිස්සාමීති.
Sinhala BJTවහන්ස, එ පරිද්දෙන් ම මම මේ එකොළොස් අමෘතද්වාරයන් අතුරෙන් එක් එක් අමෘතද්වාරයෙකිනුදු තමාහට ස්වස්තිය කරනට හැකි වන්නෙමි. වහන්ස, මේ අන්තොටුවෝ ඇදුරුහට ආචාර්‍ය්‍යධනය සොයා දෙන්නාහ. මම ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්හට කවර හෙයින් පූජා නො කරන්නෙම් දැයි.
Pali BJTඅථ ඛො දසමො ගහපති අට්ඨකනාගරො වෙසාලිකඤ්ච පාටලීපුත්තකඤ්ච භික්ඛුසඞ්ඝං සන්නිපාතෙත්වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්වා සන්තප්පෙසි සම්පවාරෙසි. එකමෙකඤ්ච භික්ඛුං පච්චෙක දුස්සයුගෙන අච්ඡාදෙසි ආයස්මන්තඤ්ච ආනන්දං තිචීවරෙන. ආයස්මතො ච ආනන්දස්ස පඤ්චසතං විහාරං කාරාපෙසීති.
Sinhala BJTඉක්බිති අට්ඨක නගර වාසී දසම ගෘහපති තෙම විසල් පුර වැසි වූ ද පාටලීපුත්‍ර නිවාසී වූ ද භික්‍ෂු සඞ්ඝයා රැස් කරවා සියතින් ප්‍රණීතඛාද්‍යයෙන් හා භෝජ්‍යයෙන් සන්තර්‍පණ කෙළේ ය, සම්පවාරණ කෙළේ ය. එක් එක් මහණහට ප්‍රත්‍යෙක වස්ත්‍රයුග්මයක් දින. ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් තුන් සිවුරෙන් පිදී ය. ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සඳහා පන්සියයක් අගනා විහාර ද කරවී ය යි.
Pali BJT11. 2. 7.
Sinhala BJT11. 2. 7.
Pali BJTගොපාලක සුත්තං
Sinhala BJTගෝපාලක සූත්‍රය
Pali BJTඑකාදසහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො අභබ්බො ගොගණං පරිහරිතුං ඵාතිකත්තුං.{2} කතමෙහි එකාදසහි. ඉධ භික්ඛවෙ ගොපාලකො න රූපඤ්ඤූ හොති, න ලක්ඛණකුසලො හොති, න ආසාටිකං සාටෙතා{3} හොති, න වණං පටිච්ඡාදෙතා හොති, න ධූමං කත්තා හොති. න තිත්ථං ජානාති, න පීතං ජානාති, න වීථිං ජානාති, න ගොචරකුසලො හොති, අනවසෙසදොහී ච හොති. යෙ තෙ උසභා ගොපිතරො ගොපරිනායකා තෙ න අතිරෙක පූජාය පූජෙතා හොති. ඉමෙහි ඛො භික්ඛවෙ එකාදසහි අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො අභබ්බො ගොගණං පරිහරිතුං, ඵාතිකත්තුං{2}.
Sinhala BJTමහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්‍වාගත ගොපලු තෙම ගොමණ්ඩලය පරිහරණය කරනු පිණිස වඩනු පිණිස අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්: මහණෙනි, මෙ ලොව්හි ගොපලු තෙම (ගණන් විසින් හෝ පැහැ විසින්) රූපඥ නො වෙයි, ලක්‍ෂණ කුශල නො වේ, මැසි බිජු (ඉහඳ) ඉවත් නො කෙරෙයි, වණ පිළිසන් නොකරන්නේ වෙයි, (ගොවුදය වටා) ධූම නොකරනුයේ වෙයි, (සම හෝ විෂම) තීර්‍ත්‍ථය නො දන්නේ ය, පන්පීවහු නො දන්නේ ය, මං නො දන්නේ ය, (පඤ්චාහික චාර සන්තාහක චාර වශයෙන්) ගෝචර කුසල නො වේ, නිරවශේෂ කොට දෝනා සුලුයේ ද වෙයි, ගෝපිතෘ ගෝපරිනේතෘ වූ යම් ඒ වෘෂ්භයෝ වෙත් නම් උන් අතිරේක පූජායෙන් නො පුදනේ වෙයි. මහණෙනි, මෙ එකොළොස් කරුණෙන් සමන්‍වාගත ගොපලු තෙම ගොමණ්ඩල පරිහරණයට හෝ වඩන්නට නො නිසි වෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ එකාදසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුං. කතමෙහි එකාදසහි:
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් ම එකොළොස් කරුණෙකින් සමන්‍වාගත මහණ මෙ ධර්‍ම විනයෙහි වෘද්ධියට, විරූඪියට, වෛපුල්‍යයට පැමිණීමට අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු න රූපඤ්ඤූ හොති. න ලක්ඛණකුසලො හොති, න ආසාටිකං සාටෙතා{1} හොති, න වණං පටිච්ඡාදෙතා හොති, න ධූමං කත්තා හොති, න තිත්ථං ජානාති, න පීතං ජානාති, න ගොචරකුසලො හොති. අනවසෙසදොහී ච හොති. යෙ තෙ භික්ඛු ථෙරාරත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිනායකා තෙ න අතිරෙක පූජාය පූජෙතා හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ (මහාභූතරූප, උපාදායරූප විසින්) රූපඥ නො වෙයි, (බාලලක්‍ෂණ, පණ්ඩිත ලක්‍ෂණ විසින්) ලක්‍ෂණ කුශල නොවෙයි, (කාමවිතර්‍කාදී) මක්‍ෂිකාණ්ඩ නො හරනේ වෙයි, (ඉන්‍ද්‍රිය සංවර සංඞ්ඛ්‍යාත) ව්‍රණ ප්‍රතිච්ඡාදන නො කරනුයේ වෙයි, (ධර්‍මදේශනා සඞ්ඛ්‍යාත) ධූම නො කරන්නේ වෙයි, (බහුශ්‍රුත ස්ථවිර සඞ්ඛ්‍යාත) තීර්‍ත්‍ථ නො දන්නේ වෙයි, (ධර්මොපසංහිත ප්‍රමෝද සඞ්ඛ්‍යාත) පීතය නොදන්නේ ය, (අරීඅටඟිමග නැමැති) වීථිය නො දන්නේ ය, (සතිපට්ඨාන සඞ්ඛ්‍යාත) ගෝචර කුශල නොවේ, (ප්‍රතිග්‍රහණයෙහි මාත්‍රඥතා සඞ්ඛ්‍යාත) මාත්‍ර නොදන්නා හෙයින් අනවසේස ද්‍රෝහී ද වෙයි, චිරරාත්‍රඥ, චිරප්‍රව්‍රජිත, සඞ්ඝපීතෘ, සඞ්ඝපරිනේතෘ වූ යම් ඒ ස්ථවිර භික්‍ෂූහු වෙත් නම් ඔවුන් අතිරේක පූජායෙන් නො පුදනුයේ වෙයි.
Pali BJT1. කථඤ්ච භික්ඛවෙ භික්ඛු න රූපඤ්ඤූ හොති: ඉධ භික්ඛවෙ භික්ඛු යං කිඤ්චි රූපං සබ්බං තං රූපං චත්තාරි මහාභූතානි චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපන්ති යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛූ න රූපඤ්ඤූ හොති.
Sinhala BJT1. මහණෙනි, මහණ කෙසේ රූපඥ නො වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ යම්කිසි රූප වේ නම් එ හැම රූප සතර මහා භූතය, සතරමහා භූතයන්ගේ උපාදාය රූපයයි යථාභූතය නො දන්නේ ය. මහණෙනි, මෙසේ මහණ රූපය රූපඥ නොවේ.